إِذَا جَآءَكَ ٱلْمُنَـٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ ﴿١﴾
අහෝ දූතය! ඉස්ලාමය මතුපිටින් පෙන්වා, දේව ප්රතික්ෂේපය සඟවා ගෙන සිටින කුහකයින් නුඹේ සභාවට පැමිණි විට ඔවුහු, ‘අල්ලාහ්ගේ දූතයාණන් සත්ය බව අපි සාක්ෂි දරමු.’ යැයි පවසති. සැබැවින්ම නුඹ සත්යක් බව අල්ලාහ් දනී. නුඹ සැබැවින්ම ඔහුගේ දූතයා බව ඔවුන්ගේ හදපත්ලෙන්ම සාක්ෂි දරන බවට කුහකයින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි
ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةًۭ فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢﴾
දේව විශ්වාසය ගැන ඔවුන් වාද කරමින් ඒ මත දිවුරා සිටින ඔවුන්ගේ දිවුරුම් ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගතවීමෙන් ආරක්ෂා වීමක් ලෙස හා ආවරණයක් ලෙස ඔවුහු යොදා ගත්තෝය. සැකය හා ව්යාකූලත්වය විකාශනය කරමින් ජනයා දේව විශ්වාසයෙන් හැරෙව්වෝය. ඔවුන් ක්රියාත්මක කරමින් ආ කුහකත්වය ව්යාජ විශ්වාසය ඉතා පිළිකුල් සහගතය; නපුරුය. ذلك بأنهم ءامنواثم كفروافطبع عل قلوبهم فهم لا يفقهون
ذَٰلِكَ بِأَنَّهُمْ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ ﴿٣﴾
සැබැවින්ම එය ඔවුන් කුහක ලෙස විශ්වාස කළ හේතුවෙනි. ඔවුන්ගේ හදවත් තුළට දේව විශ්වාසය සේන්දු වූයේ නැත. පසු ව ඔවුහු රහසින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත ඔහු මුද්රා තැබීය. එහෙයින් එතුළට දේව විශ්වාය පිවිසෙන්නේ නැත. එම මුද්රාව හේතුවෙන් ඔවුනට යහපත් වන දෑ හා ඔහුට මඟපෙන්වන දෑ ඔවුන් වටහා නොගනිති
۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِن يَقُولُوا۟ تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌۭ مُّسَنَّدَةٌۭ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ ٱلْعَدُوُّ فَٱحْذَرْهُمْ ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٤﴾
අහෝ අධීක්ෂණය කර බලන්නනි! ඔවුන් තුළ ඇති දැකුම්කළුභාවය හා සැප පහසුකම් හේතුවෙන් ඔවුන්ගේ ස්වරූපය හා හැඩරුව නුඹව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කරන්නේ නම් ඔවුන්ගේ කතාව තුළ රසාස්වාදයක් ඇති බැවින් එම කතාවට නුඹ සවන් දෙනු ඇත. අහෝ දූතය! සැබැවින්ම ඔවුන් නුඹේ සභාවෙහි හේත්තු කර තබා ඇති කොටන් මෙනි. කිසිවක් වටහා නොගන්නා අතරම ඒ සඳහා උදව් කරන්නේ ද නැත. ඔවුන් තුළ පවතින බියගුලුකම නිසා සෑම හඬක්ම ඔවුන්ව ඉලක්ක කර ගනිමින් පවසන්නේ යැයි සිතති. සැබෑ සතුරෝ ඔවුහුමය. අහෝ දූතය! ඔවුන් නුඹට රහස් හෙළි කිරීම හෝ නුඹට යම් කුමන්ත්රණයක් කිරීම ගැන ප්රවෙසම් වනු. අල්ලාහ් ඔවුනට ශාප කළේය. දේව විශ්වාසයේ සාධක بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පැහැදිලි කිරීමෙන් හා එහි සාක්ෂි නිරූපණය කිරීමෙන් පසු ඔවුන් එම විශ්වාසයෙන් වෙනතකට හැරෙනුයේ කෙසේ ද?
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ ٱللَّهِ لَوَّوْا۟ رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ ﴿٥﴾
එම කුහකයින්ට: නුඹලාගෙන් මතු වූ කරුණු සම්බන්ධයෙන් සමාව අයැදිමින් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණෙනු. ඔහු නුඹලාගේ පාපයන් සඳහා නුඹලා වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිනු ඇත.’ යැයි පවසනු ලැබූ විට හාස්යට ලක් කරමින් හා සරදම් කරමින් ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. කවර දෙයක් ඔවුනට අණ කරනු ලැබුවේ ද, ඔවුන් එයට පිටුපානු නුඹ දකිනු ඇත. සත්ය පිළිගැනීමට ද එය අත්පත් කර ගැනීමට ද ඔවුන් උඩඟු වෙති
سَوَآءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿٦﴾
අහෝ දූතය ඔවුන්ගේ පාපකම් වෙනුවෙන් නුඹ සමාව අයැද සිටිය ද, එසේ ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිය ද සමාන වන්නේය. ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසිවිටෙක සමාව දෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැරවී පාපයේ අඛණ්ඩව නිරතවන්නන්හට ආශිර්වාද කරන්නේ නැත
هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا۟ عَلَىٰ مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّوا۟ ۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَـٰكِنَّ ٱلْمُنَـٰفِقِينَ لَا يَفْقَهُونَ ﴿٧﴾
‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින දිළිඳුන්හටත් මදීනාව අවට සිටින ගම්බද අරාබීන් හටත් ඔහුගෙන් ඔවුන් වෙන්ව යන තුරු නුඹලාගේ ධනය (ඔවුන් සඳහා) වියදම් නොකරනු’ යැයි පවසා සිටි අය ඔවුහුමය. අහස්හි භාණ්ඩාගාරය ද මහපොළොවේ භාණ්ඩාගාරය ද සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සම්පත් පිරිනමනු ඇත. නමුත් පෝෂණ සම්පත්හි භාණ්ඩාගාරය ඔහු සතු ව ඇති බව කුහකයින් නොදනිති
يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ ۚ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ وَلَـٰكِنَّ ٱلْمُنَـٰفِقِينَ لَا يَعْلَمُونَ ﴿٨﴾
ඔවුන්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි, "මදීනාවට අපි නැවත හැරී ගියේ නම් ගෞරවණීයයන් වන මා හා මාගේ පිරිස විසින්, ඉතා පහත් අය වන මුහම්මද් හා ඔහුගේ මිතුරන් පිටුවහල් කරනු ලබනු ඇත." යැයි පැවසීය. ගෞරවය සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන්හට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ද සතුය. එය අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි හා ඔහුගේ පිරිසට නොවීය. සැබැවින්ම ගෞරවය අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසීන්ටත් සතු බව එම කුහකයෝ නොදනිති
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٩﴾
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් සලාතයෙන් හා වෙනත් ඉස්ලාමයේ වගකීම්වලින් නුඹලා වෙනතකට යොමු නොකළ යුතුයි. අල්ලාහ් අනිවාර්යය කළ සලාතය හා වෙනත් දැයින් තම ධන සම්පත් හා දරුවන් තමන් වෙනතකට යොමු කරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලේ අය අලාභහානියට පත් කර ගත් සැබෑ අලාභවන්තයින් වන්නේ ඔවුහුමය
وَأَنفِقُوا۟ مِن مَّا رَزَقْنَـٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِىٓ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿١٠﴾
නුඹලාගෙන් කිසිවෙකුට මරණය පැමිණීමට පෙර අල්ලාහ් නුඹලාට පෝෂණය කළ වස්තුවෙන් නුඹලා වියදම් කරනු. ඔහු තම පරමාධිපතිට, ‘මාගේ පරමාධිපතියාණනි! ටික කලකට නුඹ මා ප්රමාද කළ යුතු නොවේ ද! එවිට මාගේ ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. තම ක්රියාදාමයන් විධිමත් කර ගත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් අතරට මම ද පත්වෙමි' යැයි පවසා සිටියි
وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفْسًا إِذَا جَآءَ أَجَلُهَا ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١١﴾
කිසිදු ආත්මයක් එහි නියමත වේලාව පැමිණ එහි ආයුකාලය අවසන් වූ විට ශුද්ධවන්තයාණන් අල්ලාහ් ප්රමාද කරන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම්, යහපතය. එය අයහපත් නම්, අයහපතය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්