الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ ﴿١﴾
(අලිෆ්, ලාම්, රා) සූරාවක ආරම්භයේ පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති
මුල් පිටුව›තෆ්සීර්›Yunus (10)
මක්කී · 109 වාක්‍ය
الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ ﴿١﴾
(අලිෆ්, ලාම්, රා) සූරාවක ආරම්භයේ පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍۢ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَـٰفِرُونَ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌۭ مُّبِينٌ ﴿٢﴾
අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන මෙන් අණ කරමින් මිනිස් වර්ගයා අතරින්ම වූ මිනිසෙකු වෙත දිව්යමය පණිවිඩ අපි පහළ කර තිබීම ඔවුන් මවිතයට පත් වන කරුණක් වීද? අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස කළවුනට ඔවුන් සතුටු වන පරිදි ඔවුන් කල් ඇතිව සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල වශයෙන් උසස් නිලයක් ඔවුන්ගේ පරමාධිපති අසළ ඇති බව දන්වා සිටිනු. දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙම පාඨය ගෙන ආ මෙම පුද්ගලයා පැහැදිලි ව හූනියම් කරුවෙකි යැයි පවසා සිටියෝය
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٣﴾
අහෝ එසේ පුදුමයට පත් වන්නනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දින හයකින් අති විශාලව පවතින අහස් හා පුළුල් ව විහිදී පවතින මහපොළොව මවා පසුව අර්ෂ් හෙවත් දේව රාජධානිය ඉහළට නැග ස්ථාපිත විය. නුඹලාගේම වර්ගයාගෙන් වූ මිනිසෙකු වෙත එය පහළ කිරීම ගැන නුඹලා පුදුමයට පත් වනුයේ කෙසේද? ඔහුගේ විශාල අධිරාජ්යය තුළ සියල්ල සැලසුම් කර තීන්දු කරනුයේ ඔහු තනිවමය. මැදිහත් වන්නෙකුට ඔහු අවසර දීමෙන් හා ඔහු ව පිළිගැනීමෙන් පසුව මිස කිසිදු කටයුත්තක දී ඔහු ඉදිරියේ මැදිහත් වන්නට කිසිවෙකු නැත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහු නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එහෙයින් ඔහුට පමණක් අවංක ලෙස නුඹලා ගැතිකම් කරනු. මේ සියලු සාධක හා සාක්ෂි තුළින් නුඹලා ඔහුගේ ඒකීයත්වය ගැන උපදෙස් ලැබිය යුතු නොවේ ද? කවරෙකු අවම වශයෙන් හෝ උපදෙස් ලබන්නේද ඔහු එය දැන ඔහු ගැන විශ්වාසය තබනු ඇත
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ﴿٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. එය නුඹලාගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම සඳහාය. මේ ගැන අල්ලාහ් සැබෑ ලෙසින්ම ජනයාට ප්රතිඥා දී ඇත. ඔහු එය කඩ නොකරයි. සැබැවින්ම ඔහු ඒ සඳහා බලය ඇත්තාය. පෙර නිදසුනකින් තොරව සියලු මැවීම් ආරම්භයේම හට ගැන්වූයේ ඔහුය. පසුව මිය ගිය පසු ඔහු ඔහු ව යළි කැඳවා ගනු ඇත. එය දෙවියන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අයට සාධාරණ ව ප්රතිඵල පිරිනමනු පිණිසය. ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් ඔහු අඩු කරන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ නපුරු ක්රියාවන් අතර කිසිවක් වැඩි කරන්නේ ද නැත. අල්ලාහ් හා ඔවුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට උපරිමයෙන් රත් කරනු ලැබූ ලෝ දිය පානය ඇත. ඔවුන්ගේ බඩවැල් එමගින් කැපී යයි. එමෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءًۭ وَٱلْقَمَرَ نُورًۭا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿٥﴾
ආලෝකය නිපදවා එය විහිදුවාලන පරිදි ඔහු හිරු මවා ඇත්තේය. එමෙන්ම එමගින් ආලෝකය හට ගන්නා පරිදි සඳු ඇති කළේය. එහි ගමන් මාර්ගය අදියර විසි අටක් ඔහු සැලසුම් කළේය. එසේ සිදු කර ඇත්තේ සෑම දහවලක් හා රැයක් ගත වන කාල ප්රමාණයේ අදියරය නම් වේ. අහෝ ජනයිනි! දින ගණනය සඳහා සූර්යා ද මාස හා වර්ෂ ගණනය සඳහා සදු ද පිහිටුවා ඇති බව නුඹලා දැන ගනු පිණිසය. අහස්වල හා මහපොළොවේ ඇති කිසිවක් යුක්ති ධර්මතාවයකින් තොර ව අල්ලාහ් මවා නැත. එය ඔහුගේ බලය හා මහිමය මිනිසුනට නිරූපණය කරනු පිණිසය. මෙම පැහැදිළි සාක්ෂි හා අව්යාජ සාධක ඔහුගේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා වූ සාක්ෂි වශයෙන් ගන්නා ඒ ගැන හඳුනන ජනයාට අල්ලාහ් පැහැදිළි කරන්නේය
إِنَّ فِى ٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَّقُونَ ﴿٦﴾
ගැත්තන් හට රාත්රිය හා දහවල එකිනෙකට පරව ගමන් කිරීම, ඒවාට අදාළ ව අන්ධකාරය හා ආලෝකය පිහිටා තීබීම, ඒ දෙකින් එකක කාලය විටෙක කෙටියෙන් ද විටෙක දීර්ඝ ව ද පිහිටීම, අහස් හා මහපොළොවෙහි පවතින සෙසු මැවීම් යනාදී සියල්ල අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන ජනයාට අල්ලාහ්ගේ ශක්තිය විදහා පාන සාක්ෂි හා සළකුණු වන්නේය
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَـٰتِنَا غَـٰفِلُونَ ﴿٧﴾
අල්ලාහ්ගේ හමු ව සිදුවන්නක් බව අපේක්ෂා නොකරන, ඒ ගැන බිය නොවන, ඒ සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන, සදා ශේෂව පවතින මතුලොව ජීවිතය වෙනුවට, විනාශ වී යන තාවකාලික මෙලොව ජීවිතය ගැන පමණක් තෘප්තිමත් වන, එහි ඇති සතුට වෙත තම ආත්මය සැනසුමට පත් කරවා ගන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද අල්ලාහ්ගේ වදන් හා සාධක හාස්ය ලෙස පිටු දකින්නන් ද වනාහි
أُو۟لَـٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿٨﴾
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන් යොමුවන ස්ථානය නිරා ගින්නය. එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරමින් හා එය බොරු කරමින් උපයා ගත් දෑ හේතුවෙනි
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَـٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَـٰرُ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٩﴾
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් තුළ පවතින දේව විශ්වාසය හේතුවෙන්, තම තෘප්තිය වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් සඳහා වූ මඟපෙන්වීම අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා සදා ස්වර්ග උයන් තුළට ප්රවේශ කරනු ඇත
دَعْوَىٰهُمْ فِيهَا سُبْحَـٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌۭ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٠﴾
ස්වර්ගයේ ඔවුන්ගේ පැතුම අල්ලාහ් ව ශුද්ධත්වයට පත් කිරීම හා පිවිතුරු කිරීමය. ඔවුන් සඳහා වූ අල්ලාහ්ගේ ආචාරය මලක්වරුන්ගේ ආචාරය හා ඇතැමෙකු විසින් ඇතැමෙකුට දක්වන ආචාරය සලාම් නොහොත් ශාන්තියේ ආචාරයයි. ඔවුන්ගේ අවසන් පැතුම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් පැසසුමට ලක් කිරීමය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ ﴿١١﴾
يعمهون ජනයා ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි අයැද සිටින යහපත් කටයුතු සඳහා ඔවුනට පිළිතුරු සපයනු ලබනවාක් මෙන් ඔවුන් කෝප වූ අවස්ථාවක තමන්ටත් තම දරුවන්ටත් තම වස්තුවටත් එරෙහි ව නපුරක් සඳහා ඔවුන් කරන ප්රාර්ථනාවට පිළිතුර අල්ලාහ් ඉක්මන් කරන්නේ නම් ඔවුන් විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් ඔවුනට කල් දී ඇත. ඔහු ව හමුවීම බලාපොරොත්තු නොවූවන් අත හැර දමා ඇත. හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවන කුසල් බලාපොරොත්තු නොවන පිරිසක් වන බැවිණි. විනිශ්චය දිනය ගැන අවිනිශ්චිතව සිටින, ඒ ගැන සැක කරන, එහි ව්යාකූලභාවයට පත්වන්නන් ලෙස ඔහු ඔවුන් අතහැර දමනු ඇත
وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًۭا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّۢ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٢﴾
මිනිසාට තමන් විනාශ කර දමන ව්යාධියක් හෝ නපුරු තත්ත්වයක් ඇති වූ විට, තමන්ට අත් වූ එම නපුර ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තම ඇළ පැත්තට ඇළ වී හෝ වාඩි වී හෝ සිටිගෙන හෝ ඉතා යටහත් පහත් ව අපගෙන් ප්රාර්ථනා කරනු ඇත. ඔහුගේ ප්රාර්ථනාවට අප පිළිතුරු දී ඔහුට අත් වූ නපුර ඉවත් කළ කල්හි තමන්ට අත් වූ නපුර ඉවත් කරන මෙන් ප්රාර්ථනා නොකළාක් මෙන් කටයුතු කරනු ඇත. මුළාවෙහි පසුවන මෙසේ අඛණ්ඩ ව නිරතවන්නාට එහි නිරතවීම අලංකාරවත් කළාක් මෙන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සීමාවන් ඉක්මවා ගියවුන්ට ඔවුන් සිදු කරමින් ආ දේව ප්රතික්ෂේපය පාපය ඔවුනට අලංකාරවත් කර පෙන්වනු ලැබේ. එවිට ඔවුන් එය අත් නොහරිති
وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ ﴿١٣﴾
අහෝ ආදේශ තබන්නනි! නුඹලාට පෙර විසූ ජන සමූහයා අල්ලාහ්ගේ දූතවරුන් බොරු කළ හෙයින් ද ඔවුන් පාපකම් සිදු කළ හෙයින් ද අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් වෙත අප එවූ ඔවුන්ගේ දූතවරුන් ඔවුන් කවර කරුණක් තම පරමාධිපති වෙතින් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සත්යභාවය පෙන්වා දෙන පැහැදිළි සාධක ඔවුන් වෙත ගෙන ආවෝය.නමුත් දෙවියන් විශ්වාස කිරීමට ඔවුන් සූදානම් නොවූ බැවින් විශ්වාස කිරීම ඔවුනට ස්ථීර නොවීය. එහෙයින් අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළේය. ඒ සඳහා ඔවුනට ආශිර්වාද නොකළේය. මෙම අපරාධකාරී සමූහයාට අපි ප්රතිඵල පිරුනැමුවාක් මෙන් සෑම කාලයකම සෑම ස්ථානයකම ඔවුන් මෙන් හැසිරෙන්නන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු
ثُمَّ جَعَلْنَـٰكُمْ خَلَـٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ ﴿١٤﴾
අහෝ ජනයිනි! නුඹලා ක්රියා කරනුයේ කෙසේ දැයි අප නිරීක්ෂණය කිරීම සඳහා අප විනාශ කර දැමූ එම බොරුකාර සමූහයින්ට පසු නියෝජිතභාවය අපි නුඹලාට නියම කළෙමු. නුඹලා යහපතක් සිදු කර ඒ සඳහා කුසල් ලබා ගැනීම හෝ නුඹලා අයහපතක් සිදු කර ඒ සඳහා දඬුවම් ලැබීම හෝ නුඹලා සතු කාර්යයක් වන්නේය
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَـٰتٍۢ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَـٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿١٥﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය නිරූපණය කරන පැහැදිලි අල් කුර්ආනීය පාඨ ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට, කුසල් බලාපොරොත්තු නොවන, දඬුවමට බිය නොවන, නැවත නැගිටුවීම පිළිකුල් කරන්නන්, “අහෝ මුහම්මද්! අපගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ආශාවන්ට අනුකූල ව පැවැති ඇතැම් දෑ හෝ මුළුමණින්ම හෝ වෙනස් කරන, පිළිමවලට හෝ ඒ හැර වෙනත් දෑට වැඳුම් පිඳුම් කිරීම ගැන දොස් නගන කරුණු ඇතුළත් මෙම කුර්ආනය හැර වෙනත් කුර්ආනයක් අප වෙත ගෙන එන්න.” යැයි පවසති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. “එය වෙනස් කිරීමට මා සුදුස්සෙකු නො වෙමි. එමෙන්ම ඒ හැර වෙනත් දෙයක් ගෙන එන්නට ද මා හැකියාව නො දරමි. එහි ඇති දෑ තම කැමැත්තට අනුව වෙනස් කරන්නා ඒකීය අල්ලාහ්ය. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් දෙයක් මම අනුගමනය නො කරමි. නුඹලා පතන දෑ සඳහා මම නුඹලාට පිළිතුරු දීමෙන් මම අල්ලාහ්ට පිටුපෑවේ නම් මහත් වූ දිනයේ දඬුවමට ලක්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙනු නැගිටුවනු ලබන දිනයයි
قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًۭا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿١٦﴾
"අහෝ දූතය! නුඹලා වෙත මා අල් කුර්ආනය නොකියවීමට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා වෙත මම අල් කුර්ආනය කියවා නොපෙන්වමි. නුඹලාට එය මා දැනුම් නොදෙමි. මාගේ දිවෙන් අල් කුර්ආනය මා නුඹලාට ඉගැන්වීම අල්ලාහ් අභිමත කළේය. මා නුඹලා අතර වසර හතළිහක පමණ දිගු කාලයක් රැඳී සිටියෙමි. නමුත් කිසිවක් මා නුඹලාට කියවා නොපෙන්වූ යෙමි. නොලිව්වෙමි. මෙම කරුණ සම්බන්ධයෙන් මා ඉල්ලා නොසිටියෙමි. ඒ ගැන මම නොසෙව්වෙමි. මම කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය අල්ලාහ් වෙතින් බවත් ඒ සම්බන්ධයෙන් මට කිසිදු කරුණක් නොමැති බවත් නුඹලා බුද්ධිමය වශයෙන් වටහා නොගන්නෙහු දැ?යි පවසනු
فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَـٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ ﴿١٧﴾
අල්ලාහ්ට බොරු ගොතා පවසන්නාට වඩා වෙනත් අපරාධ කරුවෙකු නැත. එහෙයින් ඔහු මත බොරුවක් ගොතා, අල් කුර්ආනය වෙනස් කර මා පැවසිය හැක්කේ කෙසේ ද? සැබෑ කරුණ නම්, සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා ඔහුගේ සීමාවන් උල්ලංඝණය කරන්නන් වනාහි ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ජය නොලබන බවයි
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿١٨﴾
ى දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ් ව හැරදමා දෙවිවරන් යැයි කියා ගන්නා කිසිදු සෙතක් හෝ හානියක් හෝ සැලසිය නොහැකි දෙවිවරුන් නමදිති. සැබෑ ලෙස නැමදුමට ලක් වන්නා ඔහු අභිමත කරන විට සෙත සළසනු ඇත. එමෙන්ම ඔහු අභිමත කරන විට හානිය ද ඇති කරනු ඇත. ඔවුන් නැමදුම් කරන දෑ පිළිබඳව මෙසේ පවසති. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් පෙනී සිටින මැදිහත්කරුවෝ වෙති. එහෙයින් අපගේ පාපකම් හේතුවෙන් ඔහු අපට දඬුවම් නොකරනු ඇත.” අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."අහස් හි හෝ මහපොළොවෙ හි කිසිදු හවුල්කරුවකු සිටින බව ඔහුට දැනගන්නට නැති තත්ත්වයේ සැබැවින්ම තමන්ට හවුල්කරුවෙකු සිටින බව නුඹලා ඔහුට තොරතුරු දන්වා සිටින්නෙහු ද? ව්යාජ ලෙස හා අසත්ය ලෙස දෙවියන්ට ආදේශ තබන්නන් පවසන දැයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය."
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةًۭ وَٰحِدَةًۭ فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ ﴿١٩﴾
මිනිසා ඒකීය දෙවියන් විශ්වාස කරන එකම සමූහයක් මිස නැත. නමුත් ඔවුහු භේදබින්න වූහ. එහෙයින් ඔවුන් අතර දෙවියන් විශ්වාස කරන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද වෙති. ගත වූ දෑ අල්ලාහ්ගේ තීන්දුවක් නොවී නම් ඔවුන් මෙලොවෙහි භේද ඇති කර ගත් දෑහි ඔවුන් අතර ඔහු තීන්දු පිරි නොනමා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර තීන්දු පිරිනමන්නට තිබුණි. ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද ඒ සම්බන්ධයෙන් මෙලොවෙහි ඔවුන් අතර වූ තීන්දුවක් වෙනුවෙන් එය නොවී නම් යහමඟ සිටින්නා මුළාවෙහි සිටින්නාගෙන් පැහැදිලි වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ ﴿٢٠﴾
"ඔහුගේ සත්යතා ව තහවුරු කරන පරිදි ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මුහම්මද්ට පහළ විය යුතු නොවේ දැ?"යි දෙවියන්ට ආදේශ තබන්නන් විමසා සිටිති. එහෙයින් දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. සංඥාවන් පහළ වීම යනු අල්ලාහ්ගේ දැනුමට පමණක් විශේෂිත වූ ගුප්ත කාරණාවකි. එහෙයින් නුඹලා යෝජනා කරන ආධ්යාත්මික වදන් පිළිබඳ නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම එය බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් මා ද නුඹලා සමග වෙමි
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌۭ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ ﴿٢١﴾
تمكرون දෙවියන්ට ආදේශ කරන්නන්හට අත් වූ නියඟය හා අභාග්යට පසු වර්ෂාව හා සශ්රිකභාවයෙන් වූ ආශිර්වාදයක් ඔවුනට අපි විඳින්නට සැලැස් වූ විට අපගේ සංඥාවන් හාස්යට ගෙන ඒවා බොරු කරති. අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "උපාය මාර්ග යෙදීමෙහි අල්ලාහ් වේගවත්ය. එමෙන්ම නුඹලාව පියවරෙන් පියවර ග්රහණය කිරීමෙන් හා දඬුවම් කිරීමෙන් ද ඔහු වේගවත්ය. සැබැවින්ම නුඹලා කවර කුමන්ත්රණයක් සැලසුම් කරන්නේ ද එය සටහන් කරන මලක්වරුන් විසින් ලියනු ඇත. ඔවුනට ඉන් කිසිවක් මග හැරෙන්නේ නැත. ඔවුන් මැවූ මැවුම්කරුට මග හැරෙනුයේ කෙසේ ද? නුඹලාගේ කුමන්ත්රණ සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත."
هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍۢ طَيِّبَةٍۢ وَفَرِحُوا۟ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌۭ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍۢ وَظَنُّوٓا۟ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿٢٢﴾
ه අහෝ ජනයිනි! නුඹලා පා ගමනින් හා නුඹලාගේ වාහන මත නුඹලා ගමන් කරවනුයේ අල්ලාහ් ය. එමෙන්ම මුහුදේ නැව් තුළ නුඹලාව යාත්රා කරවනුයේ ද ඔහුය. නුඹලා මුහුදේ නැව් තුළ සිටිය දී යහපත් සුළඟක් මගින් නුඹලා රැගෙන, එම නැව් යාත්රා කරනු ඇත. එම ආරෝග්යමත් සුළඟ හේතුවෙන් මගීන් සතුටට පත් වන්නේය. ඔවුන් සතුටින් සිටියදී දැඩි සුළි සුළඟක් ඔවුන් වෙත හමන්නට පටන් ගනී. සෑම පැතිකඩකින්ම මුහුදු රල නැගී පැමිණෙයි. සැබැවින්ම තමන් විනාශ වන බවට ඔවුන්ගේ සිත් විශ්වාස කරයි. ඔවුන් කිසිවකු අල්ලාහ් සමග හවුල් නොකර ඔහුව පමණක් ඇරයුම් කරමින් “මෙම ව්යසනකාරී තත්ත්වයෙන් ඔබ අප මුදවා ගත්තෙහි නම් නුඹ අපට පිරිනමන ආශිර්වාදය සඳහා අපි ද නුඹට කෘතඥවන්නන් අතරට පත්වන්නෙමු" යැයි පවසයි
فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَـٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٢٣﴾
إلينا مرجعكم فننبئكم بما كنتمتعملون ඔවුන්ගේ ප්රාර්ථනාවට පිළිතුරු දෙමින් එම ව්යසනකාරී තත්ත්වයෙන් ඔහු ඔවුන් මුදවා ගත් කල්හි, මහපොළොවේ ප්රතික්ෂේප කරමින් වැරදි හා පාපකම් කරමින් කලහාකරී ලෙස කටයුතු කරති. අහෝ ජනයිනි! අවදිවන්න, නුඹලාගේ නපුරුකම්හි ප්රතිවිපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ කලහකාරීත්වය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති කරන්නේ නැත. මෙලොව ජීවිතයෙහි නුඹලා එලෙස භුක්ති විඳින්නෙහුය. එය විනාශ වී යන්නකි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි පාපකම් පිළිබඳ තොරතුරු අපි නුඹලාට දන්වා ඒ සඳහා වූ ප්රතිඵල නුඹලාට අපි පිරිනමන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَـٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَـٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًۭا فَجَعَلْنَـٰهَا حَصِيدًۭا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٢٤﴾
නුඹලා භුක්ති විඳින ඉතා ඉක්මණින් අවසන් වී යන මෙලොව ජීවිතයට උපමාව වනුයේ වර්ෂාවකි. එමගින් මහපොළොවේ, පැලෑටි මිනිසුන් අනුභව කරන ධාන්ය පළතුරු වැනි දෑ හා සතුන් අනුභව කරන තණකොළ හා වෙනත් දෑ සමග මිශ්ර වී මහපොළොව නිල්වන් බවට පත් වෙයි. හට ගන්නා පැළෑටි වර්ගවලින් මහපොළොව ආලංකාරමත් වෙයි. හට ගැනුනු අස්වැනු නෙලන්නට හා කඩන්නට තමන් ශක්තිය ඇත්තෝ වෙතැයි එහි වැසියන් සිතති. නමුත් එය විනාශ කර දැමීමේ අපගේ නියෝගය ඒ වෙත පැමිණෙයි. පසුව අපි ඉතා කෙටි කාලයක් තුළ එහි ගස් හා පැලෑටි නොවැඩුණාක් මෙන් නෙළන ලද භූමියක් බවට අපි එය පත් කරන්නෙමු. මෙලොව ජීවිතයේ තත්ත්වය හා එය ඉතා ඉක්මණින් අවසන් වීම ගැන අපි නුඹලාට පැහැදිළි කළාක් මෙන් ඒ බව සැලකිලිමත් වන හා මෙනෙහි කරන ජනයාට සාක්ෂි හා සාධක අපි පැහැදිලි කරන්නෙමු
وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَىٰ دَارِ ٱلسَّلَـٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٢٥﴾
ශාන්තියේ නිවහන වන අල්ලාහ්ගේ ස්වර්ග උයන වෙත ඔහු මිනිසුන් සියලු දෙනා ඇරයුම් කරයි. දුක් හා කම්කටොලුවලින් ජනයා එහි නිදහස්ව සිටී. මරණයට පත්වීමෙන් ද ඔවුන් නිදහස් වෙති. මෙම ශාන්තියේ නිවහන වෙත සේන්දු කරවන ඉස්ලාම් දහම වෙත අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට ආශිර්වාද කරයි
۞ لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌۭ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌۭ وَلَا ذِلَّةٌ ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٢٦﴾
ඔවුනට අවනත වන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ ඔවුන් පිළිපදිමින් හා ඔහු ඔවුනට තහනම් කළ දෑ අතහැර දමමින් දැහැමි ලෙස කටයුතු කළවුන් වනාහි, ඔවුනට අලංකාර ප්රතිඵල ඇත. එය ස්වර්ග උයනයි. ඔවුනට ඊට අමතර දෑ ද ඇත. එය ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ දෙස බැලීමය. ඔවුන්ගේ මුහුණු දූවිල්ලෙන් ආවරණය වන්නේ නැත. කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඒවා වෙළා ගන්නේ නැත. මෙම දැහැමි කරුණුවලින් වර්ණනා කරනු ලැබූ මොවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති
وَٱلَّذِينَ كَسَبُوا۟ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًۭا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿٢٧﴾
දේව ප්රතික්ෂේපය, පාපකම් වැනි නපුරු ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් සිදු කළ නපුරුකමට ඒ හා සමාන අල්ලාහ්ගේ දඬුවමින් ප්රතිවිපාක මතුලොවෙහි හිමි වනු ඇත. අවමානය හා අපහාසය ඔවුන්ගේ මුහුණු වෙළා ගෙන තිබේ. අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඉන් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොසිටිනු ඇත. ඔවුන්ගේ මුහුණු නිරා ගින්නේ දුමාරයෙන් හා කළු පැහැයෙන් අධික ලෙස වෙළා ඇති බැවින් කළු පැහැයක් ඇඳගත්තාක් මෙන් එම මුහුණු පවතී. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුහු එහි සදා වෙසෙනේනෝ වෙති
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا۟ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ ﴿٢٨﴾
إ يانا تعبدون අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් එක්රැස් කරන අවස්ථාව මෙනෙහි කර බලනු. මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තැබූවන්හට අපි මෙසේ පවසන්නෙමු. “අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! නුඹලා ද بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි නුඹලාගේ නැමදුමට පාත්ර වූවන් ද නුඹලාගේ ස්ථානයේම රැඳී සිටිනු." නැමදුමට පාත්ර වූවන් හා නැමද සිටියවුන් අතර අපි වෙන් කරන්නෙමු. නැමදුමට ලක් වූවන් නැමද සිටියවුන්හට, "නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු" යැයි ඔවුන්ගේ හවුල් කරුවන් පවසති
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَـٰفِلِينَ ﴿٢٩﴾
මෙහි දී අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුන්ගෙන් ඈත් වී, “අල්ලාහ් සාක්ෂිකරුය. ඔහු ප්රමාණවත්ය. නුඹලා අපට ගැතිකම් කර සිටීම ගැන අපි පිළිනොගත්තෙමු. එය අපි නුඹලාට අණ නොකළෙමු. නුඹලාගේ නැමදුම ගැන කිසිදු හැඟීමක් අපහට නොවීය" යැයි පවසති
هُنَالِكَ تَبْلُوا۟ كُلُّ نَفْسٍۢ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٣٠﴾
අති බිහිසුණු මෙම ස්ථානයේ සෑම ආත්මයක්ම මෙලොව ජීවිතයේ සිදු කළ ක්රියාවන් පිළිබඳ පරීක්ෂණයට ලක් කරනු ලැබේ. ආදේශ තැබූවන් ඔවුන්ගේ විනිශ්චයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සැබෑ භාරකරු වන ඔවුන්ගේ පරමාධිපති වූ අල්ලාහ් වෙත යොමු කරවනු ඇත. ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ඔවුන් සිතූ ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් ඉවත් ව යනු ඇත
قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ ﴿٣١﴾
අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් නුඹ මෙසේ විමසනු. අහසින් නුඹලාට වර්ෂාව පහළ කරවා නුඹලාගේ පෝෂණය නුඹලාට පිරිනමනුයේ කවුරුන්ද? මහපොළොවෙන් පැලෑටි හා නුඹලා පරිහරනය කරන ඛනිජ වස්තු හට ගන්වා එමගින් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? මිනිසා ශුක්රාණුවෙන් හා පක්ෂීන් බිත්තරයෙන් යනාදී ආකාරයෙන් අප්රාණ වස්තුවකින් ජීවී වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? එමෙන්ම සතුන්ගෙන් ශුක්රාණුව හා පක්ෂීන්ගෙන් බිත්තරය යනාදී ආකාරයෙන් ජීවී වස්තුවකින් අප්රාණික වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති සෙසු මැවීම් ද සැලසුම් කරනුයේ කවුරුන් ද? යැයි විමසනු. එවිට ඔවුන්ගේ පිළිතුරු වනුයේ සැබැවින්ම මේ සියල්ල සිදු කරන්නා අල්ලාහ්ය යන්නයි. එවිට නුඹ ඔවුනට මෙසේ පවසනු. ඒ පිළිබඳ නුඹලා දැනුවත් විය යුතු නොවේ ද? අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?
فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّ ۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَـٰلُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ﴿٣٢﴾
අහෝ ජනයිනි! මේ සියල්ල සිදු කරන නුඹලාගේ සැබෑ මැවුම්කරු හා නුඹලාගේ සියලු කටයුතු සැලසුම් කරන්නා අල්ලාහ්ය. සත්ය දැනගත් පසු ඉන් දුරස් වීමට හෝ විනාශවී යාමට ඇත්තේ කුමක් ද? පැහැදිලි සත්යයෙන් නුඹලාගේ බුද්ධිය පහ ව ගොස් ඇත්තේ කොයිබට ද?
كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓا۟ أَنَّهُمْ لَا يُؤْمِنُونَ ﴿٣٣﴾
සැබැවින්ම සියල්ල මවා සැලසුම් කර පෝෂණය කිරීම යන දේව පරිපාලනත්වය තහවුරු වූවාක් මෙන් අහෝ දූතය! මුරණ්ඩුකමින් සත්යයෙන් බැහැර වූවන් සැබැවින්ම ඔවුන් විශ්වාස නොකරන බවට වූ නුඹගේ පරමාධිතිගේ නියමයේ වදන අනිවාර්යය විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٣٤﴾
"අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. 'නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කොට, පසුව එය විනාශ වී ගිය පසු යළි අවදි කරවන කිසිවෙකු හෝ සිටී ද?' ඔවුනට නුඹ මෙසේ පවසනු, "කිසිදු පූර්ව ආදර්ශයකින් තොරව සියල්ල උත්පාදනය කරන්නා අල්ලාහ්ය. පසු ව ඒවා මියගිය පසු යළි අවදි කරවනු ඇත. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, මෙසේ තිබිය දී නුඹලා සත්යයෙන් පෙරළී අසත්ය වෙත හැරෙනුයේ කෙසේ ද?"
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿٣٥﴾
ى අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු, "අල්ලාහ් නැමදීමෙන් ඉවත් වී නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර සත්ය වෙත මග පෙන්වන වෙනත් කිසිවෙකු හෝ සිටී ද? ඔවුනට නුඹ මෙසේ පවසනු. සත්ය වෙත මග පෙන්වනුයේ අල්ලාහ් පමණය. සත්ය වෙත ජනයාට මග පෙන්වා ඒ වෙත ඔවුන් ඇරයුම් කරන්නාට වඩා පිළිපදිනු ලබන්නට හෝ නැමදුම් ලබන්නට හෝ වෙනත් සුදුස්සෙකු සිටී ද? තමන්ට පවා මග ලැබිය නොහැකි තත්ත්වයේ වෙනත් අයට ඔවුන් මග පෙන්විය හැක්කේ කෙසේද? සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි නුඹලා තරයේ විශ්වාස කරන විට ව්යාජ දෑ පිළිබඳ නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද? නුඹලාට කුමක් වී ද? නුඹලා කරන ප්රකාශයෙන් අල්ලාහ් අතිශයින් උසස් විය."
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ ﴿٣٦﴾
දෙවියන්ට ආදේශ කරන බහුතරයක් දෙනා ඔවුනට කිසිදු දැනුමක් නැති දෑ මිස වෙනත් කිසිවක් පිළිපදින්නේ නැත. එහෙයින් ඔවුන් පිළිපදිනුයේ සැකය හා අනුමානය පමණි. සැබැවින්ම සැකය දැනුවත්කම නම් ස්ථානයේ පිහිටන්නේ නැත. එය එයට අවශ්ය වන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
وَمَا كَانَ هَـٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَـٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿٣٧﴾
මෙම අල් කුර්ආනයට යමක් ගොතා එය අල්ලාහ් වෙත සම්බන්ධ කරමින් පැවසීම සුදුසු නොවන අතරම එවැනි යමක් ගෙන ඒම මිනිසුනට කළ නොහැක්කකි. සැබැවින්ම මෙය මීට පෙර පහළ වූ දෑ සත්ය කරවන්නක් හා එහි ඇති නීති රීති පූර්ණ ලෙස පැහැදිලි කරන්නක් වේ. එහෙයින් සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගෙන් මෙය පහළ වූවක් බවට කිසිදු සැකයක් නැත
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍۢ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٣٨﴾
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විසින්ම මෙය ගොතා ඇති බවත් ඔහු එය අල්ලාහ් වෙත ඈදා පවසන බවත් දෙවියන්ට ආදේශ තබන මොවුන් ප්රකාශ කර සිටින්නේ ද? අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සැබැවින්ම අල් කුර්ආනය බොරුවෙන් ගොතන ලද්දක් බව නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීන් නම් එමෙන්ම මා ද නුඹලා මෙන් මිනිසෙකු ව සිටිය දී එවැන්නක් මා විසින් ගෙනැවිත් තිබුණා නම් නුඹලා ද එවැනි පරිච්ඡේදයක් ගෙනැවිත් ප්රසිද්ධියේම නුඹලා ඇරයුම් කරනු. නමුත් නුඹලා එයට හැකියාව නොදරන්නේමය. (නුඹලා චතුර ලෙස කතා කරන්නන් හා දක්ෂයින් ලෙස සිටිය ද) නුඹලා ඒ සඳහා ශක්තිය නොදරනු ඇත. සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පහළ වූවක් බව එය පෙන්වා දෙයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
بَلْ كَذَّبُوا۟ بِمَا لَمْ يُحِيطُوا۟ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ ﴿٣٩﴾
එසේ නොව, ඔවුන් එයට පිළිතුරු නොදෙනු ඇත. නමුත් එය වටහා ගැනීමට හා පරිශීලනය කිරීමට පෙර එහි අවවාද කරනු ලැබූ දඬුවම ඇති වීමට පෙර ඔවුහු අල් කුර්ආනය බොරු කිරීමට ඉක්මන් වූහ. පෙර විසූ සමූහයා බොරු කළාක් මෙන් මෙවන් බොරු කිරීමක් ගෙන එන්නට බැලීය. නමුත් පහළ විය යුතු දඬුවම එමගින් පහළ විය. අහෝ දූතය! බොරුකාර සමූහයාගේ අවසානය කෙසේ වී දැයි මදක් සිතා බලනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය
وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦ ۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ ﴿٤٠﴾
දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් තමන්ගේ මරණයට පෙර අල් කුර්ආනය විශ්වාස කරන්නන් සිටිති. එමෙන්ම ඔවුන් අතරින් මිය යන තෙක්ම මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරන්නන් ද සිටිති. අහෝ දූතය! තම ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරතව සිටින්නන් කවුරුන් දැයි නුඹේ පරමාධිපති මැනවින් දනී. ඔවුන්ගේ ප්රතික්ෂේපය සඳහා වූ විපාක ඔහු ඔවුනට පිරිනමනු ඇත
وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ﴿٤١﴾
අහෝ දූතය! ඔබේ සමූහයා ඔබ ව බොරු කරන්නේ නම් ඔබ: “මාගේ ක්රියාවෙහි කුසල් මා සතුය. මාගේ ක්රියාවෙහි ප්රතිවිපාකය මා විසින් දරමි. නුඹලාගේ ක්රියාවේ කුසල් නුඹලා සතුය එහි දඬුවමද නුඹලා සතුය. මා විසින් සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් නුඹලා නිදහස් වෙති. නුඹලා සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් මම නිදිහස් වෙමි.”යැයි ඔවුනට පවසනු
وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُوا۟ لَا يَعْقِلُونَ ﴿٤٢﴾
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් ඔබ වෙත සවන් දෙන අය ද සිටිති. ඔබ අල් කුර්ආනය ඇසෙන්නට කිය වූ විට එය පිළිගැනීමට හා එයට අනුගත වීමට එකග නොවෙති. එසේ නම්, හොරෙන් සවන් දෙන්නන්හට නියම අයුරින් සවන් දීම සඳහා කටයුතු කිරීමට නුඹ හැකියාව දරනුයේ කෙසේ ද? සත්ය සවන් දීමෙන් බිහිරන් ලෙස කටයුතු කර එය වටහා නොගන්නා මොවුනට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත
وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُوا۟ لَا يُبْصِرُونَ ﴿٤٣﴾
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් මනා අධීක්ෂණයෙන් නොව, බාහිර බැල්මෙන් ඔබ වෙත බලන අය ද සිටිති. හොර බැල්මෙන් බලන අය වෙත පෙන්වීමට නුඹට හැකි වන්නේ ද? සැබැවින්ම ඔබ එයට හැකියාව නොදරනු ඇත. දැක්මක් නැත්තන්ට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْـًۭٔا وَلَـٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٤٤﴾
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්හට අපරාධ කිරීමෙන් ඉවත් වූවෙකි. අනු ප්රමාණයක් හෝ ඔහු ඔවුනට අසාධාරණ යක් හෝ අපරාධයක් නොකරයි. නමුත් ඔවුන්මය ඔවුන්ටම ව්යාජ දෑ සඳහා වූ නොහික්මීම, අහංකාරකම හා මුරණ්ඩුකම යනාදී හේතූන් මත විනාශකාරී කටයුතු ගෙන එමින් අපාරාධ කර ගත්තෝ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ﴿٤٥﴾
مهتدين ජනයා විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් එක්රැස් කරන දින ඔවුන්ගේ මෙලොව ජීවිතයේ හා මිනීවල ජීවිතයේ දිවා කාලයේ හෝරාවක් මිස ඊට අමතර වේලාවක් රැඳී නොසිටියාක් මෙන් ඔවුනට හැඟෙනු ඇත. එහිදී ඇතෙමෙක් ඇතැමෙකුව දැන හඳුන ගනිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින ව්යසනයන් දැක එහි ඇති බිහිසුණුකම හේතුවෙන් ඔවුන් හඳුනාගත්තද වෙන්ව යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව බොරු කළවුනට අලාභය අත් විය. ඔවුන් අලාභය අත්වන තුරුම මළවුන් කෙරෙන් යළි අවදි කරවනු ලැබීම මෙලොවෙහි විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය
وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ ﴿٤٦﴾
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දඬුවමින් කොටසක් නුඹගේ මරණයට පෙර අපි නුඹට පෙන්නුව ද ඊට පෙර අපි නුඹව මරණයට පත් කළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ තත්ත්වයන් දෙකෙහිම ඔවුන් සියලු දෙනා නැවත පැමිණෙනුයේ අප වෙතමය. අනතුරුව අල්ලාහ් ඔවුන් සිදු කරමින් ආ දෑ දෙස බලයි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල දෙනු ඇත
وَلِكُلِّ أُمَّةٍۢ رَّسُولٌۭ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٤٧﴾
පෙර විසූ සෑම සමූහයකටම ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයෙකු විය. තමන්ට ප්රතිචාරය කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ඔහු ඔවුන් වෙත දන්වා, ඔවුන් ඔහු බොරු කළ විට ඔවුන් අතර හා ඔහු අතර සාධාරණ ව තීන්දු කරනු ලැබීය. අල්ලාහ්ගේ භාග්යයෙන් අල්ලාහ් ඔහු මුදවා ගෙන ඔහුගේ සාධාරණත්වය හේතුවෙන් ඔවුන් ව විනාශ කර දැමීය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල කිසිවකට අසාධාරණයක් සිදු කරනු නොලැබේ
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤٨﴾
දෙවියන් ප්රතික්ෂේප කරන මෙම මුරණ්ඩු හා නොහොබිනා ජනයා නුඹලා කවර කරුණක් වාද කරමින් සිටින්නෙහු ද ඒ සම්බන්ධයෙන් නුඹලා සත්යවාදීහු නම් අපට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම පැමිණෙනුයේ කවර කාලයක දැ?යි විමසා ر සිටිති
قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّۭا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ ﴿٤٩﴾
يستقدمون අහෝ දූතය! "මට හානියක් කිරීමට හෝ එයින් මා ආරක්ෂා කිරීමට හෝ කිසිදු හානියක් කිරීමේ බලයක් මා සතුව නැත. එමෙන්ම මටම සෙත සලසා ගැනීමට හෝ කිසිදු සෙතක බලයක් මා සතුව නැත. එසේ තිබිය දී ඒ සඳහා අල්ලාහ් අභිමත කර ඇත්නම් මිස මා නොවන වෙනත් අය වෙත මා සෙත සලසනුයේ කෙසේද? ඔහුගේ ගුත්ප දෑ මා දැන ගත හැක්කේ කෙසේද? සෑම සමූහයකටම ඔවුන් විනාශ කිරීම සඳහා වූ නියමිත විනාශ කාලයක් අල්ලාහ් ඔවුනට ප්රතිඥා කර තිබිණ. එය අල්ලාහ් මිස වෙන කිසිවකු නොදන්නේය. ඔවුන්ගේ විනාශ කාලය පැමිණි විට ඉන් කිසිදු කාලයක් ප්රමාද නොකරනු ඇත. එමෙන්ම ඉක්මන් ද නොකරනු ඇත යැයි නුඹ ඔවුනට පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُهُۥ بَيَـٰتًا أَوْ نَهَارًۭا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ ﴿٥٠﴾
අහෝ දූතය! “දඬුවම ඉක්මනින් පතන මොවුනට, "දහවලක හෝ රාත්රියක හෝ කවර වේලාවක හෝ වේවා අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණීමෙන් පසු නුඹලා ඉක්මණින් පැතූ දඬුවම ගැන නුඹලා මා වෙත දන්වා සිටිනු” යැයි නුඹ ඔවුනට පවසනු
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٔـٰنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿٥١﴾
නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ ﴿٥٢﴾
ඔවුන් දඬුවමට ලක් කිරීමෙන් පසු ව ඉන් පිට වන්නට ඔවුහු ඉල්ලා සිටිති. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මතුලොවෙහි සදා දඬුවම නුඹලා භුක්ති විඳිනු. පාපකම් හා දේව ප්රතික්ෂේපය පදනම් කර ගෙන නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා මිස නුඹලාට කුසල් පිරිනමනق ලබන්නෙහු ද?"
۞ وَيَسْتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّۭ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿٥٣﴾
අහෝ දූතය! “අපට ප්රතිඥා දුන් මෙම දඬුවම සැබෑවක් දැ?"යි දේව ප්රතික්ෂේපකයෝ නුඹගෙන් තොරතුරු විමසති. "එසේය" යැයි නුඹ ඔවුනට පවසනු. අල්ලාහ් මත (දිවුරමි) එය සත්යයකි. නුඹලා ඔහුගෙන් මිදෙන්නන් නොවෙති
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍۢ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٥٤﴾
අල්ලාහ්ට ආදේශ තබන සෑම කෙනෙකු සතුවම මහපොළොවේ ඇති වටිනා සම්පත් සියල්ල තිබුණොත් අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට ඔහු ඔවුන්ට අවස්ථාව දුන්නේ නම් ඉන් මිදීම සඳහා ඔවුන් ඒවා ඔහු ඉදිරියේ වන්දි වශයෙන් තබනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් එම දඬුවම දෑසින් දකින කල්හි ඔවුන්ගේ ප්රතික්ෂේපය මත පිහිටන පසතැවිල්ල ඔවුහු සඟවා ගනිති. ඔවුන් අතර ඉතා සාධාරණ අයුරින් අල්ලාහ් තීන්දු පිරිනමනු ඇත. කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ. ඔවුනට ප්රතිඵල පිරිනමනු ලබනුයේ ඔවුන්ගේ ක්රියාවන්ට ق අනුකූලවය
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٥٥﴾
අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ප්රතිඥා කළ දඬුවම කිසිදු සැකයකින් තොර ව සිදු වන බවත් දැනගනු. නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් ඒ ගැන සැක කරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් هو يحى ويميت وإليه ترجعون
هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٥٦﴾
මියගියවුන් යළි අවදි කරනුයේ ඔහුය. එමෙන්ම ජීවත් වන්නන් මරණයට පත් කරන්නේද ඔහුමය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණය. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌۭ مِّن رَّبِّكُمْ وَشِفَآءٌۭ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ﴿٥٧﴾
අහෝ ජනයිනි! නුඹලා වෙත කුර්ආනය පැමිණ ඇත. එහි මෙනෙහි කිරීම්, දිරි ගැන්වීම් හා බිය ගැන්වීම් ඇත. මෙය සැකය, කුතුහලය වැනි හදවත් රෝග සඳහා වූ ප්රතිකාරයකි. සත්ය මග පෙන්වන්නකි. දෙවියන් විශ්වාස කරන්නන්හට එහි ආශිර්වාදයක් ඇත. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත
قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا۟ هُوَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿٥٨﴾
අහෝ දූතය! නුඹ ජනතාවට මෙසේ පවසනු, "මා අල් කුර්ආනයෙන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද, එය නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහුගෙන් වූ ආශිර්වාදයකි. අල් කුර්ආනය පහළ කිරීම තුළින් අල්ලාහ් නුඹලා වෙත පිරිනැමූ භාග්යය හා ඔහුගේ ආශිර්වාදය හේතුවෙන් නුඹලා සතුටු වනු. එය ඒ දෙක හැර වෙනත් දෙයක් හේතුවෙන් නොවේ. ඔවුන් රැස් කරන ඉතා පහත් ලෞකික සුන්බුන් වලට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට ඔහුගේ පරමාධිපතිගෙන් පැමිණි දෑ උතුම් වේ
قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍۢ فَجَعَلْتُم مِّنْهُ حَرَامًۭا وَحَلَـٰلًۭا قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ ﴿٥٩﴾
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "පෝෂණ සම්පත් පහළ කිරීමෙන් අල්ලාහ් නුඹලා වෙත දක්වා ඇති අනුග්රහය පිළිබඳ තොරතුරු මා වෙත දන්වා සිටිනු. නමුත් නුඹලා එහි නුඹලාගේ ආශාවන්ට අනුව ක්රියා කරන්නෙහුය. ඒවායින් සමහරක් නුඹලා තහනම් කර ගන්නා අතර තවත් සමහරක් අනුමත කර ගන්නෙහුය. නුඹලා අනුමත කරන දෑහි අනුමත කිරීමටත් තහනම් කළ දෑහි තහනම් කිරීමටත් අල්ලාහ් නුඹලාට අනුමත කර තිබේ ද? එසේ නැතහොත් නුඹලා ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නෙහුද?"
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ ﴿٦٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරු ගොතන්නන්හට අත්වන ඉරණම පිළිබඳ ඔවුන් අනුමාන කරනුයේ කවර අයුරින් ද? ඔවුනට සමාව දෙනු ලැබේවි යැයි ඔවුහු සිතන්නෝද? අහෝ පවතින කුතුහලය! සැබැවින්ම අල්ලාහ් ජනයින්ට ඉක්මනින් දඬුවම් නොදී ඔවුනට අවකාශය දෙමින් ඔවුනට භාග්ය පිරිනමන්නා වෙයි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ සඳහා කෘතඥ නොවෙති
وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَـٰبٍۢ مُّبِينٍ ﴿٦١﴾
م بين අහෝ දූතය, ඔබ කවර කටයුත්තක නිරත ව සිටිය ද, කවර පාරායනයක් පාරායනය කළ ද, එමෙන්ම අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා කවර ක්රියාවක් සිදු කළ ද අපි නුඹලා ව අධීක්ෂණය කරමින් සිටියා මිස නැත. එමෙන්ම අපි නුඹලා පිළිබඳ මැනවින් දනිමු. නුඹලා ක්රියාශීලී ව ක්රියාවක නිරත වන විට නුඹලාට අපි සවන් දෙන්නෙමු. අහසේ හෝ මහපොළොවේ හෝ අණු ප්රමාණයක තරම් හෝ ඊට වඩා කුඩා ප්රමාණයකින් හෝ මහා ප්රමාණයකින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හෝ යම් දැනුමක් වී නම් පැහැදිලි පුස්තකයේ සටහන් කරනු මිස ඔබේ පරමාධිපතිට ඒ කිසිවක් සැඟවෙන්නේ නැත. කුඩා දෙයක් හෝ වේවා විශාල දෙයක් හෝ වේවා ඒ ගැන ඔහු සටහන් කර ගන්නා මිස නැත
أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٦٢﴾
දැනගනු! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතිවන අර්බුධයන් හමුවේ සැබැවින්ම අල්ලාහ්ගේ සමීප මිතුරන්හට කිසිදු බියක් නැත. ඔවුනට මග හැරුණු මොලොවෙහි කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත
ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ﴿٦٣﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාස කිරීම සම්බන්ධයෙන් වර්ණනා කරනු ලැබූ අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නෝ වූහ
لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَـٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٦٤﴾
දැහැමි සිහින දැකීමෙන් හෝ ජනයා ඔවුන් පැසසුමට ලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන් සතුටු වන සුබාසිරි ඔවුනට මෙලොවෙහි ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නා විට ද, මිය ගිය පසු ද, එක්රැස් කරන විට ද මලක්වරුන්ගේ සුබාසිරි ද ඔවුනට ඇත. අල්ලාහ් කවර දෙයක් ඔවුනට ප්රතිඥා දුන්නේ ද එහි කිසිදු වෙනසක් ඇති වන්නේ නැත. එම ප්රතිඵලය මහත් වූ ජයග්රහණයයි. එය ඔවුන් පතන දෑ ඔවුනට එහි ඇති බැවින් හා බියෙන් ඔවුන් මිදී සිටින බැවිණි
وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦٥﴾
අහෝ දූතය! ඔබේ දහම සම්බන්ධයෙන් මොවුන් නගන දොස් හා චෝදනාවන් ගැන ඔබ දුක් නොවනු. සැබැවින්ම යටත් කිරීම හා ජය යන සියල්ල අල්ලාහ් සතුය. කිසිවෙක් ඔහු අබිබවා යා නොහැක. ඔහු ඔවුන්ගේ ප්රකාශවලට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿٦٦﴾
අහස්හි ආධිපත්යය හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔහු සම කරන්නන්හට වැඳුම් පිඳුම් කරන ආදේශකයින් පිළිපදිනුයේ කවර කරුණක් ද? ඔවුන් යථාර්ථයෙන්ම සැකය මිස අනුගමනය නොකරති. ඔවුන් අල්ලාහ් වෙත හවුල්කරුවන් සම්බන්ධ කරමින් බොරු පවසනවාක් මිස නැත. ඔවුන් කරන ප්රකශයෙන් අල්ලාහ් අති උත්තරීතරය
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ ﴿٦٧﴾
අහෝ ජනයිනි! වෙහෙස මහන්සියෙන් හා කටයුතු වලින් දුරස් ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය ඇති කළේ ඔහුය. එමෙන්ම නුඹලාගේ ජීවන ගමනෙහි නුඹලාට සෙත සලසන අයුරින් එහි ජීවනෝපාය සඳහා දහවල අලෝකමත් කළේද ඔහුය. පිළිගෙන සාවධානයෙන් සවන් දෙන පිරිසකට එහි පැහැදිළි සාධක ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَـٰنٍۭ بِهَـٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٦٨﴾
දෙවියන්ට ආදේශ තැබූ පිරිසක්, “අල්ලාහ් දේව දූතයින් ගැහැණු දරුවන් ලෙස ගෙන ඇතැ”යි පවසති. ඔවුන්ගේ ප්රකාශයෙන් අල්ලාහ් සුවි ශුද්ධය. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන් ගෙන් තොරය. අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. නුඹලාගේ මේ ප්රකාශය සඳහා කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. කිසිදු සාධකයකින් තොරව නුඹලා යථාර්ථය නොදැන අල්ලාහ්ට දරුවෙක් ඇති බව ඈඳමින් ඔහු කෙරෙහි අති බැරෑරුම් ප්රකාශයක් කරන්නෙහු ද?
قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ ﴿٦٩﴾
අහෝ දූතය, නුඹ ඔවුනට මෙසේ පවසනු: “සැබැවින්ම අල්ලාහ් වෙත දරුවෙකු ඈඳමින් ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ඔවුහු ජය නොලබති. ඔවුන් බියවන දැයින් ඔවුන් මිදෙන්නේද නැත
مَتَـٰعٌۭ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ﴿٧٠﴾
ඔවුන් භුක්ති විදින මෙලොවෙහි ආශාවන් හා එහි ඇති සුවපහසුකම් ඔවුන් රවටා නොදැමිය යුතුය. එය ඉතා අල්ප භුක්ති විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අප වෙත නැවත හැරී ආ යුතුව ඇත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද බලවත් දඬුවමක් අපි ඔවුනට භුක්ති විඳීමට සලසන්නෙමු
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔايَـٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓا۟ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةًۭ ثُمَّ ٱقْضُوٓا۟ إِلَىَّ وَلَا تُنظِرُونِ ﴿٧١﴾
අහෝ දූතය! නූහ් (අලය්හිස් සලාම්) තුමා තම ජනයාට පවසා සිටි තොරතුරු දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින්ට කියා පෙන්වනු. හෙතෙම: “මාගේ ජනයිනි! නුඹලා ඉදිරියේ මාගේ ස්ථාවරය නුඹලාට බරක් වී නම්, අල්ලාහ්ගේ වදන් මා මෙනෙහි කිරීම හා මාගේ උපදෙස නුඹලාට පීඩාවක් නම්, නුඹලා මා ඝාතනය කිරීමට ස්තීර කර ගත්තා නම්, නුඹලා කරන කුමන්ත්රණය වළක්වාලීමට මම අල්ලාහ් මත පමණක් රැඳෙමි. නුඹලාගේ කටයුත්ත නුඹලාම තීන්දු කරනු. මා විනාශ කිරීමට නුඹලා ස්ථීර කර ගනු. උදව් ලබා ගැනීම සඳහා නුඹලාගේ දෙවිවරුන් කැඳවා ගනු. පසුව නුඹලාගේ කුමන්ත්රණය සැඟවුණු රහසක් නොවනු ඇත. පසුව මා ඝාතනය කිරීම සඳහා නුඹලා සැලසුම් යෙදීමෙන් පසු ව නුඹලා සඟවමින් සිටින දෑ මත ගමන් කරනු. මොහොතක් හෝ මට කල් නොදෙනු
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ ﴿٧٢﴾
"මාගේ ඇරයුමට නුඹලා සැබැවින්ම පිටුපාමින් සිටියෙහු නම්, මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා කිසිදු කුලියක් නුඹලාගෙන් මා නොපැතූ බව නුඹලා මැනවින් දන්නෙහුය. මාගේ කුසල් අල්ලාහ් මත මිස රැඳී නැත. නුඹලා මා විශ්වාස කරන්නෙහු ද එසේ නැතහොත් මා ප්රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ්ට අවනත වෙමින් හා දැහැමි ක්රියාවන්හි නිරතවෙමින් ඔහුට යටහත් වන මෙන් ඔහු මට නියෝග කර ඇත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَكَذَّبُوهُ فَنَجَّيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ وَجَعَلْنَـٰهُمْ خَلَـٰٓئِفَ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ ﴿٧٣﴾
ඔහුගේ ජනයා ඔහු ව බොරු කළෝය. ඔහු සත්ය බව විශ්වාස නොකළෝය. එහෙයින් ඔහු හා ඔහු සමග නැවෙහි සිටි විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. ඔවුනට පෙර සිටියවුන් සඳහා වූ අනුප්රාප්තිකයන් බවට අපි ඔවුන් පත් කළෙමු. එමෙන්ම ඔහු ගෙන ආ සාක්ෂි හා සාධක බොරුකළවුන් මහා ජල ගැල්මකින් විනාශ කළෙමු. අහෝ දූතය! නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන් ඔවුනට අවවාද කොට පසුව විශ්වාස නොකළ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِۦ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ بِهِۦ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ ٱلْمُعْتَدِينَ ﴿٧٤﴾
ى අනතුරුව, ටික කලකට පසුව නූහ්ගෙන් පසු ඔවුන්ගේ ජනයා වෙත දූතවරු එව්වෙමු. ඔවුන්ගේ සමූහයන් වෙත පැහැදිලි සාක්ෂි හා සාධක සමග එම දූතවරු පැමිණියෝය. දහම් දූතවරුන් බොරු කිරීම පෙර සිටම ඔවුන්ගේ නොපසුබට උත්සාහය නිසා විශ්වාස කිරීමට සිතක් ඔවුනට පහළ නොවීය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. පෙර සිටි දහම් දූතවරුන් අනුගමනය කළවුන්ගේ සිත් මත අපි මුද්රා තැබුවාක් මෙන් කවර කාලයක හෝ වේවා ස්ථානයක හෝ වේවා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාව ඉක්මවා යන දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් මත ද මුද්රා තබන්නෙමු
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَـٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ بِـَٔايَـٰتِنَا فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًۭا مُّجْرِمِينَ ﴿٧٥﴾
අනතුරව, ටික කලකට පසුව මෙම දූතවරුන්ට පසුව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ව මිසරයේ රජු වූ ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර වූ ප්රභූවරුන් වෙත එව්වෙමු. ඔවුන් දෙදෙනාගේ සත්යතාව පෙන්වා දෙන සංඥා ද ඔවුන් දෙදෙනා සමග එව්වෙමු. නමුත් ඔවුන් ගෙන ආ දෑ විශ්වාස කිරීමට ඔවුහු උඩඟු වූහ. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන්ව ඔවුන් බොරු කළ බැවින් අපරාධකාරී පිරිසක් බවට පත් වූහ
فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوٓا۟ إِنَّ هَـٰذَا لَسِحْرٌۭ مُّبِينٌۭ ﴿٧٦﴾
මූසා හා හාරූන් (අලය්හිමස් සලාම්) කවර දෙයක් ගෙන ආවේ ද එම දහම ෆිර්අවුන් වෙත හා ඔහුගේ ජනයා අතර සිටි ප්රභූවරුන් වෙත පැමිණි කල්හි මූසා (අලය්හිස් සලාම්) තුමා විසින් ගෙන ආ දෑ තහවුරු කරන සංඥාවන් ගැන “සැබැවින්ම මෙය පැහැදිලි මායාවකි. සත්යයක් නොවන්නේය” යැයි ඔවුහු පැවසූහ
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ۖ أَسِحْرٌ هَـٰذَا وَلَا يُفْلِحُ ٱلسَّـٰحِرُونَ ﴿٧٧﴾
මූසා තුමා ඔවුන් හෙළා දකිමින් “සත්ය නුඹලා වෙත පැමිණි විට එය හූනියමක් යැයි නුඹලා පවසන්නෙහි ද? එසේ නොව, එය හූනියමක් නොව, හූනියම් කරුවා කිසිවිටෙක ජය නොලබන බව සැබැවින්ම මම දනිමි. ඒ සමග ආශ්රයක් මා හට කෙසේනම් වන්නේද?” යැයි පැවසූහ
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلْكِبْرِيَآءُ فِى ٱلْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ ﴿٧٨﴾
ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට පිළිතුරු දෙමින්, “අපගේ මුතුන් මිත්තන් කවර දහමක සිටිනු අප දැක තිබේ ද එයින් අප වෙනතකට යොමු කිරීමටත්, නුඹට හා නුඹේ සහෝදරයාට රාජ්ය බලය හිමිවීමටත් ඔබ අපට මෙම හූනියම ගෙන ආවෙහි ද? අහෝ මූසා හා හාරූන්! සැබැවින්ම නුඹලා දෙදෙනා අප වෙත එවනු ලැබූ දූතවරු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දෙදෙනෙක් බව අපි කිසිවිටෙක පිළිනොගන්නෙමු.” යැයි පැවසූහ
وَقَالَ فِرْعَوْنُ ٱئْتُونِى بِكُلِّ سَـٰحِرٍ عَلِيمٍۢ ﴿٧٩﴾
ෆිර්අවුන් තම සේනාව දෙස බලා "ඉන්ද්රජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති,ඒ ගැන දැඩි විශ්වාසයෙන් පසුවන හූනියම්කරුවන් සෑම කෙනෙකුම මා වෙත ගෙන එන්නැ" යි පැවසීය
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ﴿٨٠﴾
ඔවුන් ෆිර්අවුන් වෙත හූනියම් කරුවන් කැටුව ආ කල්හි ඔවුන් අබිබවා තමන්ට ජය නියත බව දැඩි විශ්වාසයකින් යුතුව “අහෝ හූනියම් කරුවනි! නුඹලා විසි කරනු. නුඹලා එය විසි කරන්නන් නොවන්නෙහුය.” යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසීය
فَلَمَّآ أَلْقَوْا۟ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُ ۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓ ۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ ﴿٨١﴾
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය
وَيُحِقُّ ٱللَّهُ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ ﴿٨٢﴾
අල්ලාහ් සත්යය ස්ථීර කරනු ඇත. ෆිර්අවුන් පැළැන්තියේ දෙවියන් ප්රතික්ෂේප කළ වැරදිකරුවන් පිළිකුල් කළද ඒ සඳහා වූ සාක්ෂි හා සාධක ඔහුගේ බලවත් වදන් තුළින් හා ඔහුගේ ආගමික නීති වදන් තුළින් අල්ලාහ් ලබා දෙනු ඇත
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٌۭ مِّن قَوْمِهِۦ عَلَىٰ خَوْفٍۢ مِّن فِرْعَوْنَ وَمَلَإِي۟هِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍۢ فِى ٱلْأَرْضِ وَإِنَّهُۥ لَمِنَ ٱلْمُسْرِفِينَ ﴿٨٣﴾
ජනයා පිටුපෑමට අධිෂ්ඨාන කර ගත්හ. මූසා අලය්හිස් සලාම් තුමා පැහැදිලි සාක්ෂි හා භෞතික සාධක ගෙන ආව ද ඉස්රාඊල් දරුවන්ගෙන් තරුණ පිරිසක් හැර වෙනත් අය මූසා තුමා සත්යය බව පිළිගත්තේ නැත. ඔවුන් පවා, තම කරුණ හෙළී වූයේ නම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් තමන්ට දඬුවම් ලබා දෙමින් දේව විශ්වාසයෙන් තමන් වෙනතකට යොමු කරනු ඇතැයි යන බියෙන් පසුවූහ. සැබැවින්ම ෆිර්අවුන් අහංකාර මෙන්ම මිසරය හා එහි වැසියන් පාලනය කළ දැඩි පාලකයකු විය. දෙවියන් ප්රතික්ෂේප කිරීමෙහි ද මිනිසුන් ඝාතනය කිරීමෙහි ද ඉස්රාඊල් දරුවන්ට දඬුවම් දීමෙහි ද සීමාව ඉක්මවා කටයුතු කළ අය අතරින් කෙනෙකි
وَقَالَ مُوسَىٰ يَـٰقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّسْلِمِينَ ﴿٨٤﴾
“අහෝ මාගේ ජනයිනි! සැබෑ විශ්වාසයෙන් යුතු ව නුඹලා අල්ලාහ් ව විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, නුඹලා ඔහුට අවනත වන්නන් ලෙස සිටියෙහු නම් ඔහු මත පමණක් නුඹලා රැඳෙනු. අල්ලාහ් වෙත සියල්ල භාරකිරීම නුඹලාව නපුරෙන් වළක්වනු ඇත. නුඹලාට යහපත ගෙන දෙනු ඇත” යැයි මූසා තම සමූහයාට පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَقَالُوا۟ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٨٥﴾
එවිට මූසාගේ ජනයා මූසාට පිළිතුරු දෙමින්, "අපි අල්ලාහ් කෙරෙහි පමණක් සියල්ල පවරමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකරුවන් අප පාලනය කර අපගේ දහම සම්බන්ධයෙන් අපට දඬුවම් දීමෙන් ඝාතනය කිරීමෙන් හා පරීක්ෂාවට ලක් කිරීමෙන් අපහට අර්බුධ ඇති කිරීමට ඔබ ඉඩ නොතබනු මැනව
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ ﴿٨٦﴾
අපගේ පරමාධිපතියාණනි, ඔබගේ කරුණාවෙන් ඔබ ව ප්රතික්ෂේප කරන ෆිර්අවුන්ගේ ජනයාගේ ග්රහණයෙන් ඔබ අප නිදහස් කරනු මැනව. දඬුවම් දෙමින් හා ඝාතනය කරමින් සැබැවින්ම ඔවුන් අප වහල් භාවට පත් කරන්නට බලති
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًۭا وَٱجْعَلُوا۟ بُيُوتَكُمْ قِبْلَةًۭ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿٨٧﴾
සැබැවින්ම මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට ඔවුන් දෙදෙනා දෙවියන් විසින් තෝරා ගෙන ඇති බව ද ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඔවුන් දෙදෙනාගේ සමූහයා වෙනුවෙන් නිවසක් ඉදි කර දෙන මෙන් ද බය්තුල් මක්දිස් දිශාවට මුහුණ ලා ඔවුන්ගේ නිවස ඔවුන් තනා ගන්නා මෙන් ද සලාතය සඳහා පූර්ණ ලෙස සහභාගී වන මෙන් ද අපි ඔවුන් දෙදෙනාට දේව පණිවිඩ එව්වෙමු. අහෝ මූසා! දේවත්වය විශ්වාස කරන්නන්හට ඔහුගේ උපකාරය හා ඔවුන් ස්ථාවරත්වයට පත් කිරීම, එමෙන්ම ඔවුන්ගේ සතුරන් විනාශ කර දමා මහපොළොවේ නියෝජනය ඔවුනට ලබා දීම යනාදී ඔවුන් සතුටු වන කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඔවුනට දන්වා සිටිනු
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُۥ زِينَةًۭ وَأَمْوَٰلًۭا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا۟ عَن سَبِيلِكَ ۖ رَبَّنَا ٱطْمِسْ عَلَىٰٓ أَمْوَٰلِهِمْ وَٱشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا۟ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٨٨﴾
ى ى මූසා (අලය්හිස් සලාම්)තුමා මෙසේ පැවසූහ: “අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ඔබ ෆිර්අවුන්ටත් ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන්ටත් මෙලොව අලංකාරයත් එහි ඇති සුන්දරභාවයත් පිරිනමා ඇත්තෙහිය. එමෙන්ම මෙලොව ජීවිතයේ ධන සම්පත ද ඔබ ඔවුනට පිරිනමා ඇත්තෙහිය. නමුත් ඔබ ඔවුනට පිරිනැමූ දෑ වෙනුවෙන් ඔවුහු ඔබට කෘතඥ වූයේ නැත. ඔබේ මාර්ගයෙන් නොමග යැවීම සඳහා ඔවුන් ඒවා යොදා ගත්තෝය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ ධනය අතුගා දමා විනාශ කරනු මැනව. ඔවුන්ගේ හදවත් තද කරනු මැනව. හේතුව ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවෙහි ඔවුන් වේදනීය දඬුවම දැකීමෙන් මිස ඔවුන් විශ්වාස නොකරන බැවිණි
قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَٱسْتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ﴿٨٩﴾
අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ මූසා හා හාරූන්! ෆිර්අවුන්ට හා ඔහුගේ සමූහයා අතර සිටි ප්රභූවරුන්ට එරෙහිව නුඹලා දෙදෙනා කළ ප්රාර්ථනාවට මම පිළිතුරු දුනිමි. එහෙයින් නුඹලා දෙදෙනාගේ දහම මත නුඹලා දෙදෙනා ස්ථාවර ව සිටිනු. සත්ය මග නොදන්නා අඥානයින්ගේ මාර්ගය අනුගමනය කිරීමට නුඹලා දෙදෙනා ඉන් හැරී නොයනු
۞ وَجَـٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُۥ بَغْيًۭا وَعَدْوًا ۖ حَتَّىٰٓ إِذَآ أَدْرَكَهُ ٱلْغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓا۟ إِسْرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلْمُسْلِمِينَ ﴿٩٠﴾
මුහුද දෙබෑ වූවායින් පසු ඉස්රාඊල් දරුවන් සුරක්ෂිත ව එගොඩ යන තෙක් මුහුද තරණය කිරීමට අපි පහසු කළෙමු. අපරාධකාරීන් සීමා ඉක්මවමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තෙක්ම ඔවුන් ලුහුබැද ගියෝය. එවිට ඔවුන් එහි ගිළුණෝය. ජයග්රහණය සම්බන්ධයෙන් ආයාසයට පත් ඔහු, "සැබැවින්ම ඉස්රාඊල් දරුවන් කවර දෙවියකු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් විශ්වාස කළේ ද ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු නැත. මම ද අවනත වෙමින් අල්ලාහ්ට යටහත් වන්නන් අතරට පත්වෙමි." යැයි පැවසීය
ءَآلْـَٔـٰنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ ﴿٩١﴾
ජීවිතයේ බලාපොරොත්තු සුන්වූවායින් පසුව ද නුඹ දෙවියන් විශ්වාස කරනුයේ? අහෝ ෆිර්අවුන්! දඬුවම පහළ වීමට පෙර අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් සැබැවින්ම නුඹ ඔහුට පිටුපෑවෙහිය. තමන්ටම අපරාධකර ගත් හේතුවෙන් හා වෙනත් අයට ද අපරාධ කළ හේතුවෙන් නුඹ කලහකාරීන් අතරට පත්වූයෙහිය
فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةًۭ ۚ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَـٰتِنَا لَغَـٰفِلُونَ ﴿٩٢﴾
අහෝ ෆිර්අවුන්! අද දින අපි නුඹ ව ගොඩ ගන්නෙමු. මහපොළොවේ උස් ස්ථානයක නුඹ ව තැන්පත් කරන්නෙමු. එය නුඹෙන් පසු ව පැමිණෙන්නන් හට නුඹ පාඩමක් වනු පිණිසය. සැබැවින්ම බහුතරයක් ජනයා අපගේ සාධක හා අපගේ බලය පිළිබඳ සාක්ෂි නොසලකා හරින්නන් වෙති. ඒ සම්බන්ධයෙන් කල්පනා කර නොබලති
وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مُبَوَّأَ صِدْقٍۢ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ فَمَا ٱخْتَلَفُوا۟ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿٩٣﴾
සමෘද්ධිමත් සිරියා දේශයේ පිළිගත් වාසස්ථානයක් හා ප්රශංසනීය සංග්රහයක් ඉස්රාඊල් දරුවන්හට සැබැවින්ම අපි පහළ කළෙමු. දැහැමි මෙන්ම අනුමත දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ තව්රාත් ග්රන්ථයේ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ ඔවුන් කියවන විස්තරය තහවුරු කරන්නක් ලෙසින් ඔවුන් වෙත අල් කුර්ආනය පැමිණෙන තෙක්ම ඔවුන්ගේ දහමෙහි ඔවුන් භේද වූයේ නැත. එය ඔවුන් ප්රතික්ෂේප කළ කල්හි ඔවුන්ගේ දේශ සීමාවන් ආක්රමණය කරනු ලැබීය. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර කරුණක මතභේද ඇති කර ගත්තේ ද, ඒ සම්බන්ධයෙන් තීන්දු දී සුදුසු ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත
فَإِن كُنتَ فِى شَكٍّۢ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَـٰبَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ﴿٩٤﴾
අහෝ දූතය! නුඹ වෙත අප පහළ කළ අල් කුර්ආනයේ කිසියම් සැකයක හෝ කුතුහලයක හෝ නුඹ පසුවන්නෙහි නම් තව්රාතය කියවන යුදෙව්වන් අතර හා ඉන්ජීලය කියවන කිතුනුවන් අතර සිටින දේව විශ්වාසීන්ගෙන් විමසා බලනු. සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සැබෑවක් බවට ඔවුන්ගේ පුස්තකයෙහි විස්තර කර තිබීම ඔවුන් දැක ඇති බැවින් ඔවුහු නුඹට ඒ ගැන තොරතුරු දන්වා සිටිනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති වෙතින් කිසිදු සැකයක් නැති සත්යය නුඹ වෙත පැමිණ ඇත. එහෙයින් නුඹ සැක කරන්නන් අතරට පත් නොවනු
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٩٥﴾
අල්ලාහ්ගේ සාක්ෂි හා ඔහුගේ සාධක බොරු කරන්නන් අතරට නුඹ පත් නොවනු. එමගින් නුඹ තම ප්රතික්ෂේපය හේතුකොට ගෙන විනාශයේ සාධක ගෙන ඒමෙන් තමන්ට පාඩු අත්කරගත් අය අතරට පත් වන්නෙහිය. මේ සියලු අවවාද සැකයේ හා බොරු කිරීමෙහි භයානක කම විස්තර කිරීමකි. එසේ නොවන්නට, මේ කිසිවක් හෝ හට ගැනීමෙන් නබි තුමාණන් ආරක්ෂා කරනු ලැබ ඇත්තේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ ﴿٩٦﴾
නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත
وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٩٧﴾
ආගමික හෝ ලෞකික සියලු සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණිය ද වේදනීය දඬුවම ඔවුන් දකින තෙක්, ඔවුන් එලෙසෙම පසුවෙති. දේව විශ්වාසය ඔවුනට ඵලක් නොවන අවස්ථාවේ ඔවුන් විශ්වාස කරති
فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَـٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُوا۟ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍۢ ﴿٩٨﴾
ومتعنهم إلى حين අපගේ දහම් දූතයින් එවනු ලැබු ගම්මාන අතරින් යූනුස්ගේ ගම්වාසීන් හැර දඬුවම දෑසින් දකින්නට පෙර ඔහු ගැන හා ඔහුගේ පැමිණීම ගැන විශ්වාසය ඵලක් කර ගත් කිසිදු ගම්මානයක් නොවීය. යූනුස්ගේ ජනයා සැබෑ ලෙස විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ දී පහත් හා අපහාසාත්මක දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළෙමු. ඔවුන්ගේ නියමිත කාලය අවසන් වන තෙක්ම අපි ඔවුනට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු
وَلَوْ شَآءَ رَبُّكَ لَـَٔامَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُوا۟ مُؤْمِنِينَ ﴿٩٩﴾
අහෝ දුතය! මිහිතලයේ වෙසෙන සියල්ලන් විශ්වාස කළ යුතු යැයි නුඹේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් සියලු දෙනා විශ්වාස කරන්නට තිබුණි. නමුත් යම් කිසි ප්රඥාවක් මත ඒ සඳහා ඔහු අභිමත වූයේ නැත. එහෙයින් ඔහු අභිමත කරන්නන් ඔහුගේ යුක්ති ධර්මය අනුව නොමඟ යන්නට ඉඩ හරින්නේය. ජනයාට බලකරමින් ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන් බවට පත් කිරීමට නුඹට හැකියාවක් නැත. ඔවුනට දේව විශ්වාසය ආශිර්වාද කිරීමේ වගකීම අල්ලාහ් සතු කාර්යයකි
وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ ﴿١٠٠﴾
අල්ලහ්ගේ අවසරයෙන් මිස කිසිදු ආත්මයක් තමන් විසින්ම විශ්වාසය ඇති කරලීමට කිසිදු ආත්මයකට අවශ්ය නොවීය. ඔහුගේ අභිමතයෙන් තොර ව විශ්වාසය පිහිටන්නේ නැත. ඔවුන් ගැන පසුතැවිලි වන්නට ඔබ කරදර විය යුතු ද නැත. අල්ලාහ්ගේ සාධක ඔහුගේ නියෝග හා ඔහුගේ තහනම හඳුනා නොගත් අය හට අවමානය හා දඬුවම ඔහු ඇති කරනු ඇත
قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْـَٔايَـٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍۢ لَّا يُؤْمِنُونَ ﴿١٠١﴾
අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِهِمْ ۚ قُلْ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ ﴿١٠٢﴾
පෙර විසූ බොරුකාර සමූහයන්ට අල්ලාහ් ඇති කළ සිදුවීම් මෙන් මිස වෙනත් කිසිවක් මෙම බොරුකාරයෝ බලාපොරොත්තු වන්නෝද? අහෝ දූතය! ඔවුනට නුඹ පවසනු. “නුඹලා අල්ලාහ්ගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් වෙමි.”
ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ ﴿١٠٣﴾
පසුව අපි ඔවුනට දඬුවම පහළ කර අපගේ දූතවරුන් හා ඔවුන් සමග විශ්වාස කළවුන් මුදවා ගන්නෙමු. ඔවුනට අත් වූ ඉරණම මොවුනට අත් වූයේ නැත. ඔවුන් සමග සිටි දූතවරුන් හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තා සේම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමාණන් සමග සිටින දේව විශ්වාසීන් අපි මුදවා ගන්නෙමු
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّۢ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١٠٤﴾
“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු
وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٠٥﴾
“එලෙසම, අන් සියලු දහම් පිළිවෙත්වලින් ඈත් ව, සත්ය දහම මත ඍජු ව සිටින මෙන් ද ඒ වෙත පමණක් පිහිටන මෙන් ද ඔහු මට නියෝග කර ඇත. එමෙන්ම ඔහුට මා ආදේශ තැබීමෙන් ඔහු මා වළක්වා ඇත.”
وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًۭا مِّنَ ٱلظَّـٰلِمِينَ ﴿١٠٦﴾
අහෝ දූතය! අල්ලාහ් හැර නුඹට යම් සෙතක් කිරීමට හෝ නුඹට යම් නපුරක් කිරීමට හෝ කිසිදු ආධිපත්යයක් නොමැති පිළිම හා ගල්රූ වලට ඇරයුම් නොකරනු. නුඹ ඒවාට නමදින්නෙහි නම්, එවිට සැබැවින්ම නුඹ අල්ලාහ් සතු වගකීම හා ඔවුන් සතු වගකීම ඉක්මවා කටයුතු කළ අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍۢ فَلَا رَآدَّ لِفَضْلِهِۦ ۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿١٠٧﴾
අහෝ දූතය! අල්ලාහ් ඔබට යම් විපතක් ඇති කර, පසුව එය නුඹෙන් ඉවත් කිරීමට නුඹ පැතුවේ නම් සුවිශුද්ධ ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නැත. ඔබට යම් සෙතක් ඔහු අභිමත කළේ නම්, ඔහුගේ භාග්යය වළක්වන කිසිවෙකු ද නැත. ඔහු අභිමත කරන ගැත්තන් හට ඔහුගේ භාග්ය ඇති කරයි. එය ප්රතික්ෂේප කරන කිසිවකු නැත. ඔහුගේ ගැත්තන් අතරින් පසුතැවිලි වී පාපක්ෂමාව අයැදි සිටින්නන් හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنَا۠ عَلَيْكُم بِوَكِيلٍۢ ﴿١٠٨﴾
අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ ۚ وَهُوَ خَيْرُ ٱلْحَـٰكِمِينَ ﴿١٠٩﴾
අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත