تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿١﴾
අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි සැලසුම් කිරීම්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ අල්ලාහ්ගෙන් වූවකි. සුවිශුද්ධයාණන් අල්ලාහ් විසින් මිස එය වෙනත් පහළ කිරීමක් ලෙස නැත
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ﴿٢﴾
අහෝ දූතයිනි! සත්යය අන්තර්ගත ව ඇති කුර්ආනය සැබවින්ම අපි නුඹ වෙත පහළ කළෙමු. එහි ඇති සියලු තොරතුරු සත්යයකි. එහි ඇති සියලු නීතිරීතී සාධාරනණීයය. එහෙයින් අල්ලාහ්ට ආදේශ කිරීමෙන් ඉවත් ව ඔහුට ඒකීයත්වය අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් නමදිනු
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَـٰذِبٌۭ كَفَّارٌۭ ﴿٣﴾
දැනගනු! සියලු ආදේශයන්ගෙන් තොර වූ දහම අල්ලාහ් සතුය. අල්ලාහ් අතහැර ඔවුන් නමදින පිළිම හා වෙනත් ව්යාජ බලවේග අතරින් ඔහු හැර භාරකරුවන් ලෙස තෝරා ගත් අය වනාහි, ඔවුන් ඒවා නැමදීම ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කරති. ‘නිලයෙන් අල්ලාහ් වෙත ඔවුන් අප සමීප කරනු පිණිසත් අපගේ අවශ්යතා ඔහු වෙත ඔවුන් ඉදිරිපත් කරනු පිණිසත් ඔහු අබියස අප වෙනුවෙන් ඔවුන් මැදිහත්වී කතා කරනු පිණිසත් මිස අපි ඔවුන් නමදින්නේ නැත.’ නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළවුන් හා ඔහුට ආදේශ තැබූ ප්රතික්ෂේපකයින් අතර වෙන් කරනු ඇත. එය ඔවුන් ඒකදේවත්වය පිළිබඳ කවර මතභේදයක සිටියේ ද එහි තීන්දුව අනුවය. කවරෙකු අල්ලාහ්ට හවුල් කරුවකු ආරෝපණය කොට බොරු පවසන්නේ ද එමෙන්ම ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදවලට ගුණමකු වන්නේ ද සැබවින්ම අල්ලාහ් ඔහුට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද කරන්නේ නැත
لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًۭا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿٤﴾
අල්ලාහ් දරුවකු ගැනීමට අභිමත කළේ නම් ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අයකු තෝරා ඔහු ව දරුවාගේ නිලයෙහි ඔහු පත් කරන්නට තිබුණි. මෙම දේව ආදේශකයින් පවසන දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු ඒකීයය. එහි ඔහු සමග කිසිදු හවුල්කරුවකු නැත. ඔහුගේل සියලු මැවීම් වෙනුවෙන් ආධිපත්යය දරනුයේ ඔහුය
خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّـٰرُ ﴿٥﴾
ඔහු අහස් හා මහපොළොව මවා ඇත්තේ ගැඹුරු ප්රඥාවක් සඳහාය. අපරාධකරුවන් පවසන පරිදි ඒවා නිකරුණේ මවා නැත. රාත්රිය දහවල මත ප්රවේශ වෙයි. දහවල රාත්රිය මත ප්රවේශ වෙයි. ඒ දෙකින් එකක් පැමිණෙන විට අනෙක සැඟවී යයි. තවද ඔහු හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියම කරන වේලාවක් වෙනුවෙන් ගමන් කරනු ඇත. එය මෙම ජීවිතයේ අවසානයයි. දැනගනු! ඔහු වනාහි ඔහුගේ සතුරන්ට සමප්රතිචාර දක්වන කිසිවකු විසින් ඔහු අභිබවා යා නොහැකි සර්වබලධාරී සුවිශුද්ධයාණන්ය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගෙන් පාපකම් මකන අති ක්ෂමාශීලීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَٰجٍۢ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ خَلْقًۭا مِّنۢ بَعْدِ خَلْقٍۢ فِى ظُلُمَـٰتٍۢ ثَلَـٰثٍۢ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ﴿٦﴾
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ව එක් ආත්මයකින් මැව්වේය. ඔහු ආදම්ය. පසු ව ආදම්ගෙන් ඔහුගේ සහකාරිය වූ හව්වා මැව්වේය. තවද ඔටු, ගව, බැටලු හා එළු වර්ග අටක් මැව්වේය. සෑම මැවීමක් අතරම පිරිමි හා ගැහැණු වර්ග මැව්වේය. සුවිශුද්ධයාණන් නුඹලා ව නුඹලාගේ මව් කුසවල් තුළ අදියරින් අදියර කුසෙහි අන්ධකාරයන්හි ද, ගර්භාෂයෙහි ද වැදෑමහෙහි ද ඔහු නුඹලා බිහි කළේය. මේ සියල්ල මැව්වා වූ ඔහු නුඹලාගේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ය. සියලු රාජ්යය ඔහුට පමණක් සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙක් නැත. එසේ නම් ඔහු නැමදීම අතහැර දමා කිසිවක් නොමැ වූ ඔවුන් පවා මවනු ලැබූ තත්ත්වයේ තිබියදී එවැන්නන් නැමදීමට ඔවුන් යොමු වනුයේ කෙසේ ද?
إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٧﴾
අහෝ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපති ව ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ විශ්වාසය ගැන අවශ්යතාවෙන් තොර බව දැනගත යුතුය. නුඹලාගේ ප්රතික්ෂේපය ඔහුට හානියක් සිදු නොකරයි. සැබවින්ම නුඹලාගේ ප්රතික්ෂේපයේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. ඔහුගේ ගැත්තන් ඔහු ව ප්රතික්ෂ්ප කිරීම ඔහු පිළිගන්නේ නැත. දේව ප්රතික්ෂේපය ඔහු ඔවුනට නියෝග කරන්නේ ද නැත. ඊට හේතුව අල්ලාහ් අශීලාචාර හා පිළිකුල්සහගත දෑ නියෝග නොකරන බැවිණි. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වී ඔහු ව විශ්වාස කරන්නේ නම් නුඹලාගේ කෘතඥතා ව ඔහු පිළිගනී. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමයි. කිසිදු ආත්මයක් තවත් කෙනෙකුගේ පව් බර නොඋසුලයි. සෑම ආත්මයක්ම එය උපයන දෑ සඳහා ඇපකරුවෙකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත පමණය. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දෑ ගැන ඔහු නුඹලාට දන්වයි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන සර්ව ඥානීය. එහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ر
۞ وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّۭ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةًۭ مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًۭا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ ﴿٨﴾
දේව ප්රතික්ෂේපකයාට යම් රෝගයකින් යම් පීඩාවක් ඇති වූ විට ඔහු සැලෙයි. බියවෙයි. තම පරමාධිපති වෙත පමණක් යොමු වී පීඩාවෙන් තමන් ගලවා ගන්නා මෙන් ඔහුට කන්නලව් කර එහි ගිලී යයි. පසු ව ඔහුට අත් වූ එම පීඩාව ඔහුගෙන් ඉවත් කොට ඔහුට ආශිර්වාදයක් පිරිනැමූ විට මීට පෙර ඔහු යටත් වෙමින් සිටි අල්ලාහ්ව අතහැර දමයි. අල්ලාහ්ගේ මාර්ගය අතහැර ඔහු වෙත සේන්දු විය හැකි වෙනත් අයකු අතරමැදියකු බවට පත් කිරීම පිණිස ඔහුට හවුල්කරුවන් පත් කොට ඔහු හැර දමා ඔවුනට නමදියි. අහෝ දූතය! මෙම තත්ත්වයේ සිටින්නන්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹේ ඉතිරි ආයු කාලය ද නුඹ නුඹේ ප්රතික්ෂේපය සමගම භුක්ති විඳිනු. එය සුළු කාලයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ අපා ගින්නට බැඳී සිටින පුද්ගලයින් අතරින් කෙනෙකි. එම නිරාවාසියා ඔහුගේ මිතුරා සමග එහි බැඳී සිටියි
أَمَّنْ هُوَ قَـٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًۭا وَقَآئِمًۭا يَحْذَرُ ٱلْـَٔاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٩﴾
තම පරමාධිපතිට සුජූද් කරමින් ඔහුට නැමදුම් කරමින් රාත්රී කාලය ගත කර මතුලොව දඬුවම ගැන බිය වී තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන සිතා ඔහුට අවනත වන්නා උතුම් ද එසේ නැතහොත් දුෂ්කර අවස්ථාවන්හි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ්ව නැමද ප්රීතිමත් අවස්ථාවන්හි ඔහු ව ප්රතික්ෂේප කොට ඔහු සමග හවුල්කරුවන් පත් කරන එම දේව ප්රතික්ෂේපකයා ද? අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් ව ඔවුන් හඳුනා ගත් හේතුවෙන් ඔවුන් මත අල්ලාහ් අනිවාර්යය කළ දෑ ගැන වටහා ගන්නන් හා ඒ ගැන කිසිවක් නොදන්නා මොවුන් එක සමාන වන්නේ ද? මෙම කණ්ඩයම් දෙක අතර වූ වෙනස හඳුනා ගනුයේ මනා බුද්ධියක් ඇති පුද්ගලයෝය
قُلْ يَـٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍۢ ﴿١٠﴾
අහෝ දූතය! මා හා මාගේ දූතයා විශ්වාස කළ මාගේ ගැත්තන් හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත්ව කටයුතු කරනු. මෙලොවෙහි නුඹලා අතරින් යහපත් ක්රියාවන් දැහැමි ලෙස සිදු කළවුනට මෙලොවෙහි යහපත් උපකාරය නිරෝගිකම හා සම්පත් ඇත. මතුලොවෙහි ද ස්වර්ගය ඇත. අල්ලාහ්ගේ භූමිය විශාලය. නුඹලා අල්ලාහ්ට නැමදුම් කරන ස්ථානයක් ලබන තුරු නුඹලා එහි සංක්රමණය කරනු. නුඹලාව වළක්වන කිසිවෙකු නැත. සැබැවින්ම ඉවසිලිවන්තයින්ට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ කුසල් පිරිනමනුයේ කිසිදු ගණනයකින් තොරවය. එහි අධිකත්වයටත් විවිධත්වයටත් සීමාවක් නැත
قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ﴿١١﴾
"අහෝ දූතය! සැබවින්ම මා අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් නමදින මෙන් ඔහු විසින් නියෝග කරනු ලැබුවෙමි." යැයි පවසනු
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ ﴿١٢﴾
එමෙන්ම මෙම සමූහයා අතරින් ඔහුට යටත් වී අවනත වූ පළමු පුද්ගලයා වීමට ද මා අණ කරනු ලැබුවෙමි
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿١٣﴾
"සැබවින්ම මම අල්ලාහ්ට පිටුපා ඔහුට අවනත නොවූයේ නම්, අතිමහත් දිනයේ දඬුවමට ලක් වීම ගැන බියවෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය" යි, නබි තුමණි පවසනු
قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًۭا لَّهُۥ دِينِى ﴿١٤﴾
‘නියත වශයෙන්ම නැමදුම අල්ලාහ්ට අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් මම නමදිමි. ඔහු සමග වෙනත් කිසිවකු මම නොනමදිමි'’ යැයි අහෝ දූතය! නුඹ පවසනු
فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ﴿١٥﴾
එහෙයින් අහෝ ආදේශ තබන්නනි! නුඹලා ද ඔහු හැර නුඹලා අභිමත කරන පිළිම වලට නමිදිනු. (මෙය අවවාදයේ නියෝගයකි.) අහෝ! නුඹ ඔවුනට මෙසේ පවසනු: ‘සැබෑ ලෙස පරාජිතයින් වනුයේ තමන්ටම අලාභහානි සිදු කොට, තමන්ගේ පවුලට ද අලාභහානි සිදු කරගත් පුද්ගලයෝය. ඔවුහු ඔවුන්ගෙන් වෙන් වී ගොස් ස්වර්ගයට ඔවුන් තනි ව ප්රවේශවීමෙන් හෝ ඔවුන් සමගම නිරා ගින්නට ඔවුන් ඇතුළුවීමෙන් ඔවුහු ඔවුන් මුණගැසුනේ නැත. කිසිවිටෙක මුණගැසෙන්නේද නැත. එය කිසිදු සැකයක් නැති පැහැදිළි අලාභයක් බව සැබෑ ලෙස දැන ගත යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌۭ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌۭ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَـٰعِبَادِ فَٱتَّقُونِ ﴿١٦﴾
ඔවුනට ඉහළින් දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. එමෙන්ම ඔවුනට පහළින් ද දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. සඳහන් කරන ලද මෙම දඬුවම අල්ලාහ් තම ගැත්තන්හට දන්වා අවවාද කරමින් ‘මාගේ ගැත්තනි! මාගේ නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹ මට භක්තිමත් ව කටයුතු කරනු.’ යැයි පවසා සිටීයි
وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّـٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ ﴿١٧﴾
පිළිම වන්දනාවෙන් හා අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දැයින් වැළකී, පාප ක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත හැරුණු අයවලුන් වනාහි, ඔවුනට මරණ අවස්ථාවේ ද මිනීවළ තුළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ස්වර්ගය පිළිබඳ සුබ පැතුම් ඇත. එහෙයින් අහෝ දූතය! මාගේ ගැත්තන්ට සුභාරංචි දන්වා සිටිනු
ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿١٨﴾
ප්රකාශයට සවන් දී එහි ඇති යහපත හා පිළිකුල් සහඟත දෑ අතර වෙන් කොට එහි ප්රයෝජන ඇති වඩාත් අලංකාර දෑ පිළිපදින්නන් වනාහි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔවුහුමය යහ මග වෙත අල්ලාහ් ආශිර්වාද කළවුන් වන්නෝ. එමෙන්ම මනා බුද්ධියක් ඇත්තෝ ද ඔවුහුමය
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ ﴿١٩﴾
කවරෙකු දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි රැඳී සිටියේ ද ඔහු එසේ රැඳී සිටීම හේතුවෙන් ඔහු මත දඬුවමේ වදන නියම විය. එහෙයින් අහෝ දූතය! ඔහුට මග පෙන්වීමෙහි හා ඔහුට ආශිර්වාද කිරීමෙහි නුඹට කිසිදු උපක්රමයක් නැත. අහෝ දූතය! මෙවන් ගුණාංග ඇත්තන් අපා ගින්නෙන් ආරක්ෂා කරන්නට නුඹට හැකි වන්නෙහි ද?
لَـٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌۭ مِّن فَوْقِهَا غُرَفٌۭ مَّبْنِيَّةٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ ﴿٢٠﴾
නමුත් තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වනාහි, එකිනෙකට ඉහළින් පිහිටන උසස් මන්දිර ඔවුනට ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිනු ඇත. අල්ලාහ් මෙම ප්රතිඥා ව ඔවුනට පොරොන්දු විය. අල්ලාහ් එම ප්රතිඥාව කඩ කරන්නේ නැත
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَلَكَهُۥ يَنَـٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًۭا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَجْعَلُهُۥ حُطَـٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿٢١﴾
ى සැබවින්ම අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කොට එය උල්පත් හා ගලා යන තැන් වලට ප්රවේශ කොට පසු ව එම ජලයෙන් විවිධ වර්ගයේ බෝග හට ගන්වා පසු ව එම භෝග වියළී යෑම නුඹලා දෑසින් දැක වටහා ගන්නෙහු ය. අහෝ අධීක්ෂණය කරන්නනි! අනතුරු ව එය සරුවට තිබීමෙන් පසු ව කහ පැහැ ගැන්වී එය වියළී ගිය පසු කැබලි වලට පත් වන කොළ රොඩු බවට ඔහු පත් කරයි. සඳහන් කරනු ලැබූ දෑ හි ජීවමාන බුද්ධියක් ඇත්තවුන්හට උපදෙසක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ فَهُوَ عَلَىٰ نُورٍۢ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌۭ لِّلْقَـٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٢٢﴾
م بين අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කොට, ඒ වෙත ඔහු මග ලබා ඔහු ඔහුගේ පරමාධිපතිගේ පැහැදිලි පදනම මත සිටින්නෙකි. එවැන්නෙකු අල්ලාහ් ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත රළු කර ගත් අයකු මෙන් ද? කිසිවිටෙක ඔවුන් දෙදෙනා සමාන වන්නේ නැත. ජයග්රහණය ඇත්තේ යහ මග ගියවුන්ටය. පරාජය ඇත්තේ අල්ලාහ්ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත් රළු කර ගත්තවුන්ටය. ඔවුන් සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටිති
ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًۭا مُّتَشَـٰبِهًۭا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ ﴿٢٣﴾
ه අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළේය. එය කතාවෙන් වඩාත් අලංකාරය. සත්යය, අලංකාරය හා බැඳීම් හි එකිනෙකට ගැළපෙන පරස්පර නොවන කතා, නීති, ප්රතිඥා, අවවාද, සත්යවාදීන්ගේ ගුණාංග, අසත්යවාදීන්ගේ ගුණාංග හා වෙනත් දෑ වාර ගණනාවක් සඳහන් වන අයුරින් අල්ලාහ් එය පහළ කළේය. එහි ඇති අවවාද හා තර්ජන වලට ඔවුන් සවන් දෙන විට ඔවුන්ගේ පරමාධිපතිට බියෙන් ඔවුන්ගේ හම් කිළිපොළා යනු ඇත. පසු ව යහපත් බලාපොරොත්තු, ශුභාරංචි ඇති දෑ ට ඔවුන් සවන් දුන් විට ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීම සඳහා යටත් වී සැහැල්ලු වනු ඇත. අල් කුර්ආනයේ සඳහන් කරනු ලැබූ ඒවා හා ඒවායෙහි බලපෑම් අල්ලාහ් තමන් අභිමත කරන අයට පෙන්වා දෙන මග පෙන්වීම් වෙයි. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කළේ ද, ඔහුට යහ මග සඳහා ඔහු ආශිර්වාද කරන්නේ නැත. ඉන්පසු ඔහුට මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ද නොවනු ඇත
أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ ﴿٢٤﴾
අල්ලාහ් යමෙකුට යහ මග පෙන්වා මෙලොවෙහි ඔහුට ආශිර්වාද කොට මතු ලොවෙහි ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළ පුද්ගලයෙකු, දෙවියන් ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපය මත ම මිය ගොස් අවසානයේ අත් දෙක හා පාද දෙක බැඳ දමා නිරා ගින්නට ප්රවේශ කොට අපා ගින්නට මුණින් අතට වැටීමෙන් මිස ආරක්ෂාව ලැබිය හැකි පුද්ගලයකු හා සමාන වන්නේ ද? දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් හෙළා දකිමින් ‘නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් උපයමින් සිටි දෑ විඳවනු. මෙය නුඹලාගේ ප්රතිවිපාකය වේ’ යැයි කියනු ලැබේ
كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ﴿٢٥﴾
මෙම දේව ආදේශකයින්ට පෙර සිටි සමූහයින් ද බොරු කළෝය. ඔවුන් එය වටහා ගෙන ඒ සඳහා පාප ක්ෂමා අයැද සිටීමට නොහැකි පරිදි එකවර ඔවුනට දඬුවම පැමිණියේය
فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٢٦﴾
මෙලොව ජීවිතයේ දී අපකීර්තිමත්, අවමන් ලැජ්ජා සහගත මෙම දඬුවම අල්ලාහ් ඔවුනට විඳවන්නට සැලසීය. ඔවුන් ව බලාපාරොත්තු වෙමින් සිටින මතු ලොව දඬුවම ද අති බිහිසුණු දැඩි දඬුවමකි. ඔවුහු ඒ ගැන දැන සිටියාහු නම් කෙතරම් අගනේ ද!? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٢٧﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයෙහි යහපත හා අයහපත සත්යය හා අසත්යයට දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපයට මෙන්ම ඒ හැර වෙනත් දෑට ද විවිධ උදාහරණය සැබවින්ම අපි ගෙන හැර පා ඇත්තෙමු. එය අප කවර උදාහරණයක් ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් පාඩම් ලබා, සත්යය හඳුනා, ව්යාජ දෑ අතහැර දැමීමේ යහපත් අපෙක්ෂාවෙනි. قرءانا عربيا غيرذى عوج لعلهم يتقون
قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍۢ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴿٢٨﴾
අපි අල් කුර්ආනය අරාබි කියවීමක් බවට පත් කළෙමු. එහි ඇදයක් හෝ විකෘතිභාවයක් හෝ මුසුවක් හෝ නොමැත. එය ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු පිණිසය
ضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلًۭا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًۭا سَلَمًۭا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٢٩﴾
لا يعلمون බහුදේවවාදියා හා ඒකදේවවාදියාට අල්ලාහ් උපමාවක් ගෙන හැර පෑවේය. එකිනෙකට පරස්පර හවුල්කාර දෙපාර්ශවයකට වහල් වූ මිනිසෙකි. ඔහු ඔවුන්ගෙන් පිරිසක් පිළිගත් විට තවත් පිරිසකට කෝපය ඇති කරනු ඇත. එහෙයින් ඔහු සිටිනුයේ කුතුහලයෙහි හා කලබලකාරී තත්ත්වයකය. අනෙකා තමන්ට පමණක් පාලනය සතු පුද්ගලයකුට අවංක වූ මිනිසෙකි. ඔහු සාමයෙන් හා තැන්පත් කමින් සිටින බැවින් ඔහුගේ අපේක්ෂාවන් ගැන ඔහු දනී. මෙම මිනිසුන් දෙදෙනා එක සමාන වන්නේ නැත. සියලු ප්රශංසා අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එහෙයින් ඔවුහු අල්ලාහ් සමග ඔහු හැර වෙනත් අය ව ද හවුලේ තබති. إنك ميت وإن هم ميتون
إِنَّكَ مَيِّتٌۭ وَإِنَّهُم مَّيِّتُونَ ﴿٣٠﴾
අහෝ දූතය! කිසිදු සැකයකින් තොර ව සැබවින්ම නුඹ මිය යන්නෙකි. සැබවින්ම ඔවුන්ද මිය යන්නෝ වෙති
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ ﴿٣١﴾
පසු ව අහෝ ජනයිනි! නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද සැබවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස ඒ ගැන තර්ක කරන්නෙහුය. එවිට සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලි වනු ඇත
۞ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدْقِ إِذْ جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَـٰفِرِينَ ﴿٣٢﴾
අල්ලාහ්ට හවුල්කරුවෙක් බිරියක් හා දරුවෙක් සිටින බව පවසා ඔහුට සුදුසු නොවන දෙයක් ඔහු වෙත ආරෝපණය කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. එමෙන්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එම දිව්ය පණිවිඩ බොරු කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් හා ලැඟුම් ගන්නා ස්ථානයක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِۦٓ ۙ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ ﴿٣٣﴾
නබිවරුන් හා වෙනත් අය පිළිබඳ තම ප්රකාශයන්හි හා තම ක්රියාවන්හි සත්යය රැගෙනවිත් එය විශ්වාස කරන්නෙකු ලෙස ස්ථීර කොට ඒ අනුව කටයුතු කළ පුද්ගලයින් වනාහි සැබෑ ලෙසින්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් භක්තිමත් ව කටයුතු කළවුන් ඔවුහුමය
لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ﴿٣٤﴾
ඔවුන් අපේක්ෂා කරන සදාතනික භුක්ති විඳීම් ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. මෙය, තම පරමාධිපති සමගත් ඔහුගේ ගැත්තන් සමගත් යහපත් ලෙස කටයුතු කළවුනට පිරිනැමෙන ප්රතිඵල වේ
لِيُكَفِّرَ ٱللَّهُ عَنْهُمْ أَسْوَأَ ٱلَّذِى عَمِلُوا۟ وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿٣٥﴾
මෙලොවෙහි ඔවුන් සිදු කරමින් ආ දරුණු පාපකම් වෙනුවෙන් ඔවුන් පාප ක්ෂමාවෙහි නිරත වී ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු වීම නිසාවෙන් අල්ලාහ් ඔවුන්ගෙන් එම පාපකම් මකා දමා ඔවුන් සිදු කරමින් ආ දැහැමි ක්රියාවන්ට වඩා අලංකාර කුසල් ඔවුනට පිරිනමනු පිණිසය
أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ﴿٣٦﴾
අල්ලාහ්ගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තම ආගමික කටයුතු හා ලෞකික කටයුතු වලදී අල්ලාහ් ප්රමාණවත් නොවන්නේ ද? ඔහු ඔහුගේ සතුරන්ගෙන් ඔහු ව වළක්වාලන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු ප්රමාණවත්ය. අහෝ දූතය! ඔවුන්ගේ මෝඩකම හා අඥානකම හේතුවෙන් අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම නුඹට නපුරක් කරනු ඇතැයි ඔවුහු නුඹ ව බියගන්වති. කවරෙකු අල්ලාහ්ට අවමන් කරන්නේ ද අල්ලාහ් ඔහුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ නැත. පසු ව ඔහුට මග පෙන්වන ඔහුට ආශිර්වාද කරන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත
وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍۢ ذِى ٱنتِقَامٍۢ ﴿٣٧﴾
අල්ලාහ් කවරෙකුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ ද ඔහු ව නොමග යවන්නට කිසිවකුට හැකියාවක් නැත. අල්ලාහ් කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් නොවේ ද? තමන් ප්රතික්ෂේප කොට පාපකම් කළවුනට සම ප්රතිචාර දක්වන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු සර්ව බලධාරීය. සම ප්රතිචාර දක්වන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَـٰشِفَـٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَـٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ ﴿٣٨﴾
අහෝ දූතය! මෙම ආදේශකයින්ගෙන්, "අහස් හා මහ පොළොව මැව්වේ කවුරුන්දැ?"යි නුඹ විමසා සිටියෙහි නම්, ඔවුන්, ‘සැබවින්ම ඒවා මැව්වේ අල්ලාහ් වේ.’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියා ව හෙළිදරව් කරනු පිණිස නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින එම පිළිම පිළිබඳ නුඹලා මට දන්වනු. අල්ලාහ් මට නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ නම් එම නපුර මගෙන් ඉවත් කරන්නට ඒවාට හැකි ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට පිරිනැමීමට අපේක්ෂා කළේ නම් ඔහුගේ ආශිර්වාදය මගෙන් වළක්වන්නට ඔවුනට හැකි ද?" ඔවුනට මෙසේ පවසනු. ‘මට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය. මාගේ සියලුම කටයුතු වලදී මම අල්ලාහ් මත පමණක් භාරකර විශ්වාසය තබමි. භාර කරන්නන් ඔහු මත ම සියල්ල භාර කරති."
قُلْ يَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ ﴿٣٩﴾
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘මාගේ ජනයිනි! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා තෝරා ගත් ස්ථාවරය මත පදනම් ව නුඹලා කටයුතු කරනු. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීම, ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීම යනාදී ලෙස ඔහු මට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ මත සිට කටයුතු කරන්නෙකු වෙමි. එහෙයින් සෑම ගමනකම විපාකය නුඹලා මතු දැන ගනු ඇත.' من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم
مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ﴿٤٠﴾
තමන් අවමානයට පත් කරන, හෑල්ලුවට ලක් කරන, මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැ යි ද, මතු ලොවෙහි අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැන ගනු ඇත
إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ ﴿٤١﴾
بوكيل අහෝ දූතය! සැබවින්ම නුඹ ජනයාට අවවාද කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් කවරෙකු මග ලබන්නේ ද සැබවින්ම එම මග ලැබීම ඔහුටම ප්රයෝජනවත් වනු ඇත. ඔහුගේ මග ලැබීම අල්ලාහ්ට ප්රයෝජනවත් වන්නේ නැත. සැබවින්ම ඔහු එහි අවශ්යතාවක් නොමැත්තාය. එමෙන්ම කවරෙකු නොමග ගියේද ඔහු නොමග යෑමේ හානිය ඔහුට එරෙහිව ම පිහිටනු ඇත. ඔහුගේ නොමග යෑම අල්ලාහ්ට කිසිදු හානියක් නොකරයි. යහ මග වෙත ඔවුනට බල කිරීමට ඔවුන් වෙත භාරකරුවකු ලෙස නුඹ නැත. නුඹ වෙත පැවරෙනුයේ දන්වා සිටින්නට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය ඔවුන් වෙත දන්වා සිටීම පමණය
ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٤٢﴾
ජීවිත වල ආයු කාලය අවසන් වන විට ඒවා අත්පත් කර ගන්නා අල්ලාහ්ය. ඒවායෙහි අයු කාලය අවසන් නොවූ ප්රාණ ද නින්දේදී ඔහු අත්පත් කර ගනියි. මරණය තීන්දු වූ ප්රාණ රඳවා ගනියි. ඒ ගැන තීන්දු නොකළ දෑ ඔහුගේ දැනුම තුළ නිශ්චිත කාලයක් දක්වා අතහැර දමයි. එසේ ජීවිත අත්පත් කර ගැනීම, අතහැර දැමීම මරණයට පත් කිරීම, ජීවය ලබා දීම යනාදිය වටහා ගන්නා ජනයාට සැබවින්ම එසේ සිදු කරන්නා විනිශ්චය හා ප්රතිඵල සඳහා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන්ගේ මරණයෙන් පසු ව ඔවුන් යළි අවදි කරවන බලාධිකාරියා බවට සාධක ඇත
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًۭٔا وَلَا يَعْقِلُونَ ﴿٤٣﴾
සැබැවින්ම දේව ආදේශකයෝ ඔවුන්ගේ පිළිම අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අබියස ප්රයෝජනය අපේක්ෂා කරනු ලබන ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස සලකති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. නුඹලාට හෝ ඔවුනට හෝ යමක් කිරීමට බලයක් නැති වැටහීමක් නැති තත්ත්වයක ඔවුන් සිටිය දී, ඔවුන් මැදිහත්කරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඒවා කතා නොකරන ගොළු, එමෙන්ම සවන් නොදෙන නොබලන සෙත නොසලසන හානි නොපමුණුවන භෞතික වස්තූන් වෙති
قُل لِّلَّهِ ٱلشَّفَـٰعَةُ جَمِيعًۭا ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ﴿٤٤﴾
අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සියලු දෑ වෙනුවෙන් වූ මැදිහත්වීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහුගේ අනුමැතියෙන් තොර ව ඔහු ඉදිරියේ කිසිවකු මැදිහත් වන්නේ නැත. ඔහු පිළිගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත් වන්නේ ද නැත. අහස්හි ආධිපත්යය හා මහ පොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය. පසු ව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.’
وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ﴿٤٥﴾
මතු ලොව හා එහි පවතින නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල යනාදිය විශ්වාස නොකරන දේව ආදේශකයින් වෙත අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් හැකිළී යනු ඇත. අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම ගැන මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සතුටින් ඉපිලී යති
قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ عَـٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿٤٦﴾
කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව අහස් හා මහ පොළොව මැවූ දෙවිඳුනි! ගුප්ත ව පවතින දෑ හා ඉදිරියේ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා දෙවිඳුනි! ඒ කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත. සැබැවින්ම නුඹ ඒකීයය. මෙලොවෙහිදී ඔබේ ගැත්තන් කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ ගැත්තන් අතර වෙන් කරන්නෙහිය. එවිට සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැ යි ද භාග්යවන්තයා හා අභාග්යවන්තයා කවරුන් දැ යි ද පැහැදිලි වනු ඇත
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا۟ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُوا۟ يَحْتَسِبُونَ ﴿٤٧﴾
දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට මහපොළොවේ ඇති වටිනා වස්තු, දේපළ සියල්ල හා ඒවා හැර වෙනත් දෑ ද තිබුණ ද ඒ සමගම ඒ හා සමාන තවත් බොහෝ ගුණයක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් පසු ඔවුන් දකින දරුණු දඬුවමින් මිදීම සඳහා ඒවා සියල්ල වන්දි වශයෙන් පිරිනමන්නට බලති. නමුත් ඔවුනට එය සතු නොවීය. එය ඔවුනට හැකි යැයි සිතුව ද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. එමෙන් ම ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අල්ලාහ්ගෙන් වූ විවිධ දඩුවම් ඔවුනට හෙළි වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وبدا لهم سئات ما كسبواوحاق بهم ما كانوابه يستهزءون
وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٤٨﴾
ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම් හි නපුරු විපාකය ඔවුනට මතු විය. ඔවුනට මෙලොවෙහි දඬුවම ගැන බිය ගන්වනු ලැබූ විට ඔවුන් සරදම් කරමින් සිටි එම දඬුවම සිව්දෙසින් ඔවුන් වට කරرගත්තේය
فَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّۭ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَـٰهُ نِعْمَةًۭ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌۭ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٤٩﴾
يعلمون දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසාට යම් රෝගයක් හෝ දරිද්රතාවක් හෝ එවැනි යම් විපතක් ඇති වූ විට ඔහුට අත් වූ එම විපත ඉවත් කරන මෙන් ඔහු අපගෙන් ප්රාර්ථනා කර සිටි. පසු ව ඔහුට සුවය හෝ ධනයෙහි යම් ආශිර්වාදයක් අප පිරිනැමූ විට දේව ප්රතික්ෂේපකයා, ‘සැබවින්ම අල්ලාහ් මට එය ලබා දී ඇත්තේ මම උරුම කර ගත් දැනුම වන බැවිණි' යැයි පවසයු. නිවැරදි කරුණ වනුයේ සැබවින් ඔහු පරීක්ෂාවට ලක් වී ඇත. පොළඹවනු ලැබ ඇත. නමුත් දේව ප්රතික්ෂේපකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොහඳුනිති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදයන් ගැන ඔවුහු රැවටී සිටිති
قَدْ قَالَهَا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿٥٠﴾
ඔවුනට පෙර සිටි දේව ප්රතික්ෂේපකයෝ ද මෙම කියමන ප්රකාශ කළෝය. ඔවුන් උපයමින් සිටි ධනය හෝ ඉඩකඩම් කිසිවක් ඔවුනට ඵලක් දුන්නේ නැත
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ ﴿٥١﴾
ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය
أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٥٢﴾
දේව ප්රතික්ෂේපකයෝ සැබවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන අයට පරීක්ෂණයක් ලෙස පෝෂණ සම්පත් ව්යාප්ත කර දී ඔහු ඔහුට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ දැයි ද, එමෙන්ම ඔහු අභිමත කර අයට පරීක්ෂණයක් ලෙසින් එය සීමා කොට ඔහු ඉවසීමෙන් කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අල්ලාහ් ගේ නියමය මත කෝප වන්නේදැ?යි පරීක්ෂා කරන බව ඔවුන් නොදැන ඔවුන් පවසා සිටි දෑ පමණක් පවසා සිටියෝ ද? පෝෂණ සම්පත් විස්තීරණ කිරීම හා එය සීමා කිරීම ගැන සඳහන් කරනු ලැබූ කරුණෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ සැලසුම් කිරීම පිළිබඳ සාධක ඇත. සැබවින්ම එම සාධක වලින් ප්රයෝජනය ලබනුයේ ඔවුන්මය. දේව ප්රතික්ෂේපකයෝ වනාහි ඔවුන් ඒ අසලින් ගමන් ගන්නා නමුත් එය ඔවුන් ප්රතික්ෂේප කරති
۞ قُلْ يَـٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿٥٣﴾
අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින්, සීමාව ඉක්මවා ගිය මාගේ ගැත්තන්හට නුඹ මෙසේ පවසනු. අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ හා නුඹලාගේ පාපයන් වලට ඔහුගේ සමාව පිළිබඳ නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම අල්ලාහ් ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වන්නන්ගේ සියලු පාපකම් කමා කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සැබවින්ම ඔහු පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය
وَأَنِيبُوٓا۟ إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا۟ لَهُۥ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ﴿٥٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත යොමු වනු. ඔහුට යටහත් වනු. පසු ව නුඹලාගේ පිළිම හෝ නුඹලාගේ පවුලේ ඥාතීන් අතරින් කිසිවෙකු හෝ එම දඬුවමින් නුඹලා ව මුදවා නුඹලාට පිහිට වන කිසිවකු නුඹලා නොදකිනු ඇත
وَٱتَّبِعُوٓا۟ أَحْسَنَ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ بَغْتَةًۭ وَأَنتُمْ لَا تَشْعُرُونَ ﴿٥٥﴾
නුඹලාගේ පරමාධිපති ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ වඩාත් අලංකාරවත් අල් කුර්ආනය නුඹලා පිළිපදිනු. එහෙයින් පාප ක්ෂමාව තුළින් ඒ සඳහා සූදානම් වීමට පවා නොහැකි, නුඹලා නොසිතූ මොහොතක එකවර නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර එහි ඇති නියෝග ක්රියාත්මක කරනු. එහි තහනම් කළ දැයින් වැළකී සිටිනු
أَن تَقُولَ نَفْسٌۭ يَـٰحَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِى جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ ﴿٥٦﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි කනස්සල්ලෙන් යුතු ව: “අහෝ ඛේදය! දේව ප්රතික්ෂේපය හා පාපකම් මත හිඳිමින් අල්ලාහ්ගේ පැත්තෙන් ඇති කරුණු ගැන ද දේව විශ්වාසී හා අවනත වූ ජනයා වසඟ වී සිටි දෑ ගැන ද නොසැලකිලිමත් වීමේ ඛේදය!’ යැයි නුඹ පැවසීමෙන් ප්රවේශම්වීමට එසේ සිදු කරනු
أَوْ تَقُولَ لَوْ أَنَّ ٱللَّهَ هَدَىٰنِى لَكُنتُ مِنَ ٱلْمُتَّقِينَ ﴿٥٧﴾
එසේ නැතහොත් පෙර නියමය ගැන වාද කරමින්, ‘සැබවින්ම අල්ලාහ් මට ආශිර්වාද කර තිබුණේ නම් මම ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන් අතුරින් වී, ඔහුගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නට තිබුණි’ යැයි නුඹ පවසා සිටීමෙන් ප්රවේශම් වනු පිණිස
أَوْ تَقُولَ حِينَ تَرَى ٱلْعَذَابَ لَوْ أَنَّ لِى كَرَّةًۭ فَأَكُونَ مِنَ ٱلْمُحْسِنِينَ ﴿٥٨﴾
එසේ නැතහොත් දඬුවම දෑසින් දකින මොහොතේ, ‘මෙලොවට නැවත හැරීමක් මට ඇත් නම් මම අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී, ඔහු වෙත යොමු වෙමි. දැහැමියන්ගේ කටයුතු සිදු කරමින් ඔවුන් අතරින් කෙනෙකු වෙමි’ යැයි කැමැත්තෙන් යුතු ව නුඹ පැවසීමෙන් ප්රවේශම් වනු පිණිස
بَلَىٰ قَدْ جَآءَتْكَ ءَايَـٰتِى فَكَذَّبْتَ بِهَا وَٱسْتَكْبَرْتَ وَكُنتَ مِنَ ٱلْكَـٰفِرِينَ ﴿٥٩﴾
යහ මග ආශා කිරීම ගැන නුඹ විශ්වාස කරන්නාක් මෙන් කරුණ නැත. සැබවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා බොරු කොට උඩඟු වූයෙහිය. අල්ලාහ් හා ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන් අතරට නුඹ ද පත් වූයෙහිය
وَيَوْمَ ٱلْقِيَـٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُوا۟ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْمُتَكَبِّرِينَ ﴿٦٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරෝපණය කරමින් ඔහු කෙරෙහි බොරු ගෙතූවන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබෙනු නුඹ දකිනු ඇත. එය ඔවුන්ගේ අභාග්යවන්තකමෙහි සළකුණයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට උඩඟුවූවන්හට නිරයෙහි නවාතැනක් නොමැත්තේ ද? එසේය, සැබවින්ම එහි ඔවුනට නවාතැනක් ඇත
وَيُنَجِّى ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوْا۟ بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٦١﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි ඔවුන්ගේ ජයග්රාහී ස්ථානය වන ස්වර්ග උයනට ඔවුන් ප්රවේශ කරමින් අල්ලාහ් ඔවුන් දඬුවමින් මුදවාලයි. ඔවුනට දඬුවම ස්පර්ශ වන්නේ නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු ලෞකික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දුකට පත් වන්නේ ද නැත
ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍۢ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ ﴿٦٢﴾
සියලු දෑ හි මැවුම්කරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් මැවුම්කරුවකු නැත. සියලු දෑ කෙරෙහි ඔහු ආරක්ෂකය. ඔහුගේ කරුණු ඔහු සැලසුම් කරයි. ඔහු අභිමත කරන පරිදි එය ක්රියාත්මක කරයි
لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٦٣﴾
අහස්හි හා මහ පොළොවේ යහපත් දෑ හි භාණ්ඩාගාරයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට ඒවා පිරිනමයි. ඔහු අභිමත කරන අයගෙන් ඒවා වළක්වාලයි. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් දේව විශ්වාසය තහනම් කර ගැනීම හේතුවෙන් හා මතු ලොවෙහි සදාතනිකයින් ලෙස අපා ගින්නට පිවිසීම හේතුවෙන් ඔවුහුමය පරාජිතයෝ වන්නෝ
قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَـٰهِلُونَ ﴿٦٤﴾
අහෝ දූතය! ඔවුන්ගේ පිළිම වලට නුඹ නැමදිය යුතු යැයි නුඹට බලකරමින් සිටින මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපති පිළිබඳ නොදැනුවත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෑට නමදින ලෙස නුඹලා මට අණ කරන්නෙහු ද? නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔහු හැර වෙනත් කිසිවෙකු කිසිවිටෙක මම නොනමදිමි.’ යැයි පවසනු
وَلَقَدْ أُوحِىَ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٦٥﴾
අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් නුඹ වෙත දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹට පෙර සිටි දූතවරුන් වෙතත් දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹ අල්ලාහ් සමග වෙනත් දෑ ට නැමදුම් කළෙහි නම් නුඹගේ යහපත් ක්රියාවන්හි ප්රතිඵල නිෂ්ඵල වී යනු ඇත. මෙලොවෙහි නුඹ නුඹේ දහම අතහැරීම හේතුවෙන් හා මතු ලොවෙහි දඬුවමට භාජනය වන හේතුවෙන් අලාභවන්තයින් අතරට නුඹ වනු ඇත
بَلِ ٱللَّهَ فَٱعْبُدْ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ ﴿٦٦﴾
එසේය, නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහු නුඹට පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාද සඳහා කෘතගුණ සලකන්නන් අතරින් කෙනෙකු වනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًۭا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٦٧﴾
عما يشركون දේව ආදේශකයින් අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු නිසි අයුරින් ගරු බුහුමන් කළේ නැත. මෙය, දුර්වල හා දුබල මැවීම් අල්ලාහ්ට ආදේශ කරමින්, මහ පොළොවේ පවතින කඳු ගස් ගංගා සාගර යනාදියෙන් විද්යාමාන වන ඔහුගේ බලය ගැන නොසැලකිලිමත් වෙමින් හා ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔහුගේ ග්රහණය තුළ පවතින බවත්, සැබවින්ම අහස් හත ඔහුගේ දකුණතෙහි වෙළී පවතින බවත් නොසැලකිලිමත් ව කටයුතු කළ බැවිණි. දේව ආදේශකයින් පවසන දැයින් හා ඔවුන් විශ්වාසය තබන දැයින් ඔහු සුවිශුද්ධය පිවිතුරුය
وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌۭ يَنظُرُونَ ﴿٦٨﴾
قيام ينظرون හොරණෑවෙහි පිඹීම සඳහා පවරනු ලැබූ මලක්වරයා එහි පිඹින දින මරණය නොවිය යුතු යැයි අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි හා මහපොළොවේ ඇති සෙසු සියලු දෑ මරණයට පත් වෙයි. පසු ව එම මලක්වරයා යළි අවදි වීම සඳහා දෙවන වරට එහි පිඹියි. එවිට සියලු දෙනා අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ නරඹමින් ජීවමාන ව නැගී සිටිති
وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَـٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٦٩﴾
ගැත්තන් අතර තීන්දු දීම සඳහා සර්වබල හිමිපාණන් සම්ප්රාප්ත වන මොහොතේ මහ පොළොව ආලෝකමත් වෙයි. මිනිසුන්ගේ ක්රියා ලේඛන දිගු හරිනු ලැබේ. නබිවරුන් ගෙන එනු ලැබේ. එම නබිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ ජනයාට එරෙහි ව සාක්ෂි දැරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා ගෙන එනු ලැබේ. ඔවුන් සියලු දෙනා අතර සාධාරණීය ලෙස අල්ලාහ් තීන්දු පිරිනමයි. එදින ඔවුන් අසාධාරණයට ලක් නොවෙති. එහෙයින් මිනිසාට යම් පාපයක් වැඩි කරන්නේ හෝ යම් කුසලක් අඩු කරන්නේ හෝ නැත. ووفيت كل نفس ما عملت وهوأعلمبما يفعلون
وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ ﴿٧٠﴾
සෑම ආත්මයකට එහි ක්රියාව යහපත් වුව ද අයහපත් වුව ද එහි ප්රතිඵල අල්ලාහ් පූර්ණ ව පිරිනමයි. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ යහපත් හෝ අයහපත් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එදින ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ ءَايَـٰتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٧١﴾
ى අල්ලාහ් ව ප්රතික්ෂේපකළවුන් ව නින්දිත කණ්ඩායමක් ලෙස මලක්වරු විසින් නිරය වෙත ඇද ගෙන යති. ඔවුන් අපා ගින්නට පැමිණි විට එහි දොරටු අසල නියම කරනු ලැබූ එහි දොරටු පාලක මලක්වරුන් දොරටු විවෘත කොට ඔවුන් හෙළා දැක, මෙසේ පවසා ඔවුන් ව පිළිගනිති. ‘නුඹලා වෙත පහළ කරනු ලැබූ නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලා මත කියවා පෙන්වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ඇති බිහිසුණු දඬුවම නිසාවෙන් එහි හමු ව ගැන, නුඹලාට අවවාද කරන නුඹලාගේ ම වර්ගයා අතරින් දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේ ද?' දේව ප්රතික්ෂේපකයෝ තම වරද පිළිගනිමින්, ‘එසේය. ඒ සියල්ල සිදු විය. නමුත් (දැන්) දේව ප්රතික්ෂේපකයින් මත දඬුවමේ ප්රකාශය නියම වී ඇත. අප ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ලෙස සිටියෙමු.’ යැයි පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قِيلَ ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ﴿٧٢﴾
ඔවුන් නින්දාවට පත් කරමින්, එමෙන්ම අල්ලාහ්ගේ කරුණාව ගැන හා අපා ගින්නෙන් බැහැර කරනු ලැබීම ගැන බලාපොරොත්තු සුන් කරවමින්, ‘අපා ගින්නේ දොරටු ඔස්සේ සදාකාලිකයින් ලෙස පිවිසෙනු. සත්ය පිළිගැනීමට උඩඟු වූ අහංකාරයින්ගේ නවාතැන ඉතා නපුරු හා නින්දිත විය.’ යැයි පවසනු ලැබේ
وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَـٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَـٰلِدِينَ ﴿٧٣﴾
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ දේව විශ්වාසීන් ගෞරවනීය කණ්ඩායමක් ලෙස ඉතා කාරුණික ව මලක්වරුන් විසින් ස්වර්ගය වෙත කැටුවා ගෙන යනු ලබති. ඔවුන් ස්වර්ගය අබියසට පැමිණි විට ඔවුන් වෙනුවෙන් එහි දොරටු විවෘත කරනු ලැබේ. ඒ සඳහා භාරකාර්තවය දරන මලක්වරුන් ඔවුනට, "සියලු උවදුරු වලින් හා නුඹලා පිළිකුල් කරන සියලු දැයින් ආරක්ෂාව හා ශාන්තිය නුඹලාට අත් වේවා! නුඹලාගේ සිත් හා නුඹලාගේ ක්රියාවන් යහපත් වේවා! එහෙයින් නුඹලා සදාතනිකයින් ලෙසින් ස්වර්ග උයනට පිවිසෙනු." පවසති
وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ ﴿٧٤﴾
දේව විශ්වාසීන් ස්වර්ගයට පිවිසුණු කල්හි ‘තම දූතවරුන්ගේ දිවවල් හරහා අපට ප්රතිඥා දුන් ඔහුගේ ප්රතිඥාව අපට සැබෑවක් බවට පත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. සැබවින්ම අප ස්වර්ගයට ඇතුළත් කරන බවත් ස්වර්ග භූමිය උරුම කර දෙන බවත් ඔහු අපට ප්රතිඥා දුන්නේය. අපි පහළ වීමට ප්රිය කළ ස්ථානයට අපි ගොඩ බසින්නෙමු. තම පරමාධිපතිගේ තෘප්තිය උදෙසා දැහැමි ක්රියාවන් කළ ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය
وَتَرَى ٱلْمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٧٥﴾
සාක්ෂි ඉදිරිපත් කරනු ලබන මෙම දිනයේ මලක්වරුන් අර්ෂය වටා සිටිති. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් පිළිබඳ පවසන නුසුදුසු දැයින් අල්ලාහ් නිදහස් කරයි. සියලු මැවීම් අතර අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු ලබා දෙයි. ගෞරව කළ යුත්තන් ගෞරවයට පත් කරයි. දඬුවම් කළ යුත්තන් දඬුවමට ලක් කරයි. ‘තම දේව විශ්වාසී ගැත්තන්හට කරුණාවෙන් ද, ප්රතික්ෂේප කළ තම ගැත්තන්ට හට දඬුවම් පමුණුවමින් ද තීන්දූ ලබා දෙමින් ඔහුගේ තීන්දුව මත සියලු මැවීම් පාලනය කරවන අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි කියනු ලැබේ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්