حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Az-Zukhruf (43)
මක්කී · 89 වාක්‍ය
حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල්ي කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි. إنا جعلنه قرءنا عربا لعل كم تعقلون
إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ﴿٣﴾
අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ﴿٤﴾
සැබැවින්ම මෙම අල් කුර්ආනය ලව්හූල් මහ්ෆූල් හෙවෙත් ආරක්ෂක පුවරුවේ උසස් හා ඉහළ ස්ථානයක විය. එහි නියෝග හා තහනම් නියෝග තුළ ඔහුගේ පාඨ තීන්දු කරන ලද්දකි
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًۭا مُّسْرِفِينَ ﴿٥﴾
නුඹලා අධික වශයෙන් ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම හේතුවෙන් නුඹලා මත අල් කුර්ආනය පහළ කිරීම ප්රතික්ෂේප කරමින් අපි අතහැර දමන්නෙමු ද? එසේ අපි සිදු නොකරන්නෙමු. ඊට පටහැනි ව නුඹලා වෙත කරුණාව තීන්දු කරනු ලැබ ඇත
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّۢ فِى ٱلْأَوَّلِينَ ﴿٦﴾
පෙර සමූහයන් අතරට අපි කොපමණ නබිවරුන් එවා ඇත්තෙමු ද? وما يأتيهم من نبى إلا كانوا به يستهزءون
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٧﴾
අල්ලාහ් වෙතින් යම් නබිවරයකු පෙර සිටි එම සමූහයන් අතරට පැමිණියේ නම්, ඔවුහු ඔහුව සරදමක් කරමින් සිටියා මිස නැත
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًۭا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ﴿٨﴾
එම සමූහයා අතරින් වඩාත් බලවත් අය අපි ග්රහණය කොට විනාශ කළෙමු. එහෙයින් ඔවුනට වඩා දුර්වලයින් විනාශ කිරීමට අපි අපොහොසත් නොවෙමු. ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් මෙන් පෙර විසූ සමූහයන් විනාශ කළ ආකරය අල් කුර්ආනයේ සඳහන් වී ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ﴿٩﴾
අහෝ දූතය! ‘අහස් මැව්වේ කවුරුන්ද? මහපොළොව මැව්වේ කවුරුන්ද?’ යැයි නුඹ මෙම දේව ප්රතික්ෂේපිත බොරුකාරයින්ගෙන් විමසූ විට, ඔවුහු නුඹගේ ප්රශ්නයට පිළිතුරු දෙමින්, ‘කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් සියලු දෑ පිළිබඳ දන්නා සර්වඥායාණන් ඒවා මවා ඇතැ’යි පවසති
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٠﴾
නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේ අල්ලාහ්ය. නුඹලාගේ පාද තබමින් ඇවිද යන්නට පහසු වන පරිදි ඔහු නුඹලාට එය මැව්වේය. නුඹලා ගමන් බිමන් යාමේදී මඟ සොයා ගැනීමේ දැහැමි අපේක්ෂාවෙන් එහි ඇති කඳු හා මිටියාවත්හි මංමාවත් ඇති කළේය
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ ﴿١١﴾
ඔහු වනාහි, නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් නුඹලාගේ ගොවිතැන් කටයුතුවලටත් ප්රමාණවත් වන පරිදි අහසින් ජලය ප්රමාණ කොට පහළ කළේය. එමගින් අපි පැලෑටි නොමැති වඳ වී ගිය භූමියක් අපි ජීවමාන කළෙමු. පැලෑටි තුළින් වඳ වී ගිය එම භූමිය අල්ලාහ් ප්රාණවත් කළාක් මෙන්ම නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔහු නුඹලාට ප්රාණය දෙනු ඇත
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَـٰمِ مَا تَرْكَبُونَ ﴿١٢﴾
ඔහු වනාහි, රාත්රිය හා දහවල ද පිරිමියා හා කාන්තාව ද ඒවා හැර වෙනත් දෑ ද යනාදී සියලු වර්ග මැව්වේ ඔහුය. නුඹලා ගමන් බිමන් යෑමේදී ප්රවාහන පහසුකම් සඳහා නැව් හා සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඇති කළේය. ඒ අනුව නුඹලා සාගරයේ නැව් මත ප්රවාහනය කරන්නෙහුය. ගොඩබිමෙහි නුඹලාගේ සතුන් මත ප්රවාහනය කරන්නෙහුය
لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَـٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ ﴿١٣﴾
مقرنين ඒ සියලු දෑ අපි නුඹලාට ඇති කළේ නුඹලාගේ ගමන් බිමන් වලදී නුඹලා ප්රවාහනය කරන වාහන මත නුඹලා ස්ථාවරව සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් හා නුඹලාගේ පරමාධිපති නුඹලාට ඒවා වසඟ කර දෙමින් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කරමින්, නුඹලාගේ දිවෙන් ‘මෙම වාහනය මත ගමන් ගන්නට එය අපට පහසු කර දුන්, යටත් කර දුන් ඔහු සුවිශුද්ධය, පිවිතුරුය. එය අප පාලනය කිරීමේ හැකියාව ඔහු අපට ඇති කළේය. එය අපට අල්ලාහ් වසඟ කර නොදුන්නේ නම් ඒ සඳහා අපි ශක්තිය ඇත්තන් නොවන්නෙමු’ යැයි පවසනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙනි
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ﴿١٤﴾
අපගේ මරණින් පසු අපගේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් යොමුවන්නෝ වෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌۭ مُّبِينٌ ﴿١٥﴾
සැබැවින්ම ඇතැම් මැවීම්, මැවුම්කරු විසින් බිහි කරන ලද්දක් බව දේව ආදේශකයින් විශ්වාස කරමින්, ‘මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් වෙති’ යැයි පවසා සිටියහ. මෙවන් ප්රකාශයක් ප්රකාශ කරන මිනිසා, දේව ප්රතික්ෂේපය හා මුළාව පැහැදිළි වූ ගුණමකුවෙකි
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍۢ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ ﴿١٦﴾
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මවන දැයින් ගැහැණු දරුවන් ඔහු වෙනුවෙන් ද, නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් විශේෂයෙන් තෝරා දී ඇතැයි නුඹලා පවසන්නෙහු ද? නුඹලා විශ්වාස කරන මෙම බෙදීම කවරාකාරයේ බෙදීමක් ද? د وإذا بشرأحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسو اوهوكظيم
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلًۭا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌ ﴿١٧﴾
අල්ලාහ්ට සම්බන්ධ කළ ගැහැණු දරුවකු පිළිබඳ ආරංචියක් ඔවුන්ගෙන් කිසිවෙකු වෙත දෙනු ලැබූ විට, දැඩි දුකින් හා දොම්නසින් ඔහුගේ මුහුණු කළු පැහැ ගන්වනු ඇත. එය කෝපයෙන් පිරී යයි. කවර දෙයක් ඔහුට ශුභාරංචි වශයෙන් දෙනු ලබන විට වැරැද්දක් ලෙස සිතන්නේ ද එවැන්නක් ඔහුගේ පරමාධිපතිට ඔහු කෙසේ නම් ආරෝපණය කරන්නේද?
أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍۢ ﴿١٨﴾
ඔහුගේ ස්ත්රීත්වය පිළිබඳ පැහැදිලි ප්රකාශයකින් තොරව වාද කරමින් අලංකාරයේ වැඩෙන්නට සැලැස්වූවන් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු ආරෝපණය කරන්නෝ ද?
وَجَعَلُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَـٰدُ ٱلرَّحْمَـٰنِ إِنَـٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَـٰدَتُهُمْ وَيُسْـَٔلُونَ ﴿١٩﴾
මලක්වරුන්, මහා කරුණික සුවිශුද්ධයාණන් (වන අල්ලාහ්)ගේ ගැත්තන් ලෙස සිටියදී ඔවුනට ගැහැණු නාමයෙන් ඔවුහු නම් තැබුවෝය. අල්ලාහ් ඔවුන් මවන අවස්ථාවේ ඔවුන් එහි පෙනී සිට, සැබැවින්ම ඔවුන් ගැහැණුන් යැයි ඔවුන් දැන ගත්තෝ ද? ඔවුන්ගේ මෙම සාක්ෂිය මලක්වරුන් විසින් ලියනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන ඔවුන්ගෙන් විමසනු ලැබේ. ඔවුන්ගේ බොරුව හේතුවෙන් ඔවුන් දඬුවමට ලක් කරනු ලැබේ
وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَـٰنُ مَا عَبَدْنَـٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿٢٠﴾
ඔවුන් පෙර නියමය සාධක ලෙස පෙන්වමින්, ‘අප මලක්වරුන් නොනැමද සිටින්නට අල්ලාහ් අභිමත කළේ නම් අපි ඔවුන් නොනැමද සිටින්නට තිබුණි. නමුත් ඔහුගේ තෘප්තිය පෙන්වා දෙන පරිදි එය ඔහුගේ අභිමතය අනුව පිහිටා ඇත.' යැයි පවසති. ඔවුන් කළ ඔවුන්ගේ ප්රකාශය පිළිබඳ ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් බොරු ව මිස වෙනත් කිසිවක් පවසන්නේ නැත. أم ءاتينهم كتبا من قبله فهم به مستمسكون
أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًۭا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ ﴿٢١﴾
එසේ නැතහොත් අල්ලාහ් හැර වෙනත් දෑ නමදින්නට අනුමත කර; කිසියම් ලේඛනයක් අල් කුර්ආනයට පෙර මෙම දේව ආදේශකයින්ට අප පිරිනමා එම ලේඛනය ඔවුන් පිළිපැද එය සාධක වශයෙන් ගෙන ඇත්තෝ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ ﴿٢٢﴾
නැත, එය එසේ සිදු වූයේ නැත. නමුත් ඔවුන් සම්ප්රදාය සාධක කර ගනිමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘සැබැවින්ම අපට පෙර අපගේ මුතුන් මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අප දැක ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් පිළිම වන්දනාවේ නිරත වූවෝය. ඒවාට වැඳුම් පිඳුම් කිරීමෙහිදී අපද ඔවුන්ගේ පියවරවල් අනුගමනය කරන්නෝ වෙමු.’
وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ ﴿٢٣﴾
م قتدون මොවුන් බොරු කොට; මොවුන්ගේ මුතුන්මිත්තන් සතු සම්ප්රදායන් සාධක වශයෙන් ගත්තාක් මෙන්ම, අහෝ දූතය! නුඹට පෙර කිසියම් ගම්මානයකට එහි වැසියන්ට අවවාද කරන දූතයකු අපි එවූ විට ඔවුන් අතර සිටි ධනවත් ඔවුන්ගේ නායකයින් හා ප්රභූවරුන්, ‘සැබැවින්ම අපි අපගේ මුතුන්මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ පියවර අපි අනුගමනය කරමු. නුඹේ ජනයා ඒ විෂයෙහි වෙනස් නොවේ.’ යැයි පවසා සිටියා මිස නැත
۞ قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ ﴿٢٤﴾
ඔවුන්ගේ දූතයා, "නුඹලාගේ මුතුන් මිත්තන් කවර පිළිවෙතක් මත සිටියේ ද ඊට වඩා උතුම් දෙයක් මම නුඹලා වෙත ගෙන ආ විට ද නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරනුයේ?’ යැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුහු: ‘නුඹ හා නුඹට පෙර පැමිණි දූතවරුන් කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබැවින්ම අප එය ප්රතික්ෂේප කරන්නන් වෙමු.’ යැයි පැවසූහ
فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿٢٥﴾
නුඹට පෙර විසූ දූතවරුන් බොරු කළ සමූහයන්ගෙන් අපි පළිගත්තෙමු. ඔවුන් අපි විනාශ කළෙමු. ඔවුන්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ විනාශය කෙසේ වී දැ?යි සිතා බලනු. එය ඉතා වේදනීය අවසානයක් විය
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌۭ مِّمَّا تَعْبُدُونَ ﴿٢٦﴾
අහෝ දූතය! ‘නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටින පිළිමවලින් සැබැවින්ම මම ඉවත් වෙමි’ යැයි ඉබ්රාහීම් තම පියා හා තම ප්රජාව අමතා පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ ﴿٢٧﴾
"මා මැවූ අල්ලාහ් හැරය. සැබැවින්ම ඔහුගේ ඍජු දහම අනුගමනය කිරීම තුළින් එහි ඇති යහපත වෙත ඔහු මට මඟ පෙන්වනු ඇත." وجعلها كلمةباقية فى عقبه لعلهم يرجعون
وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةًۭ فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٢٨﴾
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා එතුමාගෙන් පසුව පැවත එන එතුමාගේ පරම්පරාව අතර (ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම්) ඒකදේව වාදයේ ප්රකාශය පැවතීමට කටයුතු කළේය. එහෙයින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො තබා ඔහු ව ඒකීයත්වයට පත් කරන අය ඔවුන් අතර නිරන්තරයෙන්ම සිටියහ. එතුමා එසේ කටයුතු කළේ දේව ආදේශය හා පාපකම් සඳහා පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත ඔවුන් හැරීමේ බලාපොරොත්තුවෙනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌۭ مُّبِينٌۭ ﴿٢٩﴾
මෙම බොරුකාර ආදේශකයින්හට මම විනාශය ඉක්මන් නොකළෙමි. ඔවුනට මෙලොවෙහි රැඳී සිට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි. එමෙන්ම ඔවුන් වෙත කුර්ආනය හා පැහැදිළි දූතයාණන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණෙන තෙක්ම ඔවුනට පෙර සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَـٰذَا سِحْرٌۭ وَإِنَّا بِهِۦ كَـٰفِرُونَ ﴿٣٠﴾
කිසිදු සැකයක් නැති අල් කුර්ආනය ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුහු ‘මෙය මුහම්මද් අපට කළ හූනියමකි. සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. එහෙයින් කිසිවිටෙක අපි එය විශ්වාස නොකරන්නෙමු’ යැයි පැවසුවෝය
وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَـٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍۢ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ ﴿٣١﴾
මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ, ‘මෙම අල් කුර්ආනය අනාථ දිළිඳු මුහම්මද් වෙත පහළ කිරීම වෙනුවට මක්කාවේ හෝ තාඉෆයේ හෝ සිටින ප්රබල මිනිසුන් දෙදෙනකුගෙන් එක් අයකු වෙත පහළ විය යුතු නොවේදැ?’යි විමසා සිටියෝය
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَـٰتٍۢ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًۭا سُخْرِيًّۭا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿٣٢﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිමින් ඔවුන් අභිමත කරන අයට ඒවා පිරිනමා තවද ඔවුන් අභිමත කරන අයට ඒවා වළක්වනුයේ ඔවුහු ද එසේ නැතිනම් අල්ලාහ් ද? මෙලොවෙහි ඔවුන් අතර ඔවුන්ගේ පෝෂණ සම්පත් බෙදා හරිනුයේ අපමය. ඔවුන් අතර ඇතැමෙකු ඇතැමෙකුට වසඟ කරන පරිදි පොහොසතුන් හා දුප්පතුන් අපි ඇති කළෙමු. විනාශ වී යන මෙලොවෙහි ඔවුන් එක්රැස් කරන අල්ප වස්තුවට වඩා මතුලොවෙහි තම ගැත්තන් වෙනුවෙන් නුඹේ පරමාධිපති පිරිනමන ආශිර්වාදය වඩාත් උතුම්ය
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًۭا مِّن فِضَّةٍۢ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ﴿٣٣﴾
දේව ප්රතික්ෂේපකයන්ට (අප විසින් දෙන ලද සැප සම්පත් දකින ඉතිරි) ජනයා එකම සමූහයක් විය හැකි නොවන්නේ නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන්ගේ නිවෙස් හි වියන් රිදියෙන් තනා දෙන්නට තිබුණි. ඔවුන් නැග යන්නට පියගැට පෙළ ද ඔවුන් වෙනුවෙන් තනා දෙන්නට තිබුණි. ولبيوتهم أبوبا وسررا عليها يتكٔون
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًۭا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ ﴿٣٤﴾
තවද ඔවුන්ගේ නිවෙස්වලට දොරටු (රිදියෙන්) තනා දෙන්නට තිබුණි. උසස් තරාතිරමින් හා පරීක්ෂාවෙන් යුතුව ඔවුන් හාන්සි වන කවිච්චි (රිදියෙන්) තනා දෙන්නට තිබුණි
وَزُخْرُفًۭا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ ﴿٣٥﴾
ඔවුනට රනින් ද තනා දෙන්නට තිබුණි. නමුත් මේ සියල්ල මෙලොව ජීවිතයේ භුක්ති විදීමක් පමණි. එහි ප්රයෝජන අල්පය. සදා පවතින්නක් නොවේ. අහෝ දූතය! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන්හට මතුලොවෙහි නුඹේ පරමාධිපති අබියස ඇති සැප පහසුකම් අති උතුම්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَـٰنًۭا فَهُوَ لَهُۥ قَرِينٌۭ ﴿٣٦﴾
කවරෙකු අල් කුර්ආනය දෙස අකාර්යක්ෂම බැල්මෙන් එය පිටු දකින තරමට බලන්නේ ද ඔහුට ෂෙයිතානුවකු ආධිපත්යය දරන්නට සලස්වා දඬුවම් කරනු ලැබේ. ඔහු ඔහුව අධික ලෙස පොළඹවාලනු ඇත
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ ﴿٣٧﴾
අල් කුර්ආනය හෙළා දකින්නන් මත ආධිපත්යය දරන්නට සලස්වනු ලැබූ මොවූහු (ෂෙයිතාන්) අල්ලාහ්ගේ දහමින් ඔවුන් වළක්වාලනු ඇත. එහෙයින් ඔවුහු ඔහුගේ නියෝග නොපිළිපදිති. ඔහු තහනම් කළ දැයින් වැළකී නොසිටිති. සැබැවින්ම තමන් සත්ය වෙත මඟපෙන්වනු ලැබූවෝ වෙතැයි ඔවුන් සිතති. ඉන් පසු ඔවුන්ගේ නොමඟ යෑම වෙනුවෙන් ඔවුන් පාපක්ෂමාවේ නිරත නොවෙති
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ ﴿٣٨﴾
අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කළ තැනැත්තා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප වෙත පැමිණ බැගෑපත්ව, ‘අහෝ මා වෙත පවරනු ලැබූවනි! මා අතර හා නුඹ අතර නැගෙනහිර හා බටහිර අතර පවතින දුරසක් තිබුණා නම්!' යැයි පවසති. නමුත් එම සගයා විසින් ඔහු අපයෝජනයට ලක් විය
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿٣٩﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් දෙස බලා, ‘අද දින නුඹලාට ප්රයෝජනවත් නොවන්නේය. දේව ආදේශය හා පාපකම් හේතුවෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. දඬුවම නුඹලා හවුලේ විඳවනු. නුඹලාගේ දඬුවමින් කිසිවක් නුඹලාගේ හවුල්කරුවන් උසුලන්නේ නැත.' යැයි පවසයි
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٤٠﴾
සැබැවින්ම මොවුන් සත්යයට සවන් දීමට නොහැකි බිහිරන්ය. එය බැලීමට නොහැකි අන්ධයින්ය. එහෙයින් අහෝ ධර්ම දූතය! බිහිරාට සවන් වැකෙන්නට සැලැස්වීමට හෝ අන්ධයාට මග පෙන්වීමට හෝ ඍජු මාර්ගයෙන් පැහැදිළි මුළාවෙහි සිටින්නාට මග පෙන්වීමට හෝ නුඹට හැකියාවක් ඇත්තෙහි ද? فإما نذهبن بك فإنا منهم م نتقمون
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ ﴿٤١﴾
අප ඔවුනට දඬුවම් කිරීමට පෙර නුඹ ව මරණයට පත් කරමින් නුඹව ඉවත් කළ ද මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුන් දඬුවමට ලක් කරමින් සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَـٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ ﴿٤٢﴾
එසේ නැතහොත්, ඔවුන් වෙනුවෙන් අප සූදානම් කර ඇති දඬුවමින් සමහරක් අපි නුඹට පෙන්වන්නෙමු. එහෙයින් සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නන් වෙමු. කිසිදු කරුණක අපව අබිබවා යාමට ඔවුනට හැකියාවක් නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٤٣﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපති නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේ ද එය නුඹ පිළිපදිනු. ඒ අනුව කටයුතු කරනු. සැබැවින්ම නුඹ කිසිදු ව්යාකූලත්වයක් නොමැති සත්ය දහම මත සිටින්නෙහිය
وَإِنَّهُۥ لَذِكْرٌۭ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ﴿٤٤﴾
සැබැවින්ම මෙම අල් කුර්ආනය නුඹට ගෞරවයකි. නුඹේ සමූහයාටද ගෞරවයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන විශ්වාස කිරීම, එහි ඇති මඟපෙන්වීම් පිළිපැදීම හා ඒ වෙත ජනයා ඇරයුම් කිරීම යනාදිය ගැන ඔවුන් විමසනු ලබති
وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةًۭ يُعْبَدُونَ ﴿٤٥﴾
අහෝ ධර්ම දූතය! නුඹට පෙර අප දූතවරුන් එවූ අයගෙන් ‘නැමදුම් ලබන්නට මහා කරුණාන්විතයාණන් හැර නමදිනු ලබන වෙනත් දෑ අපි ඇති කර තිබුනේ ද?' යැයි විමසනු
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٦﴾
සැබැවින්ම අපගේ ප්රාතිහාර්යයන් සමග ෆිර්අවුන් හා ඔහුගේ සමාජයේ ප්රභූවරුන් අතරට අපි මූසාව යැව්වෙමු. එවිට ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගේ දූතයෙකු වෙමි’ යැයි පවසා සිටියේය
فَلَمَّا جَآءَهُم بِـَٔايَـٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ﴿٤٧﴾
අපගේ ප්රාතිහාර්යයන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන් එය අපහාසයට හා සමච්චලයට ගෙන සිනහසෙන්නට පටන් ගත්තෝය
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤٨﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එහි නිවැරදි භාවය සහතික කරන සාධකයක් ෆිර්අවුන් හා ඔහුගේ ජනයාගේ ප්රධාණීන්හට පෙන්වන විට ඊට පෙර තිබූ සාධකයට වඩා බලවත් සාධකයක් මිස අපි ඔවුනට නොපෙන්වුයෙමු. කවරෙකු දේව ප්රතික්ෂේප ය මත සිටින්නේ ද එයින් ඔවුන් හැරෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අපි ඔවුන්ව මෙලොවෙහිම දඬුවමට හසු කළෙමු. නමුත් එය නිෂ්ඵල විය
وَقَالُوا۟ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ ﴿٤٩﴾
මූසා (අලයිහිස් සලාම්) සතු ඇතැම් දඬුවම් ඔවුනට අත් වූ කල්හි ඔවුහු, ‘අහෝ හූනියම් කරුව! අප විශ්වාස කළේ නම්, දඬුවම ඉවත් කරන බවට නුඹේ පරමාධිපති මෙනෙහි කර සිටි පරිදි නුඹ අප වෙනුවෙන් ප්රාර්ථනා කරනු මැනව. සැබැවින්ම ඔහු එය අපෙන් ඉවත් කළේ නම් අපි ඔහු වෙත මඟ ලබන්නන් වෙමු.’ යැයි පැවසූහ
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ ﴿٥٠﴾
ඔවුන්ගෙන් අපි දඬුවම ඉවත් කළ කල්හි එවිට ඔවුහු ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. ඔවුහු එය ඉටු නොකරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَـٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَـٰذِهِ ٱلْأَنْهَـٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ ﴿٥١﴾
ෆිර්අවුන් තම සමූහයා අතර සිටි තම රාජ්ය බලය ගැන පුරසාරම් දොඩන කෙනෙකු අමතා, ‘මම මිසර දේශයේ රජු නොවේ ද? මෙම නයිල් ගංගා ගලා බසින්නේ මාගේ මාලිගා යටිනි. එමෙන්ම නුඹලා මාගේ රාජ්යය නොදුටුවෙහු ද? එහි බලබමහිමය නුඹලා නොහඳුනන්නෙහු ද?’ යැයි පැවසීය
أَمْ أَنَا۠ خَيْرٌۭ مِّنْ هَـٰذَا ٱلَّذِى هُوَ مَهِينٌۭ وَلَا يَكَادُ يُبِينُ ﴿٥٢﴾
අලංකාර ලෙස කතා කළ නොහැකි දුර්වල නින්දිත මෙම මූසාට වඩා මම උතුම් වෙමි
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌۭ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَـٰٓئِكَةُ مُقْتَرِنِينَ ﴿٥٣﴾
"එසේ නම්, සැබැවින්ම ඔහු දූතයකු බව පැහැදිලි කරනු පිණිස ඔහු ව දූතයකු ලෙස එවූ අල්ලාහ් ඔහුට රනින් වූ වළලු පැළඳවිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන් එකිනෙකා පිරිවරාගත් මලක්වරුන් ඔහු සමග පැමිණිය යුතු නොවේ ද?"
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٥٤﴾
ෆිර්අවුන් ඔහුගේ ජනයා පොළඹවීය. එහෙයින් ඔහුගේ මුළාව තුළ ඔවුහු ඔහුට අවනත වූවෝය. සැබැවින්ම ඔවුන් අල්ලාහ් අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ ﴿٥٥﴾
ඔවුන් දේව ප්රතික්ෂේපය මත නිරන්තරයෙන්ම සිටිමින් අපව කෝපයට පත් කළෝය. අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. ඒ අනුව අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා දැමුවෙමු. فجعلنهم سلفا ومثلا للٔاخرين
فَجَعَلْنَـٰهُمْ سَلَفًۭا وَمَثَلًۭا لِّلْـَٔاخِرِينَ ﴿٥٦﴾
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස ජනයාට පෙර නිදසුනක් බවට අපි පත් කළෙමු. නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට එහි බලපෑමක් ඇත. එමෙන්ම පාඩම් ලබන්නන් හට පාඩමක් බවට ද අපි ඔවුන් පත් කළෙමු. එය ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් සිදු නොකරනු පිණිසත් ඔවුනට අත් වූ දඬුවම ඔවුනට අත් නොවනු පිණිසත්ය
۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ ﴿٥٧﴾
"සැබැවින්ම නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින දෑ ද නිරයට ඉන්ධන වී ඇත. සැබැවින්ම නුඹලා ඒ සඳහා පැමිණෙන්නෝමය." (අල් අන්බියා: 98) යන උත්තරීතර අල්ලාහ්ගේ පොදු ප්රකාශය තුළට කිතුනුවන් නැමදුම් කරන ඊසා ද ඇතුළත් වන බව දේව ආදේශකයින් සිතුවෝය. එකල්හි පිළිම වන්දනාව තහනම් කළාක් මෙන්ම ඊසාට වන්දනාමාන කිරීමද අල්ලාහ් වළක්වා ඇත. එවිට ද අහෝ දර්ම දූතය! නුඹේ ජනයා, ‘අපගේ දෙවියන් ඊසාගේ ස්ථානයේ සිටීම අපි තෘප්තියට පත්වෙමු’ යැයි පවසා තර්කයේ නිරතව කෑකෝ ගසමින් සිටිති. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පහළ කළේය. "සැබැවින්ම ඔවුනට පෙර ඉකුත්ව ගියවුන්හට අපගෙන් වූ යහපත ඇත. ඔවුහු එයින් දුරස්වූවෝ වෙති." (අල් අන්බියා: 101) بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَالُوٓا۟ ءَأَـٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ ﴿٥٨﴾
තවද, ‘ශ්රේෂ්ඨ වනුයේ අප නමදින දෑ ද එසේ නැතහොත් ඊසා ද?’ යැයි ඔවුහු විමසුවෝය. ඉබ්නු සබඃරා හා එවැන්නන් මෙම උදාහරණය ගෙන හැර පෑවේ සත්යය වෙත පිවිසීමට කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් ඔවුන් තර්කයට වඩාත් කැමැත්තක් දැක්විය. ඔවුහු තර්ක කිරීමෙහි බලවතුන් වූහ
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَـٰهُ مَثَلًۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٥٩﴾
මර්යම්ගේ පුත් ඊසා නබිත්වය හා දූත මෙහෙවර දී ආශිර්වාද කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු මිස නැත. දෙමාපියන් නොමැතිව ආදම්ව මැව්වාක් සේ පියකු නොමැතිව අපි ඔහුව මැව්වෙමු. ඉස්රාඊල් දරුවන් අල්ලාහ්ගේ ශක්තියේ සාධක දැන ගැනීම පිණිස උදාහරණ පුරුෂයකු සේ අපි ඔහු ඔවුනට පත් කළෙමු
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَـٰٓئِكَةًۭ فِى ٱلْأَرْضِ يَخْلُفُونَ ﴿٦٠﴾
අහෝ ආදම්ගේ දරුවනි! නුඹලාව විනාශ කිරීමට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි නුඹලාව විනාශ කොට, නුඹලා වෙනුවට මහපොළොවේ මලක්වරුන් පත් කරන්න්නට තිබුණි. ඔවුහු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන අතර අල්ලාහ්ට පමණක් නැමදුම් කරති
وَإِنَّهُۥ لَعِلْمٌۭ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٦١﴾
සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළවන අවස්ථාව ලෝක විනාශයේ මහා සංඥාවන් අතරින් එකකි. එහෙයින් සැබැවින්ම එම අවසන් හෝරාව එළැඹීම ගැන නුඹලා සැක නොකරනු. අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මට අවනත වනු. මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගයයි.و
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَـٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿٦٢﴾
ෂෙයිතාන් ඔහුගේ පොළඹවීමෙන් හා ඔහුගේ රැවටීමෙන් නුඹලාව ඍජු මාර්ගයෙන් වෙනතකට යොමු නොකළ යුතුය. සැබැවින්ම ඔහු නුඹලාට සතුරුකම පැහැදිළි වූ ප්රකට සතුරෙකි
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَـٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿٦٣﴾
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයකු බවට වූ පැහැදිලි සාධක සමග ඊසා (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා වෙත පැමිණි කල්හි, ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම නුඹලා වෙත අල්ලාහ්ගෙන් ප්රඥාව ගෙනැවිත් ඇත්තෙමි. නුඹලාගේ ආගමික කටයුතුවල නුඹලා මතභේද ඇති කරගත් ඇතැම් දෑ මම නුඹලාට පැහැදිළි කරන්නෙමි. එහෙයින් නුඹලා ඔහුගේ නියෝග පිළිපඳිනු. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු. මම කවර කරුණක් නුඹලාට අවවාද කළේ ද එමෙන්ම කවර කරුණක් නුඹලාට තහනම් කළේ ද එම විෂයයන්හි නුඹලා මට අවනත වනු.' යැයි පැවසීය
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٦٤﴾
සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේද පරමාධිපතිය. ඔහු හැර අපට වෙනත් පරමාධිපතියෙකු නැත. එහෙයින් නුඹලා නැමදුම ඔහුට පමණක් අවංකව ඉටු කරනු. මෙම ඒකීයකරණය වනාහි කිසිදු සැකයක් නැති ඍජු මාර්ගය වේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ ﴿٦٥﴾
කිතුනු කණ්ඩායම් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ විෂයයෙහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින්: ‘ඔහු දෙවියෙකි’ යැයි පවසන ඇතැමුන්ද ‘ඔහු අල්ලාහ්ගේ පුතණුවන්’ යැයි පවසන ඇතැමුන්ද, ‘ඔහු හා ඔහුගේ මව දෙවිවරුන් දෙදෙනෙකි’ යැයි පවසන ඇතැමුන් ද සිටිති. දේවත්වය පුත්රත්වය හා ත්රිත්වය ආරූඪ කරමින් ඊසා අලයිහිස් සලාම් තුමාණන් ව ඔවුහු විස්තර කිරීම හේතුවෙන් ඔවුහු ඔවුන්ටම අපරාධකරගත්තෝය. ඔවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් විනාශයට පත්වේවා!
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٦٦﴾
ඊසා (අලයිහිස් සලාම්) තුමා සම්බන්ධයෙන් මතභේද ඇති කරගත් ජනයා අවසන් හෝරාව පැමිණීම ගැන නොසිතමින් සිටින අවස්ථාවක එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණීම මිස වෙනකක් බලාපොරොත්තු වන්නෝ ද? ඔවුන් දේව ප්රතික්ෂේපයේ සිටියදී එය ඔවුන් වෙත පැමිණියේ නම්, සැබැවින්ම ඔවුන්ගේ නවාතැන වේදනීය දඬුවම වනු ඇත
ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ ﴿٦٧﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් දේවියන් කෙරෙහි බැතිමත්ව කටයුතු කළවුන් හැර දේව ප්රතික්ෂේපය හා මුළාව මත එකිනෙකා සත්ය බව ප්රකාශ කරමින් හා මිතුදම්පාමින් සිටින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එකිනෙකාට සතුරෝ වෙති. (බැතිමතුන් වන) ඔවුන්ගේ මිතුරුකම කඩා නොවැටෙන සදාතනිකය
يَـٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ ﴿٦٨﴾
අල්ලාහ් තම බැතිමත් ගැත්තන් දෙස බලා, ‘මාගේ ගැත්තනි! අද දින නුඹලා කවර කරුණකට මුහුණ දී ඇත්තේ ද ඒ ගැන බියක් නුඹලාට නැත. මෙලොවෙහි මග හරුණු සම්පත් පිළිබඳ නුඹලා දුක්විය යුතු වන්නේ ද නැත.’යැයි පවසනු ඇත
ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ ﴿٦٩﴾
දූතයා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ගැන විශ්වාස කළවුන් වනාහි, ඔවුහු අල් කුර්ආනයට අවනත වී කටයුතු කළෝය. එහි ඇති නියෝග අණ කර සිටි අතර එහි ඇති තහනම් දැයින් වැළැක්වූවෝය
ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ ﴿٧٠﴾
නුඹලා හා දේව විශ්වාසයේ නුඹලාට සමාන වූවන් ස්වර්ගයට ප්රවේශ වනු. කිසිවිටෙක කප්පාදු කරනු නොලබන, නැති වී නොයන, එහි නුඹලා සදා අත්විදින සැප සම්පත් තුළින් නුඹලා සතුටු වනු ඇත
يُطَافُ عَلَيْهِم بِصِحَافٍۢ مِّن ذَهَبٍۢ وَأَكْوَابٍۢ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٧١﴾
ඔවුන්ගේ සේවකයින් රනින් වූ භාජන හා විනිවිද පෙනෙන කෝප්ප සහිත ව ඔවුන් වටා ගමන් කරති. ඔවුන් කැමැති දෑ ද ඔවුන්ගේ ඇස් එය දැක වින්දනය ලබන දෑ ද ඔවුනට ස්වර්ගයේ ඇත. නුඹලා එහි සදා කල් වෙසෙනු ඇත. කිසිවිටෙක නුඹලා එයින් බැහැර නොවෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٧٢﴾
නුඹලාට මෙසේ විස්තර කරන එම ස්වර්ග උයන වනාහි අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාටම උරුම කර දුන් දැයකි. لكم فيها فكهةكثيرةمنها تأكلون
لَكُمْ فِيهَا فَـٰكِهَةٌۭ كَثِيرَةٌۭ مِّنْهَا تَأْكُلُونَ ﴿٧٣﴾
එහි නුඹලාට කිසිදු කප්පාදුවකින් තොර ව අධික වශයෙන් පලතුරු ඇත. නුඹලා එයින් අනුභව කරනු ඇත
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَـٰلِدُونَ ﴿٧٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අරපාධ කළවුන් නිරයේ දඬුවම තුළ සදා රැඳෙන්නෝ වෙති. لا يفترعنهم وهم فيهمبلسون
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ﴿٧٥﴾
ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුහු බලාපොරොත්තු සුන්වූවෝ වෙති
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوا۟ هُمُ ٱلظَّـٰلِمِينَ ﴿٧٦﴾
ඔවුන් නිරයට ඇතුළත් කරන අවස්ථාවේ අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූයේ ඔවුන් විසින්මය
وَنَادَوْا۟ يَـٰمَـٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ ﴿٧٧﴾
ඔවුහු නිරයේ භාරකාර මාලික් අමතා, ‘අහෝ මාලික්! නුඹේ පරමාධිපති අපව මරණයට පත් කරත්වා! එවිට අපි දඬුවමෙන් නිදහස් වන්නෙමු’ යැයි පවසති. එවිට මාලික් ඔවුනට පිළිතුරු දෙමින්, ‘නුඹලා මෙම දඬුවමේ සදා රැඳෙන්නෝ වෙති. නුඹලා මරණයට පත් නොවෙති. නුඹලාගේ දඬුවම විසන්ධි කරනු නොලැබේ.' යැයි පවසයි
لَقَدْ جِئْنَـٰكُم بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَـٰرِهُونَ ﴿٧٨﴾
මෙලොවෙහි කිසිදු සැකයක් නැති සත්යය සමගම අපි නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්යය හෙළා දකින්නන් වූහ
أَمْ أَبْرَمُوٓا۟ أَمْرًۭا فَإِنَّا مُبْرِمُونَ ﴿٧٩﴾
එසේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට වංචා කොට එතුමාට කුමන්ත්රණයක් සැලැසුම් කළේ නම්, සැබැවින්ම අපි ද ඔවුන්ගේ කුමන්ත්රණයට වඩා ඉහළින් සැලසුමක් ඔවුන් හට තීන්දු කරන්නන් වෙමු
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ ﴿٨٠﴾
ඔවුන්ගේ සිත් තුළ සඟවාගෙන සිටින ඔවුන්ගේ රහස් හා ඔවුන් රහසින් සාකච්ඡා කරමින් සිටින ඔවුන්ගේ රහස්වලට සැබැවින් අප සවන් නොදෙනු ඇතැයි ඔවුන් සිතන්නෝ ද? එසේ නොව, සැබැවින්ම ඒ සියල්ලට අපි සවන් දෙන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මලක්වරුන් ඔවුන් ඉදිරියේ සිට ඔවුන් සිදු කරන දෑ සටහන් කරති
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌۭ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ ﴿٨١﴾
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ගැහැණු දරුවන් ආරෝපණය කරන්නන් හට නුඹ මෙසේ පවසනු. 'ඔවුන් පවසන දැයින් උත්තරීතර අල්ලාහ් ඉතා උසස්ය. අල්ලාහ්ට කිසිදු දරුවෙකු නොවීය. එයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. එහෙයින් උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කරමින් ඔහුට නැමදුම් කරන පළමු වැන්නා මම වෙමි.'
سُبْحَـٰنَ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿٨٢﴾
අහස්හි හා මහපොළොවේ පරමාධිපති වූද, අර්ෂ්හි පරමාධිපති වූද, අල්ලාහ්ට හවුල්කරුවකු බිරියකු හා දරවකු ආරෝපණය කර දේව ආදේශකයින් පවසා සිටින දැයින් ඔහු පිවිතුරුය
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ﴿٨٣﴾
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දිනය ඔවුන් හමුවන තුරු - එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් - ඔවුන් කවර ව්යාජත්වයක ධාවනය වෙමින් සිටින්නේ ද එහි ධාවනය වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔවුනට ඉඩ හරිනු
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَـٰهٌۭ وَفِى ٱلْأَرْضِ إِلَـٰهٌۭ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿٨٤﴾
සුවිශුද්ධයාණන් වන ඔහු සැබෑ ලෙසින් අහස්හි නැමදුමට පාත්ර වන්නාය. එමෙන්ම මහපොළොවේ ද සැබෑ ලෙසින් නැමදුමට ලක් වන්නාය. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ නියමයෙහි හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٨٥﴾
අහස්හි හිමාපාණන්වූද මහපොළොවේ හිමාපාණන්වූද ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන්වූද අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්ව හා ඔහුගේ සමෘද්ධිය අති උත්කෘෂ්ට විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන මොහොත පිළිබඳ දැනුම ඔහු සතුව පමණක් ඇත. වෙනත් කිසිවෙකු එය නොදනී. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා මතුලොවෙහි යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَـٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ ﴿٨٦﴾
අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි සාක්ෂි දැරූ අයට හැර, අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් නමදිමින් සිටින සෙසු අයට අල්ලාහ් අබියස මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් හිමි නැත. ඊසා තුමා, උසෙයිර් තුමා හා මලක්වරුන් පිළිබඳ ඔවුන් කවර සාක්ෂියක් දරන්නේ ද ඒ ගැන ඔහු දනී
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿٨٧﴾
ඔවුන් මැව්වේ කව්දැ?යි නුඹලා ඔවුන්ගෙන් විමසා සිටියේ නම්, ඔවුහු, ‘අප මැව්වේ අල්ලාහ් වේ’ යැයි පවසති. මෙම පිළිගැනීමෙන් පසු ව ඔහුට ගැතිකම් කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقِيلِهِۦ يَـٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌۭ لَّا يُؤْمِنُونَ ﴿٨٨﴾
ඔහුගේ දූතයාව ඔහුගේ ජනයා බොරු කරමින් සිටින බවට ඔහු පැමිණිලි කර සිටීමේ දැනුමද ශුද්ධවන්තයාණන් අබියස ඇත. එහි වූ එතුමාගේ ප්රකාශයක් වනුයේ, ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මෙම පිරිස වෙත මා කවර කරුණක් සමග නුඹ මා දූතයෙකු සේ යැව්වේ ද එය ඔවුන් විශ්වාස නොකරන පිරිසකි’ යන්නයි
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَـٰمٌۭ ۚ فَسَوْفَ يَعْلَمُونَ ﴿٨٩﴾
එහෙයින් නුඹ ඔවුන්ගෙන් ඈත්ව සිටිනු. නුඹ කවර කරුණකින් ඔවුන්ගේ නපුර වලක්වන්නේ ද එය ඔවුනට පවසා සිටිනු. -එය මක්කාවේ සිටි අවදියේය- ඔවුන් මුහුණ දෙන්නට යන දඬුවම පිළිබඳ ඔවුන් මතු දැනගනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත