මුල් පිටුවතෆ්සීර්Al-Masad (111)

තෆ්සීර් Al-Masad (111) — المسد

මක්කී · 5 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

تَبَّتْ يَدَآ أَبِى لَهَبٍۢ وَتَبَّ ﴿١﴾

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට වධ වේදනා ගෙන දෙමින් කටයුතු කළ බැවින් ඔහුගේ දෑත් විනාශයට පත් වේවා! ඔහුගේ උත්සාහය ද පරාජයට පත් වේවා!

مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ ﴿٢﴾

ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත. سيصل نارا ذات لهب

سَيَصْلَىٰ نَارًۭا ذَاتَ لَهَبٍۢ ﴿٣﴾

අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත

وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ ﴿٤﴾

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත. فى جيدها حبل من مسد

فِى جِيدِهَا حَبْلٌۭ مِّن مَّسَدٍۭ ﴿٥﴾

නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Masad — المسد

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා