මුල් පිටුවතෆ්සීර්Al-Kaafiroon (109)

තෆ්සීර් Al-Kaafiroon (109) — الكافرون

මක්කී · 6 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

قُلْ يَـٰٓأَيُّهَا ٱلْكَـٰفِرُونَ ﴿١﴾

අහෝ දූතය! අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි!“ යැයි පවසනු

لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ ﴿٢﴾

වර්තමානයේ හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැඳුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි

وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ ﴿٣﴾

මම කවර කෙනකුට නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය

وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ ﴿٤﴾

නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත

وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ ﴿٥﴾

මම කවර කෙනෙකු නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය. لكم دينكم ولىدين

لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ ﴿٦﴾

නුඹලා වෙනුවෙන් කවර දහමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ දහම මා සතුය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Kaafiroon — الكافرون

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා