මුල් පිටුවතෆ්සීර්Al-Ahqaf (46)

තෆ්සීර් Al-Ahqaf (46) — الأحقاف

මක්කී · 35 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

حمٓ ﴿١﴾

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿٢﴾

අල් කුර්ආනය පහළ කිරීම, කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහාمප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි

مَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ ﴿٣﴾

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි. එමෙන්ම අල්ලාහ් පමණක් දන්නා නියමිත කාලයක් දක්වා මහපොළොවේ ඔවුනට හිමි නියෝජිතභාවය ඔවුන් ඉටු කරනු පිණිසය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගේ ග්රන්ථයෙහි කවර දෙයක් අවවාද කරනු ලැබුවේ ද එය හෙළා දකින්නෝ වෙති. ඒ ගැන ඔවුහු නොසලකා හරිති

قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَـٰوَٰتِ ۖ ٱئْتُونِى بِكِتَـٰبٍۢ مِّن قَبْلِ هَـٰذَآ أَوْ أَثَـٰرَةٍۢ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤﴾

අහෝ දූතය! සත්ය ප්රතික්ෂේප කරන මෙම ආදේශ තබන්නන්ට, නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම මහපොළොවේ කවර කොටසක් මවා ඇත්තේ ද? කවර කන්දක් මවා ඇත්තේ ද? කවර ගංගාවක් මවා ඇත්තේ දැ?යි ඔවුන් ගැන මට දන්වනු. එසේ නැතහොත් අහස් මැවීමෙහි අල්ලාහ් සමග ඔවුනට යම් හවුලක් හෝ කොටසක් හෝ තිබුණේද? සැබැවින්ම නුඹලාගේ පිළිම නැමදුමට සුදුස්සන් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම් අල් කුර්ආනයට පෙර අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ ග්රන්ථයක් හෝ මුතුන්මිත්තන් අතහැර දැමූ දැනුමෙන් ඉතිරි ව ඇති දෙයක් හෝ මා වෙත නුඹලා ගෙන එනු.'

وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ وَهُمْ عَن دُعَآئِهِمْ غَـٰفِلُونَ ﴿٥﴾

අල්ලාහ් හැර පිළිමයට වැදුම් පිදුම් කරන්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔහුගේ ප්රාර්ථනාවට එය පිළිතුරු දෙන්නේ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම පිළිම ඒවාට වැඳුම් පිදුම් කරන්නන්ගේ ප්රාර්තනාව නොසලකා හරී. ඊට අමතර ව ඒවා තමන්ටම පවා සෙතක් හෝ උවදුරක් හෝ කළ නොහැකිය

وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءًۭ وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَـٰفِرِينَ ﴿٦﴾

ඒවා එසේ තිබියදී මෙලොවෙහි ඔවුනට කිසිදු සෙතක් කරන්නේ නැත. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එක්රැස් කරනු ලැබූ විට ඔවුන් නමදිමින් සිටි අයට එරෙහිව ඔවුන් නැගී සිටිනු ඇත. ඔවුන්ගෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන් ඔවුනට නමදිමින් සිටීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත්ව සිටි බව හෙළා දකිනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ هَـٰذَا سِحْرٌۭ مُّبِينٌ ﴿٧﴾

අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට, අල් කුර්ආනය ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතයා අතින් ඔවුන් වෙත එය පැමිණි කල්හි, ‘මෙය පැහැදිලි හූනියමකි. මෙය අල්ලාහ්ගේ දිව්යමය වාක්ය නොවන්නේය’ යැයි පැවසීය

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَلَا تَمْلِكُونَ لِى مِنَ ٱللَّهِ شَيْـًٔا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِۦ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۖ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿٨﴾

මෙම දේව ආදේශකයෝ, "සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා එය අල්ලාහ් වෙත ආරෝපණය කර ඇතැ යි පවසන්නෝ ද?" අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘මා විසින් එය ගොතා ඇත්නම් මට, දඬුවම් දීමට අල්ලාහ් අභිමත කළේ නම්, මා වෙනුවෙන් යම් සැලැසමක් දියත් කිරීමට නුඹලාට නොහැකිය. එසේනම් ඔහු මත බොරුවක් ගොතා එම දඬුවමට මා ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද? අල් කුර්අනයට දොස් නගමින් හා මා සම්බන්ධයෙන් චෝදනා නගමින් නුඹලා කවර කරුණක නිරත ව සිටින්නේ ද ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් ශුද්ධවන්තයාණන් ප්රමාණවත්ය. ඔහු ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු සමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.'

قُلْ مَا كُنتُ بِدْعًۭا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدْرِى مَا يُفْعَلُ بِى وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٩﴾

අහෝ දූතය! නුඹගේ නබිත්වය බොරු කරන ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ් එවා ඇති පළමු දූතයා මම නොවෙමි. නමුත් නුඹලාට මා ඇරයුම් කිරීම ගැන නුඹලා පුදුමයට පත් වන්නෙහුය. මට පෙර දූතවරුන් බොහෝමයක් පැමිණ ඇත. අල්ලාහ් මට මෙලොවෙහි කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද නුඹලාට කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද මම නොදනිමි. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් කිසිවක් මම අනුගමනය නොකරමි. ඔහු දන්වා සිටි දිව්යමය පණිවිඩ අනුව මිස මා කතා නොකරමි. ක්රියා නොකරමි. තවද මම අල්ලාහ්ගේ දඬුවම පැහැදිලි ලෙසින්ම නුඹලාට අවවාද කරන අවවාද කරන්නෙකු මිස නැත

قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ وَكَفَرْتُم بِهِۦ وَشَهِدَ شَاهِدٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ مِثْلِهِۦ فَـَٔامَنَ وَٱسْتَكْبَرْتُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٠﴾

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී, ඒ ගැන තව්රාතයේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බව ඉස්රාඊල් දරුවන්ගෙන් සාක්ෂිකරුවකු සාක්ෂි දරා, ඔහු ඒ ගැන විශ්වාස කර තිබියදී නුඹලා එය ප්රතික්ෂේප කොට, ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වූයේ නම් ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මට දන්වනු. එවිට නුඹලා අපරාධකරුවන් නොවන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට සත්ය වෙත ආශිර්වාද කරන්නේ නැත

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًۭا مَّا سَبَقُونَآ إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَـٰذَآ إِفْكٌۭ قَدِيمٌۭ ﴿١١﴾

අල් කුර්ආනය හා ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ට, ‘මුහම්මද් ගෙන ආ දෑ යහපත වෙත මග පෙන්වන සත්යයක් වී නම් මෙම දිළිඳුන්, වහලුන් හා දුර්වලයින් අපට වඩා ඉදිරියෙන් සිටිය නොහැක.’ යැයි පවසති. ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එමගින් ඔවුන් යහමග නොලැබූ බැවින් ඉදිරියට ඔවුහු, ‘ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය පුරාන ප්රබන්ධයකි. අපි එම ප්රබන්ධය අනුගමනය නොකරමු.’ යැයි පවසනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي

وَمِن قَبْلِهِۦ كِتَـٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةًۭ ۚ وَهَـٰذَا كِتَـٰبٌۭ مُّصَدِّقٌۭ لِّسَانًا عَرَبِيًّۭا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُوا۟ وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ ﴿١٢﴾

للمح سنين මෙම අල් කුර්ආනයට පෙර මූසා (අලයිහිස් සලාම්) තුමා හට අල්ලාහ් පහළ කළ තව්රාත් ග්රන්ථය විය. එය ඉස්රාඊල් දරුවන් අතරින් කවරෙකු එය විශ්වාස කොට එය අනුගමනය කළේද ඔවුනට එය සත්යය තුළ අනුගමනය කරනු ලබන මෙහෙයවීමක් හා ආශිර්වාදයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ තහවුරු කරන අරාබි බසින් වූ ග්රන්ථයක් විය. එමගින් අල්ලාහ්ට ආදේශ කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හට එතුමා අවවාද කරන්නට විය. එමෙන්ම තම මැවුම්කරුවා සමග යහ සම්බන්ධකම් පවත්වන ඔහුගේ මැවීම් සමග යහ සම්බන්ධකම් පවත්වන දැහැමියන්ට එය ශුභාරංචියකි

إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُوا۟ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿١٣﴾

‘අපගේ පරමාධිපතියාණන් අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත’ යැයි පවසා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මත පදනම් ව ස්ථාවරව සිටියවුන් වනාහි, මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑහි ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ හා ඔවුනට පසු ව ඇති වන දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත

أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ خَـٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٤﴾

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ස්වර්ගවාසීහු වෙති. ඔවුන් එහි සදාකල් වෙසෙති. මෙලොවෙහි ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල ඇත

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ إِحْسَـٰنًا ۖ حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًۭا وَوَضَعَتْهُ كُرْهًۭا ۖ وَحَمْلُهُۥ وَفِصَـٰلُهُۥ ثَلَـٰثُونَ شَهْرًا ۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةًۭ قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَـٰلِحًۭا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ ۖ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ ﴿١٥﴾

ى ආගමික පිළිවෙතට පටහැනි නොවන පරිදි තම දෙමාපියන් ජීවත් ව සිටින විට දී ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද ඔවුන් දෙපළ මිය ගිය පසු ද ඔවුන් දෙපළට උපකාර කරන මෙන් ද අපි මිනිසාට ඉතා තදින්ම නියෝග කර ඇත්තෙමු. විශේෂයෙන් තම මවටය. ඇය දැඩි දුෂ්කරතාවෙන් යුතු ව නියමිත කාලයක් කුස තුළ දරා ඔහු ව ඉසිලුවාය. පසුව බුද්ධිමය හා ශාරීරික වශයෙන් ශක්තිමත්ව වැඩෙන තෙක් මාස තිහක් කිරි පෙව්වාය. පසුව ඔහු හතළිස් වැනි වියට පත්ව, "මාගේ පරමාධිපතියාණනි, මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත නුඹ ආශිර්වාද කළ නුඹේ ආශිර්වාද සඳහා මා තුති පුදන්නට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් මා සිදු කිරීමට ද මට අවකාශය දෙනු මැනව! මගෙන් එය පිළිගනු මැනව! මාගේ දරුවන් මට දැහැමියන් බවට පත් කර දෙනු මැනව. මාගේ පව්වලට මම ඔබ වෙත යොමු වී සමාව ඇයැද සිටිමි. සැබැවින්ම නුඹට අවනත වීම සඳහා නුඹ මා අවනත වන්නන් අතරටත් නුඹේ නියෝගවලට යටත් වන්නන් අතරටත් නුඹ මා පත් කරනු මැනව!" යැයි ඔහු පවසයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا۟ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمْ فِىٓ أَصْحَـٰبِ ٱلْجَنَّةِ ۖ وَعْدَ ٱلصِّدْقِ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ ﴿١٦﴾

يوعدون ඔවුහු වනාහි, ඔවුන් වඩාත් අලංකාර ව සිදු කළ දැහැමි ක්රියාවන් ඔවුන්ගෙන් අප පිළිගත් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් වරදට හසුකර නොගෙන සමාව දුන් අය වෙති. ඔවුන් සමස්ත වශයෙන් ස්වර්ගවාසීන් වෙති. ඒ ගැන ප්රතිඥා දුන් මෙම ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. කිසිදු සැකයකින් තොරව එය උරුම වනු ඇත

وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّۢ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ فَيَقُولُ مَا هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿١٧﴾

තම දෙමාපියන්ට, ‘නුඹලා දෙදෙනාට විනාශයක්ම වේවා! මා මිය ගිය පසු මාගේ මිණිවලෙන් මා ජීවමානව බැහැර වනු ඇතැයි නුඹලා දෙදෙනා මට අවවාද කරන්නෙහු ද? පරම්පරා ගණනාවක් ඉකුත්ව ගොස් ඇත. එහි මිනිසුන් ගණනාවක් මියැදී ඇත. ඔවුන්ගෙන් කිසිවෙකු ජීවමානව යළි අවදි කරනු ලැබුවේ නැත’ යැයි පවසන්නා වනාහි, ඔහුගේ දෙමව්පියන් ඔවුන් දෙදෙනාගේ දරුවාට දේව විශ්වාසය වෙත මඟ පෙන්වන්නැයි අල්ලාහ්ගෙන් උදව් ඉල්ලා සිටිමින් ඔවුන් දෙදෙනාගේ පුතුන්ට, ‘නුඹ යළි අවදිකරනු ලැබීම ගැන විශ්වාස නොකරන්නේ නම් ඔබට විනාශ අත් වනු ඇත. එහෙයින් නුඹ එය විශ්වාස කරනු. යළි නැගිටවනු ලැබීම ගැන අල්ලාහ් දී ඇති ප්රතිඥාව සත්යයකි. එහි කිසිදු සැකයක් නැතැයි පවසා සිටිති. එවිට ඔහු, යළි නැගිටුවනු ලැබීම හෙළා දකිමින් නැවතත්, "යළි නැගිටුවනු ලැබීම ගැන පවසනු ලබන මෙය, මුතුන් මිත්තන්ගේ ග්රන්ථවලින් හා ඔවුන් ලියූ ලේඛනවලින් උපුටා ගන්නා ලද්දකි. අල්ලාහ්ගෙන් බව එය ස්ථීර නැතැ’යි පවසයි

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَـٰسِرِينَ ﴿١٨﴾

ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ දඬුවම අනිවාර්යය වූවෝ ඔවුහුමය. සැබැවින්ම ඔවුහු ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට අලාභහානි සිදු කරමින් නිරයට ප්රවේශ වීමෙන් අලාභවන්තයින් බවට වූවෝ වෙති

وَلِكُلٍّۢ دَرَجَـٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَـٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١٩﴾

ස්වර්ග වාසීන් හා නිරාවාසීන් යන කණ්ඩායම් දෙකින් සෑම කණ්ඩායමකටම ඔවුනොවුන්ගේ ක්රියාවන් අනුව තරාතිරම් ඇත. ස්වර්ගවාසීන්ගේ තරාතිරම උසස් නිලයකි. නිරාවාසීන්ගේ තරාතිරම පහත් තත්ත්වයකි. ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල අල්ලාහ් පූර්ණව ඔවුනට පිරිනමනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන් කළ පාපකම්හි කිසිවක් එකතු කිරීමෙන් ඔවුන් අසාධාරණයට ලක් වන්නේ නැත

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَـٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ ﴿٢٠﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුන් නිරා ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දින ඔවුහු එහි දඬුවමට ලක් වෙති. ඔවුන් හෙළා දකිමින් හා පහර දෙමින්, 'නුඹලාගේ මෙලොව ජීවිතයේ නුඹලාගේ යහකම් නුඹලා විනාශ කර ගත්තෙහුය. එහි ඇති වින්ඳනයන් වින්දෙහුය. නුඹලා කිසිදු යුක්තියකින් තොරව මහපොළොවේ උඩඟුකම් පෑ හේතුවෙන් ද දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් ද අද දින නුඹලා අවමානයට පත් කරන අපහාසයට පත් කරන දඬුවම නුඹලාට විපාක වශයෙන් පිරිනමනු ලැබේ.' යැයි පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿٢١﴾

أخاف عليكم عذاب يوم عظيم අහෝ දූතය! පෙළපතින් ආද්ගේ සහෝදර හූද් තුමා තම සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පහළ වීම ගැන අවවාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන්ගේ නිවෙස් අරාබි අර්ධත්වීපයට දකුණු දෙසින් වැලිකඳු මත පිහිටා තිබිණ. හූද්ට පෙරත් ඔහුගෙන් පසුවත් ඔවුන්ගේ සමූහයාට අවවාද කරමින්, ‘අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොනමදින මෙන් ඔවුනට පවසමින් පැමිණි දූතවරුන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් නුඹලා ඔහු සමග වෙනත් කිසිවකු නොනමදිනු. අහෝ මාගේ ජනයිනි! මහත් වූ දිනයේ දඬුවම නුඹලාට අත්වනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.' යැයි පැවසීය

قَالُوٓا۟ أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ ءَالِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٢٢﴾

ඔහුගේ ජනයා ඔහුට, ‘අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප හරවන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද? සැබැවින්ම එය නුඹට සුදුසු කාර්යයක් නොවන්නේ ය. එසේනම්, නුඹ වාද කරමින් සිටින දෑහි නුඹ සත්යවාදියෙකු නම් නුඹ අපට ප්රතිඥා දෙන දඬුවම අප වෙත ගෙන එනු’ යැයි පැවසීය

قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَـٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ﴿٢٣﴾

"දඬුවමෙහි වේලාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. ඒ ගැන දැනුම මට නැත. සැබැවින්ම නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මා වෙත එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙන්නෙකු පමිණි. නමුත් නුඹලාට ප්රයෝජනය ඇති දෑ නුඹලා අතහැර දමා; නුඹලාට හානිය ඇති දෑ ගෙන එමින් කටයුතු කරන අඥාන සමූහයක් ලෙස මම නුඹලාව දකිමි." යැයි ඔහු පැවසීය

فَلَمَّا رَأَوْهُ عَارِضًۭا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا۟ هَـٰذَا عَارِضٌۭ مُّمْطِرُنَا ۚ بَلْ هُوَ مَا ٱسْتَعْجَلْتُم بِهِۦ ۖ رِيحٌۭ فِيهَا عَذَابٌ أَلِيمٌۭ ﴿٢٤﴾

ඔවුන් ඉක්මන් කරමින් පැතූ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන්ගේ මිටියාවත දෙසට මුහුණලා අහස දෙසින් තාවකාලික වළාවක් සේ එය එනු දුටු ඔවුහු, ‘මෙය අපට වර්ෂාව ඇති කරන තාවකාලික වලාවකි’ යැයි පැවසුවෝය. ඔවුනට හූද් තුමා: සැබැවින්ම එය නුඹලාට වැසි ගෙන දෙන වලාවක් යැයි නුඹලා අනුමාන කරනවාක් මෙන් එම කරුණ නැත. එය නුඹලා ඉක්මන් කරන්නැයි පැතූ දඬුවමයි. එය වේදනාවෙන් පිරුණු දඬුවමේ සුළඟයි

تُدَمِّرُ كُلَّ شَىْءٍۭ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا۟ لَا يُرَىٰٓ إِلَّا مَسَـٰكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ ﴿٢٥﴾

විනාශ කරන මෙන් වූ අල්ලාහ්ගේ නියෝගය අනුව, එය කවර දෙයක් හරහා ගමන් ගත්තේද ඒ සියල්ල විනාශ කර දැමීය. ඔවුහු ද විනාශයට පත්වූහ. මීට පෙර ඔවුන් එහි සිටි බවට සාක්ෂි දරණ ඔවුන් පදිංචිව සිටි ඔවුන්ගේ නිවෙස් හැර වෙනත් කිසිවක් එහි දක්නට ලැබුණේ නැත. මෙම් වේදනීය ප්රතිවිපාකය මෙන් ප්රතිවිපාකයක් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරතව සිටින අපරාධකරුවන්හටත් අපි පිරිනමමු

وَلَقَدْ مَكَّنَّـٰهُمْ فِيمَآ إِن مَّكَّنَّـٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًۭا وَأَبْصَـٰرًۭا وَأَفْـِٔدَةًۭ فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَـٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٢٦﴾

සැබැවින්ම අප නුඹලාට නොදුන් පහසුකම් හූද්ගේ ජනයාට අපි පිරිනැමුවෙමු. සවන් දෙන්නට ඔවුනට සවන් ද, බලන්නට ඔවුනට දෘෂ්ටිය ද, වටහා ගන්නට හදවත් ද අපි ඇති කළෙමු. නමුත් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ දෘෂ්ටිය හෝ ඔවුන්ගේ බුද්ධිය හෝ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවීය. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන්ගෙන් එම දඬුවම ඒවා වැළැක්වූයේ නැත. එවිටද ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටියෝය. ඔවුන්ගේ නබිවරයා වූ හූද් (අලයිහිස් සලාම්) තුමා කවර දඬුවමක් ගැන ඔවුන් බියගැන්වූයේ ද ඒ ගැන හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය

وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ ٱلْقُرَىٰ وَصَرَّفْنَا ٱلْـَٔايَـٰتِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٢٧﴾

අහෝ මක්කා වැසියනි! සැබැවින් අපි නුඹ අවට පිහිටි ගම්මාන විනාශ කළෙමු. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් නැවත හැරෙනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුනට විවිධ සාක්ෂි හා සාධක ඉදිරිපත් කළෙමු

فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ ۖ بَلْ ضَلُّوا۟ عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢٨﴾

අල්ලාහ් හැර දමා නැමදුමෙන් හා සතුන් කැප කිරීමෙන් සමීප වන්නට බලන; ඒවා දෙවිවරුන් ලෙස ගත් ඔවුන්ගේ පිළිම ඔවුනට උදව් කළ යුතු නොවේ ද? ඒවා කිසිවිටෙක ඔවුනට උදව් කර නැත. ඉතා අත්යවශ්ය අවස්ථාවක ඒවා ඔවුන්ගෙන් සැඟවී ගොස් ඇත. සැබැවින්ම මෙම පිළිම ඔවුනට ප්රයෝජනවත් වන බවත් අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වන බවත් ඔවුන් විසින්ම ඇති කරගත් ඔවුන්ගේ ප්රබන්ධ හා ඔවුන්ගේ බොරුව (ස්ථීර) විය

وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًۭا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ ۖ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ ﴿٢٩﴾

අහෝ ධර්ම දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට සවන් දෙන ජින්නුන් කණ්ඩායමක් අපි නුඹ වෙත පහළ කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එය සවන් දෙන්නට ඔවුන් සහභාගී වූ කල්හි ඇතැමෙක් ඇතැමෙකුට, ‘අප එයට සවන් දිය හැකි සේ නුඹලා නිහඬ ව සිටිනු’ යැයි පැවසූහ. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය කියවා අවසන් කළ කල්හි, ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් හැරීගොස් ඔවුන් අල් කුර්ආනය විශ්වාස නොකළේ නම්, ඔවුනට හිමිවන අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුන් ඔවුනට අවවාද කරන්නට විය

قَالُوا۟ يَـٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَـٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍۢ مُّسْتَقِيمٍۢ ﴿٣٠﴾

ඔවුහු ඔවුනට, ‘අපගේ ජනයිනි, අල්ලාහ් වෙතින් පෙර පහළ කරන ලද දිව්යමය ග්රන්ථ සහතික කරමින්, මූසාගෙන් පසු අල්ලාහ් පහළ කළ දිව්ය ග්රන්ථයකට සැබැවින්ම අපි සවන් දුනිමු. අප සවන් දුන් එම ග්රන්ථය සත්යය වෙත මග පෙන්වයි. ඍජු මාර්ගය වෙත යොමු කරයි. එය ඉස්ලාම් නොහොත් අවනතවීමේ මාර්ගයයි’ යැයි පැවසුවෝය

يَـٰقَوْمَنَآ أَجِيبُوا۟ دَاعِىَ ٱللَّهِ وَءَامِنُوا۟ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ ﴿٣١﴾

අපගේ ජනයිනි, මුහම්මද් කවර සත්යයක් වෙත නුඹලාව ඇරයුම් කර සිටියේද එයට නුඹලා ප්රතිචාර දක්වනු. සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයකු බව විශ්වාස කරනු. නුඹලාගේ පාපකම් වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියේ සමාව අයද සිටියි. සත්ය වෙත නුඹලාව ඇරයුම් කරන විට නුඹලා එයට ප්රතිචාර නොදක්වා, සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයෙකු බව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් ඔහු නුඹලාව මුදවා ගනියි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍۢ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٣٢﴾

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සත්යයෙන් යුතුව කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද ඒ සඳහා කවරෙකු ඔහුට පිළිතුරු නොදෙන්නේ ද, එවිට මහපොළොවේ කිසිවිටෙක අල්ලාහ්ගෙන් පලා යන්නට ඔහුට නොහැකි වන්නේය. දඬුවමෙන් ඔහු මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් ඔහුට නැත. සත්යයෙන් පෙරළී පැහැදිලි නොමඟෙහි පසුවන්නෝ ඔවුහුමය

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ ۚ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٣٣﴾

كل شىء قدير යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ආදේශකයින්, සැබැවින්ම අහස් හා මහපොළොව ද ඒවායෙහි විශාලත්වය හා පුළුල්භාවය සමග මැවීමෙන් දුර්වල නොවූ අල්ලාහ්, විනිශ්චය හා ප්රතිඵල සඳහා මියගියවුනට ප්රාණය දීමට බලය ඇත්තා බව නොදුටුවෝද? එසේය, සැබැවින්ම ඔවුනට ජීවය දෙන්නට ඔහු බලය ඇත්තාය. සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ හි සර්වබලධාරීය. මළවුන්ට යළි ජීවය ලබාදෙන්නට නොහැකි කෙනෙකු නොවන්නේය

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَـٰذَا بِٱلْحَقِّ ۖ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿٣٤﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් දඬුවමට ලක් කිරීම සඳහා නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලා දකින මෙම දඬුවම් සැබෑවක් නොවේ ද? එසේ නැතහොත් මෙලොවෙහි නුඹලා පවසමින් සිටියාක් මෙන් එය බොරුවක් දැ?’යි විමසනු ලබති. ඔවුහු: ‘එසේය, අපගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම එය සත්යයකි’ යැයි පවසති. පසුව ඔවුනට, ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවම විඳවනු’ යැයි කියනු ලැබේ

فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّن نَّهَارٍۭ ۚ بَلَـٰغٌۭ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَـٰسِقُونَ ﴿٣٥﴾

අහෝ ධර්ම දූතය! නුඹේ ජනයා නුඹව බොරු කරන විට නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා නම් ප්රධාන පෙළේ දූතවරුන් ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද ඉවසීමෙන් සිටිනු. ඔවුනට දඬුවම් කිරීමට නුඹ ඉක්මන් නොවනු. සැබැවින්ම නුඹේ සමූහයා අතරින් මතුලොව දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලබන දෑ ඔවුන් දකින දින ඔවුන්ගේ දඬුවමේ දිගුභාවය හේතුවෙන් ඔවුන් මෙලොව දහවල් කාලයේ හෝරාවක් මිස රැඳි නොසිටියාක් මෙන් පවතී. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය මිනිසුන් හා ජින්නුන් සඳහා ප්රමාණවත් දැනුම් දීමකි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවන ජනයා මිස වෙනත් කිසිවකු දඬුවමින් ඔහු විනාශ කරන්නේ නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Ahqaf — الأحقاف

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා