මුල් පිටුවතෆ්සීර්At-Tur (52)

තෆ්සීර් At-Tur (52) — الطور

මක්කී · 49 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلطُّورِ ﴿١﴾

මූසා (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ් සමග කතා කළ තූර් නම් කන්ද මත අල්ලාහ් දිවුරා සිටියි. وكتب م سطور

وَكِتَـٰبٍۢ مَّسْطُورٍۢ ﴿٢﴾

ලියන ලද පේළි සහිත පුස්තකය මත දිවුරා සිටිමින්. فى رق منشور

فِى رَقٍّۢ مَّنشُورٍۢ ﴿٣﴾

පහළ කරනු ලැබූ පුස්තක මෙන් දිගු හරින ලද කොළවල විය

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ ﴿٤﴾

අල්ලාහ්ට නැමදුම් කරමින් අහස්හි මලක්වරුන් නඩත්තු කරන නිවස මත දිවුරා සිටිමින්

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ ﴿٥﴾

මහපොළොවේ වියන වූ ඉහළට ඔසවන ලද අහස මත දිවුරා සිටිමින්

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ ﴿٦﴾

ජලයෙන් පිරුණු සාගරය මත දිවුරා සිටිමින්. إن عذاب ربكلوقع

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌۭ ﴿٧﴾

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ දඬුවම කිසිදු සැකයකින් තොරව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අත්වනු ඇත. ما له من دافع

مَّا لَهُۥ مِن دَافِعٍۢ ﴿٨﴾

ඔවුන්ගෙන් එම දඬුවම වළක්වන එමෙන්ම ඔවුනට ඇති වන එම ව්යසනයෙන් ඔවුන්ව මුදවා ගන්නා කිසිවකු නැත

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًۭا ﴿٩﴾

එදින අහස තදින් කම්පනය වන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සනිටුහන් කරමින් එය චලනය වෙයි

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًۭا ﴿١٠﴾

කඳු තිබී තැනින් විතැන් වී ගමන් කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فويل يومئذ للمكذبين

فَوَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿١١﴾

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද එය බොරු කළවුනට එදින විනාශයයි. ඛේදයයි

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍۢ يَلْعَبُونَ ﴿١٢﴾

ඔවුන් ව්යාජ දෑහි ගිලී විහිළු කරමින් සිටියි. නැවත නැගිටුවනු ලැබීම හෝ අවදි කරනු ලැබීම ගැන නොතකයි. يوم يدع ون إلى نار جهنمدعا

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ﴿١٣﴾

ඉතා බිහිසුණු හා ප්රචණ්ඩකාරී ලෙස නිරා ගින්න වෙත ඔවුන් හෙළනු ලබන දිනයකි

هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿١٤﴾

ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලාගේ දූතවරුන් නුඹලාව බිය වද්දන අවස්ථාවේ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එම නිරා ගින්නය මෙය’ යැයි පවසනු ලැබේ

أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ ﴿١٥﴾

නුඹලා දෑසින් දකින මෙම දඬුවම හූනියකමක් ද? එසේ නැතිනම් නුඹලා දෑසින් නොදකින්නෙහු ද?

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٦﴾

මෙම නිරා ගින්නේ උණුසම විඳිනු. එය විඳවනු. එහි උණුසුම විඳවීම මත ඉවසා සිටිනු. එසේ නැතහොත් නොඉවසනු. නුඹලා ඉවසුව ද නුඹලා නොඉවසුව ද එය එක සමානය. නුඹලා මෙලොව සිදු කරමින් සිටි පාපකම් හා දේව ප්රතික්ෂේපය සඳහා මිස එදින නුඹලාට ප්රතිවිපාක පිරිනමනු නොලැබේ

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَنَعِيمٍۢ ﴿١٧﴾

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, ස්වර්ග උයන් නිමක් නැති අතිමහත් සුව පහසුකම් මධ්යයේ සිටිති

فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿١٨﴾

ආහාර පාන, විවාහ සම්බන්ධකම් වැනි අල්ලාහ් ඔවුනට පිරිනැමූ සුව වින්දනයන් පිළිබඳ සතුටු වෙති. ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් පතන සතුට ලබමින් හා ඔවුන් පිළිකුල් කරන දැයින් ආරක්ෂාව ලබමින් ඔවුහු ජය ලැබුවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٩﴾

"නුඹලාග් සිත් ආශා කරන පරිදි සැපසේ නුඹලා අනුභව කරනු. පානය කරනු. නුඹලා අනුභව කරන දැයින් හා පානය කරන දැයින් කිසිදු උවදුරකට හෝ හානියකට නුඹලා බිය නොවනු. එය නුඹලා මෙලොවහි සිදු කළ නුඹලාගේ දැහැමි ක්රියාවන්ට ප්රතිඵලයක් වශයෙනි."

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍۢ مَّصْفُوفَةٍۢ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍۢ ﴿٢٠﴾

පැත්තෙන් පැත්තට එකිනෙක මුහුණලා තබන ලද අලංකාර හාංසි ඇඳන් මත ඔවුහු හාන්සි වී සිටිති. සුදුවන් විශාල ඇස් සහිත කාන්තාවන් අපි ඔවුනට සරණපාවා දෙන්නෙමු

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍۢ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌۭ ﴿٢١﴾

كسب رهين විශ්වාස කොට ඔවුන්ගේ දරුවන් ද එම විශ්වාසයේ ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි, ඔවුන්ගේ දරුවන්ගේ ක්රියාවන් ඔවුනට වාර්තා නොවුවද ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ නෙත් පිණිවන පරිදි අපි ඔවුන් සමග සෙන්දු කරවමු. ඔවුන්ගේ ක්රියාවන්හි කිසිදු කුසලක් අපි ඔවුනට අඩු නොකරමු. සෑම මිනිසෙකුම ඔහු උපයන පාප ක්රියාවන් හේතුවෙන් බැඳ තබනු ලැබේ. ඔහු වෙනත් කිසිවකු විසින් කළ කිසිදු ක්රියාවන් ඔහු වෙනුවට පවරනු නොලැබේ. وأمددنهم بفكهة ولحم مما يشتهون

وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍۢ وَلَحْمٍۢ مِّمَّا يَشْتَهُونَ ﴿٢٢﴾

මෙම ස්වර්ග වාසීන්හට විවිධ පළතුරු අපි සපයන්නෙමු. එමෙන්ම ඔවුන් ප්රිය කරන මාංශ වර්ග ද සපයන්නෙමු. يتنزعون فيها كأسا لا لغو فيها ولا تأثيم

يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًۭا لَّا لَغْوٌۭ فِيهَا وَلَا تَأْثِيمٌۭ ﴿٢٣﴾

පැන්වලින් පිරුණු කුසලාන මගින් ප්රීතිය බෙදා ගනිති. එය පානය කිරීම තුළින් මෙලොවෙහි මත්භාවය හේතුවෙන් ඇතිවන්නාක් මෙන් ව්යාකූළ ප්රකාශ පාපක්රියා වැනි දෑ සිදු වන්නේ නැත

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌۭ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌۭ مَّكْنُونٌۭ ﴿٢٤﴾

ඔවුන් වටා ගැටවර ළමුන් ගමන් කරමින් ඔවුනට ආවතේව කිරීම සඳහා බැඳී සිටිති. ඔවුන්ගේ ශරීරයේ පිරිසිදුකම හා සුදුවන් බව මුතු බෙල්ලා තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් පවතී

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٢٥﴾

ස්වර්ගවාසීහූ, එකිනෙකා මුණ ගැසී ඔවුනොවුන්ගේ මෙලොව තත්ත්වයන් පිළිබඳ විමසා සිටිති

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ ﴿٢٦﴾

ඔවුන් එකිනෙකා පිළිතුරු දෙමින්: ‘සැබැවින්ම අපි මෙලොවෙහි අපගේ නිවැසියන් අතර අල්ලාහ්ගේ දඬුවමට බියෙන් පසුවූයෙමු’ යැයි පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ﴿٢٧﴾

එවිට අල්ලාහ් අප වෙත ඉස්ලාමය වෙත මඟ පෙන්වා උපකාර කළේය. බිහිසුණු උණුසුමෙන් යුත් දඬුවමින් අල්ලාහ් අප ආරක්ෂා කළේය

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ ﴿٢٨﴾

සැබැවින්ම අපි මෙලොව ජීවිතයේ ඔහු ව නමදිමින් සිටියෙමු. නිරා ගින්නේ දඩුවමින් ආරක්ෂා කරන මෙන් අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. සැබැවින්ම ඔහු තම ගැත්තන්හට කළ ප්රතිඥාවන් යහපත් ලෙස ඉටු කරන්නාය. ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔහු අප වෙත දැක්වූ කරුණාව හා උපකාරය තුළින් සැබැවින්ම ඔහු අප දේව විශ්වාසය වෙත මඟ පෙන්වීය. ස්වර්ගටය අප ඇතුළත් කළේය. නිරා ගින්නෙන් අප දුරස් කළේය

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍۢ وَلَا مَجْنُونٍ ﴿٢٩﴾

අහෝ දූතය! අල් කුර්ආනය මෙනෙහි කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කර ඇති දේව විශ්වාසය හා බුද්ධිය තුළින් නුඹ ජින්නුන්ගෙන් අදහස් ලබා දන්වා සිටින හූනියම් කරුවකු නොවේ. එමෙන්ම නුඹ උම්මත්තකයෙකු ද නොවේ

أَمْ يَقُولُونَ شَاعِرٌۭ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ ﴿٣٠﴾

එසේ නැතහොත් මෙම බොරුකාරයෝ, ‘සැබැවින්ම මුහම්මද් දූතයකු නොවේ. ඔහු කවියෙකි. (කාලය ගෙවී යත්ම) මරණය ඔහු විනාශ කර දමා ඔහුගෙන් අප නිදහස ලබන්නට අපි අපේක්ෂා කරමු’ යැයි පවසන්නෝ ද?

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ ﴿٣١﴾

අහෝ දූතය! ‘මාගේ මරණය නුඹලා බලාපොරොත්තු වනු. නුඹලා මා බොරු කළ හේතුවෙන් නුඹලාට අත් වන දඬුවම මම බලාපොරොත්තු වෙමි’ යැයි නුඹ ඔවුනට පවසනු

أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿٣٢﴾

එසේ නැතහොත් ඔවුන්ගේ බුද්ධිය, ‘සැබැවින්ම ඔහු හූනියම් කරුවෙකි. උම්මත්තකයෙකි’ යැයි පවසන මෙන් ඔවුන් අණ කරන්නේ ද? එක් පුද්ගලයෙකුට එකට තිබිය නොහැකි දෑ ඔවුන් එකට පවසති. ඔවුහු සීමාවන් උල්ලංඝණය කළ පිරිසකි

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ ﴿٣٣﴾

එසේ නැතහොත් ඔවුහු: ‘සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා පවසා ඇත. ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ වී නැතැයි පවසන්නෙහු ද?’ ඔහු එය ගෙතුවේ නැත. නමුත් ඔවුන් ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වී ඔහු එය ගෙතුවේ යැයි පවසති

فَلْيَأْتُوا۟ بِحَدِيثٍۢ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ ﴿٣٤﴾

සැබැවින්ම ඔහු ගෙතූ බවට ඔවුන් සිදු කරන වාදයේ ඔවුන් සත්යවාදීහු නම් ඔහු එසේ ගොතන්නෙකු වී නම් ඒ හා සමන ප්රකාශයක් ඔවුන් ගෙන එත්වා! بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ ﴿٣٥﴾

මවන මැවුම් කරුවෙකුගෙන් තොරව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතිනම් ඔවුන් තමන්වම මැව්වෝ ද? මැවුම්කරුවෙකු නොමැතිව මැවීමක් ඇති වීමට ඉඩක් නැත. මැවීම් විසින් යමක් මවන්නට ද නොහැක. එසේ නම්, ඔවුන්ගේ මැවුම්කරුට ඔවුන් නොනමදිනුයේ මන් ද?

أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ﴿٣٦﴾

එසේ නැතහොත් ඔවුන් අහස් හා මහපොළොව මැව්වේ ද? කෙසේ වෙතත් සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බව ඔවුහු විශ්වාස නොකරති. ඒ ගැන ඔවුන් තරයේ විශ්වාස කර සිටියේ නම් ඔවුන් ඔහුව පමණක් ඒකීයත්වයට පත් කරනු ඇත. ඔහුගේ දූතයාව විශ්වාස කරනු ඇත

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ ﴿٣٧﴾

එසේ නැතහොත් ඔවුන් අබියස නුඹේ පරමාධිපතිගේ පෝෂණ සම්පත් ගබඩාව තිබී ඔවුන් අභිමත කරන අයට එයින් පිරිනමන්නෝ ද? නබිත්වයට පත් කිරීමේ බලය ඔවුනට තිබී ඔවුන් අභිමත කරන අයට එය පිරිනමා ඔවුන් අභිමත කරන අයගෙන් එය වළක්වන්නෝ ද? ඔවුහු ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන ආධිපත්ය දරන්නන් වන්නෝ ද?

أَمْ لَهُمْ سُلَّمٌۭ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٣٨﴾

එසේ නැතහොත් ඔවුනට ඉණිමගක් තිබී, එමගින් අහසට නැග සැබැවින්ම ඔවුන් සත්ය මත සිටින බව දන්වා සිටින දේව ප්රකාශයට ඔවුන් සවන් දුන්නෝ ද? එසේ නම් එම දේව ප්රකාශයට සවන් දුන් අය පැමිණ සැබැවින්ම නුඹලා සත්ය මත සිටින බවට කළ වාදයෙහි නුඹලාව සහිතක කරමින් පැහැදිළි සාක්ෂි හා සාධකයක් ගෙන එත්වා!

أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ ﴿٣٩﴾

එසේ නැතහොත් නුඹලා පිළිකුල් කරන දූවරුන් උත්තරීතර සුවිශුද්ධයාණන් වෙනුවෙන් ආරෝපණය කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් ආරෝපණය කරන්නෙහු ද? أم تسٔلهم أجرا فهم من مغرم مثقلون

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ﴿٤٠﴾

අහෝ ධර්ම දූතය! එසේ නැතහොත් නුඹේ පරමාධිපති ගැන නුඹ ඔවුනට දන්වා සිටීම සඳහා යම් කිසි කුලියක් නුඹ පැතුවෙහි ද? ඒ හේතුවෙන් ඔවුන් ඉසිලිය නොහැකි බරක් උසුලමින් එම බරින් පෙළෙන්නෙහු ද?

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿٤١﴾

එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී, ඔවුනට ගුප්ත දැයින් පෙනෙන දෑ මිනිසුන් වෙනුවෙන් ලියා තබා, තමන් අභිමත කරන පරිදි ඒවා ඔවුනට දන්වා සිටින්නෝ ද?

أَمْ يُرِيدُونَ كَيْدًۭا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ ﴿٤٢﴾

එසේ නැතහොත් නුඹට හෝ නුඹේ දහමට කුමන්ත්රණයක් කිරීමට මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ අපේක්ෂා කරන්නෝ ද? දෙවියන් මත විශ්වාසය තබත්වා! කුමන්ත්රණයට භාජනය වන්නේ අල්ලාහ් හා ඔහුගේ දූතයා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්මය. නුඹ නොවන්නෙහිය

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿٤٣﴾

අල්ලාහ් හැර සැබෑ ලෙසින් නැමදුමට පාත්රවන දෙවියෙකු ඔවුනට වෙත් ද? ඔහු වෙත ඔවුන් ආරෝපණය කරන හවුල්කරුවන්ගෙන් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. පෙර කී සියල්ල සිදු නොවන්නකි. ඒ කිසිදු තත්ත්වයක් පරිකල්පනය කළ නොහැකිය

وَإِن يَرَوْا۟ كِسْفًۭا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًۭا يَقُولُوا۟ سَحَابٌۭ مَّرْكُومٌۭ ﴿٤٤﴾

අහසින් වැටෙන කැබැල්ලක් ඔවුන් දුටුව ද ඒ ගැන ඔවුහු, සුපුරුදු පරිදි 'එකිනෙක බැඳුණු වළාකුළුක්’ යැයි පවසති. එහෙයින් ඔවුන් උපදෙස් නොලබති. විශ්වාස ද නොකරති

فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ ﴿٤٥﴾

අහෝ දූතය! ඔවුන් එහි වේදනාවට ලක් කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමුවන තෙක් ඔවුන්ගේ මුරණ්ඩකමෙහි හා ඔවුන්ගේ පිටුපෑමෙහි ඔවුන් සිටින්නට ඉඩ හරිනු. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. يوملا يغنى عنهم كيدهم شئا ولا هم ينصرون

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ﴿٤٦﴾

ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනට සුළුවෙන් හෝ වැඩියෙන් හෝ කිසිවකින් ප්රයෝජනවත් නොවන දිනයකි. දඬුවමින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුහු උදව් කරනු නොලබති. وإن للذين ظلمواعذابا دون ذلك ولكن أكثرهم لا يعلمون

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًۭا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٤٧﴾

දෙවියන්ට ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම තුළින් තමන්ටම අපරාධකර ගත් අපරාධකරුවන්හට සැබැවින්ම මතුලොව දඬුවමට පෙර දඬුවමක් ඇත. මෙලොවෙහි ඔවුන් ඝාතනය වීමෙන් හා සිරගත වීමෙන් දඬුවම් ලබන අතර මිණීවලෙහි එහි වේදනාවෙන් දඬුවම් ලබනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටිනුයේ එබැවිණි

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ ﴿٤٨﴾

අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ තීන්දුව හා ඔහුගේ ආගමික නීතිය හමුවේ නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේය. නුඹේ නින්දෙන් නුඹ අවදි වන අවස්ථාවේ නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් නුඔ ඔහු සුවිශුද්ධ කරනු

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ ﴿٤٩﴾

රාත්රියේ ද නුඹේ පරමාධිපති සුවිශුද්ධ කරනු. ඔහුට සලාත් ඉටු කරනු. දහවල ආරම්භයේ ආලෝකය හේතුවෙන් තාරකා මැකී යන වේලාවෙහි ෆජ්ර් සලාතය ඉටු කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · At-Tur — الطور

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා