حمٓ ﴿١﴾
මුල් පිටුව›තෆ්සීර්›Ash-Shura (42)
මක්කී · 53 වාක්‍ය
حمٓ ﴿١﴾
عٓسٓقٓ ﴿٢﴾
(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත
كَذَٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٣﴾
අහෝ මුහම්මද්! නුඹ වෙත එවන ලද මෙම දේව පණිවිඩය මෙන්ම නුඹට පෙර විසූ අල්ලාහ්ගේ නබිවරුන් හටත් එවනු ලැබීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සතුරන්හට සමවිපාක ලබා දීමේ දී සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා මැවීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ ﴿٤﴾
මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළෝවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ ස්වභාවෙයන් ද, ඔහුගේ බලයෙන් ද, ඔහුගේ ආධිපත්යයෙන් ද ඔහු අති උත්තරීතරය. ඔහුගේ පැවැත්මෙන් අති මහත්ය
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَٱلْمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿٥﴾
ශුද්ධවන්තයාණන්ගේ බලමහිමය හේතුවෙන්, අහස් ඒවා විශාලත්වයෙන් හා උසින් පිහිටා තිබීමත් සමග පොළෝවාසීන්ට ඉහළින් පැළෙන්නට බලති. මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිව පිවිතුරු කරති. යටත් වීමෙන් හා ගෞරව කිරීමෙන් ඔහුට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් දක්වති. මහපොළොවේ සිටින්නන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින්, සමාව ඇයැද ඔහු වෙත හැරෙන්නන්හට අති ක්ෂමාශීලීය
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ ﴿٦﴾
අල්ලාහ් හැර දමා පිළිම තෝරා ගනිමින්, ඔහු හැර ඔවුන්ගේ භාරකාරත්වය දරන්නටත්, නැමදීමටත් ඒවා පත් කරගත් අය වනාහි, අල්ලාහ් ඔවුන් ගැන බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන්ගේ ක්රියාවන් ඔහු සටහන් කර, ඒ අනුව ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි. අහෝ ධර්ම දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹ විමසා නො සිටිනු. සැබැවින්ම, නුඹ දන්වා සිටිනي ඇරයුම් කරවෙකු පමණි
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّۭا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌۭ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌۭ فِى ٱلسَّعِيرِ ﴿٧﴾
අහෝ දූතය! නුඹට පෙර විසූ නබිවරුන්හට අපි දේව පණිවිඩ එව්වාක් මෙන්ම මක්කා වාසීන්ටත් ඒ අවට වෙසෙන ගැමි අරාබිවරුන්ටත්, පසු ව මුලු මිනිස් සංහතියටත් අවවාද කරනු පිණිසත් විනිශ්චය හා ප්රතිඵල සඳහා එකම උස් ස්ථානයක් මුල සිට අග දක්වා වූ සියලු දනන් අල්ලාහ් එක්රැස් කරන දිනය පිළිබඳ නුඹ ජනයින්ට බිය ගැන්වීම بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පිණිසත් අපි නුඹ වෙත අරාබි බසින් වූ කුර්ආනය පහළ කර ඇත්තෙමු. එම දිනය සිදුවීමෙහි කිසිදු සැකයක් නැත. එහිදී ජනයා කණ්ඩායම් දෙකකට බෙදී යයි. පිරිසක් ස්වර්ගයේ සිටිති. ඔවුහු දෙවියන් විශ්වාස කළවුන්ය. තවත් පිරිසක් නිරා ගින්නේ සිටිති ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ය
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَـٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّۢ وَلَا نَصِيرٍ ﴿٨﴾
ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් දහම මත පදනම් කොට එකම සමූහයක් බවට පත් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කොට ඔවුන් සියලු දෙනා ස්වර්ගයට ඇතුළත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය පමණක් ඉස්ලාමය තුළ ප්රවේශ කොට ස්වර්ගයට ඇතුළත් කිරීම සඳහා ඔහුගේ ප්රඥාව තීන්දු විය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය වනාහි, ඔවුන්ගේ භාරකාරත්වය දරන්නට කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුනට නැත
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٩﴾
නමුත් දේව ආදේශකයින් තමන්ගේ භාරකාරත්වය දැරීම සඳහා අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් පත් කර ගත්තෝය. සැබෑ භාරකරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු සෙත සලසන්නේ නැත. හානි පමුණුවන්නේ ද නැත. ඔහු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් යළි අවදි කිරීම සඳහා මියගියවුනට යළි ප්රාණය ලබා දෙන්නාය. කිසිවක් විසින් ශුද්ධවන්තයාණන්ව පරාජය කළ නොහැක
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍۢ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ﴿١٠﴾
අහෝ ජනයිනි! නුඹලාගේ දහමෙහි යම් මූලිකාංගයක හෝ එහි අනු අංගයක නුඹලා මතභේද ඇති කරගත්තෙහු නම්, එහි තීන්දුව අල්ලාහ් වෙතම විය යුතුය. එවිට එය ඔහුගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත වෙත යොමු කරනු ලැබේ. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහුය මාගේ පරමාධිපති. මාගේ සියලු කටයුතුවලදී මම ඔහු මත පමණක් ස්ථීර ව රැඳෙමි. පාපක්ෂමාවෙහි නිරත වී ඔහු වෙත යොමු වෙමි
فَاطِرُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا وَمِنَ ٱلْأَنْعَـٰمِ أَزْوَٰجًۭا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌۭ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿١١﴾
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරු අල්ලාහ්ය. නුඹලාගේ ආයුකාලය අධික කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලාගේ යුගලයන් ඔහු නුඹලාට මැව්වේය. එමෙන්ම නුඹලා වෙනුවෙන් ඔටුවන්, ගවයින් හා එළුවන් අතරින් ද යුගලයන් ඔහු මැව්වේය. නුඹලාගේ යුගලයන් අතර විවාහ වීම සඳහා කලත්රයන් මැව්වේය. නුඹලාගේ ගොවිපළ සතුන් අතරින් උන්ගේ මාංශ හා කිරි නුඹලා පරිභෝජනය කිරීම සඳහා නුඹලාට එමගින් ජීවනාධාර පිරිනැමුවේය. ඔහුගේ මැවීම් අතරින් ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතකි. එය අයහපත් වී නම් අයපහතකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿١٢﴾
අහස්හි හා මහපොළොවේ භාණ්ඩාගාරවල යතුරු ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කරන්නේය. කෘතගුණ වීම හෝ ගුණමකු වීම ඔහු සතු තේරීමක් නොවේද?. එලෙස ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ නියමය මත ඉවසීම හෝ කෝප වීම පරීක්ෂණයක් නොවේ ද?. සැබැවින්ම ඔහු සෑම දෙයක් පිළිබඳවම සර්වඥානීය. තම ගැත්තන් හට යහපත ඇති දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًۭا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ ﴿١٣﴾
ينيب නූහ්(නබි)ට දහම ප්රචාරය කරන මෙන් ද ඒ අනුව කටයුතු කරන මෙන් ද අපි නියෝග කළා සේම නුඹලාටත් දහම සම්බන්ධයෙන් කටයුතු කරන මෙන් ආගමානුගත කර ඇත. අහෝ දූතය! අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි, ප්රචාරය කරන මෙන් හා ඒ අනුව කටයුතු කරන මෙන් ඉබ්රාහීම්, මූසා හා ඊසාට නියෝග කළ දෑම නුඹලාටත් ආගමානුගත කර ඇත. සාරංශයක් වශයෙන්: දහම ස්ථාපිත කිරීම හා එහි ගැටුම් අතහැර දැමීමය. අල්ලාගේ ඒකීයත්වය වෙත දේව ආදේශකයින්හට නුඹලා කළ ඇරයුමත් ඔහු හැර නමදින වෙනත් දෑ අතැහැර දැමීමත් ඔවුනට බැරෑරුම් විය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය තෝරා, ඔහුට නැමදුම් කිරීමටත්, අවනත වීමටත් ඔහු ආශිර්වාද කරයි. එමෙන්ම ඔවුන් අතරින් පාපයන් සඳහා පාපක්ෂමාව පතා ඔහු වෙත යොමු වන අයට ඔහු වෙත මගمපෙන්වයි
وَمَا تَفَرَّقُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى لَّقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُوا۟ ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ﴿١٤﴾
දේව ප්රතික්ෂේපකයින් හා දේව ආදේශකයින්, ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මිස ඔවුහු වෙන්ව නොගියෝය. ඔවුන්ගේ වෙන්වීම ක්රෝධය හා ඊර්ෂ්යාව හේතු කර ගත්තක් විය. අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා -එනම් ඔවුන් අතර තීන්දු දීම සඳහා වූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා- දඬුවම ඔවුන්ගෙන් ප්රමාද කරන බවට අල්ලාහ්ගේ දැනුමෙහි පෙර නියමයක් නොවී නම්, ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ ධර්ම දූතවරුන් බොරු කර සිටි හේතුවෙන් දඬුවම ඔවුනට ඉක්මන් වන්නට තිබුණි. ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් පසුව හා මෙම ආදේශකයින්ගෙන් පසුව සැබැවින්ම තව්රාතය උරුම වූ යුදෙව්වන් ද ඉන්ජීලය උරුම වූ කිතුනුවන් ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ගැන සැකයෙහි පසුවෙති
فَلِذَٰلِكَ فَٱدْعُ ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَـٰبٍۢ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿١٥﴾
මෙම ඍජු දහම වෙතට නුඹ ජනයා ඇරයුම් කරනු. අල්ලාහ් නුඹට නියෝග කළ දෑට අනුකූලව එහි ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ව්යාජ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් සමග තර්ක කරන විට, ‘මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දේව ග්රන්ථය පිළිබඳ විශ්වාස කරමි. නුඹලා අතර සාධාරණ ලෙස තීන්දු දෙන මෙන් අල්ලාහ් මට නියෝග කර ඇත. මා නමදින අල්ලාහ්, අපගේ පරමාධිපතිය. නුඹලා සියලු දෙනාගේ ද පරමාධිපතිය. අපගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද එවා අප වෙනුවෙනි. නුඹලාගේ ක්රියාවන් යහපත් වුව ද අයහපත් වුවද ඒවා නුඹලා වෙනුවෙනි. තර්කය පැහැදිලි වූවායින් පසු හා සාධක පෑදුනු පසු අප අතර හා නුඹලා අතර කිසිදු විවාධයක් නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් අප සියලු දෙනා එක්රැස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන ස්ථානය අත්තේ ඔහු වෙතය. අප අතරින් සෑම කෙනෙකුටම ඔහු සුදුසු ප්රතිඵල පිරිනමනු ඇත. එවිට බොරුකාරයාගෙන් සත්යවාදියා ද ව්යාජයෙන් සත්යය ද පැහැදිලිවනු ඇත
وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌۭ وَلَهُمْ عَذَابٌۭ شَدِيدٌ ﴿١٦﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ මෙම දහම ජනයා පිළිගත් පසුව එහි ව්යාජ සාධක ගෙන තර්ක කරන්නන් වනාහි, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස හා දේව විශ්වාසීන් අබියස ද ඉවත් වන්නකි. වැටෙන්නකි. එයට කිසිදු බලපෑමක් නැත. ඔවුන් සත්ය ප්රතික්ෂේප කළ හේතුවෙන් හා එය පිටුදැකීම හේතුවෙන් ඔවුන් මත අල්ලාහ්ගෙන් වූ කෝපය ඇති විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින දැඩි දඬුවමක් ඔවුනට ඇත
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌۭ ﴿١٧﴾
කිසිදු සැකයක් නැති සත්යයෙන් යුත් අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. ජනයා අතර සාධාරණනීය ලෙස තීන්දු ලබා දෙනු පිණිස ඔහු යුක්ති ධර්මය පහළ කළේය. මොවුන් සමීපයෙන් ඇති දෑ බොරු කර සිටින, සෑම දෙයක්ම ඉතා සමීපයෙන් පැමිණෙන්නට නියමිත අවසන් හෝරාව, එය සිදු වන්නේමය
يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَـٰلٍۭ بَعِيدٍ ﴿١٨﴾
ඒ ගැන විශ්වාස නොකරන්නන් ද එය ඉක්මන් කරන මෙන් පතති. ඊට හේතුව සැබැවින්ම ඔවුන් විනිශ්චය ගැන හෝ ප්රතිඵල ගැන හෝ දඬුවම ගැන හෝ විශ්වාස නොකරන බැවිණි. අල්ලාහ් විශ්වාස කළවුන් වනාහි, ඒ ගැන බියෙන් පසුවන්නෝ වෙති. එය ඔවුන් යොමුවන ස්ථානය ගැන බිය හේතුවෙනි. සැබැවින්ම එය කිසිදු සැකයක් නැති සත්යයක්ම බව තරයේම වටහාගෙන සිටිති. දැනගන්න! අවසන් හෝරාව පිළිබඳ වාද කොට එහි තර්ක කොට එය ඇතිවීම ගැන සැක කරන්නන් සත්යයෙන් දුරස් වූ මුළාවෙහි සිටිති
ٱللَّهُ لَطِيفٌۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ﴿١٩﴾
අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි කාරුණිකභාවයෙන් යුක්තය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් පිරිනමා එම සම්පත් විස්තීරණ කරයි. එමෙන්ම ඔහුගේ ප්රඥාව හා ඔහුගේ කාරුණිකභාවය පදනම් කර ගනිමින් ඔහු අභිමත කරන අයට සීමා කරයි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි බලවතාය. ඔහු සතුරන්හට සමප්රතිචාර දක්වන සර්වබලධාරීය
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْـَٔاخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْـَٔاخِرَةِ مِن نَّصِيبٍ ﴿٢٠﴾
نص يب කවරකු මතුලොව තිළිණ අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ ද ඔහුගේ තිළිණ ඔහුට ගුණ කර දෙන්නෙමු. යහපත් තිළිණ එය හා සමාන දහයකින් ද එය හත්සීය ගුණය දක්වා ද එය ද අධික ලෙස ද ගුණකරමින් දෙන්නෙමු. තවද කවරෙකු මෙලොව අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ද ඔහුට නියම කරන ලද කොටස පමණක් අපි එහි ඔහුට පිරිනැමුවෙමු. නමුත් ඔහු එම ක්රියාවන් සඳහා යහපත මෙලොවෙහි ඇති බැවින් කිසිදු කොටසක් මතුලොවෙහි ඔහුට හිමි නොවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَمْ لَهُمْ شُرَكَـٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢١﴾
عذاب أليم එසේ නැතහොත්, අල්ලාහ්ගේ දහමෙහි ඔහු අනුමැතිය නොදුන්නා වූ, ඔහුට ආදේශ තැබීම, අනුමත දෑ තහනම් කිරීම හා තහනම් දෑ අනුමත කිරීම යනාදී කරුණු ඔහුගෙන් තොරව ආගමානුගත කළ වෙනත් දෙවිවරුන් එම ආදේශ තබන්නන්හට සිටිත් ද? මතගැටුම් ඇති කරන්නන් අතර වෙන් කිරීම සඳහා නියමිත කාලයක් හා ඒ වෙත ඔවුන් ප්රමාද කිරීමක් අල්ලාහ් නියම නොකළේ නම් සැබැවින්ම ඔවුන් අතර වෙන් කරන්නට තිබුණි. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබමින් පාපකම් සිදු කරමින් ඔවුන්ටම අපරාධකරගත් අය වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව අපේක්ෂා කරන වේදනීය දඬුවමක් ඔවුනට ඇත
تَرَى ٱلظَّـٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا۟ وَهُوَ وَاقِعٌۢ بِهِمْ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ ﴿٢٢﴾
අහෝ දූතය! දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන් වනාහි, ඔවුන් උපයා ගත් දෑහි දඬුවමට බියෙන් පසුවනු නුඹ දකිනු ඇත. එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට සිදු වන්නේමය. පාපක්ෂමාවෙන් තොර ව බියවීම පමණක් ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුනට වඩා වෙනස් දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු සැපපහසුකම් විඳින ස්වර්ග උයන්වල සිටිති. ඔවුන්ගේ පරමාධිපති අබියස ඇති කිසිදිනෙක කප්පාදු නොවන විවිධ සැප පහසුකම් අතරින් ඔවුන් කැමති දෑ ඔවුනට ඇත. කිසිදු මහිමයක් කිට්ටු කළ නොහැකි අතිමයත් භාග්යයකි එය
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةًۭ نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ شَكُورٌ ﴿٢٣﴾
එම ශුභාරංචිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ දූතයාණන්ගේ දෑතින් අල්ලාහ් දන්වා සිටි මහඟු ශුභාරංචියයි. අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "සත්යය දන්වා සිටීම වෙනුවෙන් එහි ඵලය නුඹලා වෙත නැවත ලබා දෙන ආකාරයේ තිළිණයක් මිස වෙනත් කිසිදු තිළිණයක් මම නො පතමි. එනම් නුඹලා අතර මා සමීපතයකු වීම සඳහා නුඹලා මට ආදරය කිරීමය. කවරෙකු යහපතක් උපයන්නේ ද, එහි ප්රතිඵල ඔහුට අපි ගුණ කර දෙන්නෙමු. එනම් යහපතක් සඳහා ඒ හා සමාන දස ගුණයකි. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පව් සමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද ඔවුන්ගේ පාපකම් සඳහා සැබැවින්ම ඔහු අතිශය සමාව දානය කරන්නාය. ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ඔවුන් සිදු කරන ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු කෘතගුණ සලකන්නාය
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَـٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦٓ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٢٤﴾
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම කුර්ආනය ගොතා, ඔහුගේ පරමාධිපතිට ආරෝපණය කර ඇති බව පැවසීම දේව ආදේශකයින්ගේ විශ්වාසයයි. ඔවුනට ප්රතිචාර වශයෙන් අල්ලාහ්,‘සැබැවින්ම නුඹ බොරුවක් ගොතා, නුඹ වෙනුවෙන් කතා කර ඇත්නම්, නුඹේ හදවත මත මම මුද්රා තබමි. ගොතන ලද අසත්යය මකා දමමි. සත්ය ඉතිරි කරමි' යැයි අල්ලාහ් පවසයි. එම කරුණ එසේ නොවී නම් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව එය පෙන්වා දෙනු ඇත. එනම් සැබැවින්ම එය ඔහුගේ පරමාධිපති විසින් ඔහු වෙත එවන ලද දේව පණිවිඩයක් යන වගය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු දනී. ඔහුට ඉන් කිසිවක් සැඟවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُوا۟ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ ﴿٢٥﴾
ඔහු වනාහි, ඔහුගේ ගැත්තන් ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා පාපකම් සඳහා ඔහුගෙන් පාපක්ෂමා අයැද සිටින විට එම පාපක්ෂමාව පිළිගන්නා සුවිශුද්ධයාණන්ය. ඔවුන් සිදු කරන පාපකම් ඔහු නොසලකා හරිනු ඇත. නුඹලා කවර කරුණක් සිදු කළ ද ඒ ගැන අල්ලාහ් දනී. ඔවුන්ගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۚ وَٱلْكَـٰفِرُونَ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ﴿٢٦﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන්ගේ ප්රාර්ථනාවන්ට ඔහු පිළිතුරු සපයයි. ඔවුහු ඔහුගෙන් නොපැතූ දෑ ද ඔහුගේ භාග්යයෙන් ඔහු ඔවුනට අධික කර දෙයි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින බලවත් දඬුවමක් ඔවුන් සතු වනු ඇත
۞ وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْا۟ فِى ٱلْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍۢ مَّا يَشَآءُ ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرٌۢ بَصِيرٌۭ ﴿٢٧﴾
අල්ලාහ් තම පෝෂණ සම්පත් තමන්ගේ සියලු ගැත්තන් හට පුළුල්ව ප්රදානය කළේ නම්, ඔවුහු අපරාධ කරමින් මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් පුළුල් වශයෙන් ද, සීමා කරමින් ද, ඔහු අභිමත කරන ප්රමාණ කොට පෝෂණ සම්පත් පහළ කරනු ඇත. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන තොරතුරු මැනවින් දන්නාය. එය අධීකෂණය කරමින් සිටින්නාය. එහෙයින් යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු පිරිනමයි. එමෙන්ම යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු එය වළක්වාලයි
وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُوا۟ وَيَنشُرُ رَحْمَتَهُۥ ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ ﴿٢٨﴾
වර්ෂාව පහළ වීම ගැන බලාපොරොත්තු සුන්වී ගිය පසුව තම ගැත්තන්හට වර්ෂාව පහළ කරනුයේ ඔහුය. එවිට එම වර්ෂාව දසත පැතිරී යයි. එවිට මහපොළොව පැලෑටි හටගන්වයි. එමෙන්ම ඔහු තම ගැත්තන්ගේ කටයුතු භාරව සිටින්නාය. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍۢ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌۭ ﴿٢٩﴾
අහස් මැවීම, මහපොළොව මැවීම, ඒ දෙක තුළ අපූරු මැවීම් විසිරුවා තිබීම යනාදිය අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරිනි. ඔහු අභිමත වේලාවක රැස්කිරීම සඳහාත්, ප්රතිඵල පිරිනැමීම සඳහාත් ඔහු ඔවුන් එකතු කරන්නාය. පළමු වරට ඔවුන් මැවීමට අපොහොසත් නොවූ මෙන්ම එසේ අවදි කිරීමද අල්ලාහ්ට අපොහොසත් කාර්යයක් වන්නේ නැත
وَمَآ أَصَـٰبَكُم مِّن مُّصِيبَةٍۢ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ﴿٣٠﴾
අහෝ ජනයිනි! නුඹලා අතර හෝ නුඹලාගේ සම්පත් අතර යම් අභාග්යයක් අත් වූයේ නම් එය නුඹලාගේ අත්වලින් නුඹලා උපයා ගත් දෑ හේතුවෙනි. ඒවායින් බොහෝ දෑ නුඹලා වෙනුවෙන් අල්ලාහ් නොසලකා හැර ඇත. එමගින් නුඹලාව වරදකරුවන් බටව පත් කර නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿٣١﴾
නුඹලාගේ පරමාධිපති නුඹලාට දඬුවම් කිරීමට අපේක්ෂා කළ විට ඔහුගෙන් පලා ගොස් මිදෙන්නට නුඹලාට හැකියාවක් නැත. ඔහු හැර නුඹලාගේ කටයුතු භාරව කටයුතු කරන වෙනත් භාරකරුවෙකු නුඹලාට නැත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවමක් අපේක්ෂා කළ විට එයින් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවෙකු ද නැත
وَمِنْ ءَايَـٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ ﴿٣٢﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ තවත් සංඥාවක් වනුයේ කඳු මෙන් සාගරයට ඉහළින් උසින් යාත්රා කරන නැව්ය
إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍ ﴿٣٣﴾
ඒවා ගමන් කරවන සුළඟ හැමීම නවතාලන්නට අල්ලාහ් අභිමත කළේ නම්, එවා ක්රියා විරහිත වී මුහුදේම නැවතී තිබෙනු ඇත. නැව් මැවීම, සුළඟ වසඟ කරදීම යනාදිය මෙනෙහි කිරීම තුළ පරීක්ෂාවන් හා දුෂ්කරතාවන් මත ඉවසීමෙන් කටයුතු කරන ඔහුට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදවලට ගුණගරුක වන සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිළි සාධක ඇත. أو يوبقهن بما كسبواويعف عن كثير
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا۟ وَيَعْفُ عَن كَثِيرٍۢ ﴿٣٤﴾
එසේ නැතහොත්, එම නැව් මත සුළී කුණාටුවක් එවා ඒවා විනාශ කිරීමට ශුද්ධවන්තයාණන් අභිමත කර සිටියේ නම් මිනිසා උපයාගත් පාපකම් නිසාවෙන් ඔහු ඒවා විනාශ කරන්නට තිබුණි. නමුත් තම ගැත්තන්ගේ බොහෝ පාපකම් ඔහු නොසලකා හරියි. ඒ සඳහා ඔවුන් දඬුවමට ලක් නොකරයි
وَيَعْلَمَ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍۢ ﴿٣٥﴾
සුළී කුණාටුවක් එවීමෙන් එම නැව් විනාශ කරන අවස්ථාවේ අල්ලාහ්ගේ වදන් ව්යාජත්වයට පත් කිරීම සඳහා එහි තර්ක කරන්නන් පිළිබඳ ඔහු දනී. එම විනාශයෙන් පළා යන්නට ඔවුනට කිසිදු තැනක් නැත. එවිට ඔවුන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු ඇරයුම් නොකරති. ඔහු හැර වෙනත් දෑ අතහැර දමති
فَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٣٦﴾
අහෝ ජනයිනි! ධනය, නිලය හෝ දරුවන්ගෙන් කවර කරුණක් නුඹලාට දෙනු ලබන්නේ ද එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් පමණි. ඒවා විසන්ධි වී පහව යන දෑය. සදා සැපත යනු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන්ගේ පමරාධිපති මත පමණක් රැඳී සිටින්නන්හට අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ග සැපතයි
وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُوا۟ هُمْ يَغْفِرُونَ ﴿٣٧﴾
තවද ඔවුහු බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාරකම් වලින් දුරස්වන්නන් වෙති. ඔවුන් වෙත වදනින් හෝ ක්රියාවෙන් නපුරක් කළ අයකු සම්බන්ධයෙන් ඔවුන් කෝපවූ විට, ඔහුට නිහතමානීව සමාව දෙති. ඒ වෙනුවෙන් දඬුවම් නොකරති. මෙම සමාව එහි හොඳක් හෝ යහපතක් තිබූ විට ඔවුනට හිමිවන භාග්යයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ ﴿٣٨﴾
තවද ඔවුහු වනාහි, ඔවුනට නියෝග කරනු ලැබූ දෑ පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කළවුන් වෙති. ඔවුන්ගේ වැදගත් කරුණු සම්බන්ධයෙන් එකිනෙකා සාකච්ඡා කරන්නන් වෙති. එමෙන්ම අපි ඔවුනට පිරිනැමූ දැයින් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා වියදම් කරන්නන් වෙති
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ ﴿٣٩﴾
තවද ඔවුනට යම් අයුක්තියක්, අසාධාරණයක් අත් වූ විට ඔවුන් ගෞරවනීය ලෙස ජය ලබති. අපරාධක කරන්නා සමාව ලබන්නට සුදුසු නොවන කෙනෙකු වූ විට, එම උදව් ලැබීම තහවුරු වන්නේය. විශේෂයෙන්ම සමාව දීමෙහි යහපතක් නොමැති වූ විටෙක
وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍۢ سَيِّئَةٌۭ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿٤٠﴾
කවරෙකු හෝ ඔහුගේ අයිතිය ලබන්නට අපේක්ෂා කරන්නේ ද ඔහුට එම අයිතිය ඇත. නමුත් කිසිදු ඉක්මවීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ඒ හා සමානව විය යුතුය. එමෙන්ම කවරෙකු තමන්ට නපුරක් කළ පුද්ගලයකුට සමාව දී එම නපුර වෙනුවෙන් ඔහු ව හසු නොකර ඔහු අතර හා ඔහුගේ සහෝදරයා අතර සමතයට පත් කර ගන්නේ ද, එවිට ඔහුගේ කුසල් අල්ලාහ් අබියස පවතිනු ඇත. ජනයාගේ ජීවිත ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ මාන්යයන්හි ඔවුනට අසාධාරණකම් කරන අපරාධකරුවන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත
وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُو۟لَـٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ ﴿٤١﴾
කවුරුන් හෝ තමන් වෙනුවෙන් ජයග්රහණය කරන්නේ නම්, ඔවුන්ගේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٤٢﴾
අපරාධකරුවෙකු ලෙස හසු කරනුයේ දඬුවම් දෙනුයේ මිනිසුනට අපරාධ කොට මහපොළොවේ පාපකම් සිදුකරන්නන් වෙනුවෙනි. ඔවුනට මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඇත
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿٤٣﴾
වෙනත් කෙනෙකු තමන්ට කළ හිංසාවන් සම්බන්ධයෙන් කවරෙකු ඉවසීමෙන් කටයුතු කර ඔහුට සමාව දෙන්නේ ද, සැබැවින්ම එම ඉවසීම ඔහුටත් සමාජයටත් යහපත ගෙන දෙනු ඇත. එය ප්රශංසනීය කටයුත්තකි. ඒ සඳහා එකඟ වනුයේ මහත් භාග්යයක් ඇත්තන් පමණය
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّۢ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّۢ مِّن سَبِيلٍۢ ﴿٤٤﴾
අල්ලාහ් කවරෙකු ව යහමග ලැබීමෙන් ඉවත් කළේ ද එවිට සත්යයෙන් මුළාවන්නට ඔහු ඔහුට ඉඩ හරියි. එවිට ඔහුගෙන් පසුව ඔහුගේ කටයුතු භාරගන්නට කිසිදු භාරකරුවකු නොවනු ඇත. දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දඬුවම දෑසින් දකින විට ඔවුන් ප්රාර්ථනා කරමින්, ‘මෙලොවට නැවත හැරී යන්නට මාර්ගයක් තිබිය යුතු නොවේද? එවිට අපි අල්ලාහ් වෙත සමාව අයැද හැරෙන්නෙමු’ යැයි පවසා සිටිනු නුඹ දකිනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَـٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّۢ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِى عَذَابٍۢ مُّقِيمٍۢ ﴿٤٥﴾
අහෝ දූතය! මෙම අපරාධකරුවන් නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන විට, ඒ ගැන ඇති බිහිසුණු බිය හේතුවෙන් ඔවුන් අවමානයෙන් හා අපහාසයෙන් යුතුව ජනයා වෙත හොර රහසින් බලනු නුඹ දකිනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන්, ‘සැබැවින්ම සැබෑ පරාජිතයින් වනුයේ තමන්ට හා තම පවුලේ උදවියට පරාජය ගෙන දුන් අයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමට ඔවුන් මුහුණ දෙන්නට සිදුවන හේතුවෙන් ඇතිවන පරාජයයි. දැනගනු! සැබැවින්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකරගත්තවුන් කිසිවිටෙක නිමක් නැති සදා දඬුවමෙහි පසුවනු ඇත
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ ﴿٤٦﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගෙන, ඔවුනට උදව් කරන භාරකරුවන් ඔවුනට නොවනු ඇත. අල්ලාහ් කවරෙකු සත්යයෙන් පහත් කරන්නේ ද ඔහු නොමග යන්නට හරියි. එවිට සත්යය වෙත මග පෙන්වීමට කිසිදු මාර්ගයක් ඔහුට අත් නොවනු ඇත
ٱسْتَجِيبُوا۟ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍۢ يَوْمَئِذٍۢ وَمَا لَكُم مِّن نَّكِيرٍۢ ﴿٤٧﴾
අහෝ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා කල් දැමීමෙන් තොර ව යුහුසුළු ව ඉටු කිරීම සඳහා අල්ලාහ්ට ප්රතිචාර දක්වනු. සැබැවින්ම එය පැමිණි විට එය වළක්වන්නෙකු නැත. නුඹලාට සරණ පතන්නට සරණාගත ස්ථානයක් ද නුඹලාට නැත. මෙලොවෙහි නුඹලා උපයා ගත් නුඹලාගේ පාපයන් හෙළා දකින්නාක් මෙන් හෙළා දැකීමක් ද නැත
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةًۭ فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌۭ ﴿٤٨﴾
මා කවර කරුණක් ඔවුනට නියෝග කර සිටියේ ද ඔවුන් එය ප්රතික්ෂේප කළේ නම්, අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කරන ආරක්ෂකයෙකු ලෙස නුඹ ව අපි ඔවුන් වෙත එවා නැත. මා කවර කරුණක් දන්වා සිටින මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස නුඹ වෙත වෙනත් වගකීමක් නැත. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත පවතින්නකි. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයක් ලෙස පොහොසත්කමක් හෝ සැපතක් හෝ එවන් යම් සම්පතක් මිනිසාට විඳින්නට සැලැස්වූ විට ඔහු ඒ ගැන සතුටු වෙයි. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් පිළිකුල් සහගත අභාග්යයක් මිනිස්වර්ගයාට අත් වූ විට සැබැවින්ම ඔවුන්ගේ ස්වභාවය වනුයේ අල්ලාහ්ගේ ආශිර්වාදයන්ට කෘතඥ නොවී ගුණමකු වීමය. යම් ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් ඔහුට නියම කර ඇති දෑ ගැන කෝප වීමය
لِّلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَـٰثًۭا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ﴿٤٩﴾
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද, ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًۭا وَإِنَـٰثًۭا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌۭ قَدِيرٌۭ ﴿٥٠﴾
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًۭا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌۭ ﴿٥١﴾
على حكيم දිව්යමය පණිවිඩයකින් හෝ වෙනත් අයුරකින් හෝ මිස අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට හෝ ඔහුගේ ප්රකාශයට සවන් දෙන අයුරින් හෝ ඔහු ව දකින අයුරින් කතා කිරීමට හෝ ජිබ්රීල් මෙන් දේව දූතයකු ඔහු වෙත එවීමෙන් මිස, මිනිසා අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට සුදුසු නොවීය. දේව පණිවිඩ දන්වා සිටින්නට අල්ලාහ් අභිමත කළ දෑ ඔහුගේ අවසරයෙන් මිනිස් දූතයා වෙත දන්වා සිටිනු ලැබේ. සැබැවින්ම ශුද්ධවන්තයාණන් ඔහුගේ පැවැත්මෙහි හා ඔහුගේ ගුණාංගයෙහි උත්තරීතරය. ඔහුගේ මැවීමෙහි, සැලැසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًۭا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًۭا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٥٢﴾
අහෝ දූතය! නුඹට පෙර සිටි නබිවරුන්හට අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන්ම අප වෙතින් වූ කුර්ආනයක් නුඹ වෙත ද අපි පහළ කළ ඇත්තෙමු. දූතවරුන්හට පහළ කරන ලද දිව්යමය පුස්තක පිළිබඳ දැනුමක් මීට පෙර නුඹ දැන නොසිටියෙහිය. දේව විශ්වාසය යනු කුමක්දැයි ද නුඹ දැන නොසිටියෙහිය. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන්නන් හට මඟ පෙන්වනු පිණිස ආලෝකයක් වශයෙන් මෙම අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය එනම් ඉස්ලාම් දහම වෙත මිනිසුනට මඟ පෙන්වන්නෙහිය
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ ﴿٥٣﴾
එය වනාහි, අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගයයි. ඒවා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙයි. සියලු කරුණු ඔහුගේ නියමය හා සැලසුම අතරට යොමු වනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත