මුල් පිටුවතෆ්සීර්Al-Ma'aarij (70)

තෆ්සීර් Al-Ma'aarij (70) — المعارج

මක්කී · 44 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ ﴿١﴾

මෙම දඬුවම සිදුවන්නේ නම් එය තමන්ට හා තම ජනයාට එරෙහිව හට ගන්වන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් විමසන්නෙකු විමසා සිටියේය. එය සමච්චලයට ලක් කිරීමක් වන අතර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන්නකි. للكفرين ليس له دافع

لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ ﴿٢﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම වළක්වන කිසිවකු නැත

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ ﴿٣﴾

උත්තරීතර බවින් ආශිර්වාද මහිමයන් හා තරාතිරමින් සහිත අල්ලාහ්ගෙනි

تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ ﴿٤﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම තරාතිරම් තුළ මලක්වරුන් හා ජිබ්රීල් නැග යනු ඇත. එය දිගු දිනයකි. එහි ප්රමාණය වසර පනස් දහසකි

فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا ﴿٥﴾

එහෙයින් දූතය! ඒ ගැන බියෙන් හෝ පැමිණිලි කිරීමෙන් තොරව ඉවසිය යුතු අයුරින් ඉවසනු. إن هم يرونه بعيدا

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا ﴿٦﴾

සැබැවින්ම ඔවුන් එම දඬුවම සිදුවිය නොහැකි දුරින් පිහිටා ඇත්තක් බව සිතති. ونرىه قريبا

وَنَرَىٰهُ قَرِيبًۭا ﴿٧﴾

නමුත් එය කිසිදු සැකයකින් තොරව සමීපයෙන් සිදුවන්නක් ලෙස අපි දකිමු

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ ﴿٨﴾

එදින අහස තඹ රත්රන් හා වෙනත් ලෝහ ද්රව්යවලින් උණු කර දිය කෙරුණු ලෝ දිය මෙන් වනු ඇත

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ﴿٩﴾

තවද කඳු සැහැල්ලු භාවයෙන් ලොම් මෙන් වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ولا يسٔل حميمحميما

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا ﴿١٠﴾

සමීපතයෙකු තම සමීපතයාගේ තත්ත්වය ගැන නොවිමසයි. ඊට හේතුව සෑම කෙනෙකුම තමන් ගැන සොයා බලන කාර්යයක පසුවන බැවිනි

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ ﴿١١﴾

සෑම මිනිසෙකුම තම සමීපතයා දෑසින් දැක ගනියි. සැඟවෙන්නේ නැත. නමුත් ඒ සමගම, නතරවී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් කිසිවෙක් කිසිවකු පිළිබඳ විමසන්නේ නැත. නිරයට නියම වූවන් ඔවුන් වෙනුවට තම දරුවන් දඬුවම සඳහා පරදුවට තබන්නට බලයි. وصحبته وأخيه

وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ ﴿١٢﴾

තම බිරිය හා තම සහෝදරයා ද තමා වෙනුවට පරදුවට තබන්නට බලයි

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ ﴿١٣﴾

දුෂ්කර අවස්ථාවන්හි තමන් සමගම නැවතී සිටි, ඔහුට වඩාත් සමීප වූ තම ඥාතියා ද පරදුවට තබන්නට බලයි

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ يُنجِيهِ ﴿١٤﴾

තවද මහපොළොවේ වෙසෙන ජින් වර්ගයා මිනිස් වර්ගයා හා වෙනත් දෑ ද ඔහු වෙනුවෙන් වන්දි වශයෙන් පරදුවට තබා නිරා ගින්නේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට බලයි

كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ ﴿١٥﴾

මෙම වැරදි කරුවා සිතනවාක් මෙන් කරුණ නොපවතී. සැබැවින්ම එය මතුලොව ගින්නය. එය දළුලා ඇවිළ, පුළුස්සා දමන්නකි. نزاعة للش و

نَزَّاعَةًۭ لِّلشَّوَىٰ ﴿١٦﴾

එහි ඇති දැඩි උෂ්ණත්වය හා ඇවිළීම හේතුවෙන් ඉතා දරුණු ලෙස හිසෙහි සම ඉවත් වී යනු ඇත. تدعوا من أدبر وتولى

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ ﴿١٧﴾

සත්යය පිටුපා, එයින් දුරස් වී, ඒ ගැන විශ්වාස නොකර ඒ අනුව ක්රියා නොකළ අය එය අමතයි

وَجَمَعَ فَأَوْعَىٰٓ ﴿١٨﴾

එමෙන්ම ඔහු ධනය රැස් කොට, අල්ලාහ්ගේ මාර්ගයේ එයින් වියදම් කිරීමෙන් මිට මොළවා ගත්තේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا ﴿١٩﴾

සැබැවින්ම මිනිසා තෘෂ්ණාවෙන් යුත් කලබලකාරී තත්ත්වයේ මවනු ලැබ ඇත

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًۭا ﴿٢٠﴾

ඔහුට යම් රෝගාබාධයකින් හෝ දිළිඳුකමින් හෝ යම් හානියක් ඇති වූ විට ඔහු ඉවසනුයේ ඉතා සුළු වශයෙනි

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا ﴿٢١﴾

පොහොසත් කමක් හා ලාබයක් වැනි යම් සතුටු දායක දෙයක් ඇති වූ විට එය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් අධික වශයෙන් වැළකී සිටින්නෙකු විය

إِلَّا ٱلْمُصَلِّينَ ﴿٢٢﴾

නමුත් සලාතය ඉටු කරන්නන් හැර. ඔවුහු මෙම නින්දාසහගත ගුණාංගවලින් නිරෝගිමත් වූවන් වෙති

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ ﴿٢٣﴾

ඔවුහු ඔවුන්ගේ සලාතය මත අඛණ්ඩ ව නිරත ව සිටින්නෝ වෙති. වෙනතකට යොමු නොවෙති. නියමිත වේලාවෙහි එය ඉටු කරති. ق

وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ مَّعْلُومٌۭ ﴿٢٤﴾

ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක් වෙන් කළ අය වෙති

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿٢٥﴾

ඔවුහු එය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නන්හට ද යම්කිසි හේතු කාරණාවක් මත ආහාර වළක්වනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින්නන්හට ද පිරිනමති

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ ﴿٢٦﴾

තවද ඔවුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තමන්ට සරිලන පරිදි සියලු දෑ සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමන දිනයක් බවට තහවුරු කරති

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ ﴿٢٧﴾

තවද ඔවුන් වනාහි, ඔවුන් තම දැහැමි ක්රියාවන් ඉදිරිපත් කිරීමත් සමගම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් පසුවන්නෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إن عذاب ربهم غيرمأمون

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍۢ ﴿٢٨﴾

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම බිය විය යුත්තකි. කිසිදු බුද්ධිමතෙකුට එයින් සුරක්ෂිත බව විශ්වාස කළ නොහැක

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ ﴿٢٩﴾

තවද ඔවුන් වනාහි, තම රහස්ය පෙදෙස් ආවරණය කරමින් හා අශීලාචාර දැයින් දුරස් කරමින් ආරක්ෂා කරන්නෝ වෙති

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿٣٠﴾

ඔවුන්ගේ බිරියන් හෝ ඔවුන් සතු කරගත් වහලියන් හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් පහස විදීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿٣١﴾

එහෙයින් කවරෙකු සඳහන් කරනු ලැබූ පරිදි බිරියන් හා වහලියන් හැර අයුතු ලෙස පහස විඳින්නට බලන්නේ ද අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන් වන්නේ ඔවුහුමය

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿٣٢﴾

ධනය හෝ රහස්ය කරුණක් විශ්වාසයෙන් යුතුව ඔවුනට පවරනු ලැබූ දෑ ද, ජනයා ඔවුන් සමග ගිවිසගත් ඔවුන්ගේ ගිවිසුම් ද ඔවුහු ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන්ගේ භාරකාරත්වයට ඔවුහු වංචා නොකරති. ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකරති

وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ ﴿٣٣﴾

ඉල්ලා සිටින පරිදි ඔවුන් සාක්ෂි දැරීමෙහි ස්ථාවර ව සිටිති. සමීප සම්බන්ධකම් හෝ සතුරුකම් එහි දී බලපෑමක් ලෙස ඇති කර ගන්නේ නැත

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿٣٤﴾

ඔවුන් වනාහි තම සලාතය එහි නියමිත වේලාවෙහි ඉටු කරමින්, පිරිසිදු කම හා තැන්පත් බවින් ඒ හැර වෙනත් කාර්යයක නිරත නොවෙමින්, ඉතා ප්රවේසමින් සැළකිලිමත් ව ඉටු කරන්නෝ වෙති

أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍۢ مُّكْرَمُونَ ﴿٣٥﴾

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ස්වර්ග උයන්හි සම්භාවනීයයන් වෙති. එය ඔවුන් සදා පවතින සුව පහසුකම් ලැබීමෙන් හා ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ බැලීමෙනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ ﴿٣٦﴾

අහෝ ධර්ම දූතය, නුඹ අවට සිටින නුඹේ සමාජයේ දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් නුඹව බොරු කිරීමට ගෙන ගියේ කුමක් ද?

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ﴿٣٧﴾

නුඹේ වම් පැත්තට හා දකුණු පැත්තට කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් වටවෙමින් සිටියෝය

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍۢ ﴿٣٨﴾

අල්ලාහ් තමන් සුව පහසුකම් සහිත ස්වර්ගයට ඇතුළත් කරන බවත්, තමන් දේව ප්රතික්ෂේපයේ හිඳමින්ම එහි සදා පවතින පහසුකම් භුක්ති විදිය හැකි බවත්. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කල්පනය කරන්නේ ද?

كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ ﴿٣٩﴾

ඔවුන් නිරූපණය කරන මෙන් එම කරුණ නැත. ඔවුන් දන්නා හඳුනන දැයින් සැබැවින්ම අපි ඔවුන් මැව්වෙමු. නොවටිනා ද්රාවණයකින් අපි ඔවුන් මවා ඇත්තෙමු. ඔවුන් තමන්ටම යම් යහපත් හෝ හානියක් සිදු කර ගැනීමට නොහැකි දුබලයින් වෙති. එසේ නම් ඔවුන් උඩගු වන්නේ කෙසේද?

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ ﴿٤٠﴾

හිරු උදාවන නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් මෙන්ම සඳු හා වෙනත් ග්රහ තාරකාවන්හි හිමිපාණන් වන අල්ලාහ් තමන් මතම දිවුරමින් "සැබැවින්ම අපි බලය දරන්නෝ වෙමු" යැයි දිවුරා සිටියි

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًۭا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿٤١﴾

ඔවුන් වෙනුවට අල්ලාහ්ට අවනත් වන වෙනත් පිරිසක් පෙරළා ගෙනැවිත් අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය අපට කළ නොහැකි දෙයක් නොවේ. ඔවුන් විනාශ කර ඔවුන් වෙනුවට වෙනත් පිරිසක් ගෙන එන්නට සිතන දාට එය කළ නොහැකි උදවිය නොවන්නෙමු

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ﴿٤٢﴾

අහෝ දූතය, ඔවුන් කවර ව්යාජයක හා නොමගක සිටින්නේද අල් කුර්ආනයේ ප්රතිඥා දී ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔවුන් හමුවන තෙක් ඔවුනට එසේ නිරත වන්නටත් මෙලොව ඔවුන්ගේ ජීවිතයේ කෙළිලොල් කිරීමටත් ඔවුනට ඉඩ හරිනු

يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًۭا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍۢ يُوفِضُونَ ﴿٤٣﴾

එය තම සංඛේතාත්මක පිළිම වලට තරඟ වදිමින් යන්නාක් සේ මිනීවලවල්වලි ඔවුන් ඉතා වේගයෙන් බැහැරට එන දිනයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ ﴿٤٤﴾

ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනී. එය මෙලොවෙහි ඔවුනට ප්රතිඥා දෙනු ලැබ ඔවුන් ඒ ගැන නොසැලකිල්ලෙන් පසු වූ දිනයයි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Ma'aarij — المعارج

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා