يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿١﴾
තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.) قم فأ نذر
මුල් පිටුව›තෆ්සීර්›Al-Muddaththir (74)
මක්කී · 56 වාක්‍ය
يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿١﴾
තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.) قم فأ نذر
قُمْ فَأَنذِرْ ﴿٢﴾
අවදි වී අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වනු. وربك فكبر
وَرَبَّكَ فَكَبِّرْ ﴿٣﴾
ඔබේ පරමාධිපතිගේ බල මහිමය පැසසුම් කරනු. وثيابك فطهر
وَثِيَابَكَ فَطَهِّرْ ﴿٤﴾
පාපයෙන් ඔබව පිරිසිදු කර ගනු. එමෙන්ම ඔබේ වස්ත්රය කිලිටිවලින් පිරිසිදු කර ගනු
وَٱلرُّجْزَ فَٱهْجُرْ ﴿٥﴾
පිළිමවලට නැමදුම් කිරීමෙන් දුරස් වනු. ولا تمنن تستكثر
وَلَا تَمْنُن تَسْتَكْثِرُ ﴿٦﴾
ඔබේ දැහැමි ක්රියාවන් වැඩිකර දෙන මෙන් ඉල්ලා ඔබේ පරමාධිපතිට උපකාර නොකරනු
وَلِرَبِّكَ فَٱصْبِرْ ﴿٧﴾
ඔබ මුහුණ දෙන හිංසා පීඩාවන් සඳහා අල්ලාහ් වෙනුවෙන් ඉවසනු
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ﴿٨﴾
දෙවැනි පිඹුම හොරණෑවෙහි පිඹණු ලැබූ විට, فذلك يومئذ يومعسير
فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ﴿٩﴾
එදින බිහිසුණු දුෂ්කර දිනයකි
عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ﴿١٠﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරන්නන්හට පහසු නොවන දිනයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ذرنىومن خلقت وحيدا
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ﴿١١﴾
අහෝ දූතය, ධනය හෝ දරුවෙකු නොමැතිව තම මව් කුසෙහි මම තනි ව මැවූ ඔහු ව, මා සමග අතහැර දමනු. (ඔහු අල් වලීද් ඉබ්නු අල් මුගීරා වේ.) وجعلت له مالا ممدودا
وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ﴿١٢﴾
අධික ලෙස ධන සම්පත් මම ඔහුට ඇති කළෙමි. وبنين شهودا
وَبَنِينَ شُهُودًۭا ﴿١٣﴾
ඔහු සම්මුඛයෙහි සිටින, ඔහු සතු අධික ධනය නිසා මගී කටයුතුවල පවා ඔහුගෙන් වෙන් නොවී සහභාගී වන දරුවන් ඔහුට ඇති කළෙමි. ومهدت له تمهيدا
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ﴿١٤﴾
ජීවිතය පෝෂණය හා දරුවන් යනාදියෙහි ඔහුට ඇති තරම් පුළුල් ලෙස ඒවා දුනිමි. ثم يطمع أن أزيد
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ﴿١٥﴾
පසුව ඔහු මා ප්රතික්ෂේප කිරීමත් සමගම ඒ සියල්ල මා පිරිනැමුවායින් පසුව ද තවත් ඔහුට අධිකව මා දිය යුතු යැයි ඔහු කෑදර විය
كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِـَٔايَـٰتِنَا عَنِيدًۭا ﴿١٦﴾
ඔහු සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. සැබැවින්ම අපගේ දූතයා වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් සම්බන්ධයෙන් ඔහු මුරණ්ඩුකම් විය. ඒවා බොරු යැයි පැවසීය. سأ رهقه صعودا
سَأُرْهِقُهُۥ صَعُودًا ﴿١٧﴾
ඉසිලිය නොහැකි දඬුවමකින් දුෂ්කර දඬුවමක් ඔහු මත මම පටවමි. إ نه فكر وقد ر
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿١٨﴾
මෙම ආශිර්වාද මා පිරිනැමූ එම දේව ප්රතික්ෂේපකයා, අල් කුර්ආනය ව්යාජ භාවයට පත් කිරීම සඳහා, එහි පවසන දෑ ගැන කල්පනා කොට එයට එරෙහිව ඔහුගේ සිත තුළ සැළසුම් යෙදුවේය. فقتل كيف قدر
فَقُتِلَ كَيْفَ قَدَّرَ ﴿١٩﴾
එහෙයින් ඔහු ශාප කරනු ලැබීය. සැලසුම් කළ ආකාරයටම දඬුවම් කරනු ලැබීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ثم قتل كيف قدر
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ﴿٢٠﴾
එහෙයින් ඔහු ශාප කරනු ලැබීය. සැලසුම් කළ අකාරයටම දඬුවම් කරනු ලැබීය. ثم نظر
ثُمَّ نَظَرَ ﴿٢١﴾
පසුව ඔහු පවසන දෑහි නැවත යොමු වී අධීක්ෂණයෙන් යුතුව බලා පරිස්සම් විය. ثم عبس وبسر
ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿٢٢﴾
පසුව අල් කුර්ආනයේ දොස් නගන්නට කිසිවක් ඔහුට නොලැබුණු අවස්ථාවේ ඔහුගේ මුහුණ රවන්නට විය. රළු විය
ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ ﴿٢٣﴾
පසුව දේව විශ්වාසයෙන් පසුබැස නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ව පිළිපැදීමට උඩඟු විය
فَقَالَ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ ﴿٢٤﴾
පසුව, "මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය දේව වදනක් නොවන්නේය. එය වෙනත් අය විසින් ලබා දන්වා සිටින හූනියමකිි" යැයි ඔහු පැවසීය
إِنْ هَـٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ ﴿٢٥﴾
මෙය අල්ලාහ්ගේ වදනක් නොවන්නේය. මෙය මිනිස් වදනකි. سأص ليه سقر
سَأُصْلِيهِ سَقَرَ ﴿٢٦﴾
මෙම දේව ප්රතික්ෂේපකයාව නිරයේ ස්තරයන් අතරින් එක් ස්තරයකට ඇතුළත් කරමි. එය සකර් නම් උණුසුම දරා සිටින්නකි
وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ ﴿٢٧﴾
අහෝ මුහම්මද් සකර් යනු කුමක්දැයි ඔබට දැනුම් දුන්නේ කුමක් ද? لا تبقى ولا تذر
لَا تُبْقِى وَلَا تَذَرُ ﴿٢٨﴾
එහි දඬුවම් ලබන කිසිවක් ඒ වෙත දඬුවම පැමිණීමෙන් මිස ඉතිරි වන්නේ නැත. ඔහු ව අතහැර දමන්නේ ද නැත. පසු ව ඔහු සිටි තත්ත්වයටම නැවත පත්වෙයි. පසුව නැවතත් එම දඬුවම පැමිණෙයි. මෙසේ වාරයන් දිගටම පවතී. لو احة للبشر
لَوَّاحَةٌۭ لِّلْبَشَرِ ﴿٢٩﴾
දැඩි ලෙස දවාලන, සම් විකෘති කරන්නකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් عليها تسعة عشر
عَلَيْهَا تِسْعَةَ عَشَرَ ﴿٣٠﴾
එහි සුර දූතවරු දහනව දෙනෙක් වෙති. ඔවුහු එහි භාරකරුවෝ වෙති
وَمَا جَعَلْنَآ أَصْحَـٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةًۭ ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَـٰنًۭا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْكَـٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَـٰذَا مَثَلًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ ﴿٣١﴾
ى නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු අපි පත් නො කළෙමු. එහෙයින් මිනිස් වර්ගයාට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු ශක්තියක් නැත. ඔවුන්ගේ සංඛ්යාව අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට පරීක්ෂණයක් ලෙසින් මිස පත් නො කළෙමු. එය ඔවුන් පවසන දෑ පවසා ඒ හේතුවෙන් ඔවුන් මත දඬුවම ගුණ කර දෙනු ලබන පිණිසය. තවද තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන්ගේ එම ග්රන්ථ තහවුරු කරමින් අල් කුර්ආනය පහළ වන අවස්ථාවේ ඔවුන් දැඩි සේ විශ්වාස කරනු පිණිසය. තවද දෙවියන් විශ්වාස කරන්නන් ආගම් ලත් ජනයා සමග අනුගත වන විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී යුදෙව්වන් කිතුනුවන් හා දෙවියන් විශ්වාස කරන්නන් ඒ ගැන සැක ඇති කර නො ගනු පිණිසය. දේව විශ්වාසය තුළ දෙගිඩියාවෙන් පෙළෙන්නන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්, ‘මෙම සුලබ සංඛයාවකින් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යැයි විමසා සිටිනු පිණිසය. මෙම සංඛ්යාව පිටු දකින්නා නොමග යෑමත්, එය තහවුරු කරන්නාට මග ලැබීමත්, මෙහි උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් නොමග යැවීමට අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරිනු ඇත. එමෙන්ම යහමග පෙන්වීමට අපේක්ෂා කරන්නන් යහමග යොමු කරනු ඇත. ඔබේ පරමාධිපතිගේ සේනාවේ අධිකත්වය ඔහු හැර වෙනත් කිසිවෙකු නො දනී. නිරා ගින්න මිනිස් වර්ගයාට මෙනෙහි කිරීමක් මිස නැත. එමගින් ඔවුහු පාරිශුද්ධ වූ අල්ලාහ්ගේ බල මහිමය හඳුනා ගනු ඇත
كَلَّا وَٱلْقَمَرِ ﴿٣٢﴾
සැබැවින්ම තමන් නිරයේ භාරකරුවන් වළක්වන තරමට ඔවුනට ප්රමාණවත් බව දෙවියන්ට ආදේශ තබන ඇතැමුන් කල්පනය කරන්නාක් මෙන් එම ප්රකාශය නැත. අල්ලාහ් සඳු මත දිවුරා පවසයි
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ ﴿٣٣﴾
රාත්රිය ගෙවී යන අවස්ථාවේ ඒ මත දිවුරමින්
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ ﴿٣٤﴾
උදෑසන ආලෝකය විහිදුවන විට එම උදෑසන කාලය මත දිවුරමින්
إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ ﴿٣٥﴾
සැබැවින්ම නිරා ගින්න අති බිහිසුණු අභාග්යයන්ගෙන් එකකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් نذيرا للبشر
نَذِيرًۭا لِّلْبَشَرِ ﴿٣٦﴾
මිනිසුනට ත්රස්තය හා බිය ගැන්වීමක් වශයෙනි
لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ﴿٣٧﴾
අහෝ ජනයිනි! එය අල්ලාහ්ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන්හි නිරත වී, ඉදිරියට යෑමට හෝ දේව ප්රතික්ෂේපය හා පාපකම් ඉටු කර පසුබසින්නට කැමැත්තන් හටය. كل نفسبما كسبت رهينة
كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ ﴿٣٨﴾
සෑම ආත්මයක්ම ඔවුනොවුන් උපයාගත් ක්රියාවන් අනුව ග්රහණය කරනු ලැබේ. එනම් එම ආත්මයගේ ක්රියාදාමයන් එය විනාශ කරන්නක් ලෙසින් හෝ එය නිදහස් කොට විනාශයෙන් මුදවන්නක් ලෙසින් හෝ පිහිටනු ඇත
إِلَّآ أَصْحَـٰبَ ٱلْيَمِينِ ﴿٣٩﴾
නමුත් දේවත්වය විශ්වාස කරන්නන් හැර. සැබැවින්ම ඔවුන්ගේ වැරදි හේතුවෙන් ඔවුන් ග්රහණය කරනු නො ලබති. ඔවුන් සතුව දැහැමි ක්රියාවන් ඇති බැවින් ඒ සඳහා සමාව දෙනු ලැබේ
فِى جَنَّـٰتٍۢ يَتَسَآءَلُونَ ﴿٤٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග උයන්හි එකිනෙකා පිළිබඳ ඔවුනොවුන් විමසා ගනිමින් සිටිති
عَنِ ٱلْمُجْرِمِينَ ﴿٤١﴾
පාපකම් සිදු කිරීම තුළින් තමන්වම විනාශ කර ගත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳවය. ما سلككم فى سقر
مَا سَلَكَكُمْ فِى سَقَرَ ﴿٤٢﴾
නිරයට නුඹලා ඇතුළත් කළේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසති
قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ ﴿٤٣﴾
එවිට දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට පිළිතුරු දෙමින්, 'මෙලොව ජීවිතයේ අනිවාර්යය සලාතය ඉටු කරන්නන් ලෙස අපි නොසිටියෙමු' යැයි පවසති
وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ ﴿٤٤﴾
අල්ලාහ් අපට පිරිනැමූ දැයින් දිළිඳුන් හට ආහාර සපයන්නන් ලෙස අපි නොසිටියෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ ﴿٤٥﴾
අපි ව්යාජත්වයේ පසුවන්නන් සමග සිටියෙමු. ඔවුන් යන යන තැන අපි ද ගියෙමු. නොමග ගියවුන් හා පොළඹවන්නන් සමග අපි කතා කරමින් සිටියෙමු
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ ﴿٤٦﴾
ප්රතිඵල පිරිනමනු ලබන දිනය අපි බොරු කරමින් සිටියෙමු
حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ ﴿٤٧﴾
මරණය අප වෙත පැමිණෙන තෙක් බොරු කිරීමෙහි අපි අඛණ්ඩ ව සිටියෙමු. එහෙයින් අප අතර හා තව්බාව නොහොත් පාපක්ෂමාව අතර තිරයක් වැටුණි
فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ ﴿٤٨﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මලක්වරුන් නබිවරුන් හා දැහැමියන්ගේ මැදිහත් වීම ඔවුනට ප්රයෝජනවත් නො වන්නේය. ඊට හේතුව මැදිහත් වීම පිළිගැනීමේ කොන්දේසි අතරින් මැදිහත් වනු ලබන්නා ගැන තෘප්තිය ද පිහිටිය යුතු බැවිණි
فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ ﴿٤٩﴾
දෙවියන්ට ආදේශ තබන මොවුන් අල් කුර්ආනය පිටුපාන්නන් බවට පත් කළේ කවර කරුණක් ද? كأن هم حمر مستنفرة
كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ ﴿٥٠﴾
ඔවුන්ගේ පිටු දැකීම හා පලා යෑම දැඩිසේ බියෙන් පලා යන කැලෑ බූරුවන් මෙන් පවතී. فرت من قسورة
فَرَّتْ مِن قَسْوَرَةٍۭ ﴿٥١﴾
උන් සිංහයාට බිය වී උගෙන් පලා යති
بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًۭا مُّنَشَّرَةًۭ ﴿٥٢﴾
එම ආදේශ තබන්නන් සෑම කෙනෙකුම, ‘සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් වේ’ යැයි දන්වා සිටින දිගු හරින ලද ලේඛනයක් තම හිස අබියස මතු විය යුතු යැයි අපේක්ෂා කරති. එය සාක්ෂි අඩුකම හේතුවෙන් හෝ සාධක දුර්වලකම හේතුවෙන් නොව, ඔවුන්ගේ මුරණ්ඩුකම හා අහංකාරකම හේතුවෙනි
كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْـَٔاخِرَةَ ﴿٥٣﴾
කරුණ එසේ නොව, එයට හේතුව ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් මුරණ්ඩුකමින් සිටි බැවිනි. සැබැවින්ම ඔවුන් මතුලොව දඬුවම පිළිබඳ විශ්වාස නොකරති. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ ﴿٥٤﴾
දැනගන්න. සැබැවින්ම අල් කුර්ආනය උපදෙසක් මෙන්ම මතක් කිරීමකි
فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿٥٥﴾
අල් කුර්ආනය කියවා එමගින් උපදෙස් ලබන්නට අභිමත කරන්නන් එමගින් උපදෙස් ලබත්වා!
وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ ﴿٥٦﴾
ඔවුන් උපදෙස් ලබන්නට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුන් උපදෙස් නොලබනු ඇත. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවීමට ඔහුම සුදුස්සා වේ. එමෙන්ම තම ගැත්තන් ඔහු වෙත පාපක්ෂමාව අයැද සිටින විට, ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට ඔහුම වඩාත් සුදුස්සා වේ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත