මුල් පිටුවතෆ්සීර්Adh-Dhaariyat (51)

තෆ්සීර් Adh-Dhaariyat (51) — الذاريات

මක්කී · 60 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًۭا ﴿١﴾

දූවිලි නංවාලමින් හමන සුළඟ මත අල්ලාහ් දිවුරා සිටියි

فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًۭا ﴿٢﴾

මහා වැසි ජලය උසුලා යන වළාකුළු මත ද දිවුරයි

فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًۭا ﴿٣﴾

සැහැල්ලුවෙන් හා පහසුවෙන් සාගරයේ යාත්රා කරන නැව් මත ද දිවුරයි

فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا ﴿٤﴾

ගැත්තන්ගේ කටයුතු බෙදා හරින මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළ දෑ බෙදා හරින මලක්වරුන් මත ද දිවුරයි. إنما توعدون لصادق

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ ﴿٥﴾

සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්රතිඥා දී ඇති විනිශ්චය හා ප්රතිඵල සත්යයකි. එහි කිසිදු සැකයක් නැත

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ ﴿٦﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ගැත්තන්ගෙන් විනිශ්චය කිරීම සිදු වන්නක්මය. එහි සැකයක් නැත

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ ﴿٧﴾

මාර්ග සහිත ව මවා ඇති අලංකාර අහස් මත අල්ලාහ් දිවුරා සිටියි. إنكم لفى قول م ختلف

إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ ﴿٨﴾

අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා එකිනෙකට ප්රතිවුරුද්ධ හා පටහැනි ප්රකාශ අතර සිටින්නෙහුය. විටෙක නුඹලා, අල් කුර්ආනය හූනියමක් බවත්, විටෙක එය කවියක් බවත් පවසන්නෙහුය. එමෙන්ම, විටෙක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හූනියම් කරුවකු බවත් විටෙක කවියෙකු බවත් පවසන්නෙහුය. يؤفك عنهمن أفك

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ ﴿٩﴾

අල්ලාහ්ගේ දැනුමෙහි කවරෙකු වෙනතකට යොමු කරනු ලැබිය යුතු යැයි ඇතුළත් වන්නේ ද එවැන්නන් අල් කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කිරීමෙන් හරවනු ලබනු ඇත. එය සැබැවින්ම ඔහු විශ්වාස بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොකරන බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි. එහෙයින් යහමග වෙත ඔහු ඔහුට ආශිර්වාද නො කරයි

قُتِلَ ٱلْخَرَّٰصُونَ ﴿١٠﴾

අල් කුර්ආනය හා ඔවුන්ගේ නබිවරයාණන් ගැන ඔවුන් නොපැවසිය යුතු දෑ පවසා සිටින මෙම බොරුකාරයින්ට ශාපය වේවා.!

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍۢ سَاهُونَ ﴿١١﴾

ඔවුහු මතු ලොව නිවහන පිළිබඳ අනවධානයෙන් පෙළෙන ඒ ගැන තැකීමක් නැති අඥනයේ පසුවන්නන් වෙති

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ ﴿١٢﴾

"ප්රතිඵල පිරිනමන විනිශ්චය දිනය කවදා දැ?"යි ඔවුහු විමසති. ඒ ගැන අවබෝධයක් ඔවුනට නැත

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ ﴿١٣﴾

ඔවුන්ගේ පැනයට අල්ලාහ් පිළිතුරු දෙමින්, "එදින ඔවුන් නිරා ගින්නෙහි වේදනාකාරී දඬුවමට ලක් වෙති" යැයි පැවසීය

ذُوقُوا۟ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿١٤﴾

"නුඹලා නුඹලාගේ දඬුවම විඳිනු. මේ ගැන නුඹලා අවවාද කරනු ලැබූ අවස්ථාවෙහි එය සරදමට ගනිමින් එය ඉක්මන් කරනු යැයි නුඹලා විමසා සිටි දඬුවම මෙය වේ" යැයි ඔවුනට පැවසනු ලැබේ

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَعُيُونٍ ﴿١٥﴾

සැබැවින්ම අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බියෙන් කටයුතු කළ බැතිමතුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු උයන්වතු හා ගලායන උල්පත් අතර සිටිති

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ ﴿١٦﴾

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ ගෞරවණීය ප්රතිඵල ලබමින් පසුවෙති. මෙම ගෞරවණීය ප්රතිඵල ලැබීමට පෙර ඔවුන් මෙලොවෙහි දැහැමියන් ලෙස කටයුතු කරන්නන් වූහ

كَانُوا۟ قَلِيلًۭا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ ﴿١٧﴾

ඔවුහු රාත්රියේ නැමදුම් කරති. ස්වල්ප වේලාවක් මිස නිදා නොගනිති

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ﴿١٨﴾

අලුයම් කාලයේ ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුහු අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ق

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿١٩﴾

මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නන් වෙනුවෙන් ද කිසියම් හේතුවක් මත ආහාර සම්පත් තහනම් කරනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින දනන් හටද -ස්වෙච්ඡාවෙන්ම ඉටු කරන- වගකීම් ඔවුන්ගේ ධනයෙහි ඇත

وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌۭ لِّلْمُوقِنِينَ ﴿٢٠﴾

සැබැවින්ම අල්ලාහ් මැවුම්කරු බවත්, හැඩතල ගන්වන්නා බවත් තරයේ විශ්වාස කරන්නන්හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක මහපොළොවේ ද, ඒ මත අල්ලාහ් තබා ඇති කඳු, සාගර, ගංගා, ගහකොළ, පැලෑටි හා සතුන් යන මැවීම්හි ද ඇත

وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ﴿٢١﴾

අහෝ ජනයිනි! නුඹ තුළ ද අල්ලාහ්ගේ බලය හා ශක්තිය පෙන්වා දෙන සාධක ඇත. නුඹලා පාඩම් ලබනු පිණිස අධීක්ෂණයෙන් යුතු ව ඒ දෙස බැලිය යුතු නොවේ ද?

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ ﴿٢٢﴾

නුඹලාගේ ආධ්යාත්මික හා ලෞකික පෝෂණයන් අහස් හි ඇත. එමෙන්ම ප්රතිඥා දෙනු ලබන හොද හෝ නරක දේ ද ඇත. ق

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّۭ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ﴿٢٣﴾

අහස් හා මහපොළොවේ පරමාධිපති මත දිවුරමින්, සැබැවින්ම යළි අවදි කරනු ලැබීම සත්යයකි. නුඹලා කතා කරන විට නුඹලාගේ කතාවෙහි කිසිදු සැකයක් නොමැති සේ ඒ ගැන ද කිසිදු සැකයක් නැත

هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ ﴿٢٤﴾

අහෝ ධර්ම දූතය! ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ආගන්තුකයින්ගේ පුවත නුඹ වෙත පැමිණියේ ද? ඔවුහු ඔහු විසින් සත්කාර කරන ලද මලක්වරු වූහ

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًۭا ۖ قَالَ سَلَـٰمٌۭ قَوْمٌۭ مُّنكَرُونَ ﴿٢٥﴾

ඔවුහු එතුමා වෙත පිවිසි අවස්ථාවේ එතුමාට, 'ඔබට සලාම් -ශාන්තිය- අත් වේවා' යැයි පැවසූහ. ඉබ්රාහීම් තුමාද ඔවුනට පිළිතුරු වශයෙන්, 'සලාම්' යැයි පැවසීය. එතුමා ‘මොවුන් නාදුනන පිරිසක්’ යැයි තමාටම කියා ගත්තේය

فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍۢ سَمِينٍۢ ﴿٢٦﴾

එසැණින් සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි සිතා ඔහුගේ පවුල වෙත හෙමින් සීරුවෙන් ගොස් බදිනලද සම්පූර්ණ වසු පැටවෙකු ගෙැනවිත් ඔවුනට පිළිගැන්වීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فقربه إليهم قال ألا تأكلون

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ ﴿٢٧﴾

බදින ලද එම වසු පැටවාව ඔහු ඔවුන් වෙත ළං කළේය. ඉතා මෘදු හඩින් ඔවුනට කතා කොට, ‘නුඹලාට පිළිගන්වනු ලැබූ ආහාරය නුඹලා අනුභව නොකරන්නෙහුදැ?’යි විමසා සිටියේය

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍۢ ﴿٢٨﴾

ඔවුන් අනුභව නොකළ කල්හි, ඔහු තුළ ඔවුන් ගැන බියක් හට ගැණින. එවිට ඒ ගැන ඔවුන් වටහා ගත් පසු සන්සුන්ව, ‘නුඹ බිය නොවනු. සැබැවින්ම අපි අල්ලාහ් වෙතින් වූ දූත පිරිසක් වෙමු’ යැයි පැවසූහ. දැනුම් සම්භාරයකින් යුත් දරුවකු ඔහුට බිහි වන්නට යන, ඔහුව සතුටු කරවන ශුභාරංචිය දැනුම් දුන්හ. එසේ ශුභාරංචිය දන්වනු ලැබූ දරුවා ඉස්හාක් අලයිහිස් සලාම් තුමා විය

فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍۢ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌۭ ﴿٢٩﴾

ඔහුගේ බිරිය එම ශුභාරංචියට සවන් දුන් කල්හි, සතුටින් කෑ ගසමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ගසා ගනිමින් පුදුමයෙන් යුතු ව, ‘ඇය මුළුමණින්ම වඳ කාන්තාවක්ව සිටිය දී මහල්ලෙකු දරුවකු දාව කළ හැකි දැ?'යි විමසා සිටියාය

قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿٣٠﴾

මලක්වරුන් ඇයට, ‘කවර දෙයක් අපි ඔබ තුමියට දනුම් දුන්නේ ද, එය ඔබ තුමියගේ පරමාධිපති පැවසූ දෑය. ඔහු පැවසූ යමක් වී නම් එයට නැවත හැරීමක් නැත. සැබැවින්ම ඔහු මැවීමෙහි හා සකස් කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ මැවීම ගැන හා ඒවාට සුදුසු දෑ ගැන ද ඔහු මහා ඥානීය.’ යැයි පැවසූහ

۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿٣١﴾

ඔබගේ විෂය කුමක් ද? ඔබලා බලාපොරොත්තු වන දෑ කුමක්දැ?යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්ගෙන් විමසා සිටියහ

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿٣٢﴾

මලක්වරු ඔහුට පිළිතුරු දෙමින්, "සැබැවින්ම අල්ලාහ් අප අශීලාචාර පාපකම් සිදුකරන අපරාධකාරී පිරිසක් වෙත එවා ඇත්තෙමු" යැයි පැවසූහ. لنرسل عليهم حجارةمن طين

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةًۭ مِّن طِينٍۢ ﴿٣٣﴾

ඝණ මැටියෙන් වූ ගල් වර්ෂාවක් ඔවුන් වෙත අප එවනු පිණිස. م سومة عند ربك للمسرفين

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ ﴿٣٤﴾

අහෝ ඉබ්රාහීම්! ඒවා නුඹේ පරමාධිපති වෙතින් සලකුණු තබන ලද දෑ වේ. ඒවා දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් කඩ කළවුනට එවනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٣٥﴾

ලූත්ගේ ජනයාගේ ගම්මානයේ විසූ අපරාධකරුවන්ට අත්වන දඬුවම දේව විශ්වාසීන්ට අත් නොවනු පිණිස අපි ඔවුන් එයින් බැහැර කළෙමු

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍۢ مِّنَ ٱلْمُسْلِمِينَ ﴿٣٦﴾

ඔවුන්ගේ ගම්මානයේ ලූත් (අලයිහිස් සලාම්) තුමාගේ නිවැසියන් හැර වෙනත් මුස්ලිම්වරුන්ගේ නිවසක් අපි නොදුටුවෙමු

وَتَرَكْنَا فِيهَآ ءَايَةًۭ لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٣٧﴾

ඔවුනට අත් වූ වේදනීය දඬුවටම බිය වන්නන් එමගින් පාඩම් ලබන්නටත් ඔවුන් සිදු කළ එම ක්රියාවන් සිදු නොකර එයින් මිදීමටත් ඔවුන් වෙත අත් වූ එම දඬුවම පෙන්වා දෙන පරිදි දඬුවමේ නටඹුන් ලූත්ගේ ජනයාගේ ගම්මානයේ අපි අතහැර තැබුවෙමු

وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿٣٨﴾

පැහැදිලි සාධක සමග ෆිර්අවුන් වෙත අප මූසාව එවූ අවස්ථාවේ, ඔහු තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සාධකයක් විය. فتولى بركنه وقال سحرأو مجنون

فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌۭ ﴿٣٩﴾

ෆිර්අවුන් සහ ඔහුගේ සේනාව තම බලයෙන් ආක්රමණශීලීව සත්යයට පිටු පෑහ. ඔහූ මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ‘ඔහු මිනිසුනට මායාවන් පෙන්වන මායාකරුවකි. එසේ නැතහොත් කිසිදු වැටහීමකින් තොරව දොඩවන උම්මත්තකයෙකි’ යැයි පැවසූහ

فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌۭ ﴿٤٠﴾

එබැවින් ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දෙනා අපි ග්රහණය කළෙමු. සාගරය තුළට හෙළුවෙමු. එවිට ඔවුහු එහි ගිලී විනාශ වූවෝය. සැබැවින්ම තමන් දෙවියන් බව ෆිර්අවුන් තර්ක කර සිටි ඔහුගේ බොරු වාදය ගැන ඔහු ඔහුටම දොස්නගන්නෙකු බවට පත් විය

وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ ﴿٤١﴾

එහි වැසි බර නො උසුලන, ගස් පරාගණය නොකරන, කිසිදු සමෘද්ධියක් නොමැති දැඩි සුළඟක් හූද්ගේ ජනයා වන ආද් සමූහයා වෙත අප එවූ අවස්ථාවේ ද වේදනීය දඬුවම පිළිබඳ බිය වන්නන්හට සංඥාවක් විය

مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ ﴿٤٢﴾

ඒ වෙත පැමිණි එම ව්යසනය කිසිදු ආත්මයක්, වස්තුවක් හෝ වෙනත් කිසිවක් හෝ එය සුණු විසුණු කර දමමින් මිස අතහැරියේ නැත. අෂික්ශිත, දිරාපත් වූ, නටබුන් ලෙස අපි ඒවා අතහැර දැමුවෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وفى ثمودإذ قيل لهم تمتعواحت حين

وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍۢ ﴿٤٣﴾

සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා වන සමූද් ජනයාට ‘නුඹලාගේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නුඹලාගේ ජීවිතය නුඹලා භුක්ති විඳිනු’ යැයි පවසනු ලැබූ අවස්ථාවේ ඔවුන් තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සංඥාවක් විය

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ﴿٤٤﴾

ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට පිටුපා ඔවුහු උඩඟු වූහ. දේව විශ්වාසය හා දේව අවනභාවය හෙළා දැක අහංකාරකම් පෑහ. දඬුවමේ අකුණුසැර ඔවුන් ග්රහණය කළේය. දඬුවම පහළ වීමට දින තුනකට පෙර ඒ ගැන ප්රතිඥා දුන් අවස්ථාවේ ඔවුහු එය පහළ වන බව බලාපොරොත්තුවෙන් සිටියෝය

فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍۢ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ﴿٤٥﴾

ඔවුනට පහළ වූ දඬවම ඔවුන්ගෙන් වළක්වා ගන්නට නොහැකි විය. එයින් වැළකෙන්නට ඔවුනට බලයක් ද නොවීය

وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٤٦﴾

සඳහන් කරනු ලැබූ මොවුනට පෙර, නූහ්ගේ ජනයා ජලයේ ගිල්වා අපි ඔවුන් විනාශ කළෙමු. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ. එහෙයින් ඔවුනට එහි දඬුවම නියම විය

وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍۢ وَإِنَّا لَمُوسِعُونَ ﴿٤٧﴾

අහස් වනාහි, අපි ඒවා නිර්මාණය කළෙමු. එහි ගොඩනැගිල්ල අපි බලවත් ලෙස ස්ථීර කළෙමු. සැබැවින්ම අපි ඒවායෙහි කෙළවරල් ව්යාප්ත කරමින් සිටින්නෙමු

وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ ﴿٤٨﴾

මහපොළොව වනාහි, එහි වාසය කරන්නන් හට ඇතිරිල්ලක් සේ අපි එය දිගහැර තැබුවෙමු. ඔවුන් වෙනුවෙන් අප එය දිගු හරින අවස්ථාවේ දිගු හැරිය අප යහපත් වීමු. ومن كل شىء خلقنا زوجين لعل كم تذكرون

وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٤٩﴾

පිරිමි හා කාන්තා, අහස් හා පොළොව, ගොඩබිම හා සාගරය යනා දී ලෙසින් සෑම වස්තුවකින්ම අපි යුගලයන් මවා ඇත්තෙමු. එය සෑම දෙයකින්ම යුගලයක් මවා ඇති අල්ලාහ්ගේ ඒකීයත්වය නුඹලා මෙනෙහි කරනු පිණිස හා ඔහුගේ බලමහිමය මෙනෙහි කරනු පිණිසය

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٥٠﴾

එහෙයින් නුඹලා අල්ලාහ්ගේ දඬුවමින් පලා ගොස් ඔහුගේ තිළිණ ලබන්නටත්, ඔහුට අවනත වන්නටත්, ඔහුට පාපකම් සිදු නොකරන්නටත් ඉක්මන් වනු. අහෝ ජනයිනි! සැබැවින්ම මම ඔහුගේ දඬුවම පිළිබඳ පැහැදිලිව අනතුරු අඟවන පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٥١﴾

අල්ලාහ් හැර, නැමදුමට ලක්වන වෙනත් දෑ, ඔහු සමග නැමදීම සඳහා නොතබනු. සැබැවින්ම මම ඒ ගැන පැහැදිලි අනතුරු අඟවන අවවාද කරන්නෙකු වෙමි

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ﴿٥٢﴾

මක්කාවාසීන් කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එසේ ඔවුන් බොරු කර සිටියා සේම පෙර විසූ සමූහයන්ද බොරු කර සිටියෝය. අල්ලාහ් වෙතින් දූතයෙකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු, "ඔහු හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තයෙකි" යැයි ඔහුට පවසා සිටියා මිස නැත

أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿٥٣﴾

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් පෙරටුගාමීන් හා ඔවුන් අතර සිටින පසුගාමීන් එම දූතවරුන් බොරු කර සිටින මෙන් උපදෙස් දෙන්නෝ ද? නැත! ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ඔවුන් සියලු දෙනා එකම පිරිසකි

فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ ﴿٥٤﴾

අහෝ දූතය! මෙම බොරුකාරයින් නුඹ හෙළා දකිනු. ඒ හේතුවෙන් නුඹ දොස් නගනු ලබන්නෙක් නොවන්නෙහිය. ඔවුන් වෙත කවර කරුණක් ඔබ දන්වා සිටිය යුත්තේ ද සැබැවින්ම එය ඔබ ඔවුන් වෙත දන්වා ඇත

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ﴿٥٥﴾

නුඹ ඔවුන් හෙළා දැකීම, ඔවුනට උපදෙස් දීමෙන් හා ඔවුනට මෙනෙහි කිරීමෙන් නුඹව නොවැළැක්විය යුතුය. එහෙයින් නුඹ ඔවුනට උපදෙස් දෙනු. ඔවුනට මෙනෙහි කරනු. සැබැවින්ම එසේ උපදෙස් දීම අල්ලාහ්ව විශ්වාස කරන්නන් හට ප්රයෝජනවත් වන්නේය

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ﴿٥٦﴾

ජින් වර්ගයා හා මානව වර්ගයා මා පමණක් නැමදීම සඳහා මිස මම ඔවුන් නොමැව්වෙමි. එමෙන්ම ඔවුන් මට හවුල්කරුවන් පත් කිරීම සඳහා ද මම ඔවුන් නොමැව්වෙමි

مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍۢ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ﴿٥٧﴾

ඔවුන් අතරින් කිසිදු පෝෂණයක් මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් මට ආහාර පිළිගැන්විය යුතු යැයි මම බලාපොරොත්තු නොවෙමි

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ﴿٥٨﴾

සැබැවින්ම තම ගැත්තන්හට පෝෂණය ලබා දෙන්නා අල්ලාහ්ය. සියලු දෙනා ඔහුගේ පෝෂණයේ අවශ්යතාවෙන් පෙළෙන්නන් වෙති. ඔහු වනාහි, කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැකි ස්ථාවර බලය හා ශක්තිය ඇත්තාය. ශුන්ධවන්තයාණන් වන ඔහුගේ බලයට මිනිස් හා ජින්නුන් සියලු දෙනා යටහත්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فإن للذين ظلمواذنوبا مثل ذنوب أصحبهم فلا يستعجلون

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًۭا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿٥٩﴾

අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධකර ගත්තෝය. ඔවුනට පෙර විසූ ඔවුන්ගේ සහෝදරයින්ට අත් වූ දඬුවමේ කොටසක් හා සමාන කොටසක් ඇත. එයට නියමිත කාලයක් ඇත. එම කාලයට පෙර එය ඉක්මන් කරන්නැයි ඔවුන් මගෙන් නොපැතිය යුතුය

فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ﴿٦٠﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරුකළවුනට දඬුවම පහළ වන බවට ප්රතිඥා දුන් විනාශය හා අලාභය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සතු වන්නේය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Adh-Dhaariyat — الذاريات

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා