سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًۭا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿١﴾
අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් දැරිය නොහැකි දෑ මත ඉමහත් බලයක් ඔහු සතුව ඇති බැවින් අල්ලාහ් පිවිතුරුය, අති උත්කෘෂ්ඨය. අල්ලාහ් තම බලය පෙන්වා දෙන ඇතැම් ප්රාතිහාර්යයන් පෙන්වීම සඳහා හරම් දේවස්ථානයේ සිට නබිවරුන්ගේ වාසස්ථාන වන බවභෝග හා පළ වගාවන්ගෙන් අප සමෘද්ධිමත් කළ බයිත් අල් මක්දිස් දේවස්ථානය වෙත අවදිව, සුපරික්ෂාකාරීව, ශරීරික හා සජීවීව ඔහුගේ ගැත්තා වන මුහම්මද් ව රැගෙන ගියේය. සැබැවින්ම ඔහු සර්වශ්රාවකය. ශ්රවණයට වැකෙන කිසි දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. බැල්මට හසුවන කිසිදු දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත
وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَجَعَلْنَـٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًۭا ﴿٢﴾
තවද අපි මූසා (අලෙයිහිස් සලාම්) තුමාට තව්රාතය පිරිනැමුවෙමු. එමෙන්ම අපි එය ඉස්රාඊල් දරුවන්ට යහමග පෙන්වන්නක් හා මග පෙන්වීමක් බවට පත් කළෙමු. අපි ඉස්රාඊල් දරුවන්ට: "නුඹලා මා හැර දමා නුඹලාගේ කටයුතු නුඹලා යොමු කරන වෙනත් කිසිවෙකු භාරකරුවකු වශයෙන් නොගනු. මා කෙරෙහි පමණක් සියල්ල භාරකරනු." යැයි පැවසුවෙමු
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًۭا شَكُورًۭا ﴿٣﴾
මහා ජලගැල්මෙහි ගිලීමෙන් නූහ් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග සිටියවුන් මුදවා, ඔවුනට අප ආශිර්වාද කළ පරම්පරාවෙන් නුඹලා පැවත එන්නන්ය. එහෙයින් එම ආශිර්වාදය මෙනෙහි කර බලනු. අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින්, ඔහුට පමණක් යටත් වෙමින්, ඔහුට කෘතගුණ සලකනු. එහිදී නුහ් තුමාව නුඹලා පිළිපදිනු. සැබැවින්ම එතුමා අල්ලාහ්ට වඩාත්و කෘතගුණ සලකන්නෙකු වූහ
وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَـٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّۭا كَبِيرًۭا ﴿٤﴾
සැබැවින්ම උඩඟුකම හා පාපක්රියා හේතුවෙන් මහපොළොවෙහි ඉස්රාඊල් දරුවන් අතර කලහකාරී තත්ත්වයන් දෙවතාවක් ඇති වන බවත්, ඔවුහු ජනයා අතර අපරාධ හා අසාධාරණකම් කොට ඔවුන් මත උදම් පෑමෙන් ඉක්මවා යමින් උසස් වන බවත් තව්රාතයේ අපි ඔවුනට තොරතුරු දන්වා දැනුම්වත් කළෙමු
فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًۭا لَّنَآ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ فَجَاسُوا۟ خِلَـٰلَ ٱلدِّيَارِ ۚ وَكَانَ وَعْدًۭا مَّفْعُولًۭا ﴿٥﴾
පළමු කලහකාරී තත්ත්වය ඔවුන් අතර හට ගැනුනු විට දැඩි ලෙස ග්රහණය කරන බලවත් පිරිසක් අපි ඔවුන් මත ආධිපත්යය දරන්නට සැලැස්වූයෙමු. ඔවුහු ඔවුන් ඝාතනය කළෝය. ඔවුන් අවතැන් කළෝය. ඔවුන් කවර කරුණක් මත යමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අර්බුධයට පත්ව ඔවුන්ගේ නිවෙස් අතරම ඇවිදිමින් සිටියෝය
ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَـٰكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَجَعَلْنَـٰكُمْ أَكْثَرَ نَفِيرًا ﴿٦﴾
පසුව, අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා අල්ලාහ් වෙත පාපක්ෂමාව ඇයැද ඔහු වෙත යොමු වූ විට නුඹලා මත ආධිපත්ය දැරුවන්ට එරෙහි ව ජය හා රාජ්ය බලයත් අපි නුඹලාට නැවත ලබා දුනිමු. ධන සම්පත්, කොල්ල කෑමට භාජනය වූ සම්පත් හා දරුවන් වහල්භාවයට පත් වූ පසු දරුවන් ද අපි අධිකව ලබා දුනිමු. නුඹලාගේ සතුරන්ට වඩා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වැඩි ජනකායක් ලෙස අපි නුඹලාව පත් කළෙමු
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ لِيَسُـۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍۢ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا ﴿٧﴾
دخلوهأول مر ة وليتبرواما علوا تتبيرا අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ ක්රියාවන් නුඹලා යහපත් ලෙස ඉටු කර, අපේක්ෂා කරන අයුරින් ඒවා ගෙන එන්නේ නම් ඒ සඳහා වූ ප්රතිඵල නුඹලා වෙත නැවත එනු ඇත. නුඹලාගේ ක්රියාවන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. නුඹලාගේ ක්රියාවන් නරක අයුරින් සිදු කළේ නම් එහි විපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ දැහැමි ක්රියාවන් ඔහුට සෙත නොසලසන අතර නපුරු ක්රියාවන් ඔහු ට හානිය අත් කර දෙන්නේ ද නැත. දෙවන කලහකාරී තත්ත්වය හට ගැනුනු විට නුඹලාව අවමානයට පත් කරනු පිණිස නුඹලාගේ සතුරන් නුඹලා මත ආධිපත්යය දරන්නට සලස්වන්නෙමු. නුඹලාට විවිධ ආකාරයේ අවමානයන්ගෙන් විඳවන්නට සලසන්වනු පිණිස ඔවුහු නුඹලා ඉදිරියේ හෙළිපිටම එම නපුරුකම් සිදු කරනු ඇත. බයිතුල් මක්දිසයට පිවිසෙනු ඇත. ඔවුහු එහි පිවිසුණාක් මෙන්ම ඔවුහු එය විනාශ කරනු ඇත. පළමු වතාවේත් ඔවුහු එය විනාශ කළෝය. එමෙන්ම ඔවුන් කවර දේශයක් අත්පත් කර ගන්නේ ද එය මුළුමණින්ම විනාශ කරනු ඇත
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَـٰفِرِينَ حَصِيرًا ﴿٨﴾
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා පාපක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත යොමු වී, නුඹලාගේ ක්රියාවන් ද යහපත් කර ගත්තේ නම් එම බිහිසුණු ප්රතිචාරයෙන් පසු ව අල්ලාහ් නුඹලාට කරුණාව පුදන්නට පුළුවන. තුන්වන වරට හෝ තවත් අධික වාර ගණනාවක් නුඹලා එසේ කලහාකරී ලෙස නැවත හැසිරෙන්නේ නම් නැවතත් අපි එසේ බිහිසුණු ලෙස නුඹලාට ප්රතිචාර දක්වන්නෙමු. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුනට නිරය ඇතිරිල්ලක් හා යහනක් බවට පත් කරන්නෙමු. ඔවුනට එයින් මිදී යා නොහැක
إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّـٰلِحَـٰتِ أَنَّ لَهُمْ أَجْرًۭا كَبِيرًۭا ﴿٩﴾
නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය වඩාත් නිවැරදි මග පෙන්වා දෙයි. එය ඉස්ලාමයේ මගයි. තවද අල්ලාහ්ව විශ්වාස කරන දැහැමි ක්රියාවන් සිදු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ එය ඔවුනට දන්වා සිටියි. එය සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් තිළිණයක් ඇති බවට වූ ශුභාරංචියයි
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا ﴿١٠﴾
එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන්නන් හට ඔවුනට අත්වන නපුරු විපාකය පිළිබඳවත් දන්වා සිටියි. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අපි ඔවුනට වේදනීය දඬුවමක් සූදානම් කර ඇති බවට වූ අසුභ ආරංචියයි
وَيَدْعُ ٱلْإِنسَـٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ ۖ وَكَانَ ٱلْإِنسَـٰنُ عَجُولًۭا ﴿١١﴾
මිනිසා යහපත සඳහා තමන් වෙනුවෙන් ප්රාර්ථනා කරන්නාක් මෙන්ම කෝපයට පත් වූ අවස්ථාවේ තමන්ටත් තම දරුවන්ටත් තම දේපළටත් එරෙහි ව අහිතක් වේවා යැයි ශාප කර ගනියි. ඔහුගේ නපුරු ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නේ නම්, ඔහු විනාශ වී යනු ඇත. ඔහුගේ සම්පත් ද, ඔහුගේ දරුවන් ද විනාශ වී යනු ඇත. මිනිසා ඉක්මන් සුළුභාවයෙන් වෙළී සිටියි. තමන්ට හානි දායක දෑ ඉක්මණින් පතනුයේ එබැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ ۖ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةًۭ لِّتَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ وَكُلَّ شَىْءٍۢ فَصَّلْنَـٰهُ تَفْصِيلًۭا ﴿١٢﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය විදහා පාන සංඛේත දෙකක් ලෙස රාත්රිය හා දහවල අපි මවා ඇත්තෙමු. එය ඒ දෙකෙහි ඇති දිගු භාවය, කෙටි භාවය, උෂ්ණත්වය හා සීතල වැනි වෙනස්කම් හේතුවෙනි. විවේකය හා නින්ද සඳහා අපි රාත්රිය අඳුරු බවට පත් කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාට නියම කළ ඔහුගේ පෝෂණ සම්පත් නුඹලා සොයනු පිණිස අපි දහවල ආලෝකය ගෙන දෙන්නක් බවට පත් කළෙමු. ඒවා එකිනෙක පසුපස හඹා යෑමෙන් නුඹලා වර්ෂ ගණනය ද මාස, දින හා හෝරාවන් යනාදී ලෙසින් කාල ගණනයට අවැසි වන කාල වේලාවන් ද නුඹලා දැනගනු පිණිසත්ය. තවද කරුණු වෙන්කර ගත හැකිවනු පිණිස අපි සියලු දෑ විස්තරාත්මකව පැහැදිලි කර ඇත්තෙමු. එහෙයින් අසත්යවාදියා කවුරුන් ද යන්න සත්යවාදියාට පැහැදිලි වනු ඇත
وَكُلَّ إِنسَـٰنٍ أَلْزَمْنَـٰهُ طَـٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ ۖ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ كِتَـٰبًۭا يَلْقَىٰهُ مَنشُورًا ﴿١٣﴾
සෑම මිනිසෙකුටම, ඔහුගෙන් සිදු වන ක්රියාවන් ඔහුට ආවේණික කර ඔහුගේ ගෙලෙහි මාලයක් ලෙස ඒවා අමුණා තබන්නෙමු. ඒ ගැන ඔහුගෙන් විභාග කරන තෙක් එය ඔහුගෙන් වෙන් නොවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හොඳ හා නරක සියලු කරුණු සඳහන් ලේඛනයක් ඔහු ඉදිරියේ ඔහු දකින සේ විවෘත ව තබන්නෙමු
ٱقْرَأْ كِتَـٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًۭا ﴿١٤﴾
එදින ඔහුට, "අහෝ මිනිස! නුඹේ වාර්තාව නුඹ කියවනු. නුඹේ ක්රියාවන් සඳහා නුඹ ගැන විනිශ්චය නුඹම භාරගනු. එසේ නුඹ ගැන ප්රශ්න කර සිටීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹට ප්රමාණවත් වනු ඇත” යැයි අපි පවසමු
مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًۭا ﴿١٥﴾
نبعث رسولا කවරෙකු දේව විශ්වාසය වෙත මග ලබන්නේ ද ඔහුගේ යහමග වෙනුවෙන් වූ තිළිණ ඔහු සතු වන්නේය. කවරෙකු නොමග ගියේ ද නොමග යෑමේ දඬුවම ඔහුට එරෙහිව පිහිටන්නේය. වෙනත් කෙනෙකුගේ පාපය තවත් කෙනෙකු උසුලන්නේ නැත. යම් සමාජයක් වේවා ඔවුන් වෙත දූතවරුන් එවා සාක්ෂි සාධක අප ඔවුනට ඉදිරිපත් කරන තෙක් කිසිදු සමාජයකට දඬුවම් කරන්නන් ලෙස අපි නොසිටියෙමු
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَـٰهَا تَدْمِيرًۭا ﴿١٦﴾
යම් සමාජයක අපරාධකම් හේතුවෙන් ඔවුන් විනාශ කරන්නට අප සිතූ විට ඔවුන් අතර සැපවත් ජීවිතයක් ගත කරන්නන්හට අවනත වන මෙන් අපි නියෝග කළෙමු. නමුත් ඔවුන් එය පිළි නොපැද එයට පිටුපෑවෝය. අවනත වීමෙන් බැහැර වූවෝය. විනාශකාරී දඬුවමේ ප්රකාශය ඔවුනට නියම විය. ඒ අනුව අපි ඔවුන් මුලුමණින්ම විනාශ කළෙමු
وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍۢ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ﴿١٧﴾
නූහ්ගෙන් පසු ව අප විනාශ කළ ආද් සමූද් වැනි බොරුකාර සමූහන් කොපමණක් වී ද? අහෝ දූතය! නුඹේ පරමාධිපති තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳ හොදින් දන්නාය. නිරීක්ෂා කරන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًۭا مَّدْحُورًۭا ﴿١٨﴾
කවරෙකු මතුලොව පිළිබඳ විශ්වාස නොකර ඒ ගැන සැලකිලිමත් නොවී මෙලොව ජීවිතයේ යහ ක්රියාවන් කිරීමට අපේක්ෂා කරන්නේ ද ඔහුට ඔහු අභිමත කරන සැප සම්පත් නොව අප අභිමත කරන දෑ එසේ අපි සිදු කිරීමට අපේක්ෂා කළ තැනැත්තන්හට අපි ඉක්මන් කර දෙන්නෙමු. පසුව අපි ඔහු වෙනුවෙන් නිරය සූදානම් කර ඇත්තෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි පිවිස එහි උෂ්ණය ඔහු විඳිනු ඇත. එය ඔහු මෙලොව තෝරාගෙන මතුලොව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් අවමානයට පත් කිරීමක් හා අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නක් ලෙසිනි
وَمَنْ أَرَادَ ٱلْـَٔاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَـٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًۭا ﴿١٩﴾
කවරෙකු විශ්වාස කරන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් තුළින් මතුලොව තිළිණ අපේක්ෂා කර මුහුණිච්චාවෙන් හෝ කීර්තිය බලාපොරොත්තුවෙන් තොර ව එහි කැපවී කටයුතු කරන්නේ ද, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන්ගේ කැපවීම අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් වන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. ل
كُلًّۭا نُّمِدُّ هَـٰٓؤُلَآءِ وَهَـٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا ﴿٢٠﴾
දැහැමි හා දුෂ්ට යන පාර්ශව දෙකින් සෑම පාර්ශවයකටම කිසිදු විසන්ධි කිරීමකින් තොර ව නුඹේ පරමාධිපතිගේ දායාදයෙන් අපි අධික ලෙස පිරිනමන්නෙමු. ඔහු දැහැමියෙකු වුව ද දුෂ්ටයෙකු වුවු ද මෙලොවෙහි නුඹේ පරමාධිපති විසින් පිරිනමන දායා ද වළක්වන කිසිවෙකු නැත
ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ وَلَلْـَٔاخِرَةُ أَكْبَرُ دَرَجَـٰتٍۢ وَأَكْبَرُ تَفْضِيلًۭا ﴿٢١﴾
මෙලොව පෝෂණ සම්පත් හා තාරාතිරම් අතර ඇතැමෙකුට වඩා ඇතැමෙක් අපි උසස් කර ඇත්තේ කෙසේ දැයි අහෝ දූතය! සිතා බලනු. මෙලොව ජීවිතයේ විවිධ තරාතිරමින් පවතින, සැප පහසුකම් අතර මතුලොවෙහි ඇති දෑ වඩාත් වෙනස්ය, විවිධාකාරය. වඩාත් උසස් ය. දේව විශ්වාස කරන්නා ඒ ගැන ආශා කරත්වා
لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًۭا مَّخْذُولًۭا ﴿٢٢﴾
අහෝ ගැත්තනි! නුඹලා නැමදුම් කිරීම සඳහා අල්ලාහ් සමග වෙනත් දෑ පත් නොකරනු. එවිට අල්ලාහ් අබියසත්, ඔහුගේ දැහැමි ගැත්තන් අබියසත් නුඹ අපහාසයට ලක් වනු ඇත. කිසිවකු නුඹට ප්රශංසා නොකරනු ඇත. නුඹ අවමානටය පත් වනු ඇත. කිසිවකු නුඹට උදව් නොකරනු ඇත
۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَـٰنًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّۢ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًۭا كَرِيمًۭا ﴿٢٣﴾
අහෝ ගැත්තනි! ඔහු හැර වෙනත් කිසිවකු නැමදුම් නොලැබිය යුතු යැයි නුඹේ පරමාධිපති නියෝග කළේය. අනිවාර්යය කළේය. දෙමාපියන්ට විශේෂයෙන් ඔවුන් වැඩිහිටි භාවයට පත් වූ විට ඇප උපස්ථාන කරන මෙන් ඔහු නියෝග කළේය. ඔබ ළඟ දෙමාපියන්ගෙන් කෙනෙකු වැඩිහිටිභාවයට පත් වූයේ නම් හෝ ඔවුන් දෙදෙනාම එම තත්ත්වයට ළඟා වූයේ නම් හෝ පිළිකුල දන්වන පරිදි "චී" යන වචනයෙන් (පවා) හෝ ඔවුන් දෙදෙනා අපහසුතාවට පත් නොකරනු. ඔවුන් දෙදෙනා පළවා නොහරිනු. කතාවෙහි ඔවුන් දෙදෙනා ඉක්මවින් දරුණු ලෙස කතා නොකරනු. ඉතා සියුම් හා මෘදු ගෞරවණීය වචනයෙන් ඔවුන් දෙදෙනාට නුඹ ආමන්ත්රණය කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًۭا ﴿٢٤﴾
ඔවුන් දෙදෙනාට කරුණාවෙන් හා පහත් බවින් කීකරු වන්න. තවද "මාගේ පරමාධිපතියාණනි! මාගේ කුඩා අවදියේ ඔවුන් දෙදෙනා මා හදාවඩා ගත්තා සේ ඔවුන් දෙදෙනාට නුඹ කරුණා කරනු මැනව!" යැයි ප්රාර්ථනා කරනු
رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْ ۚ إِن تَكُونُوا۟ صَـٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٰبِينَ غَفُورًۭا ﴿٢٥﴾
අහෝ ජනයිනි! නැමදුම්, යහකම් හා දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම යනාදියෙහි නුඹලා සඟවාගෙන සිටින අවංකභාවය පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ නැමදුම්වල හා නුඹලාගේ දෙමාපියන් සමග මෙන්ම වෙනත් අය සමග කරන ගනුදෙනුවල දී නුඹලාගේ චේතනාව යහපත් වී නම්, සැබැවින්ම ශුද්ධවන්තයාණෝ පාපක්ෂමාව පතමින් ඔහු වෙත අපේක්ෂා තබන්නන්හට අතික්ෂමාශීලීය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමෙහි හා ඔහුගේ දෙමව්පියන්ට කීකරු වීමෙහි ඔහු විසින් සිදු වූ අඩුපාඩු වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත
وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا ﴿٢٦﴾
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සමීප ඥාතියාහට ඔහුගේ ඥාතී සම්බන්ධතාවයේ උරුමය පිරිනමනු. අවශ්යතා ඇති දිළිඳාහටද පිරිනමනු. අතරමං වූ අයහටද පිරිනමනු. පාපකාරී කටයුතුවල මෙන්ම නාස්ති කාරී අයුරින් ඔබේ ධනය වියදම් නොකරනු
إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓا۟ إِخْوَٰنَ ٱلشَّيَـٰطِينِ ۖ وَكَانَ ٱلشَّيْطَـٰنُ لِرَبِّهِۦ كَفُورًۭا ﴿٢٧﴾
සැබැවින්ම තම ධනය පාපකාරී කටයුතුවල වියදම් කරන්නන් හා වියදමෙහි නාස්ති කරන්නන් වනාහි, ඔවුහු ෂෙයිතානුනන්ගේ - නපුරු බලවේගනයන්ගේ - සහෝදරයෝ වෙති. ඔවුන් කවර දෙයක් නාස්ති කරන්නටත්, අපතේ යවන්නටත් ඔවුනට නියෝග කරන්නේ ද ඒ සම්බන්ධයෙන් ඔවුහු ඔවුනට අවනත වෙති. ෂෙයිතාන් තම පරමාධිපතිට ගුණමකු විය. පාපය ඇති දෑ මිස වෙනත් කිසිවක් ඔහු සිදු නොකරයි. දෙවියන්ට කෝපය ඇතිවන දෑ මිස වෙනත් කිසිවක් නියෝග නොකරයි
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍۢ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًۭا مَّيْسُورًۭا ﴿٢٨﴾
නුඹට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට, ඔවුනට පිරිනැමිය යුතු දෑ නුඹට නොලැබීම හේතුවෙන් එසේ ඔවුනට පිරිනැමීමෙන් නුඹ වැළකෙන්නේ නම්, පෝෂණ සම්පත් වල අභිවෘද්ධිය සඳහා ඔවුන් වෙනුවෙන් නුඹ ප්රාර්ථනා කරන බවට පවසමින් අල්ලාහ් නුඹට ධන සම්පත් ලබා දුන් විටෙක නුඹ ඔවුනට එයින් පිරිනමන බව ප්රතිඥා දෙමින් මෘදු සැහැල්ලු වදනින් ඔවුන් සමග කතා කරනු
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًۭا مَّحْسُورًا ﴿٢٩﴾
වියදම් කිරීමෙන් නුඹේ දෑත වළක්වා නොගනු. වියදමෙහි නුඹ නාස්ති නොකරනු. වියදම් කිරීමෙන් නුඹ නුඹේ දෑත් වළක්වා ගත්තෙහි නම් නුඹේ මසුරුකම ගැන ජනයා නුඹට දොස් පවරන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එමෙන්ම නුඹේ නාස්ති නිසාවෙන් අවශ්ය දෑ සඳහා වියදම් කිරීමෙන් තහනම් කරනු ලබන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එවිට නුඹට විදයම් කරන දැයක් නොලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ﴿٣٠﴾
සැබැවින්ම නුඹේ පරමාධිපති මහා ප්රඥාවක් හේතුවෙන් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තමන් අභිමත කරන අයට ඒවා සීමා කරයි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන් පිළිබඳ මැනවින් දන්නාය, සර්ව නිරීක්ෂකය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ කටයුතු ඔවුන් අතර ක්රියාත්මක කරයි
وَلَا تَقْتُلُوٓا۟ أَوْلَـٰدَكُمْ خَشْيَةَ إِمْلَـٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْـًۭٔا كَبِيرًۭا ﴿٣١﴾
නුඹේ දරුවන් වෙනුවෙන් ආනාගතයේ දී වියදම් කිරීමට සිදු වන විට දිළිඳුකම ඇතිවෙිවි යන බියෙන්, නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන් පෝෂණනය කිරීමේ වගකීම අපි භාරගන්නෙමු. නුඹලා පෝෂණය කිරීමේ වගකීම භාර ගෙන ඇත්තේ ද අපමය. නුඹලා ඔවුන් මරා දමන්නෙහු නම් එය මහත් පාපයක් වන්නේය. එවිට ඔවුනට (දරුවන්ට) කිසිදු පවත් අත්වන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ මරණය අනිවාර්යය කළ හේතුව ද ඔවුනට අදාළ වන්නේ නැත
وَلَا تَقْرَبُوا۟ ٱلزِّنَىٰٓ ۖ إِنَّهُۥ كَانَ فَـٰحِشَةًۭ وَسَآءَ سَبِيلًۭا ﴿٣٢﴾
අනාචාරයෙන් ප්රවේසම් වනු. ඒ සඳහා උනන්දු කරන දැයින් ද වැළකෙනු. සැබැවින්ම එය අශීලාචාරයේ තහනම් කරනු ලැබූවකි. පෙළපත සම්මිශ්රණය වීම හා අල්ලාහ්ගේ දඬුවම ලබා දෙන්නක් වන බැවින් එය මාර්ගයෙන් ඉතා නරක විය
وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًۭا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَـٰنًۭا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ ۖ إِنَّهُۥ كَانَ مَنصُورًۭا ﴿٣٣﴾
إنه كان منصورا ආගම් ද්රෝහියෙකු වීම හෝ විවාහ වීමෙන් පසු අනාචාරයේ යෙදීම හෝ මරණීය දඬුවම යනාදී හේතුවක් මත මිස දේව විශ්වාසය හෝ පැවරුමක් හේතුවෙන් අල්ලාහ් ආරක්ෂා කළ ආත්මයක් නුඹලා ඝාතනය නොකරනු. මරණ දඬුවම ක්රියාත්මක කිරීම සඳහා අනුමත වූ හේතුවකින් අසාධාරණ ලෙස කවරෙකු ඝාතනය කරනු ලබන්නේ නම් ඔහුගෙන් පසු ඔහුගේ කටයුතු සඳහා උරුමකම් කියන්නන්හට ඝාතකයා සම්බන්ධයෙන් ආධිපත්ය දරන්නට ඉඩ සලසා දුනිමු. ඒ අනුව සම ප්රතිචාරයක් (පළිගැනීමක් වශයෙන්) වශයෙන් ඔහුව ඝාතනය කරන මෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඔහුට ඇත. කිසිදු වන්දියකින් තොර ව සමාව දීමේ අයිතිය ද ඔහුට ඇත. එමෙන්ම සමාව දී වන්දි ලබා ගැනීමේ අයිතිය ද ඔහුට ඇත. ඝාතකයා ලෙස ක්රියා කිරීම හෝ ඝාතන කිරීමේ හේතුව මත නොව වෙනත් හේතුවක් මත ඝාතනය කිරීම හෝ ඝාතකයා හැර වෙනත් කෙනෙකු ඝාතනය කිරීම වැනි ව්යාජ කරුණු මුල් කර ගනිමින් අල්ලාහ් අනුමත කළ සීමාවන් ඉක්මවා කටයුතු නොකළ යුතුයි
وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۚ وَأَوْفُوا۟ بِٱلْعَهْدِ ۖ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْـُٔولًۭا ﴿٣٤﴾
පියාණන් මිය ගිය දරුවන්ගේ ධනය, ඔවුනට පූර්ණ බුද්ධිය හා මඟපෙන්වීම ලබන තෙක් ඔවුනට වඩා ප්රයෝනජවත් වන පරිදි එය වර්ධනය කිරීම හා එය ආරක්ෂා කිරීම සඳහා මිස, නුඹලා ඒවා පරිහරනය නොකරනු. නුඹලා අතර හා අල්ලාහ් අතර පවතින ගිවිසුම් හා නුඹලා අතර හා ඔහුගේ ගැත්තන් අතර පවතින ගිවිසුම් කිසිදු උල්ලංඝණය කිරීමකින් තොර ව, අඩුපාඩු සිදු කිරීමකින් තොර ව නුඹලා පූර්ණ ව ඉටු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුන් ගිවිසුම පිළිබඳ සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත. ඔහු එය ඉටු කර ඇත්නම් ඔහුට තිළිණ පිරිනමයි. ඔහු එය ඉටු කර නොමැති නම් ඔහුට දඬුවම් කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَأَوْفُوا۟ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًۭا ﴿٣٥﴾
නුඹලා වෙනත් අයට කිරා දෙන විට කිරුම පූර්ණවත් කරනු. එහි අඩුවක් නොකරනු. කිසිදු අඩුවක් නොකර මිම්මට මණිනු. එහිද වංචා නොකරනු. කිරුම් හා මිණුම් එසේ පූර්ණව ඉටු කිරීම මෙලොවටත් මතුලොවටත් නුඹලාට යහපත් වන්නේය. එමෙන්ම කිරුම් මිණුම්වල අඩු පාඩු කරමින් වංචා කරන්නන්ගේ අවසානයට වඩා එය වඩාත් යහපත්ය
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۚ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَـٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًۭا ﴿٣٦﴾
අහෝ ආදම්ගේ දරුව! නුඹ නොදන්නා දෑ අනුගමනය නොකරනු. එසේ අනුගමනය කරන්නේ නම් නුඹ අනුමානයන් හා සැකයන් අනුගමනය කරනු ඇත. තම ශ්රවණය, බැල්ම හා හදවත කවර යහපතක් සඳහා හෝ අයහපතක් සඳහා භාවිත වන්නේ ද ඒ ගැන සැබැවින්ම මිනිසා ප්රශ්න කරනු ලැබ යහපත සඳහා තිළිණ පිරිනමනු ලබන අතර අයහපත සඳහා දඬුවම් දෙනු ලබනු ඇත
وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولًۭا ﴿٣٧﴾
උඩඟුවෙන් හා උද්දච්චකමින් මහපොළොවේ ගමන් නොකරනු. නුඹ එහි අහංකාරයෙන් ගමන් කරන්නේ නම් නුඹ එසේ ගමන් කිරීමෙන් මහපොළොව හාරා තරණය කළ නොහැක. ඔබේ මට්ටම දිගෙන් හා උසින් කඳුකරය ළඟා කර ඇති මට්ටමට ළඟා කළ ද නොහැක්කේමය. එසේ නම් ඇයි මේ අහංකාරය? كل ذلك كان سيئه عندربك مكروها
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًۭا ﴿٣٨﴾
පෙර සඳහන් කළ සියල්ල නුඹේ පරමාධිපති අබියස තහනම් කරන ලද අයහපත් කරුණු විය. එම අපරාධ ගැන අල්ලාහ් තෘප්තිමත් වන්නේ නැත. ඔහු ඒ ගැන කෝප වනු ඇත
ذَٰلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًۭا مَّدْحُورًا ﴿٣٩﴾
මේවා නුඹේ පරමාධිපති නුඹට දන්වා සිටි ප්රඥාවෙන් යුත් නියෝග, තහනම් නියෝග හා නීති රීති වෙති. අහෝ මිනිස! අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු නොගනු. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹ නුඹටම දොස් නගමින් නිරයට හෙළනු ලබනු ඇත. මිනිසුන් ද නුඹට දොස් නගනු ඇත. සියලු යහපත් දැයින් ද නෙරපා හරිනු ලබනු ඇත
أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَـٰٓئِكَةِ إِنَـٰثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًۭا ﴿٤٠﴾
සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් බව වාද කරන්නනි! අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් විශේෂකොට දී ඔහු වෙනුවෙන් ගැහැණු දරුවන් තෝරා ගත්තේ ද? නුඹලා පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය. සැබැවින්ම නුඹලා අල්ලාහ්ට දරුවකු ආරෝපණය කොට ඉතා නපුරු ප්රකාශයක් ඔහු මත පවසා සිටින්නෙහුය. ඔහු ව දැඩි සේ ප්රතික්ෂේප කරමින් ඔහුට ගැහැණු දරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරන්නෙහුය
وَلَقَدْ صَرَّفْنَا فِى هَـٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًۭا ﴿٤١﴾
මෙම අල් කුර්ආනයේ ඇති නීතිරීති, උපදෙස් හා උදාහරණ මගින් ජනයා උපදෙස් ලබා ඔවුනට ප්රයෝජනවත් දෑ අනුව ඔවුන් කටයුතු කිරීමටත් ඔවුනට හානිදායක දෑ ඔවුන් අතහැර දැමීමටත් සැබැවින්ම අපි ඒවා පැහැදිළි කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌۭ كَمَا يَقُولُونَ إِذًۭا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًۭا ﴿٤٢﴾
අහෝ දූතය! "ඔවුන් බොරු ගොතා පවසන පරිදි උත්තරීතර අල්ලාහ් සමග නැමදුමට ලක්වන දෙවිවරුන් සිටිත් නම්, එම නැමදුමට ලක්වන දෙවිවරුන් සර්ව රාජ්ය හිමිපාණන් වන අල්ලාහ් වෙත ගොස් ඔහුගේ රාජ්යය අබිබවා ඔහු සමග එහි වාද කිරීමට මගක් සොයාන්නටوතිබුණි" යැයි නුඹ මෙම ආදේශකයින්ගෙන් විමසනු. سبحنه وتعل عما يقولون علا كبيرا
سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّۭا كَبِيرًۭا ﴿٤٣﴾
දෙවියන්ට ආදේශ කරන්නන් අල්ලාහ් ගැන විස්තර කරන දැයින් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. ඔවුන් පවසන දැයින් ඔහු අති උත්තරීතරය
تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا ﴿٤٤﴾
إنه كان حليما غفورا අහස් අල්ලාහ් ව සුවිශුද්ධ කරති. මහපොළොව ද අල්ලාහ් ව සුවිශුද්ධ කරයි. එමෙන්ම අහස් හි හා මහපොළොවේ පවතින සියලු දෑ ද ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුව ප්රශංසාවෙන් ගුණගායනා නොකරන කිසිවක් නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරනුයේ කෙසේ දැයි නුඹලාට නොවැටහේ. නුඹලාගේ දිවෙන් නුඹලා සුවිශුද්ධ කිරීම මිස වෙනත් දෑ සුවිශුද්ධ කර සිටිනු නුඹලාට වටහා ගත නොහැක. සැබැවින්ම උත්තරීතර ඔහු සෙනෙහෙවන්තය. දඬුවම ඉක්මන් නොකරනු ඇත. ඔහු වෙත සමාව ඇයද යොමුවන්නන් හට අති ක්ෂමාශීලීය
وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ حِجَابًۭا مَّسْتُورًۭا ﴿٤٥﴾
අහෝ දූතය! නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට එහි ඇතුළත් අවවාද හා උපදෙස්වලට ඔවුහු සවන් දෙති. ඔවුන් අල් කුර්ආනය ප්රතික්ෂේප කළ බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් අල් කුර්ආනය අවබෝධ කර ගැනීමට බාධා වන පරිදි නුඹ අතර හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන ඔවුන් අතර තිරයක් යොදන්නෙමු
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِمْ نُفُورًۭا ﴿٤٦﴾
أ دبرهم نفورا අල් කුර්ආනය ඔවුනට නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත අපි ආවරණයක් ඇති කළෙමු. එයට ප්රයෝජනවත් ලෙස සවන් දීමට නොහැකි වන සේ බරක් ඔවුන්ගේ කන් තුළ ඇති කළෙමු. අල් කුර්ආනයේ ඔවුන්ගේ චූදිත දෙවිවරුන් ගැන නුඹ සඳහන් නොකර, නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කරන විට, ඔවුහු අල්ලාහ්ට පමණක් අවංක ව ඒකීයත්වය පුද කිරීමෙන් බැහැර ව පසුබැස හැරී යති
نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا ﴿٤٧﴾
අල් කුර්ආනයට සවන් දෙන ඔවුන්ගේ නායකයින්ගේ පිළිවෙත අපි මැනවින් දනිමු. ඔවුන් එමගින් යහමග ලබන්නට අපේක්ෂා නොකරති. නමුත් නුඹ පාරායනය කරන අවස්ථාවේ එය හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. අපරාධකරුවන් ප්රතික්ෂේපය නිසාවෙන් ඔවුනටම "අහෝ ජනයිනි! බුද්ධිය කැළඹුණු, හූනියම් කරන ලද මිනිසෙකු මිස නුඹලා වෙනත් කිසිවකු අනුගමනය නොකරන්නේයැ"යි ඔවුන් පවසන අවස්ථාවේ ඔවුන් රහසින් සාකච්ඡා කරන බොරුව හා වළක්වන්නට උත්සාහ කරන දෑ අපි මැනවින් දනිමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا ﴿٤٨﴾
අහෝ දූතය! සිතා බලනු! විවිධ අපහාසාත්මක ගුණාංගවලින් නුඹ ගැන ඔවුන් විස්තර කරන දෑ ගැන නුඹ හාස්යයට පත්වනු ඇත. ඔවුන් සත්යයෙන් හැරුණෝය. උණුසුම් වූහ. සත්ය මාර්ගය වෙත මග නොලැබුවෝය
وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَـٰمًۭا وَرُفَـٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًۭا ﴿٤٩﴾
යළි අවදි කරනු ලැබීම හෙළා දකිමින් දෙවියන්ට ආදේශ තැබූවන්, "අප මිය ගොස් ඇට සැකිලි බවට පත්ව අපගේ ශරීරද දිරාපත් වී ගිය විට, නව මැවීමකින් අප අවදි කරනු ලබන්නෙමුද? සැබැවින්ම එය විය නොහැක්කකි" යැයි පැවසූහ
۞ قُلْ كُونُوا۟ حِجَارَةً أَوْ حَدِيدًا ﴿٥٠﴾
"අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා හැකි නම් දැඩිභාවයෙහි ගලක් මෙන් වනු. එසේ නැතහොත් බලවත්භාවයෙහි යකඩ මෙන් වනු. කිසි විටෙක නුඹලාට එසේ විය නොහැක්කේමය." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු
أَوْ خَلْقًۭا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا ۖ قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍۢ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًۭا ﴿٥١﴾
ى එසේ නැතහොත් නුඹලාගේ හදවත් තුළ බලවත් යැයි සිතන දෑ අතරින් ඒ දෙකටම වඩා බලවත් මැවීමක් බවට පත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලාව ආරම්භ කළා සේම නැවත ගෙන්වා ගන්නාය. ඔහු නුඹලා ව මුල් වරට මැව්වා සේම නුඹලාට යළි ජීවය දෙන්නාය. මෙම මුරණ්ඩුකරුවන්, "අප මිය ගිය පසු යළි අප ගෙන්වා ගන්නේ කවුදැ?"යි විමසා සිටිති. ඔවුනට නුඹ මෙසේ පවසනු. "කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මුල් වරට ඔහු නුඹලා ව මැව්වා සේම නැවත නුඹලාව සකසනු ඇත." නුඹ ඔවුන් වෙත දෙන පිළිතුරෙන් ඔවුහු ඔවුන්ගේ හිස් උපහාසයෙන් සොලවති. ඔවුන් දුරස් වී, "එම නැවත හැරීම කවදා දැ?"යි විමසති. "එය ඉතා සමීප ව ඇත. පැමිණෙන්නට ඇති සියලු දෑ ඉතා සමීපයෙන් පවතී" යැයි නුඹ ඔවුනට පවසනු. يوم يدعوكم فتستجيبون بحمده وتظنون إن لبثتم إلا قليلا
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ﴿٥٢﴾
රැස් කරනු ලබන භූමිය වෙත නුඹලාට ඇරයුම් කරන දින අල්ලාහ් නුඹලාව යළි ගෙන්වා ගනු ඇත. ඔහුගේ නියෝගයට යටත්ව ඔහුට ප්රශංසා කරමින් නුඹලා පිළිතුරු දෙනු ඇත. නුඹලා ටික කලක් මිස භූමියේ රැඳී නොසිටි බව නුඹලාوසිතනු ඇත
وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ ٱلشَّيْطَـٰنَ يَنزَغُ بَيْنَهُمْ ۚ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلْإِنسَـٰنِ عَدُوًّۭا مُّبِينًۭا ﴿٥٣﴾
අහෝ දූතය! මා විශ්වාස කළ මාගේ ජනයාට නුඹ මෙසේ පවසනු. ඔවුන් කතා කරන විට දැහැමි වදන ප්රකාශ කරති. හෙළා දකින ලද නපුරු වදනින් වැළකී සිටිති. නියත වශයෙන්ම ෂෙයිතාන් අවස්ථාවෙන් ප්රයෝජන ලබා ඔවුන්ගේ ලෞකික මෙන්ම මතුලොව ජීවිතයේ ඔවුන් වෙත කලහකම් කරමින් ඔවුන් අතර සැරසරයි. සැබැවින්ම ෂෙයිතාන් මිනිසාට පැහැදිලි සතුරෙකි එහෙයින් ඔහුගෙන් ප්රවේශම් විය යුතුයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ وَكِيلًۭا ﴿٥٤﴾
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ගැන මැනවින් දන්නාය. නුඹලාගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ආදරය කරන්නට අභිමත කරන්නේ නම් දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ආශිර්වාද කරමින් ආදරය කරනු ඇත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවම් දෙන්නට අභිමත කරන්නේ නම් නුඹලාව දේව විශ්වාසයෙන් ඉවත් කොට දේව ප්රතික්ෂේපය මතම මියැදෙන්නට ඉඩ හරිමින් නුඹලාට දඬුවම් කරනු ඇත. අහෝ දූතය! දේව විශ්වාසය මත ඔවුනට බල කරන, දේව ප්රතික්ෂෙපයෙන් ඔවුන් වළක්වා ඔවුන්ගේ ක්රියාවන් ඔවුන් සඳහා සටහන් කර තබන භාරකරුවෙකු ලෙස සැබැවින්ම අපි ඔබ ඔවුන් අතරට නොඑව්වෙමු. ඔබගේ රාජකාරිය වනුයේ කවර කරුණක් අල්ලාහ් දන්වා සිටින මෙන් ඔබට අණ කර ඇත්තේ ද එය දන්වා සිටීම පමණි
وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعْضٍۢ ۖ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا ﴿٥٥﴾
අහෝ දූතය! ඔබේ පරමාධිපති අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ තත්ත්වයන් හා ඔවුනට උරුම වන දෑද මැනවින් දන්නාය. අනුගාමිකයින්ගේ බහුත්වය හා දිව්යමය ග්රන්ථ පහළ කිරීම පදනම් කර ගෙන ඇතැම් නබිවරුන් ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. දාවූද්ට සබූර් නම් දිව්යමය ග්රන්ථය අපි පිරිනැමුවෙමු
قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا ﴿٥٦﴾
අහෝ දූතය! මෙම ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. "අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! අල්ලාහ් හැර සැබැවින්ම දෙවිවරුන් යැයි නුඹලා දැඩි සේ විශ්වාස කරන්නන් වනාහි, නුඹලාට යම් උවදුරක් පහළ වන විට ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් එම උවදුර නුඹලාගෙන් වලක්වන්නට ඔවුනට නොහැකිය. නුඹලා නොවන වෙනත් කෙනෙකුට පවරන්නට ද ඔවුනට නොහැකිය. හැකියාවක් නොමැත්තා දෙවියෙකු විය නොහැක."
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًۭا ﴿٥٧﴾
كان محذورا ඔවුන් ඇරයුම් කර සිටින මලක්වරුන් හා ඔවුන් වැන්නන් වනාහි, දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත තමන් සමීප කරවන දෑ සොයති. ඔවුන් අතර කවරෙකු හෝ යටත් වීමෙන් ඔහු වෙත වඩාත් සමීපතාවක් ලබන්නට තරඟ වදිති. ඔහු ඔවුනට ආශිර්වාද කිරීම ඔවුහු අපේක්ෂා කරති. ඔහු ඔවුනට දඬුවම් කිරීම ගැන ඔවුහු බිය වෙති. අහෝ දූතය! සැබැවින් නුඹේ පරමාධිපතිගේ දඬුවම ගැන ප්රවේශමින් සිටිය යුතුය
وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَـٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًۭا شَدِيدًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَـٰبِ مَسْطُورًۭا ﴿٥٨﴾
දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා වාසය කරන කවර ගම්මානයක් හෝ නගරයක් හෝ වේවා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මෙලොව ජීවිතයේ දඬුවම හා විනාශය පහළ කරන්නන් ලෙස හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් ඝාතනයට ලක් කිරීම තුළින් හෝ වෙනත් යම් ආකාරයකින් හෝ බලවත් දඬුවමකින් පරීක්ෂා කරන්නන් ලෙස මිස අප නැත. ඒ සියලු දඬුවම් හා විනාශයන් ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ දේව නියමයක් ලෙස තීන්දු කරනු ලැබූවක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْـَٔايَـٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ ۚ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةًۭ فَظَلَمُوا۟ بِهَا ۚ وَمَا نُرْسِلُ بِٱلْـَٔايَـٰتِ إِلَّا تَخْوِيفًۭا ﴿٥٩﴾
දෙවියන්ට ආදේශ තැබූවන් ඉල්ලා සිටින පරිදි දූතයාණන් සත්ය බවට පෙන්වා දෙන, මිය ගිය ඇත්තන්ට යළි ජීවය දීම හා වෙනත් ප්රාතිහාර්යන් වැනි සංවේදනීය සළකුනු අප පහළ කිරීම අතැහැර දැමුවේ, සැබැවින්ම ඒවා පෙර සමූහයන්ට අපි පහළ කළ නමුදු ඔවුන් ඒවා බොරු කර සිටි බැවිණි. සැබැවින්ම සමූද් ජනයාට අතිමහත් පැහැදිලි ප්රාතිහාර්යයක් පිරිනැමුවෙමු. එය ඔටු දෙනයි. නමුත් ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. එවිට අපි ඔවුනට දඬුවම ඉක්මන් කළෙමු. එවන් ප්රාතිහාර්යයන් දූතවරුන්ගේ දෑතට අපි පිරිනැමුවේ ඔවුන්ගේ සමූහයා බිය ගැන්වීමටය. එවිට ඔවුන් අල්ලාහ්ට අවනත වන්නන් විය හැකිය
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِ ۚ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَـٰكَ إِلَّا فِتْنَةًۭ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَـٰنًۭا كَبِيرًۭا ﴿٦٠﴾
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති බලයෙන් මිනිසුන් වටකරගෙන සිටින බවත් ඔවුන් ඔහුගේ ග්රහණයේ සිටින බවත් අල්ලාහ් ඔවුන්ගෙන් නුඹව ආරක්ෂා කරන්නා බවත් අපි නුඹට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එහෙයින් කවර කරුණක් වෙත ඇරයුම් කරන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එයට ඇරයුම් කරනු. ඉස්රා රාත්රිය සත්යයක් ද එසේ නැතහොත් එය බොරුවක් ද යැයි මිනිසුන් සිතා බලනු පිණිස එය පරීක්ෂණයක් ලෙසින් මිස අපි ඔබේ දෑසට එය ඍජුව නො පෙන්වූයෙමු. අල්කුර්ආනයේ සඳහන් වන පරිදි නිරා පතුළේ හට ගැණෙන සක්කූම් නම් ගස ද ඔවුනට පරීක්ෂණයක් ලෙසින් මිස අපි ඇති නො කළෙමු. මෙම සංඥා දෙක විශ්වාස නො කළේ නම් ඒ දෙක හැර වෙනත් දෑ ද ඔවුන් විශ්වාස නො කරන්නේමය. සංඥාවන් පහළ කරමින් අපි ඔවුන් බිය ගැන්වූයෙමු. නමුත් එසේ බිය ගැන්වීමෙන් දේව ප්රතික්ෂේපය හා නොමග යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත
وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًۭا ﴿٦١﴾
අහෝ දූතය! නැමදුමක් ලෙස නොව ආචාර කිරීමක් ලෙස ආදම්ට සිරස නමන මෙන් අපි මලක්වරුන්ට කී අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුන් එය පිළිපැද සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය. නමුත් ඉබ්ලීස් අහංකාරයෙන්, "ඔබ මා ගින්නෙන් මවා තිබියදී ඔබ පසින් මැවූ අයට මා සිරස නැමිය යුතු ද? සැබැවින්ම මම ඔහුට වඩා ශ්රේෂ්ඨය" යැයි පවසමින් ඔහුට සිරස නමා ආචාර කිරීමට ඔහු පිටුපෑවේය
قَالَ أَرَءَيْتَكَ هَـٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًۭا ﴿٦٢﴾
ඉබ්ලීස් තම පරමාධිපතිට, "ඔහුට සිරස නමා ආචාර කරන මෙන් ඔබ මට නියෝග කොට මට වඩා ඔබ ගෞරවය කළ මෙම මැවීම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? මෙලොව ජීවිතය අවසාන වන තෙක් මා ජීවතුන් අතර ඔබ තබන්නේ නම් ඔවුන්ගේ දරුවන් මා නොමග යවමි. ඔබේ ඍජු මාර්ගයෙන් ඔවුන්ව දුරස් කරමි. නමුත් ඔවුන් අතර ඔබ ආරක්ෂා කළවුන්ගෙන් සුළුතරයක් හැර ඔවුහු නුඹේ අවංක ගැත්තෝ වෙති" යැයි පැවසීය
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءًۭ مَّوْفُورًۭا ﴿٦٣﴾
ඔහුගේ පරමාධිපති ඔහුට, "ඔබ හා ඔවුන් අතරින් ඔබට අවනත වූවන් පිට ව යනු. සැබැවින්ම නිරය වන එයමය නුඹේ ප්රතිවිපාකය. එමෙන්ම ඔවුන්ගේ ද ප්රතිවිපාකය. එය නුඹලාගේ ක්රියාවන් සඳහා පිරිනැමෙන පූර්ණවත් ප්රතිඵලයයි." යැයි පැවසුවේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَـٰدِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَـٰنُ إِلَّا غُرُورًا ﴿٦٤﴾
ඔවුන් අතරින් පාපය වෙත ඇරයුම් කරන, නුඹේ හඬින් නුඹට යටත් කළ හැකි අය යටත් කර ගනු. නුඹට යටත් වීම සඳහා ඇරයුම් කිරීමට අශ්වාරෝහකයින් හා පාබලයින් නුඹ නිවැරදි ලෙස සකසා ගනු. ෂරීආ පිළිවෙතට පටහැනි ව ඇති සියලු ගනු දෙනු අලංකාරවත් කරමින් ඔවුන්ගේ ධනයෙහි නුඹ ඔවුන් සමග හවුල් වනු. ඔවුන්ගේ දරුවන් යැයි බොරුවට වාද කරමින් ඔවුන් අනාචාරයේ යෙදවීමෙහි ද ඔවුනට නම් තබන අවස්ථාවේ අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් ඔවුන් නැමදුමට ලක් කිරීමෙහි ද නුඹ ඔවුන් සමග හවුල් වනු. බොරු ප්රතිඥා හා ව්යාජ පොරොන්දු ඔවුනට ඔහු අලංකාර කළේය. ඔවුන් රවටා දමන බොරු පෙරොන්දු මිස වෙනත් කිසිවක් ෂෙයිතාන් ඔවුනට ප්රතිඥා දෙන්නේ නැත
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌۭ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًۭا ﴿٦٥﴾
අහෝ ඉබ්ලීස්! සැබැවින්ම මට අවනත වෙමින් ක්රියා කරන, මා විශ්වාස කළ, මගේ ගැත්තන් කෙරෙහි ආධිපත්යය දරන්නට නුඹට නොහැක. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කිරීම ඔහු ඔවුන්ගෙන් වළක්වා ඇත. තම කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටියවුන් හට අල්ලාහ් ප්රමාණවත් වන්නේය
رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًۭا ﴿٦٦﴾
අහෝ ජනයිනි! ව්යාපාරික ලාබ හා වෙනත් ප්රතිලාභ තුළින් නුඹලා ඔහුගේ පෝෂණ සම්පත් සෙවීමේ යහපත් බලාපොරොත්තුවෙන් සාගරයේ නැව් නුඹලා වෙනුවෙන් යාත්රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. මෙම මාධ්යයන් නුඹලාට පහසු කරදීමේදී සැබැවින්ම ඔහු නුඹලාට මහා කාරුණික විය
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ ۖ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ ٱلْإِنسَـٰنُ كَفُورًا ﴿٦٧﴾
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා සාගරයේ ගමන් කරන විට නුඹලා විනාශ වී යනු ඇතැයි නුඹලා බියවන තරමට යම් ව්යසනයක් හෝ පිළිකුල් සහගත දෙයක් හෝ නුඹලාට අත් වූ විට අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි දෑ නුඹලාගේ සිතුවිලිවලින් සැඟ වී යනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නුඹලාට මතක් නොවනු ඇත. එවිට නුඹලා ඔහුගේ උදව් පතනු ඇත. ඔහු නුඹලාට උපකාර කොට නුඹලා බියවන දැයින් නුඹලාට ආරක්ෂාව සලසා දෙයි. නුඹලා ගොඩ බිමට සේන්දු වූයෙහු නම් නුඹලා ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් කණ්ණලව් කිරීම ප්රතික්ෂේප කරන්නෙහුය. නැවතත් නුඹලාගේ පිළිම වෙත යොමු වන්නෙහුය. මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාද වලට දැඩි සේ ගුණමකු වන්නෙකි
أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا ﴿٦٨﴾
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා ව මුදවා, ගොඩ බිම වෙත සේන්දු කළ අවස්ථාවේ එය නුඹලා ව බිඳ වට්ටා ගිල්වීමට අල්ලාහ් සැලැස්වීමෙන් නුඹලා සුරක්ෂිත ද? එසේ නැතහොත් ලූත්ගේ ජනයාට සිදු කළාක් මෙන් නුඹලා මත අහසින් ගල්වර්ෂාවක් පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව නුඹලාව ආරක්ෂා කරන කිසිදු ආරක්ෂකයකු නුඹලා නොලබනු ඇත. විනාශයෙන් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවකු ද නුඹලා නොලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًۭا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًۭا ﴿٦٩﴾
به تبيعا නුඹලා ව නැවත වාරයක් අල්ලාහ් සාගරයේ ගමන් කරන්නට සළස්වා පසුව පළමු වරට නුඹලා ව ඔහු මුදවා ගෙන ඔහු නුඹලාට කළ ආශිර්වාද නුඹලා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා වෙත දැඩි සුළි කුණාටුවක් එවා නුඹලා එහි ගිලෙන්නට සැලැස්වීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව අපි නුඹලා සිදු කළ හානිය ගැන නුඹලාට උපකාරයක් වශයෙන් අපෙන් පතන කිසිදු ප්රාර්ථිකයෙක් නුඹලා නොලබනු ඇත
۞ وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَـٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَىٰ كَثِيرٍۢ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًۭا ﴿٧٠﴾
تفض يلا මිනිසුනට බුද්ධිය හා ඔවුන්ගේ පියාණන් ආදම්ට මලක්වරුන් සිරස නමන්නට සැලැස්වීමෙන් සැබැවින්ම අපි ඔවුන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ ඔවුන් උසුලාගෙන යන සතුන් හා වාහන අපි ඔවුනට වසඟ කර දුනිමු. තවද සාගරයේ ඔවුන් උසුලාගෙන යන නැව් ද වසඟ කර දුනිමු. නැවුම් ආහාර පාන, විවාහ ගිවසුම් හා වෙනත් දෑ ද ඔවුනට අපි සම්පත් වශයෙන් පිරිනැමුවෙමු. අපගේ මැවුම් බොහෝමයකට වඩා අපි ඔවුන් ඉතා උසස් මට්ටමින් තබා ඔවුනට ගරු කළෙමු. එහෙයින් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද සඳහා ඔවුන් ඔහුට කෘතඥ විය යුතුය
يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَـٰمِهِمْ ۖ فَمَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَـٰٓئِكَ يَقْرَءُونَ كِتَـٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًۭا ﴿٧١﴾
අහෝ දූතය! සෑම සමූහයක්ම ඔවුන් මෙලොවෙහි පිළිපදිමින් සිටි ඔවුන්ගේ නායකයා සමග පැමිණෙන මෙන් අප ඔවුන් ඇරයුම් කරන දිනය ගැන මෙනෙහි කර බලනු. ඔහුගේ ක්රියා ලේඛනය ඔහුගේ සුරතට පිරිනමනු ලැබූවන් ඉතා සතුටින් ඔවුන්ගේ ලේඛනය කියවති. ඔවුන්ගේ ප්රතිඵලවලින් කිසිවක්, එය රට ඉඳි කීතුවක ඇති නාරටිය තරම් ප්රමාණයෙන් කුඩා වුවද ඔවුනට අඩු කරනු නොලැබේ
وَمَن كَانَ فِى هَـٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْـَٔاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًۭا ﴿٧٢﴾
මෙලොව ජීවිතයේදී සත්ය පිළිගැනීමෙන් ද ඒ වෙත යොමුවීමෙන් ද තම හදවත් අන්ධවූවන් ලෙස කටයුතු කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණු අන්ධයෙකු බවට පත් වනු ඇත. ස්වර්ගයට යන මාර්ගය වෙත මඟ පෙන්වනු නොලැබේ. යහමගින් දැඩි සේ මුළාවී යයි. එසේ ප්රතිවිපාක හිමි වනුයේ ඊට අදාළ වූ ක්රියාවකින්ය
وَإِن كَادُوا۟ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥ ۖ وَإِذًۭا لَّٱتَّخَذُوكَ خَلِيلًۭا ﴿٧٣﴾
අහෝ දූතය! අල් කුර්ආනය තුළින් අපි නුඹට දන්වා සිටි දැයින් නුඹව වෙනතකට හරවන්නට දේව ආදේශකයින් මාන බලති. ඔවුන්ගේ ආශාවන්ට අනුකූල වූ දෑ අප මත සම්පාදනය කරන්නට බලති. ඔවුන් අපේක්ෂා කළ පරිදි නුඹ ඒවා සිදු කළේ නම් නුඹ ව මිතුරෙකු සේ තෝරා ගනු ඇත
وَلَوْلَآ أَن ثَبَّتْنَـٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًۭٔا قَلِيلًا ﴿٧٤﴾
සත්ය මත වූ ස්ථාවරත්වය අපි නුඹට දායාද නොකළේ නම්, ඇතැම් කරුණු වෙත නැඹුරු වීමට නුඹ බලනු ඇත. ඔවුන්ගේ උපායන්හි බලවත්කම හා වංචාවේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය වෙත ඔබ දක්වන සැලකිල්ලත් සමගම ඔවුන් කරන යෝජනාවන්ට නුඹ ඔවුනට එකඟ වනු ඇත. නමුත් ඔවුන් වෙත නැඹුරු වීමෙන් අපි නුඹ ව ආරක්ෂා කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِذًۭا لَّأَذَقْنَـٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًۭا ﴿٧٥﴾
ඔවුන් කරන යෝජනාවන්හි නුඹ ඔවුන් වෙත නැඹුරු වූයෙහි නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයෙහි ද දඬුවම ගුණ කරමින් අපි නුඹට දඬුවම් කරන්නෙමු. පසු ව නුඹට උදව් කරන, නුඹගෙන් දඬුවම වළක්වාලන කිසිදු උදව්කරුවකු නුඹට නොවනු ඇත
وَإِن كَادُوا۟ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًۭا لَّا يَلْبَثُونَ خِلَـٰفَكَ إِلَّا قَلِيلًۭا ﴿٧٦﴾
දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම හේතුවෙන් ඔවුන් නුඹ ව මක්කාවෙන් පිටුවහල් කිරීම සඳහා නුඹට කරදර කිරීමට සැබැවින්ම තැත් කළෝය. නමුත් හිජ්රත් කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණෙන තෙක් නුඹ එයින් පිටුවහල් කිරීමෙන් අල්ලාහ් ඔවුන් වැළැක්විය. ඔවුන් එසේ නුඹ ව පිටුවහල් කර තිබුණේ නම් නුඹ ඉන් නික්ම යෑමෙන් පසු ඔවුන් සුළු කාලයක් මිස රැඳී නොසිටිනු ඇත
سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا ﴿٧٧﴾
නුඹෙන් පසුව සුළු කාලයක් මිස ඔවුන් එසේ රැඳී නොසිටීමේ එම න්යාය වනාහි නුඹට පෙර දූතවරුන් විෂයයෙහි එසේ ස්ථාවර කරන ලද අල්ලාහ්ගේ පිළිවෙතය. එනම් කවර දූතයකු ඔහුගේ සමූහයා අතර සිටියදී ඔවුන් විසින් ඔහුව පිටුවහල් කළේ ද, ඉන් පසුව අල්ලාහ් ඔවුනට දඬුවම පහළ කර තිබීමය. අහෝ දූතය! අපගේ එම පිළිවෙත වෙනස් කරන්නක් ලෙස නුඹ නොදකින්නේමය. එය ස්ථාවර හා ස්තීර දෙයක් ලෙස නුඹ දකිනු ඇත
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ ۖ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًۭا ﴿٧٨﴾
අහස් උසින් හිරු අවරට යාමේ සිට පවතින කාලය තුළදී සලාතය එහි පූර්ණ ක්රමවේද අනුගමනය කරමින් ඉටු කරනු. එහි ලුහර් හා අසර් සලාත් ඇතුළත් වෙයි. එමෙන්ම රාත්රී අන්ධකාරය දක්වා ද සලාත් ඉටු කරනු. එහි මග්රිබ් හා ඉෂා සලාත් ඇතුළත් වෙයි. ෆජ්ර් සලාතය ඉටු කරනු එහි අල් කුර්ආනය දීර්ඝව පාරායනය කරනු. ෆජ්ර් සලාතය යනු එයට රාත්රියේ මලක්වරුන් හා දහවලේ මලක්වරුන් සහභාගී වන්නකි
وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةًۭ لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًۭا مَّحْمُودًۭا ﴿٧٩﴾
අහෝ දූතය! රාත්රියේ අවදි වී ඉන් කොටසක සලාතය ඉටු කරනු. නුඹේ එම සලාතය නුඹේ තරාතිරම උසස් වීමෙහි අමතර වශයෙන් පිහිටනු පිණිසත්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් මුහුණ දෙන අර්බුද සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකු ලෙස නුඹ ව නුඹේ පරමාධිපති එදින අවදි කරවීමේ යහපත් බලපොරොත්තුව පිණිසත්ය. නුඹට පෙර සිටි මුතුන් මිත්තන් ද නුඹට පසුවූවන් ද ප්රශංසා කරන අයුරින් එම මහත් මැදිහත් වීමේ ස්ථානය නුඹට වනු ඇත
وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍۢ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍۢ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَـٰنًۭا نَّصِيرًۭا ﴿٨٠﴾
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පිවිසීමත් මාගේ පිටවීමත් යන සියල්ල ඔබට යටත්වීමෙහි හා ඔබේ තෘප්තිය මත පත් කරනු මැනව. මාගේ සතුරාට එරෙහිව නුඹ මට උදව් කරන ප්රකට සාධකයක් ඔබ වෙතින් මාහට ඇති කරනු මැනව.’ بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَـٰطِلُ ۚ إِنَّ ٱلْبَـٰطِلَ كَانَ زَهُوقًۭا ﴿٨١﴾
අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ තවදුරටත් මෙසේ පවසනු. "ඉස්ලාමය පැමිණ ඇත. අල්ලාහ් උදව් කරන්නන් හට ඔහුගේ ප්රතිඥාව තහවුරු වී ඇත. දේව ආදේශය හා ප්රතික්ෂේපය පහව ගොස් ඇත. සැබැවින්ව ව්යාජත්වය සත්ය ඉදිරියේ ස්ථාවර ව නොපිහිටන අතර එය විනාශ වී යන්නකි."
وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌۭ وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ ٱلظَّـٰلِمِينَ إِلَّا خَسَارًۭا ﴿٨٢﴾
සැකය දේව ප්රතික්ෂේපය හා අඥානකම යනාදියෙන් හදවත් සුව කරන ප්රතිකාර සහිත අල් කුර්ආනය අපි පහළ කළෙමු. එය ඔබ මතුරන්නේ නම් ශරීරයට ද සුවයක් ද ඇත. එමෙන්ම ඒ අනුව කටයුතු කරන දේව විශ්වාසීන්හට ආශිර්වාදයක් ද ඇත. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට විනාශය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එයට සවන් දීම ඔවුන් කුපිත කරවන බැවින් හා එමෙන්ම ඒ ගැන බොරු කිරීම හා පිටුපෑම ඔවුනට අධික කරන බැවිණි
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ ۖ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًۭا ﴿٨٣﴾
ආරෝග්යය, පොහොසත්කම වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනැමූ විට අල්ලාහ්ට කෘතවේදී වීමෙන් හා ඔහුට අවනත වීමෙන් ඔහු ඉවත් වෙයි. අහංකාරයෙන් දුරස් වෙයි. නමුත් ඔවුනට යම් රෝගයක් හෝ දිළිඳුකමක් හෝ වෙනත් යම් අභාග්යයක් ඇති වූ විට අල්ලාහ්ගේ ආශිර්වාදය ගැන දැඩි සේ බලාපොරොත්තුل සුන් කර ගනී. قل ك يعمل عل شاكلته فربكم أعلمبمن هوأهد سبيلا
قُلْ كُلٌّۭ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًۭا ﴿٨٤﴾
"අහෝ දූතය! සෑම මිනිසකුම ඔහුගේ තත්ත්වයට ගැළපෙන මාර්ගයේ යහමග හා මුළාවෙහි කටයුතු කරමින් සිටී. සත්යය වෙත වූ මාර්ගයේ වඩාත් යහමඟ ලැබූ අය කවුරුන්දැ?යි නුඹේ පරමාධිපති මැනවින් දන්නාය." යැයි නුඹ පවසනු
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًۭا ﴿٨٥﴾
අහෝ දූතය! ආගම් ලත් ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ ප්රාණයේ යථාර්ථය ගැන ඔබෙන් විමසති. ප්රාණයේ යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ‘ශුද්ධවන්තයාණෝ අල්ලාහ්ගේ දැනුම දෙසින් බලන කළ, නුඹලාට හා සෙසු මැවීම්වලට පිරිනමනු ලැබ ඇත්තේ දැනුමෙන් ඉතා ස්වල්පයක් මිස නැත.’ යැයි ඔවුනට පවසනු
وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلًا ﴿٨٦﴾
අල්ලාහ් මත දිවුරා පවසමු. අපි නුඹ වෙත පහළ කළ දිව්ය පණිවිඩ හදවතින් හා ලේඛනයෙන් ඉවත් කරන්නට අභිමත කළේ නම්, සැබැවින්ම අපි එය ඉවත් කරන්නෙමු. පසු ව නුඹට ඒ සඳහා උදව් කරන, එයට පිළිතුරු දීමේ වගකීම භාරගන්නා කිසිවෙකු නොලබනු ඇත
إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًۭا ﴿٨٧﴾
නමුත් නුඹේ පරමාධිපතිගේ කරුණාවෙන් අපි එය ඉවත් නොකළෙමු. අපි එය සුරක්ෂිත ව අතහැරියෙමු. නුඹ ව දූතයකු බවට පත් කිරීමෙන් නබිවරුන්ගේ ඇවෑම නුඹගෙන් අවසන් කිරීමෙන් හා නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති භාග්යය අතිමහත් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَـٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍۢ ظَهِيرًۭا ﴿٨٨﴾
ظهيرا "අහෝ දූතය, නුඹ වෙත පහළ කළා වූ අල් කුර්ආනය මෙන් එහි ඇති සාහිත්යය, මනා සැකැස්ම හා ආකර්ෂනයට සමාන යමක් ගෙන එන්නට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යන සියලු දෙනා එකතු වුව ද ඔවුන් එකිනෙකා එයට උදව් කරුවකු හා උපකාර කරන්නකුව සිටිය ද කිසිවිටෙක එවැන්නක් ගෙන එන්නට නොහැක්කේමය." යැයි පවසනු
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا ﴿٨٩﴾
ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අපි වර්ග කර ඇත්තෙමු. ඔවුනට පැහැදිලි කර ඇත්තෙමු
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا ﴿٩٠﴾
දෙවියන්ට ආදේශ කළවුන්, "විස්තර කළ නොහැකි ගලා යන උල්පතක් මක්කා භූමියෙන් නුඹ අපට මතු කර පෙන්වන තෙක් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු" යැයි පැවසූහ
أَوْ تَكُونَ لَكَ جَنَّةٌۭ مِّن نَّخِيلٍۢ وَعِنَبٍۢ فَتُفَجِّرَ ٱلْأَنْهَـٰرَ خِلَـٰلَهَا تَفْجِيرًا ﴿٩١﴾
එසේ නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් වත්තක් නුඹ සතුව තිබී; එහි අධික ලෙස ගංගාවන් ගලා බැසිය යුතුය
أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ قَبِيلًا ﴿٩٢﴾
නුඹ මෙනෙහි කර සිටියාක් මෙන් අහස දඬුවමින් කොටසක් අප මත හෙළිය යුතුය. එසේ නැතහොත් නුඹ වාද කරන දෑ නිවැරැදිය යන්නට නුඹ වෙනුවෙන් සාක්ෂි ලබා දෙන්නට අල්ලාහ් හා මලක්වනුන් සජීවී ව පහළ විය යුතුය
أَوْ يَكُونَ لَكَ بَيْتٌۭ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَـٰبًۭا نَّقْرَؤُهُۥ ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًۭا رَّسُولًۭا ﴿٩٣﴾
سبحان ربى هل كنت إلا بشرا رسولا එසේ නැතහොත් රනින් හා වෙනත් වටිනා වස්තුවලින් අලංකාරය කරන ලද නිවසක් නුඹට විය යුතුය. එසේ නැතහොත් අහසට නුඹ ආරෝහණය විය යුතුය. එසේ නුඹ ආරෝහණය වුවද සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් බව අප කියවා දැන ගන්නා ලිඛිත ලේඛනයක් අල්ලාහ් වෙතින් පහළ වූයේ නම් හැර සැබැවින්ම නුඹ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ දූතයකු ලෙස අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "මාගේ පරමාධිපති සුවිශුද්ධය. සෙසු දහම් දූතයින් මෙන් මා ද මිනිස් දූතයකු මිස වෙනත් කෙනෙකු විය හැකි ද? කිසිවක් ගෙන එන්නට මට අයිතියක් නැත. නුඹලා යෝජනා කරන දෑ ගෙන එන්නට මාහට හැකි වන්නේ කෙසේද?"
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًۭا رَّسُولًۭا ﴿٩٤﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීමෙන් හා එම දූතයා ගෙන ආ දෑ පිළිපැදීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන් වළක්වාලීයේ එම දූතයා මිනිස් වර්ගයාගෙන් කෙනකු වීම ගැන හෙළා දැකීම මිස වෙනකක් නොවීය. ඔවුහු එසේ හෙළා දකිමින්. "අප වෙත අල්ලාහ් පහළ කර ඇත්තේ මිනිස් දූතයෙකු ද?" යැයි විමසා සිටියෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَـٰٓئِكَةٌۭ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًۭا رَّسُولًۭا ﴿٩٥﴾
අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන්, "නුඹලාගේ තත්ත්වයේ මහපොළොවේ පදිංචි ව සිටින එහි තැන්පත්ව සැරිසරන මලක්වරුන් එහි සිටියේ නම් ඔවුන්ගේම වර්ගයා අතරින් මලක්වරයෙක් දූතයකු සේ අප එවන්නට තිබුණි. එවනු ලබන දෑ ඔවුනට වටහා දෙන්නට ඔහු හැකියාව ලබනුයේ එවිටය. එවන් තත්ත්වයක මිනිස් වර්ගයා අතරින් දූතයකු ඔවුන් වෙත අප එවීම ප්රඥා සහගත කරුණක් නොවනු ඇත. නුඹලාගේ තත්ත්වය ද එලෙසමය." යැයි නුඹ පවසනු
قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ﴿٩٦﴾
"සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යන්නට මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. සැබැවින්ම කවර කරුණක් නුඹලා වෙත එවනු ලැබ ඇත්තේ ද එය මා නුඹලා වෙත දන්වා සිටියෙමි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් සර්වප්රකාරයෙන් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ සැඟ වී ඇති සියලු දෑ ගැන ඔහු අධීක්ෂණය කරන්නාය." යැයි අහෝ දූතය! නුඹ පවසනු
وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًۭا وَبُكْمًۭا وَصُمًّۭا ۖ مَّأْوَىٰهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَـٰهُمْ سَعِيرًۭا ﴿٩٧﴾
අල්ලාහ් කවරෙකුහට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින් යහමග ලබන්නා ඔහුය. කවරෙකු ඔහු එයින් පහත් කොට නොමග යන්නට ඉඩ හැරියේ ද අහෝ දූතය! ඔවුන් වෙනුවෙන් ඔවුනට සත්ය වෙත මග පෙන්වන, හානියෙන් ඔවුන් වළක්වන, ඔවුනට සෙත සලසන භාරකරුවන් කිසිවෙකු නුඹ නොදකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු මත ආවරණය කරනු ලැබ කිසිවක් බැලිය නොහැකි, කිසිවක් කතා කළ නොහැකි, කිසිවකට සවන් දිය නොහැකි තත්ත්වයේ අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන් යොමු වන ස්ථානය නිරයයි. එහි ගිනි දැල් පවතින සෑම කල්හිම ඔවුන් දැවී යාම අපි වැඩි කරන්නෙමු
ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَـٰمًۭا وَرُفَـٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًا ﴿٩٨﴾
එය අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ද, "අප මිය ගොස් අප දිරාපත් වූ අස්ථි බවට හා සුන්බුන් බවට පත් වූ විට ඉන්පසු අප නව මැවීමකින් යළි අවදි කරනු ලබන්නෙම්දැ?"යි විමසමින් නැවත නැගිටුවනු ලැබීම ගැන දුරස්භාවය ඇති කර ගනිමින් ඔවුන් කළ ප්රකාශය හේතුවෙන් ද ඔවුනට ප්රතිවිපාක වශයෙන් ඔවුන් මුහුණ දෙන දඬුවමයි
۞ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًۭا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّـٰلِمُونَ إِلَّا كُفُورًۭا ﴿٩٩﴾
සැබැවින්ම අහස් හා මහපොළොව යන අතිමහත් මැවීම් මැවූ අල්ලාහ් ඔවුන් නැවත මැවීමට බලය ඇත්තා බව මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවූහු නොදන්නෙහු ද? අති මහත් මැවීමක් මැවීමට ශක්තිය ඇත්තාට ඊට වඩා අඩු දෙයක් මැවීමට වඩාත් ශක්තිය ඇත්තාය. මෙලොවෙහි ඔවුන්ගේ ආයු කාලය නිමා කරවන නියමිත කාලයක් අල්ලාහ් ඔවුනට නියම කළේය. එමෙන්ම කිසිදු සැකයකින් තොරව ඔවුන් යළි අවදි කිරීම සඳහා ද නියමිත කාලයක් ඔවුන් වෙනුවෙන් නියම කර ඇත්තේය. යළි නැගිටුවීම පිළිබඳ සාධක එළිපිට තිබියදී එම සාධක පැහැදිළි ව තිබියදී දෙවියන්ට ආදේශ කරන්නන් යළි නැගිටුවීම තරයේ ප්රතික්ෂේප කරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًۭا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ ۚ وَكَانَ ٱلْإِنسَـٰنُ قَتُورًۭا ﴿١٠٠﴾
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. ‘කිසිදා නිම නොවන, නැති නොවන මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩාවන් නුඹලා සතුව තිබුණේ නම්, නුඹලා දිළිඳුභාවයට පත් නොවන සේ ඒවා රඳවා තබා ගනිමින් ඒවා අහිමි වීමට බියෙන් ඒවා වියදම් කිරීමෙන් නුඹලා වැළකී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නෙකු වී නම් මිස සැබැවින්ම මිනිසා මසුරෙකු වීම ඔහුගේ ස්වභාවයයි. දෙවියන් විශ්වාස කරන්නා අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් වියදම් කරනු ඇත
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ ۖ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَـٰمُوسَىٰ مَسْحُورًۭا ﴿١٠١﴾
مسحورا මූසාට සාක්ෂි වශයෙන් පැහැදිලි සාධක නවයක් සැබැවින්ම අපි ඔහුට පිරිනැමුවෙමු. එනම් සැරයටිය, අත, වසරවල්, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදියයි. මෙම ප්රාතිහාර්යයන් තම මුතුන් මිත්තන් වෙත මූසා ගෙන ආ අවස්ථාව ගැන යුදෙව්වන්ගෙන් විමසා සිටිනු. එවිට ෆිර්අවුන් ඔහුට, "අහෝ මූසා! නුඹ ගෙන ආ දුර්ලභ දෑ හේතුවෙන් සැබැවින්ම ඔබ හූනියම් කරනු ලැබූ මිනිසෙකු ලෙස සිතමි." යැයි පැවසීය
قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَـٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَـٰفِرْعَوْنُ مَثْبُورًۭا ﴿١٠٢﴾
මූසා ඔහුට පිළිතුරු වශයෙන්, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මෙම ප්රාතිහාර්යයන් පහළ කළේ අහස්හි හා මහපොළොවේ පරමාධිපති වන අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවන බව නුඹ තරයේම දන්නෙහිය. ඔහු ඒවා ඔහුගේ බලය හා ඔහුගේ දූතයාණන්ගේ සත්යතාව පෙන්වා දෙන සාධක ලෙස පහළ කර ඇත. එනමුත් නුඹ එය ප්රතික්ෂේප කරන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ වී යන පරාජිතයෙකු බව සැබැවින්ම මම දනිමි." යැයි පැවසීය
فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَـٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًۭا ﴿١٠٣﴾
එහෙයින් මූසා හා ඔහුගේ ජනයා මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටුවහල් කිරීමෙන් ඔවුනට දඬුවම් දෙන්නට ෆිර්අවුන් අපේක්ෂා කළේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සේනාවේ සියලු දෙනා ජලයේ ගිල්වා විනාශ කළෙමු
وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًۭا ﴿١٠٤﴾
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීමෙන් පසු ව ඉස්රාඊල් දරුවන්හට අපි, "ෂාම් දේශයේ (සිරියාවේ) පදිංචි වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය උදා වන විට නුඹලා සියලු දෙනා විනිශ්චය සඳහා එක්රැස් කරනු ලබන පිටියට ගෙන එන්නෙමු." යැයි පැවසුවෙමු
وَبِٱلْحَقِّ أَنزَلْنَـٰهُ وَبِٱلْحَقِّ نَزَلَ ۗ وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿١٠٥﴾
සත්යයෙන් යුතු ව මෙම අල් කුර්ආනය අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. සත්යයෙන් යුතු ව කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොර ව එය ඔහු වෙත පහළ විය. අහෝ දූතය! දෙවියන් පිළිබඳ බියෙන් පසුවන්නන්හට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන හා පිටුපාන ජනයාට නිරය පිළිබඳ බිය ගන්වන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව දූතයෙකු ලෙස නොඑව්වෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقُرْءَانًۭا فَرَقْنَـٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍۢ وَنَزَّلْنَـٰهُ تَنزِيلًۭا ﴿١٠٦﴾
අපි ඔහුට අල් කුර්ආනය පහළ කොට පැහැදිළි කළෙමු. එය කියවීමේදී ඉතා පහසුවෙන් හා හික්මීමෙන් ජනයා අතර ඔහු එය පාරායනය කිරීමේ යහපත් බලාපොරොත්තුවෙන් අපි ඔහුට එය විස්තර කර දුනිමු. සැබැවින්ම එසේ පාරායනය කිරීම වටහා ගන්නටත් පරිශීලනය කරන්නටත් වඩාත් යහපත් වන්නේය. එමෙන්ම තත්ත්වයන් හා සිදුවීම්වලට අනුව කොටස් වශයෙන් වෙන් වෙන්ව අපි එය පහළ කළෙමු
قُلْ ءَامِنُوا۟ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓا۟ ۚ إِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًۭا ﴿١٠٧﴾
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "නුඹලා එය විශ්වාස කරනු. නුඹලාගේ දේව විශ්වාසය එය කිසිවක් වැඩි කරන්නේ නැත. එසේ නැතහොත් එය විශ්වාස නොකරනු. නුඹලාගේ දේව ප්රතික්ෂේපය එය කිසිවක් අඩු කරන්නේ ද නැත. සැබැවින්ම පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ කියවා දේව පණිවිඩ හා දූතත්වය පිළිබඳ වටහා ගත් අය වනාහි, ඔවුනට අල් කුර්ආනය කියවනු ලැබූ විට අල්ලාහ්ට කෘතවේදීව සිරිස නමමින් ඔවුන්ගේ මුහුණු මත ඇද වැටී සජදා කළහ
وَيَقُولُونَ سُبْحَـٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًۭا ﴿١٠٨﴾
ඔවුන් සිරස නමන අවස්ථාවේදී මෙසේ පවසති. "ප්රතිඥා කඩ කිරීමෙන් අපගේ පරමාධිපති සුවිශුද්ධ විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව එවන බවට කවර ප්රතිඥාවක් දී තිබුණේ ද එය සිදු ව ඇත. සැබැවින්ම ඒ ගැන වූ ප්රතිඥාව මෙන්ම අනෙකුත් ප්රතිඥාවන් ද කිසිදු සැකයකින් තොර ව සිදුවන්නේමය."
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًۭا ۩ ﴿١٠٩﴾
අල්ලාහ් ගැන බියෙන් හඬමින් ඔහුට සිරස නමන්නන් ලෙසින් ඔවුන්ගේ මුහුණ මත වැටෙති. අල්ලාහ්ට යටහත් පහත් ව හා ඔහුට භක්තිමත් ව අල් කුර්ආනයට සවන් දීම හා එහි ඇති අර්ථය පරිශීලනය කිරීම ඔවුනට එය වර්ධනය ي කරයි
قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَـٰنَ ۖ أَيًّۭا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًۭا ﴿١١٠﴾
بين ذلك سبيلا ‘අහෝ දෙවිඳුනි! අහෝ කරුණාවන්තයාණනි!’යැයි පවසමින් නුඹ ප්රාර්ථනා කිරීම හෙළා දකින්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු, අල්ලාහ් (දෙවියන්), අර්රහ්මාන් (කරුණාවන්තයාණන්) යන නාම පද දෙක ශුද්ධවන්තයාණන් සතු නම් දෙකකි. එහෙයින් ඒ දෙකින් කවර හෝ නාමයකින් හෝ ඔහුගේ අනෙකුත් අලංකාර නාම අතරින් කවර හෝ නාමයකින් හෝ අමතා ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹේ සලාතයේදී අල් කුර්ආනය උස් හඩින් පාරායනය නොකරනු. එවිට දෙවියන්ට ආදේශ තබන්නෝ නුඹට සවන් දෙති. එමෙන්ම එය පහත් හඬින් ද පාරායනය නොකරනු. එවිට දේවත්වය විශ්වාස කරන්නන්ى එයට සවන් දිය නොහැකි වන්නේය. මේ කරුණු දෙකින් මධ්යස්ත පිළිවෙතක් සොයනු
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّۭ مِّنَ ٱلذُّلِّ ۖ وَكَبِّرْهُ تَكْبِيرًۢا ﴿١١١﴾
تك بيرا දරුවකු ගැනීමෙන් පිවිතුරු වූ හවුල් කරුවන් ගැනීමෙන් පිවිතුරු වූ සියලු වර්ගයේ ප්රශංසාවන්ට සුදුසුකම්ලාභී අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය. ඔහුගේ පාලනයේ ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඇති වන්නේ නැත. ඔහුට උපකාර කරන, ඔහුට ගෞරවය කරන, ඔහුට අධික ලෙස ගරුබුහුමන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කරන, කිසිවකුගේ අවශ්යතාවක් ඔහුට නැත. එහෙයින් ඔහුගේ පාලනයේ ඔහුට දරුවකු හෝ හවුල්කරුවකු හෝ ඇතැයි ද උපකාර කරන කිසියම් උදව්කරුවකු ඇතැයි ද නුඹ ඔහු ට ආරෝපණය කර නොපවසනු. මූලාශ්රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්