මුල් පිටුවතෆ්සීර්Al-Fath (48)

තෆ්සීර් Al-Fath (48) — الفتح

මදනී · 29 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًۭا مُّبِينًۭا ﴿١﴾

අහෝ දූතය! හුදයිබිය්යා සාම ගිවිසුම තුළින් පැහැදිලි ජයග්රහණයක් සැබැවින්ම අපි නුඹලාට ලබා දුනිමු

لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ﴿٢﴾

මෙම ජයග්රහණයට පෙර නුඹ කලින් සිදු කළ පාපයන් හා ඉන් පසුව සිදු කළ පාපයන් සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසය. නුඹේ දහමට උදව් කරමින් නුඹ වෙත ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද පූර්ණවත් කරනු පිණිසය. එමෙන්ම කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත ඔහු නුඹට මග පෙන්වනු පිණිසය. එය ඍජු ඉස්ලාමීය මාර්ගයයි

وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا ﴿٣﴾

නුඹගේ සතුරන්ට එරෙහි ව ඉමහත් ජයග්රහණයකින් අල්ලාහ් නුඹට ජය අත්පත් කර දෙනු ඇත. කිසිවකු විසින් එය වැළැක්විය නොහැක

هُوَ ٱلَّذِىٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِى قُلُوبِ ٱلْمُؤْمِنِينَ لِيَزْدَادُوٓا۟ إِيمَـٰنًۭا مَّعَ إِيمَـٰنِهِمْ ۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ﴿٤﴾

ස්ථාවරත්වය හා තැන්පත්බව දේව විශ්වාසීන්ගේ හදවත් තුළට පහළ කරනුයේ අල්ලාහ්ය. එය ඔවුන්ගේ විශ්වාසයට ඉහළින් විශ්වාසය තවතවත් ඔවුන් වර්ධනය කරගනු පිණිසය. අහස් හා මහපොළොවේ සේනාව අල්ලාහ්ට පමණක් සතුය. එමගින් ඔහු තමන් අභිමත කරන ගැත්තන් බලවත් කරනු ඇත. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුනට ගෙන දෙන ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ ඔහු ප්රඥාවන්තය

لِّيُدْخِلَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوْزًا عَظِيمًۭا ﴿٥﴾

අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් විශ්වාස කරන පිරිමින් හා කාන්තාවන් ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ප්රවේශ කරනු ඇත. ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් මකා දමනු ඇත. ඔවුන් වැරදිකරුවන් බවට හසු කර නොගනු ඇත. -අපේක්ෂිත දෑ හිමි කර ගැනීම. එය ස්වර්ගයයි. බිය ගන්වනු ලැබූ දැයින් දුරස් වීම. එය නපුරුකම් හේතුවෙන් වරදකරුවකු බවට පත්වීමයි. යන - මෙම මෙනෙහි කිරීම් කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අල්ලාහ් අබියස පවතින අති මහත් ජයග්රහණය විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًۭا ﴿٦﴾

කුහකයින් හා කුහක කාන්තාවන්ට ඔහු දඬුවම් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දහමට උදව් නොකරයි, ඔහුගේ ප්රකාශය උසස් නොකරයි යැයි සිතා ඔහුට ආදේශ තැබූවන් හා එසේ ආදේශ තැබූ කාන්තාවන්ට ද ඔහු දඬුවම් කරනු ඇත. දඬුවමේ කවය පුරුදු පරිදි ඔවුනට අත් විය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරු සිතුවිලි හේතුවෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා දැමීය. ඔවුන් වෙනුවෙන් මතුලොවෙහි නිරය සුදානම් කළේය. ඔවුන් එහි පිවිස සදාකල් වෙසෙනු ඇත. ඔවුන් යොමු කරනු ලබන ස්ථානයෙන් නිරය නපුරු විය

وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا ﴿٧﴾

අහස්හි හා මහපොළොවේ සේනාව අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් එමගින් බලවත් කරනු ඇත. අල්ලාහ් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًۭا وَمُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿٨﴾

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹව, නුඹේ සමූහයා වෙත සාක්ෂි දරන සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් හට අල්ලාහ් මෙලොවෙහි සූදානම් කර ඇති ජයග්රහණ හා පහසුකම් පිළිබඳ හා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති සැපවත් ජීවිතය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව සූදානම් කර ඇති දේව විශ්වාසීන්ගේ අතින් අත්වන පරාජය හා අවමාන ගැන හා මතුළොවෙහි සූදානම් කර ඇති ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන බිය ගන්වෙන්නෙකු ලෙසත් අපි නුඹව අවදි කරන්නෙමු

لِّتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةًۭ وَأَصِيلًا ﴿٩﴾

අල්ලාහ්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ට ගරු කොට ඔහුව කීර්තියට පත් කරනු ඇතැයි ද, දහවල් ආරම්භයේ හා එහි අවසානයේ නුඹලා අල්ලාහ්ව සුවිශුද්ධ කරනු ඇතැයි ද යන දැහැමි අපේක්ෂාවෙනි

إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِۦ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَـٰهَدَ عَلَيْهُ ٱللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا ﴿١٠﴾

අහෝ ධර්ම දූතය! දෙවියන්ට ආදේශ කරන මක්කා වාසීන් සමග යුද වදින බවට රිළ්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් අය වනාහි, සැබැවින්ම ඔවුන් එසේ ප්රතිඥා කර ඇත්තේ අල්ලාහ්ටය. හේතුව දේව ආදේශකයින් සමග සටන් කරන මෙන් ඔවුනට නියෝග කළේ ඔහුය. ඔවුනට ප්රතිඵල පිරිනමනුයේ ද ඔහුය. ප්රතිඥා දෙන අවස්ථාවේ ඔවුන්ගේ අත්වලට ඉහළින් අල්ලාහ්ගේ අත විය. ඔහු ඔවුන් කෙරෙහි බලා සිටින්නාය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. කවරෙකු තම ප්රතිඥාව කඩ කර අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව ඉටු නොකළේ ද එසේ ඔහුගේ ප්රතිඥාව කඩ කිරීමේ හා ගිවිසුම උල්ලංඝණය කිරීමේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති නොකරයි. අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව කවරෙකු ඉටු කළේද ඔහු ඔහුට අතිමහත් ප්රතිඵල පිරිනමනු ඇත. එය ස්වර්ගයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا ﴿١١﴾

ه අහෝ දූතය! මක්කාව වෙත නුඹ යන ගමනේ නුඹ සමග යෑමට පසුබැස්සා වූ අරාබිවරුන් හට ඔබ දොස් නගන විට ඔවුහු නුඹට, ‘අපගේ සම්පත් රැක ගැනීමේ හා අපගේ දරුවන් රැක ගැනීමේ කටයුතුවල අපි කාර්ය බහුල වූ බැවින් නුඹ සමග යන්නට නොහැකි විය. එහෙයින් අපගේ පාපකම් සඳහා නුඹ අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිනු’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ හදවත් තුළ නැති දෑ මුවින් ප්රකාශ කරමින් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින මෙන් ඔවුහු නබි තුමාගෙන් ඉල්ලා සිටිති. නමුන් ඔවුහු ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ඉල්ලා නොසිටිති. නුඹ ඔවුනට, ‘නුඹලාට යම් යහපත් අල්ලාහ් අභිමත කළේ නම් හෝ නුඹලාට යම් අයහපතක් ඔහු අභිමත කළේ නම් හෝ අල්ලාහ් වෙතින් ඒ කිසිවක් කිසිවකු විසින් නුඹලාට සතු කර දීමට නො හැකිය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා සිදු කරන ක්රියාවන් නුඹලා සඟවා සිටිය ද ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلْمُؤْمِنُونَ إِلَىٰٓ أَهْلِيهِمْ أَبَدًۭا وَزُيِّنَ ذَٰلِكَ فِى قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ ٱلسَّوْءِ وَكُنتُمْ قَوْمًۢا بُورًۭا ﴿١٢﴾

قوما بورا දරුවන් හා සම්පත් රැක බලා ගැනීමේ කටයුතුවල කාර්යබහුල වීම හේතුවෙන් එතුමා සමග නුඹලා ගමන් කිරීමට පසුබට වූ බව නිදහසට කරුණු දක්වා සිටින දෑ එසේ නැත. නමුත් නුඹලා සැබැවින්ම දූතයාණන් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා විනාශ වී යනු ඇතැයි ද, ඔවුන් නැවත මදීනාවේ විසූ ඔවුන්ගේ නිවැසියන් වෙත නොපැමිණෙනු ඇතැයි ද සිතුවෙහුය. නුඹලාගේ හදවත් තුළ ෂෙයිතාන් එය අලංකාරවත් කළේය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඔහුගේ නබිවරයාට උදව් නොකරන්නේ යැයි ඔහු ගැන නරක සිතුවිල්ලක් ඇති කර ගත්තෙහුය. අල්ලාහ් ගැන තැබූ නපුරු සිතුවිලි හා ඔහුගේ දූතයාණන්ගෙන් පසුබසිමින් නුඹලා කවර කරුණක් ඉදිරිපත් කළේ ද ඒ හේතුවෙන් නුඹලා විනාශකාරී පිරිසක් බවට පත්වූයෙහුය

وَمَن لَّمْ يُؤْمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَعِيرًۭا ﴿١٣﴾

කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස නොකළේ ද ඔහු දේව ප්රතික්ෂේපකයෙකු වෙයි. අල්ලාහ්ව ප්රතිපක්ෂේප කළවුන් එහි දඬුවම් ලබනු පිණිස අවුළනු ලැබූ නිරා ගින්නක්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙනුවෙන් අපි සූදානම් කර ඇත්තෙමු

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿١٤﴾

අහස් හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට පාපක්ෂමාව පිරිනමා, ඔහුගේ භාග්යය තුළින් ඔහුව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් මහත් සේ සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَن يُبَدِّلُوا۟ كَلَـٰمَ ٱللَّهِ ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا۟ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًۭا ﴿١٥﴾

අහෝ දෙවියන් විශ්වාස කළවුනි! හුදෙයිබා ගිවිසුමෙන් පසු ව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් කයිබර්හි සතුරන් විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා, නුඹලා ගමන් ගන්නා විට ‘ඒවායින් කොටසක් ලබා ගැනීම සඳහා නුඹලා සමග අප ද පිටත් වන්නට අපට ඉඩ හරිනු’ යැයි යුද්ධයෙන් පසුබැස්සවුන් පවසා සිටිනු ඇත. හුදෙයිබිය්යා ගිවිසුමෙන් පසුව කයිබර් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් යුද්ධයේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ඔවුනට පිරිනමන බවට අල්ලාහ් කවර කරුණක් දේව විශ්වාසීන්හට ප්රතිඥා කළේ ද එය ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුනට පරිවර්තනය කර දෙනු ඇතැයි යුද්ධයෙන් පසුබැස්සවුන් සිතුවෝය. අහෝ ධර්ම දූතය! නුඹ ඔවුනට, ‘එම යුද පිටියේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා නුඹලා අප සමග නොඑනු. සැබැවින්ම කයිබර් යුද්ධයේ යුධ භාණ්ඩ විශේෂයෙන් හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අයට පමණක් යැයි අල්ලාහ් ප්රතිඥා දී ඇත’ යැයි පවසනු. එවිට ඔවුහු, ‘කයිබර් වෙත නුඹලා පසුපසින් පැමිණීමෙන් අපව වළක්වාලීයේ අල්ලාහ්ගෙන් වූ නියෝගයකට නොව, නුඹලා අප මත තබා ඇති ඊර්ෂ්යාව හේතුවෙනි’ යැයි පවසති. එම පසුබැස්සවුන් සිතන පරිදි එම කරුණ නැත. ඔවුහු අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ වටහා ගනුයේ ස්වල්පයක් පමණි. එහෙයින් ඔවුහු පාපයෙහි වැටුණෝය

قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ تُقَـٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا۟ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًۭا ۖ وَإِن تَتَوَلَّوْا۟ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا ﴿١٦﴾

අහෝ දූතය! නුඹ සමග මක්කාහ්ව වෙත යෑමට ප්රමාද වූ ගැමි අරාබිවරුන්හට පරීක්ෂණයක් වශයෙන් නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘යුද්ධයේදී බලවත් පිරිසක් සමග සටන් වදින්නට ඉදිරියේ දී නුඹලා කැඳවනු ලබන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු ඇත. එසේ නැතහොත් කිසිදු යුද්ධයකින් තොරවම ඔවුන් දහම තුළට පිවිසෙනු ඇත. ඔවුන් සමග යුද වදින්නට නුඹලාට ඇරයුම් කරන විට නුඹලා අල්ලාහ්ට අවනත වනු. අල්ලාහ් නුඹලාට දැහැමි කුසල් පිරිනමනු ඇත. එය ස්වර්ගයයි. මක්කාහ්ව වෙත නබි තුමාණන් සමග යෑමට නුඹලා ප්රමාද වූ අවස්ථාවේ එයින් නුඹලා හැරුණාක් මෙන් මෙවර ද නුඹලා ඔහුට අවනත වීමෙන් හැරී යන්නෙහු නම් අල්ලාහ් නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත

لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌۭ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌۭ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌۭ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًۭا ﴿١٧﴾

නිදහසට කරුණු කිව හැකි අන්ධ, ආබාධිත හා රෝගී අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ප්රමාද වූ විට එවැන්නන් කෙරෙහි පාපයක් නැත. කවරෙකු අල්ලාහ්ට අවනත වී ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වෙත ඔහුව ඇතුළත් කරනු ඇත. එමෙන්ම කවරෙකු ඔවුන් දෙදෙනාට අවනත වීමට පිටුපාන්නේ ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත

۞ لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَـٰبَهُمْ فَتْحًۭا قَرِيبًۭا ﴿١٨﴾

فتحا قريبا ගස යට සිට හුදෙයිබියාහි රිල්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් දේව විශ්වාසීන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්විය. ඔවුන්ගේ සිත් තුළ පවතින දේව විශ්වාසය, අවංකත්වය හා සත්යතාව ඔහු දැන සිටියේය. ඔවුන්ගේ හදවත් මත තැන්පත්භාවය ඔහු පහළ කළේය. ඒ සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඉතා සමීපයෙන් ඇත. එය කයිබර් ජයග්රහණයයි. එය ඔවුන් මක්කාවට පිවිසීමට අතපසු වූ හෙයින් ඒ වෙනුවට ලබා දුන් ජයකි

وَمَغَانِمَ كَثِيرَةًۭ يَأْخُذُونَهَا ۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا ﴿١٩﴾

කයිබර් වාසීන්ගෙන් ගනු ලබන (සතුරා විසින් යුද පිටියේ හැර දමා ගිය) අධික වස්තු සම්භාරයක් ඔහු ඔවුනට පිරිනැමීය. අල්ලාහ් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් විය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةًۭ تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَـٰذِهِۦ وَكَفَّ أَيْدِىَ ٱلنَّاسِ عَنكُمْ وَلِتَكُونَ ءَايَةًۭ لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ﴿٢٠﴾

ويهديكم صرطا م ستقيما අහෝ දෙවියන් විශ්වාස කළවුනි! ඉදිරියේදී ඉස්ලාමීය ජයග්රහණයන් තුළ නුඹලා බොහෝ ඝනීමත් (සතුරා විසින් දමා පළා ගිය) වස්තුව ලබන බව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන්නේය. ඒ අනුව කයිබර්හි ඝනීමත් වස්තුව නුඹලාට ඇති කළේය. නුඹලාගෙන් පසුව නුඹලාගේ දරුවන්ට පීඩා කිරීමට යුදෙව්වන් සිතූ විට ඔවුන්ගේ එම අත් වැළැක්වීය. ඉක්මණින්ම මෙම ඝනීමත් වස්තුව නුඹලාට අතට පත්වීම අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය නුඹලා වෙත පිරිනමා ඇති බවට සළකුණකි. කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත අල්ලාහ් නුඹලාට මඟ පෙන්වනු ඇත

وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا۟ عَلَيْهَا قَدْ أَحَاطَ ٱللَّهُ بِهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرًۭا ﴿٢١﴾

මේ වේලාව වන විටත් ඒ මත නුඹලා බලය නොදැරූ තවත් ඝනීමත් වස්තුද අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී ඇත. එයට බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. එය ඔහුගේ දැනුමෙහි හා සැලසුමෙහි ඇත්තකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජයي කළ නොහැක

وَلَوْ قَـٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوَلَّوُا۟ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿٢٢﴾

අහෝ දෙවියන් විශ්වාස කළවුනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුන් සමග නුඹලා යුධ වදින්නේ නම් ඔවුන් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව පළා දුවනු ඇත. පසුව ඔවුන්ගේ කටයුතු භාරව කටයුතු කරන කිසිදු භාරකරුවකු ඔවුන් නොලබනු ඇත. නුඹලාගේ ප්රහාරයට එරෙහිව ඔවුනට උදව් කරන කිසිදු උදව් කරුවකු ඔවුන් නොලබනු ඇත

سُنَّةَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًۭا ﴿٢٣﴾

දේව විශ්වාසීන්ගේ ජයග්රහණය හා දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජය සෑම කාලයකම හා ස්ථානයකම ස්ථීර විය. මෙය මෙම බොරුකාරයින්ට පෙර ඉකුත් වී ගිය සමූහයන් අතර ද පැවති අල්ලාහ්ගේ පිළිවෙතයි. අහෝ ධර්ම දූතය! අල්ලාහ්ගේ න්යායයෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිය

وَهُوَ ٱلَّذِى كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِنۢ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ﴿٢٤﴾

بص يرا හුදෙයිබිය්යා හි නුඹලාට නපුරක් කිරීමේ බලාපොරොත්තුවෙන් දේව ආදේශකයින්ගෙන් අසූවක් දෙනෙකු පමණ පිරිසක් පැමිණි විට ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වා, නුඹලාගේ අත් ඔවුන්ගෙන් වළක්වා නුඹලා ඔවුන්ව ඝාතනය නොකර, ඔවුනට හිංසාවක් නොකර මුදා හරින්නට සැළැස්වූයේ අල්ලාහ්ය. ඔවුන්ව සිරභාරයට ගැනීමට නුඹලාට බලය ලබා දීමෙන් පසුව නුඹලා ඔවුන් යන්නට ඉඩ හැරියෙහුය. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

هُمُ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَٱلْهَدْىَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُۥ ۚ وَلَوْلَا رِجَالٌۭ مُّؤْمِنُونَ وَنِسَآءٌۭ مُّؤْمِنَـٰتٌۭ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَـُٔوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌۢ بِغَيْرِ عِلْمٍۢ ۖ لِّيُدْخِلَ ٱللَّهُ فِى رَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ لَوْ تَزَيَّلُوا۟ لَعَذَّبْنَا ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابًا أَلِيمًا ﴿٢٥﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට නුඹලා ව හරම් දේවස්ථානයෙන් වැළැක්වූයේ ඔවූහය. එවිට එම සත්ව කැපයන් හරම් දේවස්ථානය වෙත ගෙන යාමෙන් වළක්වන ලදී. අල්ලාහ්ව විශ්වාස කළ පිරිමින් හා විශ්වාස කළ කාන්තාවන් මක්කාහ් භූමියේ නොවී නම් මක්කාහ් ජයග්රහණයේ ඒ සඳහා නුඹලාට ඔහු අවසර දෙන්නට තිබුණි. නුඹලා ඔවුන් ගැන නොදැනුවත්වම දේව ප්රතික්ෂේපකයින් සමගම මරා දමනු ඇත. එවිට නුඹලාට නොදැනුවත් කමින් ඔවුන් මරා දැමූ පාපය හා වන්දිය නුඹලාට අත් වනු ඇත. (එසේ සිදු කළේ) අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට මාක්කාවේ සිටි දේව විශ්වාසීන් මෙන් ඔහු අභිමත කරන අය ඇතුළත් කරනු පිණිසය. මක්කාහ්වේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ගෙන් වෙන් ව සිටියේ නම් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුනට දැඩි වේදනා සහිත දඬුවමකින් අපි ඔවුන් දඬුවම් කරන්නට තිබුණි

إِذْ جَعَلَ ٱلَّذِينَ كَفَرُوا۟ فِى قُلُوبِهِمُ ٱلْحَمِيَّةَ حَمِيَّةَ ٱلْجَـٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ ٱلتَّقْوَىٰ وَكَانُوٓا۟ أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿٢٦﴾

ى ه එවිට අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ සිත් තුළ සත්යය සාක්ෂාත් කර ගැනීම හා සම්බන්ධ නොව තම ආශාවන් හා බැඳුණු අඥාන කාලයේ පැවති පිළිකුල මෙන් පිළිකුලක් ඇති කර ගත්තෝය. හුදෙයිබිය්යා වසරේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිවිසුණේ නම් එතුමා ඔවුන් අබිබවා ගිය බවට ඔවුන් අපහාස විඳීමට බියෙන් එතුමා එහි පිවිසීම ඔවුන් පිළිකුල් කළෝය. එවිට අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත තැන්පත්භාවය පහළ කළේය. දේව විශ්වාසීන් වෙතත් එය පහළ කළේය. දේව ආදේශකයින් සිදු කළාක් මෙන් ඔවුන් හමුවීමට ඔවුන් මත වූ කෝපය කිසිවක් කළේ නැත. දේව විශ්වාසීන් වෙත සත්යයේ ප්රකාශය ස්ථාවර කළේය. එය ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත- යන ප්රකාශයයි. එහි උරුමය අනුව කටයතු කිරීමට ද අනිවාර්යය කළේය. එවිට ඔවුහු ඒ අනුව කටයුතු කළෝය. මෙම ප්රකාශයට වෙනත් අයට වඩා දේව විශ්වාසීන් සුදුස්සන් වූහ. ඔවුන්ගේ හදවත් තුළ ඇති යහපත අල්ලාහ් දන්නා බැවින් එයට සුදුස්සන් බවට ඔහු ඔවුන් පත් කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී විය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත

لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا۟ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًۭا قَرِيبًا ﴿٢٧﴾

අල්ලාහ්ගේ දූතයාණන් සිහිනයක් දුටු අවස්ථාවේ එම සිහිනය අල්ලාහ් සැබෑ කළේය. එය තම සගයින්ටත් දන්වා සිටියහ. එනම් සැබැවින්ම එතුමා හා එතුමාගේ සගයින් ඔවුන්ගේ සතුරන්ගෙන් සුරක්ෂිතව අල්ලාහ්ගේ නිවස වන හරම් දේවස්ථානයට පිවිසීමත් වන්දනාව අවසන් කිරීම සනිටුහන් කරමින් ඔවුන් අතරින් තම හිස් මුඩු කර ගත් අයද හිසකෙස් කොට කරගත් අය ද වීමය. අහෝ දෙවියන් විශ්වාස කළවුනි, නුඹලාගේ යහපත අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදනී. එහෙයින් එම වසරයේ මක්කාවට පිවිසීමේ සිහිනය සැබෑ නොකොට ඉතා සමීප ජයග්රහණයක් ඇති කළේය. එනම් හුදෙයිබිය්යා ගිවිසුමේ අල්ලාහ් ක්රියාත්මක කළ ක්රියාන්විතය හා එයට පරව හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගීවූ දේව විශ්වාසීන්ගේ අතට කයිබර් ජයග්රහණ පත්කිරීමය

هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۭا ﴿٢٨﴾

පැහැදිළි සාධක හා සත්ය දහම වන ඉස්ලාමය සමග මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ධර්ම දූතයෙකු ලෙස එව්වේ අල්ලාහ්ය. එය එම දහමට පටහැනි සියලුම දහම් වලට වඩා එය උසස් කරනු පිණිසය. ඒ ගැන අල්ලාහ් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සාක්ෂි දැරුවේය. සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය

مُّحَمَّدٌۭ رَّسُولُ ٱللَّهِ ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ ۖ تَرَىٰهُمْ رُكَّعًۭا سُجَّدًۭا يَبْتَغُونَ فَضْلًۭا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًۭا ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَىٰةِ ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةًۭ وَأَجْرًا عَظِيمًۢا ﴿٢٩﴾

ى ى ى අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා එතුමා සමග වූ එතුමාගේ මිතුරන් දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් අතර අන්යෝන්ය කරුණාවෙන් හා අන්යෝන්ය දයාලුබවින් කටයුතු කරන්නෝ වෙති. අහෝ අධීක්ෂණයෙන් යුතු ව බලන්නනි! ඔවුන් අල්ලාහ්ට රුකූඃ -තුනටිය නමා නමස්කාර කිරීම ද, සුජූද් -සිරස බිම තබා නමස්කාර කිරීම ද නුඹ දකිනු ඇත. ඔවුන් වෙත සමාව හා ගෞරවනීය කුසල් දානය කරන මෙන් ද ඔවුන්ව පිළිගන්නා මෙන්ද අල්ලාහ්ගෙන් ඔවුහු අයැද සිටිති. ඔවුන්ගේ සළකුණු සලාතයේ ආලෝකය පැහැදිළිව ඉස්මතු වන පරිදි සුජූද්හි සලකුණු ඔවුන්ගේ මුහණෙහි දක්නට ලැබේ. ඔවුන් ගැන මෙසේ කරන ලද විස්තරය මූසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ තව්රාත් ග්රන්ථයේ විස්තර කර ඇත. ඔවුන් උපමා කරමින් ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ ඉන්ජීල් ග්රන්ථයේ සඳහන්ව ඇත්තේ, සැබැවින්ම ඔවුන්ගේ සහය දැක්වීම හා පූර්ණත්වයේ ඔවුන් කුඩාවට හට ගන්නා පැළයක් මෙනි. එය ශක්තිමත් වී වැඩෙයි. එහි ශක්තිමත්භාවය හා පරිපූර්ණත්වය ගැන ගොවියෝ මවිතයට පත් වෙති. ඒ අනුව ඔවුන් අතර පවතින ශක්තිය ස්ථාවරත්වය හා පූර්ණත්වය දේව ප්රතික්ෂේපකයින් දැක ඔවුන් ගැන කෝපය අල්ලාහ් ඇති කරනු පිණිසය. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අනුගාමකියන්ට ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ලබා දෙන බව ද, ඔවුන් වැරදිකරුවන් බවට හසු නොකරන බව ද, ඔහු අභියස අතිමහත් කුසලක් ඇති බව ද එය ස්වර්ගය බව ද ප්රතිඥා දුන්නේය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Fath — الفتح

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා