حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Ghafir (40)
මක්කී · 85 වාක්‍ය
حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿٢﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ ٱلْمَصِيرُ ﴿٣﴾
පාපතරයින්ගේ පාප කම්වලට සමාව දෙන්නාය. තම ගැත්තන් අතරින් ඔහු වෙත පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපොච්චාරණය පිළිගන්නාය. තම පාපයන්ට සමාව නොඇයදින්නන්ට දැඩි දඬුවම් පමුණුවන්නාය. ත්යාගශීලිය. භාග්ය පිරිනමන්නාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් යොමු වන ස්ථානය පිහිටා ඇත්තේ ඔහු වෙතමය. ඔවුනට උරුම වූ ගැළපෙන දැයින් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
مَا يُجَـٰدِلُ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَـٰدِ ﴿٤﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ දූතවරුන්ගේ සත්යභාවය පෙන්වා දෙන අල්ලාහ්ගේ වදන් පිළිබඳ තර්ක කරනුයේ තම බුද්ධිය නරක් වී ගිය හේතුවෙන් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. ඔවුන් සිටින සැප පහසුකම් හා පෝෂණ සම්පත් නුඹ ව රවටා නොදැමිය යුතුය. එසේ ඔවුනට ඉඩ දී ඇත්තේ ක්රමක්රමයෙන් ඔවුන් ග්රහණය කිරීමට ඔවුනට සිදු කරන සැලසුමක් වන්නේය
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَـٰدَلُوا۟ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ﴿٥﴾
මොවුනට පෙර නූහ්ගේ ජනයා ද බොරු කළෝය. නූහ්ගෙන් පසු ව පැමිණි කණ්ඩායම්ද බොරු කළෝය. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා, මද්යන්වාසීහු බොරු කළෝය. එමෙන්ම ෆිර්අවුන්ද බොරු කළේය. මෙම සමූහයන් අතරින් සෑම සමූහයක් ම තම දූතයාණන් ග්රහණය කර මරා දමන්නට තැත් කළෝය. සත්යය පහ කිරීම සඳහා ඔවුන් වෙත තිබූ ව්යාජ දෑ ගෙනැවිත් තර්ක කළෝය. එවිට එම සමූහයන් ග්රහණයට ලක් වූහ. ඔවුන් සතු වූ මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම එය ඉතා දරුණු දඬුවමක් විය
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلنَّارِ ﴿٦﴾
මෙම බොරුකාර සමූහයන් විනාශ කිරීමට අල්ලාහ් තීන්දු කළ පරිදිම, "අහෝ දූතය! සැබවින්ම ඔවුන් නිරාවාසීන්" බව නුඹේ පරමාධිපතිගේ වදන ඔහු ව ප්රතික්ෂේප කළවුන් මත නියම විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍۢ رَّحْمَةًۭ وَعِلْمًۭا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿٧﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ අර්ෂය හෙවත් රාජ්යය උසුලාගෙන සිටින මලක්වරුන් හා ඔහු අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපති වූ ඔහුට සුදුසු නොවන දැයින් පිවිතුරු කොට ගුණ ගායනා කරති. ඔහු ව විශ්වාස කරති. අල්ලාහ් ව විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටිමින් මෙසේ පවසති. ‘අපගේ පරමාධිපතියාණනි! ඔබේ දැනුම හා ඔබේ කරුණාව, සියලු දෑ මත පුළුල් ව පවතී. එහෙයින් තම පාපකම් සඳහා පසුතැවිලි වී ඔබේ දහම පිළිපදින්නන්හට ඔබ සමාව දෙනු මැනව! නිරය ඔවුන් ස්පර්ශ කිරීමෙන් නුඹ ඔවුන් ආරක්ෂා කරනු මැනව!'
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٨﴾
අපගේ පරමාධිපතියාණනි! දේව විශ්වාසීන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන බවට නුඹ ඔවුනට කළ ප්රතිඥාව අනුව ඔවුන්ව එහි සදාකල් ප්රවේශ කරනු මැනව! ඔවුන් සමගම දැහැමි ක්රියාවන් සිදු කළ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දරුවන් ද ප්රවේශ කරනු මැනව! සැබවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. නුඹේ සැලසුමෙහි හා නුඹේ නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය
وَقِهِمُ ٱلسَّيِّـَٔاتِ ۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمْتَهُۥ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٩﴾
ඔවුන්ගේ ක්රියාවන් අතර පවතින නපුරුකම් වලින් නුඹ ඔවුන් ආරක්ෂා කරනු. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් නොකරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් කළ නපුරු ක්රියාවන් වෙනුවෙන් හිමි වන දඬුවමින් ඔබ කවරෙකු ආරක්ෂා කරන්නෙහි ද සැබවින්ම නුඹ ඔහුට ආශිර්වාද කර ඇත්තේය. එසේ දඬුවමින් ආරක්ෂා කොට ස්වර්ගයට ප්රවේශ කිරීම වනාහි කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَـٰنِ فَتَكْفُرُونَ ﴿١٠﴾
‘මෙලොවෙහි අල්ලාහ් ව විශ්වාස කරන මෙන් නුඹලා ඇරයුම් කරනු ලබමින් සිටියදී එය නුඹලා ප්රතික්ෂේප කොට ඔහු සමග වෙනත් දෙවිවරුන් ගත් අවස්ථාවේ නුඹලාගෙන් ඇතෙමකු ඇතැමෙකු කෙරෙහි දැක් වූ ක්රෝධයට වඩා අල්ලාහ්ගේ ඉමහත් ක්රෝධය නුඹලා සතු වනු ඇතැ’යි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන විට ඔවුනටම දොස් නගමින්, ශාප කරමින් සිටින අවස්ථාවේ අමතනු ලබති
قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍۢ مِّن سَبِيلٍۢ ﴿١١﴾
දේව ප්රතික්ෂේපකයෝ තමන්ගේ වැරදි පිළිගැනීම හෝ තමන්ගේ පසුතැවිලිවීම ප්රයෝජනවත් නොවන අවස්ථාවේ ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් මෙසේ පවසා සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! කිසිවක් නොමැති ව නුඹ අප බිහි කරමින් අනතුරුව බිහි වූ පසුව අප මරණයට පත් කරමින් දෙවතාවක් ඔබ අප මරණයට පත් කළෙහිය. එමෙන්ම නොමැති දැයකින් අපි බිහි කරමින් මිය ගිය පසු අපට යළි ජීවය ලබා දෙමින් දෙවරක් අපට ප්රාණය දුන්නෙහිය. එනිසාවෙන් අපි ඉපැයූ පාපකම් අපි පිළිගනිමු. එහෙයින් නිරාගින්නෙන් පිටතට ගමන් කොට, නැවත මෙලොව ජීවිතය වෙත හැරී ගොස් දැහැමි ක්රියාවන් සිදු කර අප ගැන ඔබ තෘප්තියට පත්වන්නට හැකි මගක් තිබේද?' بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُوا۟ ۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ ﴿١٢﴾
නුඹලා විඳින මෙම දඬුවම වනාහි, සැබවින්ම කිසිවකු සමග හවුලක් නැති අල්ලාහ්ට පමණක් නුඹලා නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු ලබන විට නුඹලා ඔහුව ප්රතික්ෂේප කොට ඔහුට හවුල්කරුවන් පත් කළ බැවින් හා ඔහු සමග තවත් හවුල්කරුවකු නමදිනු ලබන විට නුඹලා විශ්වාස කළ බැවිණි. තීන්දුව අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ කිර්තියෙන් හා ඔහුගේ අසීමිත බලයෙන් ඔහු උත්තරීතරය. සියලු දේ ඔහුට පහළින් ඇති ඔහු අති ශ්රේෂ්ඨය
هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَـٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًۭا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ﴿١٣﴾
අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත
فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ ﴿١٤﴾
එහෙයින් අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නුඹලා දේව ආදේශකයින් මෙන් නොව අල්ලාහ්ට අවනත වීමෙහි හා ප්රාර්ථනා කිරීමෙහි අවංකයින් ලෙස ඔහුට ප්රාර්ථනා කර සිටිනු. දේව ප්රතික්ෂේපකයින් එය පිළිකුල් කළ ද ඔවුනට වඩාක් කෝපය ඇති කරන්නක් වුවද කම් නැත
رَفِيعُ ٱلدَّرَجَـٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ ﴿١٥﴾
ඔහුට අවංක ලෙස ප්රාර්ථනාව හා අවනතභාවය පුද කරන්නට සුදුස්සා ඔහුම ය. ඔහු ඔහුගේ සියලු නිර්මාණ වලට වඩා වෙනස් උසස් නිලයෙන් යුක්තය. සර්ව රාජ්යයේ පරමාධිපතිය. ඔහු අභිමත කරන ගැත්තන්හට ඔවුන් ජීවී ව ජීවත් වනු පිණිසත් අන් අයට ජීවය දෙනු පිණිසත් පෙරගාමීන් හා පසුගාමීන් එකිනෙකා මුණ ගැසෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔවුන් බිය ගන්වනු පිණිසත් දේව පණිවිඩ ඔහු පහළ කරයි
يَوْمَ هُم بَـٰرِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌۭ ۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ﴿١٦﴾
ى එදින ඔවුන් එළිමහනට පැමිණෙති. එක් උස් තැනකට රැස් වෙති. ඔවුන්ගේ චරිතය හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ ඔවුන්ගේ ප්රතිඵල යනාදී කිසිවක් ඔවුන්ගෙන් සැඟවෙන්නේ නැත. අද දින සර්ව රාජ්ය හිමි වන්නේ කාහටදැ?යි විමසනු ලැබේ. දැන් ඇත්තේ එකම පිළිතුරක් පමණි. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ක්රියාවන්හි ඔහුට පමණක් රාජ්ය බලය සතු වන්නේය. ඔහු සියලු දෑ මැඬ ලමින් පාලනය කරන මහා පාලකායය. සෑම දෙයක්ම ඔහු ට යටහත් ය
ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ ٱلْيَوْمَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿١٧﴾
අද දින සෑම ආත්මයක්ම සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එය යහපත් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි. මෙදින කිසිදු අසාධාරණයක් නැත. ඊට හේතුව විනිශ්චයකරු සාධාරණනීය අල්ලාහ් වන බැවිණි. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව ප්රකාරයෙන් දන්නා බැවින් ඔවුන් සඳහා වූ විනිශ්චය ඉක්මන් කරන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْـَٔازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَـٰظِمِينَ ۚ مَا لِلظَّـٰلِمِينَ مِنْ حَمِيمٍۢ وَلَا شَفِيعٍۢ يُطَاعُ ﴿١٨﴾
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුනට අවවාද කරනු. සැබවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එදින ඉතා සමීපය. එය පැමිණෙන්නක්මය. පැමිණෙන සෑම දෙයක්ම සමීපයෙන් පවතී. එදින පවතින දරුණු ව්යසනය හේතුවෙන් හදවත්, අදාළ පුද්ගලයින්ගේ උගුරු වෙත සේන්දු වන තරමට ඉහළට නැගී පවතී. මහා කරුණාන්විතයාණන් අවසර දුන් අය හැර ඔවුන් අතරින් කිසිවෙකු කතා කළ නොහැකි ගොළුවන් සේ සිටිති. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ට ම අපරාධ කර ගත් අපරාධකරුවන් හට කිසිදු මිතුරෙකු හෝ සමීපතයෙකු හෝ නොවනු ඇත. එමෙන්ම ඔහු වෙනුවෙන් මැදිහත් වන්නට නියම කරනු ලැබූ විට එයට අවනත වී මැදිහත් වන කිසිදු මැදිහත්කරුවකු ද නොමැත
يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ ﴿١٩﴾
බලන්නන්ගේ ඇස් සඟවා ගෙන ඇති බිය ද හදවත් වසන් කර ඇති දෑ ද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿٢٠﴾
අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු පිරිනමයි. කිසිවකුගේ කුසල් අඩු කරමින් හෝ ඔහුගේ පාපකම් හි කිසිවක් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් කිසිවකුට නොකරයි. අල්ලාහ් හැර දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ වනාහි ඔවුහු කිසිවක් තීන්දු කිරීමට නොහැකි අය වෙති. ඊට හේතුව ඔවුනට කිසිවක් අයිති නොමැති බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ අධිෂ්ඨානයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව නිරීක්ෂකය
۞ أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ كَانُوا۟ مِن قَبْلِهِمْ ۚ كَانُوا۟ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ ﴿٢١﴾
ه මෙම දේව ආදේශකයෝ මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර විසූ ජන සමූහයාගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? සැබවින්ම එය නපුරු අවසානයක් විය. එම සමූහයන් මොවුනට වඩා බලවත් අය විය. ඔවුන් එහි ගොඩනැගිලි ඉදිකර බලපෑමක් ඇති කළාක් මෙන් මොවුන් මිහිකතේ බලපෑමක් ඇති නෙකළෝය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ىවිනාශ කර දැමීය. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොවීය
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَكَفَرُوا۟ فَأَخَذَهُمُ ٱللَّهُ ۚ إِنَّهُۥ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢٢﴾
ඔවුනට අත් වූ එම දඬුවම එසේ ඔවුනට අත් වූයේ, ඔවුන්ගේ දූතවරු අල්ලාහ් වෙතින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආව ද, ඔවුහු අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් බොරු කළ බැවිණි. ඔවුන් එසේ බලවත් ලෙස සිටිය ද අල්ලාහ් ඔවුන් ග්රහණය කොට විනාශ කර දැමීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුනට දැඩි ලෙස දඬුවම් දීමෙහි සැබවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු අති බලවත්ය. ولقد أرسلنا موس بٔايتنا وسلطن مبين
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٢٣﴾
අපගේ පැහැදිලි සාධක හා විශ්වාසනීය සාක්ෂි සමග සැබවින්ම අපි මූසා ව එව්වෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إلى فرعون وهمن وقرون فقالواسحر كذاب
إِلَىٰ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَقَـٰرُونَ فَقَالُوا۟ سَـٰحِرٌۭ كَذَّابٌۭ ﴿٢٤﴾
ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් වෙත හා කාරූන් වෙත (මූසා ව)යැව්වෙමු. එවිට ඔවුහු ‘මූසා මායාකරුවෙකි. සැබවින්ම තමන් දූතයකු යැයි වාද කරන දෑ හි ඔහු මහා බොරුකාරයෙකි.’ යැයි පැවසුවෝය
فَلَمَّا جَآءَهُم بِٱلْحَقِّ مِنْ عِندِنَا قَالُوا۟ ٱقْتُلُوٓا۟ أَبْنَآءَ ٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ وَٱسْتَحْيُوا۟ نِسَآءَهُمْ ۚ وَمَا كَيْدُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍۢ ﴿٢٥﴾
فى ضلل මූසා තම සත්යයතාව ගැන පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ෆිර්අවුන්, ‘ඔහු සමග විශ්වාස කළ දරුවන් මරා දමනු. ඔවුනට අවමානයක් ලෙස ගැහැනු දරුවන් ඉතිරි කරනු.’ යැයි පැවසීය. එම නියෝගයෙන් දේව විශ්වාසීන්ගේ සංඛ්යාව අඩු කිරීමේ ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණය විනාශ කරන්නක් මිස නොවීය. ඒ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවීය
وَقَالَ فِرْعَوْنُ ذَرُونِىٓ أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُۥٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِى ٱلْأَرْضِ ٱلْفَسَادَ ﴿٢٦﴾
‘මූසාට දඬුවමක් වශයෙන් මා ඔහු මරා දමන්නට නුඹලා මට ඉඩ දෙනු. මගෙන් එය වැළැක්වීම සඳහා ඔහු ඔහුගේ පරමාධිපතිට කන්නලව් කරත්වා! ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කර සිටීම සම්බන්ධයෙන් මට කම් නැත. සැබවින්ම නුඹලා සිටින නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇතැයි මම බිය වෙමි. එසේ නැතහොත් මහ පොළොවේ මිනී මරමින් හා විනාශ කරමින් ප්රචණ්ඩත්වය බිහි කරනු ඇතැයි බිය වෙමි.’ යැයි ෆිර්අවුන් පැවසීය
وَقَالَ مُوسَىٰٓ إِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍۢ لَّا يُؤْمِنُ بِيَوْمِ ٱلْحِسَابِ ﴿٢٧﴾
ෆිර්අවුන් ඔහුට කළ තර්ජනය ගැන මූසා (අලයිහිස් සලාම්) තුමා දැන ගත් කල්හි එතුමා: ‘සැබවින්ම මම පැත්තකට වෙමි. පරමාධිපති පිළිබඳ වූ විශ්වාසය හා සත්යය පිළිගැනීමට උඩඟු වූ සෑම කෙනෙකුගෙන්ම මම මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. එවැන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා එහි පවතින විනිශ්චය හා දඬුවම ගැන විශ්වාස නොකරයි.'යැයි පැවසීය
وَقَالَ رَجُلٌۭ مُّؤْمِنٌۭ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَـٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَـٰتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَـٰذِبًۭا فَعَلَيْهِ كَذِبُهُۥ ۖ وَإِن يَكُ صَادِقًۭا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌۭ كَذَّابٌۭ ﴿٢٨﴾
مسرف كذ اب අල්ලාහ් ව විශ්වාස කළ (නමුත්), තම දේව විශ්වාසය තම සමූහයාගෙන් වසන් කළ ෆිර්අවුන් පැළැන්තියෙන් වූ මිනිසෙකු, මූසා ව ඝාතනය කිරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. “කිසිදු වරදකින් තොර ව ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පැවසූ එකම හේතුවෙන් නුඹලා ඒ පුද්ගලයා මරා දමන්නෙහු ද? සැබවින්ම ඔහු ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙක් යැයි ඔහු කරන වාදය තහවුරු කරනු වස් පැහැදිලි සාක්ෂි හා සාධක නුඹලා වෙත ගෙනැවිත් ඇත. සැබවින්ම ඔහු බොරු කාරයෙකු යැයි සැලකෙන්නේ නම් ඔහුගේ බොරුවේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එමෙන්ම ඔහු සත්යයවාදියෙකු නම් නුඹලාට කවර දඬුවමක් පිළිබඳ ඔහු ප්රතිඥා දෙන්නේද ඉන් සමහරක් මෙලොවෙහිම නුඹලාට අත්වනු ඇත. සැබවින්ම අල්ලාහ් ඔහුගේ සීමාව ඉක්මවා ගිය ඔහු කෙරෙහි හා ඔහුගේ දූතවරුන් කෙරෙහි බොරුගොතන පුද්ගලයින් හට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද නොකරයි.” بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰقَوْمِ لَكُمُ ٱلْمُلْكُ ٱلْيَوْمَ ظَـٰهِرِينَ فِى ٱلْأَرْضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأْسِ ٱللَّهِ إِن جَآءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَآ أُرِيكُمْ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهْدِيكُمْ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ﴿٢٩﴾
ى අහෝ මාගේ ජනයිනි! අද දින රාජ්ය බලය නුඹලා සතු ව ඇත. මිසර දේශයේ (ඊජිප්තුවෙහි) නුඹලා සාර්ථක ව සිටින්නෙහුය. මූසා ව මරා දැමීම හේතුවෙන් අප වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියේ නම් ඉන් අපට උදව් කරනුයේ කවරෙකු ද? (යැයි විමසීය.) (ඒවිට) ෆිර්අවුන්, ‘අදහස මගේ අදහස පමණය. තීරණය මගේ තීරණය පමණය. හානිය ප්රචණ්ඩත්වය වැළැක්වීමක් වශයෙන් සැබවින්ම මම මූසා ව මරා දමන්නට තීරණය කළෙමි. නිවැරුදි ඍජු දෑ වෙත හැර මම නුඹලාට මග නොපෙන්වෙමි’ යැයි තවදුරටත් පැවසීය
وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ ٱلْأَحْزَابِ ﴿٣٠﴾
විශ්වාස කළ තැනැත්තා තම සමූහයා දෙස බලා, ‘සතුරුකමින් හා අසාධාරණ ලෙස නුඹලා මූසා ව මරා දැමුවෙහු නම්, පෙර සිටි පිරිස් අතර වූ ඔවුන්ගේ දූතවරුන්ට එරෙහිව ඒකරාශී වූ කණ්ඩායම් වලට අත් වූ දඬුවම නුඹලාට ද අත්වනු ඇතැයි බිය වෙමි. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.' යැයි පැවසීය
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعِبَادِ ﴿٣١﴾
නූහ්ගේ ජනයා හා ආද්, සමූද් සමූහයන් මෙන්ම ඔවුනට පසු පැමිණි තම දූතවරුන් බොරු කොට ප්රතික්ෂේප කළවුන්ට අත් වූ ඉරණම මෙනි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කළේය. අල්ලාහ් ගැත්තන්හට අපරාධයක් සිදු කරන්නට අපේක්ෂා නොකරයි. සැබවින්ම ඔහු ඔවුනට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් දෙනුයේ පූර්ණ ප්රතිවිපාකයක් වශයෙනි
وَيَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ يَوْمَ ٱلتَّنَادِ ﴿٣٢﴾
මාගේ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය නුඹලාට එරෙහි ව පිහිටනු ඇතැයි ද මම බියවෙමි. එදින මෙම බිහිසුණු ස්ථානයේ ඥාතීත්වය හෝ පක්ෂපාතීත්වය හේතු කොටගෙන සැබවින්ම එම මාර්ගය ඔවුනට ප්රයෝනවත් වනු ඇතැයි සිතා ජනයා අතරින් ඇතමෙකු ඇතෙමකු අමතයි
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ﴿٣٣﴾
නිරා ගින්නට බිය වී නුඹලා පලා යන දින අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව වළක්වාලන කිසිවකු නුඹලාට නැත. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කර දේව විශ්වාසය වෙත ඔහුට ආශිර්වාද නොකරන්නේ ද ඔහුට මග පෙන්වන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. ඊට හේතුව සැබවින්ම යහ මග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ සුරතෙහි පමණක් ඇති බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَـٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّۢ مِّمَّا جَآءَكُم بِهِۦ ۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُولًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌۭ مُّرْتَابٌ ﴿٣٤﴾
මූසාට පෙර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග යූසුෆ් නුඹලා වෙත පැමිණියේය. ඔහු නුඹලා වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඔහු මරණයට පත් වන තුරුම නුඹලා එය බොරු කරමින් හා සැක කරමින් සිටියෙහුය. සැකය හා කුතුහලය නුඹලා වර්ධනය කර ගත්තෙහුය. තවදුරටත්: ‘මොහුගෙන් පසු කිසිදු දූතයකු අල්ලාහ් එවන්නේ නැතැ'යි නුඹලා පැවසුවෙහුය. මෙම සත්යයෙන් නුඹලා මුළාවූවාක් සේම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන ඔහුගේ ඒකීයත්වය පිළිබඳ සැකයෙන් පසුවන සෑම කෙනෙකුවම අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේය
ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَىٰهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍۢ جَبَّارٍۢ ﴿٣٥﴾
كل قلب متكبرجبار ඔවුන් වෙත පැමිණි කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ප්රභ කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් තර්ක කරන්නන් වනාහි, අල්ලාහ් අබියසත් ඔහු හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් අබියසත් ඔවුන්ගේ තර්කය බරපතල වරදක් විය. අපගේ වදන් අවලංගු කිරීම සඳහා තර්ක කළ මොවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් සේ ම සත්යය පිළිගැනීමට උඩඟු වූ අහංකාර වූ සෑම කෙනෙකුගේ ම හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට නිවැරදි දේ වෙත මග පෙන්වනු නොලබන අතර ම යහපත වෙත මග පෙන්වනු නොලැබේ
وَقَالَ فِرْعَوْنُ يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًۭا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَـٰبَ ﴿٣٦﴾
ෆිර්අවුන් තම ඇමති හාමාන්ට මෙසේ පැවසීය. ‘අහෝ හාමාන්! (අහස්) මාර්ග වෙත ළඟා වීම සඳහා නුඹ මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් තනනු.’
أَسْبَـٰبَ ٱلسَّمَـٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَـٰذِبًۭا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍۢ ﴿٣٧﴾
එනම් අහස් වෙත ළඟා විය හැකි එහි මාර්ග වෙත සේන්දු වී, සැබවින්ම තමන් නැමදුමට සුදුස්සා යැයි මූසා පවසන නැමදුමට ලක්වන්නා දෙස බලන්නට හැකි වන සේ ඉදි කරනු. සැබවින්ම මූසා තර්ක කරන දෑ හි ඔහු මුසාවාදියෙකු බව මම සිතමි. ෆිර්අවුන් හාමාන්ගෙන් ඉල්ලා සිටි දෑ ඉල්ලන අවස්ථාවේ ඔහුගේ නපුරු ක්රියාව ඔහුට අලංකාරවත් කරන ලද්දේ ද සත්ය මාර්ගයෙන් පෙරළී අසත්ය මාර්ගය වෙත යොමු කරනු ලද්දේ ද මෙසේය. - ෆිර්අවුන් සිටි ව්යාජ භාවය ප්රසිද්ධ කිරීමටත් මූසා ගෙන ආ සත්යය නිෂ්පල කිරීමටත්- ෆිර්අවුන් දියත් කළ ඔහුගේ කුමන්ත්රණය විනාශය තුළ මිස නොවීය. ඊට හේතුව සැබවින් ඔහුගේ බලාපොරොත්තු සුන් වූ සිතුවිලි ඔහුගේ අසාර්ථක වෑයම හා කිසිවිටෙක නැති වී නොයන අභාග්යවන්තකම විය
وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ ﴿٣٨﴾
ෆිර්අවුන්ග් පැළැන්තියෙන් දෙවියන් විශ්වාස කළ පුද්ගලයා තම සමූහයාට උපදෙස් දෙමින් සත්ය මාර්ගය වෙත ඔවුනට මග පෙන්වමින්, ‘අහෝ මාගේ ජනයිනි! නුඹලා මා අනුගමනය කරනු නිවැරදි මාර්ගය හා සත්යය මාර්ගය වෙත මම නුඹලාට මග පෙන්වමි.’ යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌۭ وَإِنَّ ٱلْـَٔاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ ﴿٣٩﴾
අහෝ මාගේ ජනයිනි! සැබවින්ම මෙලොව ජීවිතය අවසන් වී යන අල්ප සතුටු විඳින ස්ථානයක් පමණි. එහි ඇති පහත් දෑ නුඹලා ව රවටා නොදැමිය යුතුයි. සැබවින්ම මතුලොව, එහි ඇති සැප පහසුකම් ගැන සැළකීමේදී එය කිසිදා අවසන් නොවන සදාතනික හා ස්ථාවර ස්ථානයකි. එහෙයින් නුඹලා ඒ සඳහා අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. නුඹලාගේ මෙලොව ජීවිතය කාර්යය බහුල කර ගනිමින් මතු ලොව ජීවිතය වෙනුවෙන් සිදු කළ යුතු ක්රියාකාරකම් වලින් වෙනතකට යොමු වීම ගැන ප්රවේශම් වනු
مَنْ عَمِلَ سَيِّئَةًۭ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًۭا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍۢ ﴿٤٠﴾
يرزقون فيها بغيرحساب කවරෙකු යම් නපුරු ක්රියාවක් සිදු කළේද ඔහු සිදු කළ එවන් දැයකට මිස ඔවුනට දඬුවම් කරනු නොලැබේ. එහි දඬුවම වැඩි කරනු ලබන්නේද නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා යම් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහු පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළ අයෙකි. මෙම ප්රශංසනීය ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට පිවිසෙති. අල්ලාහ් ඔවුනට එහි ප්රතිඥා දුන්, කිසිදා නොනවතින සදා සැප පහසුකම් හා පලතුරු කිසිදු ගණනයකින් තොර ව ඔහු ඔවුනට පෝෂණය කරයි
۞ وَيَـٰقَوْمِ مَا لِىٓ أَدْعُوكُمْ إِلَى ٱلنَّجَوٰةِ وَتَدْعُونَنِىٓ إِلَى ٱلنَّارِ ﴿٤١﴾
අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ අලාභහානියෙන් මුදවා අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ලැබෙන ජයග්රහණය වෙත මම නුඹලා ඇරයුම් කිරීමට මට ඇත්තේ කුමන අවශ්යතාවක් ද? අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට පිටුපෑමෙන් නුඹල මා නිරයට ප්රවේශ වීම සඳහා කරන්නෙහුය
تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ وَأَنَا۠ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّـٰرِ ﴿٤٢﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහු සමග නැමදුම් කිරීමට සුදුසු නැති, ඒ ගැන කිසිදු දැනුමක් නැති දෑ, ඔහු සමග සම්බන්ධ කොට මා නමදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නුඹලා මා ව්යාජ දෑ වෙත ඇරයුම් කරන්නෙහුය. නමුත් මා ඇරයුම් කරනුයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම සඳහාය. ඔහු අතික්ෂමාශීලීය. තම ගැත්තන්හට මහත් සේ සමාව දානය කරන්නාය
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِىٓ إِلَيْهِ لَيْسَ لَهُۥ دَعْوَةٌۭ فِى ٱلدُّنْيَا وَلَا فِى ٱلْـَٔاخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلْمُسْرِفِينَ هُمْ أَصْحَـٰبُ ٱلنَّارِ ﴿٤٣﴾
සැබවින්ම විශ්වාස කරන මෙන් ද, අවනත වන මෙන් ද, නුඹලා කවර දෙයක් වෙත මා ඇරයුම් කර සිටින්නේද සැබෑවටම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ එසේ ඇරයුම් කරනු ලබන්නට ඔහු කිසිදු අයිතියක් නොමැත්තෙකි. ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්හට පිළිතුරු නොදෙන්නෙකි. අප සියලු දෙනාගේම හැරී යන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. සැබවින්ම දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා කටයුතු කරන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසීමට අනිවාර්යය වූ නිරා වාසීහු වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَسَتَذْكُرُونَ مَآ أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِىٓ إِلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿٤٤﴾
නමුත් ඔවුහු ඔහුගේ උපදෙස ප්රතික්ෂේප කළෝය. එවිට ඔහු: ‘මා නුඹලාට ඉදිරිපත් කළ උපදෙස නුඹලා මතු මෙනෙහි කරනු ඇත. එය පිළිනොගැනීම ගැන නුඹලා කණගාටු වනු ඇත. මාගේ සියලු කටයුතු මම අල්ලාහ් වෙත පමණක් යොමු කරමි. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන්ගේ කිසිදු ක්රියාවක් සැඟවෙන්නේ නැත
فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُوا۟ ۖ وَحَاقَ بِـَٔالِ فِرْعَوْنَ سُوٓءُ ٱلْعَذَابِ ﴿٤٥﴾
ඔවුන් ඔහු ව මරා දමන්නට අදහස් කළ කල්හි ඔවුන්ගේ නපුරු කුමන්ත්රණ යෙන් අල්ලාහ් ඔහු ව ආරක්ෂා කළේය. ගිලීමේ දඬුවම ෆිර්අවුන්ගේ සේනාව ග්රහණය කළේය. ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දනන් මෙලොවෙහිම අල්ලාහ් و ي ගිල්වීය. ජලයේ
ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّۭا وَعَشِيًّۭا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ ﴿٤٦﴾
ඔවුන්ගේ මරණයෙන් පසු ව මිනීවළවල් තුළ දහවල ආරම්භයේ හා එහි අවසානයේ ඔවුන්ගේ නිරය හමුවට ඉදිරිපත් කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට: ‘ෆිර්අවුන් අනුගමනය කළවුන් වන නුඹලා අති බිහිසුණු මෙන්ම ඉතා දැඩි දඬුවම තුළට පිවිසෙනු. එය ඔවුන් දේව ප්රතික්ෂේපය බොරු කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් සිටි හේතුවෙනි
وَإِذْ يَتَحَآجُّونَ فِى ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًۭا مِّنَ ٱلنَّارِ ﴿٤٧﴾
නිරා වාසීන් අතරින් අනුගාමිකයෝ සහ අනුගමනය කරනු ලැබූවෝ එකිනෙකා වාද කරන මොහොත, අහෝ දූතය! මෙනෙහි කර බලනු. දුර්වල අනුගාමිකයින් අනුගමනය කරනු ලැබූ අහංකාරයින් දෙස බලා, "සැබවින්ම අපි මෙලොවෙහි මුළාවෙහි සිට නුඹලා ව අනුගමනය කළෙමු. අල්ලාහ්ගේ දඬුවමින් කොටසක් නුඹලා උසුලමින් එයින් අප ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු ද?" යැයි විමසනුلඇත
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُلٌّۭ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ ﴿٤٨﴾
අනුගමනය කරනු ලැබූ අහංකාරයින්, ‘සැබවින්ම අපි-අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්- නිරා ගින්නෙහි එක සමානයන් වන්නෙමු. අප අතරින් කිසිවෙකු වෙනත් කෙනෙකුගේ දඬුවම උසුලන්නේ නැත. සැබවින්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇත. සෑම කෙනෙකුටම සුදුසු දඬුවම ඔහු පිරිනමා ඇත. යැයි උඩඟු වූවෝ පවසති
وَقَالَ ٱلَّذِينَ فِى ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدْعُوا۟ رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًۭا مِّنَ ٱلْعَذَابِ ﴿٤٩﴾
අනුගාමිකයින් හා අනුගමනය කරනු ලැබූවන් අතරින් නිරා ගින්නේ දඬුවම් ලබමින් සිටින්නෝ නිරා ගින්නෙන් බැහැර වී නැවත මෙලොව ජීවිතය වෙත ගොස් පාප ක්ෂමාව අයැදීමට අසමත් වූ කල්හි, බලාපොරොත්තු සුන් කර ගනිමින් ඔවුහු නිරයට භාරකාර මලක්වරු දෙස බලා, ‘මෙම සදාකාලීන් දඬුවමින් එක් දවසක් හෝ අපගෙන් එය සැහැල්ලු කරන මෙන් නුඹලාගේ පරමාධිපතිට නුඹලා කන්නලව් කරනු.’ යැයි පවසති
قَالُوٓا۟ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَـٰتِ ۖ قَالُوا۟ بَلَىٰ ۚ قَالُوا۟ فَٱدْعُوا۟ ۗ وَمَا دُعَـٰٓؤُا۟ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ ﴿٥٠﴾
නිරයේ භාරකරුවෝ දේව ප්රතික්ෂේපකයින්ට ප්රතිචාර දක්වමින්, ‘පැහැදිලි සාක්ෂි හා සාධක සමග නුඹලාගේ දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේද?’ යැයි විමසුවෝය. දේව ප්රතික්ෂේපකයෝ, ‘එසේය, ඔවුන් පැහැදිලි සංඥා හා සාධක සමග අප වෙත පැමිණියෝය.' යැයි පවසති. භාරකරුවෝ ඔවුනට උපාහාසත්මක ලෙසින්, ‘එසේ නම් නුඹලා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඇරයුම් කරනු. නමුත් අපි දේව ප්රතික්ෂේපකයින් වෙනුවෙන් මැදිහත් නොවන්නෙමු.' යැයි පැවසුවෝය. දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව නිෂ්ඵල අපතේ ගිය ප්රාර්ථානවක් මිස නොවීය. ඊට හේතු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගෙන් එය පිළිනොගන්නා බැවිණි
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيَوْمَ يَقُومُ ٱلْأَشْهَـٰدُ ﴿٥١﴾
සැබවින්ම අපි අපගේ දූතවරුන් හා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් තහවුරු කරමින් හා ඔවුන්ගේ සක්ෂි සාධක ඉස්මතු කරමින් මෙලොවෙහි අපි ඔවුනට ජය අත් කර දෙමු. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අපි ඔවුනට ජය අත් කර දෙන අතර නබිවරුන්, මලාඉකාවරුන් හා දේව විශ්වාසීන් කළ ප්රචාරයට හා එම සමූහයන් බොරු කිරීමට එරෙහි ව වාද කරන්නන්ට දඬුවම් දෙමින් ජය අත් කර දෙනු ඇත
يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ﴿٥٢﴾
අපරාධකරුවන්ට දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුන්ගේ අපරාධ වලට නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් නොවන දිනයකි. එදින අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හැරීම ඔවුනට අත් වන්නේය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් එකිනෙකා මුහුණ දෙන වේදනීය දඬුවම හේතුවෙන් එය ඔවුනට නපුරු වාසස්ථානයක් වනු ඇත
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْهُدَىٰ وَأَوْرَثْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَـٰبَ ﴿٥٣﴾
බනූ ඉස්රාඊල්වරුන් සත්යය වෙත මග පෙන්විය හැකි පරිදි අපි මූසාට දැනුම පිරිනැමුවෙමු. එමෙන්ම ඉස්රාඊල් දරුවන්හට පරම්පරාවකින් පසු පරම්පරාවක් උරුම කර ගන්නා පරිදි තව්රාතය දිව්ය ලේඛනයක් බවට පත් කළෙමු
هُدًۭى وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿٥٤﴾
සත්ය වෙත වූ මඟ පෙන්වීමක් හා මනා බුද්ධියක් ඇත්තවුනට මෙනෙහිق කිරීමක් වශයෙනි
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَـٰرِ ﴿٥٥﴾
අහෝ දූතය! නුඹේ ප්රජාව නුඹ ව බොරුකාරයෙකු ලෙස සැලකීම හා ඔවුන්ගේ හිංසනයන් කෙරෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ අල්ලාහ් නුඹට දුන් ප්රතිඥාවෙහි කිසිදු සැකයක් නැත. නුඹේ පාපයන් සඳහා නුඹ පාප ක්ෂමාව ඇයදිනු. නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් දහවල් කාලයේ ආරම්භයේ හා එහි අවසානයේ සුවිශුද්ධ කරනු
إِنَّ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَىٰهُمْ ۙ إِن فِى صُدُورِهِمْ إِلَّا كِبْرٌۭ مَّا هُم بِبَـٰلِغِيهِ ۚ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿٥٦﴾
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَخَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٥٧﴾
අහස් හා මහ පොළොව මැවීම ඒ දෙකෙහි වූ විශාලත්වය හා පුළුල්භාවය අනුව මිනිසා මැවීමට වඩා ඉතා බැරෑරුම් කාර්යයකි. ඒ දෙකෙහි විශාලත්වය සමග ඒ දෙක මැවූ මැවුම්කරුවා මියගියවුන් විනිශ්චයට භාජනය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත ජීවය දී අවදි කිරීමට බලය ඇත්තාය. නමුත් බහුතරයක් දෙනා ඒ ගැන වටහා නොගනිති. එමගින් පාඩම් නොලබති. එය එසේ පැහැදිලි ව තිබියදී නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුන් එය සාධක බවත් පත් කර නොගනිති
وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَلَا ٱلْمُسِىٓءُ ۚ قَلِيلًۭا مَّا تَتَذَكَّرُونَ ﴿٥٨﴾
පෙනීම ඇත්තා හා පෙනීම නොමැත්තා සමාන වන්නේ නැත. එමෙන්ම අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතවරුන් සත්යය ලෙස පිළිගෙන ඔවුන්ගේ ක්රියාවන් දැහැමි භාවයට පත් කරගත්තවුන් ද සමාන වන්නේ නැත. තම ක්රියාවන් කලහකාරී හා පාපකාරී හැඟීමෙන් යුක්ත ව එය නපුරු බවට පත් කොට ස්වල්පයක් පමණක් මෙනෙහි නොකරන්නන් ද සමාන වන්නේ නැත. නුඹලා ඔවුනට මෙනෙහි කළෙහි නම් එම කණ්ඩායම් දෙක අතර වෙනස නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා ද අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් කළවුන් අතරට පත් වනු පිණිස නුඹලා වෙහෙස දරනු ඇත
إِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿٥٩﴾
විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් අවදි කරනු ලබන හෝරාව කිසිදු සැකයකින් තොර ව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය පැමිණීම ගැන විශ්වාස නොකරති. එබැවින් ඒ සඳහා සූදානම් නොවෙති
وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ﴿٦٠﴾
අහෝ ජනියිනි! නුඹලාගේ පරමාධිපති මෙසේ පවසා සිටියි. ‘නුඹලා නැමදුමෙහි හා ආයාචනයෙහි මා පමණක් ඒකීයකරණය කරනු. නුඹලාගේ ප්රාර්ථනාවට මම පිළිතුරු දෙමි. නුඹලාගේ පාපකම් නොසලකා හැර නුඹලාට කරුණා කරමි. මා පමණක් නැමදීමට උඩඟු වූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා පහත් නීචයින් ලෙස අපා ගින්නට මතු පිවිසෙනු ඇත
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ﴿٦١﴾
يشكرون නුඹලා වාසය කිරීම සඳහාත් විවේකය සඳහාත් රාත්රිය අඳුර ගෙන දෙන්නක් බවට පත් කළේ අල්ලාහ් වන ඔහුය. එමෙන්ම නුඹලා වැඩ කටයුතු කිරීම සඳහා ආලෝකය ගෙන දෙන්නක් බවට දහවල ද ඇති කළේය. අල්ලාහ්ගේ බාහිර මෙන්ම අභ්යන්තර ආශිර්වාදයන් ඔවුනට ආවරණය කර දුන් අවස්ථාවේ ඔහු මිනිසුන්ට අතිමහත් භාග්යවන්තයකු විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදය සඳහා ඔහුට කෘතඥ නොවෙති
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَـٰلِقُ كُلِّ شَىْءٍۢ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٦٢﴾
තම ආශිර්වාද නුඹලාට පිරිනමා නුඹලා භාග්යමත් කළ අල්ලාහ් වන ඔහු සියලු දෑ හි මැවුම්කරුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැත. ඔහු නැමදීම අත්හැර දමා ඔහු විසින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හැර කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි වෙනත් දෑ නැමදීමට නුඹලා හැරෙනුයේ කෙසේද?
كَذَٰلِكَ يُؤْفَكُ ٱلَّذِينَ كَانُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ ﴿٦٣﴾
අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් ඔවුන් වෙනතකට යොමු කළාක් මෙන්ම, සෑම යුගයකම සෑම ස්ථානයකම ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සාධක හෙළා දකින්නන් යොමු කරනු ලබනු ඇත. පසු ව සත්යය වෙත ඔහු මග නොලබනවාක් මෙන්ම නිවැරදි මාර්ගය වෙත ආශිර්වාද කරනු ලබන්නේ ද නැත
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ قَرَارًۭا وَٱلسَّمَآءَ بِنَآءًۭ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٦٤﴾
අහෝ ජනයිනි! නුඹලා මහ පොළොව මත වාසය කිරීම සඳහා සූදානම් කරනු ලැබූ ද්වීපයක් බවට එය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාට ඉහළින් පවතින අහස නොවැටෙන සේ ගොඩනැගිල්ලක් සේ නිර්මාණය කළේ ද ඔහුය. එමෙන්ම ඔහු නුඹලාගේ මව්වරුන්ගේ ගර්භාෂයන්හි නුඹලාට රුව ලබා දී නුඹලාගේ එම රුව ඔහු අලංකාරවත් කළේය. අනුමත හා පිවිතුරු ආහාර නුඹලාට පෝෂණය කළේය. මේ සියලු ආශිර්වාදයන් නුඹලාට පිරිනැමුවේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. සියලු මැවීම්හි හිමිපාණන් වන අල්ලාහ් උත්කෘෂ්ට විය. සුවිශුද්ධයාණන් වන ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත
هُوَ ٱلْحَىُّ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٦٥﴾
ඔහු මිය නොයන අමරණීයය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා කන්නලව් කරමින් නැමදුම් කරමින් ඔහුගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් ඔහුගෙන් පතනු. ඔහු සමග ඔහුගේ වෙනත් මැවීම් හවුල්කොට ඔහුට ආදේශ නොකරනු. සියලු මැවීම්හි පරමාධිපතියාණන්ටමය සියලු ප්රශංසා
۞ قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِىَ ٱلْبَيِّنَـٰتُ مِن رَّبِّى وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٦٦﴾
මෙම පිළිම ව්යාජ බව පෙන්වමින් පැහැදිලි සාක්ෂි හා සාධක මා වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි එවන් පිළිම මා වන්දනා කිරීම අල්ලාහ් මට තහනම් කර ඇත්තේය. තවද නැමදුම් කිරීමෙන් ඔහුට පමණක් අවනත වන මෙන් ද අල්ලාහ් මට නියෝග කර ඇත්තේය. ඔහු සියලු මැවීම්හි පරමාධිපතිය. ඔහු හැර ඒවාට වෙනත් පරමාධිපතියෙකු නැත
هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا۟ شُيُوخًۭا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوٓا۟ أَجَلًۭا مُّسَمًّۭى وَلَعَلَّكُمْ تَعْقِلُونَ ﴿٦٧﴾
නුඹලාගේ ආදි පියා ආදම් පසින් මැව්වේ ඔහුය. ඔහුගෙන් පසු ව නුඹලා ශුක්රාණුවෙන් ද ඉන් පසු ලේ කැටියෙන් ද නුඹලා ව නිර්මාණය කොට ඉන් පසු නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කුඩා බිළිඳන් සේ ඔහු බැහැර කළේය. පසු ව නුඹලා වැඩුණු ශරීරයෙන් යුත් වයසට ළඟා වී පසු ව වයෝවෘද්ධ භාවයට පත්වන තෙක් නුඹලා වැඩෙන්නෙහුය. නුඹලා අතර ඊට පෙර මිය යන්නන් ද වෙති. අල්ලාහ්ගේ දැනුමෙහි නියම කරන ලද කාලයක් දක්වා නුඹලා ළඟා වන්නෙහුය. ඉන් කිසිවක් නුඹලා අඩු නොකරනු ඇත. එමෙන්ම වැඩි නොකරනු ද ඇත. එය ඔහුගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක තුළින් නුඹලා ප්රයෝජනය ලැබිය හැකි වනු පිණිසය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿٦٨﴾
ඒකීය ඔහු සුවිශුද්ධය. ජීවය ලබා දීම ඔහු සතු වූවකි. එමෙන්ම මරණයට පත් කිරීම ද ඔහු සතු වූවකි. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු (කුන්) වනු යැයි පවසන විගස එය සිදු වන්නේය
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ أَنَّىٰ يُصْرَفُونَ ﴿٦٩﴾
අහෝ දූතය! අල්ලාහ්ගේ වදන් පැහැදිලි ව තිබියදී ඒවා බොරු කරමින් ඒ ගැන වාද කරන්නන් දෙස නුඹ නොබැලුවෙහිද? ඔවුන්ගේ තත්ත්වය පුදුම සහගතය. සත්යය පැහැදිලි ව තිබිය දී ඔවුහු එය පිටු දකිති
ٱلَّذِينَ كَذَّبُوا۟ بِٱلْكِتَـٰبِ وَبِمَآ أَرْسَلْنَا بِهِۦ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿٧٠﴾
ඔවුන් වනාහි අල් කුර්ආනය හා අපගේ ධර්ම දූතවරුන් ගෙන ආ සත්යය බොරු කළෝය. එසේ බොරු කළවුන් ඔවුන්ගේ බොරුවෙහි අවසානය ගැන මතු දැන ගනු ඇත. නපුරු අවසානය ද දැක ගනු ඇත
إِذِ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَـٰقِهِمْ وَٱلسَّلَـٰسِلُ يُسْحَبُونَ ﴿٧١﴾
ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා ඔවුන්ගේ පාද වල මාංචු යෙදෙන විට එහි අවසානය කෙසේ දැයි ඔවුහු දැන ගනු ඇත. දඬුවමේ භාරකරුවෝ ඔවුන් ඇද ගෙන යති
فِى ٱلْحَمِيمِ ثُمَّ فِى ٱلنَّارِ يُسْجَرُونَ ﴿٧٢﴾
උපරිමයෙන්ම නටන උණුසුම් ජලයෙහි ඔවුන් රදවා තබනු ලබති. පසු ව අපා ගින්නෙහි දවනු ලබති. ثم قيل لهم أين ما كنتمتشركون
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ ﴿٧٣﴾
‘නුඹලා නැමදුමෙහි දෙවියන්ට ආදේශ තබමින් දෙවිවරුන් යැයි විශ්වාස කරමින් සිටි දෙවිවරුන් කොහේදැ?' යි ඔවුනට පිළිකුලෙන් හා උපහාසයෙන් පවසනු ලැබේ
مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُوا۟ مِن قَبْلُ شَيْـًۭٔا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلْكَـٰفِرِينَ ﴿٧٤﴾
අල්ලාහ්ගෙන් තොර, නුඹලාගේ පිළිම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කරන්නේ නැත. දේව ප්රතික්ෂේපකයෝ මෙසේ පවසති. ‘අපගෙන් ඒවා සැඟ වී පසු වූවෝය. එහෙයින් අපි ඔවුන් දකින්නන් ලෙස නොසිටියෙමු. නමුත් නැමදුමට සුදුසු කිසිවක් මෙලොවෙහි අපි නමදිමින් නොසිටියෙමු.’ මොවුන් නොමග හැරියාක් මෙන් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් සෑම තැනක ම සෑම කාලයක ම සත්යයෙන් නොමග යන්නට හරිනු ඇත
ذَٰلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ ﴿٧٥﴾
ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාට බලපෑ එම දඬුවම නුඹලා කවර ආදේශයක් මත පසු වූයෙහු ද ඒ ගැන නුඹලා සතුටු වූ හේතුවෙන් හා එම සතුටෙහි නුඹලා ඉහ වහා ගිය හේතුවෙනි.' بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ﴿٧٦﴾
නිරයේ නුඹලා සදාකල් වෙසෙන්නන් ලෙසින් එහි දොරටු වලින් පිවිසෙනු. සත්යය පිළිගැනීමට උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය. ق
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ ﴿٧٧﴾
අහෝ දූතය! නුඹේ ජනයා සිදු කරන හිංසාවන් හා බොරුකීරීම මත නුඹ ඉවසනු. අල්ලාහ් නුඹට ජය ලබා දෙන බවට දුන් ඔහුගේ පොරොන්දුව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. බද්ර් යුද දිනයේ සිදු කළාක් මෙන් අපි ඔවුනට දඬුවමක් ලෙස සලකන ඇතැම් දෑ නුඹගේ ජීවිත කාලය තුළම අපි නුඹට පෙන්වුයෙන්නෙමු. එසේ නැතහොත් ඊට පෙර නුඹව මරණයට පත් කරන්නෙමු. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අප වෙත පැමිණෙන්නෝය. එවිට ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. පසු ව සදාකල් වෙසෙන්නන් ලෙසින් අපි ඔවුන් නිරයට ප්රවේශ කරමු
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ فَإِذَا جَآءَ أَمْرُ ٱللَّهِ قُضِىَ بِٱلْحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلْمُبْطِلُونَ ﴿٧٨﴾
අහෝ දූතය! නුඹට පෙර විසූ සමූහයන් වෙත බොහෝ සෙයින් අපි ධර්ම දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුනට හිංසා කළෝය. එවිට ඔවුන්ගේ බොරු කිරීම හා හිංසා කිරීම ඔවුහු ඉවසා දරා ගත්හ. එම ධර්ම දූතවරුන්ගෙන් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹට පවසා ඇත්තෙමු. තවත් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹලාට නොපැවසුවෙමු. ධර්ම දූතයකු තම සමූහයා වෙත ඔහුගේ පරමාධිපතිගෙන් වූ යම් වදනක් ගෙන ආවේ නම් එය සුවිශුද්ධයාණන්ගේ අභිමතය අනුව මිස සිදුවීම නිවැරැදි වන්නේ නැත. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් එවන් වදන් ගෙන එන මෙන් ඔවුන්ගේ ධර්ම දූතවරුන්හට යෝජනා කිරීම අපරාධයකි. ජයග්රහණය හෝ ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ සමූහයන් අතර තීන්දුව පැමිණි විට ඔවුන් අතර ඔහු සාධාරණනීය ලෙස තීන්දු කළේය. ඒ අනුව දේව ප්රතික්ෂේපකයින් විනාශයට ලක් වී දූතවරුන් මුදවා ගනු ලැබීය. දේව ප්රතික්ෂේපය සිදු කොට තම ආත්මාවන් විනාශ මුඛයට ගෙන ආ හේතුවෙන් - ගැත්තන් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ- ව්යාජ ජනයා තමන්ටම පරාජය අත් පත් කර ගත්හ
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَنْعَـٰمَ لِتَرْكَبُوا۟ مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ ﴿٧٩﴾
ඔටුවන්, ගවයින් හා එළුවන් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් වන ඔහු ය. එය නුඹලා ඇතැමුන්ගේ පිටවල් මත නැග ගමන් කිරීම සඳහාත්, ඇතැමුන්ගේ මාංශ අනුභව කිරීම සඳහාත් ය
وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ وَلِتَبْلُغُوا۟ عَلَيْهَا حَاجَةًۭ فِى صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ﴿٨٠﴾
මෙම මැවීම් තුළ නුඹලා සෑම කාලයකම අලුතින් යමක් ලබා ගත හැකි නොයෙකුත් ප්රයෝජන නුඹලාට ඇත. නුඹලාගේ සිත් තුළ නුඹලා ආශා කරන අවශ්යතා ඒවා අතරින් නුඹලාට ඉටු වේ. ඒවා අතරින් වඩාත් කැපී පෙනෙනුයේ, මහ මුහුදේ හා සාගරයේ එහෙ මෙහෙ ගමන් කිරීමයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَأَىَّ ءَايَـٰتِ ٱللَّهِ تُنكِرُونَ ﴿٨١﴾
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥා හා සාධක ඔහු නුඹලාට පෙන්වයි. එවිට සැබවින්ම එය ඔහුගේ සංඥාවක් බව නුඹලාට පිළිගන්නට සැලැස්වීමෙන් පසු නුඹලා පිළි නොගනුයේ කවර සංඥාවන් ද?
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿٨٢﴾
ى බොරුකරමින් සිටින මොවුහු මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කොට ඒ ගැන පාඩම් ලැබිය යුතු නොවේ ද? එම සමූහයන් ඔවුනට වඩා ධනයෙන් ඉතා අධික, බලයෙන් ඉතා ශක්තිමත්, මහ පොළොවේ වඩාත් බලපෑම් ඇති කළ හැකි බලවත් උදවිය වූහ. අල්ලාහ්ගේ විනාශකාරී දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් උපයා ගත් එම බලය ඔවුනට ඵලක් නොවීය
فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرِحُوا۟ بِمَا عِندَهُم مِّنَ ٱلْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٨٣﴾
ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ඔවුහු ඒවා බොරු කළෝය. ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ එම කරුණු වෙනුවට ඔවුන් සතු ව තිබූ වැඩකට නැති දැනුම පිළිපදිමින් ඒ ගැන තෘප්තිමත් වූහ. ඔවුන්ගේ දූතවරුන් කවර දඬුවමක් ගැන ඔවුනට අවවාද කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිටි දඬුවම ඔවුනට පහළ විය
فَلَمَّا رَأَوْا۟ بَأْسَنَا قَالُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَحْدَهُۥ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِۦ مُشْرِكِينَ ﴿٨٤﴾
අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි, පිළිගැනීම ඔවුනට ප්රයෝනජවත් නොවන අවස්ථාවේ එය පිළිගනිමින්, “අපි අල්ලාහ් ව පමණක් විශ්වාස කළෙමු. ඔහු හැර අපි නමදිමින් සිටි හවුල් කරුවන් හා පිළිම ප්රතික්ෂේප කළෙමු.” යැයි පවසා සිටියහ
فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَـٰنُهُمْ لَمَّا رَأَوْا۟ بَأْسَنَا ۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ فِى عِبَادِهِۦ ۖ وَخَسِرَ هُنَالِكَ ٱلْكَـٰفِرُونَ ﴿٨٥﴾
අපගේ දඬුවම ඔවුනට පහළ වීම ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දඬුවම දෑසින් දකින කළ ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන බවට වූ අල්ලාහ්ගේ න්යායය තීන්දු කරනු ලැබූවකි. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශය ගෙන දෙන සාධක ගෙන අවුත් දඬුවම දෑසින් දැකීමට පෙර ඒවා ගැන පාප ක්ෂමාව නොඇයද සිටි විටෙක ඔවුනට දඬුවම පහළ වීමෙන් ඔවුහු පරාජයට පත් වූහ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත