මුල් පිටුවතෆ්සීර්Al-Fil (105)

තෆ්සීර් Al-Fil (105) — الفيل

මක්කී · 5 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ ﴿١﴾

අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද? ألم يجعل كيدهم فى تضليل

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ ﴿٢﴾

එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය. وأرسل عليهم طيرا أبابيل

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ﴿٣﴾

කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය. ترميهم بحجارة من سجيل

تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ ﴿٤﴾

රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය. فجعلهم كعصف م أكول

فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ ﴿٥﴾

සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළෑටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Fil — الفيل

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා