මුල් පිටුවතෆ්සීර්Faatir (35)

තෆ්සීර් Faatir (35) — فاطر

මක්කී · 45 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍۢ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١﴾

ى කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු ඔහුගේ බලාත්මක නියෝග ක්රියාත්මක කරන දූතවරුන් බවට මලක්වරුන් පත් කළේය. නබිවරුන්හට දිව්ය පණිවිඩ ලඟා කළ අය ද ඔවුන් අතර වෙති. කවර කරුණක් විශ්වාසයෙන් යුතු ව ඔවුනට පවරනු ලැබුවේ ද එය ඉටු කිරීම සඳහා ඔහු ඔවුනට ශක්තිය ලබා දී ඇත. ඔවුන් අතරින් පියාපත් දෙකක්, තුනක් හා හතරක් බැගින් යුත් අය ද සිටිති. ඔහු අණ කරන දෑ ක්රියාත්මක කිරීම සඳහා ඒවා මගින් ඔවුහු පියාසර කරති. මැවීමෙහි අල්ලාහ් අභිමත කරන පරිදි ශරීර අංග හැඩ අලංකාරය හා හඬ අමතර වශයෙන් පිරිනමනු ඇත. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක

مَّا يَفْتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍۢ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُۥ مِنۢ بَعْدِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢﴾

සියලු දෑහි යතුරු අල්ලාහ් සතුය. ඔහු ජනයාට කවර පෝෂණයක්, මග පෙන්වීමක්, ප්රීතියක් මෙන්ම අනෙකුත් ආශිර්වාදයන් විවෘත කර දුන්නේ ද එය වැළැක්වීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු කවර දෙයක් වළක්වන්නේ ද ඔහුට එය වැළැක්වීමෙන් පසු ව ඔහු වෙත එය ලබා දීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු වනාහි කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَـٰلِقٍ غَيْرُ ٱللَّهِ يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٣﴾

فأ نى تؤفكون අහෝ ජනයිනි! අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාදවලට නුඹලාගේ හදවත් හා නුඹලාගේ දිවවල් වලින් මෙනෙහි කොට නුඹලාගේ ශරීර අංගවලින් ක්රියා කොට නුඹලා ඔහු සිහිපත් කරනු. නුඹලා මත වර්ෂාව පහළ කරමින් අහසින් පෝෂණය ලබා දෙන මහපොළොවේ පලතුරු, ගොයම් හා එවැනි වෙනත් දෑ හටගන්වමින් මහපොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවකු නුඹලාට සිටිත් ද? ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. මින් පසුවත් නුඹලා සත්යයෙන් හැරී ගොස් අල්ලාහ් මත බොරු ගොතා සැබවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේ ද? නුඹලා මවා නුඹලාට පෝෂණය පිරිනමන්නේ ඔහු ම ය

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿٤﴾

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. තම සමූහයා විසින් බොරු කරනු ලැබූ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර විසූ ආද් සමූද් හා ලූත්ගේ ජනයා වැනි අයවලුන් විසින් ද නබිවරුන් බොරු කරනු ලැබූහ. සියලු කටයුතු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. එහෙයින් ඔහු බොරුකාරයින් විනාශ කර දමා තම දූතවරුන් හා දේව විශ්වාසීන්ටقජය ලබා දෙනු ඇත

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿٥﴾

අහෝ ජනයිනි! විනිශ්චය කරනු ලබන දිනයේ නැවත නැගිටුවනු ලැබීම, ප්රතිඵල පිරිනැමීම වැනි දැයින් අල්ලාහ් කවර කරුණක් නුඹලාට ප්රතිඥා දුන්නේ ද එය කිසිදු සැකයකින් තොරව සත්යයක්ම වන්නේය. මෙලොව ජීවිතයේ ආශාවන් හා රසාස්වාදයන්, දැහැමි ක්රියාවන් තුළින් එම දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් නුඹලාව දුරස් කොට රවටා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොදැමිය යුතුයි. ව්යාජ දෑ අලංකාරවත් කරමින් හා මෙලොව ජීවිතයට යටහත් වීමෙන් ෂෙයිතාන් නුඹලා රවටා නොදැමිය යුතුයි. و

إِنَّ ٱلشَّيْطَـٰنَ لَكُمْ عَدُوٌّۭ فَٱتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُوا۟ حِزْبَهُۥ لِيَكُونُوا۟ مِنْ أَصْحَـٰبِ ٱلسَّعِيرِ ﴿٦﴾

අහෝ ජනයිනි! සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සදා සතුරුකම් පාන ප්රකට සතුරාය. එහෙයින් ඔහු සමග සටන් කිරීම අනිවාර්යය කර ගනිමින් නුඹලා ඔහු සතුරෙකු ලෙස සලකනු. සැබැවින්ම ෂෙයිතාන් තම අනුගාමිකයින්හට ඇරයුම් කර සිටිනුයේ අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමටය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇවිළෙන ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුන් දඬුවමට ලක් වනු පිණිසය

ٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌ ﴿٧﴾

ෂෙයිතාන්ව අනුගමනය කරමින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට බලවත් දඬුවමත් ඇත. එමෙන්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කරන්නන් වනාහි ඔවුනට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමෙන්ම ඔහුගෙන් වූ අතිමහත් ප්රතිඵලද ඇත. එය ස්වර්ග උයනයි

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًۭا ۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَٰتٍ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَصْنَعُونَ ﴿٨﴾

සැබැවින්ම තම නපුරු ක්රියාව ෂෙයිතාන් විසින් අලංකාරවත් කොට එය අලංකාරයක් බව විශ්වාස කරන්නා, අල්ලාහ් කෙනෙකුට සත්යය අලංකාරවත් කොට එය සත්යය බව විශ්වාස කරන්නා මෙන් නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. එමෙන්ම ඔහු අභිමත කරන අය යහමග යොමු කරයි. ඔහුට බලපෑම් කිරීමට කිසිවෙකු නැත. එහෙයින් අහෝ දූතය! නොමග ගියවුන්ගේ නොමග යෑම ගැන නුඹව දුකට පත් කර නොගනු. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

وَٱللَّهُ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابًۭا فَسُقْنَـٰهُ إِلَىٰ بَلَدٍۢ مَّيِّتٍۢ فَأَحْيَيْنَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ﴿٩﴾

සුළං එවනුයේ අල්ලාහ්ය. එම සුළඟ වලාකුළු ගෙන යයි. එම වලාකුළු මගින් පැළෑටී නැති දේශයකට අපි වැසි වස්සවා එම ජලයෙන් භූමිය වියළී ගිය පසු ව එහි පැළෑටි හටගන්වා අපි එය ජීවමාන කරමු. භූමිය මිය ගිය පසු එහි පැළෑටි තැන්පත් කරමින් අපි එය ජීවමාන කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිය ගියවුන් යළි අවදි කිරීම සිදු වනු ඇත

مَن كَانَ يُرِيدُ ٱلْعِزَّةَ فَلِلَّهِ ٱلْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ ٱلْكَلِمُ ٱلطَّيِّبُ وَٱلْعَمَلُ ٱلصَّـٰلِحُ يَرْفَعُهُۥ ۚ وَٱلَّذِينَ يَمْكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَمَكْرُ أُو۟لَـٰٓئِكَ هُوَ يَبُورُ ﴿١٠﴾

කවරෙකු මෙලොව හෝ මතු ලොව ගෞරවය අපේක්ෂා කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුය. ඒ දෙකෙහිම ගෞරවය ඇත්තේ අල්ලාහ් සතු ව පමණි. දැහැමි මෙනෙහි කිරීම් ඔහු වෙත ආරෝහණය වෙයි. දැහැමි ගැත්තන්ගේ ක්රියාවන් ඔහු වෙත ඉහළට නැංවෙයි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම වැනි නපුරු කුමන්ත්රණ සැලසුම් කරන්නන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. එම දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ නිෂ්ඵල වී යනු ඇත. එය විනාශ වී යනු ඇත. ඔවුනට අපේක්ෂාවන් තහවුරු නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ جَعَلَكُمْ أَزْوَٰجًۭا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍۢ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِۦٓ إِلَّا فِى كِتَـٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿١١﴾

නුඹලාගේ පියාණන් ආදම් ව පසින් මැව්වේ අල්ලාහ්මය. පසු ව නුඹලාව ශුක්රාණුවෙන් මැව්වේය. පසු ව නුඹලා අතර එකිනෙකා විවාහ වන පුරුෂයින් හා කාන්තාවන් වශයෙන් ඔහු නුඹලාව පත් කළේය. කාන්තාවක් කලලයක් උසුලා සිටීම හෝ ඇය ඇයගේ දරුවා ප්රසූත කිරීම හෝ ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ගේ දැනුමෙන් මිස සිදුවන්නේ නැත. ඒ කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. කිසිවකුගේ ආයුකාලය ලව්හුල් මහ්ෆූල් හි සඳහන් කරනු ලැබූ අයුරින් මිස එය වැඩි වන්නේ හෝ අඩු වන්නේ හෝ නැත. සැබැවින්ම මේවා සඳහන් කිරීම - එනම් නුඹලා ව පසින් මැවීම, විවිධ අදියරයන්ගෙන් මැවීම, ලව්හුල් මහ්ෆූල් හි නුඹලාගේ ආයුකාලය සටහන් කර තිබීම යනාදිය- අල්ලාහ්ට පහසු කාර්යයකි.ي

وَمَا يَسْتَوِى ٱلْبَحْرَانِ هَـٰذَا عَذْبٌۭ فُرَاتٌۭ سَآئِغٌۭ شَرَابُهُۥ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌۭ ۖ وَمِن كُلٍّۢ تَأْكُلُونَ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُونَ حِلْيَةًۭ تَلْبَسُونَهَا ۖ وَتَرَى ٱلْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿١٢﴾

මුහුදු දෙක එක සමාන නොවන්නේය. ඒ දෙකින් එකක් ඉතා මිහිරිය. එහි ඉමිහිරිභාවය නිසා එය පානය කිරීමට පහසුය. දෙවැන්න ලුණු සහිතය. තිත්තය. එහි ඇති දැඩි ලුණු ද්රාවණය නිසා බීමට නොහැකිය. සඳහන් කරනු ලැබූ සාගර දෙකින් සෑම සාගරයකම නුඹලා නැවුම් මත්සයින් ආහාරයට ගන්නෙහුය. ඒ දෙකින් නුඹලා අලංකාරයට පළඳින මුතු මැණික් මතු කර ගන්නෙහුය. අහෝ අධීක්ෂණය කර බලන්නනි! ව්යාපාරික කටයුතු තුළින් නුඹලා අල්ලාහ්ගේ භාග්යය සෙවීම සඳහා සාගරය දෙබෑ කොට ඉදිරියටත් පසු පසටත් යාත්රා කරන නැව් නුඹලා දකිනු ඇත. එය, අල්ලාහ් නුඹලා වෙත පිරිනමාم ඇති අසීමිතلආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ විය හැකිවනු පිණිසය

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۚ وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ ﴿١٣﴾

අල්ලාහ් රාත්රිය දහවල තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. එමෙන්ම දහවල රාත්රිය තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. සුවිශුද්ධයාණන් හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියමිත ප්රතිඥත දිනයක් වෙනුවෙන් ගමන් කරමින් සිටී. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. ඒ සියල්ල සැලසුම් කරන්නේ ද ගමන් කරවන්නේ ද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ය. සියලු බලය ඔහුට පමණක් සතුය. ඔහු හැර නුඹලා නමදින භෞතික වස්තූන්වලට රට ඉඳි කීතුවක තිතක තරම් ප්රමාණයක්වත් අයිති නැත. එසේ නම් නුඹලා මා හැර දමා ඔවුන් නමදිනුයේ කෙසේ ද?

إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا۟ دُعَآءَكُمْ وَلَوْ سَمِعُوا۟ مَا ٱسْتَجَابُوا۟ لَكُمْ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍۢ ﴿١٤﴾

خبير නුඹලා නමදින දෑ ට කන්නලව් කළ ද නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. ඒවා භෞතික වස්තු වෙති. ඒවා තුළ ජීවයක් නැත. ඒවාට සවන් වැකීමක් නැත. - අගයන පරිදි- නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු ප්රතිචාර නොදක්වති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ හවුල්කරුවන්, නුඹලා නැමදුමට ගත්තවුන් නුඹලාගෙන් නිදහස් වී යති. අහෝ දූතය! අල්ලාහ්ට වඩා සත්යය තොරුතුරු ලබා දෙන වෙනත් කිසිවෙකු නුඹට නැත

۞ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿١٥﴾

අහෝ ජනයිනි, නුඹලාගේ සියලුම කටයුතුවලදී ද නුඹලාගේ සියලුම තත්ත්වයන්හි ද නුඹලා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙන්නෙහුය. කවර කරුණක හෝ වේවා ඔහු නුඹලාව උවමනාවක් නැති ස්වාධීනය. ඔහු තම بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ගැත්තන්හට සැලසුම් කර ඇති දෑ සම්බන්ධයෙන් මෙලොව මෙන්ම මතුලොවෙහි ද ප්රශංසාලාභීය. إن يشأ يذهبكم ويأت بخلق جديد

إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ ﴿١٦﴾

නුඹලා ව විනාශ කර, නුඹලා ව ඉවත් කිරීමට සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් ඔහු නුඹලා ව ඉවත් කොට නුඹලා වෙනුවට ඔහු ව නමදින, ඔහුට කිසිවක් ආදේශ නොකරන, නව මැවීමක් ගෙන එනු ඇත

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ ﴿١٧﴾

නුඹලාව විනාශ කර, නුඹලාව ඉවත් කොට, නුඹලා වෙනුවට නව මැවීමක් ගෙන ඒම උත්තරීතර සුවිශුද්ධයාණන් වූ අල්ලාහ්හට වළක්වාලන ක්රියාවක් නොවෙයි

وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌۭ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ ۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ ۚ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿١٨﴾

ى ى පාපතර ආත්මයක් තවත් පාපතර ආත්මයක පව්බර උසුලන්නේ නැත. සෑම ආත්මයක්ම තම තමන් සිදු කළ පාපකම් උසලනු ඇත. පව්බර උසුලා සිටින ආත්මයක් එහි පවින් කොටසක් ඔහු වෙනුවෙන් උසුලන්නට කෙනෙකුට ඇරයුම් කළ ද ඇරයුම් කරනු ලබන්නා ඔහුට සමීපයෙන් සිටිය ද එම පව්වලින් කිසිවක් ඔහුගෙන් උසුලන්නේ නැත. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹ බිය ගන්වනුයේ ගුප්ත දෑ පිළිබඳ ව ඔවුන්ගේ පරමාධිපතිට බිය වී සලාතය පූර්ණ අයුරින් ඉටු කරන්නන් හටය. නුඹ බිය ගැන්වීමෙන් ප්රයෝජන ලබන්නෝ ඔවුහුමය. කවරෙකු පාපකම්වලින් පිරිසිදු වන්නේ ද (ඒවායින් වඩාත් බරපතළම පාපය අල්ලාහ්ට ආදේශ තැබීමය.) සැබැවින්ම පිරිසිදු කරනුයේ ඔහුටමය. සැබැවින්ම එහි ප්රයෝජන ඔහු වෙත නැවත පැමිණෙන්නේමය. අල්ලාහ් වනාහි ඔහුට අවනත විය යුතු යැයි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත්තාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතමය

وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ﴿١٩﴾

අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපකයා හා දේව විශ්වාසියා නිලයෙන් සමාන වන්නේ නැත

وَلَا ٱلظُّلُمَـٰتُ وَلَا ٱلنُّورُ ﴿٢٠﴾

අන්ධකාරයන් හා ආලෝකය සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය සමාන වන්නේ නැත

وَلَا ٱلظِّلُّ وَلَا ٱلْحَرُورُ ﴿٢١﴾

හෙවණ හා උණුසුම් සුළඟ සමාන නොවන්නාක්සේම ස්වර්ගය හා නිරය ඒවායෙහි සළකුණු අතර සමාන වන්නේ නැත

وَمَا يَسْتَوِى ٱلْأَحْيَآءُ وَلَا ٱلْأَمْوَٰتُ ۚ إِنَّ ٱللَّهَ يُسْمِعُ مَن يَشَآءُ ۖ وَمَآ أَنتَ بِمُسْمِعٍۢ مَّن فِى ٱلْقُبُورِ ﴿٢٢﴾

ජීවීන් හා මළවුන් සමාන නොවන්නාක් සේම දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් සමාන වන්නේ නැත. අල්ලාහ් කවරෙකුට යහමග අභිමත කරන්නේ ද ඔහුට සවන් දෙන්නට සලස්වයි. අහෝ දූතය! නුඹට දේව ප්රතික්ෂේපකයින්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් මිනීවළවල් තුළ සිටින මළමිනී මෙනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إن أنت إلا نذير

إِنْ أَنتَ إِلَّا نَذِيرٌ ﴿٢٣﴾

ඔබ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නොවන්නෙහිය

إِنَّآ أَرْسَلْنَـٰكَ بِٱلْحَقِّ بَشِيرًۭا وَنَذِيرًۭا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌۭ ﴿٢٤﴾

අහෝ දූතය! දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති ගෞරවනීය කුසල් සම්බන්ධ ව ශුභාරංචි දන්වන්නෙකු හා දේ ප්රතික්ෂේපකයින්හට ඔහු සූදානම් කර ඇති වේදනීය දඬුවම ගැන අවවාද කරන්නෙකු ලෙස සැබවින්ම අපි නුඹව කිසිදු සැකයක් නොමැති සත්යය සමග අපි නුඹ එව්වෙමු. මීට පෙර පැවති සමූහයන් අතර ඔහුගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන අල්ලාහ්ගෙන් වූ දූතයකු නොපැමිණි කිසිදු සමූහයක් නොවීය

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلْكِتَـٰبِ ٱلْمُنِيرِ ﴿٢٥﴾

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් එවිට නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සමූහය විසින් බොරු කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. මීට පෙර සිටි ආද්, සමූද් හා ලූත්ගේ ජනයා වැනි සමූහයන් විසින් පවා ඔවුන්ගේ දූතවරු බොරු කරනු ලැබුවෝය. තමන්ගේ සත්යයතා ව තහවුරු කරමින් අල්ලාහ් වෙතින් වූ පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. එමෙන්ම පරිශීලනය කොට සිතා බලන දනන්හට ලේඛන හා ආලෝකමත් දිව්ය පුස්තක සමග ද ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය

ثُمَّ أَخَذْتُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿٢٦﴾

ඒ සමගම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, ඔහු අබියසින් එම දූතවරුන් ගෙන ආ දෑහි ඔවුන්ව ඔවුහු විශ්වාස නොකළෝය. එහෙයින් ප්රතික්ෂේප කළවුන්ව මම විනාශ කළෙමි. අහෝ දූතය! ඔවුන්ව මා විනාශ කිරීමෙන් ඔවුන් වෙත මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ ثَمَرَٰتٍۢ مُّخْتَلِفًا أَلْوَٰنُهَا ۚ وَمِنَ ٱلْجِبَالِ جُدَدٌۢ بِيضٌۭ وَحُمْرٌۭ مُّخْتَلِفٌ أَلْوَٰنُهَا وَغَرَابِيبُ سُودٌۭ ﴿٢٧﴾

ألونها وغرابيب سود සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කරනු නුඹ නොදුටුවෙහි ද? එම ජලය මගින් එහි ඇති ගස්වලට ජලය සම්පාදනය කිරීමෙන් පසු ව රතු, කොළථ කහ හා වෙනත් විවිධ වර්ණයෙන් යුත් පලතුරු අප හට ගැන්වූයෙමු. එමෙන්ම කඳු අතරින් ද සුදු මාර්ග, රතු මාර්ග, අඳුරු කළු මාර්ග වැනි වර්ණවත් මාර්ග ද හට ගැන්වූයෙමු

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلْأَنْعَـٰمِ مُخْتَلِفٌ أَلْوَٰنُهُۥ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿٢٨﴾

ජනයා අතරින් ද සතුන් අතරින් ද ඔටු, ගව හා එළු වැනි ගොවිපළ සතුන් අතරින් ද සඳහන් කරනු ලැබුවාක් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්ත වෙති. සැබැවින්ම අල්ලාහ්ගේ ස්ථානයට ගරුබුහුමන් කොට, ඔහුට බියවනුයේ ඔහු පිළිබඳ හඳුනාගත් දැනුමැත්තෝ වෙති. සැබැවින්ම එය ඔවුන් ඔහුගේ ගුණාංග, ඔහුගේ පිළිවෙත, ඔහුගේ බලයේ සාධක පිළිබඳ දන්නා බැවිණි. සැබවින්ම අල්ලාහ් වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ر

إِنَّ ٱلَّذِينَ يَتْلُونَ كِتَـٰبَ ٱللَّهِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ يَرْجُونَ تِجَـٰرَةًۭ لَّن تَبُورَ ﴿٢٩﴾

අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල්ලාහ්ගේ ග්රන්ථය කියවා ඒහි ඇති දෑ පිළිබඳ දැනුවත් වී සලාතය දැහැමි ලෙස ඉටු කර අපි ඔවුනට පිරිනැමූ සම්පතින් සකාත් හා වෙනත් මාර්ග ඔස්සේ රහසිගත ව හා ප්රසිද්ධියේ වියදම් කරන්නන් වනාහි, ඔවුන් මේ සියලු ක්රියාකාරකම් තුළින් අපේක්ෂා කරනුයේ කිසිවිටෙක පාඩුවක් ඇති නොවන අල්ලාහ් වෙතින් වූ ව්යාපාරයකි

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ غَفُورٌۭ شَكُورٌۭ ﴿٣٠﴾

එය ඔවුන්ගේ ක්රියාකාරකම් සඳහා පූර්ණ කුසල් අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමනු පිණිසය. ඔහුගේ භාග්යය තුළින් ඔවුනට එය වර්ධනය කර දෙයි. ඔහු එයට සුදුසු අය වෙයි. සැබවින්ම සුවිශුද්ධයාණන් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා මහත් සේ කෘතඥ වන්නාය

وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ هُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرٌۢ بَصِيرٌۭ ﴿٣١﴾

අහෝ දූතය! දිව්ය පුස්තකයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ කිසිදු සැකයක් නැති සත්යය වේ. පෙර පහළ වූ දිව්ය ග්රන්ථ තහවුරු කරන්නක් ලෙස අල්ලාහ් එය පහළ කළේය. සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සියලු තොරතුරු දන්නා සර්ව නිරීක්ෂකය. ඔහු සෑම සමූහයකමට ඔවුනොවුන්ගේ කාලයට අවශ්ය පරිදි දූතයා වෙත දිව්ය පණිවිඩ පහළ කළේය

ثُمَّ أَوْرَثْنَا ٱلْكِتَـٰبَ ٱلَّذِينَ ٱصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌۭ لِّنَفْسِهِۦ وَمِنْهُم مُّقْتَصِدٌۭ وَمِنْهُمْ سَابِقٌۢ بِٱلْخَيْرَٰتِ بِإِذْنِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ ﴿٣٢﴾

පසු ව සෙසු සමූහයන්ට වඩා අපි තෝරා ගත් මුහම්මද්ගේ සමූහයාට අල් කුර්ආනය පිරිනැමුවෙමු. ඔවුන් අතරින් තහනම් කරන ලද දෑ සිදු කොට හා අනිවාර්යය කරන ලද දෑ අතහැර දමා තමන්ටම අපරාධ කරගත් අය වෙති. එමෙන්ම ඇතැම් සතුටුදායක දෑ අතහැර දමා ඇතැම් පිළිකුල් සහගත දෑ සිදු කරනවාත් සමගම අනිවාර්යය කරන ලද දෑ සිදු කොට තහනම් කරන ලද දෑ අතහැර දමන අය ද සිටිති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහපත් දෑ සඳහා පෙරටුගාමී වන්නන් ද සිටිති. එනම් අනිවාර්ය කරන ලද දෑ හා සතුටුදායක දෑ ඉටු කරමින් තහනම් කරන ලද දෑ හා පිළිකුල් සහගත දෑ අතහැර දමා ක්රියා කිරීම තුළිනි. සඳහන් කරනු ලැබූ දෑ වනාහි (මෙම සමූහයා වෙනුවෙන් පිරිනමා ඇති නිදහස හා ඔවුනට පිරිනමා ඇති අල් කුර්ආනය) කිසිදු මහිමයකට ළඟා විය නොහැකි අතිමහත් භාග්යයක් වෙයි

جَنَّـٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ ﴿٣٣﴾

තෝරා ගනු ලැබූ මොවුහු ස්ථාපිත කරන ලද ස්වර්ග උයන් වලට පිවිසෙති. එහි ඇති මුතු ද රනින් වූ වළලු ද ඔවුහු පළදිති. ඔවුන්ගේ වස්ත්ර සේද රෙද්දෙන් යුක්තය

وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَذْهَبَ عَنَّا ٱلْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌۭ شَكُورٌ ﴿٣٤﴾

ඔවුන් ස්වර්ග උයනට පිවිසීමෙන් පසු ව "නිරයට පිවිසීම ගැන බිය වෙමින් සිටි නිසා අපෙන් දුක ඉවත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!, සැබැවින්ම අපගේ පරමාධිපති තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය. ඔවුන්ගේ අවනතභාවය වෙනුවෙන් ඔවුනට මහත්සේ කෘතඥ වන්නාය" යනුවෙන් පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِىٓ أَحَلَّنَا دَارَ ٱلْمُقَامَةِ مِن فَضْلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌۭ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌۭ ﴿٣٥﴾

"ඔහුගේ භාග්යයෙන් (නැවත හැරීමක් නැති) සදාතනික නිවහනට ඔහු අප ගොඩ බැස්සුවේය. අප විසින් කිසිදු හැරීමක් හෝ ශක්තියක් හෝ නොමැත. එහි අපට කිසිදු වෙහෙසක් හෝ ආයාසයක් හෝ ඇති නොවෙයි."

وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا۟ وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِى كُلَّ كَفُورٍۢ ﴿٣٦﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුනට මරණය තීන්දු කොට පසු ව මරණයට පත් ව දඬුවමින් විවේකය නොලබති. නිරා ගින්නේ දඬුවමින් කිසිවක් ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. මෙම ප්රතිඵල මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කළ සෑම කෙනෙකුටම ප්රතිවිපාක පිරිනමන්නෙමු

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخْرِجْنَا نَعْمَلْ صَـٰلِحًا غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ ۖ فَذُوقُوا۟ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ ﴿٣٧﴾

ඔවුන් උස්හඬින් මොර දී උදව් පතමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! නිරා ගින්නෙන් අප බැහැර කරනු මැනව! ඔබේ තෘප්තිය අප ලබනු පිණිස මෙලොව අප සිදු කරමින් සිටි දෑට වෙනස් වූ දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. නුඹේ දඬුවමින් අපි සහනය ලබන්නෙමු.’ එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දෙමින් ‘මෙනෙහි කිරීමට ප්රිය කරන්නන් මෙනෙහි කරමින්, පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත යොමු වී, දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ආයු කාලයක් ජීවත් වීමට අපි නුඹලාට ඉඩකඩ නොදුන්නෙමු ද? අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන දූතයා නුඹලා වෙත පැමිණියේය. එහෙයින් මේ සියලු දෑට පසු ව නුඹලාට පක්ෂව සාක්ෂියක් හෝ නිදහසට කරුණක් හෝ නුඹලාට නැත. එහෙයින් නුඹලා අපා ගින්න විඳිනු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නට හෝ ඔවුන්ගෙන් එය සැහැල්ලු කරන්නට හෝ කිසිදු උදව් කරුවකු නැත

إِنَّ ٱللَّهَ عَـٰلِمُ غَيْبِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٣٨﴾

සැබවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. සැබැවින්ම ඔහු තම ගැත්තන් ඔවුන්ගේ හදවත් තුළ සඟවා ඇති යහපත හා අයහපත පිළිබඳ මැනවින් දන්නාය

هُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَـٰٓئِفَ فِى ٱلْأَرْضِ ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَلَا يَزِيدُ ٱلْكَـٰفِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًۭا ۖ وَلَا يَزِيدُ ٱلْكَـٰفِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًۭا ﴿٣٩﴾

අහෝ ජනයිනි! නුඹලා කවර අයුරින් ක්රියා කරන්නේ දැ?යි නුඹලා ව පිරික්සීම සඳහා නුඹලාගෙන් ඇතැමෙකුගෙන් පසු ව ඇතැමෙකු ව මහපොළොවේ නියොජනය කිරීමට අපි ඉඩ සලසා දුනිමු. එහෙයින් කවරෙකු අල්ලාහ් හා දූතවරුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හා එහි විපාකය ඔහු වෙත ම නැවත හැරී එනු ඇත. ඔහුගේ ප්රතික්ෂේපය ඔහුගේ පරමාධිපතිට හිංසාවක් ගෙන දෙන්නේ නැත. දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අල්ලාහ් අබියස බලවත් කෝපය මිස වෙනකක් වර්ධනය කළේ නැත. එමෙන්ම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අලාභය මිස වෙනකක් ඔවුනට වර්ධනය කළේ ද නැත. ඔවුන් විශ්වාස කර සිටියේ නම් ස්වර්ගයේ ඔවුනට අල්ලාහ් සූදානම් කර දෙන්නට තිබූ දෑ ඔවුන් විසින් ම අහිමි කරගත්තෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ أَرَءَيْتُمْ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَـٰوَٰتِ أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًۭا فَهُمْ عَلَىٰ بَيِّنَتٍۢ مِّنْهُ ۚ بَلْ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا ﴿٤٠﴾

ى අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ?යි නුඹලා මට දන්වනු. ඔවුන් එහි කඳු මැව්වේ ද? එහි ගංගාවන් මැව්වේ ද එහි සතුන් මැව්වේ ද? එසේ නැතහොත් සැබැවින්ම ඔවුන් අහස් මැවීමෙහි අල්ලාහ් සමග හවුල්වූවෝ ද? එසේත් නැතහොත් ඔවුන්ගේ හවුල්කරුවන්ට ඔවුන් කරන නැමදුම නිවැරදි යැයි පෙන්වා දෙන සාධක සහිත පුස්තකයක් අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු ද? මේ කිසිවක් සිදු වන දෑ නොවීය. නමුත් අපරාධකරුවෝ ඔවුනට ප්රතිඥා දුන්නේ දේව ප්රතික්ෂේපය හා පාපකම්ය

۞ إِنَّ ٱللَّهَ يُمْسِكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَآ إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍۢ مِّنۢ بَعْدِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا ﴿٤١﴾

غفورا සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහස් හා මහපොළොව ඉවත් නොවන අයුරින් වළක්වා ඒ දෙක රඳවා තබයි. -උපකල්පනය අනුව- ඒ දෙක ඉවත් වූයේ නම් සුවිශුද්ධයාණන්ගෙන් පසු ව ඒ දෙක ඉවත් වීමෙන් රඳවා තබන්නට කිසිවෙකු නැත. සැබවින්ම ඔහු දඬුවම ඉක්මන් නොකරන දායලුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඇයද සිටින්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِن جَآءَهُمْ نَذِيرٌۭ لَّيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى ٱلْأُمَمِ ۖ فَلَمَّا جَآءَهُمْ نَذِيرٌۭ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا ﴿٤٢﴾

نفورا මෙම බොරුකාර දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන දූතයකු ඔවුන් වෙත පැමිණියේ නම් කිතුනුවන්, යුදෙව්වන් හා වෙනත් ජනයාට වඩා සත්යය පිළිපදිමින් ඒ මත දැඩි සේ ස්ථාවර ව තමන් සිටින බවට බලවත් ලෙස ස්ථාවර පොරොන්දුවක් දිවුරා සිටියෝය. නමුත් අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් වෙත පැමිණි කල්හි ඔහුගේ පැමිණීම සත්යයෙන් දුරස් කරවීම හා ව්යාජය මත බැඳී සිටීම මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි කළේ නැත. ඔවුනට පෙර සිටියවුන්ට වඩා මනා ලෙස මග ලබන්නන් බවට කළ ස්ථීර පොරොන්දු ව ඔවුන් ඉටු කළේ නැත

ٱسْتِكْبَارًۭا فِى ٱلْأَرْضِ وَمَكْرَ ٱلسَّيِّئِ ۚ وَلَا يَحِيقُ ٱلْمَكْرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهْلِهِۦ ۚ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلْأَوَّلِينَ ۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبْدِيلًۭا ۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحْوِيلًا ﴿٤٣﴾

ඔවුන් දිවුරා සිටි දෑ සම්බන්ධයෙන් එය යහපත් චේතානවකින් හා යහපත් අරමුණිකින් නොවූවක් බවත් එය මහපොළොවේ අහංකාරකම් පෑමට හා මිනිසුන්ට වංචා කිරීම සඳහා වූවක් බව අල්ලාහ් මත දිවුරා පවසා සිටියි. නපුරු කුමන්ත්රණය එයට අදාළ කුමන්ත්රණකරුවන් මිස වෙනත් අය ග්රහණය කරන්නේ නැත. අල්ලාහ්ගේ ස්ථාවර පිළිවෙතම එම කුමන්ත්රණකාරී අහංකාරයින් බලාපොරොත්තු වන්නේ ද? එය ඔවුන්ගේ මුතුන් මිත්තන් අතරින් ඔවුන් හා සමාන වූවන් විනාශ කළාක් මෙන් ඔවුන්ව ද විනාශ කිරීමය. අහංකාරයින් විනාශ කිරීමෙහි දී අල්ලාහ්ගේ පිළිවෙතට වෙනසක් ලෙස එය ඔවුන් මත පහළ නොවීම නුඹ අපේක්ෂා කරන්නෙහිද? එමෙන්ම හැරවීමක් ලෙස ඔවුන් නොවන වෙනත් අය වෙත පහළ වීම නුඹ අපේක්ෂා කරන්නෙහි ද? සැබවින්ම එය ස්ථාවර දිව්ය පිළිවෙතයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ ۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعْجِزَهُۥ مِن شَىْءٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ عَلِيمًۭا قَدِيرًۭا ﴿٤٤﴾

කුරෙයිවරුන් අතරින් නුඹ ව බොරුකළවුන් මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සමූහයන් අතරින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? ඔවුන්ගේ අවසානය අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීමෙන් නපුරු අවසානයක් බවට පත් නොවීද? ඔවුන් කුරෙයිෂ්වරුන්ට වඩා බලවත් අය වූහ. අහස්හි හා මහපොළොවෙහි කිසිවක් අතපසු කර දැමීමට අල්ලාහ්ට නොවීය. සැබැවින්ම ඔහු එම බොරුකාරයින්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නා වේ. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. ඔහුට අතපසු වන්නේ නැත. ඔහු අභිමත කරන අවස්ථාවක ඔවුන්م විනාශ කිරීමට බලය ඇත්තාය

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُوا۟ مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَآبَّةٍۢ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرًۢا ﴿٤٥﴾

මිනිසුන් සිදු කළ අපරාධ හා ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් ඉක්මන් වන්නේ නම් ඒ මොහොතේම මහ පොළෝවාසීන් සියලු දෙනා විනාශ කරන්නට තිබිණි. සතා, සිවාපාවුන් හා ධන සම්පත් ඔවුනට සතු නොවනු ඇත. එනමුත් සුවිශුද්ධයාණන් ඔහුගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා ඔවුන්ව ප්රමාද කරයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සර්ව නිරීක්ෂකය. ඔවුන් අතරින් කිසිවකු ඔහුට සැගවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපතක් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Faatir — فاطر

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා