بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَـٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ﴿١﴾
මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි
فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَـٰفِرِينَ ﴿٢﴾
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා මහපොළොවේ මාස හතරක් සුරක්ෂිතව සැරිසරනු. ඉන් පසු නුඹලාට කිසිදු ගිවිසුමක් හෝ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැත. නුඹලා කවර කරුණක් ප්රතික්ෂේප කළේ ද, එවන් දෑ හි අඛණ්ඩ ව සිටින්නේ නම් අල්ලාහ්ගේ විපාකයෙන් හා ඔහුගේ දඬුවමින් සැබැවින්ම නුඹලා මිදෙන්නේ නැති බව තරයේ විශ්වාස කරනු. එමෙන්ම දෙවියන්ට ආදේශ තබන්නන්, මෙලොවෙහි ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් අවමානයට පත් වන බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිසීමෙන් අවමානයට පත් වන බවත් නුඹලා තරයේ විශ්වාස කරනු. තම ගිවිසුම් කඩ කරන්නන් හා නිශ්චිත ගිවිසුමකින් තොර පොදු ගිවිසුමක පසුවන්නන් ද මෙහි ඇතුළත් වන්නේය. සැබැවින්ම නිෂ්චිත ගිවිසුමක් ඇති අය වනාහි, මාස හතරකට වඩා අධික වූයේ නම් එවිට ඔහුගේ ගිවිසුම එහි නියමිත කාලය දක්වාම පූර්ණ කරනු ලැබිය යුතු වේ
وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ ﴿٣﴾
‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි
إِلَّا ٱلَّذِينَ عَـٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَـٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿٤﴾
නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥﴾
නුඹලාගේ සතුරන්ට රැකවරණය දුන් ගෞරවනීය මාස අවසන් වූ විට, නුඹලා ඔවුන් හමු වන තැන මරා දමනු. ඔවුන්ගේ බලකොටු ආක්රමණය කරනු. ඔවුන් යන එන මාර්ග වල ඔවුනට පහර දෙනු. දෙවියන්ට ආදේශ කිරීමෙන් මිදී, අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සලාතය ද විධිමත් ව ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් ඔවුන් සකාත් දුන්නේ නම් සැබැවින්ම ඉස්ලාමය තුළ නුඹලාගේ සහෝදරයන් අතරට ඔවුන් ද පත් වනු ඇත. එවිට නුඹලා ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. අල්ලාහ් තම ගැත්තන් අතරින් පාප සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය
وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَـٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ ﴿٦﴾
දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් කෙනෙකු ජීවිතය හා වස්තුව පරදුවට තබමින් නුඹගෙන් අසල්වැසිභාවය ඉල්ලා සිටින්නේ නම් අහෝ දූතය! ඔවුන් අල් කුර්ආනයට සවන් දෙන තෙක් ඔවුන්ගේ ඉල්ලීමට ප්රතිචාර දක්වනු. පසුව ඔවුන් සුරක්ෂිත ස්ථානයකට සේන්දු කරවනු. ඊට හේතුව සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙම දහමේ යථාර්ථය පිළිබඳ නොදන්නා පිරිසක් වන බැවිණි. ඔවුන් මෙම කුර්ආන් පාරායනයට සවන් දී ඒ ගැන වටහා ගත්තේ නම් ඇතැම් විට ඔවුන් යහමග ලබන්නට පුළුවන
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَـٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَـٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿٧﴾
දෙවියන්ට ආදේශ තැබූවන්හට අල්ලාහ් සමග ගිවිසුමක් හෝ අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් රැකවරණයක් හෝ තිබීම නිවැරදි කරුණක් නොවන්නේය. නමුත් අහෝ මුස්ලිම්වරුනි! හුදෙයිබියා ගිවිසුමෙහි මස්ජිද් හරාම් අබියස නුඹලා දේව ආදේශකයින් සමග ගිවිස ගත් ඔවුන්ගේ ගිවිසුම හැර. නුඹලා අතර හා ඔවුන් අතර පවතින ගිවිසුමක් මත ඔවුන් පිහිටා එය කඩ නොකර, නුඹලාට එය ඉටු කරන්නේ නම් නුඹලා එය කඩ නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කරන බැතිමතුන් කෙරෙහි අල්ලාහ් ප්රිය ل කරයි
كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَـٰسِقُونَ ﴿٨﴾
ඔවුන් නුඹලාගේ සතුරන් ව සිටිය දී ගිවිසුමක් හා ආරක්ෂාවක් ඔවුනට ඇතිවිය හැකි ද? ඔවුන් නුඹලා ව ජය ගත්තේ නම් අල්ලාහ් නුඹලා සමග සිටින බව හෝ සමීප බව හෝ සැලකිලිමත් නොවෙති. එමෙන්ම ගිවිසුම පිළිබඳ ව ද ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ වෙනුවට ඔවුහු නුඹලාට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ඔවුන්ගේ දිවවල් කවර යහපත් ප්රකාශයක් පවසන්නේ ද එමගින් ඔවුන් නුඹලා ව තෘප්තියට පත් කළ ද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ කට වචනයට අවනත නොවනු ඇත. එහෙයින් ඔවුන් පවසන දෑ ඉටු කරන්නේ නැත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ගිවිසුම කඩ කළ හේතුවෙන් අල්ලාහ්ට අවනතවීමෙන් ඉවත් වූවෝ වෙති
ٱشْتَرَوْا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٩﴾
ඔවුහු විරෝධය පෑහ. ගිවිසුම ඉටු කරන මෙන් සඳහන් අල්ලාහ්ගේ වදන් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට තම ආශාවන් හා තම කැමත්ත වෙත සේන්දු කරවන මෙලොව සුන්බුන් වලින් සුළු මිලක් ගත්තෝය. සත්ය අනුගමනය කිරීමෙන් ඔවුහු තමන් ව වළක්වා ගත්තෝය. එය හෙළා දුටුවෝය. සෙසු අය ද සත්යයෙන් වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් සිදුකරමින් සිටි ඔවුන්ගේ ක්රියාව නපුරු විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل
لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ ﴿١٠﴾
දේව විශ්වාසියෙකු විෂයෙහි අල්ලාහ් පිළිබඳ ව හෝ සමීප ඥාතීන් පිළිබඳ ව හෝ ගිවිසුම පිළිබඳ ව හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. එය ඔහු කෙරෙහි ඔවුන් තුළ පවතින සතුරුකම හේතුවෙනි. එහෙයින් ඔවුන් ගැන කවර අපරාධයක් හා සතුරුකමක් විස්තර කරනු ලැබුවේ ද එලෙස ඔවුහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවූවෝ වෙති
فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿١١﴾
ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත
وَإِن نَّكَثُوٓا۟ أَيْمَـٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَـٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَـٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ ﴿١٢﴾
නියමිත කාලයක් දක්වා යුද වැදීම අතහැර දමන බවට නුඹලා ගිවිසුම් ඇති කර ගත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ ගිවිසුම් හා ප්රතිඥාවන් කඩ කරන්නේ නම්, ඔවුන් නුඹලාගේ දහමට දොස් නගන්නේ නම්, ඒ ගැන අඩුපාඩු කියන්නේ නම් නුඹලා ඔවුන් සමග සටන් කරනු. ඔවුන් ප්රතික්ෂේපයේ නායකයින් හා ප්රධානීන් වෙති. ඔවුන්ගේ ප්රාණ රඳවා තබන ගිවිසුම් හෝ ප්රතිඥා ඔවුනට නැත. ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා ගිවිසුම් කඩකිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් නුඹලා ඔවුන් සමග සටන් කරනු
أَلَا تُقَـٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَـٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٣﴾
إن كنتم م ؤمنين අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! තම ගිවිසුම් හා ප්රතිඥා කඩ කරන පිරිසක් සමග නුඹලා යුද නොවදිනුයේ මන් ද? ඔවුන් දාරුන් නද්වා හි ඔවුන්ගේ රැස්වීම් වලදී දූතයාණන් ව මක්කාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළෝය. නබි තුමාණන්ට දිවුරුම් දුන් කුසාආ ගෝත්රයට එරෙහි ව කුරෙය්ෂ්වරුන්ට දිවුරුම් දුන් බක්රා ගෝත්රයට ඔවුන් උපකාර කළ අවස්ථාවේ පළමු වරට යුද්ධය ආරම්භ කළේ ඔවුහුය. නුඹලා ඔවුනට බිය වී ඔවුන් සමග යුද වැදීමට පෙරමුණ නොගන්නෙහු ද? නුඹලා සැබෑ විශ්වාසීන් නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා පිවිතුරු අල්ලාහ්ය
قَـٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ ﴿١٤﴾
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන්ට ආදේශ තබන මොවුන් සමග නුඹලා සටන් කරනු. හේතුව සැබැවින්ම නුඹලා ඔවුන් සමග සටන් කරන්නේ නම් අල්ලාහ් නුඹලාගේ දෑතින් ඔවුනට දඬුවම් කරනු ඇත. එය නුඹලා ඔවුන් ව මරා දැමීමෙනි. ඔවුන් අන්ත පරාජයට පත් කරමින්, ඔවුන් සිරභාරයට පත් කරමින්, ඔවුන් අවමානයට පත් කරනු ඇත. නුඹලා ඔවුන් අභිබවා යන්නට සලස්වා නුඹලාට ඔහු උදව් කරනු ඇත. යුද්ධය නොදුටු දේව විශ්වාසී ජනයාගේ හදවත් තුළ පවතින රෝගය, ඔවුන්ගේ සතුරන් ඝාතනය කරනු ලැබීම, සිරභාරයට ගනු ලැබීම හා අන්ත පරාජයට පත්වීම යනාදි වශයෙන් ඔවුනට අත් වූ ඉරණම හා ඔවුනට එරෙහි ව දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය තුළින් ඔහු සුවපත් කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١٥﴾
දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය හේතුවෙන් එම ගැත්තන්ගේ හදවත් තුළ ඔහු ක්රෝධය දුරස් කරනු ඇත. මක්කා ජයග්රහණයේදී ඇතැම් මක්කා වාසීන්ට අත් වූවාක් මෙන් මෙම මුරණ්ඩුකම් ඇත්තන් පාප ක්ෂමාවේ නිරත වූයේ නම් අල්ලාහ් තමන් අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත. ඔවුන් අතර සැබෑ ලෙස පාප ක්ෂමාවෙහි නිරත වන්නා කවුරුන් දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ සැලසුමෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය
أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَـٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٦﴾
අහෝ දේව විශ්වාසී ජනයිනි! කිසිදු පරීක්ෂණයකින් තොරව අල්ලාහ් නුඹලා ව අතහැර දමනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ න්යායයන් අතරින් එක් න්යායයකි. නුඹලා අතරින් අල්ලාහ් සමග හෝ ඔහුගේ දූතයාණන් සමග හෝ දේවත්වය විශ්වාස කරන සෙසු මුඃමින්වරුන් සමග හෝ හැර එමෙන්ම දේව ප්රතික්ෂේපකයින් සමඟ රහසිගත ව මිතුදම් නොපාන අල්ලාහ්ට අවංකව කැපවන ගැත්තන් කවුරුන්දැයි ද, ඔවුන් අතර සාධාරණ ව කටයුතු කරන නිර්මල උදවිය කවුරුන්දැයි ද, අල්ලාහ් ප්රත්යක්ෂ කර ගන්නා තෙක් නුඹලාව පරීක්ෂාවට භාජනය කරනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත
مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَـٰجِدَ ٱللَّهِ شَـٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَـٰلِدُونَ ﴿١٧﴾
خلدون අල්ලාහ්ට ආදේශ තබන්නන්, ඔහු විසින් ඔවුනට හෙළි කරනු ලැබූ දෑ ඔවුන් විසින්ම ප්රතික්ෂේප කිරීම පිළිගෙන සිටින තත්ත්වයේ නැමදුම් හා වෙනත් ඇදිහිලි මගින් අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවන්නේය. තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ ඔවුන්මය. එය පිළිගැනීම සඳහා අවශ්ය ඊමාන් නම් කොන්දේසිය ඔවුන් අහිමි කර ගෙන ඇත. නමුත් ඔවුහු ඔවුන්ගේ මරණයට පෙර පාප ක්ෂමාවේ නිරත වූයේ නම් මිස, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදා පිවිසෙනු ඇත
إِنَّمَا يَعْمُرُ مَسَـٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَـٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ ﴿١٨﴾
මස්ජිද් පරිපාලනය කිරීමටත්, ඒවායෙහි යුතුකම් ඉටු කිරීමටත් සුදුස්සන් වනුයේ, කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ විශ්වාස කරන, සලාතය ඉටු කරන, තම ධනයෙන් සකාත් ද පිරිනමන, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවන අය හටය. ඍජු මාර්ගය වෙත මග ලබන්නට අපේක්ෂා කරන්නෝ මොවූහුය. දේව ආදේශකයින් වනාහි එයින් වඩාත් දුරස් ව සිටින්නට බලන්නෝ වෙති
۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَجَـٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٩﴾
ه අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කර, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කර, අල්ලාහ්ගේ වදන උසස් වීමට හා දේව ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා තම ප්රාණය හා වස්තුව පරදුවට තබා කැපවන අය මෙන් මස්ජිදය පරිපාලනය කිරීමේ හා පැමිණෙන හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීමේ කටයුතු මෙහෙයවන්නන් නුඹලා පත් කරන්නෙහු ද? අල්ලාහ් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අබියස ඇති මහිමයෙහි නුඹලා ඔවුන් සමාන තත්ත්වයෙහි සලකන්නෙහු ද? කිසිවිටෙක අල්ලාහ් අබියස ඔවුන් සම තත්ත්වයේ පසුවන්නේ නැත. හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම වැනි යහපත් ක්රියාවන් කළ ද, දේව ආදේශය හේතුවෙන් අපරාධකරුවන්ට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත
ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ﴿٢٠﴾
අල්ලාහ් ව විශ්වාස කිරීම, දෙවියන් ප්රතික්ෂේප කරන දේශයකින් නික්ම වී ඉස්ලාමීය දේශය වෙත පියනැගීම, තම වස්තුව හා ජීවිත පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කිරීම යනාදී කරුණු එකට සිදු කළ අය වනාහි, ඔවුන් සෙසු අයට වඩා අල්ලාහ් ඉදිරියේ තරාතිරමින් උසස් අය වෙති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ස්වර්ගයේ ජයග්රාහකයෝ ඔවූහුමය. يبشرهم رب هم برحمة منهورضون وجنت لهم فيها نعيم مقيم
يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍۢ مِّنْهُ وَرِضْوَٰنٍۢ وَجَنَّـٰتٍۢ لَّهُمْ فِيهَا نَعِيمٌۭ مُّقِيمٌ ﴿٢١﴾
ඔවුන්ගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ ඔවුන්ගේ දයාව ගැන සතුටු වන දේ සහ උන් වහන්සේගේ සතුට ඔවුන් වෙත ගෙන ඒම පිළිබඳව ඔවුන්ට දන්වයි. එහෙයින් කිසිවිටෙක ඔහු ඔවුන් මත කෝප නොවෙයි. ස්වර්ග උයන් වලට පිවිසීම තුළින් කිසිවිටෙක අවසන් නොවන සදා සැප පහසුකම් ඔවුනට එහි හිමි වනු ඇත
خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ﴿٢٢﴾
අවසානයක් නැති එම ස්වර්ග උයන් වල ඔවුහු සදා රැඳෙති. එය ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා වූ ප්රතිඵලයක් වශයෙනි. අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී, අවංක ලෙස ඔහුට පමණක් දහම පුද කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් කුසල් ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوٓا۟ ءَابَآءَكُمْ وَإِخْوَٰنَكُمْ أَوْلِيَآءَ إِنِ ٱسْتَحَبُّوا۟ ٱلْكُفْرَ عَلَى ٱلْإِيمَـٰنِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٢٣﴾
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිනු. පරම්පරාවෙන් පැවත එන නුඹලාගේ මුතුන් මිත්තන් නුඹලාගේ සහෝදරයින් හා වෙනත් අය අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම වෙනුවට ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය බලපෑවේ නම් දේව විශ්වාසීන්ගේ රහස් ඔවුනට පතුරමින් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් සමග යහපත් ආශ්රයක් ඇති කර නොගනු
قُلْ إِن كَانَ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَٰنُكُمْ وَأَزْوَٰجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَٰلٌ ٱقْتَرَفْتُمُوهَا وَتِجَـٰرَةٌۭ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَـٰكِنُ تَرْضَوْنَهَآ أَحَبَّ إِلَيْكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٍۢ فِى سَبِيلِهِۦ فَتَرَبَّصُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿٢٤﴾
ى ه ه අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලාගේ මුතුන් මිත්තන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයින්, නුඹලාගේ බිරියන්, නුඹලාගේ ඥාතීන්, නුඹලා උපයන නුඹලාගේ ධනය, නුඹලා එහි ලාභය ප්රිය කරන එහි අවපාතයට බිය වන නුඹලාගේ ව්යාපාරය, නුඹලා වාසය කිරීමට ප්රිය කරන නුඹලාගේ නිවෙස් යන මේ සියල්ලම අල්ලාහ්ට, ඔහුගේ දූතයාණන්ට හා ඔහුගේ මාර්ගයේ කැපවන්නන්ට වඩා නුඹලාට ප්රිය මනාප නම්, නුඹලාට පහළ වන විනාශය හා දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. අල්ලාහ් තෘප්තිමත් වන ක්රියාවන් තුළින් ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් හට ඔහු ආශිර්වාද කරන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍۢ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْـًۭٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ ﴿٢٥﴾
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් මත විශ්වාසය තබා, අවශ්ය සාධක සූදානම් කර ගත් අවස්ථාවේ, නුඹලාගේ බලඇණිය දුර්වල හා අඩු සංඛ්යාවකින් පෙනී සිටියදී පවා එවන් බොහෝ යුද්ධ වලදී දෙවියන්ට ආදේශ තැබූ නුඹලාගේ සතුරන්ට එරෙහි ව සැබැවින්ම අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එහෙයින් නුඹලාගේ අධිකත්වය දැක නුඹලා හාස්යයට පත් නොවනු. ඔවුනට එරෙහි ව නුඹලාට අත්වන ජයග්රහණයට අධිකත්වය හේතුවක් වන්නේ නැත. හුනෙය්න් දිනයෙහි නුඹලාගේ අධිකත්වය ගැන පුදුමයට පත් ව, ‘අද දින සුළු පිරිස විසින් අප පරාජය කළ නොහැක’ යැයි නුඹලා පවසා සිටියහ. නමුත් නුඹලා මවිතයට පත් කළ නුඹලාගේ අධිකත්වය නුඹලාට කිසිදු ප්රයෝජනයක් ගෙන දුන්නේ නැත. නුඹලාගේ සතුරන් විසින් නුඹලාව පරාජයට පත් කළේය. මහ පොළොව විශාල වුව ද එය නුඹලාට පටු විය. පසු ව නුඹලා පරාජිතයින් ලෙස නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගියෙහුය
ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًۭا لَّمْ تَرَوْهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْكَـٰفِرِينَ ﴿٢٦﴾
නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගිය පසු ව, ඔහුගේ දූතයාණන්ට අල්ලාහ් සැනසුම පහළ කළේය. දෙවියන් විශ්වාස කළ අයට ද පහළ කළේය. එවිට ඔවුහු යුද්ධය ස්ථීර කර ගත්තෝය. ඔවුන් නුදුටු මලක්වරුන් පහළ කළේය. අවසානයේ ප්රතික්ෂේප කළවුන් ඝාතනයට ලක්වීම, සිරගත වීම, වස්තුව අහිමිවී යාම හා තම පරම්පරාවේ අයවලුන් වහල්භාවයට පත්වීම යනාදියට මුහුණ දීමට සිදු විය. මොවුනට අත් වූ එම ප්රතිවිපාකය ඔවුන්ගේ දූතයාණන් ව බොරු කර එතුමාණන් ගෙන ආ දෑ පිටුපාමින් ප්රතික්ෂේප කිරීමේ ප්රතිවිපාකයයි
ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٢٧﴾
සැබැවින්ම කවරෙකු මෙම දඬුවමට පසු ව තම ප්රතික්ෂේපභාවයෙන් හා මුළාවෙන් මිදී පාප ක්ෂමාව අයැද සිටින්නේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ තව්බා ව පිළිගනු ඇත. තමාට පසුතැවිලි වී සමාව අයදින තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලිය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එය ප්රතික්ෂේප කිරීමෙන් හා වැරදි සිදු කිරීමෙන් පසු ඔවුන් කළ පාප ක්ෂමාව පිළිගැනීමෙනි
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌۭ فَلَا يَقْرَبُوا۟ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةًۭ فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌۭ ﴿٢٨﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔහු විසින් ආගමානුගත කළ කරුණු පිළිපදින්නනි! සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් කිලිටිය. එය ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය, අපරාධය, පහත් ගුණාංග හා පහත් සිරිත් විරිත් තිබෙන බැවිණි. එහෙයින් මක්කා පාරිශුද්ධ භූමියට ඔවුන් ඇතුළත් නොවිය යුතුය. මස්ජිදුල් හරාම් ද ඒ අතරිනි. මෙම වසරින් පසු (එනම් නව වන හිජ්රි වර්ෂයෙන් පසු) ඔවුන් හජ් හෝ උම්රා වන්දනාකරුවන් ලෙස සිටිය ද ඇතුළත් නොවිය යුතුයි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා වෙත ඔවුන් ගෙන එන ආහාර පාන හා විවිධ ව්යාපාරික භාණ්ඩ නැවැත්වීම හේතුවෙන් නුඹලා දිළිඳුභාවය පිළිබඳ ව බියවන්නේ නම්, දැනගනු! අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුගේ භාග්යය නුඹලාට ප්රමාණවත් වන්නේය. සැබැවින්ම නුඹලා කවර ස්ථාවරයක සිටින්නේ දැයි අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා වෙනුවෙන් ඔහු යොදා ඇති සැලසුම ගැන මහා ප්රඥාවන්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَـٰتِلُوا۟ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلْحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ حَتَّىٰ يُعْطُوا۟ ٱلْجِزْيَةَ عَن يَدٍۢ وَهُمْ صَـٰغِرُونَ ﴿٢٩﴾
ى අල්ලාහ් කිසිදු හවුල්කරුවකු නොමැති දෙවියා බව විශ්වාස නොකරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට තහනම් කළ මිය ගිය සතුන්, සූකර මාංශ, මත් ද්රව්ය, පොළිය යනාදියෙන් වැළකී නොසිටින, අල්ලාහ් ආගමානුගත කළ දෑ ට යටත් නොවන යුදෙව්වන් හා කිතුනුවන් අතරින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් සමග ඔවුන් යටහත් පහත්ව බදු ගෙවන තෙක් නුඹලා සටන් කරනු
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَـٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَـٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٣٠﴾
සැබැවින්ම යුදෙව් හා කිතුනු සෑම සමූහයක්ම දෙවියන්ට ආදේශ තබන්නෝ වෙති. සැබැවින්ම උසෙයිර් අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් යුදෙව්වන් අල්ලාහ්ට අදේශ තබති. සැබැවින්ම මසීහ් ඊසා අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් කිතුනුවන් අල්ලාහ්ට ආදේශ තබති. එය කිසිදු සාධකයක් ඉදිරිපත් කිරීමකින් තොර ව ඔවුන්ගේ කටින් ගොතා පවසන ප්රකාශ පමණි. මොවුහු තමන්ට පෙර, "සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන්" යැයි පවසා සිටි අයට සමාන අය වෙති. අල්ලාහ් එයට ඉහළය, උත්තරීතරය. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. සැබෑ සත්යයෙන් ව්යාජ දෑ වෙත ඔවුන් හැරෙනුයේ කෙසේද?
ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَـٰنَهُمْ أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَـٰهًۭا وَٰحِدًۭا ۖ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ سُبْحَـٰنَهُۥ عَمَّا يُشْرِكُونَ ﴿٣١﴾
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය
يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ ﴿٣٢﴾
දේවත්වය ප්රතික්ෂේප කරන මොවුන් හා දේව ප්රතික්ෂේපයේ පිළිවෙත් මත සිට බොරු ගොතමින් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් සිටි ජනයා අපේක්ෂා කරනුයේ, ඉස්ලාමය විනාශ කිරීමටත් එය නිෂ්ඵල කිරීමටත්, අල්ලාහ්ගේ ඒකීයත්වය මත ඔහුගේ දූතයාණන් ගෙන ආ සත්යය තහවුරු කරන පැහැදිලි සාක්ෂි හා පහැදිලි සාධක ව්යාජ කිරීමටත් ය. සැබැවින් ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ සත්යය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම දහම සම්පූර්ණ කිරීමටත්, එය හෙළි කිරීමටත් සෙසු පිළිවෙත් වලට වඩා එය ඉහළින් තැබීමටත් අපේක්ෂා කරයි. වෙනත් කරුණු ඔහු ප්රතික්ෂේප කරයි. සැබැවින්ම අල්ලාහ් එය සම්පූර්ණ කරන්නාය. එය හෙළි කරන්නාය. එය ඉහළ නංවන්නාය. අල්ලාහ් යමක් අපේක්ෂා කළ විට වෙනත් අයගේ අපේක්ෂාවන් ශුන්ය වී යයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ ﴿٣٣﴾
මිනිසුනට මාර්ගෝපදේශයක් වූ අල් කුර්ආනය හා සත්ය දහම වන ඉස්ලාම් දහම සමග දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එව්වේ පිවිතුරු අල්ලාහ්ය. එය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද සෙසු දහම් වලට වඩා නීති රීති සාක්ෂි හා සාධක තුළින් එය උසස් කරනු පිණිස ය
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ كَثِيرًۭا مِّنَ ٱلْأَحْبَارِ وَٱلرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَـٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۗ وَٱلَّذِينَ يَكْنِزُونَ ٱلذَّهَبَ وَٱلْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِى سَبِيلِ ٱللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍۢ ﴿٣٤﴾
අහෝ දෙවියන් විශ්වාස කොට අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කරන්නනි! යුදෙව්වන් අතර සිටින විද්වතුන් බොහෝ දෙනා හා කිතුනුවන් අතර සිටින වන්දනාකරුවන් බොහෝ දෙනා කිසිදු ආගමික න්යයකින් තොර ව මිනිසුන්ගේ වස්තුව සූරා කති. ඔවුන් අල්ලස් හා (එවැනි නිත්යානුකූල නොවන) වෙනත් දෑ ගනිති. අල්ලාහ්ගේ දහම තුළට ජනයා පිවිසීමෙන් ඔවුන් වළක්වති. රන් හා රිදී රැස් කර, ඔවුනට අනිවාර්යය වූ සකාතය ඉටු නොකරන්නන් වනාහි අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වැරදි හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇති බව දන්වා සිටිනු
يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِى نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَـٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا۟ مَا كُنتُمْ تَكْنِزُونَ ﴿٣٥﴾
كنتم تك نزون මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නෙහි ඔවුන් එක් රැස් කොට තමන් විසින් නිකුත් කළ යුතු දැයින් වළක්වා ගත් දෑ ඉන්ධන බවට පත් කරයි. එහි උෂ්ණත්වය දැඩි වූ විට ඔවුන්ගේ නළල්, ඔවුන්ගේ ඉලපත් හා ඔවුන්ගේ පිටවල් මත තබනු ලැබේ. ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මෙය නුඹලා එක්රැස් කළ මෙන්ම එහි අනිවාර්යය වගකීම ඉටු නොකළා වූ නුඹලාගේ වස්තුව වේ. එහෙයින් නුඹලා රැස් කරමින් හා එහි යුතුකම් ඉටු නොකරමින් සිටි දෑ හි ප්රතිවිපාක හා එහි දඬුවම භුක්ති විඳිනු."
إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًۭا فِى كِتَـٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌۭ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا۟ فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَـٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةًۭ كَمَا يُقَـٰتِلُونَكُمْ كَآفَّةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ﴿٣٦﴾
අහස් හා මහ පොළොව මැවූ දා පටන් සටහන් පුවරුවේ අල්ලාහ් ස්ථීර කර ඇති පරිදි අල්ලාහ්ගේ නියමයේ හා න්යායයේ වසරේ මාස ගණන දොළොසකි. එම මාස දොළොසින් මාස හතරක යුද වැදීම අල්ලාහ් තහනම් කළේය. එය එකිනෙක පර ව එන දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාස තුන හා වෙනමම එන රජබ් මාසයයි. සඳහන් කරනු ලැබූ මේ මාස ගණන හා ඒ අතරින් තහනම් කරන ලද මාස හතර වනාහි ඍජු ධර්මතාව එයයි. මෙම පිවිතුරු මාස වල යුද්ධ ඇති කරමින් නුඹලා නුඹලාටම අපරාධ නොකරනු. එහි ගෞරවය නොකෙලසනු. ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ද ඔවුන් සියල්ලන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන් සමග ජයග්රහණයේ දී හා ජය තහවුරු කිරීමේ දී අල්ලාහ් සිටින බව දැන ගනු. කවරෙකු සමග අල්ලාහ් සිටින්නේ ද එවිට කිසිවකු ඔහු අභිබවා යා නොහැක
إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌۭ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُوا۟ يُحِلُّونَهُۥ عَامًۭا وَيُحَرِّمُونَهُۥ عَامًۭا لِّيُوَاطِـُٔوا۟ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّوا۟ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَـٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ ﴿٣٧﴾
(අරාබිවරු අඥාන යුගයේ සිදු කළාක් මෙන්) ශුද්ධ වූ මාසයේ පාරිශුද්ධතාව වෙනුවට ශුද්ධ නොවන මාසය දක්වා ප්රමාද කිරීමත්, එය එම ස්ථානයේ තැබීමත් අල්ලාහ් පිළිබඳ ඔවුන්ගේ ප්රතික්ෂේපය වඩ වඩාත් වර්ධනය කරනු ඇත. එය ශුද්ධ වූ මාසය තුළ පවතින ඔහුගේ ප්රඥාව ඔවුන් විසින් ප්රතික්ෂේප කරන පරිදිය. මෙම නරක වසර بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුනට බලාත්මක වන විට ෂෙයිතාන් එමගින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් නොමග යවනු ඇත. ඔවුන් වසරක් ශුද්ධ මාසය අනුමත මාස වලින් එක් මාසයක් බවට පෙරළමින් අනුමත කර ගනිති. අල්ලාහ් තහනම් කළ මාස ගණනට අනුකූල වනු පිණිස වසරක් එහි තහනම්භාවය මත රැඳී සිටිති. එහි සැලකිය යුතු කරුණකට විරුද්ධවූයේ නම් එක් මාසයක් තවත් මාසයක ස්ථානයේ තබා ඔවුන් එය තහනම් කරනවාක් මිස මාසය අනුමත කරගන්නේ නැත. ඒ අනුව ඔවුන් අල්ලාහ් තහනම් කළ ශුද්ධ මාස අනුමත කර ගනිති. එහි ඇති ප්රඥාවට විරුද්ධ වෙති. ෂෙයිතාන් විසින් නපුරු ක්රියාවන් ඔවුනට අලංකාරවත් කරයි. ඔවුහු එය ඉටු කරති. ඒ අතරින් ප්රමාදය පිළිබඳ නව ක්රමවේදයක් ආරම්භ කිරීමත් ඇතුළත් වේ. තම ප්රතික්ෂේපයේ නිරත ව සිටින ප්රතික්ෂේපකයින් හට අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْـَٔاخِرَةِ ۚ فَمَا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْـَٔاخِرَةِ إِلَّا قَلِيلٌ ﴿٣٨﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කර තමන් වෙනුවෙන් ආගමානුගත කළ දෑ පිළිපදින්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීමට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා නුඹලා ඇරයුම් කරනු ලබන විට, නුඹලා ප්රමාද වී නුඹලාගේ වාසස්ථාන වල රැඳී සිටීමට ගිය කාරණාව කුමක් ද? අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන සටන්කාමීන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති සදාතනික මතු ලොව සැප සම්පත් වෙනුවට ඉතා පහත් මෙන්ම එහි සැප පහසුකම් බිඳී යන මෙලොව ජීවිතයේ සැප පහසුකම් පිළිබඳ නුඹලා තෘප්තියට පත් වන්නෙහු ද? මෙලොව සැප පහසුකම් මතු ලොව පැත්තෙන් බලන විට ඉතා අල්පයක් මිස නැත. සදා පවතින්නක් වෙනුවට විනාශ වී යන්නක් හා අති මහත් දෙයක් වෙනුවට අල්ප දෙයක් තෝරා ගැනීම බුද්ධිමතෙකුට කෙසේ නම් විය හැකි ද?
إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًۭٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٣٩﴾
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා පිටත් ව නොයන්නේ නම් අවමානය, පරාජය හා වෙනත් කරුණු තුළින් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. එමෙන්ම ජිහාද් සඳහා පිටත්වන්නට ඇරයුම් කරන විට එසේ පිටත් ව යන අල්ලාහ්ට කීකරු තවත් පිරිසක් නුඹලා වෙනුවට ඔහු පෙරළා බිහි කරනු ඇත. ඔහුගේ නියෝගයට නුඹලා පිටුපෑම හේතුවෙන් ඔහුට කිසිවක් හානි කරන්නේ නැත. ඔහු නුඹලාගේ අවශ්යතාවෙන් තොරය. ඔහු වෙත අවශ්යතාව ඇත්තෝ නුඹලාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු ඔහුගේ දහමට ඔහුගේ නබිවරයාට නුඹලා නොමැතිවම ජය ලබා දීමට බලය ඇත්තාය
إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَـٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍۢ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ﴿٤٠﴾
ه ه ى අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්හට උදව් නොකළේ නම් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නට එතුමාණන් ඇරයුම් කරන විට නුඹලා එයට පිළිතුරු නොදුන්නේ නම් හෝ සැබැවින්ම නුඹලා එතුමාණන් සමග නොවුව ද, අල්ලාහ් එතුමාට උදව් කරනු ඇත. දෙවියන් ආදේශ කරන්නන් විසින් එතුමාණන් ව හා අබූ බක්කර් තුමා ව පිටුවහල් කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සොයා ආ දේව ප්රතික්ෂේපකයින්හට බියෙන් සව්ර් ගුහාවේ සිටියදී ඔවුන් දෙදෙනා සමග තුන්වැන්නෙකු නොවීය. දේව ප්රතික්ෂේපකයින්ගේ ග්රහණයට හසුවනු ඇතැයි බිය වූ එතුමාණන්ගේ මිතුරු අබූ බක්කර් තුමාට, "ඔබ දුක් නොවනු. සැබවින් අල්ලාහ් ජය තහවුරු කිරීමට හා උදව් කිරීමට අප සමග සිටින්නේය" යැයි පැවසූ අවස්ථාවේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ගේ සිතට සැනසුම පහළ කළේය. එතුමාණන් ශක්තිමත් කරන ඔවුන් නොදුටු මලක්වරුන් ද පහළ කළේය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රකාශය පහත් කොට, ඉස්ලාමය උසස් වීමට සලස්වා අල්ලාහ්ගේ වදන උසස් කළේය. අල්ලාහ් ඔහුගේ ස්වභාවයේ හා ඔහුගේ බලයේ හා ඔහුගේ ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. සැලසුම් කිරීමෙහි ද ඔහුගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි ද ඔහු මහා ප්රඥාවන්තය
ٱنفِرُوا۟ خِفَافًۭا وَثِقَالًۭا وَجَـٰهِدُوا۟ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٤١﴾
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! පහසුකම් ඇති තත්ත්වයේ ද පහසුකම් නොමැති තත්ත්වයේ ද තරුණයින් හා මහල්ලන් වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමට පිටත් ව යනු. නුඹලාගේ ප්රාණ හා නුඹලාගේ වස්තුව පරදුවට තබා කැපවනු. එසේ යුද්ධය සඳහා පිටත් වීමත්, ප්රාණය හා වස්තුව පරදුවට තැබීමත්, යුද්ධයට සහභාගී නොවී රැඳී සිටීම හෝ වස්තුවට හා ප්රාණයට ඇලී සිටීමට වඩා මෙලොව මෙන්ම මතු ලොවට වඩාත් ප්රයෝජනවත් වන්නේය. ඒ ගැන නුඹලා දැන සිටියෙහු නම් ඒ සඳහා ප්රිය කරනු
لَوْ كَانَ عَرَضًۭا قَرِيبًۭا وَسَفَرًۭا قَاصِدًۭا لَّٱتَّبَعُوكَ وَلَـٰكِنۢ بَعُدَتْ عَلَيْهِمُ ٱلشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِٱللَّهِ لَوِ ٱسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَٱللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿٤٢﴾
කුහකයින් අතරින්, ප්රමාදවීමට නුඹගෙන් අවසර පතන්නන්ව නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද, එය පහසුවෙන් අත්පත් කර ගත හැකි යුද භාණ්ඩයක් හෝ කිසිදු අසීරුතාවක් නොමැති ගමනක් වී නම් ඔවුන් නුඹ පසුපස හඹා එනු ඇත. නමුත් අහෝ නබිවරය! සතුරන් වෙත යෑම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කළ දුර ප්රමණය දිගු විය. කුහකයින් අතරින් ප්රමාද වීමට අවසර පැතූ මොවුන් වෙත නුඹ ගිය කල්හි ඔවුහු අල්ලාහ් මත දිවුරමින් "නුඹලා සමග ජිහාද් කිරීමට පිටත් වීමට අපට හැකියාව ඇත්නම් අප ද පිටත් ව එන්නට තිබුණි." යැයි පවසන්නට වූහ. ඔවුන්ගේ ප්රමාදයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හා මෙම බොරු විශ්වාසය හේතුවෙන් අල්ලාහ්ගේ දඬුවමට ඉදිරියේ ඔවුන් ඔවුන්වම විනාශ කර ගත්තෝය. ඔවුන් වාද කරමින් සිටින දෑ හි මෙන්ම ඔවුන්ගේ මෙම විශ්වාසයේ ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් දනී
عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُوا۟ وَتَعْلَمَ ٱلْكَـٰذِبِينَ ﴿٤٣﴾
අහෝ දූතය! ප්රමාද වීමට ඔවුනට අවසර දීමේ ඔබේ උත්සහයට අල්ලාහ් ඔබට සමාව දෙත්වා! ඔබට ඔවුන් ඉදිරිපත් කළ හේතු සාධක වල සත්යවාදීන් කවුරුන්ද බොරුකාරයින් කවුරුන්ද යැයි ඔබට පැහැදිලි වන තෙක් එහිදී ඔවුනට එසේ අනුමැතිය පිරිනැමුවේ කුමක් නිසාවෙන් ද? එසේ වූයේ නම් ඔවුන් අතර සිටි බොරුකාරයින්ට හැර සත්ය පවසන්නන්ට පමණක් අනුමැතිය දෙන්නට තිබිණ
لَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ أَن يُجَـٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ﴿٤٤﴾
අහෝ දූතය! සැබෑ විශ්වාසයකින් යුතුව අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව හා තම ජීවිත පරදුවට තබා කැපවීම සඳහා ප්රමාද වීමට ඔබෙන් අනුමැතිය පැතීම ඔවුන්ගේ කටයුත්තක් නොවන්නේය. ඔවුන්ගේ කරුණ වනුයේ ඔබ ඔවුන් කැඳ වූ අවස්ථාවේ එසේ පෙරළා පැමිණ ඔවුන්ගේ ප්රාණය හා වස්තුව පරදුවට තබා සටන් කිරීමය. ඔබ සමග පිටත් වීමට ඔවුන් වැළැක් වූ හේතු සාධක නිසාවෙන් මිස එසේ ඔබෙන් අනුමැතිය නොඉල්ලූ තම බැතිමත් ගැත්තන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය
إِنَّمَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَٱرْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِى رَيْبِهِمْ يَتَرَدَّدُونَ ﴿٤٥﴾
අහෝ දූතය! අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා ප්රමාදවීමේ අනුමැතිය ඔබෙන් පැතූ අය වනාහි, අල්ලාහ් ව විශ්වාස නොකරන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන කුහකයෝ වෙති. එමෙන්ම තම හදවත් තුළ අල්ලාහ්ගේ දහම විෂයයෙහි සැක ඇත්තෝ වෙති. ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙමින් සිටිති. සත්ය වෙත මග නොලබති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَلَوْ أَرَادُوا۟ ٱلْخُرُوجَ لَأَعَدُّوا۟ لَهُۥ عُدَّةًۭ وَلَـٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ ٱقْعُدُوا۟ مَعَ ٱلْقَـٰعِدِينَ ﴿٤٦﴾
සැබැවින්ම ඔබ සමග අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා පිටත් වීමට ඔවුන් අපේක්ෂා කරන බවට ඔවුන් තබන වාදයේ ඔවුන් සත්යවාදීහු නම්, ඒ සඳහා අවශ්ය කළමනා සූදානම් කරන්නට තිබුණි. නමුත් ඔබ සමග ඔවුන් පිටත් වීම අල්ලාහ් හෙළා දැක්කේය. ඔවුන්ගේ නිවෙස් වලටම වී රැඳී සිටීමට බලපෑමක් ඇති කරන තරමට එසේ පිටත් වීම ඔවුනට බරක් විය
لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًۭا وَلَأَوْضَعُوا۟ خِلَـٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّـٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّـٰلِمِينَ ﴿٤٧﴾
මෙම කුහකයින් නුඹලා සමග පිටත් ව නොයෑම යහපතකි. ඔවුන් නුඹලා සමග පිටත් ව ගියේ නම් ඔවුන් නුඹලා අතර පහත් කිරීම, සැකය ඇති කිරීම යනාදී කටයුතු වල නිරත වී අර්බුදයක් ඇති කිරීම මිස වෙනත් කිසිවක් වර්ධනය කරන්නේ නැත. නුඹලා අතර විභේද කිරීම සඳහා කේලම් කියමින් නුඹලාගේ බල ඇණියන් අතර සැරිසරනු ඇත. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර බොරුව ප්රවර්ධනය කරන දෑ ට සවන් දෙන අය ද වෙති. ඔවුන් එය පිළිගෙන පතුරුවාලති. එවිට නුඹලා අතර මතභේද හට ගනියි. දෙවියන් විශ්වාස කරන්නන් අතර සැක ඇති කරන විෂ පොවන කුහකයින් අතර සිටින අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය
لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَـٰرِهُونَ ﴿٤٨﴾
මෙම කුහකයෝ දෙවියන් විශ්වාස කළවුන්ගේ ප්රකාශයේ බෙදීම් ඇති කර තබූක් යුද්ධයට පෙර ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් කලහකම් කිරීමට ආශා කළෝය. අහෝ දූතය! කුමන්ත්රණශීලී ලෙස සියලු කටයුතු නුඹ වෙත හරවන්නට බලති. එය ඔවුන්ගේ කුමන්ත්රණය හරහා ජිහාද් පිළිබඳ ඇති නුඹගේ අධිෂ්ඨානයට බලපෑමක් ඇති කරනු පිණිසය. අවසානයේ අල්ලාහ්ගේ උපකාරය පැමිණ එය ඔබට තහවුරු විය. අල්ලාහ් ඔහුගේ දහම ගෞරවයට ලක් කළේය. ඔවුන් පිළිකුල් කළ ද ඔහුගේ සතුරන් ඔහු මැඩලීය. එය ඔවුන් සත්යයට එරෙහි ව අසත්ය ජය ගැනීම ඔවුන් ආශා කරමින් සිටි බැවිණි
وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُوا۟ ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَـٰفِرِينَ ﴿٤٩﴾
අර්බුදකාරී තත්ත්වයන් හී නිදහසට කරුණු දක්වන අය ද කුහකයින් අතර වෙති. ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජිහාදයෙන් පසුබෑමට මට අවසර දෙන්න. රෝම සතුරන්ගේ කාන්තාවන් දුටු විට ඔවුන්ගේ අර්බුදය හේතුවෙන් පාපයක් ඇති නොවනු පිණිස ඔබ සමග පිටත් වීමෙන් පාපයේ බර උසුලන්නට මා හට අවකාශය නොදෙන්න’ යැයි පවසති. දැනගන්න. ඔවුන් සිතන දෑ ට වඩා අතිමහත් අර්බුදයකට ඔවුන් වැටී ඇත. එය කුහකත්වයේ හා පසුගාමිත්වයේ අර්බුදයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කළවුන්ව නිරය සර්ව ප්රකාරයෙන් වටලා ගනු ඇත. ඔවුන් අතරින් කිසිවකු එය මග හරින්නේ නැත. ඉන් පලා යන්නට ස්ථානයක් ඔවුන් ලබන්නේ ද නැත
إِن تُصِبْكَ حَسَنَةٌۭ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌۭ يَقُولُوا۟ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا۟ وَّهُمْ فَرِحُونَ ﴿٥٠﴾
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට සහනයක් ලෙස යම් උපකාරයක් හෝ යුද පිටියේ වස්තුවක් වැනි අල්ලාහ්ගේ ආශිර්වාදයක් හිමි වූයේ නම් එය ඔවුහු පිළිකුල් කරති. ඒ ගැන දුක් වෙති. යම් දරුණු ව්යසනයක් හෝ සතුරු පාර්ශවයට යම් ජයක් ලැබුණු විට එම කුහකයෝ, "අපි අප ගැන බලා ගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් පිට ව ගියාක් මෙන් අප පිටව නොයෑමෙන් ස්ථාවරත්වය ලැබුවෙමු. ඔවුනට අත්විය යුතු මරණය හා සිරගත වීම ඔවුනට අත් විය." යැයි පවසා එම කුහකයෝ ඔවුන්ගේ පවුල වෙතත් ඉතා සතුටින් සුරක්ෂිත ව හැරී යති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿٥١﴾
අහෝ දූතය! එම කුහකයින්ට ඔබ මෙසේ පවසනු. "අල්ලාහ් අපට නියම කළ දෑ මිස වෙන කිසිවක් අප ලබා ගන්නේ නැත. ඔහු අති පිවිතුරුය. අපගේ හිමිකරුය. අප යොමු වන ස්ථානයේ ස්ථානාධිපතිය. අපගේ කටයුතුවලදී ඔහු මත පමණක් සියල්ල භාර කරන්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු පවරනුයේ ඔහු වෙත පමණය. ඔහු ඔවුනට ප්රමාණවත්ය. එම භාරකරු ඉතා යහපත්ය."
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍۢ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوٓا۟ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ ﴿٥٢﴾
"අහෝ දූතය! අපට උපකාරයක් හෝ සාධකයක් හෝ ලැබීම මිස වෙනත් කිසිවක් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? අප බලාපොරොත්තු වනුයේ නුඹලා සමග සටන් කිරීමට අල්ලාහ් අපට අවසරය දුන් විට ඔහු වෙතින් නුඹලාට දඬුවමක් පහළ වී නුඹලා විනාශ කර දමා අපගේ අතින්ම නුඹලා ඝාතනයට ලක් වීමෙන් හෝ සිරගත වීමෙන් නුඹලා දඬුවමට ලක්වීමය. එහෙයින් අපගේ දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම නුඹලාට අත්වන දඬුවම ගැන අපි අපේක්ෂාවෙන් සිටින්නෙමු." යැයි පවසනු
قُلْ أَنفِقُوا۟ طَوْعًا أَوْ كَرْهًۭا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٥٣﴾
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරන වස්තුව නුඹලා වියදම් කරනු. නුඹලාගේ ප්රතික්ෂේපය හා අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් නුඹලා වියදම් කරන දෑ නුඹලාගෙන් කිසිවිටෙක පිළිගන්නේ නැත.’
وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَـٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَـٰرِهُونَ ﴿٥٤﴾
ينفقون إلا وهم كرهون ඔවුන් කරන වියදම් පිළිගනු ලැබීමෙන් ඔවුන් වළක්වාලනුයේ කරුණු තුනකි. එනම් ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීම, ඔවුන් සලාත් ඉටු කරන විට ඔවුනට එය බරක් වීම හා ඔවුන් මැළිකම් දැක්වීම, තම වස්තුව කැමැත්තෙන් වියදම් නොකිරීම යනාදියයි. ඔවුන් ඒවා වියදම් කරනුයේ අකමැත්තෙනි. ඊට හේතුව ඔවුන්ගේ සලාතයේ හෝ ඔවුන් කරන වියදමෙහි ඔවුන් කුසල් අපේක්ෂා නොකරන බැවිණි
فَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَـٰفِرُونَ ﴿٥٥﴾
අහෝ දූතය! කුහකයින් සතු වස්තුව, ඔවුන්ගේ දරුවන් පිළිබඳව විමතියට පත් නොවනු. ඒවා ආකර්ෂණීය ලෙස නොගනු. ඔවුන්ගේ වස්තුවේ හා දරුවන්ගේ අවසානය නපුරකි. ඒවා ලබා ගැනීම සඳහා ගන්නා වෙහෙස හා උත්සාහය ඔවුනට වේදනාවක් බවට අල්ලාහ් පත් කරනු ඇත. එමෙන්ම ඔවුන් සත්යය ප්රතික්ෂේප කරමින් සිටියදීම ඔවුන්ගේ ප්රාණය අල්ලාහ් බැහැර කරන තෙක් ඒවායෙහි අර්බුද පහළ කිරීමෙන් ද ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. ඔහු නිරා ගින්නෙහි පහළම තලයේ තනි ව දඬුවම් කරනු ලබනු ඇත
وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـٰكِنَّهُمْ قَوْمٌۭ يَفْرَقُونَ ﴿٥٦﴾
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! බොරුකාර කුහකයෝ සැබැවින්ම ඔවුන් ද නුඹලාගේ කණ්ඩායමේ පිරිසක් වෙතැයි සහතික කොට පවසති. ඔවුන් නුඹලා අතරින් යැයි පෙන්නුම් කළ ද ඔවුන් ඇතුළාන්තයේ නුඹලා අතරින් නොවෙති. ඔවුන්, දෙවියන්ට ආදේශ තැබූවන් අත් වූ මරණය හා සිරගත වීම් වැනි දෑ තමන්ට ද අත්වනු ඇතැයි බිය වූ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පිරිසකි. එහෙයින් ආරක්ෂාව පිණිස ඔවුහු තම ඉස්ලාමය පෙන්නුම් කරති. لو يجدون ملجٔا أو مغرت أو مدخلا لولوالإيه وهم يجمحون
لَوْ يَجِدُونَ مَلْجَـًٔا أَوْ مَغَـٰرَٰتٍ أَوْ مُدَّخَلًۭا لَّوَلَّوْا۟ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ ﴿٥٧﴾
මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති
وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَـٰتِ فَإِنْ أُعْطُوا۟ مِنْهَا رَضُوا۟ وَإِن لَّمْ يُعْطَوْا۟ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ ﴿٥٨﴾
අහෝ දූතය! දානයක් බෙදා දිමේදී තමන් ප්රිය කරන දෑ තමන්ට නොලැබුනු අවස්ථා වලදී ඔබට දොස් පවරන්නන් ද කුහකයින් අතර වෙති. එහෙයින් ඔබ ඒවායින් ඔවුන් පතන දෑ පිරිනැමුවෙහි නම් ඔබෙන් එය පිළිගන්නා අතර ඒවායින් ඔවුන් නොපතන දෑ ඔබ ඔවුනට පිරිනැමුවෙහි නම් ඔවුන් මැසිවිලි නගති
وَلَوْ أَنَّهُمْ رَضُوا۟ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ ﴿٥٩﴾
දානයන් බෙදා දීමේදී ඔබට දොස් නගන මෙම කුහකයින් ඔවුනට අල්ලාහ් නියම කළ දෑ ද ඒවායින් ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ද පිළිගෙන "අපට අල්ලාහ් ප්රමාණවත්ය. ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන දෑ ඔහු අපට පිරිනමනු ඇත. අල්ලාහ් පිරිනැමූ දැයින් ඔහුගේ දූතයාණන්ද අපට පිරිනමනු ඇත. ඔහුගේ භාග්යයෙන් අප වෙත පිරීනැමූ දෑ ප්රිය කරන්නන් ලෙසින් ඔහු වෙත පමණක් අප යොමු වන්නෙමු" යැයි පවසා සිටියේ නම් එසේ සිදු කළේ නම් ඔවුන් ඔබට දොස් නැගීමට වඩා එය ඔවුනට යහපත් වනු ඇත
۞ إِنَّمَا ٱلصَّدَقَـٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَـٰكِينِ وَٱلْعَـٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَـٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٦٠﴾
ه අනිවාර්යයෙන් ලබා දිය යුතු සකාත් වනාහි, එය පිරිනමනු ලැබිය යුත්තේ දිළිඳුන්හටත් (ඔවුන් අවශ්යතාවන්ගෙන් පෙළෙන්නෝ වෙති. යම් වෙළදාමකින් හෝ රැකියාවකින් යම් මුදලක් ඔවුන් ලැබුව ද එය ඔවුනට ප්රමාණවත් නැත. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කරන්නේද නැත.) එමෙන්ම දුප්පතුන්හටත් (කිසිවක් අයිති කර ගැනීමේ තත්ත්වයක් ඔවුනට නැත. ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ ප්රකාශ හේතුවෙන් ඔවුන්ගේ දුප්පත්කම ජනයාට සැඟවිය නොහැක.) එමෙන්ම සකාත් රැස්කිරීම සඳහා ප්රධානියා විසින් එවනු ලබන ඒ පිළිබඳ ව කටයුතු කරන්නන්හටත්, ඉස්ලාමය වැලඳ ගැනීමට කැමැත්තෙන් සිටින මුස්ලිම් නොවන්නන් හට හෝ තම විශ්වාසය පිළිබඳ දුර්වල අයට ඔවුන්ගේ විශ්වාසය බලවත් කිරීමට හෝ එය ලබා දීමෙන් නපුර වැළක්වීමට හැකි වන අයටත්, නිදහස් කිරීමට නියමිත වහලුන් විෂයෙහි වියදම් කිරීමටත්, එමෙන්ම නාස්තිකාරී හෝ පාපකාරී නොවන කටයුතුත්තක් සඳහා ණය වී එම ණය පියවා ගත නොහැකි තත්ත්වයක් උදා වූ ණයකරුවන්හටත්, අල්ලාහ්ගේ මාර්ගයේ නිරතවීමට සූදානම් කිරීම සඳහා වියදම් කිරීමටත් තම වියදම සඳහා මුදල් අහිමි වූ මගියාහටත් විය යුතුය. අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් මොවුන් අතර සකාතය සීමා කළ යුතුය. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌۭ ۚ قُلْ أُذُنُ خَيْرٍۢ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٦١﴾
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)හට වචනයෙන් හිංසා කරන්නන්ද කුහකයින් අතර වෙති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඉවසීම ඔවුන් දුටු කල්හි, සැබැවින්ම ඔහු සෑම කෙනෙකුගෙන්ම අසා දැන ගෙන එය ඔහු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තහවුරු කරයි. සත්ය හා අසත්ය අතර වෙන් කර හඳුනා නොගනියි යැයි පවසති. "අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම දූතයා යහපත මිස වෙනත් කිසිවකට සවන් දෙන්නේ නැත. අල්ලාහ් සත්ය බව තහවුරු කරයි. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් විසින් කවර තොරතුරක් ගෙන එන්නේ ද එය ද සත්ය බව තහවුරු කරයි. අල්ලාහ් ඔවුනට කරුණා කරත්වා! සැබැවින්ම එතුමාණන් ව එවා ඇත්තේ එතුමාණන් විශ්වාස කළ අයට ආශිර්වාදයක් වශයෙනි. කවර වර්ගයක වේදනාවක් කවරෙකු එතුමාණන්ට ගෙන දෙන්නේ ද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." යැයි ඔවුනට පවසනු
يَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا۟ مُؤْمِنِينَ ﴿٦٢﴾
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! සැබැවින්ම කුහකයෝ තමන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට වේදනා ගෙන දෙන කිසිවක් ප්රකාශ නොකරන බවට අල්ලාහ් මත දිවුරා නුඹලාට පවසති. එය ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් කරනු පිණිසය. මොවුහු සැබෑ මුඃමින්වරුන් ලෙස සිටියෙහු නම්, දේව විශ්වාසය දැහැමි ක්රියාවන් පිළිබඳ තෘප්තිමත් වීමට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උචිත යැයි වටහා ගනු ඇත
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَـٰلِدًۭا فِيهَا ۚ ذَٰلِكَ ٱلْخِزْىُ ٱلْعَظِيمُ ﴿٦٣﴾
මෙම කුහකයෝ සැබැවින්ම තමන්ගේ මෙම ක්රියාව හේතුවෙන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරෝධීන් වන බවත්, සැබැවින්ම ඒ දෙදෙනාට සතුරුවන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිස සදාතනික ව එහි රැඳී සිටින බවත් දැන ගත යුතු නොවේ ද? එය මහත් වූ අවමානයක් මෙන්ම අපහාසයකි
يَحْذَرُ ٱلْمُنَـٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌۭ تُنَبِّئُهُم بِمَا فِى قُلُوبِهِمْ ۚ قُلِ ٱسْتَهْزِءُوٓا۟ إِنَّ ٱللَّهَ مُخْرِجٌۭ مَّا تَحْذَرُونَ ﴿٦٤﴾
තමන්ගේ සිත් තුළ සඟවා ගෙන තිබෙන දේව ප්රතික්ෂේපය දෙවියන් විශ්වාස කරන්නන්හට හෙළි කරන සූරතයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත අල්ලාහ් පහළ කිරීම ගැන කුහකයෝ බිය වූහ. අහෝ දූතය! ඔබ මෙසේ පවසනු. ‘අහෝ කුහකයිනි! දහම තුළ නුඹලා නගන දොස් හා අපහාසය මත ම දිගටම සිටිනු. අල්ලාහ් ඒ පිළිබඳ තම දූතයාණන් දැනුවත් කරන සූරාවක් පහළ කිරීමෙන් නුඹලා කවර කරුණක් පිළිබඳ බියවෙමින් සිටියේ ද එය හෙළි කරන්නාය.'
وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِٱللَّهِ وَءَايَـٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمْ تَسْتَهْزِءُونَ ﴿٦٥﴾
අහෝ දූතය! අල්ලාහ් නුඹට කුහකයින් පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන් පසු ව ඔවුන් දොස් නගමින් හා බැණ වදිමින් සිටි දෑ පිළිබඳ නුඹ ඔවුන්ගෙන් විමසා සිටියේ නම් ‘අපි හාස්ය කතාවන්හි නිරත ව සිටියෙමු. අලුත් දෙයක් කතා නොකළෙමු.’ යැයි පවසති. "අහෝ දූතය! නුඹලා සරදම් කරමින් කතා කළේ අල්ලාහ්, ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැ?"යි විමසනු
لَا تَعْتَذِرُوا۟ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ ۚ إِن نَّعْفُ عَن طَآئِفَةٍۢ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةًۢ بِأَنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ﴿٦٦﴾
මෙම ව්යාජ කරුණු නිදහසට ඉදිරිපත් නොකරනු. නුඹලා දේව ප්රතික්ෂේපය සඟවා සිටීමෙන් පසු නුඹලා හාස්ය ලෙස එය හෙළි කළේය. නුඹලා අතරින් පිරිසකට අප සමාව දානය කළ යුතු නම් ඔහු කුහකත්වය අතහැර දමා පාප ක්ෂමාවෙහි නිරත ව අල්ලාහ් වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුයි. කුහකත්වයේ දිගටම සිටින එයින් මිදී පාප ක්ෂමාව නොඅයදින පිරිසකට අපි දඬුවම් කරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ بَعْضُهُم مِّنۢ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ ٱلْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا۟ ٱللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ ٱلْمُنَـٰفِقِينَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٦٧﴾
කුහකයෝ පිරිමින් වුවද කාන්තාවන් වුවද කුහකත්වයේදී ඒකමතික අදහස් දරන්නෝ වෙති. ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන්ට වඩා වෙනස්ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. තම වස්තුව ගැන කෑදර වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. අල්ලාහ්ට අවනත වීම අතහැර දමති. එහෙයින් අල්ලාහ් ද ඔහුගේ ආශිර්වාදයෙන් ඔවුන් අතහැර දැමීය. සැබැවින්ම කුහකයින් වනාහි අල්ලාහ්ට අවනත නොවීමෙන්, පාපය වෙතටත් සත්ය මාර්ගයෙන් වැරදි මාර්ගය වෙතටත් බැහැර වූවෝ වෙති
وَعَدَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْكُفَّارَ نَارَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۚ هِىَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ ٱللَّهُ ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ ﴿٦٨﴾
පාප ක්ෂමාව නොඅයදින කුහකයින් හා දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කරන බවටත්, ඔවුන් එහි සදා රැදෙන බවටත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. දඬුවමින් එය ඔවුනට ප්රමාණවත්ය. තම කරුණාවෙන් අල්ලාහ් ඔවුන් නෙරපා හැරියේය. ඔවුනට සදා විඳින දඬුවමක් ඇත
كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓا۟ أَشَدَّ مِنكُمْ قُوَّةًۭ وَأَكْثَرَ أَمْوَٰلًۭا وَأَوْلَـٰدًۭا فَٱسْتَمْتَعُوا۟ بِخَلَـٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَـٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَـٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓا۟ ۚ أُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٦٩﴾
අහෝ කුහක ජනයිනි! නුඹලාට පෙර සිටි බොරුකාර සමූහයන් මෙන් දේව ප්රතික්ෂේපයේ හා සරදම් කිරීමෙහි නුඹලා නිරත ව සිටින්නෙහුය. ඔවුහු නුඹලාට වඩා බලවත් මෙන්ම ධනයෙන් හා දරුවන්ගෙන් පොහොසත් උදවිය වූහ. එහෙයින් ඔවුනට නියම වූ ඔවුන්ගේ කොටස වශයෙන් මෙලොවෙහි ඇති ආශාවන් හා සැප පහසුකම් ඔවුහු භුක්ති වින්දහ. අහෝ කුහකයිනි! පෙර සිටි බොරුකාර සමූහයන් තම කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලාට නිර්ණය කරන ලද නුඹලාගේ කොටස නුඹලා භුක්ති විඳින්නෙහුය. ඔවුන් තම දූතවරුන්හට දොස් නගා බොරු කිරීමෙහි නිරත වූවාක් මෙන් නුඹලා ද දූතයාණන් විෂයෙහි දොස් නගා සත්ය බොරු කිරීමෙහි නිරත වන්නෙහුය. අල්ලාහ් අබියස දේව ප්රතික්ෂේපය මුල් කර ගනිමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරුනු බැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝය. එමෙන්ම විනාශයේ කරුණු ගෙනැවින් තමන්ටම විනාශය ඇති කර ගත් අලාභවන්තයෝ මෙම පහත් ගුණාංග සමග විස්තර කරනු ලැබූ මොවුහුය
أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَقَوْمِ إِبْرَٰهِيمَ وَأَصْحَـٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَـٰتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٧٠﴾
බොරුකාර සමූහයන් කටයුතු කළ ආකාරය හා ඒ හේතුවෙන් ඔවුනට දෙනු ලැබූ දඬුවම පිළිබඳ තොරතුරු මෙම කුහකයින් වෙත නොපැමිණියේ ද? නූහ්ගේ ජනයා, හූද්ගේ ජනයා, සාලිහ්ගේ ජනයා, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන් වාසීන් ලූත්ගේ ජනයා විසූ ගම්මානය ඒවා අතරින් කිහිපයකි. ඉතා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත පැමිණියෝය. ඔවුන් නොමග යවන්නට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කළෝය. නමුත් ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ﴿٧١﴾
දෙවියන් විශ්වාස කරන පිරිමින් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් අතරින් ඇතැමෙකු ඇතමෙකුට පිහිට වන්නෝ වෙති. ඔවුනට උපකාර කරන්නෝ වෙති. එය ඔවුන් අතර දේව විශ්වාසය බැඳී ඇති නිසාවෙනි. ඔවුහු යහපත විධානය කරති. එනම් අල්ලාහ්ට අවනත වන පරිදි ඒකදේවත්වය, සලාතය වැනි සියලු ආකාරයේ ඔහුට ප්රියමනාප දෑ ය. එමෙන්ම පිළිකුල් සහගත දැයින් වළක්වති. එනම් දේව ප්රතික්ෂේපය, පොලිය වැනි පාපකම් හේතුවෙන් අල්ලාහ් ඒ ගැන කෝපයට පත් වන සියලු දෑ ය. එමෙන්ම පූර්ණ ස්වරූපයෙන් සලාතය පූර්ණව ඉටු කරති. අල්ලාහ්ට අවනත වෙති. ඔහුගේ දූතයාණන්ටත් අවනත වෙති. මෙම ප්රශංසනීය ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන් අල්ලාහ් තම කරුණාව තුළට ඇතුළත් කරති. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ ආගමානුගත කිරීම යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය
وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَمَسَـٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّـٰتِ عَدْنٍۢ ۚ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٧٢﴾
අල්ලාහ් ව විශ්වාස කළ දේව විශ්වාසී පිරිමින් හා කාන්තාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන බවත් ඔවුන් එහි සදා වෙසෙන බවත් ඔවුන් එහි අමරණීය බවත් එහි ඇති ඔවුන් සතු පහසුකම් කිසි විටෙක විසන්ධි නොවන බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය. එමෙන්ම තමන් කැමති සදා ස්ථාපිත උයන්හි අලංකාර නිවහන් වලට ඇතුළත් කරන බවත් ප්රතිඥා දුන්නේය. මේ සියල්ලට වඩා ඉමහත් ලෙස අල්ලාහ් ඔවුනට එය අනුමත කර ඇත. මෙනෙහි කරනු ලැබූ එම ප්රතිඵල කිසිදු ජයග්රහණයට කිට්ටු කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَـٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَـٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿٧٣﴾
අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අසිපතින් සටන් කරනු. කුහකයින් සමග වචනයෙන් හා පැහැදිලි සාධක තුළින් සටන් කරනු. එම කණ්ඩායම් දෙක මත දැඩි ව සිටිනු. ඔවුන් එයට අදාළ පුද්ගලයෝ වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ස්ථානය නිරයයි. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා නපුරුය
يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَـٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًۭا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًۭا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿٧٤﴾
ඔවුන් නුඹට දොස් නැගීම හා නුඹේ දහමට අඩුපාඩු කීම පිළිබඳ ඔවුන් ගැන නුඹට දැනගන්නට ලැබූ දෑ ඔවුන් නොපැවසූ බවට කුහකයෝ අල්ලාහ් මත දිවුරා බොරු පවසති. එසේ ඔවුන් ප්රතික්ෂේප කරන දෑ සම්බන්ධයෙන් ඔවුන් ගැන නුඹට දැන ගන්නට ලැබූ දෑ, සැබැවින්ම ඔවුහු පවසා ඇත්තාහ. දේව විශ්වාසය ඔවුන් හෙළි කළ පසු ව දේව ප්රතික්ෂේපය හෙළි කළෝය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන පැවසීමෙන් තමන්ට එමගින් සෙතක් නොවන මාරාන්තික කරුණු පවසන්නට ඔවුහු තැත් කළෝය. පිළිකුල් නොකළ යුතු කරුණක් මිස ඔවුන් පිළිකුල් කළේ නැත. ඔහුගේ නබිවරයාට පිරිනැමූ යුද වස්තුවෙන් ඔවුනට ද පිරිනමා තිබීම සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයක් විය. ඔවුන්ගේ කුහකත්වයෙන් මිදී පාප සමාව අයැද අල්ලාහ් වෙත යොමු වූයේ නම් එම වරද මත රැඳී සිටීමට වඩා ඔවුන්ගේ එම පාප ක්ෂමාව උතුම් වන්නේය. ඔවුන් අල්ලාහ්ගෙන් පාපක්මාව අයැද නොසිටියේ නම්, මෙලොව ඝාතනයට ලක් කිරීමෙන් හා සිරගත කිරීමෙන් මෙලොවෙහි ඔහු ඔවුන් දඬුවම් කරනු ඇත. මතු ලොවෙහි ද නිරයේ වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. එවිට ඔවුන්ව භාර ගෙන එම දඬුවමින් මුදවා ගන්නට කිසිදු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් භාරකරුවකු නැත. එමෙන්ම එම දඬුවමින් වළක්වන කිසිදු උදව්කරුවකු ද ඔවුනට නැත
۞ وَمِنْهُم مَّنْ عَـٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَىٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿٧٥﴾
අල්ලාහ් අපට තම භාග්යය පිරිමන්නේ නම් අවශ්යතා ඇත්තන්හට අපි ද දන් දෙන්නෙමු. තම ක්රියාවන් දැහැමිභාවයට පත් කර ගත් දැහැමියන් අතරට අපි ද පත් වන්නෙමු' යැයි පවසා අල්ලාහ්ට ප්රතිඥා දුන් අය ද එම කුහකයින් අතර සිටිති
فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضْلِهِۦ بَخِلُوا۟ بِهِۦ وَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ ﴿٧٦﴾
ශුද්ධ වූ අල්ලහ් ඔවුනට ඔහුගේ භාග්යයෙන් යමක් පිරිනැමූ කල්හි ඔවුන් කවර දෙයක් සම්බන්ධයෙන් අල්ලාහ්ට ප්රතිඥා දුන්නේ ද එය ඔවුහු ඉටු නොකළෝය. ඔවුන්ගේ ධනය ඔවුහු වළක්වා ගත්තෝය. කිසිවක් පරිත්යාග කළේ නැත. දේව විශ්වාසය පිටුදකිමින් ඔවුහු හැරී ගියෝය
فَأَعْقَبَهُمْ نِفَاقًۭا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُوا۟ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا۟ يَكْذِبُونَ ﴿٧٧﴾
ඔවුනට හිමි දඬුවම වශයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය තැන්පත් කරන ලදී. එය අල්ලාහ්ගේ ප්රතිඥාවට ඔවුන් විරුද්ධවීම හා ඔවුන්ගේ බොරු ප්රකාශය නිසාවෙන් ඔවුනට හිමි ප්රතිවිපාකයක් වශයෙනි
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَىٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿٧٨﴾
තම රැස්වීම්හි සඟවමින්, රහසිගත ව මෙහෙයවන කුමන්ත්රණ හා කූටකම් අල්ලාහ් දන්නා බවත්, සැබැවින්ම සියලු මහිමය හිමි අල්ලාහ්, ගුප්ත දෑ සියල්ල පිළිබඳ මැනවින් දන්නා බවත් කුහකයෝ නොදන්නෝද? ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත
ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَـٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٧٩﴾
منهم ولهم عذاب أليم තම කැමැත්තෙන් සුළු වශයෙන් දානමාන සඳහා වියදම් කරන, තමන්ට ප්රමාණවත් ස්වල්ප යමක් මිස වෙනත් කිසිවක් නොලබන දේව විශ්වාසීන්හට දොස් නගන්නන් වනාහි, ඔවුහු ඔවුනට සරදම් කරමින්, ‘ඔවුන්ගේ දානයෙන් කුමක් ලැබුවේදැ?’යි විමසති. ඔවුන් දේව විශ්වාසීන්හට සරදම් කිරීමේ ප්රතිවිපාක වශයෙන් අල්ලාහ් ඔවුන් අපහාසයට ලක් කළේය. ඔවුනට වේදනීය දඬුවමක් ඇත
ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةًۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿٨٠﴾
අහෝ දූතය! ඔබ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්න, එසේ නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටින්න. ඔබ හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද, සැබැවින්ම එය ඊටත් වඩා වැඩි වුවද, එය ඔවුන් සඳහා අල්ලාහ්ගේ සමාවට සේන්දු වන්නේ නැත. ඊට හේතුව ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වන බැවිණි. උවමනාවෙන් හා හිතාමතාම තම පිළිවෙතින් බැහැරවන්නන්හට සත්යය සඳහා අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَـٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓا۟ أَن يُجَـٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُوا۟ لَا تَنفِرُوا۟ فِى ٱلْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّۭا ۚ لَّوْ كَانُوا۟ يَفْقَهُونَ ﴿٨١﴾
තබූක් යුද්ධයට නොගොස් පසුගාමී වූවෝ අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපාමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමෙන් ඉවත් ව ඔවුන් රැඳී සිටීම ගැන සතුටු වූහ. දේව විශ්වාස කරන්නන් ජිහාද් කරන්නාක් මෙන් තම වස්තුව හා තම ප්රාණ පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ඔවුහු පිළිකුල් කළෝය. තම සහෝදර කුහකයන් හට, "නුඹලා මේ අව්රශ්නයේ ගමන් නොකරනු." යැයි පැවසූහ. තබූක් යුද්ධය අධික උෂ්ණ කාලයේ සිදුවිය. අහෝ දූතය! කුහකයින් සඳහා අපේක්ෂාවෙන් සිටින නිරා ගින්න ඔවුන් පළා යන මෙම උෂ්ණත්වයට වඩා දරුණුය. ඒ ගැන ඔවුන් දැන ගන්නේ නම් මැනවි
فَلْيَضْحَكُوا۟ قَلِيلًۭا وَلْيَبْكُوا۟ كَثِيرًۭا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿٨٢﴾
ජිහාද් කිරීමට පසුගාමී වූ මෙම කුහකයෝ විනාශ වී යන ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ස්වල්පයක් ගැන සතුටු වෙත්වා! සදා පවතින ඔවුන්ගේ මතු ලොව ජීවිතයේ අධික ව හඬා වැළපෙත්වා! එය ඔවුන් මෙලොවෙහි ඉපැයූ පාපකම් අපරාධ හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් ලැබෙන ප්රතිවිපායන් වශයෙනි
فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٍۢ مِّنْهُمْ فَٱسْتَـْٔذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا۟ مَعِىَ أَبَدًۭا وَلَن تُقَـٰتِلُوا۟ مَعِىَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِٱلْقُعُودِ أَوَّلَ مَرَّةٍۢ فَٱقْعُدُوا۟ مَعَ ٱلْخَـٰلِفِينَ ﴿٨٣﴾
අහෝ නබිවරය! කුහකත්වයේ රැඳී සිටින මෙම කුහකයින් වෙත නැවත වාරයක් අල්ලාහ් ඔබ එව්වේ නම් තවත් යුද්ධයක දී ඔබ සමග ජිහාද් සඳහා පිටත් වීමට ඔබෙන් අවසර පතති. "අහෝ කුහකයිනි! නුඹලාට දඬුවමක් වශයෙන් කිසිවිටෙක අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා නුඹලා මා සමග පිටත් නොවිය යුතුය" යැයි ඔවුනට ඔබ පවසනු. එය මා සමග නුඹලා වීමෙන් පෙළගැසෙන කලහකාරීත්වයට අනතුරු ඇඟවීමක් වශයෙනි. තබූක් යුද්ධයේදී රැඳී සිටීම හා පසුබෑම නුඹලා පිළිගත්තෙහුය. එහෙයින් රෝගීන්, කාන්තාවන් හා කුඩා දරුවන් යන පසුගාමීන් සමගම නුඹලා ද වාඩි වී රැඳී සිටිනු
وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍۢ مِّنْهُم مَّاتَ أَبَدًۭا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَـٰسِقُونَ ﴿٨٤﴾
අහෝ දූතය! කුහකයින් අතරින් මිය ගිය කිසිවකු වෙනුවෙන් කිසිවිටෙක සලාතය මෙහෙය නොවනු. ඔහු වෙනුවෙන් පාප ක්ෂමාව අයැදීම සඳහා ඔහුගේ මිනී වළ අසල සිට නොගනු. එය ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළ බැවින් හා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවිණි. කවරෙකු එසේ සිටින්නේ ද, ඔහු වෙනුවෙන් සලාතය මෙහෙයවනු නොලැබේ. එමෙන්ම ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරනු ද නොලැබේ
وَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَأَوْلَـٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِى ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَـٰفِرُونَ ﴿٨٥﴾
අහෝ දූතය! මෙම කුහකයින්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් ගැන ඔබ පුදුමයට පත් නොවනු. අල්ලාහ් ඒවායින් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ ඒවා මගින් ඔවුට දඬුවම් කිරීමටය. එය ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන් අත්විඳින අවාසනාවන් මගිනි. එමෙන්ම ඔවුන් ප්රතික්ෂේපය මත සිටිය දීම ඔවුන්ගේ ශරීර වලින් ඔවුන්ගේ ප්රාණය බැහැර කිරීමට ද ඔහු අපේක්ෂා කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ ءَامِنُوا۟ بِٱللَّهِ وَجَـٰهِدُوا۟ مَعَ رَسُولِهِ ٱسْتَـْٔذَنَكَ أُو۟لُوا۟ ٱلطَّوْلِ مِنْهُمْ وَقَالُوا۟ ذَرْنَا نَكُن مَّعَ ٱلْقَـٰعِدِينَ ﴿٨٦﴾
අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් ද ඔහුගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් ද වූ නියෝගය ඇතුළත් පරිච්ඡේදයක් පහළ කළ විට ඔවුන් අතර සිටින පොහොසත් ජනයා රැඳී සිටින්නට ඔබෙන් අවසර පතති. ඔවුහු, "ඔබ අප අතහැර දමන්න. දුර්වලයින් හා වයෝවෘද්ධයින් මෙන් නිදහසට කරනු සහිත ජනයා සමග අපි ද පසුබසින්නෙමු." යැයි පැවසුවෝය
رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ ﴿٨٧﴾
මෙම කුහකයින් නිදහසට කරුණු දක්වන ජනයා සමගම තමන් ද ප්රමාද වීම ගැන තෘප්තියට පත් අවස්ථාවේ තමන්ට අත්වන අවමානය හා අපහාසය ද පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. එබැවින් ඔවුනට එහි ඇති යහපත පිළිබඳ කිසිවක් ඔවුහු නොහඳුනති
لَـٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ جَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُو۟لَـٰٓئِكَ لَهُمُ ٱلْخَيْرَٰتُ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٨٨﴾
සැබැවින්ම දූතයාණන් හා එතුමාණන් සමග සිටි දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, ඔවුහු කුහකයින් මෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට පසුබට නොවූහ. ඔවුන් ජිහාද් කළේ ඔවුන්ගේ ධනය හා ප්රාණය පරදුවට තබමිනි. අල්ලාහ් අබියසින් ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ජය හා යුද භාණ්ඩ මෙන් මෙලොව යහපත හිමි විය. මතුලොව යහපත ද හිමි වනු ඇත. ඒ අතරින් ස්වර්ගයට පිවිසීම ද ඉන් එකකි. එමෙන්ම අපේක්ෂා කළ ජය හා බියෙන් තොර ආරක්ෂාව ද හිමි වනු ඇත
أَعَدَّ ٱللَّهُ لَهُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٨٩﴾
ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇත්තේය. ඔවුහු එහි සදා වාසය කරති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. එම ප්රතිඵලය වනුයේ කිසිදු ජයග්රහණයකට ළඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි
وَجَآءَ ٱلْمُعَذِّرُونَ مِنَ ٱلْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٩٠﴾
عذاب أليم මදීනා නගරවාසීන් හා ඒ අවට විසූ අරාබිවරුන් අතරින් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා පිටත් නොවී පසුබසින්නට අවසර පතා නිදහසට කරුණු දක්වමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. පිටත් නොවීම සඳහා නිදහසට කිසිදු කරුණක් නොදැක්වූ තවත් පිරිසක් ද පසුබැස්සෝය. එය ඔවුන් නබිවරයාණන් ලෙස එතුමාව පිළිනොගැනීම හා අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නොමැති බැවිණි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඔවුන් අත් කර ගනු ඇත
لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍۢ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٩١﴾
ى කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය
وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَآ أَجِدُ مَآ أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا۟ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا۟ مَا يُنفِقُونَ ﴿٩٢﴾
يجدوا ما ينفقون එමෙන්ම අහෝ දූතය! යුද්ධය සඳහා තමන් නැග යාමට සතෙකු (ප්රවාහන පහසුකම්) ඉල්ලා නුඹ වෙත පැමිණ, නුඹලා නැග යන්නට අවශ්ය සතුන් මා සතු ව නොමැතැයි ඔවුනට නුඹ පවසා පසු ව ඔවුන් විසින් හෝ නුඹ වෙතින් හෝ වියදම් කිරීමට යමක් නොලැබීම හේතුවෙන් කනස්සල්ලට පත් වී තම ඇස් වලින් කඳුළු සලා නුඹෙන් වෙන් ව හැරී ගියවුන් කෙරෙහි ද පාපයක් නැත
۞ إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ ۚ رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ ﴿٩٣﴾
لا يعلمون නිදහසට කරුණු ඇති උදවියට කිසිදු ක්රියා මාර්ගක් නැතැයි පැහැදිළි කළ පසුව දඬුවමට හා ග්රහණයට සුදුසුකම් ඇත්තෝ කවුරුන්දැයි මතක් කර සිටියි. අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "අහෝ දූතය! දඬුවම් කිරීමේ හා ග්රහණය කිරීමේ ක්රියාමාර්ග ගනු ලබනුයේ යුද්ධය සඳහා සූදානම් වීමට පහසුකම් තිබියදීත් ඒ සඳහා හැකියාව තිබියදීත් ඉන් පසුබට වීම සඳහා ඔබෙන් අවසර පැතූවන් හටය. පසුබාමින් නිවෙස්වල රැඳී සිටියවුන් සමග තමන් ද රැඳී සිටීම හේතුවෙන් ඔවුහු අවමානය හා අපහාසය පිළිගත්තෝය. ඔවුන්ගේ සිත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. උපදෙස ඔවුනට කිසිදු බලපෑමක් සිදු නොකළේය. මෙසේ මුද්රා තැබීම හේතුවෙන් ඔවුනට එහි ඇති යහපත කුමක් ද යන්න තෝරා ගැනීමටත් ඔවුනට එහි ඇති අයහපත කුමක් ද යන්න හඳුනාගෙන ඉන් වැළකී සිටීමටත් නොහැකි වීමය."
يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا۟ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٩٤﴾
ජිහාදයට නොගොස් පසුබැස්සා වූ කුහකයින්, මුස්ලිම්වරුන් ජිහාද්හි නිරත වී හැරී පැමිණි විට ඔවුනට දැඩි සේ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇත. ‘නුඹලා ව්යාජ හේතු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු නොදක්වනු. ඒවා ගැන කවර තොරතුරක් නුඹලා අපට පවසා සිටිය ද අපි එය සැබෑ ලෙස පිළි නොගනිමු. නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් අපට දන්වා ඇත. නුඹලා පශ්චාත්තාප වී නුඹලාගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගැනීම හෝ නුඹලාගේ කුහකත්වයේම නුඹලා දිගටම රැඳී සිටිම හෝ සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ක්රියාමාර්ගයක් ගනු ඇත. පසු ව සියලු දෑ දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලැබේ. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල දෙනු ඇත. එහෙයින් පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා යුහුසුලු වනු’ යැයි ඔවුනට පිළිතුරු දෙන මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට මග පෙන්වීය
سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا۟ عَنْهُمْ ۖ فَأَعْرِضُوا۟ عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌۭ ۖ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿٩٥﴾
كانوا يك سبون අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසුබැස්සා වූ මෙම ජනයා වෙත නුඹලා නැවත හැරී ආ විට ඔවුනට දොස් නැගීමෙන් හා ඔවුන් ගැන පිළිකුල් කිරීමෙන් නුඹලාව වැළැක්වීම සඳහා ඔවුහු නිදහසට බොරු කරණු අල්ලාහ් මත දිවුරා සහතික කොට පවසා සිටිති. එහෙයින් නුඹලා කෝපයෙන් යුතුව ඔවුන් අතහැර දමනු. ඔවුන් ව දුරස් කරනු. සැබැවින්ම ඔවුන් අභ්යන්තරයෙහි කිලිටි ඇත්තෝ වෙති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. එය ඔවුන් උපයා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ගත් කුහකත්වය හා පාපය හේතුවෙන් ඔවුනට හිමි විපාකයයි
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا۟ عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا۟ عَنْهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَرْضَىٰ عَنِ ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ ﴿٩٦﴾
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසු බැස්සා වූ ජනයා ගැන නුඹලා තෘප්තිමත් වනු පිණිස ඔවුන් නුඹලාට දිවුරා පවසති. නිදහසට කරනු පෙරළා ඉදිරිපත් කරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් නොවනු. නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් වූයෙහු නම්, නුඹලාගේ පරමාධිපතිට විරුද්ධ ව නුඹලා කටයුතු කරන්නෙහුය. දේව ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔහුට අවනත වීමෙන් ඉවත් වූ ජනයා පිළිබඳ ඔහු තෘප්තියට පත් වන්නේ නැත. එබැවින් අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ් තෘප්තියට පත් නොවන අය ගැන නුඹලා තෘප්තියට පත්වීමෙන් වැළකෙනු
ٱلْأَعْرَابُ أَشَدُّ كُفْرًۭا وَنِفَاقًۭا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا۟ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٩٧﴾
ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම් හෝ කුහක වූයේ නම් හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය නගරයේ පදිංචි ජනයාට වඩා ඉතා දැඩි ව පිහිටයි. එමෙන්ම ඔවුන්ගේ කුහකත්වය ද මොවුනට වඩා ඉතා දරුණු වේ. ඔවුන් දහම පිළිබඳ මහත් සේ අඥානකමින් පසු වන්නේය. තම දහම් දූතයාණන්ට පහළ කර ඇති ආගමික නීති සීමාවන් සම්ප්රදායන් හා අනිවාර්යය වගකීම් පිළිබඳව නොදැන සිටීමට වඩාත් සුදුස්සන් වන්නේය. ඊට හේතුව ඔවුන්ගේ දැඩි බව, රළු බව හා අඩු ආශ්රයයි. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සැලසුම් කිරීමේ හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය
وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًۭا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ﴿٩٨﴾
කුහක ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ මුදල් වියදම් කිරීම අලාභයක් හා පාඩුවක් යැයි විශ්වාස කරන අය ද වෙති. 'එය තමන් වියදම් කළේ නම් ඒ සඳහා කුලියක් නොලැබෙයි. එය රඳවා ගත්තේ නම් අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි' යනුවෙන් ඒ ගැන සැක කළ බැවිනි. නමුත් ඇතැම් විට මුනිච්චාවට හා රැකවරණය පැතීමට ඔවුන් එසේ වියදම් කරති. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාට යම් විපත්තියක් පහළ වී නුඹලාගෙන් ඔවුන් වෙන් වන්නට අපේක්ෂා කරයි. නමුත් ඔවුන් ප්රිය කරන පරිදි දේවත්වය විශ්වාස කරන්නන්හට නපුරක් හා නපුරු කාලයේ අවෑමක් සිදු වීම වෙනුවට අල්ලාහ් ඔවුන් දඬුවමට ලක් වන අයුරින් එය පත් කළේය. ඔවුන් පවසන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ශ්රාවකය. ඔවුන් සගවන දෑ පිළිබඳ ව මැනවින් දන්නාය
وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَـٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌۭ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٩٩﴾
ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ව විශ්වාස කර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන්නන් ද වෙති. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම අල්ලාහ් වෙත සමීප කරවීමක් ලෙස ද ඔවුන් සලකති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්රාර්ථනාව හා තමන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටින පාපක්ෂමාව ජයග්රහණයේ මාධ්යයක් බවට පත් කර ගනිති. දැනගන්න. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු වියදම් කිරීමත් දහම් දූතයාණන් ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් අල්ලාහ් අබියස ඔහුට සමීපතා ඇති කරවන්නකි. එමෙන්ම ඒ සඳහා ඔහු අබියස ඔහුට කුසල් ඇත. එය ඔහුගේ සමාව හා ඔහුගේ ස්වර්ග උයන ආවරණය කර ඇති, අති මහත් ඔහුගේ දයාව තුළට ඔහුව ඇතුළත් කිරීමෙනි. සැබැවින්ම තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلسَّـٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَـٰنٍۢ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّـٰتٍۢ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١٠٠﴾
තම නිවෙස් හා තම දේශය අතහැර අල්ලාහ් වෙත නික්ම ගිය මුහාජිරීන්වරුන් අතරින් හා තම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට උපකාර කළ අන්සාරිවරුන් අතරින් දේවත්වයේ විශ්වාසය වෙත නැඹුරු වූ ප්රාරම්භක පුරෝගාමීන් හා මුහාජිර් වරුන් හා අන්සාර්වරුන් පිළිපදිමින් ඔවුන්ගේ ප්රතිපත්තිය ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාව තුළ දැහැමි ලෙස ක්රියා කොට දේව විශ්වාසය පිළිගත් ප්රමුකයෝ වනාහි, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුන්ගේ අවනත වීම පිළිගත්තේය. ඔවුනට පිරිනැමූ ඔහුගේ අතිමහත් කුසල් සම්බන්ධයෙන් ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූවෝය. ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකව රැඳී සිටිති. එම ප්රතිඵලය අතිමහත් ජයග්රහණයකි
وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَـٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ ﴿١٠١﴾
سنعذبهم مر تين ثم يردون إلى عذاب عظيم මදීනා ව අසල වෙසෙන ගම්බදවාසීන් අතර කුහකයෝ ද වෙති. එමෙන්ම මදීනා වාසීන් අතර ද කුහකයෝ වෙති. ඔවුන් කුහකත්වය මත රැඳී ස්ථාවර ව සිටිති. අහෝ දූතය! ඔබ ඔවුන් ගැන නොදනියි. අල්ලාහ් ඔවුන් ගැන දනී. අල්ලාහ් දෙවතාවක්ම ඔවුනට දඬුවම් කරනු ඇත. වරක් ඔවුන්ගේ කුහකත්වය හෙළි කරමින් ඔවුන් ඝාතනයට ලක් කරමින් හා ඔවුන් සිරගත කරමින් මෙලොවෙහි දඬුවමට ලක් කරයි. තවත් වරක් කබ්ර් හි වේදනාව තුළින් දඬුවමට ලක් කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ අඩියේ ඇති දැඩි දඬුවම වෙත යොමු කරනු ලබති
وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًۭا صَـٰلِحًۭا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿١٠٢﴾
කිසිදු සාධාරණ හේතුවකින් තොර ව යුද්ධ කිරීමෙන් පසුබට වන තවත් පිරිසක් ද මදීනා වාසීන් අතර වූහ. සැබැවින්ම ඔවුහු තමන්ට කිසිදු සාධාරණ හේතුවක් නොතිබූ බව පිළිගත් අතරම ව්යාජ හේතූන් කිසිවක් ඉදිරිපත් කළේ නැත. අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුගේ ආගමික පිළිවෙත් පිළිපදිමින් හා ඔහුගේ මාර්ගයේ සටන් කරමින් ඔවුන් පෙර කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සමග පාපක්රියාවන් ද මුසු කර ගත්තෝය. ඔවුන් වෙත අල්ලාහ් සමාව දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය
خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةًۭ تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌۭ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿١٠٣﴾
අහෝ දූතය, ඔවුන්ගේ ධනයෙන් පාපකම් හා අකුසල් පිරිසිදු කරන සකාත් බද්ධ ගනු. එමගින් ඔවුනට යහපත වර්ධනය කරනු ලැබේ. ඔවුන්ගෙන් එය ගත් පසු ඔවුන් නිදහස් කරනු. සැබැවින්ම ඔබේ ප්රාර්ථනාව ඔවුනට ආශිර්වාදයකි. එමෙන්ම සැනසුමකි. ඔබේ ප්රාර්ථනාවට අල්ලාහ් මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَـٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿١٠٤﴾
සටන් කිරීමෙන් පසුබට වූවන් හා අල්ලාහ් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන් සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන්හට සමාව දානය කරන බවත්, සැබැවින්ම දානයන් ඔහු පිළිගන්නා බවත්, ඒ ගැන ඔහුට කිසිදු අවශ්යතාවක් නොමැති බවත්, දානය පිරිනමන්නාහට ඔහුගේ දානය වෙනුවෙන් කුසල් පිරිනමන බවත්, සැබැවින්ම තම ගැත්තන් ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටින විට පාපක්ෂමාව පිරිනමන බවත්, ඔවුන් කෙරෙහි මහා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කාරුණික බවත් දැන ගනු ඇත
وَقُلِ ٱعْمَلُوا۟ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٠٥﴾
تعملون අහෝ දූතය! දෙවියන්ගේ මාර්ගයේ සටන් කිරීමට පසුබටවූවන්ට හා තම පාපකම් සඳහා පාපක්ෂමාව අයැද සිටින්නන්හට නුඹ මෙසේ පවසනු: නුඹලාට අතපසු වූ අඩුපාඩු පුරවාලනු. නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙස ඉටු කරනු. ඔහු තෘප්තිමත් වන දෑ අනුව ක්රියා කරනු. එවිට අල්ලාහ්, ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන් නුඹලාගේ ක්රියාවන් දකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු දෑ දන්නා නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා හැරී යනු ඇත. නුඹලා සඟවන දෑ ද ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔහු දනී. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වා සිටියි. එමෙන්ම ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත
وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿١٠٦﴾
තබූක් යුද්ධයෙන් පසුබට වූවන් අතර කිසිදු සාධාරණ හේතුවක් නොවූ තවත් පිරිසක් ද වූහ. ඔවුහු තම විෂයයෙහි අල්ලාහ්ගේ තීන්දුව හා තීරණය ප්රමාද වූවන් වූහ. ඔහු අභිමත කරන දෑ ඔවුන් විෂයයෙහි ඔහු තීන්දු කරයි. ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු ඔවුනට දඬුවම් කිරීම හෝ ඔවුන් පාපක්ෂමාවේ නිරත වූයේ නම් ඔවුනට සමාව දීම හෝ ඔහුගේ අභිමතය අනුව සිදුවන්නකි. ඔහුගේ දඬුවමට භාජනය වීමට සුදුස්සන් කවුරුන් දැයි ද තම සමාවට සුදුස්සන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඔහු ආගමානුගත කළ කරුණු වලදී හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. ඔවුන් වනාහි: මුරාරා ඉබ්නු අර්-රබීඃ, කඃබ් ඉබ්නු මාලික් හා හිලාල් ඉබ්නු උමෙය්යා
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًۭا ضِرَارًۭا وَكُفْرًۭا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًۭا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿١٠٧﴾
ى අල්ලාහ්ට අවනත වීම සඳහා නොව මුස්ලිම්වරුන්ට හානි පමුණුවීමටත් කුහකවාසීන්ගේ බලාධිකාරිය තුළින් දේව ප්රතික්ෂේප හෙළි කිරීමටත් දෙවියන් විශ්වාස කරන්නන් අතර බෙඳුම් ඇති කිරීමටත් මස්ජිදය ගොඩනැගිල්ල ඉදිරියේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කරන්නන් වෙනුවෙන් බලාපොරොත්තු වන හා ඔවුන් සූදානම් කරන ස්ථානයක් ලෙසටත් මස්ජිද් තනන අයද කුහකයින් අතර වෙති. එවන් කුහකයෝ නුඹලා වෙත දිවුරමින්, "සැබැවින්ම අපි මුස්ලිම්වරුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමට මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු." යැයි පවසති. ඔවුන් කරන මෙම වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ්ම සාක්ෂි දරයි
لَا تَقُمْ فِيهِ أَبَدًۭا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌۭ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ ﴿١٠٨﴾
මෙවන් ලක්ෂණ සහිත මස්ජිදයන්හි සලාතය සඳහා එම කුහකයින් නුඹට කරන ඇරයුමට නුඹ ප්රතිචාර නොදක්වන්න. සැබැවින්ම දේව භක්තිය මත පදනම් ව ඉදි කරන ලද කුබා මස්ජිදය දේව ප්රතික්ෂේපය මත පදනම් ව ඉදි කරන ලද මෙම මස්ජිදයට වඩා උසස්ය. මස්ජිද් කුබාහි ජනයා ජලයෙන් කිලිටි හා අපවිත්ර දෑ පිරිසිදු කිරීමටත් පසුතැවිලි වීම හා පාපක්ෂමාව තුළින් පාපයන්ගෙන් පිරිසිදු වීමටත් ප්රිය කරති. පාපකම් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු වන්නන්හට අල්ලාහ් ප්රිය කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَفَمَنْ أَسَّسَ بُنْيَـٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَـٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍۢ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٠٩﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, තම ක්රියාවන් හි අල්ලාහ්ගේ තෘප්තිය විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් මස්ජිදයක් ඉදිකරන්නා සමග දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කිරීමටත්, දේව ප්රතික්ෂේපය ශක්තිමත් කිරීමටත්, මුස්ලිම්වරුන්හට හිරිහැර කිරීමටත්, මස්ජිදයක් ඉදි කරන තැනැත්තකු සමාන වන්නේ ද? කිසිවිටෙක සමාන වන්නේ නැත. ඉදි කරන ලද පළමුවැන්න වඩාත් ශක්තිමත් හා බලවත් ගොඩනැගිල්ලකි. එය බිද වැටීම ගැන බියක් නැත. නමුත් මෙය සිදුරක් අසළ ඉදි කරනු ලැබ කඩා වැටුණු ගොඩනැගිල්ලක් බඳුය. එමගින් එම ගොඩ නැගිල්ල නිරයේ අඩියටම ගරා වැටෙනු අත. දේව ප්රතික්ෂේපය කුහකත්වය වැනි දුෂ්චරිත ඇති අපාරාධකාරී ජනයාට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත
لَا يَزَالُ بُنْيَـٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةًۭ فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١١٠﴾
ඔවුන්ගේ හදවත් මරණයට පත්වීමෙන් හෝ අසිපතින් ඝාතනය කරනු ලැබීමෙන් වෙන් ව යන තරමට ඔවුන් ඉදි කළ ඔවුන්ගේ මස්ජිදය ඔවුන්ගේ හදවත් තුළ වේදනීය හිංසාවන් හා ස්ථාවර කුහකත්වය අඛණ්ඩ ව ඇති කළේය. අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ක්රියාකාරකම් ගැන මැනවින් දන්නාය. යහපත හෝ අයහපත මත පිරිනමන දෑ තීරණය කිරීමේ දී ඔහු මහා ප්රඥාවන්තය
۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١١١﴾
ى නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි
ٱلتَّـٰٓئِبُونَ ٱلْعَـٰبِدُونَ ٱلْحَـٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلْـَٔامِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَـٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿١١٢﴾
මෙම ප්රතිඵල නෙළා ගන්නන් වන මොවූහු අල්ලාහ් පිළිකුල් කරන හා ඔහු කෝප වන දැයින් ඉවත් ව ඔහු ප්රිය කරන ඔහු තෘප්තියට පත්වන දෑ වෙත යොමවන්නෝ වෙති. අල්ලාහ්ට බියෙන් ඔහුට යටහත් පහත් ව අවනත වන්නට වෙර දරන්නෝ වෙති. සෑම තත්ත්වයකම ඔවුන්ගේ පරමාධිපතිට ප්රශංසා කරන්නෝ වෙති. උපවාසයේ නිරත වන්නෝ වෙති. සලාත් නැමදුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් නියෝග කර ඇත්තේ ද ඒවා නියෝග කරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් තහනම් කළේද එයින් වැළකී සිටින්නෝ ද වෙති. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වෙමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා සුරක්ෂිත ව පිළිපදින්නෝ වෙති. අහෝ දූතය! මෙම ගුණාංගවලින් සපිරුණු දෙවියන් විශ්වාස කරන්නන් හට මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුනට සතුට ඇති කරන දෑ ගැන තොරතුරු දන්වා සිටිනු
مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿١١٣﴾
සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නිරා ගින්නේ සගයින් බව පැහැදිලි වූවායින් පසු ව ඔවුන් සමීපතයින් වුව ද ඔවුන් ආදේශ තැබීම මත ම මිය ගිය බැවින් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාණන්ට හෝ මුඃමින්වරුන්ට හෝ යුතු නොවන්නේය.و
وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍۢ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّۭ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٌۭ ﴿١١٤﴾
حليم ඉබ්රාහීම් තුමා තම පියාණන් වෙනුවෙන් සමාව අයැද සිටියේ ඔහු ඉස්ලාමය පිළිගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තමන් එය ඉල්ලා සිටින බවට පොරොන්දු වූ නිසාවෙන් මිස නොවීය. තම පියාණන්ට කළ උපදෙස් ප්රයෝජනවත් නොවූ බැවින් සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගැනීම හේතුවෙන් හෝ සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන බවට දේව පණිවිඩ ලැබීම හේතුවෙන් හෝ එතුමා ඔහුගෙන් ඉවත් විය. ඔහු වෙනුවෙන් එතුමා සමාව අයැද සිටීම ඔහුගේ උත්සාහය මත සිදු වූවකි. අල්ලාහ් ඔහු වෙත එවූ දේව පණිවිඩයේ නීතියට විරුද්ධව කළ දෙයක් නොවන්නේය. සැබැවින්ම ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ් වෙත අධික ලෙස යටහත්භාවයට පත්වූ අයෙකි. ඔහුගේ අපරාධකාරී ජනයාට සමාව දී නොසලකා අත්හැර දැමූ අයෙකි
وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوْمًۢا بَعْدَ إِذْ هَدَىٰهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿١١٥﴾
පිරිසකට යහමග සඳහා අල්ලාහ් ආශිර්වාද කළ පසුව ඔවුන් වැළකී සිටිය යුතු තහනම් දෑ ඔවුනට ඔහු පැහැදිලි කරන තෙක් ඔවුන් නොමග යවමින් ඔවුනට එරෙහි ව තීන්දු ගැනීම අල්ලාහ්ට නොවීය. ඔහු තහනම් කළ දෑ පැහැදිලි කිරීමෙන් පසු ව ඔවුන් වැරදි කරන්නේ නම් ඔවුනට මුළාව තීන්දු කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවී යන්නේ නැත. නුඹලා නොදැන සිටි දෑ සැබැවින්ම ඔහු නුඹලාට ඉගැන්නුවේය
إِنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿١١٦﴾
අහස් හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය සැබැවින්ම අල්ලාහ් සතුය. ඒ දෙකෙහි ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඒ දෙකෙහි කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟවෙන්නේ ද නැත. ජීවත් කිරීමට ඔහු අභිමත කරන අය ජීවත් කරවයි. මරණයට පත් කිරීමට ඔහු අභිමත කරන අය මරණයට පත් කරවයි. නුඹලාගේ කටයුතු භාර ව කටයුතු කරන්නට අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාර කරුවෙකු නුඹලාට නැත. එමෙන්ම නපුර නුඹලාගෙන් වළක්වන්නට හෝ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නට හෝ කිසිදු උදව්කරුවෙකු නුඹලාට නැත
لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِىِّ وَٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِى سَاعَةِ ٱلْعُسْرَةِ مِنۢ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍۢ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُۥ بِهِمْ رَءُوفٌۭ رَّحِيمٌۭ ﴿١١٧﴾
තබූක් යුද්ධයෙන් පසුබැසීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කුහකයින්ට අවසර දුන් අවස්ථාවේ අල්ලාහ් එතුමාණන්ට සමාව දානය කළේය. එමෙන්ම යුද්ධ කිරීමට පසු නොබැස්සා වූ මක්කාවෙන් නික්ම ගිය මුහාජිර්වරුන්ටත් මදීනාවේ ඔවුනට උපකාර කළ අන්සාර්වරුන්ටත් අල්ලාහ් සමාව දානය කළේය. සතුරන් බලවත් ව සිටියදී තමන් සතු යුධ ආම්පන්න හා සේනා බලය අඩුවෙන් තිබිය දී දැඩි අව් රෂ්ණ කාලයක පැවැති තබූක් යුද්ධයේ දී එහි පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් යුද්ධය අතහැර දැමීමට ඔවුන් අතරින් පිරිසකගේ හදවත් නැඹුරු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වීමෙන් පසු ව පවා ඔවුහු එතුමාණන් පිළිපැද්දෝය. පසුව අල්ලාහ් ඔවුනට ස්ථාවරත්වය සහ සතුරා වෙත පිටත්ව යෑම සඳහා ආශිර්වාද කළේය. ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම සුවි ශුද්ධවූ අල්ලාහ් ඔවුනට මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. පාපක්ෂමාව ඔවුනට ආශිර්වාද කිරීමත් එය ඔවුන්ගෙන් පිළිගැනීමත් ඔහුගේ කරුණාවෙන් වූවකි
وَعَلَى ٱلثَّلَـٰثَةِ ٱلَّذِينَ خُلِّفُوا۟ حَتَّىٰٓ إِذَا ضَاقَتْ عَلَيْهِمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوٓا۟ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿١١٨﴾
ه ප්රමාද වූ කඃබ් ඉබ්නු මාලික්, මුරාරා ඉබ්නු අර් රබීඃ හා හිලාල් ඉබ්නු උමෙය්යා යන තිදෙනාගේ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් ඔවුනට සමාව දානය කළේය. අල්ලාහ්ගේ දූතයාණන් සමග තබූක් යුද්ධය සඳහා පිටත් වීමෙන් ඔවුන් පසුබැස්සායින් පසු ඔවුන්ගේ පශ්චාත්තාපය භාර ගැනීම ප්රමාද කරනු ලැබීය. එහෙයින් ඔවුන්ගෙන් ඈත් ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ජනයාට නියෝග කළේය. මහපොළොවේ විශාලත්වය ඔවුනට පටුවන තරමට එම කරුණ ඔවුනට දුක හා වේදනාව ගෙන දුන්නේය. ඔවුනට අත් වූ තනිකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් පීඩනයට පත් විය. අල්ලාහ් වෙත පමණක් යොමු වීමෙන් මිස යොමුවන්නට වෙනත් තැනක් නොමැති බව ඔවුන් වටහා ගත්තෝය. පසුව අල්ලාහ් පාප ක්ෂමාව සඳහා ඔවුනට ආශිර්වාද කිරීමෙන් ඔවුනට කරුණාව දැක්වීය. පසුව ඔවුන්ගේ පශ්චාත්තාය පිළිගත්තේය. සැබැවින් ඔහු තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَكُونُوا۟ مَعَ ٱلصَّـٰدِقِينَ ﴿١١٩﴾
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද ඔහු ආගමානුගත කළ අයුරින් ක්රියා කරන්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් යුතු ව කටයුතු කරනු. සත්යවාදීන්ගේ දේව විශ්වාසය, ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් අතර නුඹලා ද ඔවුන් සමගම වනු. සත්යයෙහි මිස වෙනත් ගැලවීමක් නුඹලාට නැත
مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌۭ وَلَا نَصَبٌۭ وَلَا مَخْمَصَةٌۭ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوْطِئًۭا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّۢ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌۭ صَـٰلِحٌ ۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ﴿١٢٠﴾
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සටන් කිරීම සඳහා පිටත් ව යන විට මදීනා වාසීන් හෝ ඔවුන් අවට වෙසෙන ගම්බද ජනයා එතුමාණන්ගෙන් ඉවත් ව ඉන් පසුබෑම ඔවුනට සුදුසු නොවීය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයෙන් ඈත් වී තම ආත්මයන් හිරකර ආරක්ෂා කර තබා ගැනීම ද ඔවුනට සුදුසු නොවීය. නමුත් එතුමාණන් නොමැති ව හෝ තමන් ව කැප කිරීම අනිවාර්යය වන්නේය. ඊට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් කිසිදු තිබහක් හෝ වෙහෙසක් හෝ කුසගින්නක් හෝ අත් විඳින්නේ නම් හෝ දේව ප්රතික්ෂේපකයින්ගේ කෝපය ඔවුන් හමුවේ උසිගන්වන ස්ථානයකට ඔවුන් ගොඩ බැස්සේ නම් හෝ එමෙන්ම සතුරෙකු විසින් ඝාතනය කරනු ලැබීමක්, සිරගත වීමක්, යුද පිටියේ දමා ගිය වස්තුව අත්පත් කර ගැනීමක් පරාජයක් වැනි යමක් ඔවුනට අත් වන්නේ නම් හෝ එමගින් දැහැමි ක්රියාවක කුසල් අල්ලාහ් ඔවුනට නියම කරනු මිස නැත. ඔවුන්ගෙන් ඔහු එය පිළිගනියි. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල කරන්නේ නැත. ඔවුනට පූර්ණ වශයෙන් ඔහු ආශිර්වාද කරයි. එය ඔවුනට වර්ධනය කරයි
وَلَا يُنفِقُونَ نَفَقَةًۭ صَغِيرَةًۭ وَلَا كَبِيرَةًۭ وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٢١﴾
ඔවුන් සුඵ පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් යමක් වියදම් කළ ද යම් මිටියාවතක් තරණය කළ ද එසේ වියදම් කිරීම හා ගමන් කිරීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට ප්රමාණවත් තරමට ඔවුන් සිදු කළ ක්රියාවන් ඔවුන් වෙනුවෙන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සටහන් කර ගනු මිස නැත. පසු ව ඔවුන් සිදු කරමින් ආ දෑට වඩා යහපත් ප්රතිඵලයක් මතු ලොවෙහි ඔහු ඔවුනට පිරිනමනු ඇත
۞ وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةًۭ ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍۢ مِّنْهُمْ طَآئِفَةٌۭ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ ﴿١٢٢﴾
සතුරන් දේවත්වය විශ්වාස කරන්නන් සමග සටන් කිරීමට එළැඹෙන විට දේවත්වය විශ්වාස කරන්නන් මුළුමණින්ම තුරන් කරනු නොලැබීම පිණිස ඔවුන් සියල්ලෝම එක් වී යුද්ධය සඳහා පිටත් වීම ඔවුනට අවශ්ය වන්නේ නැත. එවන් තත්ත්වයක ඔවුන් අතරින් පිරිසක් ජිහාද් සඳහා පිටත් ව යා යුතු අතර තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් සමග සිට එතුමාණන් උගන්වන අල් කුර්ආනීය ඉගැන්වීම් හා ආගමික නීතීන්ට සවන් දී දහම පිළිබඳ අවබෝධය ලැබිය යුතුය. පසු ව ආපසු හැරී එන පිරිසට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ප්රවේශම් වන පරිදි තමන් ඉගෙන ගත් දෑ ඔවුනට පවසා අවවාද කළ යුතුය. එවිට ඔවුන් අල්ලාහ්ගේ නියෝගය පිළිපදිනු ඇත. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු ඇත. මෙවන් වාතාවරණයක් අල්ලාහ්ගේ දූතයාණන් විසින් ප්රදේශවලට යවන ලද කණ්ඩායම් අතර විය. ඒ සඳහා ඔහුගේ මිතුරන් අතරින් පිරිසක් ඔහු තෝරා ගත්තේය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قَـٰتِلُوا۟ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُوا۟ فِيكُمْ غِلْظَةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ﴿١٢٣﴾
දෙවියන් විශ්වාස කරන්නන් අසළ සිටින දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතදාරීන් සමග යුද වදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත. එය ඔවුන්ගේ සමීපකම හේතුවෙන් දෙවියන් විශ්වාස කරන්නන් හට අනතුරක් වන්නට ඉඩ ඇති බැවිණි. ඔවුන්ගේ නපුරුකම් වළක්වන හා ඔවුන් බිය වද්දන පරිදි බලවත්කම හා දරුණුකම නිරූපණය කරන මෙන් ද ඔහු ඔවුනට අණ කළේය. අල්ලාහ්, ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කරන විශ්වාසීන්හට ඔහුගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය සමග ඔහු සිටිනු ඇත
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَـٰذِهِۦٓ إِيمَـٰنًۭا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَزَادَتْهُمْ إِيمَـٰنًۭا وَهُمْ يَسْتَبْشِرُونَ ﴿١٢٤﴾
يستبشرون අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පරිච්ඡේදයක් පහළ කරන විට කුහකයින් අතර සිටි ඇතැමෙක් එය සරදමට හා හාස්යට ලක් කරමින්, "මුහම්මද් ගෙන ආ දැයින් පහළ වූ මෙම සූරාව කවර කරුණක් දේව විශ්වාසයෙන් වර්ධනය කර ඇත්දැ"යි විමසා සිටියේය. නමුත් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් සත්ය බව පිළිගත් අය වනාහි, ඔවුන්ගේ විශ්වාසය පෙර පැවති විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙම සූරාව ඔවුනට වර්ධනය කළේය. දිව්යමය වාක්ය පහළ වීමෙන් එහි ඇති මෙලොව හා මතුලොව යහපත හා ප්රයෝජන හේතුවෙන් ඔවුහු සතුටට පත් වූවෝය
وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا۟ وَهُمْ كَـٰفِرُونَ ﴿١٢٥﴾
කුහකයින් වනාහි, අල් කුර්ආනයේ ඇති නීති රීති හා කතා සමග එය පහළ වීම ඔවුන්ගේ ව්යාධිය හා කිලිටිකම ඔවුනට වර්ධනය කරනු ඇත. එය පහළ කරනු ලැබූ දෑ ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙනි. අල් කුර්ආනය අධික ලෙස පහළ වීම තුළින් ඔවුන්ගේ හදවත් ද ව්යාධී බවින් වැඩි විය. ඊට හේතුව සැබැවින්ම ඔවුනට යම් කිසි දෙයක් පහළ වන සෑම කල්හිම එහි ඇති දෑ ගැන පැමිණිලි කරමින් සිටි අතර දේව ප්රතික්ෂේපය මත ම මිය ගිය බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් أولا يرون أن هم يفتنون فى كل عام مر ةأو مر تين ثم لا يتوبون ولا هم يذكرون
أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍۢ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ ﴿١٢٦﴾
කුහකයින්ගේ තත්ත්වය හෙළි කරමින් ඔවුන්ගේ කුහකත්වය ප්රසිද්ධියට පත් කරමින් සෑම වසරකම වරක් හෝ දෙවරක් අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම ඔවුන් සැලකිල්ලෙන් නොබැලුවෝ ද? පසු ව සැබැවින්ම අල්ලාහ් ඔවුනට එසේ සිදු කර ඇතැයි ඔවුන් දැන ගැනීමත් සමගම ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් මිදුණේ නැත. ඔවුන්ගේ කුහකත්වයෙන් ඔවුන් ඉවත් වූයේ නැත. ඔවුනට අත් වූ දෑ සැබැවින් එය අල්ලාහ්ගෙන් වූවක් බව ඔවුන් මෙනෙහි කරන්නේ ද නැත
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍۢ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ﴿١٢٧﴾
يفقهون අල්ලාහ් තම දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත අල් කුර්ආනීය පරිච්ඡේදයක් පහළ කරන විට එහි සඳහන් කුහකයින්ගේ තත්ත්වයන් මෙනෙහි කිරීම දැක ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා "කිසිවකු හෝ ඔබ දකින්නේ දැ?"යි විමසා සිටියි. එවිට කිසිවෙකු ඔවුන් නුදුටුවේ නම් සභාවෙන් ඔවුන් හැරී යති. දැනගනු. අල්ලාහ් ඔවුන්ගේ හදවත් යහමග හා යහකමින් වෙනතකට යොමු කළේය. ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන් පහත් තත්ත්වයට පත් විය
لَقَدْ جَآءَكُمْ رَسُولٌۭ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌۭ رَّحِيمٌۭ ﴿١٢٨﴾
අහෝ අරාබි ජනයිනි! නුඹලාගෙන්ම වූ දූතයෙකු සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු නුඹලා මෙන්ම අරාබි ජාතිකයෙකි. නුඹලාට පීඩා ගෙන දෙන දෑ ඔහුට ද පීඩා ගෙන දෙනු ඇත. නුඹලා යහමගට යොමුවීම ගැන දැඩි ආශාවෙන් පසුවන්නෙකි. නුඹලා ගැන සැලකිලිමත් වන්නෙකි. විශේෂයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් කෙරෙහි හිතවත් මෙන්ම කාරුණිකය
فَإِن تَوَلَّوْا۟ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ﴿١٢٩﴾
එහෙයින් ඔවුන් නුඹට පිටුපා නුඹ ගෙන ආ දෑ ඔවුන් නොකළේ නම්, අහෝ දූතය! “මට අල්ලාහ් ප්රමාණවත්ය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු මිස වෙනත් කිසිවෙකු නැත. ඔහු මත ම රැඳී සිටිමි. ඔහු ශුද්ධ වූ අති මහත් අර්ෂ් හෙවත් රාජධානියේ හිමිපාණන්ය.” යැයි පවසනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්