الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ وَقُرْءَانٍۢ مُّبِينٍۢ ﴿١﴾
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. සැබැවින්ම මෙය අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබු බවත් ඒවා දේව ඒකීයත්වය හා ආගමික නීති පිළිවෙත් පැහැදිලි කරන අල් කුර්ආනයේ උසස් පාඨ වේ
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ ﴿٢﴾
දෙවියන් ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, ඔවුනට මෙම කරුණු පැහැදිලි වන අවස්ථාවේ හා ඔවුන් මෙලොවෙහි දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි දෑ නිෂ්ඵල බව ඔවුනට හෙළි වන අවස්ථාවේ ඔවුන් (දේව විශාවස කළ)මුස්ලිම්වරුන් වශයෙන් සිටියා නම් මැනව යැයි ආශා කරති
ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿٣﴾
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට ගොවිපල සතුන් අනුභව කරන්නාක් මෙන් භුක්ති විඳින්නට ඉඩ දෙනු. තාවකාලික මෙලොව ආශාවන් ඔවුහු භුක්ති විදිති. ඔවුන්ගේ දිගු බලාපොරොත්තු දේව විශ්වාසයෙන් හා දැහැමි ක්රියාවන්ගෙන් ඔවුන් වෙනතකට යොමු කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අල්ලාහ් වෙත පැමිණෙන විට ඔවුන් සිටියේ අලාභයක බව ඔවුන් මතු දැනගනු ඇත
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌۭ مَّعْلُومٌۭ ﴿٤﴾
අපරාධකාරී ගම්මාන අතරින් යම් ගම්මානයක් වෙත අප විනාශය පහළ කරන විට, අල්ලාහ්ගේ දැනුමෙහි ඒ සඳහා නියමිත කාලයක් තිබුණා මිස නැත. ඊට පෙර හෝ ප්රමාද වෙමින් හෝ සිදු වූයේ නැත. ما تسبق من أمة أجلها وما يستٔخرون
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ﴿٥﴾
සමූහයන් අතරින් යම් සමූහයක් වෙත ඒ සඳහා නියම කළ කාලයට පෙර එහි විනාශය පැමිණෙන්නේ නැත. නියමිත කාලය පැමිණි විට එය ප්රමාද කරනු ලබන්නේ ද නැත. අල්ලාහ් අපරාධකරුවන්ට ලබා දුන් කාල අවකාශය තුළ ඔවුන් වෙනස් විය යුතු නොවේ ද!
وَقَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌۭ ﴿٦﴾
මක්කාවාසීන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ දූතයාණන්හට (සල්ලල්ලාලාහු අලයිහි වසල්ලම්) "තමන් වාද කරන පරිදි මෙනෙහි කිරීම පහළ වී ඇති අයවලුනි! සැබැවින්ම නුඹ, මේ කරන වාදයේ උන්මත්තකයෙකි. උන්මත්තකයින් ක්රියා කරන අයුරින් නුඹ ද ක්රියා කරන්නෙහිය." යැයි පැවසුවෝය
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٧﴾
නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම්, සැබැවින් නුඹ එවනු ලැබූ නබිවරයෙකු යැයි ද සැබැවින්ම දඬුවම අපට පහළවන්නක් යැයි ද නුඹ වෙනුවෙන් සාක්ෂි දරන මලක්වරුන් අප වෙත නුඹ ගෙන ආ යුතු නොවේද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًۭا مُّنظَرِينَ ﴿٨﴾
මලක්වරුන් පැමිණිය යුතු යැයි ඔවුන් එතුමාගෙන් කළ යෝජනාවට පිළිතුරු වශයෙන්, "දඬුවම් කිරීමෙන් නුඹලාගේ විනාශය පැමිණෙන විට ප්රඥාව නියම කරන දෑට අනුකූල වුවහොත් මිස අපි දේව දූතයන් පහළ නොකරන්නෙමු. -ඔවුන් විශ්වාස නොකරමින් සිටිය දී ඔවුන් වෙත අපි මලක්වරුන් අපි එව්වේ නම්- ඔවුන් අවකාශය ලබන්නන් ලෙස නොසිටිති. දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත." යැයි අල්ලාහ් පවසයි
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ ﴿٩﴾
සැබැවින්ම අපි මෙම කුර්ආනය මිනිසුනට මෙනෙහි කිරීමක් වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදවතට පහළ කළ අය වෙමු. එමෙන්ම අල් කුර්ආනයට අමතර යමක් එකතු වීමෙන් හෝ ඉන් යමක් අඩුවීමෙන් හෝ එය වෙනස් කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අපමය
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ ﴿١٠﴾
අහෝ දූතය! නුඹට පෙර ද දෙවියන් ප්රතික්ෂේප කරන සමූහයන් අතරට අපි දහම් දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. නුඹේ සමූහයා නුඹ ව බොරු කිරීමෙහි එම දූතවරුන් අතරින් ඔබ නව කෙනෙකු නොවන්නෙහිය. وما يأتيهم من رسول إلا كانوا به يستهزءون
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿١١﴾
දෙවියන් ප්රතික්ෂේප කළ පෙර සමූහයා අතරට දහම් දූතයෙකු පැමිණි විට ඔවුහු ඔහු බොරු කොට ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත
كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ﴿١٢﴾
එම සමූහයන්ගේ සිත් තුළට බොරු කිරීම අපි ඇතුළත් කළාක් මෙන්ම, මක්කාවෙහි විසූ දේව ආදේශකයින්ගේ සිත් තුළ ද ඔවුන්ගේ පිටුපෑම හා මුරණ්ඩුකම හේතුවෙන් අපි එය ඇතුළත් කළෙමු
لَا يُؤْمِنُونَ بِهِۦ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ ﴿١٣﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය ඔවුහු විශ්වාස නොකරති. මීට පෙර පැමිණි දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කරමින් සිටි ජනයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත ඉකුත් ව ගොස් ඇත. ඔබ ව බොරු කරන්නන් මෙමගින් පාඩම් ලබත්වා!
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًۭا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ ﴿١٤﴾
මෙම බොරුකරන්නන්හට පැහැදිලි සාධක තුළින් සත්යය වටහා දෙනු ලබන තෙක්ම ඔවුහු මුරණ්ඩුකමින් පසුවෙති. ඒ සඳහා අපි ඔවුනට අහසින් දොරටුවක් විවෘත කර දුන්න ද ඔවුහු එහි නැග යන්නට බලති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَـٰرُنَا بَلْ نَحْنُ قَوْمٌۭ مَّسْحُورُونَ ﴿١٥﴾
ඔවුන් සත්ය පවසන කල්හි ඔවුහු මෙසේ පවසා සිටියහ. "එම දැක්මෙන් අපගේ දැක්ම සැබැවින්ම බන්ධනය කරනු ලැබ ඇත. එය හූනියමක බලපෑමක් ලෙස අපි දකින්නෙමු. එහෙයින් අපි හූනියමට ලක්වූවෝ වෙමු."
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ ﴿١٦﴾
ගොඩබිමේ හෝ සාගරයේ හෝ රාත්රී අන්ධකාරයේ මිනිසුන් ගමන් කරන විට එමගින් මග සොයා ගනු පිණිස අහසේ අති විශාල තාරකාවන් අපි ඇති කළෙමු. එමෙන්ම ඒ දෙස බලන දකින දනන් හට අල්ලාහ්ගේ බලබමහිමය ගැන සාක්ෂි හා සාධක ඒවා මගින් ගනු පිණිස අපි ඒවා අලංකාරවත් කළෙමු. وحفظنها من كل شيطن رجيم
وَحَفِظْنَـٰهَا مِن كُلِّ شَيْطَـٰنٍۢ رَّجِيمٍ ﴿١٧﴾
අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි අහස ආරක්ෂා කළෙමු
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ مُّبِينٌۭ ﴿١٨﴾
උසස් ප්රාධානීන් වෙනුවෙන් රහසිගතව සවන් දෙන්නා හැර. ඔහු වෙත ඇවිළෙන උල්කාවක් කඩා වැටී ඔහු ව පුළුස්සා දමනු ඇත
وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍۢ مَّوْزُونٍۢ ﴿١٩﴾
ජනයා මහපොළොව මත වාසය කරනු පිණිස අපි එය දිග හැරියෙමු. මිනිසුන් චලනය නොවන තරමට ඒ මත අපි ස්ථාවර කඳු ඇති කළෙමු. ප්රඥා ව නියම කරන දෑ අනු ව නිර්ණය කරන ලද විවිධ වර්ගයේ පැළෑටි අපි එහි හට ගැන්වූයෙමු. وجعلنا لكم فيها معيش ومن لستمله برزقين
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَـٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ ﴿٢٠﴾
නුඹලා මෙලොව ජීවිතය ගත කරන තාක්කල් නුඹලා වෙනුවෙන් ආහාර පාන වැනි නුඹලාගේ ජීවන සම්පත් අපි එම පොළොව මත ඇති කළෙමු. එමෙන්ම නුඹලා පෝෂණය නොකළා වූ නුඹලා හැර සෙසු මිනිසුන් හා සතුන්ට ද ඔවුන්ගේ ජීවන සම්පත් අපි ඇති කළෙමු
وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍۢ مَّعْلُومٍۢ ﴿٢١﴾
මිනිසුන් හෝ සතුන් ප්රයෝජනය ලබන යම් දෙයක් වී නම් එය ඇති කිරීමට හා එමගින් ජනයින්ට සෙත සලසන්නට බලය ඇත්තෝ අපමය. අප හැර වෙනත් කිසිවෙකු නැත. ඒවායින් අප ඇති කරන්නට යන දෑ අපගේ ප්රඥාව හා අපගේ අභිමතය නියම කරන නිශ්චිත ප්රමාණයකින් මිස අපි ඒවා ඇති නොකරන්නෙමු
وَأَرْسَلْنَا ٱلرِّيَـٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَسْقَيْنَـٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَـٰزِنِينَ ﴿٢٢﴾
වළාකුළු උසුලාගෙන යන සුළඟ අපි එව්වෙමු. එය උසුලාගෙන එන වළාකුළු මගින් වර්ෂාව පහළ කළෙමු. වර්ෂා මගින් අපි නුඹලාට ජලය සැපයූවෙමු. අහෝ ජනයිනි! උල්පත් ලෙස හෝ ළිං ලෙස හෝ පවතින්නට තරම් මහපොළොවේ එම ජලය රඳවා ගෙන සිටින ගබඩාකරුවන් නුඹලා නොවන්නෙහුය. එහි ගබඩා කර තබන්නේ අල්ලාහ්මය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ ﴿٢٣﴾
ශුන්ය තත්වයේ සිට ඔවුන් මැවීමෙන් හා මිය ගිය පසු යළි ඔවුන් අවදි කිරීමෙන් මිය ගිය ඇත්තන්හට යළි ජීවය ලබා දෙන්නේ අපමය. ඔවුන් නියමිත ආයු කාලය සම්පූර්ණ කළ විට ජීවීන් මරණයට පත් කරන්නෙමු. මහපොළොව හා ඒ මත සිටින්නන්ට උරුමය ලබා දෙන සදා උරුමක්කරුවෝ අපම ය
وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ ﴿٢٤﴾
නුඹලා අතරින් පෙර බිහි වන අය හා මරණයට පත් වන අය ගැන සැබැවින්ම අපි දනිමු. ඒ දෙකෙහිම ප්රමාද වන්නන් ගැන ද අපි දනිමු. ඒ කිසිවක් අපට සැඟවෙන්නේ නැත
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ ﴿٢٥﴾
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සියලු දෙනා එක්රැස් කරනුයේ සැබැවින්ම නුඹගේ පරමාධිපතිය. එය දැහැමි ලෙස කටයුතු කළ දැහැමියන්ට ප්රතිඵල දීමට හා නපුරු ලෙස කටයුතු කළ නපුරන්ට විපාක දීම පිණිසය. සැබැවින්ම ඔහු යමක් සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. මහා ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿٢٦﴾
තට්ටු කරනු ලබන විට හඬ නිකුත් වන වේළුණු මැටියෙන් සැබැවින්ම අපි ආදම් ව මැව්වෙමු. ඔහු මවනු ලැබූ එම මැටි දිගු කලක පැවැත්ම හේතුවෙන් ගන්ධය වෙනස් වූ කළු පැහැයෙන් විය
وَٱلْجَآنَّ خَلَقْنَـٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ ﴿٢٧﴾
ආදම් (අලයිහිස් සලාම්) තුමා මැවීමට පෙර ජින් වර්ගයාගේ පියා දැඩි උෂ්ණත්වයකින් යුත් ගින්නෙන් අපි මැව්වෙමු
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقٌۢ بَشَرًۭا مِّن صَلْصَـٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿٢٨﴾
අහෝ දූතය! "තට්ටු කරන විට හඬක් අසෙන, වෙනස් වූ ගන්ධයක් සහිත වේළුණු මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නට යමි" යැයි නුඹේ පරමාධිපති අහස්වාසී මලක්වරුන් හා ඉබ්ලීස්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරන බලනු. - එවිට ඉබ්ලීස් ද ඔවුන් සමග විය. فإذا سويته ونفخت فيه من روحى فقعواله سجدين
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَـٰجِدِينَ ﴿٢٩﴾
ඔහුගේ හැඩරුව සමානුපාතිකව නිසිලෙස සකසා ඔහුගේ මැවීම මා සම්පූර්ණ කළ විට මාගේ නියෝගය පිළිපැද හා ඔහුට සුබ පතමින් ඔහුට සිරස නමනු
فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ ﴿٣٠﴾
එවිට මලක්වරුන් එය පිළිපැද්දාහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට නියෝග කළ පරිදි ඔවුන් සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ ﴿٣١﴾
නමුත් මලක්වරුන් සමගම සිටි ඉබ්ලීස් හැර. ඔහු ඔවුන් අතර කෙනෙකු නොවීය. මලක්වරුන් සමග ආදම් (අලයිහිස් සලාම්) තුමාට සිරස නමා ආචාර කිරීමෙන් වැළකුණේය
قَالَ يَـٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ ﴿٣٢﴾
ඉබ්ලීස් ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් වැළකී සිටීමෙන් පසු අල්ලාහ් ඔහුට, "මාගේ නියෝගය පිළිපදිමින් සිරස නමා ආචාර කළ මලක්වරුන් සමග නුඹ සුජූද් කිරීමෙන් නුඹව නවතා වළක්වාලීයේ කුමක්දැ?" යි විමසීය. قال لم أكن لأسجدلبشر خلقته من صلصل من حمإ مسنون
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَـٰلٍۢ مِّنْ حَمَإٍۢ مَّسْنُونٍۢ ﴿٣٣﴾
ඉබ්ලීස් අහංකාරයෙන් යුතු ව, "වෙනස්කම් සහිත කළු මැටියෙන් වූ වේළුණු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සිරස නමා ආචාර කිරීමට මට යුතු නැතැ" යි පැවසීය
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ ﴿٣٤﴾
"නුඹ ස්වර්ගයෙන් බැහැර යනු. සැබැවින්ම නුඹ නෙරපා හරිනු ලැබූවෙකි" යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය
وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ ﴿٣٥﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ මත ශාපය ඇත. එමෙන්ම මාගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නෙහිය
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿٣٦﴾
"මාගේ පරමාධිපතියාණනි! මට අවකාශය දෙනු. මැවීම් යළි අවදි කරවන දින තෙක් ඔබ මා මරණයට පත් නොකරනු" යැයි ඉබ්ලීස් පැවසීය
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ ﴿٣٧﴾
"එසේය. සැබැවින්ම නුඹ ආයු කාලය ප්රමාද කරනු ලැබ ජීවත්වීමේ අවකාශය හිමිවූවන් අතර වන්නෙහිය." යැයි අල්ලාහ් ඔහුට පැවසීය
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ ﴿٣٨﴾
පළමු පිඹීම සිදු කරන අවස්ථාවේ මැවීම් සියල්ල එහි මිය යන වේලාව දක්වා ප්රමාද කරනු ලැබේ
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ ﴿٣٩﴾
"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යන්නට ඉඩ හැරිය හේතුවෙන් මහපොළොවේ සිදු කරන පාපකම් ඔවුනට අලංකාර කර පෙන්වන්නෙමි. ඔවුන් සියලු දෙනා ඍජු මාර්ගයෙන් නොමග යවන්නෙමි" යැයි ඉබ්ලීස් පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ ﴿٤٠﴾
නමුත් නුඹේ ගැත්තන් අතරින් නුඹ ව නැමදීම සඳහා නුඹ තෝරා ගත් අය හැර. قال هذا صرط على مستقيم
قَالَ هَـٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ ﴿٤١﴾
"මෙය මා වෙත ළඟා කරවන මධ්යස්ථ මාර්ගය වේ" යැයි අල්ලාහ් පැවසීය
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ ﴿٤٢﴾
"සැබැවින්ම මාගේ ගැත්තන් වනාහි, ඔවුන් ගැන නුඹට කිසිදු බලයක් නැත. නොමග ගියවුන් අතරින් නුඹ ව පිළිපඳින්නන් මිස ඔවුන් පොළොඹවන්නට නුඹට කිසිදු ආධිපත්යයක් නැත." وإ ن جهن م لموعدهم أجمعين
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ ﴿٤٣﴾
නියත වශයෙන්ම අපාය ෂෙයිතාන් වෙත හා ඔහු අනුගමනය කළවුන් අතර මුළාවට පත් වූ සියල්ලන් වෙත ප්රතිඥා දෙනු ලැබූ ස්ථානයයි. لها سبعةأبوب لكل باب منهم جزءمقسوم
لَهَا سَبْعَةُ أَبْوَٰبٍۢ لِّكُلِّ بَابٍۢ مِّنْهُمْ جُزْءٌۭ مَّقْسُومٌ ﴿٤٤﴾
අපායට දොරටු සතක් ඇත. ඔවුහු ඒවායින් ඇතුළු වෙති. එම දොරටු අතරින් සෑම දොරටුවකම ඉබ්ලීස් ව අනුගමනය කළවුන් අතරින් නියමිත ප්රමාණයක් පමණක් එයින් ඇතුළු වෙති
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَعُيُونٍ ﴿٤٥﴾
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි. ඔවුහු ස්වර්ග උයන් හා උල්පත් අතර සිටිති
ٱدْخُلُوهَا بِسَلَـٰمٍ ءَامِنِينَ ﴿٤٦﴾
ඔවුහු එහි පිවිසෙන අවස්ථාවේ, "නුඹලා උවදුරුවලින් සුරක්ෂිත ව හා සියලු බියවලින් අභයදායී ව එහි පිවිසෙනු" යැයි ඔවුනට කියනු ලැබේ. ونزعنا ما فى صدورهم من غل إخونا عل سرر متقبلين
وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍۢ مُّتَقَـٰبِلِينَ ﴿٤٧﴾
ඔවුන්ගේ සිත් තුළ පැවති ක්රෝධය හා සතුරුකම් අපි ඉවත් කළෙමු. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් නැරඹිය හැකි පරිදි යහන් මත වාඩි වෙමින් එකිනෙකා සෙනෙහසින් කටයුතු කරන සහෝදරයින් ලෙස සිටිති. لا يمسهم فيها نصب وما هم منها بمخرجين
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌۭ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ ﴿٤٨﴾
ඔවුනට එහි කිසිදු වෙහෙසක් ඇති වන්නේ නැත. ඔවුන් එයින් බැහැරවන්නේද නැත. එහි ඔවුහු සදාකල් වෙසෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿٤٩﴾
අහෝ දූතය! සැබැවින්ම මාගේ ගැත්තන් අතරින් පාපක්ෂමා ව අයැද මා වෙත යොමුවන්නන්හට මා අතික්ෂමාශීලී බවත් ඔවුන් කෙරෙහි මහා කරුණික බවත් ඔවුනට නුඹ දන්වා සිටිනු
وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ ﴿٥٠﴾
සැබැවින්ම වේදනීය දඬුවම මාගේ දඬුවම බවත් ඔවුනට දන්වා සිටිනු. එහෙයින් ඔවුන් පාපක්ෂමාවෙහි නිරත වී මාගේ සමාව හිමි කර ගනිත්වා. මාගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කර ගනිත්වා! ونبئهم عن ضيف إبرهيم
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ ﴿٥١﴾
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්හට ලැබෙන්නට යන දරුවන් පිළිබඳ හා ලූත්ගේ ජනයාට අත්වන විනාශය ගැන තොරතුරු රැගෙන එතුමා වෙත පැමිණි එතුමාගේ ආගන්තුකයින් පිළිබඳ තොරතුරු නුඹ ඔවුනට දන්වා සිටිනු. إذ دخلواعليه فقالواسلما قال إنا منكم وجلون
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًۭا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ ﴿٥٢﴾
ඔවුන් ඔහු වෙත ඇතුළු වූ විට, ඔවුහු ඔහුට "ශාන්තිය අත්වේවා" යැයි පැවසූහ. එවිට ඔහු ඔවුනට වඩාත් යහපත් ලෙස සුබ පතමින් ප්රතිචාර දැක්වීය. ඔවුන් අනුභව කරනු පිණිස බැදපු වසුපැටවෙකු ඔවුනට පිළිගැන්වීය. සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි එතුමා සිතුවේය. ඔවුන් එයින් අනුභව නොකළ කල්හි, ඔහු: "සැබැවින්ම අපි නුඹලා ගැන බියට පත්ව සිටින්නෙමු" යැයි ඔහු පැවසීය. قالوالا توجل إنا نبشرك بغلم عليم
قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ عَلِيمٍۢ ﴿٥٣﴾
මලාඉකාවරුන්ගෙන් සමන්විත මෙම දූත පිරිස, "නුඹ බිය නොවනු. සැබැවින්ම නුඹව සතුටු කරවන කරුණක් පිළිබඳ තොරතුරු අපි නුඹට දන්වා සිටිමු. සැබැවින්ම ඔබට බුද්ධිමත් පිරිමි දරුවෙකු ලැබෙනු ඇත" යැයි පැවසුවෝය
قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ﴿٥٤﴾
තමන්ට දරුවෙකු ලැබෙන්නට යන බව ඔවුන් විසින් දන්වා සිටි ශුභාරංචි ගැන පුදුමයට පත් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට, "මා වයස්ගතව සිටිය දී මාගේ බිරිය මැහැල්ලියක්ව සිටියදී නුඹලා මා වෙත දරුවෙකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙහු ද? නුඹලා අපට මෙලෙස ශුභාරංචි දන්වා සිටිනුයේ කවර අයුරින් ද?
قَالُوا۟ بَشَّرْنَـٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَـٰنِطِينَ ﴿٥٥﴾
මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ඉබ්රාහීම් තුමාට, "කිසිදු සැකයක් නැති සත්යය කරුණක් පිළිබඳ අපි නුඹට ශුභාරංචි දන්වා ඇත්තෙමු. අප කවර ශුභාරංචියක් දන්වා සිටියේ ඒ ගැන බලාපොරොත්තු සුන්කර නොගනු" යැයි පැවසූහ
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ﴿٥٦﴾
"අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් හැරී ගියවුන් මිස තම පරමාධිපතිගේ ආශිර්වාදය ගැන බලාපොරොත්තු සුන් කරගන්නේ කවුරුන් දැ?"යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා විමසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿٥٧﴾
"උත්තරීතර අල්ලාහ් වෙතින් එවනු ලැබූවනි! නුඹලා පැමිණීමට හේතුව කුමක්ද?" යැයි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) විමසීය
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿٥٨﴾
"සැබැවින් අල්ලාහ් අප එවා ඇත්තේ බරපතල ලෙස කලහකාරී ව කටයුතු කරන ඉතා දරුණු ලෙස නපුරු ක්රියාවන්හි නිතරවන ලූත්ගේ ජනයා විනාශ කිරීමටය" යැයි මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස පැවසුවෝය
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ ﴿٥٩﴾
ලූත්ගේ පවුල හෝ ඔහුව අනුගමනය කළ දේව විශ්වාසීන් හැර. එහෙයින් එම විනාශය ඔවුන්ව ආවරණය නොකරයි. සැබැවින්ම අපි ඔවුන් සියලු දෙනා එයින් මුදවා ගන්නන් වෙමු
إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ ۙ إِنَّهَا لَمِنَ ٱلْغَـٰبِرِينَ ﴿٦٠﴾
"නමුත් ඔහුගේ බිරිය හැර. ඇය විනාශය ආවරණය වීමට නියමිත ඉතිරි අයවලුන් අතර එකියෙකි" යැයි අපි තීන්දු කළෙමු
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ ﴿٦١﴾
එවනු ලැබූ දූත පිරිස පුරුෂ ස්වරූපයෙන් ලූත්ගේ පවුල වෙත පැමිණි කල්හි, قال إنكم قوم م نكرون
قَالَ إِنَّكُمْ قَوْمٌۭ مُّنكَرُونَ ﴿٦٢﴾
ලූත් තුමා ඔවුනට සලාම් පවසා, "නාඳුනන පිරිසක්" යැයි පැවසීය. قالوابل جئنك بما كانوافيه يمترون
قَالُوا۟ بَلْ جِئْنَـٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ ﴿٦٣﴾
මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ලූත් දෙස බලා "ඔබ බිය නොවන්න. අහෝ ලූත්! සැබැවින්ම අපි පැමිණ ඇත්තේ ඔබේ ජනයා කවර විනාශයක දඬුවම පිළිබඳ සැකයෙන් පසුවූයේ ද එය රැගෙනය." යැයි පැවසූහ
وَأَتَيْنَـٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَـٰدِقُونَ ﴿٦٤﴾
"කිසිදු හාස්යයක් නැති සත්යය නුඹ වෙත අපි ගෙනැවිත් ඇත්තෙමු. නුඹ වෙත අපි දන්වා සිටි දෑහි සැබැවින්ම අපි සත්යවාදීන් වෙමු."
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَـٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌۭ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ ﴿٦٥﴾
"රාත්රියෙන් කොටසක් ගෙවී ගිය පසු නුඹේ පවුලත් සමග නුඹ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් ගමන් කරනු. ඔවුනට අත් වූ දෑ බලන්නට නුඹලා අතුරින් කිසිවෙකු පසුපස හැරී නොබලනු. ගමන් කරන්නට අල්ලාහ් නියෝග කළ අයුරින්ම නුඹලා ගමන් කරනු." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقْطُوعٌۭ مُّصْبِحِينَ ﴿٦٦﴾
අපි ලූත්ට නියම කළ නියෝගය වහී(නම්) දේව පණිවිඩය හරහා ලූත්ට දැනුම් දුන්නෙමු. එනම් සැබැවින්ම මෙම ජනයා උදෑසන එළැඹෙන විට ඔවුන් මුලුමණින්ම මුලිනුපුටා දමනු ලබනු ඇත. යන්නයි
وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ ﴿٦٧﴾
සදොම් වැසියෝ, ලූත්ගේ ආගන්තුකයින් ගැන සතුටු වෙමින් අශීලාචාර ක්රියාවෙහි ඔවුන් සමග හැසිරීමේ ආශාවෙන් ඔවුහු ඔවුන් වෙත පැමිණියෝය
قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ ﴿٦٨﴾
"සැබැවින්ම මෙම පිරිස මාගේ ආගන්තුකයින්ය. නුඹලා ඔවුන් ගැන සිතන දැයින් මා අපහාසයට පත් නොකරනු" යි ලූත් තුමා ඔවුනට පැවසීය
وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ ﴿٦٩﴾
"නුඹලා අල්ලාහ්ට බිය වී මෙම අශීලාචාර කටයුත්ත අතහැර දමනු. නුඹලාගේ මේ පහත් ක්රියාව හේතුවෙන් නුඹලා මා අවමානයට පත් නොකරනු."
قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَـٰلَمِينَ ﴿٧٠﴾
"ජනයා අතරින් කිසිවෙකුත් නුඹ සමග එකතු කර ගැනීමෙන් අපි නුඹ ව වැළැක්වූයේ නැද්දැ"යි ඔහුගේ ජනයා ඔහුගෙන් විමසීය
قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَـٰعِلِينَ ﴿٧١﴾
ලූත් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ආගන්තුකයින් ඉදිරියේ තමන් ගැන සමාව අයදිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගේ ආශාවන් ඉටු කර ගැනීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු නම් මාගේ දූවරුන් සියල්ල විවාහ කර ගෙන නුඹලාගේ බිරියන් කර ගන්න." لعمرك إن هم لفى سكرتهم يعمهون
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ ﴿٧٢﴾
අහෝ දූතය! නුඹේ ජීවිතය මත දිවුරමින් සැබැවින්ම ලූත්ගේ ජනයා ඔවුන්ගේ කාමාශාවේ ඉතා දරුණු ලෙස පසුවන්නෝ වෙති
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ ﴿٧٣﴾
හිරු උදාවන වේලාවෙහි ඔවුන් පිවිසුනු අවස්ථාවේ විනාශකාරී දැඩි හඬක් ඔවුන් හසු කළේය. فجعلنا عليها سافلها وأمطرنا عليهم حجارةمن سجيل
فَجَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةًۭ مِّن سِجِّيلٍ ﴿٧٤﴾
ඔවුන්ගේ නගරය උඩු යටිකුරු පෙරළුවෙමු. මැටියෙන් යුත් ගල් වර්ෂාවක් ඔවුන් මත හෙළුවෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إن فىذلك لٔايت للمتوسمين
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّلْمُتَوَسِّمِينَ ﴿٧٥﴾
ලූත්ගේ ජනයාට අත් වූ විනාශය ගැන මෙනෙහි කර බැලීමේ දී එසේ සිතා බලන්නන්හට සංඥාවන් ඇත. وإن ها لبسبيل مقيم
وَإِنَّهَا لَبِسَبِيلٍۢ مُّقِيمٍ ﴿٧٦﴾
ලූත්ගේ ජනයාගේ නගරය යන එන මාර්ගයේ පිහිටා ඇති මාර්ගයක විය. ඒ හරහා ගමන් කරන මගීන් එය දකිනු ඇත. إن فى ذلك لٔايةللمؤمنين
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّلْمُؤْمِنِينَ ﴿٧٧﴾
සිදු වූ මෙම සිදුවීමෙහි පාඩම් ලබන දේව විශ්වාසීන් හට සාධක ඇත
وَإِن كَانَ أَصْحَـٰبُ ٱلْأَيْكَةِ لَظَـٰلِمِينَ ﴿٧٨﴾
වෙළී ඇති ගහ කොළවලින් යුත් ගම්මාන වාසීන් වන ෂුඅයිබ්ගේ ජනයා අපරාධකරුවන් වූහ. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූත ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ බැවිණි
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍۢ مُّبِينٍۢ ﴿٧٩﴾
එහෙයින් ඔවුන් දඬුවමට හසුකරමින් අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. සැබැවින්ම ලූත්ගේ ජනයා විසූ ගම්මානයත් ෂුඅයිබ්ගේ සගයින් විසූ දේශයත් මගීන්හට පැහැදිලි මාර්ගයක් විය
وَلَقَدْ كَذَّبَ أَصْحَـٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ ﴿٨٠﴾
සමූද් ජනයා ද බොරු කළෝය. ඔවුන් හිජ්ර් වැසියෝ වෙති. (එය හිජාස් හා සිරියාව අතර පවතින ස්ථානයකි.) ඔවුන්ගේ නබිවරයා වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළ අවස්ථාවේ සියලුම දූතවරුන් බොරු කළෝය. وءاتينهم ءايتنا فكانواعنها معرضين
وَءَاتَيْنَـٰهُمْ ءَايَـٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿٨١﴾
ඔහු තම පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද එහි සත්යතාව තහවුරු කරමින් සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔටු දෙන ද ඒ අතරින් එකකි. එම සාධකය මගින් ඔවුන් පාඩම් නොලැබුවෝය. ඒ ගැන සැලකිලිමත් නොවූවෝය
وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ ﴿٨٢﴾
ඔවුන් බියවන දැයින් ආරක්ෂිතයින් ලෙස වාසය කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් නිවෙස් තැනීමට ඔවුහු කඳු කපන්නන් වූහ
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ ﴿٨٣﴾
උදෑසන කාලයේ ඔවුන් පිවිසෙන අවස්ථාවේ දඬුවමේ හඬ ඔවුන් ග්රහණය කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿٨٤﴾
ඔවුන් උපයමින් සිටි වස්තුව හෝ වාසය කළ නිවාස අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වැළැක්වූයේ නැත
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌۭ ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ ﴿٨٥﴾
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කිසිදු ප්රඥාවකින් තොර ව අපි මවා නැත. ඒ සියල්ල සත්යයෙන් යුතු ව මිස අපි මවා නැත. සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. අහෝ දූතය! නුඹ ව බොරු කරන්නන් නොසලකා හරිනු. ඔවුනට අලංකාර අයුරින් සමාව දෙනු
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ ﴿٨٦﴾
අහෝ දූතය! සැබැවින්ම සියලු දෑහි මහා මැවුම්කරු නුඹේ පරමාධිපතිය. ඔහු ඒ පිළිබඳ සර්වඥානීය
وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًۭا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ ﴿٨٧﴾
පාඨ හතකින් සමන්විත සූරා අල් ෆාතිහා ද අතිමහත් අල් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ ﴿٨٨﴾
දෙවියන් ප්රතික්ෂේප කරන පිරිස් සඳහා අප භුක්ති විඳින්නට සැලැස් වූ ඉතා පහත් දෑ දෙස නුඹේ අවධානය යොමු නොකරනු. ඔවුන් බොරු කිරිම ගැන ද නුඹ දුක් නොවනු. දෙවියන් විශ්වාස කරන්නන් හට නිහතමානීව කටයුතු කරනු
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ ﴿٨٩﴾
අහෝ දූතය! "සැබැවින්ම මම දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු" යැයි නුඹ පවසනු
كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ ﴿٩٠﴾
අල්ලාහ්ගේ ග්රන්ථ කොටස් වශයෙන් බෙදා ඉන් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කළවුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ මෙන් යමක් නුඹලාට අත්වීම ගැන මම නුඹලාට අවවාද කර සිටිමි
ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ ﴿٩١﴾
ඔවුන් වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කොට මෙය හූනියමකි. එසේ නැතහොත් ඉන්ද්රජාලයකි. එසේත් නැතහොත් කවියකි යැයි පැවසූහ. فوربك لنسٔلن هم أجمعين
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ ﴿٩٢﴾
අහෝ දූතය, නුඹේ පරමාධිපති මත දිවුරමින්. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කොටස් බවට පත්කළ සියලු දෙනාගෙන් සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් عما كانوا يعملون
عَمَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿٩٣﴾
ඔවුන් මෙලොව සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු
فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ ﴿٩٤﴾
අහෝ දූතය! ප්රචාරය කරන මෙන් අල්ලාහ් නුඹට කවර කරුණක් නියෝග කළේ ද එය ඔබ දන්වා සිටිනු. දේව ආදේශකයින් පවසන මෙන්ම සිදු කරන දෑ දෙස නුඹ හැරී නොබලනු
إِنَّا كَفَيْنَـٰكَ ٱلْمُسْتَهْزِءِينَ ﴿٩٥﴾
ඔවුන් ගැන නුඹ බිය නොවනු. කුරෙයිෂ් ප්රතික්ෂේපක නායකයින් අතර සමච්චල් කරමින් සිටියවුන්ගේ කුමන්ත්රණය සම්බන්ධයෙන් සැබැවින්ම අපි නුඹට ප්රමාණවත් වන්නෙමු
ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ ﴿٩٦﴾
අල්ලාහ් සමගම නැමදුම් ලබන වෙනත් දෑ ගත්තවුන් වනාහි, ඔවුන් එසේ ආදේශ කිරීමේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත. ولقد نعلمأنك يضيق صدرك بما يقولون
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ ﴿٩٧﴾
අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් හා නුඹ ගැන සමච්චල් කිරීම හේතුවෙන් ඔවුන් ගැන සිතා ඔබේ හදවත පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ ﴿٩٨﴾
අල්ලාහ්ට අදාළ නොවන දෑයින් ඔහු ව ඈත් කොට ඔහුගේ පරිපූර්ණ ගුණාංග පිළිබඳ පැසසුම් කොට ඔහු වෙත යොමු වන්න. අල්ලාහ්ට නැමදුම් කරන්නන් අතරට ඔබද පත් වන්න. පීඩනයට පත් ඔබේ හදවතට එහි ප්රතිකාරයක් ඇත
وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ ﴿٩٩﴾
නුඹේ පරමාධිපතිට ගැතිකම් සිදු කරමින්ම සිටිනු. ඒ මත නුඹ සිටියදීම නුඹ වෙත මරණය පැමිණෙන තෙක් නුඹ ජීවතුන් අතර සිටින කල්තාක් ඒ මතම රැඳී සිටිනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්