මුල් පිටුවතෆ්සීර්Al-Ahzaab (33)

තෆ්සීර් Al-Ahzaab (33) — الأحزاب

මදනී · 73 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿١﴾

අහෝ නබිවරය! නුඹ සහ නුඹ සමග සිටින්නන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කිරීමෙහි ස්ථාවර ව සිටිනු. ඔහුට පමණක් බිය වනු. දේව ප්රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ ආශාවන් අතරට නුඹ යටත් නොවනු. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සිදු කරන කුමන්ත්රණ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් මැනවින් දාන්නාය. එමෙන්ම ඔහුගේ මැවීම් හා ඔහුගේ සැලසුම් කිරීම් හි ඔහු මහා ප්රඥාවන්තය

وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ﴿٢﴾

නුඹේ පරමාධිපති නුඹ වෙත පහළ කරන දිව්ය පණිවිඩ අනුගමනය කරනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඒවායින් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත

وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ﴿٣﴾

සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍۢ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ ۚ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّـٰٓـِٔى تُظَـٰهِرُونَ مِنْهُنَّ أُمَّهَـٰتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ ﴿٤﴾

පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත

ٱدْعُوهُمْ لِـَٔابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوٓا۟ ءَابَآءَهُمْ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٰلِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌۭ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا ﴿٥﴾

සැබැවින්ම නුඹලාගේ දරුවන් යැයි නුඹලා අවධාරණය කරන දරුවන් ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ වාසගම සමග සම්බන්ධ කර අමතනු. එවිට ඔවුන් ඔවුන් සමග සම්බන්ධකම් පවත් වනු ඇත. එය අල්ලාහ් අබියස වූ යුක්ති ධර්මයකි. ඔවුනට ඔවුන්ගේ පියවරුන් සමග සම්බන්ධ කරන වාසගම් නුඹලා නොදන්නෙහු නම් ඔවුන් දහම තුළ නුඹලාගේ සහෝදරයින් වෙති. වහල්භාවයෙන් නිදහස් වූ නුඹලා අතර නිදහස් පුද්ගලයෝ වෙති. ‘මාගේ සහෝදරයා, මාගේ මහප්පාගේ සහෝදරයා’ වැනි ප්රකාශවලින් ඔවුන් ඇරයුම් කරනු. නුඹලා අතරින් කිසිවකුට වැරදී ඔහුගේ හිමිකම් පෑමට අයැදුම්කරුවෙකු ඉදිරිපත් කළහොත් ඔබ කෙරෙහි පාපයක් නැත. නමුත් ඒ ගැන උවමනාවෙන්ම කතා කරන අවස්ථාවේ නුඹලා පාපයින් බවට පත් වන්නෙහුය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවේ නිරත වන්නන් හට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් වරදට හසුකර නොගන්නා පරිදි ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ ۗ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَـٰبِ ٱللَّهِ مِنَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُهَـٰجِرِينَ إِلَّآ أَن تَفْعَلُوٓا۟ إِلَىٰٓ أَوْلِيَآئِكُم مَّعْرُوفًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَـٰبِ مَسْطُورًۭا ﴿٦﴾

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කරන්නන් කවර කරුණක් වෙත ඇරයුම් කරමින් සිටියේ ද ඔවුන්ගේ ආත්මාවන් ඒ හැර වෙනත් දෑ වෙත නැඹුරු වුවද එම විෂයයන්හි ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳ එතුමාණන් වඩාත් උරුමය ඇත්තාය. එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බිරින්දෑවරු සියලුම දේවත්වය විශ්වාස කරන්නන් සඳහා මව්වරුන්ගේ ස්ථානයේ සිටිති. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අභාවයට පත් වූ පසු ව දේවත්වය විශ්වාස කරන කවරෙකු විසින් හෝ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් හෝ විවාහ කර ගැනීම තහනම් වන්නේය. ඉස්ලාමය ආරම්භයේ තමන් අතර උරුමකම් පාමින් සිටි දෙවියන් විශ්වාස කළ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගිය අයවලුන් අතරින් අල්ලාහ්ගේ තීන්දුව අනුව ලේ ඥාතීත්වය ඇත්තෝ එකිනෙකා උරුමකම් පෑමට වාඩාත් සුදුස්සෝ වූවෝය. ඉන් පසුව ඔවුන්ගේ උරුමකම් පෑමේ නීතිය වෙනස් කරනු ලැබීය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! එනමුත් උරුමය නොමැති ව නුඹලාගේ හිතමිතුරන් වෙත ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමේ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අපේක්ෂාවෙන් එසේ කටයුතු කරන්නේ නම් ඒ සඳහා නුඹලාට අනුමැතිය ඇත. මෙම නීතිය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ පේළිවල විය. ඒ අනුව කටයුතු කිරීම අනිවාර්යය වන්නේය

وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَـٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍۢ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًۭا ﴿٧﴾

අල්ලාහ්ට පමණක් නමදින ලෙස ද, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙස ද ඔවුන් වෙත කවර දේව පණිවිඩයක් පහළ කරනු ලැබුවේ ද එය ප්රචාරය කරන ලෙස ද, අපි නබිවරුන්ගෙන් ස්ථාවර ගිවිසුමක් ගත් සැටි නබි තුමණි! මෙනෙහි කරනු. විශේෂයෙන්ම නුඹගෙන් ද නූහ් ඉබ්රාහීම් මූසා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද එවැනි අයුරින්ම ප්රතිඥාවක් ගත් සැටිත් මෙනෙහි කරනු. තවද ඔවුනට විශ්වාසයෙන් පවරන ලද අල්ලාහ්ගේ දූත පණිවිඩ ප්රචාරය කිරීම සම්පූර්ණ කරන මෙන් ස්ථාවර ප්රතිඥාවක් අපි ඔවුන්ගෙන් ගත්තෙමු

لِّيَسْـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًا أَلِيمًۭا ﴿٨﴾

මෙම ස්ථාවර ප්රතිඥා ව නබිවරුන්ගෙන් අල්ලාහ් ගෙන ඇත්තේ දේව ප්රතික්ෂේපකයින් හෙළා දකින පරිදි ඔවුන්ගේ සත්යයතාව ගැන දූතවරුන් අතරින් සත්යාවදීන්ගෙන් ප්රශ්න කරනු පිණිසය. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන්ට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත්තේය. එය අපා ගින්නය

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌۭ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا وَجُنُودًۭا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ﴿٩﴾

بما تعملون بصيرا අල්ලාහ්ව විශ්වාස කොට ඔහු දහම්ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු. නුඹලා සමග සටන් කිරීම සඳහා දේව ප්රතික්ෂේපකයින්ගේ සේනාවන් මදීනා වෙත පැමිණි විට කුහකයින් හා යුදෙව්වන් ඔවුන් සමග එකතු වූ අවස්ථාවේ ඔවුන් වෙත අපි සුළඟක් එව්වෙමු. එය දැඩි සුළඟක් විය. එමගින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ජය හිමි විය. එමෙන්ම නුඹලා නොදුටු මලක්වරුන්ගෙන් සේනාවක් ද අපි එව්වෙමු. දේව ප්රතික්ෂේපකයෝ කිසිවක් කර කියාගත නොහැකිව පලා ගියෝයා. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂක ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَـٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ﴿١٠﴾

එනම් දේව ප්රතික්ෂේපකයෝ මිටියාවතට බටහිරෙන් හා නැගෙනහිරෙන් ඉහළ දෙසින් ද එයට පහළ දෙසින් ද නුඹලා වෙත පැමිණි අවස්ථාවේ සතුරන්ගේ අවධානය මිස අන් සියලු දැයින් නුඹලාගේ බැල්ම බැහැර වී තිබූ අවස්ථාවේ දැඩි බිය හේතුවෙන් හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී තිබූ අවස්ථාවේ නුඹලා අල්ලාහ් පිළිබඳ විවිධ සිතුවිලි ඇති කරගත්තෙහුය. විටෙක ජය සිතුවෙහුය. තවත් විටෙක එයින් පරාජයට පත්වේවි යැයි සිතුවෙහුය

هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًۭا شَدِيدًۭا ﴿١١﴾

හඃන්දක් යුද පිටියේ එම ස්ථානයේ දේව විශ්වාසීහු තමන්ට එරෙහි ව ඔවුන්ගේ සතුරන්ගේ පීඩනයට ඔවුන් මුහුණ දුන් හේතුවෙන් ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. බිය හේතුවෙන් ඔවුන් දැඩි සේ කම්පනයට පත් වූහ. මෙම පරීක්ෂණය තුළින් දේව විශ්වාසියා හා කුහකයා කවුරුන්දැ යි පැහැදිලි විය

وَإِذْ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًۭا ﴿١٢﴾

එදින කුහකයෝ හා තම සිත් තුළ සැකය ඇති කර ගත් දුර්වල විශ්වාසයක් ඇත්තෝ, "අපගේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය හා මහපොළොවේ පහසුකම් සලසන බවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපහට ප්රතිඥා දුන් දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දැයක් මිස නැතැ"යි පැවසූහ

وَإِذْ قَالَت طَّآئِفَةٌۭ مِّنْهُمْ يَـٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُوا۟ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌۭ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌۭ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًۭا ﴿١٣﴾

අහෝ දූතය! කුහකයින්ගෙන් පිරිසක් මදීනා වාසීන්ට, "යස්රිබ් වැසියනි! (ඉස්ලාමයට පෙර මදීනා නගරය හැඳින් වූ නාමයයි.) ‘හඃන්දක්’ අසළ ‘සල්උ’ කඳු පාමුළ නුඹලාට කිසිදු නවාතැනක් නැත. එහෙයින් නුඹලාගේ නිවෙස් වෙත හැරී යනු." යැයි කී අවස්ථාව නබිවරය මෙනෙහි කරනු. එවිට ඔවුන්ගෙන් පිරිසක් තමන්ගේ නිවෙස් සතුරන්ට අනාවරණය වී ඇතැයි තර්ක කරමින් ඔවුන්ගේ නිවෙස් වෙත නැවත හැරී යන්නට නබි(සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අවසර පැතුවෝය. ඔවුන් සිතූ පරිදි ඒවා අනාරක්ෂිත නොවීය. මෙසේ ඔවුන් බොරුවට නිදහසට කරුණු දැක්වීමෙන් බලාපොරොත්තු වූයේ සතුරන්ගෙන් පළා යෑමය

وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا۟ ٱلْفِتْنَةَ لَـَٔاتَوْهَا وَمَا تَلَبَّثُوا۟ بِهَآ إِلَّا يَسِيرًۭا ﴿١٤﴾

මදීනාවේ සෑම දෙසකින්ම සතුරන් ඔවුන් වෙත ඇතුළු වී දේව ප්රතික්ෂේපය හා බහුදේව වාදය වෙත නැවත හැරෙන මෙන් ඇරයුම් කළේ නම් ඔවුන් එම සතුරන් වෙත පැමිණෙනු ඇත. ඔවුන් දහම අතහැර යාමෙන් හා දේව ප්රතික්ෂේපය වෙත පසුබෑමෙන් ස්වල්ප කාලයක් මිස රැඳී සිටියේ නැත

وَلَقَدْ كَانُوا۟ عَـٰهَدُوا۟ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَـٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًۭا ﴿١٥﴾

උහද් දින යුද පිටියෙන් පලා යාමෙන් පසු ව, "අල්ලාහ් තමන්හට තවත් යුද්ධයකට සහභාගි වීමට අවස්ථාව සැලසුවේ නම් ඔවුන්ගේ සතුරන් සමග ඔවුන් යුද වදින බවටත් ඔවුනට බියෙන් පලා නොයන බවටත්" අල්ලාහ් සමග මෙම කුහකයෝ ගිවිස ගත්තෝය. නමුත් ඔවුහු ඉන් වැළකී සිටියෝය. ගැත්තා අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම ගැන ප්රශ්න කරනු ලබන්නෙකි. ඒ ගැන ඔහු මතු විභාග කරනු ලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًۭا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًۭا ﴿١٦﴾

අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "මිය යෑමට හෝ සටන් කිරීමට හෝ බියෙන් යුද පිටියෙන් නුඹලා පළා ගියේ නම්, එය නුඹලාට ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම ආයු කාලය නිර්ණය කරනු ලැබූවකි. නුඹලා එසේ පලා ගියෙහු නම් නුඹලාගේ ආයුකාලයට පරීක්ෂණයක් නොවනු ඇත. එවිට සැබැවින්ම නුඹලා මෙලොව ජීවිතයේ ස්වල්ප කාලයක්ي මිස භුක්ති නොවිඳිනු ඇත."

قُلْ مَن ذَا ٱلَّذِى يَعْصِمُكُم مِّنَ ٱللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوٓءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةًۭ ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿١٧﴾

ولا نص يرا අහෝ දූතය! නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මරණය හෝ ඝාතනය වැනි නුඹලා පිළිකුල් කරන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ සාමය, යහපත වැනි නුඹලා බලාපොරොත්තු වන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ එය අල්ලාහ්ගෙන් නුඹලාට වළක්වාලනුයේ කවුරුන් ද? නුඹලාට එය වළක්වන කිසිවෙකු හෝ නැත.' කුහකයින්හට ඔවුන්ගේ කටයුතු භාර ව කටයුතු කරන්නෙකු ලෙස අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. ඔවුන් සතු අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට ද කිසිදු උදව්කරුවකු ඔවුනට නැත

۞ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلْمُعَوِّقِينَ مِنكُمْ وَٱلْقَآئِلِينَ لِإِخْوَٰنِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ ٱلْبَأْسَ إِلَّا قَلِيلًا ﴿١٨﴾

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග එක් ව සටන් කිරීමේදී නුඹලා අතර සිටින සෙසු ජනයා අධෛර්යට පත් කරන්නන් පිළිබඳ අල්ලාහ් දනී. ඔවුහු තම සහෝදරයින්ට ‘අප වෙත එනු. ඔහු සමග එක්ව නුඹලා සටන් නො කරනු. එවිට නුඹලා ඝාතනය කරනු නො ලබනු ඇත. එසේ නොවී නම් සැබැවින්ම නුඹලා ඝාතනය කරනු ලබනු ඇතැයි අපි බියවෙමු. මෙම කඩාකප්පල්කාරීන් සටනට නොපැමිණෙන අතර ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර එයට සහභාගී වන්නේ ද නැත. ඔවුන් එසේ සිදු කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට ජය ලබා දෙනු පණිස නොව, තමන්ගේ විළි වසා ගැනීම සඳහාය

أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ ۚ أُو۟لَـٰٓئِكَ لَمْ يُؤْمِنُوا۟ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَـٰلَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ﴿١٩﴾

ه يسيرا දේව විශ්වාසී ජනයිනි! එය ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් පවතින නුඹලා කෙරෙහි වූ මසුරුකම හේතුවෙනි. ඒවා වියදම් කරමින් නුඹලාට ඔවුහු උපකාර නොකරති. එමෙන්ම ඔවුන් ඔවුන් ගැනම මසුරු වෙති. නුඹලා සමග එක් ව සටන් නොකරති. ඔවුන්ගේ හිතමිතුරන් ගැන ද මසුරු වෙති. එහෙයින් නුඹලා සමග හිතවත්කම් නොපානු ඇත. අහෝ දූතය! සතුරන් හමු වන අවස්ථාවේ ඔවුනට බිය පැමිණි විට මරණ මංචකයේ තම ඇස් දෙක කැරකෙමින් තිබෙන රෝගියකු මෙන් බියෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් බිය පහ වී ඔවුන් සන්සුන් තත්ත්වයට පත් වූ විට ඔවුන් චතුර ලෙස කතා කරමින් නුඹලාට වේදනා ගෙන දෙති. තණ්හාවෙන් යුතු ව යුද්ධයේ අතහැර දමා ගිය වස්තුව ගැන සොයති. මෙම ගුණාංගවලින් යුත් ඇත්තන් සැබෑ ලෙස විශ්වාස නොකළෝය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය. එසේ නිෂ්ඵල කිරීම අල්ලාහ්ට පහසු කාර්යයක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَحْسَبُونَ ٱلْأَحْزَابَ لَمْ يَذْهَبُوا۟ ۖ وَإِن يَأْتِ ٱلْأَحْزَابُ يَوَدُّوا۟ لَوْ أَنَّهُم بَادُونَ فِى ٱلْأَعْرَابِ يَسْـَٔلُونَ عَنْ أَنۢبَآئِكُمْ ۖ وَلَوْ كَانُوا۟ فِيكُم مَّا قَـٰتَلُوٓا۟ إِلَّا قَلِيلًۭا ﴿٢٠﴾

මෙම බියගුල්ලෝ සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් හා දේව විශ්වාසීන්ට එරෙහිව පවතින යුද්ධයේ කලහකාරී සේනාංක දේව විශ්වාසීන් වෙත සේන්දු වන තෙක්ම ඔවුන් ඔවුන්ගෙන් ඉවත්ව නොයන බව සිතති. නැවත වතාවක් එම සේනාංක පැමිණෙන්නට අවස්ථාවක් ඇති වූ විට එම කුහකයෝ සැබැවින්ම ගැමි අරාබිවරුන් සමග මදීනාවෙන් පිටතට ගොස් -නුඹලාගේ සතුරන් නුඹලා සමග සටන් කළ පසු නුඹලාට අත් වූයේ කුමක් දැයි විමසා නුඹලාගේ තොරතුරු දැනගන්නට ප්රිය කරති. අහෝ දේව විශ්වාසී ජනයිනි! ඔවුන් නුඹලා සමග සිටියේ නම් ස්වල්ප දෙනෙකු හැර නුඹලා සමග එක්ව සටන් නොවදිනු ඇත. එහෙයින් නුඹලා ඔවුන් ගැන ගැටලුවක් ඇති කර නොගන්න. ඔවුන් ගැන දුක් නොවන්න

لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْـَٔاخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًۭا ﴿٢١﴾

අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ දෑහි, එතුමාණන් ඒ අනුව ක්රියාත්ම කළ දෑහි හා එතුමාණන් කටයුතු කළ දෑහි අලංකාර ආදර්ශයක් නුඹලාට විය. එතුමාගේ ගෞරවනීය ප්රාණය පරදුවට තබා යුද්ධය සඳහා යුහුසුළුව සූදානම් වූහ. එසේ තිබියදී එතුමාගේ ජීවිතයට වඩා නුඹලාගේ ජීවිත ගැන නුඹලා මසුරු වනුයේ කෙසේ ද? අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් හා අවසන් දිනය බලාපොරොත්තුවෙන් සිටි, ඒ සඳහා කටයුතු කරන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් මිස අල්ලාහ්ගේ දූතයාණන් ගැන වෙනත් කිසිවකු කණස්සලු වන්නේ නැත. අවසන් දිනය ගැන බලාපොරොත්තු නොවන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි නොකරන අය වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් ගැන දුක් නොවනු ඇත

وَلَمَّا رَءَا ٱلْمُؤْمِنُونَ ٱلْأَحْزَابَ قَالُوا۟ هَـٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥ ۚ وَمَا زَادَهُمْ إِلَّآ إِيمَـٰنًۭا وَتَسْلِيمًۭا ﴿٢٢﴾

وتسليما දේව විශ්වාසීන් සමග යුද වදින්නට එක්රැස් වූ සේනාංකයන් ඔවුන් දෑසින් ම දුටු කල්හි ඔවුහු, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට ප්රතිඥා දුන් පරීක්ෂණය, විභාගය, උදව්ව උපකාරය මෙයයි. මෙහිදී අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පවසා ඇත. එය තහවුරු විය." යැයි පවසා සිටියහ. සේනාවන් තම දෑසින් දැකීම අල්ලාහ් පිළිබඳ විශ්වාසය හා ඔහුට අවනත වීම මිස වෙනත් කිසිවක් ඔවුනට වර්ධනය කළේ නැත

مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌۭ صَدَقُوا۟ مَا عَـٰهَدُوا۟ ٱللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا۟ تَبْدِيلًۭا ﴿٢٣﴾

දේව විශ්වාසීන් අතර අල්ලාහ් සත්යය බව පවසා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම මත ඉවසීමෙන් දරා එහි ස්ථාවර ව සිටින බවට ඔහු සමග ඇති කරගත් ගිවිසුම ඉටු කළ පිරිමින් පිරිසක් දේව විශ්වාසීන් අතර වෙති. එමෙන්ම මිය ගිය හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් පිරිසක් ද වෙති. තවද අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් ද වෙති. කුහකයින් තමන්ගේ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළාක් මෙන් මෙම දේව විශ්වාසීන් අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් වෙනස් කළේ නැත

لِّيَجْزِىَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ إِن شَآءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿٢٤﴾

ඔවුන්ගේ සත්යතා ව, ඔවුන්ගේ ගිවිසුම් ඉටු කිරීම යනාදිය සම්බන්ධයෙන් ඔවුන් අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කළා වූ සත්යය වාදීන්හට අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසත් ඔහු අභිමත කරන පරිදි ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාවට පෙර හෝ එම පාපක්ෂමාවට ඔවුනට ඔහු ආශිර්වාද කිරීමෙන් ඔවුනට පාපක්ෂමාව පිරිනැමීමට පෙර ඔවුන් මරණයට පත් කොට ගිවිසුම් කඩා දැමූ කුහකයින්හට දඬුවම් කරනු පිණිසත් ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කවරෙකු තම පාපයන් සඳහා පාපක්ෂමාවේ නිරතවන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි මහා කාරුණිකය

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ بِغَيْظِهِمْ لَمْ يَنَالُوا۟ خَيْرًۭا ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًۭا ﴿٢٥﴾

කුරෙයිෂ්වරු, ගුත්ෆාන් වරු හා ඔවුන් සමග සිටි ජනයා බලාපොරොත්තු වූ දෑ ඔවුනට අහිමි වීම නිසාවෙන් හා දේව විශ්වාසීන්ට ළඟා කරවන්නට ඔවුන් සිතූ දෑ ක්රියාත්මක කිරීමට නොහැකිව ඔවුන් අසමත් වූ නිසාවෙන් පීඩාවෙන් හා වේදනාවන්ගෙන් අල්ලාහ් ඔවුනට ප්රතිචාර දැක්වීය. ඔවුනට එරෙහිව අල්ලාහ් සුළඟක් යවා මලක්වරුන් ද පහළ කිරීම හේතුවෙන් ඔවුන් සමග දේව විශ්වාසීන් සටන් කිරීම ප්රමාණවත් විය. අල්ලාහ් සර්වබලධාරී හා සර්ව ශක්තිය ඇත්තාය. කිසිවෙකු විසින් ඔහු ව පරාජය කිරීමට හෝ ඔහු ව පහත් කිරීමට හෝ නොහැක

وَأَنزَلَ ٱلَّذِينَ ظَـٰهَرُوهُم مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ فَرِيقًۭا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًۭا ﴿٢٦﴾

فر يقا තම සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා බලකොටු තනා ඔවුන්ගේ එම බලකොටුවල සිට ඔවුනට උපකාර කළ යුදෙව්වන් පහළට බැස්සවීය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පිරිසක් ඝාතනය කළෙහුය. නුඹලා තවත් පිරිසක් සිරභාරයට ගත්තෙුහුය

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَـٰرَهُمْ وَأَمْوَٰلَهُمْ وَأَرْضًۭا لَّمْ تَطَـُٔوهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرًۭا ﴿٢٧﴾

ඔවුන් ව විනාශ කිරීමෙන් පසු ව වගාවන් හා රට ඉඳි ගස් සහිත ඔවුන්ගේ භූමිය අල්ලාහ් නුඹලාට අයිති කළේය. ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ අනෙකුත් සම්පත් ද නුඹලාට උරුම කළේය. කිසිවකු පය නොතැබූ කයිබර් භූමිය ද ඔහු නුඹලාට උරුම කළේය. මීට පෙර නුඹලා එහි පය නොතැබුවෙහිය. මෙය දේව විශ්වාසීන්හට වූ ප්රතිඥාවක් හා සුභාරංචියකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැක

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ إِن كُنتُنَّ تُرِدْنَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًۭا جَمِيلًۭا ﴿٢٨﴾

අහෝ නබිවරය! නුඹේ බිරියන් සඳහා අධික ව වියදම් කිරීමේ පහසුකම් නුඹ සතු ව නොමැති තත්ත්වයක, වියදම සඳහා වැඩිපුර ප්රමාණයක් ලබා දෙන මෙන් නුඹෙන් පතන බිරින්දෑවරුන්ට නුඹ මෙසේ පවසනු. "නුඹලා මෙලොව ජීවිතය හා එහි ඇති අලංකාරය අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා මා වෙත එනු. දික්කසාද වූ කාන්තාවන් කවර කරුණක් භුක්ති විඳින්නේ ද එවන් දෑ භුක්ති විඳීමට සලස්වමි. හිංසා කිරීමෙන් හෝ පීඩා කිරීමෙන් තොර ව මම නුඹලා ව දික්කසාද කරමි."

وَإِن كُنتُنَّ تُرِدْنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلْـَٔاخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلْمُحْسِنَـٰتِ مِنكُنَّ أَجْرًا عَظِيمًۭا ﴿٢٩﴾

"නුඹලා අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය බලාපොරොත්තු වන්නෙහු නම් මතුලොව නිවහනෙහි ස්වර්ග උයන අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා සිටින තත්ත්වය මත ඉවසීමෙන් රෑඳී සිටිනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත ව හා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අතිමහත් තිළිණයක් සූදානම් කර ඇත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَـٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ يُضَـٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ﴿٣٠﴾

නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු ප්රසිද්ධ පාපයක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා දඬුවම ඇයට ගුණ කර දෙනු ඇත. එය ඇයට හිමිව ඇති නිලය හා ස්ථානය නිසාවෙනි. එමෙන්ම ඔවුන් සමග වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඇසුරු ආරක්ෂා කිරීම සඳහාය. එසේ ගුණ කර දීම අල්ලාහ්ට පහසු කාර්යයකි

۞ وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَـٰلِحًۭا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًۭا كَرِيمًۭا ﴿٣١﴾

නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙහි අඛණ්ඩව නියැළී අල්ලාහ් අබිසය පිළි ගනු ලැබූ දැහැමි ක්රියාවන් සිදු කරන්නී ද සෙසු බිරියන්ට වඩා ඇයට ඒ හැර වෙනත් තිළිණ ගුණ කර පිරිනමමු. ඇය වෙනුවෙන් මතුලොවෙහි ගෞරවනීය කුසලක් සූදානම් කර ඇත්තෙමු. එය ස්වර්ග උයනයි

يَـٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍۢ مِّنَ ٱلنِّسَآءِ ۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌۭ وَقُلْنَ قَوْلًۭا مَّعْرُوفًۭا ﴿٣٢﴾

م عروفا අහෝ නබි මුහම්මද්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) බිරින්දෑවරුනි! ගෞරව මහිමයෙහි නුඹලා සෙසු කාන්තාවන් මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නෙහු නම්, එවිට නුඹලා නොවන වෙනත් කිසිවකු ලඟා කර නොගත් විශිෂ්ට නිලයක මහිමය හා ගෞරවය තුළ නුඹලා සිටින්නෙහුය. එහෙයින් නුඹලා පිටස්තර පිරිමින් සමග කතා කරන විට මෘදු හඬින් හෝ සිහින් හඬින් කතා නොකරනු. ඒ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ කුහකත්වයේ රෝගය හා තහනම් කරන ලද ආශාවන් ඇති වනු ඇත. කුතුහලය දුරස් කරන කතාවෙන් කතා කරනු. එය විහිළුවකින් තොරව හා අවශ්යතාවේ තරමට විය යුතුය

وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًۭا ﴿٣٣﴾

නුඹලාගේ නිවෙස් තුළම නුඹලා රැඳී සිටිනු. අවශ්යතාවකින් තොර ව ඉන් බැහැරට නොයනු. ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පිරිමින් ආකාර්ෂණය වන පරිදි කාන්තාවන් අලංකාරය ප්රදර්ශණය කළාක් මෙන් නුඹලාගේ අලංකාරය නුඹලා හෙළි නොකරනු. සලාතය පූර්ණ ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. දේව දූතයාණන්ගේ බිරින්දෑවරුණි! එතුමාගේ නිවැසියනි! අල්ලාහ් ප්රිය කරනුයේ සැබැවින්ම නුඹලාගෙන් නපුර හා කිලිටි ඉවත් කොට මහඟු සාරධර්ම තුළින් නුඹලාගේ සිත් පළඳවා ඒවා පිරිසිදු කොට නුඹලාගේ පහත් ක්රියාවන් ඒවායින් හිස් කොට ඉන් පසු කිසිදු පාපයක් නොවන තරමට ඒවා පිරිසිදු කිරීමටය

وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَـٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ﴿٣٤﴾

අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරන ලද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන්ගේ පිවිතුරු චරිතයෙන් නුඹලාගේ නිවෙස්වල කියවනු ලබන දෑ ගැන මෙනෙහි කරනු. ඔහුගේ නබිවරයාගේ නිවෙස්වල නුඹලා ව පදිංචි කරවමින් නුඹලා ට ආශිර්වාද කළ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මෛත්රිය දැක්වීය. එමෙන්ම නුඹලා ව ඔහුගේ දූතයාණන්ගේ බිරියන් ලෙසත් ඔහුගේ සමූහයා අතර සිටින දේව විශ්වාසී ජනයාට මව්වරුන් ලෙසත් නුඹලා ව තෝරාගත් අවස්ථාවේ නුඹලා ගැන තොරතුරු ඔහු මැනවින් දැන සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَـٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَٱلْقَـٰنِتِينَ وَٱلْقَـٰنِتَـٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَـٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلْخَـٰشِعِينَ وَٱلْخَـٰشِعَـٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَـٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَـٰتِ وَٱلْحَـٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَـٰفِظَـٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرًۭا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةًۭ وَأَجْرًا عَظِيمًۭا ﴿٣٥﴾

ه ه අල්ලාහ්ට අවනත වී ඔහුට යටහත් වන්නන් හා යටහත් වන්නියන් ද අල්ලාහ් සත්යය බව විශ්වාස කරන්නන් හා එසේ විශ්වාස කරන්නියන් ද අල්ලාහ්ට අවනත වන්නන් හා අවනත වන්නියන් ද තම විශ්වාසය හා තම ප්රකාශයන් තුළ සත්යවාදීන් හා සත්යවාදිනියන් ද අවනත වීම, පාපකම්වලින් දුරස්වීම හා පරීක්ෂණ මත ඉවසීම යනාදී කරුණුවල ඉවසලිවන්තව කටයුතු කරන්නන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්නියන් ද අනිවාර්යය වගකීම්වල මෙන්ම අතිරේක කටයුතුවලදී තම ධනය දානය කරන්නන් හා දානය කරන්නියන් ද අනිවාර්යය හා අතිරේක උපවසායන්හි අල්ලාහ් වෙනුවෙන් උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන් දෙස බැල්ම හෙළීමට අනුමැතිය නැති උදවිය ඉදිරියේ තම රහස්ය පෙදෙස් නිරාවරණය නොකර ආවරණය කරමින් හා කාමයේ වරදවා හැසිරීමෙන් දුරස්වී රහස්ය පෙදෙස් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද තමන්ගේ දිවවල්වලින් හා හදවත්වලින් අල්ලාහ්ව අධික ලෙස රහසෙහි හා ප්රසිද්ධියේ මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ් ඔවුනට ඔහුගෙන් වූ පාපක්ෂමාවක් සූදානම් කර ඇත. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් කුසලක් ද ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත. එය ස්වර්ග උයනයි

وَمَا كَانَ لِمُؤْمِنٍۢ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًۭا مُّبِينًۭا ﴿٣٦﴾

ورسوله فقد ضل ضللا مبينا අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් ඔවුන් අතර තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසියෙකුට හෝ දේව විශ්වාසිනියකුට හෝ එය පිළිගැනීම එසේ නැතහොත් ප්රතික්ෂේප කිරීම (අතර) තෝරා ගැනීම සුදුසු නොවන්නේය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් පැහැදිලි ලෙස මුළාවට පත් විය

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌۭ مِّنْهَا وَطَرًۭا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌۭ فِىٓ أَزْوَٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًۭا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًۭا ﴿٣٧﴾

ى අහෝ දූතය! අල්ලාහ් විසින් ඉස්ලාමයේ ආශිර්වාදය පිරිනමනු ලැබූ මෙන්ම ඔබ විසින් වහල් බවින් නිදහස පිරිනමනු ලැබූ අයට නුඹ කතා කළ අවස්ථාව මෙනෙහි කරනු. මින් අදහස් කරනු ලැබුවේ සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හුමා) තුමාය. ඔහුගේ බිරිය සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය ව දික්කසාද කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හෙතෙම ඔබ වෙත පැමිණියේය. නුඹ ඔහුට, "ඔබේ බිරිය දික්කසාද නොකර රඳවා තබා ගන්න. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්න" යැයි පැවසුවෙහිය. එසේම සෙයිනබ් තුමිය ව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නුඹට දන්වා සිටි දිව්ය පණිවිඩය මිනිසුන්ට බියෙන් නුඹ තුළම සඟවාගෙන සිටියෙහුය. ඇය වෙනුවෙන් වූ සෙයිද්ගේ දික්කසාදය අල්ලාහ් හෙළි කරනු ඇත. පසුව ඇයව නුඹට විවාහ කර දෙනු ඇත. මෙම විෂයයෙහි බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද්ගේ සිත තැන්පත් වී ඇය ගැන අදහස අතහැර, ඇය ව ඔහු දික්කසාද කළ කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු. එය දරුකමට හදාවඩාගත් දරුවන් ඔවුන්ගේ බිරියන් දික්කසාද කොට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූ පසු ඔවුන් විවාහ කර ගැනීම දේව විශ්වාසීන්ට පාපයක් නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය. ඉන් වළක්වන කිසිවෙක් නැත. ඔහුගෙන් තොර කිසිදු තිරයක් නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَّا كَانَ عَلَى ٱلنَّبِىِّ مِنْ حَرَجٍۢ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥ ۖ سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ قَدَرًۭا مَّقْدُورًا ﴿٣٨﴾

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දරුකමට හදාවඩාගත් පුතනුවන්ගේ බිරිය විවාහ කර ගැනීමට අල්ලාහ් අනුමත කළ විෂයයෙහි එතුමාට කිසිදු පාපයක් හෝ පීඩනයක් හෝ නොවීය. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුට පෙර විසූ නබිවරුන්ගේ පිළිවෙතය. එම විෂයයෙහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දහම් දූතවරුන් අතුරින් නවකයෙකු නොවේ. අල්ලාහ් කවර කරුණක් වීවෘතව හා තීන්දු වශයෙන් (එනම්, මෙම විවාහය පූර්ණවත් කිරීම හා දරුකමට හදාගත් කරුණ අවලංගු කිරීම යනාදියයි. එහි දී නබි තුමාණන්ට කිසිදු අදහසක් හෝ කිසිදු තෝරා ගැනීමක් හෝ නැත.) ස්තීර ලෙස තීරණය කර ඇත්තේය. එයට විරුද්ධවන කිසිවක් නැත

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَـٰلَـٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَ ۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا ﴿٣٩﴾

මෙම නබිවරුන් වනාහි, ඔවුහු තමන් වෙත පහළ කරනු ලැබූ දිව්ය පණිවිඩ තම සමූහයා වෙත දන්වා සිටිති. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවෙකුට බිය නොවෙති. අල්ලාහ් ඔහුට අනුමත කළ දෑ ක්රියා කරන අවස්ථාවේ වෙනත් අය විසින් කරන ප්රකාශ වෙත හැරී නොයති. තම ගැත්තන්ගේ ක්රියාවන් ගැන ඔවුන්ගෙන් විනිශ්චය කිරීමටත් ඒ සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමන්නටත් එම ක්රියාවන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. යහපත් නම් එය යහපතකි. අයහපත් නම් එය අයහපතකි

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍۢ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿٤٠﴾

නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියකු ලෙස මුහම්මද් නොවීය. ඔහු සෙයිද්ගේ පියා නොවීය. සෙයිද් විවාහ කර ගත් බිරිය දික්කසාද කළ විට ඇයව විවාහ කර ගැනීම තහනම් වන තරමට ඔහු සෙයිද්ගේ පියා නොවීය. එනමුත් ඔහු මිනිස් වර්ගයා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. නබිවරුන්ගේ අවසානයාය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිදු නබිවරයෙකු නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. තම ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ ٱللَّهَ ذِكْرًۭا كَثِيرًۭا ﴿٤١﴾

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ හදවතින්, නුඹලාගේ දිවවල්වලින් නුඹලාගේ ශරීර අවයවයන්වලින් නුඹලා අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු. وسبحوه بكرة وأصيلا

وَسَبِّحُوهُ بُكْرَةًۭ وَأَصِيلًا ﴿٤٢﴾

දහවල ආරම්භයේ හා එහි අවසානයේ එම අවස්ථාවන් දෙකෙහි පිහිටා ඇති මහිමයන් හේතුවෙන් නුඹලා සුවිශුද්ධයාණන්ව ‘තස්බීහ්’ ගුණ ගායනා කරමින් හා තහ්ලීල් දේවත්වය අවංක ව ඔහුට පුද කරමින් ඔහු සුවිශුද්ධ කරනු

هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًۭا ﴿٤٣﴾

නුඹලාට කරුණාව පෙන්වා නුඹලාව පැසසුමට ලක් කරනුයේ ඔහුය. දේව ප්රතික්ෂේපයේ අන්ධකාරයන්ගෙන් දේව විශ්වාසය යන ආලෝකය වෙත ඔහු නුඹලාව බැහැර කිරීම සඳහා ඔහුගේ මලක්වරුන් නුඹලා වෙනුවෙන් ප්රාර්ථනා කරති. දේව විශ්වාසීන්ට ඔහු කාරුණිකය. ඔවුන් ඔහුට අවනත වන්නේ නම් ඔහු ඔවුනට දඬුවම් දෙන්නේ නැත. එහෙයින් ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُۥ سَلَـٰمٌۭ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًۭا كَرِيمًۭا ﴿٤٤﴾

දේව විශ්වාසීන් ඔවුන්ගේ පරමාධිපති හමුවන දිනයේ ඔවුන්ගේ සුභ පැතුම ‘සලාම්’ ශාන්තිය හා සියලු නපුරුකම්වලින් ‘අමාන්’ ආරක්ෂාව වේ. ඔවුනට අල්ලාහ් ගෞරවණීය ප්රතිඵල සූදානම් කර ඇත. - එය ඔහුගේ ස්වර්ගයයි- එය ඔවුන් ඔහුට අවනත වී පාපකම්වලින් ඔවුන් දුරස් වීම සඳහා ඔවුනට පිරිනමනු ලැබූ ප්රතිඵලයක් වශයෙනි

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًۭا وَمُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿٤٥﴾

අහෝ නබිවරය! ජනයා වෙත කවර කරුණක් එවනු ලැබුවේ ද එය නුඹ ඔවුනට දන්වා සිටීමෙන් නුඹ ඔවුනට සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ගය ගැන ඔවුනට සුභාරංචි දන්වන්නකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින් සඳහා ඔහු සූදානම් කර ඇති දඬුවම ගැන ඔවුනට බියගන්වන්නෙකු ලෙසත් සැබැවින්ම අපි නුඹ ව මිනිසුන් වෙත එව්වෙමු

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًۭا مُّنِيرًۭا ﴿٤٦﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත හා ඔහුගේ නියෝගයට අවනත වීම වෙත ඇරයුම් කරන්නෙකු ලෙසත් අපි ඔබ එව්වෙමු. එමෙන්ම යහමග ලබන්නට අපේක්ෂා කරන සෑම කෙනෙකුහටම ආලෝකය ලබන පහනක් ලෙසත් අපි ඔබ ව එව්වෙමු

وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضْلًۭا كَبِيرًۭا ﴿٤٧﴾

අල්ලාහ් ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කරන, ඔහු විශ්වාස කරන දේව විශ්වාසීන්හට මෙලොව ඔවුන්ගේ ජයග්රහණය සමග මතුලොව ස්වර්ගයට ප්රවේස වීමෙන් ලබන ජයග්රහණය ඇතුළත් අල්ලාහ්ගෙන් වූ අතිමහත් භාග්යය ඔවුනට ඇති බව දන්වා සිටිනු

وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ وَدَعْ أَذَىٰهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ﴿٤٨﴾

අල්ලාහ්ගේ දහමින් වළක්වාලීම සඳහා දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් ඇරයුම් කරන දෑහි ඔවුනට අවනත නොවනු. ඔවුන් ව පිටුදකිනු. සැබැවින්ම එය නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් විශ්වාස කිරීම සඳහා වඩාත් උචිත ඇරයුම් කිරීමක් විය හැක. නුඹේ සියලු කටයුතුවලදී අල්ලාහ් මත නුඹ ස්ථාවර ව සිටිනු. නුඹේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය ලැබීම ද ඉන් එකකි. ගැත්තන් තමන්ගේ මෙලොව මෙන්ම මතුලොව සියලු කටයුතුවලදී අල්ලාහ් මත ස්ථාවර ව සිටිමින් භාරකරුවකු වශයෙන් ගැනීමට අල්ලාහ් ප්රමාණවත් වේ

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَكَحْتُمُ ٱلْمُؤْمِنَـٰتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍۢ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًۭا جَمِيلًۭا ﴿٤٩﴾

فمتعوهن وسرحوهن سراحاجميلا අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා දේව විශ්වාසී කාන්තාවන් සමග විවාහ ගිවිස ගත් පසු ව ඔවුන් සමග ලිංගික ව එකතු වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළෙහු නම්, නුඹලා වෙනුවෙන් මාස ගණන් හෝ වේවා වාර ගණන් හෝ වේවා ඔවුන් පොරොත්තු කාලයක් අපේක්ෂාවෙන් සිටීම ඔවුනට අවශ්ය වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සමග නුඹලා ලිංගිකව එක් නොවූ හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂයන් නිදොස් බව දන්නා හෙයිනි. තවද භුක්තිය සඳහා නුඹලාගේ හැකියාවට අනුව නුඹලාගේ ධනයෙන් වන්දියක් දෙනු. එය දික්කසාද කළ හේතුවෙන් ඔවුන් මත කඩා වැටුනු වරද පිරවීමක් පිණිසය. ඔවුනට කිසිදු හිංසාවක් සිදු නොකර ඔවුන්ගේ පවුල වෙත සේන්දු වන්නට ඔවුන්ගේ මාර්ගය අත් හරිනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَحْلَلْنَا لَكَ أَزْوَٰجَكَ ٱلَّـٰتِىٓ ءَاتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَـٰلَـٰتِكَ ٱلَّـٰتِى هَاجَرْنَ مَعَكَ وَٱمْرَأَةًۭ مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِىِّ إِنْ أَرَادَ ٱلنَّبِىُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةًۭ لَّكَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِىٓ أَزْوَٰجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌۭ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿٥٠﴾

අහෝ නබිවරය! නුඹ මහර් ‘විවාහ ත්යාග’ පිරිනැමූ නුඹේ බිරියන් සැබැවින්ම අපි නුඹට අනුමත කළෙමු. එමෙන්ම යුද්ධයේ දී ලැබුණු වහල් කාන්තාවන් අතර නුඹ අතට පත් වූ කාන්තාවන් ද අපි නුඹට අනුමත කළෙමු. තවද නුඹ සමග මක්කාවේ සිට මදීනාවට නික්ම ආ නුඹේ මාමාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹගේ නැන්දාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. තවද නුඹගේ පුංචි අම්මා, ලොකු අම්මාවරුන්ගේ දියණියන් හා නුඹගේ බාප්පා හා මහප්පාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. කිසිදු ‘මහර්’ විවාහ ත්යාගයක් අපේක්ෂාවෙන් තොර ව තම ජීවිතය නුඹ වෙනුවෙන් පිරිනැමූ දේව විශ්වාසී කාන්තාව ද, නුඹ ඇයව විවාහ කර ගන්නට අපේක්ෂා කළෙහි නම් එසේ ඇය ව විවාහ කර ගැනීම ද අපි නුඹට අනුමත කළෙමු. ත්යාගයක් ලෙස පිරිනමනු ලැබූ කාන්තාව විවාහ කර ගැනීම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පමණක් සුවිශේෂී වූ කරුණක් වන අතර එය සමාජය තුළ වෙනත් කිසිවෙකුට අනුමත නොවූවකි. දේව විශ්වාසීන්ට ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් සිව් දෙනෙකුට වඩා ඉක්මවා ගොස් විවාහ වීම ඔවුනට සුදුසු නොවන පරිදි අපි ඔවුනට අනිවාර්යය කර ඇත්තේ කුමක් දැ? යි යන්න වගත්, ඔවුන් සතු වහලියන් කිසිදු සීමා කිරීමකින් තොරව ඔවුන් අභිමත කරන අය සමග පහස විඳීමට ඔවුනට අනුමැතිය ලබා දීමෙන්, ඔවුන් සම්බන්ධයෙන් ඔවුනට අප දහම් ගත කළ දෑ ගැනත් සැබැවින්ම අපි දනිමු. සඳහන් කරනු ලැබූ දෑ අතර නුඹ හැර වෙනත් කිසිවෙකුට අපි අනුමත නොකළ දෑ අපි නුඹට අනුමත කළෙමු. එය නුඹට දුෂ්කරතාවක් හෝ පීඩනයක් ඇති නොවනු පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණික විය

۞ تُرْجِى مَن تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِىٓ إِلَيْكَ مَن تَشَآءُ ۖ وَمَنِ ٱبْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَآ ءَاتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا فِى قُلُوبِكُمْ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمًۭا ﴿٥١﴾

අහෝ දූතය! නුඹේ බිරියන් අතරින් ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද කොටස ප්රමාද කිරීමට නුඹ අපේක්ෂා කරන්නන් වනාහි, ඔවුන් සමග නුඹ රාත්රිය ගත නොකරන්නෙහිය. එමෙන්ම ඔවුන් අතරින් නුඹ අභිමත කරන අය නුඹ වෙත ළං කරගෙන ඇය සමග නුඹ රාත්රිය ගත කරන්නෙහිය. නුඹ ප්රමාද කළ අය අතරින් එකියෙකු වෙත ළං වන්නට නුඹ පැතුවෙහි නම් එහි නුඹට වරදක් නැත. එසේ ප්රමාද කිරීමත් කාලය දිගු කිරීමත් නුඹේ බිරියන්ගේ දෑස් පිනවන්නටත් එමෙන්ම ඔවුන් සියලු දෙනාටම නුඹ පිරිනැමූ දෑ පිළිබඳ ව -සැබැවින්ම නුඹ වගකීම් පැහැර නොහැරිය බවත් වගකීම ඉටු කිරීමට මසුරු නොවූ බවත් ඔවුන් දැනගැනීමෙන්- ඔවුන් තෘප්තියට පත් වන්නටත් වඩාත් සමීප වනු ඇත. අහෝ පුරුෂයිනි! නුඹලාගේ සිත් ඇතැම් බිරියන් හැර තවත් බිරියන් වෙත නැඹුරු වීම ගැන අල්ලාහ් දනී. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා නැඹුරු විය හැකි පිණිස දඬුවම ඉක්මන් නො කරන මහා දයාලුය

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعْدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَٰجٍۢ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ رَّقِيبًۭا ﴿٥٢﴾

عل كل شىء رقيبا ى අහෝ දූතය! නුඹේ රැකවරණය තුළ සිටින නුඹේ බිරියන් හැර වෙනත් කාන්තාවන් විවාහ කර ගැනීම නුඹට අනුමත නොවන්නේය. එමෙන්ම ඔවුන් දික්කසාද කිරීම හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු දික්කසාද කොට ඔවුන් හැර (ඔවුන්ගේ ස්ථානයේ) වෙනත් කාන්තාවන් ගැනීම ද නුඹට අනුමත නොවන්නේය. ඔවුන් හැර එම කාන්තාවන් නුඹ විවාහ කර ගැනීම නුඹ ප්රිය කරන පරිදි ඔවුන් අලංකාරයෙන් නුඹ ව මවිත කළ ද, නුඹට අනුමත නොවන්නේය. නමුත් නියමිත ප්රමාණයක් සීමා කිරීමෙන් තොරව නුඹේ දකුණත් හිමිකරගත් වහලියන් සමග පහස විඳීමට නුඹට අනුමැතිය ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සියලු දෑ කෙරෙහි අල්ලාහ් ආරක්ෂාවෙන් බලා සිටියි. මෙම නීතිය දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ මහිමය පෙන්වා දෙයි. ඔවුන් දික්කසාද කරනු ලැබීමත් ඔවුන් වෙත විවාහ යෝජනා කිරීමත් තහනම් කරනු ලැබ ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَـٰظِرِينَ إِنَىٰهُ وَلَـٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُوا۟ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُوا۟ وَلَا مُسْتَـْٔنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْ ۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَـٰعًۭا فَسْـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍۢ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا۟ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓا۟ أَزْوَٰجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ﴿٥٣﴾

إ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! ආහාර සංග්රහයක් සඳහා නුඹලා ඇරයුම් කරනු ලැබීමෙන් පසු නබිවරයාගේ නිවෙස්වලට පිවිසීමට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා එහි නොපිවිසෙනු. ආහාර පිසන තෙක් බලාපොරොත්තුවෙන් දිගු වේලාවක් වාඩි වී නොසිටිනු. නමුත් ආහාර සංග්රයකට නුඹලා ඇරයුම් කරනු ලැබූ විට නුඹලා පිවිසෙනු. නුඹලා ආහාර අනුභව කළෙහු නම් ඉන් හැරී යනු. ඉන්පසු එකිනෙකා කතා කරමින් එක් ව එහි රැඳී නොසිටිනු. සැබැවින්ම එසේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපහසුතාවට පත් වන අතර හැරී යන මෙන් නුඹලාට පැවසීමට එතුමා ලැජ්ජා වනු ඇත. සත්යය නියෝග කිරීමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. එහෙයින් රැඳී සිටීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අපහසුතාවක් නොවන පරිදි නුඹලා ඔහුගෙන් හැරී යන මෙන් ඔහු නුඹලාට නියෝග කර ඇත. භාජනයක් හෝ එවැනි වෙනත් යම් අවශ්යතාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් නුඹලා පතන විට නුඹලාගේ අවශ්යතා ව තිරයකට පසුපසින් සිට පතනු. නුඹලාගේ දෑස්වලට ඔවුන් හසු නොවන පරිදි, ඔවුනට මුහුණ ලා ඒවා ඔවුන්ගෙන් ඉල්ලා නොසිටිනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු නිලය හේතුවෙන් එය ඔවුනට ආරක්ෂාවකි. තිරයක් පිටුපස සිට එසේ නුඹලා ඉල්ලා සිටීම නුඹලාගේ හදවත් හා ඔවුන්ගේ හදවත් තුළ කුකුස් හා පිළිකුල් සහගත දෑ අලංකාරවත් කිරීමට ෂෙයිතාන් මාර්ග පාදා ගත නොහැකි පරිදි නුඹලාගේ හදවත්වලටත් ඔවුන්ගේ හදවත්වලටත් වඩාත් පිවිතුරු වනු ඇත. අහෝ දේව විශ්වාසී ජනයිනි! කතා කිරීම සඳහා රැඳී සිටීමෙන් නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට අපහසුතාවක් ඇති කිරීම නුඹලාට සුදුසු නොවේ. එමෙන්ම නුඹලා එතුමාගේ මරණයෙන් පසු ව එතුමාගේ බිරියන් විවාහ නොකළ යුතුය. හේතුව ඔවුහු දේව විශ්වාසීන්ගේ මව්වරුන් වෙති. මවක් විවාහ වීම කිසිවකුට සුදුසු නැත. සැබැවින්ම එය වේදනා ගෙන දෙන්නකි. එතුමාගේ මරණයෙන් පසු එතුමාගේ බිරියන් නුඹලා විවාහ කර ගැනීම තහනම් ක්රියාවකි. අල්ලාහ් අබියස එය බරපතළ පාපයක් බවට සලකනු ලැබේ

إِن تُبْدُوا۟ شَيْـًٔا أَوْ تُخْفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿٥٤﴾

නුඹලාගේ ක්රියාවන්ගෙන් යමක් නුඹලා හෙළි කළ ද, නුඹලා තුළ එය සඟවා ගත්ත ද ඒ කිසිවක් කිසිවිටෙක අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. නුඹලාගේ ක්රියාවන් හෝ වෙනත් අයගේ ක්රියාවන් හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතකි. අයහපත් නම් අයහපතකි

لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ ۗ وَٱتَّقِينَ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا ﴿٥٥﴾

ى කිසිදු තිරයකින් තොරව ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරයන්, ඔහුගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, ඔවුන් පරම්පරාවෙන් හෝ දරුකමට හදාවඩා ගත් අය හෝ වේවා ඔවුන් බැලීමත් ඔවුන් සමග කතා කිරීමත් ඔවුන් මත පාපයක් නොවන්නේය. එමෙන්ම කිසිදු තිරයකින් තොරව දේව විශ්වාසී කාන්තාවන් හා ඔවුන්ගේ දකුණත් හිමිකරගත් වහල් කාන්තාවන් ඔවුන් සමග කතා කිරීම ද ඔවුන් කෙරෙහි වරදක් නැත. අහෝ දේව විශ්වාසී කාන්තාවනි! අල්ලාහ් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද එමෙන්ම කවර කරුණක් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තහනම් කර ඇත්තේ ද ඒවා සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා විසින් හෙළිවන දෑ ද ඔවුන් සම්බන්ධයෙන් නුඹලා හෙළි කරන දෑ ද ඔහු අධීක්ෂණය කරන්නාය

إِنَّ ٱللَّهَ وَمَلَـٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِىِّ ۚ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ صَلُّوا۟ عَلَيْهِ وَسَلِّمُوا۟ تَسْلِيمًا ﴿٥٦﴾

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මලක්වරුන් අබියස, දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිබඳ ප්රශංසා කරයි. ඔහුගේ මලක්වරු එතුමා වෙනුවෙන් ප්රාර්ථනා කරති. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු තම ගැත්තන්හට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! එම දූතයාණන්හට ‘සලවාත්’ සමාදානය වෙනුවෙන් ප්රාර්ථනා කරනු. එමෙන්ම ‘සලාම්’ ශාන්තිය වෙනුවෙන් ප්රාර්ථනා කරනු

إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًۭا مُّهِينًۭا ﴿٥٧﴾

වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ඇතිකළවුන් වනාහි මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාව ක්රියාත්මක වීමෙන් නෙරපා හරින ලද ඔහුට වඩාත් දුරස් වූවෝ වෙති. ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ගෙන දෙමින් ඔහු කෙරෙහි ඔවුන්ගේ හැසිරීම සඳහා ප්රතිඵල වශයෙන් නින්දිත දඬුවමක් මතුලොවෙහි ඔහු ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත

وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُوا۟ فَقَدِ ٱحْتَمَلُوا۟ بُهْتَـٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ﴿٥٨﴾

හිංසා කිරීම අනිවාර්යය කරන ආකාරයේ දඬුවමට ලක්වන පාපයක් ඔවුන් සිදු කිරීමෙන් තොරව වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට හිංසා කරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් පැහැදිලි පාපයක් හා මහා අපවාදයක් උසුලා ගත්තෝය

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَـٰبِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿٥٩﴾

අහෝ නබිවරය! පිටස්තර පිරිමින් ඉදිරියේ රහස්ය පෙදෙස් ඔවුන්ගෙන් නිරාවරණය නොවන පරිදි ඔවුන් පැළඳ සිටින මතුපිට වස්ත්රය ඔවුන් මත එල්ලෙන්නට ඉඩ හරිනු යැයි නුඹ නුඹේ බිරියන්ට පවසනු. නුඹේ දූවරුන්ටත් පවසනු. එසේම දේව විශ්වාසී කාන්තාවන්ටත් පවසනු. සැබැවින්ම ඔවුන් නිදහස් කාන්තාවන් යැයි හඳුනා ගැනීමට එය ඉතා උචිතය. එහෙයින් වහලියන්ට හිංසා කරන්නාක් මෙන් ඔවුන් කිසිවෙකුට හිංසා නොකළ යුතුයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් වෙත පාපක්ෂමාවෙහි නිරත වන්නාගේ පාපයන් සඳහා අතිශය සමාව දෙන්නාය. ඔහු කෙරෙහි මහා කාරුණිකය

۞ لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلًۭا ﴿٦٠﴾

إ ل اقليلا දේව ප්රතික්ෂේපය තමන් තුළ සඟවා ගනිමින් හා ඉස්ලාමය මතුපිටින් පෙන්වමින් ඔවුන් සිදු කරන ඔවුන්ගේ කුහකභාවයෙන් කුහකයින් නො වැළකුණේ නම්, එමෙන්ම ඔවුන්ගේ ආශාවන් සමග බැඳුණු දුරාචාරය ඔවුන්ගේ හදවත් තුළ ඇත්තන් හා මදීනාවේ අසත්ය තොරතුරු පතුරුවමින් දේව විශ්වාසීන් අතර බෙදීම් ඇති කරන්නට උත්සාහ කරන්නන් ඔවුන්ගේ ක්රියාදාමයන්ගෙන් නො වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුනට දඬුවම් කරන මෙන් ද ඔවුන් මත ආධිපත්යය දරන මෙන් ද අපි නුඹට නියෝග කරන්නෙමු. පසුව ඔවුන් මහපොළොවේ කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔවුන් එයින් නෙරපා හැරීම හා ඔවුන් විනාශ කිරීම සඳහා මදීනාවෙහි ස්වල්ප කාලයක් මිස ඔවුන් වාසය නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَّلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوٓا۟ أُخِذُوا۟ وَقُتِّلُوا۟ تَقْتِيلًۭا ﴿٦١﴾

ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් ලෙස සිටිති. ඔවුන්ගේ කුහකත්වය හා මහපොළොවේ කලහකම් පතුරුවාලීම හේතුවෙන් ඔවුන් කවර ස්ථානයක හමු වුව ද ග්රහණය කරනු ලැබ ඝාතනය කරනු ලබනු ඇත

سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًۭا ﴿٦٢﴾

මෙය කුහකත්වය හෙළි වූ විට කුහකයින් අතර ක්රියාත්මක කරනු ලබන අල්ලාහ්ගේ න්යායය වේ. අල්ලාහ්ගේ න්යායය ස්ථීරය. කිසිවිටෙක කිසිදු වෙනස් කිරීමක් නුඹ එහි නොදකිනු ඇත

يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ﴿٦٣﴾

අහෝ දූතය! ප්රතික්ෂේප හා බොරු කිරීමේ ස්වභාවයෙන් දේව ආදේශකයෝ නුඹෙන් ප්රශ්න අසති. එමෙන්ම යුදෙව්වන් ද අවසන් හෝරාව ගැනත් එය කවර වේලාවක සිදුවන්නේ ද යන වගත් නුඹෙන් විමසති. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ් අබියස ඇති අවසන් හෝරාව පිළිබඳ දැනුමෙන් කිසිවක් මා සතුව නැතැ"යි පවසනු. අහෝ දූතය! සැබැවින්ම අවසන් හෝරාව ඉතා සමීපයෙන් ඇති බව නුඹට ඇඟවූයේ කුමක් ද?

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَـٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا ﴿٦٤﴾

සැබැවින්ම අල්ලාහ් තම කරුණාවෙන් දේව ප්රතික්ෂේපකයින් නෙරපා හැරියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින දළුලාي ඇවිළෙන ගින්නක් ඔවුන් වෙනුවෙන් සූදානම් කළේය

خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّا يَجِدُونَ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿٦٥﴾

ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ එම ගින්නේ දඬුවමෙහි ඔවුන් සදා කල් රැඳී සිටින්නන් වෙති. ඔවුනට සෙත සලසන කිසිදු හිතවතෙකු හෝ එම දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිදු උදව් කරුවකු හෝ ඔවුන් නොලබනු ඇත

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَـٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۠ ﴿٦٦﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලැබේ. ඔවුන්ගේ දැඩි කනගාටුව හා පසුතැවිල්ල හේතුවෙන් ඔවුහු, "අපි මෙලොව ජීවිතයේ අල්ලාහ් අපට නියෝග කළ දෑ අනුගමනය කොට ඔහු අපට තහනම් කළ දැයින් වැළකී අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේ ද! එසේම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම විෂයයෙහි දූතයාණන්ට ද අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේදැ"යි පවසති

وَقَالُوا۟ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ﴿٦٧﴾

ව්යාජ, බොරු සාධක ඔවුහු ගෙනැවිත් මෙසේ පැවසුවෝය. "අපගේ පරමාධිපතියාණනි! අපගේ නායකයින්ටත් අපගේ සමාජයේ ප්රධානීන්ටත් සැබැවින්ම අපි අවනත වූයෙමු. නමුත් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًۭا كَبِيرًۭا ﴿٦٨﴾

"අපගේ පරමාධිපතියාණනි! ඍජු මාර්ගයේ අප නොමග හැරියා වූ මෙම නායකයින් හා ප්රධානීන්හට ඔවුන් අප නොමග යැවීම හේතුවෙන් අපට දෙන ලද දඬුවම මෙන් දෙගුණයක් ඔවුනට ලබා දෙනු. ඔබේ කරුණාවෙන් ඉතා දැඩි ලෙස ඔවුන්ව නෙරපා හරිනු."

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ ءَاذَوْا۟ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُوا۟ ۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًۭا ﴿٦٩﴾

අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා නුඹලාගේ දූතයාණන්හට හිංසා නොකරනු. එවිට මූසාගේ ශරීරය සම්බන්ධයෙන් අඩුපාඩු පවසා සිටියාක් මෙන් එතුමාට හිංසා පීඩාවන් ඇති කළවුන් බවට නුඹලා පත් වන්නෙහුය. ඔවුන් පවසන දැයින් අල්ලාහ් ඔහු ව නිදොස් කළේය. ඔවුන් පවසන දෑ සම්බන්ධයෙන් ඔහු නිරෝගී බව ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ් අබියස මූසා යහපත් අයකු වූ අතර ඔහුගේ ප්රාර්ථනාව ප්රතික්ෂේප කරනු ලැබුවේ නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් කළේ ද නැත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَقُولُوا۟ قَوْلًۭا سَدِيدًۭا ﴿٧٠﴾

අල්ලාහ් විශ්වාස කොට ඔහු දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සත්යය, නිවැරැදි ප්රකාශය ප්රකාශ කරනු

يُصْلِحْ لَكُمْ أَعْمَـٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا ﴿٧١﴾

සැබැවින්ම නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කොට නිවැරදි ප්රකාශ පවසා සිටියෙහු නම් නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරනු ඇත. නුඹලාගෙන් ඒවා පිළිගනු ඇත. නුඹලාගේ පාපකම් නුඹලාගෙන් මකා දමනු ඇත. එවිට එමගින් ඔහු නුඹලා වැරදිකරුවන් බවට ග්රහණය නොකරනු ඇත. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයක් ලැබුවේය. එනම් ඒය, අල්ලාහ්ගේ තෘප්තියට පත්වීමෙන් හා ස්වර්ගයට පිවිසීමෙන් ලබන ජයග්රහණයයි

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًۭا جَهُولًۭا ﴿٧٢﴾

ظلوما جهولا සැබැවින්ම අපි ආගමික වගකීම්, ධනය හා රහසිගත දෑ ආරක්ෂා කරන දෑ අහස් මහපොළොව හා කඳු වෙතට ගෙන හැර පෑවෙමු. එය ඉසිලීමෙන් ඒවා වැළකිනි. එහි අවසන් ප්රතිඵල ගැන ඒවා බිය විය. මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු ඒවා ඉසිලීමේ අවසන් ප්රතිඵල පිළිබඳ නොදන්නා තමන්ටම අපරාධ කරගත් අයකු විය

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۢا ﴿٧٣﴾

غفورا ر حيما අල්ලාහ්ගෙන් වූ පෙර නියමය අනුව මිනිසා එය ඉසිලීය. පුරුෂයින් අතර සිටින කුහකයින් හා කාන්තාවන් අතර සිටින කුහක කාන්තාවන්හටත් පුරුෂයින් අතර සිටින බහුදේවවාදීන් හා කාන්තාවන් අතර සිටින බහුදේවවාදී කාන්තාවන්හටත් ඔවුන්ගේ කුහකත්වය හා ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු පිණිසය. එමෙන්ම වගකීමේ භාරකාරත්වය ඉසිලීම යහපත් ලෙස ක්රියාත්මක කළ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට අල්ලාහ් පාපක්ෂමාව පිරිනැමීම පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාවේ නිරත වී යොමු වන්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Ahzaab — الأحزاب

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා