حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Ad-Dukhaan (44)
මක්කී · 59 වාක්‍ය
حمٓ ﴿١﴾
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි
إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةٍۢ مُّبَـٰرَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ ﴿٣﴾
සැබැවින්ම අල් කුර්ආනය අපි කද්ර් රාත්රියේ පහළ කළෙමු. එය අධික යහපත පිරුණු රාත්රියකි. සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය තුළින් අනතුරු අඟවන්නෙමු. فيها يفرق كل أمر حكيم
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ ﴿٤﴾
එම රාත්රිය තුළ, ආහාර සම්පත්, ආයු කාලය හා එම වසර තුළ සිදුවන අනෙකුත් කරුණු යනාදිය හා බැඳුණු සෑම තීන්දුවක්ම වෙන් කරනු ලැබේ
أَمْرًۭا مِّنْ عِندِنَآ ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ ﴿٥﴾
අප වෙතින් තීන්දු කරනු ලබන සෑම කරුණක්ම ඔවුන් වෙනුවෙන් අපි වෙන් කරන්නෙමු. සැබැවින්ම අපි දහම් දූතයින් එවන්නන් වූයෙමු
رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦﴾
අහෝ ධර්ම දූතය! කවරෙකු වෙත ධර්ම දූතවරුන් එවනු ලැබිය යුත්තේ ද ඔවුන් වෙත ධර්ම දූතවරුන් එවීම නුඹගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් විය. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් ගැන මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿٧﴾
ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. ඒ වග නුඹලා තරයේ විශ්වාස කළේ නම්, මාගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු
لَآ إِلَـٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿٨﴾
ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. ඔහු ප්රාණය දෙයි. මරණයට පත් කරයි. ඔහුගෙන් තොර ව කිසිදු ප්රාණයක් හෝ මරණයක් හෝ නැත. නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පමරාධිපති ද ඔහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් بل هم فىشك يلعبون
بَلْ هُمْ فِى شَكٍّۢ يَلْعَبُونَ ﴿٩﴾
දේව ආදේශකයෝ ඒ ගැන තරයේ විශ්වාස කරන්නන් නොවෙති. ඔවුන් මිථ්යාවේ සිටින බැවින් ඒ ගැන සැකයෙහි පසුවෙති
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍۢ مُّبِينٍۢ ﴿١٠﴾
අහෝ ධර්ම දූතය! අහසින් පැහැදිලි දුමාරයක් පැමිණ, දැඩි කුසගින්නෙන් යුතු ව ඔවුන් ඔවුන්ගේ දෑසින් එය දකින දිනයේ නුඹේ ජනයා සතු සමීප දඬුවම නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු
يَغْشَى ٱلنَّاسَ ۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌۭ ﴿١١﴾
එය නුඹේ සමූහයා ආවරණය කරයි. ‘නුඹලාට අත් වූ මෙම දඬුවම වේදනීය දඬුවමකි’ යැයි ඔවුනට පවසනු ලැබේ
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ ﴿١٢﴾
ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බැගෑපත් ව මෙසේ ආයාචනා කරති. ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත කවර දඬුවමක් ඔබ එව්වේ ද එයින් අප වෙනතකට යොමු කරනු මැනව! එසේ ඔබ අපව එයින් වෙනතකට යොමු කළේ නම්, සැබැවින්ම අපි ඔබ ව හා ඔබේ දූතයාණන්ව විශ්වාස කරන්නන් වෙමු.’
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌۭ مُّبِينٌۭ ﴿١٣﴾
ඔවුන් උපදෙස් ලබා ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් නැඹුරු වීම ඔවුනට කෙසේ නම් විය හැකි ද? සැබැවින්ම දූත පණිවිඩය පැහැදිලි කරමින් දූතයකු ඔවුන් වෙත පැමිණ ඇත. ඔහුගේ සත්යතාව හා ඔහුගේ වගකීම ඔවුහු හඳුනා ගෙන ඇත. ثم تولوا عنه وقالوا معلم م جنون
ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌۭ مَّجْنُونٌ ﴿١٤﴾
පසුව ඔහුගේ සත්යතාව තහවුරු කිරීමට ඔවුහු පිටුපෑවෝය. ඔහු ගැන මෙසේ පැවසුවෝය: ‘ඔහු දූතයකු නොව, වෙනත් අය උගන්වන මෙන් ගුරුවරයෙකු වේ.’ ඔහු ගැන තවත් පිරිසක් ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පැවසූහ
إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَآئِدُونَ ﴿١٥﴾
සැබැවින්ම අපි නුඹලාගෙන් දඬුවම සුළු වශයෙන් ඉවත් කරන විට සැබැවින්ම නුඹලා නැවතත් නුඹලාගේ දේව ප්රතික්ෂේපය හා නුඹලාගේ බොරු කිරීම වෙත නැවත හැරී යන්නෝය
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ﴿١٦﴾
අහෝ දූතය! නුඹේ සමූහයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින් ග්රහණය කරනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටිනු. එම මහත් වූ ග්රහණය බද්ර් යුද දිනයයි. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌۭ كَرِيمٌ ﴿١٧﴾
සැබැවින්ම ඔවුනට පෙර අපි ෆිර්අවුන්ගේ සමූහයා ද පරීක්ෂාවට ලක් කළෙමු. අල්ලාහ්ව එකීයත්වයට පත් කරන මෙන් ද ඔහුට නමදින මෙන් ද ඇරයුම් කරමින් ගෞරවණීය අල්ලාහ්ගෙන් වූ දූතයෙකු ඔවුන් වෙත පැමිණියේය. ඔහු මූසා අලයිහිස් සලාම් තුමාය
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٨﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අමතා, ‘ඉස්රාඊල් දරුවන් මා වෙනුවෙන් අතහැර දමනු. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් වෙති. නුඹලා ඔවුන් වහලුන් බවට තබා ගැනීමට නුඹලාට යුතු නොවන්නේය. සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් පැමිණි අල්ලාහ්ගේ දූතයකු වෙමි. මා නුඹලා වෙත දන්වා සිටින මෙන්, මට අණ කර ඇති දෑට මම විශ්වාසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි. එමෙන්ම වැඩි ද නොකරමි’ යැයි පවසා සිටියේය
وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿١٩﴾
අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් හා ඔහුගේ ගැත්තන්හට අහංකාරකම් පෑමෙන් අල්ලාහ්ට උඩඟු නොවනු. සැබැවින්ම මම නුඹලා වෙත පැහැදිලි සාධක ගෙනැවිත් ඇත්තෙමි. وإنى عذت بربى وربكم أن ترجمون
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ ﴿٢٠﴾
නුඹලා මා ගල් ගසා මරා දැමීමෙන් සැබැවින් මම මාගේ මෙන්ම නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ ﴿٢١﴾
මා කවර කරුණක් ගෙන ආවේ ද එය නුඹලා සත්ය බව පිළිනොගන්නේ නම්, නුඹලා මගෙන් වෙන්ව යනු. කිසිදු නපුරක් කිරීමට මා වෙත ළං නොවනු
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌۭ مُّجْرِمُونَ ﴿٢٢﴾
එවිට මූසා තම පරමාධිපතිට මෙසේ ප්රාර්ථනා කළේය. ‘සැබැවින්ම මෙම ජනයා -එනම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස- අපාරාධකාරී පිරිසකි. දඬුවම් ඉක්මන් කිරීම සඳහා ඔවුහු සුදුස්සන් වෙති." فأسر بعبادى ليلا إنكم م تبعون
فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ ﴿٢٣﴾
එවිට තම ජනයා රාත්රියේම රැගෙන යන මෙන් අල්ලාහ් ඔහුට නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන් ලුහුබඳිනු ඇතැයි ද ඔහු ඔහුට දන්වා සිටියේය
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌۭ مُّغْرَقُونَ ﴿٢٤﴾
ඔහු හා ඉස්රාඊල් දරුවන් මුහු ද තරණය කළ විට එය තිබූ තත්ත්වයට අතහැර දමන බව ද නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිලී විනාශවන්නන්මය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් كم تركوامن جنت وعيون
كَمْ تَرَكُوا۟ مِن جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿٢٥﴾
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන්ගේ පසුපසින් කොපමණ උයන් හා ගලා යන උල්පත් ප්රමාණයක් අතහැර දමා ගියේ ද? وزروع ومقام كريم
وَزُرُوعٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ﴿٢٦﴾
ඔවුන්ගේ පසුපසින් කොපමණ ගොවිබිම් හා අලංකාර සභාගර්භයන් ප්රමාණයක් අතහැර දමා ගියේ ද? ونعمةكانوا فيها فكهين
وَنَعْمَةٍۢ كَانُوا۟ فِيهَا فَـٰكِهِينَ ﴿٢٧﴾
එහි ඔවුන් විඳිමින් සිටි කොපමණ සතුටු දායක ජීවන මාර්ගයන් ඔවුන්ගේ පසුපසින් අතහැර දමා ගියේ ද?
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَـٰهَا قَوْمًا ءَاخَرِينَ ﴿٢٨﴾
නුඹලාට විස්තර කළ පරිදි ඒවා එලෙසම ඔවුනට සිදු විය. ඔවුන්ගේ උයන් ඔවුන්ගේ උල්පත් ඔවුන්ගේ ගොවිතැන් ඔවුන්ගේ නිලධරයන් වෙනත් පිරිසකට අපි උරුම කළෙමු. ඔවුන් ඉස්රාඊල්ගේ දරුවන් වූහ
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ ﴿٢٩﴾
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා දියේ ගිල්වනු ලැබූ විට අහස් හෝ මහපොළොව හෝ ඔවුන් වෙනුවෙන් හඬා වැළපුණේ නැත. ඔවුන් පාපක්ෂමාවෙහි නිරතවන තුරු ඔවුනට කල් දෙනු ලැබුවේ ද නැත
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ ﴿٣٠﴾
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මරා; ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී සිදු කරමින් ආ නින්දනීය දඬුවමින් සැබැවින් අපි ඔවුන් මුදවා ගත්තෙමු
مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًۭا مِّنَ ٱلْمُسْرِفِينَ ﴿٣١﴾
ෆිර්අවුන්ගේ දඬුවමින් ද අපි ඔවුන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දහමට ඔබ්බෙන් සීමාව ඉක්මවා ගියවුන් අතරින් අහංකාරයකු විය
وَلَقَدِ ٱخْتَرْنَـٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَـٰلَمِينَ ﴿٣٢﴾
ඉස්රාඊල් දරුවන්ගේ කාලයේ විසූ ලෝවැසියන් වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු. එය ඔවුන්ගේ නබිවරුන් අධික සංඛ්යාවක් එවීමෙනි
وَءَاتَيْنَـٰهُم مِّنَ ٱلْـَٔايَـٰتِ مَا فِيهِ بَلَـٰٓؤٌۭا۟ مُّبِينٌ ﴿٣٣﴾
අපි මූසා ව ශක්තිමත් කරමින් මන්නු සල්වා හා වෙනත් දෑ මෙන් ඔවුන් වෙනුවෙන් බාහිරි ආශිර්වාදයන් සහිත සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ ﴿٣٤﴾
මෙම බොරුකාර ආදේශකයින් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකිමින් මෙසේ පවසති:
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ ﴿٣٥﴾
අපගේ මුල් මරණය හැර වෙනත් දෙයක් නැත. ඉන්පසු වෙනත් ජීවිතයක් ද නැත. මෙම මරණයෙන් පසු ව අප යළි නැගිටුවනු ලබන්නන් නොවෙමු
فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٣٦﴾
එසේ නම්, අහෝ මුහම්මද්! සැබැවින්ම මියගිය තැනැත්තන් විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අල්ලාහ් නැවත නැගිටුවනු ඇතැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීහු නම්, මියගිය අපගේ මුතුන්මිත්තන් ජීවමානව අප වෙත නුඹලා නැවත ගෙන එනු
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍۢ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَـٰهُمْ ۖ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ﴿٣٧﴾
අහෝ දූතය! නුඹ ව බොරු කරන මෙම ආදේශකයින් බලයෙහි හා ආශිර්වාදයෙහි උතුම් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර විසූ ආද් හා සමූද් වැනි ජනයා ද? ඔවුන් සියලු දෙනා අපි විනාශ කළෙමු. සැබැවින්ම ඔවුන් අපරාධකරුවන් වූහ
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ ﴿٣٨﴾
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ඒවායෙහි මැවීම් හාස්යයට ලක් කරන ලෙසින් මවා නැත
مَا خَلَقْنَـٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٣٩﴾
අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මිස අපි නොමැව්වෙමු. නමුත් ආදේශකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති
إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَـٰتُهُمْ أَجْمَعِينَ ﴿٤٠﴾
ගැත්තන් අතර අල්ලාහ් වෙන් කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වනාහි, සැබැවින්ම එය සියලු මැවීම්හට ප්රතිඥා දෙනු ලැබූවකි. අල්ලාහ් ඔවුන් එහි එක්රැස් කරනු ඇත. يوم لا يغنى مولى عن مولى شئا ولا هم ينصرون
يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًۭى شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ﴿٤١﴾
සමීපතයෙක් තවත් සමීපතයෙකුට හෝ මිතුරෙක් තවත් මිතුරෙකුට හෝ ප්රයෝජනවත් නොවන දිනයකි. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුහු ඔවුන් වළක්වන්නන් නොවෙති. ඊට හේතුව එදින සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ ගැන වාද කිරීමට කිසිවකුට ශක්තියක් නොමැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِلَّا مَن رَّحِمَ ٱللَّهُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٤٢﴾
මිනිසුන් අතරින් අල්ලාහ් කරුණාව පෙන්වූ අයට හැර. සැබැවින්ම ඔහු ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් තුළින් ඔහු ප්රයෝජන ලබනු ඇත. සැබැවින් අල්ලාහ් වනාහි, කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් හට ඔහු මහා කාරුණිකය
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ﴿٤٣﴾
සැබැවින්ම නිරය පතුළේ අල්ලාහ් හට ගන්වා ඇති සක්කූම් ගස වනාහි,
طَعَامُ ٱلْأَثِيمِ ﴿٤٤﴾
එය මහා පාපියා - දෙවියන් ප්රතික්ෂේප තැනැත්තා සතු ආහාරයයි. එම ගසෙහි නරක් වූ පළතුරු ඔහු අනුභව කරයි
كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ ﴿٤٥﴾
එම පලතුර කළුපැහැති තෙල් මෙනි. එහි පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ කුසවල් උණුවෙමින් පවතී
كَغَلْىِ ٱلْحَمِيمِ ﴿٤٦﴾
උෂ්ණත්වයේ උපරිමයෙන්ම නටන (ලෝ දිය හා සමාන)ජලය මෙනි
خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ ﴿٤٧﴾
නිරයේ භාරකරුවන්හට, ‘මොහු ව අල්ලා ඉතා දරුණු ලෙස නිරයේ මධ්යයට ඇදගෙන යනු’ යැයි කියනු ලැබේ
ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ ﴿٤٨﴾
පසු ව දඬුවම් කරනු ලබන මොහුගේ හිස මත එම ලෝ දිය වක්කරනු. දඬුවම ඔහුගෙන් වෙන් නොවනු ඇත
ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ ﴿٤٩﴾
ඔහුට උපහාසාත්මක ලෙස, ‘මෙම වේදනීය දඬුවම භුක්ති විඳිනු. ඔබේ ජනයා අතරට ඇතුළත් නොවූ ඔබ ගරුසර බලධාරියෙකු විය.’ යැයි පවසනු ලැබේ. إن هذا ما كنتم به تمترون
إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ ﴿٥٠﴾
සැබැවින්ම මෙය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවනු ඇතැයි නුඹලා සැක කරමින් සිටි දඬුවමයි. එය දෑසින් දැකීමෙන් එම සැකය නුඹලාගෙන් ඉවත්ව ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍۢ ﴿٥١﴾
ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි, ඔවුන් සෑම ගෞරවයක්ම ලබමින් සුරක්ෂිත ව ස්ථාවර ස්ථානයක සිටිති. فى جنت وعيون
فِى جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿٥٢﴾
උයන් හා ගලා යන උල්පත් අතරය. يلبسون من سندس وإستبرق متقبلين
يَلْبَسُونَ مِن سُندُسٍۢ وَإِسْتَبْرَقٍۢ مُّتَقَـٰبِلِينَ ﴿٥٣﴾
සිනිඳු සේද හා ඝන සේද වස්ත්රවලින් ඇඳ පැළැඳ කෙනෙකු තවත් කෙනෙකුගේ පසු ගෙල නොදකින සේ එකිනෙකාට මුහුණලමින් සිටිති. كذلك وزوجنهم بحور عين
كَذَٰلِكَ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍۢ ﴿٥٤﴾
සඳහන් කරනු ලැබූ දැයින් අපි ඔවුන් ගෞරවයට පත් කළාක් මෙන්ම දැකුම්කළු කුමරියන් සරණපාවා දෙමු. ඔවුන්ගේ ඇස් වල සුදු පැහැය හා ඒවායෙහි කළු පැහැය ඉතා පැහැදිළිව තදින්ම පිහිටන අතර ඒවා විශාල ව පවතී. يدعون فيها بكل فكهةءامنين
يَدْعُونَ فِيهَا بِكُلِّ فَـٰكِهَةٍ ءَامِنِينَ ﴿٥٥﴾
එහි ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ප්රිය කරන සෑම පළතුරක්ම ඉල්ලා සිටියි. එවිට ඒවා කඩා ගැනීම ගැන කිසිදු බියකින් තොර ව කිසිදු හානියකින් තොරව ඔවුහු ඔවුන් වෙත ගෙන එති
لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ ۖ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿٥٦﴾
ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. මෙලොව ජීවිතයේ මුල් මරණය හැර වෙනත් මරණයක් ඔවුහු එහි භුක්ති නොවිඳිනු ඇත. ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කළේය
فَضْلًۭا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٥٧﴾
එය නුඹේ පරමාධිපතිගෙන් ඔවුන් සඳහා වූ භාග්යයක් හා සංග්රහයක් ලෙසිනි. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කිරීම නිරා ගින්නෙන් ඔවුන් ආරක්ෂා කිරීම යනා දී ලෙස සඳහන් කරනු ලැබූ මේවා කිසිදු ජයග්රහණකට එයට ළඟා විය නොහැකි අතිමහත් ජයග්රහණයකි. فإنما يسرنه بلسانك لعلهم يتذكرون
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٥٨﴾
අහෝ දූතය! එහෙයින් සැබැවින්ම ඔවුන් වටහා ගත හැකිවනු පිණිස ඔබේ අරාබි බසින්ම අපි අල් කුර්ආනය පහළ කිරීම තුළින් අපි එය පහසු කර ඇත්තෙමු. සැහැල්ලු කර ඇත්තෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ ﴿٥٩﴾
එහෙයින් නුඹේ ජයග්රහණයත් ඔවුන්ගේ විනාශයත් නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් නුඹේ විනාශය බලපොරොත්තුවෙන් සිටියි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත