الٓمٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿١﴾
(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හාلඅහංකාරයෙන් එය විශ්වාස නොකරති
ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَـٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ ﴿٢﴾
කිසිදු බැඳීමකින් තොර ව නුඹලා දකින අහස් උසින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඉහළට නැග අර්ෂ් හි රාජසයන මත කිසිදු පූර්ව උපමාවකින් හෝ පූර්ව ක්රමවේදයකින් තොර ව ඔහුට ගැලපෙන අයුරින් උසින් පිහිටියේය. ඔහුගේ මැවීම්වල අවශ්යතාව සඳහා හිරු හා සඳු ඔහු ඔවුනට වසඟ කර දුන්නේය. අල්ලාහ්ගේ දැනුමෙන් හිරු හා සඳු යන සෑම වස්තුවක්ම නියමිත කාලයක් දක්ව ගමන් කරයි. අල්ලාහ් අභිමත කරන පරිදි අහස්හි හා මහපොළොවේ කටයුතු වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා දැඩි සේ විශ්වාස කොට ඒ සඳහා දැහැමි ක්රියාවන් සිදු කරමින් නුඹලා සූදානම් වීමේ අපේක්ෂාවෙන් අල්ලාහ් ඔහුගේ ශක්තිය පෙන්වා දෙන සාධක හා සාක්ෂි මෙසේ පැහැදිලි කරයි
وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَـٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٣﴾
මහපොළොව විහිඳුවා ජනයා එහි චලනය නොවනු වස් ඒවායෙහි කඳු ස්ථීර ලෙස ඔහු මැව්වේය. එමෙන්ම ජනයා ජලය සපයා ගනු පිණිසත් ඔවුන්ගේ සතුන් හා ඔවුන්ගේ ගොයමට ජලය සපයනු පිණිසත් එහි ජල දහරා ගලා යන ගංගාවන් ද ඔහු ඇති කළේය. සත්වයා අතර පවතින ස්ත්රී හා පුරුෂ භේදය මෙන්ම සෑම බවභෝගයකම යුගලයන් නිර්මාණය කර ඇත. රාත්රිය දහවල වෙළා ගනී. එය ආලෝකමත් ව පිහිටි පසු ව අන්ධකාරයක් බවට පත් වෙයි. සඳහන් කරන ලද ඒවායෙහි අල්ලාහ්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ කල්පනා කර බලන්නන් හට සාක්ෂි හා සාධක ඇත. ඔවුන් මෙම සාක්ෂි හා සාධක තුළින් ප්රයෝජන ලබති
وَفِى ٱلْأَرْضِ قِطَعٌۭ مُّتَجَـٰوِرَٰتٌۭ وَجَنَّـٰتٌۭ مِّنْ أَعْنَـٰبٍۢ وَزَرْعٌۭ وَنَخِيلٌۭ صِنْوَانٌۭ وَغَيْرُ صِنْوَانٍۢ يُسْقَىٰ بِمَآءٍۢ وَٰحِدٍۢ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍۢ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٤﴾
ى මහපොළොවේ එකිනෙකට සමීප ව පවතින බිම් කොටස් ද ඒවායෙහි මිදි වතු ද වගාවන් ද ඇත. එක් මුලක එකට හැදෙන ඉඳි ගස් ද වෙන් වෙන් මුල් වල හැදෙන ඉදි ගස් ද ඇත. එකම ජලයෙන් එම වතුවලට හා එම ගොවිබිම්වලට ජලය සපයනු ලැබේ. එකම ජලයෙන් ඒවාට ජලය සැපයීම හා ගලා යෑම තිබිය දී සුවයෙහි හා වෙනත් විවිධ ප්රයෝජනවලදී එකකට වඩා තවෙකක් අපි උසස් කළෙමු. වටහා ගන්නා ජනයා සඳහන් කරනු ලැබූ දෑ පිළිබඳ අධීක්ෂණයෙන් පසුවන බැවින් ඔවුනට ඒවායෙහි සාක්ෂි හා සාධක ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَإِن تَعْجَبْ فَعَجَبٌۭ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍ ۗ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٥﴾
අහෝ දූතය, යමක් පිළිබඳ ඔබ මවිත වන්නෙහි නම්, ඔබ එසේ මවිත වීමට වඩාත් සුදුසු වන්නේ යළි අවදි කිරීම පිළිබඳ ඔවුන් කරන බොරුවයි. එය හෙළා දැකීමට සාධක වශයෙන් "අප මිය ගොස් පස් බවට පත් වී අපගේ අස්ථිද දිරාපත් වූ විට අපි නැවත අවදි කරනු ලබන්නෙමු ද? නැවතත් ජීවය ලබන්නෙමු ද?"යැයි විමසති. මිය ගිය පසු යළි අවදි කිරීම හෙළා දකින්නන් වන ඔවුහුමය ඔවුන්ගේ පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නේ. එහෙයින් මිය ගිය පසු යළි අවදි කිරීමේ ඔහුගේ ශක්තිය ඔවුහු ප්රතික්ෂේප කරති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ගෙලවල්වල නිරා ගින්නෙන් යුත් දම්වැල් දමනු ලබන්නෝ ඔවුහුමය. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. දඬුවම ඔවුන්ගෙන් ඉවත් කරන්නේ ද නැත
وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَـٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ ﴿٦﴾
දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌۭ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ ﴿٧﴾
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය
ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ ﴿٨﴾
සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී
عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ ﴿٩﴾
සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ මැවීම් හි සංවේදිතාවන්ට ලක් නොවන ගුප්ත ව පවතින සියලු දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම ඒවායෙහි සංවේදිතාවන්ට ලක්වන සියලු දෑ ද ඔහු දන්නාය. ඔහුගේ ගුණාංග, ඔහුගේ නාම හා ඔහුගේ ක්රියාවන් තුළ සර්වබලධාරීය. ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ස්වභාවයෙන් ඔහුගේ සෙසු මැවීම්වලට වඩා ඔහු උත්තරීතරය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
سَوَآءٌۭ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ ﴿١٠﴾
ඔහු රහසිගත දෑ හා සැඟ වී පවතින දෑ දනී. අහෝ ජනියිනි! නුඹලා අතර වචන සගවන්නා ද හා එය හෙළි කරන්නා ද ඔහුගේ දැනුමෙහි සමානය. එමෙන්ම මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී රාත්රී අන්ධකාරයෙහි සැඟවී කටයුතු කරන්නා ද මහ දහවලෙහි ප්රසිද්ධියෙහි කටයුතු කරන්නා ද ඔහුගේ දැනුමෙහි එක සමානය
لَهُۥ مُعَقِّبَـٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ ﴿١١﴾
إ ه මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු
هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ ﴿١٢﴾
අහෝ ජනයිනි! අකුණු එළිය නුඹලාට දිස්වන්නට සළස්වනුයේ ඔහුය. අකුණු හඬින් බිය ද, වර්ෂාව තුළ ආශාව ද ඔහු එමගින් නුඹලාට එකට ලබා දෙයි. අධික ලෙස වර්ෂාව ඇති කරන ජලයෙන් ඝණ වළාකුළු බිහි කරනුයේ ඔහුය
وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَـٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَـٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ ﴿١٣﴾
අකුණු හඬ තම පරමාධිපතිට ඔහුගේ ප්රශංසා හා බැඳුණු පිවිතුරු කිරීමකින් විභූතිමත් කරයි. මලාඉකාවරුන් තම පරමාධිපතිට බියෙන් කීර්තියෙන් හා ඔහු ට ගෞවරය පුදමින් විභූතිමත් කරයි. ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අය වෙත ගිණිබත් කර දමන අකුණු සැර පහළ කර ඔහුව විනාශ කර දමනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් තත්ත්වය වෙනස් කිරීමේ හා එය බලවත් කිරීමේ ඉතා දැඩිය. එහෙයින් ඔහු සිදු කරන දෙයක් මිස අපේක්ෂා කරන්නේ නැත
لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَـٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَـٰلِغِهِۦ ۚ وَمَا دُعَآءُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍۢ ﴿١٤﴾
ඒකීයත්වයේ ඇරයුම අල්ලාහ්ට පමණක් සතුය. ඔහු සමග එහි වෙනත් කිසිවෙකු හවුල් වන්නේ නැත. ඔහු හැර දේව ආදේශකයෝ ඇරයුම් කරන සෙසු පිළිම කිසියම් ගැටලුවකදී ඒවායින් ප්රාර්ථනා කර සිටිය ද එම ප්රාර්ථනාවට ඒවා පිළිතුරු දෙන්නේ නැත. ඔවුන්ගේ ප්රාර්ථනාව පිපාසයෙන් පෙළෙන්නෙකු තම අත ජලයට දිගු කර එමගින් ජලය පානය කරන්නෙකුට සමානය. එම ජලය ඔහුගේ කටට ළඟා වන්නේ නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ පිළිමවලට කරන පැතුමන් ද නිවැරදි ක්රමයෙන් දුරස් වූ නාස්ති වී ගිය පැතුමන් වේ. ඊට හේතුව කිසියම් ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ කිසියම් හානියකින් වැළැක්වීමට හෝ ඒවාට නොහැකි බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَظِلَـٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ ۩ ﴿١٥﴾
අහස්හි හා මහපොළොවේ සිටින සියලු දෙනා අල්ලාහ්ට පමණක් සිරස නමා යටහත් වෙයි. එහිදී දේව විශ්වාස කරන්නා හා දේව ප්රතික්ෂේපකයා එක සමානය. නමුත් දේව විශ්වාසියා ඔහුට අවනත වන අතර ම කැමැත්තෙන්ම ඔහුට සිරස නමයි. නමුත් දේව ප්රතික්ෂේපකයා වනාහි ඔහුට යටත් වනුයේ අකමැත්තෙනි. නමුත් ඔහුගේ ස්වභාවය සහජයෙන් ඔහුට අවනත වීම වෙත නැඹුරු වෙයි. දහවල් ආරම්භයේ පටන් එහි අවසානය දක්වාම පවතින සියලු මැවීම්හිر හෙවණැලි පවා ඔහුට යටහත් වෙති
قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًۭا وَلَا ضَرًّۭا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَـٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَـٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍۢ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّـٰرُ ﴿١٦﴾
ى "අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ප්රතික්ෂේපකයින්ගෙන්, ‘අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි කටයුතු පාලනය කරන පාලකයාණන් කවුරුන් දැ?’යි විමසනු. අහෝ දූතය! ‘ඒ දෙකෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි පාලකයාණන් අල්ලාහ්ය. ඒ බව නුඹලා පිළිගනිමින් සිටින්නෙහුය.’ යැයි පවසනු. අහෝ දූතය! තවදුරටත් ඔවුන්ගෙන්, ‘අල්ලාහ් හැර කිසිදු හැකියාවක් නැති භාරකරුවන් නුඹලා වෙනුවෙන් ගත්තෙහු ද? ඔවුන් ඔවුනටම පවා සෙතක් සලසා ගත නොහැකි, ඔවුනට අත් වන හිංසාවන් ඉවත් කර ගත නොහැකි තත්ත්වයක සිටියදී ඔවුන් හැර වෙනත් අය කෙරෙහි එසේ සිදු කිරීම කෙසේනම් හැකි වන්නේද?!’ යැයි විමසනු. අහෝ දූතය! ‘පෙනුම නැති වූ අන්ධභාවයේ පෙළෙන දේව ප්රතික්ෂේපකයා හා යහමග ලැබූ දැක්මක් ඇති දේව විශ්වාසියා සමාන වන්නේ ද? එසේ නැතිනම් අන්ධකාරයෙන් පිරුණු දේව ප්රතික්ෂේපය හා ආලෝකයෙන් පිරුණු දේව විශ්වාසය සමාන වන්නේද? එසේ නැතහොත් මැවීමෙහිදී ශුද්ධවන්ත අල්ලාහ්ට හවුල් කරුවන් එකතු කරමින් අල්ලාහ්ගේ මැවීම් හා සමාන දෑ මවා අල්ලාහ්ගේ මැවීම් ඔවුන්ගේ හවුල්කරුවන්ගේ මැවීම් සමග මිශ්ර වී ඇත්තේ ද?’ යැයි විමසනු. අහෝ දූතය! ‘සියලු දෑහි මැවුම්කරුවාණන් අල්ලාහ් පමණය. මැවීම් හි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. දේවත්වයෙන් ඔහු ඛේවලය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහු සියල්ල අබිබවා යන්නාය
أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًۭا رَّابِيًۭا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَـٰعٍۢ زَبَدٌۭ مِّثْلُهُۥ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَـٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءًۭ ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ ﴿١٧﴾
ه අසත්ය මකා දමා, සත්යය පිහිටුවීම සඳහා අල්ලාහ් උපමාවක් ලෙස මිටියාවත පුරා ගලා යන තරමට අහසින් පහළ වන වර්ෂා ජලය ගෙනහැර පෑවේය. කුඩා ප්රමාණයෙන් හෝ විශාල ප්රමාණයෙන් හෝ වුව ද ඒ ඒ ධාරිතාවන්ට අනුව වැව් අමුණු පිරී යයි. ජලයට ඉහළින් පෙණ පිඩු හා ඉපැණැලි එම ජල ගැල්ම උසුලා ගනියි. ඒ දෙකට තවත් උදාහරණයක් ලෙස ‘මිනිසුනට අලංකරණය වෙනුවෙන් ආභරණ නිර්මාණය කිරීම සඳහා ලෝහ දිය කිරීමේ අපේක්ෂාවෙන් මිනිසා දහනය කරන ඇතැම් වටිනා ලෝහ උපමා වශයෙන් ගෙන හැර පෑවේය. ඉන් පෙණ පිඩු ඉහළට පැමිණෙන්නාක් මෙන්ම මෙයින් ද පෙණ පිඬු ඉහළට එනු ඇත. මෙම උදාහරණ දෙක සසඳමින් සත්ය හා අසත්යයට උපමා කොට මෙසේ ගෙන හැර පා ඇත. අසත්ය වනාහි ජලයට ඉහළින් පවතින පෙණපිඩු හා ඉපැණැලි මෙන් ද මලකඩ නැති කරමින් ලෝහ උණු කිරීමේදී පවතින පෙණ පිඩු මෙන් ද වේ. සත්යය වනාහි ඉන් ජලය පානයට ගන්නා පිරිසිදු ජලය හා සමානය. එමගින් පළතුරු පළා හා පඳුරු වර්ග හට ගන්වයි. එමෙන්ම උණු කර දිය කිරීමෙන් පසු ඉතිරි වන දෑට සමානය. එමගින් මිනිසුන් ප්රයෝජන ලබති. මෙම උපමා දෙක අල්ලාහ් ගෙන හැර පෑමෙන් පසුව සත්ය හා අසත්යයෙන් වෙන් කර පැහැදිලි කර ගනු පිණිස තවත් උපමාවන් මෙසේ ගෙනහැර දක්වයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لِلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُوا۟ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦٓ ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمِهَادُ ﴿١٨﴾
ء ى අල්ලාහ් ඒකීයත්වයට පත් කරන මෙන් ද, ඔහුට අවනත වන මෙන්ද ඔවුන්ගේ පරමාධිපති ඇරයුම් කරන විට එයට පිළිතුරු දුන් දේව විශ්වාසීන්හට අලංකාර තිළිණ ඇත. එය ස්වර්ගයයි. ඔහුගේ ඒකීයත්වය හා ඔහුට අවනතවීම සඳහා ඔහු කළ ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයින් වනාහි, සැබැවින්ම ඔවුනට විවිධාකාර ධනසම්පත් ද ඒ හා සමාන තවත් ගුණයක් ද ඔවුන් සතු තිබුණ ද ඔවුන් දඬුවමින් තමන් ආරක්ෂා කර ගනු පිණිස ඒ සියල්ල වන්දි වශයෙන් වියදම් කරනු ඇත. ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් මොවූහු ඔවුන්ගේ සියලු පාපකම් සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලබති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. නිරා ගින්න වූ ඔවුන්ගේ නිවහන හා වාසස්ථානය නපුරු විය
۞ أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿١٩﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපති වන අල්ලාහ්ගෙන් නුඹ වෙත පහළ වූ දෑ කිසිදු සැකයකින් තොර ව සත්යයක් බව දන්නා පුද්ගලයා අල්ලාහ්ට පිළිතුරු දුන් දේව විශ්වාසියෙකි. ඔහු හා අන්ධයෙකු ලෙස කටයුතු කරන අල්ලාහ්ට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයා සමාන වන්නේ ද? මෙයින් උපදෙස් ලබා පාඩම් ලබනුයේ මනා බුද්ධියක් ඇත්තවුන් පමණය
ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَـٰقَ ﴿٢٠﴾
අල්ලාහ්ට පිළිතුරු දුන් අය වනාහි, ඔවුහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් හා ඔහුගේ ගැත්තන් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් සමග හෝ වෙනත් අය සමග විශ්වාසනීය ලෙස ඇති කර ගත් ගිවිසුම් ඔවුහු කඩ නොකරති
وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوٓءَ ٱلْحِسَابِ ﴿٢١﴾
තවද ඔවුන් වනාහි කවර ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අල්ලාහ් නියෝග කර සිටියේ ද ඒ සියල්ල සමග සම්බන්ධකම් පවත්වන්නෝ වෙති. ඔහුගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම යන විෂයය තමන්ට මග හැරෙනු ඇතැයි යන බියෙන් ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. ඔවුන් උපයන පාපකම් සියල්ල පිළිබඳ විභාගයට ලක් කරනු ඇතැයි ඔවුහු බියවෙති.ر එහෙයින් කවරෙකුට විභාගයක් ඇත්තේ ද ඔහු විනාශයට පත් විය
وَٱلَّذِينَ صَبَرُوا۟ ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ أُو۟لَـٰٓئِكَ لَهُمْ عُقْبَى ٱلدَّارِ ﴿٢٢﴾
තවද ඔවුන් වනාහී අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු ඔවුනට නියම කළ සතුටු දායක මෙන්ම අසතුටු දායක දෑහි ද ඉවසීමෙන් කටයුතු කරන්නෝ වෙති. එමෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පාපයක් සිදු කිරීමෙන් ඈත් ව ඉවසති. සලාතය පූර්ණ අයුරින් ඉටු කරති. අපි ඔවුනට දුන් ධනයෙන් අනිවාර්යය වගකීම් ඉටු කරති. මිනිසුන්ගේ මුහුණිච්ඡාවෙන් දුරස් ව රහසිගතව කැමැත්තෙන් එයින් වියදම් කරති. වෙනත් අය දිරිගන්වන පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරති. ඔවුන් වෙත නපුරුකම් කරන්නාගේ නපුර වළක්වාලමින් ඔහු සමග දැහැමි අයුරින් කටයුතු කරති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශංසනීය අවසානයක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
جَنَّـٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ ۖ وَٱلْمَلَـٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍۢ ﴿٢٣﴾
මෙම ප්රශංසනීය අවසානය වනාහි, ඔවුන් සදා ලෙස ස්ථාවර ව භුක්ති විඳින්නන් ලෙස වාසය කරන්නට යන ස්වර්ග උයන් වෙති. එහි ඔවුන්ගේ වින්දනයේ පූර්ණත්වය වනුයේ ඔවුන් සමගම ඔවුන්ගේ ධර්මිෂ්ට පියවරුන්, මව්වරුන්, බිරියන් හා දරුවන් ඔවුන් හමුවීම පූර්ණ ව ඔවුනට අමතක කර තිබුණ ද ඔවුන් සමග එකට පිවසීමේ වින්දනයයි. මලක්වරුන් ස්වර්ගයේ ඇති ඔවුන්ගේ නිලයන්හි සියලු දොරටුවලින් සුබ පැතුම් එක්කරමින් ඇතුළු වෙති
سَلَـٰمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى ٱلدَّارِ ﴿٢٤﴾
මලක්වරුන් ඔවුන් වෙත පිවිසෙන සෑම කල්හිම "ඔබට සලාම්" යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔවුනට සුභ පතති. එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ නියමයන් පසු කිරීමෙහි නුඹලා ඉවසීමෙන් සිටි බැවින් ද, ඔහුට පාපකම් සිදු කිරීමෙන් ඈත්වීමෙහි නුඹලා ඉවසීමෙන් කටයුතු කළ බැවින් ද, නුඹලා සියලු උවදුරු හා දුෂ්කරතාවලින් නිදහස් වනු. නුඹලාගේ අවසානය වන්නට නියමිත එම අවසන් නිවහනය ඉතා යහපත්ය
وَٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۙ أُو۟لَـٰٓئِكَ لَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ﴿٢٥﴾
ء අල්ලාහ්ගේ ගිවිසුම් ස්ථීර කරගත් පසුව එය කඩ කරන, ඔහු සම්බන්ධකම් පවත්වන්නැයි නියෝග කළ ඥාතී සම්බන්ධකම් බිඳ දමන උත්තරීතර අල්ලාහ්ට පිටුපාමින් මහපොළොවේ කලහකම් කරන මොවුහු දුරස් කරනු ලැබූ දුර්භාග්යවන්තයෝ වෙති. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුහු නෙරපා හරිනු ලබති. ඔවුනට නපුරු අවසානයක් ඇත. එය අපා ගින්නය
ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فِى ٱلْـَٔاخِرَةِ إِلَّا مَتَـٰعٌۭ ﴿٢٦﴾
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කරයි. ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. පෝෂණ සම්පත්හි සමෘද්ධිමත් වීම අල්ලාහ්ගේ ආදරයට ලක්වීමේ හෝ සෞභාග්යයේ සලකුනක් නොවන්නේය. ඒවා සීමාවීම අභාග්යවන්ත භාවයේ සලකුණක් ද නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින් මෙලොව ජීවිතය පිළිබඳ සතුටු වෙති. එහෙයින් ඔවුන් එය පාදක කර ගනිමින් එහි තැන්පත්වන්නට බලති. මතුලොව පැත්තෙන් මෙලොව ජීවිතය බලන කල එය ක්ෂය වී යන ස්වල්ප සැපතක් මිස නැත
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ ﴿٢٧﴾
අල්ලාහ් හා ඔහුගේ සංඥාවන් ප්රතික්ෂේප කළවුන්, "මුහම්මද් වෙත ඔහුගේ සත්යතාව පෙන්වා දෙන ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංවේදනීය ප්රාතිහාර්යයක් ඔහු වෙත පහළ විය යුතු නොවේද? එවිට අපි එය විශ්වාස කරමු" යැයි පවසති. "අහෝ දූතය! එසේ යෝජනා කරන්නන් හට ඔබ මෙසේ පවසනු. ‘සැබැවින්ම අල්ලාහ් ඔහුගේ යුක්ති ධර්මය අනුව ඔහු අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරියි. ඔහු වෙත පාපක්ෂමාවේ නිරත ව යොමු වන්නන් හට ඔහුගේ භාග්යයෙන් ඔහු මග පෙන්වයි. ප්රාතිහාර්යයන් පහළ වීම තුළින් ඔවුන් එහි බැඳෙන තරමට ඔවුන්ගේ අතෙහි එම මග පෙන්වීම නැත."
ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ ﴿٢٨﴾
අල්ලාහ් මග පෙන් වූ ඔවුහු, ඔහු ව විශ්වාස කරන්නන් වෙති. අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහු ව සුවිශුද්ධ කිරීම, ඔහු ව ප්රශංසා කිරීම, ඔහුගේ පුස්තකය පාරායන කිරීම, එයට සවන් දීම හා මේ හැර ඔහුව මෙනෙහි කරන වෙනත් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරුණු යනාදිය තුළින් ඔවුන්ගේ සිත් සැනසුම් ලබයි. සිත් සැනසුම් ලැබීම අල්ලාහ් මෙනෙහි කිරීමෙන් පමණක් සිදු වන බවත් සිත් වලට සුදුසු වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීම බවත් දැන ගත යුතු වේ
ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍۢ ﴿٢٩﴾
අල්ලාහ් වෙත ඔවුන් සමීප කරවන අයුරින් ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වන මොවුනට මතුලොවෙහි සව්සිරියෙන් පිරි ජීවිතයක් ඇත. එමෙන්ම සතුටු දායක අවසානයක් ද ඇත. එය ස්වර්ග උයනයි
كَذَٰلِكَ أَرْسَلْنَـٰكَ فِىٓ أُمَّةٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهَآ أُمَمٌۭ لِّتَتْلُوَا۟ عَلَيْهِمُ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِٱلرَّحْمَـٰنِ ۚ قُلْ هُوَ رَبِّى لَآ إِلَـٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ ﴿٣٠﴾
තම සමූහයා වෙත දැනුම් දෙන මෙන් පෙර සිටි දහම් දූතයින් වෙත කවර පණිවිඩයක් අපි එව්වෙමු ද අහෝ දූතය! එම පණිවිඩයම ඔබේ සමූහයා වෙත දැනුම් දෙන මෙන් අපි ඔබට එය එවා ඇත්තෙමු. එය අපි ඔබට දැනුම් දුන් අල් කුර්ආනය ඔවුනට පාරායනය කර පෙන්වීම සඳහාය. ඔබේ සත්යභාවය තහවුරු කිරීමට එය ප්රමාණවත්ය. නමුත් එම පාඨ හෙළා දැකීම ඔබේ සමූහයාගේ ස්ථාවරය වී ඇත. එය ඔවුන් කාරුණිකයාණන් සමග වෙනත් අය ආදේශ කරමින් ඔහු ව ප්රතික්ෂේප කරන බැවිණි. "අහෝ දූතය! නුඹලා ආදේශ කරන මහා කාරුණිකයාණන් මාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත විශ්වාසය තබමි. මාගේ පසුතැවිලිවීම ද ඔහු කෙරෙහිම වන්නේය." යැයි පවසනු
وَلَوْ أَنَّ قُرْءَانًۭا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًۭا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًۭا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ ﴿٣١﴾
ى ه කඳු තිබූ තැනින් ඉවත් වීම, භූමිය පැළී උල්පත් හා ගංගාවන් ගලා යෑම, මිය ගිය ඇත්තන් මත කියවා ඔවුන් යළි ජීවීන් බවට පත් වීම වැනි කරුණු සඳහන් වී තිබීම දිව්ය ග්රන්ථවල ස්වරූපය වුව ද අහෝ දූතය! ඔබ වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය එවන් සාධක පැහැදිලි කරන්නකි. ඉමහත්සේ බලපෑම් ඇති කරන්නකි. ඔවුන් අවංක හදවත් ඇත්තන් වූයේ නම් මැනවි. නමුත් ඔවුහු එය හෙළා දුටුවෝය. ප්රාතිහාර්යයන් හා වෙනත් දෑ පහළ කිරීමෙහි සියලු අයිතිය අල්ලාහ් සතු වන්නකි. මිනිසුනට සංඥාවක් පහළ කිරීමෙන් තොර ව ඔවුන් සියල්ලන් හට මග පෙන්වීම සඳහා අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට ඒවා පහළ කිරීමෙන් තොරවම මග පෙන්වනු ඇතැයි දේව විශ්වාසීන් දැන නොසිටියෝ ද?. නමුත් අල්ලාහ් එයට අභිමත කළේ නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් ඔහුව ප්රතික්ෂේප කරමින් හා පිටුපාමින් කටයුතු කළ බැවින් දැඩි සේ කම්පනයට පත් කරන විනාශය ඔවුනට අත්වෙමින්ම තිබුණි. එසේ නැතහොත් හිමි වීමට නියමිත දඬුවම පහළ කිරීමේ අල්ලාහ්ගේ පොරොන්දු ව ඉටු වන තෙක්ම ඔවුන්ගේ නිවෙස් අසළටම එය පහළ වෙමින්ම තිබුණි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් ප්රතිඥා දී ඇත්තේ ද ඒ සඳහා වූ නියමිත වේලාව පැමිණි විට එය උදා කිරීම මඟ හරින්නේ නැත
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا۟ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ﴿٣٢﴾
තම සමූහයා බොරු කළ හා තමන් හාස්යයට ලක් කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. අහෝ දූතය! නුඹට පෙර විසූ ජන සමූහයන් ඔවුන්ගේ දූතවරුන් හාස්යයට ලක් කොට ඔවුන් ව බොරු කළෝය. ඔවුන්ගේ දූතයින්ව ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම මා ඔවුන් විනාශ නොකරනු ඇතැයි ඔවුන් සිතන තරමට මම ඔවුන් අතහැර දැමුවෙමි. එසේ අවකාශය දීමෙන් පසු විවිධ දඬුවම්වලින් මම ඔවුන් ග්රහණය කළෙමි. ඔවුනට හිමි වූ මාගේ දඬුවම ගැන නුඹ අදහස් කරනුයේ කෙසේ ද? සැබැවින්ම එය දැඩි දඬුවමක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعْلَمُ فِى ٱلْأَرْضِ أَم بِظَـٰهِرٍۢ مِّنَ ٱلْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ مَكْرُهُمْ وَصُدُّوا۟ عَنِ ٱلسَّبِيلِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ﴿٣٣﴾
නැමදුම් ලබන්නට වඩාත් උචිත වනුයේ සියලු මැවීම්හි පෝෂණය සුරක්ෂිත ව ලබා දෙන සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් ක්රියාවන් පිළිබඳ අදීක්ෂණය කොට එම ක්රියාවන්ට අනුව ප්රතිඵල ලබා දෙන අල්ලාහ් ද? එසේ නැතහොත් නැමදුම් ලබන්නට කිසිදු උරුමයක් නැති මෙම පිළිම ද? දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අපරාධකාරී හා ව්යාජ ලෙසින් ඒවා අල්ලාහ්ට ආදේශ කරති. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ වාදයේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ් සමග නමදිමින් සිටි එම හවුල් කරුවන් අපට නම් කරන්න. එසේ නැතහොත් මහපොළොවේ අල්ලාහ් නොදන්නා හවුල් කරුවන් නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු ද? එසේ නැතහොත් කිසිදු යථාර්ථයක් නොමැති ප්රකාශයක් හෙළි කරමින් නුඹලා ඔහුට දන්වන්නෙහු ද? දේව ප්රතික්ෂේපකයින්ගේ නපුරු කුමන්ත්රණය ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් ඔවුහු අල්ලාහ් ප්රතික්ෂේප කළෝය. ඍජු හා යහමගින් ඔහු ඔවුන් හරවා දැමීය. අල්ලාහ් කවරෙකු ඍජු මාර්ගයෙන් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට යහමග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ඔහුට නැත
لَّهُمْ عَذَابٌۭ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ ﴿٣٤﴾
ඔවුන් දේව විශ්වාසීන්ගේ අතින් මැරුම් කෑමෙන් හා සිරකරුවන් බවට පත්වීමෙන් මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. ඔවුන් ගැන අපේක්ෂාවෙන් සිටින මතුලොව දඬුවම ඔවුනට ඉතා කුරීරුය. එහි ඇති දැඩිභාවය නිමක් නැති සදාතනිකත්වය නිසාවෙන් එය මෙලොව දඬුවමට වඩා බරපතලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් පිළිස්සීම වළක්වන කිසිවෙකු ඔවුනට නැත
۞ مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ أُكُلُهَا دَآئِمٌۭ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَوا۟ ۖ وَّعُقْبَى ٱلْكَـٰفِرِينَ ٱلنَّارُ ﴿٣٥﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් සඳහා අල්ලාහ් ප්රතිඥා දී ඇති ස්වර්ග උයනේ ස්වරූපය වනුයේ සැබැවින්ම එහි මාලිගා හා ගස්වලට යටින් ගංගාවෝ ගලා බසිති. එහි පලතුරු මෙලොව පළතුරු මෙන් නොව අවාරයකින් තොර ව අඛණ්ඩව පිරී පවතී, එහි හෙවණ ද නොමැකෙන සදා පවතින්නකි. මෙය අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිට ඔහුට බැතිමත්ව කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්රතික්ෂේපකයින්ගේ අවසානය වනුයේ අපා ගින්නයි. ඔවුහු එහි පිවිස සදාකල් වෙසෙති
وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَفْرَحُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ ٱلْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُۥ ۚ قُلْ إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ وَلَآ أُشْرِكَ بِهِۦٓ ۚ إِلَيْهِ أَدْعُوا۟ وَإِلَيْهِ مَـَٔابِ ﴿٣٦﴾
ه අහෝ දූතය! අප තව්රාතය පිරිනැමූ යුදෙව් ජනයා අතරින් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනු ජනයා අතරින් පිරිසක් ඔවුනට පහළ වූ දෑට අනුකූල යම් මග පෙන්වීමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් ඒ ගැන ඔවුහු සතුටු වෙති. යුදෙව් හා කිතුනු ජනයා අතරින් ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවන හෝ ඔවුන් වෙනස් කරමින් හා විකෘති කරමින් ඔවුන් විස්තර කළ දෑට අනුකූල නොවන යමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් එය හෙළා දකිති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු: සැබැවින්ම අල්ලාහ් මට නියෝග කර ඇත්තේ මා ඔහුට පමණක් නැමද කිසිවක් ඔහුට ආදේශ නොකිරීමත් ඔහු පමණක් අයැද වෙනත් අය මා අයැද නොසිටීමත්ය. මාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. තව්රාතය හා ඉන්ජීලය පැමිණියේ ද ඒ අනුවය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ حُكْمًا عَرَبِيًّۭا ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا وَاقٍۢ ﴿٣٧﴾
පෙර පැවති දිව්යමය ග්රන්ථ ඔවුනොවුන්ගේ සමාජීය භාෂාවෙන් අප පහළ කළාක් මෙන්ම අහෝ දූතය! සත්යය පහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි ප්රකාශයක් ලෙස අල් කුර්ආනය අරාබි බසින් නුඹ වෙත අපි පහළ කළෙමු. අහෝ දූතය! අල්ලාහ් නුඹට පමණක් ඉගැන් වූ දැනුම නුඹ වෙත ලැබීමෙන් පසුව ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවූ යමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් නුඹ ආගම් ලත් ජනයා සමග සම්මුතියකට පැමිණ නුඹ එය අනුගමනය කළෙහි නම්, නුඹේ කටයුතු භාරගෙන නුඹේ සතුරන්ට එරෙහි ව නුඹට උදව් කරන කිසිදු භාරකරුවකු හෝ නුඹ අල්ලාහ්ගෙන් නොලබනු ඇත. එමෙන්ම ඔහුගේ දඬුවමින් නුඹ ව වළක්වන කිසිවකු නුඹ නොලබනු ඇත
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَٰجًۭا وَذُرِّيَّةًۭ ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ لِكُلِّ أَجَلٍۢ كِتَابٌۭ ﴿٣٨﴾
أ جل كتاب අහෝ දූතය! නුඹට පෙර ද මිනිසුන් අතරින් දහම් දූතවරු අපි එව්වෙමු. නුඹව දහම් දූතයකු වශයෙන් එවීම අලුත් දෙයක් නොවේ. සෙසු මිනිසුන් මෙන්ම ඔවුනටද බිරියන් හා දරුවන් ඇති කළෙමු. විවාහ නොකරන දරුවන් ප්රජනනය නොකරන මලක්වරුන් බවට අපි ඔවුන් පත් නොකළෙමු. විවාහ වී දරුවන් ප්රජනනය කරන එම මිනිස් දූතයින් අතර නුඹ ද කෙනෙකි. නුඹත් එසේ සිටීම ගැන දෙවියන්ට ආදේශ කරන්නන් පුදුමයට පත් වන්නේ ඇයි? ප්රාතිහාර්යයක් ගෙන ඒමට අල්ලාහ් අවසර දීමෙන් තොරව තමන් සතු කිසිදු ප්රාතිහාර්යයක් ගෙන එන්නට කිසිදු දූතයකුට සුදුසු නොවීය. අල්ලාහ් නියම කළ සෑම දෙයකටම ඒවා සඳහන් කළ ලේඛනයක් ඇත. එමෙන්ම කාලයක් ද ඇත. එයට කලින් හෝ ප්රමාදයකින් හෝ එය සිදු වන්නේ නැත
يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَـٰبِ ﴿٣٩﴾
යහපතක් හෝ අයහපත්, භාග්යයක් හෝ අභාග්යයක් ඉවත් කිරීමට අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු එය ඉවත් කරනු ඇත. ඔහු අභිමත කරන්නේ නම් එය රඳවනු ඇත. ලව්හුල් මහ්ෆූල් නම් සුරක්ෂිත සටහන් පුවරු ව ඇත්තේ ඔහු අබියසය. මකා දැමූ දෑ නැවත මතු කරවා තිබූ දෑ එලෙසින් තිබෙන්නට හැර ඒ සියල්ල ඔහු නැවත ගෙන්වා ගනී
وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ وَعَلَيْنَا ٱلْحِسَابُ ﴿٤٠﴾
අහෝ නබිවරය, නුඹේ මරණයට පෙර ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ඇතැම් දඬුවම් අපි නුඹට පෙන්වා දෙන්නෙමු. එය ඇත්තේ අප වෙතය. එසේ නැතහොත් නුඹට එය පෙන්වීමට පෙර අපි නුඹ ව මරණයට පත් කරන්නෙමු. අපි නුඹට කවර දෙයක් දන්වන මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස වෙනත් කරුණක් ඔබට නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම හෝ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හෝ නුඹ සතු කාර්යයක් නොවන්නේය. එය අප මත ඇත්තකි
أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ ﴿٤١﴾
දේව ප්රතික්ෂේපයේ පිහිටි ප්රදේශ ඒවායෙහි පැතිකඩවල ඉස්ලාමය පතුරුවාලමින් හා මුස්ලිම්වරුන්හට ජය තහවුරු කරවමින් සැබැවින්ම අපි ක්රමයෙන් දේව ප්රතික්ෂේපය හීන කරමින් එන බව මෙම ප්රතික්ෂේපකයෝ නොදුටුවෝ ද? අල්ලාහ් තමන් අභිමත කරන දෑ තම ගැත්තන් අතර නීති පනවයි. තීන්දු කරයි. ඔහුගේ නීතියෙහි කිසිදු අඩුවක් වෙනස් කිරීමක් හෝ එකක් වෙනුවෙන් තවෙකක් පරිවර්තනය කිරීමක් හෝ සිදු කරන්නට කිසිවකුට නොහැක. ශුද්ධවන්ත ඔහු විනිශ්චය කිරීමේදී ඉතා වේගවත්ය. එකම දිනක පෙර පැමිණියවුන් හා පසු පැමිණියවුන් සියල්ලන්ගෙන් විනිශ්චය කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ ٱلْمَكْرُ جَمِيعًۭا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍۢ ۗ وَسَيَعْلَمُ ٱلْكُفَّـٰرُ لِمَنْ عُقْبَى ٱلدَّارِ ﴿٤٢﴾
පෙර සිටි සමූහයා, ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ට (එරෙහිව) කුමන්ත්රණ කළෝය. ඔවුනට වංචා කළෝය. ඔවුන් ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුනට ඔවුන් කුමන්ත්රණ කිරීමෙන් ඔවුනට සිදු වූයේ කුමක් ද? කිසිවක් නැත. හේතුව, සියල්ල සැලසුම් කරන්නා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බැවිණි. සැබැවින්ම ඔහු සියලු මැවීම්වල ක්රියාකාරකම් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එවිට අල්ලාහ් පිළිබඳ විශ්වාසය නොමැති ව වැරදිකරන්නන් කොපමණ පිරිසක් දැයි ද ස්වර්ගය හා යහපත් අවසානයක් දිනා ගනිමින් ඒ අනුව ස්වර්ගයට හා යහපත් අවසානයකට අනුගත වූ භාග්යලත් මුඃමින්වරුන් කොපමණ පිරිසක් දැයි ද බොරුකාර මෙම ජනයා මතු දැනගනු ඇත
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَسْتَ مُرْسَلًۭا ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَـٰبِ ﴿٤٣﴾
ප්රතික්ෂේප කළවුන් "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් විසින් එවනු ලැබූ දූතයෙකු නොවන්නෙහිය." යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට "සැබැවින්ම මා මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත එවන ලද දූතයකු බවට මා අතර හා නුඹලා අතර අල්ලාහ් ම ප්රමාණවත්ය. මා ගැන විස්තර කරමින් දිව්යමය පුස්තකයන්හි සඳහන් දැනුම්වත් කිරීම ඔහු අබියසින් විය. කිසිවෙකුගේ සත්යතාව ගැන අල්ලාහ්ම සාක්ෂි වශයෙන් සිටින්නේ නම් බොරු කරන්නන්ගේ බොරුව ඔහුට කිසිදු හානියක් ගෙන දෙන්නේ නැත." පවසනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්