මුල් පිටුවතෆ්සීර්Hud (11)

තෆ්සීර් Hud (11) — هود

මක්කී · 123 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

الٓر ۚ كِتَـٰبٌ أُحْكِمَتْ ءَايَـٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ﴿١﴾

(අලිෆ්, ලාම්, රා) සූරාවන්හි පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. අල් කුර්ආනය වනාහි, එය පෙළ ගැස්මෙන් හා අර්ථයෙන් ස්ථාවර කරනු ලැබූ ග්රන්ථයකි. එහි කිසිදු දොසක් හෝ අඩුවක් හෝ නැත. අනතුරුව හලාල් හෙවත් අනුමත දෑ හරාම් හෙවත් තහනම් දෑ, නියමයන්, තහනම් දෑ, ප්රතිඥාවන්, අවවාදයන්, කතා වස්තු හා වෙනත් කරුණු සම්පාදනය කළ මෙන්ම ආගමානුගත කළ මහා ප්රඥාවන්ත, තම ගැත්තන්ගේ සියලු තොරතුරු හා ඔවුනට ගැළපෙන දෑ කුමක්දැ?යි යන්න වග මැනවින් දන්නා අල්ලාහ් වෙතින් පහළ වූවක් බව විස්තර කරනු ලැබ ඇත

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ ﴿٢﴾

අල්ලාහ්ට වෙනත් දෑ ආදේශ කරමින් නැමදීම තහනම් යැයි ද අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපාන්නෙහු නම් ඔහුගේ දඬුවම පිළිබඳ නුඹලාට අනතුරු අඟවන්නෙක්මි. එමෙන්ම නුඹලා ඔහු විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ පිළිපදින්නේ නම් ඔහු පිරිනමන කුසල් පිළිබඳ නුඹලාට ශුභාරංචි දන්වන්නෙක්මි යැයි ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම පාඨවල අන්තර්ගත වී ඇත. م

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَـٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ ﴿٣﴾

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පාපක්ෂමාව ඇයැද, නුඹලා වැරදි සිදුකර ඇත්නම් ඒ ගැන පසුතැවිලි වී ඔහු වෙත යොමු වනු. නුඹලාගේ නියමිත කාලය අවසන් වන තෙක් යහපත් ලෙස මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට ඔහු නුඹලාට සළස්වයි. අවනත වීමේදී හා ක්රියා කිරීමේදී භාග්ය ලත් සියලු දෙනාට ඔහුගේ භාග්යලත් කුසල් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. මාගේ පරමාධිපති වෙතින් කවර කරුණක් විශ්වාස කරන මෙන් මා නුඹලා වෙත ගෙන ආවේ ද එය නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම්, ඉතා බිහිසුණු සිදුවීම් සහිත දිනයේ දඬුවම පිළිබඳ මම නුඹලාට අනතුරු අඟවමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٤﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. ශුවිශුද්ධ ඔහු සියලු දෙනා කෙරෙහි සර්වබලධාරියාය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැකිය. නුඹලාගේ මරණයෙන් හා නුඹලා යළි අවදි කිරීමෙන් පසුව නුඹලාට ජීවය දී නුඹලාගෙන් ප්රශ්න කිරීමට ඔහු අසමත් වන්නේ නැත

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٥﴾

සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබන මොවුන් ඔහු ගැන නොදැනුවත්කමින් ඔවුන්ගේ හදවත් තුළ ඇති සැකයන් ඔහුගෙන් වසං කරන්නට ඔවුන්ගේ හදවත් සඟවන්නට බලන බව දැනගනු. ඔවුන්ගේ වස්ත්රවලින් ඔවුන්ගේ හිස් ආවරණය කරන අවස්ථාවේදීත් ඔවුන් සඟවන දෑ හා ඔවුන් හෙළි කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. සැබැවින්ම හදවත් තුළ සැඟ වී පවතින සියලු දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل

۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَـٰبٍۢ مُّبِينٍۢ ﴿٦﴾

මහ පොළොව මත වෙසෙන කවර මැවීමක් හෝ වේවා අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙසින් එහි පෝෂණය ඔහුගේ භාරයේ මිස නැත. මහ පොළොවෙහි එය වාසය කරන ස්ථානය ඔහු දන්නා සේම එහි මිය යන දෑ මිය යන ස්ථානය ද දනී. වෙසෙන සෑම ජීවියෙකුගේම නවාතැනත්, මිය යන තැනත් පැහැදිලි පුස්තකයේ සඳහන් ව ඇත. එය ලව්හුල් මහ්ෆුල් නම් සටහන් පුවරුවයි

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿٧﴾

අහස් හා මහපොළොව ඒ දෙකෙහි විශාලත්ව ය මැව්වේ ශුද්ධ වූ අල්ලාහ්ය. එමෙන්ම ඒ දෙකෙහි දෑ දින හයකින් ඔහු මැව්වේය. ඒ දෙක මැවීමට පෙර අල්ලාහ්ගේ රාජධානිය පිහිටියේ ජලය මතය. අහෝ ජනයිනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ගේ පිළිගැනීමට ලක් වන දැහැමි ක්රියාවන් සිදු කරන්නේ දැයි ද, නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ කෝපයට ලක් වන නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැ?යි ද ඔහු පරීක්ෂා කරනු පිණිස (මෙසේ කළේ)ය. ඒ සෑම දෙයකටම එයට අදාළ ප්රතිඵල ඔහු පිරිනමනු ඇත. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ මරණයෙන් පසු ව විභාග කරනු පිණිස නුඹලාව යළි අවදි කරනු ලබන්නෙහු යැ" යි අහෝ දූතය! නුඹ ඔවුනට පවසා සිටියේ නම් අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, යළි අවදි කරනු ලැබීම පිටු දැක්කා වූ ජනයා "නුඹ පාරායනය කරන අල් කුර්ආනය පැහැදිලි මායාවක් මිස නැත. එය නිෂ්ඵල බව පැහැදිලි වූ ව්යාජයකි" යැයි පවසති

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٨﴾

كانوا به يستهزءون දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් මෙලොව ජීවිතයේ දී ඔවුනට නියම වූ දඬුවම නියමිත කාලයක් දක්වා අපි ප්රමාද කළේ නම්, එය ඉක්මන් කරන මෙන් පතමින් හාස්යයට ගෙන, "අපගෙන් දඬුවම නවතාලීයේ කුමක්දැ?"යි විමසති. දැනගනු. ඒ සඳහා ඔවුනට නියම වූ දඬුවම අල්ලාහ් වෙත ඇත. එය ඔවුනට පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවා යවන්නට කිසිදු හැරවුම්කරුවෙක් ඔවුන් නොලබනු ඇත. ඔවුනට එය සිදු වන්නේමය. ඔවුන් සරදමට හා හාස්යයට ලක් කරමින් ඔවුන් ඉක්මන් කරන මෙන් පැතූ දඬුවම ඔවුන් ආවරණය කරනු ඇත

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَـٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ ﴿٩﴾

පොහෝසත්කමේ හා සුවයේ ආශිර්වාදය වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනමා පසු ව ඔහුගෙන් එම ආශිර්වාදය ඉවත් කළ විට සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් වී ඔහුට පිරිනැමූ ආශිර්වාදය මහත් සේ ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුගෙන් එය වැළැක් වූ විට ඒ ගැන අමතක කරනු ඇත

وَلَئِنْ أَذَقْنَـٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ ﴿١٠﴾

තමන්ට අත් වූ දිළිඳුකම හා රෝගීභාවයෙන් පසු පෝෂණයේ හා සුවයේ සමෘද්ධිය විඳින්නට අප ඔහුට සැලැස්සුවේ නම්, ඔහු: "නපුර මගෙන් ඉවත් වී ඇත. පීඩා ව පහව ගොස් ඇතැ"යි පවසයි. නමුත් ඒ සඳහා ඔහු අල්ලාහ්ට කෘතවේදී නොවෙයි. සැබැවින්ම ඔහු තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන ප්රමෝධමත් වී, ජනයා අපයෝජනයට ලක් කරමින් මහත් ආඩම්භරයෙන් යුතු ව සතුටින් ඉපිළ යයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ﴿١١﴾

නමුත් පීඩා සහිත දුෂ්කර දෑ, අවනත විය යුතු කරුණු මත හා පාපකම් කිරීමෙන් ඉවත්ව සිටීම මත ඉවසීමෙන් කටයුතු කර දැහැමි ක්රියාවන් සිදු කළවුන් මිස. ඔවුනට ඇත්තේ වෙනස් තත්ත්වයකි. ඔවුන් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත. අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කරන්නේ ද නැත ජනයා අතර උඩඟුවෙන් ගමන් කරන්නේ ද නැත. මෙම ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඇත. එමෙන්ම මතුලොවෙහි අතිමහත් ප්රතිඵල ද ඔවුනට හිමිය

فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ ﴿١٢﴾

ى අහෝ දූතය! ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම යනා දී කරුණු වලට නුඹට මුහුණ දෙන්නට සිදු වූයේ නම්, අල්ලාහ් නුඹට නියෝග කළ මෙන්ම ඔවුනට එය ක්රියා කිරීමට අසීරු වන ඇතැම් කරුණු දන්වා සිටීම අතහැර දමන තරමට නුඹ පත් වන්නට පුළුවන. එමෙන්ම "ඔහුට ප්රයෝජනවත් වන පරිදි නිධානයක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු ව තහවුරු කරනු වස් දේව දූතයකු ඔහු සමග පැමිණිය යුතු නොවේදැ?"යි ඔවුන් නොපවසා සිටිනු පිණිස එසේ එය ඇරයුම් කිරීමට නුඹේ හදවත පීඩනයට පත් වන්නට පුළුවන. ඒ හේතුවෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දේව පණිවිඩ කිසිවක් අතහැර නොදමනු. නුඹ අවවාද කරන්නෙකු මිස නැත. ඇරයුම් කරන මෙන් අල්ලාහ් නුඹට අණ කළ දෑ නුඹ දන්වා සිටිනු. ඔවුන් ගොතන වදන් ඔබට විරුද්ධව පිහිටන්නේ නැත. අල්ලාහ් සියලු දෑ ආරක්ෂා කරන්නාය

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَـٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٣﴾

එසේ නැතහොත්, "අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ පණිවිඩයක් නොව, එය මුහම්මද් ගෙතුවේය" යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසන්නෝද? අහෝ දූතය! ඔවුනට අභියෝගයක් ලෙස මෙසේ විමසනු. "මෙම කුර්ආනය මෙන් ගොතන ලද පරිච්ඡේද දහයක් ගෙන එනු. සැබැවින්ම ගොතන ලද්දක් යැයි නුඹලා සිතන මෙම කුර්ආනය මෙන් සත්යය කිසිවක් එහි නුඹලා පිළිපැදිය නොහැක. සැබැවින්ම අල් කුර්ආනය ගොතන ලද්දක් යැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් නුඹලාට හැකි නම් ඒ සඳහා නුඹලාට සහය පිණිස උදව්කරුවන් ද ඇරයුම් කරනු."

فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿١٤﴾

නුඹලා ඔවුන්ගෙන් ඉල්ලා සිටි දෑ ගෙන ඒමට ඔවුන් ශක්තිය නොදැරුවේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කර ඇත්තේ ඔහුගේ ප්රඥාවෙන් බවත් එය ගොතනු ලැබූවක් නොවන බවත් ස්ථීර ලෙස දැන ගත යුතුය. තවද අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නොමැති බවත් නුඹලා දැන ගත යුතුය. මෙම අවිවාදාත්මක තර්කයෙන් පසු නුඹලා ඔහුට අවනත වන්නන් වන්නෝද?

مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَـٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ ﴿١٥﴾

කවරෙකු තමන් සිදු කරන ක්රියාවෙන් මතුලොව අපේක්ෂා නොකර මෙලොව ජීවිතය හා විනාශ වී යන එහි සුවය අපේක්ෂා කරන්නේ ද ඔවුන්ගේ ක්රියාවන් හි ප්රතිඵල ඔවුනට මෙලොවෙහිම අපි පිරිනමන්නෙමු. සැප සම්පත්හි සමෘද්ධියත්, ආරක්ෂාවත්, ආරෝග්යභාවයත් පිරිනමන්නෙමු. ඔවුන්ගෙන් ක්රියාවෙන් කිසිදු විපාකයක් අපි අඩු නොකරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَـٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٦﴾

මෙම පටු අරමුණු සහිතව වර්ණනා කරනු ලැබූ මොවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න මිස වෙනත් කිසිදු කුසලක් හිමි නොවනු ඇත. ඔවුහු එහි පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන්හි කුසල් ඔවුන්ගෙන් පහ ව යනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. ඊට හේතුව දේව විශ්වාසය ඒවා අභිබවා නොගිය බැවිණි. එමෙන්ම නිවැරදි අරමුණක් නොතිබූ බැවිණි. එමගින් ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය හෝ මතුලොව නිවහන අපේක්ෂා නොකළෝය

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَـٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَـٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿١٧﴾

لا يؤمنون තම උත්තරීතර පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් තමන් සතුව තිබෙන; තම පරමාධිපතිගෙන් වූ සාක්ෂිකරුවෙකු -එනම් ජිබ්රීල් තුමා- තමන් පසුපසින් හඹා එන; මිනිසාට ආදර්ශයක් හා ඔවුනට ආශිර්වාදයක් වශයෙන් මූසා වෙත පහළ කරනු ලැබූ තව්රාතයේ පවා තම දූතත්වය පිළිබඳ සඳහන් වී ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හා එතුමාණන් සමග සිටි දේවත්වය විශ්වාස කරන්නන් වනාහි ඔවුන් මුළාවෙහි වැටී ව්යාකූලත්වයෙන් පසුවන දේවත්වය ප්රතික්ෂේපකයින් සමග සමාන වන්නේ නැත. ඔවුහු අල් කුර්ආනය හා එය පහළ කරනු ලැබූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විශ්වාස කරති. සත්යයෙන් නැඹුරුවූ ජනයා අතරින් කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ප්රතිඥත ස්ථානය නිරය වේ. අහෝ දූතය! එහෙයින් කුර්ආනය පිළිබඳ හා ඔවුන්ගේ ප්රතිඥත ස්ථානය පිළිබඳ නුඹ සැකයෙහි පසු නොවනු. එය කිසිදු සැකයක් නැති සත්යයකි. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක එකිනෙකට ඇමිණී තිබියදීත් ඒ ගැන විශ්වාස නොකරති

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَـٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَـٰدُ هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ ﴿١٨﴾

අල්ලාහ්ට සමානයන් හෝ දරුවන් ඇතැයි ඔහු වෙත ඈඳා ඔහු කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපාරධකරුවෙකු වෙනත් නැත. අල්ලාහ් කෙරෙහි එසේ බොරු ගොතන්නන් වන ඔවුහු ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ඉදිරිපත් කරනු ලැබේ. ඔවුනට එරෙහි ව මලක්වරුන් හා දූතවරුන් සාක්ෂි දරමින් "හවුල්කරුවන් හා දරුවන් අල්ලාහ්ට ඇතැයි ඈඳා ඔහු කෙරෙහි බොරු ගෙතූවන් මොවූහුය." යැයි පවසති. දැනගනු. අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් තමන්ටම අපරාධ කරගත්, ඔහුගේ කරුණාවෙන් නෙරපා හරින ලද්දන් මොවූහුය

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ ﴿١٩﴾

ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ජනයා වළක්වති. ඔහුගේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකරන පරිදි එහි ඍජුභාවයෙන් ඇද සොයති. එමෙන්ම මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ඔවුහු ප්රතික්ෂේප කරති. එය පිටු දකිති

أُو۟لَـٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَـٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ ﴿٢٠﴾

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි, මිහිතලයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන්හට පහළ වූ විට ඉන් පැන යන්නට ශක්තිය නොදැරුවෝය. අල්ලාහ්ගෙන් තොර ව ඔහුගේ දඬුවම වළක්වන උදවු කරුවන් හෝ මිත්ර بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පාක්ෂිකයින් හෝ ඔවුනට නැත. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් ද හැරී සෙස්සන් එයින් හරවා යැවූ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ දඬුවම තවත් වැඩි වනු ඇත. ඔවුන් දැඩි සේ සත්යයට පිටු පෑ හේතුවෙන් සත්යය හා මඟපෙන්වීම එය පිළිගන්නා පරිදි එයට සවන් දෙන්නට ඔවුහු සමත් නොවූහ. එමෙන්ම ඔවුනට සෙත සලසන, විශ්වයේ පවතින අල්ලාහ්ගේ සංඥාවන් දෑසින් දැක වටහා ගන්නට ද සමත් නොවූහ

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢١﴾

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වන මොවුහු අල්ලාහ්ට සමානයන් තබමින් විනාශයේ කරුණු සිදු කිරීම තුළින් ඔවුන්වම විනාශ කර ගත්තෝ වෙති. ඔවුන් මැදිහත්කරුවන් හා හවුල්කරුවන් ලෙස ප්රබන්ධයන් ඇති කරමින් සිටි දෑ ඔවුන්ගෙන් පහව ගොස් ඇත

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ﴿٢٢﴾

දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපයත් මතුලොව වෙනුවට මෙලොවත්, දයාව වෙනුවට දඬුවමත් ඔවුන් පෙරළා පැතූ පරිදි සැබෑ ලෙසින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගනුදෙනු කරනුයේ අලාභවන්තයින් ලෙසය

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٢٣﴾

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ්ට යටහත් පහත් ව භක්තියෙන් යුතුව කටයුතු කළවුන් වනාහි, ඔවුහුමය ස්වර්ග වාසීහු වන්නෝ. ඔවුහු එහි සදා රැඳී සිටිති

۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٢٤﴾

දේව විශ්වාසී ජනයා හා දේව ප්රතික්ෂේප කරන ජනයා යන දෙපිරිසට උපමාව, දැකිය නොහැකි අන්ධයා හා සවන් දිය නොහැකි බිහිරා මෙනි. මෙය, සත්ය පිළිගන්නා පරිදි එයට සවන් නොදෙන, තමන්ට ප්රයෝජනවත් වන පරිදි එය නොදකින ප්රතික්ෂේපිත පිරිසට අයත් උපමාවයි. සවන් දෙන්නා හා බලන්නාගේ උපමාව වනාහි සවන් දීම හා බැලීම යන කරුණු දෙක එක් කර බලන දේව විශ්වාසීන්ට අයත් උපමාවයි. තත්ත්වයෙන් හා ස්වරූපයෙන් මෙම පිරිස් දෙක සමාන වන්නේ ද? එම පිරිස් දෙක සමාන නොවෙති. ඔවුන් සමාන නොවන බව නුඹලා වටහා ගත යුතු නොවේ ද?

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ﴿٢٥﴾

සැබැවින්ම අපි නූහ් ව (අලයිහිස් සලාම්) ඔහුගේ සමූහයා වෙත දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා, "මාගේ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන, නුඹලා වෙත දැනුම් දෙන මෙන් මා වෙත පිරිනමන ලැබූ දේව පණිවිඩ නුඹලාට පැහැදිලි කරන අයෙක්වෙමි" යැයි පැවසීය

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ ﴿٢٦﴾

අල්ලාහ්ට පමණක් ගැතිකම් කිරීම සඳහා මම නුඹලා ඇරයුම් කරමි. එහෙයින් නුඹලා ඔහු හැර වෙනත් කිසිවෙකුට නැමදුම් නොකරනු. වේදනීය දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන සැබැවින්ම මම බිය වෙමි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَـٰذِبِينَ ﴿٢٧﴾

وما نر لكم علينا من فضلبل نظنكم كذبين ى ඔහුගේ සමූහයා අතර සිටි දේවත්වය ප්රතික්ෂේප කළ ප්රභූවරුන් හා ප්රධානීහු ඔහු දෙස බලා, “සැබැවින්ම අපට වඩා අමතර දෙයක් ඔබට නොමැති බැවින් ඔබේ ඇරයුමට අපි කිසිවිටෙක පිළිතුරු නොදෙමු. ඔබ අප මෙන් මිනිසෙකු පමණි. එමෙන්ම අප මෙතෙක් දුටු පරිදි අපට මතු වූ දෑ අනුව, අපට වඩා පහත් අය මිස වෙනත් කිසිවකු නුඹ ව පිළිපදිනු අපි දැක නැත. අපි නුඹව පිළිපදින තරමට නුඹලා බල ගන්වන අමතර ධනය, ශ්රේෂ්ඨත්වය හෝ කීර්තිය නුඹලාට නැත. නුඹලා ඇරයුම් කරන දෑහි නුඹලා බොරුකාරයින් ලෙස අපි නුඹලා ව දකිමු” යැයි පැවසූහ. قال يقوم أرءيتمإن كنت عل بينة من ربى وءاتىنى رحمةمن عنده فعميت عليكم أنلزمكموها وأنتملها

قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَـٰرِهُونَ ﴿٢٨﴾

كرهون නූහ් තුමා ඔවුන් දෙස බලා, "මාගේ ජනයිනි! මාගේ සත්යතාව ගැන සාක්ෂි දරන, මාගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් මත මා සිටිය දී, මා ගැන තහවුරු කිරීම නුඹලා වෙත අනිවාර්යය කර තිබිය දී, ඔහු වෙතින් වූ නබිත්වය හා දූත මෙහෙවර මට ආශිර්වාදයක් වශයෙන් පිරිනමා, ඒ ගැන නුඹලා නොහඳුනන පරිදි නුඹලාට සඟවනු ලැබ ඇත්නම්, ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මා වෙත දන්වා සිටිනු. ඒ ගැන විශ්වාස කිරීම සඳහා නුඹලා ව අපි බල කරන්නෙමු ද? නුඹලාගේ හදවත් තුළ අපි පිළිකුල් භාවය ප්රවේශ කරන්නෙමු ද? ඒ සඳහා අපි ශක්තිය නොදරමු. දේව විශ්වාසය සඳහා ආශිර්වා ද කරනුයේ අල්ලාහ්ය

وَيَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَـٰقُوا۟ رَبِّهِمْ وَلَـٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ﴿٢٩﴾

أرىكم قوما تجهلون මාගේ ජනයිනි, දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා මුදලක් මම නොපතමි. මාගේ තිළිණය අල්ලාහ් මත මිස නැත. නෙරපා හරින මෙන් මගෙන් නුඹලා ඉල්ලා සිටින දේව විශ්වාසී දිළිඳුන්ගේ සභාවෙන් මා දුරස් වන්නෙක් නොවෙමි. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති ව හමුවන්නන් වෙති. ඔවුන්ගේ විශ්වාසය සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමන්නාය. නමුත් දේව විශ්වාසීන් අතර සිටි දුර්වලයින් නුඹලා නෙරපා හරින අවස්ථාවේ, මා නුඹලාව දකිනුයේ මෙම ඇරයුම සැබෑ ලෙසින් වටහා නොගත් පිරිසක් ලෙසිනි

وَيَـٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٣٠﴾

අහෝ ජනයිනි! කිසිදු පාපයක් සිදු නොකළ දේව විශ්වාසී ජනයා අසාධාරණ ලෙසින් මා පළවා හැරියේ නම් අල්ලාහ්ගේ දඬුවමින් මා වළක්වාලනුයේ කවුරුන් ද? ඒ ගැන කල්පනා කොට නුඹලාට වඩාත් ප්රයෝජනවත් හා වඩාත් යහපත් දෑ වෙත පියනැගිය යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿٣١﴾

අහෝ ජනයිනි! නුඹලා විශ්වාස කළෙහු නම් නුඹලා වෙත වියදම් කරනු වස් සම්පත් ඇති අල්ලාහ්ගේ භාණ්ඩාගාරයක් මා වෙත ඇතැයි මම නුඹලාට නොපවසමි. එමෙන්ම ගුප්ත දෑ පිළිබඳ මා දන්නා බවද නොපවසමි. තවද සැබැවින්ම මම සුර දූතයින් අතර අයෙක් බව ද නොපවසමි. මා නුඹලා මෙන් මිනිසෙකි. තවද නුඹලා අවමානයක් යැයි සිතන නුඹලාගේ දෑසින් නුඹලා පහත් අය ලෙස දකින දිළිඳුන් ගැන, ඔවුනට අල්ලාහ් ආශිර්වාදයක් හෝ මඟ පෙන්වීමක් කිසිවිටෙක පිරි නොනමනු ඇතැයි මම නොපවසමි. ඔවුන්ගේ චේතනාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මම එසේ ඇරයුම් කර සිටියේ නම් අල්ලාහ්ගේ දඬුවම නියම වන අපරාධකරුවන් අතරට මා ද පත්වෙමි

قَالُوا۟ يَـٰنُوحُ قَدْ جَـٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٣٢﴾

ඔවුහු මුරණ්ඩුකමින් හා උද්දච්ඡකමින්: “අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග වාද කරන්නෙහිය. අප ගැන විමසා බලන්නෙහිය. අප සමග වාද කිරීමත් අප ව විමර්ශනය කර බැලීමත් අධික වී ඇත. නුඹ ඇරයුම් කරන දෑහි නුඹ සත්යවාදීන් අතර වී නම් අප වෙත ප්රතිඥා කරන දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔවුන් පැවසුවෝය

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿٣٣﴾

"මම නුඹලාට දඬුවම් කරන්නෙක් නොවෙමි. නුඹලාට එය ගෙන දෙනුයේ අල්ලාහ්ය. එය ඔහුගේ අභිමතය පරිදිය. නුඹලාට දඬුවමක් ලබා දීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගේ දඬුවමින් මිදීමේ හැකියාව නුඹලාට නොමැත." යැයි ඔවුන්ට නූහ් පැවසීය

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٣٤﴾

"නුඹලා ඍජු මාර්ගයෙන් නොමඟ යෑමටත් නුඹලාගේ මුරණ්ඩුකම හේතුවෙන් නුඹලාව යහමගින් පහත් කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කළේ නම් මාගේ උපදෙස හෝ මාගේ මෙනෙහි කිරීම හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු නුඹලාගේ පරමාධිපතිය. නුඹලාගේ කටයුතු සියල්ලෙහි හිමිකරුය. ඔහු අභිමත කළේ නම්, නුඹලා නොමග යෑමට ඉඩ හරියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. අනතුරුව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ ﴿٣٥﴾

නූහ්ගේ ජනයා ප්රතික්ෂේප කිරීමට හේතුව සැබැවින්ම ඔහු ගෙන ආ දහම අල්ලාහ් වෙත ගොතා පැවසූවක් බව ඔවුන් විශ්වාස කිරීමය. "අහෝ දූතය! නුඹ ඔවුනට, "මම එය ගෙතුවේ නම් මාගේ පාපයේ දඬුවම මා වෙත පමණක් පැවරෙන්නේය. නුඹලා බොරු කරමින් සිටින කිසිවකගේ පාප බර මම නුඋසුලන්නෙමි’ යැයි පවසනු." وأوحىإلى نوح أنه لن يؤمن من قومك إلا من قد ءامن فلا تبتئس بما كانوايفعلون

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ ﴿٣٦﴾

"අහෝ නූහ්! මීට පෙර විශ්වාස කළවුන් හැර නුඹේ ජනයා අතර කිසිවෙකු විශ්වාස නොකරන්නේමය. එහෙයින් නූහ්! මේ දිගු කාලය තුළ ඔවුන් බොරු කරමින් හා හෑල්ලුවට ලක් කරමින් කළ ක්රියාවන් හේතුවෙන් නුඹ දුක් නොවනු." යැයි අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමා වෙත දේව පණිවිඩ පහළ කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ ﴿٣٧﴾

"අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ නුඹ නැව තනනු. එය කෙසේ සෑදිය යුතු දැයි අපගේ දේව පණිවිඩ මගින් අපි ඔබ දැනුවත් කරමු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට අවකාශය ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා මා සමග කතා නොකරනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටි බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් කිසිදු සැකයකින් තොරව මහා ජල ගැල්මෙන් ඔවුන් ගිලී විනාශ වී යනු ඇත."

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ ﴿٣٨﴾

නූහ් ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දේය. නැව සාදන්නට ඇරඹුවේය. ඔහුගේ ප්රජාව අතර සිටි ප්රධානීන් හා ප්රභූවරුන් ඒ අසළින් ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඔහුට සරදම් කළෝය. එතුමා නැව තනන්නට ක්රියා කළ කල්හි එම භූමියේ ජලය හෝ ගංගාවන් හෝ නොවීය. ඔවුන්ගේ සරදම නැවත නැවතත් ඇති වූ කල්හි ඔහු, "අහෝ ප්රධානියනි! අප නැව තනන දිනයේ අප ගැන නුඹලා සමච්චල් කරන්නේ නම් නුඹලා දියේ ගිලී යන මොහොත උදා වන විට නුඹලාගේ අඥානකම නිසාවෙන් අපි නුඹලා සමච්චලයට ලක් කරන්නෙමු." යැයි පැවසීය. فسوف تعلمون من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ﴿٣٩﴾

තමන් අවමානයට පත් කරන හෑල්ලුවට ලක් කරන මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැනගනු ඇත

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ ﴿٤٠﴾

නැව තනන්නට අල්ලාහ් නියෝග කළ පරිදි නූහ් (අලය්හිස් සලාම්) තුමා නැව සාදා අවසන් කළේය. අවසානයේ නුඹලා විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණියේය. මහා ජල ගැල්මක ආරම්භය සනිටුහන් කරමින් ඔවුන් පිසිමින් සිටි ලිප්වලින් ජලය උතුරා ගලන්නට පටන් ගත්තේය. එවිට අපි නූහ් (අලය්හිස් සලාම්)ට මෙසේ පවසා සිටියෙමු. "මහපොළොවේ වෙසෙන සත්වයින් අතර ගැහැණු පිරිමි ජෝඩුවක් බැගින් නැව තුළට නංවා ගනු. නුඹේ පවුල අතරද ඇතැමුන් විශ්වාස නොකළ බැවින් ගිලිය යුතු යැයි තීන්දු කරනු ලැබූවන් හැර සෙසු පවුලේ උදවිය ද නංවා ගනු. එමෙන්ම නුඹගේ ජනයා අතර නුඹ සමග සිටි විශ්වාස කළවුන් ද නංවා ගනු" යැයි පැවසුවෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔහු ඔවුන් ඇරයුම් කරමින් රැඳී සිටි දිගු කාලය තුළ, ඔහුගේ සමූහයා අතරින් ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් සිටියේ සුළු පිරිසක් පමණය

۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ ﴿٤١﴾

නූහ් තුමාගේ සමූහයා හා පවුල අතරින් දෙවියන් විශ්වාස කළවුනට හෙතෙම මෙසේ පැවසීය. "නුඹලා නැවට ගොඩ වනු. අල්ලාහ්ගේ නාමයෙන් නැව යාත්රා කරනු ඇත. ඔහුගේ නාමයෙන් එය නතර වනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති තම ගැත්තන් අතර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නන් හට අති ක්ෂමාශීලීය. ඔහු ව විශ්වාස කළවුන් එම විනාශයෙන් මුදවා ගැනීම ඔවුන් කෙරෙහි දැක්වූ ඔහුගේ ආශිර්වාදයකි." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَـٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَـٰفِرِينَ ﴿٤٢﴾

කඳු මෙන් වූ විශාල රළ පහර අතරින් එහි සිටින ජනයා හා වෙනත් දෑ රැගෙන නැව යාත්රා කළේය. පිය සෙනෙහස හේතුවෙන් ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන්ට ද නූහ් (අලයිහිස් සලාම්) තුමා ඇමතුවේය. ඔහු තම පියාගෙන් හා තම සමූහයාගෙන් වෙන් ව එක් ස්ථානයක තනිව සිටියේය. "මාගේ පුතණුවනි! ගිලී යාමෙන් මිදීම සඳහා ඔබ අප සමග නැවට ගොඩ වනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹ නොවනු. එවිට ගිලී යාමෙන් ඔවුනට අත් වූ විනාශය ඔබට ද අත්වනු ඇත."

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ ﴿٤٣﴾

නූහ්ගේ පුත් නූහ් දෙස බලා, "මා වෙත ජලය ගලා නොඑන පරිදි මම උස් කන්දක් වෙත ගොස් ආරක්ෂාව ලබමි." යැයි පැවසීය. නූහ් තම පුතණුවන්ට, "අද දින තම අභිමතය පරිදි තම දයාවෙන් කරුණා දක්වන අල්ලාහ් හැර මහා ජල ගැල්මෙහි ගිලී යාමේ ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වාලන කිසිවකු නැත." යැයි පැවසීය. නූහ් හා ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන් අතර මහා ජල රලක් පැමිණ ඔවුන් දෙදෙනා වෙන් කළේය. අවසානයේ ඔහුගේ පුතණුවන් දෙවියන් ප්රතික්ෂේප කළ බැවින් මහා ජලගැල්මෙහි ගිලී විනාශ වූවන් අතරට පත් විය

وَقِيلَ يَـٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَـٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٤٤﴾

ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය

وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَـٰكِمِينَ ﴿٤٥﴾

නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉතා බැගෑපත් ව තම පරමාධිපතියාණන් අමතා, "මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ පුතනුවන් ද ආරක්ෂා කරනු ලබන මෙන් ප්රතිඥා දුන් මාගේම පවුලේ කෙනෙකි. සැබැවින්ම නුඹේ ප්රතිඥාව කිසිදු කඩ කිරීමක් නැති සැබෑ ප්රතිඥාවකි. තීන්දු කරන්නන් අතර නුඹ ඉතා සාධාරණනීයය. එමෙන්ම ඔවුනට වඩා නුඹ මැනවින් දන්නාය." යැයි පැවසීය

قَالَ يَـٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَـٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَـٰهِلِينَ ﴿٤٦﴾

අල්ලාහ් නූහ් අමතා, "අහෝ නූහ්! මුදවා ගන්නැයි නුඹ මගෙන් ඉල්ලා සිටි නුඹගේ පුතණුවන් සැබැවින්ම නුඹේ පවුලෙන් ආරක්ෂා කරන බවට මම නුඹට ප්රතිඥා දුන් අය අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයෙකි. අහෝ නූහ්! නුඹේ මේ ඉල්ලීම නුඹට නොගැළපෙන එකකි. නුඹේ ස්ථානයේ සිටින්නන් හට සුදුසු නොවන්නකි. එහෙයින්, නුඹට කිසිදු දැනුමක් නැති දෙයක් නුඹ මගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින්ම නුඹ අඥානයින් අතරට පත් වීම ගැන මම අවවාද කරමි. මාගේ දැනුමට හා මාගේ ප්රඥාවට විරුද්ධ නොවන දෑ නුඹ මගෙන් ඉල්ලා සිටිනු’ යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَـٰسِرِينَ ﴿٤٧﴾

නූහ් (අලෙයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! මාහට දැනුමක් නොමැති දෙයක් ගැන මම නුඹෙන් විමසා සිටීමෙන් සැබැවින්ම මම රැකවරණය හා ආරක්ෂාව පතමි. මාගේ පාපයට නුඹ මට සමාව නොදුන්නෙහි නම්, නුඹේ කරුණාවෙන් මට කරුණා නොකළෙහි නම් මතුලොව භාග්යයන් අහිමි වූ අලාභවන්තයින් අතරට මා ද පත් වෙමි" යැයි පැවසීය

قِيلَ يَـٰنُوحُ ٱهْبِطْ بِسَلَـٰمٍۢ مِّنَّا وَبَرَكَـٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ﴿٤٨﴾

අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමාට, "අහෝ නූහ්! සුරක්ෂිත ව හා අභයදායී ව නැවෙන් ගොඩ බසිනු. අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයන් බොහෝමයක් නුඹටත් නුඹෙන් පසු පැමිණෙන නුඹ සමග නැවේ සිටි දේව විශ්වාසීන්ගේ පරපුරටත් ඇත. ඔවුන්ගෙන් පැවත එන දෙවියන් ප්රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මෙලොව ජිවිතයේ භුක්ති විදීමට අපි ඔවුනට අවකාශය දෙන්නෙමු. ඔවුන්ගේ ජිවනෝපායන් ඔවුනට අපි පිරිනමමු. පසුව මතුලොවෙහි අපගෙන් වූ වේදනීය දඬුවම ඔවුනට අත් වන්නේය

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَـٰقِبَةَ لِلْمُتَّقِينَ ﴿٤٩﴾

නූහ් තුමාගේ මේ කතා වස්තුව ගුප්ත තොරතුරු අතරින් වූවකි. අහෝ දූතය! අපි නුඹට දන්වා සිටි දේව පණිවිඩයට පෙර නුඹ මෙය දැන සිටියේ නැත. එමෙන්ම නුඹේ සමූහයා ද මෙය දැන සිටියේ නැත. එබැවින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද නුඹේ සමාජයෙන් ඇති වන හිංසාවන් මත හා ඔවුන්ගේ බොරු කිරීම මත ඉවසීමෙන් කටයුතු කරනු

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ ﴿٥٠﴾

සැබැවින්ම අපි ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අලයිහිස් සලාම්) දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා: "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහු සමග කිසිවෙකු හවුල් නොකරනු. නැමදුමට සුදුසු සුවිශුද්ධ වූ ඔහු හැර වෙනත් කිසිවෙකු නුඹලාට නැත. සැබැවින්ම ඔහුට හවුල්කරුවෙක් ඇතැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් මිස නැත

يَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٥١﴾

"අහෝ මාගේ ජනයිනි! මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දන්වන දෑ සඳහාත් ඔහු වෙත නුඹලාව මා ඇරයුම් කිරීම සඳහාත් කිසිදු තෑග්ගක් මම නුඹලාගෙන් නොපතමි. මාගේ තෑග්ග මා මැවූ අල්ලාහ්ගෙන් මිස නැත. ඒ ගැන නුඹලා වටහා ගෙන මා කවර කරුණක් වෙත නුඹලා ඇරයුම් කරන්නේ ද ඒ සඳහා නුඹලා පිළිතුරු දිය යුතු නොවේද?"

وَيَـٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ ﴿٥٢﴾

"මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. පසුව නුඹලාගේ ෂිර්ක් නම් ආදේශ තැබීමේ මහා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමා අයැද සිටිනු. අධික ලෙස වර්ෂාව පහළ කිරීමෙන් ඔහු නුඹලාට කුසල් පිරිනමයි. අධික ලෙස ධන සම්පත හා දරු සම්පත තුළින් නුඹලාගේ ගෞරවයට ඉහළින් ගෞරවයක් වර්ධනය කරයි. මා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද එය ප්රතික්ෂේප නොකරනු. එවිට මාගේ ඇරයුමට නුඹලා පිටුපෑමෙන්, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා මා කවර කරුණක් ගෙන ආවේද එය බොරු කිරීමෙන් නුඹලා වැරදිකරුවන් අතරට පත්වනු ඇත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالُوا۟ يَـٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ﴿٥٣﴾

ඔහුගේ සමූහයා ඔහුට, "අහෝ හූද්! නුඹ ව අප විශ්වාස කරන තරමට නුඹ පැහැදිලි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. කිසිදු සාක්ෂියකින් තොර ව නුඹ කරන හිස් වදන් හේතුවෙන් අපි අපගේ දෙවිවරුන් නැමදීම අතහරින්නේ ද නැත. සැබැවින්ම ඔබ දේව දූතයෙකු බව කරන වාදය විශ්වාස කරන්නන් ලෙස ද අප නැත" යැයි පැවසූහ

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿٥٤﴾

"අපගේ දෙවිවරුන් අප නැමද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය: ‘සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු."

مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ ﴿٥٥﴾

"අපගේ දෙවිවරුන් අප නමැද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය, "සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٥٦﴾

සැබැවින්ම මම අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරමි. මාගේ කටයුත්තෙහි ඔහු මත පමණක් රැඳෙමි. ඔහු මාගේ මෙන්ම නුඹලාගේද පරමාධිපතිය. මහපොළොවේ ගමන් කරන කිසිදු ජීවියෙක් ඔහුගේ පාලනය හා ආධිපත්යය යටතේ ඔහුට යටහත්ව කටයුතු කරනු මිස නැත. ඔහු අභිමත කරන පරිදි ඒවා වෙනස් කරනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති සත්ය හා සාධාරණය මත වෙයි. නුඹලා මා වෙත ආධිපත්ය දරන්නට ඔහු කිසි විටෙක ඉඩ සළසන්නේ නැත. හේතුව සැබැවින්ම මම සත්ය මත වන බැවින් හා නුඹලා අසත්ය මත වන බැවිණි

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ﴿٥٧﴾

شىء حفيظ "මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَـٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ﴿٥٨﴾

ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියෝගය පැමිණි කල්හි හූද් හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණාවෙන් අපි මුදවා ගත්තෙමු. එම කරුණාව ඔවුනට අත් විය. එමෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ ඔහුගේ ජනයාට අපි දඬුවම් කළ අති බිහිසුණු දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු

وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ ﴿٥٩﴾

මෙම ආද් සමූහයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දූත හූද්ට එරෙහි ව කටයුතු කළෝය. සත්ය පිළිගැනීමට උඬගු වී එය නොපිළිගත් මෙන්ම එයට යටත් නොවූ අපාරධකරුගේ සෑම නියෝගයක්ම පිළිපැද්දෝය

وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ ﴿٦٠﴾

මෙලොව ජීවිතයෙහි ඔවුනට අවමානය හා අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමක් අත් විය. එලෙසම ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලබති. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙනි. දැනගනු. අල්ලාහ් ඔවුන්ව සෑම යහපතකින්ම දුරස් කරවා සෑම නපුරක්ම ඔවුනට සමීප කරවනු ඇත

۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ ﴿٦١﴾

සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය. و

قَالُوا۟ يَـٰصَـٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَـٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ ﴿٦٢﴾

مريب ඔහුගේ ජනයා ඔහුට, "අහෝ සාලිහ්! ඔබ මේ ඇරයුම කිරීමට පෙර අප අතර උසස් නිලයක් ඇති පුද්ගලයෙකු විය. උපදේශන හා සාකච්ඡා කරන බුද්ධිමත් අයකු ලෙස අපි සිතා සිටියෙමු. අහෝ සාලිහ්! අපගේ මුතුන්මිත්තන් කවර දෙයකට නමදිමින් සිටියේ ද ඒවායින් ඔබ අප වළක්වන්නෙහිද? අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔබ අපට කරන ඇරයුම සම්බන්ධයෙන් අපි සැකයෙහි පසුවෙමු. අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීම සම්බන්ධයෙන් අපි ඔබට චෝදනා කිරීමට සිදු ව ඇත

قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ ﴿٦٣﴾

تزيدوننى غير تخسير සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ජනයාට පිළිතුරු දෙමින්: ‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මා හිඳ ඔහුගෙන් වූ නබිත්වයේ ආශිර්වාදය ඔහු මට පිරිනමා තිබිය දී, නුඹලා වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි මට අණ කර ඇත්තේ ද එය දැන්වීම අතහැර දමා ඔහුට පිටුපෑවේ නම් ඔහුගේ දඬුවමින් මා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වළක්වනුයේ කවුරුන්දැ?යි යන වග මට දන්වා සිටිනු. නුඹලා මට නොමග හා ඔහුගේ තෘප්තියේ දුරස්භාවය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත

وَيَـٰقَوْمِ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ ﴿٦٤﴾

අහෝ ජනයිනි, නුඹලා වෙනුවෙන් වූ මෙම ඔටු දෙන මාගේ සත්යභාවය තහවුරු කරන සංකේතයකි. අල්ලාහ්ගේ භූමියේ උළා කන්නට ඌට ඉඩ හරිනු. කිසිදු හානියක් සිදු කරමින් ඌට බාධා නොකරනු. නුඹලා එය බිඳ දැමුවේ නම් ඉතා කෙටි කාලයක් තුළ දඬුවමක් නුඹලාට අත් වනු ඇත

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَـٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ ﴿٦٥﴾

ඔවුහු බොරු කරමින් උගේ ගෙල නහර කපා හැරියෝය. එවිට සාලිහ් ඔවුනට, "නුඹලා ඌ ඝාතනය කිරීමේ දින සිට දින තුනක කාලයක් නුඹලාගේ භූමියේ නුඹලා ජීවිතය භුක්ති විඳිනු. පසු ව නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවමක් පැමිණෙනු ඇත. ඉන් පසුව ඔහුගේ දඬුවම පැමිණීම බොරු කළ නොහැකි කිසිදු සැකයක් නැති සිදු වන ප්රතිඥාවක් බවට පත් වන්නේය. එය සත්යයේ ප්රතිඥාවයි." යැයි පැවසීය

فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَـٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ﴿٦٦﴾

ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියමය පැමිණි කල්හි, අපගෙන් වූ දයාවෙන් සාලිහ් හා ඔහු සමග වූ දේව විශ්වාස කළ ජනයා මුදවා ගත්තෙමු. එදින අවමානයෙන් හා පහත්භාවයෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි කිසිවෙකු විසින් ඔහු පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. එහෙයින් බොරුකාර සමූහයන් ඔහු විනාශ කර දැමීය

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ ﴿٦٧﴾

විනාශකාරී දැඩි හඬක් සමූද් ජනයා ග්රහණය කළේය. එහි බිහිසුණුකම හේතුවෙන් ඔවුහු මිය ගියෝය. මුණින් අත වැටෙන්නන් බවට පත් වූහ. ඔවුන්ගේ මුහුණු පසින් ඇලී ගියේය

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ ﴿٦٨﴾

ඔවුන්ගේ භූමිය තුළ, ආශිර්වාදාත්මක හා සාරවත් ජීවිතයක් ඔවුන් වාසය නොකළාක් මෙන් විය. දැනගනු සමූද් ජනයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් දුරස්වෙමින්ම සිටියහ

وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَـٰمًۭا ۖ قَالَ سَلَـٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ ﴿٦٩﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ ﴿٧٠﴾

ඔවුන්ගේ අත් වසු පැටවා දෙසට යොමු නොවී ඔවුන් එයින් අනුභව නොකර එය පිළිකුල් කරනු ඉබ්රාහීම් තුමා දුටු කල්හි එතුමාගේ සිත තුළ රහසින්ම බියක් පහළ විය. මලක්වරුන් තමන් ගැන එතුමා බිය වූ බව දුටු කල්හි, ඔවුහු, "නුඹ අප ගැන බිය නොවනු. ලූත් ජනයාට දඬුවම් කරනු වස් ඔවුන් වෙත අල්ලාහ් අප එවා ඇත්තේ යැ"යි පැවසූහ

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَـٰهَا بِإِسْحَـٰقَ وَمِن وَرَآءِ إِسْحَـٰقَ يَعْقُوبَ ﴿٧١﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ බිරිය සාරා එහි සිටගෙන සිටියාය. සතුටු දන්වන ආරංචියක් අපි ඇයට දන්වා සිටියෙමු. එනම් ඇය ඉස්හාක් නම් දරුවා බිහි කරන බවත් ඉස්හාක්ට පසුව යඃකූබ් නම් දරුවා ඉපදෙන බවත්ය. එවිට ඇය සිනහ වී ඇයට ඇසුණු පුවත ගැන සතුටු වූවාය

قَالَتْ يَـٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَـٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌ عَجِيبٌۭ ﴿٧٢﴾

සාරා තුමියට මලක්වරුන් මෙම පුදුම සහගත ශුභාරංචිය දන්වා සිටි කල්හි ඇය, "මා දරුවන් පිළිබඳ බලාපොරොත්තු සුන් වූ මැහැල්ලියක තත්ත්වයේ සිටිය දී මාගේ සැමියා ද වයෝවෘද්ධභාවයේ සිටිය දී මට කෙසේ නම් දරුවකු ලැබිය හැක්කේ ද? මෙම තත්ත්වයේ දරුවකු පිහිටීම ආශ්චර්යමත් කරුණකි. එය අසාමාන්ය සිදුවීමකි" යැයි පැවසුවාය

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَـٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ ﴿٧٣﴾

ශුභාරංචිය ගැන සාරා තුමිය පුදුමයට පත් වූ කල්හි මලක්වරුන් ඇයට මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය ගැන ඔබ පුදුමයට පත්වන්නී ද? ඔබේ මේ සිද්ධිය සැබැවින්ම මෙවන් දෙයක් කිරීමට අල්ලාහ්ට බලය ඇති බව සැඟවී යන්නේ නැත. ඉබ්රාහීම්ගේ නිවැසියනි ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සමෘද්ධිය අත්වේවා! සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයේ හා ඔහුගේ ක්රියාවෙහි ප්රශංසාලාබීය. කීර්තිමත් මෙන්ම උත්තරීතරය

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَـٰدِلُنَا فِى قَوْمِ لُوطٍ ﴿٧٤﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය. إن إ برهيم لحليمأوه م نيب

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ ﴿٧٥﴾

සැබැවින්ම ඉබ්රාහීම් ඉතා දයාලුය. දඬුවම ප්රමාද කිරීම ප්රිය කළේය. තම පරමාධිපති වෙත වඩාත් පහත් ව කටයුතු කළේය. අධික ලෙස ප්රාර්ථනාවන්හි නිරත වූ අතරම ඔහු වෙත පශ්චාත්තාප වී සමාව අයැද සිටියේය

يَـٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَـٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ ﴿٧٦﴾

මලක්වරුන් මෙසේ පැවසූහ. "අහෝ ඉබ්රාහීම්! ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් වූ තර්කය ඔබ අතහැර දමනු. ඔවුනට අල්ලාහ් නියම කළ දඬුවම සිදුවීම ගැන නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. ලූත්ගේ ජනයා වෙත අතිමහත් දඬුවමක් පැමිණීම නියතය. කිසිදු තර්කයකින් හෝ ප්රාර්ථනාවකින් එය වැළැක්විය නොහැක. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَـٰذَا يَوْمٌ عَصِيبٌۭ ﴿٧٧﴾

මලක්වරුන් පිරිමි හැඩරුවෙන් ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ පැමිණීම ඔහුට නපුරක් විය. ස්ත්රීන් හැර දමා තම කාමාශාවන් පිරිමින් සමග සංසිදුවා ගත් තම සමූහයා ඔවුන් සමග කටයුතු කරන ආකාරය ගැන බිය ඔහුගේ හදවත පීඩනයට පත් කළේය. ලූත් තුමා, "සැබැවින්ම තම සමූහයා තම ආගන්තුකයින් සම්බන්ධයෙන් අබිබවා කටයුතු කරනු ඇතැයි සිතූ බැවින් මෙය ඉතා බිහිසුණු දිනයක්" යැයි පැවසීය

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَـٰقَوْمِ هَـٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ ﴿٧٨﴾

ලූත්ගේ ජනයා තම ආගන්තුකයින් සමග අශීලාචාර ලෙස හැසිරෙන්නට සිතා යුහුසුළුව ලූත් වෙත පැමිණියෝය. මීට පෙර ද තම කාමුක ආශාවන් කාන්තාවන්ගෙන් නොව පිරිමින්ගෙන් සංසිදුවා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ලූත් තුමා තම ආගන්තුකියින් ඉදිරියේ තම ජනයා වළක්වාලමින් හා තමන් වෙනුවෙන් සමාව ඉල්ලමින්, "මේ නුඹලාගේ කාන්තාවන් අතර සිටින මගේ දූවරුන් විවාහ කර ගනු. මෙම අශීලාචාර ක්රියාවට වඩා ඔවුන් නුඹලාට පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ් ගැන බියවනු. මාගේ ආගන්තුකයන් අතර නුඹලා මා ලැජ්ජාවට පත් නොකරනු. අහෝ ජනයිනි! මේ පිලිකුල් සහගත ක්රියාවෙන් නුඹලා වළක්වන ඍජු බුද්ධිමත් මිනිසෙකු නුඹලා අතර නොමැත්තේද?" යැයි පැවසීය. قالوالقد علمت ما لنا فى بناتك من حق وإنك لتعلمما نريد

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ ﴿٧٩﴾

ඔහුගේ ජනයා ඔහුට, "අහෝ ලූත්! නුඹේ දූවරුන් හා නුඹේ සමූහයා අතර සිටින කාන්තාවන් අතර කිසිදු කාමුක අවශ්යතාවක් අපට නොමැති බව නුඹ දන්නෙහිය. එමෙන්ම අපි අපේක්ෂා කරනුයේ කුමක්දැ?යිද සැබැවින්ම නුඹ දන්නෙහිය. එහෙයින් අපි පිරිමින් මිස වෙනත් කිසිවෙක් අපේක්ෂා නොකරමු." යැයි පැවසූහ

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ ﴿٨٠﴾

"නුඹලා මෙයින් වළක්වාලන්නට මට ශක්තිය තිබුණා නම් එසේ නැතහොත් වළක්වන පරම්පරාවක් සිටියා නම් නුඹලා අතර හා මාගේ ආගන්තුකයින් අතර මැදිහත් වී කටයුතු කරමි." යැයි ලූත් තුමා පැවසීය

قَالُوا۟ يَـٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ ﴿٨١﴾

දේව දූතයෝ ලූත් (අලයිහිස් සලාම්) වෙත, "අහෝ ලූත්! සැබැවින්ම අපි අල්ලාහ් විසින් එවූ දූතයෝ වෙමු. නුඹේ ජනයා නුඹ වෙත කිසිදු නපුරක් ගෙන දෙන්නේ නැත. එහෙයින් රාත්රියේ අඳුර පවතින නියමිත හෝරාවෙහි පිට ව යනු. නුඹලා අතර කිසිවෙකු තම පසුපස හැරී නොබැලිය යුතුයි. නමුත් නුඹේ බිරිය හැර. ඇය හැරෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඇයද නුඹේ සමූහයා අත් විදින දඬුවම හිමි විය යුතු කාන්තාවක් වන බැවිණි. ඔවුන් විනාශ කිරීමේ ප්රතිඥත වේලාව අලුයම් කාලයයි. එය සමීපයෙන් පවතින ප්රතිඥාවකි

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ ﴿٨٢﴾

ලූත්ගේ ජනයා විනාශ කිරීමේ අපගේ නියමය පැමිණි කල්හි ඔවුන්ගේ ගම්මානයේ උඩු කොටස ඔසවා ඔවුන් සමගම පෙරළා එහි පහළ කොටස බවට පත් කළෙමු. එකිනෙකට ඉහළින් ඇමුණුනු පසින් වෙළුණු ගල් වර්ෂාවක් අපි අඛණ්ඩ ව පහළ කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٍۢ ﴿٨٣﴾

මෙම ගල් අල්ලාහ් අබියස විශේෂ සළකුණකින් සළකුණු තබන ලද දෑය. කුරෙයිෂ්වරුන් අතර සිටින අපරාධකරුවන්හට මෙම ගල් වර්ෂාව වඩාත් දුරකින් නොමැත. එය ඉතා සමීපයෙන් පවතී. ඔවුන් මත එය පහළ කිරීමට අල්ලාහ් නියම කළේ නම් එය පහළ වනු ඇත

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ ﴿٨٤﴾

ى මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය

وَيَـٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٨٥﴾

"අහෝ ජනයිනි! නුඹලා කිරන්නේ නම් හෝ මනින්නේ නම් හෝ සාධාරණ අයුරින් කිරුම හා මිනුම සම්පූර්ණ කරනු. වංචාවෙන් හෝ කූට ලෙස හෝ අලාභහානි සිදු කිරීමෙන් නුඹලා ජනයා සතු දෑ කිසිවක් අඩු නොකරනු. ඝාතනය කිරීම හා සෙසු පාපකම් සිදු කිරීමෙන් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු නොකරනු."

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ﴿٨٦﴾

"මිනිසුන්ගේ අයිතිය සාධාරනණීය ලෙස ඉටු කළ පසු ව අනුමත දැයින් නුඹලාට ඉතිරි වන අල්ලාහ්ගේ ශේෂය වංචාවෙන් හා මහපොළොවේ ප්රචණ්ඩකාරී ව ක්රියා කරමින් ලබන අමතර දෑට වඩා අධික ප්රයෝජනවත් හා සමෘද්ධිමත් වන්නේය. නුඹලා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නන් නම් එම ශේෂය පිළිගනු. නුඹලාගේ ක්රියාවන් සටහන් කරන, ඒ ගැන විභාග කරන අධීක්ෂකයෙකු ලෙස මා නැත. සැබැවින්ම එය අධීක්ෂණය කරන්නා රහස් හා රහස් සාකච්ඡා පිළිබඳ දන්නාය

قَالُوا۟ يَـٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَـٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ ﴿٨٧﴾

ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නුඹේ සලාතය අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි පිළිම වන්දනාව අතහැර දමන ලෙස නුඹට අණ කරන්නේ ද එමෙන්ම අප අභිමත කරන පරිදි අපගේ ධනයේ ව්යාපාරික ගනුදෙනු කිරීම හා අප කැමති පරිදි එය වර්ධනය කිරීම අතහැර දමන ලෙස අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසන සුළු ඍජු මාර්ගයේ සිටින්නෙකි. මෙම ඇරයුමට පෙර නුඹ ගැන අප දන්නා පරිදි නුඹ ප්රඥාවන්ත බුද්ධිමත් අයෙකි. දැන් නුඹට සිදු ව ඇත්තේ කුමක් ද?" දැයි විමසුවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَـٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ﴿٨٨﴾

ෂුඅයිබ් තම ජනයාට, "මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිය දී, ඔහු මට නබිත්වය ඇතුළු ව අනුමත සම්පතින් පෝෂණය කර තිබියදී, කිසිවකින් මා නුඹලා වැළැක්වීමට හා එම ක්රියාවෙහි නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මා ප්රිය නොකළේ නම් නුඹලාගේ තත්ත්වය ගැන මට පවසන්න. මාගේ හැකියාවේ තරමට නුඹලාගේ පරමාධිපතිගේ ඒකීයත්වය හා ඔහුට අවනත වීම සඳහා මා නුඹලාට කරන ඇරයුම තුළින් බලාපොරොත්තු වන්නේ නුඹලා ව විධිමත් කිරීම පමණය. එය ළඟා කරවීම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස මා වෙත කිසිදු භාග්යයක් නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත පමණක් විශ්වාසය තබමි. මා නැවත හැරී යන්නේ ඔහු වෙතය." යනුවෙන් පැවසුවේය

وَيَـٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَـٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ ﴿٨٩﴾

منكم ببعيد "මාගේ ජනයිනි! මා කවර කරුණක් ගෙන ආවේද ඒ ගැන නුඹලා බොරුකිරීම නිසාවෙන් මා සමග පවතින සතුරුකම නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ කාලයෙන් හා ස්ථානයෙන් නුඹලාට නුදුරින් වූ ලූත්ගේ ජනයාට අත් වූ දඬුවම් මෙන් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන වූ බිය නුඹලා හසු නොකළ යුතුයි. ඔවුනට අත් වූ ඉරණම නුඹලා මැනවින් දන්නෙහුය. එහෙයින් අවධානයෙන් යුතු ව කටයුතු කරනු."

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ ﴿٩٠﴾

"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව නුඹලාගේ පාපකම් සඳහා පසතැවිලි වී ඔහු වෙත යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති පාපක්ෂමාවේ නිරත වන්නන් ගැන ඉවසන සුළුය. ඔවුන් අතර පසුතැවිලි වී ඔහු වෙත යොමුවන්නන් හට ඔහු මහත් සේ සෙනෙහෙවන්තය."

قَالُوا۟ يَـٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَـٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ ﴿٩١﴾

ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒවා බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. නුඹේ දෑස් දුර්වල හා අන්ධ වී ඇති බැවින් අප අතර නුඹ දුර්වලයෙකු ලෙසම අපි දකින්නෙමු. නුඹේ පවුලේ අය අපගේ පිළිවෙත මත නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. නුඹ ව මරා දැමීම සම්බන්ධයෙන් අපට එරෙහි ව බියවීමට තරම් බලය ඇත්තෙකු නැත. අපි නුඹ ව අතහැර ඇත්තේ නුඹේ පවුලේ අය වෙත ඇති ගෞරවය හේතුවෙනි" යැයි පැවසූහ

قَالَ يَـٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ ﴿٩٢﴾

ෂුඅයිබ් තම ජනයාට, "අහෝ මාගේ ජනයිනි! මාගේ පවුලේ ඥාතීන් නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට වඩා නුඹලා ඉදිරියේ අති ගෞරවනීය හා සම්භාවනීය වන්නේ ද? නුඹලා වෙත ඔහු එවූ නබිවරයා ව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ නුඹලා අල්ලාහ්ව නුඹලාගේ පිටුපසට ඉවතලා දැමූහ. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. නුඹලාගේ ක්රියාවන් ඔහුහට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ප්රතිඵල වශයෙන් මෙලොවෙහිම නුඹලා වෙත විනාශය ගෙන දෙනු ඇත. එමෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැ"යි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَـٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ ﴿٩٣﴾

معكم رقيب "මාගේ ජනයිනි! නුඹලා පිළිගත් නුඹලාගේ මාර්ගයේ නුඹලා හැකි පමණින් කටයුතු කරනු. මා පිළිගත් මාගේ මාර්ගයේ මා හැකි පමණින් කටයුතු කරමි. අප අතරින් කවරෙකු වෙත අවමන් සහගත දඬුවම හා නින්දනීය වේදනාව පැමිණෙන්නේ දැයි ද, පවතින වාදයේ අප අතරින් කවරෙකු බොරුකාරයා යැයි ද නුඹලා මතු දැනගනු ඇත. අල්ලාහ් කවර කරුණක් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ද එය බලපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටිමි

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ ﴿٩٤﴾

جثمين ෂුඅයිබ්ගේ ජනයා විනාශ කරන මෙන් වූ අපගේ නියෝගය පැමිණි කල්හි, අපි අපගේ කරුණා දයාවෙන් ෂුඅයිබ් හා ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් මුදවා ගත්තෙමු. ඔහුගේ ජනයා අතරින් අපරාධ කළවුනට විනාශකාරී බිහිසුණු හඬක් හට ගෙන ඔවුන් මරණයට පත් වූහ. ඔවුහු ඔවුන්ගේ මුහුණු පසට ඇලී මුණින් අතට වැටුණු අය මෙන් පත් වූහ

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ ﴿٩٥﴾

ඔවුහු එහි පදිංචි නොවූවාක් මෙන් වූහ. දැනගනු. සමූද් ජනයා වෙත අල්ලාහ්ගේ උදහස පහළ වීමෙන් ඔවුන් ඔහුගේ කරුණා දයාවෙන් නෙරපා හරිනු ලැබුවාක් මෙන්ම මද්යන් වාසීන්හට විනාශය අත්වීමෙන් ඔවුන් ද ඉන් නෙරපා හරින ලදී. ولقد أرسلنا موس بٔايتنا وسلطن مبين

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٩٦﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන අපගේ සාධක සහ මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිළි සාධක සමග සැබැවින්ම අපි මූසා ව එව්වෙමු

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ ﴿٩٧﴾

ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ ﴿٩٨﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෆිර්අවුන්, ඔහු හා ඔහුගේ සමූහයා අපා ගින්නට පිවිසෙන තෙක්ම ඔහු පෙරමුණ ගනු ඇත. ඔහු ඔවුන් කැටුවාගෙන යන ස්ථානය නපුරුය

وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ ﴿٩٩﴾

ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ ﴿١٠٠﴾

මෙම පරිච්ඡේදයේ සඳහන් කරනු ලැබූ ගම්වාසීන්ගේ තොරතුරු අපි මෙසේ දන්වා සිටින්නෙමු. මෙම ගම්මාන අතර ශේෂ ව ඇති නටඹුන් ඇත. එමෙන්ම කිසිදු සළකුණක් ඉතිරි නොවන තරමට සියලු දෑ මුළුමණින්ම විනාශ කළ ගම්මාන ද ඇත

وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ ﴿١٠١﴾

අපි ඔවුන් විනාශ කිරීම තුළින් ඔවුනට අසාධාරණයක් නොකළෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් අපරාධ කර ගත්තේ ඔවුනටමය. අහෝ දූතය! ඔවුන් විනාශ කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි විට ඔවුනට පහළ වූ දඬුවමින් ඔවුන් වළක්වාලන්නට අල්ලාහ් හැර ඔවුන් නැමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් සමත් වූයේ නැත. මෙය ඔවුන්ගේ දෙවිවරුන්ට අලාභහානිය මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَـٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ ﴿١٠٢﴾

සෑම කාලයකම හා ස්ථානයකම බොරු කරමින් සිටි ගම්මාන අල්ලාහ් මුලිනුපුටා දමමින් ග්රහණය කළේ එලෙසමය. අපරාධකාරී ගම්මාන අල්ලාහ් ග්රහණය කිරීම ඉතා බලවත් මෙන්ම වේදනීය ග්රහණයක් වන්නේය

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْـَٔاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ ﴿١٠٣﴾

මෙම අපාරධකාරී ගම්මාන අල්ලාහ් බිහිසුණු ලෙස ග්රහණය කිරීමෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමට බිය වන්නන්හට පාඩමක් හා උපදෙසක් ඇත. එය මිනිසුන් සියලු දෙනාම විනිශ්චය සඳහා අල්ලාහ් එක්රැස් කරන දිනයයි. එසේ එක්රැස් කරනු ලබන ජනයා සාක්ෂි දරන දිනයයි. وما نؤخره إلا لأجل معدود

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ ﴿١٠٤﴾

සාක්ෂි දරනු ලබන එම දිනය නියමිතى කාලයක් දක්වා මිස අපි ප්රමාද නොකරමු

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ ﴿١٠٥﴾

එදින උදාවන දිනයේ අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු ආත්මයක් කිසිදු මැදිහත් වීමක් හෝ සාක්ෂි දැරීමක් වශයෙන් කතා නොකරනු ඇත. එහි දී මිනිසුන් වර්ග දෙකකට බෙදී සිටිති. අභාග්ය වන්තයින් අපා ගින්නට පිවිසෙති. භාග්ය වන්තයින් ස්වර්ග උයනට පිවිසෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ ﴿١٠٦﴾

අභාග්ය වන්තයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් අපාය ගින්නට පිවිසෙති. එහි ගින්නෙන් පීඩා විඳීමේ බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගේ හඬවල් හා ඔවුන්ගේ ආත්මාවන් උස් හඬින් මොර දෙනු ඇත

خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿١٠٧﴾

එහි ඔවුන් සදා රැඳී සිටිති. දේව ඒකීයත්වය පිළිගත් අය අතර පසුවන අපරාධකරුවන් අතරින් ඉන් බැහැර කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර සෙසු අය අහස් හා මහපොළොව පවතින තාක් කල් එයින් බැහැර නොවෙති. "අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති, ඔහු පතන දෑ සිදු කරන්නාය. ඔහු ව වළක්වන කිසිවෙකු නැත."

۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ ﴿١٠٨﴾

مجذوذ තමන්ගේ විශ්වාසය හා දැහැමි ක්රියාවන් හේතුවෙන් අල්ලාහ්ගෙන් වූ සතුට තමන් ඉක්මවා ගිය භාග්යවන්තයින් වනාහි අහස් හා මහපොළොව පවතින තාක් කල් එහි සදා රැඳෙන්නන් වෙති. නමුත් දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පාපී ජනයා අතරින් ස්වර්ගයට පිවිසීමට පෙර නිරයට ඇතුළත් කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර. සැබැවින්ම ස්වර්ග වාසීන් සඳහා වූ අල්ලාහ් විසින් පිරිනමන ප්රමෝදය ඔවුන්ගෙන් විසන්ධි වී යන්නක් නොවේ

فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَـٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ ﴿١٠٩﴾

منقوص අහෝ දූතය! මෙම දේව ආදේශකයින් නමදින දෑහි ප්රචණ්ඩත්වය ගැන නුඹ සැකයෙහි පසු නොවනු. එය නිවැරදි යැයි සහතික කරන බුද්ධිමය හෝ ආගමික කිසිදු සාධකයක් ඔවුනට නැත. අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම සඳහා ඔවුන් දරා සිටිනුයේ ඔවුන්ගේ මුතුන් අනුගමනය කිරීමය. සැබැවින්ම කිසිදු අඩුවකින් තොරව ඔවුන් අයත් විය යුතු දඬුවම ඔවුනට භුක්ති විඳින්නට සළස්වමු

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ﴿١١٠﴾

مريب සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ජනයා එහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන්ගෙන් පිරිසක් එය විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. දඬුවම ඉක්මන් නොකරන බවටත් එය යම් කිසි ප්රඥාවක් මත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ප්රමාද කරන බවටත් අල්ලාහ්ගේ නියමය ඉක්මන් නොවී නම් ඔවුනට උරුම වූ දඬුවම මෙලොවෙහිම ඔවුනට පහළ වනු ඇත. සැබැවින්ම යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අල් කුර්ආනයෙහි සැකයක්ل ඇති බවට සැකයෙහි පසුවෙති

وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَـٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ ﴿١١١﴾

මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿١١٢﴾

අහෝ දූතය! අල්ලාහ් නුඹට අණ කළ පරිදි ඍජු මාර්ගය අඛණ්ඩ ව පිළිපදිනු. ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකෙනු. නුඹ සමග පව් සමාවේ නිරත ව අල්ලාහ් වෙත යොමු වූ දේව විශ්වාසීන් ද ඍජු මාර්ගයේ කටයුතු කරත්වා. පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ ඔහු නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ﴿١١٣﴾

ප්රචණ්ඩකාරී ව හැසිරෙන අපරාධකාර ප්රතික්ෂේපකයින්ට ආදරයෙන් හා යටහත් වෙමින් නැඹුරු නොවනු. එසේ නැඹුරු වීම හේතුවෙන් නුඹලාට නිරය අත්වනු ඇත. එයින් නුඹලාව මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් හිතමිතුරෙකු නුඹලාට නැත. නුඹලාට උදව් කරන කිසිවෙකු නුඹලා නොදකිනු ඇත

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ ﴿١١٤﴾

අහෝ දූතය! දහවල් කාලයේ ආරම්භය හා එහි අවාසනය යන දෙකෙළවරෙහි පවතින සලාත් නැමදුම් විධිමත් අයුරින් ඉටු කරනු. එමෙන්ම රාත්රියේ හෝරාවන්හි ද සලාතය ඉටු කරනු. සැබැවින්ම දැහැමි ක්රියාවන් සුළු පාපයන් මකා දමනු ඇත. මෙනෙහි කරනු ලැබූ මෙය උපදෙස් ලබන්නන්ට උපදෙසක් මෙන්ම පාඩම් ලබන්නන්ට පාඩමකි

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿١١٥﴾

ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ ﴿١١٦﴾

නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් අතර දෙවියන් ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සමග මහපොළොවේ ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත වීමෙන් ඔවුන් වළක්වාලන නිවැරදි මෙන්ම ගෞරවණීය ජනයා නොවී ද? නමුත් ඔවුන් අතර ඉතිරි ව සිටියේ ප්රචණ්ඩත්වයෙන් වළක්වාලන සුළු පිරිසක් පමණි. ඔවුන්ගේ අපරාධකාරී සමූහයා අපි විනාශ කළ අවස්ථාවේ අපි ඔවුන් මුදවා ගත්තෙමු. අපරාධකරුවන් තම සමූහයා අතරින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නන් අනුගමනය කළෝය. එසේ ඔවුන් අනුගමනය කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ ﴿١١٧﴾

අහෝ දූතය! ගම්මාන අතරින් එම භූමියේ ප්රතිසංවිධානය කරන්නන් සිටින විට එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට සුදුසු නොවීය. ඔහු එසේ විනාශ කර සිටිනුයේ දේව ප්රතික්ෂේපය අපරාධ හා පාපකම් සිදු කරමින් කලහකාරී ව කටයුතු කරන්නන් එහි සිටින විටය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ ﴿١١٨﴾

අහෝ දූතය! සත්ය මත පදනම් ව මිනිසුන් එකම සමූහයක් බට පත් කරන්නට නුඹේ පරමාධිපති අභිමත කළේ නම්, එසේ ඔහු සිදු කරන්නට තිබිණ. නමුත් ඔහු එය අභිමත කළේ නැත. ආශාවන්ට වහල් වී අපරාධ සිදු කිරීම හේතුවෙන් ඔවුහු එහි දිගටම මතභේදයෙන් පසු වෙති

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿١١٩﴾

නමුත් යහමග වෙතට ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් කරුණා කළ අය හැර. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ මතභේද ඇති කර නොගනිති. ශුද්ධ වූ අල්ලාහ් ඔවුන් මෙසේ මතභේදයෙන් මවා තිබීම පරීක්ෂාවකි. එහෙයින් ඔවුන් අතර භාග්යවන්තයින් මෙන්ම අභාග්යවන්තයින් ද සිටිති. "අහෝ දූතය! ජින්නුන් හා මිනිසුන් අතර සිටින ෂෙයිතානුන් අනුගමනය කරන්නන්ගෙන් නිරය පිරවීමේ අපහාසාත්මක තීන්දුවේ ප්රකාශය පූර්ණ විය."ل

وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَـٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿١٢٠﴾

අහෝ දූතය! නුඹට පෙර විසූ දූතවරුන් ගැන නුඹට කියා පෑ සෑම තොරතුරක්ම එසේ කියා පෑවේ නුඹේ හදවත සත්යය මත ස්ථාවර කිරීමට හා එය බලාත්මක කිරීමටය. කිසිදු සැකයෙන් තොර සත්යය මෙම සූරාවේ නුඹ වෙත පැමිණ ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වූ උපදෙසක් මෙන්ම දේව විශ්වාසීන්හට මෙනෙහි කිරීම තුළින් ප්රයෝජන ලබන සේ මතක් කිරීමක් ද නුඹ වෙත මෙහි පැමිණ ඇත

وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَـٰمِلُونَ ﴿١٢١﴾

අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස නොකරන, ඔහුගේ ඒකීයත්වය පිළි නොගන්නා අයට නුඹ මෙසේ පවසනු. "සත්යයට පිටු පා එය වළක්වාලමින් නුඹලාගේ මාර්ගයේ නුඹලා කටයුතු කරනු. සැබැවින්ම අපි ඒ මත ස්ථාවරව සිට ඒ වෙත ඇරයුම් කරමින් හා ඉවසා දරා ගනිමින් අපි අපේ මාර්ගයේ කටයුතු කරන්නෙමු."

وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ﴿١٢٢﴾

අපට පහළ වන දෑ ගැන නුඹලා අධීක්ෂණයෙන් සිටිනු. නුඹලාට පහළ වන දෑ ගැන අපි අධීක්ෂණය කරන්නන් වෙමු

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿١٢٣﴾

අහස්හි ගුප්ත දෑ හා මහපොළොවෙහි ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. එහෙයින්, අහෝ දූතය! නුඹ ඔහුට පමණක් නැමදුම් කරනු. නුඹේ සියලු කටයුතු වලදී ඔහු මත පමණක් විශ්වාසය තබනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අනවධානියෙකු නොවේ. ඒ ගැන ඔහු මැනවින් දන්නාය. සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Hud — هود

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා