ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَـٰلَهُمْ ﴿١﴾
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට සෙසු ජනයා අල්ලාහ්ගේ දහමින් පෙරළා දැමූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කළේය
මුල් පිටුව›තෆ්සීර්›Muhammad (47)
මදනී · 38 වාක්‍ය
ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَـٰلَهُمْ ﴿١﴾
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට සෙසු ජනයා අල්ලාහ්ගේ දහමින් පෙරළා දැමූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කළේය
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍۢ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ ﴿٢﴾
بالهم තවද අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ දෑ -එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යයයි- විශ්වාස කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් ඔහු ඔවුන්ගෙන් පහ කළේය. ඔවුන් වරදකරුවන් ලෙස ඔහු හසු නො කළේය. ඔවුන්ගේ ලෞකික මෙන්ම අධ්යාත්මික කටයුතු ඔහු ඔවුනට විධිමත් කර දුන්නේය
ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَـٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَـٰلَهُمْ ﴿٣﴾
أمثلهم සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ව්යාජ දෑ අනුගමනය කළ බැවින් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය අනුගමනය කළ බැවින් ද මෙම කණ්ඩායම් දෙකට ඉහත සඳහන් කරනු ලැබූ ප්රතිඵල හිමි විය. ඔවුන්ගේ කැපවීමේ වෙනස්වීම් අනුව ඔවුනට හිමිවන ප්රතිඵලද වෙනස් වනු ඇත. දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් යන මෙම කණ්ඩායම් දෙකෙහි පවතින ප්රඥාව අල්ලාහ් පැහැදිලි කර සිටියා සේම ඔවුන් උපමාවට ගනිමින් අල්ලාහ් ජනයාට ඉදිරිපත් කරයි. දැක්මක් ඇත්තා දැක්මක් ඇත්තන් සමග සේන්දු වනු ඇත
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَـٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍۢ ۗ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَـٰلَهُمْ ﴿٤﴾
ه يضل أعملهم අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් යුද පිටියේ නුඹලා හමු වූ විට, නුඹලාගේ අසපතින් ඔවුන්ගේ ගෙලවල් සිඳ දමනු. ඔවුන්ගේ මරණ සංඛ්යාව නුඹලා අධික කරන තෙක් ඔවුන් සමග යුද්ධ කරමින්ම සිටිනු. ඔවුන්ගේ බලය හීන කරනු. ඔවුන් අතර මිය ගිය ඇත්තන් නුඹලා අධික කළ විට සිරකරුවන් තදින් හසුකර ගනු. නුඹලා ඔවුන් සිරකරුවන් ලෙස ගත් විට යහපත මුල් කර ගනිමින් ඔවුන්ගෙන් වන්දියක් නොලබා නිදහස් කිරීම හෝ ඔහු වෙනුවට මුදලක් හෝ වෙනත් පුද්ගලයකු හෝ වන්දි වශයෙන් ලබා නිදහස් කිරීම යන කරුණු දෙකින් එකක් තෝරා අනුග්රහය දැක්වීමේ නිදහස ඇත. යුද්ධය දේව ප්රතික්ෂේපකයින් යටත් කිරීමෙන් හෝ ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගැනීමෙන් අවසන් වන තුරු නුඹලා ඔවුන් සමග සටන් වැදීම හා ඔවුන් සිරගත කිරීම දිගටම සිදු කරනු. දේව ප්රතික්ෂේපකයින් තුළින් දේව විශ්වාසීන් පරීක්ෂණයට භාජනය වීම, මෙවන් දිනයන් මාරුවෙන් මාරුව පැවතීම, ඇතැමෙක් ඇතමෙකු ජය ගැනීම යනාදී කරුණු අල්ලාහ්ගේ තීන්දුවය. කිසිදු යුද්ධයකින් තොර ව දේව ප්රතික්ෂේපකයින්ගෙන් ජය ලබා දෙන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගෙන් ජය ලබා දෙනු ඇත. නමුත් නුඹලා එකිනෙකා පරීක්ෂා කරනු පිණිස ජිහාද් හෙවත් කැප වීම ආගමානුගත කළේය. දේව විශ්වාසීන් අතරින් සටන් කරන්නන් හා සටන් නොකරන්නන් ඔහු පරීක්ෂා කරයි. දේව විශ්වාසියා තුළින් දේව ප්රතික්ෂේපකයා ද පරීක්ෂාවට ලක් කරයි. දේව විශ්වාසියා මිය ගියේ නම් ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. ඔහු දේව විශ්වාසියාව ඝාතනය කළේ නම් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නිරයට පිවිසෙනු ඇත. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. سيهديهم ويص لح بالهم
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ ﴿٥﴾
ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළ සත්යය පිළිපදින්නට ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන්ගේ කටයුතු ඔහු විධිමත් කරනු ඇත
وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ ﴿٦﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. එහි ස්වරූපය ගැන මෙලොවෙහි ඔවුනට පැහැදිලි කරනු ලැබීය. ඔවුහු එය වටහා ගත්තෝය. මතුලොවෙහි ඔවුන්ගේ නවාතැන ගැනද ඔවුහු එහි දැන ගත්තෝය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ ﴿٧﴾
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නබිවරයාට, ඔහුගේ දහමට, දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමෙන් නුඹලා අල්ලාහ්ට උදව් කරන්නෙහු නම් ඔවුනට එරෙහිව අභිබවා යෑමට ඔහු නුඹලාට ආශිර්වාද කරමින් උදව් කරනු ඇත. යුධ පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ නුඹලාගේ පාද ස්ථාවර කරනු ඇත
وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًۭا لَّهُمْ وَأَضَلَّ أَعْمَـٰلَهُمْ ﴿٨﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට අලාභය හා විනාශය සතු විය. ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ ﴿٩﴾
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ අල් කුර්ආනයේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ සඳහන් වන නිසාවෙන් එය ඔවුන් පිළිකුල් කළ බැවිණි. අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය. ඔවුන් මෙලොවෙහි මෙන්ම මතලොවෙහි ද පරාජයට පත්වූවෝය
۞ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَـٰفِرِينَ أَمْثَـٰلُهَا ﴿١٠﴾
මෙම බොරුකාරයින් මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබලන්නේ ද? ඔවුන්ගේ අවසානය වඩාත් වේදනීය අවසානයක් විය. ඔවුන්ගේ වාසස්ථාන අල්ලාහ් සුනුවිසුනු කර දැම්මේය. ඔවුන්ව විනාශ කළේය. ඔවුන්ගේ දරුවන් හා ඔවුන්ගේ සම්පත් ද විනාශ කළේය. සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම මෙන් වූ විපාක අත් විය
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَـٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ ﴿١١﴾
මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන් සඳහන් කරන ලද එම කුසල් හිමි වනුයේ, සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔහු උදව් කරන්නා වන බැවින් හා ඔහුව ප්රතික්ෂේප කළවුනට කිසිදු උදව් කරුවකු හෝ නොවන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَـٰمُ وَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ ﴿١٢﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට,දැහැමි ක්රියාවන්හි නිරතවූවන් වනාහි සැබැවින්ම අල්ලාහ් ඔවුන් ස්වර්ග මාලිගා හා ගස්වලට යටින් ගලා යන ගංගාවන් සහිත උයන් වලට ඇතුළත් කරන්නේය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් මෙලොවෙහි තම ආශාවන් අනුගමනය කරමින් භුක්ති විඳිති. සතුන් ආහාර ගන්නාක් මෙන් අනුභව කරති. ඔවුන්ගේ කුස් හා ඔවුන් රහස් අවයව පිළිබඳ කිසිදු තැකීමක් ඔවුනට නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගොස් නවතැන් ගන්නා ස්ථානය නිරයයි
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةًۭ مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَـٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ ﴿١٣﴾
මක්කාවාසීහු නුඹව මක්කාවෙන් නෙරපා හැරිය මක්කා දේශයට වඩා බලයෙන් ශක්තිමත් වූ ධනයෙන් හා දරුවන්ගෙන් අධික වූ පෙර සමූහයන්ගේ ගම්මාන කොපමණක් වීද? ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ බැවින් අපි ඔවුන් විනාශ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි විට එයින් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව් කරුවකු ඔවුනට නොවීය. මක්කාවාසීන් විනාශ කිරීමට අපි සිතුවේ නම් එය අපට කළ නොහැක්කක් නොවේ
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم ﴿١٤﴾
අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි කෙනෙකු මත වී ඔහු එම සාධක මත පදනම්ව අල්ලාහ්ට ගැතිකම් කරන්නේ නම් එවැන්නෙකු ෂෙයිතාන් ඔහුගේ ක්රියාව අලංකාරවත් කර පිළිම වන්දනාව, පාපකම් කිරීම හා දූතවරුන් බොරුකිරීම වැනි ඔවුන්ගේ ආශාවන් ඔවුන් වෙත නැඹුරු කරවන දෑ අනුගමනය කළවුන් මෙන් වන්නේ ද?
مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ فِيهَآ أَنْهَـٰرٌۭ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍۢ وَأَنْهَـٰرٌۭ مِّن لَّبَنٍۢ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَـٰرٌۭ مِّنْ خَمْرٍۢ لَّذَّةٍۢ لِّلشَّـٰرِبِينَ وَأَنْهَـٰرٌۭ مِّنْ عَسَلٍۢ مُّصَفًّۭى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَـٰلِدٌۭ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًۭا فَقَطَّعَ أَمْعَآءَهُمْ ﴿١٥﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කළවුන් වනාහි ඔවුන් ඇතුළත් කරන බවට අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ස්වර්ගයේ ස්වරූපය, ‘කල් ගත වීමෙන් සුවයේ හෝ ගන්ධයේ හෝ වෙනසක් ඇති නොවන ජල ගංගා එහි ඇත. එමෙන්ම සුවය වෙනස් නොවන කිරි ගංගා ද ඇත. පානය කරන්නන්හට මිහිර ගෙන දෙන මධු ගංගා ද ඇත. රොඩුවලින් පිරිසිදු කරන ලද මී පැණි ගංගා ද ඇත. ඔවුන් අභිමත කරන පරිදි සියලුම වර්ගයේ පළතුරු ද ඇත. ඒ සියල්ලටම ඉහළින් ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව ඇත. ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන් වරදකරුවන් ලෙස ග්රහණය නොකරයි. මෙම ප්රතිඵල ඇති පුද්ගලයා ගැලවුමක් නැති නිරා ගින්නේ රැඳී සිටින, උණුසුම් ලෝ දිය පානයට දෙනු ලබන, එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් ඔවුන්ගේ බලවැල් ඉරා දමනු ලබන පුද්ගලයා සමග සමාන වන්නේ ද?
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ﴿١٦﴾
ى අහෝ දූතය! පිළිගැනීමකින් තොරව නුඹ වෙත සවන් දෙන්නන් කුහකයින් අතර වෙති. එයට සවන් දී නුඹෙන් ඔවුන් පිටව යෑමත් සමගම එයට පිටුපාති. අල්ලාහ් දැනුම ලබා දුන් අයට ඔවුහු, ‘ටිකකට කළින් ඔහුගේ කතාවෙහි ඔහු කුමක් පැවසුවේ ද?' යැයි ඔවුන් මෝඩයින් බවට පත් කර පිටුපාමින් පවසති. ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබූ අය ඔවුහුමය. එහෙයින් ඒ වෙත කිසිදු යහපතක් සේන්දු වන්නේ නැත. ඔවුහු ඔවුන්ගේ ආශාවන් අනුගමනය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරති. ඒවා සත්යයෙන් ඔවුන්ව අන්ධ කරති
وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًۭى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ ﴿١٧﴾
තවද සත්ය මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබ; දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැද්දවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග හා යහපත වෙත ආශිර්වාද කිරීම අධික කරනු ඇත. නිරාගින්නෙන් ඔවුන් ආරක්ෂා වන පරිදි ක්රියා කිරීමට ඔහු ඔවුනට ඉඩ සළසා දෙනු ඇත
فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ ﴿١٨﴾
දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඔවුනට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ක්ෂණිකව අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණීම මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු වන්නේ ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එවීමත්, සඳු දෙබෑ වීමත් එම සලකුණු අතරිනි. අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණි විට, මතක් කිරීම ඔවුන්ට ප්රයෝජනවත් වේ යැයි සිතිය නොහැක?
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ ﴿١٩﴾
අහෝ දූතය! අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුමට ලක්වන කිසිවක් නොමැති බව නුඹ තරයේ විශ්වාස කරනු. නුඹේ පාපයන් සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්ගේ පාපයන් සඳහාත් ඔහුගෙන් නුඹ සමාව අයැද සිටිනු. නුඹලාගේ දහවල් කාලයේ නුඹලා ගනුදෙනු කරන දෑ ද නුඹලාගේ රාත්රි කාලයෙහි නුඹලා නවාතැන් ගන්නා තැන ද අල්ලාහ් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌۭ ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌۭ مُّحْكَمَةٌۭ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ ﴿٢٠﴾
අල්ලාහ්ව විශ්වාස කළවුන් -යුද්ධ නීති ඇතුළත් පරිච්ඡේදයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරනු ඇතැයි යන විශ්වාසයෙන්- "යුද්ධය පිළිබඳ මෙනෙහි කරමින් ඒ ගැන අල්ලාහ් පරිච්ඡේදයක් පහළ නොකරන්නේ දැ?"යි විමසා සිටියේය. එසේ යුද්ධය මෙනෙහි කරමින් එහි නීති හා විස්තර ඇතුළත් නීතිමය සූරාවක් අල්ලාහ් පහළ කළ විට අහෝ දූතයිනි! ඔවුන්ගේ හදවත් තුළ රෝග ඇති කුහකයින් දැඩි බියකින් හා ත්රාසයකින් යුතු ව සිහිවිකල් වූ අයකු බලන බැල්මෙන් නුඹ වෙත බලනු ඇත. යුද්ධය පුනරාවර්තනය වීම හා ඒ ගැන ඇති බිය හේතුවෙන් සැබැවින්ම ඔවුන්ගේ දඬුවම ඔවුනට ඉතා සමීප බවත් ඔවුනට වඩාත් යෝග්ය බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය
طَاعَةٌۭ وَقَوْلٌۭ مَّعْرُوفٌۭ ۚ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًۭا لَّهُمْ ﴿٢١﴾
අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් යටත් වීමත්, පිළිකුල් කිරීමකින් තොරව යහ වදනින් කතා කිරීමත් ඔවුනට උතුම් වන්නේය. යුද්ධ කිරීම අනිවාර්ය කරනු ලැබූ විට බරපතලකම වැඩි වනු ඇත. අල්ලාහ් ගැන ඔවුන්ගේ විශ්වාසය තුළ හා ඔහුට අවනත වීම තුළ ඔවුන් ඔහු ව සැබෑ ලෙස පිළිගත්තේ නම් කුහකත්වය හා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීමට වඩා ඔවුනට ශ්රේෂ්ඨ වන්නේය
فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ ﴿٢٢﴾
අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් හා ඔහුට අවනත වීමෙන් නුඹලා හැරුණෙහු නම්, අඥාන යුගයේ නුඹලාගේ තත්ත්වය තිබුණාක් මෙන් නුඹලාගේ තත්ත්වය ඉහවහා ගොස් සැබැවින්ම නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මහපොළොවේ කලහකම් කරනු ඇත. ඥාතී සම්බන්ධකම් බිඳ හෙළනු ඇත
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَـٰرَهُمْ ﴿٢٣﴾
මහපොළොවේ කලහකම් කරන බවටත්, ඥාතී සම්බන්ධකම් බිඳ දමන බවටත් විස්තර කරනු ලැබූ මොවූහුය අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබූවන් වන්නෝ. සත්යට අනුකූලව පිළිගන්නා සේ සවන් දීමෙන් ඔවුන්ගේ කන් බිහිරි භාවයට පත් කළේය. සැලකිලිමත් බැල්මෙන් ඒ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔහු අන්ධ කළේය
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ ﴿٢٤﴾
එහෙයින් සත්යයට පිටුපාන්නන් අල් කුර්ආනය ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එහි ඇති දෑ ගැන සිතා බැලිය යුතු නොවේද? ඔවුන් එය පරිශීලනය කරන්නේ නම් සියලුම යහපත් දෑ වෙත ඔවුන් මග ලබනු ඇත. සියලුම අයහපත් දැයින් ඔවුන් දුරස් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ හදවත් ආවරණය කරන තීන්දුවකින් ඒ මත අගුලු වැටී ඇත්තේ ද? එසේ නම් ඒ වෙත උපදෙස් සේන්දු වන්නේ නැත. මෙනෙහි කිරීම එයට ප්රයොජනවත් වන්නේ නැත
إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَـٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ ﴿٢٥﴾
ඔවුනට පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව ඔවුනට පැහැදිළි කිරීමෙන් පසුව සැබැවින්ම කවරෙකු ඔවුන්ගේ එම විශ්වාසයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය හා කුහකත්වය දෙසට නැඹුරු වූයේ ද සැබැවින්ම එසේ ඔවුනට එම දේව ප්රතික්ෂේපය හා කුහකත්වය ඔවුනට අලංකාරවත් කළේත් ඔවුනට ඒ සඳහා පහසුකම් ඇති කළේත් ඔවුනට නිෂ්ඵල සිතුවිලි පිරිනැමුවේත් ෂෙයිතාන්මය
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ ﴿٢٦﴾
ඔවුනට එම නොමග යෑම ඇති වූයේ තම ධර්ම දූතයාණන්ට පහළ වූ දේව පණිවිඩ ගැන පිළිකුල් කළ දේව ආදේශකයින්හට ඔවුන්: "යුද්ධ කිරීමෙන් පසුබෑම වැනි ඇතැම් කරුණුවලදී අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි රහසිගතව පවසා සිටි බැවිණි. ඔවුන් රහසින් පවසන දෑ ද සගවාගෙන සිටින දෑ ද අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒවායින් ඔහු අභිමත කරන දෑ තම ධර්ම දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට හෙළි කරනු ඇත
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَـٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ ﴿٢٧﴾
ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කර ගැනීම සඳහා නියම කරන ලද මලක්වරු ඔවුන්ගේ මුහුණුවලට හා ඔවුන්ගේ කොඳුවලට යකඩ මුගුරුවලින් පහර දෙමින් ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කරන විට, ඔවුන් දකින දඬුවම හා ඔවුන්ගේ අභාග්යමත් තත්ත්වය කෙසේ නම් වන්නේද?
ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ ﴿٢٨﴾
එම දඬුවම ඔවුනට අත් වූයේ අල්ලාහ් කෝපයට පත් වන දේව ප්රතික්ෂේපය, කුහකත්වය, අල්ලාහ් හා රසූල්ට අභියෝග කිරීම වැනි දෑ ඔවුන් අනුගමනය කළ බැවින් හා ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සමීප කරවන ඔහුගේ තෘප්තිය ඔවුනට අත්වන දේව විශ්වාසය, ඔහුගේ දූතයාණන් පිළිපැදීම වැනි දෑ ඔවුන් පිළිකුල් කළ බැවිණි. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَـٰنَهُمْ ﴿٢٩﴾
සිත් තුළ සැකය ඇති කුහකයින් ඔවුන්ගේ ක්රෝධය අල්ලාහ් කිසිවිටෙක හෙළි නොකරනු ඇතැයි සිතන්නේ ද? බොරුකාරයාගෙන් දේව විශ්වාසී සත්යවාදියා කවුරුන්දැයි වෙන් කර හඳුනා ගැනීමටත් දේව විශ්වාසියා පැහැදිළි කර ගැනීමටත් කුහකයා නිදර්ශනය කිරීමටත් සැබැවින්ම පරීක්ෂණයක් ලෙස ඔහු එය හෙළි කරනු ඇත
وَلَوْ نَشَآءُ لَأَرَيْنَـٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَـٰهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَـٰلَكُمْ ﴿٣٠﴾
අහෝ ධර්ම දූතය! කුහකයින් පිළිබඳ නුඹට හඳුන්වා දෙන්නට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි ඔවුන් හඳුන්වා දෙන්නෙමු. ඔවුන්ගේ සළකුණු මගින් නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. එමෙන්ම ඔවුන් කතා කරන විලාශයෙන් ද නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. ඉන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَـٰهِدِينَ مِنكُمْ وَٱلصَّـٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ ﴿٣١﴾
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ජිහාද් හෙවත් අසාධාරණයට එරෙහිව යුද්ධ කිරීම, සතුරන් සමග සටන් කිරීම, ඝාතනයට ලක්වීම යනා දී කරුණු තුළින් නුඹලා අතර අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපුදා කැපවන්නන් කවුරුන්දැයි ද, සතුරන් සමග සටන් කිරීමේදී ඉවසිලිවන්තයින් කවුරුන්දැයි ද අප දැනුම්වත් කරන තුරු අපි නුඹලාව පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද අපි නුඹලාව පරීක්ෂණයට ලක් කර නුඹලා අතරින් සත්යවාදියා කවුරුන් දැයි ද අසත්යවාදියා කවුරුන් දැයි ද අපි හඳුනා ගන්නෙමු
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَسَيُحْبِطُ أَعْمَـٰلَهُمْ ﴿٣٢﴾
وسيح بط أعملهم සැබැවින්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කොට; අල්ලාහ්ගේ දහමින් තමන් වැළකී; සෙසු ජනයා ද ඉන් වළක්වා; ඔහුගේ දූතයාණන්ට පිටුපා; සැබැවින්ම ඔහු නබිවරයකු යැයි පැහැදිළි වූවායන් පසු දූතයාණන්ට සතුරුකම් පා ඔහුට විරුද්ධව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු කළේ නැත. සැබැවින්ම ඔවුන් හානි කරගෙන ඇත්තේ ඔවුන්ටමය. ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්පල කරනු ඇත
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَـٰلَكُمْ ﴿٣٣﴾
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! අල්ලාහ් හා රසූල් කවර නියෝගයක් කර ඇත්තේ ද නුඹලා ඒවා පිළිපදිමින්, ඔවුන් දෙදෙනා කවර කරුණක් තහනම් කළේ ද ඒවායින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වනු, තවද දූතයාණන්ට ද අවනත වනු. දේව ප්රතික්ෂේපය හා මුහුණිච්චාව හේතුවෙන් නුඹලාගේ ක්රියාවන් නුඹලා නිෂ්ඵල කර නොගනු
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ﴿٣٤﴾
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට" ඔවුන්ද අල්ලාහ්ගේ දහමින් හැරී, ජනයා ද ඉන් හරවා, පසුව පාපක්ෂමාවෙහි නිරත වීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම මියැදුණු අය වනාහි, ඔවුන්ගේ පාපකම් සඟවා අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේම නැත. ඒ හේතුවෙන් ඔවුන් අපාරධකාරුවන් බවට ඔහු හසුකරනු ඇත. සදා වෙසෙන නිරා ගින්නට ඔවුන් ප්රවේශ කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَـٰلَكُمْ ﴿٣٥﴾
එහෙයින් විශ්වාස කළවුනි! නුඹලා නුඹලාගේ සතුරන් හමුවීමට අධෛර්යමත් නොවනු. නුඹලා බලවතුන් හා ජයග්රාහකයින් ලෙස සිටියදී ඔවුන් නුඹලාව සමාදානය වෙත ඇරයුම් කිරීමට පෙර නුඹලා ඔවුන් සමාදානය වෙත ඇරයුම් නොකරනු. අල්ලාහ්ගේ උපකාරයෙන් හා ස්ථාවරත්වයට පත් කිරීමෙන් ඔහු නුඹලා සමගය. නුඹලාගේ ක්රියාවන් සතු කුසල් කිසිවක් නුඹලාට අඩු වන්නේ නැත. නුඹලාට පිරිනැමීමක් හා අමතර වශයෙන් එයින් අධිකර කර දෙනු ඇත
إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ ﴿٣٦﴾
සැබැවින්ම මෙලොව ජීවිතය සෙල්ලමකි, විහිළුවකි. බුද්ධිමතා, ඔහුගේ මතුලොව වෙනුවෙන් වූ කටයුතු, එමගින් විනාශ කර නොගනිති. නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කර, ඔහු නියෝග කළ දෑ පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ නම්, නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණව ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලාගේ සියලුම සේසත ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. සැබැවින්ම නුඹලාගෙන් ඔහු අපේක්ෂා කරනුයේ අනිවාර්යය වූ සකාත් බද්ධ පමණි. إن يسٔلكموها فيحفكم تبخلوا ويخرج أضغنكم
إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَـٰنَكُمْ ﴿٣٧﴾
නුඹලාගේ සියලුම වස්තුව ඔහු නුඹලාගෙන් ඉල්ලා, එසේ බල කර සිටින්නේ නම්, ඒ ගැන නුඹලා මසුරු වන්නෙහුය. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ පිළිකුල නුඹලාගේ හදවත් තුළින් ඉස්මතු වනු ඇත. එහෙයින් නුඹලා කෙරෙහි වූ කාරුණිකභාවය නිසා නුඹලාගෙන් එසේ ඉල්ලා සිටීම ඔහු අතහැර දැමීය
هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ ۚ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَـٰلَكُم ﴿٣٨﴾
අහෝ නුඹලා! අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ වස්තුවෙන් කොටසක් වියදම් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නෙහුය. නුඹලාගේ සියලුම වස්තුව වියදම් කරන මෙන් ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. නමුත් නුඹලා අතරින් වියදම් කිරිමට මසුරු වී එය වළක්වන පිරිසක් ද ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීමට කවරෙකු මසුරු වන්නේ ද සැබැවින්ම ඔහු එසේ මසුරු වනුයේ වියදම් කිරීමෙන් හිමි වන කුසල් අහිමි කර ගනිමින් තමන්ටම එරෙහිවය. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. නුඹලා වියදම් කිරීම ගැන කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. නුඹලා ඔහු වෙත බැගෑපත් වන්නෝ වෙති. නුඹලා ඉස්ලාමයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය වෙත යොමු වන්නේ නම් ඔහු නුඹලාව විනාශ කොට නුඹලා නොවන වෙනත් සමූහයක් ගෙන එනු ඇත. පසුව ඔවුන් නුඹලා මෙන් නොවෙති. ඔහුට අවනත වන්නන් ලෙස කටයුතු කරනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත