මුල් පිටුවතෆ්සීර්Yaseen (36)

තෆ්සීර් Yaseen (36) — يس

මක්කී · 83 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يسٓ ﴿١﴾

(යා, සීන්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ ﴿٢﴾

එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි

إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿٣﴾

අහෝ දූතය! සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ ගැත්තන්හට දේව ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීමට නියෝග කිරීම සඳහා ඔවුන් අතරට ඔහු විසින් එවන ලද දූතවරුන් අතරින් කෙනෙකි. عل صرط مستقيم

عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٤﴾

تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ﴿٥﴾

ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි

لِتُنذِرَ قَوْمًۭا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَـٰفِلُونَ ﴿٦﴾

සැබැවින්ම අපි එය නුඹ වෙත පහළ කළේ පිරිසකට බිය වද්දා ඔවුනට අවවාද කරනු පිණිසය. ඔවුන් වනාහි ඔවුන් වෙත අවවාද කරන දූතයකු නොපැමිණි අරාබි ජාතිකයින් වූහ. ඔවුන් දේව විශ්වාසය හා දේව ඒකීයත්වය පිළිබඳ හාස්යට ලක් කරමින් අනවධානීව සිටියෝය. ඒ ගැන අවවාද කිරීම අත්හිටුවන ලද සෑම සමූහයකම කරුණ එලෙස විය. ඒ ගැන සිහිපත් කර දෙන දූතවරුන්ගේ අවශ්යතාව ඇති විය

لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿٧﴾

අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَـٰقِهِمْ أَغْلَـٰلًۭا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ ﴿٨﴾

එම විෂයයෙහි ඔවුනට උපමාව වනුයේ ඔවුන්ගේ ගෙලවල් වටා මාංචු දමා ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග ඔවුන්ගේ නිකටට එකතු කරමින් එයට පහළින් බැඳ තබනු ලැබූවන් මෙනි. එවිට ඔවුන්ගේ හිස් අහස දෙසට එස වී بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තිබේ. ඒවා පහත් කිරීමට ඔවුනට නොහැකි වෙයි. මොවුහු අල්ලාහ්ව විශ්වාස කිරීම පහත් කොට සැලකුවෝය. එබැවින් ඔවුහු ඔහුට යටත් නොවූ අතර ඔහු වෙනුවෙන්د ඔවුන්ගේدහිස් පහත් නොකරති. وجعلنامن بينأيديهم س اومن خلفهم س افأغشينهم فهم لا يبصرون

وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّۭا وَمِنْ خَلْفِهِمْ سَدًّۭا فَأَغْشَيْنَـٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ ﴿٩﴾

සත්යයෙන් දුරස් කරන බාධකයක් ඔවුනට ඉදිරියෙන් විය. එමෙන්ම ඔවුනට පසුපසින් ද බාධකයක් විය. ඔවුන්ගේ දෘෂ්ටීන් සත්යයෙන් අපි වසන් කළෙමු. එමගින් ඔවුන් ප්රයෝජනය ලැබිය හැකි දැක්මකින් නොබලනු ඇත. ඔවුන්ගේ මුරණ්ඩුකම හෙළිවීමෙන් හා ඔවුන් දේව ප්රතික්ෂේපය මත ම නොකඩවා රැඳී සිටීමෙන් පසු ව ඔවුනට එය අත් විය

وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ ﴿١٠﴾

අහෝ මුහම්මද්! සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ මෙම දේව ප්රතික්ෂේපකයින්හට නුඹ බිය ගන්වා අවවාද කළ ද එසේ ඔවුනට නුඹ අවවාද නොකළ ද අල්ලාහ් වෙතින් නුඹ ගෙන ආ දෑ ගැන ඔවුහු විශ්වාස නොකරති

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَـٰنَ بِٱلْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍۢ وَأَجْرٍۢ كَرِيمٍ ﴿١١﴾

නුඹේ අවවාදය සැබෑ ලෙස ප්රයෝජනවත් වනුයේ මෙම කුර්ආනය සත්යය බව පිළිගෙන එහි ඇති දෑ අනුව පිළිපැද වෙනත් කිසිවෙකු නොදකින පරිදි තනි ව සිටිය දී තම පරමාධිපතිට බියවූවන්හටය. මෙම ගුණාංග ඇත්තන්හට තම පාපයන් අල්ලාහ් මකා දමන බවටත් ඒවාට ඔහු සමාව දෙන බවටත් මතුලොවෙහි අතිමහත් කුසල් ඔහු වෙනුවෙන් අපේක්ෂාවෙන් පවතින බවටත් එය ස්වර්ගයට ප්රවේශ වීමයි යන සතුටුදායක ආරංචිය දන්වා සිටිනු

إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَـٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ فِىٓ إِمَامٍۢ مُّبِينٍۢ ﴿١٢﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා මළවුන් අවදි කරවා ඔවුනට සැබැවින්ම ජීවය ලබා දෙන්නෙමු. ඔවුන් මෙලොව පෙර කළ දැහැමි ක්රියාවන් හා නපුරු ක්රියාවන් අපි සටහන් කරමු. ඔවුන් මිය ගිය පසු ඔවුනට ඉතිරිවන දෑ එනම් සදකා වැන්නකින් ඇතිවන යහපත හා දේව ප්රතික්ෂේපය වැන්නකින් ඇතිවන පාපකම් ද අපි සටහන් කරමු. සියලු දෑ පැහැදිලි ග්රන්ථයෙහි අපි ගණන් බලා තැබුවෙමු. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂක ඵලකයයි

وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَـٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ ﴿١٣﴾

මුරණ්ඩුකාර මෙම බොරුකාරයින්හට පාඩමක් වන සේ උපමාවක් ගෙන හැර පානු. එය ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ එම ගම්මාන වැසියන් කටයුතු කළ ආකාරයේ කතාවයි

إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍۢ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ ﴿١٤﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කිරීම පිණිස පළමු ව අපි ඔවුන් වෙත දහම් දූතවරුන් දෙදෙනෙකු එවූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු එම දහම් දූතවරුන් දෙදෙනාව බොරු කොට ප්රතික්ෂේප කළෝය. පසුව ඔවුන් සමග තුන්වන දූතයකු එවා ඔවුන් දෙදෙනාව අපි ශක්තිමත් කළෙමු. මෙම දූතවරුන් තිදෙනාම එම ගම්වැසියන් හට ‘සැබැවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ පිළිවෙත නුඹලා අනුගමනය කිරීම සඳහා අප නුඹලා ඇරයුම් කිරීම පිණිස අපි තිදෙනා නුඹලා වෙත එවනු ලැබූවෝ වෙමු.’ යැයි පැවසුවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَـٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ ﴿١٥﴾

එම ගම්වාසීන් එම දූතවරුන්හට, ‘නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා නුඹලාට කිසිදු විශේෂත්වයක් නැත. මහා කරුණාන්විතයාණන් නුඹලා වෙත කිසිදු දිව්ය පණිවිඩයක් පහළ කර ද නැත. නුඹලා කරන මෙම වාදයේ අල්ලාහ් මත බොරු ගොතනවාක් මිස නැත." යැයි පැවසුවෝය

قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ ﴿١٦﴾

එම ගම්වාසීන්ගේ බොරු කිරීමට ප්රතිචාර වශයෙන්, ‘අහෝ ගම්වැසියනි! සැබැවින්ම අපි නුඹලා වෙත ඔහු අබියසින් එවනු ලැබූ දූතවරු වෙමු. අපට සාධක වශයෙන් එයම ප්රමාණවත්ය.’ යැයි එම දූතවරු පවසා සිටියහ

وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿١٧﴾

"කවර කරුණක් දැනුම් දෙන්නැයි අපහට නියෝග කරනු ලැබුවේද එය නුඹලා වෙත පැහැදිලි ව දැනුම් දීම මිස වෙනත් කිසිවක් අප මත පැවරී නැත. නුඹලාට යහමඟ පිරිනැමීමේ හැකියාව අප සතු නොවන්නේය."

قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ﴿١٨﴾

ගම්වාසීහු දූතවරුන්හට, ‘නුඹලා නිසාවෙන් අප අසුභ තත්ත්වයට පත් ව ඇත්තෙමු. ඒක දේවත්වය වෙත අප ඇරයුම් කිරීමෙන් නුඹලා නොවැළකුණෙහු නම්, මිය යන තෙක්ම ගල් ගසා අපි නුඹලාට දඬුවම් කරන්නෙමු. වේදනීය දඬුවමක් අප නුඹලාට ලබා දෙන්නෙමු.’ යැයි පැවසුවෝය

قَالُوا۟ طَـٰٓئِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ ﴿١٩﴾

දූතවරු ඔවුනට ප්රතිචාර දක්වමින්, ‘නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් නුඹලාගේ අසුභත්වය නුඹලාට නියම වී ඇත. අපි අල්ලාහ් පිළිබඳ නුඹලාට මෙනෙහි කළ විට නුඹලා අසුභ තත්ත්වයට පත්වන්නෙහු ද? එසේ නොව නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීමෙහි ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය.යැයි පැවසුහ

وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌۭ يَسْعَىٰ قَالَ يَـٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ ﴿٢٠﴾

තම ජනයා දූතවරුන් බොරු කළ හේතුවෙන් හා මරා දමන මෙන් ද දඬුවම් කරන මෙන් ද ඔවුන් ඔවුනට තර්ජනය කිරීම හේතුවෙන් බිය වී ගම්මානයේ ඈත තැනක සිට මිනිසෙකු පැමිණ, ‘මාගේ ජනයිනි! මෙම දූතවරුන් ගෙන ආ දෑ නුඹලා පිළිපදිනු’ යැයි පැවසීය

ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًۭا وَهُم مُّهْتَدُونَ ﴿٢١﴾

"අහෝ මාගේ ජනයිනි! දන්වා සිටීම සඳහා ගෙන ආ දෑ වෙනුවෙන් නුඹලාගෙන් කිසිදු ප්රතිලාභයක් නොපතන ඔවුන්ව පිළිපදිනු. ඔවුහු දිව්ය පණිවිඩ හරහා අල්ලාහ් පිළිබඳ ව දන්වා සිටින දෑහි මග ලැබූවෝ වෙති. එහෙයින් කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද එවැන්නෙකු අනුගමනය කරනු ලැබීම වඩාත් අගනේය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٢٢﴾

උපදෙස් දුන් මෙම පුද්ගලයා, ‘මා මැවූ අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මා වළක්වාලනුයේ කුමක් ද? එමෙන්ම නුඹලා මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙන් නුඹලාව වළක්වාලනුයේ කුමන බාධකයක් ද? ප්රතිඵල සඳහා යළි නැගිටුවා නුඹලා ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.’ යැයි පැවසීය

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَـٰنُ بِضُرٍّۢ لَّا تُغْنِ عَنِّى شَفَـٰعَتُهُمْ شَيْـًۭٔا وَلَا يُنقِذُونِ ﴿٢٣﴾

"මා මැවූ අල්ලාහ් හැර කිසිදු යුක්ති ධර්මතාවකින් තොර ව නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් මා ගන්නෙම් ද? කරුණාන්විතයාණන් යම් නපුරක් මා වෙත අභිමත කරන්නේ නම් ඒ සඳහා මා වෙනුවෙන් මැදිහත් වීමට එම දෙවිවරුන්ට නොහැකිය. මට සෙතක් හෝ හානියක් කිරීමට ඔවුනට නුපුළුවන. දේව ප්රතික්ෂේපය මත මා මිය ගියේ නම් අල්ලාහ් මට අභිමත කළ නපුරෙන් මා ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකිය

إِنِّىٓ إِذًۭا لَّفِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٢٤﴾

සැබැවින්ම මා අල්ලාහ් හැර නැමදුම් ලබන්නන් වශයෙන් ඔවුන් ගත් විට, සැබැවින්ම මා නැමදුමට සුදුසු නොවන අය නැමදීමෙන් හා නැමදුමට සුදුස්සාට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් පැහැදිලි වරදක වැටෙනු ඇත

إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ ﴿٢٥﴾

"අහෝ ජනයිනි! මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වන අප සියලු දෙනාගේ පරමාධිපති ව මම විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු. මා මරණ බවට නුඹලා මට කරන තර්ජනය පිළිබඳ මම නොතකමි." යැයි පැවසීය. නමුත් ඔහුගේ ජනයා ඔහු ව ඝාතනය කළේය. අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළේය

قِيلَ ٱدْخُلِ ٱلْجَنَّةَ ۖ قَالَ يَـٰلَيْتَ قَوْمِى يَعْلَمُونَ ﴿٢٦﴾

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මා විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය

بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ ٱلْمُكْرَمِينَ ﴿٢٧﴾

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මම විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය

۞ وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍۢ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ﴿٢٨﴾

ඔහු ව බොරු කොට ඔහු ව ඝාතනය කළ ඔහුගේ ජනයා විනාශ කිරීමේදී අහසින් පහළ වන මලක්වරුන්ගෙන් වූ සේනාවක් අපි පහළ නොකළෙමු. සමූහයක් විනාශ කරන විට ඔවුන් වෙත මලක්වරුන් පහළ කරන්නන් ලෙස අපි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොසිටියෙමු. ඔවුන්ගේ කරුණ ඊටත් වඩා අප අබියස පහසු දෙයක් විය. ඔවුන් විනාශ කිරීම සඳහා දඬුවමේ මලක්වරුන් පහළ කිරීමෙන් තොරව අහසින් වූ මහා හඬකින් ඔවුන්ගේ විනාශ සිදු කිරීමට අපි බලය දැරුවෙමු. إن كانت إلا صيحة وحدة فإذا هم خمدون

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ خَـٰمِدُونَ ﴿٢٩﴾

ඔහුගේ සමූහයාගේ විනාශය අප එවූ එකම එක් හඬකින් මිස නොවීය. එවිට ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි නොවී විනාශ වූහ. ඔවුනට උපමාව දැල්වූ ගින්නක් නිවී ගොස් එයට කිසිදු සළකුණක් ඉතිරි නොවී පවතින්නාක් මෙන් විය

يَـٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٣٠﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරුකාර ගැත්තන් දඬුවම දෑසින් දකින විට ඔවුනට අත්වන විනාශයේ තරම! එයට හේතුව සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිටිය දී අල්ලාහ් වෙතින් දූතයකු ඔවුන් වෙත පැමිණි විට ඔහුට සරදම් කරමින් හා ඔහු ව හාස්යයට ලක් කරමින් සිටි බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දෙසින් ඔවුන් සිදු කළ වැරදි සඳහා ඔවුන්ගේ අවසානය ඛේදයක්ම විය

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ ﴿٣١﴾

දූතවරුන් අපහාසයට ලක් කරමින් ඔවුන්ව බොරුකළවුන් ඔවුනට පෙර සමූහයන් තුළ පාඩම් නොදුටුවෝද? සැබැවින්ම ඔවුන් මිය ගියෝය. නැවත වතාවක් මෙලොවට ඔවුන් පැමිණියේ නැත. නමුත් ඔවුන් පෙර සිදු කළ ක්රියාවන් වෙත ඔවුන් ගමන් කර ඇත. ඒ සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනුل ඇත. ون ك لما جميع لدينا محضرون

وَإِن كُلٌّۭ لَّمَّا جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ﴿٣٢﴾

කිසිදු ව්යතිරේකයෙන් තොරව සියලු සමූහයන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන්بඅවදි කිරීමෙන් පසු ව අප ඉදිරියේ පෙනී සිටින්නන් මිස නැත

وَءَايَةٌۭ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَـٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّۭا فَمِنْهُ يَأْكُلُونَ ﴿٣٣﴾

සැබැවින්ම යළි අවදි කරනු ලැබීම බොරු කරන්නන්හට සැබැවින්ම යළි අවදි කිරීම සැබෑවක් ලෙස පෙන්වා දෙන සළකුණක් වනුයේ, වියළී වඳ වී ගිය භූමියයි. අපි ඒ මත අහසින් වර්ෂාව පහළ කළෙමු. පසු ව එහි විවිධ පැලෑටි වර්ග අපි හටගැන්වීමු. මිනිසුන් අනුභව කරනු පිණිස විවිධ වර්ගයේ ධාන්යය එහි අපි මතු කරන්නෙමු. වර්ෂාව පහළ කර, පැලෑටි හට ගැන්වීම තුළින් මෙම භූමිය ජීවමාන කරන්නා, මියගියවුන්ට යළි ජීවය දීමටත් ඔවුන් නැවත නැගිටුවීමටත් බලය ඇත්තාය

وَجَعَلْنَا فِيهَا جَنَّـٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَـٰبٍۢ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ ﴿٣٤﴾

අප පහළ කළ වැසි ජලය මෙම මහපොළොවේ ගලා යන්නට සලස්වා ඉඳි හා මිදිවලින් යුත් වතුයායන් අපි ඇති කළෙමු. එතුළ ජල උල්පත් හා ජලය සම්පාදනය කරන දෑ අපි මතු කළෙමු

لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ ﴿٣٥﴾

ජනයා මෙම වතුවල පළවගාවෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ දෑ අනුභව කරනු පිණිසය. එහි ඔවුනට කිසිදු කැපවීමක් නොවීය. එහෙයින් ඔහුගේ මෙම ආශිර්වාද සඳහා ඔහුට පමණක් ගැතිකම් කොට ඔහුගේ දූතවරුන් විශ්වාස කරමින් ඔවුන් අල්ලාහ්ට ගුණ ගරුක විය යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

سُبْحَـٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ ﴿٣٦﴾

ගස් හා පැලෑටි අතරින් විවිධ වර්ග ද මිනිස් ආත්ම අතරින් පිරිමියා හා කාන්තාව යනාදී ලෙස මිනිස් වර්ගයා ද මහ පොළොවේ හෝ මහ මුහුදේ හෝ වෙනත් තැන්වල හෝ මිනිසා නොදන්නා අල්ලාහ්ගේ වෙනත් මැවීම් ද බිහිකළ අල්ලාහ් පිවිතුරුය. අති උත්තරීතරය

وَءَايَةٌۭ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ ﴿٣٧﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය මිනිසුනට පෙන්වා දෙන සාධකයක් වනුයේ සැබැවින්ම අපි රාත්රිය දහවලින් වෙන් කරමින් දහවල පහ කොට රාත්රිය පැමිණීමට සැලැස්වීමය. එමෙන්ම අපි දහවල පහව යෑමෙන් පසු අන්ධකාරය ගෙන එන්නෙමු. එවිට ජනයා අන්ධකාරය තුළට පිවිසෙන්නෝ වෙති

وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّۢ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿٣٨﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සළකුණක් වනුයේ නියමිත ස්ථානයක් වෙත ගමන් කරමින් සිටින මෙම සූර්යයාය. අල්ලාහ් එහි ප්රමාණය දනී. එය අබිබවා එයට යා නොහැක. එම ප්රමාණය තක්සේරු කිරීම කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ගේ තක්සේරුවකි. ඔහු වනාහි තම මැවීම් අතරින් කිසිදු කරුණක් තමන්ට සැඟවී නොයන මහත් ඥානීය

وَٱلْقَمَرَ قَدَّرْنَـٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ ﴿٣٩﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සංඥාවක් වනුයේ සෑම රාත්රියකම නියමිත ස්ථානයක් එයට අප නියම කළ සඳුය. එය සිහින් ව පටන් ගෙන පසු ව වැඩී පසු ව නැවතත් කුඩා වී එහි සිහින්බව වක්රය හා පැවැත්මෙහි මවිතය ද්වන පරිදිلරට ඉඳි කෙන්දක ප්රමාණයට පත් වන තරමට සිහින් වී යයි

لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ ۚ وَكُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ﴿٤٠﴾

හිරු, සඳු ,රාත්රිය, දහවල යනාදියෙහි සළකුණු අල්ලාහ්ගේ තක්සේරු කිරීම් අනුව ඒවා ප්රමාණ කොට ඇත. ඔහු ඒවාට තක්සේරු කළ දෑ ඉක්මවා යන්නේ නැත. හිරුගේ ගමන් මග වෙනස් කරමින්, එහි ආලෝකය ඉවත් කරමින්, සඳු සමග එයට එක්විය නොහැක. එමෙන්ම දහවල අබිබවා ගොස් එහි නියමිත වේලාව අවසන් වීමට පෙර රාත්රියට ඒ තුළ පිවිසීමට නොහැක. ග්රහලෝක මෙන්ම මන්දාකිණි ඇතුළු වසග කරන ලද සියලු මැවීම් සඳහා අල්ලාහ් විසින් තක්සේරු කරන ලද, ඔහු විසින් ආරක්ෂා කරන ලද ඒවාටම නියම වූ ගමන් මාර්ග පත ඇත

وَءَايَةٌۭ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿٤١﴾

එමෙන්ම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ ගැත්තන්හට ඔහු පිරිනැමූ ආශිර්වාදයන් පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ කාලයේ ආදම්ගේ පරපුරු මහා ජලගැල්මෙන් මුදවා අල්ලාහ්ගේ මැවීම් පුරවන ලද නැව තුළට ගොඩ නංවා අප ඔවුන් ඉසිලීමය. සැබැවින්ම එහි සෑම ජෝඩුවක්ම උසුලන්නට අල්ලාහ් සැලැස්වූයේය. وخلقنا لهم من مثله ما يركبون

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ ﴿٤٢﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ඔහුගේ ගැත්තන්හට පිරිනමා තිබෙන ආශිර්වාද ගැන ඔවුනට පෙන්වා දෙන තවත් සලකුණක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ නැව මෙන් බෝට්ටු වැනි දෑ ඔවුන් වෙනුවෙන් අප මවා තිබීමය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وإن نشأ نغرقهم فلا صريخلهم ولا هم ينقذون

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ ﴿٤٣﴾

ඔවුන් ගිල්වීමට අපි සිතුවේ නම් අපි ඔවුන්ව ගිල්වන්නට තිබුණි. අපි ඔවුන් ගිල්වන්නට සිතුවේ නම් ඔවුනට උදව් කරන්නට කිසිදු උදව් කරුවකු නොවනු ඇත. එමෙන්ම අපගේ නියෝගය හා තීරණය පරිදි ඔවුන් දියෙහි ගිලුනු විට ඔවුන්ව මුදවා ගන්නට කිසිදු මුදවාලන්නෙකු නොවනු ඇත. إلا رحمة منا ومتعا إلى حين

إِلَّا رَحْمَةًۭ مِّنَّا وَمَتَـٰعًا إِلَىٰ حِينٍۢ ﴿٤٤﴾

කෙසේ වෙතත් දියේ ගිලීමෙන් ඔවුන් මුදවාගෙන නැවතත් ඔවුන් ගෙන්වා ඔවුනට ඉක්මවා යා නොහැකි නියමිත කාලයක් දක්වා ජීවත් වන්නට අපි ඔවුනට කරුණා කළෙමු. එය ඔවුන් පාඩම් ලබා විශ්වාසය ඇති කරගනු පිණිසය

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿٤٥﴾

දේව විශ්වාසය ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින්හට මෙසේ පවසන ලදී. ‘අල්ලාහ්ගේ කරුණාව ඔහු නුඹලාට පිරිනැමීමේ දැහැමි බලාපොරොත්තුවෙන් මතු ලොව කටයුතු අතරින් නුඹලා ඉදිරිපත් කරන දෑ ගැන හා එහි ඇති දරුණුකම ගැන ප්රවේසම් වනු. එමෙන්ම පසු කර එන මෙලොව ගැන ද ප්රවේසම් වනු.’ ඔවුහු ඒ සඳහා අවනත නොවූවෝය. ඒ ගැන සැලකිලිමත් නොවී, ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. وما تأتيهم من ءاية من ءايت ربهم إلا كانواعنها معرضين

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَـٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿٤٦﴾

මේ මුරණ්ඩුකාර දේව ආදේශකයින් වෙත අල්ලාහ්ගේ ඒකීයත්ව පෙන්වා දෙන ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම තහවුරු කරන සංඥාවන් ඔවුන් පැමිණි සෑම අවස්ථාවකම. ඒ ගැන සැලකිලිමත් නොවෙමින් ඔවුහු ඒවා පිටුදකින්නෝ වූහ

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٤٧﴾

فى ضلل مبين ‘අල්ලාහ් නුඹලාට පෝෂණය කළ ධනයෙන් නුඹලා දිළිඳුන් හා දුප්පතුන්ට උපකාර කරනු’යි එම මුරණ්ඩුකාරයින් හට කියනු ලැබූ විට, ඔවුන් එය හෙළා දකිමින් දෙවියන් මත විශ්වාස කළවුනට මෙසේ ප්රතිචාර දැක්වූවෝය. ‘අල්ලාහ් කවරෙකුට ආහාර සැපයීම සඳහා අභිමත කර ඇත්තේ ද ඔහුට ආහාර ඔහුම සපයනු ඇත. එවන් අයට අපි ආහාර සැපයිය යුතුද? එහෙයින් අපි ඔහුගේ අභිමතයට විරුද්ධ නොවෙමු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා පැහැදිලි වරදෙහි හා සත්යයෙන් දුරස් වී මිස නැත

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤٨﴾

නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ එය බොරු කරමින් හා ඉන් දුරස් වෙමින්, ‘අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම එය සිදු වන බවට නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම කවදා ද? යැයි විමසති. ما ينظرون إلا صيحة وحدة تأخذهم وهم يخصمون

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ ﴿٤٩﴾

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන, එය දුරින් ඇත්තක් යැයි සිතන මොවුන්, හොරණෑවෙහි පළමු පිඹීම පිඹිනු ලැබීම මිස වෙනකක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් මෙලොවෙහි ගනු දෙනු කිරීම, ජලය සැපයුම මෙහෙයවීම හා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වෙනත් ලෞකික කටයුතුවල කාර්යය බහුල ව සිටිය දී එම හඬ ඔවුන් වෙළා ගනු ඇත

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةًۭ وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ ﴿٥٠﴾

එම හඬ ඔවුන් කම්පනයට පත් කරන අවස්ථාවේ ඔවුන් එකිනෙකා අනෙකාට උපදෙස් දීමට අපොහොසත් වන අතර ඔවුන්ගේ නිවෙස්වලට හා ඔවුන්ගේ පවුල්වලට ඔවුන් නැවත හැරී යාමටද අපොහොසත් වනු ඇත. ඔවුන් කවර කරුණක කාර්යබහුලව සිටියේ ද එම තත්ත්වයේම ඔවුන් මරණයට පත් වනු ඇත

وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ ﴿٥١﴾

මළවුන් යළි අවදි කිරීම පිණිස දෙවන පිඹුම හොරණෑවෙහි පිඹිනු ලබන විට ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ මිනීවළවල්වලින් බැහැර වී ඔවුන්ගේ පරමාධිපති වෙත පිටත්ව යති. විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුහු යුහුසුළු වෙති

قَالُوا۟ يَـٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَـٰذَا مَا وَعَدَ ٱلرَّحْمَـٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ ﴿٥٢﴾

යළි අවදි කරනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ප්රතික්ෂේපකයෝ පසුතැවිලි වෙමින්, ‘අහෝ අපගේ විනාශය! අපගේ මිනීවළවල්වලින් අප ව අවදි කළේ කවුරුන්දැ?’යි විමසති. ඔවුන්ගේ ප්රශ්නයට, ‘අල්ලාහ් ප්රතිඥා දුන් දෑ මෙයයි. දූතවරු තම පරමාධිපති විසින් ඒ ගැන දන්වා සිටි දෑ හි සත්යය බව පවසා සිටි දෑ මෙයයි. එහෙයින් සැබැවින්ම එය සිදුවීම අවශ්යය විය.’ යැයි පිළිතුරු වශයෙන් කියනු ලැබේ. إن كانت إلا صيحة وحدة فإذا هم جميع لدينا محضرون

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ﴿٥٣﴾

මිනීවළවල් වලින් යළි අවදි කිරීමේ කරුණ හොරණෑවෙහි දෙවන වර පිඹීමෙන් ඇතිවන බලපෑමක් මිස නැත. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම් අප ඉදිරියේ සම්මුඛ කරනු ලබනු ඇත

فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٥٤﴾

එදින තීන්දුව යුක්ති ධර්මය අනුව පිහිටනු ඇත. අහෝ ගැත්තනි! නුඹලාගේ පාපකම් වැඩි කරමින් හෝ නුඹලාගේ යහකම් අඩු කරමින් හෝ කිසිවකින් හෝ නුඹලාට අසාධාරණකම් සිදු නොවනු ඇත. නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබනුයේ මෙලොව ජීවිතයේ නුඹලා සිදුකරමින් ආ දෑ සඳහා පමණි

إِنَّ أَصْحَـٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍۢ فَـٰكِهُونَ ﴿٥٥﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ස්වර්ගවාසීන් සදාතනික සුවපහසුකම් හා අතිමහත් ජයග්රහණය දෑසින් දකින කල්හි සෙසු අය ගැන කල්පනා කර බැලීමෙන් ඔවුන් කාර්යයබහුල වනු ඇත. ඔවුහු එහි සතුටින් ප්රීති වෙති

هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَـٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ ﴿٥٦﴾

සශ්රික ස්වර්ග උයනෙහි හෙවණට පහළින් කවිච්චි මත හාන්සි වී ඔවුන්ගේ බිරියන් සමග ඔවුහු පහස විදිමින් සිටිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් لهم فيها فكهة ولهم ما يدعون

لَهُمْ فِيهَا فَـٰكِهَةٌۭ وَلَهُم مَّا يَدَّعُونَ ﴿٥٧﴾

එම ස්වර්ග උයනෙහි මිදි, අත්තික්කා, දෙළුම් වැනි විවිධ නැවුම් පළතුරු ඔවුනට ඇත. එමෙන්ම ඔවුන් පතන සියලු ආකාරයේ ආශාවන් හා විවිධ සැප පහසුකම් ඔවුනට ඇත. ඔවුන් ඒවා පතන විට ඔවුනට ඇති වන්නේය. سلم قولا من رب رحيم

سَلَـٰمٌۭ قَوْلًۭا مِّن رَّبٍّۢ رَّحِيمٍۢ ﴿٥٨﴾

මෙම සැප පහසුකම් වලට වඩා ඉහළින් ඔවුනට සලාම් අත් වන්නේය. එය කරුණාන්විත පරමාධිපතියාණන්ගෙන් වූ ප්රකාශයක් වශයෙන් ඔවුනට හිමි වන්නකි. ඔහු ඔවුනට සලාම් පැවසූ විට ඔවුනට සියලුම ආකාරයේ සලාම් -ශාන්තිය- ඇති වන්නේය. තවද ඔවුනට වෙනත් කිසිදු ඉහළ පිළිගැනීමක් නැති පිළිගැනීමක් ඔවුනට හිමි වන්නේය

وَٱمْتَـٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ ﴿٥٩﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින්හට, ‘නුඹලා දේව විශ්වාසීන්ගෙන් වෙන් ව යනු. ඔවුන් නුඹලා සමග සිටීම ඔවුනට සුදුසු නොවන්නේය. ඊට හේතුව ඔවුන්ගේ ප්රතිඵල සමග නුඹලාගේ ප්රතිඵල ද ඔවුන්ගේ ගුණාංග සමග නුඹලාගේو ගුණාංග ද එකිනෙකට වෙනස් වන බැවිණි

۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَـٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَـٰنَ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿٦٠﴾

මාගේ දූතවරුන්ගේ දිවවල් වලින් නුඹලාට මම උපදෙස් නොදුන්නෙම් ද? නුඹලාට නියෝග නොකළෙම් ද? ‘ආදම්ගේ දරුවනි! නන් අයුරින් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත වෙමින් ෂෙයිතාන්ට නුඹලා අවනත නොවනු. සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සතුරුකම පැහැදිලි වූ සතුරෙකි. තම සතුරුකම හෙළිදක්වන තම සතුරාව, බුද්ධිමතෙක් විසින් අනුගමනය කළ හැක්කේ කෙසේ ද? යැයි මම නුඹලාට නොපැවසුවෙම් ද?

وَأَنِ ٱعْبُدُونِى ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٦١﴾

අහෝ ආදම්ගේ දරුවනි! මට පමණක් නුඹලා නමදින මෙන් ද, කිසිවක් මට ආදේශ නොකරන මෙන් ද මම නුඹලාට නියෝග කළෙමි. මට පමණක් නැමදීමත් අවනත වීමත් මාගේ තෘප්තියට හා ස්වර්ගයට ප්රවේශවීමට සලසන ඍජු මාර්ගයයි. නමුත් මම නුඹලාට උපදෙස් දුන් දෑ හා මම නුඹලාට නියෝග කළ දෑ නුඹලා විසින් පිළිපදිනු නො ل ලැබුවෙහුය

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّۭا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ ﴿٦٢﴾

සැබැවින්ම ෂෙයිතාන් නුඹලා අතරින් බොහෝමයක් මැවීම් නොමග හැරියේය. නුඹලාගේ පරමාධිපතිට අවනත වන මෙන් ද ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ද නුඹලාට නියෝග කරන බුද්ධියක් නුඹලාට නොවී ද? නුඹලාට සතුරුකම පැහැදිළි වූ සතුරා වන ෂෙයිතාන්ට අවනත වීමෙන් නුඹලා ප්රවේසම් විය යුතු නොවේ ද?

هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ﴿٦٣﴾

මෙය නුඹලා මෙලොවෙහි ප්රතික්ෂේප කරමින් සිටි දෑ සඳහා නුඹලාට ප්රතිඥා දෙනු ලබමින් තිබූ නිරයයි. එය නුඹලාට ගුප්ත ව පැවතිණ. අද දින නුඹලා එය දෑසින්ම දැක ගන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿٦٤﴾

නුඹලාගේ මෙලොව ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් අද දින නුඹලා එහි පිවිසෙනු. එහි උණුසුම විඳවනු

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿٦٥﴾

අද දින ඔවුන්ගේ මුවවල් වලට අපි මුද්රා තබමු. ඔවුන් නියැලී සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දකිමින් ඔවුනට කතා කළ නොහැකි පරිදි ගොළුවන් බවට ඔවුන් පත් වනු ඇත. ඔවුන්ගේ අත් මෙලොව සිදු කළ දෑ සම්බන්ධයෙන් අප සමග කතා කරයි. එමෙන්ම පාපකම් සිදුකරමින් තිබූ ඒ වෙත ගමන් කරමින් තිබූ ඔවුන්ගේ පාද සාක්ෂි දරයි

وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ ﴿٦٦﴾

ඔවුන්ගේ බැල්ම ඉවත් කරන්නට අපි අභිමත කරන්නේ නම් අපි එය ඉවත් කරන්නට තිබුණි. එවිට ඔවුනට බැලිය නොහැකි වන්නේය. එහෙයින් එයින් ඔවුන් පාඩම් ලබා ස්වර්ගය වෙත වූ මාර්ගය සොයා වෙහෙස දරනු ඇත. නමුත් ඔවුන් පාඩම් ලැබීමෙන් දුරස් විය. ඔවුන්ගේي බැල්ම පහව ගියේය

وَلَوْ نَشَآءُ لَمَسَخْنَـٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَـٰعُوا۟ مُضِيًّۭا وَلَا يَرْجِعُونَ ﴿٦٧﴾

ඔවුන්ගේ ස්වරූපය වෙනස් කිරීමට හා ඔවුන්ගේ පාද මත ම ඔවුන් වැතිර සිටින්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්වරූපය වෙනස් කොට ඔවුන්ගේ පාද මත ඔවුන් වැතිරෙන්නට අපි සලස්වමු. එවිට ඔවුන්ගේ ස්ථානය වෙත යෑමට ඔවුනට නොහැකි වනු ඇත. එමෙන්ම ඔවුන් ඉදිරියට යෑමට හෝ පසුපසට හැරී ඒමට හෝ අපොහොසත් වනු ඇත

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ ﴿٦٨﴾

ජනයා අතරින් අපි කවරෙකුට ජීවිතයේ ආයු කාලය දීර්ග කළෙමු ද අපි ඔහු දුර්වල අදියරය වෙත යොමු කරන්නෙමු. එහෙයින් ඔවුන් ඔවුන්ගේ බුද්ධියෙන් සිතා බලා සැබැවින්ම මෙලොව නිවහන සදාතනික සදාකල් පවතින නිවහනක් නොවන බවත් සැබැවින්ම සදා පවතින නිවහන මතුලොව නිවහන බවත් දැනගත යුතු නොවේ ද?

وَمَا عَلَّمْنَـٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ وَقُرْءَانٌۭ مُّبِينٌۭ ﴿٦٩﴾

අපි මුහම්මද්ට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාව්ය ශාස්ත්රය ඉගැන්වූයේ නැත. එය ඔහුගේ පුරුද්දක් නො වුනු බැවින් එය ඔහුට අවශ්ය ද නො වීය. සැබැවින්ම ඔහු කවියෙකු යැයි වාද කිරීමට නුඹලාට හැකි වන පරිදි එය පුහුණු කිරීමට ද ඔහුට අවශ්ය නොවීය. අපි ඔහුට ඉගැන්වූ දෑ සිතා බලන්නන්හට පැහැදිලි පාරායනයක් හා මෙනෙහි කිරීමක් මිස නැත. ي

لِّيُنذِرَ مَن كَانَ حَيًّۭا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٧٠﴾

තීක්ෂණ බුද්ධියක් සහිත හදවතින් ජීවත් වන අයට ඔහු අවවාද කරනු පිණිසය. ඔහු එමගින් ප්රයෝජනය ලබන අතර දේව ප්රතික්ෂේපකයින්හට දඬුවම නියම කරනු ඇත. ඔවුන් වෙත එය පහළ කිරීමෙන් හා ඔවුන් වෙත එහි ඇරයුම දන්වා සිටීමෙන් ඔවුනට සාධක ඉදිරිපත් කළ කල්හි ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කරන කිසිදු කරුණක් ඔවුනට ඉතිරි නොවීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَـٰمًۭا فَهُمْ لَهَا مَـٰلِكُونَ ﴿٧١﴾

ඔවුන් වෙනුවෙන් සැබැවින්ම අපි ගොවිපළ සතුන් මවා තිබීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එම ගොවිපළ සතුන්ගේ කටයුතු සඳහා භාරකරුවෝ වූහ. ඔවුනට යහපත සලසන දෑ අනුව ඔවුහු උන් සම්බන්ධයෙන් ගනුදෙනු කරති. وذللنها لهم فمنها ركوبهم ومنها يأكلون

وَذَلَّلْنَـٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ ﴿٧٢﴾

සැබවින්ම අපි ඒවා ඔවුනට වසඟ කර දුනිමු. ඔවුනට යටත් වන්නන් බවට පත් කළෙමු. උන්ගේ පිටවල් මත නැග ඔවුහු ගමන් කරති. ඔවුන්ගේ භාණ්ඩ ප්රවාහන කරති. උන් ඇතැමෙකුගේ මාංශ ඔවුහු අනුභව කරති

وَلَهُمْ فِيهَا مَنَـٰفِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ ﴿٧٣﴾

උන්ගේ පිටවල් මත ගමන් කිරීම හා උන්ගේ මාංශ අනුභව කිරීම පමණක් නොව උන්ගේ ලෝම, උන්ගේ හම, උන්ගේ මේදය වැනි වෙනත් ප්රයෝජන ද උන් තුළ නුඹලාට ඇත. එමගින් ඔවුන් ඇතිරිලි හා වස්ත්ර තනා ගනිති. උන්ගේ කිරි පානය කිරීමෙන් උන් තුළ ඔවුනට පානය ද ඇත. මෙම ආශිර්වාදය හා වෙනත් ආශිර්වාද ඔවුනට පිරිනැමූ අල්ලාහ්ට ඔවුන් කෘතඥ විය යුතු නොවේ ද?

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لَّعَلَّهُمْ يُنصَرُونَ ﴿٧٤﴾

දේව ආදේශකයෝ සැබැවින්ම ඔවුනට උදව් කරනු ඇත, අල්ලාහ්ගේ දඬුවමින් මුදවාගනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය. لا يستطيعون نصرهم وهم لهم جند محضرون

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌۭ مُّحْضَرُونَ ﴿٧٥﴾

එසේ ඔවුන් ගත් එම දෙවිවරුන් ඔවුනට උදව් කිරීමට අපොහොසත් වෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින කිසිවකුගේ උදව්වක් ඔවුනට නැත. ඔවුන් හා ඔවුන්ගේ පිළිම යන සියල්ල දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති. ඔවුන් සෑම කෙනෙකුම අනෙකාගෙන් මිදෙන්නට බලනු ඇත

فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ﴿٧٦﴾

‘සැබැවින්ම නුඹ එවනු ලැබූ දූතයකු නොවේ.’ එසේ නැතහොත් ‘සැබැවින්ම නුඹ කවියෙකි’ යැයි හෝ ඔවුන් කරන වෙනත් බරපතළ චෝදනා ගැන වූ ඔවුන්ගේ ප්රකාශ නුඹ ව දුකට පත් නොකළ යුතුයි. ඒ පිළිබඳ ඔවුන් සඟවමින් සිටින දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබවින්ම අපි දනිමු. ඉන් කිසිවක් අපට සැඟවෙන්නේ නැත. ඒ සඳහා අපි ඔවුනට ප්රතිවිපාක පිරිනමන්නෙමු

أَوَلَمْ يَرَ ٱلْإِنسَـٰنُ أَنَّا خَلَقْنَـٰهُ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ﴿٧٧﴾

මියගිය පසු යළි අවදි කරනු ලැබීම හෙළා දකින මිනිසා, සැබැවින්ම අපි ඔහු ව ශුක්රාණුවෙන් මවා, පසු ව දරුවකු බවට පත් ව හැදී වැඩෙන තෙක් විවිධ අදියරයන් පසු කර යන්නට සලස්වා, පසු ව ඔහු අධික ලෙස තර්ක විතර්ක කිරීම ගැන සිතා නොබැලුවේ ද? නැවත නැගිටුවනු ලැබීම සිදුවීමට ඉඩ ඇතැයි එමගින් සාධක කර ගන්නට ඒ දෙස ඔහු බැලිය යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَضَرَبَ لَنَا مَثَلًۭا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَـٰمَ وَهِىَ رَمِيمٌۭ ﴿٧٨﴾

එම දේව ප්රතික්ෂේපකයා ඒ ගැන නොසලකා හැරියේය. නැවත නැගිටුවීම විය හැක්කක් බව දිරාගිය අස්ථි තුළින් සාධක කර ගන්නට අඥාන වී ඒවා නැවත ගෙන එන්නේ කවුරුන්දැ?යි විමසා සිටියි. නැති දෙයකින් ඔහු ඔහුව මවා තිබීම ඔහුට ගුප්ත වී ඇත

قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍۢ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ﴿٧٩﴾

අහෝ මුහම්මද්! ඔහුට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. ‘දිරාපත් වී ගිය මෙම අස්ථි මුල්වරට මැවූ අය ඒවාට යළි ජීවය දෙනු ඇත. කවරෙකු ඒවා මුල් වරට මැව්වේ ද ඒවාට යළි ජීවය දෙන්නට ඔහු අපොහොසත් වන්නේ නැත. ඔහු සියලු මැවීම් පිළිබඳ මැනවින් දන්නා සුවිශුද්ධයාණන්ය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًۭا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ﴿٨٠﴾

අහෝ ජනයිනි! තෙත් සහිත අමු ගසින් නුඹලා මතු කරගන්නා ගින්දර නුඹලාට ඇති කළේ ඔහුය. එවිට නුඹලා එමගින් ගිනි දල්වා ගන්නෙහුය. එකිනෙකට පටහැනි විරුද්ධ දෙකක් අතර එනම් අමුගසෙහි ජල තෙතමනය හා එහි අවුලන ගින්න අතර එක් කළ ඔහු මළවුනට යළි ජීවය ලබා දෙන්නට බලය ඇත්තාය

أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ ﴿٨١﴾

අහස් හා මහපොළොව ඒ දෙක තුළ ඇති බලවත් දෑ මත මැවූ ඔහු මියගිය පසු මළවුනට යළි ජීවය දෙන්නට බලය ඇත්තා නොවේ ද? එසේය. ඒ සඳහා ඔහු බලය දරන්නාය. සියලු මැවීම් මැවූ ඔහු මහා මැවුම්කරුය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿٨٢﴾

නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ කරුණ නම් සැබැවින්ම ඔහු යමක් ඇති කිරීමට සිතූ විට එයට ‘කුන්’ -වනු- යැයි පැවසීම පමණි. එවිට ඔහු අභිමත කරන එම කරුණ සිදුවනු ඇත. ජීවය ලබා දීම, මරණයට පත් කිරීම යළි නැගිටුවීම හා ඒ හැර වෙනත් දෑ ද ඔහු අපේක්ෂා කරන දෑ අතරින් වේ

فَسُبْحَـٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٨٣﴾

දේව ආදේශකයෝ අල්ලාහ්ට ආරෝපණය කරන නොහැකියාව යන ගුණාංගයෙන් ඔහු පිවිතුරුය සුවිශුද්ධය. සියලු කරුණුවල අයිතිය හා ආධිපත්යය ඔහු සතුය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. සියලු දෑහි යතුරු ඔහු අතෙහි ඇත. මතුලොවෙහි නුඹලා යොමු වනුයේ ඔහු වෙත පමණි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Yaseen — يس

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා