මුල් පිටුවතෆ්සීර්Al-Anfaal (8)

තෆ්සීර් Al-Anfaal (8) — الأنفال

මදනී · 75 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١﴾

كنتم م ؤمنين අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හා එය බෙදා දීමේදී, ඒ ගැන තින්දු තීරණ ගැනීමේ අයිතිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. නුඹලාගේ යුතුකම වනුයේ එයට යටත් වී ඒ අනුව කටයුතු කිරීමය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එහෙයින් නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. නුඹලා අතර පවතින බෙදීම් හා කුමන්ත්රණ පසෙක ලා සෙනෙහසින්, බැඳියාවෙන්, යහපත් ගතිගුණ හා සමාව දීමෙන් ඒවා විධිමත් කර ගනු. නුඹලා සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නෙහු නම් අල්ලාහ්ට අවනත වීමත්, ඔහුගේ දූතයාණන්ට අවනත වීමත් තදින්ම පිළිපදිනු. සැබැවින්ම දේව විශ්වාසය,අවනතවීම හා පාපයෙන් දුරස්වීම අවදි කරන්නේය. මෙම ප්රශ්නය විමසනු ලැබුවේ බද්ර් සටනින් පසුවය

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَـٰتُهُۥ زَادَتْهُمْ إِيمَـٰنًۭا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٢﴾

සැබැවින්ම සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නන් වනාහි පිවිතුරු අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් භීතියට පත් වෙයි. ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ ශරීර අවනත වීම සඳහා බැඳී පවතියි. අල්ලාහ්ගේ වදන් ඔවුන් වෙත සම්බන්ධ කරනු ලැබූ විට ඒ පිළිබඳ ඔවුන් පරිශීලනය කරති. එවිට විශ්වාසයෙන් ඔවුන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වෙයි. ඔවුනට යහපත සලසා ගැනීමෙහි හා අයහපතින් වළක්වා ගැනීමෙහි ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත පමණක් යැපෙති

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ ﴿٣﴾

ඔවුන් වනාහි, සලාතය එහි නියමිත වේලාවන්හි නියමිත පූර්ණ ස්වරූපයෙන් අඛණ්ඩ ව ඉටු කරන්නන් හා අප ඔවුනට පෝෂණය කළ දැයින් අවශ්ය වියදම් හා සතුටු දායක වියදම්ق නිකුත් කරන්නන් වෙති

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُمْ دَرَجَـٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٤﴾

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ මුඃමින්වරුන් හෙවත් සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ වෙති. එය ඔවුන් දේව විශ්වාසයේ කරුණු හා ඉස්ලාමයේ බාහිර කරුණු යන දෙක එකට සම්බන්ධ කළ බැවිණි. ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ඔවුන්ගේ පරමාධිපති අබියය ඔවුනට උසස් නිලතල ඇත. එමෙන්ම ඔවුන්ගේ පාපකම් වලට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත. ඒවා අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති සැප පහසුකම් වෙති

كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَـٰرِهُونَ ﴿٥﴾

යුද බිමේ සතුරා විසින් හැර ගිය වස්තුව පිළිබඳ නුඹලා ගැටලු ඇති කර ගෙන, ඒවා බෙදීම සම්බන්ධ ව ද මතභේද ඇති කර ගත් පසු ව, එහි කොටස නුඹලාගෙන් ඉවත් කොට අල්ලාහ් ඔහු වෙත හා ඔහුගේ දූතයාණන් වෙත පවරාගත්තේය. අහෝ දූතය! එලෙසම දෙවියන්ට ආදේශ තබන්නන් හමු වීම සඳහා මදීනාවෙන් පිටත් ව යෑම පිළිබඳ දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් පිළිකුල් කළ ද ඒ සඳහා පිටත් ව යන මෙන් ඔබේ පරමාධිපති ඔබට නියෝග කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يُجَـٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ ﴿٦﴾

ආදේශ තබන්නන් සමග යුද්ධයක් ඇති වන බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, එම විෂයයෙහි දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පිරිස නුඹ සමග වාද කරති. එය ඔවුනට මරණය සඳහා ඇදගෙන යනු ලැබ එය ඔවුන්ගේ ඇස් පනාපිට බලන්නාක් මෙන් විය. යුද්ධය සඳහා බැහැර වීමට ඔවුන් දැඩි ලෙස පිළිකුල් කළේ එබැවිණි. එමෙන්ම ඒ සඳහා එහි ත්යාග නොලැබීමත් ඔවුනට දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකි වීමත් එයට හේතු විය

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَـٰفِرِينَ ﴿٧﴾

අහෝ තර්ක කරන දේව විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාට දේව ආදේශකයින්ගේ දෙපිරිසෙන් එක් පිරිසකගෙන් නුඹලා ජය ලබනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. එනම් ඔටුවන් හා උන් ප්රවාහනය කළ භාණ්ඩය, සතුරා විසින් අතහැර ගිය භාණ්ඩ ලෙස නුඹලා ඒවා ගත්තෙහුය. අනෙක පුද්ගලයින් හා බැඳුණු පිරිසයි. නුඹලා ඔවුන් සමග යුද වැදී ඔවුනට එරෙහි ව ජය ලබා ගත යුතුව ඇත. කිසිදු යුද්ධයකින් තොරව පහසුවෙන් එම ඔටුවන් අල්ලා ගත හැකි වීමෙන් ජය ලැබීම ගැන නුඹලා සතුටු වන්නෙහුය. එමෙන්ම අල්ලාහ් යුද්ධ කිරීම නුඹලාට නියෝග කරමින් සත්ය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එය නුඹලා දෙවියන්ට ආදේශ කරන භට පිරිස් සමග සටන් වැද ඉස්ලාමයේ බලය විද්යාමාන වන අයුරින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිරගත කිරීමෙනි

لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَـٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ ﴿٨﴾

ඉස්ලාමය හා එහි වැසියන් ප්රසිද්ධ කරවා අල්ලාහ් සත්යය තහවුරු කිරීමටත් එනම් එය සැබෑ ලෙස දිවි පිදූවන් ප්රසිද්ධියට පත් කිරීමෙනි. එමෙන්ම ව්යාජය ව්යාජ බව තහවුරු කරන සාධක හෙළිකරමින් එය නිෂ්ඵල කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. දෙවියන්ට ආදේශ තබන්නන් එය පිළිකුල් කළ ද අල්ලාහ් එය හෙළි කරනු ඇත

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍۢ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُرْدِفِينَ ﴿٩﴾

බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව ජය පතා නුඹලා අල්ලාහ්ගෙන් උදව් පැතූ අවස්ථාව මෙනෙහි කරනු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එවිට අල්ලාහ් මලක්වරුන් දහසක් දෙනෙකු ඇතැමෙකු ඇතැමෙකුට පර ව පෙළ ගස්වා නුඹලාට උදව් කරුවන් වශයෙන් එවා නුඹලාගේ සේනාව ශක්තිමත් කිරීමෙන් අල්ලාහ් නුඹලාට පිළිතුරු දුන්නේය

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿١٠﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට මලක්වරුන් සැපයූවේ නුඹලාට ශුභාරංචියක් වශයෙනි. එය නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලා ජය ලබන්නටත් ජයග්රහණය පිළිබඳ විශ්වාසය ඇති කර, නුඹලාගේ හදවත් සැනසීමට පත් කිරීමටත්ය. සංඛ්යාවේ අධිකත්වය මුල් කර ගෙන ජය පිහිටන්නේ නැත. සැබැවින්ම ජය ලැබෙනුයේ අල්ලාහ් අබියසිනි. සැබැවින්ම අල්ලාහ් තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු ඔහු අභිබවා යන්නේ නැත. ආගමික නීති පැනවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَـٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ ﴿١١﴾

ى දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා ව කිලිටෙන් පිරිසිදු කරනු පිණිසත්, ෂෙය්තාන්ගේ නපුරු සිතුවිලි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත්, නුඹලා සතුරන් හමුවන අවස්ථාවේ නුඹලාගේ සිත් ප්රබෝධමත් කොට නුඹලාගේ ශරීරයට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නැවුම් බව ඇති කරනු පිණිසත්, වැලි පොළොව මත නුඹලාගේ පාද තබන විට එහි නොසැලී ස්ථාවර තැබීමට පාද ශක්තිමත් කරනු පිණිසත්, නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාට අත් වූ බියෙන් නුඹලා අභයදායී වනු පිණිසත් අල්ලාහ් නුඹලා වෙත මද නින්ද ඇති කොට නුඹලා වෙත අහසින් වාර්ෂාව පහළ කළ අවස්ථාව මෙනෙහි කරනු

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَـٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ ﴿١٢﴾

අහෝ නබිවරය! බද්ර් සටනෙහි දෙවියන් විශ්වාස කරන්නන් වෙත අල්ලාහ් සැපයූ මලක්වරුන් හට නුඹේ පරමාධිපති දිව්යමය පණිවිඩ එවූ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, අහෝ මලක්වරුනි! ජය හා ස්ථාවරත්වය පිරිනැමීමෙහි සැබැවින්ම මම නුඹලා සමග වෙමි. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සතුරන් සමග සටන් කිරීමේදී ඔවුන්ගේ දැඩි විශ්වාසය බලවත් කරනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළ දැඩි බිය මම හෙළමි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මැරී වැටෙන්නට ඔවුන්ගේ බෙලි කපා දමනු. නුඹලා සමග ඔවුන් නැවත යුද නොවදින පරිදි ඔවුන්ගේ අස්ථි හා ඔවුන්ගේ ඉලපත් වලට පහර දෙනු

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿١٣﴾

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කිරීම" ඔවුන්ගේ ශරීරයට පහර දීම යනාදී සිදුවීම් සිදු වූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ බැවිණි. ඔවුනට අණ කරනු ලැබූ පරිදි ඔවුන් පාලනය නොකළෝය. ඔවුන් වළක්වනු ලැබූ දැයින් වැළකී නොසිටියෝය. කවරෙකු එම විෂයයෙහි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු ඝාතනයට ලක් කරමින් හෝ සිරගත කරමින් මෙලොවෙහි දැඩි දඬුවමට ලක් කරන අතර මතු ලොවෙහි නිරා ගින්නෙන් දඬුවම් කරනු ඇත

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَـٰفِرِينَ عَذَابَ ٱلنَّارِ ﴿١٤﴾

අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ ﴿١٥﴾

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! යුද බිමේ දෙවියන් ආදේශ කරන්නන් ඉතා කිට්ටුවෙන් මුහුණට මුහුණ මුණ ගැසුණේ නම් නුඹලා ඔවුනට බියෙන් ඔවුන්ගෙන් හැරී පෙරළා නැවත නොඑනු. ඔවුන් ඉදිරියේ ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ හමු ව නුඹලා දරා ගනු. ජය හා ස්ථාවරත්ය සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලා සමග සිටියි

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿١٦﴾

යුද උපක්රමයක් ලෙස තමන් පසුබසින බව ඔවුනට පෙන්වා නැවත ඔවුන් වෙත හැරී ඒමේ බලාපොරොත්තුවෙන් හෝ මුස්ලිම් සේනාවකට එකතු වී ඔවුනට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තොරව කවරෙකු ඔවුන්ගෙන් පෙරළා පලා යන්නේද ඔවුන් එසේ හැරී එනුයේ අල්ලාහ්ගේ කෝපය සහිතවය. එය ඔවුනට හිමි වනු ඇත. මතු ලොවෙහි ඔහුගේ නවාතැන නිරයයි. ඔහු එසේ යන තැන ඉතා නපුරුය. එසේ ඔහු පෙරළා යන ස්ථානය ද නපුරුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ﴿١٧﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා බද්ර් දිනයේ දෙවියන්ට ආදේශ කරන්නන් සමග සටන් කළේ, නුඹලාගේ හැකියාවෙන් හෝ නුඹලාගේ ශක්තියෙන් නොවේ. ඒ සඳහා නුඹලාට උපකාර කළේ අල්ලාහ්ය. අහෝ නබි වරය! දෙවියන්ට ආදේශ කරන්නන්හට නුඹ විසි කළ ද එය ඔවුන් වෙත එල්ලවීමට සැලැස්සුවේ අල්ලාහ්ය. ඔබ පිරිසෙන් අඩු සංඛ්යාවක් සහිත ව සිටියදී සතුරන්ට නිරාවරණය කරවා ඔහු ඔවුනට ආශිර්වාද කිරීම තුළින් දෙවියන් විශ්වාස කරන්නන් පරීක්ෂාවට ලක් කළේ ඔවුහු, ඔහුට කෘතඥ වනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාර්ථනාවන් හා නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. අල්ලාහ් නුඹලාගේ ක්රියාවන් හා නුඹලාට එහි ඇති යහපත පිළිබඳ මැනවින් දන්නාය

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَـٰفِرِينَ ﴿١٨﴾

යුද පිටියේ දෙවියන්ට ආදේශ තබන සතුරු පිරිස මරා දැමීම, ඔවුන් පරාජයට පත් ව පලා යන තෙක් ඔවුනට පහර දීම, දෙවියන් විශ්වාස කරන්නන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් නිරාවරණය කොට ආශිර්වාද කිරීම යනාදී වශයෙන් සඳහන් කරන ලැබූ ඒ සියල්ල අල්ලාහ් වෙතින් හිමි වූ දෑ ය. ඉස්ලාමයට එරෙහි ව කුමන්ත්රණය කරන දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ අල්ලාහ් අඩපණ කරනු ඇත

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ ﴿١٩﴾

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සීමාව ඉක්මවා යන අපරාධකරුවන් හට අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ ව්යසනය අත් විය යුතු යැයි නුඹලා ඉල්ලා සිටින්නෙහු නම් නුඹලා පතන දෑ අල්ලාහ් නුඹලාට පහළ කරනු ඇත. එය නුඹලාට දඬුවමක් වන සේ හා දේව භක්තිකයින් හට පාඩමක් වන සේ පිහිටයි. එසේ පැතීමෙන් නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතක් වන්නේය. ඇතැම් විට නුඹලාට ප්රමාණවත් කාලයක් ලබා දී නුඹලාගෙන් පළි ගැනීම ඔහු ඉක්මන් නොකරනු ඇත. නමුත් නුඹලා එය ඉල්ලා සිටිමින් දේව විශ්වාස කරන්නන් සමග යුද වදින්නට සූදානම් වන්නෙහු නම්, නුඹලාට එරෙහි ව දඬුවම පහළ කොට දෙවියන් විශ්වාස කරන්නන්හට උපකාර කරන්නට අපි සූදානම් ව සිටින්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන්ගේ සංඛ්යාව අඩු වී, නුඹලාගේ සේනාවේ හෝ නුඹලාගේ සහයට පැමිණි උදව් කරුවන් සංඛ්යාවෙන් අධික වුව ද ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් උදව් කිරීමෙහි හා ස්ථාවර කිරීමෙහි ඔහු ව විශ්වාස කළ අය සමග සිටියි. අල්ලාහ් කවරෙකු සමග සිටින්නේද ඔහු අබිබවා යන්නට කිසිවකු නැත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ ﴿٢٠﴾

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් අවනත වනු. නුඹලා වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙමින් සිටිය දී ඔහු නියෝග කළ දෑ පිටු දකිමින් හා ඔහු තහනම් කළ දෑ ගෙන එමින් ඔහුට පිටු නොපානු

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ ﴿٢١﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල් කුර්ආනය කියවා පෙන්වනු ලබන විට එය උපදෙසක් වන පරිදි හෝ ඒ ගැන පරිශීලනය කරන පරිදි සවන් නොදී, "අප වෙත කියවා පෙන්වන ලද දෑ අපගේ කන් වලින් අපි ඇසුවෙමු" යැයි පවසා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තමන් සවන් දුන් දැයින් ප්රයෝජන නොලැබූ කුහකයින් හා දේව ආදේශකයින් මෙන් නුඹලා නොවනු

۞ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ ﴿٢٢﴾

අල්ලාහ් අබියස පොළව මතු පිට සැරිසරන මැවීම් අතුරින් වඩාත් නපුරුතම අය වනුයේ සත්යය පිළිගන්නා අයුරින් එයට සවන් නොදෙන, බිහිරන් හා ඒ ගැන කතා නොකරන ගොළුවන්ය. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ ඔහුගෙන් ග්රහණය නොකරන්නෝ ඔවුහුමය

وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًۭا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ ﴿٢٣﴾

දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් වෙත යම් යහපතක් ඇති බව අල්ලාහ් දන්නේ නම් ඔවුනට ප්රයෝජනවත් වන සේ සවන් දෙන්නටත්, ඔහු අබියස තිබෙන සාක්ෂි හා සාධක ඔවුන් වටහා ගන්නටත් හැකි වන සේ අල්ලාහ් ඔවුන් පත් කරනු ඇත. නමුත් ඔවුන් තුළ යහපතක් නොමැති බව ඔහු දන්නේය.-අනිවාර්යය කිරීමෙන් හා නිර්ණය කිරීමෙන් - අල්ලාහ් ඔවුනට සවන් දෙන්නට සැලැස්වූයේ නම් ඔවුන් මුරණ්ඩුකමින් දේව විශ්වාස පිටුපා එයින් පලා යනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾

إ ليه تحشرون අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නුඹලාගේ ජීවිත රඳා පවතින සත්යය වෙත නුඹලා ව ඇරයුම් කරන විට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නියෝග කර ඇති දෑ හා වළක්වා ඇති දෑ අනුව ක්රියා කරමින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට නුඹලා පිළිතුරු දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී යැයි විශ්වාස කරනු. සත්යයට අවනත වීම නුඹලා ප්රතික්ෂේප කළ පසු ව, නැවතත් නුඹලා එය අපේක්ෂා කරන විට නුඹලා අතර හා එය අතර පෙරළන්නට අල්ලාහ් ශක්තිය ඇත්තාය. එහෙයින් ඒ වෙත යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව එක්රැස් කරනු ලබන බව තරයේ විශ්වාස කරනු. නුඹලා මෙලොවෙහි කළ ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත

وَٱتَّقُوا۟ فِتْنَةًۭ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةًۭ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢٥﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර සිටින පාපිෂ්ඨයාට පමණක් අත් නොවන දඬුවම පිළිබඳ නුඹලා ප්රවේශම් වනු. එය අපරාධයක් හෙළි වූ විට එය නොවළක්වන අවස්ථාවක ඇතිවන්නකි. අල්ලාහ්ට පිටුපාන්නන්හට ඔහු දඬුවම් දීමෙහි ඉතා බලවත් බව විශ්වාස කරනු. එහෙයින් ඔහුට පාපකම් කිරීමෙන් වැළකී සිටිනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌۭ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٢٦﴾

අහෝ විශ්වාස කළවුනි! නුඹලා මක්කාවෙහි ස්වල්ප පිරිසක් ලෙස සිටිය දී එහි වැසියන් නුඹලා ව දුර්වලයින් බවට පත් කොට නුඹලා මත බලය යෙදවූහ. නුඹලාගේ සතුරන් නුඹලාට ඉක්මණින්ම අල්ලා ගනු ඇතැයි නුඹලා බිය වූහ. එවිට නුඹලා ආරක්ෂාව පතා යන ස්ථානයක් වෙත අල්ලාහ් නුඹලා ව සේන්දු කළේය. එය මදීනාවයි. යුදමය අවස්ථාවන්හි නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලාට ජය ලබා දෙමින් නුඹලා ව බලවත් බවට පත් කළේය. බද්ර් යුද්ධයත් ඉන් එකකි. පිවිතුරු දැයින් ඔහු නුඹලාට පෝෂණය කළේය. නුඹලාගේ සතුරන්ගෙන් ආරක්ෂා කර ඔවුන් අතහැර දමා ගිය වස්තු සියල්ලම නුඹලාට හිමි විය. අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. එවිට ඔහු නුඹලාට එහි සමෘද්ධිය ඇති කරයි. නුඹලා එයට ගුණමකු නොවනු. එවිට නුඹලාගෙන් එය ඩැහැ ගෙන නුඹලාට දඬුවම් පිරිනමනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَـٰنَـٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ ﴿٢٧﴾

අහෝ අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නියෝග පිළිපැදීම අතහැර දමමින් හා තහනම් කළ දැයින් වැළකී නොසිටීමෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රවටන්නට උත්සාහ නොකරනු. එමෙන්ම ඔබ වෙත පවරන ලද ආගමික හා වෙනත් කටයුතු අතපසු කරමින් ඔවුන් රවටන්නට උත්සාහ නොකරනු. සැබැවින්ම එසේ සිදු කිරීම වංචාවක් බව නුඹලා මැනවින් දන්නෙහුය. එවිට නුඹලා රවටනු ලැබූවන් බවට පත් වනු ඇත

وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌۭ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ﴿٢٨﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයකි. විභාගයකි. මතු ලොව වෙනුවෙන් කරන ක්රියාකාරකම් වලින් ඒවා නුඹලා ව වළක්වනු ඇත. ඒවා නුඹලා රවටා දමනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභියස මහත් කුසල් ඇති බව දැන ගනු. නුඹලාගේ දරුවන් හා නුඹලාගේ සම්පත් හේතුවෙන් ඒවාට මුළා වී ඒවා වෙත පමණක් නුඹලාගේ අවධානය යොමු කිරීමෙන් නුඹලාට හිමි වන මෙම කුසල් නුඹලා අහිමි කර නොගනු

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًۭا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٢٩﴾

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක්වූ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරන්නේ නම් සත්ය හා අසත්ය අතර වෙන් කර ගත හැකි මාර්ගය ඔහු නුඹලාට පාදා දෙනු ඇත. එවිට ඒ දෙක නුඹලාට පැටලවෙන්නේ නැත. නුඹලා සිදු කරමින් සිටි පාපකම් නුඹලාගෙන් ඉවත් කරනු ඇත. නුඹලාගේ පාපකම් වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් ඉමහත් භාග්ය සම්පන්නය. ඔහුගේ ඉමහත් භාග්යයන් අතුරින් එකක් වනුයේ බැතියෙන් යුතු ව කටයුතු කරන ඔහුගේ ගැත්තන්හට සූදානම් කර ඇති ස්වර්ග උයනයි

وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَـٰكِرِينَ ﴿٣٠﴾

අහෝ දූතය! ඔබව හසු කර ගැනීමට හෝ ඔබ ව ඝාතනය කිරීමට හෝ ඔබේ නගරයෙන් වෙනත් නගරයකට ඔබ ව පිටුවහල් කිරීමට කුමන්ත්රණය කරනු පිණිස දෙවියන්ට ආදේශ තබන්නන් නුඹ වෙන හැරුණු අවස්ථාව ගැන මෙනෙහි කරනු. ඔවුහු නුඹට කුමන්ත්රණය කරති. ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනටම එරෙහි ව පිහිටුවීමට අල්ලාහ් කටයුතු කළේය. ඔහු ද උපාය මාර්ග සැලසුම් කළ අතර එසේ සැලසුම් කරන්නන්ගෙන් ඔහු අති ශ්රේෂ්ඨය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَـٰذَآ ۙ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٣١﴾

අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින් හා උඩඟුකම් වෙමින්, ‘මීට පෙරත් අපි මොවැනිම දෑ ට සවන් දී ඇත්තෙමු. මෙම කුර්ආනය හා සමාන ප්රකාශයක් අපි අභිමත කළේ නම් එය අපි පවසන්නෙමු. අපි සවන් දුන් මෙම කුර්ආනය පැරැන්නන්ගේ ප්රබන්ධයන් මිස නැත එහෙයින් අපි එය කිසිසේත් විශ්වාස නොකරන්නෙමු

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةًۭ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍۢ ﴿٣٢﴾

‘අහෝ දෙවියනි! මුහම්මද් ගෙන ආ දෑ සැබෑවක් නම් අප විනාශ කර දමන ගල් වර්ෂාවක් අහසින් අප මත හෙළනු. එසේ නැතහොත් අප වෙත දැඩි දඬුවම් පමුණුවනු’ යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසා සිටි අවස්ථාව අහෝ දූතය! ඔබ මෙනෙහි කර බලනු. ඔවුන් එසේ පවසා සිටියේ ප්රතික්ෂේපයේ හා පිටුපෑමෙහි සීමාව ඉක්මවා යමිනි

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ ﴿٣٣﴾

අහෝ මුහම්මද්! ඔබේ සමූහයා (ඔවුන් ප්රතිචාර දක්වන සමූහයක් වුව ද ඇරයුම් කරන සමූහයක් වුවද එක සමානය) අතර ඔබ ජීවත් ව සිට ඔබ ව ඔවුන් දඬුවමින් ආරක්ෂාවක් ලෙස සලකන තත්ත්වයේ ඔවුනට ඇති වන දඬුවමකින් දඬුවම් කිරීමට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ පාපකම් වලට ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٣٤﴾

أكثرهم لا يعلمون මස්ජිදුල් හරාම් දේවස්ථානයේ ජනයා සලාතය ඉටු කිරීමෙන් හා එහි තවාෆ් කිරීමෙන් වැළැක්වීම හේතුවෙන් ඔවුන් දඬුවම අනිවාර්යය කරන තරමින් පාපයන් කරමින් සිටියදී ඔවුනට අත්වන දඬුවමින් වළක්වනුයේ කුමක් ද? දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ගේ සමීපතයින් නොවීය. අල්ලාහ්ගේ නියෝග ඉටු කරමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කළ දැහැමියන් මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ සමීපතයින් වන්නේ නැත. නමුත් දේව ආදේශකයින් තමන් අල්ලාහ්ගේ සමීපතයින් බවට වාද කළ අවස්ථාවේ ඔවුන් බහුතරයක් දෙනා ඔහුගේ සමීපතයින් නොවන බව ඔවුහු නොදනිති

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءًۭ وَتَصْدِيَةًۭ ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿٣٥﴾

මස්ජිදුල් හරාම් අබියස දේව ආදේශකයින්ගේ නැමදුම අත්පුඩි ගැසීම හා විසිල් ගැසීම මිස වෙනෙකක් නොවීය. අහෝ ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කරමින් සිටි හේතුවෙන් බද්ර් දින ඝාතනයට හා සිරභාරයකට ලක්වෙමින් දඬුවම විඳිනු

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةًۭ ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ ﴿٣٦﴾

සැබැවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් තම ධනය අල්ලාහ්ගේ දහමින් ජනයා වළක්වනු පිණිස වියදම් කරති. ඔවුන් එසේ විදයම් කර සිටිය ද ඔවුන් සිතූ දෑ ඔවුනට තහවුරු වන්නේ නැත. පසු ව ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කිරීම හේතුවෙන් ඔවුනට අත්වන දඬුවම ඔවුන් පසුතැවිලි වීමයි. එය ඔවුන් වියදම් කළ ධනය හා අරමුණ අහිමි වී යාමෙනි. පසු ව ඔවුනට එරෙහි ව දෙවියන් විශ්වාස කරන්නන් ජය ලබා ඔවුන් අබිබවා යනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය වෙත ඇදගෙන යනු ලබති. පසු ව ඔවුන් එහි පිවිස සදා රැඳී සිටිති

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍۢ فَيَرْكُمَهُۥ جَمِيعًۭا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٣٧﴾

අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම සඳහා තම ධනය වියදම් කළ දේව ප්රතික්ෂේපකයින් වනාහි, ඔවුන් නිරය වෙත ඇඳ ගෙන යනු ලබති. දේව විශ්වාසී දැහැමියන්ගෙන් දේව ප්රතික්ෂේපිත නපුරෙන් අල්ලාහ් වෙන් කරනු ඇත. නපුරු පුද්ගලයින් හා නපුරු ක්රියාවන් එකිනෙක මත පිහිටන සේ තබනු ඇත. පසු ව ඔහු ව නිරා ගින්නට පත් කරයි. පරාජය ලැබූවෝ ඔවුහුමය. එය සැබැවින්ම ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් බවට පත්වන බැවිණි

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ ﴿٣٨﴾

අහෝ දූතයිනි! ඔබේ සමූහයා අතරින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී, අල්ලාහ් ව විශ්වාස කළවුන් ඔහුගේ මාර්ගයෙන් වැළැක්වීමෙන් ඈත් වී සිටියේ නම් ඔවුන් පෙර කළ පාපකම් සඳහා ඔවුනට අල්ලාහ් සමාව දෙන්නේය. ඉස්ලාමය වෙත පියනැගීම ඔහු පෙර කළ දෑ බිඳ දමනු ඇත. නමුත් නැවතත් ඔවුන්ගේ ප්රතික්ෂේපය වෙත ඔවුන් හැරී යන්නේ නම් සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් බොරු කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත දිගටම රැඳී සිටි විට අල්ලාහ්ගේ පිළිවත වූයේ ඔවුනට දඬුවම ඉක්මන් කිරීම යන වග ඔවුන් දැන ගත යුතුය

وَقَـٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌۭ ﴿٣٩﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ආදේශ කිරීමක් නොපවතින තෙක්, අල්ලාහ්ගේ දහමින් මුස්ලිම්වරුන් වළක්වනු නොලබන තෙක් හා දහම හා අවනතභාවයේ කිසිදු හවුල්කරුවෙක් සම්බන්ධ නොකර අල්ලාහ්ට පමණක් දහම හා අවනතභාවය පත් වන තෙක්, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතර සිටින නුඹලාගේ සතුරන් සමග නුඹලා සටන් කරනු. ඔවුන් සිදුකරමින් සිටි ආදේශයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් ඔවුන් වැළකුණේ නම් නුඹලා ඔවුන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණයෙන් සිටියි. කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟ වී යන්නේ නැත

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ﴿٤٠﴾

දේව ප්රතික්ෂේපයෙන් වළකින මෙන් ද, අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයාට බාධා නොකරන මෙන් ද, ඔවුනට අණ කරනු ලැබූ දැයින් ඔවුන් නොහැරුණේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල්ලාහ් ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරන බවද, තම කටයුතු භාර කරන්නන්හට ඔහුගේ භාරකාරත්වය යහපත් වන බවද, උදව් පතන්නන්හට ඔහුගේ උදව්ව යහපත් වන බවද, අල්ලාහ් කවරෙකු භාර ගත්තේද ඔහු ජය ලබන බව ද, ඔහු කාහට උදව් කළේ ද ඔහු සාර්ථක වන බව ද නුඹලා තරයේ විශ්වාසය තබා ගනු

۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٤١﴾

ى ه ى ء අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَـٰدِ ۙ وَلَـٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍۢ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍۢ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ﴿٤٢﴾

ى මදීනාවට පරව, අසල පිහිටි පහත් මිටියාවතෙහි නුඹලා ද, මක්කාහ්වට පරව දුරින් පිටිහි මිටියාවතෙහි මුෂ්රික්වරන් ද, රතු මුහුදු වෙරළට පරව නුඹලාට පහළින් පිහිටි ස්ථානයේ වෙළඳ කණ්ඩායමද සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා සහ දේව ආදේශකයින් බද්ර් යුද්ධයේ හමුවීමට ප්රිය කළේ නම් නුඹලා එකිනෙකා අතර භේද වන්නට තිබුණි. නමුත් බද්ර් දිනයේ නුඹලා අතර කිසිදු තර්කයකින් තොරව ඒකරාශී කළේ අල්ලාහ්ය. එය සිදුවන්නට නියමිත කරුණ සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබනු පිණිසය. එනම් දේව විශ්වාසී ජනයාට ජය ද, දේව ප්රතික්ෂේපිත ජනයාට පරාජය ද, තම දහම පිළිබඳ අවවාද කිරීම හා දෙවියන්ට ආදේශ කිරීම පහත් ක්රියාවක් බවට පත් කිරීමය. එමෙන්ම ඔවුනට එරෙහි ව දේව විශ්වාසී ජනයා සංඛ්යාවෙන් අඩු වුවද ජය නියත බව සාධක ඉදිරිපත් කිරීමෙන් පසු හා ඔවුනට ප්රතිඥා දීමෙන් පසු ඔවුන් අතර මියැදෙන්නට නියමිත අය මිය යාමටත්, අල්ලාහ් හෙළි කළ සාධක හා සාක්ෂි මත ජීවත් වන්නන් ජීවත් කරවීමටත්ය. එවිට අල්ලාහ්ට එරෙහි ව තර්ක කරන්නන් කිසිවකු ඉතිරි නොවනු ඇත. අල්ලාහ් සියලු දෙනාගේ ප්රකාශයන් සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًۭا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًۭا لَّفَشِلْتُمْ وَلَتَنَـٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَـٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٤٣﴾

අහෝ නබිවරය! දෙවියන්ට ආදේශ කළ සතුරන් ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස ඔබේ හීනය තුළ අල්ලාහ් ඔබට පෙන් වූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔබ ඒ ගැන දෙවියන් විශ්වාස කරන්නන් හට අවධානය යොමු කරවීය. ඔවුන් එහි යහපත ගැන සතුටු වූහ. සතුරන්ට එරෙහි ව මුහුණ දීම සඳහා ඔවුන්ගේ විශ්වාසය ඔබ එතුළින් බලවත් කළෙහිය. ඔබේ සිහිනයෙහි දේව ප්රතික්ෂේපකයින්ගේ සංඛ්යාව අධික බව අල්ලාහ් පෙන්වූයේ නම් ඔබේ සගයින්ගේ විශ්වාසය දුර්වල වී ගොස් යුද්ධයට මුහුණ දීමට ඔවුන් බිය වන්නට තිබුණි. නමුත් අල්ලාහ් එමගින් සැනසුම ලබා දුන්නේය. අසාර්ථක වීමෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ දෑසට ඔවුන් ස්වල්ප සංඛයාවක් ලෙස පෙන්වීය. සැබැවින්ම හදවත් නැඹුරු වන දිශාවත්, සිත් සඟවා ගෙන සිටින දැයත් ඔහු මැනවින් දන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًۭا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿٤٤﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා යුද පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ ඔවුන්ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස අල්ලාහ් නුඹලාට පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් සමග සටන් කිරීම සඳහා අභීත ලෙස ඉදිරිපත් වීමට නුඹලා ව ඔහු සූදානම් කළේය. ඔවුන්ගේ දෑසට නුඹලා ව ස්වල්ප දෙනෙකු ලෙස පෙන්වීය. එවිට නුඹලා සමග සටන් කිරීමට ඔවුහු ඉදිරියට ආවෝය. ඔවුන් නැවත හැරී යාමට සිතුවේ නැත. එසේ සිදු කරනුයේ විය යුතු කරුණ අල්ලාහ් තීන්දු කිරීම පිණිසය. එනම් දෙවියන්ට ආදේශ තැබූවන් යුද්ධයේ මිය යෑමෙන් හා සිරගත වීමෙන් ඔහු දඬුවම් කිරීම හා දෙවියන් විශ්වාස කළවුන්ට සාර්ථකත්වය හා ජය පිරිනැමීමය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු නපුරාට ඔහුගේ නපුරුකම් අනුව ප්රතිවිපාක පිරිනමන අතර දැහැමියාට ඔහුගේ දැහැමිකම් අනුව ප්රතිඵල පිරිනමනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةًۭ فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿٤٥﴾

අහෝ අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන සතුරු කණ්ඩායමකට නුඹලා මුහුණ දෙන්නෙහු නම් ඔවුන් හමු වන අවස්ථාවේ නුඹලා ස්ථාවර ව සිටිනු. නුඹලා බියගුලු නොවනු. අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කොට ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹලා පතන දෑ නුඹලාට හිමි කර දීමේ හා නුඹලා ප්රවේශමෙන් සිටින දැයින් නුඹලා ව ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඔහු ඔවුනට එරෙහි ව, නුඹලාට උදව් කිරීමට ශක්තිය ඇත්තාය

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَـٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿٤٦﴾

නුඹලාගේ කතාවෙහි, නුඹලාගේ ක්රියාවෙහි මෙන්ම සියලුම තත්ත්වයන්හි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම තදින් පිළිපදින්න. අදහස් වලට වහල් වී නුඹලා භේද නොවන්න. සැබැවින්ම එසේ භේද වීම නුඹලා දුර්වල වීමටත්, බියසුලු වීමටත්, නුඹලාගේ ශක්තිය හීන වීමටත් හේතු වන්නේය. නුඹලාගේ සතුරන් මුණ ගැසෙන විට ඉවසීමෙන් මුහුණ දෙන්න. උපකාරය, ස්ථාවරත්වය හා ජය සමග සැබැවින්ම අල්ලාහ් ඉවසිලි වන්තයින් සමග සිටියි. අල්ලාහ් කවුරුන් සමග සිටින්නේ ද, කිසිදු සැකයකින් තොරව ඔහු උදව් හා ජය ලබනු ඇත

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَـٰرِهِم بَطَرًۭا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ﴿٤٧﴾

මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් හා උඩඟුකමින් මක්කාවෙන් බැහැර වී ගිය ජනයාට අල්ලාහ්ගේ දහම සම්බන්ධයෙන් බාධා පමුණුවා එහි පිවිසීමෙන් ඔවුන් වළක්වන දේව ආදේශකයින් මෙන් නුඹලා නොවන්න. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ප්රකාරයෙන් ම දන්නේය. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌۭ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ﴿٤٨﴾

ى ى ه අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලාට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කර බලනු. දේව ආදේශකයින්ට ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර මුස්ලිම්වරුන් හමුවීමටත් ඔවුන් සමග යුද වැදීමටත් ඔවුන් දිරි ගන්වා "අද දින නුඹලා අභිබවා යන්නට කිසිවකු නැත. සැබැවින්ම මම නුඹලාට උදව් කරන්නෙක්මි. නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා ව මුදවා ගන්නෙක්මි." යැයි පැවසීය. දෙපිරිස එකිනෙක මුණගැසුණු කල්හි මුඃමින් පිරිස සමග මලක්වරුන් ඉඳ ඔවුනට උදව් කළෝය. දෙවියන් ආදේශ කරන්නන් සමග ෂෙයිතාන් විය. ඔහු ඔවුන් පරාජයට පත් කළේය. ෂෙයිතාන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පසුපස හැරී පලා ගියේය. දෙවියන් අදේශ කරන්නන් දෙස බලා, "සැබැවින්ම මම නුඹලාගෙන් නිදොස් වෙමි. මුඃමින්වරුන්ට ජය අත්පත් කර දෙන්නට පැමිණි මලක්වරුන් සැබැවින්ම මම දුටුවෙමි. අල්ලාහ් මා විනාශ කර දමනු ඇතැයි මම බිය වූයෙමි. අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. එහෙයින් ඔහුගේ දඬුවම කිසිවකු විසින් උසුලන්නට ශක්තිය නොදරනු ඇත."යැයි පැවසීය

إِذْ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ﴿٤٩﴾

කුහකයෝ හා දේව විශ්වාසය පිළිබඳ දුර්වල අය, ‘සැබැවින්ම මුස්ලිම්වරුන්ගේ සංඛ්යාව අඩුවෙන් හා දුර්වල ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ගේ සංඛ්යාව අධික ව හා බලවත් ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ජය ලබා දෙන මෙන් ඔවුන්ගේ දහම ඔවුනට ප්රතිඥා දෙමින් ඔවුන් රවටා දමා ඇත’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. කවරෙකු අල්ලාහ් මත පමණක් ස්ථීර ව රැඳී සිට, ඔහු ප්රතිඥා දුන් උපකාරය දැඩි සේ විශ්වාස කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කරන බව ඔවුහු (කුහකයෝ) නොදනිති. ඔහු කොතරම් දුර්වල ව සිටියද, කිසිවිටෙක අල්ලාහ් ඔහුට වංචා නොකරන්නේමය. අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයේ හා ආගාමික න්යායයන්හි ඔහු මහා ප්රඥාවන්තය

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَـٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿٥٠﴾

අහෝ දූතය! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ගේ ප්රාණ මලක්වරුන් ග්රහණය කොට එය ඉවත් කරන අවස්ථාවේ ඔවුන් ඉදිරියට එන විට ඔවුන්ගේ මුහුණු වලට පහර දෙමින් හා ඔවුන් පසුපස හැරී පලා යන විට ඔවුන්ගේ පසුපසට පහරදෙමින්, ‘අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසති. නුඹ එය දුටුවේ නම් බිහිසුණු කරුණක් ලෙස නුඹ දකිනු ඇත

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّـٰمٍۢ لِّلْعَبِيدِ ﴿٥١﴾

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාගේ ප්රාණ අත්පත් කර ගන්නා අවස්ථාවේ නුඹලාට අත් වන වේදනීය දඬුවමත්, නුඹලාගේ මිණී වළ වල් තුළ දී හා මතු ලොවෙහි නුඹලාට අත් වන දැවෙන දඬුවමත්, මෙලොවෙහි නුඹලාගේ අත් උපයා ගත් දෑ හේතුවෙනි. ඊට හේතුව අල්ලාහ් මිනිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. ඔහු ඔවුන් අතරىතීන්දු ලබා දෙනුයේ යුක්තිසහගත ලෙසය. ඔහු යුක්තිගරුක තීරකයාය

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ ٱللَّهَ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ ﴿٥٢﴾

මෙම දේව ප්රතික්ෂේපකයින්හට පමණක් විශේෂයෙන් පහළ වූ දඬුවමක් නොව, සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත ද නියම වූ අල්ලාහ්ගේ න්යායය වන්නේය. ෆිර්අවුන් හා ඔවුනට පෙර සිටි සමූහයන් සුවිශුද්ධ අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ අවස්ථාවේ ද මෙම දඬුවමට ලක් විය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඉතා බිහිසුණු අයුරින් අල්ලාහ් ඔවුන් ග්රහණය කළේය. එවිට ඔහු ඔහුගේ දඬුවම ඔවුනට පහළ කළේය. සැබැවින්ම අල්ලාහ් කිසිවකු විසින් අබිබවා නොයන, තමන් වෙත කිසිවකු ආධිපත්යය නොදරන සර්ව බලධාරීය. එමෙන්ම ඔහුට පිටුපාන්නන් හට දැඩි ලෙස දඬුවම් කරන්නාය

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًۭا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ﴿٥٣﴾

එම බිහිසුණු දඬුවමට හේතුව සැබැවින්ම අල්ලාහ් යම් සමූහයකට ඔහු අබියසින් යම් ආශිර්වාදයක් පිරිනැමූ විට දේව විශ්වාසය, ස්ථාවරභාවය, ආශිර්වාදයට කෘතඥ වීම යනාදි වශයෙන් එහි දැහැමි තත්ත්වයේ සිට අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, ඔහුට පිටුපෑම, ඔහුගේ ආශිර්වාද හෙළා දැකීම යනාදි වශයෙන් එහි නපුරු තත්ත්වයට ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් විසින්ම වෙනස් කර ගන්නා තෙක්, ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්නේ නැත. තවද සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේل නැත

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَـٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّۭ كَانُوا۟ ظَـٰلِمِينَ ﴿٥٤﴾

كانوا ظلمين මෙම දේව ප්රතික්ෂේපකයින්ගේ කරුණ, ඔවුනට පෙර වූ ෆිර්අවුන් හා බොරුකාර සමූහයන් මෙන්, අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් අතර සිටි අයගේ කරුණ හා සමානය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. ඔවුන් ඔහුට කළ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. ෆිර්අවුන්ගේ සේනාව මුහුදේ ගිල්වා විනාශ කළේය. ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර විසූ සමූහයා අතුරින් සියලු දෙනාම පාහේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුට ගුණමකු වීම හේතුවෙන් අපරාධකරුවන් වූහ. ඔවුහු අල්ලාහ්ගේ එම දඬුවම පිළිතුරු වශයෙන් ඉල්ලා සිටියෝය. ඒවිට ඔහු එය ඔවුන් මත පතිත කළේය

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿٥٥﴾

මිිකත සැරිසරන වඩාත් නපුරුතම ජීවයා වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ය. ඔවුන් වෙත සියලුම සාධක පැමිණිය ද ඔවුන් ප්රතික්ෂේපයේ දැඩි ව සිටි බැවින් ඔවුහු විශ්වාස නොකරති. මග පෙන්වනු ලබන බුද්ධිය, ශ්රවණය හා බැල්ම යනාදී මාධ්යයන් බිද වැටී ඇත

ٱلَّذِينَ عَـٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍۢ وَهُمْ لَا يَتَّقُونَ ﴿٥٦﴾

බනූ කුරෙය්ළා ගෝත්රිකයින් මෙන් ඔවුන් සමග ගිවිසුම් හා ප්රතිඥාවන් ගත් පසු, ඒ සෑම ප්රතිඥාවක්ම ගත් සෑම වාරයකම ඔවුහු ඒවා බිඳ දමති. ඔවුහු අල්ලාහ්ට බිය නොවුහ. ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකළහ. ඔවුන් මත ගනු ලැබූ ප්රතිඥාවන් අනුගමනය නොකළහ

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ ﴿٥٧﴾

අහෝ දූතය! තම ප්රතිඥාවන් කඩ කරන්නන් ඔබ යුද්ධයේ දී මුණ ගැසුණේ නම්, ඔවුන්ගේ තත්තවයට පාඩමක් වනු පිණිස ඒ ගැන සෙසු අයට ඇසෙන තරමට දැඩි ලෙස ඔවුනට තරවටු කරනු. එවිට ඔවුහු ඔබ ඝාතනය කිරීමටත්, ඔබට එරෙහි ව ඔබේ සතුරන් පෙළ ගැස්වීමටත් බිය වනු ඇත

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةًۭ فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ ﴿٥٨﴾

අහෝ දූතය! නුඹ ගිවිසුම් කළ පිරිසකගෙන් යම් වංචාවක් හෝ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මූලික වශයෙන් නුඹට මතු වනු ඇතැයි නුඹ බිය වන්නෙහි නම්, ඒ ගැන දැනුමෙහි නුඹ සමග ඔවුන් ද සමාන වන තෙක් ඔවුන්ගේ ගිවිසුම හෙළා දකින බව ඔවුනට දන්වා සිටින්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඔබ ඔවුන් ඉක්මවා නොයන්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඉක්මවා කටයුතු කිරීම වංචාවකි. අල්ලාහ් වංචා කරන්නන් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් ගැන කෝප වන්නේය. එහෙයින් ඔබද වංචාකිරීමෙන් ප්රවේශම් වන්න. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ ﴿٥٩﴾

ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දඬුවමින් ගැල වී ඇති බව හෝ එයින් මිදුණු බව හෝ නොසිතිය යුතුයි. සැබැවින්ම ඔවුහු ඔහුගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. එය ඔවුනට අත් වන්නේමය. ඔවුන් සමගම සේන්දු වන්නේය

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍۢ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ ﴿٦٠﴾

ه ء අහෝ විශ්වාස කළවුනි! දුනු ඊතල් වැනි යුද ආම්පන්න සහ භට පිරිස්, නුඹලාට සූදානම් කළ හැකි උපරිමයෙන් සූදානම් කර ගනු. එමෙන්ම තම වාරය එන තෙක් අපේක්ෂාවෙන් සිටින දේව ප්රතික්ෂේපකයින් අතරින් අල්ලාහ්ගේ සතුරන් හා නුඹලාගේ සතුරන් බිය වද්දන, එමෙන්ම නුඹලා නොහඳුනන නුඹලාට රහසිගත ව සතුරුකම් පාන වෙනත් පිරිසක් එමගින් නුඹලා බියවද්දන අශ්වයින් ද අල්ලාහ්ගේ මාර්ගයේ රඳවා ගනිමින් සූදානම් වනු. ඔවුන් ගැන දන්නා, අල්ලාහ් වන ඔහු පමණය. ඔවුන්ගේ සිත් තුළ සඟවා සිටින දෑ ද ඔහු දනී. නුඹ සුළුවෙන් හෝ අධික ව හෝ යම් වියදමක් කර ඇත්නම් අල්ලාහ් නුඹලාට එය මෙලොවෙහි නැවත ලබා දෙනු ඇත. මතු ලොවෙහි ද කිසිදු අඩුවකින් තොරව නුඹලාට පූර්ණ ලෙස කුසල් පිරිනමනු ඇත. එහෙයින් ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමට යුහුසුලු වනු

۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦١﴾

නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරු වන්නේ නම්, අහෝ දූතය! ඔබ ද ඒ වෙත නැඹුරු වනු. ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගනු. අල්ලාහ් මත ස්ථාවර ව සිටිනු. ඔහු ව තරයේ විශ්වාස කරනු. එවිට කිසිවිටෙක ඔහු ඔබ ව පහත් කරන්නේ නැත. සැබැවින්ම ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා ඔවන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ ﴿٦٢﴾

නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරුවීම තුළින් නුඹ සමග වංචනික ලෙස සටන් වැදීමට සූදානම් වීම ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ වංචාව ඉදිරියේ අල්ලාහ් ඔබට ප්රමාණවත්ය. තම උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ඔහුය. එමෙන්ම මුහාජිර් හා අන්සාර්වරු අතර සිටින දේව විශ්වාසීන්ගේ උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ද ඔහුය

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَـٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌۭ ﴿٦٣﴾

حكيم ඔවුන් හරහා ඔහු ඔබට උදව් කළ, දේව විශ්වාසීන්ගේ හදවත් බෙදී වෙන් ව තිබීමෙන් පසු ව අල්ලාහ් ඔවුන්ගේ හදවත් අතර සමගි කළේය. එසේ බෙදී වෙන් වුණු ඔවුන්ගේ හදවත් අතර සමගි කිරීමට නුඹ මහ පොළොවේ ඇති ධනය විදයම් කළ ද ඒවා අතර ඔබට සමගි කළ නොහැක්කේමය. නමුත් ඒවා අතර සමගි කළේ අල්ලාහ් පමණය. ඔහුගේ ආධිපත්යයේ ඔහු සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැකි. ඔහු නිර්ණය කිරීමේදී ද සැලසුම් කිරීමේදී ද ආගමානුගත කිරීමේ දී ද මහා ප්රඥාවන්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٦٤﴾

අහෝ නබිවරය! නුඹලාගේ සතුරන්ගේ හානිය ඉදිරියේ සැබැවින්ම අල්ලාහ් නුඹට ප්රමාණවත්ය. එමෙන්ම ඔබ සමග සිටින මුඃමින්වරුන්ට ද ප්රමාණවත්ය. එබැවින් අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තබනු. ඔහු මත ම ස්ථාවර ව සිටිනු

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَـٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ يَغْلِبُوٓا۟ أَلْفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ﴿٦٥﴾

අහෝ නබිවරය, යුද්ධය සඳහා මුඃමින්වරුන් දිරි ගන්වනු. ඔවුන්ගේ විශ්වාසය බලවත් කරන හා ඔවුන්ගේ අපේක්ෂාවන් ශක්තිමත් කරන කරුණු තුළින් ඔවුන් දිරිගන්වනු. අහෝ විශ්වාස කළවුනි! දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කරන විසි දෙනෙකු නුඹලා අතර සිටින්නේ නම් ඔවුන් දේව ප්රතික්ෂේපකයින් අතරින් දෙසීය දෙනෙකු අභිබවා යනු ඇත. නුඹලා අතර එවැනි ඉවසිලිවන්ත සිය දෙනෙකු සිටින්නේ නම්, දේව ප්රතික්ෂේපකයින් දහසක් දෙනා අභිබවා යනු ඇත. ඊට හේතුව සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් තම සෙනෙහෙවන්තයින්ට උදව් කිරීමේ හා ඔහුගේ සතුරන් පෙරළා දැමීමේ අල්ලාහ්ගේ න්යායය වටහා නොගත් පිරිසක් වන බැවිණි. යුද්ධ කිරීමේ දී ඔවුනට අපේක්ෂාවක් නැත. ඔවුන් එසේ යුද්ධ කරනුයේ මෙලොවෙහි උසස්කම් හේතු කොට ගෙනය

ٱلْـَٔـٰنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًۭا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ صَابِرَةٌۭ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌۭ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿٦٦﴾

ه අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ දුර්වලකම අල්ලාහ් දන්නා බැවින් දැන් ඔහු නුඹලාගෙන් එම ප්රමාණය අඩු කර ඇත. එය නුඹලාට අඩු කළේ නුඹලාට ඔහුගෙන් වූ දයානුකම්පාවක් ලෙසිනි. නුඹලා අතර සිටින එක් අයෙකු ඔවුන්ගෙන් දස දෙනක් යන ස්ථාවරත්වය වෙනුවට ඔවුන්ගෙන් දෙදෙනෙක් යන ස්ථාවරත්වය ඔහු අනිවාර්යය කළේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමේදී නුඹලා අතර ඉවසිලිවන්ත සිය දෙනෙකු වී නම් ඔවුන්ගෙන් දෙසිය දෙනෙකු අබිබවා යනු ඇත. නුඹලා අතර ඉවසිලිවන්ත දහසක් දෙනෙකු වී නම් අල්ලාහ්ගේ අනුහසින් දේව ප්රතික්ෂේපකයින් දෙදහසක් දෙනා අභිබවා යනු ඇත. ශක්තිමත් කිරීමෙන් හා උපකාර කිරීමෙන් අල්ලාහ් ඉවසිලිවන්ත දේව විශ්වාසීන් සමග සිටියි

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْـَٔاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ﴿٦٧﴾

حكيم තමන් සමග සටන් වදින දේව ප්රතික්ෂේපක සිරකරුවන් නැවත තමන් සමග යළි සටන් නොකරන තරමට ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරනු පිණිස ඔවුන් අධික ලෙස ඝාතනය කරනු ලබන තෙක් ඔවුන් රඳවා තබා ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! බද්ර් සිරකරුවන්ගෙන් වන්දි ලබා ගැනීම නුඹලා අපේක්ෂා කරන්නෙහුය. නමුත් අල්ලාහ් දහමේ ජය හා එහි ගෞරවය තුළින් ලබන මතු ලොව අපේක්ෂා කරයි. අල්ලාහ් තම පැවැත්ම, තම ගුණාංග හා තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයන් හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

لَّوْلَا كِتَـٰبٌۭ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿٦٨﴾

සැබැවින්ම යුද පිටියේ සතුරන් විසින් දමා පලා ගිය වස්තුව නුඹලාට අනුමතය. එමෙන්ම සිරකරුවන්ගේ වන්දිය නුඹලාට අනුමතය යන අල්ලාහ්ගේ නියමය හා තීන්දුව පෙර ලියැ වී නොතිබුණා නම්, එසේ අනුමත කරමින් අල්ලාහ්ගේ පණිවිඩය පහළ වීමට පෙර සිරකරුවන්ගේ වන්දිය හෝ වස්තුව නුඹලා ගැනීම හේතුවෙන් නුඹලාට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් අත්වන්නට තිබිණ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَـٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٦٩﴾

අහෝ දෙවියන් විශ්වාස කළවුනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් දමා පලා ගිය වස්තුවෙන් නුඹලා අනුභව කරනු. එය නුඹලාට අනුමතය. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් තමන් විශ්වාස කරන ගැත්තන්හට අතික්ෂමාශීලය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًۭا يُؤْتِكُمْ خَيْرًۭا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٧٠﴾

අහෝ නබිවරය! බද්ර් දිනයේ නුඹලා සිරකරුවන් ලෙස ගත්,දෙවියන්ට ආදේශ තැබූ සිරකරුවන් අතරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ මෙසේ පවසනු. "නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපත් අරමුණක් හා දැහැමි චේතනාවක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ වන්දියට වඩා යහපත් දෑ ඔහු නුඹලාට පිරිනමනු ඇත. එහෙයින් නුඹලාගෙන් කවර කරුණක් ගනු ලැබුවේ ද ඒ ගැන දුක් නොවනු. ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය." අල්ලාහ්ගේ ප්රතිඥාව නබි (සලලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ මහප්පෙකු වූ අබ්බාස් තුමාට හා ඉස්ලාමය වෙත පිය නැගූ වෙනත් අයහට ද තහවුරු විය

وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿٧١﴾

අහෝ මුහම්මද්! නුඹට හෙළිපිට කරන ලද ප්රකාශයක් තුළින් නුඹට යම් ද්රෝහිකමක් කරන්නට ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට ද්රෝහි වී ඇති බව දැන ගත යුතුය. ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට ජය ලබා දී ඇත. ඔවුන් අතරින් ඝාතනය විය යුත්තන් ඝාතනය කරනු ලැබීය. සිරගත කරනු ලැබිය යුත්තන් සිරගත කරනු ලැබීය. ඔවුන් නැවත පැමිණියේ නම් මෙයම ඔවුන් බලාපොරොත්තු විය යුතු වේ. අල්ලාහ් තම මැවීම් හා ඔවුනට යහපත් වන දෑ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَـٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَـٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿٧٢﴾

ى إ ى අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතයාණන් සත්යය බව පිළිගෙන, ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කොට, දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාමයේ භූමිය වෙත හෝ සුරක්ෂිත ව අල්ලාහ් නැමදිය හැකි ස්ථානයක් වෙත නික්ම ගොස්, තම වස්තුව හා තම ජීවිතය පරදුවට තබා අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා අරගල කළවුන් ද, එමෙන්ම තමන්ගේ තරාතිරමට මුහාජිර්වරුන් වන ඔවුන් ව ද පත් කොට, ඔවුනට උපකාර කළවුන් ද (අන්සාරිවරුන්ද) තම නිවැසියන් අතරින් ඔවුනට සහය දුන් අය ද වනාහි, උදව් උපකාර කිරීමෙහි ඔවුන් ඇතැමුන් ඇතැමෙකුගේ හිතමිතුරන් වෙති. තවද අල්ලාහ් ව විශ්වාස කොට දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාම් භූමිය වෙත නික්ම නොගියවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන තුරු ඔවුනට නුඹලා උපකාර කිරීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් නුඹලාට නොහැකිය. නමුත් දේව ප්රතික්ෂේපකයින් ඔවුනට අපරාධ කොට ඔවුන් නුඹලාගෙන් උපකාරය පැතුවේ නම් ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුනට නුඹලා උදව් කරනු. නමුත් නුඹලා හා ඔවුන්ගේ සතුරන් අතර බිඳිය නොහැකි ගිවිසුමක් තිබුණේ නම් මිස. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌۭ فِى ٱلْأَرْضِ وَفَسَادٌۭ كَبِيرٌۭ ﴿٧٣﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි දේව ප්රතික්ෂේපය ඔවුන් ඒකරාශී කරනු ඇත. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උදව් කරති. එවිට දේව විශ්වාස කරන්නා ඔවුනට මිතුදම් නොපානු ඇත. එහෙයින් නුඹලා දේව විශ්වාසීන් භාර නොගෙන දේව ප්රතික්ෂේපකයින්ට සතුරු නොවූයේ නම්, දහමෙහි තම සහෝදරයින් විසින් ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොදකින පරිදි එම දේව විශ්වාසීන්හට අර්බුද ඇති වනු ඇත. මහ පොළොවේ කලහකම් පෑම ,අල්ලාහ්ගේ මාර්ගයෙන්ق වැළැක්වීමෙන් බරපතළ වන්නේය

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٧٤﴾

ورزق كريم අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ මාර්ගයේ නික්ම ගිය අය ද එසේ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ආ මුහාජිර්වරුන්හට සරණ සලසා ඔවුනට උපකාර කළවුන් ද, වනාහි සැබෑ දේව විශ්වාසයේ ගුණාංග ඇත්තන් බව වර්ණනා කරනු ලැබූවන් ඔවුහුමය. අල්ලාහ්ගෙන් වූ ඔවුන් සතු ප්රතිඵලය වනුයේ ඔවුන්ගේ පාපකම් වලට සමාව හා ඔහු විසින් හිමි වන ගෞරවනීය සංග්රහයයි. එය ස්වර්ගයවේ

وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَـٰٓئِكَ مِنكُمْ ۚ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَـٰبِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿٧٥﴾

ه නික්ම ගිය මුහාජිර්වරුන් හා ඔවුනට උපකාර කළ අන්සාර්වරුන් අතරින්, ඉස්ලාමය පිළිගත් මුතුන්මිත්තන්ගේ විශ්වාසයෙන් පසු ව විශ්වාස කොට දෙවියන් ප්රතික්ෂේප කරනු ලැබූ ප්රදේශයෙන් ඉස්ලාමීය ප්රදේශය වෙත නික්ම ගොස් අල්ලාහ්ගේ වදන ඉහළ නංවා ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කළවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් නුඹලා අතරිනි. නුඹලා සතු යුතුකම් ඔවුනට ද ඇත. නුඹලා මත වූ අනිවාර්යය කටයුතු ඔවුනට ද ඇත. අල්ලාහ්ගේ නීතිය තුළ වඩාත් සමීප මිතුරන් වනාහි, දේව විශ්වාසය පෙර සිදු වූ හිජ්රත් ගමන වැනි උරුමයන්ට උරුමකම් පාන්නට ඔවුන් එකිනෙකා වඩාත් උචිත වන්්නෝය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන් හට යහපත් වන්නේ කුමක්දැ? යි ඔහු දනී. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Anfaal — الأنفال

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා