මුල් පිටුවතෆ්සීර්Nooh (71)

තෆ්සීර් Nooh (71) — نوح

මක්කී · 28 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿١﴾

නූහ් නබි තුමාගේ ප්රජාව අල්ලාහ්ට ආදේශ තබමින්, ඒ මත ගැලී සිටීම හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර තම සමූහයා බිය ගන්වා ඔවුනට ඇරයුම් කරන මෙන් අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. قال يقوم إنى لكم نذيرمبين

قَالَ يَـٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ﴿٢﴾

අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු නොවූයේ නම්, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින බිහිසුණු දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි’ යැයි නූහ් තම සමූහයාට පවසා සිටියේය

أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ﴿٣﴾

නුඹලා වෙත වූ මාගේ අවවාදයේ අවසානය වනුයේ, 'නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. තවද මා කවර කරුණක් නුඹලාට අවවාද කර ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මා පිළිපදිනු’ යැයි මා පැවසීමය

يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ ﴿٤﴾

සැබැවින්ම නුඹලා එය සිදු කරන්නේ නම්, දේව ගැත්තන්ගේ අයිතිවාසිකම් හා නොබැඳුණු නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ්ගේ අනුදැනුම තුළින් නියමිත කාලයක් දක්වා ජීවිතයේ දීර්ඝායුෂ නුඹලාගේ සමූහයාට පිරිනමනු ඇත. ඒ මත නුඹලා ස්ථීරව සිටින කාලයක් මහපොළොවේ නුඹලා පාලනය කරනු ඇත. සැබැවින්ම මරණය පැමිණියේ නම් ප්රමාද කරනු නොලැබේ. නුඹලා ඒ බව දැන සිටියෙහු නම් අල්ලාහ්ව විශ්වාස කිරීමටත්, නුඹලා නිරතවෙමින් සිටි දේව ආදේශය හා මුළාව සඳහා පශ්චාත්තාප වී ඔහු වෙත යොමුවන්නටත් යුහුසුළු වනු. قال رب إنى دعوت قومى ليلا ونهارا

قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًۭا وَنَهَارًۭا ﴿٥﴾

මාගේ පරමාධිපතියාණනි, නුඹට ගැතිකම් කිරීමටත් නුඹව ඒකීයත්වයට පත් කිරීමටත් සැබැවින්ම මම දිවා රෑ අඛණ්ඩව මාගේ සමූහයාට ඇරයුම් කළෙමි යැයි නූහ් පැවසීය

فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًۭا ﴿٦﴾

ඔවුන් සඳහා කළ මාගේ ඇරයුම ඔවුන් පලා යෑම සහ මා කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටියේ ද ඉන් දුරස්වීම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත

وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًۭا ﴿٧﴾

ඔබට පමණක් නැමදීම, ඔබට අවනත වීම හා ඔබේ රසූල්වරයාට අවනත වීම යනාදී ඔවුන්ගේ පාපකම් සඳහා සමාවට හේතුවන සාධක වෙත මා ඔවුන් ඇරයුම් කළ සෑම කල්හිම, මාගේ ඇරයුම ඔවුන්ගේ කනට නොවැකෙන සේ ඔවුන්ගේ ඇගිලි ඔවුන්ගේ කන් තුළ දමා වසා ගත්තෝය. ඔවුන් මා නොදකින සේ ඔවුන්ගේ ඇදුමෙන් ඔවුන්ගේ මුහුණු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වසා ගත්තෝය. ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එහි දිගටම රැඳී සිටියෝය. මා ඔවුන් ඇරයුම් කරන දෑ පිළිගැනීමට හා ඒ සඳහා සවන් දීමට ඔවුන් උඩඟු වූවෝය. ثم إنى دعوتهم جهارا

ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًۭا ﴿٨﴾

මාගේ පරමාධිපතියාණනි, පසුව සැබැවින්ම මම ඔවුනට ප්රසිද්ධියේම ඇරයුම් කළෙමි

ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًۭا ﴿٩﴾

ඇරයුම් කටයුතු සම්බන්ධයෙන් මාගේ හඬ ඔවුන් වෙනුවෙන් උස් කළෙමි. රහසිගතව සගවමින් ද ඇරයුම් කළෙමි. පහත් හඬින් ද ඇරයුම් කළෙමි. මාගේ ඇරයුම් විවිධ ස්වරූපයෙන් ඔවුන් වෙත පිළිගැන්වූයෙමි

فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًۭا ﴿١٠﴾

මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට පශ්චාත්තාපය වී සමාව අයැද සිටිනු. සැබැවින්ම පිවිතුරු අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත සමාව ඇයැද යොමු වන්නන්ගේ පාපකම්වලට අතිශයෙන් සමාව දෙන්නාය

يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا ﴿١١﴾

සැබැවින්ම නුඹලා එසේ සිදු කළේ නම්, නුඹලාට වර්ෂාව අවශ්ය වන සෑම මොහොතකම අල්ලාහ් අහසින් අඛණ්ඩ ව වර්ෂාව පහළ කරනු ඇත. එවිට කිසිදු නියඟයක් හෝ සාගින්නක් ඔබට අත් වන්නේ නැත. ويمددكم بأمول وبنين ويجعل ل كم جنت ويجعل ل كم أنهرا

وَيُمْدِدْكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّـٰتٍۢ وَيَجْعَل لَّكُمْ أَنْهَـٰرًۭا ﴿١٢﴾

අධික ලෙස සම්පත් හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලා අනුභව කිරීම සඳහා පළතුරු වතු නුඹලා වෙනුවෙන් ඔහු මතු කරනු ඇත. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ වගාවන් හා ගොවිපළ සතුන්ට ජලය සැපයීම සඳහාත් ගංගාවන් නුඹලා වෙනුවෙන් මතු කරනු ඇත. ما لكم لا ترجون لله وقارا

مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًۭا ﴿١٣﴾

අහෝ ජනයිනි, කිසිදු උදාසීනත්වයෙන් තොර ව ආරක්ෂා වන පරිදි අල්ලාහ්ගේ බලමහිමය පිළිබඳ නුඹලා බිය නොවන්නට වූ නුඹලාගේ විෂය කුමක් වීද? وقد خلقكم أطوارا

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا ﴿١٤﴾

තවද ශුක්ර ධාතුවෙන් ලේ කැටියට, ලේ කැටියෙන් කලලයට යනා දී ලෙස එක් අදියරයකින් පසු තවත් අදියරයකින් සැබැවින්ම ඔහු නුඹලා මැව්වේය

أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَـٰوَٰتٍۢ طِبَاقًۭا ﴿١٥﴾

අහසකට ඉහළින් තවත් අහසක් පිහිටන පරිදි අහස් හතක් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًۭا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًۭا ﴿١٦﴾

ඒවා අතර පහළින් පිහිටා ඇති අහසේ මිහිකත වාසීන් සඳහා ආලෝකයක් ලෙස සඳුත් ආලෝකය උත්පාදනය කරන්නක් ලෙස හිරුත් ඔහු මැව්වේය

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًۭا ﴿١٧﴾

තවද අල්ලාහ් නුඹලාගේ පියාණන් වන ආදම්ව පසින් මැවීමෙන් නුඹලාගේ මැවීම ආරම්භ කොට පසුව නුඹලා වෙනුවෙන් ඔහු කවර කරුණක් පැළ කරන්නේ ද එමගින් නුඹලා පෝෂණය ලබන්නෙහුය. ثم يعيدكم فيها ويخرجكم إخراجا

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًۭا ﴿١٨﴾

නුඹලා මිය ගිය පසුව නැවතත් ඒ තුළට යොමු කරයි. පසුව විනිශ්චය සඳහා එයින් නුඹලාව ඔහු බැහැර කරයි

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًۭا ﴿١٩﴾

තවද නුඹලාට වාසය කිරීමට පහසු වන අයුරින් මහපොළොව පුළුල් ලෙස අල්ලාහ් නිර්මාණය කළේය. لتسلكوامنها سبلا فجاجا

لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًۭا فِجَاجًۭا ﴿٢٠﴾

එය අනුමත කළා වූ ජීවනෝපාය පිණිස එහි ඇති පුළුල් මාර්ග වල නුඹලා ගමන් කිරීමේ අපේක්ෂාවෙනි

قَالَ نُوحٌۭ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًۭا ﴿٢١﴾

මාගේ පරමාධිපතියාණෙනි, ඔබට පමණක් ගැතිකම් කරන මෙන් ද ඔබ ඒකීයත්වයට පත් කරන මෙන් ද මා ඔවුනට කවර කරුණක් නියෝග කළේ ද එම විෂයයෙහි සැබැවින්ම මාගේ සමූහයා මට පිටු පා ඇත්තෝය. ඔවුන් අතර සිටින අඥානයින් ඔබ විසින් පිරිනමන ලද ධනය හා දරු සම්පත් හිමි ප්රභූවරුන් පිළිපදින්නට ගත්තේය. ඔබ ඔවුනට කවර ආශිර්වාදයක් පිරිනැමුවේද එය ඔවුනට මුළාව මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත. ومكروا مكرا كبارا

وَمَكَرُوا۟ مَكْرًۭا كُبَّارًۭا ﴿٢٢﴾

ඔවුන් අතර සිටි එම ප්රභූවරුන් නූහ් නබි තුමාට එරෙහිව ඔවුනට පහළින් සිටි ජනයා පොළොඹවා ඉමහත් කුමන්ත්රණයක් කූට ලෙස සැළසුම් කළෝය. د وقالوالا تذرن ءالهتكم ولا تذرن و اولا سواعا ولا يغوث ويعوق ونسرا

وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّۭا وَلَا سُوَاعًۭا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًۭا ﴿٢٣﴾

ඔවුන් අනුගමනය කළවුන්ට, ‘නුඹලාගේ දෙවිවරුන් නැමදුම් කිරීම අතහැර නොදමනු. එමෙන්ම වද්, සුවාඃ, යගූස්, යඌක් හා නස්ර් යන නුඹලාගේ පිළිම නැමදුම් කිරීමද අතහැර නොදමනු’ යැයි ඔවුහු පවසා සිටියෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَقَدْ أَضَلُّوا۟ كَثِيرًۭا ۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَـٰلًۭا ﴿٢٤﴾

ඔවුහු ඔවුන්ගේ පිළිම වන්දනාව තුළින් ජනයා බොහෝ දෙනා නොමග යවා ඇත. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්වල නිතරවීමෙන් තමන්ටම අපරාධ කරගත් අපරාධකරුවන්හට සත්යයෙන් බැහැර වූ මුළාව මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!

مِّمَّا خَطِيٓـَٔـٰتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًۭا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًۭا ﴿٢٥﴾

ඔවුන් සිදු කළ ඔවුන්ගේ වැරදි හේතුවෙන් මෙලොවෙහි මහා ජලගැල්මක ඔවුන් ගිල්වනු ලැබුවෝය. ඔවුන්ගේ මරණයෙන් පසු ක්ෂණිකව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. අල්ලාහ් හැර එම ජල ගැල්මෙන් හා නිරා ගින්නෙන් ඔවුන් අරාක්ෂා කරන උදව් කරුවන් කිසිවෙකු ඔවුන් වෙනුවෙන් ඔවුහ් නොලබන්නේමය

وَقَالَ نُوحٌۭ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَـٰفِرِينَ دَيَّارًا ﴿٢٦﴾

මාගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සතු කිසිදු නිවසක් ඔබ අතහැර නොදමන්නැයි නූහ් නබි තුමා පවසා සිටියේය

إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًۭا كَفَّارًۭا ﴿٢٧﴾

අපගේ පරමාධිපතියාණෙනි, සැබැවින්ම ඔබ ඔවුන් අතහැර දැමුවේ නම් හෝ ඔවුනට අවකාශයක් දුන්නේ නම් හෝ දෙවියන් විශ්වාස කරන ඔබේ ගැත්තන් ඔවුන් විසින් නොමග හරිනු ඇත. ඔබ වෙනුවෙන් කිසිවක් පිරි නොනමන දුෂ්ඨයින් හා ඔබේ ආශිර්වාදයට කෘතඥ නොවන දැඩි ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු ඔවුන් බිහි නොකරනු ඇත

رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًۭا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا تَبَارًۢا ﴿٢٨﴾

මාගේ පරමාධිපතියාණෙනි, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමව්පියන්ට ද සමාව දෙනු මැනව. මාගේ නිවසට ඔබ ව විශ්වාස කළ තත්ත්වයේ ඇතුළු වූවන්ට ද සමාව දෙනු මැනව. දෙවියන් විශ්වාස කරන පිරිමින් මෙන්ම දෙවියන් විශ්වාස කරන කාන්තාවන්ට ද සමාව දෙනු මැනව. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකර ගත්තවුනට අලාභය හා විනාශ මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව! මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Nooh — نوح

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා