الٓر ۚ كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿١﴾
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු
ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَـٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ ﴿٢﴾
අහස්හි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යය ද ඔහුට පමණක් සතුය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහුගේ මැවීම් අතුරින් ඔහුට කිසිවෙකු සමාන කළ නොහැක. ප්රතික්ෂේප කළවුන් බලවත් දඬුවමක් ලබනු ඇත
ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍۭ بَعِيدٍۢ ﴿٣﴾
මතුලොව ජීවිතය හා එහි ඇති සදාතනික සුවපහසුකම් වලට වඩා මෙලොව ජීවිතය හා එහි ඇති පහත් සුව පහසුකම් තෝරා ගන්නා, අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වෙනතකට යොමු කරවන, කිසිවෙකුට ඒ මත ගමන් කළ නොහැකි සේ ඍජු භාවයෙන් නැඹුරු වී, සත්යයෙන් හැරී එම මාර්ගය විකෘති කිරීමට බලන දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් සත්යයෙන් හා නිවැරදි භාවයෙන් අන්ත මුළාවෙහි පසුවන්නෝ වෙති
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٤﴾
අල්ලාහ් වෙතින් දහම් දූතයකු ගෙන ආ දෑ ඔහුගේ ම සමාජයට පහසුවෙන් වටහා ගත හැකි වනු පිණිස ඔහුගේම ප්රජාවේ භාෂාවෙන් කතා කරන්නෙකු ලෙස මිස කිසිදු දහම් දූතයෙකු ඔවුන් අතරට අපි නොඑව්වෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔවුනට බල කිරීම සඳහා අපි ඔහු නොඑව්වෙමු. අල්ලාහ්ගේ යුක්ති ධර්මය මත ඔහු අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් යහමග වෙත ආශිර්වාද කරයි. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැළසුමෙහි මහා ප්රඥාවන්තය
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿٥﴾
صبار شكور සැබැවින්ම අපි මූසා ව දහම් දූතයෙකු සේ එව්වෙමු. ඔහුගේ සත්යතාවයත් සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපති වෙතින් එවන ලද දූතයෙකු බවත් තහවුරු කරන ප්රාතිහාර්යයන් තුළින් අපි ඔහු ශක්තිමත් කළෙමු. දේව ප්රතික්ෂේපයෙන් හා අඥාන කමින් දේව විශ්වාසය හා දැනුම වෙත ඔහුගේ සමූහයාව යොමු කරන මෙන් අපි ඔහුට නියම කළෙමු. ඔවුනට අල්ලාහ් අශිර්වාද කළ දිනයන් පිළිබඳත් ඔවුනට මතක් කරන මෙන් නියම කළෙමු. එම දිනයන්හි අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ අතිමහත් ශක්තිය පැහැදිළි ව පෙන්වා දෙන සාධක තිබිණි. දේව විශ්වාසීන්හට ඔහු ආශිර්වාද කළේය. අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කරන ඔහුගේ ආශිර්වාදයන් හා පක්ෂපාතිත්වය සඳහා කෘතගුණ සැලකීමෙහි අඛණ්ඩ ව නිරතවන්නන්හට එමගින් ප්රයෝජන ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ ﴿٦﴾
අහෝ දූතය! මූසා තුමා ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදින්නට ගත් අවස්ථාව මෙනෙහි කරනු. එවිට එතුමා ඉස්රාඊල් දරුවන් අතරින් වූ ඔහුගේ ජනතාවට අල්ලාහ් ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාදයන් මතක් කර දෙමින් "මාගේ ජනයිනි! ෆිර්අවුන්ගේ රාජ්යය පාලනය භාරගන්නා කිසිවෙකු නුඹලා අතර බිහි නොවනු වස් නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින්, කාන්තාවන්ට ජීවිත දානය දී, ඔවුන් රඳවාගෙන හෑල්ලුවට හා අවමානයට ලක් කරමින් නුඹලාට දැඩි සේ දඬුවම් පමුණුවා, ප්රචණ්ඩ ක්රියාවන් සිදු කළ ෆිර්අවුන් පැළැන්තියෙන් නුඹලා මුදවා ආරක්ෂා කරමින් නුඹලාට අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කරනු. ඔවුන්ගේ ක්රියාවන්හි ඉවසීම මත පදනම් වූ අතිමහත් පරීක්ෂණයක් නුඹලාට විය. මෙම පරීක්ෂණය මත නුඹලා ඉවසා දරාගත් හේතුවෙන් විපාක වශයෙන් ෆිර්අවුන් පැළැන්තියේ විනාශකාරී ක්රියාවෙන් අල්ලාහ් නුඹලා බේරා ගත්තේය." යැයි පැවසීය
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ ﴿٧﴾
මූසා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති නුඹලාට මනා ලෙස දැනුම් දෙමින් ඉගැන් වූ අවස්ථාව මෙනෙහි කරනු. සඳහන් කරන ලද එම ආශිර්වාද තුළින් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතවේදී වූයෙහු නම් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ආශිර්වාද පිරිනැමීමත් භාග්යයන් ලබා දීමත් නුඹලාට අධික කරනු ඇත. නුඹලාට පිරිනැමූ ආශිර්වාද ප්රතික්ෂේප කොට නුඹලා කෘතඥ නොවූයේ නම් එසේ ඔහුගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට ඒ සඳහා කෘතඥ නොවූවන් හට සැබැවින්ම ඉතා දරුණු දඬුවම් ඇත්තේය." යැයි පැවසීය
وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ ﴿٨﴾
මූසා තම ජනයාට, "මාගේ ජනයිනි! නුඹලා ප්රතික්ෂේප කළේ නම් ද, නුඹලා සමගම මහපොළොවේ වෙසෙන සියලු දෙනා ප්රතික්ෂේප කළේ නම් ද දැනගනු. නුඹලා ප්රතික්ෂේප කිරිමේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගුණාංගයෙන්ම ඔහු අනිවාර්යය ප්රශංසාවට ලක්වන්නාය. දේව විශ්වාසීන්ගේ විශ්වාසය ඔහුට කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන අතරම දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය ඔහුට කිසිදු හානියක් ඇති නොකරන්නේය." යැයි පැවසීය
أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ ﴿٩﴾
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාට පෙර විසූ නූහ්ගේ සමූහයා, හූද්ගේ සමූහයා වන ආද්, සාලිහ්ගේ සමූහයා වන සමූද් මෙන්ම ඔවුනට පසු පැමිණි බොරුකාර ජන සමූහයන් විනාශ කිරීමේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ඉතා අධිකය. අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව කිසිවෙකු ගණනය කර නැත. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක රැගෙන ආවෝය. එම දූතවරුන් පිළිබඳ ඔවුනට තිබූ ක්රෝධය හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් තුළට දමා සපා කෑවෝය. ඔවුහු ඔවුන්ගේ දූතවරුන්ට, "නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි ඒවා ප්රතික්ෂේප කළෙමු. නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නෙහු ද ඒ ගැන දැඩි ලෙස සැකයෙහි පසුවන්නෙමු" යැයි පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ك
۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿١٠﴾
ඔවුන්ගේ දූතවරුන් ඔවුනට පිළිතුරු වශයෙන් "අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට පමණක් නැමදුම් කිරීමෙහි සැකයක් තිබේ ද? ඔහු අහස් හි මැවුම්කරුය. මහපොළොවේ මැවුම්කරුය. කිසිදු පූර්ව උදාහරණයකින් තොර ව ඔහු ඒ දෙක ඇති කළේය. එමගින් නුඹලාගේ පෙර පාපකම් නුඹලාගෙන් මකා දමනු පිණිස ඔහු දේව විශ්වාසය වෙත නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ මෙලොව ජීවිතයේ නියමිත කාලය අවසන් වන තෙක් නුඹලාව ප්රමාද කරයි." යැයි පැවසූහ. ඔවුන්ගේ සමූහයා ඔවුනට "නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා අමතර දෙයක් නුඹලාට නැත. අපගේ මුතුන් මිත්තන් කවර දැයකට නමදිමින් සිටියේ ද ඉන් අප හරවන්නට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙතින් අප වෙත පැමිණි දූතවරුන් යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා ව තහවුරු කරන පැහැදිලි සාධක අප වෙත ගෙන එනු" යැයි පැවසුවෝය
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَـٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَـٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١١﴾
ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ ﴿١٢﴾
අප අතර හා ඔහු කෙරෙහි භාර කිරීම අතර වළක්වන්නා කවරෙකු ද? එයට හේතු ව කුමක් ද? සැබැවින්ම ඔහු ඉතා බලවත් හා පැහැදිලි මාර්ග සඳහා අපට මග පෙන්වීය. බොරු කරමින් හා අවමන් කරමින් නුඹලා අපහට කළ වේදනාවන් මත අපි ඉවසිල්ලෙන් කටයුතු කර ඇත්තෙමු. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّـٰلِمِينَ ﴿١٣﴾
එම රසූල්වරුන්ගේ ජන සමූහයන් අතර සිටි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතවරුන් සමග වාද කිරීමෙන් අසමත් වූ කල්හි, "සැබැවින්ම අපි නුඹලා ව අපගේ ගම්මානයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලාගේ දහම අතහැර අපගේ දහමට නුඹලා නැවත හැරෙනු." යැයි පැවසූහ. එවිට එම දූතවරුන් ස්ථාවර කරමින්, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ අපරාධකරුවන් සැබැවින්ම අපි විනාශ කරන්නෙමු" යැයි අල්ලාහ් ඔවුනට දේව පණිවිඩ දන්වා සිටියේය
وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ ﴿١٤﴾
අහෝ දූතවරුනි, ඔවුන් විනාශ කිරීමෙන් පසුව නුඹලා හා නුඹලාව අනුගමනය කළවුන් අපි එම භූමියේ පදිංචි කරවන්නෙමු. බොරුකාර දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම, ඔවුන්ගේ විනාශයෙන් පසු ව ඔවුන්ගේ දූතවරුන් හා දේව විශ්වාසීන් එම භූමියේ පදිංචි කරවීම යනාදී වශයෙන් සඳහන් කළ එම කරුණු මාගේ ශ්රේෂ්ඨත්වය සහ ඔහු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කෙරෙහි මා සෝදිසියෙන් සිටින අය හා වධහිංසා ගැන මාගේ අනතුරු ඇඟවීමට බිය වන අය සතු වේ
وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ ﴿١٥﴾
එම දහම් දූතවරු ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන්ට උපකාර කරන මෙන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටියේය. සත්යය හෙළිවීමත් සමග එය පිළිගැනීමට මුරණ්ඩු වූ අහංකාර සෑම කෙනෙකුම විනාශයට පත් විය
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ ﴿١٦﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම අහංකාරයා ඉදිරියේ අපාය පිහිටා තිබේ. එය ඔහු ව බලාපොරොත්තුවේ සිටියේය. නිරා වාසීන්ගෙන් වහනය වන සැරව එහි දී ඔහුට පොවනු ලැබෙයි. ඔහුගේ තිබහ ව සංසිදු නොවෙයි. පිපාසය මෙන්ම වෙනත් දඬුවම් තුළින් ඔහු වේදනාවට භාජනය කරනු ලබයි
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ ﴿١٧﴾
එහි පවතින තිත්තකම, උණුසුම හා දුර්ගන්ධය නිසා එය නැවත නැවතත් පානය කිරීමට උත්සාහ කරයි. නමුත් එය ගිලීමට නොහැකි වෙයි. නියමිත දඬුවමට ගැළපෙන පරිදි දරුණු ආකාරයෙන් මරණය ඔහු වෙත ළඟා වෙයි. නමුත් ඔහු මරණයට පත් නොවී විවේකයක් ලබයි. පසුව දඬුවමට අවශ්ය පරිදි යළි ජීවමානව රැඳෙයි. තවත් පැත්තකින් දැඩි දඬුවමක් ඔහු ඉදිරියේ බලාපොරොත්තුවෙන් සිටියි
مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَـٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ ﴿١٨﴾
දුබලයින් හට දානමාන කිරීම, උපකාර කිරීම හා කරුණාව දැක්වීම යනාදී ලෙස දේව ප්රතික්ෂේපකයින් විසින් ඉදිරිපත් කරන යහපත් ක්රියාවන්ට උපමාව සුළඟ දැඩි ලෙස හමන චන්ඩමාරුතයක් පවතින දිනක සුළගේ දැඩි භාවය හේතුවෙන් එය බලවත් ලෙස උසුලාගෙන ගොස් කිසිදු සළකුණක් ඉතිරි නොවන සේ සෑම තැනකම විසුරුවා හරින ලද අළු බඳුය. දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් ද එලෙසය. දේව ප්රතික්ෂේපය ඒවා හමා යන්නට සලස්වයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා අයත් උදවියට ඒවායින් කිසිදු පලක් ඇති වන්නේ නැත. එය දේව විශ්වාසය මත පදනම් නොවූ ක්රියාවකි. සත්ය මාර්ගයෙන් දුරස් වූ නොමඟ යෑමකි
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ ﴿١٩﴾
අහෝ මිනිස! සැබැවින්ම අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවූ බවත් මහපොළොව මැවූ බවත් ඔබ නොදන්නෙහි ද? ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! නුඹලා ව පහකොට, නුඹලා වෙනුවට ඔහුට නමදින, ඔහුට අවනත වන තවත් මැවීමක් ගෙන එන්නට ඔහු අභිමත කරන්නේ නම්, නුඹලා ව පහ කොට ඔහුට නමදින හා අවනත වන තවත් මැවීමක් ගෙන එනු ඇත. එය ඔහුට පහසු මෙන්ම සුළු කාර්යයකි
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ ﴿٢٠﴾
නුඹලා ව විනාශ කොට නුඹලා නොවන වෙනත් මැවීමක් ගෙන එන්නට අල්ලාහ් නොහැක්කෙකු නොවේ. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَـٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ ﴿٢١﴾
නැවත ගෙන්වා ගනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණීවලවල් සිට බැහැර වී අල්ලාහ් වෙත එනු ඇත. නායකත්වය දරන ප්රධානීන්හට දුර්වල අනුගාමිකයින්, "අහෝ ප්රධානියනි! සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. නුඹලාගේ නියෝග අපි පිළිපැද්දෙමු. නුඹලා තහනම් කළ දැයින් වැළකී සිටියෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් පැමිණි විට එයින් අප ව වළක්වාලීමට නුඹලාට හැකි දැ?"යි විමසා සිටිති. එයට නායකත්වය දැරූ ප්රධානීහු "යහමග වෙත අල්ලාහ් අපට ආශිර්වාද කළේ නම් අපි නුඹලාව ඒ වෙත මග පෙන්වා ඔහුගේ දඬුවමින් සියල්ලන් අපි මුදවා ගන්නෙමු. නමුත් අප ද නොමග ගොස් නුඹලා ද නොමග හැර ඇත. දඬුවම ඉසිලීමේදී අප දුර්වලවීම හෝ ඉවසීමෙන් දරා සිටීම අප හා නුඹලා වෙත සමාන වන්නේය. දඬුවමින් පළා යන ස්ථානයක් අපට නැත" යැයි පවසනු ඇත
وَقَالَ ٱلشَّيْطَـٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَـٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢٢﴾
ස්වර්ග වාසීන් ස්වර්ගයට පිවිස නිරාවාසීන් නිරා ගින්නට පිවිසෙන කල්හි ෂෙයිතාන්, "සැබැවින්ම අල්ලාහ් නුඹලාට ලබා දී ඇති ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. නුඹලාට ප්රතිඥා දුන් දෑ ඔහු නුඹලාට ඉෂ්ඨ කර ඇත. නමුත් මම නුඹලාට දුන් ප්රතිඥාව ව්යාජ ප්රතිඥාවකි. මා නුඹලාට කවර ප්රතිඥාවක් දුන්නේ ද එය මා ඉටු කළේ නැත. මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා මුළාව නුඹලා මත බලාත්මක කිරීමට කිසිදු අයිතියක් මට නොවීය. නමුත් නුඹලා මාගේ අනුගාමිකයින් වෙත යුහුසුළුව ගියේය. නුඹලාට අත් වූ මුළාව සම්බන්ධයෙන් නුඹලා මට දොස් නොනගනු. නුඹලා නුඹලාටම දොස් නගනු. දොස් නැගීමට වඩාත් සුදුසු වනුයේ එයයි. නුඹලාගෙන් දඬුවම වළක්වා නුඹලාට උදව් කරන්නෙකු ලෙස මා නැත. මගෙන් එය වළක්වා මට උදව් කරන්නන් ලෙස නුඹලා නැත. නැමදුමෙහි අල්ලාහ්ට ආදේශ තබමින් නුඹලා මා පත් කර ගැනීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි." මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තබමින් ඔහු ව ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින වේදනීය දඬුවමක් ඔවුනට ඇත
وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌ ﴿٢٣﴾
سلم අපරාධකරුවන් යොමු වන ස්ථානයට ප්රතිවිරුද්ධව, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් ස්වර්ග මාලිගාවන් හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුල් කරවයි. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් හා අනුමැතියෙන් ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සුබ පතයි. මලක්වරුන් ඔවුනට සුබ පතන අතරම ඔවුන්ගේ පරමාධිපති ද ඔවුනට -සලාම්- ශාන්තිය යන වදනින් සුබ පතනු ඇත
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ ﴿٢٤﴾
අහෝ දූතය! ලා ඉලාහ ඉල්ලල්ලාහු -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත- යන දේව ඒකීයභාවයේ ප්රකාශයට අල්ලාහ් උපමා ගෙන හැර පානුයේ කෙසේදැ?යි නුඹ නොදුටුවෙහිද? ඔහු එය දැහැමි ගසකට උපමා කළේය. එය ඉඳි ගසකි. එහි මුදුන් මුල භූමියේ ස්ථිවර පවතී. එහි මුල්වලින් එය ජලය උරා ගනියි. අහස දෙසට එසවී ඇති එහි අතු රිකිලි වලින් එය පිණි දිය උරා ගනියි. පසුව එය නැවුම් වාතය ආශ්වාස කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٢٥﴾
මෙම නැවුම් ගස එහි පරමාධිපතිගේ නියෝගය මත සෑම වේලාවකම එහි නැවුම් පළතුරු පිරි නමයි. ජනයා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් උත්තරීතර අල්ලාහ් මෙම උදාහරණ ගෙන හැර දක්වයි
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ ﴿٢٦﴾
ෂිර්ක් හෙවත් කිලිටි ආදේශයේ වදනට උපමාව අස්ථාවර ගසක උපමාවය. එය කැකිරි ගසකි. එය මුල සමගම උගලනු ලැබේ. මහපොළොවෙහි ශක්තිමත්ව ස්ථාවර ව සිටිය හැකි මුල් එයට නැත. අහසට එසවී යන අතු ද නැත. එය දිරාපත් වී සුළඟට ගසාගෙන යයි. එසේම දේව ප්රතික්ෂේපයේ ප්රකාශය විනාශය වෙත නැඹුරු කරවයි. එවන් පුද්ගලයින් සතු කිසිදු යහපත් ක්රියාවක් අල්ලාහ් වෙත ආරෝහණය වන්නේ නැත
يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ ﴿٢٧﴾
ස්ථාවර ඒකීයත්වයේ ප්රකාශ තුළින් දෙවියන් විශ්වාස කරන්නන් එම විශ්වාසය මතම මිය යන තෙක් අල්ලාහ් ඔවුන් මෙලොව ජීවිතයේ පරිපූර්ණ දේව විශ්වාසයෙන් ස්ථාවර කරනු ඇත. එමෙන්ම බර්සක් ජීවිතයේ ඔවුන්ගේ මිනීවලවල් තුළ ප්රශ්න විමසන විට ද ඔහු ඔවුන් ස්ථාවර කරනු ඇත. අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා නිවැරදි හා ඍජු මාර්ගයෙන් පෙරළී ඔහුව ප්රතික්ෂේප කරන අපරාධකරුවන් ඔහු නොමග යන්නට ඉඩ හරිනු ඇත. ඔහුගේ යුක්ති ධර්මය අනුව කෙනෙකු නොමග යන්නට අපේක්ෂා කළේ නම් ඔහුගේ අභිමතය ඔහු සිදු කරන්නේය. ඔහුගේ භාග්යයෙන් යමෙකු යහමග යන්නට ඔහු අපේක්ෂා කළේ නම් එය වළක්වන කිසිවෙකු නොවනු ඇත
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ ﴿٢٨﴾
ශුද්ධ භූමිය තුළ රැකවරණය පිදීමෙන් හා ඔවුන් අතර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටීමෙන් ඔවුනට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන විරෝධය දැක් වූ අවස්ථාවේ ඒවා පිළිබඳ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරමින් සිටි කුරෙයිෂ්වරුන්ගේ තත්ත්වය සැබැවින්ම නුඹ දැක ඇත. එනම් එතුමාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ගෙන ආවේ ද එවන් දෑ බොරු කිරීමෙන් ඔහුගේ ආශිර්වාදය ප්රතික්ෂේප කිරීමෙනි. ඔවුහු ඔවුන්ගේ සමාජය අතරින් දේව ප්රතික්ෂේපය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළවුන් විනාශයේ නිවහන වෙත ඇද දැමුවෝය
جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ ﴿٢٩﴾
විනාශයේ නිවහන අපාය වේ. ඔවුහු එහි පිවිස එහි උෂ්ණත්වය විඳවති. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා අයහපත් විය
وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ ﴿٣٠﴾
දෙවියන්ට ආදේශ තබන්නෝ අල්ලාහ්ට සමානයන් හා ආදේශයන් ඇති කළෝය. එය ඔවුන් එයින් මුළාවීමෙන් පසු ඔවුන් අනුගමනය කළවුන් ව ද අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග හරිනු පිණිසය. "අහෝ දූතය! ඔවුනට ‘නුඹලා කවර ආශාවන් තුළ සිටින්නෙහු ද ඒවා භුක්ති විඳිනු. මෙලොව ජීවිතයේ සැක හා කුතුහලයන් පතුරුවා හරිනු. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ නිරා ගින්න වෙතය. (බව දැනගනු) එසේ යොමු වන්නට ඒ හැර වෙනත් තැනැක් නුඹලාට නැත." යැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ر
قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَـٰلٌ ﴿٣١﴾
خلل අහෝ දූතය! දේව විශ්වාසී මුඃමින්වරුන්ට මෙසේ පවසනු. "නුඹලා සලාතය පරිපූර්ණ ලෙස ඉටු කරනු. අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනිවාර්යය මෙන්ම සතුටු දායක කටයුතු සඳහා වියදම් කරනු. එවිට මුහුණිච්ඡාවට බියෙන් සඟවමින් ද වෙනත් අය නුඹලාව පිළිපදිනු පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරනු. ගනුදෙනු කරන කිසිදු ව්යාපාරයක් හෝ අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නට කිසිදු වන්දියෙක් හෝ මිතුරෙකු තම මිතුරාට මැදිහත් වීම තරම් මිතු දමක් හෝ නොපවතින දිනයක් පැමිණීමට පෙර නුඹලා වියදම් කරනු."
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَـٰرَ ﴿٣٢﴾
කිසිදු පූර්වාදර්ණයකින් තොර ව අහස් උත්පාදනය කළේත්, මහපොළොව උත්පාදනය කළේත් අල්ලාහ්ය. එමෙන්ම, අහෝ ජනයිනි! ඔහු අහසින් වැසි ජලය පහළ කොට එම පහළ වූ ජලයෙන් නුඹලාට පෝෂණ සම්පත් වශයෙන් විවිධ වර්ගයේ බවභෝග ඔහු හට ගැන්වීය. ඔහුගේ නියමයට අනුකූලව ජලය මත යාත්රා කරන නැව් ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. එමෙන්ම නුඹලා පානය කරනු පිණිසත්, නුඹලාගේ ගොවිපළ සතුන් හා නුඹලාගේ ගොවිබිම්වලට ජලය සැපයීම පිණිසත් ඔහු නුඹලාට ගංගාවන් වසග කර දුන්නේය
وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ﴿٣٣﴾
අඛණ්ඩ ව ගමන් කරන හිරු හා සඳු ද ඔහු වසඟ කර දුන්නේය. එකින් පසු එකක් ලෙස පැමිණෙන රාත්රිය හා දහවල ද නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. රාත්රිය නුඹලාගේ නින්ද හා නුඹලාගේ විවේකය සඳහාය. දහවල නුඹලා දිරියෙන් හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සඳහාය
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ ﴿٣٤﴾
නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටි සියලු දෑ ද, නුඹලා ඔහුගෙන් ඉල්ලා නොසිටි දෑ ද ඔහු නුඹලාට පිරිනැමීය. අල්ලාහ්ගේ සම්පත් නුඹලා ගණනය කරන්නේ නම් ඒවායෙහි අධිකත්වය හා ප්රමාණය බහුලව නිසා ඒවා ගණන් කිරීමට නුඹලාට නොහැකිය. ඒවායින් උදාහරණ කිහිපයක් නුඹලාට මෙනෙහි කර ඇත්තේය. සැබැවින්ම මිනිසා උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අධික ලෙස හෙළා දකිමින් ඔහු ඔහුටම අරපාධ කර ගෙන ඇත
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَـٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ ﴿٣٥﴾
අහෝ දූතය! "යා අල්ලාහ්! මාගේ පවුලේ අය පදිංචි කළාවූ මෙම නගරය එනම් මක්කා පුරවරය ආරක්ෂිත නගරයක් බවට පත් කරනු මැනව. එහි කිසිවෙකු අපරාධයට ලක් නොකරනු. මා හා මාගේ දරුවන් පිලිම වන්දනාවෙන් දුරස්ථ කරනු" යැයි ඉබ්රාහීම් ඔහුගේ පුත් ඉස්මාඊල් සහ ඔහුගේ (ඉස්මාඊල්ගේ) මව හාජරා මක්කා නිම්නයෙහි පදිංචි කළ අවස්ථාවේදී පැවැසූ කරුණු ගැන මෙනෙහි කරනු
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٦﴾
"මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම එම පිළිමවල් තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ජනයා සිතන තරමට බොහෝ දෙනා නොමග යවා ඇත. එමගින් ඔවුන් අර්බුදයට ලක්ව ඇත. අල්ලාහ් හැර දමා ඔවුහු ඒවාට නැමදුම් කළෝය. අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි කවරෙකු මා අනුගමනය කළේ ද සැබැවින්ම بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔහු මගේ පාර්ශවයේ හා මා අනුගමනය කළවුන්ගෙන් කෙනෙකි. එමෙන්ම කවරෙකු මට පිටුපා ඔබ ව ඒකීයත්වයට පත් කිරීමෙහි හා ඔබට අවනත වීමෙහි මා අනුගමනය නො කළේ ද එවිට අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ සමාව දීමට අභිමත කළ අයගේ පව් වලට ඔබ සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය
رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ ﴿٣٧﴾
"මාගේ පරමාධිපතියාණනි! මාගේ පරම්පරාවෙන් පිරිසක් - එනම් ඉස්මාඊල් හා ඔහුගේ දරුපරපුර - කිසිඳු ගහක් කොළක් නොමැති, ජලය නොමැති මක්කා මිටියාවතෙහි ඔබේ ශුද්ධ වූ නිවස අසළ මම පදිංචි කළෙමි. ඔවුන් එසේ ඒ අසල මා පදිංචි කළේ ඔවුහු එහි සලාතය විධිමත්ව ඉටු කරනු පිණිසය. මාගේ පරමාධිපතියාණනි! ඒ වෙතත් එම දේශය වෙතත් මිනිස් හදවත් ප්රිය කරන්නන් බවට පත් කර දෙනු. ඔවුන් වෙත ඔබ පිරිනැමූ ආශිර්වාදයන් සඳහා ඔබ කෘතඥවීමේ යහපත් බලාපොරොත්තු ඇති කර ගනු වස් ඔබ ඔවුනට (නානා ප්රකාර) පෝෂණ සම්පත් ලබා දෙනු මැනව!"
رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ﴿٣٨﴾
ى "අපගේ පරමාධිපතියාණෙනි! අප රහසින් සිදු කරන දෑ සැබැවින්ම ඔබ දන්නෙහිය. එමෙන්ම අප ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හා අහසේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ ගැන ඔහු දන්නේය. එහෙයින් අපගේ අවශ්යතාවන් හා අසරණකම ඔහුට සැඟවී යන්නේ නැත."
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ ﴿٣٩﴾
"කෘතඥතාව හා ප්රශංසාව මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී මට දැහැමියන් දායාද කළ ශුද්ධවන්ත අල්ලාහ්ටම සතුය. මාගේ වයස්ගත කාලයේ හාජර් විසින් ඉස්මාඊල් ද සාරා විසින් ඉස්හාක්ද ඔබ මට පිරිනැමුවේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්ගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය."
رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ ﴿٤٠﴾
"මාගේ පමරධිපතියාණනි! පූර්ණ අයුරින් සලාතය ඉටු කරන්නෙකු බවට මා පත් කරනු මැනව! තවද එලෙසම මාගේ පරපුරද එය ඉටු කරන්නන් බවට පත් කරනු මැනව! මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔබ අබියස එය පිළිගැනීමට ලක් කරනු මැනව!"
رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ ﴿٤١﴾
"මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමාපියන්ගේ පව්වලට ද සමාව දෙනු මැනව! (එතුමා එය ප්රකාශ කළේ එතුමාගේ පියා අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගන්නට පෙරය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැනගත් කල්හි එතුමා එයින් ඉවත් වූහ.) මිනිසුන් විනිශ්චය සඳහා ඔහුගේ පරමාධිපති අබියස නැගී සිටින දිනයේ දේව විශ්වාසීන්ගේ පව්වලටත් ඔබ සමාව දෙනු මැනව!"
وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَـٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّـٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَـٰرُ ﴿٤٢﴾
අපරාධකරුවන්ට අල්ලාහ් දඬුවම ප්රමාද කරන විට, ඔවුන්ගේ බොරු කීම ගැන හෝ අල්ලාහ්ගේ මාර්ග අවහිර කිරීම ගැන හෝ ඔවුන් සිදු කළ වෙනත් අපරාධ ගැන හෝ ඔහු අනවධානයෙන් සිටින බව නොසිතනු. ඔහු ඒ ගැන بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එසේ ඔවුන්ගේ දඬුවම ප්රමාද කරනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පමණය. එදින ඔවුන් දෑසින් දකින ව්යසනයන්ට බියෙන් ඔවුන්ගේ බැල්ම ඉහළට එසවී තිබෙනු ඇත
مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ ﴿٤٣﴾
ජනයා ඔවුන්ගේ මිනීවලවල් වලින් අවදි වී, නිවේදනය කරන්නා වෙත සීඝ්රයෙන් දිව යන විට ඔවුන්ගේ හිස් අහස දෙසට කණස්සල්ලෙන් එසවී පවතී. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී එන්නේ නැත. ඔවුන් එකිනෙකා දකින අර්බුද හේතුවෙන් ඒවා සළකුණක් වශයෙන් රුඳී පවතී. ඔවුන්ගේ හදවත් දෑසින් දකින බිහිසුණු කම හේතුවෙන් කිසිදු වැටහීමක් හෝ බුද්ධියක් හෝ නොමැතිව හිස් ව පවතී
وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ ﴿٤٤﴾
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබේ සමූහයාට බිය ගන්වනු. (දඬුවම හිමි වන) එම අවස්ථාවේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුට ආදේශයන් තබා ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තවුන් වනාහි "අපගේ පරමාධිපතියාණනි, අපට අවකාශය දෙනු. අපගෙන් දඬුවම ප්රමාද කරනු. ටික කලකට මෙලොවට අප හරවා එවනු. අපි නුඹ ව විශ්වාස කරන්නෙමු. නුඹ අප වෙත එවූ එම දූතයින් අපි පිළිපදින්නෙමු." යැයි පවසති. එවිට ඔවුන් හෙළා දකිමින් "සැබැවින්ම නුඹලා මරණයෙන් පසු යළි නැගිටුවනු ලැබීම හෙළා දැක මෙලොව ජීවිතයෙන් මතුලොව ජීවිතය වෙත නොයන බව දිවුරා නොසිටියෙහුදැ?"යි පිළිතුරු වශයෙන් විමසා සිටිති
وَسَكَنتُمْ فِى مَسَـٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ ﴿٤٥﴾
"අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් හූද්ගේ ජනයා සහ සාලිහ්ගේ ජනයා වැනි නුඹලාට පෙර විසූ සමූහයන්ගේ වාසස්ථාන වලට නුඹලා ගොඩ බැස ඇත. ඔවුන්ට අත් වූ විනාශය නුඹලාට ඉතා පැහැදිලිය. නුඹලා උපදෙස් ලබනු පිණිස අල්ලාහ්ගේ පුස්තකයේ අපි ඒවා නුඹලාට උදාහරණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තෙමු. නමුත් නුඹලා එමගින් උපදෙස් නොලැබුවෙහුය."
وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ ﴿٤٦﴾
එම කූට අපරාධකාරී සමූහයා විසූ වාසස්ථානවල ගොඩ බැස්ස මොවූහු ද, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඝාතනය කිරීමටත් ඔහුගේ ප්රචාරය නවතාලීමටත් කුමන්ත්රණ කළෝය. ඔවුන්ගේ කුමන්ත්රණය ගැන අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ කූට සැලසුම් දුර්වලය. එය අල්ලාහ් ඔවුන් වෙත යොදා ඇති සැලසුම මෙන් නොව එහි දුර්වලභාවය නිසා කන්දක් හෝ වෙනත් දෙයක් හෝ ඉන් ඉවත් කළ නොහැක
فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ ﴿٤٧﴾
අහෝ දූතය! උදව් උපකාර කරන බවටත් දහම ප්රකාශනයට පත් කරන බවටත් තම දූතවරුන්ට ප්රතිඥා දුන් අල්ලාහ්, එසේ ඔහුගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ කඩ කරන්නෙකු යැයි නුඹ නොසිතනු. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔහුගේ සමීපතයින් ඔහු ගෞරව කරනු ඇත. එමෙන්ම ඔහු ඔහුගේ සතුරන්ගෙන් හා ඔහුගේ දූතවරුන්ගේ සතුරන්ගෙන් පළිගන්නාද වේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَـٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ﴿٤٨﴾
දෙවියන් ප්රතික්ෂේප කළ ජනයාට සමප්රතිචාර දැක්වීම සිදුවනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදීය. එදින මෙම පොළෝතලය සුදුවන් පිවිතුරු වෙනත් භූමියක් බවට වෙනස් කරනු ලැබේ. පවතින අහස් වෙනත් අහස් බවට පත් කරනු ලැබේ. ජනයා ඔවුන්ගේ මිනීවලවල් තුළින් ඔවුන්ගේම ශරීර සමග ඔවුන්ගේ සිදු කළ ක්රියාවන් රැගෙන ආධිපත්යයෙන් හා බලයෙන් ඒකාධිපති වූ අල්ලාහ් අබියස සිටගෙන සිටිනු ඇත. ඔහු මැඩලන්නාය. ඔහු මැඩලන්නාක් මෙන් කිසිවෙකු මැඩලන්නේ නැත. ඔහු අබිබවා යන මෙන් කිසිවෙකු අබිබවා යන්නේ නැත
وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ﴿٤٩﴾
අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළඳින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත
سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ ﴿٥٠﴾
අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළදින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත
لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿٥١﴾
එය සෑම ආත්මයක්ම ඔවුනොවුන් කළ යහපත් හෝ අයහපත් ක්රියාවන් සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ක්රියාවන් සඳහා ඉතා සීග්රයෙන් විනිශ්චය කරන්නාය
هَـٰذَا بَلَـٰغٌۭ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَـٰهٌۭ وَٰحِدٌۭ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٥٢﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද මෙම කුර්ආනය අල්ලාහ් වෙතින් ජනයාට දන්වා ඇති නිවේදනයකි. එය එහි ඇති දැඩි අවවාදයන් හා බිය ගැන්වීම් තුළින් ඔවුන් බිය කරවනු පිණිසය. තවද නැමදුමට සුදුස්සා සැබැවින්ම අල්ලාහ් පමණක් බව දැනගෙන, ඔවුන් ඔහුට නමැද කිසිවක් ඔහුට ආදේශ නොකරනු පිණිසය. තවද එමගින් උපදෙස් ලබා, මනා බුද්ධිය ඇත්තවුන් පාඩම් ලබනු පිණිසය. සැබැවින්ම මෙහි ඇති උපදෙස් හා පාඩම්වලින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්