මුල් පිටුවතෆ්සීර්Al-An'aam (6)

තෆ්සීර් Al-An'aam (6) — الأنعام

මක්කී · 165 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَـٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ ﴿١﴾

නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍۢ ثُمَّ قَضَىٰٓ أَجَلًۭا ۖ وَأَجَلٌۭ مُّسَمًّى عِندَهُۥ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ ﴿٢﴾

අහෝ! ජනයිනි, ඔබේ ආදි පියා ආදම් පසින් මැවීමෙන් ඔබ ව මවන්නට පටන් ගත් ඔබේ මැවුකරු සුවිශුද්ධය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ ව ටික කලක් පදිංචි කරවා ඔහු හැර වෙනත් කිසිවකු නොදන්නා ආයුෂ කාලයක් ඔබට ඔහු පිරිනැමීය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ය. පසු ව යළි අවදි කිරීමේ ඔහුගේ බලය පිළිබඳ ඔබ සැක කරන්නෙහුය

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴿٣﴾

අහස් හා මහපොළොවේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහුය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ සඟවන චේතනා ප්රකාශ හා ක්රියා ඔහු මැනවින් දනී. එමෙන්ම එලෙස ඔබ දන්වා සිටින දෑ ද ඔහු මැනවින් දනී. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත. وما تأتيهم من ءاية من ءايت ربهم إلا كانواعنها معرضين

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَـٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿٤﴾

ආදේශ කරන්නන් වෙත ඔවුන්ගේ පරමාධිපති වෙතින් යම් සාධකයක් පැමිණි විට ඔවුහු එය නොසලකා හැර අහහැර දැමූහ. අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණියේය. ඔහුගේ දූතයාණන් තහවුරු කරමින් ද පැහැදිලි සංඥා පැමිණියේය. එසේ තිබියදීත් ඔවුහු එය නොසලකා හැර පිටුපෑහ

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَـٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٥﴾

ඔවුන් එම පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ප්රතික්ෂේප කළේ නම් ඊට වඩාත් පැහැදිලි ව ඇති දෑ ද ප්රතික්ෂේප කරනු ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුර්ආනයේ කවර කරුණක් ගෙන ආවේද එය ඔවුහු බොරු කළහ. ඔවුන් අපහාස කරමින් සිටි දෑ සත්යය බව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවම දකින විට දැන ගනු ඇත

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ مَّكَّنَّـٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًۭا وَجَعَلْنَا ٱلْأَنْهَـٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَـٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ﴿٦﴾

අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَـٰبًۭا فِى قِرْطَاسٍۢ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿٧﴾

අහෝ! දූතය, ඔබ වෙත පත්රිකාවල ලියන ලද පුස්තකයක් පහළ කොට ඔවුන්ගේ දෑස් වලින්ම එයට සාක්ෂි දරා තම අත් වලින් එම පුස්තකය ස්පර්ශ කර තහවුරු කර ගත්ත ද ඔවුන් අතර ඇති ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුහු එය විශ්වාස නොකරති. ඔබ කවර දෙයක් ගෙන ආවේ ද එය පැහැදිලි සූනියමක් මිස ගණන් ගනු නොලැබේ. එහෙයින් අපි එය කිසිවිටක විශ්වාස නොකරන්නෙමු යැයි පවසා සිටියෝය

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۭ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًۭا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ ﴿٨﴾

අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ. ولو جعلنهملكا ل جعلنهرجلا وللبسنا عليهم ما يلبسون

وَلَوْ جَعَلْنَـٰهُ مَلَكًۭا لَّجَعَلْنَـٰهُ رَجُلًۭا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ ﴿٩﴾

ඔවුන් වෙත එවනු ලබන්නා මලක්වරයකු ලෙස අපි පත් කළ ද ඔහු ගැන ඇසීමට හා ඔහු ගැන කතා කිරීමට ඔවුනට හැකි වන සේ මිනිසකුගේ ස්වරූපයෙන්ම පත් කරන්නෙමු. එසේ නොවේ නම්, අල්ලාහ් ඔහු ව මවා ඇති ස්වරූපය අනුව මලක්වරයා සමග එලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. අපි ඔහු ව මිනිසෙකුගේ ස්වරූපයෙන් මැව්වේ නම් ද ඔහුගේ කටයුතු ඔවුනට කුතුහලය ඇති කරනු ඇත

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿١٠﴾

ඔබ සමග මලක්වරයකු පහළ වීම සම්බන්ධයෙන් ඔවුන් විමසා අපහාස කරන්නේ නම් ඔබට පෙර සිට සමූහයන් ඔවුන්ගේ දූතවරුන්හටද අපහාස කර ඇත. ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කරමින් හා අපහාස කරමින් සිටියේද ඔවුන් බිය ගන්වමින් දඬුවම ඔවුන් සර්වප්රකාරයෙන් වට කරනු ඇත

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿١١﴾

අහෝ! දූතය, මෙම බොරුකාර අපහාස කරන්නන්හට “ඔබ මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු” යැයි පවසනු. එහි ඔවුන් ආශිර්වාදයෙන් පිරි ශක්තිමත් ව සිටිය ද පසු ව අල්ලාහ්ගේ දඬුවම ඔවුනට නියම විය

قُل لِّمَن مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿١٢﴾

අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ

۞ وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿١٣﴾

රාත්රියෙහි හා දහවලෙහි ලැඟුම් ගෙන සිටින සියලු දෑ හි පාලනය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනටي ප්රතිඵල පිරිනමනු ඇත

قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّۭا فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٤﴾

අහෝ දූතය! අල්ලාහ් සමගම පිළිම හා වෙනත් දෑ නමදින, දේවත්වයට ආදේශ කරන්නන්හට ඔබ මෙසේ පවසනු; අල්ලාහ් නොවන කෙනෙකු උදව්කරුවකු වශයෙන් ගෙන, ඔහු ට සමීප වී ඔහුගෙන් මා උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් කටයුත්තක් ද? කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. ඒ දෙක පෙර කිසිවකු මැව්වේ නැත. ඔහු තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණය ලබා දෙයි. ඔහුගේ ගැත්තන් කිසිවකු ඔහුට ආහාර සපයන්නේ නැත. ඔහු තම ගැත්තන්ගෙන් පොහොසත්ය. සියලු ගැත්තන් ඔහු වෙත යැපෙන්නන් වෙති. අහෝ දූතය! ඔබ පවසනු. සැබැවින්ම මාගේ පරමාධිපති මා ඔහුට අවනත වන, ඔහුට යටත් වන පළමුවැන්නා වීමට අණ කළේය. තවද ඔහු හැර වෙනත් අය ඔහු සමග ආදේශ කරන්නන් අතරට මා පත්වීමෙන් ඔහු වළැක්වීය

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿١٥﴾

අහෝ! දූතය, මා වෙත අල්ලාහ් තහනම් කළ ෂිර්ක් හෝ වෙනත් වැරදි දෙයක් කිරීම හේතුවෙන් අල්ලාහ්ට පිටුපෑමෙන් හෝ ඔහු මට අණ කළ දේව විශ්වාසය හා ඔහුට අවනතභාවය පෙන්විය යුතු වෙනත් දෑ අතහැර දැමීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහත් දඬුවමකින් මා දඬුවම් කරනු ලැබීම ගැන මම බිය වෙමි

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمَهُۥ ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ ﴿١٦﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවමින් අල්ලාහ් කවරෙක් දුරස් කරන්නේද, සැබැවින්ම ඔහු සතු අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහු සැබැවින්ම ජය ගනු ඇත. දඬුවමින් දුරස් ව ලබන මෙම ජය වෙනත් කිසිදු ජයකට සමීප කළ නොහැකි පැහැදිලි ජයග්රහණයකි

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍۢ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٧﴾

ආදම්ගේ පුතණුවනි! අල්ලාහ්ගෙන් වූ යම් විපතක් ඔබ වෙත ළඟා වූයේ නම් එම විපත ඔබෙන් වළක්වන කිසිවකු නැත. එසේම ඔහු වෙතින් යම් යහපතක් ඔබ වෙත ළඟා වූයේ නම්, එයින් ඔහු ව වළක්වන කිසිවකුද නැත. ඔහුගේ භාග්යය පිටුදකින්නට කිසිවකු ද නැත. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿١٨﴾

ඔහු තම පහත් ගැත්තන් අබිබවා යන්නාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැකි පරිදි ඔවුනට ඉහළින් සිටින්නාය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. සියලු දෙනා ඔහුට යටහත් වූවෝ වෙති. ඔහු ඔහුට ගැළපෙන පරිදි ඔහුගේ ගැත්තන්ට ඉහළින් සිටියි. මැවීමේ සැලසුම් කිරීමේ හා ආගම නීතිගත කිරීමේ ඔහු මහා ප්රඥාවන්තය. සියලු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් තොරතුරු දන්නාය. එහෙයින් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَـٰدَةًۭ ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَـٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌۭ وَٰحِدٌۭ وَإِنَّنِى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿١٩﴾

ئ ى إ අහෝ දූතය! ඔබ ව බොරු කරන, දෙවියන්ට ආදේශ කරන ජනයාගෙන් “මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ කවර කරුණක්දැයි විමසනු. මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ අල්ලාහ්ගේ සාක්ෂිය” යැයි පවසනු. ඔහු මා අතර හා ඔබ අතර සාක්ෂිකරුය. මා කවර දෙයක් ඔබ වෙත ගෙන ආවේද, ඔබ කවර දෙයක් හෙළා දකින්නේද එය ඔහු දනී. ඔබ බිය ගැන්වීම පිණිසත් එමගින් මිනිසුන් හා ජින්නුන් මම බිය ගැන්වීම පිණිසත් අල්ලාහ් මෙම කුර්ආනය මා වෙත දන්වා ඇත්තේය. අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම අල්ලාහ් සමග නැමදුමට සුදුසු තවත් දෑ ඇති බව ඔබ විශ්වාස කරන්නෙහුය. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. ඔබ කවර දෙයක් පිළිගෙන ඇත්තේද එය ව්යාජ බැවින් මම ඒ සඳහා සාක්ෂි නොදරමි. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. ඔබ කවර දෙයක් ඔහුට ආදේශ කරන්නේද සැබැවින්ම මම එයින් නිදොස් වෙමි

ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿٢٠﴾

අප තව්රාතය පිරිනැමූ යුදෙව්වන් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් තම දරුවන් සෙසු දරුවන්ගෙන් වෙන් කර හඳුනනවාක් මෙන් පූර්ණ දැනුමකින් යුතු ව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව හඳුනති. නිරයට ඇතුළත් කිරීමෙන් තමන්ටම අලාභහානි සිදු කර ගත්තෝ ඔවුහු වෙති. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَـٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ ﴿٢١﴾

අල්ලාහ්ට හවුල් කරුවෙක් සම්බන්ධ කොට ඔහු සමග ඔහුටත් ගැතිකම් කර ඔහුගේ දූතයාණන්ට පහළ කළ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා අපරාධකුවෙකු වෙනත් නැත. සැබැවින්ම අල්ලාහ් වෙත හවුල්කරුවෙකු සම්බන්ධ කරන ඔහුගේ වදන් බොරු කරන අපරාධකරුවන් මේ සඳහා පාප සමාව අයැද නොසිටියේ නම් ඔවුන් කිසිවිටෙක ජය නොලබනු ඇත

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿٢٢﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් කිසිවකු අත් නොහැර ඔවුන් සියලු දෙනා එකට එක්රැස් කොට අල්ලාහ් සමග වෙනත් අය නැමදුමට ගත් ජනයාට තරවටු කරමින්: "සැබැවින්ම අල්ලාහ්ගේ හවුල් කරුවන් මොවුන් යැයි බොරු පවසා වාද කරමින් සිටි ඔබේ හවුල්කරුවන් කොහේ දැ?"යි අප විමසා සිටින අවස්ථාව මෙනෙහි කරනු

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ ﴿٢٣﴾

මෙම පරීක්ෂණයෙන් පසු තමන් නැමදුම් කළ දැයින් නිදහස් වීම මිස වෙනත් කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොවනු ඇත. තවද 'අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ කරන්නන් ලෙස අපි මෙලොවෙහි නොසිටියෙමු. ඔබව විශ්වාස කරන්නන් හා ඔබ ඒකීයත්වයට පත් කරන්නන් ලෙස සිටියෙමු යැයි ඔවුහු බොරුවට පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢٤﴾

තමන් කළ ආදේශය තමන් නොකළ බවට පවසා තමන්ටම විරුද්ධ ව කෙසේ බොරු කියන්නේ දැයි, නබි මුහම්මද්, අවධානයෙන් බලනු. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ අල්ලාහ් සමග හවුල්කරුවන් ලෙස ඔවුන් පත් කර ගත් දෑ ඔවුන් අතහැර දමා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَـٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٢٥﴾

අහෝ! දූතය, අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් ඔබ කුර්ආනය කියවන විට ඔබට සවන් දෙන්නන්ද වෙති. නමුත් ඔවුන් සවන් දෙන දැයින් ඔවුන් ප්රයෝජන ලබන්නේ නැත. ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ දැඩි ප්රතික්ෂේපය හේතුවෙන් අල් කුර්ආනය වටහා ගත නොහැකි පරිදි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් අපි තැබුවෙමු. තවද ප්රයෝජනවත් වන අයුරින් සවන් දීමට නොහැකි පරිදි ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ඇති කළෙමු. පැහැදිලි සාධක හා පැහැදිලි සංඥා ඔවුන් දුටුවද ඒ පිළිබඳ ඔවුහු විශ්වාස නොකරති. සත්ය තුළ පවතින අසත්ය පිළිබඳ ඔබ සමග ඔවුන් වාද කිරීමට පැමිණ, ඔබ කවර දෙයක් ගෙන ආවේද එය මුල් අයගේ පුස්තක වලින් ගන්නා ලද දෙයක් මිස නැතැයි කියන තරමට ඔවුන් එය විශ්වාස නොකළෝය

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿٢٦﴾

රසූල්වරයා විශ්වාස කිරීමෙන් ඔවුන් ජනයා වළක්වා ඔහුගෙන් දුරස් කරති. එයින් ප්රයෝජන ලබන කිසිවකු අතහැර නොදමති. එමගින් ඔවුන් ප්රයෝජනය නොලබති. ඔවුන් ගේ ක්රියාව ඔවුන් ව මිස විනාශ කර නොදමනු ඇත. තමන් ක්රියා කරන දෑ තමන්ට විනාශය ගෙන දෙන්නක් බව ඔවුහු නොදනිති

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَى ٱلنَّارِ فَقَالُوا۟ يَـٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَـٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٢٧﴾

අහෝ! දූතය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට ඔවුහු කනස්සල්ලෙන් “අහෝ මෙලොව ජීවිතය වෙත නැවත අප යොමු කරනු ලබන්නේ නම් අල්ලාහ්ගේ වදන් අපි බොරු නොකරන්නෙමු. අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන් අතුරින් වන්නෙමු” යැයි පවසනු ඔබ දුටුවේ නම් ඔවුන්ගේ පුදුමාකාර නරක තත්ත්වය ඔබ දකිනු ඇත

بَلْ بَدَا لَهُم مَّا كَانُوا۟ يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿٢٨﴾

තමන් නැවත හරවා යවනු ලැබුවේ නම් දෙවියන් විශ්වාස කරන්නේ යැයි ඔවුන් පවසන අයුරින් එම කරුණ පවතින්නේ නැත. ඔවුන්ගේ ශරීරි අවයව ඔවුනට එරෙහි ව සාක්ෂි දරන විට, (අල්ලාහ් මත දිවුරා පවසමි, අපි ආදේශ කරන්නන් නොවූයෙමු යැයි පවසා) ඔවුන් සගවා සිටි ඔවුන්ගේ ප්රකාශය ඔවුනට හෙළිවනු ඇත. සැබැවින්ම ඔවුන් මෙලොවට නැවත එවනු ලබන්නට නියම කරනු ලැබුවත් ඔවුනට තහනම් කරන ලද දේව ප්රතික්ෂේපය හා දෙවියන්ට ආදේශ තැබීම වෙත නැවත යොමු වනු ඇත. සැබැවින්ම තමන් නැවත හරවා යවනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන බවට වූ ඔවුන්ගේ තර්කයෙහි ඔවුන් බොරුකාරයෝය

وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ﴿٢٩﴾

අප කවර ජීවිතයක සිටින්නේද එම ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත. විනිශ්චය සඳහා අපි යළි අවදි කරනු නොලබන්නෙමු යැයි දෙවියන්ට ආදේශ තැබූ මොවුහු පවසා සිටියහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَـٰذَا بِٱلْحَقِّ ۚ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿٣٠﴾

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඉදිරියේ යළි අවදි කිරීම ප්රතික්ෂේප කළවුන් සිටුවා තබනු ලබන අවස්ථාව ඔබ දුටුවේ නම් අල්ලාහ් ‘ඔබ බොරු කරමින් සිටි යළි අවදි කිරීමේ මෙම අවස්ථාව කිසිදු සැකයකට හෝ කුතුහලයකට ඉඩක් නැති සැබෑවක් හා ස්ථිර කරුණක් නොවීදැයි විමසා සිටියදී ඔවුහු “අප ව මැවූ අපගේ පරමාධිපති මත දිවුරමු. සැබැවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. ස්ථීරය.” යැයි පවසති. එවිට ඒ සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට මෙසේ පවසයි. “අද දිනය පිළිබඳ ඔබ ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔබ දඬුවම භුක්ති විඳිනු. ඔබ එය මෙලොව ජීවිතයෙහි බොරු කරමින් සිටියෙහුය.” මෙමගින් ඔවුන්ගේ නපුරු තත්ත්වය පුදුමයෙන් බලනු ඇත

قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ قَالُوا۟ يَـٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿٣١﴾

ى කිසිදු පූර්ව දැනුමකින් තොරව ක්ෂණික ව අවසන් මොහොත ඔවුන් වෙත පැමිණෙන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කොට, අල්ලාහ් ඉදිරියේ සීරුවෙන් සිටීමෙන් දුරස්වන්නට අපේක්ෂා කළවුන් පාඩු වින්දහ. තමන්ට අත් වූ දැඩි කනස්සල්ල හේතුවෙන් “අහෝ! අපගේ විනාශය, අපගේ සිතුවිලි වල භයානක කම, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහු ව විශ්වාස කිරීමෙන් වැළකී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට සූදානම් නොවන අයුරින් අප හකුළුවා දැමුවේ කුමක් දැ?"යි ඔවුන් පවසති. ඔවුහු ඔවුන්ගේ පිටවල් මත ඔවුන්ගේ පාපකම් උසුලමින් සිටිති. එම පාපකම් උසුලා ගෙන සිටීම කෙතරම් අවලස්සනද?!

وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌۭ وَلَهْوٌۭ ۖ وَلَلدَّارُ ٱلْـَٔاخِرَةُ خَيْرٌۭ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿٣٢﴾

අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු නොකරන්නන්හට ඔබ ගත කරන මෙලොව ජීවිතය විහිළුවක් හා රැවටීමක් මිස නැත. විශ්වාසය කරන මෙන් අණ කරනු ලැබූ දා ක්රියාවට නංවා ඔහුට අවනත වී තහනම් කරනු ලැබූ දෙවියන්ට ආදේශ කිරීම පාපකම් කිරීම යනාදිය අතහැර දමා අල්ලාහ්ට බැතිමත් වන්නන් හට මතුලොව නිවහන උතුම් වන්නේය. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, ඒ ගැන ඔබ වටහා ගෙන විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ යුතු නොවේද?

قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَـٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ ﴿٣٣﴾

අහෝ! දූතය, ඔවුන් එළිපිටම ඔබට කරන බොරුව ඔබ දුකට පත් කරන බව සැබැවින්ම අපි දනිමු. නමුත් ඔවුන්ගේ සිත් තුළ ඔබ ව බොරු නොකරන බව දැන ගනු. ඔබේ සත්ය බවත් විශ්වාසනීය බවත් ඔවුන් දනිති. එනමුත් ඔවුහු ඔබේ නියෝගය එළිපිට පිළිකුල් කරන පිරිසකි. ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන තරයේම විශ්වාස කරති

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ فَصَبَرُوا۟ عَلَىٰ مَا كُذِّبُوا۟ وَأُوذُوا۟ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَـٰتِ ٱللَّهِ ۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِى۟ ٱلْمُرْسَلِينَ ﴿٣٤﴾

සැබැවින් මෙම බොරු කිරීම ඔබ ගෙන ආ දෑ ට පමණක් අදාළ වන බව ඔබ නොසිතන්න. ඔබට පෙර සිටි දූතවරුන් පවා බොරු කරනු ලැබූහ. ඔවුන්ගේ සමූහයා ඔවුන්ට වේදනා දුන්හ. අල්ලාහ්ගෙන් උදව් උපකාර ඔවුන් වෙත පැමිණෙන තෙක් අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් පරිශ්රමය දරමින් දහම ප්රකාශ කරමින් ඉවසීමෙන් ඒවාට මුහුණ දුන්හ. අල්ලාහ් නියම කළ උපකාරය හා තම දූතවරුන්ට ලබා දුන් ප්රතිඥාව වෙනස් කරන්නෙකු නොවේ. අහෝ! දූතය, ඔබට පෙර සිටි දූතවරුන් ගැනත් ඔවුන්ගේ සමූහයන් නිසා ඔවුන් මුහුණ දුන් දෑ ගැනත් ඔවුනට එරෙහි සතුරන් විනාශ කරමින් ඔවුන්ට අල්ලාහ් කළ උපකාරය ගැනත් තොරතුරු ඔබ වෙත පැමිණ ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًۭا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًۭا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍۢ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَـٰهِلِينَ ﴿٣٥﴾

ى අහෝ! දූතය, ඔබ කවර සත්යයක් ඔවුන් වෙත ගෙන ආවේද එය ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා බොරු කිරීමෙන් ඔබ මුහුණ දෙන දෑ ඔබට දුෂ්කර වී නම් මහපොළොවේ උමගක් හෝ අහසට නගින ඉණිමගක් සොයා ගොස් අපි ඔබ ව කවර කරුණකින් තහවුරු කර සිටියේද එය හැර වෙනත් සාධක හෝ සාක්ෂි ඔවුන් වෙත ගෙන එන්නට හැකිවන්නේ නම් එය කරනු. ඔබ කවර දෙයක් ගෙන ආවේද එම යහමග මත ඔවුන් එක්රැස් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුන් එක්රැස් කරනු ඇත. නමුත් එය ප්රඥාවන්ත කටයුත්තක් නොවේ. එබැවින් ඔබ ඒ හේතුකොටගෙන අඥානයින්ගෙන් කෙනෙකු නොවන්න. ඔවුන් විශ්වාස නොකිරීම ගැන පවතින දුක ඔබේ සිතින් පහ කර දමන්න

۞ إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ ﴿٣٦﴾

ඔබ ගෙන ආ දෑ පිළිගනිමින් ඔබට පිළිතුරු දෙනුයේ ප්රකාශයට සවන් දී එය වටහා ගන්නන්ය. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ මළවුන් මෙනි. ඔවුනට කිසිදු කරුණක් නැත. ඔවුන්ගේ හදවත් මිය ගොස් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් යළි අවදි කරවයි. පසු ව ඔවුන් පෙර සිදු කළ දෑ ට ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු වෙතටම යොමු කරනු ලබති

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۚ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةًۭ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٣٧﴾

දෙවියන්ට ආදේශ තබන්නෝ විශ්වාස කිරීමට අදිමදි කරමින් හා මුරණ්ඩුකමින් මුහම්මද් ගෙන ආ දෑ හි සත්යතාව තහවුරු කරන්නට ඔහුගේ පරමාධිපතිගෙන් සුපිරි සාධකයක් ඔහු මත පහළ කරනු ලැබිය යුතු නොවේදැයි විමසති. අහෝ! දූතය, ඔවුන් සිතන පරිදි සාධකයක් පහළ කිරීමට සැබැවින්ම අල්ලාහ්ට හැකියාව ඇත. නමුත් සාධකයක් පහළ කරන මෙන් ඉල්ලා සිටින මෙම දේව ආදේශකයින් බොහෝ දෙනා සැබැවින්ම සාධක පහළ වීම අල්ලාහ්ගේ ප්රඥාවට අනුකූල වූවක් බව නොදනිති. එය ඔවුන් පතන දෑට අනුකූල වන දෙයක් නොවේ. එසේ ඔහු එය පහළ කොට පසු ව එය ඔවුන් විසින් විශ්වාස නොකළේ නම් ඔවුන් ව ඔහු විනාශ කර දමනු ඇත

وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا طَـٰٓئِرٍۢ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍۢ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ ﴿٣٨﴾

ربهم يحشرون අහෝ! ආදම්ගේ පුතණුවනි, මහපොළොව මත සැරසරන සතුන් හෝ වේවා අහස්හි පියාසර කරන පක්ෂීන් හෝ වේවා ඔවුන්ද මැවීමෙහි හා ආහාර පහසුකම් සැපයීමේ ඔබ මෙන් වූ වර්ගයකි. ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයෙහි සියල්ල සටහන් කර මිස අප කිසිවක් අතහැර දැමුවේ නැත. සියලු දෑ හි දැනුම අල්ලාහ් අබියස ඇත්තේය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තීන්දු දෙනු පිණිස ඔවුන් එක්රැස් කරනු ලබනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙත පමණය. සෑම කෙනෙකුටම ඒ ඒ අයට සරිලන ප්රතිඵල ඔහු පිරිනමනු ඇත. م

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا صُمٌّۭ وَبُكْمٌۭ فِى ٱلظُّلُمَـٰتِ ۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٣٩﴾

තමන්ට නොඇසුණු බිහිරෙකු මෙන් හා කතා නොකරන ගොළුවෙකු මෙන් අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් ඒ සමගම නොදැකිය හැකි අන්ධකාරයන්හි සිටිති. මෙවන් තත්ත්වයක සිටින්නා යහමග ලබනුයේ කෙසේද? අල්ලාහ් කවරෙකු ජනයා අතුරින් නොමග හරින්නට සිතන්නේද ඔහු ඔහු ව නොමග යන්නට ඉඩ හරිනු ඇත. කවරෙකුට ඔහු මග පෙන්වන්නට අභිමත කරන්නේද කිසිදු අඩුවකින් තොරව ඍජු මාර්ගයේ ගමන් කරන්නට ඔහු ඉඩ සලසා යහමග යොමු කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤٠﴾

අහෝ! දූතය, මෙම ආදේශ තබන්නන්හට ඔබ මෙසේ පවසනු. “අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඔබට ප්රතිඥා දුන් අවසන් හෝරාව ඔබ වෙත පැමිණියේ නම්, ඔබ නමදින පිළිමවල් ඔබට ප්රයෝජන ගෙන දෙනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි පවසන ඔබ සැබැවින්ම සත්යවාදීහු නම්, ඔබට අත්වන දුෂ්කර හා පරීක්ෂණ ගැන අල්ලාහ් හැර වෙනත් දේ ඔබට දන්වනු ඇතැයි ඔබ පතන්නෙහුදැ? යි මට දන්වනු මැනව.”

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ ﴿٤١﴾

එවිට සත්යය නම්; ඔබගෙන් පරීක්ෂණ ඉවත් කිරීමටත් ඔහු අභිමත කළේ නම්, ඔබට අත් වූ හානිය පහ කිරීමටත් ඔබ ව මැවූ අල්ලාහ් හැර වෙනකක් ඔබ අයැද නොසිටීමයි. මන්ද එයට භාරකරු ඔහුය. ඒ සඳහා ඔහුට බලය ඇත. අල්ලාහ් සමග ඔබ ආදේශ තබා නැමදූ දෑ වනාහි සැබැවින්ම ඒවා ඵලක් නොදෙන බවත් හානියක් ඇති නොකරන බවත් ඔබ දැනගත් හෙයින් ඔබ ඒවා අතහැර දමනු ඇත

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَأَخَذْنَـٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ ﴿٤٢﴾

අහෝ! දූතය, ඔබට පෙර විසූ සමූහයන් වෙත අපි දූතයන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුහු ගෙන ආ දෑ ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වී ඔහුට තම පහත්භාවය ඉදිරිපත් කරනු පිණිස සාගින්න වැනි දුෂ්කරතාවන්ගෙන්, රෝගීභාවය වැනි ශරීරයට වේදනා ගෙන දෙන දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٤٣﴾

ඔවුන් වෙත අපගේ පරීක්ෂණ පැමිණි විට ඔවුන් අල්ලාහ්ට යටහත් පහත් ව කටයුතු කළේ නම් ඔවුන්ගෙන් එම පරීක්ෂණ ඔහු ඉවත් කරනු ඇත. ඔවුනට කරුණාව දක්වනු ඇත. නමුත් ඔවුහු එසේ කටයුතු නොකළෝය. ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුහු පාඩම් නොලැබූහ. උපදෙස් නොලැබූහ. ඔවුන් සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් ෂෙයිතාන් ඔවුනට අලංකාර කරවීය. ඔවුන් සිදු කරමින් සිටි දෑ හි අඛණ්ඩ ව සිටියහ

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَـٰهُم بَغْتَةًۭ فَإِذَا هُم مُّبْلِسُونَ ﴿٤٤﴾

දැඩි සාගින්න, රෝගීභාවය වැනි කරුණු ඉදිරිපත් කරමින් උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුන් අතහැර දමා අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක නොකළ කල්හි ඔවුන් වෙත පෝෂණයේ දොරටු පියවරෙන් පියවර විවෘත කළෙමු. සාගින්නෙන් පසු ඔවුන් පොහොසතුන් බවට පත් කළෙමු. රෝගී තත්ත්වයෙන් පසු ඔවුන්ගේ ශරීරයට සුවය දුනිමු. ඔවුනට ඉහවහා ගිය පහසුකම් ඇති වන තෙක් එසේ සිදු කළෙමු. ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ වෙනුවට පුදුම සහගත දෙයක් ඔවුන් ග්රහණය කළේය. අනපේක්ෂිත අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන් තමන් සිතමින් සිටි දෑ ගැන නිරායාසයට පත් ව කුතුහලයෙන් පෙළෙනු ඇත

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٥﴾

විනාශය තුළින් ඔවුන් සියලු දෙනා තුරන් කොට අල්ලාහ්ගේ දූතවරුන්ට ජයග්රහණය ලබා දී ප්රතික්ෂේපයේ නිරත වූ අවසාන වැසියන් මුළුමණින්ම විනාශ කරන ලදී. තම සතුරා විනාශ කොට තම මිතුරන්හට උදව් කිරීම වෙනුවෙන් වූ කෘතඥතාව හා ප්රශංසාව ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණක් සතුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَـٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْـَٔايَـٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ ﴿٤٦﴾

අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “ඔබේ සවන් ආවරණය කරමින් අල්ලාහ් ඔබව බිහිරන් බවට පත් කොට, ඔබේ බැල්ම පැහැර ගනිමින් අන්ධයන් බවට පත් කොට, කිසිවක් ඔබට වටහා ගත නොහැකි පරිදි ඔබේ හදවත් මත මුද්රා තැබුවේ නම්, එමගින් ඔබට අහිමි වූ දෑ නැවත ඔබ වෙත ගෙන එන්නට සැබෑ නැමදුම් ලබන කිසිවකු වෙත්දැයි මා වෙත දන්වා සිටිනු.” අහෝ! දූතය, අපි ඔවුනට සාක්ෂි හා විවිධ සාධක පැහැදිලි කරනුයේ කෙසේදැයිද, පසුව ඔවුන් එය ප්රතික්ෂේප කරනුයේ කෙසේ දැයි ද මදක් සිතා බලන්න

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّـٰلِمُونَ ﴿٤٧﴾

අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. “ඔබ ඒ ගැන නොසිතන මොහොතක අනපේක්ෂිත ලෙස අල්ලාහ්ගේ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඇස් ඉදිරිපිට එළිමහනේ ඔබ වෙත පැමිණියේ නම් හෝ සැබැවින්ම එයින් ග්රහණය කරනු ලබනුයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින්, ඔහුගේ දූතයාණන් බොරු කරමින්, අපරාධ කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٤٨﴾

දෙවියන් විශ්වාස කරන, ඔහුට අවනත වන ජනයාට කිසිදු කප්පාදුවකින් හෝ විසන්ධි කිරීමකින් තොරව ඔවුන් සතුටු වන සදා සැප පහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටීමටත්, දෙවියන් ප්රතික්ෂේප කරන ඔහුට පිටුපාන ජනයාට අපගේ දැඩි දඬුවම ඇතැයි ඔවුන් බිය ගැන්වීමටත් මිස අපගේ දූතවරුන් අපි නොඑව්වෙමු. එබැවින් ඔවුන් එම රසූල්වරුන් විශ්වාස කළ යුතුය. තම ක්රියාවන් විධිමත් කළ යුතුය. ඔවුන් මතු ලොවෙහි මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුනට කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත්වන්නේද නැත. මෙලොව ඔවුනට අහිමි වූ කොටස් පිළිබඳ ඔවුන් පසුතැවෙන්නේ ද නැත

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿٤٩﴾

අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් අල්ලාහ්ට අවනතවීමෙන් බැහැර වූ බැවින් ඔවුනට දඬුවම අත් විය

قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ ﴿٥٠﴾

ى අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන මොවුනට පවසනු. “සැබැවින්ම මා අබියස අල්ලාහ්ගේ පෝෂණ සම්පත් තිබී ඒවා මා කැමති අයට බෙදා දෙමි යැයි මම ඔබට නොපවසමි. එමෙන්ම අල්ලාහ් මා වෙත පෙන්වා දුන් දේව පණිවිඩ මිස වෙනත් ගුප්ත දෑ මා දනිමි යැයි ද මම ඔබට නොපවසමි. එමෙන්ම සැබැවින්ම මම මලක්වරුන් අතුරින් මලක්වරයකු යැයිද මම ඔබට නොපවසමි. මම අල්ලාහ්ගෙන් වූ දූතයකු පමණි. මා වෙත එවන ලද පණිවිඩ මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරමි. මට අදාළ නොවන දෑ ගැන මම වාද නොකරමි. අහෝ! දූතය, තවදුරටත් ඔවුනට ඔබ මෙසේ පවසනු. සත්යය නොදැක අන්ධ වූ දේව ප්රතික්ෂේපකයා හා සත්යය බලා එය විශ්වාස කළ දේව විශ්වාසියා යන දෙදෙනා එක සමාන වේද? මෙම වදන් ඔබ ව හරවන්නේ කොතැනකට දැයි ඔබ බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?” بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ى

وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴿٥١﴾

අහෝ! දූතය, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුකු කළ හැකි වනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති වෙත රැස් කරනු ලැබ එවිට අල්ලාහ් හැර ඔවුනට සෙත සලසන්නට කිසිදු භාරකරුවකු නොමැති බවටත් ඔවුන්ගෙන් හානිය නිවාරණය කරන මැදිහත්කරුවකු නොමැති බවටත් බියවන්නන්හට මෙම කුර්ආනය මගින් අවවාද කරනු. එවිට ඔවුහු මෙම කුර්ආනය මගින් ප්රයෝජනය ලබනු ඇත

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍۢ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ ﴿٥٢﴾

දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍۢ لِّيَقُولُوٓا۟ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ ۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّـٰكِرِينَ ﴿٥٣﴾

එලෙස අපි ඇතැමෙක් ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කළෙමු. මෙලොව ඔවුනට හිමි කොටස් වලදී උස් පහත් වෙනස්කම් සහිත ව අපි ඔවුන් පත් කළෙමු. එමගින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. දේව ප්රතික්ෂේපකයෝ දේව විශ්වාසී දිළිඳුන් දෙස බලා “අල්ලාහ් අප අතර උසස් කර ඇත්තේ මෙම දිළිඳු ජනයා දැ”යි විමසති. විශ්වාසය යහපත් ලෙස තිබුණේ නම් ඒ වෙත අපි අබිබබා නොයන්නෙමු. අබිබවා යන්නෝ අපමය. තම ආශිර්වාදයට තුති පුදකරන්නන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දැන එම විශ්වාසය වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත්ද? එය ප්රතික්ෂේප කරන්නන් කවුරුන්දැයි ඔහු මැනවින් දැන ඔවුන් අවමානයට පත් නොකරනු ඇත්ද? නමුත් ඔවුන් විශ්වාසය කරති. එසේය, සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَـٰتِنَا فَقُلْ سَلَـٰمٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَـٰلَةٍۢ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥٤﴾

بجهلةثم تاب من بعده وأصلح فأنه غفور رحيم අහෝ! දූතය, ඔබ ගෙන ආ දෑ තහවුරු කරන අපගේ සාක්ෂි හා සාධක විශ්වාස කරන්නන් ඔබ වෙත පැමිණි විට ඔවුනට ගෞරව කරමින් ඔවුන් වෙත සලාම් පවසන්න. ගෞරවයෙන් පිළිතුරු සපයමින් කරුණාව තමන් වෙත අල්ලාහ් අනිවාර්යය කර ගෙන ඇතැයි යන සුභාරංචිය පවසන්න. ඔබ අතුරින් කිසිවකු අඥාන හා මෝඩ කමින් වරදක් සිදු කොට, පසු ව ඒ සඳහා පාප සමාව අයැද, තම ක්රියාවන් විධිමත් කර ගත්තේ ද ඔහු කළ වරදට අල්ලාහ් ඔහුට සමාව දෙන්නේය. තම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද එවැන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණිකය

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ ٱلْمُجْرِمِينَ ﴿٥٥﴾

මෙනෙහි කරනු ලැබිය යුතු දෑ අපි ඔබට පැහැදිලි කළාක් මෙන්ම අපගේ සාධක හා සාක්ෂි අසත්යයේ සිටින ජනයාහටත් පැහැදිලි කරන්නෙමු. වැරදිකරුවන් හා ඔවුන්ගේ පිළිවෙත පැහැදිලි කිරීමෙන් එයින් වැළකෙන්නටත් ප්රවේශම් වන්නටත් හැකි වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۚ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًۭا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُهْتَدِينَ ﴿٥٦﴾

අහෝ! දූතය, අල්ලාහ් හැර ඔබ නමදින දෑට නැමදුම් කිරීමෙන් සැබැවින්ම මා අල්ලාහ් විසින් වළක්වා ඇත. අහෝ දූතය! ඔබ මෙසේ පවසන්න. “අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කිරීමෙහි ඔබේ ආශාවන් මම පිළිනොපදිමි. එම විෂයයෙහි ඔවුන්ගේ ආශාවන් මා පිළිපැද්දා නම් සත්ය මාර්ගයෙන් දුරස් ව මුළාවූවෙකු බවට පත් වෙමි. ඒ වෙත මග නොලබමි. මේ සියල්ල අල්ලාහ්ගෙන් වූ සාධක වලින් තොර ව ආශාවන් පිළිපැද්ද අයට වෙති

قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ ۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ ٱلْحَقَّ ۖ وَهُوَ خَيْرُ ٱلْفَـٰصِلِينَ ﴿٥٧﴾

අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “සැබැවින්ම මම ආශාවන් මත නොව මාගේ පරාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. මෙම සාධක ඔබ බොරු කළෙහිය. ඔබ ඉල්ලා සිටින පරිදි සුපිරි සංඥාවක් හෝ ඔබ ඉක්මණින් පතන පරිදි දඬුවමක් හෝ මා ළඟ නැත. සැබැවින්ම එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔබ පතන සියලු දෑ හි තීන්දුව පිහටනුයේ ඔහු මත පමණි. ඔහු සත්ය පවසයි. ඒ අනුව තීන්දු පිරිනමයි. සුවිශුද්ධ ඔහු පැහැදිලි කරන්නන් අතුරින් ශ්රේෂ්ඨය. අසත්යයෙන් සත්යය වෙන් කර පැහැදිලි කරන්නාය.”

قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّـٰلِمِينَ ﴿٥٨﴾

අහෝ! දූතය, තවදුරටත් ඔවුනට මෙසේ පවසනු. ඔබ ඉක්මන් කරන මෙන් පතන දඬුවම මා ළඟ, මාගේ අතෙහි වී නම් එය මා ඔබ වෙත පහළ කරමි. එවිට මා හා ඔබ අතර වන විෂය තීන්දු කරනු ලබනු ඇත. සැබැවින්ම අපරාධකරුවන්ට කොපමණ අවකාශයක් ලබා දිය යුතුද ඔවුනට දඬුවම් කළ යුත්තේ කවදාද යන්න වග අල්ලාහ් මැනවින් දන්නාය

۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍۢ فِى ظُلُمَـٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍۢ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَـٰبٍۢ مُّبِينٍۢ ﴿٥٩﴾

ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන්م ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි

وَهُوَ ٱلَّذِى يَتَوَفَّىٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌۭ مُّسَمًّۭى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٦٠﴾

ينبئكم بما كنتمتعملون නින්දේදී ඔබේ ප්රාණය නියමිත වේලාවක් ග්රහණය කොට තබා ගන්නේ අල්ලාහ්ය. ඔබ අවදිව සිටින අවස්ථාවේ දහවල් කාලයේ ඔබ කුමන දෙයක් උපයන්නේ දැයි මැනවින් දන්නේ ඔහුය. පසු ව නින්දේදී ඔබේ ප්රාණය අත්පත් කර ගත් පසු ව ඔබේ රාජකාරීන් සිදු කරනු පිණිස යළි ඔහු ඔබ ව අවදි කරවයි. මෙසේ අල්ලාහ් අබියස නියම කරන ලද ඔබේ ජීවිත කාලය අවසන් වන තෙක්ම සිදුවන අතර අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින යළි අවදි කරවා ඔබ ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ සිදුකරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ ﴿٦١﴾

තම ගැත්තන් අබිබවා යන්නා අල්ලාහ්ය. (ඔවුන්ගේ ක්රියා නිසා) ඔවුන් පහත් කරනුයේද ඔහුය. සියලු ආකාරයන්ගෙන් ඔහු ඔවුනට ඉහළින් සිටියි. සියලු දෑ ඔහුට යටත්ය. ඔහුගේ ගැත්තන්ට ඉහළින් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහු ඉහළින් සිටියි. අහෝ! ජනයිනි, ප්රාණය අත්පත් කර ගන්නා මලකුල් මව්ත් හා ඔහුගේ උදව්කරුවන් ඔබගේ ජීවිත ඩැහැ ගන්නා තෙක් ඔබ කරන ක්රියාවන් සටහන් කරන ගෞරවනීය මලක්වරුන් ඔබ වෙත ඔහු එවනු ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලබන්නේද එහි ඔවුන් කිසිදු අඩුවක් නොකරනු ඇත

ثُمَّ رُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۚ أَلَا لَهُ ٱلْحُكْمُ وَهُوَ أَسْرَعُ ٱلْحَـٰسِبِينَ ﴿٦٢﴾

පසු ව අත්පත් කර ගනු ලැබූ ඔවුන්ගේ සියලු ආත්මාවන් ඔවුන්ගේ සැබෑ අයිතිකරු අල්ලාහ් වෙත පෙරළා එවනු ලැබේ. එය ඔහු ඔවුන්ගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම පිණිසය. ඔවුන් අතර යුක්තිය, නීතිය හා විවෘත තීන්දු ලබා දීමේ අයිතිය ඔහු සතුය. ඔබේ ක්රියාවන් ඉතා ශීඝ්රයෙන් ගණන් බලා විනිශ්චය කරන්නා ඔහුය

قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ تَدْعُونَهُۥ تَضَرُّعًۭا وَخُفْيَةًۭ لَّئِنْ أَنجَىٰنَا مِنْ هَـٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿٦٣﴾

අහෝ! දූතය, මහ මුහුදේ හා ගොඩබිමෙහි අන්ධකාරයෙහි පැවතින ව්යසනයන් ගෙන් ඔබ ව ආරක්ෂා කොට සාමකාමී තත්ත්වයට පත් කරනුයේ කවුදැයි දෙවියන්හට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. “මෙම ව්යසනයෙන් අපගේ පරමාධිපති අප මුදා ගන්නේ නම් ඔහු හැර වෙනත් කිසිවකු නැමදුමට නොගෙන ඔහු අප මත කළ ආශිර්වාදය සඳහා කෘතඥතාව පුද කරන්නන් අතුරින් වන්නේමු” යැයි රහසිගත ව හා එළිමහනේ ඉතා තැන්පත් ව, යටහත් පහත් ව ඔබ ඔහු පමණක් ඇරයුම් කරනු ඇත

قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍۢ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ ﴿٦٤﴾

අහෝ! දූතය, ඔවුනට ඔබ පවසනු. එයින් ඔබ ව මුදවා ගනුයේ අල්ලාහ්ය. සියලුම දුක් කරදර වලින් ඔබට ආරක්ෂාව සලසනුයේ ඔහුය. නමුත් ඔබ ප්රීතියෙන් සිටින අවස්ථාවෙහි ඔහු සමග ඔහු හැර වෙනත් දෑ හවුල් කරමින් පතන්නෙහුය. ඔබ මෙසේ ක්රියා කිරීමට වඩා වෙනත් කවර අපරාධයක් තිබිය හැකිද?

قُلْ هُوَ ٱلْقَادِرُ عَلَىٰٓ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًۭا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًۭا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْـَٔايَـٰتِ لَعَلَّهُمْ يَفْقَهُونَ ﴿٦٥﴾

අහෝ! දූතය, ඔබ වෙත දඬුවමක් එවීමට අල්ලාහ් බලය ඇත්තාය. එය ඔබට ඉහළින් ගල්වර්ෂා, අකුණු හා සුළී සුළං වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එමෙන්ම ඔබට පහළින් භූමි කම්පා, භූමි ගිලගැනීම් වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එසේ නැතහොත් ඔබේ හදවත් අතර මතභේද ඇති කරවා, තමන් තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කරන්නට සලස්වා, ඇතැමුන් විසින් ඇතැමෙකු ඝාතනය කිරීම තුළින් ද පැමිණිය හැක. අහෝ! දූතය, මෙවන් සාධක හා සංඥා විවිධත්වයෙන් යුතු ව ගෙන හැර පා ඔබ ගෙන ආ දෑ සත්යය බවත් ඔවුන් අබියස ඇති දෑ ව්යාජ බවත් ඔවුන් වටහා ගනු පිණිස ඒවා අප පැහැදිලි කරනුයේ කෙසේ දැයි මදක් සිතා බලන්න

وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ ٱلْحَقُّ ۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍۢ ﴿٦٦﴾

ඔබේ ජනයා මෙම කුර්ආනය බොරු කරති. සැබැවින්ම එය, කිසිදු සැකයකට ඉඩ නැති අල්ලාහ්ගෙන් වූවක් බව සත්යයකි. අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. ඔබ ව අධීක්ෂණය කිරීමට මා වෙත පැවරී නැත. පැමිණිය හැකි දැඩි දඬුවම් පිළිබඳ ඔබ අතර අවවාද කරන්නෙකු ලෙස මිස මම නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ر

لِّكُلِّ نَبَإٍۢ مُّسْتَقَرٌّۭ ۚ وَسَوْفَ تَعْلَمُونَ ﴿٦٧﴾

සෑම පුවතකටම එය සමථයකට පත් කිරීමට කාලයක් ඇති අතර එය අවසන් කරවන අවසානයක් ද ඇත. ඔබේ ඉරණම සහ දඬුවම පිළිබඳ පුවතත් ඒ අතුරින් එකකි. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ එය ඔබ දැන ගනු ඇත

وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَـٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦ ۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيْطَـٰنُ فَلَا تَقْعُدْ بَعْدَ ٱلذِّكْرَىٰ مَعَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٦٨﴾

ى අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට ගනිමින් කතා කරනු ඔබ දුටුවෙහි නම් ඔවුන් එසේ අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට නොගෙන වෙනත් කතාවකට ඔවුන් ප්රවේශ වන තෙක් ඔබ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. ෂෙයිතාන් ඔබට එය අමතක කරවා ඔවුන් සමග ඔබ වාඩි වී පසු ව ඒ ගැන ඔබට මතක් වූ විට ඔවුන්ගේ සභා ගර්භයෙන් ඉවත් ව යනු. සීමාව ඉක්මවා ගිය ඔවුන් සමග ඔබ වාඩි නොවනු

وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَلَـٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ ﴿٦٩﴾

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් මත, මේ අපරාධකරුවන් පිළිබඳ කිසිදු විනිශ්චයක් පැවරෙන්නේ නැත. ඔවුන් මත පැවරෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින පිළිකුල් සහගත දැයින් ඔවුන් වැළැක්වීමයි. එය ඔවුන් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කර ඔහුගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දෙයින් වැළකී සිටීමට ඔවුනට හැකි වනු පිණිසය

وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَعِبًۭا وَلَهْوًۭا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ وَذَكِّرْ بِهِۦٓ أَن تُبْسَلَ نَفْسٌۢ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍۢ لَّا يُؤْخَذْ مِنْهَآ ۗ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ أُبْسِلُوا۟ بِمَا كَسَبُوا۟ ۖ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ﴿٧٠﴾

إ حميم وعذاب أليمبما كانوايكفرون අහෝ දූතය! තම දහම විහිළුවට හා සෙල්ලමට ගනිමින්, එයට අපහාස කරමින් හා එය නින්දාවට පත් කරමින් කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් නුඹ අත්හැර දමනු. මෙලොව ජීවිතයේ ඇති පහත් වින්දනයන් හේතුවෙන් එය ඔවුන් රවටා දමා ඇත. අහෝ නබිවරය! තමන් උපයා ගත් පාපය හේතුවෙන් තම ආත්මය විනාශය වෙත යටත් නොවනු පිණිස ජනයා වෙත කුර්ආනය තුළින් උපදෙස් දෙනු. එයට අල්ලාහ් හැර උදව් පතන වෙනත් භාරකරුවකු නැත. එයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු මාධ්යයක් නැත. අල්ලාහ්ගේ දඬුවමෙන් මිදීමට එය කවර වන්දියක් ලබා දුන්න ද එය පිළිගනු නොලබනු ඇත. ඔවුන් සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය විනාශය වෙත භාරදුන් අය වනාහි, ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපරිම උණුසුමෙන් යුත් පානයත් වේදනීය දඬුවමත් ඔවුනට හිමි වනු ඇත

قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَـٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَـٰبٌۭ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٧١﴾

අහෝ දූතය! මෙම දේවත්වය ආදේශ කරන්නන්හට නුඹ පවසනු. අල්ලාහ් හැර අපහට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි මෙන්ම අපහට කිසිදු හානියක් කළ නොහැකි පිළිම වලට අපි නැමදිය යුතු වන්නෙම් ද? අප වෙත දේව විශ්වාසය ආශිර්වාද කිරීමෙන් පසු එයින් අපි හැරිය යුතු වන්නෙම් ද? එවිට ෂෙයිතානුන් නොමග යවා, යහමග بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ලබන්නට නොහැකිව සැකයෙහි අතහැර දැමූ අය මෙන් අපි පත්වන්නෙමු. ඔහුට ඍජු මාර්ගය පෙන්වා සත්ය වෙත ඇරයුම් කරන සගයෝ වූහ. ඔවුන් කවර දෙයක් වෙත ඔහුට ඇරයුම් කරන්නේද එයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ මග පෙන්වීම එයයි සැබෑ මග පෙන්වීම වනුයේ. අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය තදින් ග්රහණය කොට ඔහුට පමණක් නැමද ඔහුට අවනත වීමට ඔහු අපට නියෝග කළේය. ඔහු ලෝවැසියන්ගේ පරමාධිපතිය

وَأَنْ أَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُ ۚ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٧٢﴾

සලාතය පූර්ණ ක්රමයට අනුව විධිමත් ව ඉටු කරන මෙන් ඔහු අපට නියෝග කළේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන්ද ඔහු අපට නියෝග කළේය. ගැත්තන්ගේ ක්රියාවන් වෙනුවෙන් ඔවුනට ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගැත්තන් එක්රැස් කරනුයේ ඒකීය ඔහුය

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ ۚ قَوْلُهُ ٱلْحَقُّ ۚ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿٧٣﴾

සැබෑ ලෙස අහස් හා මහපොළොව මැවූ අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් යම් දෙයකට ‘වනු’ යැයි පවසන දින එය සිදුවන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැගිටිනු යැයි පවසන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නැගිටිනු ඇත. ඔහුගේ ප්රකාශය සැබෑවකි. එය කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දෙවන හොරණෑව ඉස්රාෆීල් (අලය්හිස් සලාම්) තුමා විසින් පිඹින අවස්ථාවේ සියලු බලය සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම දෘශ්යමාන දෑ පිළිබඳවත් දන්නාය. ඔහුගේ මැවීම් හි හා ඔහුගේ සැලසුම් හි ඔහු මහා ප්රඥාවන්තය. ඔහු සියලු තොරතුරු දන්නාය. ඔහුගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. තවද ඔහු ඉදිරියේ කරුණු වල අභ්යන්තරය ඒවායෙහි මතුපිටින් ඇති දෑ මෙන්ය

۞ وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً ۖ إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٧٤﴾

අහෝ! දූතය, ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) ආදේශ තැබූ තම පියාණන්හට “මාගේ පියාණනි! අල්ලාහ් හැර දමා නැමදුම් කරන දෙවියන් වශයෙන් ඔබ පිළිම පත් කර ගන්නෙහිද? සැබැවින්ම ඔබත්, පිළිම වන්දනාවෙහි නිරත වන ඔබේ ජනයාත් පැහැදිලි මුළාවෙහි සිටින බව මම දකිමි. අල්ලාහ් නොවන දෑට ඔබ කරන නැමදුම් හේතුවෙන් සත්ය මාර්ගයෙන් දුරස් ව කුතුහලයෙහි ඔබ පසුවන්නෙහිය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ සුවිශුද්ධ අල්ලාහ්ය. ඔහු හැර නැමදුමට ලක් වන සියලු දෑ ව්යාජය.” යැයි පැවසූ අවස්ථාව මෙනෙහි කරනු

وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ ﴿٧٥﴾

ඔහුගේ පියා හා ඔහුගේ පිරිස මුළාවෙහි සිටින බව අපි ඔහුට පෙන්වා දුන්නා සේම අහස්හි හා මහපොළොවේ පුළුල් ව පවතින සර්ව රාජ්යයද ඔහුට අපි පෙන්වා දුනිමු. එය, එම පුළුල් වූ සර්ව රාජ්යය අල්ලාහ්කේ ඒකීයත්වය හා ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සා වන බව තහවුරු කරනු පිණිසය. එමෙන්ම ඔහු අල්ලාහ් ඒකීය යැයිද, ඔහුට කිසිදු හවුල්කරුවකු නැතැයි ද, ඔහු සියලු දෑ හි සර්ව බලධාරී යැයි ද තරයේ විශ්වාස කරන්නන් අතුරින් ඔහු වනු පිණිසය

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًۭا ۖ قَالَ هَـٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْـَٔافِلِينَ ﴿٧٦﴾

රාත්රිය ඔහු මත අන්ධකාරය ගෙන දුන් විට ඔහු තරුවක් දැක මෙය මාගේ පරාමාධිපති යැයි පැවසීය. එම තරුව සැග වී ගිය විට සැග වී යන දෑට මා ප්රිය නොකරමි, හේතුව සැබෑ දෙවිඳුන් සැග වී නොයන ජීවමාන ව සිටින්නෙකි යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًۭا قَالَ هَـٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ ﴿٧٧﴾

තවද සඳු උදා වනු දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පැවසීය. එසේ එය ද සැග වී ගිය විට අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීම පිළිබඳ දැනුම මට ආශිර්වාද නොකළේ නම් ඔහුගේ සැබෑ දහමින් දුරස් වූ පිරිස අතරට මා ද පත්වෙමි යැයි පැවසීය

فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةًۭ قَالَ هَـٰذَا رَبِّى هَـٰذَآ أَكْبَرُ ۖ فَلَمَّآ أَفَلَتْ قَالَ يَـٰقَوْمِ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿٧٨﴾

තවද හිරු උදා වනු දැක මේ උදා වූ හිරු මාගේ පරමාධිපතිය. මෙය තරු හා සඳු ට වඩා විශාලය යැයි පැවසීය. නමුත් එය ද සැග වී ගිය කල්හි මාගේ “ජනයිනි, අල්ලාහ් සමග නුඹලා තබන ආදේශයන්ගෙන් මම නිදොස් වෙමි” යැයි පැවසීය. එයට එසේ නම් නුඹ නමදිනුයේ කවුරුන් දැයි විමසා සිටියහ

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًۭا ۖ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٧٩﴾

කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැවූ ඔහුටම කිසිදු අදේශ කිරීමකින් තොරව ඒකීයත්වයට පමණක් නැඹුරු වී මාගේ දහම මම අවංකවම පුද කරමි. ඔහු සමග වෙනත් දෑට නමදින, ඔහුට ආදේශයන් තබන්නන් අතරට මම පත් නොවෙමි

وَحَآجَّهُۥ قَوْمُهُۥ ۚ قَالَ أَتُحَـٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَىٰنِ ۚ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْـًۭٔا ۗ وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ ﴿٨٠﴾

අල්ලාහ්ගේ ඒකියත්වය පිළිබඳ ආදේශ තැබූ ඔහුගේ ජනයා ඔහු සමග වාද කළෝය. ඔවුන්ගේ පිළිම පදනම් කර ගනිමින් ඔවුන් ඔහු බිය ගැන්වූහ. එවිට ඔහු “අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදුම් කිරීම විෂයයෙහි නුඹලා මා සමග වාද කරන්නෙහුද? සැබැවින්ම මාගේ පරමාධිපති මට ඒ වෙත ආශිර්වාද කර ඇත. ඔබේ පිළිම වලට මම බිය නොවෙමි. සැබැවින්ම ඒවා කිසිදු හානියක් කිරීමට උරුමයක් නැති, මා හට කිසිදු හානියක් සිදු කළ නොහැකි, එමෙන්ම සෙතක් සලසන්නටත් උරුමයක් නැති, මා හට කිසිදු සෙතක් කිරීමට නොහැකි දෑ ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස කිසිවක් සිදුවන්නේ නැත. ඔහු අභිමත කරන දෑ සිදුවන්නේය. සියලු දෑ පිළිබඳ වූ අල්ලාහ්ගේ දැනුමෙන් මහපොළොවේ හා අහසේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අහෝ! ජනයිනි, අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට ආදේශ තැබීමෙන් ඉවත්ව අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම ගැන මෙනෙහි කර බලනු.”

وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَـٰنًۭا ۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٨١﴾

“ඔබට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති කිසිවක් මවා නොමැති දෑ අල්ලාහ්ට ආදේශ කරන අවස්ථාවේ එසේ අල්ලාහ්ට ආදේශ කිරීම ගැන ඔබට බියක් ඇති නොවන තත්ත්වයේ අල්ලාහ් හැර දමා ඔබ නමදින පිළිම සම්බන්ධයෙන් මාහට කෙසේ නම් බියක් ඇති විය හැකිද? ඒකීය දෙවියන් අදහන පිරිස හා දෙවියන්ට ආදේශ තබන පිරිස් දෙකින් සුරක්ෂිතභාවයෙන් හා සාමකාමිත්වයෙන් වඩාත් උතුම් වනුයේ කවර පිරිසක්ද? ඒ දෙකින් වඩාත් උතුම් කුමක්දැ?යි ඔබ දැන ගත්තෙහු නම්, එය පිළිපදිනු. කිසිදු සැකයකින් තොරව ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ දෙවියන් විශ්වාස කරන, ඒකීය දෙවියන් අදහන පිරිස වේ.” (යැයි පැවසීය) بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَـٰنَهُم بِظُلْمٍ أُو۟لَـٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ ﴿٨٢﴾

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමික වශයෙන් නීතිගත කළ දෑ පිළිපදින්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ විශ්වාසය දෙවියන්ට ආදේශ කිරීමත් සමග මුසු නොකළෝය. ආරක්ෂාව හා සාමකාමිත්වය ඔවුනට පමණක් අත් විය. ඔවුන් හැර වෙනත් අයට නොවීය. ඔවුන් ආශිර්වාදයට ලක්වූවෝ වෙති. යහ මාර්ගය වෙතට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ආශිර්වාද කළේය

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَـٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ ۚ نَرْفَعُ دَرَجَـٰتٍۢ مَّن نَّشَآءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ ﴿٨٣﴾

ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම සමූහයාගේ තර්කය අබිබවා ගිය සාක්ෂිය, එනම් (අභයදායීත්වයට වඩාත් සුදුසු වනුයේ...) යන ප්රකාශය අපගේ සාධකයකි. ඔහු ඔහුගේ සමූහයා සමග වාද කිරීමට අපි එය ඔහුට ආශිර්වාද කළෙමු. එය ඔහුට පිරිනැමුවෙමු. අපගේ ගැත්තන් අතුරින් අපි අභිමත කරන්නන් මෙලොව හා මතුලොවෙහි තරාතිරම් වලින් උසස් කරන්නෙමු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් ඔහුගේ මැවීම්හි හා සැලසුම් කිරීම් හි මහා ප්රඥාවන්තය. ඔහු තම ගැත්තන් පිළිබඳ සර්ව ඥානීය

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ ۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيْمَـٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَـٰرُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿٨٤﴾

ى තවද අපි ඔහුට ඔහුගේ පුත් ඉස්හාක් හා ඔහුගේ මුනුපුරු යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම ඍජු මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. ඔවුනට පෙර අපි නූහ්ට ආශිර්වාද කළෙමු. එමෙන්ම ඔහුගේ පරපුරින් පැවත එන දාවූද් ඔහුගේ පුත් සුලෙයිමාන් අය්යූබ් යූසුෆ් මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යන සෑම කෙනෙකුටම සත්ය මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. නබිවරුන් යහපත් ලෙස කටයුතු කළ බැවින් ඔවුනට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් නබිවරුන් නොවන සෙසු දැහැමියන්හටත් ඔවුන්ගේ යහපත් කටයුතු සඳහා අපි ප්රතිඵල ل පිරිනමමු

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿٨٥﴾

එලෙසම සකරිය්යා, යහ්යා, මර්යම්ගේ පුත් ඊසා සහ ඉල්යාස් යන සෑම කෙනෙකුටම අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනා දැහැමියන් අතරිනි. අල්ලාහ්ل ඔවුන් දූතවරුන් ලෙස තෝරා ගත්තේය

وَإِسْمَـٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًۭا ۚ وَكُلًّۭا فَضَّلْنَا عَلَى ٱلْعَـٰلَمِينَ ﴿٨٦﴾

එලෙසම ඉස්මාඊල් අල්යසඃ යූනුස් ලූත් යන අයටත් අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනාගේ ප්රධානියා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. අපි ඔවුන් සියලු දෙනා ලෝවැසියනට වඩා උසස් කළෙමු

وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّـٰتِهِمْ وَإِخْوَٰنِهِمْ ۖ وَٱجْتَبَيْنَـٰهُمْ وَهَدَيْنَـٰهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٨٧﴾

අපි කාහට ආශිර්වාද කිරීමට අභිමත කළෙමුද ඔවුන් අතුරින් ඔවුන්ගේ ඇතැම් පියවරුන්, ඇතැම් දරුවන් හා ඇතැම් සහෝදරයන්හටත් ආශිර්වාද කළෙමු. අපි ඔවුන් තෝරා අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට අවනත වීමේ ඍජු මාර්ගය මත ගමන් කිරීමට ආශිර්වාද කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿٨٨﴾

ඔවුනට හිමි වූ එම ආශිර්වාදය අල්ලාහ්ගේ ආශිර්වාදයයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් කවරෙකුට ආශිර්වාද කිරීමට අභිමත කරන්නේද ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔවුන් අල්ලාහ් සමග වෙනත් දෑ ආදේශ කළේ නම් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීම, දැහැමි ක්රියාවන් නිෂ්ඵල කරන්නකි

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَـٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًۭا لَّيْسُوا۟ بِهَا بِكَـٰفِرِينَ ﴿٨٩﴾

ඉහත සඳහන් කරන ලද මෙම නබිවරුන්හට අපි දේව පුස්තක පිරිනැමුවෙමු. ඔවුනට අපි ප්රඥාව පිරිනැමුවෙමු. එමෙන්ම අපි නබිත්වයත් පිරිනැමුවෙමු. ඔවුනට අපි පිරිනැමූ මෙම කරුණු තුන ඔබේ සමූහයා ප්රතික්ෂේප කරන්නේ නම් එය ප්රතික්ෂේප නොකරන සමූහයක් ඉලක්ක කොට ඒ සඳහා අපි ඔවුන් සූදානම් කරන්නෙමු. ඔවුහු එය විශ්වාස කරන්නෝ වෙති. එය පිළිපදින්නෝ වෙති. මුහාජිර්වරුන්, අන්සාරිවරුන් හා විනිශ්චය දින තෙක් දැහැමි ලෙස කටයුතු කරමින් ඔවුන් පිළිපදින්නන් ඔවුහුමය

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَـٰلَمِينَ ﴿٩٠﴾

මෙම නබිවරුන් හා ඔවුන් සමගම මෙනෙහි කරනු ලැබූ ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරවරුන් යන ඔවුන් සියලු දෙනා සැබෑ ලෙස යහමග ලැබූවෝ වෙති. එහෙයින් ඔබ ඔවුන් අනුගමනය කරනු. ඔවුන් පිළිපදිනු. අහෝ! දූතය, ඔබේ ප්රජාවට මෙසේ පවසනු. මෙම කුර්ආනය ඔබට දන්වා සිටීම වෙනුවෙන් මම ඔබෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. අල් කුර්ආනය, ජින් හා මිනිස් යන සියලු ලෝවැසියන් ඍජු මග වෙත හා නිවැරැදි මාර්ගය වෙත මග ලබන්නට අවස්ථාව සලසන උපදෙසක් මිස වෙනකක් නොවේ

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَـٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ ﴿٩١﴾

ى දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ට ගරු කළ යුතු අයුරින් ගරු නොකළහ. තම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට 'අල්ලාහ් කිසිදු මිනිසෙකු වෙත කිසිදු දේව පණිවිඩයක් එවා නැතැයි ඔවුහු පවසා සිටියහ. අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත තම සමූහයාට මගපෙන්වීමක් මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වශයෙන් තව්රාතය පහළ කළේ කව්දැ?යි ඔවුන්ගෙන් විමසනු. යුදෙව්වෝ එය පොත් වලට සීමා කර ඒවායින් තම ආශාවන්ට ගැලපෙන දෑ පමණක් හෙළි කොට මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ගුණාංග පිළිබඳ සඳහන් විස්තර වැනි තමන්ට නොගැළපෙන දෑ වසන් කළෝය. අහෝ අරාබිවරුනි! ඔබට හා ඔබට පෙර වූ ඔබේ මුතුන් මිත්තන්හට නොඉගැන්වූ දෑ අල් කුර්ආනය තුළින් ඔබට උගන්වනු ලැබේ. අහෝ දූතය! ඔවුනට පවසනු අල්ලාහ් එය පහළ කළේය. පසුව ස්ථාවර පණිවිඩය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන්ගේ මුළාවෙහි හා අඥානකමෙහි වෙළෙන්නට ඔහු ඔවුන් අතහැර දැමීය

وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌۭ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿٩٢﴾

ى අහෝ නබිවරය! මෙම කුර්ආනය, ඔබ වෙත අපි පහළ කළ ග්රන්ථයයි. එය භාග්ය ලත් මෙන්ම පෙර පහළ වූ දේව ග්රන්ථ තහවුරු කරන්නකි. එය එසේ ඔබ වෙත පහළ කළේ ඔබ මක්කාවාසීන් හා මහපොළොවෙහි නැගෙනහිර හා බටහිර වෙසෙන සියලු ජනයා මග ලබන තෙක් අවවාද කරනු පිණිසය. එමෙන්ම මතුලොව ජීවිතය විශ්වාස කරන්නන් මෙම කුර්ආනයත් විශ්වාස කර එහි ඇති දෑ පිළිබඳ මැනවින් වටහා ගෙන සලාතය ආගමානු කළ නියමිත වේලාවෙහි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් එහි මූලිකාංග, අනිවාර්ය කටයුතු හා සතුටු දායක කටයුතු පිළිපදිමින් එය ප්රවේශමෙන් ඉටු කරති

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌۭ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَـٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَـٰتِهِۦ تَسْتَكْبِرُونَ ﴿٩٣﴾

අල්ලාහ් කිසිදු මිනිසෙකුට කිසිවක් පහළ කළේ නැතැ යැයි පවසමින් හෝ සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත දේව පණිවිඩ පහළ කර ඇතැයි යන වග බොරුකොට අල්ලාහ් මත දිවුරමින් ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ කර නැත යැයි පවසමින් හෝ අල් කුර්ආනය මෙන් යමක් අල්ලාහ් මතු පහළ කරනු ඇතැයි පවසමින් අල්ලාහ් මත බොරු ගොතන මහා අපරාධකාරයාට වඩා වෙනත් අපරාධකරුවකු නැත. මෙම අපරාධකරුවන්හට අන්තිම මොහොත පැමිණෙන අවස්ථාවේ මලක්වරුන් දඬුවම් කිරීමට හා පහර දෙන්නට තම දෑත් ඔවුන් වෙත දිගුකරමින්, ඔවුන් නින්දාවට පත් කරමින්, “ඔබේ ප්රාණය ඔබම එළියට බැහැර කරනු. එවිට අපි එය ග්රහණය කරන්නෙමු.” යැයි පවසති. නබිත්වය, දේව පණිවිඩය හා අල්ලාහ් පහළ කළ දෑට සමාන දෙයක් පහළ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔබ වාද කොට බොරු පවසමින් සිටි හේතුවෙන්ද, එමෙන්ම ඔහුගේ වදන් විශ්වාස කිරීමට උඩඟු වූ හේතුවෙන්ද එදින ඔබට නින්දා අපහාස ගෙන දෙන දඬුවමක් ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය. එය ඔබ දකින විට එය භයානක දසුනක් ලෙස දකිනු ඇත

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَـٰكُمْ أَوَّلَ مَرَّةٍۢ وَتَرَكْتُم مَّا خَوَّلْنَـٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَـٰٓؤُا۟ ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ ﴿٩٤﴾

යළි අවදි කරනු ලබන දිනයේ 'අද දින ඔබ අප වෙත පැමිණ ඇත්තේ තනිවමය. ඔබ සමග ධනය හෝ නායකත්වය හෝ නැත. අපි ඔබ ආරම්භක අවදියේ පාවහන් නොමැතිව, කිසිවක් නොමැති ව නිරුවත් ලෙස මැව්වාක් මෙන් ඔබ දැන් සිටින්නෙහිය. අපි ඔබට ලබා දුන් දෑ මෙලොව ඔබෙන් පසු සිටින්නන්හට ඔබ අතහැර දමා පැමිණ ඇත. සැබැවින්ම ඔවුන් ඔබේ තැරැව්කරුවන් යැයි සිතා සිටි ඔබේ දෙවිවරුන් අද ඔබ සමග නොමැත. එමෙන්ම සැබැවින්ම ඔවුන් නැමදුම් කිරීමට සුදුසුකම් ලත් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ඔබ සිතා සිටි අය ද ඔබ සමග නැත. එය අපි දකින්නෙමු. ඔබ අතර ඇති එම සම්බන්ධකම විසන්ධි වී ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ද, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි ද, ඔබ සිතා සිටි අය ඔබෙන් ඉවතට ගොස් ඇත

۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰ ۖ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّ ۚ ذَٰلِكُمُ ٱللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٩٥﴾

සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහු බීජ පැළෙන්නට සලස්වා එමගින් පැළෑටි හට ගන්වන්නේය. ඇට පැළෙන්නට සලස්වා ඉඳි, මිදි හා වෙනත් ගස් මෙන් ගස් හට ගන්වන්නේය. මිනිසුන් හා සෙසු සත්වයින් අප්රාණික ධාතුවෙන් මතු කරන්නාක් මෙන් ඔහු අප්රාණික දැයින් ප්රාණික දෑ මතු කරන්නේය. මිනිසාගෙන් ශුක්රාණු මතු කරන්නාක් මෙන් හා කිකිළිගෙන් බිත්තර මතු කරන්නාක් මෙන් ඔහු ප්රාණික දැයින් අප්රාණික දෑ මතු කරන්නේය. මෙසේ සියල්ල සිදු කරනුයේ ඔබ ව මැවූ අල්ලාහ්ය. එසේනම් අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ඔහුගේ නිර්මාණයෙහි විශ්මය ඔබ දකිමින් සිටිය දී සත්යයෙන් ඔබ වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿٩٦﴾

රාත්රී අන්ධකාරයෙන් උදෑසන ආලෝකය උදා කරන්නේ අල්ලාහ්ය. කාර්යක්ෂම ලෙස ජීවනෝපාය සෙවීමෙන් ජනයා විවේක ලබනු පිණිස රාත්රිය විවේක කාලයක් බවට පත් කළේ ද ඔහුය. නියමිත ගණනයකට අනුව හිරු හා සඳු එකිනෙක ලුහු බැඳ ගමන් කිරීමට සැලස්සුවේද ඔහුය. මෙසේ මෙනෙහි කරන ලද ඒවා ක්රියාත්මක කිරීමට ආරම්භ වූයේ අල්ලාහ්ගේ සැලසුම අනුවය. ඔහු අබිබවා යන්නට කිසිවකු නැත. ඔහුගේ මැවීම් හා ඒවාට සුදුසු කුමක්දැයි ඔහු මැනවින් දන්නාය

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُوا۟ بِهَا فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿٩٧﴾

අහෝ! ආදම්ගේ පුතණුවනි, මහමුහුදේ හෝ මහපොළොවේ ඔබ ගමන් කරන මාර්ග පිළිබඳ සැකයක් ඔබට ඇති වූ විටෙක ඒවා මගින් යහමග ලබනු පිණිස ඔබ වෙනුවෙන් අහසේ තරු බිහි කළේ උත්තරීතර පාරිශුද්ධ අල්ලාහ්ය. අපගේ ශක්තිය පෙන්වා දෙන සාක්ෂි හා සාධක ඔහු අපට පැහැදිලි කළේය. එය ඔවුන් එම සාක්ෂි හා සාධක පිළිබඳ පරිශීලනය කර එමගින් ප්රයෝජන ලබනු පිණිසය. ر

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ فَمُسْتَقَرٌّۭ وَمُسْتَوْدَعٌۭ ۗ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَفْقَهُونَ ﴿٩٨﴾

එකම ආත්මයකින් ඔබ ව මැවූ උත්තරීතර දෙවිඳුන් ඔහුය. එය ඔබේ ආදි පියා වූ ආදම්ගේ ආත්මයෙනි. ඔබේ ආදි පියා පසින් මවමින් ඔබේ මැවීම ඔහු ආරම්භ කළේය. පසු ව ඔහුගෙන් ඔබ ව මැව්වේය. ඔබේ මව්වරුන්ගේ කුස තුළ රැඳී සිටියාක් මෙන් එහි ටික කලක් ඔබ රැඳී සිටින ස්ථාන ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. එසේම ඔබේ පියවරුන්ගේ කොදු නාරටිය මෙන් සමුගෙන යන ස්ථාන ද ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. අල්ලාහ්ගේ ප්රකාශය වටහා ගන්නා ජනයාට අප එම සාධකب පැහැදිලි කළෙමු

وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍۢ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًۭا نُّخْرِجُ مِنْهُ حَبًّۭا مُّتَرَاكِبًۭا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌۭ دَانِيَةٌۭ وَجَنَّـٰتٍۢ مِّنْ أَعْنَابٍۢ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًۭا وَغَيْرَ مُتَشَـٰبِهٍ ۗ ٱنظُرُوٓا۟ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكُمْ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٩٩﴾

අහසින් ජලය පහළ කළේ උත්තරීතර ඔහුය. එය වර්ෂා ජලයයි. එමගින් සෑම වර්ගයකම පැළෑටී අපි හට ගැන්වූයෙමු. එම පැළෑටි වලින් හරිත වගාවන් බිහි කළෙමු. කරල් තුළ ඇත්තාක් මෙන් එකිනෙකට බැඳුණු ධාන්ය ඇට ද සිටගෙන සිටින්නාට හා වාඩි වී සිටින්නාට නෙළන්නට පහසු අයුරින් සමීපයෙන් පිහිටන රට ඉඳි හනසින් ඉඳි පොකුරුද අපි හට ගැන්වූයෙමු. මිදි වතු බිහි කළෙමු. අත්තික්කා හා දෙළුම් එකිනෙකට පෙනුමෙන් සමාන මෙන්ම අසමාන පල වගාවන්ද බිහි කළෙමු. අහෝ ජනයිනි, මෙම පලතුරු හට ගන්නා ආරම්භක අවදියත් එය පැහී ඉදෙන අවස්ථාවත් හොදින් නිරීක්ෂණය කර බලනු. අල්ලාහ් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන පැහැදිලි සාධක සැබවින්ම ඒවායෙහි ඇත. එහෙයින් ඔවුන් මෙම සාධක හා සාක්ෂි මගින් ප්රයෝජන ලබනු ඇත

وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا۟ لَهُۥ بَنِينَ وَبَنَـٰتٍۭ بِغَيْرِ عِلْمٍۢ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يَصِفُونَ ﴿١٠٠﴾

ජින්වරුන් සෙත සලසනු ඇතැයිද හානි පමුණුවනු ඇතැයිද දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස කළ අවස්ථාවේ නැමදුම විෂයයෙහි ඔවුහු අල්ලාහ් සමග ඔවුන්වද පත් කර ගත්තෝය. ඔවුන් මැව්වේද අල්ලාහ්මය. ඔහු හැර වෙනත් කිසිවෙක් ඔවුන් මැව්වේ නැත. එහෙයින් නැමදුම් ලබන්නට වඩාත් සුදුස්සා වන්නේ ඔහුය. යුදෙව්වන් උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයාණන් යැයි ද කිතුනුවන් ඊසා ඔහුගේ පුත්රයාණන් යැයි ද දේව ආදේශකයින් මලාඉකාවරු ඔහුගේ දූවරුන් යැයි ද පවසන්නාක් මෙන් ඔවුහුද ඔහුට දරුවන් ඇති බව ගොතා පවසති. එම අසත්යවාදීන් කවර දෙයක් අල්ලාහ් ගැන වර්ණනා කර සිටියේද ඔහු එයින් පිවිතුරුය. පාරිශුද්ධය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

بَدِيعُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌۭ وَلَمْ تَكُن لَّهُۥ صَـٰحِبَةٌۭ ۖ وَخَلَقَ كُلَّ شَىْءٍۢ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿١٠١﴾

ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ خَـٰلِقُ كُلِّ شَىْءٍۢ فَٱعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ ﴿١٠٢﴾

ජනයිනි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔහු ඔබේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් අධිපතියෙකු ඔබට නැත. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් දෙවියෙකු නැත. සියලු දෑ ඇති කළේ ඔහුය. එබැවින් ඔබ ඔහුට පමණක් ගැතිකම් කරනු. ඔහු නැමදුමට සුදුස්සාය. ඔහු සියලු දෑ ආරක්ෂා කරන්නාය

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَـٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ ﴿١٠٣﴾

දෘෂ්ටීන් ඔහු හසු කර ගන්නේ නැත. නමුත් සුවිශුද්ධ අල්ලාහ් ඒ සියලු දෘෂ්ටීන් හසු කර ගෙන සිටියි. ඔහු තම දැහැමි ගැත්තන්හට මෛත්රිය. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්නාය

قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ ۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَا ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ﴿١٠٤﴾

අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔබ වෙත පැමිණ ඇත. කවරෙකු එය සාධාරණ යැයි සලකා එයට අනුකූල ව කටයුතු කරන්නේද ඔහු වෙත යොමු වන්නට එය ප්රයෝජනවත් වනු ඇත. ඒ ගැන අන්ධ ව කටයුතු කර නොසලකා හැර එයට අනුකූල ව කටයුතු නොකරන්නේ නම් එය කවර දෙයක් අරමුණු කර ගත්තේද එයට හානි වනු ඇත. තවද මම ඔබ ගැන නිරීක්ෂා කරන්නෙකු හෝ ඔබේ ක්රියාවන් සටහන් කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ දූතයකු පමණි. ඔබලා නිරීක්ෂණය කරනුයේ ඔහුය

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْـَٔايَـٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿١٠٥﴾

අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන සාධක හා සාක්ෂි විවිධ අයුරින් පෙන්වා දුන්නාක් මෙන්ම පොරොන්දු, ප්රතිඥා සහ උපදෙස් වලදී විවිධ සාධක ද පෙන්වා දුනිමු. දෙවියන්ට ආදේශ තැබූවෝ මෙය දේව පණිවිඩයක් නොව සැබැවින්ම ඔබට පෙර සිටි ආගම් ලත් ජනයාගෙන් ඔබ ඉගෙන ගත් දෑ යැයි පවසති. සත්ය පිළිගෙන එය පිළිපැද්දා වූ මුහම්මද්ගේ සමූහයා අතරින් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට මෙම පාඨ නානා ප්රකාරයෙන් පෙන්වා දෙමින් ජනයින්ට සත්යය පැහැදිලි කරන්නෙමු. සත්යය පිළිගෙන එය අනුගමනය කරන්නන් ඔවුන්ය

ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ ﴿١٠٦﴾

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ සත්ය පණිවිඩය ඔබ අනුගමනය කරනු. ඔහු සුවිශුද්ධය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම ඔබේ හදවත වෙනතකට යොමු නොකළ යුතුය. ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ඇත්තේය

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ ۗ وَمَا جَعَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ ﴿١٠٧﴾

තමන් සමග ඔවුන් කිසිවකු ආදේශ නොකළ යුතු යැයි අල්ලාහ් අභිමත කර සිටියේ නම් කිසිවකු ඔහුට ආදේශ නොකරනු ඇත. අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන නිරීක්ෂකයකු බවට අපි ඔබ පත් නොකළෙමු. ඔවුන් ක්රියා කරවන්නෙකු ලෙස ඔබ නැත. ඔබ දූතයකු පමණි. ඔබ වෙත පැවරෙනුයේ නිවේදනය පමුණුවීම පමණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا تَسُبُّوا۟ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّوا۟ ٱللَّهَ عَدْوًۢا بِغَيْرِ عِلْمٍۢ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٠٨﴾

مرجعهم فينبئهم بما كانوايعملون අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔහුට ආදේශ කර ඔවුන් නමදින ඔවුන්ගේ පිළිම නින්දා සහගත වුවද දොස් නගන්නට වඩාත් සුදුසු දෑ වුවද ඒවාට ඔබ බැණ නොවදින්න. එය ඔවුන් අල්ලාහ්ට සුදුසු නොවන දෙයක් අඥාන කමින් හා දිගට ගෙන යමින් ඔහුට බැණ නොවදින තරමට විය යුතුය. ඔවුන් කවර මුළාවක සිටින්නේද එය ඔවුනට අලංකාර කර පෙන්වනු ලැබුවාක් මෙන් සෑම සමූහයකමට ඔවුන්ගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද අපි අලංකාර කර පෙන්වා ඇත්තෙමු. එහෙයින් ඔවුනට කවර කරුණක් අප අලංකාර කර පෙන්වූයේද එය ඔවුන් ගෙන එති. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී යනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. එමෙන්ම ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌۭ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْـَٔايَـٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ ﴿١٠٩﴾

තමන් නිර්දේශ කරන පාඨ වලින් එක් පාඨයක් මුහම්මද් වෙත පැමිණියේ නම් එය සැබැවින්ම ඔවුන් පිළිගන්නා බවට දෙවියන්ට ආදේශ තබන්නෝ තමන්ට හැකි උපරිමයෙන් අල්ලාහ් මත දිවුරා පවසති. අහෝ දූතය! එම පාඨ මා ළඟ තිබී ඒවා මා පහළ කරන තරමට ඒවා මා ලඟ නැත. ඒවා ඇත්තේ අල්ලාහ් අබියසය. ඔහු අභිමත කරන වේලාවට පහළ කරනු ඇත. යැයි ඔවුනට පවසනු. අහෝ දේවි විශ්වාසී ජනයිනි! සැබැවින්ම මෙම පාඨ ඔවුන් නිර්දේශ කරන දෑ ට අනුකූල ව පහළ වූ විට එය විශ්වාස නොකරනු ඇතැයි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? නමුත් ඔවුන් යහමග ලබන්නට අදහස් නොකරන බැවින් ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ උත්සාහයේ ඔවුහු රැඳී සිටිති

وَنُقَلِّبُ أَفْـِٔدَتَهُمْ وَأَبْصَـٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا۟ بِهِۦٓ أَوَّلَ مَرَّةٍۢ وَنَذَرُهُمْ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ ﴿١١٠﴾

මුල් වතාවෙහිම ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් හා අල් කුර්ආනය විශ්වාස කිරීම අතර වැළැක්වූවාක් මෙන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෘෂ්ටීන් අතර හා සත්යය වෙත මග ලැබීම අතර වළක්වාලමින් අපි ඒවා පෙරළා දමන්නෙමු. ඔවුන්ගේ මුළාවෙහි හා තම පරමාධිපති සම්බන්ධයෙන් ව්යාකූලත්වයේ තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු

۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍۢ قُبُلًۭا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ ﴿١١١﴾

ولكن أك ثرهم يجهلون ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.و

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا شَيَـٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍۢ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًۭا ۚ وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿١١٢﴾

දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු

وَلِتَصْغَىٰٓ إِلَيْهِ أَفْـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا۟ مَا هُم مُّقْتَرِفُونَ ﴿١١٣﴾

(ෂෙයිතාන් මෙසේ කළේ) ඇතැමෙකු විසින් ඇතැමෙකු තුළ කුතුහලයට පත් කරවන දෑ වෙත මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන හදවත් නැඹුරු වන්නටත් ඔවුන් විසින් එය පිළිගන්නටත් එය ඒ ගැන තෘප්තියට පත්වන්නටත් පාපකම් හා වැරදි උපයමින් සිටින්නන් ඒවා උපයන්නටත් වේ

أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًۭا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَـٰبَ مُفَصَّلًۭا ۚ وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌۭ مِّن رَّبِّكَ بِٱلْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ﴿١١٤﴾

අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් දෑ නමදින ඔහුට ආදේශ තබන මොවුන්හට ඔබ මෙසේ පවසනු. අප අතර හා ඔබ අතර අල්ලාහ් නොවන තීරකයකු ඉදිරිපත් කිරීම බුද්ධිමත් යැයි ඔබ සිතන්නෙහිද? සෑම දෙයක් ගැනම සම්පූර්ණ කරමින් පැහැදිලි කරමින් ඔබ වෙත අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. අප විසින් තව්රාතය පිරිනැමූ යුදෙව්වන් ද අප විසින් ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් ද සත්ය මත පදනම් කරමින් සැබැවින්ම අල් කුර්ආනය ඔබ වෙත පහළ කරනු ලැබූවක් බව මැනවින් දනිති. එසේ ඔවුන් මැනවින් දන්නේ ඔවුන් දෙපිරිසගේ පුස්තක වල ඒ සඳහා වූ සාධක සඳහන් ව තිබෙනු ඔවුන් දුටු බැවිණි. අප ඔබ වෙත එවූ දෑ පිළිබඳ ඔබ සැක කරන්නන් අතුරින් නොවනු

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًۭا وَعَدْلًۭا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَـٰتِهِۦ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿١١٥﴾

අල් කුර්ආනයේ වදන් වල සහ ප්රවෘත්ති වල සත්යයේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවකු නැත. තම ගැත්තන්ගේ ප්රකාශ වලට ඔහු සවන් දෙන්නාය. ඒ පිළිබඳ සර්ව ඥානීය. එයින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඔහුගේ වදන් වෙනස් කිරීමට උත්සාහ දරන්නන්හට ඔහු විපාක දෙනු ඇත

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿١١٦﴾

මිහිතලයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුට ඔබ අවනතවන්නට නියම කරනු ලැබුවේ නම් අල්ලාහ්ගේ දහමින් ඔවුන් ඔබ ව මුළා කරනු ඇත. සත්යය ඇත්තේ සුළු පිරිසක් සමගය යන අල්ලාහ්ගේ පිළිවෙත ක්රියාත්මක විය. ජනයා අතුරින් බොහෝ දෙනා අනුගමනය කරනුයේ කිසිදු සාධකයක් නැති අනුමාන පමණි. සැබැවින්ම තමන් නමදින දෑ අල්ලාහ් වෙත තමන් ව සමීප කරනු ඇතැයි ඔවුන් අනුමාන කරති. ඒ පිළිබඳ ඔවුහු බොරු පවසති

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿١١٧﴾

අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය මිනිසුන් කවුරුන්දැයි මැනවින් දන්නාය. එමෙන්ම ඒ වෙත යහමග ලැබූවන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ إِن كُنتُم بِـَٔايَـٰتِهِۦ مُؤْمِنِينَ ﴿١١٨﴾

අහෝ ජනයිනි! ඔබ අල්ලාහ්ගේ පැහැදිලි සාධක හා සාක්ෂි විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම්, (ආහාර සඳහා) සතුන් කපන අවස්ථාවේ ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ පමණක් ඔබ අනුභව කරනු

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًۭا لَّيُضِلُّونَ بِأَهْوَآئِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِٱلْمُعْتَدِينَ ﴿١١٩﴾

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දැයින් අනුභව කිරීමට ඔබ ව වැළැක්වූයේ කුමක්ද? ඔබට තහනම් කුමක් දැයි සැබැවින්ම අල්ලාහ් ඔබට පැහැදිලි කර ඇත. එහෙයින්, නොවැළැක්විය හේතුවක් මත ඒ වෙත ඔබ බල කරනු ලැබූවේ නම් මිස එය අතහැරීම ඔබ වෙත අනිවාර්යය වන්නේය. නොවැළැක්විය හැකි හේතුවක් නම් එය තහනම් දෑ අනුමත කරයි. දෙවියන්ට ආදේශ කරන්නන් බොහෝ දෙනා තමන් නොදැනුවත්කම හේතුවෙන් ඔවුන්ගේ කලහකාරී අදහස් හේතු කොටගෙන සත්යයෙන් පෙරළි ගිය ඔවුන්ගේ අනුගාමිකයින් අනුගමනය කරති. ඔවුන් වෙත තහනම් කළ, මළ සතුන් හා වෙනත් දෑ අනුමත කර ගනිති. අල්ලාහ් අනුමත කළ බහීරා, වසීලා, හාමි වැනි ගොවිපළ සත්ව වර්ග හා වෙනත් දෑ තහනම් කර ගනිති. අහෝ දූතය! අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළ අය පිළිබඳ ව සැබැවින්ම ඔබේ පරමාධිපති මැනවින් දන්නාය. ඔවුන් ඔහුගේ සීමාවන් උල්ලංඝනය කොට කටයුතු කිරීම සඳහා ඔහු මතු ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත

وَذَرُوا۟ ظَـٰهِرَ ٱلْإِثْمِ وَبَاطِنَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ يَكْسِبُونَ ٱلْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا۟ يَقْتَرِفُونَ ﴿١٢٠﴾

අහෝ ජනයිනි! ප්රසිද්ධියේ හා රහසිගත ව පාපකම් කිරීම අතහැර දමනු. ප්රසිද්ධියේ හෝ රහසිගත ව හෝ පාපකම් සිදු කරන්නන්හට ඔවුන් ඉපැයූ පාපය වෙනුවෙන් අල්ලාහ් ඔවුනට සුදුසු ප්රතිවිපාක දෙනු ඇත

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌۭ ۗ وَإِنَّ ٱلشَّيَـٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَـٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ ﴿١٢١﴾

أطعتموهم إ نكم لمشركون අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ්ගේ නාමය සඳහන් නොකළා වූ දැයින් අනුභව නොකරනු. එය වෙනත් අයගේ නම සඳහන් කරනු ලැබූවද එසේ සඳහන් කරනු නොලැබූවද එක සමානය. සැබැවින්ම එයින් අනුභව කිරීම අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත් කොට පාපය වෙත බැහැර කරනු ඇත. මියගිය සතුන් සම්බන්ධයෙන් ඔබ සමග වාද කරනු වස් ෂෙයිතාන් ඔවුන්ගේ හිතමිතුරන් වෙත සැක පහළ කරමින් කුකුස් ඇති කරයි. අහෝ මුස්ලිම්වරුන් මිය ගිය සතුන් අනුමත කිරීම සඳහා ඔබ වෙත ඔහු හෙළන සැකය ඇති දෑ හි ඔබ ඔවුනට අවනත වූයෙහු නම් දේව ආදේශයෙහි ඔබ හා ඔවුන් සමාන වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَوَمَن كَانَ مَيْتًۭا فَأَحْيَيْنَـٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًۭا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَـٰتِ لَيْسَ بِخَارِجٍۢ مِّنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَـٰفِرِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٢٢﴾

كذلك زين للكفرين ما كانوايعملون අල්ලාහ්ගේ මග පෙන්වීමට ලැබීමට පෙර තමන් තුළ පැවති දේව ප්රතික්ෂේපය අඥානකම හා පාපකම් සමග වී මියගිය අයකු ලෙස සිටි පුද්ගලයා -ඔහුට දේව විශ්වාසය, දැනුම හා අවනත වීම සඳහා මග පෙන්වීම තුළින් අපි ඔහුව ප්රාණවත් කළෙමු.- දේව ප්රතික්ෂේපය, අඥානකම හා පාපකම් යනාදී අන්ධකාරයෙන් ඉවත් වීමට නොහැකි, ඔහු වෙත නියම මාර්ගය පැටල වී ඇති, යා යුතු ගමන් මග අඳුරු වී ඇති පුද්ගලයකුට සමාන වන්නේද? දේවත්වය ආදේශ කිරීම, මිය ගිය සතුන් ආහාරයට ගැනීම හා ව්යාජ දෑ තර්ක කිරීම වැනි පාපකම් දේවත්වය ආදේශ කරන මොවුනට ආලංකාරවත් කර පෙන්වනු ලැබුවාක් මෙන්ම, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමෙන් විපාක දෙනු පිණිස ඔවුන් සිදුකරමින් සිටි පාපකම් ඔවුනට අලංකාරවත් කර පෙන්වන ලදී

وَكَذَٰلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَـٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا۟ فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴿١٢٣﴾

මක්කාවේ විසූ, දෙවියන්ට ආදේශ කළවුන් කළ මහා පාපකම් වලින් එක් උදාහරණයක් වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමයි. ෂෙයිතාන්ගේ මාර්ගය වෙත ඇරුයුම් කිරීමේ ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට උපායන් ඔවුන් දියත් කිරීමටත්, දූතවරුන් හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධ වීමටත්, අපි සෑම ගමකම නායකයින්, ප්රභූවරුන් ඇති කළෙමු. අවසානයට සිදු වූයේ ඔවුන්ගේ කුමන්ත්රණය හා කූට උපක්රම ඔවුනට එරෙහිවම පිහිටීමය. ඔවුන්ගේ අඥානකම හා තම ආශාවන්ට වහල්වී සිටි බැවින් ඒ ගැන ඔවුන් වටහා ගත්තේ නැත

وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌۭ قَالُوا۟ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِ ۘ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ ۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُوا۟ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌۭ شَدِيدٌۢ بِمَا كَانُوا۟ يَمْكُرُونَ ﴿١٢٤﴾

දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් අතර සිටි ප්රභූවරුන් වෙත තම නබිවරයාණන් වෙත අල්ලාහ් පහළ කළ පාඨ වලින් එක් පාඨයක් පැමිණි විට ඔවුහු නබිවරුන්හට දෙනු ලැබූ නබිත්වය දූත මෙහෙය වැනි දෑ මෙන් යමක් අල්ලාහ් අප වෙත පිරිනමන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු. යැයි පැවසූහ. දූත පණිවිඩය සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු කළ අය හා එහි බර උසුලන්නන් කවුරුන්දැ?යි ඔහු මැනවින් දන්නාය. ඒ අනුව නබිත්වය හා දූතත්වය ඔහුට නියම කරනු ඇත. මෙම අපරාධකරුවන් සත්යයෙන් පෙරළී අහංකාර කම් පෑ හේතුවෙන් අපකීර්තියට හා අවමානයටත් ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් දැඬි දඩුවමටත් මුහුණ දෙන්නට සිදු වනු ඇත

فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًۭا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ ﴿١٢٥﴾

ه අල්ලාහ් කවරෙකු යහමග වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේද ඉස්ලාමය පිළිගැනීම සඳහා ඔහු ඔහුගේ හදවත පුළුල් කරනු ඇත. ඔහු කවරෙකුව අපහාස කරන්නට අභිමත කළේද යහමග සඳහා ඔහු ආශිර්වාද නොකරයි. සත්ය පිළිගැනීමට නොහැකි අයුරින් ඔහුගේ හදවතට දැඩි පීඩනයක් ඇති කරයි. අහසට නැග යාම දුෂ්කර වනවාක් මෙන් ඔහුගේ හදවත තුළට සත්යය පිවිසීම වළක්වනු ඇත. එය ඔහු විසින් කළ නොහැක. මෙසේ දැඩි පීඩන තත්ත්වයකින් පවතින වාතාවරණයක් අල්ලාහ් ඔවුනට ඇති කළාක් මෙන්ම ඔහු විශ්වාස නොකරන්නන්හට දඬුවමද ඇති කරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَهَـٰذَا صِرَٰطُ رَبِّكَ مُسْتَقِيمًۭا ۗ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَذَّكَّرُونَ ﴿١٢٦﴾

අහෝ දූතය! ඔබට අපි ආගමානුගත කළ මෙම පිළිවෙත, කිසිදු ඇදයක් නැති, අල්ලාහ්ගේ ඍජු මාර්ගය වෙයි. කවරෙකුට හැඟීම් හා අවබෝධය ඇත්තේද, අල්ලාහ් පිළිබඳ වටහා ගත හැකි අයුරින් අපගේ වදන් සැබැවින්ම අපි ඔහුට පැහැදිලි කළෙමු

۞ لَهُمْ دَارُ ٱلسَّلَـٰمِ عِندَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٢٧﴾

සියලුම පිළිකුල් සහගත දැයින් සැනසුම ලබන නිවහනක් ඔවුනට ඇත. එය ස්වර්ගයයි. ඔවුන් සිදුකරමින් සිටි දැහැමි කටයුතු සඳහා ප්රතිඵල පිරිනැමීමක් වශයෙන් අල්ලාහ් ඔවුනට උපකාර කරයි. ඔවුන් ශක්තිමත් කරයි

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا يَـٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِ ۖ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍۢ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَا ۚ قَالَ ٱلنَّارُ مَثْوَىٰكُمْ خَـٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ ﴿١٢٨﴾

අහෝ දූතය! මිනිසුන් හා ජින් යන දෙවර්ගය එක්රැස් කරනු ලබන දිනය මෙනෙහි කරනු. එවිට අල්ලාහ්, අහෝ ජින් වර්ගයනි! ඔබ මිනිසුන් නොමඟ යැවීමෙහි හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙහි අධික ලෙස නිරත වූහැයි අල්ලාහ් පවසයි. තම පරමාධිපතිට පිළිතුරු දෙමින් ඔවුන් අනුගමනය කළ මිනිසුන්: අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සෑම කෙනෙකුම තම සගයාගෙන් භුක්ති විඳ ඇත. ජින්නුන්ද මිනිසුන්ට අවනත වෙමින් භුක්ති විඳ ඇත. එමෙන්ම මිනිසුන්ද තම ආශාවන්ට වහල් වෙමින් භුක්ති විඳ ඇත. ඔබ අපට නියම කළ කාලය අප වෙත ළඟා වී ඇත. එයයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යැයි පවසති. එයට අල්ලාහ්, නිරා ගින්න ඔබේ සදාතනික නිවහනයි. නමුත් ඔවුන්ගේ මිනීවල වල් වලින් ඔවුන් අවදි කරවා නිරය වෙත ගමන් කරවීම අතර කාලය හැර යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් අතිරික්තයක් ලෙස පිරිනැමූ මෙම කාලය තුළ පමණක් නිරා ගින්නෙහි සදා නොසිටිනු ඇත යැයි පවසයි. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති, ඔහු සැලසුම් කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ ගැත්තන් පිළිබඳ ව හා ඔවුන් අතුරින් දඬුවමට සුදුස්සන් කවුරුන්දැයි ද ඔහු මැනවින් දන්නාය

وَكَذَٰلِكَ نُوَلِّى بَعْضَ ٱلظَّـٰلِمِينَ بَعْضًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿١٢٩﴾

ජින්වරුන් එකිනෙකා හිතමිතුරන් බවට පත් කළාක් මෙන්ම ඔවුන් ඇතැම් මිනිසුන් නොමග යැවීම සඳහා ඔවුන් මත පාලනය කරවන්නට සැලැස්සුවෙමු. සෑම අපරාධකරුවකුටම තමන් උපයමින් සිටි පාපකම් සඳහා ප්රතිවිපාක වශයෙන් නපුරු පොලඹවන, එයට දිරි දෙන, යහපතින් දුරස් කොට අයහපතෙහි තනිකර දමන, අපාරධකරුවකු අපි හිතමිතුරෙක බවට පත් කරන්නෙමු

يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَـٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا۟ شَهِدْنَا عَلَىٰٓ أَنفُسِنَا ۖ وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَـٰفِرِينَ ﴿١٣٠﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුනට මෙසේ පවසන්නෙමු. අහෝ මිනිස් හා ජින් වර්ගයනි! ඔබේ වර්ගයා අතුරින් එනම් මිනිස් වර්ගයා අතුරින් පහළ කළ කුර්ආනය ඔබ වෙත පාරායනය කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන ඒ භයානක දිනයේ හමුව පිළිබඳ ඔබ ව බියවද්දන දේව දූතවරු ඔබ වෙත නොපැමිණියේද? එවිට ඔවුහු එසේය, සැබැවින්ම ඔබේ දූතවරුන් අපට දන්වා සිටි බවට අද දින අප විසින්ම පිළිගනිමු. එමෙන්ම මේ දිනයේ හමුව පිළිබඳත් අපි පිළිගනිමු. නමුත් අපි ඔබේ දූතවරුන් බොරු කර සිටියෙමු. මෙම දිනයේ හමුව පිළිබඳ බොරු කර සිටියෙමු. මෙලොව ජීවිතයේ ඇති නින්දිත අලංකාරය, ලස්සන, ආකාර්ෂණය හා සුව පහසුකම් ඔවුන් රවටා දැමීය. මෙලොව ජීවිතයේ තමන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරමින් සිටි බව ඔවුන් පිළිගනිති. කාල අවකාශය හමාර වී ඇති බැවින් එම පිළිගැනීමත් විශ්වාසයත් ඔවුනට කිසිවිටෙක පල දෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا غَـٰفِلُونَ ﴿١٣١﴾

"තමන් වෙත කිසිදු දූතයකු එවනු ලැබුවේ නැත. කිසිදු ඇරයුමක් කර නැතැයි" කිසිවකු වැරදි නොකියනු පිණිස මිනිසුන් හා ජින්නුන් වෙත ධර්ම දූතයින් එවා තිබෙන බව කරුණු දක්වා ඇත. එහෙයින් සමූහයන් අතුරින් කිසිදු සමූහයක් ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් පසුව මිස අපි දඬුවම් නොකළෙමු

وَلِكُلٍّۢ دَرَجَـٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا يَعْمَلُونَ ﴿١٣٢﴾

සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව තරාතිරම් ඇත. එහෙයින් අධික පාපය හා ස්වල්ප පාපය එක හා සමාන නොවෙයි. එමෙන්ම අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා එක හා සමාන නොවන්නේය. එය දැහැමි කටයුතු කරන්නාගේ තිළිණ එක හා සමාන නොවන්නාක් මෙනි. ඔවුන් කරන දෑ පිළිබඳ ඔබේ පරමාධිපති අනවධානයෙන් පසු නොවෙයි. ඒ දෙස ඔහු බලා සිටියි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ ﴿١٣٣﴾

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබේ ගැත්තන්ගෙන් පොහොසත්ය. ඔවුන් වෙත යැපීමට හෝ ඔවුන්ගේ නැමදුම් වල අවශ්යතාවක් හෝ ඔහුට නැත. එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔහුට හානි ඇති කරන්නේද නැත. ඔහු ඔවුන්ගේ අවශ්යතාවෙන් තොර වනවාක් මෙන්ම ඔහු ඔවුන් පිළිබඳ මහා දයාලුය. අහෝ පාපතරයිනි, ඔබ ව විනාශ කිරීමට ඔහු අභිමත කළේ නම් ඔහුගෙන් වූ දඩුවමක් ඔබ වෙත එනු ඇත. ඔබට පෙර විසූ වෙනත් සමූහයන්ගේ පරපුරින් ඔබ ව ඔහු මැව්වාක් මෙන් ම ඔබේ විනාශයෙන් පසු ව ඔහු ව විශ්වාස කරන ඔහුට අවනත වන පිරිසක් ඔහුගේ අභිමතය පරිදි බිහි කරනු ඇත

إِنَّ مَا تُوعَدُونَ لَـَٔاتٍۢ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿١٣٤﴾

නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, දඬුවම් පමුණුවීම යනාදි කරුණු අතරින් කවර කරුණක් ඔබ වෙත ප්රතිඥා දෙනු ලැබුවේද ඒවා කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. ඔබ පලා යෑමෙන් ඔබේ පරමාධිපතිව ජයගත නොහැක්කේමය. ඔබේ නළල් කෙසින් ඔහු ඔබව ග්රහණය කරනු ඇත. ඔහුගේ දඬුවමින් ඔහු ඔබට දඬුවම් කරනු ඇත

قُلْ يَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَـٰقِبَةُ ٱلدَّارِ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ ﴿١٣٥﴾

අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. අහෝ ජනයිනි, ඔබ ඔබේ ස්ථාවරත්වයේ සිටිනු, ඔබ පිහිටා ඇති දේව ප්රතික්ෂේපය හා මුළාව යන ස්ථාවරත්වය මත සිටිනු. හේතුව සැබැවින්ම මම ඔබට කරුණු දක්වා ඇත්තෙමි. පැහැදිලි ලෙස දන්වා සිටිමින් ඔබ වෙත සාක්ෂි ඉදිරිපත් කර ඇත්තෙමි. ඔබේ ප්රතික්ෂේපය හා ඔබේ මුළාව ගැන මම කනස්සල්ලට පත් නොවෙමි. මම කවර සත්යයක් මත ස්ථාවර ව සිටින්නේද ඒ මත ම සිටිමි. මෙලොව ජයග්රහණය කාහට හිමි වන්නේ දැයි ද මහපොළොව කාහට උරුම වන්නේ දැයි ද මතු ලොව නිවහන කවුරුන් සතු යැයි ද ඔවුන් මතු දැන ගනු ඇත. සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් මෙලොව ජය ලබන්නේ නැත. මතු ලොවෙහි ද ජය ලබන්නේ නැත. ඔවුන් මෙලොව ඇති සැප පහසුකම් භුක්ති වින්ද ද ඔවුන්ගේ අවසානය විනාශයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَجَعَلُوا۟ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَـٰمِ نَصِيبًۭا فَقَالُوا۟ هَـٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَـٰذَا لِشُرَكَآئِنَا ۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْ ۗ سَآءَ مَا يَحْكُمُونَ ﴿١٣٦﴾

අල්ලාහ් මැවූ අස්වැනු හා ගොවිපළ සතුන්ගෙන් කොටසක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට සැබැවින්ම එම කොටස අල්ලාහ් සතු යැයි ද තවත් කොටසක් ඔවුන්ගේ පිළිම හා ස්මාරක වෙනුවෙන් වෙන් කොට එය ඔවුන් වෙනුවෙන් යැයි පවසා ආදේශ කරන්නන් අල්ලාහ්ට ආදේශ තබති. ඔවුන්ගේ හවුල් කරුවන් වෙනුවෙන් වෙන් කළ දෑ අල්ලාහ් ආගමානුගත කළ දිළිඳු හා දුප්පත් පාර්ශවයන් වෙත සේන්දු වූයේ නැත. අල්ලාහ් වෙනුවෙන් වෙන් කළ දෑ ඔවුන්ගේ හවුල්කාර පිළිම වෙත සේන්දු වී එහි ඒවායෙහි යහපත හුවමාරු වනු ඇතැයි තරයේ විශ්වාස කරති. ඔවුන්ගේ තීන්දුව හා ඔවුන්ගේ කොටස් කිරීම නපුරු නොවේද?

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍۢ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَـٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿١٣٧﴾

මෙම වැරදි සහගත තීන්දුව ආදේශ කළවුන්හට ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වූවා සේම දිළිඳුකම හේතුවෙන් තම දරුවන් ඝාතනය කිරීම දෙවියන්ට ආදේශ කළවුනට ඔවුන්ගේ හවුල්කාර ෂෙයිතානුවන් අලංකාර කර පෙන්වීය. එය කිසිදු සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් ඝාතනය කිරීමට තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමේ වරදට යොමු කර ඔවුන් විනාශ කරනු පිණිසය. එමෙන්ම ඔවුන්ගේ දහම ඔවුනට පටලවා ආගමානුගත කළ දෑ කුමක්ද ආගමානුග ගත නොකළ දෑ කුමක් දැයි හඳුනා නොගනු පිණිසය. ඔවුන් එය සිදු නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එය සිදු නොකරන්නට තිබුණි. නමුත් ඔහු ගැඹුරු ප්රඥාවක් සඳහා එය අභිමත කළේය. එහෙයින් අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන මොවුන් හා අල්ලාහ් මත බොරු ගොතා පවසන මොවුන්ගේ බොරුව සමග අතහැර දමනු. සැබැවින්ම එය ඔබට හානියක් නොකරනු ඇත. ඔවුන්ගේ කටයුතු අල්ලාහ්ට භාර දෙනු

وَقَالُوا۟ هَـٰذِهِۦٓ أَنْعَـٰمٌۭ وَحَرْثٌ حِجْرٌۭ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَـٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَـٰمٌۭ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ ۚ سَيَجْزِيهِم بِمَا كَانُوا۟ يَفْتَرُونَ ﴿١٣٨﴾

දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ කල්පනය අනුව මෙම ගොවිපළ සතුන් හා පලදාවෙන් කිසිවක් අනුභව කිරීම තහනම් කරනු ලැබ ඇතැයි පවසති. මෙසේ ඔවුන් බොරු ගොතා පවසනුයේ පිළිම වලට සේවය කරන්නන් හා වෙනත් අය විසින් කරන ලද මග පෙන්වීමෙනි. තවදුරටත් ඔවුහු මෙම ගොවිපළ සතුන්ගේ පිටවල් තහනම් කරනු ලැබ ඇත. එහෙයින් ඒ මත නැග ගමන් නොකරනු. එහි කිසිවක් පටවා ප්රවාහනය නොකරනු. අල්බහීරා අස්සාඉබා හා අල් හාමී යනාදිය එම සතුන් වෙති. මෙම ගොවිපළ සතුන් මත ඒවා කපන අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරති. නමුත් ඒවා කපන විට ඒවා මත ඔවුන්ගේ පිළිම වල නාමයෙන් කපති. සැබැවින්ම මෙය අල්ලාහ්ගෙනි යැයි ඔහු මත බොරු පවසමින් මේ සියලු වැරදි කරති. ඔවුන් කවර කරුණක් මත බොරු ගොතමින් සිටියේද ඒ හේතුවෙන් ඔවුනට අල්ලාහ් දඬුවම් කරනු ඇත

وَقَالُوا۟ مَا فِى بُطُونِ هَـٰذِهِ ٱلْأَنْعَـٰمِ خَالِصَةٌۭ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا ۖ وَإِن يَكُن مَّيْتَةًۭ فَهُمْ فِيهِ شُرَكَآءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ ﴿١٣٩﴾

ඔවුන් තවදුරටත් මෙම අස්සාඉබා හා අල්බහීරා නම් ඔටු දෙනුන්ගේ කුස වල ඇති පැටවුන් පණ පිටින් බිහි කරනු ලැබුවේ නම් එය අපගේ පිරිමින්හට අනුමත වන අතර අපගේ කාන්තාවන්හට තහනම් වේ. උන්ගේ කුස තුළ ඇති පැටවුන් මිය ගොස් තත්ත්වයේ බිහි කරනු ලැබුවේ නම් පිරිමින් හා කාන්තාවන් එහි හවුල්කරුවෝ වෙති යැයි පවසති. ඔවුන්ගේ මෙම ප්රකාශයට සරිලන ප්රතිවිපාක අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ආගමික කරුණු නිතීගත කිරීමෙහි හා ඔහුගේ මැවීම්හි කටයුතු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. එමෙන්ම ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَـٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍۢ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ ۚ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ﴿١٤٠﴾

තමන්ගේ බුද්ධිහීනතාව හා අඥානකම හේතුවෙන් තම දරුවන් මරා දමමින් අල්ලාහ් තමන්හට ආහාර වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් ඔහු මත බොරු ගොතමින් ඒවා තහනම් කළවුන් විනාශ වී ගියහ. ඍජු මාර්ගයෙන් ඔවුන් දුරස් වූහ. ඔවුහු ඒ වෙත මග ලබන්නන් නොවූහ

۞ وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّـٰتٍۢ مَّعْرُوشَـٰتٍۢ وَغَيْرَ مَعْرُوشَـٰتٍۢ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَـٰبِهًۭا وَغَيْرَ مُتَشَـٰبِهٍۢ ۚ كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ ۖ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ ﴿١٤١﴾

මුදුන් මුල් වලින් තොරව මහපොළොව මතුපිටින් ව්යාප්තව වැඩෙන වතු හා මුදුන් මුල් සහිත උසින් වැඩෙන වතු සුවිශුද්ධ අල්ලාහ් මැව්වේය. ඔහු ඉඳි ගස් මැව්වේය. විවිධ ස්වරූපයන් හා රසයෙන් යුත් විවිධ පැළෑටි මැව්වේය. ඔලිව් හා දෙළුම් ද ඒවාට සමාන දෑ ද සුවයෙන් වෙනස් වූ දෑ ද ඔහු මැව්වේය. අහෝ ජනයිනි! ඒවා පලගැන්වූ විට එවායින් ඔබ අනුභව කරනු. ඒවා නෙළා ගන්නා දින එහි සතු සකාතය ඉටු කරනු. අනුභවයේ හා වියදම් කිරීමෙහි ආගමානුගත කළ සීමාවන් උල්ලංඝනය නොකරනු. ඒ දෙකෙහි හෝ ඒ දෙක හැර වෙනත් දෑහි තම සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.සැබැවින්ම සියල්ල මැව්වේ ඔහුය. ඔහු එය තම ගැත්තන් හට අනුමත කර ඇත. එහෙයින්و ඒවා තහනම් කිරීමට දේව ආදේශකයින්හට කිසිදු අයිතියක් නැත

وَمِنَ ٱلْأَنْعَـٰمِ حَمُولَةًۭ وَفَرْشًۭا ۚ كُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿١٤٢﴾

විශාල ව වැඩුණු ඔටුවන් වැනි ඒ මත බඩු පටවාගෙන යෑමට සුදුසු ගොවිපළ සතුන් හා එළුවන් වැනි එසේ බඩු පැටවීමේ කටයුතු සිදු කළ නොහැකි කුඩා ගණයේ සතුන් ඔබ වෙනුවෙන් බිහි කළේ ඔහුය. අහෝ ජනයිනි, අල්ලාහ් ඔබට පෝෂණය කළ ඔබට අනුමත කළ දැයින් ඔබ අනුභව කරන්න. දේව ආදේශකයින් සිදු කරන්නාක් මෙන් ඔහු අනුමත කළ දෑ තහනම් කිරීමේ හා තහනම් කළ දෑ අනුමත කිරීමේ ෂෙයිතාන්ගේ පියවරවල් ඔබ අනුගමනය නොකරනු. අහෝ ජනියිනි! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට ප්රකට සතුරෙකි. ඔහු එතුළින් ඔබ අල්ලාහ්ට පිටුපෑම අපේක්ෂා කරයි

ثَمَـٰنِيَةَ أَزْوَٰجٍۢ ۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٤٣﴾

අල්ලාහ් ඔබ වෙනුවෙන් වර්ග අටක් මවා ඇත්තේය. බැටළුවන්ගෙන් ගැහැනු පිරිමි ජෝඩුවක් ද එළුවන්ගෙන් දෙදෙනෙක් ද ඒවා අතුරිනි. අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට ඔබ, ඒ ජෝඩු දෙකින් පිරිමි සතුන් දෙදෙනා පිරිමි යන හේතුවෙන් අල්ලාහ් එය තහනම් කර ඇත්තේ දැයි විමසනු? ඔවුහු එසේය යැයි පිළිතුරු දුන්නේ නම්, ගැහැනු සතුන් ඔබ තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ගැහැනු යන හේතුවෙන් සැබැවින්ම ඔහු එය තහනම් කර ඇත්තේදැ?යි විමසනු. ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔබ පිරිමි සතුන් දෙදෙනා තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් එම ගැහැනු සතුන්ගේ ගැබ තුළ සිටින දෑ උන් එසේ ගැබේ දරා ගෙන සිටින හේතුවෙන් ඔහු එය තහනම් කර ඇත්තේ දැයි? විමසනු. එවිට ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔවුනට විටෙක ගැහැනු සතුන් තහනම් කරමින් තවත් විටෙක පිරිමි සතුන් තහනම් කරමින් ගැබ් තුළ ඇති දෑ අතර වෙන් කරනුයේ මන්දැයි ඔබ විමසනු. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම මෙම තහනම් කිරීම අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔබ කරන වාදයේ ඔබ සත්යවාදීන් නම් නිවරැදි දැනුම මත පදනම් වූයේ කුමක් දැයි ඔබ මට දන්වා සිටින්නැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَـٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٤٤﴾

ه ى ه වර්ග අටින් ඉතිරිය වනුයේ ඔටු ජෝඩුව හා ගව ජෝඩුවයි. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන්: පිරිමිකම නිසාවෙන් හෝ ගැහැනුකම නිසාවෙන් හෝ ගැබ තුළ දරා සිටින පැටවුන් නිසාවෙන් අල්ලාහ් ඒවා තහනම් කර ඇත්තේදැයි විමසනු. එසේ නැතහොත් දේව ආදේශකයිනි, ඔබේ කල්පනය පරිදි ඔබ තහනම් කර ගත් මෙම ගොවිපළ සතුන් තහනම් කරමින් අල්ලාහ් ඔබට උපදෙස් දුන් බව පවසන එම අවස්ථාවේ ඔබ එහි පෙනී සිටියෙහිද? කිසිදු පදනමකින් තොරව ඍජු මාර්ගයෙන් ජනයා නොමග යවනු පිණිස අල්ලාහ් මත බොරු ගොතා පවසන ඔහු තහනම් නොකළ දෙයක් තහනම් කර ඇත්තේ යැයි ඔහු මත ගොතා පවසන පුද්ගලයාට වඩා මහා අපරාධකරුවකු හෝ වැරදිකරුවකු හෝ තවත් නැත. අල්ලාහ් මත බොරු ගොතා පවසන අපරාධකරුවන්හට යහ මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරනු ඇත

قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍۢ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًۭا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍۢ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَإِنَّ رَبَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١٤٥﴾

අහෝ දූතය! නිත්යානුකූල අයුරින් කපා නොහැර මිය ගිය සතුන්, ගලා යන රුධිරය, ශූකරයා අපවිත්ර හා තහනම් වන බැවින් උන්ගේ මාංශ, ඔවුන්ගේ පිළිම වලට බිලි දුන් දෑ මෙන් අල්ලාහ්ගේ නාමය නොපවසා කපා හරින ලද සතුන් යන දෑ හැර වෙනත් කිසිවක් අල්ලාහ් මා වෙත තහනම් කරමින් කිසිදු පණිවිඩයක් එවා තිබීම මම නොදකිමි. නමුත් දැඩි සාගින්න වැනි නොවැළැක්විය හැකි හේතුවක් මත එම තහනම් කරන ලද දෑ ආහාරයට ගැනීම සඳහා බල කරනු ලැබුවේ නම් ඒවා රස විඳීමකින් තොරව හා අත්යවශ්යතාවේ සීමාව ඉක්මවා නොයමින් ආහාරයට ගැනීමෙහි පාපයක් නැත. සැබැවින්ම නොවැළැක්විය හැකි හේතුවක් මත බල කරනු ලැබ එයින් කිසිවකු අනුභව කළේ නම් සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහු කෙරෙහි අතික්ෂමාශීලීය. සානුකම්පිතය

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍۢ ۖ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍۢ ۚ ذَٰلِكَ جَزَيْنَـٰهُم بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَـٰدِقُونَ ﴿١٤٦﴾

ඔටුවන් හා පැස්බරන් වැනි ඇගිලි විසිරී නොගිය දෑ යුදෙව්වන්හට අපි තහනම් කළෙමු. එමෙන්ම ගවයින් හා එළුවන්ගේ පිට මත එල්ලී ඇති හෝ උන්ගේ බඩවැල්වල රැඳී ඇති හෝ පසුපසෙහි හා පැත්තෙහි පිහිටා ඇති අස්ථි සමග මුසුවී ඇති මේදය හැර සෙසු මේදයන් අපි ඔවුනට තහනම් කර ඇත්තෙමු. එසේ ඔවුනට ඒවා තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ අපරාධකම්වලට ප්රතිවිපාකයක් වශයෙනි. අප දන්වා සිටින සෑම දෙයකම සැබැවින්ම අපි සත්යවාදීහු වෙමු

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍۢ وَٰسِعَةٍۢ وَلَا يُرَدُّ بَأْسُهُۥ عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ ﴿١٤٧﴾

අහෝ දූතය! ඔවුන් ඔබව බොරු කරන්නේ නම් හෝ ඔබේ පරමාධිපති වෙතින් ඔබ ගෙන ආ දෑ ඔවුන් සත්ය බව නොපවසන්නේ නම් ඔවුනට ඒ ගැන කැමැත්ත ඇති කරවමින් ඔබේ පරමාධිපති මහා කාරුණිකය. ඔබට අවකාශ ලබා දී තිබීමත් ඔබට දඬුවම් පමුණුවීම් ඉක්මන් නොකිරීමත් ඔහුගේ කාරුණිකභවයෙනි. යැයි පවසනු. එමෙන්ම ඔවුනට තරවටු කරමින් සැබැවින්ම වැරදි හා පාපකම් සිදු කරන ජනයාගෙන් ඔහුගේ දඬුවම ඉවත් කරනු නොලබනු ඇතැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

سَيَقُولُ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكْنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن شَىْءٍۢ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا۟ بَأْسَنَا ۗ قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍۢ فَتُخْرِجُوهُ لَنَآ ۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ ﴿١٤٨﴾

ى අල්ලාහ්ට තමන් කරන ආදේශය නිවැරදි යන්නට ඔහුගේ අභිමතය හා ඔහුගේ නියමය පිළිබඳ තර්ක කරමින් "අප හා අපගේ මුතුන් මිත්තන් ආදේශ නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ ඔහුට ආදේශ නොකරන්නට තිබුණි. එමෙන්ම අප මත අප තහනම් කර ගත් දෑ අපි තහනම් නොකිරීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ තහනම් නොකරන්නට තිබුණි යැයි දේව ආදේශකයින් පවසති. ඔවුන්ගේ අපකීර්තිමත් තර්කය මෙන්ම ඔවුනට පෙර සිටියවුන් ඔවුන්ගේ රසූල්වරුන් බොරු කරමින් මෙසේ පවසා සිටියහ. අපි ඔවුන් බොරු නොකර සිටීමට අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ඔවුන් බොරු නොකරන්නට තිබුණි. නමුත් ඔවුන් වෙත පහළ වූ අපගේ දඬුවම විඳින තෙක් එසේ ඔවුන් බොරු කරමින්ම සිටියහ. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන ඔවුනට මෙසේ පවසා සිටිනු. ඔබ අල්ලාහ්ට ආදේශ කර සිටීමත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමත් අනුමත කළ දෑ තහනම් කිරීමත් ඔබගෙන් අල්ලාහ් පිළිගත් බවට කිසියම් සාධකයක් ඔබ ළඟ තිබේද? එසේ සිදු වූ වගට ඔබෙන් ඔහු එය පිළිගත් බවට කිසිදු සාක්ෂියක් ඔබට නැත. එම විෂයයෙහි ඔබ පිළිපදිනුයේ ඔබේ අනුමානයන් පමණය. සැබැවින්ම අනුමානය කිසිදු සත්යයකට අවශ්ය නොවන්නේය. ඔබ බොරු කරන්නන් මිස නැත

قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَـٰلِغَةُ ۖ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ﴿١٤٩﴾

අහෝ දූතය! ඔබට මෙම දුර්වල තර්ක හැර වෙනත් තර්ක නොමැති නම්, ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු බිඳ දමන සහ ඔබ සම්බන්ධ කර ඇති සමානකම් අහෝසි කර දමන නිශ්චිත තර්කයක් අල්ලාහ් සතුව තිබෙන බව දැනගත යුතුය. ඔබ සියලු දෙනා සත්ය වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේ නම් අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! ඒ සඳහා ඔබට ඔහු ආශිර්වාද කරනු ඇත

قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَـٰذَا ۖ فَإِن شَهِدُوا۟ فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ ﴿١٥٠﴾

අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?

۞ قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَـٰنًۭا ۖ وَلَا تَقْتُلُوٓا۟ أَوْلَـٰدَكُم مِّنْ إِمْلَـٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿١٥١﴾

අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۖ وَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُوا۟ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُوا۟ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿١٥٢﴾

(වැඩිවියට පත් වීමට පෙර තම පියා මිය ගිය) අනාථයාගේ ධනය පරිහරණය කිරීමත් අල්ලාහ් තහනම් කළේය. නමුත් එහි ඔහුට යම් ප්රයෝජනයක් හෝ යහපතක් ඇත්නම් ඔහු වැඩිවියට පත් වන තෙක් ඔහුගේ ධනය වර්ධනය කළ හැකිනම් හෝ එමගින් ඔහුට මගක් පාදා දිය හැකි නම් එසේ පරිහරණය කිරීම වදරක් නැත. එමෙන්ම කිරුම් මිනුම් වල අඩුපාඩු ඇති කිරීමත් ඔබට තහනම් කළේය. ව්යාපාර ගනුදෙනු වලදී සාධාරණත්වය පිළිපැඳීම ඔබේ අනිවාර්යය වගකීමයි. කිසිදු ආත්මයකට එහි හැකියාවේ තරමට මිස කිසිවක් නොපැටවිය යුතුයි. ගනුදෙනු වලදී වැඩි කිරීම හෝ අඩු කිරීම වැළැක්විය නොහැකි කරුණක් නම් එහිදී එය වරදක් ලෙස නොසැලකේ. යම් කිසි තොරතුරක් හෝ සාක්ෂියක් ලබා දීමේදී කිසිදු පක්ෂපාතීත්වයකට හෝ මිතුරුකමකට බැඳී නිවැරදි නොවන දෑ පැවසීමත් ඔබට ඔහු තහනම් කළේය. එමෙන්ම ඔබ අල්ලාහ්ට යම් පොරොන්දුවක් දී ඇත්නම් හෝ ප්රතිඥාවක් ඔහුගෙන් ගෙන ඇත්නම් හෝ ඔහුගේ පොරොන්දු හා ප්රතිඥා කඩ කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. එය ඉටු කිරීම ඔබේ වගකීමය. ඉදිරිපත් කරන ලද මේවා අල්ලාහ් ඔබට ස්ථීර ලෙස අණ කර ඇති දෑ ය. එසේ ඔබට අණ කර ඇත්තේ ඔබේ කටයුතු වල අවසානය ඔබ මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි

وَأَنَّ هَـٰذَا صِرَٰطِى مُسْتَقِيمًۭا فَٱتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا۟ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ ﴿١٥٣﴾

تتقون නොමග හා එයට අදාළ මාර්ග අනුගමනය කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔබ අනුගමනය කළ යුත්තේ කිසිදු ඇදයක් නොමැති අල්ලාහ්ගේ ඍජු මාර්ගය පමණි. නොමග ගිය මාර්ග සත්යයෙන් දුරස් කරවා එයින් වෙන් කිරීමට කටයුතු කරයි. අල්ලාහ් ඔබට උපදෙස් දී ඇත්තේ ඔහුගේ ඍජු මාර්ගය අනුගමනය කිරීමටය. එය ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව ඔබ කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ ﴿١٥٤﴾

මෙනෙහි කරනු ලැබූ දෑ දන්වා සිටීමෙන් පසුව, සැබැවින්ම මූසා (අලය්හිස් සලාම්) දැහැමි ලෙස කටයුතු කර ඇති බැවින් ඒ සඳහා ප්රතිඵලයක් වශයෙන් පූර්ණ ආශිර්වාදයක් ලෙසත් දහමෙහි අවශ්ය සියලු දෑ පැහැදිලි කරන්නක් ලෙසත් සත්ය තහවුරු කරන සාධකයක් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව විශ්වාස කොට දැහැමි කටයුතු සිදු කොට ඒ සඳහා සූදානම් වීමේ ආශාව ඇති කරන ආශිර්වාදයක් ලෙසත් අපි ඔහුට තව්රාතය පිරිනැමුවෙමු

وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌۭ فَٱتَّبِعُوهُ وَٱتَّقُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿١٥٥﴾

මෙම කුර්ආනය බොහෝ අභිවෘද්ධියන් සහිතව අප පහළ කළ පුස්තකයකි. එහි ලෞකික මෙන්ම ආගමික යහපත ඇතුළත්ව ඇත. එහෙයින් එහි පහළ කර ඇති දෑ ඔබ පිළිපදිනු. එයට පටහැනිව කටයුතු කිරීමෙන් ප්රවේසම් වනු. එවිට ඔබ කරුණාව ලැබීම අපේක්ෂා කළ හැක. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَن تَقُولُوٓا۟ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَـٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَـٰفِلِينَ ﴿١٥٦﴾

අහෝ දෙවියන්ට ආදේශ කළ අරාබි ජාතිකයිනි! සැබැවින්ම අල්ලාහ් තව්රාතය හා ඉන්ජීලය පහළ කර ඇත්තේ අපට පෙර වූ යුදෙව්වන් හා කිතුනුවන්ටය. 'අප මත කිසිදු පුස්තකයක් පහළ නොකළේය. ඔවුන්ගේ පුස්තක අපේ බසින් නොව ඔවුන්ගේ බසින් තිබෙන බැවින් එය කියවීමට සැබැවින්ම අපි නොදනිමු.' යැයි ඔබ නොපවසනු පිණිසය

أَوْ تَقُولُوا۟ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَـٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ وَهُدًۭى وَرَحْمَةٌۭ ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَـٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يَصْدِفُونَ ﴿١٥٧﴾

ء යුදෙව්වන් හා කිතුනුවන් හට අල්ලාහ් පහළ කළාක් මෙන් පුස්තකයක් අපහටත් ඔහු පහළ කළේ නම් ඔවුනට වඩා අපි එහි ස්ථාවරව සිටින්නෙමු' යැයි ඔවුන් නොපවසනු පිණිසය. ඔබේ නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ඔබේ බසින්ම අල්ලාහ් පහළ කළ පුස්තකයක් සැබැවින්ම ඔබ වෙත පැමිණ ඇත. එය පැහැදිළි සාක්ෂියකි. සත්යය වෙත මග පෙන්වීමකි. මෙම සමූහයාට ආශිර්වාදයකි. එහෙයින් නිදහසට බොරු කාරණා ඉදිරිපත් නොකරනු. ව්යාජ කරුණු ඉදිරිපත් නොකරනු. අල්ලාහ්ගේ වදන් බොරු කොට එයින් වෙනතකට යොමු වූ අයකුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. අපගේ වදන් පිටු පා වෙනතකට යොමුවන්නන්හට ඔවුන්ගේ එම පිටුපෑම හා වෙනතකට යොමු වීම සඳහා ප්රතිවිපාකයක් වශයෙන් නිරා ගින්නට ඇතුළත් කරමින් ඔවුන් දැඩි දඬුවමට ලක් කරන්නෙමු

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَـٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَـٰتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَـٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَـٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَـٰنِهَا خَيْرًۭا ۗ قُلِ ٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ﴿١٥٨﴾

මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු

إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ ۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَفْعَلُونَ ﴿١٥٩﴾

සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ ﴿١٦٠﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් යම් යහපතක් ගෙන ආවේ නම්, අල්ලාහ් ඔහුට එය දස ගුණයකින් ගුණ කර දෙනු ඇත. ඔහු යම් අයහපතක් ගෙන ආවේ නම් එහි සැහැල්ලු හා බැරෑරුම් තරමට අනුව එයට සමානව මිස ඉන් කිසිවක් වැඩි කර දඬුවම් නොකරන්නේමය. යහපත් ක්රියාවන්ට හිමි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කුසල් අඩු කරමින් හෝ අයහපත් ක්රියාවන්ට හිමි දඬුවම් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට කරනු නොලැබේ

قُلْ إِنَّنِى هَدَىٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ دِينًۭا قِيَمًۭا مِّلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۚ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٦١﴾

අහෝ දූතයිනි, බොරුකාර මෙම ආදේශ තබන්නන් හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම මම වනාහි මාගේ පරමාධිපති ඍජු මාර්ගය වෙත මට මග පෙන්වා ඇත. එය මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ස්ථාවර දහමෙහි මාර්ගයයි. එය සත්යය වෙත නැඹුරු වූ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමාගේ පිළිවෙතයි. හෙතෙම කිසිවිටෙක අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවූහ

قُلْ إِنَّ صَلَاتِى وَنُسُكِى وَمَحْيَاىَ وَمَمَاتِى لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٦٢﴾

සැබැවින්ම මාගේ නැමදුමත් වෙනත් කිසිවකුගේ නාමය නොපවසා අල්ලාහ්ගේ නාමය පමණක් පවසා ඔහු වෙනුවෙන් කපන ලද මාගේ කැපය, මාගේ ජීවිතය, මාගේ මරණය යන ඒ සියල්ල සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ්ට පමණක් සතුය. ඒවායෙහි කිසිදු කොටසක් ඔහු හැර වෙන කිසිවකුට නැත

لَا شَرِيكَ لَهُۥ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا۠ أَوَّلُ ٱلْمُسْلِمِينَ ﴿١٦٣﴾

ඔහු සුවිශුද්ධය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. ඔහු හැර නැමදුමට වෙනත් කිසිදු සුදුස්සෙකු නොමැත. දේව ආදේශයෙන් පිවිතුරු ඒකදේවත්වය පිළිබඳ අල්ලාහ් මට නියෝග කළේය. මෙම සමූහයා අතුරින් ඔහුට අවනත වූ පළමුවැන්නා මම වෙමි. ب

قُلْ أَغَيْرَ ٱللَّهِ أَبْغِى رَبًّۭا وَهُوَ رَبُّ كُلِّ شَىْءٍۢ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿١٦٤﴾

إلى ربكم مرجعكم فينبئكم بما كنتمفيه تختلفون අහෝ දූතය! මෙම ආදේශ තබන්නන් හට මෙසේ පවසනු. "සියලුම දෑහි පරමාධිපති වූ උත්තරීතර පිවිතුරු අල්ලාහ් හැර දමා වෙනත් පාලකයකු මා සොයන්නෙම්ද? ඔහු හැර ඔබ විසින් නමදිනු ලබන දෑහි පරමාධිපති ඔහුය. වෙනත් කෙනෙකුගේ පාපයක් නිරපරාධියෙකු මත පටවනු නොලැබේ. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැවත හැරී යනුයේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට ඔබ මෙලොවෙහි කවර ආගමික කටයුත්තක මතභේද ඇති කර ගත්තේද ඒ ගැන ඔහු ඔබට දන්වා සිටිනු ඇත."

وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَـٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَـٰتٍۢ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌۭ رَّحِيمٌۢ ﴿١٦٥﴾

"මහපොළොව පාලනය කිරීම සඳහා ඔබට පෙර එහි විසූවන් නියෝජනය කරන්නන් ලෙස අල්ලාහ් ඔබව පත් කළේය. මැවීමෙහි හා පෝෂණ සම්පත්හි මෙන්ම වෙනත් දෑහි ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමුකුට වඩා තරාතිරමෙන් ඔහු උසස් කළේය. එය ඔබට පිරිනැමූ මෙවන් දෑ තුළින් ඔබව ඔහු පරීක්ෂණයට භාජනය කරනු පිණිසය. අහෝ දූතය සැබැවින්ම ඔබේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතුරින් කවරෙකු පව් සමාව අයැද සිටින්නේද සැබැවින්ම ඔහු කෙරෙහි ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය." මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-An'aam — الأنعام

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා