මුල් පිටුවතෆ්සීර්At-Taghaabun (64)

තෆ්සීර් At-Taghaabun (64) — التغابن

මදනී · 18 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿١﴾

අල්ලාහ්ට සුදුසු නොවන අඩුපාඩු සහිත සියලු ගුණාංගවලින් පිරිසිදු කොට අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම්, ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. රාජ්ය පාලනය ඔහුට පමණක් සතුය. ඔහු හැර වෙනත් පාලකයෙකු නැත. සියලු පැසසුම් ඔහු සතුය. සියලු දෑ කෙරෙහි ඔහු සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැක

هُوَ ٱلَّذِى خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌۭ وَمِنكُم مُّؤْمِنٌۭ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٢﴾

අහෝ ජනයිනි! නුඹලාව මැව්වේ ඔහුය. නුඹලා අතර ඔහු ව ප්රතික්ෂේප කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන නිරා ගින්නයි. එමෙන්ම නුඹලා අතර ඔහුව විශ්වාස කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන ස්වර්ග උයනයි. නුඹලා සිදු කරන දෑ ගැන අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿٣﴾

අහස් හා මහපොළොව යුක්ති ධර්මයෙන් යුතුව ඔහු මැව්වේය. ඒ දෙක නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! ඔහුගෙන් වූ දායදයක් හා භාග්යයක් වශයෙන් නුඹලාගේ හැඩරුව ඔහු වඩාත් අලංකාර ලෙස හැඩැගැන්වීය. ඔහු අභිමත කර තිබුණේ නම්, එය අප්රසන්න ලෙස මවන්නට තිබුණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන්නේ ඔහු වෙත පමණය. එවිට නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතය. එය අයහපත් වී නම් අයහපතය

يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٤﴾

අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. නුඹලා සඟවන හා නුඹලා දන්වා සිටින දෑ ගැන ද ඔහු දනී. හදවත් තුළ ඇති හොඳ නරක සියල්ල පිළිබඳ අල්ලාහ් සර්වඥය. එවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත

أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ فَذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٥﴾

අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නූහ්, ආද්, සමූද් හා වෙනත් සමූහයන් මෙන් නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් පිළිබඳ තොරතුරු නුඹලා වෙත නොපැමිණියේ ද? මෙලොවෙහි ඔවුන් ප්රතික්ෂේපයේ සිටි බැවින් ඒ සඳහා වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඔවුනට ඇත. එසේය, නුඹලා වෙත එම තොරතුරු පැමිණ ඇත. එහෙයින් ඔවුන්ගේ කටයුතුවලට අදාළ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔවුනට අත් වූ දෑ නුඹලාට අත්වන්නට පෙර අල්ලාහ් වෙත සමාව අයැද යොමු වන්න

ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالُوٓا۟ أَبَشَرٌۭ يَهْدُونَنَا فَكَفَرُوا۟ وَتَوَلَّوا۟ ۚ وَّٱسْتَغْنَى ٱللَّهُ ۚ وَٱللَّهُ غَنِىٌّ حَمِيدٌۭ ﴿٦﴾

ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, එය ඔවුනට අත් වූයේ ඔවුන්ගේ දූතවරු අල්ලාහ් අබියසින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආ විට, ඔවුන් මිනිස් වර්ගයා අතරින් එම දූතයා පත් වීම හෙළා දකිමින්, ‘සත්ය වෙත අපට මග පෙන්වා සිටිනුයේ මිනිසෙකු දැ?’යි විමසා සිටියෝය. ඔවුන් විශ්වාස කිරීමෙන් වැළකී සිටියෝය. එය පිටුපෑවෝය. ඔවුන් අල්ලාහ්ට කිසිදු හිංසාවක් කළ නොහැක. ඔවුන්ගේ විශ්වාසය හෝ ඔවුන්ගේ අවනතභාවය අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. සැබැවින්ම ඔවුන් අවනත වීම ඔහුට කිසිවක් වර්ධනය කරන්නේ නැත. අල්ලාහ් අවශ්යතාවෙන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තොරය. ඔහුගේ ගැත්තන් වෙත අවශ්යතාවක් නැත්තාය. ඔහුගේ ප්රකාශ හා ක්රියාවන්හි ඔහු ප්රශංසා ලාබීය

زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن لَّن يُبْعَثُوا۟ ۚ قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿٧﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, තම මරණයෙන් පසු යළි ජීවමාන ලෙස අල්ලාහ් අවදි නොකරන්නේ යැයි විශ්වාස කළෝය. අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු. එසේය, මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ මාගේ පරමාධිපති යළි අවදි කිරීම නියතය. පසු ව නුඹලා මෙලොවෙහි සිදු කළ දෑ ගැන තොරතුරු ඔහු දන්වා සිටියි. එසේ යළි අවදි කරවීම අල්ලාහ්ට පහසු කාර්යයකි. සැබැවින්ම ඔහු නුඹලා මුල් වරට මැව්වේ ය. ඔහු නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාව ජීවමානව අවදි කිරීමට බලය ඇත්තාය

فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿٨﴾

අහෝ ජනියිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්වද විශ්වාස කරනු. අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල් කුර්ආනය ද විශ්වාස කරනු. නුඹලා සිදු කරන දෑ ගැන තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ ٱلتَّغَابُنِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَـٰلِحًۭا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُدْخِلْهُ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٩﴾

නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලාව එක්රැස් කරන අවස්ථාව ගැන මෙනෙහි කර බලනු. එදින දෙවියන් විශ්වාස කරන්නන් ස්වර්ගයේ ඇති නිලයන් උරුම කර ගැනීමෙන් හා ප්රතික්ෂේප කළ නිරාවාසීන් අපා ගින්නේ නිලයන් උරුම කර ගැනීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ අලාභය හා පාඩුව කෙතරම් දැයි හෙළි වනු ඇත. කවරෙකු අල්ලාහ් විශ්වාස කර දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද අල්ලාහ් ඔහුගේ පාපකම් ඔහුගෙන් ඉවත් කරනු ඇත. ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඔහු ව ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එයින් ඔවුන් බැහැර නොවෙති. එහි ඇති සුවපහසුකම් ඔවුන්ගෙන් වෙන් වී නොයයි. ඔවුන් අත්පත් කර ගත් එය කිසිදු ජයග්රයණයකට සමීප කළ නො හැකි අතිමහත් ජයග්රහණයයි

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ خَـٰلِدِينَ فِيهَا ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿١٠﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් හට පහළ කළ අපගේ වදන් බොරු කළවුන් වනාහි, නිරයේ සදා ලැඟුම් ගන්නා නිරා වාසීන් ඔවුහුමය. ඔවුන් නවාතැන් ගන්නට යන නවාතැන ඉතා නරකය

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿١١﴾

කිසිවෙකුට ඔහු තුළ හෝ ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් තුළ හෝ යම් කිසි ව්යසනයක් හට ගත්තේ නම්, එය අල්ලාහ්ගේ තීන්දුවකින් හා ඔහුගේ නියමයකින් මිස නැත. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ තීන්දුව හා ඔහුගේ නියමය විශ්වාස කරන්නේ ද ඔහුගේ නියෝගයට යටත්වීමටත් ඔහුගේ තීන්දුව පිළිගැනීමටත් අල්ලාහ් එම පුද්ගලයාගේ හදවතට ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿١٢﴾

නුඹලා අල්ලාහ්ට අවනත වනු. දූතයාණන්ට ද අවනත වනු. ඔහුගේ දූතයාණන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එයට පිටුපාන්නේ නම් එම පිටුපෑමේ පාපය නුඹලාට එරෙහිවම පිහිටනු ඇත. අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ කවර කරුණක් දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කර ඇත්තේ ද, එය දන්වා සිටීම පමණය. සැබැවින්ම දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කළ දෑ ඔහු නුඹලාට දන්වා ඇත

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٣﴾

නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලුම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් ස්ථීරوලෙස රැඳී සිටිය යුතුය

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ مِنْ أَزْوَٰجِكُمْ وَأَوْلَـٰدِكُمْ عَدُوًّۭا لَّكُمْ فَٱحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا۟ وَتَصْفَحُوا۟ وَتَغْفِرُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿١٤﴾

غفور ر حيم අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ බිරියන් හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා ඔහුගේ මාර්ගයේ කැපවීමෙන් නුඹලාව වෙනතකට යොමු කොට නුඹලාව අධෛර්යමත් කිරීම හේතුවෙන් ඔවුන් නුඹලාට සතුරන් වී නම්, නුඹලා තුළ ඔවුන් බලපෑමක් වීමෙන් නුඹලා ප්රවේශම් වනු. ඔවුන් නුඹලා ව නොමග යැවීමෙන් නුඹලා ඔවුන් ඉක්මවා ගොස් නුඹලා එයට පිටුපා ඔවුනට එය වසන් කර සිටියේ නම්, එවිට සැබැවින්ම නුඹලාගේ පාපය සඳහා අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. නුඹලාට කරුණාව පෙන්වනු ඇත. ප්රතිඵල හිමිවනුයේ ඒ හා සමාන ක්රියා වර්ගයකිනි

إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌۭ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ﴿١٥﴾

සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් නුඹලාට පරීක්ෂණයකි. විභාගයකි. සැබැවින්ම නිත්යානුකූල නොවන පරිදි ඉපැයීමටත් අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත්වීමටත් ඔවුහු නුඹලාට පවරනු ඇත. කවරෙකු දරුවන්ට අවනත වීමට වඩා, ධන සම්පත්හි නිරත වීමට වඩා, ඔහුට අවනත වීම තෝරා ගත්තේ ද අල්ලාහ් අබියස ඔහුට අතිමහත් තිළිණ ඇත. එම අතිමහත් ප්රතිඵලය වනුයේ ස්වර්ගයයි

فَٱتَّقُوا۟ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُوا۟ وَأَطِيعُوا۟ وَأَنفِقُوا۟ خَيْرًۭا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿١٦﴾

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් හැකි පමණින් ඔහුට අවනතවන ක්රියාමාර්ග අනුගමනය කරමින් ඔහු පිළිබඳ හැඟීමෙන් යුතුව කටයුතු කරනු. නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සවන් දී අවනත වනු. අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති නුඹලාගේ සම්පත් යහපත් අයුරින් වියදම් කරනු. අල්ලාහ් කවරෙකු ආරක්ෂා කළේ ද ඔහුගේ ආත්මය සුරක්ෂිතය. ඔවුන් කවර දෙයක් පැතුවේ ද එය හිමි කර ගනිමින් හා ඔවුන් කවර දෙයකට බිය වූයේ ද එයින් ජය ලබමින් සමත් වූවෝ ඔවුහුමය

إِن تُقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَـٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ﴿١٧﴾

නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරමින් ඔහුට අලංකාර ණයක් ලබා දුන්නේ නම් නුඹලාට හිමි වන ප්රතිඵල, කුසලකට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වාත් ඊටත් වඩා වැඩි වශයෙන් ද ගුණ කර දෙනු ඇත. නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ් කෘතගුණ සලකන්නාය. සුළු ක්රියාවකට පවා අධික ලෙස කුසල් පිරිනමයි. ඔහු දයාලුය. දඬුවම ඉක්මන් නොකරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١٨﴾

සුවිශුද්ධ වූ අල්ලාහ් ගුප්තව ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. විද්යාමානව පවතින දෑ ගැන ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාය. ඔහුගේ මැවීමෙහි ඔහු ආගමානුගත කළ දෑහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · At-Taghaabun — التغابن

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා