මුල් පිටුවතෆ්සීර්Al-Jaathiya (45)

තෆ්සීර් Al-Jaathiya (45) — الجاثية

මක්කී · 37 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

حمٓ ﴿١﴾

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿٢﴾

අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි

إِنَّ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ لَـَٔايَـٰتٍۢ لِّلْمُؤْمِنِينَ ﴿٣﴾

සැබැවින්ම අහස් හා මහපොළොව තුළ අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක දේව විශ්වාසීන්ට ඇත. සැබැවින්ම ඔවුහු එම සංඥාතුළින් පාඩම් ලබන්නෝ වෙති

وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَـٰتٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ ﴿٤﴾

අහෝ ජනයිනි! ශුක්රාණුවෙන් එල්ලෙන ලේ කැටියකටත්, පසු ව එයින් මස් ගොබයකටත් පරිවර්තනය කරමින් මවන ලද නුඹලාගේ මැවීම තුළ ද එමෙන්ම අල්ලාහ් විකාශනය කළ මහපොළොව මත උරගා යන සත්ව මැවීම් තුළ ද ‘සැබැවින්ම අල්ලාහ්ය මැවුම්කරු’ යැයි තරයේ විශ්වාස කරන්නන් හට ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක ඇත

وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍۢ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَـٰحِ ءَايَـٰتٌۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٥﴾

ءايت لقوم يعقلون රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අල්ලාහ් අහසින් වැසි වස්වා මහපොළොව කිසිදු පැලෑටියක් නැති මිය ගිය තත්ත්වයෙන් තිබුණායින් පසු, එමගින් යළි ජීවමාන කිරීමෙහි ද නුඹලාගේ ප්රයෝජන සඳහා විටෙක එක් පැත්තකින් ද, තවත් විටෙක තවත් පැත්තකින් ද සුළඟ හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත. ඔවුහු එමගින් අල්ලාහ්ගේ ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීමේ ඔහුගේ හැකියාව හා සියලු දෑ කෙරෙහි පවතින ඔහුගේ බලය සාධක කර ගනිති

تِلْكَ ءَايَـٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَ ٱللَّهِ وَءَايَـٰتِهِۦ يُؤْمِنُونَ ﴿٦﴾

අහෝ දූතය! මෙම සංඥා හා සාධක අපි නුඹ වෙත සත්යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. අල්ලාහ්ගේ ගැත්තා වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ප්රකාශයත්, ඔහුගේ සාධකත්, ඔවුන් විශ්වාස නොකළේ නම් ඉන් පසු ඔවුන් කවර ප්රකාශයක් විශ්වාස කරනු ඇත් ද? කවර සාධකයක් සත්යය කරනු ඇත් ද? ويل لكل أفاك أثيم

وَيْلٌۭ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ﴿٧﴾

අධික ලෙස පාපකම් සිදු කරන, බොරු පවසන සෑම කෙනෙකුහටම අල්ලාහ්ගෙන් වූ දඬුවමත් විනාශයත් අත්වේවා! بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَسْمَعُ ءَايَـٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍۢ ﴿٨﴾

මෙම දේව ප්රතික්ෂේපකයා, ඔහු වෙත කියවනු ලබන අල්කුර්ආනයේ අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙයි. පසුව ඔහු කවර ප්රතික්ෂේපයක හා පාපකම්වල නිරතව සිටියේ ද එහිම නිරන්තරයෙන්ම සිටියි. සත්යය අනුගගමනය කිරීමෙන් ඔහු තුළ අහංකාරයක් ඇති කර ගනී. ඔහු වෙත කියවා පෙන්වන ලද එම වදන් ඔහුට නොඇසුනාක් මෙන් ඔහු පසුවෙයි. එහෙයින් අහෝ දූතය! ඔහුගේ අවසානයේ ඔහුට අත්වන නපුර පිළිබඳ දන්වා සිටිනු. එය ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමයි

وَإِذَا عَلِمَ مِنْ ءَايَـٰتِنَا شَيْـًٔا ٱتَّخَذَهَا هُزُوًا ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿٩﴾

අල් කුර්ආනයෙන් යමක් ඔහු වෙත ළඟා වූ විට එය හාස්යයට ලක් කරමින් සරදමක් ලෙස ගනී. අල් කුර්ආනය හාස්යයට ලක් කිරීමේ ගුණාංගය සහිත මෙවන් අයහට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දනීය දඬුවමක් ඇත

مِّن وَرَآئِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُوا۟ شَيْـًۭٔا وَلَا مَا ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿١٠﴾

මතුලොවෙහි ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්න ඔවුනට ඉදිරියෙන් පවතී. ඔවුන් ඉපැයූ දෑ කිසිවක් අල්ලාහ්ගෙන් මිදීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු හැර ඔවුන් නැමදුමට ගත් පිළිම ඔවුන්ගෙන් එය වළක්වන්නේ ද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් දඬුවමක් ඔවුනට ඇත

هَـٰذَا هُدًۭى ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌ ﴿١١﴾

අපගේ දූත මුහම්මද් වෙත පහළ කළා වූ මෙම ග්රන්ථය සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන්නකි. දූතයා වෙත පහළ කරනු ලැබූ ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි. ඔවුනට වේදනීය නපුරු දඬුවමක් ඇත

۞ ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿١٢﴾

අහෝ ජනයිනි! ඔහුගේ නියෝගය අනුව සාගරයේ නැව් ගමන් කිරීම සඳහාත් එමගින් අනුමත විවිධ වෙළඳාම් තුළින් ඔහුගේ භාග්ය නුඹලා සොයා ගැනීම සඳහාත් නුඹලා වෙත පිරිනමා ඇති අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතඥ වනු පිණිසත් එය වසඟ කර දුන්නේ අල්ලාහ්ය

وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مِّنْهُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿١٣﴾

අහස්හි පවතින හිරු, සඳු හා තාරකා යනාදිය ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එමෙන්ම මහපොළොවේ පවතින ගංගා, ගහකොළ, කඳු හා වෙනත් දෑ ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. මේ සියලු ආශිර්වාද ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් වූවකි. ඔහුගේ සංඥා ගැන පරිශීලනය කොට එමගින් පාඩම් ලබන්නන්හට අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක මේවා වසඟ කර දීම තුළ පවතී. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُل لِّلَّذِينَ ءَامَنُوا۟ يَغْفِرُوا۟ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿١٤﴾

අහෝ ධර්ම දූතය! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ ධර්ම දූතයාණන් සත්ය බව තහවුරු කළවුනට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ආශිර්වාද හෝ ඔහුගේ කෝපය පිළිබඳ නොසැලකිලිමත් ව සිටින දේවත්වය ප්රතික්ෂේප කරන අය අතරින් නුඹලාට නපුරුකම් කරන්නන් ගැන නුඹ නොසලකා හරිනු. ඉවසිලිවන්ත දේව විශ්වාසීන්ටත් ඉක්මවා ගිය දේව ප්රතික්ෂේපකයින්ටත් ඔවුනොවුන් මෙලොව ජීවිතයේ උපයාගත් ක්රියාවන්ට අනුව සැබැවින්ම අල්ලාහ් ඔවුනොවුනට ප්රතිඵල පිරිනමනු ඇත

مَنْ عَمِلَ صَـٰلِحًۭا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ﴿١٥﴾

කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ දැහැමි ක්රියාවේ ප්රතිඵලය ඔහු සතුය. ඔහුගේ ක්රියාව ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ එම නපුරු ක්රියාවෙහි ප්රතිවිපාකය හා එහි දඬුවම ඔහු සතුය. ඔහුගේ එම නපුරු ක්රියාවෙන් කිසිදු හානියක් අල්ලාහ්ට අත් වන්නේ නැත. ඉන්පසු සෑම කෙනෙකුටම නියමිත ප්රතිඵල පිරිනැමීම සඳහා මතුලොවෙහි නුඹලා නැවත හැරී එනුයේ අප වෙතමය

وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَى ٱلْعَـٰلَمِينَ ﴿١٦﴾

සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන්ට තව්රාතය හා එහි නීති අනුව ජනයා අතර තීන්දු දීමේ අවස්ථාව පිරිනැමුවෙමු. නබිවරුන් අතරින් බහුතරයක් දෙනා ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පත් කළෙමු. විවිධ යහපත් දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ කාලයේ විසූ ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු

وَءَاتَيْنَـٰهُم بَيِّنَـٰتٍۢ مِّنَ ٱلْأَمْرِ ۖ فَمَا ٱخْتَلَفُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿١٧﴾

අසත්යයෙන් සත්යය පැහැදිලි කරන සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව මිස ඔවුන් මතභේද ඇති කරගත්තේ නැත. එම මතභේදයට ඔවුන් ඇද දැමුවේ නායකත්වයට හා කීර්තියට එකිනෙකා ඊර්ෂ්යා කිරීමය. අහෝ ධර්ම දූතය! ඔවුන් කවර කරුණක් සම්බන්ධයෙන් මෙලොවෙහි මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට පැහැදිලි කරනු ඇත. සත්ය මත සිටියේ කවුදැයි ද අසත්යය මත සිටියේ කවුදැයි ද එවිට පැහැදිලි වනු ඇත

ثُمَّ جَعَلْنَـٰكَ عَلَىٰ شَرِيعَةٍۢ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ﴿١٨﴾

නුඹට පෙර සිටි අපගේ දූතවරුන්හට, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් වෙත ඇරයුම් කිරීම සඳහා කවර කරුණක් අපි නියෝග කළෙමු ද එවන් කරුණුවලින් යුත් මඟක පිළිවෙතක හා වැඩපිළිවෙළක අපි නුඹව ද තැබුවෙමු. එහෙයින් එම ආගමික පිළිවෙත නුඹ අනුගමනය කරනු. සත්යය නොදන්නා අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන් සත්යයෙන් මුළාවූවකි

إِنَّهُمْ لَن يُغْنُوا۟ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًۭٔا ۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ ﴿١٩﴾

සැබැවින්ම සත්යය නොදන්නා අය වනාහි, නුඹ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගෙන් ඇතිවන දඬුවමින් ඔවුන් නුඹව කිසිවිටෙක වළක්වා ගන්නේ නැත. සියලු ආගම් අතර සිටින අපරාධකරුවන් ඔවුන් එකිනෙකාට උදව් කරන්නන් වෙති. දේව විශ්වාසීන්ට එරෙහිව එකිනෙකාට ආධාර කරන්නන් වෙති. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්ගේ උදව්කරු අල්ලාහ්ය

هَـٰذَا بَصَـٰٓئِرُ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ ﴿٢٠﴾

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය මිනිසා ව්යාජත්වයෙන් සත්යය වටහා ගැනීම සඳහා ඇති පැහැදිළි සාධකයකි. සත්ය වෙත මග පෙන්වන මාර්ගෝපදේශයකි. තරයේ විශ්වාස කරන ජනයාට ආශිර්වාදයකි. ඊට හේතුව සැබැවින්ම ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවෝ ඔවුන් වන බැවිණි. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත් විය. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කරනු ඇත. නිරයෙන් ඔවුන් ආරක්ෂා කරනු ඇත

أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَوَآءًۭ مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَآءَ مَا يَحْكُمُونَ ﴿٢١﴾

يحكمون තම ශරීර අවයව තුළින් දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත් අය අල්ලාහ්ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුන්ට මෙලොවෙහි හා මතුලොවෙහි සම වන පරිදි ප්රතිඵල පිරිනැමීමේ දී ඔවුන් අප පත් කරනු ඇතැයි සිතන්නෝ ද? ඔවුන්ගේ එම තීන්දුව නපුරක්ම විය

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٢٢﴾

යම් ගැඹුරු ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් අහස් හා මහපොළොව මවා ඇත්තේය. ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. සෑම ආත්මයක්ම ඔවුනොවුන් උපයාගත් යහපත හා අයහපත වෙනුවෙන් ප්රතිඵල පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකමින් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම්වලට වඩා යමක් වැඩි කිරීමෙන් හෝ ඔහු ඔවුනට අසාධාරණකම් සිදු නොකරයි

أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلْمٍۢ وَخَتَمَ عَلَىٰ سَمْعِهِۦ وَقَلْبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَـٰوَةًۭ فَمَن يَهْدِيهِ مِنۢ بَعْدِ ٱللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٢٣﴾

අහෝ දූතය! තම ආශාවන් පිළිපැද නැමදීමට සුදුසු ස්ථානයේ එයට පටහැනි නොවන දෙයක් පත් කළේ ද එවැන්නෙකු දෙස නුඹ බැලුවෙහි ද? සැබැවින්ම ඔහු මුළාවට සුදුසු බැවින් අල්ලාහ් ඔහු ගැන දැන දැනම ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. ඔහුගේ හදවත මත මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන අයුරින් ඔහුට සවන් දිය නොහැක. එමෙන්ම සත්ය දැකීමෙන් ඔහුව වළක්වන පරිදි අල්ලාහ් ඔහුගේ බැල්ම මත ආවරණයක් යෙදීය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඉන් පසු සත්යය වෙත ඔහුට ආශිර්වාද කරනුයේ කවරෙක් ද? ආශාවන් අනුගමනය කිරීමේ හානියත් අල්ලාහ්ගේ පිළිවෙත අනුගමනය කිරීමේ ප්රයෝනයත් නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

وَقَالُوا۟ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ ﴿٢٤﴾

නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ, "ජීවිතය යනු අපගේ මේ මෙලොව ජීවිතය පමණි. ඉන් පසු කිසිදු ජීවිතයක් නැත. පරම්පරාවන් මිය යයි. නමුත් නැවත ජීවය ලබා හැරී නොඑයි. රාත්රිය හා දහවල එකිනෙක පසුපස යෑම මිස වෙනත් කිසිවක් අප මරණයට පත් නොකරයි" යැයි පවසති. යළි අවදි කරනු ලැබීම ගැන කිසිදු දැනුමක් ඔවුනට නැත. ඒ ගැන ඔවුන් අනුමාන කරනවා මිස නැත. සැබැවින්ම අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝනවත් නොවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُوا۟ ٱئْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٢٥﴾

යළි අවදි කරනු ලැබීම හෙළා දකින දේව ආදේශකයින් වෙත අපගේ වදන් පැහැදිලි කරමින් කියවා පෙන්වනු ලබන විට, ‘අපගේ මරණින් පසු සැබැවින්ම අපි යළි අවදි කරනු ලබන බවට නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් මියගිය අපගේ මුතුන් මිත්තන්හට අප වෙනුවෙන් ජීවය ලබා දෙනු’ යැයි ධර්ම දූතයාණන් හට ඔවුන් ප්රකාශ කර සිටිනවාක් මිස ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කරන කිසිදු සාධකයන් ඔවුනට එහි නොවීය

قُلِ ٱللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٢٦﴾

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාව මැවීමෙන් අල්ලාහ් නුඹලාට ජීවය ලබා දෙයි. පසුව ඔහු නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු නුඹලාව එක්රැස් කරයි." සැබැවින්ම එය පැමිණීම කිසිදු සැකයක් නැති දිනයකි. නමුත් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. දැහැමි ක්රියාවන් තුළින් ඔවුන් ඒ සඳහා සූදානම් නොවෙති

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَخْسَرُ ٱلْمُبْطِلُونَ ﴿٢٧﴾

අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහි ඔහු හැර වෙනත් කිසිවෙකු සැබෑ ලෙස නැමදුම් නොලබයි. අවසන් හෝරාව ක්රියාත්මක වන දින විනිශ්චය හා ප්රතිඵල සඳහා එහි මියගියවුන් අල්ලාහ් යළි අවදි කරවයි. අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කරමින් සත්ය ව්යාජත්වයට පත් කිරීමටත් ව්යජාත්වය සත්යය බවට පත් කිරීමටත් උත්සාහ දරමින් සිටි ව්යාජ ජනයා පාඩු විඳිනු ඇත

وَتَرَىٰ كُلَّ أُمَّةٍۢ جَاثِيَةًۭ ۚ كُلُّ أُمَّةٍۢ تُدْعَىٰٓ إِلَىٰ كِتَـٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٢٨﴾

අහෝ දූතය! එදින සෑම සමූහයක්ම දණින් වැටී ඔහු ඔවුනට සිදු කරන දෑ බලා සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන් ගැන මලක්වරුන් සටහන් කර ගත් ඔවුන්ගේ වාර්තාව වෙත ඔවුන් ඇරයුම් කරනු ලබති. අහෝ ජනයිනි! එදින මෙලොවෙහි නුඹලා කරමින් සිටි හොද නරක සියලු දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලබනු ඇත

هَـٰذَا كِتَـٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٢٩﴾

නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අපගේ මලක්වරුන් විසින් සටහන් කර ගත්- මෙම වාර්තාව සැබෑ ලෙසින්ම නුඹලාට සාක්ෂි දරනු ඇත. එහෙයින් නුඹලා එය කියවනු. මෙලොව නුඹලා සිදු කරමින් සිටි දෑ සටහන් කරන මෙන් සැබැවින්ම අපි ආරක්ෂකයින්ට අණ කර සිටියෙමු

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِى رَحْمَتِهِۦ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْمُبِينُ ﴿٣٠﴾

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළින් ඔහුගේ ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. අල්ලාහ් ඔවුනට පිරිනැමූ එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ළං කළ නොහැකි පැහැදිලි ජයග්රහණයයි

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓا۟ أَفَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًۭا مُّجْرِمِينَ ﴿٣١﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් වැළපෙන්නට සලස්වමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලා වෙත කියවා පෙන්වනු ලැබූ මාගේ වදන් නුඹලාට නොවී ද? නමුත් ඒවා විශ්වාස කිරීමට නුඹලා උඬඟු වූවෙහුය. නුඹලා අපරාධකාරී පිරිසක් ලෙස සිටියෙහුය. දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත්තෙහුය.' بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ق ن

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّۭا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ ﴿٣٢﴾

සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව යළි නැගිටුවා ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි- අල්ලාහ් තම ගැත්තන් හට දුන් ප්රතිඥාව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. අවසන් හෝරාව ද සැබෑවකි. එහිද කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ සඳහා කටයුතු කරනු’ යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා, ‘එම හෝරාව ගැන අපි නොදනිමු. සැබැවින්ම එය පැමිණීම දුර්වල සිතුවිල්ලක් ලෙස මිස අපි නොසිතුවෙමු. සැබැවින්ම එය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නන් ලෙස අපි නොසිටියෙමු.' යැයි පවසනු ඇත. وبدا لهم سئات ما عملواوحاق بهم ما كانوابه يستهزءون

وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٣٣﴾

ඔවුන් මෙලොවෙහි සිදු කළ දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නපුර ඔවුනට හෙළි විය. දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලැබූ අවස්ථාවේ එය හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය

وَقِيلَ ٱلْيَوْمَ نَنسَىٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ ﴿٣٤﴾

නුඹලාගේ මේ දිනයේ හමු ව සැබැවින්ම නුඹලා අමතක කර දමා, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා නුඹලා සූදානම් නොවූවාක් මෙන්ම අද දින නුඹලාව නිරා ගින්නෙහි අපි අතහැර දමමු. නුඹලා යොමු වන නුඹලාගේ නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා වළක්වාලන උදව්කරුවන් නුඹලාට නැත

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذْتُمْ ءَايَـٰتِ ٱللَّهِ هُزُوًۭا وَغَرَّتْكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ فَٱلْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ ﴿٣٥﴾

සැබැවින්ම නුඹලා එම දඬුවමින් දඬුවම් කරනු ලබනුයේ නුඹලා අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කොට ඒවා හෑල්ලුවට ගත් බැවින් හා මෙලොවෙහි ඇති ආශාවන් හා වින්දනයන් තුළින් මෙලොව ජීවතය නුඹලා ව රවටා ඇති බැවිණි. අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කළ මෙම දේව ප්රතික්ෂේපකයින් අද දින නිරා ගින්නෙන් බැහැර කරනු නොලැබේ. ඔවුන් එහි සදාකල් රැඳෙති. දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ඔවුන් මෙලොව ජීවිතයට නැවත යොමු කරනු ද නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත්වූයේ නැත

فَلِلَّهِ ٱلْحَمْدُ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَرَبِّ ٱلْأَرْضِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٣٦﴾

සියලු ප්රශංසා අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. සියලු මැවීම්හි පරමාධිපතිය

وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٣٧﴾

අහස්හි හා මහපොළොවේ සියලු කීර්තියන් හා මහිමයන් ඔහුට පමණක් සතුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි නියම කිරීමෙහි සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Jaathiya — الجاثية

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා