මුල් පිටුවතෆ්සීර්Saba (34)

තෆ්සීර් Saba (34) — سبأ

මක්කී · 54 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْـَٔاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿١﴾

අහස්හි ඇති සියලු දෑ ද, මහපොළොවේ ඇති සියලු දෑ ද, මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. මතුලොවෙහි සියලු ප්රශංසා, සුවිශුද්ධයාණන් වන ඔහුටම සතුය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත

يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ ﴿٢﴾

මහපොළොව තුළට පිවිසෙන ජලය හැ පැලෑටි පිළිබඳ ඔහු දනී. ඉන් පිටවන පැලෑටි හා වෙනත් දෑ පිළිබඳව ද ඔහු දනී. එමෙන්ම අහසින් පහළ වන වර්ෂාව මලක්වරුන් හා පෝෂණ සම්පත් පිළිබඳව ද ඔහු දනී. අහසට ආරෝහණය වන මලක්වරුන් තම ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳව ද ඔහු දනී. ඔහු තම විශ්වාසී ගැත්තන් හට මහා කාරුණිකය. ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපයන්ට මහත් සේ සමාව දෙන්නාය

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَـٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَـٰبٍۢ مُّبِينٍۢ ﴿٣﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "අවසන් හෝරාව කිසිවිටෙක පැමිණෙන්නේ නැතැ"යි පවසා සිටියහ. "අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘එසේය, අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා බොරු කරමින් සිටින අවසන් හෝරාව සැබැවින්ම නුඹලා වෙත පැමිණෙන්නේමය. නමුත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු එහි නියමිත වේලාව ගැන නොදනී. ඔහු සුවිශුද්ධය අවසන් හෝරාව සම්බන්ධයෙන් සැඟවී ඇති දෑ හා වෙනත් දෑ පිළිබඳ ඔහු සර්වඥය. අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කුහුඹුවකුට වඩා කුඩා ප්රමාණයක් වුව ද ඒ කිසිවක් සුවිශුද්ධයාණන්ගේ දැනුමට සැඟවෙන්නේ නැත. සඳහන් කරනු ලැබූ දෑට වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි ග්රන්ථයේ සටහන් කරනු ලබනු මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන සියලු දෑ ලියා ඇති ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවයි."

لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٤﴾

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහු ප්රතිඵල පිරිනැමීම සඳහා ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ ස්ථාවරව සටහන් කර ඇති දෑ අල්ලාහ් ස්ථීර ලෙස සටහන් කර ඇත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමගින් ඔහු ඔවුන් වැරදිකරුවන් ලෙස ග්රහණය නොකරයි. ඔවුනට ගෞරවණීය සංග්රහයක් ද ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ඔහුගේ ස්වර්ගයයි

وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌۭ ﴿٥﴾

අල්ලාහ් පහළ කළ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙරදරමින් කටයුතු කළවුන් වනාහි, ඔවුහු ඒ ගැන ‘එය හූනියමකැ’යි පැවසූහ. අපගේ දූතවරුන් ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යැයි පැවසූහ. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නපුරු හා දරුණු දඬුවම් සතු වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿٦﴾

නබි සහගාමීන් අතර සිටි විද්වත්හු හා ආගම් ලත් ජනයා අතරින් අල්ලාහ් පිළිබඳ විශ්වාස කළ විද්වත්හු දිව්ය පණිවිඩ අතරින් නුඹ වෙත අල්ලාහ් පහළ කළ දෑ කිසිදු සැකයක් නැති සත්යය බවත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසාලාබී සර්වබලධාරියාණන්ගේ මාර්ගය වෙත එය මග පෙන්වන බවත් සාක්ෂි දරති

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍۢ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍۢ جَدِيدٍ ﴿٧﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගෙන් ඇතැමෙකුට දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන පුදුමයෙන් හා හාස්යයෙන් යුතු ව, "සැබැවින්ම නුඹලා මරණයට පත් වූ විට නුඹලා කෑලි කෑලි වලට කපා හරිනු ලැබූ විට නුඹලාගේ මරණයෙන් පසු නුඹලාව යළි ජීවමානයන් ලෙස අවදි කරනු ලබන්නේ යැයි නුඹලාට දැනුම් දෙන මිනිසෙකු ගැන අපි නුඹලාට දන්වා සිටින්නදැ?"යි වමිසා සිටියෝය

أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَـٰلِ ٱلْبَعِيدِ ﴿٨﴾

මේ මිනිසා අල්ලාහ් මත බොරු ගොතා අප මිය ගිය පසු ව අප ව යළි අවදි කරන්නා පිළිබඳ ඔහු තරයේ පවසා සිටින දෑ ඔහු තිරසාර ලෙස පවසන්නේ ද? එසේ නැතහොත් ඔහු කිසිදු සත්යයක් නැති උමතුවෙක් ද? මොවුන් විශ්වාස කරන පරිදි කරුණ නැත. එය සිදු වන්නේමය. සැබැවින්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමෙහි සිටිනු ඇත. එමෙන්ම මෙලොවෙහි ද සත්යයෙන් දුරස් ව අන්ත මුළාවෙහි පසුවනු ඇත

أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ ﴿٩﴾

යළි අවදි කරනු ලැබීම බොරු කරන මොවුහු මිහිතලයේ ඔවුන් ඉදිරියේ ඇති දෑ ගැන ද ඔවුනට පසුපසින් අහසේ ඇති දෑ ගැන ද ඔවුහු නොදුටුවෝද? ඔවුන්ගේ පාදවලට යටින් මහපොළොව කිඳා බැස්සවීමට අපි අභිමත කරන්නේ නම් ඔවුනට පහළින් අපි එය කිදා බස්සවන්නෙමු. එමෙන්ම අහසින් කැබැල්ලක් ඔවුන් මත වට්ටවන්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන් මත අපි අහසින් කැබැල්ලක් වට්ටවන්නෙමු. සැබැවින්ම මෙහි තම පරමාධිපතිට අවනත වීම සඳහා බොහෝ සේ යොමුවන සෑම ගැත්තෙකුහටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන තිරසාර සළකුණක් ඇත. ඒ සඳහා බලය ඇත්තා නුඹලාගේ මරණයෙන් පසු ව නුඹලාගේ ශරීර කීතුවලට ඉරී ගිය පසු ව නුඹලාව යළි අවදි කිරීමට බලය ඇත්තාය

۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًۭا ۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ ﴿١٠﴾

සැබැවින්ම අපි දාවූද් (අලයිහිස් සලාම්) තුමාට අප විසින් නබිත්වය හා පාලන බලය පිරිනැමුවෙමු. අපි කඳු දෙස බලා: අහෝ කඳු! දාවූද් සමග නුඹ මා සුවිශුද්ධ කරනු. පක්ෂීන්ට අප පැවසුවේ ද මෙලෙසමය. ඔහු කැමති මෙවලමක් යකඩින් සාදා ගනු පිණිස අපි ඔහුට එය මොලොක් කර දුන්නෙමු

أَنِ ٱعْمَلْ سَـٰبِغَـٰتٍۢ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿١١﴾

අහෝ දාවූද්! ඔවුන්ගේ සතුරන්ගෙන් ඔබේ රණකාමීන් ආරක්ෂා කරන විශාල පලිහ තනන්නටත් සිදුරට ගැලපෙන ඇණ සකසා ගන්නටත් ඒවාහි නොරැඳෙන පරිදි සියුම් ව හෝ එහි පිවිසිය නොහැකි පරිදි ඝන ව හෝ නුඹ ඒවා සකස් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොකර ප්රමාණයට සකස් කර ගැනීමටත් (යකඩ මොලොක් කර දුන්නෙමු.) නුඹලා දැහැමි ක්රියාවන්හි නිරත වනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් මට සැඟවෙන්නේ නැත. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි

وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌۭ وَرَوَاحُهَا شَهْرٌۭ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ ﴿١٢﴾

උදෑසන මසක දුරක් ගමන් කළ හැකි, සවස මසක දුරක් ගමන් කළ හැකි සුළඟ දාවූද්ගේ පුත් සුලෙයිමාන්ට අපි වසඟ කර දුනිමු. තඹවලින් ඔහු කැමති දෑ නිර්මාණය කරනු පිණිස ඔහු වෙනුවෙන් තඹ උල්පත් ගලන්නට සැලැස්වූයෙමු. ජින්නුන් අතරින් තම පරමාධිපතිගේ නියෝගය අනුව ඔහු අබියස සේවය කරන්නන් අපි ඔහුට වසඟ කර දුන්නෙමු. අපි කවර ක්රියාවක් ජින්නුන්හට අණ කර සිටියෙම් ද එයින් නැඹුරු වූ ජින්නුන් හට දළුලා ඇවිළෙන නිරා ගින්නේ දඬුවමින් විඳවන්නට සළස්වමු

يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَـٰرِيبَ وَتَمَـٰثِيلَ وَجِفَانٍۢ كَٱلْجَوَابِ وَقُدُورٍۢ رَّاسِيَـٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًۭا ۚ وَقَلِيلٌۭ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ ﴿١٣﴾

සුලෙයිමාන් තුමා සිතන පරිදි නැමදුම් සඳහා අවශ්ය මස්ජිද් හා බලකොටු එතුමා සිතන රූප, එතුමා සිතන පරිදි විශාල පොකුණු මෙන් වූ ජලතටාක ස්ථීරව පවතින ආහාර පිසින කල්දේරම් වැනි දෑ මෙම ජින්නුන් එතුමාට සිදු කර දුන්නේය. ඒවායෙහි විශාලත්වය හේතුවෙන් ඒවා නොසෙල්විය. ‘අහෝ දාවූද්ගේ ජනයිනි! නුඹලාට කවර කරුණක් අල්ලාහ් ආශිර්වාද කළේ ද ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ වනු. මාගේ ගැත්තන් අතරින් මා ආශිර්වාද කළ දෑ සඳහා කෘතඥ වනුයේ ස්වල්ප දෙනෙකු පමණි’ යැයි අපි ඔවුනට පැවසුවෙමු

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ ﴿١٤﴾

අපි සුලෙයිමාන්ට මරණය තීන්දු කළ කල්හි සැබැවින්ම හෙතෙම මිය යන බව පොළොවට සිටවා තිබූ ඔහුගේ සැරයටිය කා දමන පොළොවේ කෘමීන් හැර සෙසු ජින්නුන්හට මග පෙන්වනු නොලැබීය. හෙතෙම බිම ඇද වැටුණු කල්හි සැබැවින්ම තමන් ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත්තන් බව ඔවුනට පැහැදිලි විය. එය ඔවුන් දැන සිටියේ නම් ඔවුනට අත්වන නින්දා සහගත දඬුවමෙහි ඔවුහු රැඳී නොසිටින්නට තිබිණ. තවද සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සියෙන් සිදු කරමින් සිටි ක්රියාවන් සැබැවින්ම ඔහු ඔවුන් ජීවමානව සිට නිරීක්ෂා කරමින් සිටින බව හැඟීමෙන් යුතු ව මිස කටයුතු කළේ නැත

لَقَدْ كَانَ لِسَبَإٍۢ فِى مَسْكَنِهِمْ ءَايَةٌۭ ۖ جَنَّتَانِ عَن يَمِينٍۢ وَشِمَالٍۢ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌۭ طَيِّبَةٌۭ وَرَبٌّ غَفُورٌۭ ﴿١٥﴾

غفور සබඃ ගෝත්රයට ඔවුන් ජීවත් වූ ඔවුන්ගේ වාසස්ථානයන්හි අල්ලාහ්ගේ ශක්තිය හා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදයන් එළිපිටම පෙන්වා දෙන සංඥාවක් විය. එය උයන් දෙකකි. ඒ දෙකින් එකක් දකුණු දෙසින් ද දෙවැන්න වම් දෙසින් ද පිහිටා තිබුණි. අපි ඔවුනට, ‘නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. ඔහුගේ ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මෙය ඉතා සුන්නදර දේශයකි. පරමාධිපතියාණන් වන මේ අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහු වෙත පාපක්ෂමාව අයදින්නන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත.' යැයි පැවසුවෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَـٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍۢ وَأَثْلٍۢ وَشَىْءٍۢ مِّن سِدْرٍۢ قَلِيلٍۢ ﴿١٦﴾

නමුත් අල්ලාහ්ට කෘතඥ වීමට සහ ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට ඔවුන්ගේ ආශිර්වාදයන් විනාශයක් බවට පෙරළා දමමින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඒ අනුව අපි ඔවුන්ගේ වේල්ල විනාශ කළ, ඔවුන්ගේ ගොවිපලවල් ජලයෙන් යට කළ ධාරානිපාත ජල ධාරාවක් ඔවුන් වෙත යැව්වෙමු. ඔවුන්ගේ උයන් දෙක තිත්ත පළතුරු හටගන්වන උයන් දෙකක් බවට පෙරළා දැමුවෙමු. ඒ දෙකෙහි පල හට නොගන්නා ගස් හා මසන් ගස් කිහිපයක් ද විය

ذَٰلِكَ جَزَيْنَـٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَـٰزِىٓ إِلَّا ٱلْكَفُورَ ﴿١٧﴾

ඔවුන් කවර ආශිර්වාදයක් මත පිහිටියේ ද එය ලැබීමෙන් ඔවුන් පෙරළා දැමුවේ ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා එම ආශිර්වාදවලට කෘතඥවීමට ප්රතික්ෂේප කළ හේතු සාධකය නිසාවෙනි. අල්ලාහ්ගේ ආශිර්වාදවලට ඔවුන් බලවත් ලෙස ගුණමකු වූ බැවින් හා සුවිශුද්ධයාණන් වන ඔහු ව අධික ලෙස ප්රතික්ෂේප කළ බැවින් මිස මෙම දරුණු දඬුවම අපි ක්රියාත්මක නොකළෙමු

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا قُرًۭى ظَـٰهِرَةًۭ وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ ﴿١٨﴾

යෙමනයේ සබඃ වාසීන් අතරත් අප සමෘද්ධිමත් කළ සිරියාවේ ගම්මාන අතරත් එකිනෙකට බැඳුණු ගම්මාන ඇති කළෙමු. ගමකින් ගමකට කිසිදු දුෂ්කරතාවයකින් තොරව පියනගමින් සිරියාවට ළගා විය හැකි වාතාවරණයක් අපි උදා කළෙමු. අපි ඔවුනට ‘රාත්රියේ හෝ දහවලේ හෝ නුඹලා කැමති වේලාවක සතුරන් සාගින්නෙන් හා පිපාසයෙන් සුරක්ෂිත ව එහි ගමන් කරනු යැයි පැවසුවෙමු

فَقَالُوا۟ رَبَّنَا بَـٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَـٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿١٩﴾

صبار شكور දුර ප්රමාණය කෙටි කිරීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ගැන ඔවුහු අහංකාර වූවෝය. පසු ව ‘අපගේ පරමාධිපතියාණනි! ගමනෙහි වෙහෙස අප විඳින තරමට අපගේ ප්රවාහන කටයතු අමතර වශයෙන් හෙළි වන තරමට එම ගම්මාන ඉවත් කොට අපගේ ගමන් අතර දුර අධික කරනු මැනව’ යැයි පැවසුවෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයන් පිළිබඳ ඔවුන් අහංකාර වූ බැවින් ද ඔහුට කෘතඥවීමට ඔවුන් ප්රතික්ෂේප කළ බැවින් ද ඔවුන් අතර සිටි දිළිඳුන් කෙරෙහි ඔවුන් ඊර්ෂ්ය කළ බැවින් ද ඔවුන්ගෙන් පසු පැමිණෙන ජනයා ඔවුන් ගැන කතා කරන වෘතාන්තයක් බවට පත් කළෙමු. එම ප්රදේශයන්හි ඔවුන් එකිනෙකා අතර ළඟා විය නොහැකි පරදී වෙන් වෙන් කොටස් බවට අපි ඔවුන් වෙන් කළෙමු. සඳහන් කරනු ලැබූ දෑහි- එනම් සබඃ වාසීන්ට ආශිර්වාද කිරීමෙන් පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ අහංකාරය හේතුවෙන් පළිගැනීම යනාදියෙහි - අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ පාපකම්වලින් දුරස්වීමෙහි මෙන්ම පරීක්ෂණයන් මත ඉවසන අල්ලාහ්ගේ ආශිර්වාදයන් සඳහා කෘතඥවන සෑම ඉවසිලිවන්තයකු හටම පාඩමක් ඇත

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ ﴿٢٠﴾

සැබැවින්ම ඉබ්ලීස් ඔවුන් සත්යයෙන් නොමග හැරිය හැකි බවත් ඔවුන් මුළා කළ හැකි බවත් සිතූ පරිදි එය ඔවුනට තහවුරු විය. දේව විශ්වාසීන් අතර සිටි පිරිසක් හැර සෙසු අයවලුන් දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි ඔහු ව පිළිපැද්දෝය. නමුත් දේව විශ්වාසීහු ඔහු අනුගමනය නොකර ඔහුගේ අපේක්ෂාව ගැන බියෙන් පසුවූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَـٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْـَٔاخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّۢ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ﴿٢١﴾

حفيظ ඔවුන් නොමග යැවීමට ඔවුනට බල කරන කිසිදු ආධිපත්යයක් ඔවුන් මත දරන්නට ඉබ්ලීස්ට නොවීය. සැබැවින්ම ඔහු ඔවුනට එය අලංකාරවත් කොට ඔවුන් නොමග හරින්නට විය. එනමුත් ඔවුන් නොමග හැරීමට අපි ඔහුට අවසර දුන්නේ මතුලොව පිළිබඳ සැකයෙහි පසුවන්නන් අතරින් මතුලොව හා එහි ඇති ප්රතිඵල පිළිබඳ විශ්වාස කරන්නන්ගේ කරුණ හෙළි වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂකය. තම ගැත්තන්ගේ ක්රියාවන් ඔහු ආරක්ෂා කරයි. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමයි

قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍۢ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍۢ ﴿٢٢﴾

شرك وما له منهم من ظهير අහෝ දූතය! එම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු: “අල්ලාහ් හැර නුඹලාට සැබැවින්ම දෙවිවරුන් සිටන බව නුඹලා විශ්වාස කරන එම දෙවිවරුන් නුඹලාට යහපත ගෙන දෙන්නට හෝ නුඹලාට අත්වන උවදුරු නුඹලාගෙන් පහ කිරීමට හෝ නුඹලා ඇරයුම් කර සිටිනු. ඔවුනට අහස්හි හා මහපොළොවේ අනුවක තරම් ප්රමාණයක් හෝ කිසිදු හැකියාවක් නැත. අල්ලාහ් සමග එහි ඔවුනට හවුල් විය ද නොහැක. අල්ලාහ්ට උපකාර කරන කිසිවකු ද නැත. ඔහු සියලු හවුල්කරුවන්ගෙන් හා උදව්කරුවන්ගෙන් තොර ස්වාධීනය

وَلَا تَنفَعُ ٱلشَّفَـٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿٢٣﴾

අල්ලාහ් අවසර දුන් අය හැර වෙනත් කිසිවෙකුගේ මැදිහත්වීම කිසිවෙකුට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් පිළිගත් අයට මිස වෙනත් කිසිවෙකුට මැදිහත් වීම සඳහා අවසර දෙන්නේ නැත. එය ඔහුගේ බලමහිමය හේතුවෙනි. ඔහුගේ බලමහිමය අතරින් ඔහු අහසෙහි කතා කළ විට ඔවුන්ගේ හදවත්වලින් බිය පහ ව යන තරමට ඔහුගේ ප්රකාශයට යටහත් පහත්ව ඔවුන්ගේ පියාපත් හෙළනු ඇත. මලක්වරුන් ජිබ්රීල් අලය්හිස් සලාම් තුමාට ‘නුඹේ පරමාධිපති කුමක් පවසන්නේ දැ?යි විමසති. එවිට ජිබ්රීල් "ඔහු සත්යය පැවසීය. ඔහුගේ පැවැත්මෙන් හා ඔහුගේ බලාධිකාරයෙන් ඔහු අති උසස්ය. ඔහු හැර සෙසු සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය." යැයි පවසනු ඇත

۞ قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٢٤﴾

අහෝ දූතය! ‘අහසින් වැසි වස්වා මහපොළොවේ පළතුරු හා බවභෝග හටගන්වා නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ කවු දැ?’යි මෙම දේව ආදේශකයින්ගෙන් විමසනු. "ඉන් නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ අල්ලාහ්" යැයි පවසනු. තවද "අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහමග මත සිටින්නන්, එසේ නැතහොත් මාර්ගයෙන් පිටපැන පැහැදිලි මුළාවෙහි පසුවන්නන්. එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම යහමග සිටින්නන් දේව විශ්වාසීන් බවටත් නොමග ගියවුන් දේව ආදේශකයින් බවටත් කිසිදු සැකයක් නැත

قُل لَّا تُسْـَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُونَ ﴿٢٥﴾

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප සිදු කළ පාපකම් ගැන නුඹලාගෙන් විමසනු නොලැබේ. එමෙන්ම නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන අපෙන් විමසනු නොලැබේ." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ ﴿٢٦﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර අල්ලාහ් එක්රැස් කරනු ඇත. පසු ව අප අතර හා නුඹලා අතර යුක්ති ධර්මය අනුව තීන්දු පිරිනමනු ඇත. සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලිව වෙන් කරනු ඇත. සාධාරණත්වය අනුව තීන්දු ලබා දෙන තීරකයා ඔහුය. ඔහු කවර තීන්දුවක් පිරිනමන්නේ ද ඒ ගැන මහා ප්රඥාවන්තය

قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٧﴾

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නැමදුමෙහි අල්ලාහ් සමග නුඹලා හවුල් කරමින් ඔහුට සමානයන් පත් කළ අය නුඹලා මට පෙන්වනු. එසේ නොව, සැබැවින්ම ඔහුට හවුල්කරුවන් ඇතැයි නුඹලා විචිත්රවත් කරන පරිදි එම කරුණ නැත. නමුත් ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا كَآفَّةًۭ لِّلنَّاسِ بَشِيرًۭا وَنَذِيرًۭا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٢٨﴾

අහෝ දූතය! අපි නුඹව මිනිස් සමූහයා වෙත පොදුවේ යැව්වෙමු. දේව භක්තිකයින්හට ස්වර්ගය හිමි බව සුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපිත හා පාපිෂ්ඨ ජනයාට නිරා ගින්න ගැන අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹ ව ඔවුන් අතරට නොයැව්වෙමු. නමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනිති. ඔවුහු ඒ ගැන වටහා ගත්තේ නම් ඔවුහු නුඹට බොරු නොකරන්නට තිබුණි

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٢٩﴾

දේව ආදේශකයෝ, ඔවුන් බිය ගන්වනු ලැබූ දඬුවම ඉක්මන් කරන මෙන් ඉල්ලා සිටිමින් "සැබැවින්ම එය සත්යය යැයි නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් දඬුවම පිළිබඳ ප්රඥාව කවදා සිදුවන්නේදැ"යි විමිසා සිටිති. قل ل كم ميعاد يوم لا تستٔخرون عنهساعة ولا تستقدمون

قُل لَّكُم مِّيعَادُ يَوْمٍۢ لَّا تَسْتَـْٔخِرُونَ عَنْهُ سَاعَةًۭ وَلَا تَسْتَقْدِمُونَ ﴿٣٠﴾

අහෝ දූතය! දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. නියමිත දිනය ගැන වූ ප්රතිඥාව නුඹලාට හිමිය. එයින් මොහොතක් හෝ නුඹලාව ප්රමාද කරනු නොලබන අතර මොහොතක් හෝ ඉක්මන් කරනු නොලබනු ඇත. එම දිනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَـٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ ﴿٣١﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්,‘සැබැවින්ම තමා වෙත පහළ කරනු ලැබූ බව මුහම්මද් තුමා පවසන අල් කුර්ආනය අපි කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. තවද, පෙර පහළ වූ දිව්ය ග්රන්ථ ද කිසිවිටෙක අපි විශ්වාස නොකරන්නෙමු.’ යැයි පැවසූහ. අහෝ දූතයාණෙනි! විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් රඳවා තබන ලබනු ඔබ දුටුවේ නම්. ඔවුන් අතර එකිනෙකා කතා කර ගනිමින්, ඔවුන් සෑම කෙනෙකුම අනෙකා මත වගකීම පවරමින් දොස් නගනු ඇත. දුර්වල බව සළකණු ලබන අනුගාමිකයින් තමන් මෙලොවෙහි දුර්වලතාවයට පත් කළ තමන්ගේ නායකයින් දෙස බලා "නුඹලා අප නොමග නොයැව්වෙහු නම්, සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නන් ලෙස සිටින්නට තිබුණි."යැයි පවසා සිටිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَـٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ ﴿٣٢﴾

සත්යය පිළිගැනීමට උඩඟු වූ, පිළිපදිනු ලැබූවන්ව දුර්වලතාවයට පත් කළ අනුගාමිකයින් දෙස බලා ‘මුහම්මද් නුඹලා වෙත ගෙන ආ යහමගින් නුඹලාව වැළැක්වූයේ අප ද? නැත. නුඹලා අපරාධකාරීන් ලෙසත් කලහකාරීන් ලෙසත් ප්රචණ්ඩත්වය ඇති කරන්නන් ලෙස සිටියෙහුය." යැයි පවසති

وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًۭا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَـٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٣٣﴾

එසේ පිළිපදිනු ලැබ, ඔවුන්ගේ අනුගාමිකයින්ට නායකත්වය දුන් සත්යය පිළිගැනීමට උඬඟු වූවෝ "යහමගින් අප වැළැක්වූයේ නුඹලා රාත්රියෙහි හා දහවලහි අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ද ඔහු හැර මැවීම් වලට නැමදුම් කරන මෙන් ද නුඹලා අපට නියෝග කරමින් සිදු කළ නුඹලාගේ කුමන්ත්රණ වේ." යැයි පවසති. ඔවුන් දඬුවම දුටු විට මෙලොවෙහි ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කළේ ද ඒ ගැන පසුතැවිලි වෙමින් බියෙන් පසුවෙති. සැබැවින්ම ඔවුන් දඬුවම් කරනු ලබන්නන් බව වටහා ගනිති. පසුව අපි දේව ප්රතික්ෂේපකයින්ගේ ගෙලවල්වල විලංගු දමන්නෙමු. ඔවුන් අල්ලාහ් හැර දමා වෙනත් දෑ නැමදුම් කරමින් හා පාපකම් කරමින් සිදු කළ ක්රියාවන්ට එය හැර වෙනත් ප්රතිඵලයක් ඔවුනට දෙනු නොලැබේ

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ ﴿٣٤﴾

අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වමින් දූතයකු යම් ගම්මානයකට අප එවූ කල්හි එහි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බලාධිකාරීන්, නිලයලත් අධිකාරීන් හා පොහොසතුන්, ‘අහෝ දූතවරුනි! නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන සැබැවින්ම අපි ප්රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියහ. وقالوا نحن أكثرأمولا وأولدا وما نحن بمعذ بين

وَقَالُوا۟ نَحْنُ أَكْثَرُ أَمْوَٰلًۭا وَأَوْلَـٰدًۭا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿٣٥﴾

එසේ කීර්තියෙන් වැජඹුණු අහංකාර මුරණ්ඩුවූවෝ, ‘අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. සැබැවින්ම අපි දඬුවම් කරනු ලබන්නන් යැයි නුඹලා දරණ විශ්වාසය බොරුවක් මිස නැත. මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද අපි දඬුවමට ලක්වන්නන් නොවෙමු.’ යැයි පැවසූහ

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٦﴾

තමන්ට පිරිනමන ලද සැපසම්පත් වලින් රැවටුණු මොවුනට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන අයට, ඔහුට කෘතඥ වන්නේ ද එසේ නැතහොත් ගුණමකු වන්නේදැ?යි තෝරා ගනු පිණිස පෝෂණ සම්පත් විස්තීරණ ව ලබා දෙයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට ඔහු ඉවසන්නේ ද එසේ නැතහොත් කෝප වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඒවා සීමා කර දෙයි. සැබැවින්ම අල්ලාහ් මහා ප්රඥාවන්තයා බව මිනිසුන් අතරින් බහුතරයක් දෙනා නොදනිති." සැබැවින්ම ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් මිස කිසිදු කරුණක් ඔහු නියම කරන්නේ නැත. එය දන්නා උදවිය ඒ ගැන දන්නෝය. එය නොදන්නා උදවිය ඒ ගැන නොදන්නෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَآ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا فَأُو۟لَـٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُوا۟ وَهُمْ فِى ٱلْغُرُفَـٰتِ ءَامِنُونَ ﴿٣٧﴾

අහංකාරයෙන් පුරසාරම් දොඩන නුඹලාගේ ධනය හෝ නුඹලාගේ දරුවන් හෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙත නුඹලා ව මෙහෙයවන්නේ නැත. නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු ගුණ කරනු ලබන ප්රතිඵල හිමි කර ගනී. ධනය වනාහි, අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් කිරීමෙන් ඔහු වෙත සමීප කරවයි. දරුවන් වනාහි, ඔවුන් ඔහුට ප්රාර්ථනා කිරීමෙන් සමීප කරවයි. දෙවියන් විශ්වාස කොට යහකම් සිදු කළවුන් වන ඔවුනට ඔවුන් සිදු කළ දෑ සඳහා ගුණ කරන ලද කුසල් හිමි වන්නේය. දඬුවම, මරණය, සුවපහසුකම් අහිමි වීම, යනාදී ලෙසින් ඔවුන් බියවන සියලු ආකාරයේ දැයින් සුරක්ෂිත වූවන් ලෙස ස්වර්ගයේ ඇති උසස් නවාතැන්වල සිටිති

وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ﴿٣٨﴾

අපගේ වදන්වලින් ජනයා වෙනතකට හැරවීමෙහි උපරිමයෙන්ම කැපවන, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුහුසුළුවෙන් කටයුතු කරන, දේව ප්රතික්ෂේපකයින් වන ඔවුහු මෙලොවෙහි පාඩුවිඳින්නන් වන අතරම මතුලොවෙහි දඬුවමට ලක් වන්නෝ ද වෙති

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍۢ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٣٩﴾

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මාගේ පරමාධිපති සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙයි. එමෙන්ම ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර දෙයක් වියදම් කළ ද සුවිශුද්ධ උත්තරීතරයාණන් ඊට වඩා යහපත් දෙයක් මෙලොවෙහි නුඹලාට පිරිනමයි. එමෙන්ම මතුලොවෙහි ද නුඹලාට අතිවිශාල කුසල් ඇත. සුවිශුද්ධයාණන් වන අල්ලාහ් පෝෂණ සම්පත් පිරිනමන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. එහෙයින් කවරෙකු පෝෂණ සම්පත් පතන්නේ ද සුවිශුද්ධයාණන් වෙත ඔහු යොමු වෙත්වා!

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ يَقُولُ لِلْمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُوا۟ يَعْبُدُونَ ﴿٤٠﴾

අහෝ දූතය! අල්ලාහ් ඔවුන් සියලු දෙනා එක්රැස් කරන දිනය මෙනෙහි කර බලනු. පසු ව සුවිශුද්ධයාණන් දේව ආදේශකයින් හෙළා දකිමින් හා පිළිකුල් කරමින් මලක්වරුන් දෙස බලා ‘මෙලොව ජීවිතයේ අල්ලාහ් හැර දමා නුඹලාව නමදිමින් සිටියවුන් මොවුහුදැ?යි විමසා සිටියි

قَالُوا۟ سُبْحَـٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ ﴿٤١﴾

මලාඉකාවරුන් පිවිතුරු කරමින් හා සුවිශුද්ධ කරමින්, "අපගේ භාරකරු ඔවුන් නොව ඔබය. අප අතර හා ඔවුන් අතර කිසිදු භාරකාරත්වයක් නැත. එනමුත් එම දේව ආදේශකයෝ නපුරු බලවේගවලට ගැතිකම් කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් යැයි විචිත්රවත් කර ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ව විශ්වාස කරන්නෝ වෙති." යැයි පවසති. ر

فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍۢ نَّفْعًۭا وَلَا ضَرًّۭا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿٤٢﴾

අවදි කරවා විනිශ්චය කරන දිනයේ මෙලොවෙහි නැමදුමට ලක්වූවන්හට, අල්ලාහ් හැර තමන් ව නමදිමින් සිටි අය වෙනුවෙන් සෙත සලසන්නට කිසිදු හැකියාවක් ලබන්නේ නැත. ඔවුනට කිසිදු හිංසාවක් කිරීමට ද නොහැක. දේව بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය හට, "නුඹලා මෙලොවෙහි කවර කරුණක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසන්නෙමු

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ قَالُوا۟ مَا هَـٰذَآ إِلَّا رَجُلٌۭ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُوا۟ مَا هَـٰذَآ إِلَّآ إِفْكٌۭ مُّفْتَرًۭى ۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿٤٣﴾

අපගේ දූතයාණන් වෙත කිසිදු මුසුවීමකින් තොරව පැහැදිලිව පහළ කරන ලද අපගේ වදන් ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින් වෙත කියවා පෙන්වනු ලබන විට ඔවුහු, ‘මෙය ගෙන ආ මේ මිනිසා නුඹලාගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටියේ ද එයින් නුඹලාව හරවන්නට අපේක්ෂා කරන මිනිසෙකු මිස නැත.’ යැයි පැවසුවෝය. තවදුරටත්, ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් මත ඔහු ගෙතූ බොරුවක් මිස නැතැ’යි ද පැවසුවෝය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් අල් කුර්ආනය අල්ලාහ් අබියසින් ඔවුන් වෙත පැමිණි කල්හි එයට, ‘මෙය පුද්ගලයකු හා ඔහුගේ බිරිය අතරත් පුතෙකු හා ඔහුගේ පියා අතරත් වෙන් කිරීම සඳහා වන පැහැදිලි හූනියමක් මිස නැත.’ යැයි පවසති

وَمَآ ءَاتَيْنَـٰهُم مِّن كُتُبٍۢ يَدْرُسُونَهَا ۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍۢ ﴿٤٤﴾

සැබැවින්ම මෙම අල් කුර්ආනය මුහම්මද් විසින් ගොතන ලද බොරුවකි යැයි ඔවුනට මග පෙන්වන තරමට ඔවුන් කියවන කිසිදු ග්රන්ථයක් අපි ඔවුනට පිරිනැමුවේ නැත. එමෙන්ම අහෝ දූතයාණනි! නුඹ ව එවීමට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන කිසිදු දූතයකු ඔවුන් වෙත එව්වේ ද නැත

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا۟ مِعْشَارَ مَآ ءَاتَيْنَـٰهُمْ فَكَذَّبُوا۟ رُسُلِى ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿٤٥﴾

ආද්, සමූද්, ලූත්ගේ ජනයා වැනි පෙර විසූ ජන සමූහයන්ද බොරු කළෝය. පෙර විසූ ජන සමූහයන් ලබා තිබූ ශක්තිය, ආශිර්වාදය, ධනය හා සංඛ්යාව අනුව නුඹේ ජනයා අතර සිටින දේව ආදේශකයින් දහයෙන් කොටසක් හෝ ළඟා කර ගෙන නැත. එසේ තිබියදීත් ඔවුන් අතරින් සෑම සමූහයක්ම එම සමූහයාගේ දූතයාණන් බොරු බවට පත් කළේය. ඔවුනට පිරිනමනු ලැබූ ධනය ශක්තිය හෝ සංඛ්යාව ඔවුනට ප්රයෝජනවත් නොවීය. මාගේ දඬුවම ඔවුනට පහළ විය. අහෝ දූතය! ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැයි ද ඔවුන් වෙනුවෙන් වූ මාගේ දඬුවම කෙසේ වී දැයි ද මැනවින් බලනු

۞ قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌۭ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍۢ شَدِيدٍۢ ﴿٤٦﴾

بينيدى عذاب شديد අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මම නුඹලාට සැල කර සිටිනුයේ නුඹලාට අවවාද කර සිටිනුයේ එක් කරුණකි. එනම් එය සුවිශුද්ධ අල්ලාහ් සතු මගපෙන්වීම වෙන් වෙන්ව දෙදෙනා බැගින් හෝ තනි තනිව හෝ ක්රියාත්මක කිරීමය. පසු ව නුඹලාගේ මිතුරාගේ චරිතය ගැන සිතා බලනු. ඔහුගේ බුද්ධිය ඔහුගේ සත්යතාව හා ඔහුගේ විශ්වසනීයත්වය ගැන සිතා බලනු. සැබැවින්ම ඔහුට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උමතුවක් නැති බව නුඹලාට පැහැදිළි වනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා මිදී ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු සතුව ඇති දැඩි දඬුවම ගැන නුඹලාට අවවාද කරන්නෙකු ලෙස මිස ඔහු නොවීය

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍۢ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌۭ ﴿٤٧﴾

අහෝ දූතය! බොරුකාර මෙම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා වෙත මා ගෙන ආ යහමග හා යහපත වෙනුවෙන් - එහි පැවැත්ම පිළිබඳ අගය කරමින්- මම නුඹලාගෙන් කිසිදු කුසලක් හෝ කුලියක් හෝ නොපතමි. එය නුඹලා වෙනුවෙන්මය. මාගේ කුසල් අල්ලාහ් මත පමණක් මිස නැත. සුවිශුද්ධයාණන් වන ඔහු සියලු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දෑ කෙරෙහි සාක්ෂිකරුය. සැබැවින්ම මම නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂි දරනු ඇත. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් සඳහා ද ඔහු සාක්ෂි දරනු ඇත. ඒ අනුව ඒවායෙහි ප්රතිඵල ඔහු නුඹලාට පූර්ණ ව පිරිනමනු ඇත.'

قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿٤٨﴾

අහෝ දූතය! ‘සැබැවින්ම මාගේ පරමාධිපති ව්යාජ දෑ මත සත්යය ආධිපත්යය දරන්නට සලස්වා එය නිෂ්ඵල කරනු ඇත. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නා මහා ඥානීය. අහස්හි හෝ මහපොළොවේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් ද ඔහුට සැඟවෙන්නේ නැත.’ යැයි පවසනු

قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَـٰطِلُ وَمَا يُعِيدُ ﴿٤٩﴾

අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සත්යය පැමිණියේය. එය ඉස්ලාමයයි. කිසිදු බලපෑමක් හෝ කිසිදු ශක්තියක් හෝ බිහි කළ නොහැකි එහි ක්රියාකාරිත්වය වෙත නැවත හැරීමක් නැති ව්යාජ දෑ ඉකුත්ව ගියේය

قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌۭ قَرِيبٌۭ ﴿٥٠﴾

අහෝ දූතය! බොරුකාර මෙම ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘මම නුඹලාට දන්වා සිටින දෑහි සත්යයෙන් මා මුළා වී නම් මාගේ මුළාවෙහි හානිය මා වෙත සීමා වනු ඇත. ඒ කිසිවක් නුඹලාට ළඟා වන්නේ නැත. ඒ වෙත මා මග ලැබුවේ නම් මාගේ පරමාධිපතියාණන් මා වෙත දන්වා සිටින දෑට එය හේතුවක් වන්නේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. ඉතා සමීපය. මා පවසන දෑ සවන් දෙන්නට ඔහුට බාධාවක් නැත

وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُوا۟ فَلَا فَوْتَ وَأُخِذُوا۟ مِن مَّكَانٍۢ قَرِيبٍۢ ﴿٥١﴾

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම දෑසින් දකින කල්හි මෙම බොරුකාරයින් තැතිගන්නා අවස්ථාව නුඹ දුටුවෙහි නම්, ඉන් ඔවුනට කිසිදු පලායාමක් හෝ සරණ පතන ස්ථානයක් හෝ නොවනු ඇත. බැලූ බැල්මට හසුකර ගත හැකි පහසු ස්ථානයෙන් ඔවුන් හසුකරගනු ලබනු ඇත. එය නුඹ දුටු විට එය මවිතය දන්වන සිදුවීමක් ලෙස නුඹ දකිනු ඇත

وَقَالُوٓا۟ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ﴿٥٢﴾

ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඔවුන් දුටු කල්හි, ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අපි විශ්වාස කරමු.’ යැයි පවසති. එම විශ්වාසය හා එහි ක්රියාකාරිත්වය ඔවුනට පක්ෂ ව පිහිටනුයේ කෙසේ ද? දේව විශ්වාසය පිළිගනු ලබන ස්ථානය ඔවුන්ගෙන් දුරස් වී ඇත. එනම්, ක්රියාවන් ඉටු කරනු ලබන නමුත් ප්රතිඵල පිරිනමනු නොලබන මෙලොව නිවහනින්, ක්රියාවන් ඉටු කරනු නොලබන ප්රතිඵල පිරිනමනු ලබන මතුලොව නිවහන වෙත ඔවුන් බැහැර කිරීමෙනි

وَقَدْ كَفَرُوا۟ بِهِۦ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ﴿٥٣﴾

මෙලොව ජීවිතයේ දූතයාණන්ව ප්රතික්ෂේප කර; එතුමා ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යනාදී ලෙස පවසා; සත්යය සෙවීමෙන් දුරක වී අනුමාන කර එය හෙළා දුටු අය වනාහි, දේව විශ්වාසය ඔවුන් තුළ හට ගෙන එය පිළිගනු ලබනුයේ කෙසේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّۢ مُّرِيبٍۭ ﴿٥٤﴾

මෙලොව ආශාවන්ගෙන් ඔවුන් ප්රිය කරන දෑ ලබා ගැනීමෙන් ද, දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාව පිළිගැනීමෙන් ද, නිරා ගින්නෙන් මිදීමෙන් ද, නැවතත් මෙලොව ජීවිතයට පිවිසීමෙන් ද එම බොරුකාරයින් වළක්වනු ලැබුවෝය. එය ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ට සිදු කරන ලද්දාක් මෙනි. සැබවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැගිටුවනු ලැබීම ගැන වූ විශ්වාසය සම්බන්ධයෙන් කවර කරුණක් එම දූතවරු ඔවුන් වෙත ගෙන ආවේ ද සැබැවින්ම ඔවුහු ඒ සම්බන්ධයෙන් සැකයෙහි පසුවූවෝය. දේව ප්රතික්ෂේපය අවුලමින් සැකයෙහි පසුවූවෝය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Saba — سبأ

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා