මුල් පිටුවතෆ්සීර්Yusuf (12)

තෆ්සීර් Yusuf (12) — يوسف

මක්කී · 111 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿١﴾

(අලිෆ්, ලාම්, රා) මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලිي සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ

إِنَّآ أَنزَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ﴿٢﴾

අරාබිවරුනි! නුඹලා අල් කුර්ආනය වටහා ගත හැකි වනු පිණිස සැබැවින් අපි අල් කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَـٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَـٰفِلِينَ ﴿٣﴾

අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَـٰجِدِينَ ﴿٤﴾

අහෝ දූතය! යූසුෆ් තුමා තම පියාණන් යඃකූබ් සමග කතා කළ අවස්ථාව අපි නුඹට මෙසේ පවසමු. “මාගේ පියාණනි! සැබැවින්ම මා සිහිනෙන් ග්රහ තාරකා එකොළහක් දුටුවෙමි. එමෙන්ම හිරු හා සඳු ද දුටුවෙමි. ඒ සෑම එකක්ම මට හිස නමනු ද දුටුවෙමි."و මෙය යූසුෆ් අලයිහිස් සලාම් තුමාට කල් ඇතිව දැනුම් දුන් සුබ පණිවිඩයක හීනයක් විය

قَالَ يَـٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ لِلْإِنسَـٰنِ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿٥﴾

යඃකූබ් තුමා තම පුතු යූසුෆ්ට, "මාගේ පුතණුවනි! නුඹේ සිහිනය නුඹ නුඹේ සහෝදරයින්ට සිහිපත් නොකරනු. එවිට ඔවුන් එය වටහා ගෙන නුඹට ඊර්ෂ්යා කරති. ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹට කුමන්ත්රණක් ද සැලසුම් කරනු ඇත. සැබැවින්ම ෂෙයිතාන් මිනිසුන්ට පැහැදිලි සතුරෙකි

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌۭ ﴿٦﴾

අහෝ යූසුෆ්! නුඹ එම සිහිනය දුටුවාක් මෙන් නුඹේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන සිහිනවලට පලාඵල කීමේ දැනුම නුඹට ඔහු උගන්වනු ඇත. නුඹට පෙර සිටි නුඹේ පියවරුන් දෙපොළක් වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහුගේ ආශිර්වාදය පූර්ණ කළාක් මෙන්ම නුඹ වෙත ද දූත මෙහෙයේ ආශිර්වාදය ඔහු පූර්ණ කරනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහුගේ මැවීම් පිළිබඳ මැනවින් දන්නාය. ඒවා සැළසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَـٰتٌۭ لِّلسَّآئِلِينَ ﴿٧﴾

යූසුෆ්ගේ කතාවෙහි සහ ඔහුගේ සහෝදරයින්ගේ කතාවෙහි ඒ ගැන විමසා සිටින්නන්හට පාඩමක් හා උපදේශන විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٨﴾

ඔහුගේ සහෝදරයින් ඔවුන් අතර කතා කර ගන්නා අවස්ථාවේ, "අපි නියමිත සංඛ්යාවකින් යුත් කණ්ඩායමක් ලෙස සිටියදී, අපගේ පියාණන්ට යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයා අපට වඩා ප්රිය මනාප වී ඇත. අපට වඩා ඔවුන් දෙදෙනා උසස් වනුයේ කෙසේද? අපට මතුපිටින් පෙනෙන කිසිදු සාධකයක් නොමැති ව අපට වඩා ඔවුන් දෙදෙනා ඔහු උසස් ලෙස සලකන අවස්ථාවේ සැබැවින්ම ඔහු පැහැදිලි වරදක සිටිනු අපි දකින්නෙමු." යැයි කීහ

ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًۭا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًۭا صَـٰلِحِينَ ﴿٩﴾

"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත."

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَـٰعِلِينَ ﴿١٠﴾

සහෝදරයින් අතරින් කෙනෙකු, "නුඹලා ඔහු ගැන පවසන දෑහි තිරසාර ලෙස සිටින්නෙහු නම්, නුඹලා යූසුෆ් ව ඝාතනය නොකරනු. ඒ වෙනුවට ඔහු ව ළිං පතුලකට විසි කරනු. එවිට ඒ අසළින් ගමන් කරන මගීන් කිසිවෙකු හෝ ඔහු රැගෙන යනු ඇත. මෙය ඔහු ව ඝාතනය කිරීමට වඩා අවම හිංසනයකි." යැයි පැවසීය. م

قَالُوا۟ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَـٰصِحُونَ ﴿١١﴾

ඔහු ව දුරස් කිරීමට ඔවුහු එකඟ වූ කල්හි, ඔවුහු ඔවුන්ගේ පියාණන් යඃකූබ්ට, "අහෝ අපගේ පියාණනි! යූසුෆ් ආරක්ෂා කරන්නන් ලෙස ඔබ අප පත් නොකරන්නට ඔබට කුමක් වී ද? සැබැවින්ම අපි ඔහුට සෙනෙහස දක්වමු. ඔහුට හානි කරන දෑ ගැන අවධානයෙන් සිටිමු. ඔහු නැවත ඔබ වෙත සුරක්ෂිත ව පැමිණෙන තෙක් ආරක්ෂාවෙන් හා අවදානයෙන් සිටිනු පිණිස අපි ඔහුට උපදෙස් දෙන්නෙමු. මෙසේ තිබියදීත් ඔහු අප සමග එවීමෙන් ඔබ ව වළක්වාලීයේ කුමක් ද?" යැයි පැවසුහ. أرسلهمعنا غدا يرتع ويلعب وإنا له لحفظون

أَرْسِلْهُ مَعَنَا غَدًۭا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ ﴿١٢﴾

ආහාර භෝජන භුක්ති විඳින්නටත් විනෝද වන්නට හෙට දින අපි ඔහුව රැගෙන යන්නට ඔබ අපට අවසර දෙන්න. ඔහුට ඇති වන සෑම උවදුරකින්ම සැබැවින්ම අපි ඔහු ආරක්ෂා කරන්නන් වෙමු

قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَـٰفِلُونَ ﴿١٣﴾

යඃකූබ් (අලයිහිස් සලාම්)තුමා තම දරුවන්හට, "නුඹලා ඔහු රැගෙන යාම සැබැවින්ම මා දුකට පත් කරනු ඇත. ඊට හේතුව ඔහුගෙන් වෙන්වීම මාහට ඉවසිය නොහැක්කකි. නුඹලා කෙළි සෙල්ලම් කරන විට ඔහු ගැන නුඹලා නොසැලකිලිමත්භාවයෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බියවෙමි." යැයි පැවසිය

قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًۭا لَّخَـٰسِرُونَ ﴿١٤﴾

ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَـٰذَا وَهُمْ لَا يَشْعُرُونَ ﴿١٥﴾

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් සමග ඔහුව එවීය. ඔහු රැගෙන දුරට ගිය කල්හි, ළිං පතුළට ඔහු හෙළන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්තෝය. එම තත්ත්වයේ, "ඔවුන්ගේ මෙම ක්රියාව හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. නුඹ ගැන ඔවුනට දන්වා සිටින පසුබිමක නුඹ යන වග ඔවුනට නොහැඟේ." යැයි අපි යූසුෆ්ට දේව පණිවිඩ එව්වෙමු

وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءًۭ يَبْكُونَ ﴿١٦﴾

යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය

قَالُوا۟ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَـٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍۢ لَّنَا وَلَوْ كُنَّا صَـٰدِقِينَ ﴿١٧﴾

"අපගේ පියාණනි! දුව (පැන) තරඟ වදිමින් හා හී එල්ල කරමින් අපි ගියෙමු. අපගේ ඇඳුම් හා භාණ්ඩ ආරක්ෂා කරනු පිණිස අපි යූසුෆ්ව ඒ සමග නතර කළෙමු. එවිට වෘකයා ඔහු කා දැමුවේය. ඔබ අප විශ්වාස නොකරනු ඇත. නමුත් අපි ඔහු ගැන කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද ඒ ගැන අපි සත්යවන්තයින් වෙමු" යැයි පැවසූහ

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍۢ كَذِبٍۢ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌۭ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿١٨﴾

تصفون කූට ලෙස සැලසුම් කළ ඔවුන්ගේ පුවත ඔවුන් තහවුරු කරන්නට බැලුවෝය. යූසුෆ්ගේ කමිසයට ඔහුගේ ලේ නොව වෙනත් ලේ ගල්වා ගෙනැවිත්, "සැබැවින්ම මෙය වෘකයා කා දැමූ සළකුණැ"කැයි යඃකූබ්ට සිතන්නට සැලැස්වීය. නමුත් සැබැවින්ම කමිසය ඉරී නොතිබීම හේතුවෙන් ඒ ගැන කල්පනා කොට ඔවුන් පවසනුයේ බොරු යැයි යඃකූබ් තුමාට වැටහිණ. පසු ව එතුමා ඔවුනට, "නුඹලා මට දන්වා සිටියාක් මෙන් කරුණ නොපවතී. නුඹලා ඔහුට කළ නපුරු ක්රියාව නුඹලා විසින්ම විචිත්රවත් කර පවසන්නෙහුය. මාගේ විෂයය වන්නේ කලබල නොවී අලංකාර ලෙස ඉවසීමය. යූසුෆ්ගේ විෂය ගැන නුඹලා මෙනෙහි කරමින් සිටි දෑ සඳහා මම අල්ලාහ්ගෙන් උපකාර පතමි." යැයි පැවසීය

وَجَآءَتْ سَيَّارَةٌۭ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَـٰبُشْرَىٰ هَـٰذَا غُلَـٰمٌۭ ۚ وَأَسَرُّوهُ بِضَـٰعَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ ﴿١٩﴾

يعملون තවලමක් ඒ අසළට පැමිණියේය. ඔවුහු තමන් වෙනුවෙන් ජලය සෙයා එන මෙන් ඉල්ලා පුද්ගලයෙකු එවූහ. ඔහු පනිට්ටුව ළිඳ ට දැම්මේය. යූසුෆ් කඹයේ එල්ලෙන්නට විය. එය ළිඳ ට යැවූ පුද්ගලයා එය දැක සතුටින්, "මෙම දරුවා ශුභාසංශනයකි." යැයි පවසා ඔවුන්ගේ භාණ්ඩ සමග ඔහු ව සඟවා ගත්තේය. තවලමේ සෙසු සගයින් සැබැවින්ම ඔහු වෙළෙඳ භාණ්ඩයක් ලෙස සිතුවෝය. ඔවුන් යූසුෆ් තුමාට සිදු කළ අකටයුතුකම් හා විකුණා දැමීම සම්බන්ධයෙන් අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍۢ دَرَٰهِمَ مَعْدُودَةٍۢ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ ﴿٢٠﴾

රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ සගයින් ඉතා සුළු මිලකට මිසරයේ දී -ඊජිප්තුවේ දී- ඔහු ව විකුණා දැමීය. එය ඉතා සුළු දිර්හම් කිහිපයකටය. සැබැවින්ම ඔහු වහලෙක් නොවන බව ඔවුන් දැන සිටි බැවින් හා තමන්ට ඔහුගේ පවුලෙන් උවදුරක් සිදුවේවි යන බිය නිසාවෙන්, ඉතා ඉක්මණින්ම ඔහුගෙන් මිදීමට කැමති වූ බැවින්, ඔහුගෙන් දුරස් වන්නට බැලූහ. ඔවුන් සමග දිගු කලක් රැදෙන්නට නොදීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක් වූ පූර්ණ ආශිර්වාදයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٢١﴾

ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් පුද්ගලයා තම බිරියට, "ඔහු සමග යහපත් ලෙස කටයුතු කරන්න. ඔහුගේ ස්ථානය අප සමගම තබා ඔහුව රැකබලා ගන්න. අපට අවශ්ය වූ වේලාවක භාවිත කිරීම සඳහා අපට ඔහු ප්රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපි ඔහු දරුවෙකු සේ හදාවඩා ගනිමු" යැයි පැවසීය. යූසුෆ් ව ඝාතනය කිරීමෙන් අපි ඔහු මුදවාගත් සේම, ඔහු ව ලිඳෙන් ගොඩට ගත් සේම, මිසරයේ අපි ඔහුට ජීවත් වන්නට ඉඩ සැලසුවෙමු. හීනයේ යථාර්ථය අපි ඔහුට උගන්වන්නෙමු. අල්ලාහ් තම නියෝගය ක්රියාත්මක කිරීමට බලය දරන්නාය. එහෙයින් ඔහුගේ නියෝගය ක්රියාත්මක වන්නකි. සුවි ශුද්ධ අල්ලාහ්ට කිසිදු බාධා කරන්නෙකු නැත. නමුත් බහුතරයක් දෙනා (අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්) එය වටහා නොගනිති

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَـٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿٢٢﴾

ශරීරය මනා ලෙස වැඩුණු පරිණතභාවයට පත් වූ කල්හි වටහා ගැනීමේ හැකියාව හා දැනුම අපි ඔහුට පිරිනැමුවෙමු. කවර තිළිණයක් අපි ඔහුට පිරිනැමුවේද ඒ හා සමාන තිළිණ අල්ලාහ් වෙනුවෙන් ගැතිකම් කරන දැහැමියන්ට ද අපි පිරිනමන්නෙමු

وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ ﴿٢٣﴾

අසීස්ගේ බිරිය ඉතා ලෙන්ගතුකමින් කුමන්ත්රණශීලී ව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සමග අශීලාචාරව හැසිරෙන්නට ඔහුට ඇරයුම් කළාය. ඔවුන් හුදකලාවේ සිටිය දී දොරවල් වසා දැම්මාය. ඇය ඔහුට, "එන්න, මා වෙත ළංවෙන්නැ"යි පැතුවාය. එවිට යූසුෆ් තුමා, "නුඹ කවර කරුණක් වෙත මා ඇරයුම් කරන්නීද මම ඒ ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂා ව පතමි. සැබැවින්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය ඔහු වෙත තබා මා සමග දැහැමි ලෙස කටයුතු කර ඇත්තාහ. එහෙයින් මම කිසිවිටෙක ඔහුට වංචාවක් නොකරමි. එසේ මම ඔහුට වංචාවක් කළේ නම් මා අපරාධකරුවෙකු බවට පත් වෙමි. නියත වශයෙන්ම අපරාධකාරී ජනයා ජය නොලබති" යැයි පැවසීය

وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَـٰنَ رَبِّهِۦ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ ۚ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ ﴿٢٤﴾

අශීලාචාර ක්රියාවට සැබැවින්ම ඇය ආශා කළාය. එය ඔහුට බරපතල වරදක් විය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සංඥාවන් නොදුටුවේ නම් එයින් ඔහු වළක්වා ඔහු ව දුරස් කරන්නට කිසිවකට නොහැකි වන්නේය. ඔහුගෙන් නපුර ඉවත් කරනු වස් අපි එය ඔහුට පෙන්වූයෙමු. දුරාචාරයෙන් හා වංචාවෙන් අපි ඔහු දුරස් කළෙමු. සැබැවින් යූසුෆ් දූත මෙහෙය හා නබිත්වය සඳහා තෝරාගත් අපගේ ගැත්තන් අතරින් කෙනෙකි

وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍۢ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢٥﴾

يسجن أو عذاب أليم යූසුෆ් තමන් ආරක්ෂා කර ගැනීමටත්, ඇය ඔහු පිට ව යෑමෙන් වැළැක්වීමටත් ඔවුන් දෙදෙනාම දොරටුව දක්වාම තරඟ වැදුණහ. ඔහු පිටතට යෑමෙන් වැළැක්වීම සඳහා ඇය ඔහුගේ කමිසය අල්ලා ගත්තාය. එය පසුපසින් ඉරී ගියේය. ඇයගේ ස්වාමියා දොරකඩ අසළ ඔවුන් දෙදෙනාව දුටුවේය. අසීස්ගේ බිරිය අසීස් දෙස බලා වංචනික ව, "අහෝ අසීස්! ඔබේ බිරිය සමග අශීලාචාර ක්රියාවකට තැත් කළ අයගේ දඬුවම සිරගත කිරීම හෝ වේදනීය දඬුවමකින් දඬුවම් කිරීම හෝ හැර වෙනත් දඬුවමක් තිබිය හැකි දැ?"යි විමසා සිටියාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى ۚ وَشَهِدَ شَاهِدٌۭ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍۢ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَـٰذِبِينَ ﴿٢٦﴾

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අශීලාචාර කටයුත්ත සඳහා මට ඇරයුම් කළේ ඇයයි. ඒ සඳහා මම ඇයව අපේක්ෂා නොකළෙමි. පසුව ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු නැගී සිට එතුමා කළ ප්රකාශයට සාක්ෂි ඉදිරිපත් කළේය. "යූසුෆ්ගේ කමිසය ඉදිරිපසින් ඉරී ඇත්නම් එය ඇයගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය ඔහුගෙන් වැළකෙන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ වී නම් ඔහු බොරුකාරයෙකු වෙයි."

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍۢ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٢٧﴾

ඔහුගේ කමිසය පසුපසින් ඉරී ඇත්නම් එය ඔහුගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය තැත්කරන විට ඔහු ඇයගෙන් පළායන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ නම් බොරුකාරිය වන්නේ ඇයයි

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍۢ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌۭ ﴿٢٨﴾

යූසුෆ්ගේ කමිසය පිටුපසින් ඉරී තිබෙනු අසීස් දුටු කල්හි, යූසුෆ්ගේ සත්යභාවය ඔහුට සනාත විය. "අහෝ කාන්තාවනි! සැබැවින්ම නුඹලා ඔහුට කළ අවලාදය නුඹලාගේ උපයා මාර්ගයකි. සැබැවින්ම නුඹලාගේ උපායයන් බලවත් වන්නේය." යි පැවසුවේය

يُوسُفُ أَعْرِضْ عَنْ هَـٰذَا ۚ وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ ﴿٢٩﴾

ඔහු යූසුෆ්ට, "අහෝ යූසුෆ්! නුඹ මෙම කරුණ නොසලකා හරින්න. කිසිවෙකුට මෙය නොපවසන්නැ"යි පවසා ඇයට, "නුඹේ පාපය සඳහා නුඹ සමාව අයැද සිටිනු. සැබැවින් නුඹ යූසුෆ් සමග වැරදි ලෙස හැසිරෙන්නට තැත් කළ හේතුවෙන් නුඹ පාපතරයින් අතරට පත් ව ඇතැ"යි පැවසීය

۞ وَقَالَ نِسْوَةٌۭ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٣٠﴾

ඇයගේ මේ සිද්ධිය නගරය පුරා පැතිරිණ. කාන්තාවන් අතර පිරිසක් එය හෙළා දකිමින්, "අසීස්ගේ බිරිය ඇයගේ වහලා ඇය වෙත ඇරයුම් කර ඇත්තාහ. ඔහුගේ ආදරය ඇයගේ හදවතේ ඇල්මක් ඇති කර ඇත. ඔහු ඇයගේ වහලෙකු ලෙස සිටිය දී ඔහු කෙරෙහි පමණක් ඇය ආදරය කර ඔහුව (කාමයේ වරදවා හැසිරීමට) තැත් කළ හේතුවෙන් ඇය පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුවෝය

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَـٰشَ لِلَّهِ مَا هَـٰذَا بَشَرًا إِنْ هَـٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ ﴿٣١﴾

අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًۭا مِّنَ ٱلصَّـٰغِرِينَ ﴿٣٢﴾

අසීස්ගේ බිරිය ඔවුනට අත් වූ ඉරණම දුටු කල්හි, ඇය, "ඔහු කෙරෙහි මා පෙමින් බැඳුණු හේතුවෙන් නුඹලා මට දොස් නගා සිටි තරුණයා මොහුය. මම ඔහු ව පැතුවෙමි. ඔහු රවටා ග්රහණය කරන්නට බැලුවෙමි. නමුත් ඔහු වැළකී සිටියේය. ඉදිරියේදී මා පතන දෑ ඔහු සිදු නොකළේ නම් මම ඔහු සිරගෙයට යවමි" යැයි පැවසුවාය. (අවසානයේ) ඔවුහු යටහත් පහත් වූහ

قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَـٰهِلِينَ ﴿٣٣﴾

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය

فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٣٤﴾

ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. අසීස්ගේ බිරිඳගේ කුමන්ත්රණයෙන් හා නගරයේ විසූ කාන්තාවන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ඔහු ව මුදවා ගත්තේය. සැබැවින්ම උත්තරීතර ඔහු යූසුෆ්ගේ ප්රාර්ථනාවට හා ඔහුගෙන් ප්රාර්ථනා කරන සෑම කෙනෙකුගේ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නාය. ඔහුගේ තත්ත්වය හා සෙසු අයගේ තත්ත්වයන් පිළිබඳ ඔහු සර්වඥානීය

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْـَٔايَـٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍۢ ﴿٣٥﴾

අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය

وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًۭا ۖ وَقَالَ ٱلْـَٔاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًۭا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ ﴿٣٦﴾

පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌۭ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍۢ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ ﴿٣٧﴾

යූසුෆ් තුමා, "රජුගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් නුඹලා වෙත පැමිණිය යුතු ආහාර නුඹලා වෙත නොපැමිණෙන නමුත් නුඹලා දෙදෙනා වෙත ඒවා පැමිණීමට පෙර එහි යථාර්ථය හා එහි ආකාරය පිළිබඳ මම නුඹලා දෙදෙනාට විස්තර කරමි. මා දැනගෙන නුඹලා දෙදෙනාට දැනුම් දුන් යථාර්ථයන් මාගේ පරමාධිපති මට ඉගැන්වූ මිස හූනියම්කරුවන්ගෙන් හෝ තාරකා සාස්ත්ර පවසන්නන්ගෙන් නොවේ. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පිළිවෙත සැබැවින්ම මම අත හැරියෙමි. ඔවුන් පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති." යැයි පැවසීය

وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍۢ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ﴿٣٨﴾

මම මාගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ දහම් පිළිවෙත අනුගමනය කළෙමි. එය අල්ලාහ්ගේ ඒකීයත්වයේ දහම් පිළිවෙතයි. අල්ලාහ්ට වෙනත් කෙනෙකු ආදේශ කිරීම අපට සුදුසු නැත. ඔහු ඒකීයත්වය පදනම් කරගත් ඛේවලය. මා හා මාගේ මුතුන් මිත්තන් සිටි තව්හීද් හෙවත් ඒකීයත්වය හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වනාහි අප වෙත පිරිනමන ලද අල්ලාහ්ගෙන් වූ භාග්යකි. අපි එය ආශිර්වාදයක් ලෙස ගනිමු. එමෙන්ම එය, ඒ සමගම නබිවරුන් එවීමෙන් සමස්ත ජනයා වෙත පිරිනැමූ ඔහුගෙන් වූ භාග්යකි. නමුත් ජනයා අතරින් බොහෝ දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කතඥපූර්වක නොවෙති. ඔවුහු ඔහුට ගුණමකු වෙති

يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌۭ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ﴿٣٩﴾

පසුව සිරගත වූ ගැටවරයින් දෙදෙනා සමග යූසුෆ් කතා කළේය: "විවිධ දෙවිවරුන්ට ගැතිකම් කිරීම උතුම් වන්නේ ද එසේ නැතහොත් කිසිදු හවුල් කරුවකු නැති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සියල්ල මත අබිබවනීය එකම දෙවිඳුන්ට ගැතිකම් කොට නැමදීම උතුම් වන්නේ ද?යැයි ඇසීය

مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءًۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٤٠﴾

අල්ලාහ් හැර නුඹලා නමදිනුයේ නිර්නාමික නාමයන් මිස නැත. ඒවාට දෙවිවරුන් ලෙස නම් තැබුවේ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන්ය. ඒවාට දේවත්වයේ කිසිදු කොටසක් නැත. නුඹලා ඒවාට නම් තැබූ පමණින් ඒවා නිවැරදි බවට පෙන්වා දෙන කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සමස්ත මැවීම් අතර පිහිටන තීන්දු ව අල්ලාහ්ට පමණක් මිස නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් නම් තැබූ දෑට සතු වන්නේ නැත. නැමදුමෙන් ඔහු ඒකීයත්වයට පත් කරන මෙන් සුවිශුද්ධ අල්ලාහ් නියෝග කර ඇත. ඔහු සමග කිසිවකු ආදේශ කිරීම තහනම් කර ඇත. එම ඒකීයත්වයේ පදනම් කිසිදු ඇදයක් නැති ඍජු දහම වේ. නමුත් මිනිසුන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඒ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ට ආදේශ කරමින් ඔහුගේ ඇතැම් මැවීම්වලට නැමදුම් කරති

يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًۭا ۖ وَأَمَّا ٱلْـَٔاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ ﴿٤١﴾

‘අහෝ සිරගත මාගේ මිතුරන් දෙදෙන! තමන් අතර මද්යසාර බවට පත් වන තෙක් මිදි පෙරන බවට සිහින දුටු අය වනාහි, සැබැවින් ඔහු සිරගෙයින් නිදහස් වන අතර ඔහුගේ එම රැකියාව වෙත ඔහු නැවත යොමු වෙයි. රජුටත් පානය කිරීමට පෙරා දෙයි. නමුත් තම හිසට ඉහළින් රොටියක් ඔසවාගෙන යන විට පක්ෂීන් එයින් අනුභව කිරීම සිහිනෙන් දුටු අය වනාහි සැබැවින්ම ඔහු ඝාතනය කරනු ලැබ කුරුසියේ දමා ඇණ ගසනු ලබයි. ඔහුගේ හිසේ ඇති මාංශ පක්ෂීන් විසින් කා දමති. සිහිනය සඳහා පලාපළ කියන මෙන් නුඹලා දෙදෙනා ඉල්ලා සිටි විෂය අවසන් විය. එය පූර්ණ විය. කිසිදු සැකයකින් තොර ව එය සිදුවන්නෙකි.’ යැයි යූසුෆ් පැවසීය

وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍۢ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَـٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ ﴿٤٢﴾

සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර ජය ලබන බව අනුමාන කළ තැනැත්තාට - ඔහු රජුට මද්යසාර සපයන්නාය- යූසුෆ් මෙසේ කීය, "මාගේ කාරණාව හා මාගේ කතා ව රජු අබියස මෙනෙහි කරනු. ඔහු මා සිරගෙයින් බැහැර කරන්නට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පුළුවන." නමුත් යූසුෆ් ගැන රජු ඉදිරියේ මෙනෙහි කිරීමට මත්පැන් පෙරන්නාට ෂෙයිතාන් අමතක කළේය. ඉන් පසුව ද යූසුෆ් වසර ගණනාවක් සිරගෙහි රුඳී සිටියේය

وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعَ سُنۢبُلَـٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَـٰتٍۢ ۖ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَـٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ ﴿٤٣﴾

أفتونى فى رءيى إن كنتمللرءيا تعبرون රජු, "සැබැවින්ම මම සිහිනෙන් පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු දුටුවෙමි. වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු විසින් උන් කා දමමින් සිටියේය. එමෙන්ම සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද දුටුවෙමි. අහෝ නායකයිනි! ප්රභූවරුනි! සිහින වලට පලාපල කීමේ දැනුමැත්තන් ලෙස නුඹලා සිටින්නෙහු නම් මේ මාගේ සිහිනයේ යථාර්ථය පිළිබඳ තොරතුරු මා හට දන්වනු" යැයි පැවසීය

قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍۢ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَـٰمِ بِعَـٰلِمِينَ ﴿٤٤﴾

ඔවුහු,"ඔබ දුටු සිහින අවුල් වූ සිහින වෙති. එය එලෙසින්ම පිහිටා නැති බැවින් ඒ සඳහා පළාපල කීමට අපට නොහැක. මිශ්ර සිහිනවල යථාර්ථයන් පැවසීමේ දැනුමැත්තන් ලෙස අප නැත." යැයි පැවසූහ

وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ ﴿٤٥﴾

සිරගත ගැටවරයින් දෙදෙනාගෙන් ජය ලැබූ මත් පැන් පෙරන්නාට දිගු කලකට පසුව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් ගැනත් එතුමා හීනවල යථාර්තය පැවසීමේ දැනුම ඇති බවත් මතක් වී මෙසේ පැවසීය. "රජු දුටු හීනය ගැන හීනවලට පලාපල කීමට දැනුමැති අයගෙන් විමසා ඒ ගැන තොරතුරු මම නුඹලාට දන්වා සිටින්නම්. අහෝ රජතුමනි! ඔබේ සිහිනයට කරුණු දැන ගැනීම සඳහා යූසුෆ් වෙත මා එවනු මැනව!" යැයි පැවසීය

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعِ سُنۢبُلَـٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَـٰتٍۢ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ ﴿٤٦﴾

එසේ ජයගත් තැනැත්තා යූසුෆ් වෙත ගොස්, "අහෝ මාගේ මිතුර යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු ද වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු උන් කා දැමීම ද සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද සිහිනෙන් දුටු අයගේ සිහින පලාපල කෙසේ විය හැකි දැයි මා හට දන්වන්න. මම රජු හා ඔහු අසළ සිටින්නන් වෙත හැරීගොස් රජුගේ සිහිනයේ යථාර්ථය ඔවුන් වෙත දැනගන්නට සැලැස්වීමෙන් ඔබේ මහිමය හා ඔබේ නිලය පිළිබඳ ඔවුන් දැනගන්නට හැකි වනු ඇතැ" යි පැවසීය

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًۭا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًۭا مِّمَّا تَأْكُلُونَ ﴿٤٧﴾

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා එම සිහිනයට කරුණු දක්වමින්, "අඛණ්ඩ උත්සහයකින් වසර සතක් පුරාවටම නුඹලා ගොවිතැන් කරනු ඇත. මෙම වසර හත පුරාවටම වසරක් පාසා නෙළා ගන්නා අස්වැනු ආහාරය සඳහා අවශ්යවන ධාන්ය ස්වල්පයක් හැර ධාන්ය ක්ෂය වීමෙන් වැළැක්වීම සඳහා ඒවා එම කරල් සමගම තිබෙන්නට හරින්න." යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ثم يأتى من بعد ذلك سبع شداد يأكلن ما قدمتملهن إلا قليلا مما تحصنون

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌۭ شِدَادٌۭ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًۭا مِّمَّا تُحْصِنُونَ ﴿٤٨﴾

"නුඹලා වගා කල මෙම සෞභාග්යමත් වසර හතෙන් පසු නියඟය සහිත වියළි වසර හතක් පැමිණෙනු ඇත. සාරවත් වසරවල නෙළා ගත් දැයින් එම කාලවල ජනයා අනුභව කරනු ඇත. නමුත් වැපිරීම සඳහා ස්වල්පයක් නුඹලා ආරක්ෂා කර ගත යුතු වේ."

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌۭ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ ﴿٤٩﴾

අනතුරුව නියගයෙන් යුත් වසර කිහිපය අවසන් වූ පසු වර්ෂාව පහළ වන වසර පැමිණෙනු ඇත. එහි වගාවන් හැට ගැනේ. මත් පැන් පෙරීම සඳහා අවශ්ය මිදි, අත්තික්කා හා උක්ගස් වැනි දෑ ජනයා උපයෝගි කර ගනිමින් මත් පැන් පෙරනු ඇත."

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ ۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّـٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌۭ ﴿٥٠﴾

ربى بكيدهن عليم තමන් දුටු සිහිනය පිළිබඳ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා කළ විස්තරය රජුට දැනගන්නට ලැබූ කල්හි ඔහු තම සේවකයින් අමතා, "ඔහු ව සිරගෙයින් එලියට ගනු. ඔහු මා වෙත කැඳවා ගෙන එනු." යැයි පැවසීය. රජුගේ දූතයකු යූසුෆ් වෙත පැමිණි විට, එතුමා, "ඔබ ඔබේ ප්රධානී රජු වෙත ගොස් සිරගෙයින් මා පිටවීමට පෙර මාගේ නිර්දෝෂීභාවය ඔප්පු වන පරිදි තම අත් තුවාල කර ගත් කාන්තාවන්ගේ කතාව කුමක් දැ?යි විමසා සිටිනු. ඔවුන් මට කළ චෝදනාවන් පිළිබඳ සැබැවින්ම මාගේ පරමාධිපති සර්වඥය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක." යැයි කීය

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَـٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍۢ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٔـٰنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿٥١﴾

රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ ﴿٥٢﴾

අසීස්ගේ බිරිය, "ඔහු පොළඹවා ගන්නා ලද්දේ මා විසින් යැයි ද සැබැවින්ම ඔහු සත්යවාදියෙකි. ඔහු නැති තැන කිසිවිටෙක ඔහු ගැන යමක් ගොතා පවසා නැතැයි ද ඔහු දැන ගනු පිණිසය. ඔහුට අත් වූ දෑ මට පැහැදිලිය. සැබැවින්ම අල්ලාහ් බොරු කරන්නන් හා කුමන්ත්රණ කරන්නන්ට ආශිර්වාද නොකරනු ඇත."යැයි පැවසුවාය

۞ وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥٣﴾

අසීස්ගේ බිරිය තවදුරටත් ඇයගේ ප්රකාශයේ, "නපුර අපේක්ෂා කිරීම සම්බන්ධ ව මම මා ගැන පිවිතුරු යැයි නොකියමි. එමගින් මාගේ ආත්මය පිවිතුරු කිරීමට ද අපේක්ෂා නොකරමි. ඊට හේතුව මිනිස් සිත් ඒවා ආශා කරන දෑ හා ඉසිලිය නොහැකි දුෂ්කරතා වෙත අධික ලෙස නැඹුරු වෙති. නමුත් අල්ලාහ් ආශිර්වාද කළ ආත්මාවන් හැර. ඔහු ඒවා නපුරු කටයුතුවලින් ආරක්ෂා කරයි. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටින්නාට සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය." පැවසුවාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى ۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌۭ ﴿٥٤﴾

යූසුෆ්ගේ නිර්දෝෂීභාවය පැහැදිලි වී ඔහු ගැන දැනගත් කල්හි රජු තම සේවකයින් අමතා, "මට අවංක කෙනෙකු ලෙස මා ඔහු පත් කරනු වස් ඔහු මා වෙත රැගෙන එන්නැ"යි පැවසීය. එතුමා සමග කතා කළ කල්හි: එතුමාගේ බුද්ධිය හා දැනුම පිළිබඳ ඔහුට වැටහිණි. පසුව ඔහු එතුමාට, "අහෝ යූසුෆ්! සැබැවින්ම අද අප ඉදිරියේ ඔබට තත්ත්වයක් ඇත. එමෙන්ම විශ්වාස කරනු ලැබූ අයෙකු බවට ද පත් ව ඇත." යැයි පැවසිය

قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌۭ ﴿٥٥﴾

"මිසර දේශයේ ආහාර හා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔබ මා පත් කරන්න. සැබැවින්ම මම විශ්වසනීය ආරක්ෂකයෙකි. එමෙන්ම ඔබ මට පරවන දෑ පිළිබඳ මම මනා දැනුමක් හා දැක්මක් ඇති කෙනෙකි" යැයි යූසුෆ් රජුට පවසා සිටියේය

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿٥٦﴾

සිරගෙයින් නිදහස හා නිර්දෝෂීභාවය අපි යූසුෆ් වෙත පිරිනැමුවාක් මෙන්ම මිසර දේශයේ තමන් අභිමත කරන කවර තැනකට හෝ ගොඩවීමටත් එහි පදිංචි වීමටත් අපි ඔහුට ඉඩකඩ සලසා දුනිමු. අපගේ ගැත්තන් අතරින් අපි අභිමත කරන්නන් හට මෙලොවෙහිම අපගේ ආශිර්වාදයෙන් අපි පිරිනමන්නෙමු. දැහැමියන්ගේ තිළිණ අපි අහිමි නොකරන්නෙමු. ඒවා කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස ඔවුනට පිරිනමන්නෙමු

وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ﴿٥٧﴾

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නන් සඳහා හිමිවන මෙලොව තිළිණවලට වඩා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති තිළිණ උතුම් වන්නේය

وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ ﴿٥٨﴾

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුන් සතු භාණ්ඩ රැගෙන මිසර දේශය වෙත පැමිණ එහි ගොඩ බැස්සෝය. එවිට නියත වශයෙන්ම ඔවුන් තම සහෝදරයින් බව ඔහු දැනගත් නමුත් දිගු කලක් ගත වූ බැවින් හා ඔහුගේ හැඩරුව වෙනස් වී ඇති බැවින් ඔහු තම සහෝදරයා බව ඔවුන් දැන ගත්තේ නැත. එමෙන්ම ඔවුහු ඔහු ළිඳට හෙළන විට කුඩා දරුවකු වූ බැවිණි

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍۢ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ ﴿٥٩﴾

ඔවුන් ඉල්ලා සිටි පරිදි ඔවුනට අවශ්ය ආහාර හා ඊට අමතර දෑ ද ඔහු ඔවුනට පිරිනැමූ කල්හි, තම පියාණන්ගෙන් වූ තවත් සහෝදරයෙක් සිටින බවත් ඔහු ව තම පියාණන් ළඟ තබා පැමිණි බවත් දන්වා සිටීමෙන් පසු ඔහු,"ඔබලාගේ පියාණන් ගෙන් වූ ඔබලාගේ සහෝදරයා ව මා වෙත ගෙන එන්න. මා ඔටුවෙක් බරට අධිකව නුඹලාට වස්තුව ලබා දෙන්නම්. කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස මා මැන දෙනු නුඹලා නොදුටුවෙහු ද? ආගන්තුකයින්ට සත්කාර කරන්නන් අතරින් මා විශිෂ්ඨයෙකු වෙමි." යැයි පවසා සිටියේය. فإن لم تأتونى به فلا كيل لكم عندى ولا تقربون

فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ ﴿٦٠﴾

"නමුත් නුඹලා ඔහු මා වෙත රැගෙන නොආවෙහු නම්, සැබැවින්ම නුඹලාට පියාණන්ගෙන් වූ සහෝදරයෙක් සිටින බවට නුඹලා පවසන වාදයෙහි නුඹලා බොරුකාරයින් බව පැහැදිලි වනු ඇත. එවිට මම නුඹලාට ආහාර කිරා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොදෙමි. ඉන්පසු නුඹලා මාගේ දේශයට ළං නොවනු." قالوا سنرود عنهأباه وإنا لفعلون

قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَـٰعِلُونَ ﴿٦١﴾

ඔහුගේ සහෝදරයෝ ඔහුට පිළිතුරු දෙමින්, "ඔහුගේ පියාණන්ගෙන් අපි ඔහු ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා අපි උත්සාහ දරන්නෙමු. ඔබ අපට කවර නියෝගයක් කර ඇත්තේ ද කිසිදු අඩුවක් නොකර එය එලෙසින්ම සිදු කරන්නෙමු" යැයි පැවසූහ

وَقَالَ لِفِتْيَـٰنِهِ ٱجْعَلُوا۟ بِضَـٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٦٢﴾

යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී

فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ ﴿٦٣﴾

ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත හැරී ගිය කල්හි, ඔවුන්හට යූසුෆ් කළ සංග්රහය පිළිබඳ ඔවුහු තොරතුරු දන්වා සිටියෝය. ඔවුහු, "අපගේ පියාණනි, අප සමග අපගේ සහෝදරයා කැටුව නොගියේ නම් අපට ආහාර කිරා දීම වළක්වනු ලැබේ. එහෙයින් අප සමග ඔහු එවනු. ඔබ ඔහු අප සමග එවන්නේ නම් අපි ආහාර භාණ්ඩ කිරාගෙන එන්නෙමු. නැවත ඔහු ඔබ වෙත සුරක්ෂිත ව ගෙන එන තෙක් අපි ඔහු රැකබලා ගන්නට ඔබට පොරොන්දු වෙමු" යැයි පැවසුහ

قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ ۖ فَٱللَّهُ خَيْرٌ حَـٰفِظًۭا ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ﴿٦٤﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මොහුගේ එක කුස උපන් සහෝදර යූසුෆ් සම්බන්ධයෙන් මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මොහු සම්බන්ධයෙනුත් මා නුඹලා ව විශ්වාස කරන්න ද? ඔහු සම්බන්ධයෙන් මම නුඹලා විශ්වාස කළෙමි. නුඹලා ද ඔහු ආරක්ෂා කරන මෙන් මට පොරොන්දු වූයෙහුය. නමුත් නුඹලා කවර කරුණක් පොරොන්දු වූයෙහු ද එය නුඹලා ඉටු නොකළෙහුය. එබැවින් නුඹලා ආරක්ෂා කරන මෙන් පවසන නුඹලාගේ පොරොන්දුව ගැන මට කිසිදු විශ්වාසයක් නැත. මා විශ්වාස තබනුයේ අල්ලාහ් මත පමණය. තමන් ආරක්ෂා කරන්නට අභිමත කරන අයට රැකවරණය දෙන්නන් අතරින් ඔහු අති ශ්රේෂ්ඨය. එමෙන්ම තම කරුණා ව පිරිනමන්නට ඔහු අභිමත කරන අයට මහා කාරුණිකය."යි පැවසුවේය

وَلَمَّا فَتَحُوا۟ مَتَـٰعَهُمْ وَجَدُوا۟ بِضَـٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا۟ يَـٰٓأَبَانَا مَا نَبْغِى ۖ هَـٰذِهِۦ بِضَـٰعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍۢ ۖ ذَٰلِكَ كَيْلٌۭ يَسِيرٌۭ ﴿٦٥﴾

ඔවුන් රැගෙන ආ ඔවුන්ගේ ආහාර මල්ල විවෘත කළ කල්හි, එහි වටිනා කම ඔවුනට නැවත ලබා දී තිබෙනු දුටුහ. එවිට ඔවුහු තම පියාණන්ට, "මෙම සංගහ්රයෙන් පසු මෙම බලධාරියාගෙන් අපි කුමක් බලාපොරොත්තු වන්න ද? අප වෙත කරන ගෞරවයක් ලෙස එම බලධාරියා අපට අපේ ආහාර වල වටිනාකම නැවත ලබා දී ඇත. අපගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම ආහාරය අපි ගෙන ආවෙමු. ඔබ අපගේ සහෝදයරා පිළිබඳ කවර බියක් ඇති කර ගත්තේ ද එයින් අපගේ සහෝදරයා ව අපි ආරක්ෂා කරන්නෙමු." යනුවෙන් පැසුවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًۭا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ ﴿٦٦﴾

ما نقول وكيل ඔවුන්ගේ පියාණන් ඔවුන්ට, "නුඹලා සියල්ලන්හට වැළැක්වීමට හෝ නැවත හැරී ඒමට හෝ නොහැකි, නුඹලා කිසිවෙකු ඉතිරි නොවන පරිදි යම් විනාශයත් නුඹලාට අත් වූයේ නම් මිස මා වෙත ඔහු නැවත ගෙන එන බවට අල්ලාහ් මත ස්තීර ප්රතිඥාවක් නුඹලා මා හට දෙන තෙක් නුඹලා සමග ඔහු මම නොයවමි." යැයි කීය. ඒ වෙනුවෙන් ස්තීර ප්රතිඥාවක් අල්ලාහ් මත ඔවුහු ඔහුට දුන් කල්හි, ඔහු, "මා පවසන දෑ පිළිබඳ අල්ලාහ් සාක්ෂිකරුය. ඔහුගේ සාක්ෂිය අපට ප්රමාණවත්ය." යැයි පැවසීය

وَقَالَ يَـٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍۢ وَٰحِدٍۢ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍۢ مُّتَفَرِّقَةٍۢ ۖ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ ﴿٦٧﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට උපදෙස් දෙමින්, "නුඹලා මිසර දේශයට එකම දොරටුවකින් එකට නොපිවිසෙනු. වෙන් වෙන් දොරටුවලින් වෙන වෙනම ඇතුළු වනු. එවිට කිසිවකු විසින් නුඹලා සියල්ලන්හට පොදුවේ කිසියම් උවදුරක් ඇති කිරීමට එරෙහිව එම උපාය මාර්ගය වඩා සුරක්ෂිතය. නමුත් නුඹලාට යම් උවදුරක් අල්ලාහ් අපේක්ෂා කළේ නම් එයින් මා නුඹලා වැළැක්වීම සඳහා මෙය නුඹලාට නොපවසමි. අල්ලාහ් අපේක්ෂා නොකළ යහපතක් මා විසින් නුඹලාට ගෙන දිය නොහැක. තීන්දුව නම් අල්ලාහ්ගේ තීන්දුව මිස වෙනත් තීන්දුවක් නැත. නියමය නම් ඔහුගේ නියමය මිස වෙනත් නියමයක් නැත. මාගේ සියලුම කටයුතු වලදී මා සියල්ල පවරනුයේ ඔහු වෙත පමණි. එහෙයින් භාර කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු ඔහු කෙරෙහී පමණක් භාරකරත්වා!" යැයි කීවේය

وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةًۭ فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا ۚ وَإِنَّهُۥ لَذُو عِلْمٍۢ لِّمَا عَلَّمْنَـٰهُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٦٨﴾

පසු ව යූසුෆ්ගේ එක කුස උපන් සහෝදරයා සමග ඔවුහු ගමන් ගත්හ. ඔවුන්ගේ පියාණන් ඔවුනට නියෝග කළ පරිදි විවිධ දොරටුවලින් ඔවුහු ඇතුළු වූ කල්හි, ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ නියමය අනුව ඔවුන් විවිධ දොරටුවලින් ඇතුලු වීමෙන් කිසිවක් ඔවුන් වැළැක්වූයේ නැත. සැබැවින්ම එය තම දරුවන් කෙරෙහි යඃකූබ්ගේ සෙනෙහස හෙළි කරන්නක් විය. ඔහු ඔවුනට අවසාන වශයෙන් උපදෙස් දුන්හ. අල්ලාහ්ගේ තීන්දුව හැර වෙනත් තීන්දුවක් නොමැති බව ඔහු දැන සිටියේය. එමෙන්ම අපි ඔහුට ඉගැන් වූ දේව නියමය පිළිබඳ විශ්වාසය හා හේතු සාධක පිළිබඳ බුද්ධිය යනාදිය පිළිබඳ දැනුමැත්තෙකු විය. නමුත් ජනයා අතර බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති

وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٦٩﴾

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ් වෙත ඇතුලු වූ කල්හි, ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද විය. ඔහුගේ එක කුස උපන් සහෝදරයා වැළඳ ගෙන, "ඇත්තෙන්ම මම එක කුස උපන් ඔබේ සහෝදරයා වෙමි. එහෙයින් ඔබේ සහෝදරයින් අවිධිමත් බුද්ධියකින් අපට එරෙහි ව දැක් වූ ක්රෝධය හා වේදනාවන් නිසාවෙන් හා ඔවුන් මා ළිඳට හෙළීම හේතුවෙන් ඔබ දුක් නොවනු." යැයි ඔහුට රහසින් පවසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَـٰرِقُونَ ﴿٧٠﴾

තම සහෝදරයා ව තමන් සමග රඳවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එක කුස උපන් තම සහෝදරයාගේ මල්ලට රජු විසින් ආහාර කිරන භාජනය ඔවුනට නොදැනෙන සේ දමන මෙන් තම සහෝදරයාගේ ඔටුවා මත භාණ්ඩ පටවන සේවකයින්හට යූසුෆ් නියෝග කළේය. තම නිවෙස් බලා නැවත හැරී ගමන් කරන කල්හි, නිවේදකයෙකු ඔවුන් ගිය මාර්ගයේ ගොස්, "අහෝ ආහාර භාණ්ඩ උසුලමින් ගමන් කරන ඔටු අයිතිකරුවනි! සැබැවින්ම නුඹලා සොරුන් වෙති" යැයි නිවේදනය කළේය. قالوا وأقبلوا عليهم م اذا تفقدون

قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ ﴿٧١﴾

යූසුෆ්ගේ සහෝදරයෝ තමන් ලුහුබැඳ ගෙන පැමිණි නිවේදකයා හා ඔහු සමග සිටියවුන් දෙසට හැරී, "අපි සොරුන් යැයි සැක කරන තරමට නුඹලාගෙන් නැති වී ගිය භාණ්ඩය කුමක්දැ?" යි විමසා සිටියෝය

قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍۢ وَأَنَا۠ بِهِۦ زَعِيمٌۭ ﴿٧٢﴾

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයින් යූසුෆ්ගේ සහෝදරයින් දෙස බලා, "රජු විසින් කිරා දෙන කිරුම් භාජනය අපගෙන් නැති වී ඇත. පරීක්ෂා කිරීමට පෙර රජුගේ එම කිරුම් භාජනය ගෙන එන්නාට ඔටුවකු බරට වස්තුව ඇත. ඒ සඳහා මම වග කියමි" යැයි පැවසීය

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَـٰرِقِينَ ﴿٧٣﴾

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "නුඹලා අපගේ තත්ත්වයන් පිළිබඳ දැක ඇති සේම අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පිරිසිදුකම හා නිදොස් බව සැබැවින්ම අපි දනිමු. අප මිසර දේශයට පැමිණියේ එහි කලහකම් කිරීමට නොවේ. අපගේ ජීවිතයේ අපි සොරුන් නොවූයෙමු." යැයි පැවසූහ

قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَـٰذِبِينَ ﴿٧٤﴾

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය

قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّـٰلِمِينَ ﴿٧٥﴾

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "අප අතර කෙනෙකුගේ මල්ලෙහි සොරකම් කරන ලද භාණ්ඩයක් හමු වූයේ නම්, එම සොරාගේ ප්රතිවිපාකය වනුයේ සොරකම් කළ තැනැත්තා එම භාණ්ඩය වෙනුවෙන් තම බෙල්ල දිය යුතුය. සොරකම් කරන්නන්ට සොරකම් කිරීමේ ප්රතිවිපාකය ලෙස අපි විපාක දෙනුයේ මෙලෙසය," යැයි පැවසුවෝය

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَـٰتٍۢ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌۭ ﴿٧٦﴾

ඔවුන්ගේ මලු පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රජු වෙත රැගෙන ගියෝය. උපාය මාර්ගය සගවමින් තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කිරීමට පෙර ඔහුගේ සෙසු සහෝදරයින්ගේ මලු පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කළේය. ඉන් රජුගේ මිනුම් භාජනය මතු විය. තම සහෝදරයාගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මල්ලට මිනුම් භාජනය තබා සැලසුම් කිරීම තුළින් යූසුෆ්ට අපි සමීප වූවාක් මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් ද අපි ඔහුට සමීප වූයෙමු. එනම් එම සොරා ව වහල්භාවයට ගනිමින් ඔවුන්ගේ නගරයේ දඬුවම අනුව ඔහුගේ සහෝදරයින් හසු කර ගැනීමයි. මෙම කරුණ සොරාට රජුගේ දඬුවම අනුව පහර දීම හා දඩ ගෙවීම ක්රියාත්මක කළ ද අල්ලාහ් තවත් සැලැස්මක් අභිමත කළේ නම් මිස එසේ සිදු නොවනු ඇත. ඔහු එයට බලය ඇත්තාය. යූසුෆ්ගේ නිලය අපි උසස් කළාක් මෙන්ම අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයගේ නිලය උසස් කරන්නෙමු. දැනුමැත්තන්ට වඩා ඉහළින් ඔහු දැනුමැත්තෙකි. සියලු මැවීම්හි දැනුමට වඩා සියලු දේ දන්නා අල්ලාහ්ගේ දැනුම ඉහළින්رපවතී

۞ قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌۭ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّۭ مَّكَانًۭا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ ﴿٧٧﴾

යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය."

قَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًۭا شَيْخًۭا كَبِيرًۭا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ ﴿٧٨﴾

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ්ට, "අහෝ උතුමාණනි! මොහුට වඩාත් ප්රිය කරන වයස්ගත වයෝවෘද්ධ පියකු සිටියි. ඔහු වෙනුවට අප අතරින් කෙනෙකු රඳවා ගන්න. ඔබ අප සමග කටයුතු කිරීමේදී ද ඔබ වෙනත් අය සමග කටයුතු කිරීමේදී ද ඔබ යහපත් ලෙස කටයුතු කරන්නන් අතර කෙනෙකු බව සැබැවින්ම ඔබ ගැන අපි දැන සිටිමු. එහෙයින් මේ සම්බන්ධයෙන් අප වෙත යහපත් ලෙස කටයුතු කරන්නැ" යි පැවසුවෝය

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَـٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًۭا لَّظَـٰلِمُونَ ﴿٧٩﴾

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අපරාධකරුවකුගේ වැරද්දට නිර්දෝෂී පුද්ගලයකුට දඬුවම් දීමෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! එහෙයින් රජුගේ මිනුම් භාජනය කවර මල්ලක තිබුණේ ද ඔහු ව මිස වෙනත් කිසිවකු අපි රඳවා නොගනිමු. සැබැවින්ම එසේ අපි සිදු කළේ නම් අපි නිර්දෝශී කෙනෙකුට දඬුවම් දී වැරදිකරුවකු අතහැර දැමීමෙන් අපරාධකරුවෝ වන්නෙමු යැ" යි පැවසීය. ي

فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّۭا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًۭا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى ۖ وَهُوَ خَيْرُ ٱلْحَـٰكِمِينَ ﴿٨٠﴾

ى ඔවුන්ගේ ඉල්ලීමට යූසුෆ්ගේ පිළිතුරෙන් ගැන සෑහීමට පත්නොවූ කල්හි, සාකච්ඡා කිරීම සඳහා මිනිසුන්ගෙන් වෙන් ව ගියෝය. ඔවුන් අතර සිටි වැඩිමලා, "නුඹලාට වැළැක්විය නොහැකි කරදරයක් නුඹලාට අත්වීමෙන් මිස තම පුතා ඔහු වෙත නුඹලා නැවත ගෙන එන බවට අල්ලාහ්ගෙන් ප්රතිඥාවක් සැබැවින්ම නුඹලාගේ පියා නුඹලා වෙතින් ලබා ඇති බව මම නුඹලාට මතක් කර දෙමි. මීට පෙරද යූසුෆ් විෂයයෙහි නුඹලා කටයුතු කර ඇත. නමුත් නුඹලාගේ පියාට කළ නුඹලාගේ ප්රතිඥා ව ඔහු විෂයෙහි සපුරාලීයේ නැත. මාගේ පියාණන් මට නැවත පැමිණීමට අවසර දෙන තෙක් හෝ මාගේ සහෝදරයාගේ හසුවීම සම්බන්ධයෙන් අල්ලාහ් තීරණයක් දෙන තෙක් මම මිසර දේශය අතහැර එන්නේ නැත. තීරකයන් අතර අල්ලාහ් ශ්රේෂ්ඨ තීරකයාය. ඔහු සාධාරණ ව හා නිවැරදි ව තීන්දු ලබා දෙන්නාය" යැයි කීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَـٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَـٰفِظِينَ ﴿٨١﴾

තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَـٰدِقُونَ ﴿٨٢﴾

"අපගේ සත්යතාව තහවුරු කර ගැනීම සඳහා අපගේ පියාණනි! අප සිටි මිසර දේශයේ වැසියන්ගෙන් විමසනු. අප සමග පැමිණි වෙළඳ තවලමේ පිරිසගෙන් විමසනු. අපි කවර කරුණක් ඔබ වෙත දන්වා සිටියේ ද ඒ ගැන තොරතුරු ඔවුහු දන්වා සිටිනු ඇත. ඔහු සොරකම් කළ බවට අපි ඔබට දන්වා සිටි දෑහි සැබෑ ලෙසින්ම අපි සත්යවාදීහු වෙමු."

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ﴿٨٣﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "ඔහු සොරකම් කළා යැයි පවසන සිද්ධිය නුඹලා මෙනෙහි කළාක් මෙන් නැත. මීට පෙර ඔහුගේ සහෝදර යූසුෆ්ට කවර කුමන්ත්රණයක් නුඹලා සිදු කළෙහු ද එලෙසම මොහුටද නුඹලා කුමන්ත්රණ කරමින් නුඹලා විසින් නුඹලාටම විචිත්රවත් කර ගෙන ඇත. මාගේ දැක්ම අලංකාර ඉවසීමය. ඔහු විෂයයෙහි අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත පැමිණිල නොකරමි. යූසුෆ් සහ ඔහුගේ එක කුස උපන් සහෝදරයා මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩමහල් සහෝදරයා යන සියලු දෙනා නැවතත් අල්ලාහ් මා වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ තත්ත්වය පිළිබඳ මැනවින් දන්නාය. මාගේ කරුණු සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය." යැයි පැවසුවේය

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَـٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌۭ ﴿٨٤﴾

ඔහු ඔවුන්ගෙන් හැරී දුරස් ව ගොස්, "යූසුෆ් මත පවතින මාගේ දුකෙහි දැඩිකම!" යැයි පැවසීය. ඔහු ගැන සිතා දැඩි ලෙස හඬා වැළපුණු හේතුවෙන් ඔහුගේ දෑස්හි කළු පැහැය සුදුමැලි වී තිබිණ. ඔහු දුකින් හා දොම්නසින් පිරී ගියේය. ඔහුගේ ශෝකය ඔහු මිනිසුන්ගෙන් සැඟවිය

قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَـٰلِكِينَ ﴿٨٥﴾

යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය

قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٨٦﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මට අත් වූ දුක හා ශෝකය අල්ලාහ් වෙත පමණක් මිස වෙනත් කිසිවෙකු වෙත පැමිණිලි නොකරමි. අල්ලාහ්ගේ සෙනෙහස, ඔහුගේ උපකාරය, අසරණකමින් පිහිට පතන්නාහට ඔහුගේ ප්රතිචාරය හා ඇතිවන පරීක්ෂණ සඳහා ඔහු ලබා දෙන ප්රතිඵල යනාදී ලෙසින් නුඹලා නොදන්නා දෑ මම දනිමි." යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَـٰفِرُونَ ﴿٨٧﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය

فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَـٰعَةٍۢ مُّزْجَىٰةٍۢ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ ﴿٨٨﴾

ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ. قال هل علمتم ما فعلتم بيوسف وأخيه إذ أنتمجهلون

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَـٰهِلُونَ ﴿٨٩﴾

ඔවුන්ගේ කතාවට ඔහු සවන් දුන් කල්හි ඔවුන් කෙරෙහි කරුණාවක් ඔහුට ඇති විය. තමන් ගැන ඔහු ඔවුනට හඳුන්වා දෙමින් ඔහු ඔවුනට, "යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට නුඹලා සිදු කළ දෑ දෑහි අවසානය ගැන නුඹලා නොදැන සිටියදී ඔවුන් දෙදෙනාට නුඹලා සිදු කළ දෑ ගැන සැබැවින්ම නුඹලා මැනවින් දන්නෙහුය." යැයි පැවසීය

قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَـٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿٩٠﴾

ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَـٰطِـِٔينَ ﴿٩١﴾

ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ﴿٩٢﴾

ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම යූසුෆ් පිළිගෙන, "අද දින නුඹලාට දඬුවම නියමවන පරිදි නුඹලා වෙත කිසිදු දොසක් හෝ හෙළා දැකීමක් හෝ නැත. නුඹලාට සමාව දානය කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ඔහු සුවිශුද්ධය. කරුණාවන්තයින් අතර සිටින මහා කාරුණිකය." යි පැවසීය

ٱذْهَبُوا۟ بِقَمِيصِى هَـٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًۭا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ ﴿٩٣﴾

පසුව තම පියාගේ ඇස් පෙනීම තමන් වෙත හැරී ඇති බව ඔවුහු ඔහුට දන්වා සිටි බැවින් ඔහුගේ කමිසය ඔවුනට පිරිනමා: "නුඹලා මේ මාගේ කමිසය රැගෙන ගොස්, මාගේ පියාගේ මුහුනට දමන්න. ඔහුට නැවතත් ඔහුගේ බැල්ම හිමිවනු ඇත. එමෙන්ම නුඹලාගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා මා වෙත රැගෙන එන්න" යැයි පැවසීය

وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ ﴿٩٤﴾

එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය

قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَـٰلِكَ ٱلْقَدِيمِ ﴿٩٥﴾

ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය

فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًۭا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٩٦﴾

යඃකූබ් සතුටට පත් කරවන ශුභාරංචිය ගෙන ආ පුද්ගලයා පැමිණි කල්හි යූසුෆ්ගේ කමිසය ඔහුගේ මුහුණ මත දැමීය. එවිට ඔහුට පෙනුම ලැබිණ. ඒ අවස්ථාවේ ඔහු තම දරුවන් අමතා, “නුඹලා නොදැන සිටි අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය පිළිබඳ සැබැවින්ම මා දන්නා බව මම නුඹලාට නොපැවසුවෙම්දැ?"යි විමසා සිටියේය

قَالُوا۟ يَـٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَـٰطِـِٔينَ ﴿٩٧﴾

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමාගේ දරුවන් යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට තමන් සිදු කළ දෑට එතුමාගෙන් සමාව අයැද සිටිමින්, "අහෝ අපගේ පියාණනි! අපගේ පෙර පව්වලට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්න. යූසුෆ්ට හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට සිදු කළ දෑහි අපි නපුරු පාපතරයින් වූයෙමු" යැයි පවසා සිටියහ

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿٩٨﴾

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "නුඹලා වෙනුවෙන් මම මාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිමි. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු වෙත නැඹුරු වන අයගේ පව්වලට ඔහු අතිශයින්ම සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."යැයි කීහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ ﴿٩٩﴾

යඃකූබ් තුමාණන් හා ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ දේශයෙන් පිටත් ව මිසර දේශයේ සිටින යූසුෆ්ව අපේක්ෂාවෙන් ගමන් ගත්තෝය. ඔවුහු ඔහු වෙත ප්රවේශ වූ කල්හි ඔහුගේ පියාණන් හා මෑණියන් ඔහු ව වැළඳ ගත්හ. ඔහුගේ සහෝදරයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, "අල්ලාහ්ගේ අභිමතය පරිදි මිසර දේශයට නුඹලා සුරක්ෂිත ව පිවිසෙනු.ق නුඹලාට කිසිදු උවදුරක් ඇති නොවන්නේය." යැයි පැවසීය

وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًۭا ۖ وَقَالَ يَـٰٓأَبَتِ هَـٰذَا تَأْوِيلُ رُءْيَـٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّۭا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَـٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌۭ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ﴿١٠٠﴾

ඔහු වාඩිවන ආසනයේ ඔහුගේ දෙමව්පියන් වාඩි කරවීය. තම දෙමාපියන් හා තම සහෝදරයින් එකොළොස් දෙනා නැමදුමක් ලෙස නොව ගරු කිරීමක් ලෙස හිස නමා ආචාර කළේය. සිහිනයේ දුටු පරිදි අල්ලාහ්ගේ නියමය සනාථ විය. එහෙයින් යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, තම පියාණන්ට, “ඔබ සැම මට හිසනමා ආචාර කිරීමේ සිද්ධිය මම ඔබට පවසා සිටි මා දුටු සිහිනයේ පලාපලයි. මාගේ පරමාධිපති එම සිදුවීම යථාර්ථයක් බවට පත් කළේය. මාගේ පරමාධිපති මා සිරගෙයින් බැහැර කළ අවස්ථාවේත්, මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් පසු නුඹලා ගමින් පැමිණි අවස්ථාවේත්, ඔහු මා වෙත උපකාර කළේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ සැලසුම් කිරීමෙහි ඉතා සූක්ෂමය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන සර්වඥානීය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය" යැයි පැවසීය

۞ رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۖ تَوَفَّنِى مُسْلِمًۭا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ ﴿١٠١﴾

පසුව යූසුෆ් තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණෙනි! මිසර දේශයේ පාලනය සැබැවින්ම ඔබ මට පිරිනමා ඇත. සිහිනවලට පලාපල කීමේ දැනුම ද ඔබ මට උගන්වා ඇත. අහෝ අහස් හා මහපොළොවේ මැවුම් කරුවාණනි! කිසිදු පූර්වාදර්ශයකින් තොරව ඒ දෙකෙහි ඇති දෑ උත්පාදනය කළවුනි! මාගේ ජීවිතයේ ඇති මාගේ සියලුම කටයුතුවල භාරකරු ඔබය. එමෙන්ම මතුලොවෙහි ඒ සියල්ලෙහි භාරකරු ද ඔබ ය. මාගේ ආයු කාලය අවසන් වන විට ඔබට අවනත වන මුස්ලිම්වරයකු ලෙස මාගේ ප්රාණය අත්පත් කර ගනු මැනව. ෆිර්දවුස් නම් උසස් ස්වර්ගයේ සිටින මාගේ මුතුන් මිත්තන් අතර හා මුතුන් මිත්තන් නොවන අය අතර සිටි දැහැමි නබිවරුන් සමග මා ද සේන්දු කරනු මැනව!" යැයි පවසා සිටියේය

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوٓا۟ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ ﴿١٠٢﴾

අහෝ දූතය! අපි ඔබට දන්වා සිටි යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් පිළිබඳ මෙම කතා වස්තුව මීට පෙර ඔබ නොදැන සිටියෙහිය. යූසුෆ්ගේ සහෝදරයින් ඔහුව ළිං පතුළට හෙළන්නට අධිෂ්ඨාන කර ගනිමින් ඔවුන් කූට ලෙස කුමන්ත්රණයක් දියත් කළ අවස්ථාවේ නුඹ ඔවුන් අසළ නොවීය. නමුත් අපි එය නුඹ වෙත දන්වා සිටියෙමු

وَمَآ أَكْثَرُ ٱلنَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ ﴿١٠٣﴾

අහෝ දූතය! ජනයා විශ්වාසීන් බවට පත් කිරීම සඳහා ඔබ කොතරම් වෙහෙසක් දැරුව ද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවෙති. එහෙයින් ඔවුන් ගැන කණගාටු නොවන්න. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ﴿١٠٤﴾

මේ බව ඔවුන් වටහා ගත්තේ නම් ඔවුහු ඔබව විශ්වාස කරනු ඇත. ඊට හේතුව අහෝ දූතය! අල් කුර්ආනය වෙනුවෙන් හා ඒ වෙත ඔබ ඔවුන් ඇරයුම් කිරීම වෙනුවෙන් කිසිදු තිළිණයක් ඔබ ඉල්ලා නොසිටි බැවිණි. අල් කුර්ආනය සමස්ත මිනිස් වර්ගයාටම මෙනෙහි කිරීමක් මිස නැත

وَكَأَيِّن مِّنْ ءَايَةٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ ﴿١٠٥﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක බොහෝමයක් අහස්හි හා මහපොළොවේ ස්ථාපිත ව ඇත. ඔවුහු ඒ ගැන කල්පනාවෙන් තොර ව ඒ මත ගමන් කරති. ඒ ගැන සැලකිලිමත් වීමට ප්රතික්ෂේප කරති. ඒ දෙස හැරී නොබලති

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ ﴿١٠٦﴾

සැබැවින්ම මැවුම්කරු, පෝෂක මෙන්ම ජීවත් කරවන්නා හා මරණයට පත් කරවන්නා අල්ලාහ් බව ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති. නමුත් ඔවුහු එසේ තිබිය දී ඔහු නොවන දෑ ඔහු සමග හවුල් කරමින් ගල් හා පිළිමවලට වන්දනාමාන කරති. සුවිශුද්ධ ඔහුට දරුවකු ඇති බව වාද කරති

أَفَأَمِنُوٓا۟ أَن تَأْتِيَهُمْ غَـٰشِيَةٌۭ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿١٠٧﴾

ඔවුන් වෙළා ගන්නා හා ආවරණය කරන දඬුවමක් මෙලොවෙහි ඔවුනට පැමිණීම ගැන මෙම ආදේශකයින් සුරක්ෂිත ද? එය වැළැක්වීමට ඔවුහු ශක්තිය නොදරති. එසේ නැතිනම් නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එය පැමිණීමෙන් ඔවුහු දැහැමි ලෙස කටයුතු නොකරති. ඒ සඳහා ඔවුහු සූදානම් ද නැත. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති

قُلْ هَـٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓا۟ إِلَى ٱللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى ۖ وَسُبْحَـٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٠٨﴾

අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ ۗ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ٱتَّقَوْا۟ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿١٠٩﴾

අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි

حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓا۟ أَنَّهُمْ قَدْ كُذِبُوا۟ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ ﴿١١٠﴾

අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌۭ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ۗ مَا كَانَ حَدِيثًۭا يُفْتَرَىٰ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿١١١﴾

كل شىء وهدى ورحمةلقوم يؤمنون දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Yusuf — يوسف

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා