මුල් පිටුවතෆ්සීර්An-Nahl (16)

තෆ්සීර් An-Nahl (16) — النحل

මක්කී · 128 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿١﴾

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය

يُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ﴿٢﴾

අල්ලාහ්ගේ දූතයින් අතරින් ඔහු අභිමත කරන්නන් හට ඔහුගේ නියමය අනුව දේව පණිවිඩ සමග ඔහු මලක්වරුන් පහළ කරනු ඇත. අහෝ දූතවරුනි! එසේ නැතිනම් අල්ලාහ්ට ආදේශ තැබීම ගැන ජනයාට බිය ගන්වනු. එහෙයින් නැමදුම් ලබන්නට සුදුසු මා හැර වෙනත් කෙනෙකු නැත. අහෝ ජනයිනි! නුඹලා මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් මට බැතිමත් ව කටයුතු කරනු

خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ تَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٣﴾

කිසිදු පූර්වාදර්ශයකින් තොරව සත්යයෙන් යුතු ව අල්ලාහ් අහස් මැව්වේය. එමෙන්ම පොළව ද මැව්වේය. ඔහු ඒ දෙක නිෂ්ඵල ලෙස මවා නැත. ඒ දෙක ඔහු මවා ඇත්තේ එමගින් අල්ලාහ්ගේ බලය සඳහා ඒ දෙක සාධකයක් කර ගැනීමට හා ඔහුට වෙනත් කිසිවෙකු ඔවුන් හවුල් කිරීමෙන් ඔහුව පිවිතුරු කිරීමටය

خَلَقَ ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ﴿٤﴾

නොවැදගත් ශුක්රාණු බිඳකින් ඔහු මිනිසාව මැව්වේය. මැවීමකින් පසු මැවීමක් ලෙස එය වර්ධනය කළේය. නමුත් දැන් ඔහු සත්යය නැති කර දැමීම සඳහා අසත්ය දෑ සම්බන්ධයෙන් දැඩි සේ තර්ක කරන්නෙකු විය. ඒ සම්බන්ධයෙන් වූ ඔහුගේ තර්කයේ ඔහු පැහැදිලිව සිටියි

وَٱلْأَنْعَـٰمَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌۭ وَمَنَـٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ ﴿٥﴾

අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින්, එළුවන් යනාදී වශයෙන් ගොවිපළ සතුන් ඔහු මවා ඇත්තේ නුඹලාගේ යහපත පිණිසය. ඒවායෙහි ලොම් හා සම්වලින් ඇඳුම් නිර්මාණය කර ගැනීම එවන් යහපත් දැයින් එකකි. සෙත සලසන තවත් යහපත් දෑ වනුයේ උන්ගේ කිරි, උන්ගේ මස් හා උන්ගේ පිටවල්ය. නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය. ولكم فيها جمال حين تريحون وحين تسرحون

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ ﴿٦﴾

සවස් කාලයේ නුඹලා උන් ඇතුළට ගන්නා විට ද උදෑසන තණබුදින්නට උන් බැහැරට ගෙන යන විට ද නුඹලාට එහි අලංකරණයක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍۢ لَّمْ تَكُونُوا۟ بَـٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ﴿٧﴾

නුඹලා වෙනුවෙන් අප මැවූ මෙම ගොවිපල සතුන් නුඹලාගේ ගමනෙහි නුඹලාගේ භාණ්ඩ උසුලාගෙන ගමින් ගමට යති. ඉතා අසීරුවෙන් මිස නුඹලා එය ගෙන යන්නට හැකියාවක් නොදැරූහ. අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලා කෙරෙහි මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. නුඹලාට මෙම ගොවිපල සතුන් ඔහු වසඟ කර දී ඇත

وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةًۭ ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ ﴿٨﴾

නුඹලා ප්රවාහනය කළ හැකි පරිදි අශ්වයින්, කොටළුවන් හා බූරුවන් අල්ලාහ් නුඹලා වෙනුවෙන් මවා ඇත. නුඹලාගේ භාණ්ඩ ද ඒ මත තබා නුඹලා ප්රවාහනය කරන්නෙහුය. එමෙන්ම ජනයා අතර එමගින් නුඹලා අලංකරණය වීම සඳහා නුඹලාට එය අලංකාරවත් කර දී ඇත. තවද අල්ලාහ් මැවීමට අපේක්ෂා කරන, නුඹලා ඒ ගැන නොදන්නා දෑ මවයි

وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌۭ ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ﴿٩﴾

අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරන ඍජු මාර්ගය පැහැදිලි කිරීම ඔහු සතුව ඇත්තකි. එය ඉස්ලාමයයි. මාර්ග අතරින් සත්යයෙන් වෙනතකට නැඹුරු කරන ෂෙයිතාන්ගේ මාර්ග ද ඇත. ඉස්ලාමයේ මාර්ගය හැර පවතින අනෙකුත් සියලුම මාර්ග සත්යයෙන් වෙනතකට නැඹුරු වූ මාර්ග වේ. නුඹලා සියලු දෙනාට දේව විශ්වාසය ආශිර්වාද කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා සියලු දෙනාටම එසේ ඒ වෙත ආශිර්වාද කරන්නට තිබිණ

هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ ۖ لَّكُم مِّنْهُ شَرَابٌۭ وَمِنْهُ شَجَرٌۭ فِيهِ تُسِيمُونَ ﴿١٠﴾

වළාකුළෙන් නුඹලාට ජලය පහළ කරනුයේ ශුද්ධවන්ත ඔහුය. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ ගොවිපල සතුන් පානය කිරීම සඳහාත් එම ජලයෙන් නුඹලාට පානයක් ඇත. එමගින් හට ගැනෙන නුඹලාගේ ගොවිපළ සතුන් උලා කන පැළෑටි ද ඇත

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَـٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿١١﴾

මෙම ජලය මගින් නුඹලා අනුභව කරන වගාවන් අල්ලාහ් හට ගන්වයි. අත්තික්කා, ඉදි හා මිදි වැනි ගස් වැල් ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. එමෙන්ම සියලුම පළතුරු වර්ග ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. සැබැවින්ම එම ජලයෙහි හා එමගින් හට ගන්නා දෑහි අල්ලාහ්ගේ මැවීම් ගැන සිතා බලන්නන් හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. එහෙයින් ශුද්ධවන්ත අල්ලාහ්ගේ බලය එමගින් ඔවුහු සාධක කර ගනිති

وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿١٢﴾

තවද රාත්රිය, නුඹලා එහි නවාතැන් ගෙන විවේක ගනු පිණිසත් දහවල නුඹලාගේ ජීවනපහසුකම් උපයාගනු පිණිසත් අල්ලාහ් නුඹලාට වසඟ කර දුන්නේය. තවද හිරු ද නුඹලාට වසඟ කර දී එය අලෝකය ලබා දෙන වස්තුවක් බවට පත් කළේය. සඳු ද වසඟ කර දී එයට ආලෝකය ඇති කළේය. ඔහුගේ නියමය අනුව ප්රමාණකොට තාරකාවන් ද නුඹලාට වසඟ කර දී ඇත. එමගින් නුඹලා ගොඩබිමේ හා සාගරයේ ගමන් කරන විට මඟ දැනගන්නෙහුය. වේලාවන් හා ඒ හැර වෙනත් දෑද දැන ගන්නෙහුය. සැබැවින්ම වසඟ කර දී ඇති මේ සියලුම දෑහි තම බුද්ධිය භාවිතා කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත. එමගින් ප්රඥාව ලබන්නෝ ඔවුහුමය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَذَّكَّرُونَ ﴿١٣﴾

මහපොළොවේ මවා ඇති ඛණිජ, සතා සිව්පාවුන්, පැලෑටි, බවභෝග වැනි විවිධ වර්ගයෙන් යුත් දෑ නුඹලාට ශුද්ධවන්ත අල්ලාහ් වසඟ කර දුන්නේය. මැවීම් හා ඒවා වසඟ කර තිබීම ගැන සඳහන් කරනු ලැබූ දෑහි පාඩම් ලබන ජනයාට අල්ලාහ්ගේ බලය විදහා පාන පැහැදිළි සාධක ඇත. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරී බවත් ආශිර්වාද පිරිනමන්නා බවත් ඔවුහු එමගින් දැන ගනිති. ي

وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةًۭ تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿١٤﴾

من فضله ولعلكم تشكرون තවද සාගරය ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එහි යාත්රා කිරීමටත් එහි ඇති දෑ මතු කර ගැනීමටත් ඔහු නුඹලාට ඉඩ සලසා දී ඇත. එය නුඹලා මසුන් අල්ලා, නැවුම් මත්ස ආහාර භුක්ති විඳිනු පිණිසත්, මුතු මෙන් නුඹලාගේ කාන්තාවන් අඳින පළඳින අලංකාර දෑ නුඹලා මතු කර ගනු පිණිසත්ය. මුහුද දෙබෑ කරමින් යාත්රා කරන නැව් දැකිය හැක. අල්ලාහ්ගේ භාග්යයයෙන් ව්යාපාරයෙන් ලැබෙන ලාභය සොයා නුඹලා එම නැව්වල යාත්රා කරන්නෙහුය. එය නුඹලා වෙනුවෙන් කවර දායාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ වෙනුවෙන් නුඹලා ඔහුට කෘතඥ වනු පිණිසත් ඔහුට පමණක් නුඹලා නැමදුම් කිරීම පිණිසත්ය

وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَـٰرًۭا وَسُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٥﴾

නුඹලාට මහපොළොව කම්පනය නොවන සේ එය ඇළ නොවන සේ ඒ මත කඳු හෙළා එය ශක්තිමත් කළේය. නුඹලා ජලය පානය කිරීම පිණිසත් නුඹලාගේ ගොවිපල සතුන් හා ගොයමට ජලය පවහනය කිරීම පිණිසත් ඔහු එහි ගංගාවන් ගලා යන්නට සැලසීය. නුඹලා ගමන් කරනු පිණිස මාර්ග ඇති කළේය. එහෙයින් නුඹලා අතරමං නොවී නුඹලා අපේක්ෂා කරන ස්ථානයට නුඹලා සේන්දු වන්නෙහුය

وَعَلَـٰمَـٰتٍۢ ۚ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ ﴿١٦﴾

දහවල් කාලයේ ගමනෙහි දී නුඹලා මග හඳුනාගත හැකි පරිදි මතුපිටින් පිහිටන සළකුණු නුඹලා වෙනුවෙන් ඔහු මහපොළොවේ ඇති කළේය. එමෙන්ම රාත්රී කාලයේ මග හඳුනාගැනීමේ බලාපොරොත්තුවෙන් අහස්හි තාරකාවන් නුඹලා වෙනුවෙන් ඇති කළේය

أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ ﴿١٧﴾

මෙම වස්තූන් මෙන්ම වෙනත් දෑ මවන්නා, කිසිවක් මැවිය නොහැකි අය මෙන් සමාන විය හැකි ද? සියලු දේ මවන අල්ලාහ්ගේ බලමහිමය නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද? ඔහුට පමණක් නැමදුම් කළ යුතු නොවේ ද? කිසිවක් මැවිය නොහැකි දෑ, ඔහුට ආදේශ කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?

وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌۭ رَّحِيمٌۭ ﴿١٨﴾

අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති, අති බහුල ආශිර්වාදයන් ගණන් කර බැලීමට හා ඒවා සටහන් කිරීමට නුඹලා උත්සාහ දැරුව ද එහි ඇති අධිකත්වය හා විවිධත්වය හේතුවෙන් එසේ ගණන් කිරීමට හෝ සටහන් කිරීමට හෝ නුඹලාට නොහැකිය. කතෘඥ වීමට අමතක කිරීම නිසාවෙන් ඔහු නුඹලා ව ග්රහණය නොකරන තරමට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පාපකම් හා ඔහුට කෘතවේදී වීමේ දී අඩපාඩුකම් ඇති කිරීම හේතුවෙන් ඒවා කපා නොහරින තරමට ඔහු මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ﴿١٩﴾

අහෝ ගැත්තනි! නුඹලාගේ ක්රියාදාමයන් අතරින් නුඹලා සඟවන දෑ අල්ලාහ් දනී. එමෙන්ම ඒවායින් ප්රසිද්ධියට පත් කරන දෑ ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ ﴿٢٠﴾

අල්ලාහ්ගෙන් තොර ව ඔහුට ආදේශ තබන්නන් නමදිමින් සිටින අය වනාහි ඔවුන් කිසිවක් හෝ සුළු වශයෙන් හෝ මවන්නට හැකි අය නොවෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින අය ඔවුන් විසින්ම තැනූ අය වෙති. එසේ තිබිය දී අල්ලාහ්ගෙන් තොර ව ඔවුන්ගේ අත්වලින් නිමැයුම් කළ පිළිමවලට ඔවුන් වන්දනාමාන කරනුයේ කෙසේද?

أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍۢ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ﴿٢١﴾

ඔවුන්ගේ අත්වලින්ම ඒවා තනා, ඒවාට නැමදුම් කරමින් සිටිය ද, ඒවා කිසිදු ජීවයක් හෝ ප්රඥාවක් හෝ නොමැති භෞතික වස්තු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට වන්දනාමාන කළවුන් සමග ඒවා නිරා ගින්නට හෙළනු ලබනු පිණිස ඒවා යළි අවදි කරනු ලබනුයේ කවදාදැයි ඒවා නොදනිති

إِلَـٰهُكُمْ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۚ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌۭ وَهُم مُّسْتَكْبِرُونَ ﴿٢٢﴾

සැබෑ ලෙස නුඹලාගේ වන්දනාවට පාත්ර විය යුත්තේ, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති, නැදුමට සුදසු එකම දෙවිඳුන් අල්ලාහ් පමණය. විනිශ්චය සඳහා යළි අවදි කරනු ලැබීම විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුනට ඒ ගැන බියක් නොමැති බැවින් අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුන්ගේ හදවත් ප්රතික්ෂේප කරති. එම හදවත් කිසිදු විනිශ්චයක් ගැන හෝ දඬුවමක් ගැන විශ්වාස නොකරති. ඔවුහු අහංකාරයෙන් පෙළෙති. සත්ය පිළි නොගනිති. එයට යටහත් නොවෙති

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ ﴿٢٣﴾

සැබෑ ලෙසින්ම ඔවුන් සඟවන ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. එමෙන්ම ඔවුන් ඒවායින් හෙළි කරන දෑ ද ඔහු දනී. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් තමන්ට නැමදුම් කිරීමෙන් හා තමන්ට යටත් වීමෙන් අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි. ඔවුන් ව දැඩි ලෙස පිළිකුල් කරයි

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٢٤﴾

මැවුම්කරුගේ ඒකීයත්වය ප්රතික්ෂේප කරන යළි නැගිටුවනු ලැබීම බොරු කරන මොවුන්ගෙන් "මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කර ඇත්තේ කුමක් දැ?’යි විමසා සිටින විට ඔවුහු, "එතුමා කෙරෙහි කිසිවක් පහළ කර නැත. පැරැණ්නන්ගේ කතා හා ප්රබන්ධයන් ගෙන ආවේ ඔහු විසින්මය" යැයි පැවසුවෝය

لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةًۭ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۙ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿٢٥﴾

කිසිදු අඩුවකින් තොර ව ඔවුන්ගේ පාපකම් ඉසිලීමත්, අඥානකම හා අනුකරණය හේතුවෙන් ඉස්ලාමයෙන් ඔවුන් නොමඟ යැවූ අයගේ පාපකම් ද ඉසිලීමත් ඔවුන්ගේ ඉරණම වනු පිණිසය. ඔවුන්ගේ පාපකම් හා ඔවුන් අනුගමනය කළ අයගේ පාපකම් ඔවුන් ඉසිලීම කෙතරම් දැඩි පිළිකුල් සහගත කරුණක් ද! بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى ٱللَّهُ بُنْيَـٰنَهُم مِّنَ ٱلْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ ٱلسَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ﴿٢٦﴾

لا يشعرون මොවුනට පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ දූතයින්ට කුමන්ත්රණ කරමින් පැමිණියෝය. ඔවුන් තනාගත් ගොඩනැගිලි මුලිනුපුටා දමා අල්ලාහ් විනාශ කළේය. ඔවුනට ඉහළින් ඇති ඔවුන්ගේ වහලවල් ඔවුන් මත කඩා වැටිණ. ඔවුන් බලාපොරොත්තු නොවූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළෝය. නමුත් ඔවුන් ඒවා මගින් විනාශ කරනු ලැබුවෝය

ثُمَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَـٰٓقُّونَ فِيهِمْ ۚ قَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٢٧﴾

පසුව, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් අවමානයට හා අපහාසයට ලක් කරමින්, "නැමදුමෙහි මා සමග නුඹලා හවුල්කරගත් නුඹලාගේ ආදේශකයින් කොහේද? නුඹලා ඔවුන් හේතුවෙන් මාගේ නබිවරුන් හා දේව විශ්වාසීන්ට එරෙහි ව කටයුතු කරමින් සිටියෙහුය" යැයි ඔවුනට ඔහු පවසයි. ඥානය දෙනු ලැබූ විද්වතුන් "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අවමානය හා දඬුවම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අත්වන්නේය" යැයි පවසති

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ ۚ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٢٨﴾

මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් විසින් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගනු ලබන්නන් වනාහි, ඔවුහු අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් අපරාධවල වෙළී සිටියෝය. ඔවුනට මරණය පහළ වූ කල්හි එයට යටහත් වූවෝය. ඔවුන් සිදුකරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දුටුවෝය. එසේ හෙළා දැකීම තමන්ට ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු සිතූහ. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. "නුඹලා බොරු පවසා ඇත. පාපය ගැන දැන දැනම දේව ප්රතික්ෂේපකයින් ලෙස නුඹලා සිටියෙහුය. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත."

فَٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ﴿٢٩﴾

නුඹලාගේ ක්රියාවන්ට සරිලන පරිදි නිරයේ දොරටුවලින් පිවිස, එහි සදා කල් ගත වෙසෙනු. අල්ලාහ් විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් උඩඟුවූවන් හට එම නවාතැන වඩාත් නපුරු විය

۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا۟ خَيْرًۭا ۗ لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۚ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌۭ ۚ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ ﴿٣٠﴾

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

جَنَّـٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ ۚ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ ﴿٣١﴾

ස්ථාවර වාසස්ථාන හා ස්ථායී ස්වර්ගයේ උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බසියි. එම උයන්හි ඔවුන් ආශා කරන ආහාර පාන මෙන්ම වෙනත් දෑ ද ඔවුනට ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රජාව අතර බැතිමත් ව කටයුතු කළවුනට මෙවන් ප්රතිඵල පිරිනමනු ලබන්නාක් මෙන්ම පෙර විසූ සමූහයන් අතර බැතිමත් ව කටයුතු කළවුනට ප්රතිඵල පිරිනමනු ඇත

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَـٰمٌ عَلَيْكُمُ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٣٢﴾

දේව ප්රතික්ෂේපයෙන් තම හදවත් පිරිසිදු කරගත් තත්ත්වයේ මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නන් වනාහි, ඔවුන් සමග මලක්වරු කතා කරමින්, "නුඹලාට ශාන්තිය අත්වේවා! සියලුම උවදුරුවලින් නුඹලා නිදහස් වී ඇත. නිවැරදි විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ සමග නුඹලා ස්වර්ග උයනට පිවිසෙනු" යැයි පවසනු ඇත

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَـٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٣٣﴾

දෙවියන්ට ආදේශ කරන මෙම බොරුකාරයින්, ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගැනීමටත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ පිටවල්වලට පහර එල්ල කිරීමටත් ඔවුන් වෙත මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් පැමිණීම හෝ මෙලොවෙහි දඬුවම ඔවුනට අත්කර දෙන අල්ලාහ්ගේ නියෝගය පැමිණීම හෝ මිස වෙනෙකක් ඔවුන් බලාපොරොත්තු නොවන්නේද?. මක්කාවේ විසූ මෙම දේව ආදේශකයින් සිදු කළ ක්රියාව හා සමානව ඔවුනට පෙර සිටි දේව ආදේශකයින් ද සිදු කළෝය. එවිට අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් විනාශ කරන මොහොතේ ඔහු ඔවුනට අපරාධ නොකළේය. නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට විනාශයේ සාධක ගෙන එමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. فأصابهم سئات ما عملواوحاق بهم ما كانوابه يستهزءون

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٣٤﴾

ඔවුන් සිදු කරමින් සිටි ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ දඬුවම් ඔවුනට පහළ විය. ඔවුනට එය මෙනෙහි කරනු ලැබූ කල්හි ඒ ගැන සරදම් කරමින් සිටි දඬුවම ඔවුන් වෙළා ගත්තේය

وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍۢ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍۢ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٣٥﴾

ඔවුන්ගේ නැමදුම්වල අල්ලාහ් සමග වෙනත් අය හවුල්කර ගත්තවුන්, "අල්ලාහ්ට පමණක් අප නැමදීමටත් ඔහුට කිසිවක් අප ආදේශ නොකිරීමටත් ඔහු අභිමත කළේ නම් ඔහු හැර වෙනත් කිසිවෙකු අප නොනමදින්නට තිබුණි. අප පමණක් නොව අපට පෙර සිටි අපගේ මුතුන්මිත්තන් ද එලෙස නොකරන්නට තිබුණි. එමෙන්ම ව්යාජ සාධක වැනි ඔහු අපට තහනම් කළ යමක් අප තහනම් නොකිරීමට ඔහු අභිමත කළේ නම් එය ද එලෙසමය."යැයි පැවසුවෝය. පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, "දහම් දූතවරුන්ගේ කාර්යය භාරය වනුයේ ඔවුනට ප්රචාරය කරන මෙන් නියෝග කරනු ලබන දෑ පැහැදිලි ව දන්වා සිටීම පමණි. සැබැවින්ම ඔවුන් එය දන්වා සිටියෝය. අල්ලාහ් ඔවුනට යම් අභිමතයක් ඇති කිරීමෙන් පසු එම ඉරණමට නිදහසට කරුණු දැක්වීමට ප්රතික්ෂේපකයින් හට කිසිදු සාධකයක් නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍۢ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّـٰغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَـٰلَةُ ۚ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿٣٦﴾

අල්ලාහ්ට පමණක් නමදින ලෙසත් ඔහු හැර පවතින සෙසු පිළිම, නපුරු බලවේග හා වෙනත් දෑ නැමදුම් කිරීම අතහැර දමන ලෙසත් අණ කරන දූතයෙකු පෙර විසූ සෑම සමූහයක් අතරටම සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතර අල්ලාහ් ආශිර්වාද කළ අය ද විය. එවැන්නෝ ඔහු ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය පිළිපැද්දෝය. එමෙන්ම ඔවුන් අතර අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටු පෑ අය ද විය. අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළේ නැත. ඔවුනට මුළාව නියම විය. එහෙයින් බොරුකාරයින්හට දඬුවම හා විනාශය පහළ වූවායින් පසු ඔවුන්ගේ වාසස්ථාන කෙසේ පවතින්නේ දැයි නුඹලාගේ දෑසින්ම දැක ගනු පිණිස මිහිතලයෙහි සැරිසරා බලනු

إِن تَحْرِصْ عَلَىٰ هُدَىٰهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَهْدِى مَن يُضِلُّ ۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٣٧﴾

අහෝ දූතය! මොවුනට උපරිමයෙන් නුඹ ඇරයුම් කරන්නට උත්සාහ දරා ඔවුනට යහමග ලැබිය යුතු යැයි නුඹ ආශා කොට ඒ සඳහා සාධක ගෙන ආව ද, අල්ලාහ් කවරෙකු නොමග හැරියේ ද ඔහුට යහමග වෙත ඔහු ආශිර්වාද නොකරනු ඇත. ඔවුන්ගෙන් දඬුවමقවළක්වාලමින් ඔවුනට උදව් කරන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ ۙ لَا يَبْعَثُ ٱللَّهُ مَن يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّۭا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٨﴾

මෙම බොරුකාරයින් "මිය ගිය ඇත්තන් අල්ලාහ් යළි අවදි නොකරනු ඇතැ"යි නැවත නැගිටුවීම ගැන ඔවුන්ගේ දිවුරීම්වල දී ඉතා ස්ථීර ව ප්රතික්ෂේප කොට දිවුරා පවසති. ඒ සඳහා ඔවුනට කිසිදු සාදයක් නැත. එසේ නොව, මිය ගිය සෑම කෙනෙකුවම අල්ලාහ් යළි අවදි කරවනු ඇත. එය සැබෑ ප්රතිඥාවකි. නමුත් සැබැවින්ම අල්ලාහ් මියගිය ඇත්තන් යළි අවදි කරන බව බහුතරයක් ජනයා නොදනිති. එසේ යළි නැගිටුවීම ඔවුහු හෙළා දකිති

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِى يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ كَانُوا۟ كَـٰذِبِينَ ﴿٣٩﴾

දේව ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීම හා දූත මෙහෙය ගැන මතභේද ඇති කරගත් දෑහි සත්යතාව මිනිසුනට පැහැදිළි කරනු පිණිසද සැබැවින්ම අල්ලාහ් සමග හවුල් කරුවන් සිටින බව කරන වාදයේ හා නැවත නැගිටුවීම හෙළා දැකීමෙහි තමන් බොරුකාරයින් ලෙස සිටි බව දේව ප්රතික්ෂේපකයින්ට දැනුම්වත් කිරීම පිණිස ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සියලු දෙනාම නැගිටුවනු ඇත

إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَـٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿٤٠﴾

මියගිය ඇත්තන්හට යළි ජීවය දී ඔවුන් අවදි කිරීමට සැබැවින්ම අපි සිතූ විට එයින් අප වළක්වන කිසිවෙකු නොවනු ඇත. අපි යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසූ වහාම කිසිදු සැකයකින් තොර ව එය සිදුවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةًۭ ۖ وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٤١﴾

දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් තමන්හට හිංසා පීඩා ඇති කොට තමන් පීඩනයට පත්වූවායින් පසු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දේව ප්රතික්ෂේපිත දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත තම නිවෙස් පවුල් හා තම දේපොළ අතහැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් වනාහි, සැබැවින් අපි ඔවුනට මෙලොවෙහි ගෞවරයෙන් යුතු ව සිටිය හැකි නිවහනක පදිංචි කරවන්නෙමු. ස්වර්ගයේ ඇති පිරිනැමීම් හේතුවෙන් මතුලොව තිළිණ වඩාත් උතුම් වන්නේය. හිජ්රත්-නික්ම- යාමෙන් පසුබැස්සවුන් එම නික්ම ගිය මුහාජිර්වරුන් සතු තිළිණ පිළිබඳ දැන ගන්නේ නම්, ඔවුන් ද එයින් පසු නොබසිනු ඇත

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٤٢﴾

අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මොවූහු වනාහි, ඔවුන්ගේ ප්රජාවෙන් අත් වූ හිංසා පීඩාවන් මත සහ ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයෙන් වෙන්වීම ගැන ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ්ට අවනත වීමෙහි ද ඉවසීමෙන් කටයුතු කළවුන් වෙති. ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත ම ස්ථාවරයෙන් සිටියහ. එහෙයින් අල්ලාහ් ඔවුනට අතිමහත් ප්රතිඵල පිරිනැමුවේය

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۚ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ﴿٤٣﴾

අහෝ දූතය! නුඹට පෙර අප දේව පණිවිඩ දන්වා සිටීම සඳහා මිනිසුන් අතර පිරිමින් මිස වෙනත් කිසිවෙකු නොඑව්වෙමු. එසේ දූතවරුන් ලෙස අපි මලක්වරුන් ද නොඑව්වෙමු. මෙය අපගේ සුපුරුදු පිළිවෙතයි. සැබැවින්ම ඔවුන් මිනිසුන් බව නුඹලා නොදන්නෙහු නම් නුඹලා එය හෙළා දකින්නේ නම් පෙර පැමිණි ආගම් ලත් ජනයාගෙන් විමසා බලනු. සැබැවින්ම ඔවුන් මිනිසුන් මිස මලක්වරුන් නොවන බව ඔවුන් නුඹලාට දැනුම් දෙනු ඇත

بِٱلْبَيِّنَـٰتِ وَٱلزُّبُرِ ۗ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ ﴿٤٤﴾

එම මිනිස් දූතවරුන්, පැහැදිලි සාධක හා පහළ කරන ලද දිව්ය ග්රන්ථ සමග අපි එව්වෙමු. අහෝ දූතය! නුඹ ජනයාට පැහැදිලි කිරීමට අවශ්ය දෑ ඔවුනට පැහිදිලි කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. ඔවුන්ගේ බුද්ධිය භාවිත කර එහි අන්තර්ගතව ඇති කරුණු තුළින් ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස

أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن يَخْسِفَ ٱللَّهُ بِهِمُ ٱلْأَرْضَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ﴿٤٥﴾

අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම සඳහා කුමන්ත්රණ සැළසුම් කළවුන්, කාරූන් පොළොවට ගිල ගනු ලැබුවාක් මෙන් අල්ලාහ් ඔවුන් ගිලෙන්නට සැලැස්වීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එසේ නැතහොත් දඬුවම පැමිණීම ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොර ව සිටි තත්ත්වයක එම දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? أو يأخذهم فى تقلبهم فما هم بمعجزين

أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ ﴿٤٦﴾

ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති. أو يأخذهم عل تخوف فإن ربكم لرءوف رحيم

أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍۢ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌ ﴿٤٧﴾

අල්ලාහ් ගැන ඔවුන් බියෙන් පසුවන තත්ත්වයේ ඔහුගේ දඬුවම ඔවුනට අත්වීම ගැන ඔවුන් අභයදායී වන්නෝ ද? සෑම තත්ත්වයකම ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සෙනෙහෙවන්තය මහා කාරුණිකය. තම ගැත්තන් පාපක්ෂමාවෙහි නිරත ව ඔහු වෙත යොමු වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු ඔවුනට දඬුවම ඉක්මන් නොකරනු ඇත

أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍۢ يَتَفَيَّؤُا۟ ظِلَـٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًۭا لِّلَّهِ وَهُمْ دَٰخِرُونَ ﴿٤٨﴾

මෙම බොරුකාරයින් ඔහුගේ මැවීම් වෙත බලා කල්පනා නොකරන්නෙහු ද? ඒවායෙහි හෙවණ හිරුගේ චලනය අනුගමනය කරමින් දකුණටත් වමටත් නැඹුරු වෙයි. හිරුගේ ගමන දහවල උදා කරයි. සඳුට රාත්රිය හිමිය. ඒවා ඒවායෙහි පරමාධිපතියාණන්ට යටහත්ව යථාර්ථයෙන්ම ඔහුට සිරස නමමින් වැඳ වැටෙති. ඒවා ඔහුට වහල්ය

وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍۢ وَٱلْمَلَـٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ﴿٤٩﴾

අහස්හි පවතින සියලු දෑ ද, මහපොළොවේ පවතින සියලු සත්වයින් ද අල්ලාහ්ට පමණක් හිස නමා වැඳ වැටෙති. මලාඉකාවරුන් ද ඔහුට පමණක් හිස නමා වැඳ වැටෙති. අල්ලාහ්ට නැමදුම් කිරීමටත් ඔහුට යටත්වීමටත් ඔවුහු උඩඟු නොවෙති

يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩ ﴿٥٠﴾

නිරන්තරයෙන් ඔවුන් ඔහුට නැමදුම් කරමින් හා අවනත වෙමින් සිටිනවාත් සමගම ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ආධිපත්යයෙන් හා ඔහුගේ බල මහිමයෙන් ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යටත් වන මෙන් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව ඔවුහු ක්රියා කරති

۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓا۟ إِلَـٰهَيْنِ ٱثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۖ فَإِيَّـٰىَ فَٱرْهَبُونِ ﴿٥١﴾

ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ සියලුම ගැත්තන් හට, "නුඹලා නැමදුමට දෙදෙනෙකු නොගනු. සැබැවින්ම සැබෑ ලෙස නැමදුමට සුදුස්සා වන්නේ අල්ලාහ් පමණය. ඔහුට දෙවැනියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු ද නැත. එහෙයින් නුඹලා මට පමණක් බිය වනු මා හැර වෙනත් කිසිවෙකුට බිය නොවනු" යැයි පැවසීය

وَلَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ ٱللَّهِ تَتَّقُونَ ﴿٥٢﴾

අහස්හි ඇති දෑ ද, මහපොළොවෙහි ඇති දෑ ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ඔහුට පමණක් සතුය. අවනත වීම යටහත් වීම ස්ථාවර අවංකත්වය ඔහුට පමණක් සතු විය යුතුය. අල්ලාහ් නොවන දෑට නුඹලා බිය වන්නෙහු ද? නැත. එසේ නොව, නුඹලා ඔහුට පමණක් බියවනු

وَمَا بِكُم مِّن نِّعْمَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ ﴿٥٣﴾

අහෝ ජනයිනි! ආධ්යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ කවර ආශිර්වාදයක් නුඹලා සමග තිබෙන්නේ ද එය ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් නොවේ. පසු ව නුඹලාට පරීක්ෂණයක් හෝ රෝගාබාධයක් හෝ දිළිඳුකමක් හෝ අත් වූ විට ඔහු වෙත පමණක් කණ්ණලව් කර යටහත් පහත් වනු. නුඹලාට අත් වූ ඉරණම ඔහු නුඹලාගෙන් පහ කරනු ඇත. එහෙයින් කවරෙකු ආශිර්වාද පිරිනමා අභාග්යවන්තකම ඉවත් කරන්නේ ද නැමදුම් ලබන්නට අනිවාර්යය වනුයේ ඔහු පමණය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌۭ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ ﴿٥٤﴾

පසුව නුඹලාගේ ප්රාර්ථනාවට ඔහු පිළිතුරු දී නුඹලාට අත් වූ උවදුරු ඉවත් කළ විට නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපති සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරති. මොනයම් ලැජ්ජා සහගත කටයුත්තක් ද මෙය?

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ تَعْلَمُونَ ﴿٥٥﴾

ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම, ඔවුන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයන් ප්රතික්ෂේප කරන්නන් බවට පත් කර ඇත. උවදුරු ඉවත් කිරීම එම ආශිර්වාදවලින් එකකි. එහෙයින් ‘නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම ඉක්මණින් හෝ ප්රමාද වී හෝ පැමිණෙන තෙක් නුඹලා කවර සැපතක සිටින්නේ ද එය භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًۭا مِّمَّا رَزَقْنَـٰهُمْ ۗ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ ﴿٥٦﴾

භෞතික වස්තු මෙන්ම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි, කිසිවක් නොදන්නා වස්තුවක් ලෙස ඔවුන්ගේ පිළිම තිබිය දී අපි ඔවුනට ලබා දුන් සම්පත්වලින් කොටසක් ඒවා වෙනුවෙන් තබා එමගින් ඒවා වෙත ඔවුහු සමීපවන්නට බලති. අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මෙම පිළිම දෙවිවරුන් යැයි ද, නුඹලාගේ පෝෂණ සම්පත්වලින් කොටසක් ඒවාට හිමි යැයි ද නුඹලා විශ්වාස කරමින් සිටි දෑ ගැන සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත

وَيَجْعَلُونَ لِلَّهِ ٱلْبَنَـٰتِ سُبْحَـٰنَهُۥ ۙ وَلَهُم مَّا يَشْتَهُونَ ﴿٥٧﴾

ආදේශ තබන්නන් අල්ලාහ්ට ගැහැණු දරුවන් ඇතැයි ආරෝපණය කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් හෙවත් සුර දූතයින් බව විශ්වාස කොට දූවරුන් ඔහු වෙත ආරෝපණය කර පවසති. ඔවුහු තමන් ප්රිය නොකරන දෙයක් ඔහුට තෝරා දුන්නෝය. ඔවුන් කවර කරුණක් ඔහුට පත් කොට ඔවුන්ගේ සිත් ප්රිය කරන පිරිමි දරුවන් ඔවුන් වෙනුවෙන් පත් කර ගත්තේ ද එයින් අල්ලාහ් පිවිතුරුය.د පිරිසිදුය. මීට වඩා මහත් වරදක් කුමක් විය හැකිද?

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌۭ ﴿٥٨﴾

මෙම ආදේශකයින් අතරින් කෙනෙකුට ගැහැණු දරුවකගේ උපත පිළිබඳ ආරංචිය දැන ගන්නට ලැබූ විට, ලැබුණු ආරංචිය පිළිබඳ ඔහු තුළ පවතින දැඩි පිළිකුල් භාවය නිසාවෙන් ඔහුගේ මුහුණ අඳුරු වී යයි. ඔහුගේ සිතෙහි දුක හා ශෝකය පිරී යයි. පසු ව ඔහු තමන්ට ප්රිය නැති දෑ අල්ලාහ් වෙත ආරෝපණය කරයි

يَتَوَٰرَىٰ مِنَ ٱلْقَوْمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓ ۚ أَيُمْسِكُهُۥ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُۥ فِى ٱلتُّرَابِ ۗ أَلَا سَآءَ مَا يَحْكُمُونَ ﴿٥٩﴾

ගැහැණු දරුවාගේ උපත පිළිබඳ දැනගන්නට ලැබූ නපුරු තොරතුර හේතුවෙන් ඔහු එය තම සමූහයාගෙන් සඟවන්නට බලයි. අවමානය හා කැළල සමගම එම ගැහැණු දරුවා තමන් රඳවා ගන්නේ ද එසේ නැතහොත් ඇය ව වැල්ලෙහි සඟවන්නේ දැ?යි ඔහු ඔහුටම කතා කර ගනී. තමන් ප්රිය නොකරන දෙයක් තම පරමාධිපතිට ආරෝපණය කරමින් ඔවුන් ගත් තීන්දුව කොතරම් පිළිකුල් සහගත ද?

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ مَثَلُ ٱلسَّوْءِ ۖ وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٦٠﴾

ى මතුලොව විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට දරුවකුගේ අවශ්යතාව, අඥානකම හා දේව ප්රතික්ෂේපය වැනි පහත් ගුණාංග සතුය. නමුත් අල්ලාහ්ට කීර්තිය, පූර්ණත්වය, ස්වාධීනත්වය, ප්රඥාව වැනි උසස් ප්රශංසනීය ගුණාංග සතුය. ශුද්ධවන්ත ඔහු ඔහුගේ රාජ්යයේ සර්වබලධාරියාණන්ය. කිසිවෙකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මැවීම, සැලසුම් කිරීම හාمආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍۢ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ ﴿٦١﴾

මිනිසුනට ඔවුන්ගේ අපරාධකම් හා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ශුද්ධවන්ත අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නේ නම් මහපොළොව මත කිසිදු මිනිසෙකු හෝ ඒ මත ගමන් කරන කිසිදු සත්වයකු හෝ ඔහු අත් නොහරිනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් ඔහුගේ ප්රඥාව මත නියමිත කාලයක් දක්වා ඔවුන් ප්රමාද කරනු ඇත. නමුත් ඔහුගේ ප්රඥාව මත පිහිටි නියමිත කාලය පැමිණි විට, සුළු කාලයක් හෝ ප්රමාද කිරීමකින් හෝ ඉක්මන් කිරීමකින් තොර ව එය ක්රියාත්මක කරනු ඇත

وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ ٱلْكَذِبَ أَنَّ لَهُمُ ٱلْحُسْنَىٰ ۖ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ ﴿٦٢﴾

තමන් වෙත සම්බන්ධ කර පැවසීමට පිළිකුල් කරන දෑ ශුද්ධවන්ත අල්ලාහ්ට ඔවුහු පත් කරති. අල්ලාහ් අබියස තමන්ට යහපත් තත්ත්වයක් ඇති බව බොරුවට තම දිවෙන් පවසා සිටිති. එය සැබෑ නම් ඔවුන් පවසන පරිදිම ඔවුන් යළි අවදි කරනු ලබති. සැබැවින්ම ඔවුනට අපා ගින්න ඇත. සැබැවින්ම ඔවුන් එහි අතහැර දමනු ලබති. එයින් කිසිවිටෙක බැහැර නොවෙති

تَٱللَّهِ لَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَهُوَ وَلِيُّهُمُ ٱلْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٦٣﴾

අහෝ දූතය! අල්ලාහ් මත දිවුරමින්, නුඹට පෙර විසූ සමූහයන් වෙත සැබැවින්ම අපි දූතවරුන් එව්වෙමු. නමුත් දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපකම් වැනි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ගේ උදව් කරුවා ඔහුය. එහෙයින් ඔවුන් ඔහුගෙන් උදව් ඉල්ලා සිටිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට වේදනීය දඬුවමක් ඇත

وَمَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِى ٱخْتَلَفُوا۟ فِيهِ ۙ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٦٤﴾

අහෝ දූතය! නුඹ වෙත අප අල් කුර්ආනය පහළ කළේ දේව ඒකීයත්වය, යළි නැගිටුවනු ලැබීම හා ආගමික නීතිරීති පිළිබඳ ඔවුන් කවර මතභේදයක සිටින්නේ ද ඒවා සියලු මිනිසුන් හට පැහැදිලි කරනු පිණිස හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ද ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ද විශ්වාස කරන්නන් හට අල් කුර්ආනය ආශිර්වාදයක් හා මග පෙන්වීමක් වනු පිණිසය. සත්ය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය

وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَسْمَعُونَ ﴿٦٥﴾

අහසින් අල්ලාහ් වර්ෂාව පහළ කොට, මහපොළොව වියළී පුහු බවට පත්වූවායින් පසු, එහි පැලෑටි හට ගන්වා ජීවමාන කළේය. අහසින් වර්ෂාව පහළ කිරීමෙහි ද එමගින් මහපොළොවේ පැලෑටි මතු කිරීමෙහි ද අල්ලාහ්ගේ වදනට සවන් දී ඒ ගැන පරිශීලනය කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍۢ وَدَمٍۢ لَّبَنًا خَالِصًۭا سَآئِغًۭا لِّلشَّـٰرِبِينَ ﴿٦٦﴾

අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින් හා එළුවන් තුළ නුඹලාට පාඩම් ලැබිය හැකි අයුරින් උපදෙස් ඇත. නුඹලා උන්ගේ තන්පිඬුවලින් ශරීරයේ ඇති රුධිරය හා කුසෙහි අන්තර්ගතව ඇති අමතර දෑ අතර මතුවන කිරි නුඹලාට පානය සඳහා ලබා දෙන්නෙමු. ඒ සමගම පානය කරන්නන්හට පිරිසිදු නැවුම් රසවත් කිරි මතු වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَـٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًۭا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٦٧﴾

අප නුඹලාට පෝෂණය කළ රට ඉඳි හා මිදි වැනි පළතුරුවල ද නුඹලාට පාඩමක් ඇත. බුද්ධිය පහ කරන මත් ද්රව්ය එයින් නුඹලා පෙරා ගන්නෙහුය. එය යහපත් නොවන්නේය. එමෙන්ම නුඹලා ප්රයෝජනයට ගන්නා රට ඉඳි, වියලි මිදි, විනාකිරි හා පැණි වැනි දෑ ද එයින් නුඹලා ගන්නෙහුය. සඳහන් කරනු ලැබූ දෑහි අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. වටහා ගන්නා ජනයා සඳහා ඔහුගේ ගැත්තන් හට ඔහු ආශිර්වාද කර ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ﴿٦٨﴾

"නුඹ වෙනුවෙන් කඳුවල නිවෙස් තනා ගනු. ගස්වල ද මිනිසුන් ඉදි කරන නිවෙස් හා වහලවල් වල ද නිවෙස් තනා ගනු" යැයි අහෝ දූතය! නුඹේ පරමාධිපති මී මැස්සියට මඟ පෙන්වමින් ඌට දේව පණිවිඩ දැනුම් දුන්නේය

ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًۭا ۚ يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌۭ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌۭ لِّلنَّاسِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٦٩﴾

إن فى ذلك لٔايةلقوم يتفكرون "පසු ව මී මැස්ස, නුඹ ප්රිය කරන පලතුරුවලින් අනුභව කරනු. නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති දැනුම අනුසාරයෙන් මාර්ග අතර පහසුවෙන් ගමන් ගනු." එම මී මැස්සාගේ කුසෙන් විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුත් මී පැණි මතු වන්නේය. සුදු, කහ හා වෙනත් වර්ණවලින් ද යුක්තිය. එහි මිනිසුනට බෙහෙත් ද ඇත. රෝගීහු එමගින් ප්රතිකාර ලබති. මී මැස්සාට ලැබී ඇති එම දේව අනුභාවයෙහි හා උන්ගේ උදරවලින් පිටවන මී පැණිවල අල්ලාහ්ගේ බලය හා තම මැවීම්හි -සූක්ෂම ලෙස හසුරුවන- ඔහුගේ සැලසුම් කිරීම විදහා පාන සාධක වටහා ගන්නා ජනයාට ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය

وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ ۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍۢ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۭ قَدِيرٌۭ ﴿٧٠﴾

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අල්ලාහ් නුඹලාව මැව්වේය. පසු ව නුඹලාගේ ආයු කාලය අවසන් වූ වහාම නුඹලාව මරණයට පත් කරන්නේය. නුඹලා අතර වයස් ගත අදියර තෙක් ආයු කාලය දීර්ග කරනු ලබන්නන් ද වෙති. එය වයෝවෘද්ධභාවයයි. ඔහු දැන සිටි දැයින් කිසිවක් නොදන්නා අවදියයි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක

وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ فِى ٱلرِّزْقِ ۚ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ ۚ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ ﴿٧١﴾

අල්ලාහ් නුඹලාට දායාද කළ පෝෂණ සම්පත්හි නුඹලා ඇතැමෙකු ඇතැමෙක්ට වඩා උත්තරීතර අල්ලාහ් උසස් කොට ඇත. නුඹලා අතර පොහොසතුන් හා දුප්පතුන් ද නායකයින් හා නායකත්වය යටතේ පාලනය වන්නන් ද පත් කළේය. පෝෂණ සම්පත්හි අල්ලාහ් උසස් කළ ජනයා ආධිපත්යයේ ඔවුන්ගේ වහලුන් ඔවුනට සමානයන් වන තෙක් ඔවුනට පිරිනැමූ දෑ ඔවුන්ගේ වහලුන් හටත් පිරිනැමීම ප්රතික්සේප කිරීම සුදුසු නැත. ඔවුන්ගේ වහලුන් ඔවුනට සමාන වී ඔවුන්ගේ හවුල් කරුවන් වීම ඔවුන් පිළි නොගන්නේ නම් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ඔහු ට සමානයන් තැබීමෙන් ඔවුන් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? මෙය මොනයම් ආකාරයේ අපරාධයක් ද? අල්ලාහ්ගේ ආශිර්වාදයන් වළක්වාලන මීට වඩා බරපතල යමක් තිබිය හැකිද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةًۭ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ ۚ أَفَبِٱلْبَـٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ ﴿٧٢﴾

අහෝ ජනයිනි! නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා ඇලුම් කරන අඹුවන් නුඹලාට අල්ලාහ් ඇති කළේය. නුඹලාගේ අඹුවන් තුළින් නුඹලාට දරුවන් හා දරුවන්ගෙන් දරුවන් ද ඇති කළේය. මාංශ, ධාන්ය හා පලතුරු වැනි රසවත් ආහාර ඔහු නුඹලාට පෝෂණය කළේය. එසේ තිබිය දී ව්යාජ පිළිම හා ගල් රූ ඔවුන් විශ්වාස කරති. ගණන් කළ නොහැකි අපමණ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කරති. ඔහුව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු අල්ලාහ්ට කෘතඥතාව පුද නොකරති

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًۭا مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًۭٔا وَلَا يَسْتَطِيعُونَ ﴿٧٣﴾

දෙවියන්ට ආදේශ කරන්නෝ අල්ලාහ් හැර පිළිමවලට වැඳුම් පිඳුම් කරති. අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණ සම්පතක් ඔවුන් වෙත ලබා දීමට ඒවාට නොහැක. ඒවා කිසිදු ජීවයක් හෝ දැනුමක් නැති භෞතික වස්තු වන බැවින් එහි ආධිපත්යය දැරීමට ඒවා කිසිවක් සමත් වන්නේ ද නැත

فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿٧٤﴾

අහෝ ජනයිනි, කිසිදු යහපතක් හෝ අයහපතක් හෝ සැලසිය නොහැකි මෙම පිළිම, අල්ලාහ්ට ආදේශ වශයෙන් නුඹලා නොතබනු. නැමදුම් කටයුතුවලදී ඔහුට නුඹලා ආදේශ කරන තරමට කිසිදු හවුල් කරුවෙකු ඔහුට නැත. සැබැවින්ම අල්ලාහ් තමන් සතු කීර්තියේ හා පරිපූර්ණත්වයේ ගුණාංග දනී. නමුත් නුඹලා ඒ ගැන නොදැන ඔහුට ආදේශ තැබීමෙහිر වැටී ඇත. නුඹලා ඔහු ව පිළිමවලට සමාන කරමින් ඒවාට කණ්ණලව් කරන්නෙහුය

۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًۭا مَّمْلُوكًۭا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍۢ وَمَن رَّزَقْنَـٰهُ مِنَّا رِزْقًا حَسَنًۭا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّۭا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُۥنَ ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٧٥﴾

දෙවියන්ට ආදේශ තබන්නන්හට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. ගනුදෙනු කළ නොහැකි වහල් ගැත්තෙක්-ඔහුට යමක් වියදම් කිරීමට කිසිවක් නැත. තවත් නිදහස් පුද්ගලයෙක් - තමන්ට කැමති පරිදි ගනු දෙනු කිරීමට අනුමත ධනය අප වෙතින් ඔහුට පිරිනමා ඇත. ඔහු කැමති පරිදි ප්රසිද්ධියේ මෙන්ම රහසිගතව එයින් වියදම් කරයි. මෙම පුද්ගලයින් දෙදෙනාම සමාන වන්නේ නැත. එසේ නම් තමන් අභිමත කරන පරිදි තම පාලනය තුළ කටයුතු කරන පාලක අල්ලාහ් අතර හා කිසිවක් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද? සියලු පැසසුම් අල්ලාහ් සතුය. පැසසුමට සුදුස්සා ඔහුය. නමුත් අදේශ තබන්නන් බොහෝ දෙනා දේවත්වයෙන් අල්ලාහ් ඛේවල බවත් නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණක් බවත් නොදනිති

وَضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍۢ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٧٦﴾

ى ඔවුනට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් තවත් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. එය මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි බිහිරෙකි. ඔහුගේ බිහිරි හා ගොලු භාවය නිසා කිසිවක් ඔහු වටහා නොගනී. තමන්ට කිසිදු සෙතක් සැලසිය නොහැකිය. අන් අයටත් සෙත සැලසිය නොහැකිය. ඔහුගේ කටයුතු භාරව කටයුතු කරන, ඔහුව නඩත්තු කරන අයට ඔහු විශාල බරකි. යම් කිසි ප්රදේශයකට ඔහු ඔහුව යැව්වද ඔහු යහතින් නොපැමිණෙයි. අපේක්ෂා කරන දෑ සාර්ථක ව ඉටු නොකරයි. මෙවන් තත්ත්වයේ සිටින්නෙකු සවන් දීමට හා කතාවට මනා හැකියාවක් ඇති විවිධාකාර ප්රයෝජන සැලසිය හැකි කෙනෙකුට සමාන විය හැකි ද? ඔහු මිනිසුනට සාධාරණත්වය නියෝග කරයි. තමන් සම්බන්ධයෙන් කෙළින් කටයුතු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරයි. කිසිදු ඇදයක් හෝ කුතුහලයක් හෝ නොමැති පැහැදිලි මාර්ගය මත සිටියි. එසේ නම් දෙවියන්ට ආදේශ තබන්නනි! කීර්තියෙන් හා පූර්ණත්වයෙන් යුත් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ අල්ලාහ් හා කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි, කිසිදු උවදුරක් ඉවත් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද?

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٧٧﴾

අහස්හි ගුප්ත ව පවතින දෑහි හා මහපොළොවේ ගුප්ත ව පවතින දෑහි දැනුම අල්ලාහ්ට පමණක් සතුය. එම දැනුම ඔහුගේ කිසිදු මැවීමක් විසින් දැනගත නොහැකි, ඔහුට පමණක් විශේෂිත වූ දැනුමය. එමෙන්ම තමන් අභිමත කළ විට ඇසි පිය වසා නැවත විවෘත කරන තරමට ඉතා සීග්රයෙන් එළැඹෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් ගුප්ත ව පවතින විශේෂ දැනුම ද ඔහුට පමණක් සතුය. එය ඊටත් වඩා සමීපයෙන් පවතී. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව අසමත් කළ නොහැක. ඔහු යමක් සිතූ විට එයට ‘කුන්’ (වනු) යැයි කියූ වහාම එය සිදුවනු ඇත

وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَـٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًۭٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٧٨﴾

අහෝ ජනයිනි! නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා රුඳී සිටි නියමිත කාලය අවසන් වූ පසු කිසිවක් නොදන්නා බිළිඳෙකු සේ නුඹලාව බැහැර කොට අසන්නට සවන් ද, බලන්නට දෑස් ද, වටහා ගන්නට හදවත් ද නුඹලාට දායාද කළේ අල්ලාහ්ය. එය නුඹලාට පිරිනමා ඇති දායාදයන් වෙනුවෙන් නුඹලා ඔහුට කෘතවේදී වීමේ යහපත් අපේක්ෂාවෙනි

أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍۢ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٧٩﴾

කුරුල්ලන් අහසේ පියාසර කිරීම සඳහා අල්ලාහ් උන්ට පිරිනමා ඇති අත්තටු සහ සුළඟේ පහසුවෙන් පියාසර කිරීමේ හැකියාව උන්ට වසඟ කර දී තිබීම ගැන දෙවියන්ට ආදේශ තබන්නන් නිරීක්ෂණය නොකළේද? උන්ගේ පියාපත් හකුළා ගැනීමටත් ඒවා විහිදුවන්නටත් අල්ලාහ් උන් හට ඉඩ දී ඇත. අහසෙහි උන් නොවැටෙන පරිදි උන් රඳවාගෙන සිටින්නේ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොවේ. මෙසේ වසඟ කර දීමෙහි හා උන් නොවැටෙන සේ රඳවා තැබීමේ දෙවියන් විශ්වාස කරන ජනයාට සැබැවින්ම සාධක ඇත. එම සාධක හා පාඩම් මගින් ප්රයෝජනය ලබන්නේ ඔවුන්ය

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًۭا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَـٰمِ بُيُوتًۭا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَـٰثًۭا وَمَتَـٰعًا إِلَىٰ حِينٍۢ ﴿٨٠﴾

ස්ථීර පදිංචි ස්ථානයක් ලෙසත් සුව පහසුකම් සහිත ස්ථානයක් ලෙසත් නුඹලා ගලින් හා වෙනත් අමු ද්රව්යවලින් ඉදිකරන නුඹලාගේ නිවෙස් ඔහු නුඹලාට ඇති කළේය. එමෙන්ම ස්ථීර නිවාස මෙන්ම ගම්බද දුර පලාත්වල ඔටුවන් ගවයින් හා එළුවන්ගේ සමෙන් සාදන ලද කූඩාරම් ද ඔහු නුඹලාට ඇති කළේය. නුඹලාගේ ගමනෙහි තැනකින් තවත් තැනකට පහසුවෙන් උසුලා ගෙන ගොස් නුඹලා ගොඩ බසින ස්ථානයේ ඒවා පහසුවෙන් තනා ගත හැකි පරිදි ඔහු ඒවා සැහැල්ලු කර දී ඇත. බැටලු ලෝම, ඔටු හම් හා එළු රෝම නුඹලාගේ නිවෙස්වල ඇතුළත හා පිටත ආවරණය කරන අමු ද්රව්ය ලෙස ඔහු නුඹලාට ඇති කළේය. නියමිත කාලයක් දක්වා නුඹලා එමගින් භුක්ති විඳින්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَـٰلًۭا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَـٰنًۭا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ ﴿٨١﴾

හිරු රෂ්ණයෙන් නුඹලා හෙවණ ලබන ගස් හා ගොඩනැගිලි වැනි තැන් ඔහු නුඹලාට ඇති කළේය. සීතල, රෂ්ණය හා සතුරන්ගෙන් නුඹලා මුවා වන ගුහා, බිංගේ හා කපොල්ල වැනි දෑ කඳු අතර ඔහු නුඹලාට ඇති කළේය. සීතලෙන් හා රෂ්ණයෙන් නුඹලා ආරක්ෂා විය හැකි පරිදි ලෝම හා වෙනත් අමුද්රව්යවලින් කමිස හා ඇඳුම් නුඹලා ට ඇති කළේය. යුද්ධයේදී අත් වන හානිවලින් නුඹලා ආරක්ෂා කරන පරිදි යුධ ආවරණ ද නුඹලාට ඇති කළේය. එහෙයින් නුඹලාගේ ශරීරයට අසිපතින් හානි නොවනු ඇත. නුඹලා වෙත පෙර සඳහන් කරන ලද ආශිර්වාදයන් අල්ලාහ් දායාද කළාක් මෙන්ම නුඹලා අල්ලාහ්ට පමණක් යටත් වීමේ හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔහු නුඹලාට ඔහුගේ ආශිර්වාදයන් සම්පූර්ණ කළේය

فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٨٢﴾

දෙවියන් විශ්වාස කිරීමට හා නුඹ ගෙන ආ දෑ සත්යයක් බව විශ්වාස කිරීමට ඔවුන් විරුද්ධ වූයේ නම්, අහෝ දූතය! කවර කරුණක් වෙත මග පෙන්වන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එය පැහැදිලි දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් නුඹට නැත. ඔවුන්ව යහමග යැවීමේ බර දැරීම නුඹ වෙත පැවරී නැත

يَعْرِفُونَ نِعْمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ ٱلْكَـٰفِرُونَ ﴿٨٣﴾

අල්ලාහ් ඔවුන් හට ආශිර්වාද කළ ඔහුගේ ආශිර්වාදයන්, දේවත්වය ආදේශ කරන්නන් හඳුනති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඔවුන් වෙත එවීමත් එම ආශිර්වාදවලින් එකකි. පසුව ඒ වෙනුවෙන් ඔවුන් කෘතඥ නොවී ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් ඔහුගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ශුද්ධවන්ත අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති. ويومنبعث من كل أمة شهيدا ثم لا يؤذن للذين كفرواولا هم يستعتبون

وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍۢ شَهِيدًۭا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ﴿٨٤﴾

අහෝ දූතය! සෑම සමූහයක් වෙතම එවන ලද දූතයකුම ඔවුන් අතර සිටි දේව විශ්වාසියාගේ දේව විශ්වාසය ගැනත්, දේව ප්රතික්ෂේපකයාගේ දේව ප්රතික්ෂේපය ගැනත් සාක්ෂි කීම සඳහා අල්ලාහ් අවදි කරන දිනය මෙනෙහි කර බලනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත සිටි බැවින් ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට දේව ප්රතික්ෂේපකයාට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔහු ගැන තෘප්තියට පත්වන කටයුතු ඉටු කිරීම සඳහා නැවත මෙලොවට එවනුද නොලැබේ. මතුලොව විනිශ්චයේ නිවහන මිස ක්රියාවන් ඉටු කිරීමේ නිවහන නොවන්නේය

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ ﴿٨٥﴾

දෙවියන්ට ආදේශ තැබූ අපරාධකරුවන් දඬුවම දෑසින් දකින විට එම දඬුවම ඔවුන්ගෙන් සැහැල්ලු කරනු නොලැබේ. ඔවුනට එය ප්රමාද කරමින් අවකාශය ද දෙනු නොලැබේ. ඔවුන් එහි පිවිස සදාතනිකයින් ලෙස සදාකල් වෙසෙති

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشْرَكُوا۟ شُرَكَآءَهُمْ قَالُوا۟ رَبَّنَا هَـٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدْعُوا۟ مِن دُونِكَ ۖ فَأَلْقَوْا۟ إِلَيْهِمُ ٱلْقَوْلَ إِنَّكُمْ لَكَـٰذِبُونَ ﴿٨٦﴾

إ نكم لكذبون දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ නැමදුමට ලක් වූ දෑ මතුලොවෙහි දෑසින් දකින විට, "අහෝ අපගේ පරමාධිපතියාණනි! නුඹ ව හැර දමා අපි නමදිමින් සිටි අපගේ හවුල්කරුවන් මොවූහුය" යැයි පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ ඔවුන්ගේ පව් බර ඔවුන් මත පැටවීම සඳහාය. එවිට අල්ලාහ් ඔවුන්ගේ නැමදුමට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ලක්වූවන්ට කතා කරන්නට සලස්වයි. එවිට ඔවුහු ඔවුනට පිළිතුරු දෙමින්, "අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! සැබැවින්ම අල්ලාහ්ට හවුල් කරුවෙකු පත් කොට නුඹලා නමදිමින් සිටි දෑ ගැන නුඹලා මුසාවාදීහු ය. ඔහු සමග නැමදුමට ලක්වන කිසිදු හවුල්කරුවකු නොවීය." යැයි පවසති

وَأَلْقَوْا۟ إِلَى ٱللَّهِ يَوْمَئِذٍ ٱلسَّلَمَ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٨٧﴾

දෙවියන්ට ආදේශ කළවුන් යටත් වෙති. අල්ලාහ්ට පමණක් අවනත වෙති. අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි වාද කරමින් ඔවුන් මවාගෙන සිටි ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් පහ ව යන්නෝය

ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَـٰهُمْ عَذَابًۭا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ ﴿٨٨﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අනිත් අයව ද වෙනතකට යොමු කළවුන් වනාහි -ඔවුන්ගේ කලහකාරීකම හා ඔවුන් අනිත් අයද මුළා කරවා කලහකම් සිදු කළ හේතුවෙන්- දේව ප්රතික්ෂේපයට ගැළපෙන දඬුවමට අමතරව තවත් දඬුවමක් වැඩි කර දෙන්නෙමු

وَيَوْمَ نَبْعَثُ فِى كُلِّ أُمَّةٍۢ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰٓؤُلَآءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ تِبْيَـٰنًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ ﴿٨٩﴾

لكل شىء وهدى ورحمةوبشر للمسلمين ى සෑම සමූහයක්ම ඔවුන් දරා සිටි දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය ගැන ඔවුන් මත සාක්ෂි පැවසීම සඳහා ඒ ඒ සමූහයාගේ දහම් දූතයාව අපි අවදි කරන දින අහෝ දූතය! මෙනෙහි කර බලනු. එම දූතයා ඔවුන්ගේම වර්ගයේ කෙනෙකි. ඔවුන්ගේ භාෂාවෙන්ම කතා කරයි. ඒ සියලු සමූහයා මත ඔබ ව සාක්ෂිකරුවකු ලෙස අපි ගෙන එන්නෙමු. හලාල් හෙවත් අනුමත දෑ ද, හරාම් හෙවත් තහනම් දෑ ද, කුසල් හා දඬුවම් ද, වෙනත් කරුණු ද පැහැදිලි කිරීමට අවශ්ය සියලු දෑ නුඹ පැහැදිලි කරනු වස් අපි නුඹ මත අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. එය මිනිස් සංහතියට සත්ය වෙත මඟපෙන්වන්නක් ලෙසත් එය විශ්වාස කොට එහි ඇති දෑ අනුව කටයුතු කරන්නන්හට ආශිර්වාදයක් ලෙසත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් බලාපොරොත්තුවන සදා සැපත ගැන ඔවුනට ශුභාරංචි දන්වන්නක් ලෙසත් අපි පහළ කර ඇත්තෙමු

۞ إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٩٠﴾

تذك رون අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන මෙන් ද, උසස් කොට සැලකීමට අනිවාර්යය යුතුකමක් මත මිස නීතිමය කටයුතු වලදී කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් නොකරන මෙන් ද, අමතර දානමය වියදම්, අපරාධකරුවන්ට සමාව දීම වැනි අනිවාර්යය නොවන කටයුතු ගැත්තන්හට අමතරව ඉටු කරමින් උපකාර කරන මෙන් ද, තම ඥාතීන්ට අවශ්ය වන දෑ පිරිනමන මෙන් නියෝග කරන මෙන් ද, අශීලාචාර ප්රකාශ වැනි අයුතු ප්රකාශයන් හා දුරාචාරය වැනි අයුතු ක්රියාවන් වැනි පිළිකුල් සහහගත සියලුම දැයින් වැළකී සිටින මෙන් ද, ෂරීආව හෙවත් ආගමික පිළිවෙත් හෙළා දකින සියලු පාපකම්වලින් වැළකී සිටින මෙන්ද, අපරාධය, මිනිසුන් වෙත අහංකාරයෙන් හැසිරීම වැනි දුෂ්චරිතවලින් වැළකී සිටින මෙන් ද, අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියි. මෙම පාඨයේ නුඹලාට කවර දෙයක් අණ කර ඇත්තේ ද, එවන් දෑ හා නුඹලාට කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එවන් දෑ ගෙනහැර දක්වා අල්ලාහ් නුඹලාට උපදෙස් දී ඇත. එසේ උපදෙස් දී ඇත්තේ එමගින් නුඹලා පාඩම් ලබනු ඇතැයි බලාපොරොත්තුවෙනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَـٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَـٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ ﴿٩١﴾

تفعلون නුඹලා අල්ලාහ් සමග ගිවිසගත් ගිවිසුම් හා මිනිසුන් සමග ගිවිස ගත් ගිවිසුම් යන සියල්ල පූර්ණ ව ඉටු කරනු. අල්ලාහ් මත දැඩි සේ දිවුරීමෙන් පසු, නුඹලාගේ දිවුරුම් කඩ නොකරනු. නුඹලා කවර දෙයක් මත දිවුරා සිටියේ ද, එය ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ් ව සාක්ෂිකරුවෙකු ලෙස පත් කර ගෙන ඇත්තේය. නුඹලා සිදුකරන දෑ සැබැවින්ම අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَـٰثًۭا تَتَّخِذُونَ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٩٢﴾

ه ගිවිසුම් කඩ කරමින් බුද්ධිහීන අධමයින් මෙන් නුඹලා නොවනු. ලෝම හෝ සේද ගෙත්තම් කිරීමට වෙහෙස වී එම ගෙත්තම මනා ලෙස නිම කළ පසුව, ගෙත්තම් කිරීමට පෙර තිබූ තත්ත්වයටම එම ගෙත්තම ලිහිල් කරන අඥාන කාන්තාවකට එය සමානය. ඇය එය ගෙත්තම් කිරීමට හා එය ලිහිල් කිරීමට වෙහෙස දැරූ නමුත් බලාපොරොත්තුවන දෑ ඇය හිමිකර නොගත්තාය. නුඹලාගේ සතුරු සමූහයාට වඩා නුඹලා බලවත් හා අධික වීම පිණිස නුඹලාගේ දිවුරීම් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා දමන වංචනික දිවුරුම් බවට පත් කර ගන්නෙහුය. ගිවිසුම් ඉටු කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව පරීක්ෂාවට ලක් කරයි. එය නුඹලා විනාශ කරන්නෙහුද?. එසේ නැතිනම් එය කඩ කරන්නෙහුද? මෙලොවෙහි නුඹලා කවර විෂයක මතභේද ඇතිකරගනිමින් සිටියේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එවිට ව්යාජ පුද්ගලයාගෙන් සත්යවාදියා ද මුසාවාදියාගෙන් සත්ය පවසන්නා ද හෙළිවනු ඇත

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَـٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ ﴿٩٣﴾

අල්ලාහ් අභිමත කළේ නම් සත්ය මත එකඟ වූ, එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය සත්යයෙන් ද සාධාරණ ලෙස ගිවිසුම් ඉටු කිරීමෙන් ද පෙරළා නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන්නේ නම් ඒ සඳහා ඔහුට භාග්ය පිරිනමා ආශිර්වාද කරන්නේය. මෙලොව නුඹලා කරමින් සිටි දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹලා ප්රශ්න කරනු ලබන්නෙහුය

وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿٩٤﴾

عظيم නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව රවටා දමන පරිදි වංචනික ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනු. නුඹලාගේ ආශාවන්ට අනුගත වෙමින් නුඹලා කැමති වේලාවක එය කඩ කිරීමටත් කැමති වේලාවක එය විනාශ කිරීමටත් තැත් නොකරනු. සැබැවින්ම නුඹලා එසේ කළේ නම් නුඹලා ඍජු මාර්ගයේ ස්ථාවරව සිටීමෙන් පසුව නුඹලාගේ පාද එයින් ලිස්සා යනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා නොමග ගිය බැවින් ද සෙසු අය ද නුඹලා ඉන් නොමඟ හැරිය බැවින් ද නුඹලා දඬුවම විඳවනු ඇත. නුඹලාට දඬුවම ගුණ කරමින් දෙනු ලැබේ

وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٩٥﴾

අල්ලාහ්ගේ ගිවිසුම කඩ කිරීමටත් එය ඉටු නොකර අතහැර දැමීමටත් නුඹලා අල්ප මිලකට එම ගිවිසුම හුවමාරු නොකරනු. නුඹලා ඒ ගැන දන්නෙහු නම් සැබැවින්ම එම ගිවිසුම කඩ කිරීම සඳහා නුඹලා ලබා ගන්නා අල්ප මිලට වඩා අල්ලාහ් අබියස ඇති උපකාරය ද මෙලොවෙහි ලැබෙන සම්පත් ද මතුලොවෙහි ඇති සදාතනික සැප පහසුකම් ද නුඹලාට උතුම් වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ ٱللَّهِ بَاقٍۢ ۗ وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٩٦﴾

අහෝ ජනයිනි! නුඹලා ළඟ ඇති ධනය වින්දනය හා සැප පහසුකම් අධික ව තිබුණ ද ඒවා අවසන් වී යන්නේය. අල්ලාහ් අබියස ඇති ප්රතිඵල සදා පවතින්නකි. ඉතිරි ව පවතින දෑට වඩා විනාශ වී යන දෑට නුඹලා වැදගත්කමක් දෙනුයේ කෙසේද? ගිවිසුම් මත ඉවසීමෙන් සිට එය කඩ නොකරන්නන්හට සැබැවින්ම අපි ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන්ගේ තිළිණ ඔවුන් අවනත වී ක්රියා කරමින් සිටි දෑට වඩා යහපත් වන්නේය. යහපතකට එවන් දස ගුණයක් තිළිණ අපි ඔවුනට පිරිනමන්නෙමු. එය ද හත්සීය ගුණය දක්වාත් ඊටත් වැඩියෙන් ද අධික ලෙස ගුණ කර දෙන්නෙමුෙ

مَنْ عَمِلَ صَـٰلِحًۭا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةًۭ طَيِّبَةًۭ ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٩٧﴾

يعملون පිරිමියෙකු හෝ වේවා ස්ත්රියක හෝ වේවා කවරෙකු ආගමික පිළිවෙතට අනුකූල ව යම් දැහැමි ක්රියාවක් සිදු කරන්නේ ද ඔහු අල්ලාහ්ව විශ්වාස කළ අයෙකි. සැබැවින්ම මෙලොව ජීවිතයේදී අපි ඔහුට අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තියෙන් පසුවන විශ්වාසය ගොඩ නැගුණු අවනත වීම සඳහා ආශිවාද කරනු ලැබූ යහපත් ජීවිතයක් ගත කරන්නට සලසා දෙමු. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා වඩාත් යහපත් තිළිණ අපි ඔවුනට මතුලොවෙහි පිරිනමන්නෙමු

فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَـٰنِ ٱلرَّجِيمِ ﴿٩٨﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹ අල් කුර්ආනය පාරායනය කරන්නට සිතුවේ නම් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ කුකුස්වලින් ආරක්ෂාව නුඹ අල්ලාහ් වෙතින් පතනු

إِنَّهُۥ لَيْسَ لَهُۥ سُلْطَـٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٩٩﴾

අල්ලාහ් විශ්වාස කොට තමන්ගේ සියලු කටයුතු ඔහු වෙත පමණක් භාර කරන්නන් මත ආධිපත්යය දරන්නට ෂෙයිතාන්ට කිසිදු බලයක් නැත

إِنَّمَا سُلْطَـٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوْنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشْرِكُونَ ﴿١٠٠﴾

සැබැවින්ම කුකුස් ඇති කරමින් ඔහු තම ආධිපත්යය දරනුයේ ඔහු ව මිතුරෙක් ලෙස ගෙන ඔහුගේ පෙළඹවීමට යටත් වූවන් මතය. ඔහුගේ පෙළඹවීම හේතුවෙන් ඔවුහු අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ආදේශකයින් වූහ

وَإِذَا بَدَّلْنَآ ءَايَةًۭ مَّكَانَ ءَايَةٍۢ ۙ وَٱللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مُفْتَرٍۭ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿١٠١﴾

අල් කුර්ආනයේ නීතිමය පාඨයක් තවත් පාඨයකින් අපි වෙනස් කළ විට, -යම් ප්රඥාවක් සඳහා එසේ අල් කුර්ආනයෙන් වෙනස් කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඉන් වෙනස් නොකරන දෑ පිළිබඳවත් ඔහු සර්වඥානීය.- "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් මත කරුණු මවා බොරු පවසන්නෙහිය" යැයි ඔවුහු පැවසුවෝය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සැබැවින්ම එම වෙනස් කිරීම, ගැඹුරු දේව ප්රඥාවක් නිසාවෙන් වන්නක් බව නොදනිති

قُلْ نَزَّلَهُۥ رُوحُ ٱلْقُدُسِ مِن رَّبِّكَ بِٱلْحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهُدًۭى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ ﴿١٠٢﴾

අහෝ දූතය! කිසිදු වරදක් නැති, කිසිදු වෙනස් කිරීමක් නැති, කිසිදු ව්යාකූලත්වයක් නැති, සත්යයෙන් යුත් අල් කුර්ආනය ශුද්ධවන්ත අල්ලාහ් අබියසින් පහළ කළේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාය. එය, ඉන් නව දෙයක් පහළ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරනු ලබන සෑම අවස්ථාවකම ඉන් සමහරක් වෙනස් කරනු ලබන සෑම අවස්ථාවකම අල්ලාහ් පිළිබඳ විශ්වාස කළවුන්ගේ විශ්වාසය එමගින් ස්ථීර කරනු පිණිසය. එමෙන්ම සත්ය වෙත ඔවුනට මඟ පෙන්වීම පිණිසය. තවද ගෞරවණීයىප්රතිඵල ලැබීම සම්බන්ධයෙන්ى මුස්ලිම්වරුන්ට ශුභාරංචි දන්වනු පිණිසය

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌۭ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّۭ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّۭ مُّبِينٌ ﴿١٠٣﴾

දෙවියන්ට ආදේශ කරන්නන්, "සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කළේ මිනිසෙකි." යැයි පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කරන වාදයෙහි ඔවුහු මුසාවාදීහුය. ඔවුන් එසේ සිතන පුද්ගලයාගේ භාෂාව අරාබි නොවන බව සැබැවින්ම ඔහු දනී. නමුත් මෙම අල් කුර්ආනය උසස් සාහිත්යමය ස්වරූපයෙන් පැහැදිලි අරාබි බසින් පහළ වී ඇත. එසේ නම්, මෙය ඔහු අරාබි නොවන කෙනෙකුගෙන් හදාරා ඇති බව ඔවුන් සිතනුයේ කෙසේද?

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ لَا يَهْدِيهِمُ ٱللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿١٠٤﴾

සැබැවින්ම මෙම පාඨ ශුද්ධවන්ත අල්ලාහ් වෙතින් වූ බවට විශ්වාස නොකරන්නන් වනාහි ඒ මතය මත ඔවුන් සිටින කල්තාක් යහමග සඳහා අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරන්නේ නැත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුගේ වදන් බොරු කරමින් සිටි හේතුවෙන්ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත

إِنَّمَا يَفْتَرِى ٱلْكَذِبَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰذِبُونَ ﴿١٠٥﴾

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද ඒ් සම්බන්ධයෙන් එතුමා බොරු පවසන්නෙකු නොවේ. සැබැවින්ම බොරු ගොතා පවසනුයේ අල්ලාහ්ගේ පාඨ සත්ය බව පිළි නොගන්නන්ය. ඊට හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවෙති. කුසල් බලාපොරොත්තු නොවෙති. දේව ප්රතික්ෂේපය සමඟ වර්ණනා කරනු ලැබු ඔවුන් මුසාවාදීන් ම ය. ඊට හේතුව සැබැවින්ම බොරුව ඔවුන් පුරුද්දක් බවට පත් කර ගත් සිරිතක් වූ බැවිණි

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَـٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَـٰنِ وَلَـٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًۭا فَعَلَيْهِمْ غَضَبٌۭ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿١٠٦﴾

දේව විශ්වාසයේ යථාර්ථය පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව තම හදවත දේව විශ්වාස මත තැන්පත් ව තිබියදී බලහත් කාර ලෙස තම දිවෙන් දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන මෙන් බලකරනු ලබන්නා හැර, දේව විශ්වාසයෙන් පසුව අල්ලාහ්ව ප්රතික්ෂේ කරන්නන් හට අල්ලාහ්ගේ කෝපය හා බරපතළ දඬුවම් ඇත. එසේ බලකිරීමෙන් පසු එම ප්රතික්ෂේපයෙන් හදවත පුළුල් වී දේව විශ්වාසය වෙනුවට එය තෝරා ගෙන එයට යටත්ව ප්රකාශ කර සිටින්නා ඉස්ලාමයෙන් ඉවත් වූ අයකු වන්නේය. එවැන්නන් හටද අල්ලාහ්ගේ කෝපය ඇති අතරම ඔවුනට බරපතල දඬුවමක් ද ඇත

ذَٰلِكَ بِأَنَّهُمُ ٱسْتَحَبُّوا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ ﴿١٠٧﴾

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය ප්රමාණවත් කොට සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොවෙහි ලබන සුන්බුන්වලට වැදගත්කමක් දීම ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වීමට හේතු විය. දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට දේව විශ්වාසය වෙත සැබැවින්ම අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් අවමානයට පත් කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ ﴿١٠٨﴾

දේව විශ්වාසයෙන් පසු ව එය අතහැර ගියවුන් බව වර්ණනා කරනු ලැබුවන් වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. එහෙයින් එම උපදෙස් ඔවුනට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ සවන් මත ද මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන සේ එමගින් ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුන්ගේ බැල්ම මත ද මුද්රා තැබීය. එහෙයින් දේව විශ්වාසය පෙන්වා දෙන සාධක ඔවුන් බලන්නේ නැත. භාග්යයේ හා අභාග්යයේ කරුණු පිළිබඳවත්, ඔවුනට සූදානම් කර ඇති දඬුවම පිළිබඳවත් අනවධානයෙන් පසුවූවෝ ඔවුහුමය

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿١٠٩﴾

සහතික වශයෙන්ම ඔවුන් දේව විශ්වාසය රඳවා ගත්තේ නම්, ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නට තිබුණු එම දේව විශ්වාසයේ රුඳී සිට, පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වනාහි සැබැවින්ම ඔවුහුමය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් වන්නේ

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا۟ مِنۢ بَعْدِ مَا فُتِنُوا۟ ثُمَّ جَـٰهَدُوا۟ وَصَبَرُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌۭ رَّحِيمٌۭ ﴿١١٠﴾

පසු ව අහෝ දූතය! දෙවියන්ට ආදේශ තැබූවන් ඔවුනට හිංසා පීඩා ගෙන දුන් පසු, එමෙන්ම ඔවුන්ගේ හදවත් දේව විශ්වාසයේ තිබියදී දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන්ගේ දහම තුළ ඔවුන් පරීක්ෂාවට පත් කිරීමෙන් පසු, මක්කාවෙන් නික්ම වී මදීනාවට හිජ්රත් කොට පසුව අල්ලාහ්ගේ ප්රකාශ උසස් වනු පිණිසත්, දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රකාශය පහත් කරනු පිණිසත්, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැඳුණු දුෂ්කරතා මත ඉවසීමෙන් දරා සිටි දුර්වල දේව විශ්වාසීන් හට සැබැවින්ම නුඹේ පරමාධිපති මහා කාරුණික හා අති ක්ෂමාශීලී විය. ඔවුන් පරීක්ෂාවට ලක් කළ පරීක්ෂාවන්ගෙන් හා දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන් දඬුවම් කරනු ලැබීමෙන් පසුව සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට අති ක්ෂාමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකයාණන් විය. ඊට හේතුව එසේ ඔවුන් දේව ප්රතික්ෂේපිත වදන පවසා සිටියේ බල කිරීමෙන් වූ බැවිණි

۞ يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍۢ تُجَـٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١١١﴾

නවාතැනෙහි බිහිසුණු කම හේතුවෙන් අනෙක් අය ගැන වාද නොකර තමන් ගැන පමණක් වාද කරමින් සෑම මිනිසෙකුම පැමිණෙන දිනය ගැන අහෝ දූතය! මෙනෙහි කර බලනු. සෑම කෙනෙකුම සිදු කළ යහපත හා අයහපත වෙනුවෙන් වූ ප්රතිඵල ඔවුනොවුනට පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකම්වල කිසිවක් අඩු කිරීමෙන් හෝ අයහකම්වල කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලබනු ඇත

وَضَرَبَ ٱللَّهُ مَثَلًۭا قَرْيَةًۭ كَانَتْ ءَامِنَةًۭ مُّطْمَئِنَّةًۭ يَأْتِيهَا رِزْقُهَا رَغَدًۭا مِّن كُلِّ مَكَانٍۢ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ﴿١١٢﴾

අල්ලාහ් උපමාවක් ලෙස මක්කා නගරය ගෙනහැර දක්වයි. එහි වැසියන් කිසිදු බියකින් තොර ව සුරක්ෂිතව ස්ථාවරව සිටියහ. ඒ අවට සිටින මිනිසුන් ඵල නෙළා ගත්තෝය. සෑම දෙසකින්ම ඉතා පහසුවෙන් නැවුම් පෝෂණ ඒ වෙත පැමිණෙන්නට විය. නමුත් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කොට ඔහුට ඔවුහු ගුණමකු වූහ. එබැවින් අල්ලාහ් ඔවුනට ප්රතිවිපාක වශයෙන් සාගින්න සහ බියෙන් හා විශ්මයෙන් ඔවුන්ගේ ශරීර මත දැඩි බාහිර බියක් ඇති කළේය. ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කරමින් හා බොරු කරමින් සිටි බැවින් ඒ දෙක ඔවුනට වස්ත්රයක් බඳු විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَقَدْ جَآءَهُمْ رَسُولٌۭ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَـٰلِمُونَ ﴿١١٣﴾

සැබැවින්ම මක්කා වාසීන් අතරට ඔහුගේ විශ්වාසය හා සත්යභාව ගැන හඳුනන ඔවුන්ගෙන්ම වූ දූතයකු පැමිණියේය. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. ඔහුගේ පරමාධිපති ඔහු වෙත පහළ කළ දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔහු ව බොරු කළෝය. එවිට අල්ලාහ්ගේ දඬුවම වශයෙන් සාගින්න හා බිය ඔවුනට පහළ විය. අල්ලාහ්ට ආදේශ කොට ඔහුගේ දූතයාණන් බොරු කරන අවස්ථාවේ විනාශයේ සාධක ඔවුන් වෙත ඔවුන් ළඟා කර ගනිමින් අපරාධකරුවන් වූහ

فَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَـٰلًۭا طَيِّبًۭا وَٱشْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ﴿١١٤﴾

අහෝ ගැත්තනි! අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනුමත වර්ග හා ආහාරයට සුදුසු දෑ අනුභව කරනු. නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකරමින් සිටින්නෙහු නම් නුඹලා වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනැමුවේද එවන් වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු වෙනුවෙන් පිළිගෙන ඔහු තෘප්තියට පත්වන දෑහි වියදම් කර ඒ සඳහා නුඹලා කෘතඥ වනු

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١١٥﴾

ر حيم කපනු ලැබිය යුතු දැයින් කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකරයාගේ සියලුම අවයව, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පිළිගන්වා කපනු ලැබූ දෑ ආහාර වශයෙන් ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. මෙසේ තහනම් කිරීම පනවා ඇත්තේ තෝරා ගැනීමේ නිදහස ඇති පසුබිමකය. ඉහත සඳහන් ආහාර ගැනීම සඳහා අත්යවශ්ය වාතාවරණයකට යමෙකු තල්ලු කරනු ලබන්නේ නම් ඔහු පැවැත්මෙන්ම තහනම් කරන ලද දෑ කිසිදු රුචියකින් තොර ව හා අවශ්ය ප්රමාණය ඉක්මවීමෙන් තොර ව එයින් අනුභව කළේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔහු අනුභව කළ වෙනුවෙන් ඔහු ඔහුට සමාව දෙයි. අත්යවශ්ය තත්ත්වයක එය ඔහු අනුමත කරන අවස්ථාවේ ඔහු ඔහුට මහා කාරුණික විය

وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَـٰذَا حَلَـٰلٌۭ وَهَـٰذَا حَرَامٌۭ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۚ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ ﴿١١٦﴾

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මත බොරු ගොතමින් තහනම් නොකරන ලද දෑ තහනම් කිරීමේ හා අනුමත නොකරන ලද දෑ අනුමත කිරීමේ අපේක්ෂාවෙන්, "මෙය අනුමතය. මෙය තහනම් ය" යැයි නුඹලාගේ දිවවල් අල්ලාහ් මත බොරු ගොතන දෑ ප්රකාශ නොකරනු. සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ජය නොලබති. බියවන දැයින් ආරක්ෂාවද නොලබති. متع قليل ولهمعذاب أليم

مَتَـٰعٌۭ قَلِيلٌۭ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿١١٧﴾

ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කිරීමෙන් මෙලොවෙහි ඔවුනට ඉතා අල්ප පහත් භුක්ති විඳීමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඇත

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ ۖ وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿١١٨﴾

(සූරා අල් අන්ආම්හි 146 වැනි පාඨයේ සඳහන් පරිදි) අපි නුඹට දන්වා සිටි දෑ යුදෙව්වන්හට විශේෂෙයන් තහනම් කළෙමු. එය තහනම් කිරීමෙන් අපි ඔවුනට අසාධාරණයක් නොකළෙමු. නමුත් ඔවුන් දඬුවමට හේතු වන වැරදි සිදු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කළ විට ඔවුන් ඔවුනටම අරපාධ කර ගත්තෝය. එවිට ඔවුන්ගේ ප්රචණ්ඩත්වය හේතුවෙන් ඔවුනට ප්රතිවිපාක පිරිනැමුවෙමු. ඔවුනට දඬුවමක් වශයෙන් ඒවා ඔවුනට තහනම් කළෙමු

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍۢ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌۭ رَّحِيمٌ ﴿١١٩﴾

අහෝ දූතය! දඬුවම ගැන නොදැන අයහපත් ක්රියාවන් සිදු කළවුනට ඔවුන් එය උවමනාවෙන් සිදු කොට අනතුරුව ඔවුන් කළ පාපකම්වලින් පසු අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද ඔවුන් කළ නපුරු ක්රියාවන් විධිමත් කර ගත්තේ නම්, එසේ පශ්චාත්තාපයෙන් පසු නුඹේ පරමාධිපති ඔවුන්ගේ පාපකම් සඳහා ක්ෂමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةًۭ قَانِتًۭا لِّلَّهِ حَنِيفًۭا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٢٠﴾

සැබැවින්ම ඉබ්රාහීම් (අලෙයහිස් සලාම්) සියලුම යහපත් කටයුතු එකතු කළ අයෙකු විය. ඔහුගේ පරමාධිපතිට ඔහු සදාකල් අවනත වන්නෙකු ලෙසත් සියලුම ආගම්වලින් බැහැර ව ඉස්ලාම් දහම වෙත නැඹුරු වූවෙකු ලෙසත් සිටියේය. කිසි විටෙක අල්ලාහ්ට ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය

شَاكِرًۭا لِّأَنْعُمِهِ ۚ ٱجْتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿١٢١﴾

එමෙන්ම අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාද සඳහා ඔහු කෘතවේදී අයකු විය. නබිත්වය සඳහා අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය. ඍජු ඉස්ලාම් දහම වෙත ඔහුට මග පෙන්වීය

وَءَاتَيْنَـٰهُ فِى ٱلدُّنْيَا حَسَنَةًۭ ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿١٢٢﴾

නබිත්වය, යහපත් පැසසුම් හා දැහැමි දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. උසස් ස්වර්ගයේ උසස් නිලතල අල්ලාහ් විසින් සූදානම් කර ඇති දැහැමියන් අතරින් කෙනෙකු විය

ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٢٣﴾

ඒකදේවත්වය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන් නිදොස් වීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඔහුගේ ආගමික නීති පිළිපැදීම, සියලු ආගම්වලින් දුරස්ව ඉස්ලාම් දහම වෙත නැඹුරුවීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඉබ්රාහීම් තුමාගේ පිළිවෙත පිළිපදින මෙන්, අහෝ දූතය! අපි නුඹට දේව පණිවිඩ පහළ කළෙමු. දෙවියන්ට ආදේශ තැබූවන් තරයේ විශ්වාස කරන පරිදි කිසිවිටෙක ඔහු ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය. ඔහු අල්ලාහ් ව ඒකීයත්වයට පත් කරන්නෙකු විය

إِنَّمَا جُعِلَ ٱلسَّبْتُ عَلَى ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿١٢٤﴾

යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ ۖ وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿١٢٥﴾

අහෝ දූතය! ඇරයුම් කරන්නාට අවශ්ය වන පසුතලයන් ඔහුගේ අවබෝධය හා පාලනය යනාදිය මගින් ද උනන්දු කරවීමේ හා බිය ගැන්වීමේ කරුණු අඩංගු උපදෙස් මගින් ද ඔබ හා ඔබ ව අනුගමනය කළ විශ්වාසීන් ඉස්ලාම් දහම වෙත ජනයා ඇරයුම් කරනු. බුද්ධියෙන්, ඥානයෙන් හා ප්රකාශයෙන් වඩාත් යහපත් මාර්ග උපයෝගි කර ගනිමින් ඔවුන් සමග තර්ක කරනු. මිනිසුන්ට යහමඟ යොමු කිරීමේ වගකීම නුඹ මත නැත. නුඹ මත පැවරී ඇත්තේ ඔවුනට ප්රචාරය කිරීම පමණි. අල්ලාහ්ගේ දහමින් නොමග ගියවුන් පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. යහමග ගියවුන් පිළිබඳවත් මැනවින් දන්නාය. එහෙයින් නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවනු

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌۭ لِّلصَّـٰبِرِينَ ﴿١٢٦﴾

නුඹලා නුඹලාගේ සතුරෙකුට දඬුවම් දීමට අපේක්ෂා කළේ නම් නුඹලාට ඔහු සිදු කළ දෑ හා සමාන දඬුවමක් මිස කිසිදු වැඩි කිරීමකින් තොර ව ඔහුට දඬුවම් දෙනු. ඔහුට නුඹලා දඬුවම් දීමට හැකියාව තිබිය දී එසේ යුක්තිය පතා ඔවුනට දඬුවම් දීමට වඩා ඒ ගැන ඉවසා දරා ගත්තෙහු නම්, සැබැවින්ම එය ඉවසිලි වන්තයින් හට වඩාත් යහපත්ය

وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍۢ مِّمَّا يَمْكُرُونَ ﴿١٢٧﴾

අහෝ දූතය! නුඹට අත්වන ඔවුන්ගේ හිරිහැර හා පීඩාවන් මත නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කිරීමෙන්ම මිස ඉවසීම සඳහා නුඹට වෙනත් ආශිර්වාද කිරීමක් නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නුඹ ව හෙළා දැකීම හේතුවෙන් නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට සැළසුම් හේතුවෙන් නුඹගේ හදවත පීඩනයට පත්කර නොගනු

إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّٱلَّذِينَ هُم مُّحْسِنُونَ ﴿١٢٨﴾

පාපකම් අතහැර ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමග අල්ලාහ් සිටියි. අවනත වෙමින් හා ඔවුනට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිමින් දැහැමි ලෙස කටයුතු කළවුන් ඔවුහුමය. උදව් උපකාරය හා ස්ථාවර කිරීමේ දී ඔහු ඔවුන් සමගය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · An-Nahl — النحل

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා