حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Fussilat (41)
මක්කී · 54 වාක්‍ය
حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
تَنزِيلٌۭ مِّنَ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ﴿٢﴾
මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසමي කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි. كتب فصلت ءايته قرءانا عربا لقوم يعلمون
كِتَـٰبٌۭ فُصِّلَتْ ءَايَـٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّۭا لِّقَوْمٍۢ يَعْلَمُونَ ﴿٣﴾
එහි වදන් මුළුමනින්ම පූර්ණ අයුරින් පැහැදිලි කරනු ලැබූ ග්රන්ථයකි. වටහා ගන්නා ජනයාට අරාබි බසින් වූ කියවීමක් බවට පත් කරන ලදී. ඊට හේතුව එහි අර්ථ හා එහි පවතින සත්යය වෙත වූ යහ මග තුළින් ඔවුන් ප්රයෝජන ලබන්නටය. بشيرا ونذيرا فأعرض أكثرهم فهم لا يسمعون
بَشِيرًۭا وَنَذِيرًۭا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ ﴿٤﴾
දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති අති විශාල ප්රතිඵල ගැන සුබාරංචි දන්වන්නක් ලෙස ද" දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ වේදනීය දඬුවම ගැන අවවාද කරන්නක් ලෙස ද මෙය පත් කරන ලදී. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය පිටු දැක්කෝය. ඔවුහු එහි පවසන යහමගට පිළිගත හැකි සවන් දීමකින් සවන් නොදෙති
وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌۭ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌۭ فَٱعْمَلْ إِنَّنَا عَـٰمِلُونَ ﴿٥﴾
ඔවුහු, ‘අපගේ හදවත් නොසැලකිලිමත් කමින් ආවරණය වී ඇත. එහෙයින් නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නේ ද එය වැටහෙන්නේ නැත. අපගේ කන් තුළ බිහිරි බවක් ඇත. එහෙයින් එය කන් වැකෙන්නේ නැත. අප අතර හා නුඹ අතර තිරයක් පවතී. එහෙයින් නුඹ පවසන දෑ කිසිවක් අප වෙත සේන්දු වන්නේ නැත. එහෙයින් නුඹ නුඹේ මාර්ගය අනුව කටයුතු කරනු. සැබවින්ම අපි අපගේ මාර්ගය අනුව කටයුතු කරන්නෙමු. අපි නුඹ කිසිවිටෙක අනුගමනය නොකරන්නෙමු.’ යැයි පැවසූහ
قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌۭ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌۭ وَٰحِدٌۭ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌۭ لِّلْمُشْرِكِينَ ﴿٦﴾
අහෝ දූතයිනි! මෙම මුරණ්ඩුකාරයින්හට නුඹ මෙසේ පවසනු. ‘සැබවින්ම මම නුඹලා මෙන් මිනිසෙකි. සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු නුඹලාගේ දෙවියා ඒකීය අල්ලාහ් යැයි අල්ලාහ් මට දිව්ය පණිවිඩ එවා ඇත. එහෙයින් ඔහු වෙත සේන්දු කරවන මාර්ගයේ නුඹලා ද ගමන් කරනු. නුඹලාගේ පාපකම් සඳහා ඔහුගෙන් සමාව ඇයදිනු.' අල්ලාහ් නොවන දෑ ට නමස්කාර කරන, ඔහු සමග යමක් ආදේශ කරන දේව ආදේශකයින්හට විනාශය හා දඬුවම සතුය
ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ ﴿٧﴾
ඔවුන්ගේ ධනය මත ඔවුහු සකාත් නොදෙති. ඔවුහු මතු ලොව - එහි ඇති සදාතනික සැප සම්පත් හා වේදනීය දඬුවම- පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ﴿٨﴾
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, යහකම් සිදු කළවුන් වනාහි, ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි
۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًۭا ۚ ذَٰلِكَ رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٩﴾
අහෝ දූතය! දේව ආදේශකයින් හෙළා දකිමින්, "ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ මහ පොළොව මැවූ අල්ලාහ් ව නුඹලා ප්රතික්ෂේප කරනුයේ කුමක් නිසාද? ඔහු හැර නුඹලා නමදින දාර්ශනිකයින් නුඹලා ඔහුට ආදේශ වශයෙන් පත් කරනුයේ ඇයි? ඔහු ඒ සියලු මැවීම් හි පරමාධිපති වෙයි." යැයි පවසනු
وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَـٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍۢ سَوَآءًۭ لِّلسَّآئِلِينَ ﴿١٠﴾
ඊට ඉහළින් එය චලනය නොවන පරිදි ස්ථාවර ලෙස ස්ථාපිත කරන ලද කඳු එහි ඇති කළේය. එහි සමෘධිය ඇති කළේය. එහි වෙසෙන්නන්හට සදා යහපත එහි ඔහු ඇති කළේය. අඟහරුවාදා, බදාදා යන පෙර සඳහන් දින දෙකට පසු තිබෙන දින හතරෙහි මිනිසුන් හා සතුන්ට අවශ්ය කරන පෝෂණ සම්පත් සමසේ එහි නිර්ණය කළේය. අසන්නන්ට (පිළිතුරු) සම්පූර්ණ විය
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌۭ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًۭا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ ﴿١١﴾
පසු ව සුවිශුද්ධයාණන් අහස මැවීමට අරමුණු කර ගත්තේය. එවිට එය දුමාරයක් සේ පැවතිණි. පසු ව එයට හා මහ පොළොවට, ‘නුඹලා දෙදෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මාගේ නියෝගයට යටත් වනු. එයින් තොර නුඹලාට වෙනත් මගක් නැත’ යැයි පැවසීය. ඔවුන් දෙදෙනා, ‘අනුගමනය කරන්නන් ලෙස අපි පැමිණියෙමු. අපගේ පරමාධිපතියාණනි! ඔබේ පැතුමෙන් තොර අපට වෙනත් කිසිදු පැතුමක් නැත’ යැයි පැවසුවෝය
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍۢ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَحِفْظًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿١٢﴾
බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ අල්ලාහ් අහස මවා සම්පූර්ණ කළේය. ඒ අනුව දින හයක් තුළ අහස් සහ මහ පොළොව මැවීම සම්පූර්ණ විය. සෑම අහසක් තුළම ඒවාට අදාළ වන නිර්ණායක නියම කළේය. එමෙන්ම ඒවා යටත් වීමට හා නැමදුම් කිරීමට නියෝග කළ දෑ ද නියම කළේය. තවද අපි පහළ අහස තරු මගින් අලංකාරවත් කළෙමු. එමගින් අපි ෂෙයිතානුන් රහසේ කරුණු සවන් දීමෙන් අහස ආරක්ෂා කළෙමු. සඳහන් කරනු ලැබූ ඒ සියල්ල කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී තම මැවීම් පිළිබඳ සර්වඥ අල්ලාහ්ගේ තක්සේරුව වන්නේය. فإن أعرضوافقل أنذرتكم صعقة مثل صعقة عاد وثمود
فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَـٰعِقَةًۭ مِّثْلَ صَـٰعِقَةِ عَادٍۢ وَثَمُودَ ﴿١٣﴾
අහෝ දූතය! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද, එය විශ්වාස කිරීමට මොවුන් පිටුපෑවේ නම්, නුඹ ඔවුනට මෙසේ කියනු. ‘හූද්ගේ සමූහයා වූ ආද් ප්රජාව හා සාලිහ්ගේ සමූහයා වූ සමූද් ප්රජාව බොරු කර සිටි හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම මෙන් යම් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන මම නුඹලාට අවවාද කරමි.’ بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةًۭ فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ ﴿١٤﴾
أرسلتم به كفرون ඔවුන්ගේ දූතවරු එකිනෙකාට පර ව එකම මග පෙන්වීමක් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, ‘අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදින’ මෙන් ඔවුහු ඔවුනට නියෝග කර සිටියේය. ඔවුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ, ‘අප වෙත දූතයකු ලෙස මලක්වරුන් පහළ කිරීමට අපගේ පරමාධිපති අභිමත කළේ නම් ඔහු ඔවුන් පහළ කරන්නට තිබුණි. නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. හේතුව, සැබවින්ම නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත.'යැයි පැවසුහ
فَأَمَّا عَادٌۭ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةًۭ ۖ وَكَانُوا۟ بِـَٔايَـٰتِنَا يَجْحَدُونَ ﴿١٥﴾
හූද්ගේ ජනයා වන ආද් වනාහි, අල්ලාහ් ප්රතික්ෂේප කිරීමත් සමගම කිසිදු යුක්තියකින් තොර ව මහ පොළොවේ උඩඟුකම් පෑවෝය. ඔවුන් අවට සිටින්නන්හට අපරාධ කළෝය. ඔවුන්ගේ බලය මත මුළා වෙමින් ඔවුහු: ‘අපට වඩා බලවතුන් කවුරුන්දැ?යි විමසුවෝය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඔවුනට වඩා බලවතුන් කිසිවකු නොමැති බවය. අල්ලාහ් ඔවුනට ප්රතිචාර වශයෙන්: ‘සැබවින්ම ඔවුන් මවා ඔවුන් සීමාව ඉක්ම වූ බලය ඔවුන් තුළ ඇති කළ අල්ලාහ් ඔවුනට වඩා බලවත් බව ඔවුහු නොදුටුවෝ ද? ඒ ගැන ඔවුහු වටහා නොගත්තෝ ද? තවද හූද් (අලයිහිස් සලාම්) තුමා ගෙන ආ අල්ලාහ්ගේ සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කරමින් සිටියෝය
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِىٓ أَيَّامٍۢ نَّحِسَاتٍۢ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَ ﴿١٦﴾
وهم لا ينصرون දඬුවම හේතුවෙන් ඔවුනට අසුබ වූ දිනවල අමිහිරි හඬක් සහිත සුළඟක් අපි ඔවුන් වෙත යැව්වෙමු. එය මෙලොව ජීවිතයේ ඔවුන් අවමානයට හා හෑල්ලුවට ලක් කරන දඬුවම ඔවුන් භුක්ති විඳිනු පිණිසය. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින මතු ලොව දඬුවම ඔවුනට මහත් නින්දාවක් ගෙන දෙනු ඇත. එම දඬුවමින් ඔවුන් මිදීම සඳහා ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොලබනු ඇත
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَـٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَـٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿١٧﴾
සාලිහ්ගේ ජනයා වූ සමූද් ජනයා වනාහි, සැබවින්ම අපි ඔවුනට සත්යය මග පැහැදිලි කරමින් යහ මග පෙන්වූයෙමු. නමුත් ඔවුන් සත්ය වෙත වූ මගට වඩා නොමගට මුල්තැන දුන්නෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නින්දනීය අකුණු දඬුවම ඔවුන් විනාශ කර දැමීය
وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ﴿١٨﴾
අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි අපි ඔවුන් මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වූහ. ඔවුන්ගේ ප්රජාවට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු
وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ ﴿١٩﴾
අල්ලාහ් තම සතුරන් අපා ගින්න වෙත රැස් කරන දිනයේ ඔවුන්ගේ ආරම්භයා සිට ඔවුන්ගේ අවසානයා දක්වා අපා ගින්නේ භාරකරුවෝ පෙළ ගස්වා ඇද ගෙන යති. අපා ගින්නෙන් මිදී පලා යන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَـٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢٠﴾
ඔවුන් රැදෙන්නට යන අපා ගින්න වෙත ඔවුන් පැමිණ, මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිකුල් කරන අවස්ථාවේ ඔවුන්ගේ සවන්, ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් මෙලොවෙහි සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත
وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍۢ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٢١﴾
දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ හම් දෙස බලා, ‘මෙලොව අප සිදු කරමින් සිටි දෑ ට අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?’යි විමසා සිටිති. එය සතු පුද්ගලයාට පිළිතුරු දෙමින් හම, ‘සෑම දෙයක්ම කතා කෙරෙව්වා වූ අල්ලාහ් අප ව ද කතා කෙරෙව්වේය. මෙලොවෙහි නුඹලා සිටියදී නුඹලාව මුල් වරට මැව්වේ ඔහුය. මතු ලොවෙහි විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ද ඔහු වෙතමය.' යැයි පවසයි
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَـٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًۭا مِّمَّا تَعْمَلُونَ ﴿٢٢﴾
تعملون නුඹලා පාපකම් සිදු කරන අවස්ථාවේ නුඹලාගේ සවන් නුඹලාගේ දෘෂ්ටීන් හා නුඹලාගේ හම් නුඹලාට එරෙහි ව සාක්ෂි නොදරන තරමට කිසිවක් සඟවන්නන් ලෙස නුඹලා නැත. ඊට හේතු ව සැබවින්ම නුඹලා මරණින් පසු ව විනිශ්චය, දඬුවම හා කුසල් ගැන විශ්වාස නොකරන බැවිණි. නමුත් සැබවින් සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් නුඹලා සිදු කරන බොහෝ දෑ පිළිබඳ නොදන්නා බවත් ඒවා ඔහුට වසන් වී ඇති බවත් සිතා සිටියෙහුය. නුඹලා රැවටී ඇත්තාහුය
وَذَٰلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَىٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَـٰسِرِينَ ﴿٢٣﴾
නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා සිතූ ඒ නපුරු සිතුවිල්ල නුඹලා ව විනාශ කර දැමුවේය. ඒ හේතුවෙන් නුඹලා මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද පරාජයට පත්වූවන් අතරට පත් වූහ
فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ ﴿٢٤﴾
ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුනට එරෙහි ව සාක්ෂි දැරීම සම්බන්ධයෙන් ඔවුන් ඉවසීමෙන් සිටිය ද නිරාගින්න ඔවුන්ගේ නවාතැන විය. ඔවුන් ලැඟුම් ගන්නා ස්ථානය එයයි. දඬුවම ඉවත් කරන මෙන් ද, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් වන මෙන් ද ඔවුන් ඇයද සිටියත්, ඔහුගේ තෘප්තිය ලබන්නන් ලෙස ඔවුන් නැත. ඔවුහු කිසිවිටෙක ස්වර්ග උයනට පිවිසෙන්නන් නොවෙති
۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُوا۟ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَـٰسِرِينَ ﴿٢٥﴾
මෙම දේව ප්රතික්ෂේපකයින්හට අපි ෂෙයිතානුන්ගෙන් වූ සහචරයින් අනිවාර්යය ලෙස පෙළ ගැස්වූයෙමු. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. මතු ලොව කටයුතු ඔවුන් ප්රමාද කිරීම ද ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. ඒ ගැන සිහිපත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීම ඔවුහු ඔවුනට අමතක කර දැමුවෝය. ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ ඔවුනට ද දඬුවම අනිවාර්යය කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අපා ගින්නට පිවිසීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල විනාශ කර ගත් පරාජිතයෝ වූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ ﴿٢٦﴾
දේව ප්රතික්ෂේපකයින් තර්කයට තර්කය තුළින් මුහුණ දීමට අපොහොසත් වූ කල්හි, ඔවුහු ඔවුන් අතර එකිනෙකාට උපදෙස් දෙමින්, ‘මුහම්මද් නුඹලාට කියවා පෙන්වන මෙම කුර්ආනයට නුඹලා සවන් නොදෙනු. එහි ඇති දෑ ට අවනත නොවනු. ඔහු එය කියවන අවස්ථාවේ කෑ ගසනු නුඹලාගේ හඬවල් උස් කරනු. එවිට නුඹලා ජය ලබනු ඇත. ඔහු ඔහුගේ පාරායනය හා ඒ වෙත වූ ඇරයුම ඔහු අත හැර දමනු ඇත. එවිට ඔහුගෙන් සැනසුම අපට ලැබිය හැකි වන්නේය.' යැයි පැවසුහ
فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ عَذَابًۭا شَدِيدًۭا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿٢٧﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමක් භුක්ති විඳින්නට සලස්වමු. ඔවුන් සිදු කරමින් ආ දේව ආදේශය හා පාපකම් වලට වඩා නපුරු විපාකයක් අපි ඔවුනට ප්රතිවිපාක වශයෙන් පිරිනමමු
ذَٰلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِ ۖ جَزَآءًۢ بِمَا كَانُوا۟ بِـَٔايَـٰتِنَا يَجْحَدُونَ ﴿٢٨﴾
මෙහි සඳහන් කරන ලැබූ ප්රතිවිපාකය, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුන් වන අල්ලාහ්ගේ සතුරන් සඳහා වූ විපාකයයි. එය නිරයයි. ඔවුනට එය සදාකාලික ව පිහිටයි. කිසිවිටෙක නැවතීමක් නැත. එය අල්ලාහ්ගේ සංඥාවන් හෙළා දැකීම හා ඒවා පැහැදිලි ව තිබියදී, ඒවා සඳහා වූ බලවත් තර්ක තිබියදී ඔවුන් ඒවා විශ්වාස නොකිරීම හේතුවෙන් පිරිනැමෙන ප්රතිඵලයක් වශයෙනි
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ ﴿٢٩﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරුකළවුන්, ‘අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ ජින්නුන් හා මිනිසුන් අපට පෙන්වනු මැනව. ඉබ්ලීස් දේව ප්රතික්ෂේපය හා ඔහු වෙත ඇරයුම් කිරීම සිරිතක් කර ගත් අයෙකි. ආදම්ගේ දරුවා ලේ හැළීම සිරිතක් කර ගත් අයෙකි. ඔවුන් දෙවර්ගයම අපගේ පාද යට නිරා ගින්න තුළ තබන්නෙමු. ඔවුන් දෙදෙනා නිරා වාසීන් අතරින් දැඩි සේ දඬුවමට ලක් වන පහත් අය අතරින් වනු පිණිසයැ.යි පවසති
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ﴿٣٠﴾
توعدون සැබැවින්ම ‘අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත.’ යැයි පවසා, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒ මත ස්ථාවරව සිටියවුන් වනාහි, මලක්වරුන් ඔවුන් වෙත පහළ වී ඔවුන් ඉදිරියේ පෙනී සිටින විට ඔවුනට, ‘නුඹලා මරණය ගැන හෝ ඉන් පසු ඇති දෑ ගැන බිය නොවනු. මෙලොවෙහි නුඹලා හැර දමා ආ දෑ ගැන ද දුක් නොවනු. මෙලොවෙහි නුඹලා අල්ලාහ්ව විශ්වාස කොට, නුඹලා කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඥ දෙනු ලබමින් සිටි ස්වර්ගය ගැන සතුටු වනු.’ යැයි පවසා සිටිති
نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ ﴿٣١﴾
"මෙලොව ජීවිතයේ නුඹලාගේ හිතමිතුරන් අපය. සැබැවින්ම අපි නුඹලාව ප්රවේසම් කරමින් හා ආරක්ෂා කරමින් සිටියෙමු. මතුලොවෙහි ද නුඹලාගේ හිතමිතුරන් අපමය. නුඹලාට හිමි අපගේ භාරකාරත්වය අඛණ්ඩව පවතින්නකි. නුඹලාගේ සිත් ආශා කරන ආශාවන් හා වින්දනයන් නුඹලාට ස්වර්ගයේ ඇත. නුඹලා ආශා කරන දැයින් නුඹලා පතන සියල්ල නුඹලාට එහි ඇත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් نزلا من غفور رحيم
نُزُلًۭا مِّنْ غَفُورٍۢ رَّحِيمٍۢ ﴿٣٢﴾
නුඹලාට ආගන්තුක සත්කාර වශයෙන් සූදානම් කරන ලද පරමාධිපතිගෙන් වූ සංග්රහයක් වශයෙනි. තම ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය
وَمَنْ أَحْسَنُ قَوْلًۭا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَـٰلِحًۭا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ ﴿٣٣﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ආගමික පිළිවෙත අනුව කටයුතු කිරීම සඳහා ඇරයුම් කරමින් ඔහුගේ පරමාධිපති තෘප්තියට පත්වන දැහැමි ක්රියාවන් ඉටු කරමින්, ‘සැබැවින්ම මම අල්ලාහ්ට අවනත වූ, ඔහුට යටත් වූ අය අතරින් කෙනෙක් වෙමි’ යැයි පවසා සිටින කෙනෙකුගේ ප්රකාශට වඩා වෙනත් අලංකාර ප්රකාශයක් නැත. කවරෙකු මේ සියල්ලම ඉටු කළේ ද ප්රකාශයෙන් ජනයා අතර වඩාත් දැහැමි වනුයේ ඔහුය
وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ۚ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌۭ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌۭ ﴿٣٤﴾
දැහැමි ක්රියාවන් හා අල්ලාහ් තෘප්තියට පත්වන අවනතවීම්, නපුරු ක්රියාවන් හා ඔහු කෝපයට පත් කරවන පාපකම් සමාන වන්නේ නැත. ජනයා අතරින් නුඹට නපුරක් කරන්නන්ගේ නපුර, වඩාත් යහපත් කරුණකින් වළක්වාලනු. නුඹ අතර හා ඔහු අතර පෙර සතුරුකමක් වුව ද -ඔහුගේ නපුර ඔහු වෙත යහපතක් කිරීමෙන් නුඹ වළක්වන විට- සැබැවින්ම ඔහු සමීප මිතුරෙකු සේ වන්නේය
وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍۢ ﴿٣٥﴾
දුෂ්කරතාවන් මත හා ජනයා විසින් ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ නපුරුකම් මත ඉවසීමෙන් කටයුතු කළවුනට හැර වෙනත් කිසිවකුට මෙම ප්රශංසනීය කරුණ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. එමෙන්ම අතිමහත් භාග්යයක් ඇත්තන්හට මිස ඒ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. ඊට හේතුව සැබැවින්ම එහි අධික යහපත හා පූර්ණ ප්රයෝජන ඇති බැවිණි
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَـٰنِ نَزْغٌۭ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٣٦﴾
කවර වේලාවක හෝ ෂෙයිතාන් කොඳුරා, නුඹට සැක මතු කරන්නේ නම්, එවිට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමුවනු. සැබැවින්ම ඔහු නුඹ කවර කරුණක් පවසන්නේ ද එයට සවන්දෙන්නාය. එමෙන්ම නුඹේ තත්ත්වය ගැන මැනවින් දන්නාය
وَمِنْ ءَايَـٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ ۚ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ﴿٣٧﴾
إ ياه تعبدون රාත්රිය හා දහවල එකින් පසු එක මාරුවෙන් මාරුව පැමිණීම ද, හිරු හා සඳු ද අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් වේ. අහෝ ජනයිනි! නුඹ හිරුට නමස්කාර නොකරනු. සඳුටත් නමස්කාර නොකරනු නුඹලා සැබෑ ලෙස නමදින්නන් ලෙස සිටියෙහු නම් ඒවා මැවූ ඒකීය අල්ලාහ්ට පමණක් නමස්කාර කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَإِنِ ٱسْتَكْبَرُوا۟ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْـَٔمُونَ ۩ ﴿٣٨﴾
නුඹලා උඩඟු වී, පිටුපා, මැවුම්කරු වන අල්ලාහ්ට නමස්කාර නොකළේ නම්, (දැනගනු) මලක්වරුන් හෙවත් සුර දූතයෝ අල්ලාහ් අබියස සිට ඔහු ව සුවි ශුද්ධ කරති. රාත්රියේ සහ දහවලෙහි ඔහුට ප්රශංසා කරති. ඔහුට නැමදීමෙන් ඔවුන් වෙහෙසයට පත් නොවෙති
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٣٩﴾
إنه عل كل شىء قدير ى අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය, යළි අවදි කිරීමේ ඔහුගේ හැකියාව පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ කිසිදු පැලෑටියක් නොමැති භූමියක් දෑසින් දකින්නාක් මෙනි. ඒ මත වර්ෂා ජලය පහළ වූ විට එතුළ සැඟවී තිබූ බීජ වර්ධනය වීම හේතුවෙන් පොළව පැළී; එය ඉහළට එනු ඇත. මිය ගිය මෙම භූමිය පැලෑටි මගින් ජීවමාන කළ ඔහු, මිය ගියවුන්ට යළි ජීවය දෙන්නාය. විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි බලාධිකාරීය. මහපොළොව මිය යෑමෙන් පසුව එය යළි ජීවමාන කිරීමත්, මියගියවුනට යළි ජීවය දී ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කිරීමත් ඔහුට නොහැකි කාර්යයක් නොවේ
إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَـٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ ۗ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًۭا يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ ۖ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٤٠﴾
අල් කුර්ආනයේ පාඨ හෙළා දකිමින්, ඒවා බොරු කරමින් හා ඒවා විකෘති කරමින් එහි නිවැරදිතාවයෙන් හැරෙන්නන් වනාහි, සැබැවින්ම ඔවුන්ගේ එවැන් තත්ත්වයන් අප හට සැඟවී යන්නේ නැත. අපි ඔවුන්ව දකින්නෙමු. උතුම් වන්නේ නිරා ගින්නට හෙළනු ලබන්නන් ද, එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ආරක්ෂිත ව පැමිණෙන්න ද? අහෝ ජනයිනි! නුඹලා අභිමත කරන පරිදි යහපත හෝ අයහපත සිදු කරනු. සැබැවින්ම යහපත හා අයහපත අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. සැබැවින්ම අල්ලාහ් ඒ දෙකින් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අධීක්ෂණය කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ ۖ وَإِنَّهُۥ لَكِتَـٰبٌ عَزِيزٌۭ ﴿٤١﴾
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කරුණු අල් කුර්ආනයේ ඇතුළත් වන බැවින් අල් කුර්ආනය ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම් කරනු ලබන්නන් වෙති. සැබැවින්ම එය බලවත්ය. දෝෂවලින් වළක්වනු ලැබූවක්ය. එය විකෘති කිරීමට කිසිදු විකෘති කරන්නෙකුට හැකියාවක් නැත. එමෙන්ම එය වෙනස් කිරීමට කිසිදු වෙනස් කරන්නෙකුට හැකියාවක් ද නැත
لَّا يَأْتِيهِ ٱلْبَـٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ ۖ تَنزِيلٌۭ مِّنْ حَكِيمٍ حَمِيدٍۢ ﴿٤٢﴾
යමක් අඩු කිරීමකින් හෝ එකතු කිරීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ අල් කුර්ආනයට ඉදිරියේ හෝ එයට පසු පසින් හෝ ව්යාජ කරුණක් ඒ වෙත ගෙන ආ නොහැකිය. මැවීමෙහි ද සැලසුම් කිරීමෙහි ද ආගමානුගත කිරීමෙහි ද මහා ප්රඥාවන්තයාණන් හා සියලු අවස්ථාවන්හිම ප්රශංසාලාභී අල්ලාහ්ගෙන් පහළ වූවකි
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ وَذُو عِقَابٍ أَلِيمٍۢ ﴿٤٣﴾
අහෝ දූතය! බොරු කරමින් නුඹහට පවසනු ලබන දෑ, නුඹට පෙර විසූ දූතවරුන්ටත් පවසන ලද දෑ මිස නොවේ. එහෙයින් ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහු වෙත පාපක්ෂමාව ඇයැද, ඔහු වෙත යොමු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වන ඔහුගේ ගැත්තන්හට අති ක්ෂමාශීලීය.ى පාපයේමى හිඳ පාපක්ෂාම අයැද නොසිටිيඅයට වේදනීය දඬුවම් දෙන්නාය
وَلَوْ جَعَلْنَـٰهُ قُرْءَانًا أَعْجَمِيًّۭا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَـٰتُهُۥٓ ۖ ءَا۬عْجَمِىٌّۭ وَعَرَبِىٌّۭ ۗ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًۭى وَشِفَآءٌۭ ۖ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌۭ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُو۟لَـٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ﴿٤٤﴾
අල් කුර්ආනය අරාබි නොවන බසකින් අපි පහළ කළේ නම් ඔවුන් අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ, ‘මෙම පාඨ අපට වැටහෙන පරිදි පහැදිළි කළ යුතු නොවේ ද? අල් කුර්ආනය ගෙන ආ තැනැත්තා අරාබිවරයකු ලෙස සිටිය දී අල් කුර්ආනය අරාබි නොවන බසකින් වන්නේ ද?’ යැයි විමසා සිටිති. අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "අල් කුර්ආනය වනාහි,-අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයා සත්යය බව පිළිගත්තන්හට- නොමගින් යහමඟ පෙන්වන්නකි. හදවත් තුළ ඇති අඥාන කමට හා එය පසුපසින් හඹා එන දෑට සුවයකි. අල්ලාහ්ව විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුන්ගේ කන්වල බිහිරිභාවය ඇත. එය ඔවුනට අන්ධභාවයකි. එය වටහා නොගනිති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නෝ දුරක සිට ඇරයුම් කරනු ලබන්නන් මෙනි. එවිට එම ඇරයුම කරන්නාගේ හඬට ඔවුන් සවන් දිය හැක්කේ කෙසේද?
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ﴿٤٥﴾
مريب සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. නමුත් එහි මතභේද හට ගැනිණ. ඔවුන් අතරින් එය විශ්වාස කරන්නන් සිටි අතර එය ප්රතික්ෂේප කරන්නන් ද සිටියහ. ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගත්තේද, එම විෂයයෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් අතර වෙන් කරන බවට අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් නොවී නම් එසේ මතභේද ඇති කරගත්තන්හට තව්රාතයේම තීන්දුවක් ගෙන සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන් දැයි පැහැදිලි කරන්නට තිබුණි. එවිට සත්යවාදිය ගෞරවයට පත් කරනු ලැබ අසත්යවාදියා අපහාසයට ලක්වනු ඇත. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය විෂයයෙහි දැඩි සැකයෙහි පසුවෙති
مَّنْ عَمِلَ صَـٰلِحًۭا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٍۢ لِّلْعَبِيدِ ﴿٤٦﴾
කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේද, ඔහුගේ එම ක්රියාවෙහි ප්රයෝජනය ඔහු වෙතම හැරී එනු ඇත. කිසිවෙකුගේ දැහැමි ක්රියාව අල්ලාහ්ට සෙත සලසන්නේ නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද එහි විපාකය ඔහු වෙතම හැරී එනු ඇත. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ පාපකම් අල්ලාහ්ට හානි ඇති කරන්නේ ද නැත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත. අහෝ දූතය! නුඹේ පරමාධිපති ඔහුගේ ගැත්තන්හට අසාධාරණකම් සිදු කරන්නෙකු නොවේ. ඔහු කිසිවිටෙක ඔවුන්ගේ යහ ප්රතිඵල අඩු කරන්නේ නැත. එමෙන්ම පාපකම් කළ ඔවුනට වැඩියෙන් පරිනමන්නේ ද නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍۢ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّـٰكَ مَا مِنَّا مِن شَهِيدٍۢ ﴿٤٧﴾
අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පමණක් ඇත්තකි. එය කවදා සිදුවන්නේ දැයි ඔහු පමණක් දනී. ඔහු හැර වෙනත් කිසිවෙකු එය නොදනී. පළතුරු ආරක්ෂා සහිත ව තැන්පත් කර ඇති කෝෂ තුළින් ඒවා හට ගැනීම ද, කාන්තාවන් උසුලන දෑ ප්රසූත කිරීම හෝ ප්රසූත නොකිරීමද අල්ලාහ්ගේ අනුදැනුමෙන් තොරව සිදුවන්නක් නොවේ. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. පිළිමවලට වන්දනාමාන කරමින් සිටි දේව ආදේශකයින්ව අල්ලාහ් කැඳවන දින ඔවුන් ඔවුනට නැමදුම් කර සිටි හේතුවෙන් ඔවුන්ව අවඥාවට ලක් කරමින්, ‘සැබැවින්ම ඔවුන් හවුල්කරුවන් යැයි නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහෝදැ?’යි අල්ලාහ් විමසා සිටියි. දේව ආදේශකයින්, ‘ඔබ ඉදිරියේ අපි පිළිගන්නෙමු. සැබැවින්ම ඔබට හවුල් කරුවෙකු ඇති බවට සාක්ෂි දරණ කිසිවෙකු දැන් අප අතර නැත’ යැයි පවසා සිටිති
وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَدْعُونَ مِن قَبْلُ ۖ وَظَنُّوا۟ مَا لَهُم مِّن مَّحِيصٍۢ ﴿٤٨﴾
ඔවුන් ඇරයුම් කර සිටි පිළිම ඔවුන්ගෙන් මුළා වී ගියේය. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් පළා යන කිසිදු තැනක් හෝ කිසිවකු හෝ ඔවුනට නොමැති බව තරයේම විශ්වාස කළෝය
لَّا يَسْـَٔمُ ٱلْإِنسَـٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٌۭ قَنُوطٌۭ ﴿٤٩﴾
සුවය, ධනය, දරුවන් හා වෙනත් ආශිර්වාද පැතීමෙහි මිනිසා ආයාසයට පත් වන්නේ නැත. නමුත් ඔහුට යම් දිළිඳුකමක් හෝ රෝගීභාවයක් හෝ වෙනත් යම් අභාග්යයක් අත් වූ විට ඔහු අධික ලෙස නිරායාසයට පත් වෙයි
وَلَئِنْ أَذَقْنَـٰهُ رَحْمَةًۭ مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَـٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةًۭ وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِمَا عَمِلُوا۟ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ﴿٥٠﴾
ى තවද ඔහුට අත් වූ රෝගයකට හෝ විපතකට පසුව අප වෙතින් ඔහුට යම් සුවයක් හෝ පොහොසත් කමක් විඳින්නට සැළැස්වූයේ නම් සැබැවින්ම ඔහු, ‘මෙය මා වෙනුවෙනි. සැබැවින්ම මා එය සතු සුදුස්සෙකි. අවසන් හෝරාව ඇති වන බව මම නොසිතමි. සැබැවින්ම අවසන් හෝරාව සිදුවන බවට නියම කරනු ලැබ තිබුණ ද අල්ලාහ් අභියස සැබැවින්ම මම පොහොසත් හා ධනවත් කෙනෙකි. මෙලොවෙහි අල්ලාහ් මාගේ සුදුසුකම වෙනුවෙන් මා වෙත ඔහු ආශිර්වාද කළාක් මෙන් ම මතුලොවෙහිද මා වෙත ඔහු එය ආශිර්වාද කරනු ඇත’ යැයි පවසා සිටියි. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දේව ආදේශය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි දන්වා සිටින්නෙමු. ඉතා දරුණු ලෙස මුහුණ දෙන්නට සිදුවන දඬවමිකින් අපි ඔවුන් විඳ වන්නට සළස්වමු
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍۢ ﴿٥١﴾
ආරෝග්යතාව, සුවය හා වෙනත් සහන අපි මිනිසාට ආශිර්වාද කළ විට, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ඔහුට අවනත වීම ගැන ඔවුහු නොසැලකිලිමත් වෙති. උඩඟු වී පැත්තකට හැරී යති. නමුත් ඔහුට රෝගයක්, දිළිඳුකමක් හා එවන් දුකක් ඇති වූ විට අල්ලාහ්ගෙන් අධික ලෙස ප්රාර්ථනා කරන්නෙකු වනු ඇත. ඔහුට අත් වූ දෑ ඔහුගෙන් ඉවත් කරන මෙන් ඔහු අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියි. නමුත් අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ විට කෘතවේදී වන්නේ නැත. අල්ලාහ් ඔහුව පරීක්ෂාවට ලක් කළ විට ඉවසා දරා ගත්තේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍۢ ﴿٥٢﴾
අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්රතික්ෂේප කොට එය බොරු කර සිටියේ නම් නුඹලාගේ තත්ත්වය කෙසේ වනු ඇත් ද? සත්යය හෙළි වී, ඒ ගැන බලවත් සාධක පැහැදිළි වූවාත් සමග එය පිළිගැනීමට මුරණ්ඩුකමෙන් සිටින්නාට වඩා නොමඟ ගියවුන් කවුරුන් වනු ඇත් ද?"
سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْـَٔافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿٥٣﴾
අපගේ වදන් ප්රතික්ෂේප කළ කුරෙයිෂ්වරුන්හට මහපොළොවේ ක්ෂිතිජයේ අල්ලාහ් මුස්ලිම්වරුන්ට ලබා දෙන්නට යන ජයග්රහණයන් මතු පෙන්වා දෙමු. එමෙන්ම මක්කා ජයග්රහණය තුළින් ඔවුන් තුළම අපි අපගේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය කිසිදු සැකයක් නැති සත්යයක් බවට වූ සැකය ඔවුන්ගෙන් ඉවත් වී ඔවුනට පහැදිළි වන තෙක් අපි එසේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය සත්යයක් බවට අල්ලාහ්ම සාක්ෂි දැරීම සැබැවින්ම එය සත්යයක් බවට මෙම ආදේශකයින්ට ප්රමාණවත් නොවූයේ ද? අල්ලාහ්ට වඩා අතිමහත් සාක්ෂිකරු වෙනත් කවරෙකු ද? ඔවුන් සත්යය අපේක්ෂා කර සිටියේ නම් ඔවුන්ගේ පරමාධිපතිගේ සාක්ෂිය ඔවුනට ප්රමාණවත් විය යුතුය
أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍۢ مِّن لِّقَآءِ رَبِّهِمْ ۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۢ مُّحِيطٌۢ ﴿٥٤﴾
සැබැවින්ම දේව ආදේශකයින්, යළි අවදි කරනු ලැබීම හෙළා දකින බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ ඔවුහු සැකයෙහි වෙති. එහෙයින් ඔවුහු මතුලොව විශ්වාස නොකරති. දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා සූදානම් නොවෙති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් දැනුමෙන් හා බලයෙන් සියලු දේ ආවරණය කරන්නාය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත