وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّۭا ﴿١﴾
තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්
මුල් පිටුව›තෆ්සීර්›As-Saaffaat (37)
මක්කී · 182 වාක්‍ය
وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّۭا ﴿١﴾
තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්
فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا ﴿٢﴾
වලාකුළු සමග හඹා ගොස් ඒවා පහළ වීමට අල්ලාහ් අභිමත කරන ස්ථානය වෙත මෙහෙයවා ගෙන යන මලක්වරුන් මත දිවුරමින්
فَٱلتَّـٰلِيَـٰتِ ذِكْرًا ﴿٣﴾
අල්ලාහ්ගේ වදන් පාරායනය කරන මලක්වරුන් මත දිවුරමින්. إن إلهكم لوحد
إِنَّ إِلَـٰهَكُمْ لَوَٰحِدٌۭ ﴿٤﴾
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ නැමදුම් පිහිටිය යුත්තේ කිසිදු හවුලක් නැති ඒකීයෙකු වෙනුවෙනි. ඔහු අල්ලාහ්ය
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَـٰرِقِ ﴿٥﴾
ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. වර්ෂ පුරාවටම හිරු උදාවීමේ දී හා එය අවරට යෑමේදී එම හිරුගේ පරමාධිපතිය
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ ﴿٦﴾
පොළොවට ඉතා සමීපව පිහිටි අහස අලංකාරයන්ගෙන් අපි අලංකාරවත් කළෙමු. එනම් බැබලෙන මුතු මෙන් දෑසට පෙනෙන තාරකාවන්ය. وحفظا من كل شيطن مارد
وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَـٰنٍۢ مَّارِدٍۢ ﴿٧﴾
යටත් වීමෙන් බැහැර වූ කැරලිකාර සෑම ෂෙයිතානුවෙකුගෙන්ම එම තාරකාවන් තුළින් අපි අහස ආරක්ෂා කළෙමු. ඒවා මගින් පහර දෙනු ලැබේ
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ ﴿٨﴾
අහසේ සිටින මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ හෝ ඔහු නියම කළ දෑ පිළිබඳ ඔවුන් වෙත දන්වා සිටින දෑ ඔවුන් අතර කතා කරන විට ඔවුනට සවන් දීමට මෙම ෂෙයිතානුන්ට නොහැකි වෙයි. සෑම පැත්තකින්ම උල්කාපාත වලින් පහර දෙනු ලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ ﴿٩﴾
එය ඔවුන් වෙත සවන් දීමෙන් දුරස් කරවීමක් හා පළවා හැරීමක් වශයෙනි. ඔවුනට මතුලොවෙහි විසන්ධි නොවන සදා වේදනීය දඬුවමක් ඇත
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ ﴿١٠﴾
නමුත් ෂෙයිතානුන් අතරින් ඒවා පැහැර ගන්නා හැර. එම වදන් වනාහි මලක්වරුන් එහි සාකච්ඡා කරන තමන් අතර හුවමාරු වන පොළෝ වාසීන්ට ඒ ගැන දැනුම ළඟා නොවූ දැයින් පිහිටින වදන් වෙති. ඔහු ව පුළුස්සා දමන අලෝකමත් උල්කාවක් ඔහු පසුපස හඹා යයි. ඇතැම් විට එම උල්කාව ඔහු ව පුළුස්සා දැමීමට පෙරම තම සහෝදරයා වෙත එම වදන් ඉදිරිපත් කරනු ඇත. එය ඉන්ද්රජාලයින් වෙත ළඟා වනු ඇත. පසු ව ඒ සමග සිය ගණන් බොරු ඔවුහු පවසති
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَـٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ ﴿١١﴾
අහෝ මුහ්ම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින ප්රතික්ෂේපකයින්ගෙන් නුඹ මෙසේ විමසනු. “අහස්, මහපොළොව හා මලක්වරුන් අතරින් අප මැවූ අයට වඩා මැවීමෙන් වඩාත් බලවත් ශරීරයෙන් වඩාත් ශක්තිමත් අවයව වලින් වඩාත් බලවත් අය ඔවුන් ද? සැබැවින්ම අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු. ඔවුන් ඇළෙන සුළු මැටියෙන් දුර්වල මැවීමක් ලෙස මවනු ලැබ තිබියදී යළි අවදි කරනු ලැබීම හෙළා ඔවුන් හෙළා දැකිය හැක්කේ කෙසේ ද? بل عجبت ويسخرون
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ﴿١٢﴾
අහෝ දූතය! නමුත් අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීම් කටයුතු සඳහා වූ ඔහුගේ සැලසුම් කිරීම ගැන නුඹ මවිතයට පත් වූයෙහිය. එමෙන්ම දේව ආදේශකයින් යළි අවදි කරනු ලැබීම ගැන බොරුකරමින් සිටීම ගැන ද පුදුමයට පත් වූයෙහිය. මෙම දේව ආදේශකයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම දැඩි සේ බොරු කර සිටීම හේතුවෙන් නුඹ ඒ ගැන පවසන දෑ ඔවුන් විහිළුවට ගනිති. وإذا ذكروالا يذكرون
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ﴿١٣﴾
මෙම දේව ආදේශකයින්හට උපදෙස් අතරින් යම් උපදෙසක් ඔවුනට උපදෙස් දෙනු ලැබූ විට එමගින් ඔවුන් උපදෙස් ලැබුවේ නැත. ඔවුන් ප්රයෝජන ලැබුවේ නැත. ඊට හේතුව ඔවුන් දැඩි හදවතකින් පසු වූ බැවිණි. وإ ذا رأوا ءاية يستسخرون
وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ ﴿١٤﴾
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සත්ය බව පෙන්වා දෙන එතුමාණන්ගේ ප්රාතිහාර්යයන්ගෙන් එක් ප්රාතිහාර්යයක් ඔවුන් දෑසින් දුටු විට ඒ ගැන සමච්චල් කිරීමෙහි ඉක්මවා ගොස් ඒ ගැන පුදුම වෙති
وَقَالُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ ﴿١٥﴾
‘මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය පැහැදිලි මායාවක් මිස නැතැ’යි ඔවුහු පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් أءذا متنا وكنا ترابا وعظما أءنا لمبعوثون
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿١٦﴾
අප මිය ගොස් ගොරහැඩි දිරාගිය අස්ථි හා පස් බවට පත්වූ විට ඉන්පසු අපි ජීවය දී නැවත නැගිටුවනු ලබන්නෙමු ද? සැබැවින්ම එය සිදු විය නොහැක්කකි
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿١٧﴾
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් ද යළි අවදි කරනු ලබන්නෝ ද? قل نعم وأنتمدخرون
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ﴿١٨﴾
අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. "එසේය, දිරාගිය අස්ථි හා පස් බවට නුඹලා පත්වූවායින් පසු නුඹලා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලාගේ ප්රාරම්භක මුතුන්මිත්තන් පවා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලා සියලු දෙනා යහටත් පහත් වූවන් ලෙස යළි නැගිටුවනු ලබනු ඇත." فإنما هى زجرة وحدة فإذا هم ينظرون
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ ﴿١٩﴾
එය හොරණෑවේ (දෙවන වර) පිඹිණු ලබන එක් පිඹුමක් පමණි. එවිට ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනයන් දෙස බලා සිටිති. අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ ගැන අවදානයෙන් බලා සිටිති
وَقَالُوا۟ يَـٰوَيْلَنَا هَـٰذَا يَوْمُ ٱلدِّينِ ﴿٢٠﴾
නැවත නැගිටුවනු ලැබීම බොරු කරමින් දෙවියන්ට ආදේශ කළවුන්, ‘අල්ලාහ් තම ගැත්තන් මෙලොව ජීවිතයේ ඉදිරිපත් කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන දිනය මෙයයි. අහෝ අපගේ විනාශය යැයි පවසති
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢١﴾
‘මෙලොවෙහි නුඹලා කවර කරුණක් බොරු කරමින් හා හෙළා දකිමින් සිටියෙහු ද, ඒවාට ගැත්තන් අතර තීන්දු පිරිනමන එම දිනයයි මේ’ යැයි ඔවුනට පවසනු ලැබේ
۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ﴿٢٢﴾
දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය. යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ ﴿٢٣﴾
"දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය." යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ
وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ﴿٢٤﴾
විනිශ්චය සඳහා නිරා ගින්නට ඔවුන් ඇතුළත් කිරීමට පෙර ඔවුන්ව නතර කර තබා ගනු. ඔවුන් ප්රශ්න කරනු ලැබිය යුතු, වග කිව යුත්තෝ වෙති. ඉන්පසු ඔවුන් අපා ගින්න වෙත මෙහෙයවා ගෙන යනු. ما لكم لا تناصرون
مَا لَكُمْ لَا تَنَاصَرُونَ ﴿٢٥﴾
ඔවුන් හෙළා දකිමින් ‘නුඹලාට කුමක් වී ද? මෙලොවෙහි නුඹලා එකිනෙකාට උදව් කර ගත්තා සේ නුඹලා මෙහි එකිනෙකා උදව් කර නොගන්නේ මන් ද? සැබැවින්ම නුඹලාගේ පිළිම නුඹලාට උදව් කරනු ඇතැයි නුඹලා විශ්වාස කරමින් සිටියා නොවේ ද?' යැයි ඔවුට පවසනු ලැබේ
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ ﴿٢٦﴾
එසේ නොව අද දින ඔවුන් අල්ලාහ්ගේ නියෝගයට අවනත වන්නෝ වෙති. යටහත් වන්නෝ වෙති. ඔවුන්ගේ අසරණකම හා ඔවුන්ගේ උපක්රම හිඟ නිසාවෙන් ඔවුන් එකිනෙකාට උදව් කර නොගනිති
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٢٧﴾
ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලමින් දොස් නැගීම හෝ වාද කිරීම හෝ ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුහු දොස් නගා ගනිති. වාද කරති
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ ﴿٢٨﴾
පිළිපැද්දවුන් පිළිපදිනු ලැබූවන් දෙස බලා, ‘අහෝ ප්රධානියනි! සැබැවින්ම නුඹලා දහම හා සත්යය යැයි පවසා ඒ දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය. නමුත් නුඹලා අපට දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීම නුඹලා අපට අලංකාරවත් කර පෙන්වූයෙහුය. දූතවරුන් අල්ලාහ් අබියසින් ගෙන ආ සත්යයෙන් නුඹලා අප පළවා හැරියෙහුය. قالوا بل لم تكونوامؤمنين
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ﴿٢٩﴾
පිළිපදිනු ලැබූවෝ පිළිපැද්දවුන් දෙස බලා, ‘කරුණ නුඹලා සිතන පරිදි නැත. දේව ප්රතික්ෂේපය මත සිටියේ නුඹලාය. නුඹලා දේව විශ්වාසීන් ලෙස කිසිවිටෙක සිටියේ නැත. නුඹලා එය හෙළා දකිමින් පසුවූහ.’ යැයි පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَـٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًۭا طَـٰغِينَ ﴿٣٠﴾
අහෝ අනුගමනය කළවුනි! බලහක්තාරයෙන් හෝ ඉක්මවමින් දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීමෙහි නුඹලා ව තල්ලු කර දමන තරමට අපට කිසිදු අයිතියක් නොවීය. නුඹලා දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ﴿٣١﴾
‘නුඹෙන් හා ඔවුන් අතර නුඹ ව අනුගමනය කළවුන් යන සියලු දෙනාගෙන් සැබැවින්ම මම නිරය පුරවමි’ (සාද්:85) යන අල්ලාහ්ගේ ප්රකාශය අනුව ඔහුගේ අවවාදය අප මත හා නුඹලා මත අනිවාර්යය විය. ඉන් පසුව කිසිදු සැකයකින් තොරව අපගේ පරමාධිපති කවර අවවාදයක් කළේ ද එය විඳවන්නෝ වෙමු. فأغوينكم إنا كنا غوين
فَأَغْوَيْنَـٰكُمْ إِنَّا كُنَّا غَـٰوِينَ ﴿٣٢﴾
මුළාව හා දේව ප්රතික්ෂේපය වෙත අපි නුඹලා ඇරයුම් කළෙමු. සැබැවින්ම අපි ද යහ මාර්ගයෙන් මුළා වූවන් වූයෙමු
فَإِنَّهُمْ يَوْمَئِذٍۢ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿٣٣﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් හා අනුගමනය කරනු ලැබූවන් යන දෙදෙනාම දඬුවම තුළ හවුල්කරුවෝ වෙති
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿٣٤﴾
ඔවුනට දඬුවම විදවන්නට සලස්වමින් ඔවුන් සමග අපි කටයතු කළාක් සේම ඔවුන් නොවන අනෙක් වැරදි කරන්නන් සමග ද අපි එලෙස කටයුතු කරමු
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ ﴿٣٥﴾
සැබැවින්ම දෙවියන්ට ආදේශ කළවුන්හට, මෙලොවෙහි අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවෙකු නැති බව ද, ඒ අනුව ක්රීයා කරන මෙන් ද, එයට පටහැනි වන දෑ අතහැර දමන මෙන් ද, ඔවුනට කියනු ලැබූ විට සත්යය පිළිගැනීමට උඩඟු වී ඒ ගැන අහංකාරකම් පා ඒ සඳහා පිළිතුරු දීමටත් එයට අනුගත වීමටත් ඔවුහු ප්රතික්ෂේප කළෝය
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍۢ مَّجْنُونٍۭ ﴿٣٦﴾
ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට ඔවුන් සාධක පෙන්වමින්, ‘උමතු වූ කවියකුගේ ප්රකාශය වෙනුවෙන් අප අපගේ දෙවිවරුන් නැමදීම අප අත හැර දැමිය යුතු දැ?’යි විමසා සිටියෝය. ඔවුන්ගේ ප්රකාශයෙන් ඔවුන් අදහස් කළේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ය
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ ﴿٣٧﴾
ඔවුහු ප්රබල ලෙස බොරු ව වර්ධනය කර ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උම්මත්තෙකු හෝ කවියෙකු හෝ නොවූහ. එතුමාණෝ අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ දූතයාණන්ව අනුගමනය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කිරීම සඳහා ඇරයුම් කරමින් අල් කුර්ආනය සමග පැමිණියහ. එමෙන්ම සෙසු දූතවරුන් ද අල්ලාහ් වෙතින් ගෙන ආ ඒක දේවත්වය හා ප්රතිඥාව සනාත කිරීම ගැන හා සත්යයම පවසා සිටියෝය. එතුමා කිසිවක හෝ ඔවුනට විරුද්ධ ව කටයුතු කළේ නැත
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ ﴿٣٨﴾
අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! සැබැවින්ම නුඹලාගේ ප්රතික්ෂේපය හා දූතවරුන්ට නුඹලා බොරු යැයි පවසා සිටීම හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවම නුඹලා භුක්ති විඳින්නෝ වන්නෙහුය. وما تجزون إلا ما كنتمتعملون
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٣٩﴾
අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් මෙලොවෙහි ක්රියාකරමින් ආ දෑ සඳහා මිස ප්රතිඵල පිරිනමනු නොලබන්නෙහුය
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿٤٠﴾
නමුත් අල්ලාහ්ට අවංක ලෙස ගැතිකම් කළ දේව විශ්වාසී ඔහුගේ ගැත්තන් හැර. ඔවුහු ඔහුට අවංක ලෙස නැමදුම් ඉටු කළෝය. එම දඬුවමින් මිදෙන්නෝ ඔවුහුමය
أُو۟لَـٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ ﴿٤١﴾
එම අවංක ගැත්තන් හට පෝෂණ සම්පත් ඇත. අල්ලාහ් ඔවුනට එය පිරිනමනු ඇත. එහි නැවුම් බවත් අලංකාරයත් සදාතනිකභාවයත් දන්නා කරුණකි
فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ﴿٤٢﴾
එම පෝෂණය ඔවුන් අනුභව කරන ඔවුන් ආශා කරන දෑට වඩා විවිධත්වයෙන් යුත් පළතුරු වේ. ඊටත් ඉහළින් තරාතිරම් උසස් කොට ගෞරවණීය අල්ලාහ්ගේ මුහුණ බලන්නට සලස්වා ඔවුන් ගෞරවයට පත් කරනු ලබති
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٤٣﴾
කිසිවිටෙක ඉවත් වී නොයන විසන්ධි නොවන සදාතනික සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි ඔවුහු මේ සියලු දෑ හිමි කර ගනිති. عل سرر متقبلين
عَلَىٰ سُرُرٍۢ مُّتَقَـٰبِلِينَ ﴿٤٤﴾
ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගනිමින් කවිච්චි මත හාන්සි වී සිටිති. يطاف عليهم بكأس من معين
يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ ﴿٤٥﴾
එහි ස්වරූපය ගලා යන ජලය මෙන් පිහිටන මත්පැන් සහිත බඳුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّـٰرِبِينَ ﴿٤٦﴾
වර්ණයෙන් සුදු වූ, පානය කරන්නන්හට පූර්ණ ප්රණීත මිහිරක් ගෙන දෙන පානයෙන් රස විඳිති. لا فيها غول ولا هم عنها ينزفون
لَا فِيهَا غَوْلٌۭ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ﴿٤٧﴾
එය මෙලොව මත් පැන් මෙන් නොවේ. මත් බව හේතුවෙන් බුද්ධිය පහ කරන දෑ එහි නැත. එය පරිහරනය කරන්නන්ට හිසරදයක් ඇති වන්නේ ද නැත. එය පානය කරන්නන්ට ඔහුගේ ශරීරය හා ඔහුගේ බුද්ධිය නිරෝගීමත්ව තබයි
وَعِندَهُمْ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌۭ ﴿٤٨﴾
ස්වර්ගයේ ඔවුන් අබියස පතිවත රැකුණු ලලනාවෝ වෙති. ඔවුන්ගේ බැල්ම ඔවුන්ගේ සහකරුවන් හැර වෙනත් අය දෙස නොහෙළී පවතී. ඔවුහු දැකුම්කළු අලංකාර ඇස්වලින් යුක්ත වෙති. كأن هن بيض مكنون
كَأَنَّهُنَّ بَيْضٌۭ مَّكْنُونٌۭ ﴿٤٩﴾
අත් ස්පර්ශ නොකළා වූ ආරක්ෂා කරන ලද කුරුළු බිත්තරයක කහ පැහැයෙන් වර්ණ ගැන්වූ සුදු වර්ණය තුළ තිබෙන්නාක් මෙන් ඔවුන් වෙති
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿٥٠﴾
ඇතැම් ස්වර්ගවාසීන් ඇතමෙකු ඉදිරියට පැමිණ මෙලොව ඔවුනට සිදු වූ දෑ හා ඔවුන් පසු කරගෙන ආ දෑ සම්බන්ධයෙන් එකිනෙකා විමසා ගනිති
قَالَ قَآئِلٌۭ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌۭ ﴿٥١﴾
එම දේව විශ්වාසීන් අතරින් ප්රකාශකයකු, "සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු සගයකු මට මෙලොවෙහි සිටියේ යැ"යි පවසා සිටියි
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ ﴿٥٢﴾
ඔහු මා හෙළා දකිමින් හා හෑල්ලුවට ගනිමින්, "අහෝ මිතුර! මළවුන් නැවත නැගිටුවනු ලැබීම සැබෑවක් ලෙස පිළිගන්නන් අතරින් නුඹ ද කෙනෙකු වන්නෙහිදැ?"යි මගෙන් විමසා සිටියේය. أءذا متنا وكنا ترابا وعظما أءنا لمدينون
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِينُونَ ﴿٥٣﴾
"අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ පසු සැබැවින්ම අපි නැවත නැගිටුවනු ලැබ මෙලොවෙහි සිදු කළ ක්රියාවන් සඳහා අප ප්රතිඵල පිරිනමනු ලබන්නන් වන්නෙම් ද?" (යැයි ඔහු විමසයි). بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال هل أنتم مط لعون
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ﴿٥٤﴾
දේව විශ්වාසී ඔහුගේ මිතුරෙක් ස්වර්ගවාසීන් අතරින් වූ ඔහුගේ සගයින්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු එම සමීප මිතුරාගේ ස්ථානය බලන්නට මා සමග නුඹලා එබී බලන්නේ දැයි විමසයි
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ ﴿٥٥﴾
එවිට ඔහු එබී බලයි. ඔහුගේ සමීප මිතුරා අපාය මධ්යයේ සිටිනු ඔහු දකිනු ඇත
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ﴿٥٦﴾
අල්ලාහ් මත දිවුරා පවසමි. ‘අහෝ මිතුර! දේව ප්රතික්ෂේපය හා මළවුන්ගෙන් යළි නැගිටුවනු ලැබීම හෙළා දැකීම සඳහා නුඹ මට කළ ඇරයුම හේතුවෙන් අපා ගින්නට මා ප්රවේශ වීමෙන් නුඹ මා විනාශ කිරීමට තැත් කළෙහිය.’ යැයි පවසයි
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ ﴿٥٧﴾
දේව විශ්වාසය සඳහා මග පෙන්වීමෙන් හා ඒ සඳහා ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් මට ආශිර්වාද නොකළේ නම් මා ද නුඹ මෙන් දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නන් අතරින් වන්නට තිබිණ. أفما نحن بميتين
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ﴿٥٨﴾
ස්වර්ගවාසීන් වන අප මිය යන්නන් නොවෙමු
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿٥٩﴾
මෙලොව ජීවිතයේ අපගේ මුල් මරණය හැර. අපි ස්වර්ගයේ සදාතනිකයෝ වෙමු. දේව ප්රතික්ෂේපකයින් දඬුවම් කරනු ලබන්නාක් මෙන් අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٦٠﴾
අපගේ පරමාධිපති අපට කවර ප්රතිඵලයක් පිරිනැමුවේ ද - එනම් ස්වර්ගයට ප්රවේශ වීම, එහි සදාතනිකභාවය, නිරා ගින්නෙන් රැකවරණය ලැබීම - සැබැවින්ම එයමය කිසිදු ජයග්රහණයකට සමාන කළ නොහැකි අතිමහත් ජයග්රහණය වනුයේ
لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ ٱلْعَـٰمِلُونَ ﴿٦١﴾
මෙවන් අතිමහත් ප්රතිඵල සඳහා ක්රියා කරන්නන් ක්රියා කිරීම අනිවාර්යය වන්නේය. සැබැවින්ම එයමය ලාභදායී ව්යාපාරය වන්නේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَذَٰلِكَ خَيْرٌۭ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿٦٢﴾
නිලයෙන් හා ගෞරවයෙන් වඩා ශ්රේෂ්ට හා උතුම් වන්නේ අල්ලාහ්ට අවනත වීම අවංකවම ඉටු කළ තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇති බවට සඳහන් කරන ලද සැප පහසුකම් ද එසේ නැතහොත් අල් කුර්ආනයේ ශාප කරන ලද කුසගිනි නොනිවන ශරීරය නොවඩන දේව ප්රතික්ෂේපකයින්ගේ ආහාරය වන සක්කූම් ගස ද? إنا جعلنها فتنة للظ لمين
إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةًۭ لِّلظَّـٰلِمِينَ ﴿٦٣﴾
දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපරාධ කරුවන් බවට පත්වූවෝ ‘සැබැවින්ම අපා ගින්න ගස් කා දමයි. එය එහි හට ගන්නට ඉඩක් නැතැයි.’ ඔවුහු පවසමින් ඔවුන් පරීක්ෂණයට ලක් කරනු ලබන පරීක්ෂණයක් ලෙස අපි එම ගස පත් කළෙමු
إِنَّهَا شَجَرَةٌۭ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ ﴿٦٤﴾
සැබැවින්ම සක්කූම් ගස හට ගැනෙන මාරාන්තික ගසකි. එය අපායේ අඩියෙහි හට ගන්නා ගසක් වේ
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ ﴿٦٥﴾
ඉන් හට ගැනෙන පලතුරු ෂෙයිතානුන්ගේ ඔළු මෙන් බලන්නට අප්රසන්නව පිහිටා තිබේ. දර්ශනයට අප්රසන්න වීම තොරතුරු සපයන්නොගේ අප්රසන්නභාවය පෙන්වා දෙයි. ඉන් අදහස් කරනුයේ සැබැවින්ම එහි පළතුරු ආහාරවලින් නරකම ආහාරය වන බවයි
فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿٦٦﴾
එවිට දේව ප්රතික්ෂේපකයෝ එම ගසෙහි අප්රසන්න තිත්ත ගෙඩි අනුභව කරන්නෝ වෙති. හිස්වී ගිය ඔවුන්ගේ බඩවල් එමගින් පුරවාගන්නෝ වෙති. ثم إن لهم عليها لشوبا من حميم
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًۭا مِّنْ حَمِيمٍۢ ﴿٦٧﴾
ඔවුන් ඉන් අනුභව කිරීමෙන් පසුව ඔවුනට අමිහිරි උණුසුම් මිශ්ර පානයක් හිමි වේ
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ ﴿٦٨﴾
ඉන්පසු ඔවුන්ගේ යොමු ව පිහිටනුයේ අපායේ දඬුවම වෙතය. එහි ඔවුහු දඬුවමකින් පසු තවත් දඬුවමක් වෙත පෙරළා යති
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ﴿٦٩﴾
සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් යහමගින් මුළාවූවන් ලෙස දැක කිසිදු සාධකයක් නොමැති හෙයින් එය අනුගමනය කරමින් ඔවුන් ගැන බලාපොරොත්තු සුන් කර ගත්තෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَهُمْ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ يُهْرَعُونَ ﴿٧٠﴾
නමුත් ඔවුහු මුළාව තුළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ පියවරයන් යුහුසුළු ව අනුගමනය කරති
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ ﴿٧١﴾
ඔවුනට පෙර සිටි බහුතරයක් මුතුන් මිත්තන් සැබැවින්ම නොමග ගොස් ඇත. එහෙයින් අහෝ දූතය! නොමග ගිය සමූහයන් අතරින් පළමුවැන්නා ඔබේ සමූහයා නොවෙයි. ولقد أرسلنا فيهم منذرين
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ﴿٧٢﴾
එම මුල් සමූහයන් අතරට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතවරුන් සැබැවින්ම අපි එව්වෙමු. නමුත් ඔවුහු ප්රතික්ෂේප කළෝය
فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ ﴿٧٣﴾
අහෝ දූතය! ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කොට ඔවුනට ඔවුන් පිළිතුරු නොදුන් සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු. සැබැවින්ම ඔවුන්ගේ අවසානය වූයේ ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීම වැනි හේතුවෙන් ඔවුන් අපා ගින්නට පිවිසීමය
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿٧٤﴾
නමුත් අල්ලාහ් ව විශ්වාස කිරීමේදී ඔහුට අවංක වූ ගැත්තන් හැර. සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළ එම බොරුකාරයින්ගේ අවසාන දඬුවම වූ ඒ සාහසික දඬුවමින් සැබැවින්ම ඔවුහු ජය ලබන්නෝ වෙති
وَلَقَدْ نَادَىٰنَا نُوحٌۭ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ ﴿٧٥﴾
අපගේ නබිවරයකු වූ නූහ් (අලයිහිස් සලාම්) ඔහු ව බොරු කළ ඔහුගේ ජනයාට එරෙහි ව ප්රාර්ථනා කරමින් අප වෙත කන්නලව් කළ අවස්ථාවේ පිළිතුරු දෙන්නන් අතරින් අපි යහපත් වූයෙමු. ඔවුනට එරෙහි ව ඔහුගේ ප්රාර්ථනාව පිළිගැනීමෙහි අපි යුහුසුළු වූයෙමු
وَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿٧٦﴾
ඔහුගේ සමූහයාගෙන් හා ඔහුගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපකයින් මත එවන ලද අතිමහත් ජලගැල්මෙහි ගිලීමෙන් සැබවින්ම ඔහු ව ද ඔහුගේ නිවැසියන් ද ඔහු සමග වූ දේව විශ්වාසීන් ද අපි මුදවා ගත්තෙමු
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ ﴿٧٧﴾
ඔහුගේ පවුල හා ඔහු ව අනුගමනය කළ දේව විශ්වාසී අනුගාමිකයින් පමණක් අපි මුදවා ගත්තෙමු. ඔවුන් හැර ඔහුගේ ජනයා අතරින් සෙසු දේව ප්රතික්ෂේපකයින් සැබැවින්ම අපි දියේ ගිල්වීමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿٧٨﴾
පසු සේන්දු වන ජන සමූහයා අතර ඔවුන් ඔහු පැසසුමට ලක් කරන පරිදි යහපත් පැසසුමක් අපි ඔහුට ඉතිරි කළෙමු
سَلَـٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَـٰلَمِينَ ﴿٧٩﴾
පසු සේන්දු වන ජන සමූහයා අතර නූහ් ගැන නපුරක් කතා කරනු ලැබීමෙන් ඔහුට ආරක්ෂාව හා ශාන්තිය අත්වේවා! ඔහු වෙනුවෙන් ප්රශංසාව හා යහපත් මෙනෙහි කිරීම ඉතිරි ව පවතිනු ඇත
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿٨٠﴾
සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) තුමාට කවර ප්රතිඵලයක් අප විසින් පිරිනමනු ලැබුවේ ද ඒ හා සමාන ප්රතිඵල අල්ලාහ්ට පමණක් අවනත වී ඔහු නැමදුම් කරමින් දැහැමි ලෙස කටයුතු කරන්නන්හට පිරිනමමු
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿٨١﴾
සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) අල්ලාහ්ට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අපගේ විශ්වාසී ගැත්තන් අතරින් කෙනෙකි
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿٨٢﴾
පසු ව අපි ඔවුන් මත එවූ ජලගැල්මෙහි ඉතිරි අය ගිල්වීම. ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි වූයේ නැත
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ﴿٨٣﴾
සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) ද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමෙහි දී ඔහුට අනුගත වී ඔහුගේ පිළිවෙත පිළිපැද්දාවූ ජනයා අතරින් කෙනෙකු විය
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ ﴿٨٤﴾
අල්ලාහ්ගේ මැවීම් අතර අල්ලාහ් වෙනුවෙන් උපදෙස් දෙමින් ආදේශ කිරීමෙන් ඉවත් ව ශාන්තමය සන්සුන් හදවතකින් ඔහුගේ පරමාධිපති වෙත ඔහු පැමිණි අවස්ථාව මෙනෙහි කරනු. إذ قال لأبيه وقومه ماذا تعبدون
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ﴿٨٥﴾
ඔහු තම පියාණන් ආසර් හා දෙවියන්ට ආදේශ තැබූ ඔහුගේ ජනයා දෙස බලා ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?'යි ඔවුන් හෙළා දකිමින් විමසා සිටි අවස්ථාවේ
أَئِفْكًا ءَالِهَةًۭ دُونَ ٱللَّهِ تُرِيدُونَ ﴿٨٦﴾
අල්ලාහ් හැර නුඹලා නමදින ව්යාජ දෙවිවරුන් සිටිත් ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٨٧﴾
අහෝ ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නුඹලා නමදිමින් සිටිය දී නුඹලා ඔහු මුණ ගැසෙන විට ලොවැසියන්ගේ පරමාධිපති ගැන නුඹලා හට ගැනෙන සිතුවිලි කුමක් වනු ඇත් ද? නුඹලාට ඔහු සිදු කරන්නට යන දෑ දැක නුඹලා කුමක් අදහස් කරන්නෙහු ද?
فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ ﴿٨٨﴾
ඉබ්රාහීම් තම ජනයා සමග පිටත් වීමෙන් නිදහස් වීම සඳහා සැලසුමක් යොදමින් තාරකාවන් දෙස අධීක්ෂණයෙන් බැලුවේය. فقال إنى سقيم
فَقَالَ إِنِّى سَقِيمٌۭ ﴿٨٩﴾
ඔවුන්ගේ උත්සවයට ඔවුන් සමග පිටත්වීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඔවුනට ‘සැබැවින්ම මම රොගීයෙකි’ යැයි පැවසුවේය. فتولوا عنه مدبرين
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ﴿٩٠﴾
පසු ව ඔහු ව ඔවුන් පසුපස අතැහැර දමා ගියෝය
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ﴿٩١﴾
අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් වෙත යොමු වී ඔවුන්ගේ දෙවිවරුන් හාස්යයට ගෙන ‘නුඹලා වෙනුවෙන් දේව ආදේශකයින් සාදා ඇති ආහාර නුඹලා අනුභව නොකරන්නෙහු ද? යැයි විමසා සිටියේය. ما لكم لا تنطقون
مَا لَكُمْ لَا تَنطِقُونَ ﴿٩٢﴾
නුඹලා කතා නොකරන්නට නුඹලාට කුමක් වීද? නුඹලාගෙන් ඉල්ලා සිටින්නන්හට නුඹලා පිළිතුරු නොසපයනුයේ මන් ද? අල්ලාහ් හැර නැමදුම් ලබනුයේ මෙවන් දෑ ද?
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ ﴿٩٣﴾
පසු ව ඔහු ඔවුන් වෙත නැඹුරු වී ඒවා කඩා දමන්නට තම දකුණතින් ඒවාට පහර දුන්නේය
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ﴿٩٤﴾
මෙම පිළිමවලට වන්දනාමාන කළවුන් ඔහු වෙත වේගයෙන් පැමිණියේය. قال أتعبدون ما تنحتون
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ﴿٩٥﴾
ඉබ්රාහීම් ස්ථාවර ව ඔවුන් දෙස හැරී ඒවා හෙළා දකිමින්, ‘නුඹලා අල්ලාහ් හැර දමා නුඹලාගේම අත්වලින් නිර්මාණ කළ දෙවිවරුන්ට නුඹලා නැමදුම් කරන්නෙහුදැ?’යි ඔවුන්ගෙන් විමසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ﴿٩٦﴾
සුවිශුද්ධයාණන් අල්ලාහ් නුඹලාව මැව්වේය. නුඹලාගේ ක්රියාව ද මැව්වේ ය. මෙම පිළිම නුඹලාගේ ක්රියාවන්ගෙන් බිහි වූවක්ය. ඔහුට පමණක් නැමදුම් ලබන්නටත්, වෙනත් දෑ ඔහුට ආදේශ නොකිරීමටත් ඔහුම සුදුස්සා වන්නේය
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًۭا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ﴿٩٧﴾
ඔහු සමග තර්ක කොට තරඟ වදින්නට ඔවුන් අපොහොසත් වූ කල්හි බලය යෙදවීමට ඔවුහු යොමු වූහ. ඉබ්රාහීම්ට සිදු කරන දෑ පිළිබඳ ඔවුන් අතරම ඔවුහු සාකච්ඡා කළෝය. ඔවුහු ‘ඔහු වෙනුවෙන් නුඹලා ගොඩනැගිල්ලක් තනනු. එහි දර පුරවා එයට ගිනි තබා පසු ව ඔහු ව එහි නුඹලා විසි කරනු.’ යැයි පැවසූහ
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ ﴿٩٨﴾
ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම්ව විනාශ කොට ඔහුගෙන් නිදහස් වන පරිදි ඔහුට නපුරක් කිරීමට සිතුවෝය. ඔහුට එම ගින්න සිසිලක් හා ආරක්ෂාවක් බවට පත් කිරීමෙන් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු. وقال إنى ذاهب إلى ربى سيهدين
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ﴿٩٩﴾
මාගේ ජනයාගේ ප්රදේශය අතහැර දමා මාගේ පරමාධිපතිට මා නැමදුම් කළ හැකි පරිදි ඔහු වෙත සැබැවින්ම මම නික්ම යමි. මාගේ පරමාධිපති මෙලොවෙහි හා මතුලොවෙහි මට යහපතක් වන දෑ ඔහු මට පෙන්වා දෙනු ඇත’ යැයි ඉබ්රාහීම් පැවසීය
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّـٰلِحِينَ ﴿١٠٠﴾
මාගේ පරමාධිපතියාණනි! මා රට හැර දමා යාමේ දී මාගේ සමූහයා වෙනුවට මට උදව් වන දැහැමි දරුවකු නුඹ මට පිරිනමනු මැනව! فبشرنه بغلم حليم
فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍۢ ﴿١٠١﴾
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. රිස්සීමෙන් කටයුතු කරමින් වැඩෙන පිරිමි දරුවකු පිළිබඳ සුභාරංචිය දන්වමින් ඔහු ව සතුටු කරවන පුවතක් අපි ඔහුට සැල කර සිටියෙමු. එම දරුවා ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාය
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ ﴿١٠٢﴾
ඉස්මාඊල් තරුණ වියට පත් ව ඔහුගේ පියාණන්ගේ ගමන්මග ගමන් කළ හැකි තත්ත්වයට පැමිණි කල්හි, ඔහුගේ පියාණන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් සිහිනයක් දුටුවේය. නබිවරුන්ගේ සිහින දිව්ය පණිවිඩ වේ. එම සිහිනයේ අන්තර්ගතය තම පුතණුවන්ට ඉබ්රාහීම් තුමා දන්වමින් මෙසේ පැවසීය. ‘මාගේ පුතණුවනි! සැබැවින්ම මම නුඹ ව සිඳලන මෙන් සිහිනයක් දුටුමි. ඒ සම්බන්ධයෙන් නුඹ අදහස් කරන්නේ කුමක් දැ?යි බලනු. ඉස්මාඊල් තම පියාණන්ට පිළිතුරු දෙමින් ‘මාගේ පියාණනි! මා සිදලීම ගැන අල්ලාහ් ඔබට කවර නියෝගයක් කර ඇත්තේ ද එය ඔබ ඉටු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි අල්ලාහ්ගේ තීන්දුව පිළිගත් ඉවසිලිවන්තයින් අතර ඔබ මාව දකිනු ඇතැ’යි පවසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ﴿١٠٣﴾
ඔවුන් දෙදෙනා අල්ලාහ්ට යටත් වී ඔහුට අවනත වූ කල්හි ඉබ්රාහීම් තම පුතණුවන් සිඳලීමේ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ඔහුගේ නළල මත (මුණින්) තැබුවේය
وَنَـٰدَيْنَـٰهُ أَن يَـٰٓإِبْرَٰهِيمُ ﴿١٠٤﴾
අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක කිරීමට තම පුතණුවන් සිඳළීමට උත්සාහ කරමින් සිටිය දී අපි ඉබ්රාහීම්ට ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි ඇමතුවෙමු
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٠٥﴾
නුඹේ දරුවා සිඳලීමට ස්ථීර කර ගනිමින් නින්දෙහි දුටු එම සිහිනය තහවුරු කළෙහිය. මෙම බරපතල පරිහානියෙන් නුඹ ව මුදවා ගෙන නුඹට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමා ඔවුන්ව ද දුෂ්කරතා හා හානියෙන් අපි මුදවා ගන්නෙමු
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْبَلَـٰٓؤُا۟ ٱلْمُبِينُ ﴿١٠٦﴾
සැබවින්ම මෙය පැහැදිලි පරීක්ෂණයක්මය. එහිදී ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා සමත් විය. وفدينهبذب ح عظيم
وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍۢ ﴿١٠٧﴾
ඉස්මාඊල් සිඳලීම වෙනුවට ඇප වශයෙන් විශාල බැටලුවෙකු පිරිනැමුවෙමු
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿١٠٨﴾
පසු සේන්දු වන සමූහයන් අතර යහපත් පැසසුමක් අගය කිරීමක් ඉබ්රාහීම්ට අපි ඉතිරි කළෙමු
سَلَـٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿١٠٩﴾
ඔහු සඳහා අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමකි. සියලුම උවදුරු හා හානියෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්රාර්ථනාවකි
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١١٠﴾
ඉබ්රාහීම්ගේ අවනතවීම හේතුවෙන් අප ඔහුට මෙවන් ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමමු
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١١١﴾
සැබවින්ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවශ්යයෙන්ම ගැතිකම් කළ දේව විශ්වාසී අපගේ ගැත්තන් අතරින් කෙනෙකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَبَشَّرْنَـٰهُ بِإِسْحَـٰقَ نَبِيًّۭا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿١١٢﴾
දැහැමි ගැත්තෙකු හා නබිවරයකු ලෙස පත්වන්නට යන තවත් දරුවකු පිළිබඳ අපි ඔහුට සුබාරංචි දන්වා සිටියෙමු. ඔහු ඉස්හාක් ය. එය ඔහුගේ එකම දරුවා වූ ඉස්මාඊල් සිඳලීමෙහි දී ඔහු අල්ලාහ්ට යටත් වීම වෙනුවෙන් පිරිනමනු ලබන ප්රතිඵලයක් ලෙසිනි
وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌۭ وَظَالِمٌۭ لِّنَفْسِهِۦ مُبِينٌۭ ﴿١١٣﴾
ඔහු මත හා ඔහුගේ පුත් ඉස්හාක් මත අපගෙන් වූ සමෘද්ධිය අපි පහළ කළෙමු. ඔවුන් දෙදෙනාට ආශිර්වාද බොහෝමයක් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාට දරුවන් අධික කර දුන්නෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවෙන් තම පරමාධිපතිට යටහත් වන දැහැමියන් වෙති. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම නිසා පැහැදිලි ලෙස අපරාධ කළ අපරාධකරුවන් ද වෙති. ولقدمنناعل موس وهرون
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١١٤﴾
සැබැවින්ම අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට නබිත්වය පිරිනැමුවෙමු
وَنَجَّيْنَـٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿١١٥﴾
ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ ජනයා වූ ඉස්රාඊල් දරුවන්, ෆිර්අවුන්ගේ වහල් භාවයෙන් හා ඔවුන් දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු
وَنَصَرْنَـٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ ﴿١١٦﴾
ෆිර්අවුන් හා ඔහුගේ සේනාවට එරෙහි ව අපි ඔවුනට උදව් කළෙමු. ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට ජය අත් විය
وَءَاتَيْنَـٰهُمَا ٱلْكِتَـٰبَ ٱلْمُسْتَبِينَ ﴿١١٧﴾
එහි කිසිදු මුසුවක් නොමැති අල්ලාහ්ගෙන් වූ පැහැදිළි දිව්ය පුස්තකය වන තව්රාතය (තෝරාව) මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට අපි පිරිනැමුවෙමු
وَهَدَيْنَـٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿١١٨﴾
කිසිදු ඇදයක් නොමැති ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට අපි මඟ පෙන්වූයෙමු. එය සුවිශුද්ධයාණන් මැවුම්කරුගේ තෘප්තිය වෙත ළඟා කරවන ඉස්ලාමීය දහම් මාර්ගයයි
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ ﴿١١٩﴾
පසු පැමිණෙන සමූහයන් අතර ඔවුන් දෙදෙනා මත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් سلمعل موس وهرون
سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١٢٠﴾
ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගෙන් වූ දැහැමි සුබ පැතුමකි. ඔවුන් දෙදෙනාට ප්රශංසාවකි. සියලු පිළිකුල් සහගත දැයින් ආරක්ෂාවකි
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٢١﴾
සැබවින්ම අපි මූසා හා හාරූන්හට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වන දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමන්නෙමු
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١٢٢﴾
සැබවින්ම මූසා හා හාරූන් ඔවුනට දහම්ගත කරනු ලැබූ දෑ පිළිපදින අල්ලාහ්ව විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වූහ
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٢٣﴾
සැබැවින්ම ඉල්යාස් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද දහම් දූතවරුන් අතරින් විය. අල්ලාහ් ඔහුට නබිත්වය හා දූත මෙහෙවර ආශිර්වාද කළේය
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
ඉස්රාඊල් දරුවන් අතරින් ඔවුන් වෙත ඔහු ව එවන ලද ඔහුගේ ජනයාට, "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් - ඒ අතරින් එකකි දේවත්වය.- ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - ඒ අතරින් එකකි ඔහුට ආදේශ තැබීම - ඔහුට බියබැතිමත් විය යුතු නොවේ ද? පැවසුවේය
أَتَدْعُونَ بَعْلًۭا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَـٰلِقِينَ ﴿١٢٥﴾
විශිෂ්ටතම මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දමා නුඹලා ඔහු හැර නුඹලාගේ බඃල් නම් පිළිමයට නැමදුම් කරන්නෙහු ද?
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿١٢٦﴾
අල්ලාහ් වන ඔහු නුඹලා ව මැවූ, ඊට පෙර නුඹලාගේ මුතුන් මිත්තන් මැවූ, නුඹලාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර කිසිදු සෙතක් හෝ විපාකයක් හෝ සිදු කළ නොහැකි වෙනත් සෙසු පිළිම නොවේ. فكذبوه فإن هم لمحضرون
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ﴿١٢٧﴾
ඔහුගේ ජනයා ඔහු ව බොරු කර සිටියා මිස නැත. ඔවුන් බොරු කළ හේතුවෙන් ඔවුහු දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٢٨﴾
නමුත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහුට අවංක විශ්වාසියෙකු ලෙස සිටි අයකු හැර. සැබැවින්ම ඔහු දඬුවමට ඉදිරිපත් කිරීමෙන් මිදෙන්නෙකි
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿١٢٩﴾
පසු පැමිණෙන සමූහයන් අතර ඔහු වෙත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු
سَلَـٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ ﴿١٣٠﴾
අල්ලාහ්ගෙන් වූ පිළිගැනීමක් හා පැසසුමක් ඉල්යාස් මත විය
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٣١﴾
සැබවින්ම අපි ඉල්යාස්ට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම අපගේ ගැත්තන් අතර සිටින දේව විශ්වාසී දැහැමි ගැත්තන්හටත් ප්රතිඵල පිරිනමන්නෙමු
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿١٣٢﴾
සැබැවින්ම ඉල්යාස් ඔවුන්ගේ පරමාධිපතිව ඔවුන් විශ්වාස කිරීමේදී සත්යවාදීන් ලෙස හා සැබෑ විශ්වාසීන් ලෙස සිටි අපගේ ගැත්තන් අතරින් කෙනෙකු විය
وَإِنَّ لُوطًۭا لَّمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٣٣﴾
සැබැවින්ම ලූත් ඔහුගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය. إ ذ نجينه وأهله أجمعين
إِذْ نَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿١٣٤﴾
ඔහුගේ සමූහයා වෙත එවනු ලැබූ දඬුවමින් අපි ඔහු හා ඔහුගේ පවුලේ උදවිය ආරක්ෂා කළ අවස්ථාව මෙනෙහි කර බලනු
إِلَّا عَجُوزًۭا فِى ٱلْغَـٰبِرِينَ ﴿١٣٥﴾
ඔහුගේ බිරිය හැර. ඇය ද ඇයගේ සමූහයාට අත් වූ දඬුවමින් ආවරණය වූ කාන්තාවක් විය. ඊට හේතුව ඇය ද ඔවුන් මෙන් දෙවියන් ප්රතික්ෂේප කළ එකියෙකු වූ බැවිණි
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ ﴿١٣٦﴾
පසු ව ඔහුගේ සමූහයා අතර ඔහු කවර කරුණක් ගෙන ආවේ ද, එය සැබෑවක් ලෙස පිළිනොගෙන ඔහු ව බොරු කළ ඉතිරි අය විනාශ කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وإ نكم لتمرون عليهم م ص بحين
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ﴿١٣٧﴾
අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා උදෑසන කාලයේ සිරියාවට ගමන් කරන මාර්ගයේ ඔවුන්ගේ නිවාස අසළින් ගමන් කරන්නෙහුය
وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿١٣٨﴾
එමෙන්ම රාත්රී කාලයේ ද ඒ හරහා නුඹලා ගමන් කරන්නෙහුය. ඔවුන්ගේ බොරු කිරීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය හා මීට පෙර සිදු නොකළා වූ අශීලාචාර පාපකම් සිදු කිරීමෙන් පසු ඔවුන්ගේ කරුණ ඔහු වෙත යොමු වූයේ කෙසේ දැයි යන්න පාඩම් ලබා ඒ ගැන වටහා ගත යුතු නොවේ ද?
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿١٣٩﴾
සැබැවින්ම යූනුස් ඔවුන්ගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿١٤٠﴾
ඔහු ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොරව ඔහුගේ සමූහයාගෙන් පලා ගොස් මගීන් හා භාණ්ඩ පුරවා ප්රවාහනය කරන නැවක නැග ගමන් ගත් අවස්ථාව මෙනෙහි කර බලනු
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ ﴿١٤١﴾
නැව පිරී පැවතුණු බැවින් එය ගිලෙන්නට විය. එහෙයින් මගීහු ඔවුන්ගෙන් ඇතැමෙකු පිටත හෙළීම සඳහා කුසපත් ඇද්දෝය. එය මගීන්ගේ අධිකත්වය හේතුවෙන් නැවත ගිලී යාමට ඇති බියෙනි. එවිට යූනුස් පරාජිතයින් අතරට පත් විය. ඔවුහු ඔහු මුහුදට හෙළූහ
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ ﴿١٤٢﴾
ඔවුහු ඔහුව මුහුදට හෙළූ කල්හි මත්සයා ඔහු ඩැහැ ගෙන ගිල දැමීය. තම පරමාධිපතිගේ අවසරයෙන් තොර ව මුහුද දෙසට ඔහු ගිය බැවින් ඔහු දොස් නගනු ලැබූ දෑ සමග පැමිණියේය
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ ﴿١٤٣﴾
සැබවින්ම යූනුස් තමන්ට අත් වූ දෑට පෙර අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් නොවී නම් මත්සයාගේ කුස තුළ ඔහු ව සුවිශුද්ධ නොකළේ නම්
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٤٤﴾
මත්සයාගේ කුස ඔහුට මිනී වළක් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් එම මත්සයාගේ කුස තුළම රැදෙන්නට තිබුණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ فَنَبَذْنَـٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌۭ ﴿١٤٥﴾
පසු ව මත්ස කුසෙන් අපි ඔහු ගහකොළ ගොඩනැගිලි කිසිවක් නැති පුහු ඉඩමකට හෙළුවෙමු. එවිට ඔහු මත්ස කුසෙහි දීර්ග කාලයක් රැඳී සිටි බැවින් දුර්වල ශරීරයකින් පෙළුණේය. وأنبتنا عليه شجرة من يقطين
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةًۭ مِّن يَقْطِينٍۢ ﴿١٤٦﴾
එම හිස් භූමියේ ඔහු හෙවණ ලබන්නටත් අනුභව කරන්නටත් වැල් සහිත ගසක් හට ගැන්වීමු. وأرسلنهإ لى مائة ألف أو يزيدون
وَأَرْسَلْنَـٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ﴿١٤٧﴾
අපි ඔහු ඔහුගේ සමූහයා වෙත සේන්දු කළෙමු. ඔවුන්ගේ සංඛ්යාව සිය දහසක් විය. ඔවුහු ඊටත් වඩා වැඩි සංඛ්යාවකින් සිටියහ. فٔامنوافمتعنهم إلى حين
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍۢ ﴿١٤٨﴾
පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ ﴿١٤٩﴾
අහෝ මුහම්මද්! දේව ආදේශකයින් හෙළා දකිමින්, ‘නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් වෙන් කර ගන්නෙහු ද? එය කවර ආකාරයේ වෙන් කිරීමක් ද?’ යැයි විමසනු
أَمْ خَلَقْنَا ٱلْمَلَـٰٓئِكَةَ إِنَـٰثًۭا وَهُمْ شَـٰهِدُونَ ﴿١٥٠﴾
ඔවුහු ඔවුන්ගේ මැවීම් ඉදිරියේ පෙනී සිටියේ නැත. එය ඔවුන් දෑසින් ද දැක නැති තත්ත්වයේ සැබැවින්ම මලක්වරුන් ගැහැනුන් වෙතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේද?
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ﴿١٥١﴾
දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿١٥٢﴾
152 දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ ﴿١٥٣﴾
නුඹලා ප්රිය කරන පිරිමි දරුවන්ට වඩා නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් තමන් වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේද? එසේ නොවේ. مالكم كيف تحكمون
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿١٥٤﴾
අහෝ දේව ආදේශකයිනි! නුඹලා අල්ලාහ්ට ගැහැනු දරුවන් පත් කොට නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් තෝරා ගනිමින් අයුක්ති සහගත තීන්දු කිරීමට නුඹලාට කුමක් වීද? أفلا تذك رون
أَفَلَا تَذَكَّرُونَ ﴿١٥٥﴾
නුඹලා දරමින් සිටින නපුරු ප්රතිපත්තියේ ව්යාජත්වය ගැන නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද? සැබවින්ම නුඹලා මෙනෙහි කර තිබුණෙහි නම් මෙම ප්රකාශය නුඹලා නොපවසන්නට තිබුණි. أم لكم سلطن مبين
أَمْ لَكُمْ سُلْطَـٰنٌۭ مُّبِينٌۭ ﴿١٥٦﴾
එසේ නැතහොත් මේ ගැන පෙන්වා දෙන දිව්ය ග්රන්ථයකින් හෝ දූතයකුගෙන් වූ කිසියම් පැහැදිලි සාධකයක් හෝ පැහිදිලි සංඥාවක් හෝ නුඹලා වීද? فأتوا بكتبكم إن كنتم صدقين
فَأْتُوا۟ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٥٧﴾
නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ සඳහා නුඹලාට සාක්ෂි වශයෙන් දරණ නුඹලාගේ දිව්ය ග්රන්ථ ගෙන එනු
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًۭا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ﴿١٥٨﴾
සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි දේව ආදේශකයින් විශ්වාස කළ අවස්ථාවේ ඔවුන්ගෙන් සැඟවී සිටින අල්ලාහ් හා මලක්වරුන් අතර ඥාතී සම්බන්ධතාවක් ඔවුහු ඇති කළෝය. සැබවින්ම දේව ආදේශකයින් විනිශ්චය සඳහා අල්ලාහ් ඉදිරිපත් කරනු ඇතැයි මලක්වරුන් දැන සිටිති
سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿١٥٩﴾
අල්ලාහ්ට සුදුසු නොවන දරුවකු ආදේශකයකු හා වෙනත් දෑ සම්බන්ධ කරමින් අල්ලාහ්ට දේව ආදේශකයෝ ආරෝපණය කරන දැයින් ඔහු සුවිශුද්ධය. පිවිතුරුය
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٦٠﴾
අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර. සැබැවින්ම ඔහුට සුදුසු කීර්තිමත් හා පූර්ණ ගුණාංග තුළින් මිස ඔවුහු ඔහු වර්ණනා නොකරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فإنكم وما تعبدون
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ﴿١٦١﴾
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම නුඹලා හා අල්ලාහ් හැර නුඹලා නමදින දෑ ද,
مَآ أَنتُمْ عَلَيْهِ بِفَـٰتِنِينَ ﴿١٦٢﴾
සත්ය දහමින් කිසිවෙකු හෝ නොමග හරින්නන් ලෙස නුඹලා නැත
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ ﴿١٦٣﴾
සැබැවින්ම ඔවුන් නිරා වාසීන් අතරින් කෙනෙකු යැයි අල්ලාහ් තීන්දු කළ අය මිස. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ තීන්දුව ඔහු තුළ ක්රියාත්මක කරවයි. අවසානයේ ඔහු ප්රතික්ෂේප කොට නිරයට පිවිසෙයි. සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි, ඒ සඳහා නුඹලාට කිසිදු බලයක් නොමැත
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌۭ مَّعْلُومٌۭ ﴿١٦٤﴾
මලක්වරුන් අල්ලාහ්ට නැමදුම් කිරීම හා දේව ආදේශකයින් විශ්වාස කළ දැයින් ඔවුන් නිදොස් බව පැහැදිලි කරමින්, ‘අප අතරින් කිසිවෙකුට හෝ අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි නියම කරන ලද ස්ථානක් පිහිටා තිබුණා මිස නැත.’ යැයි පවසා සිටියහ
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ ﴿١٦٥﴾
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ ﴿١٦٦﴾
සැබැවින්ම මලක්වරුන් වන අපි අල්ලාහ්ට ගැතිකම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි පෙළ ගැසී සිටින්නෙමු. ඔහුට සුදුසු නොවන ගුණාංග හා වර්ණනාවලින් අපි ඔහු පිවිතුරු කරන්නෝ වෙමු. وإ نكانوا ليقولون
وَإِن كَانُوا۟ لَيَقُولُونَ ﴿١٦٧﴾
لَوْ أَنَّ عِندَنَا ذِكْرًۭا مِّنَ ٱلْأَوَّلِينَ ﴿١٦٨﴾
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿١٦٩﴾
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿١٧٠﴾
සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ ﴿١٧١﴾
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ ﴿١٧٢﴾
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَـٰلِبُونَ ﴿١٧٣﴾
අල්ලාහ් කවර සාධකයක් හා බලයක් අපගේ දූතවරුන්ට පිරිනැමුවේ ද එමගින් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුන් ජය ලබන බවත් සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා ඔහුගේ මාර්ගයේ අරගල කරන අපගේ සේනාව සතු බවත් අපගේ දූතවරුන් සඳහා වූ ප්රකාශය සැබැවින්ම පෙරටු විය. فتول عنهمحت حين
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿١٧٤﴾
අහෝ දූතය! මෙම මුරණ්ඩුකාර දේව අදේශකයින්හට නියමිත දඬුවමේ වේලාව අල්ලාහ් දන්වන තෙක් ටික කලක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. وأبصرهم فسوف يبصرون
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ﴿١٧٥﴾
ඔවුනට දඬුවම පහළ වන තෙක් ඔවුන් ගැන නුඹ විමසිල්ලෙන් සිටිනු. කිසිදු දෘෂ්ටියක් ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුන් ඒ ගැන සොයා බලනු ඇත. أ فبعذابنا يستعجلون
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿١٧٦﴾
මෙම ආදේශකයෝ අල්ලාහ්ගේ දඬුවම ඉක්මනින් පතන්නෝ ද?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ ﴿١٧٧﴾
අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඔවුන්ගේ අළුයම අවදිය විනාශ විය. وتول عنهمحت حين
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ﴿١٧٨﴾
අහෝ දූතය! අල්ලාහ් ඔවුනට දඬුවම තීන්දු කරන තෙක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. وأبصر فسوف يبصرون
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ﴿١٧٩﴾
නුඹ බලා සිටිනු. ඔවුනට අත්වන අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ විපාකය ඔවුන් මතු දකිනු ඇත
سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿١٨٠﴾
අහෝ මුහම්මද්! බලය හිමි ඔබේ පරමාධිපති සුවිශුද්ධය. දේව ආදේශකයින් කවර අඩුපාඩු සහිත ගුණාංගවලින් ඔහු ව වර්ණනා කරන්නේ ද ඔහු එයින් පිවිතුරුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ ﴿١٨١﴾
අල්ලාහ්ගේ සුබ පැතුම් හා ඔහුගේ පැසසුම් ඔහුගේ ගෞරවණීය දූතවරුන් වෙත හිමි වේවා!
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٨٢﴾
සියලු පැසසුම් සුවිශුද්ධ හා උත්තරීතර වන අල්ලාහ් සතුය. එයට සුදුස්සා ඔහු පමණ ය. ඔහු ලෝවැසියන් සියලු දෙනාගේ පරමාධිපතිය. ඔවුනට ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත