صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ ﴿١﴾
(සාද්) සූරා අල් බකරාහී ‘හුරූෆුල් මුකත්තආ’ නම් අක්ෂර පද මාළාව පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබ ඇත. මිනිසුන්ගේ මෙලොවෙහි හා ඔවුන්ගේ මතුලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වන දෑ සඳහන් කරමින් අල් කුර්ආනය දිවුරා පවසයි. අල්ලාහ් සමග හවුල්කරුවන් සිටින බවට දේව ආදේශකයින් සිතන පරිදි එම කරුණ නැත
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى عِزَّةٍۢ وَشِقَاقٍۢ ﴿٢﴾
නමුත් දේවත්වය ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය ගැන අහංකාරයෙන් හා ප්රතික්ෂේපයෙන් පසුවෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග විරුද්ධවීමෙහි හා ඔහුට සතුරුකම් පෑමෙහි නිරතව සිටිති. كم أهلكنا من قبلهم من قرن فنادواولات حين مناص
كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ فَنَادَوا۟ وَّلَاتَ حِينَ مَنَاصٍۢ ﴿٣﴾
ඔවුනට පෙර විසූ තමන්ගේ දූතවරුන් බොරු කළ කොපමණ සමූහයන් අපි විනාශ කළෙමු ද? ඔවුනට දඬුවම පහළ වන අවස්ථාවේ ඔවුහු උදව් පතමින් කන්නලව් කළෝය. නමුත් එය දඬුවමින් නිදහස් වීමේ කාලයක් නොවූ අතරම ඔහුගෙන් ඉල්ලා සිටි උපකාරය ඔවුනට ප්රයෝජනවත් වන වේලාවක් ද නොවීය
وَعَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ ۖ وَقَالَ ٱلْكَـٰفِرُونَ هَـٰذَا سَـٰحِرٌۭ كَذَّابٌ ﴿٤﴾
ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩව සිටින්නේ නම් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔවුනට ඇතැයි අවවාද කරන ඔවුන් අතරින්ම වූ දූතයකු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ ඔවුහු පුදුමයට පත් වූවෝය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය සත්යයක් බව පෙන්වා දෙන සාධක දේව ප්රතික්ෂේපකයින් දෑසින් දුටු කල්හි, ‘මොහු මිනිසුනට හූනියම් කරන මායාකාර පුද්ගලයෙකි. සැබැවින්ම තමන් දේව පණිවිඩ ලැබෙන අල්ලාහ්ගෙන් වූ දූතයෙකි යැයි කරන තර්කයෙහි ඔහු මහා බොරුකාරයෙකි’ යැයි ඔවුහු පවසා සිටියෝය
أَجَعَلَ ٱلْـَٔالِهَةَ إِلَـٰهًۭا وَٰحِدًا ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌ عُجَابٌۭ ﴿٥﴾
"මෙම පුද්ගලයා විවිධත්වයෙන් යුත් දෙවිවරුන් -නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවෙක් නැති- එකම දෙවියකු බවට පත් කරන්නට බලන්නේ ද? සැබැවින්ම ඔහුගේ ක්රියා කලාපය අතිශයින් හාස්යය ජනකය."
وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌۭ يُرَادُ ﴿٦﴾
ඔවුන්ගේ ප්රධානීහු හා ප්රභූවරු තම අනුගාමිකයිනට මෙසේ පවසමින් ගමන් ගත්තෝය. ‘නුඹලා කවර පදනමක සිටින්නේ ද ඒ මතම ගමන් කරනු. නුඹලා මුහම්ද්ගේ දහමට ඇතුලු නොවනු. නුඹලාගේ දෙවිවරුන් නැමදීමෙහි නුඹලා ස්ථාවර ව සිටිනු. සැබැවින්ම මුහම්මද් එකම දෙවියෙකු වන්දනාමාන කරන්නැයි නුඹලාව ඇරයුම් කර සිටීම අපට වඩා ඔහු උසස් වනු පිණිසත් අප ඔහුගේ අනුගාමිකයින් බවට පත්වනු පිණිසත් ඔහු අපේක්ෂා කරන සැලසුම් සහගත ක්රියාවකි.’ (යැයි කීහ) بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مَا سَمِعْنَا بِهَـٰذَا فِى ٱلْمِلَّةِ ٱلْـَٔاخِرَةِ إِنْ هَـٰذَآ إِلَّا ٱخْتِلَـٰقٌ ﴿٧﴾
මුහම්මද් අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත අප ඇරයුම් කර සිටින කරුණ අපගේ මුතුන් මිත්තන් කවර පදනමක සිටිනු අප දැක ඇත්තේ ද එහි නැත. ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතහි ද නැත. අපි ඔහුගෙන් සවන් දුන් දෑ බොරුවක් හා ප්රබන්ධයක් මිස නැත
أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ ﴿٨﴾
අපි නායකයින් හා ප්රභූවරුන් ලෙස සිටිය දී, අප වෙත අල් කුර්ආනය පහළ නොවී අප අතර සිටින මොහු වෙත එය පහළ වීමත්, මොහුට පමණක් එය විශේෂ වීමත් නිවැරදි ද? එසේ නොව නුඹ වෙත පහළ වන දිව්ය පණිවිඩ පිළිබඳ මෙම දේව ආදේශකයෝ සැකයෙහි පසුවෙති. අල්ලාහ්ගේ දඬුවම ඔවුහු භුක්ති විඳින කල්හි ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුහු රැවටුණෝය. ඔවුන් එය විඳ ඇත්නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම හා ආදේශ කිරීමෙහි ඔවුහු එඩිතර නොවෙති. නුඹ වෙත දන්වා සිටින දෑහි සැකයෙහි පසුවෙති
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ ﴿٩﴾
එසේ නැතහොත් කිසිවකු විසින් පරාජය කළ නොහැකි, ඔහු අභිමත කරන අයට අභිමත කරන දෑ පිරිනමන සර්වබලධාරී නුඹේ පරමාධිපතිගේ භාග්යයෙන් යුත් භාණ්ඩාගාර කිසිවක් මෙම බොරුකාර ආදේශකයින් සතු ව තිබේ ද? නබිත්වය යනු ඔහුගේ භාග්යමත් භාණ්ඩාගාරයෙන් එකකි. ඔහු අභිමත කරන්නන්හට එය පිරිනමයි. ඔවුන් සිතන අයට එය පිරිනැමීමට හෝ ඔවුන් සිතන අයගෙන් එය වැළැක්වීමට හෝ හැකි පරිදි එය පිහිටුවා නැත
أَمْ لَهُم مُّلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا۟ فِى ٱلْأَسْبَـٰبِ ﴿١٠﴾
එසේ නැතහොත් ඔවුනට අහස්හි ආධිපත්යය මහපොළොවේ ආධිපත්යය හා ඒ දෙක තුළ පවතින දෑහි ආධිපත්යය තිබී එය පිරිනැමීමටත් එය වැළැක්වීමටත් ඔවුනට උරුමය තිබේ ද? ඔවුන්ගේ එම විශ්වාසය වී නම් තමන් කැමති පරිදි පිරිනැමීමට හෝ වැළැක්වීමට හෝ තීරණය කළ හැකි පරිදි අහස වෙත ලඟා විය හැති සාධක සූදානම් කර ගනිත්වා! කිසිවිටෙක ඔවුනට එය සිදු කළ නොහැක්කේමය
جُندٌۭ مَّا هُنَالِكَ مَهْزُومٌۭ مِّنَ ٱلْأَحْزَابِ ﴿١١﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවුන් මීට පෙර තම දූතවරුන් බොරුකළ සේනාවන් අතරින් සිටි අය මෙන් පරාජිත සේනාවකි
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَفِرْعَوْنُ ذُو ٱلْأَوْتَادِ ﴿١٢﴾
මෙම බොරුකාරයෝ පළමු බොරුකාරයින් නොවෙති. ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. ආද් ජනයා ද බොරු කළෝය. රිටි හිටවා එමගින් ජනයාට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් ද බොරු කළේය
وَثَمُودُ وَقَوْمُ لُوطٍۢ وَأَصْحَـٰبُ لْـَٔيْكَةِ ۚ أُو۟لَـٰٓئِكَ ٱلْأَحْزَابُ ﴿١٣﴾
එමෙන්ම සමූද් ජනයා ද බොරු කළෝය. ලූත්ගේ ජනයා ද බොරු කළෝය. ෂුඅයිබ්ගේ ජනයා ද බොරු කළෝය. මෙම කණ්ඩායම් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීමෙහි හා ඔවුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කිරීමෙහි කණ්ඩායම් ගත වූ සේනාවන් වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ﴿١٤﴾
මෙම කණ්ඩායම් අතරින් දූතවරුන් බොරු කිරීමෙහි නිරත නොවූ කිසිවකු නොවීය. එහෙයින් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම නියම විය. එය ටික කලක් ප්රමාද වුව ද ඔවුනට ඔහුගේ දඬුවම අත් විය
وَمَا يَنظُرُ هَـٰٓؤُلَآءِ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ مَّا لَهَا مِن فَوَاقٍۢ ﴿١٥﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවූහු නැවත හැරී යා නොහැකි දෙවන පිඹුම හොරණෑවෙහි පිඹිනු ලැබීම මිස වෙනත් කිසිවක් අපේක්ෂා නොකරති. එසේ නම් ඔවුන් ඔහුව බොරුකරමින් සිටි තත්ත්වයේම මිය ගියේ නම්, ඔවුනට දඬුවම පහළ වනු ඇත
وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ ﴿١٦﴾
‘අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයට පෙර මෙලොව ජීවිතයේ දඬුවමේ අපේ කොටස අපට ඉක්මන් කරනු’ යැයි ඔවුන් හාස්යයට ගනිමින් පවසා සිටියෝය
ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ﴿١٧﴾
අහෝ දූතය! නුඹ තෘප්තියට පත් නොවන දැයින් මෙම බොරුකාරයින් පවසන දෑ මත ඉවසා දරා ගනු. සතුරන්ට එරෙහිව සටන් කිරීමෙහි ඉතා බලවත් මෙන්ම අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසිලිමත් වූ අපගේ ගැත්තෙකු වන දාවූද් ගැන මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් තෘප්තියට පත්වන ක්රියාවන් ඉටු කර ඔහු වෙත අධික ලෙස යොමු වන්නෙකු විය
إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ يُسَبِّحْنَ بِٱلْعَشِىِّ وَٱلْإِشْرَاقِ ﴿١٨﴾
දහවල අවසානයේ හා හිරු උදාව ආරම්භයේ දාවුද් තුමා අල්ලාහ්ව සුවිශුද්ධ කරන විට ඔහු සමගම එක්ව අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම සඳහා සැබැවින්ම අපි කඳු වසඟ කරل දුනිමු
وَٱلطَّيْرَ مَحْشُورَةًۭ ۖ كُلٌّۭ لَّهُۥٓ أَوَّابٌۭ ﴿١٩﴾
ගුවනේ රඳවා තබන ලද පක්ෂීන් ද වසඟ කර දුනිමු. ඒ සෑම දෙයක්ම ඔහු ව අනුගමනය කරමින් අල්ලාහ්ව සුවිශුද්ධ කරන ඔහුට අවනත වූවන් විය
وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَـٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ ﴿٢٠﴾
ඔහුගේ සතුරන්ට එරෙහි ව උදව් උපකාර මෙන්ම බලය හා බිය අපි ඔහුට පිරිනමමින් ඔහුගේ රාජ්යය බලය බලවත් කළෙමු. එමෙන්ම නබිත්වය හා ඔහුගේ කටයුතුවල සාර්ථකත්වය අපි ඔහුට පිරිනැමුවෙමු. සෑම අපේක්ෂිත කරුණකම පැහැදිලි ව කතා කිරීමේ හැකියාව හා කතාව හා තීන්දුව තුළ වෙන්කර හඳුනාගැනීමේ හැකියාව අපි ඔහුට පිරිනැමුවෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَهَلْ أَتَىٰكَ نَبَؤُا۟ ٱلْخَصْمِ إِذْ تَسَوَّرُوا۟ ٱلْمِحْرَابَ ﴿٢١﴾
අහෝ දූතය! දාවූද් (අලයිහිස් සලාම්) වෙත (නඩු කියන) වාදියා ප්රතිවාදියා ඔහු නැමදුම් කරන ස්ථානයට ඉහළින් නැග පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
إِذْ دَخَلُوا۟ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍۢ فَٱحْكُم بَيْنَنَا بِٱلْحَقِّ وَلَا تُشْطِطْ وَٱهْدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ﴿٢٢﴾
දෙදෙනාම දාවූද් වෙත පිවිසු විට ඔහු වික්ෂිප්ත විය. ඔහු වෙත සාමාන්ය අයුරින් ඇතුළු නොවී මෙම මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා එකවර පිවිසීම ගැන ඔහු භීතියට පත් විය. ඔහුගේ බියවීම ගැන ඔවුන් දෙදෙනාට පැහැදිළි වූ කල්හි ඔවුන් දෙදෙනා, ‘නුඹ බිය නොවනු. අපි අපගෙන් කෙනෙකු අනෙකාට කළ අපරාධයක් සම්බන්ධයෙන් වාද විවාද කරන දෙදෙනෙකි. අප අතර නුඹ තීන්දු තීරණ ගත්තේ නම් අප වෙත එය වරදක් නොවන්නේය. නිවැරදි මග කුමක් ද, ඒ ඍජු මග වෙත අපට මග පෙන්වනු’ යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය
إِنَّ هَـٰذَآ أَخِى لَهُۥ تِسْعٌۭ وَتِسْعُونَ نَعْجَةًۭ وَلِىَ نَعْجَةٌۭ وَٰحِدَةٌۭ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِى فِى ٱلْخِطَابِ ﴿٢٣﴾
වාදකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු දාවූද් (අලයිහිස් සලාම්) තුමාට, ‘සැබැවින්ම මෙම පුද්ගලයා මාගේ සහෝදරයා වේ. ඔහුට බැටළුවන් අනූ නව දෙනෙකු සිටිති. මට ඇත්තේ එකම එක් බැටළුවෙකු පමණි. එය ද ඔහුට පිරිනමන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. තර්ක කිරීමෙහි ඔහු මා අබිබවා ගියේය' යැයි පැවසීය
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِۦ ۖ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلْخُلَطَآءِ لَيَبْغِى بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَقَلِيلٌۭ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّـٰهُ فَٱسْتَغْفَرَ رَبَّهُۥ وَخَرَّ رَاكِعًۭا وَأَنَابَ ۩ ﴿٢٤﴾
ඔවුන් දෙදෙනා අතර දාවූද් තුමා තීන්දු පිරිනැමුවේය. ඔහු වාද කළ තැනැත්තා සමග කතා කරමින්, ‘සැබවින්ම ඔබේ සහෝදරයා ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළුවන් සමග එක් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අපරාධයක් සිදු කර ඇත. සැබැවින්ම හවුල්කරුවන් බොහෝ දෙනා ඔවුන් එකිනෙකා අනෙකාගේ උරුමය පැහැර ගනිමින් සාධාරණ ලෙස කටයුතු නොකරමින් සීමාව ඉක්මවා ක්රියා කරති. නමුත් දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හැර. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ හවුල් කරුවන් සමග සාධාරණව කටයුතු කරති. ඔවුනට අසාධාරණයක් නොකරති. මෙවන් කරුණුවලින් විස්තර කරනු ලැබූවන් සුළු පිරිසකි. සැබැවින්ම මෙම වාදය තුළින් අපි දාවූද්ව පරීක්ෂණයකට භාජනය කර ඇතැයි දාවූද් (අලයිහිස් සලාම්) තුමා ස්ථීර ගර ගත්හ. පසුව ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිට ඔහුට සමීප වීමක් ලෙස ‘සජදා’ සිරස නමා නමස්කාර කළේය. ඔහු ඔහුට සමාව දානය කළේය
فَغَفَرْنَا لَهُۥ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ ﴿٢٥﴾
ඒ අනුව අපි ඔහුට පිළිතුරු දී ඒ සඳහා අපි ඔහුට සමාව දුනිමු. සැබැවින්ම ඔහු අප ඉදිරියේ සමීපතයින් අතර කෙනෙකු විය. එමෙන්ම මතු ලොවෙහි ඔහුට යහපත් නවාතැනක් ඇත
يَـٰدَاوُۥدُ إِنَّا جَعَلْنَـٰكَ خَلِيفَةًۭ فِى ٱلْأَرْضِ فَٱحْكُم بَيْنَ ٱلنَّاسِ بِٱلْحَقِّ وَلَا تَتَّبِعِ ٱلْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۢ بِمَا نَسُوا۟ يَوْمَ ٱلْحِسَابِ ﴿٢٦﴾
අහෝ දාවූද්! ආගමික මෙන්ම ලෞකික තීන්දු තීරණ මිනිසුන් අතර ක්රියාත්මක කිරීම සඳහා මහපොළොවේ පාලකයකු බවට සැබවින්ම අපි ඔබව පත් කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙනු. ජනයා අතර ඔබ දෙන තීන්දුවෙහි ඥාතීත්වය හෝ සමීපත්වය පදනම් කර ගෙන වාදී ප්රතිවාදී යන දෙදෙනා අතරින් එක් අයකු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වෙතට නැඹුරු වීම හෝ සතුරුකම හේතුවෙන් ඔහුගෙන් වෙනතට යොමු වීම වැනි කාරණා තුළින් ආශාවන් අනුගමනය නොකරනු. එවිට එම ආශාවන් අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ඔබව නොමග යවනු ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් නොමග යන්නේ ද ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කර දැමූ හේතුවෙන් බලවත් දඬුවමක් හිමි වනු ඇත. ඔවුන් ඔහු සිහිපත් කරමින් හා ඔහුට බියෙන් පසුවන්නේ නම් ඔවුන්ගේ ආශාවන් සමග ඔවුන් නැඹුරු නොවනු ඇත
وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا بَـٰطِلًۭا ۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِنَ ٱلنَّارِ ﴿٢٧﴾
අහස් හා මහපොළොව නිකරුණේ අපි නොමැව්වෙමු. එය දේව ප්රතික්ෂේපකයින්ගේ සිතුවිල්ලය. අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිල්ලක හා දේව ප්රතික්ෂේපය මත පදනම්ව මෙවන් සිතුවිල්ලක් සිතන දේව ප්රතික්ෂේපකයින් වනාහි ඔවුන් මිය යැදුණු විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපාගින්නේ දඬුවමින් ඔවුනට විනාශක්ම වනු ඇත!
أَمْ نَجْعَلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ كَٱلْمُفْسِدِينَ فِى ٱلْأَرْضِ أَمْ نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ ﴿٢٨﴾
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නන් මෙන් අපි කිසිවිටෙක පත් නොකරන්නෙමු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බැතිමත් ව කටයුතු කළවුන් පාපයේ ගිළුණු දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් මෙන් කිසිවිටෙක අපි පත් නොකරන්නෙමු. සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර සමාන කොට බැලීම වරදකි. එය උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට සුදුසු නොවන්නකි. බියබැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ප්රවේශ කිරීමෙන් අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. අභාග්යවන්ත දේව ප්රතික්ෂේපකියන් අපා ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුනට දඬුවම් කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් අබියස සමාන නොවන බැවිණි. එමෙන්ම ඔවුන්ගේ ප්රතිඵලද ඔහු අබියස සමාන නොවෙයි
كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ مُبَـٰرَكٌۭ لِّيَدَّبَّرُوٓا۟ ءَايَـٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٢٩﴾
සැබවින්ම නුඹ වෙත අප පහළ කළ මෙම අල් කුර්ආනය මිනිසා පරිශීලනය කර එහි අර්ථයන් පිළිබඳ සිතා බලනු පිණිසත්, දීප්තිමත් මනසක් ඇත්තවුන් එමගින් ප්රයෝජනය ලබන අධික යහපත හා ප්රයෝජන සහිත පුස්තකයකි
وَوَهَبْنَا لِدَاوُۥدَ سُلَيْمَـٰنَ ۚ نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ﴿٣٠﴾
අපි දාවුද්ට අපගෙන් වූ ආශිර්වාදයක් ලෙසත් ඔහුගේ දෑස් පිනවන භාග්යයක් ලෙසත් ඔහුගේ පුත් සුලෙයිමාන්ව පිරිනැමුවෙමු. දේව ගැති සුලෙයිමාන් යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරතව අල්ලාහ් වෙත යොමු වන, ඔහු වෙත නැඹුරු වන කෙනෙකු විය
إِذْ عُرِضَ عَلَيْهِ بِٱلْعَشِىِّ ٱلصَّـٰفِنَـٰتُ ٱلْجِيَادُ ﴿٣١﴾
සවස් කාලයේ ඔහු වෙත වේගයෙන් දිව යන, වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබූ අවස්ථාව නුඹ මෙනෙහි කර බලනු. උන් කකුල් තුනකින් සිට ගෙන සිව්වැනි කකුල ඔසවා ගෙන සිටීය. හිරු අවරට යන තෙක්ම එම වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබීය
فَقَالَ إِنِّىٓ أَحْبَبْتُ حُبَّ ٱلْخَيْرِ عَن ذِكْرِ رَبِّى حَتَّىٰ تَوَارَتْ بِٱلْحِجَابِ ﴿٣٢﴾
සුලෙයිමාන්: ‘හිරු අවරට යන තෙක්ම මාගේ පරමාධිපති මා මෙනෙහි කිරීමට වඩා සම්පතට ඇති ඇල්ම මට බලපා ඇත. - ඒ අතරින් මෙම අශ්වයින්ද වෙති- තවද අසර් සලාතයෙන් ද මා ප්රමාද වූයෙමි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
رُدُّوهَا عَلَىَّ ۖ فَطَفِقَ مَسْحًۢا بِٱلسُّوقِ وَٱلْأَعْنَاقِ ﴿٣٣﴾
එම අශ්වයින් නුඹලා නැවත මා වෙත ගෙන එනු. එවිට ඔවුහු ඒවා ඔහුට නැවත ගෙනැවිත් දුන්නෝය. පසු ව ඔහු කඩුවෙන් උන්ගේ කෙණ්ඩ හා උන්ගේ ගෙලවල්වලට පහර දෙන්නට පටන් ගත්තේය. ولقد فتنا سليمن وألقينا عل كرسيه جسدا ثم أناب
وَلَقَدْ فَتَنَّا سُلَيْمَـٰنَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِۦ جَسَدًۭا ثُمَّ أَنَابَ ﴿٣٤﴾
සැබැවින්ම අපි සුලෙයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. ඔහුගේ රාජාසනය මත මිනිස් වෙසින් ෂෙයිතානුවකු අපි හෙළුවෙමු. ඔහුගේ පාලනය තුළ ටික කලක් පාලනය වීමෙන් පසු ව සුලෙයිමාන්ට ඔහුගේ රාජ්යය අල්ලාහ් නැවත දුන්නේය. ඔහු ෂෙයිතානුන් මත ඔහු ව ආධිපත්යය දරන්නට සැලැස්වීය
قَالَ رَبِّ ٱغْفِرْ لِى وَهَبْ لِى مُلْكًۭا لَّا يَنۢبَغِى لِأَحَدٍۢ مِّنۢ بَعْدِىٓ ۖ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿٣٥﴾
මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මගෙන් පසු කිසිදු මිනිසෙකුට හිමි නොවන මට පමණක් සුවිශේෂී වූ රාජ්යයක් මා වෙත පිරිනමනු මැනව. මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ අධික ලෙස සම්පත් දානය කරන මහා පරිත්යාගශීලීය
فَسَخَّرْنَا لَهُ ٱلرِّيحَ تَجْرِى بِأَمْرِهِۦ رُخَآءً حَيْثُ أَصَابَ ﴿٣٦﴾
අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුගේ නියෝගය අනු ව මෘදු ලෙස සුළඟ පාලනය කළ හැකි පරිදි එය ඔහුට වසඟ කර දුනිමු. එහි ඇති බලය හා ගමන් වේගය සමග එහි බාධාවක් ඇති නොවීය. ඔහු සිතන පරිදි එය ඔහු උසුලාගෙන යයි
وَٱلشَّيَـٰطِينَ كُلَّ بَنَّآءٍۢ وَغَوَّاصٍۢ ﴿٣٧﴾
ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වන ෂෙයිතානුන් ද අපි ඔහුට වසඟ කර දුනිමු. ඔවුන් අතරින් ගොඩනැගිලි ඉදි කරන්නන් ද මුහුදෙහි කිමිද ගොස් මුතු සොයා මතු කර ගන්නන් ද විය
وَءَاخَرِينَ مُقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ﴿٣٨﴾
ෂාතානුන් අතර ප්රචණ්ඩකාරීන් ද ඔහුට වසඟ කර දෙනු ලැබීය. ඔවුන් යදම් තුළ බැඳ දමනු ලැබූවෝ වූ අතර ඔවුනට සෙලවෙන්නට පවා නොහැකි විය
هَـٰذَا عَطَآؤُنَا فَٱمْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍۢ ﴿٣٩﴾
අහෝ සුලෙයිමාන්! මෙය ඔබ අපෙන් ඉල්ලූ පරිදි අපි ඔබටට පිරිනැමූ දෑය. ඔබ කැමති දේ පිරිනමනු. ඔබ කැමති දෑ වළක්වා ගනු. පිරිනැමීමෙහි හා වැළකීමෙහි නුඹ විනිශ්චය කරනු නොලබන්නේමය. وإن له عندنا لزلف وحسن مٔاب
وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ ﴿٤٠﴾
සැබැවින්ම සුලෙයිමාන් අප අතරට සමීපවූවන් අතරින් කෙනෙකු විය. ඔහු වෙත යොමු කරනු ලබන දැහැමි ස්ථානයක් ඔහු සතු වනු ඇත. එය ස්වර්ග උයනයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱذْكُرْ عَبْدَنَآ أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلشَّيْطَـٰنُ بِنُصْبٍۢ وَعَذَابٍ ﴿٤١﴾
අහෝ දූතය! අපගේ ගැත්තෙකු වන අය්යූබ් අලයිහිස් සලාම් තුමා ‘සැබවින්ම වේදෙනා සහගත පීඩාකාරී කරුණකින් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ’යි තම පරමාධිපති වන අල්ලාහ්ට ප්රාර්ථනා කළ අවස්ථාව මෙනෙහි කර බලනු
ٱرْكُضْ بِرِجْلِكَ ۖ هَـٰذَا مُغْتَسَلٌۢ بَارِدٌۭ وَشَرَابٌۭ ﴿٤٢﴾
‘ඔබේ පාදයෙන් පොළොවට ගසනු.’ යැයි අපි ඔහුට පැවසුවෙමු. එවිට ඔහු තම පාදයෙන් පොළොවට ගැසීය. එමගින් පානය කිරීමට, ස්නානය කිරීමට හා එමගින් ඔහුට අත් වූ වේදනාව හා පීඩාව ඉවත් කිරීමට හැකි ජලය ඔහු වෙනුවෙන් මතු කරනු ලැබීය
وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿٤٣﴾
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුට අත් වූ උවදුර අපි ඉවත් කළෙමු. ඔහුගේ පවුල ඔහුට පිරිනැමුවෙමු. ඔහු කෙරෙහි අපගේ ආශිර්වාදයක් හා ඔහුගේ ඉවසීම වෙනුවෙන් ඔහුට ප්රතිඵලයක් ලෙසින් ඔවුන් මෙන්ම දරු මුණුබුරන් ද අපි ඔහුට අධිකව පිරිනැමුවෙමු. සැබැවින්ම ඉවසීමෙහි අවසන් ප්රතිඵලය මිදීම හා කුසල් ලැබීම යන්න මනා බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිසය
وَخُذْ بِيَدِكَ ضِغْثًۭا فَٱضْرِب بِّهِۦ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَـٰهُ صَابِرًۭا ۚ نِّعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌۭ ﴿٤٤﴾
අය්යූබ් තුමා තම බිරිය කෙරෙහි කෝප වූ අවස්ථාවේ කස පහරවල් සියයක් ඇයට ගසන බව දිවුරා සිටියේය. අපි ඔහුට, "අහෝ අය්යූබ්! ඔබේ දිවුරුම යහපත් වනු පිණිස අතින් පිදුරු මිටියක් ගෙන ඇයට ගසනු. ඔබ කවර කරුණක් දිවුරා සිටියේද එම දිවුරුමෙහි නුඹ කඩ නොකරනු. පසු ව ඔහු පිදුරු මිටියක් ගෙන එමගින් ඇයට පහර දුන්නේය. කවර කරුණක් සම්බන්ධයෙන් අපි ඔහු පරීක්ෂාවට ලක් කළෙමු ද එහි ඔහු ඉවසිලිවන්තයෙකු ලෙස අපි ඔහු දුටුවෙමු. දේව ගැති ඔහු යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ් වෙත යොමු වන්නෙකු හා නැඹුරු වන්නෙකු විය
وَٱذْكُرْ عِبَـٰدَنَآ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ أُو۟لِى ٱلْأَيْدِى وَٱلْأَبْصَـٰرِ ﴿٤٥﴾
අහෝ දූතය! අපි තෝරාගත් අපගේ ගැත්තන් වන දිව්ය පණිවිඩ සමග අප එවූ අපගේ දූතවරුන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කර බලනු. සැබවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ තෘප්තිය ග්රහණය කිරීමෙහි ඉතා බලවත් පුද්ගලයෝ වූහ. එමෙන්ම සත්යයේ සත්ය දැක්මක් ඇති පුද්ගලයෝ වූහ
إِنَّآ أَخْلَصْنَـٰهُم بِخَالِصَةٍۢ ذِكْرَى ٱلدَّارِ ﴿٤٦﴾
සැබවින්ම අපි ඔවුනට විශේෂිත දෙයක් පිරිනැමුවෙමු. එමගින් අපි ඔවුන් විශේෂිත බවට කළෙමු. එය ඔවුන්ගේ හදවත මතුලොව පිළිබඳ මෙනෙහි කිරීමෙන් ප්රතිනිර්මාණය කිරීම ඒ වෙනුවෙන් දැහැමි ක්රියා කොට සූදානම් වීම හා ඒ වෙනුවෙන් ක්රියා කිරීමට ජනයා ඇරයුම් කිරීම වේ
وَإِنَّهُمْ عِندَنَا لَمِنَ ٱلْمُصْطَفَيْنَ ٱلْأَخْيَارِ ﴿٤٧﴾
තවද අප අබියස අපට අවනතවීම සඳහාත් අපට ගැතිකම් කිරීම සඳහාත් අපි තෝරාගත් අය අතරින් සැබවින්ම ඔවුන් ද වනු ඇත. අපගේ දූත පණිවිඩය ඉසිලීමටත් එය ජනයාට දන්වා සිටීමටත් අපි ඔවුන් තෝරා ගත්තෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل
وَٱذْكُرْ إِسْمَـٰعِيلَ وَٱلْيَسَعَ وَذَا ٱلْكِفْلِ ۖ وَكُلٌّۭ مِّنَ ٱلْأَخْيَارِ ﴿٤٨﴾
අහෝ නබිවරය! ඉබ්රාහීම්ගේ පුත් ඉස්මාඊල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. එමෙන්ම අල් යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. යහපත් පැසසුමකින් ඔවුන් අගය කරනු. ඔවුන් එයට සුදුසු පුද්ගලයෝ වෙති. මේ සෑම කෙනෙකුම අල්ලාහ් අබියස තෝරාගනු ලැබු විශිෂ්ඨයින් වෙති
هَـٰذَا ذِكْرٌۭ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَـَٔابٍۢ ﴿٤٩﴾
මෙය ඔවුන් ගැන අලංකාර ලෙස පැසසුමට ලක් කරමින් සඳහන් කරන ලද අල් කුර්ආනයෙහි වූ මෙනෙහි කිරීමකි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් කටයුතු කළවුන්ට මතුලොව නිවහනෙහි යහපත් නවාතැනක් ඇත
جَنَّـٰتِ عَدْنٍۢ مُّفَتَّحَةًۭ لَّهُمُ ٱلْأَبْوَٰبُ ﴿٥٠﴾
මෙසේ යොමු වන අලංකාර නවාතැන වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ප්රවේශ වන සදාතනික ස්වර්ග උයන් වෙති. ඒවායෙහි දොරටු ඔවුන් සැමරීම සඳහා විවෘත කරනු ලබනු ඇත. متكٔين فيها يدعون فيها بفكهةكثيرة وشراب
مُتَّكِـِٔينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَـٰكِهَةٍۢ كَثِيرَةٍۢ وَشَرَابٍۢ ﴿٥١﴾
අලංකරණය කරන ලද කවිච්චි මත හාන්සිවෙමින් ඔවුන් ප්රිය කරන විවිධ වර්ගයේ අධික පලතුරු හා ඔවුන් ප්රිය කරන මධු හා වෙනත් බීම වර්ග ඔවුනට පිළිගන්වන මෙන් ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටිති
۞ وَعِندَهُمْ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ أَتْرَابٌ ﴿٥٢﴾
ඔවුන් අබියස ඔවුන්ගේ සහකරුවන්ට දමිත බැල්ම හෙළන ලලනාවෝ සිටිති. ඔවුන් වෙනත් අය වෙත කැප නොවූ අය වෙති. එමෙන්ම සම වයසේ පසුවන්නෝ වෙති
هَـٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ ٱلْحِسَابِ ﴿٥٣﴾
අහෝ දේව භක්තිකයිනි! මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබන බව ප්රතිඥා දෙනු ලැබූ යහපත් ප්රතිඵල මෙය වේ. إن هذا لرزقنا ما له من نفاد
إِنَّ هَـٰذَا لَرِزْقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ﴿٥٤﴾
අපි පෝෂණය කරන බවට මෙනෙහි කළ මෙම ප්රතිඵල මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව භක්තිකයින් වෙත පිරිනමන්නෙමු. එය සදාතනික පෝෂණයකි. එයට කප්පාදුවීමක් හෝ අවසානයක් හෝ නැත
هَـٰذَا ۚ وَإِنَّ لِلطَّـٰغِينَ لَشَرَّ مَـَٔابٍۢ ﴿٥٥﴾
අප සඳහන් කළ මෙය දේව භක්තිකයින්ගේ ප්රතිඵලයි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ට, දේව භක්තිකයින්ට සතු කුසලට ප්රතිවිරුද්ධ ප්රතිඵල වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් යොමුවන ස්ථානය නපුරු ස්ථානයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ ٱلْمِهَادُ ﴿٥٦﴾
මෙම ප්රතිවිපාකය නිරයයි. එය ඔවුන් ග්රහණය කරනු ඇත. ඔවුන් එහි උණුසුම හා එහි ගිනිදැල් විඳිනු ඇත. ඒවායින් ඇතරිලි ද ඇත. ඇතිරිලි අතරින් ඔවුන්ගේ ඇතරිලි ඉතා නපුරු විය. هذا فليذوقوهحميم وغساق
هَـٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌۭ وَغَسَّاقٌۭ ﴿٥٧﴾
මෙම දඬුවම වනාහි උපරිමයෙන්ම උණු කරන ලද ජලයයි. නිරයේ දඬුවම් විඳින නිරාවාසීන්ගේ ශරීරවලින් ගලනා සැරවයි. එහෙයින් ඔවුන් එය පානය කරනු ඇත. එය පිපාසය නොනිවෙන ඔවුන්ගේ පානයකි
وَءَاخَرُ مِن شَكْلِهِۦٓ أَزْوَٰجٌ ﴿٥٨﴾
එම දඬුවමෙහි ස්වරූපයෙන් වන වෙනත් දඬුවම් ද ඔවුනට හිමිය. මතුලොවෙහි ඔවුන් දඬුවම් ලබන විවිධ වර්ගයේ දඬුවම් ද ඔවුනට ඇත
هَـٰذَا فَوْجٌۭ مُّقْتَحِمٌۭ مَّعَكُمْ ۖ لَا مَرْحَبًۢا بِهِمْ ۚ إِنَّهُمْ صَالُوا۟ ٱلنَّارِ ﴿٥٩﴾
නිරා වාසීන් පිවිසුණු විට ඔවුන් අතර දොස් නගමින් වාද කර ගැනීම ඇති වන්නේය. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් ඉවත් වන්නට බලති. ඇතැමෙකු ‘නිරා වැසියන් අතරින් වූ මෙම පිරිස නුඹලා සමගම අපා ගින්නට පිවිසෙන්නන් වෙති.’ යැයි පවසති. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. අප මැණ ඇති අයුරින් නිරා ගින්නේ දඬුවමින් සැබැවින්ම ඔවුන් මණිනු ලබන්නෝ වෙති
قَالُوا۟ بَلْ أَنتُمْ لَا مَرْحَبًۢا بِكُمْ ۖ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ ٱلْقَرَارُ ﴿٦٠﴾
අනුගමනය කරනු ලැබූ තම නායකයින් දෙස බලා අනුගමනය කළ පිරිස: ‘අනුගමනය කරනු ලැබූ ප්රධානියනි! නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. නුඹලා අප නොමග යවමින් අප රවටමින් මෙම වේදනීය දඬුවම අපට හේතුවක් කර දුන්නේ නුඹලාය. මෙම ස්ථානය නපුරුම ස්ථානයක් විය. ඔවුන් සියලු දෙනාගේ ස්ථානය මෙයයි. එය අපා ගින්නයි
قَالُوا۟ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَـٰذَا فَزِدْهُ عَذَابًۭا ضِعْفًۭا فِى ٱلنَّارِ ﴿٦١﴾
පිළිපැද්දාවූ එම අනුගාමිකයෝ: ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත යහමග පැමිණි පසු ව ඉන් අප නොමග යැවූ අයවලුනට නිරයේ ඔහුගේ දඬුවම දෙගුණයක් බවට පත් කරනු.’ යැයි පවසති
وَقَالُوا۟ مَا لَنَا لَا نَرَىٰ رِجَالًۭا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلْأَشْرَارِ ﴿٦٢﴾
අහංකාරකම් පෑ අපරාධකරුවෝ, ‘දඬුවමට සුදුසුකම් ලබන අභාග්යවන්තයින් යැයි මෙලොවෙහි අපි ගණන් ගනිමින් සිටි පුද්ගලයින් අප සමඟ නිරයේ අපි නොදකිනුයේ මන්දැ?’යි විමසා සිටිති
أَتَّخَذْنَـٰهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ ٱلْأَبْصَـٰرُ ﴿٦٣﴾
අප ඔවුනට කළ අපගේ හාස්යය හා අපගේ සරදම වැරදී, ඔවුන් දඬුවමට සුදුසුකම් නොලැබුවෝ ද? එසේ නැතහොත් සැබැවින් ඔවුනට අප කළ සරදම නිවැරදි වී ඔවුන් නිරයට පිවිසී අපගේ දෑසට ඔවුන් හසු නොවී ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ق
إِنَّ ذَٰلِكَ لَحَقٌّۭ تَخَاصُمُ أَهْلِ ٱلنَّارِ ﴿٦٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින් අතර පවතින ඔවුන්ගේ වාදය ගැන අපි නුඹලාට මෙනෙහි කළ මෙය, කිසිදු සැකයක් හෝ මුසුවක් හෝ නොමැති සැබෑවකි
قُلْ إِنَّمَآ أَنَا۠ مُنذِرٌۭ ۖ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿٦٥﴾
අහෝ මුහම්මද්! නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට මෙසේ පවසනු. ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නෙකු පමණි. සුවිශුද්ධ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙකු දකින්නට නැත. ඔහුගේ බලය, ඔහුගේ ගුණය හා ඔහුගේ නාමවල ඔහු වෙනමම පැවැත්මක් ඇත්තෙකි. එහෙයින් ඔහු සියලු දෑ මඩලන බල පරාක්රමයාය. සෑම දෙයක්ම ඔහුට යටත්ය
رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلْعَزِيزُ ٱلْغَفَّـٰرُ ﴿٦٦﴾
ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ ද පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. ඔහුගේ රාජ්යය තුළ ඔහු ව කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන් සඳහා අති ක්ෂමාශීලීය. قل هو نبؤا عظيم
قُلْ هُوَ نَبَؤٌا۟ عَظِيمٌ ﴿٦٧﴾
අහෝ දූතය! එම බොරුකාරයින්හට, ‘සැබවින්ම අල් කුර්නආය අතිමහත් කරුණකින් යුත් පණිවිඩයකි’ යැයි පවසනු. أ نتم عنه معرضون
أَنتُمْ عَنْهُ مُعْرِضُونَ ﴿٦٨﴾
අති මහත් කරුණ සහිත මෙම පණිවිඩය නුඹලා ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස නුඹලා හැරී නොබලති
مَا كَانَ لِىَ مِنْ عِلْمٍۭ بِٱلْمَلَإِ ٱلْأَعْلَىٰٓ إِذْ يَخْتَصِمُونَ ﴿٦٩﴾
ආදම් මැවීමේ කරුණ පිළිබඳ මලක්වරුන් අතර හුවමාරු වූ කතාව අල්ලාහ් මට දන්වා එය මට උගන්වා නොදුන්නේ නම් ඒ ගැන කිසිදු දැනුමක් මාහට නොවීය
إِن يُوحَىٰٓ إِلَىَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ ﴿٧٠﴾
සැබැවින්ම අල්ලාහ් මා වෙත දිව්ය පණිවිඩ පහළ කර ඇත්තේ ඔහු මා වෙත දැන්විය යුතු දෑ පමණය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලි ලෙස අවවාද කරන්නෙකු වන බැවිණි
إِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقٌۢ بَشَرًۭا مِّن طِينٍۢ ﴿٧١﴾
‘සැබවින්ම මම පසින් මිනිසෙකු මවන්නට යමි. ඔහු ආදම්(අලයිහිස් සලාම්) වේ’ යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්හට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فإذا سويته ونفخت فيه من روحى فقعواله سجدين
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَـٰجِدِينَ ﴿٧٢﴾
ඔහුගේ ස්වරූපය සකසා ඔහුගේ හැඩය විධිමත් කොට මාගේ ප්රාණයෙන් ඔහු තුළ මා පිඹූ විට නුඹලා ඔහුට හිස පහත් කොට ආචාර කරනු
فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ ﴿٧٣﴾
මලක්වරුන් තම පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දෝය. ඔවුන් සියලු දෙනාම ගෞරව කිරීමේ ආචාරයක් ලෙස සිරස නමා ආචාරය කළෝය. ඔවුන් අතර ආදම්ට සිරස නමා ආචාර නොකළ කිසිවකු නොවීය
إِلَّآ إِبْلِيسَ ٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَـٰفِرِينَ ﴿٧٤﴾
නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. දේව ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය
قَالَ يَـٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ ٱلْعَالِينَ ﴿٧٥﴾
"අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මැවූ ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් නුඹව වළක්වාලීයේ කුමක්ද? එසේ ආචාර කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ උඩඟුකම ද එසේ නැතහොත් මීට පෙර නුඹේ පරමාධිපතිට වඩා ඉහළින් අහංකාරයෙන් නුඹ වැජඹුණෙහි ද?" යැයි අල්ලාහ් විමසුවේය
قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ ۖ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ ﴿٧٦﴾
ඉබ්ලීස්: ‘මම ආදම්ට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මවා ඇත්තේ පසිනි. ඔහුගේ විශ්වාසය අනුව සැබැවින්ම ගින්න පසට වඩා ශ්රේෂ්ඨ වස්තුවකි.’ යැයි පැවසීය
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ ﴿٧٧﴾
‘නුඹ ස්වර්ගයෙන් බැහැරට යනු. සැබැවින්ම නුඹ දෝශාරෝපණයට ලත් ශාප කරනු ලැබූවෙකි’ යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය
وَإِنَّ عَلَيْكَ لَعْنَتِىٓ إِلَىٰ يَوْمِ ٱلدِّينِ ﴿٧٨﴾
ප්රතිඵල පිරිනමනු ලබන දිනය දක්වා නුඹට එරෙහි ව ස්වර්ගයෙන් නෙරපීමක් ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿٧٩﴾
ඉබ්ලීස් ‘එසේ නම්, නුඹ මට කල් දෙනු. නුඹේ ගැත්තන් යළි අවදි කරනු ලබන දිනය දක්වා මා මරණයට පත් නොකරනු’ යැයි පැවසීය
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ ﴿٨٠﴾
සැබැවින්ම නුඹ කල් දෙනු ලැබූ අය අතරින් යැයි අල්ලාහ් පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ ﴿٨١﴾
නුඹව විනාශ කිරීමට නියම කරන ලද නිශ්චිත වේලාවේ දිනය දක්වා. قال فبعز تك لأغوين هم أجمعين
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ ﴿٨٢﴾
"ඔබේ ශක්තිය හා ඔබේ බලාධිකාරයේ නාමයෙන් දිවුරා සිටිමි. සැබැවින්ම ආදම්ගේ දරුවන් සියලු දෙනා මම නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසීය
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ ﴿٨٣﴾
නමුත් මාගේ නොමග හැරීමෙන් නුඹ රැකවරණය දුන් අය හැර. ඔබට පමණක් නමදින්නට මම ඔහු මුදා හරිමි
قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ ﴿٨٤﴾
උත්තරීතර අල්ලාහ්, ‘මෙම සත්ය ප්රකාශය මගෙන් වූවකි. එම සත්යයම මම පවසමි. ඒ හැර වෙනත් දෙයක් නොපවසමි.’ යැයි පැවසීය. لأملأن جهن م منك ومم نتبعك منهم أجمعين
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ ﴿٨٥﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි
قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍۢ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ ﴿٨٦﴾
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මා නුඹලාට දැනුම් දෙන උපදෙස් සඳහා කිසිදු කුලියක් නොඉල්ලමි. මට අණ කරනු ලැබූ දෑට අමතර දෙයක් ගෙනැවින් (නුඹලා) අපහසුතාවයට ලක් කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි. إن هو إل اذكر للعلمين
إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ﴿٨٧﴾
අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත. ولتعلمن نبأه بعد حين
وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ ﴿٨٨﴾
නුඹලා මරණාසන්න අවස්ථාවේ මෙම කුර්ආනයේ පුවත සත්යය බව සැබවින්ම නුඹලා දැන ගන්නෙහුය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්