මුල් පිටුවතෆ්සීර්Al-Qalam (68)

තෆ්සීර් Al-Qalam (68) — القلم

මක්කී · 52 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ ﴿١﴾

‘නූන්’ සූරා අල් බකරා ආරම්භයෙහි මේ පිළිබඳ දැක්ම සඳහන් කොට ඇත. අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි

مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍۢ ﴿٢﴾

අහෝ දූතය, ඔබ වෙත අල්ලාහ් ආශිර්වාද කළ දූත මෙහෙවර හේතුවෙන් ඔබ උම්මතකයෙකු නොවේ. ආදේශ තබන්නන් පවසන අයුරින් ඔබ උම්මත්තභාවයෙන් නිදෝස් අයෙකි. وإن لك لأجرا غيرممنون

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍۢ ﴿٣﴾

සැබැවින්ම නුඹ දූත මෙහෙවර උසුලා මිනිසුන් වෙත ගෙන යන බැවින් නුඹට අඛණ්ඩ කුසල් ඇත. නුඹ කෙරෙහි (පමණක් මිස වෙනත්) කිසිවෙකුට (එවන්) පිරිනැමීමක් නැත. وإنك لعل خلق عظيم

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍۢ ﴿٤﴾

සැබැවින්ම ඔබ අල් කුර්ආනය ගෙන දුන් මහඟු ගතිගුණ මත වන්නෙහිය. එහි ඇති දෑ අනුව ඔබ පූර්ණ ලෙස හැඩ ගැසී ඇත්තෙහිය. فستبصر ويبصرون

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ ﴿٥﴾

ඔබ මතු දකිනු ඇත. එමෙන්ම එම බොරුකාරයින් ද දකිනු ඇත

بِأَييِّكُمُ ٱلْمَفْتُونُ ﴿٦﴾

සත්යය හෙළි වන අවස්ථාවේ උමතුවෙන් සිටියේ කවුරුන් දැ?යි පැහැදිළි වනු ඇත

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿٧﴾

අහෝ දූතය, සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ මාර්ගයෙන් හැරුණේ කවුදැයි ඔහු දනියි. ඒ වෙත මඟ ලැබූවන් පිළිබඳවත් මැනවින් දනියි. එහෙයින් සැබැවින්ම ඔවුන් එයින් නොමග ගියවුන් බවත් සැබැවින්ම ඔබ ඒ වෙත මග පෙන්වනු ලැබූ බවත් ඔහු දනී

فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ ﴿٨﴾

එහෙයින් අහෝ දූතය, නුඹ ගෙන ආ දෑ බොරු යැයි පවසන්නන්හට නුඹ අවනත නොවනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ود والو تدهن فيدهنون

وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ ﴿٩﴾

දහම පිළිබඳ සැලකිලිමත්වීමේදී නුඹ ඔවුනට ලිහිල් කළෙහි නම් හෝ නම්යශීලී වූයෙහි නම්, ඔවුහු ද නුඹට ලිහිල් කරන්නටත් නම්යශීලී භාවය දක්වන්නටත් ප්රිය කරති. ولاتطع كل حلاف مهين

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍۢ مَّهِينٍ ﴿١٠﴾

ව්යාජ ලෙස අධික ව දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම ඔබ අවනත නොවනු

هَمَّازٍۢ مَّشَّآءٍۭ بِنَمِيمٍۢ ﴿١١﴾

ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි. م ناع للخير معتد أثيم

مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ ﴿١٢﴾

අධික ලෙස යහපත වළක්වන්නෙකි. තම ධනය, තම වස්තුව හා තම ජීවිත සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. අධික ලෙස පාපකම් හා වැරදි සිදු කරන්නෙකි. عتلبعد ذلك زنيم

عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ ﴿١٣﴾

දැඩි මතධාරී වේළුණු සිතක් ඇත්තෙකි. ඔහුගේ සමාජයේ කිට්ටු ආශ්රයක් ඇත්තෙකු ලෙස කැඳවනු ලැබූවෙකි. أن كان ذا مال وبنين

أَن كَانَ ذَا مَالٍۢ وَبَنِينَ ﴿١٤﴾

සැබැවින්ම ඔහු ධනය හා දරුවන් සහිත පුත්ගලයකු වූ බැවිනි. ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අහංකාරයෙකු විය

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿١٥﴾

ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලබන විට ඔහු: ‘මුල්කාලීනයන් ගෙතූ පේළි කිහිපයකි’ යැයි පවසයි

سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ ﴿١٦﴾

ඔහුගේ නාසය මත අපහාසාත්කම හා නොමැකෙන සළකුණක් තබන්නෙමු

إِنَّا بَلَوْنَـٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَـٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ ﴿١٧﴾

සැබැවින්ම දුප්පත් ජනයාට ආහාර නොලැබෙන පරිදි හදිසියේම තමන් උදෑසනම ඵල නෙළන්න ගිය වතු වාසීන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් දෙවියන්ට ආදේශ තබන මොවුන්වද නියඟය හා සාගතයෙන් අපි පරීක්ෂාවට ලක් කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ولا يستثنون

وَلَا يَسْتَثْنُونَ ﴿١٨﴾

ඔවුන් ඔවුන්ගේ සපථය තුළ ඉන්ෂා අල්ලාහ් යන ප්රකාශය වෙන් කර පැවසුවේ නැත

فَطَافَ عَلَيْهَا طَآئِفٌۭ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ ﴿١٩﴾

ඒ වෙත අල්ලාහ් ගින්නක් එවීය. එහි හිමිකරුවන් නිදමින් සිටිය දී ගින්න එම වතු විනාශ කර දැමීය. ඇවිළෙන ගින්න වළක්වා ගැනීමට ඔවුනට නොහැකි විය

فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ ﴿٢٠﴾

එය අඳුරු රාත්රිය මෙන් කළු වී ගියේය. فتنادوا مص بحين

فَتَنَادَوْا۟ مُصْبِحِينَ ﴿٢١﴾

උදෑසන කාලයේ ඔවුන් ඇතැමෙක් ඇතැමෙකු අමතන්නට විය

أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَـٰرِمِينَ ﴿٢٢﴾

"නුඹලා එහි අස්වැනු නෙළන්නට යන්නෙහු නම් දිළිඳුන් පැමිණීමට පෙර නුඹලාගේ අස්වැනු වෙත උදෑසනින්ම පිටත්ව යන්නැ"යි පවසා සිටියෝය

فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَـٰفَتُونَ ﴿٢٣﴾

ඔවුහු ඇතැමෙක් ඇතැමෙකු සමග ඉතා පහත් හඬින් කතා කරමින් ඔවුන්ගේ ගොවිබිම වෙත විගස ගියෝය

أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌۭ ﴿٢٤﴾

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ට, "අද දින කිසිදු දුප්පතෙකු නුඹලා සමග වතුයායට නොවිපිසිය යුතු යැ"යි පැවසීය. وغدواعل حرد قدرين

وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍۢ قَـٰدِرِينَ ﴿٢٥﴾

ඔවුන්ගෙන් අස්වනු වළක්වා ගත හැකිය යන විශ්වාසය මත ඔවුහු උදෑසනම යුහුසුළුව ගියෝය

فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ ﴿٢٦﴾

එය ගිනිබත් වී තිබෙනු ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට, "එහි මාර්ගය අපට වැරදී ඇතැ"යි පැවසීය. بل نحن محرومون

بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿٢٧﴾

"එසේ නොව, අපට හිමි අස්වැන්නෙන් අපි දුප්පතුන් වළක්වාලීමට තීරණය කළ බැවින් එහි ඵලදාව නෙළා ගැනීමෙන් අප වළක්වනු ලැබූවෙමු." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال أوسطهم ألم أقل ل كم لولا تسبحون

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ ﴿٢٨﴾

ඔවුන් අතර සිටි උදාර පුද්ගලයෙක්: 'ඒවා දිළිඳුන්ට තහනම් කිරීමට නුඹලා තීරණය කළ අවස්ථාවේ නුඹලා අල්ලාහ් ව සුවිශුද්ධ කර, ඔහු වෙත නුඹලා පාපක්ෂමාවෙහි නිරත විය යුතු නොවේද?' යැයි මම නුඹලාට නොපැවසුවෙම්ද?"යැයි පවසා සිටියේය

قَالُوا۟ سُبْحَـٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ ﴿٢٩﴾

"අපගේ පරමාධිපති සුවිශුද්ධය.අපේ වතු ඵලදාවෙන් දුප්පත් දිළිඳු ජනතාව වැළැක්වීමට අපි තීරණය කළ අවස්ථාවේ සැබැවින්ම අපි අපටම අපරාධ කර ගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය. فأقبل بعضهم عل بعض يتلومون

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَلَـٰوَمُونَ ﴿٣٠﴾

අපහාසාත්මක ලෙසින් ඔවුන් එකිනෙකාට කතා හුවමාරු කර ගනිමින් ඉදිරියට ආවෝය

قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا طَـٰغِينَ ﴿٣١﴾

ඔවුන් කනස්සල්ලෙන්, "අහෝ අපට සිදු වූ අලාභහානිය. දුප්පත් දිළිඳු ජනතාවගේ උරුමය තහනම් කිරීමෙන් අපි සීමාව ඉක්මවා කටයුතු කර ඇත්තෙමු" යැයි පැවසූහ

عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًۭا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ﴿٣٢﴾

අපගේ පරමාධිපතියාණන් මෙම වත්තට වඩා යහපත් දෙයක් අපට පෙරළා දිය හැකිය. සැබැවින්ම අපි අල්ලාහ් වෙත පමණක් කැමැත්තෙන් යොමු වෙමු. ඔහුගෙන් අපි සමාව අපේක්ෂා කරමු. ඔහුගෙන් යහපත පතමු

كَذَٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٣٣﴾

පොෂණ සම්පත් වැළැක්වීමෙන් මෙම දඬුවම ඔවුනට අත්වූවාක් මෙන් අපට පිටුපාන්නන්හට ද දඬුවම් කරන්නෙමු. මතුලොව දඬුවම අති බිහිසුණුය. එහි බිහිසුණුකම හා සදාතනිකත්වය වටහා ගන්නේ නම් මැනවි

إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٣٤﴾

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මුත්තකීන්වරුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් එහි භුක්ති විදින සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ සුවපහසුකම් විසන්ධි වන්නේ නැත

أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ ﴿٣٥﴾

මක්කාවාසී අදේශ කරන්නන් සිතනවාක් මෙන් ප්රතිඵල පිරිනැමීමෙහි දෙවියන් ප්රතික්ෂේ කරන්නන් මෙන් මුස්ලිම්වරුන්ව අප පත් කරන්නෙමු ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර් مالكم كيف تحكمون

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿٣٦﴾

අහෝ දෙවියන්ට ආදේශ තබන අයවලුනි! නුඹලාට කුමක් වීද? මෙම වංක හා වැරදි තීන්දුව නුඹලා තීරණය කරනුයේ කෙසේද? أم لكم كتب فيهتدرسون

أَمْ لَكُمْ كِتَـٰبٌۭ فِيهِ تَدْرُسُونَ ﴿٣٧﴾

අවනත වන්නා හා පිටුපාන්නා අතර සමානකම් ඇති බවට නුඹලා කියවන පුස්තකයක් එහි නුඹලාට තිබේ ද? إن لكم فيه لما تخيرون

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ﴿٣٨﴾

මතුලොවෙහි නුඹලා වෙනුවෙන් නුඹලා තෝරා ගන්නා යමක් එම පුස්තකයේ සැබැවින්ම නුඹලාට තිබේ ද?

أَمْ لَكُمْ أَيْمَـٰنٌ عَلَيْنَا بَـٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ ﴿٣٩﴾

නුඹලා වෙනුවෙන් නුඹලාට තීන්දු දිය හැකි යමක් නුඹලා සතු ව ඇතැයි අප වෙත තීන්දු කරන ලද ස්ථීර ගිවිසුම් නුඹලාට තිබේ ද? سلهم أي هم بذلك زعيم

سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ﴿٤٠﴾

අහෝ දූතය, මෙම ප්රකාශය පවසන්නන්ගෙන්, ‘ඒ පිළිබඳ භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවරෙකු දැ'යි විමසනු

أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَـٰدِقِينَ ﴿٤١﴾

ප්රතිඵල පිරිනැමීමේ දී දෙවියන් විශ්වාස කරන්නන් සමග ඔවුන් සමානුපාතිකව පිරිනමන අල්ලාහ් නොවන වෙනත් හවුල්කරුවන් ඔවුනට සිටීද? එසේ නම් ප්රතිඵල පිරිනැමීමේදී දේව විශ්වාසීන් සමග ඔවුනට සමානුපාතිකව පිරිනමන හවුල් කරුවන් ඇතැයි වාද කරන ඔවුන් සත්යවාදීහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ගෙන එත්වා!

يَوْمَ يُكْشَفُ عَن سَاقٍۢ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ ﴿٤٢﴾

මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ අර්බුද හට ගැනේ. අපගේ පරමාධිපති ඔහුගේ කෙණ්ඩය නිරාවරණය කරයි. සුජූද් කිරීම සඳහා ජනයාට ඇරයුම් කරනු ලබයි. එවිට දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් සුජූද් කරන අතර දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින් සුජූද් කිරීමට නොහැකිව රැඳී සිටිති

خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ ﴿٤٣﴾

ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය හා අපහාසය ඔවුන් වෙළාගෙන තිබේ. ඔවුන් මෙලොවෙහි සුවෙන් සිටිය දී අල්ලාහ්ට සුජූද් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ ﴿٤٤﴾

අහෝ දූතය, ඔබ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය බොරු කරන්නන් මා සමග අතහැර දමනු. සැබැවින්ම එය සැළසුම් සහගත හා පිළිවෙලෙන් ඇති වන්නක් බව ඔවුන් නොහඳුනන පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් දඬුවම වෙත ගෙන යන්නෙමු

وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ ﴿٤٥﴾

ඔවුන් ඔවුන්ගේ පාපකමෙහි පැටලෙන්නට ටික කලක් මම ඔවුනට අවකාශය දෙමි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා බොරු කරන්නන් මත වූ මාගේ සැළසුම ඉතා බලවත්ය. එහෙයින් මගෙන් මිදීමට හෝ මාගේ දඬුවමින් නිදහස් වන්නට හෝ ඔවුනට නොහැක. أم تسٔلهم أجرا فهم من مغرم مثقلون

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ﴿٤٦﴾

අහෝ ධර්ම දූතය, ඔබ ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සඳහා නුඹ යම් තිළිණයක් ඔවුන්ගෙන් පතා ඒ හේතුවෙන් බලවත් කරුණක් ඔවුන් උසුලා, නුඹව ඔවුන් පිටු දැකීමට එය හේතුවක් වීද? සිදු ව ඇත්තේ එයට පටහැනි දෙයකි. නුඹ ඔවුන්ගෙන් කිසිදු කුලියක් නො පතන්නෙහිය. එසේනම්, නුඹව අනුගමනය කිරීමෙන් ඔවුන් වළක්වාලන්නේ කුමක් ද?

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿٤٧﴾

එසේ නැතහොත් ඔවුනට ගුප්ත ඥානය තිබී, කවර කරුණක් ඔවුන් ඔබ සමග වාද කරන්නේ ද එවන් සාධක අතරින් ඔවුනට අනුමත කරන යමක් ඔවුහු ලියන්නෝ ද?

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌۭ ﴿٤٨﴾

අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ

لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌۭ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌۭ ﴿٤٩﴾

අල්ලාහ්ගේ දයාව හා කරුණාව ඔහුට නොලැබුණේ නම් ඔහු ශාප කරනු ලැබ නිසරු භූමියකට එම මත්සයා ඔහුව ගොඩ දමන්නට තිබුණි

فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿٥٠﴾

ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගෙන ඔහුගේ දැහැමි ගැත්තන් අතරට පත් කළේය

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌۭ ﴿٥١﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති. وما هو إلا ذكر للعلمين

وَمَا هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ﴿٥٢﴾

නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනය මිනිස් වර්ගයාට හා ජින් වර්ගයාට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මිස නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Qalam — القلم

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා