මුල් පිටුවතෆ්සීර්Al-Haaqqa (69)

තෆ්සීර් Al-Haaqqa (69) — الحاقة

මක්කී · 52 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱلْحَآقَّةُ ﴿١﴾

සියලු දෙනාහට නියම වන නැවත නැගිටුවනු ලැබීමේ හෝරාව අල්ලාහ් සිහිපත් කරයි

مَا ٱلْحَآقَّةُ ﴿٢﴾

අල් හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ප්රශ්න කිරීමෙන් එහි බලවත්භාවය ඉස්මතු කරයි

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ﴿٣﴾

එම හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ඔබව දැනුවත් කළේ කුමක් ද?

كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ﴿٤﴾

සාලිහ්ගේ ජනයා වූ සමූද් වාසීන් ද හූද්ගේ ජනයා වූ ආද් වාසීන් ද එහි දරුණු ව්යසන හේතුවෙන් මිනිසුන්ගේ හදවත් තිගැස්සීමට පත් කරවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළෝය

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ﴿٥﴾

සමූද් ජනයා වනාහි, අති බිහිසුණු හා කුරීරු හඬකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. وأما عاد فأهلكوابريح صرصر عاتية

وَأَمَّا عَادٌۭ فَأُهْلِكُوا۟ بِرِيحٍۢ صَرْصَرٍ عَاتِيَةٍۢ ﴿٦﴾

ආද් ජනයා වනාහි, ඔවුන් හට මහත් කුරීරු වූ බිහිසුණු සීත සුළඟකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍۢ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًۭا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍۢ ﴿٧﴾

රාත්රී හතක සහ දහවල් අටක කාලයක් අල්ලාහ් එය එව්වේය. එය ඔවුන්ගේ පිය පරම්පරාව විනාශ කර දැමීය. ඔවුන්ගේ නිවෙස් තුළම බිම ඇද වැටී විනාශ වී සිටිනු නුඹට දකින්නට තිබුණි. ඔවුන් විනාශ වීමෙන් පසු පොළොව මත දිරාපත් වී වැටුණු ඉඳිගස් කදන් මෙන් විය. فهل تر لهممن باقية

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍۢ ﴿٨﴾

ඔවුනට දඬුවම අත් වූ පසු ඔවුන්ගෙන් කිසිවකු හෝ ඔබ දුටුවේ ද?!

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ ﴿٩﴾

ෆිර්අවුන්, ඔවුනට පෙර විසූ සමූහයන් හා උඩුයටිකුරු පෙරළා දඬුවම් දෙනු ලැබූ ගම්වාසීන් වන ලූත්ගේ ජනයා යන සමූහයන් දේව ආදේශය හා පාපකම් සිදුකරමින් ආහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فعصوا رسول ربهم فأخذهم أخذة ر ابية

فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةًۭ رَّابِيَةً ﴿١٠﴾

ඔවුන්ගෙන් සෑම සමූහයක්ම ඔවුන් වෙත එවනු ලැබූ දූතයාණන්ට පිටු පා බොරු කළෝය. ඔවුන් මුළුමණින්ම විනාශ වන අයුරින් ඉතා බිහිසුණු ග්රහණයකින් අල්ලාහ් ග්රහණය කළේය

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ ﴿١١﴾

උසින් සීමාව ඉක්මවා ජලය ගලා ගිය කල්හි අපගේ නියෝගය පරිදි නූහ් අලය්හිස් සලාම් තුමා විසින් සාදන ලද නැවක සැබැවින්ම අපි නුඹලාගේ පරපුර ඉසිලුවෙමු. එය නුඹලා උසුලන්නක් විය

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةًۭ وَتَعِيَهَآ أُذُنٌۭ وَٰعِيَةٌۭ ﴿١٢﴾

දෙවියන් ප්රතික්ෂේප කරන ජනයා විනාශ කර දමන බවත්, දෙවියන් විශ්වාස කරන ජනයා ඉන් මුදවා ගන්නා බවත්, ප්රවේසමින් සවන් දෙන සවන් ඇත්තන් ආරක්ෂා කරන බවත් පෙන්වා දෙමින් එම නැව හා ඒ පිළිබඳ කතා වස්තුව උපදෙසක් බවට අපි පත් කළෙමු

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌۭ وَٰحِدَةٌۭ ﴿١٣﴾

හොරණෑවේ වරක් පිඹීමට නියම කරන ලද මලක්වරයා එහි පිඹිණ විට. එය දෙවන පිඹුම වේ

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةًۭ وَٰحِدَةًۭ ﴿١٤﴾

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එකවර ඉතා තදින් හෙළනු ලැබේ. එවිට මහපොළොව කොටස් වශයෙන් හා එහි ඇති කඳු කොටස් වශයෙන් වෙන්ව යනු ඇත

فَيَوْمَئِذٍۢ وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿١٥﴾

මේ සියල්ල සිදුවන දින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අවස්ථාව සිදු වේ

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍۢ وَاهِيَةٌۭ ﴿١٦﴾

අහස එකිනෙකට බැඳී ශක්තිමත්ව තිබුණායින් පසු ව එදින මලක්වරු පහළ වනු පිණිස අහස පැළී යනු ඇත

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍۢ ثَمَـٰنِيَةٌۭ ﴿١٧﴾

මලක්වරුන් ඒ අවට පැතිවල හා කොන්වල රැඳී සිටිති. අල්ලාහ්ට ඉතා සමීප මලක්වරුන් අතරින් අට දෙනෙකු ඒ මහා දිනයේ නුඹේ පරමාධිපතිගේ රාජධානිය ඔසවාගෙන සිටිනු ඇත. يومئذ تعرضون لا تخف منكم خافية

يَوْمَئِذٍۢ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌۭ ﴿١٨﴾

අහෝ ජනයිනි, අල්ලාහ් වෙත නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. කවර රහසිගත කරුණක් තිබුණ ද ඒ කිසිවක් නුඹලා වෙතින් අල්ලාහ්ට සැගවිය නොහැක. අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ මත අධීක්ෂණය කරන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ ﴿١٩﴾

තම ක්රියා සටහන් පොත කවරෙකුගේ දකුණතට දෙනු ලබන්නේ ද ඔහු ඉතා සතුටින් හා ප්රීතියෙන්: ‘ගන්න. කියවන්න. මාගේ ක්රියා ලේකනය.’ යැයි පවසයි. إنى ظننت أنى ملق حسابيه

إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ ﴿٢٠﴾

සැබැවින්ම මම නැගිටුවනු ලබන බවත් මාගේ ප්රතිඵල මා ලබා ගන්නා බවත් මෙලොවෙහි මම දැන සිටියෙමි. එමෙන්ම මම එය තරයේ විශ්වාස කළෙමි. فهو فى عيشة ر اضية

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿٢١﴾

ඔහු සදා සුවපහසුකම් දකින බැවින් තෘප්තිමත් ජීවිතයක පසුවෙයි. فى جنة عالية

فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿٢٢﴾

නිලයෙන් හා ස්ථානයෙන් උසස් ස්වර්ග උයන්හි සිටියි. قطوفها دانية

قُطُوفُهَا دَانِيَةٌۭ ﴿٢٣﴾

එහි පළතුරු අනුභව කරන්නන් හට ඉතා සමීපයෙන් පවතී

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ ﴿٢٤﴾

ඔවුනට සංග්රහයක් ලෙස, “නුඹලා ආහාර පාන අනුභව කරනු. පානය කරනු. මෙලොව ගත කල කාලයේ නුඹලා ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් නුඹලාට කිසිදු හිංසාවක් නැත.” යැයි ඔවුනට කියනු ලැබේ. وأما من أوتى كتبه بشماله فيقول يليتنى لم أوت كتبيه

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ ﴿٢٥﴾

තම ක්රියා වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වනාහි, දැඩි පසුතැවිල්ලෙන් යුතු ව ‘අහෝ මට දඬුවම නියම කරන, පාප ක්රියාවන් සහිත මාගේ ක්රියා ලේඛනය දෙනු නොලබන්නට තිබුණා' යැයි පවසයි. ولم أدر ما حسابيه

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ﴿٢٦﴾

මාගේ විනිශ්චයට බදුන් වන කිසිවක් මා නොදැන සිටියේ නම් මැනවි

يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ ﴿٢٧﴾

මා මිය ගිය එම මරණ අවස්ථාව නැවත කිසිවිටෙක අවදි කරනු නොලබන මරණයක් වූයේ නම් මැනවි

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ ﴿٢٨﴾

මාගේ ධනය අල්ලාහ්ගේ දඬුවමින් කිසිවක් වැළැක්වූයේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් هلك عنى سلطنيه

هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ ﴿٢٩﴾

"මාගේ සාධක ද මා කවර කරුණක් මත ඉතා ශක්තිමත්ව තිරසාර ලෙස සිටියේ ද එය ද මගෙන් සැඟවී ගොස් ඇත." خذوه فغلوه

خُذُوهُ فَغُلُّوهُ ﴿٣٠﴾

"අහෝ මලක්වරුනි, ඔහුව අල්ලා ගනු. ඔහුගේ අත ඔහුගේ ගෙලට ගැට ගසා තබනු." යැයි පවසනු ලැබේ

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ ﴿٣١﴾

නිරයේ උණුසුම විඳ වීමට ඔහු එතුළට හෙළනු

ثُمَّ فِى سِلْسِلَةٍۢ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًۭا فَٱسْلُكُوهُ ﴿٣٢﴾

පසුව රියන් හැත්තෑවක් දිග දම්වැලකට ඔහු ඇතුල් කරනු

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ ﴿٣٣﴾

සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ් ව විශ්වාස නොකරන්නෙකු විය

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿٣٤﴾

දුගී දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා ඔහු වෙනත් කිසිවකු දිරි ගැන්වුයේ නැත

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌۭ ﴿٣٥﴾

එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දඬුවමින් ඔහු වළක්වාලන්නට කිසිදු සමීපතයෙකු ඔහුට නැත. ولا طعام إلا من غسلين

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍۢ ﴿٣٦﴾

නිරා වැසියන්ගේ ශරීරවලින් ගලනා සැරව හැර අනුභව කරන වෙනත් කිසිදු අහරක් ඔහුට නැත

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ ﴿٣٧﴾

පාපකම් හා වැරදි කළ ජනයා මිස වෙනත් කිසිවකු එම ආහාර අනුභව කරන්නේ නැත

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ ﴿٣٨﴾

නුඹලා දෑසින් දකින දෑ මත අල්ලාහ් දිවුරා සිටියි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وما لا تبصرون

وَمَا لَا تُبْصِرُونَ ﴿٣٩﴾

එමෙන්ම නුඹලා දෑසින් නොදකින දෑ මත ද දිවුරා සිටියි. إنه لقول رسول كريم

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿٤٠﴾

සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදනයි. ඔහුගේ ගෞරවයනීය දූතයා එය ජනයාට කියවා පෙන්වයි

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍۢ ۚ قَلِيلًۭا مَّا تُؤْمِنُونَ ﴿٤١﴾

එය කවියෙකුගේ ප්රකාශයක් නොවේ. හේතුව එයට කවියක පෙළගැස්මක් නැති බැවිනි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයක් පමණි

وَلَا بِقَوْلِ كَاهِنٍۢ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ﴿٤٢﴾

එය හූනියම් කරුවකුගේ ප්රකාශයක් ද නොවේ. හූනියම් කරුවන්ගේ ප්රකාශය මෙම කුර්ආනයට අතිශයින් වෙනස් කරුණකි. නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි

تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٣﴾

එනමුත් එය සියලුම මැවීම් හි පරමාධිපතිගෙන් පහළ වූවකි

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ ﴿٤٤﴾

අප සඳහන් නොකළා වූ ඇතැම් ප්රකාශ මුහම්මද් අප මත ගොතා පැවසුවේ නම්,

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ ﴿٤٥﴾

ඔහුට අපි සමසේ ප්රතිචාර දක්වමු. ඉතා තදින් හා බලවත් ලෙස අපි ඔහුව ග්රහණය කරන්නෙමු

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ ﴿٤٦﴾

පසුව අපි හදවත හා බැඳී පවතින නහර ඔහුගෙන් කපා හරින්නෙමු. فما منكم من أحد عنهحجزين

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ ﴿٤٧﴾

ඔහු සම්බන්ධයෙන් අප ව වළක්වන කිසිවකු නුඹලා අතර නොසිටිනු ඇත. නුඹලා හේතු කර ගනිමින් අප මත ප්රබන්ධයන් ගොතා පැවසීම ඉතා දුරස් විය. وإنه لتذكرة للمتقين

وَإِنَّهُۥ لَتَذْكِرَةٌۭ لِّلْمُتَّقِينَ ﴿٤٨﴾

ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරනුන් හට සැබැවින්ම අල් කුර්ආනය උපදෙසකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وإنا لنعلم أن منكم م كذبين

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ﴿٤٩﴾

නුඹලා අතර අල් කුර්ආනය බොරු කරන මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٥٠﴾

සැබැවින්ම අල් කුර්ආනය බොරු කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසු තැවීමට ලක් කෙරේ

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ ﴿٥١﴾

සැබැවින්ම අල් කුර්ආනය සැබෑ යථාර්ථයකි. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවට කිසිදු සැකයක් හෝ කිසිදු කුතුහලයක් හෝ නැත

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿٥٢﴾

අහෝ දූතය, ඔබේ පරමාධිපතිට නොඈදුණු දැයින් ඔහුව පිවිතුරු කරනු. එමෙන්ම ඔබේ සර්වබලධාරී පරමාධිපතිගේ නාමය මෙනෙහි කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Haaqqa — الحاقة

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා