يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُقَدِّمُوا۟ بَيْنَ يَدَىِ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ﴿١﴾
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ ප්රකාශයෙන් හෝ වේවා ක්රියාවෙන් හෝ වේවා පෙරටුගාමී නොවනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. සැබැවින් අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් ගැන මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَرْفَعُوٓا۟ أَصْوَٰتَكُمْ فَوْقَ صَوْتِ ٱلنَّبِىِّ وَلَا تَجْهَرُوا۟ لَهُۥ بِٱلْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَـٰلُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ ﴿٢﴾
أعملكم وأنتملا تشعرون අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! ඔහුගේ දූතයාණන් සමග විනයානුකූලව හැසිරෙනු. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග කතා කරන අවස්ථාවේ එතුමාගේ හඬට වඩා උස් හඬින් නුඹලා කතා නො කරනු. නුඹලා එකිනෙකා අමතනවාක් මෙන් එතුමාගේ නාමය ප්රසිද්ධියේ ආමන්ත්රණය නොකරනු. එසේ කතා කිරීම තුළින් නුඹලාගේ ක්රියාවන්හි තිළිණ නුඹලා නොදැනුවත්වම විනාශ වී යනු ඇත. එහෙයින් ඒ ගැන බියෙන් නුඹලා එතුමාණන් සමග මෘදු ලෙස කතා කරනු. නබිත්වය හා දූතත්වය හා බැඳුණු නාමයන්ගෙන් එතුමාව අමතනු
إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصْوَٰتَهُمْ عِندَ رَسُولِ ٱللَّهِ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱمْتَحَنَ ٱللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌ ﴿٣﴾
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම හඬවල් පහත් කර ගත් අය වනාහි, අල්ලාහ් පිළිබඳ බිය බැතිමත් භාවය හා ඒ ගැන අවංක භාවය නිසාවෙන් ඔවුන්ගේ හදවත් අල්ලාහ් පරීක්ෂණයට පත් කළවුන් වෙති. ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුනට සමාව ඇත. ඔවුන් වැරදිකරුවන් ලෙස ඔහු ඔවුන් හසු කරන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් ප්රතිඵල ඇත. එය අල්ලාහ් ඔවුන් ස්වර්ගයට ඇතුලු කිරීමය
إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلْحُجُرَٰتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿٤﴾
අහෝ දූතය! නුඹගේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන ගැමි අරාබිවරුන් වනාහි, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති
وَلَوْ أَنَّهُمْ صَبَرُوا۟ حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًۭا لَّهُمْ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥﴾
අහෝ ධර්ම දූතය! නුඹේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් ඉවසීමෙන් සිට, නුඹ ඔවුන් වෙත පැමිණි පසුව ඔවුන් නුඹ සමග පහත් හඬින් කතා කරන්නේ නම්, එසේ කුටිවලට පසුපසින් සිට නුඹව ඇමතීමට වඩා එහි ගෞරව කිරීමක් හා ආචාර කිරීමක් ඇති බැවින් ඔවුනට එය යහපත් වනු ඇත. ඔවුන් අතරින් හා ඔවුන් හැර වෙනත් අය අතරින් පාපක්ෂමාව අයැදින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් අල්ලාහ් ඔවුන් සමග ක්ෂමාශීලී ලෙස කටයුතු කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن جَآءَكُمْ فَاسِقٌۢ بِنَبَإٍۢ فَتَبَيَّنُوٓا۟ أَن تُصِيبُوا۟ قَوْمًۢا بِجَهَـٰلَةٍۢ فَتُصْبِحُوا۟ عَلَىٰ مَا فَعَلْتُمْ نَـٰدِمِينَ ﴿٦﴾
අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑට අනුව ක්රියා කළවුනි! යම් පිරිසක් පිළිබඳ තොරතුරක් රැගෙන දුෂ්ඨයකු නුඹලා වෙත පැමිණියේ නම් ඔහුගේ තොරතුරෙහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගනු. කිසිදු සනාත කිරීමකින් තොර ව ඔහුගේ තොරතුර නුඹලා සත්ය බව පිළිගත් විට එම පිරිස පිළිබඳ යථාර්ථය නොදැනුවත්ව නුඹලා විසින් වරදක් එම සමූූූූූහයට සිදු විය හැකි බැවින් ඔහුව එකවර පිළිගැනීමට ඉක්මන් නොවනු. එවිට නුඹලා විසින් ඔවුනට යම් අභාග්යයක් සිදු වීමෙන් පසු ඔහුගේ තොරතුර බොරු බවට නුඹලාට පැහැදිලි වූ විට පසුතැවිලි වන්නන් බවට නුඹලා පත්වනු ඇත
وَٱعْلَمُوٓا۟ أَنَّ فِيكُمْ رَسُولَ ٱللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِى كَثِيرٍۢ مِّنَ ٱلْأَمْرِ لَعَنِتُّمْ وَلَـٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيْكُمُ ٱلْإِيمَـٰنَ وَزَيَّنَهُۥ فِى قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ ٱلْكُفْرَ وَٱلْفُسُوقَ وَٱلْعِصْيَانَ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ ﴿٧﴾
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බවත්, ඔහු වෙත දේව පණිවිඩ පහළ වන බවත් නුඹලා දැනගනු. එහෙයින් නුඹලා බොරු කීමෙන් ප්රවේසම් වනු. නුඹලාගේ බොරුව ඔහු වෙත දන්වමින් දේව පණිවිඩ පහළ වනු ඇත. නුඹලාට යහපත ඇත්තේ කවර කරුණකදැ?යි ඔහු මැනවින් දන්නාය. නුඹලා යෝජනා කරන බොහෝ දේවල්හි ඔහු නුඹලාට අවනත වන්නේ නම් නුඹලා වෙනුවෙන් ඔහු පිළිනොගන්නා දුෂ්කරතාවන්ට නුඹලා වැටෙනු ඇත. නමුත් අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලා වෙත ඊමාන් හෙවත් දේව විශ්වාසය ගැන ඇල්මක් ඇති කළේය. නුඹලාගේ හදවත් තුළ එය අලංකාරවත් කළේය. එහෙයින් නුඹලා විශ්වාස කළෙහුය. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා ඔහුට අවනත වීමෙන් බැහැර වීම ඔහු නුඹලාට පිළිකුල් කළේය. එමෙන්ම පාපකම් සිදු කිරීම ද නුඹලාට පිළිකුල් කළේය. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු හා නිවැරැදි මාර්ගයේ ගමන් කරන්නෝ වෙති
فَضْلًۭا مِّنَ ٱللَّهِ وَنِعْمَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٨﴾
නුඹලාට අත් වූ දෑ වනාහි - එනම් හදවත් තුළ යහපත අලංකාරවත් කිරීම හා අයහපත ගැන පිළිකුල ඇති කිරීම- සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු එමගින් නුඹලාව භාග්යවත් කළේය. එමෙන්ම එය නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාදයකි. තම ගැත්තන් අතරින් කවරෙකු අල්ලාහ්ට කෘතවේදී වන්නේ ද ඔහු ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔහුට ගැළැපෙන පරිදි සෑම දෙයක්ම නියමිත ස්ථානයේ තැබීමේ දී ඔහු මහා ප්රඥාවන්තය
وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُوا۟ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا ۖ فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَـٰتِلُوا۟ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓا۟ ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٩﴾
ء ه සැබැවින්ම දේව විශ්වාසීන් අතර එකිනෙකා ඇණ කොටා ගන්නා පිරිස් දෙකක් වී නම් අහෝ දේව විශ්වාසියනි! එම පිරිස් දෙක අතර ඔවුන් ඇති කර ගත් ගැටලුවෙහි අල්ලාහ් ආගමානුගත කළ නීතිය ක්රියාත්මක කරන මෙන් ඔවුන් දෙපිරිස අමතා සමාදානය ඇති කරනු. එම පිරිස් දෙකින් එක් පිරිසක් සමාදානය ප්රතික්ෂේප කොට සීමාව ඉක්මවා ගියේ නම් අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් නැවත හැරෙන තෙක් සීමාව ඉක්මවා ගියවුන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් හැරී ආවේ නම් නැවතත් යුක්තිය හා සාධාරණත්වය අනුව ඔවුන් දෙපිරිස අතර සමාදානය ඇති කරනු. ඔවුන් දෙපිරිස අතර නුඹලා නීති ක්රියාත්මක කිරීමේදී යුක්ති ගරුකව කටයුතු කරනු. සැබැවින් ඔවුන් අතර තීන්දු දීමෙහි සාධාරණීයත්වය අනුගමනය කරන්නන් අල්ලාහ් ප්රිය කරන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌۭ فَأَصْلِحُوا۟ بَيْنَ أَخَوَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿١٠﴾
දේව විශ්වාසීහු ඉස්ලාමය තුළ සහෝදරයෝ වෙති. එහෙයින් දේව විශ්වාසියනි! ගැටුම් ඇතිකරගත් නුඹලාගේ සහෝදරයින් දෙපිරිසක් අතර සමාදානය ඇති කිරීමට නුඹලා බැඳී සිටින්නෙහුය. නුඹලා කරුණාව ලැබීමේ යහපත් අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَسْخَرْ قَوْمٌۭ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُوا۟ خَيْرًۭا مِّنْهُمْ وَلَا نِسَآءٌۭ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًۭا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوٓا۟ أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا۟ بِٱلْأَلْقَـٰبِ ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَـٰنِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿١١﴾
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලා අතරින් පිරිසක් තවත් පිරිසක් හෑල්ලුවට නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන්නන් අල්ලාහ් ඉදිරියේ යහපත් විය හැක. සැලකිල්ලට ගනු ලබන්නනේ අල්ලාහ් අබියස ඇති දැයිනි. එමෙන්ම කාන්තාවන් තවත් කාන්තා පිරිසක් හෑල්ලුටව නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන ඔවුන් අල්ලාහ් අබියස උතුම් විය හැක. නුඹලාගේ සහෝදරයින් නුඹලාගේ තත්ත්වයේම සිටියදී නුඹලා ඔවුනට දොස් නොනගනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඇතැම් අන්සාරිවරුන්ගේ තත්ත්වය පිහිටා තිබූ අයුරින් යමෙකු පිළිකුල් කරන පටබැඳි නාමයෙන් එකිනෙකා ආමන්ත්රණය නොකළ යුතුය. කවරෙකු එසේ ක්රියා කළේද ඔහු දුෂ්ඨයෙකි. දේව විශ්වාසයෙන් පසුව පවතින දුෂ්ඨ ගුණාංගය ඉතාමත් නපුරුය. කවරෙකු එම පාපයෙන් සමාව ඇයැද නොසිටියේ ද ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් තමන්ටම අපරාධකරගත් අය වන්නෝය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱجْتَنِبُوا۟ كَثِيرًۭا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌۭ ۖ وَلَا تَجَسَّسُوا۟ وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًۭا فَكَرِهْتُمُوهُ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ تَوَّابٌۭ رَّحِيمٌۭ ﴿١٢﴾
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! තොරතුරු හා හේතූන් අනිවාර්ය කරන්නක් මත පදනම් නොවූ සැකය ගෙන දෙන බොහෝ දැයින් නුඹලා දුරස් වනු. සැබැවින්ම ඇතැම් සැකයන් පාපීය. උදාහරණයක් ලෙස ධර්මිෂ්ට බවින් කටයුතු කරන පුද්ගලයකු පිළිබඳ නපුරු සිතුවිල්ලක් ඇති කර ගන්නාක් මෙනි. දේව විශ්වාසීන්ගේ පිටුපසින් සිට ඔවුන්ගේ රහස්ය දෑ සොයමින් ඔවුන් පසුපස හඹා නොයනු. නුඹලා අතරින් කිසිවකු තම සහෝදරයා අකැමති දෑ ගැන මෙනෙහි කළ නොයුතුය. සැබැවින්ම ඔහු අකමැති දෙයක් ගැන ඔහු මෙනෙහි කිරීම මියගිය විට ඔහුගේ මස් අනුභව කළා හා සමානය. නුඹලා අතර කිසිවකු හෝ ඔහුගේ මිය ගිය සහෝදරයාගේ මස් අනුභව කරන්නට ප්රිය කරන්නේද? එසේ ඔහුව අපයෝජනයට ගැනීම නුඹලා පිළිකුල් කරන්නෙහුය. එය ද එලෙසමය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍۢ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًۭا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۭ ﴿١٣﴾
අහෝ ජනයිනි, සැබැවින් අපි නුඹලාව එක පිරිමකුගෙන් -ඔහු නුඹලාගේ ආදි පියා ආදම්ය, එක මවකගෙන් -ඇය නුඹලාගේ ආදි මව හව්වාය- මැව්වෙමු. නුඹලාගේ පරම්පරාව එකමය. එහෙයින් නුඹලා එකිනෙකා පරම්පරාව ගැන උදම් නොඅනනු. ඉන්පසු අපි නුඹලාව බොහෝ ජන වාර්ගිකයින් හා විසිරී ජීවත් වන ගෝත්ර බවට පත් කළෙමු. එය නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස මිස උදම් අනන්නට නොවේ. ඊට හේතුව එකිනෙකා වෙනස් වනුයේ තක්වා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හෙවත් දේව බිය හැඟීම පදනම් කර ගනිමිනි. එහෙයින් ඔහු, “අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියපැතිමත් වූවන්ය” යැයි පැවසීය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. නුඹලා ඔහු සම්බන්ධයෙන් ඉටු කරන පූර්ණවත් හෝ අඩුපාඩු සහිත කටයුත්තක් වුව ද ඒ ගැන තොරතුරු හොදින්ම දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
۞ قَالَتِ ٱلْأَعْرَابُ ءَامَنَّا ۖ قُل لَّمْ تُؤْمِنُوا۟ وَلَـٰكِن قُولُوٓا۟ أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ ٱلْإِيمَـٰنُ فِى قُلُوبِكُمْ ۖ وَإِن تُطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتْكُم مِّنْ أَعْمَـٰلِكُمْ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿١٤﴾
ඇතැම් ගම්බද අරාබි ජනයා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, ඔවුහු “සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළෙමු.” යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා විශ්වාස නො කළෙහුය. නමුත් නුඹලා, ‘අපි යටත් වූයෙමු. අවනත වූයෙමු’ යැයි පවසනු. නුඹලාගේ හදවත් තුළ දේව විශ්වාසය තවමත් ප්රවේශ වී නැත. එය ප්රවේශ වීම අපේක්ෂා කරනු ලබන්නකි. අහෝ ගම්බද අරාබිවරුනි! දේව විශ්වාසය, දැහැමි ක්රියාවන් හා තහනම් දැයින් වැළකී සිටීම යනාදී කරුණුවලදී නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිදු කුසලක් අල්ලාහ් නුඹලාට අඩු කරන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත සමාව අයැද සිටින්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمْ يَرْتَابُوا۟ وَجَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ ﴿١٥﴾
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට, ඔවුන්ගේ විශ්වාසය සමග කිසිදු සැකයක් මුසු නොකොට, ඔවුන්ගේ ධනය හා ජීවිත පරිත්යාගයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී, ඒ කිසිවක හෝ ලොභීකමක් නොපෙන්වූ දේව විශ්වාසීන් වනාහි, මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඔවුන්ගේ දේව විශ්වාසයේ සත්යවාදීහු වෙති
قُلْ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمْ وَٱللَّهُ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿١٦﴾
අහෝ දූතය! එම අරාබිවරුන්හට මෙසේ පවසනු. "නුඹලාගේ දහම් පිළිවෙත ගැන නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු ද? එය ඔහුට ඒත්තු ගන්වන්නෙහු ද?" අල්ලාහ් අහස්හි ඇති දෑ දනී. මහපොළොවේ ඇති දෑද දනී. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එහෙයින් නුඹලාගේ දහම් පිළිවෙත නුඹලා ඔහුට දන්වා සිටීමෙහි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත
يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا۟ ۖ قُل لَّا تَمُنُّوا۟ عَلَىَّ إِسْلَـٰمَكُم ۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَىٰكُمْ لِلْإِيمَـٰنِ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٧﴾
අහෝ දූතය! එම අරාබිවරු ඔවුන්ගේ ඉස්ලාමය නුඹට කරන උපකාරයක් ලෙස සිතති. නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘අල්ලාහ්ගේ දහම වෙත නුඹලාගේ පිවිසීම මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. එසේ පිවිසුණේ නම් එහි යහපත නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම නුඹලා එහි පිවිසුණු බවට කරන නුඹලාගේ වාදයෙහි නුඹලා සත්යවාදීන් වී නම්, දේව විශ්වාසය නුඹලාට ආශිර්වාද කරමින් නුඹලාට එය පිරිනැමුවේ අල්ලාහ් බව දැනගනු.'
إِنَّ ٱللَّهَ يَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٨﴾
සැබැවින්ම අල්ලාහ් අහස්හි සැඟවුණු දෑ පිළිබඳ දනියි. එමෙන්ම මහපොළොවේ සැඟවුණු දෑ පිළිබඳවද දනියි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහි යහපත හා අයහපත ඔහු නුඹලාට පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්