يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَـٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ ﴿١﴾
විශ්වාස කළවුනි, ඔබ අතර හා මැවුම්කරු අතර පවතින ගිවිසුම් ඔබ අතර හා මැවීම් අතර පවතින ගිවිසුම් යනාදී වශයෙන් විශ්වාස කරනු ලැබූ සියලුම ගිවිසුම් ඔබ පූර්ණ ලෙස ඉටු කරනු. (ඔටුවන් ගවයින් හා එළුවන් යනාදී) ගොවිපළ සතුන් අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එය ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නමුත් තහනම් යැයි කවර කරුණක් ඔබ වෙත කියවා පෙන්වන ලද්දේ ද එය ද, හජ් හෝ උම්රා වන්දනයේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීමට ඔබට තහනම් කළ සතුන් ද හැර. ඒවා තහනම් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්රඥාවට අනුකූල ව තහනම් කිරීම හා අනුමත කිරීම තම අභිමතය පරිදි තීන්දු කරනු ඇත. ඔහුට කිසිදු බල කරන්නෙකු නැත. ඔහුගේ ප්රඥාවට බාධා පමුණුවන කිසිවක් ද නැත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًۭا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًۭا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢﴾
ى අහෝ විශ්වාස කළවුනි! ගරු කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇති එහි ගරුත්වය හේතුවෙන් ඔහු විසින් තහනම් කළ දෑ අනුමත කර ගන්නට නොබලනු. මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ දැයින් ද දඬයම් කිරීම වැනි හරම් සීමාව තුළ සිදු කිරීමට තහනම් කරන ලද දැයින් ද වැළකී සිටිනු. (දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන) ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීමට අනුමත කර නොගනු. අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම සඳහා හරම් වෙත හද්යු වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් කොල්ල කෑමෙන් හා එවැනි අයුතු මාර්ග වලින් එම සතුන් නියමිත ස්ථානයට ගෙනයාම වළක්වමින් ඒවා අනුමත කර නොගනු. ලෝමවලින් ගෙතූ ගෙල මාලවලින් හෝ වෙනත් සලකුණු වලින් කැප කිරීමට වෙන් කළ සතෙක් බවට සලකුණු තබන ලැබූ සත්වයා අනුමත කර නොගනු. ව්යාපාර ලාභය හා අල්ලාහ්ගේ තෘප්තිය පතා අල්ලාහ්ගේ ශුද්ධ නිවස අරමුණු කරමින් පැමිණෙන්නන් අනුමත කර නොගනු. හජ් හෝ උම්රා වන්දනාවේ ඉහ්රාම් තත්ත්වයෙන් මිදී, හරම් සීමාවෙන් බැහැරට ගියේ නම්, ඔබ කැමැති නම් දඬයමෙහි නිරත විය හැක. පිරිසකගේ කෝපය ඔබ ව ශුද්ධ වූ දේවස්ථානයෙන් වළක්වන අයුරින් කටයුතු නොකරනු. ඔවුන් අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට අමතක නොකරනු. අහෝ විශ්වාස කළවුනි! කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය සිදු කිරීමටත් කවර දෙයක් තහනම් කරනු ලැබුවේද එය අතහැර දමන්නටත් නුඹලා එකිනෙකාට සහාය දෙනු. අදාළ පුද්ගලයා පාපියෙකු වන පරිදි දෙවියන්ට පිටුපාන කටයුතු වලට උපකාර නොකරනු. මිනිසුන්ගේ රුධිරය ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ මාන්යයට හානි කරන පරිදි ඔවුනට එරෙහිව කටයුතු කරන සතුරන්හටත් උපකාර නොකරනු. අල්ලාහ්ට අවනත වෙමින් හා ඔහුට පිටුපෑමෙන් දුරස්වෙමින් ඔහුට බිය වනු. සැබැවින්ම අල්ලාහ් තමන්ට පිටුපාන්නන්හට දැඩි දඬුවම් පමුණුවනු ඇත. එහෙයින් ඔහුගේ දඬුවමින් ඔබ ප්රවේශම් වනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَـٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًۭا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍۢ لِّإِثْمٍۢ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣﴾
නිත්යානුකූල ව කැපීමෙන් තොරව, මියගිය සතුන් ආහාරයට ගැනීම අල්ලාහ් ඔබට තහනම් කර ඇත. එමෙන්ම ගලන රුධිරය ද ශූකර මාංශ ද සත්වයා කපන අවස්ථාවේ අල්ලාහ්ගේ නාමය හැර වෙනත් නාමයක් පවසා කපන ලද සතුන්ද ගෙල මිරිකා මරණ ලද සතුන් ද පහර දී මරණ ලද සතුන් ද ඉහළ ස්ථානයක සිට බිමට වට්ටවා මරණ ලද සතුන්ද වෙනත් සතෙකු විසින් අනින්නට සලස්වා මරන ලද සතුන්ද සිංහ කොටි හා වෘක වැනි මෘග සතුන් විසින් දඬයම් කළ සතුන් ද ඔහු තහනම් කර ඇත. නමුත් සඳහන් කරන ලද මෙකී අවස්ථාවන්හි උන් ජීවතුන් අතර සිටිනු දැක, පසු ව ඔබ නිත්යානුකූල පරිදි කපා හැරියේ නම් එය ඔබට අනුමතය. එමෙන්ම පිළිම වෙනුවෙන් කැප කළ දෑ ද ඔහු ඔබට තහනම් කළේය. පේන බලමින් ගුප්ත දැයින් කොටසක් ඔබ පැතීම ද ඔහු ඔබට තහනම් කළේය. එනම් ගලක හෝ හීයක 'සිදු කරනු' එසේ නැතහොත් 'සිදු නොකරනු' යනුවෙන් ලියා, කුසපත් ඇද, එයින් මතු වන කරුණට අදාළ ව ක්රියා කිරීමයි. ඉහත සඳහන් කළ තහනම් දෑ සිදු කිරීම අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර කරන්නකි. එය ප්රතික්ෂේප කළවුන් ඉස්ලාම් දහම අතහැර දමා යාමෙන් පසු, ඔහුගේ බලය ඔවුන් දුටු විට නිරායාසයට පත් වූහ. එහෙයින් ඔබ ඔවුනට බිය නොවනු. මට පමණක් බිය වනු. අද දින ඔබේ දහම ඔබට මම සම්පූර්ණ කළෙමි. එය ඉස්ලාම් දහමයි. බාහිර මෙන්ම අභ්යන්තර සියලු ආශිර්වාද ඔබ වෙත සම්පූර්ණ කළෙමි. ඉස්ලාමය දහම වශයෙන් ඔබට මම තෝරා දුනිමි. ඒ හැර වෙනත් පිළිවෙතක් මම පිළිනොගනිමි. කුසගින්න හේතුවෙන් මිය ගිය ආහාරයක් අනුභව කිරීමට බල කරනු ලැබුවේ නම්, පාපයට නැඹුරු නොවී, එසේ අවශ්ය ප්රමාණයට පමණක් ආහාර ගන්නේ නම් එහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කාරුණිකය
يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿٤﴾
ه අහෝ දූතය, ඔබේ අනුගාමිකයෝ තමන්හට අල්ලාහ් ආහාරයට අනුමත කර ඇත්තේ කුමක්දැ?යි විමසති. දූතය, ආහාර අතුරින් පිවිතුරු දෑ ඔබට අනුමත කර ඇත. එමෙන්ම බල්ලා හා කොටියා වැනි රදනක දත් සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද, උකුස්සා වැනි නිය සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද ඔබට අනුමත කර ඇත. අල්ලාහ් ඔබට දායාද කළ දැනුමෙන් ඔබ ඌට අණ කළ විට ඔබේ අණ පිළිපදිමින් එළවා හරින විට හැරී යන තරමට උන් පුරුදු පුහුණු කොට දඬයම් කරන ක්රමය ද කියා දී, උන් හරහා සතෙකු දඬයම් කර ගෙන ඌ එම දඬයම මරා දැමුව ද, ඔබට අනුභව කළ හැක. නමුත් දඬයමට එවීමට පෙර අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරන්න. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බිය බැතිමත් වන්න. නියත වශයෙන්ම අල්ලාහ් සිදු කරන ක්රියාවන් පිළිබඳ විනිශ්චයل කිරීමෙහි ඉතාل වේගවත්ය
ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ حِلٌّۭ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّۭ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلْمُؤْمِنَـٰتِ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَـٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍۢ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَـٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٥﴾
අද දින පිවිතුරු රසවත් ආහාර අනුභවය අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා විසින් කැපූ සත්ව ආහාර අනුභවයද ඔබට අනුමත කර ඇත. ඔබ විසින් කපන ලද සතුන්ද ඔවුනට අනුමත කර ඇත. දේව විශ්වාසී, පතිවත රකින, නිදහස් කාන්තාවන් හා ඔබට පෙර ආගම් පිරිනමන ලද යුදෙව් හා කිතුනුවන් අතර සිටින පතිවත රකින කාන්තාවන්හට ඔවුනට හිමි මහර් (විවාහ ත්යාගය) පිරිනමා, ඔවුන් විවාහ කර ගැනීම بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ් ඔබට අනුමත කර ඇත. ඔබ ගණිකාවන් නොගෙන, අශිලාචාර ලෙස ඔවුන් සමග දුරාචාරයේ යෙදීමෙන් වැළකී සිටියෙහුය. අල්ලාහ් තම ගැත්තන්හට කවර ආගමික නීතියක් පනවා ඇත්තේ ද එය ප්රතික්ෂේ කරන්නා ඔහු මත දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති බැවින් ඔහු කරන ඔහුගේ ක්රියාව නිෂ්ඵල වී යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු පාඩු විඳින්නන් අතරට පත් වන අතරම, නිරයට පිවිස එහි සදාකල් ගත කරනු ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًۭا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍۢ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٦﴾
ى ه ولكن يريدليطهركم وليتم نعمته عليكم لعل كم تشكرون අහෝ විශ්වාස කළවුනි! සලාතය ඉටු කිරීම සඳහා නැගී සිටින විට ඔබ සුළු කිල්ලට භාජනය වී සිටියෙහු නම් ඔබේ මුහුණ සෝදා, ඔබේ අත් වැළමිට දක්වා සෝදා, ඔබේ හිස් ජලයෙන් පිරිමැද, ඔබේ පාද කෙණ්ඩය හා බැඳුණු සන්ධිය (වළලු කර දක්වා) සෝදා වුළු හෙවත් අර්ධ ස්නානය කළ යුතුයි. නමුත් මහා කිලිටි අවස්ථාවක ඔබ පසුවන්නෙහි නම් දැන් ඔබ ස්නානය කළ යුතුයි. රෝගී තත්ත්වය වැඩි විය හැක, එසේ නැතහොත් සුවවීමට කල් ගත වනු ඇතැයි බිය වන රෝගී තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ නිරෝගී තත්ත්වයක ඔබ ගමන් කරන මගියෙකු ලෙස සිටියෙහි නම් හෝ වැසිකිළි කැසිකිළි අවශ්යතා ඉටු කිරීම වැනි කරුණකින් සුළු කිල්ලට හසු වූ තත්ත්වයක පසුවන්නෙහි නම් හෝ බිරිය සමග සංසර්ගයේ නිරතව මහ කිල්ලට හසුවූ තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ ඉන්පසු පිරිසිදු වීමට ජලය සොයා ගිය ද එය නොලැබුණු විටක පොළො තලය අරමුණු කර ගත යුතුයි. ඔබේ අත්වලින් ඒ මත ගසා ඔබේ මුහුණු හා ඔබේ දෑත් එයින් පිරිමැදිය යුතුයි. වැළැක්විය නොහැකි අවස්ථාවක ඔබට හිංසාවක් පීඩාවත් ගෙන දෙන තරමට ජල භාවිතය අනිවාර්යය කරමින් තම නීති වල අපහසුතාවක් ඔබ මත පටවන්නට අල්ලාහ් අපෙක්ෂා නොකරයි. එය ඔබ වෙත පිරිනමන ලද ආශිර්වාද පූර්ණ කිරීමක් වශයෙනි. රෝගී හෝ ජලය නොමැති අවස්ථාවක මෙම ක්රමය විකල්පයක් ලෙස ආගමානුගත කර ඇත. එය ඔබ වෙත පිරිනමන ලද අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සැලකීමක් වශයෙනි. එහෙයින් ඔබ එය ප්රතික්ෂේප නොකරනු
وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَـٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٧﴾
අල්ලාහ් ඔබ ව ඉස්ලාමය වෙත මග පෙන්වා කළ ආශිර්වාදය ගැන මෙනෙහි කර බලනු. දිරිමත් හා දුබල අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට සවන් දෙන බවටත්, අවනත වන බවටත් ප්රතිඥා දෙමින් ‘අපි ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු.‘ යැයි පවසමින් ඔබ සමග ඇතිකර ගත් ඔහුගේ ගිවිසුම මෙනෙහි කර බලනු. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔහුගේ ගිවිසුම්ද ඒවායින් එකකි. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿٨﴾
ى අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නනි, ඔබ වෙත අල්ලාහ් පැවරු වගකීම් හා යුතුකම් ඔහුගේ තෘප්තිය පතමින් ඉටු කරන්නන් වනු. අසාධාරණයෙන් තොරව යුක්ති සහගත ව සාක්ෂිකරුවන් වනු. යුක්තිය, සාධාරණය අතහැර දැමීමෙන් පිරිසකගේ කෝපය ඔබ මත නොවැටිය යුතුය. සාධාරණත්වය යනු මිතුරා මෙන්ම සතුරා ද අපේක්ෂා කරන්නකි. එහෙයින් ඔවුන් දෙදෙනා සමග සාධාරණ ව කටයුතු කරනු. සාධාරණ ව කටයුතු කිරීම අල්ලාහ්ට බියවීමට වඩාත් සමීපය. අසාධාරණය හානියට වඩාත් සමීපය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළෙකෙමින්, ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔබ සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය. ඔබේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۙ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌۭ ﴿٩﴾
තම පොරොන්දු කඩ නොකරන අල්ලාහ්, තමන් කෙරෙහි විශ්වාසය තබා, තම දූතයාණන් විශ්වාස කොට දැහැමි කටයුතු වල නිරත වූවන්හට ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙන බවටත් අතිමහත් තිළිණ ඔවුනට පිරිනමන බවටත් පොරොන්දු විය. එය ඔවුන් ස්වර්ගයට පිවිසීමයි
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿١٠﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන්මය නිරයේ සගයින් වනුයේ. ඔවුන්ගේ ප්රතික්ෂේපයට හා ඔවුන්ගේ බොරුවට දඬුවමක් වශයෙන් ඔවුහු එහි ඇතුළත් වනු ඇත. එය මිතුරා තම මිතුරා සමග බැඳී සිටින්නාක් මෙන් ඔවුන්ද එයටම බැඳී සිටිති
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١١﴾
අහෝ විශ්වාස කළවුනි, ඔබව ග්රහණය කොට වියවුල් කිරීමට ඔබේ සතුරන් ඔබ වෙත අත දිගු හරින්නට අපේක්ෂා කළ අවස්ථාවේ ඔබේ සිත් තුළ ඒ ගැන බිය පහ කොට ආරක්ෂිත තත්ත්වයක් ඇති කරමින් ඔබ වෙත ඔහු කළ ආශිර්වාදය පිළිබඳ ඔබේ සිතින් හා මුවින් මෙනෙහි කරනු. එවිට අල්ලාහ් ඔවුන් ඔබෙන් වෙනතකට යොමු කොට ඔබව ඔවුන්ගෙන් ආරක්ෂා කළේය. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. ඔවුන්ගේ මෙලොව හා ආගමික කටයුතු පිහිටු වීමේදී දේව විශ්වාසිකයෝ ස්ථාවර ව සිටිනුයේ අල්ලාහ් මත පමණය
۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًۭا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿١٢﴾
و පහතින් විස්තර කර ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ස්ථීර ගිවිසුමක් ගත්තේය. ඔවුන් වෙත නායකයින් දොළොස් දෙනෙකු පත් කළේය. සෑම නායකයෙකුම තමන් යටතේ සිටින්නන් කෙරෙහි අවදානය යොමු කරයි. අල්ලාහ් ඉස්රාඊල් දරුවන් දෙස බලා සැබැවින්ම උදව්ව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් සැබැවින්ම මම ඔබ සමගය. පූර්ණ ලෙස සලාතය ඉටු කොට, ඔබේ ධනයෙන් ඔබ සකාත් පිරිනමා, මාගේ සියලු දූතයින් ඔවුන් අතර කිසිදු වෙන් කිරීමක් සිදු නොකොට, ඔවුන් සත්ය බව තහවුරු කර, ඔවුනට ගරුබුහුමන් කර, ඔවුනට උදව් උපකාර කර, යහපත් කටයුතු වලදී වියදම් කරන්නෙහු නම්, මේ සියල්ල ඔබ ඉටු කරන්නෙහි නම් ඔබ සිදු කළ පාපයන් ඔබෙන් මම පහ කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, මාලිගා යටින් ගංගා ගලා බස්නා ස්වර්ග උයන් වෙත ඇතුළත් කරන්නෙමු. මෙම ස්ථීර ගිවිසුම ගත් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද සැබැවින්ම දැන දැන උවමනාවෙන්ම සත්යයේ මාර්ගය ඔහු ඉවත හෙළන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ظ
فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةًۭ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍۢ مِّنْهُمْ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٣﴾
ى එසේ ඔවුන් ගත් පොරොන්දුව කඩ කිරීම හේතුවෙන් අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුන් පහ කළෙමු. ඔවුන්ගේ හදවත් ගල් හදවත් බවට පත් කළෙමු. එහෙයින් කිසිදු යහපතක් ඒ වෙත සේන්දු නොවනු ඇත. කිසිදු උපදෙසක් එයට ප්රයෝජනවත් නොවනු ඇත. නියමිත ප්රකාශ තිබූ තැනින් වෙනස් කොට වෙනත් වචන යොදා පෙරළා ඔවුහු විකෘති කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට ගැළපෙන සේ ඔවුන් ඒවායෙහි අදහස් වෙනස් කරති. එහි සඳහන් කරනු ලැබූ ඇතැම් කරුණු ක්රියාත්මක කිරීමෙන් වැළකෙති. අල්ලාහ් හා තම ගැත්තන් වන දේව විශ්වාසීන්හට තම වංචාව හෙළි කරති. ඔවුන් වෙතින් ගත් පොරොන්දුව ඉටු කරනුයේ ඔවුන් අතර වූ ස්වල්ප පිරිසක් පමණි. එහෙයින් ඔබ ඔවුන් නොසලකා හරිනු. ඔවුනට සමාව දෙනු. එවිට නියත වශයෙන්ම එය ඉහ්සාන් ගණයට අයත් වූවකි. අල්ලාහ් සදැහැමියන් ප්රිය කරනු ඇත. ظ
وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰٓ أَخَذْنَا مِيثَـٰقَهُمْ فَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ﴿١٤﴾
අපි යුදෙව්වන්ගෙන් ඉතා ශක්තිමත් හා ස්ථීර ගිවසුමක් ගත් සේම තමන් පිවිතුරු කර ගත් ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ අනුගාමිකයින්ගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහු එහි මෙනෙහි කළ පරිදි නොව, එයින් කොටසක් ක්රියාත්මක කිරීමට අතපසු කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් වාද කිරීම හා දැඩි පිළිකුල ඔවුන් අතරට අපි හෙළුවෙමු. එවිට ඔවුන් එකිනෙකා ප්රතික්ෂේප කර ගනිමින් විරුද්ධවාදීන් හා මරාගන්නන් බවට පත් වූහ. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මතු දැනුම් දෙනු ඇත. ඒ සඳහා වූ ප්රතිවිපාකයද ඔහු පිරිනමනු ඇත
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًۭا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَـٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌۭ وَكِتَـٰبٌۭ مُّبِينٌۭ ﴿١٥﴾
ආගම් ලත් තව්රාතය හිමි යුදෙව් ජනයිනි! ඉන්ජීලය හිමි කිතුනුවනි! ඔබ වෙත පහළ කරනු ලැබූ පුස්තකයේ ඔබ සඟවමින් සිටි බොහෝ දෑ ඔබට පැහැදිලි කරනු වස් අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ සිටියි. ඔබට නිරාවරණය වූ දෑ හැර එහි යහපතක් නැති දැයින් බොහෝ දෑ ඔහු නොසලකා හරිනු ඇත. අල්ලාහ් වෙතින් වූ කුර්ආන් නම් පුස්තකය ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. එය එළිය ලබා දෙන ආලෝකයකි. මිනිසුන්ගේ මෙලොව හා මතුලොව සියලුම කටයුතු වලදී ඔවුනට අවශ්ය සියලු දෑ විස්තර කරන පුස්තකයකි
يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَـٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿١٦﴾
م ستقيم ඔහු විසින් පිළිගනු ලබන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුගමනය කරන්නන්හට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වන මාර්ගය මෙම පුස්තකය මගින් ඔහු මග පෙන්වයි. එය ස්වර්ගයට ඇතුළත් කරන මාර්ගයයි. එය ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් වලින් පිරුණු අන්ධකාරයෙන්, දේව විශ්වාසය හා ඔහුගේ අනුමැතිය මත අවනත වීම යන ආලෝකය වෙත ඔවුන් බැහැර කරනු ඇත. ඍජු ශක්තිමත් මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද කරයි. එය ඉස්ලාමයේ මාර්ගයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٧﴾
ه ى شىء قدير සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑ විනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නට කිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම් සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනය අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය
وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَـٰرَىٰ نَحْنُ أَبْنَـٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌۭ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿١٨﴾
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දරුවන් හා ඔහුගේ මිතුරන් බව යුදෙව් හා කිතුනු සෑම කෙනෙකුම වාද කරති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් "ඔබ කළ වැරදි නිසාවෙන් අල්ලාහ් ඔබට දඬුවම් දිය යුත්තේ ඇයි?" දැයි ඔවුන්ගෙන් විමසනු. ඔබ සිතන පරිදි ඔබ ඔහුගේ මිතුරන් වන්නෙහු නම් මෙලොවෙහි හැඩරුව වෙනස් කරමින්, ඇතැමුන් ඝාතනය කරමින්, එමෙන්ම මතු ලොවෙහි නිරයට ඇතුළත් කරමින් ඔබ ව දඬුවමට ලක් කළ යුත්තේ ඇයි? ඊට හේතුව තමන් ප්රිය කරන්නන්හට අල්ලාහ් දඬුවම් නොදෙන බැවිණි. ඔබත් සෙසු මිනිසුන් මෙන් මිනිසුන් පමණි. ඔබ අතරින් කවරෙකු දැහැමි කටයුතු කරන්නේද ඔහුට ස්වර්ගය පිරිනමයි. කවරෙකු නපුරුකම් කරන්නේද ඔහු නිරාගින්නේ දඬුවමට ලක් කරයි. අල්ලාහ් තමන් අභිමත කරන්නන් ඔහුගේ ආශිර්වාදයෙන් සමා කරන්නේය. ඔහුගේ සාධාරණියත් ව මත ඔහු කැමති අයට දඬුවම් කරන්නේය. අහස්හි හා මහපොළොවේ පාලනයත් ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් අල්ලාහ්ට පමණක් සතුය. නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍۢ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍۢ وَلَا نَذِيرٍۢ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌۭ وَنَذِيرٌۭ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٩﴾
ى අහෝ ආගම් ලත් යුදෙව් හා කිතුනුවනි! දූතවරුන් පැමිණීම ඇණහිටීමෙන් පසු හා දූතයකු යැවීමේ අවශ්යතාව වැඩි වීමෙන් පසු අපි අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව ඔබ වෙත එව්වෙමු. එය අල්ලාහ්ගේ තිළිණ පිළිබඳ අපහට ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම ගැන අපට අවවාද කරන දූතයකු අප වෙත නොපැමිණියේ යැයි නිදහසට කරුණු දක්වමින් ඔබ නොකියනු පිණිසය. සැබැවින්ම තිළිණ පිළිබඳ ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම පිළිබඳ අවවාද කරන්නෙකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යා නොහැක. දූතවරු එවීමද ඔහුගේ බලය හා ශක්තිය විදහා පාන්නකි. ඔවුන්ගේ මුද්රාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසලලම්) තුමාණන් විය
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًۭا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًۭا مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿٢٠﴾
මූසා තම සමූහයා වන ඉස්රාඊල් දරුවන් දෙස බලා: "අහෝ මාගේ ජනයිනි, ඔබ ව යහමග වෙත ඇරයුම් කරන නබිවරුන් ඔබ අතරම පත් කරමින්, දුරස් කරනු ලැබ වහලුන් වශයෙන් ඔබ සිටියදී, පසු ව ඔබේ කටයුතු ඔබ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් විසින්ම නිදහසේ කරගෙන යාමට ඔබ අතර පාලකයින් බිහි කරමින්, ඔබේ යුගයේ වෙන කිසිදු ලෝවැසියෙකුට ලබා නොදුන් ඔහුගේ ආශිර්වාද ඔබට පිරිනමමින් අල්ලාහ් ඔබට දායාද කළ ආශිර්වාදය ඔබේ හදවත් හා දිවවල් වලින් මෙනෙහි කර බලනු" යැයි පවසා සිටි අවස්ථාව අහෝ දූතය, මතක් කර දෙනු
يَـٰقَوْمِ ٱدْخُلُوا۟ ٱلْأَرْضَ ٱلْمُقَدَّسَةَ ٱلَّتِى كَتَبَ ٱللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا۟ خَـٰسِرِينَ ﴿٢١﴾
මාගේ ජනයිනි, ශුද්ධ වූ භූමියට (බයිතුල් මක්දිස් හා ඒ අවට භූමියට) පිවිසෙනු. එහි පිවිසෙන්නටත් එහි සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමටත් අල්ලාහ් ඔබට ප්රතිඥා දී ඇත. එම කෲර පාලකයින් ඉදිරියේ ඔබ පරාජය නොවනු. එවිට මෙලොවෙහි හා මතු ලොවෙහි ඔබේ බලාපොරොත්තු සුන් වී යනු ඇත. යැයි මූසා පැවසුවේය
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوْمًۭا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا۟ مِنْهَا فَإِن يَخْرُجُوا۟ مِنْهَا فَإِنَّا دَٰخِلُونَ ﴿٢٢﴾
ඔහුගේ පිරිස ඔහු දෙස බලා: "අහෝ මූසා, සැබැවින්ම මෙම ශුද්ධ භූමියේ වඩාත් ශක්තිමත්, වඩාත් බලවත් පිරිසක් සිටියි. අප එහි පිවිසීමෙන් ඔවුන් අප වළක්වනු ඇත. ඔවුන් එහි සිටින තාක්කල් අපි එහි ඇතුළු නොවන්නෙමු. ඔවුන් සමග සටන් වදින්නට තරම් බලයක් හෝ ශක්තියක් අපට නැත. ඔවුන් එයින් බැහැර වන්නේ නම්, අපි ඒ තුළට පිවිසෙන්නෙමු" යැයි පැවසීය
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَـٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٢٣﴾
අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන, ඔහුගේ දඬුවමට බිය වන, ඔහුට අවනත වීමට ඔහු ආශිර්වාද කළ මූසාගේ අනුගාමිකයින් දෙදෙනෙකු මූසා (අලය්හිස් සලාම්) තුමාගේ නියෝගය පිළිපදින්නට දිරි ගන්වමින් තම සමූහයා වෙත මෙසේ පැවසූහ. "මෙම කෲර පාලකයින් වෙත නගරයේ දොරටුවෙන් ඇතුළු වනු. එම දොරටුව කඩා ඔබ එහි ඇතුළු වූ විට, භෞතික මෙවලම් සූදානම් කර තිබීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම වැනි මූලික සාධකයන් මත අනුපිළිවෙලින් ලැබූ ජයග්රහණය සමගම අල්ලාහ්ගේ න්යායට අනුව (අල්ලාහ්ගේ අනුහසින්) සැබැවින්ම ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඔබ සැබෑ දේව විශ්වාසීන් නම් අල්ලාහ් වෙත සියල්ල භාර කොට ඔහු මත පමණක් රැඳෙනු. දේව විශ්වාසය පාරිශුද්ධ ඔහු වෙත තබන භාරය අනිවාර්යය කරනු ඇත."
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًۭا مَّا دَامُوا۟ فِيهَا ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَـٰتِلَآ إِنَّا هَـٰهُنَا قَـٰعِدُونَ ﴿٢٤﴾
ඉස්රාඊල් දරුවන් අතරින් මූසාගේ සමූහයා තම නබිවරයාගේ නියෝගයට විරුද්ධ ව නැගී සිටිමින් "එහි එම බලවතුන් සිටින තාක්කල් අපි නගරයට නොපිවිසෙමු. අහෝ මූසා! ඔබ හා ඔබේ පරමාධිපති එහි ගොස් එම බලවතුන් සමග සටන් කරනු. අපි ඔබ දෙපළ සමග සටන් කිරීමෙන් ඉවත් ව අපේ මේ ස්ථානයේම රැඳී සිටින්නෙමු." යැයි පැවසූහ
قَالَ رَبِّ إِنِّى لَآ أَمْلِكُ إِلَّا نَفْسِى وَأَخِى ۖ فَٱفْرُقْ بَيْنَنَا وَبَيْنَ ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ ﴿٢٥﴾
මූසා තම පරමාධිපති දෙස බලා "මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදර හාරූන් මත හැර වෙනත් කිසිවෙකු පාලනය කිරීමේ හැකියාව මට නැත. එබැවින් අප අතර හා ඔබට අවනත වීමෙන් හා ඔබේ දූතයාට අවනත වීමෙන් බැහැර වූ ජනයා අතර වෙන් කරනු මැනව" යැයි ප්රාර්ථනා කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةًۭ ۛ يَتِيهُونَ فِى ٱلْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ ﴿٢٦﴾
අල්ලාහ් තම නබිවරයා වන මූසා (අලය්හිස් සලාම්)තුමාහට "සැබැවින්ම අල්ලාහ් වසර හතළිහක කාලයක් මෙම ශුද්ධ වූ භූමියට ඉස්රාඊල් දරුවන් ඇතුළු වීම තහනම් කළේය. මෙම කාලය තුළ යහමග නොලබා කාන්තාරයේ මුළාවී යනු ඇත. අහෝ මූසා! අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ මෙම සමූහයා පිළිබඳ ඔබ දුක් නොවනු. මෙසේ ඔවුනට අත් වූ දඬුවම ඔවුන්ගේ පාපකම් හා නපුරුකම් හේතුවෙන් සිදු වූවකි
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًۭا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْـَٔاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ ﴿٢٧﴾
අහෝ දූතය, මෙම අපරාධකාරී ඊර්ෂ්යා සහගත යුදෙව්වන්හට ආදම්ගේ දරුවන් දෙනොගේ පුවත පවසනු. ඔවුන් දෙදෙනා කාබීල් හා හාබීල්ය. එය කිසිදු සැකයක් නොමැති සත්ය කතාවකි. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකු ම තම භාරය අල්ලාහ් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ හාබිල් ඉදිරිපත් කළ භාරය අල්ලාහ් පිළිගත්තේය. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු වූ බැවිණි. නමුත් කාබිල්ගේ භාරය ඔහු පිළිගත්තේ නැත. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු නොවූ බැවිණි. පසු ව හාබිල්ගේ භාරය පිළිගැනීම ගැන ඊර්ෂ්යාවෙන් පෙළුණු කාබීල්, ප්රසිද්ධියේ චෝදනා කර 'අහෝ හාබීල්! සැබැවින්ම මම ඔබ මරමි.' යැයි පැවසීය. එවිට හාබිල් සැබැවින්ම අල්ලාහ් භාරයන් පිළිගනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින පුද්ගලයාගේ යැයි පැවසීය
لَئِنۢ بَسَطتَ إِلَىَّ يَدَكَ لِتَقْتُلَنِى مَآ أَنَا۠ بِبَاسِطٍۢ يَدِىَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿٢٨﴾
මා මරන්නට සිතා ඔබේ දෑත් මා වෙත දිගු කළ ද ඔබ සිදු කරන්නාක් මෙන් මා ද ඉක්මවා කටයුතු නොකරමි. එය මගේ බියසුලුකම නොවේ. එනමුත් මම සියලු මැවීම්හි පරමාධිපතිට බිය වෙමි
إِنِّىٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثْمِى وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّـٰلِمِينَ ﴿٢٩﴾
ඔහු ඔහු ව බියවද්දමින් මෙසේ පැවසීය. සතුරුකම හා අපාරාධකාරී ව මා ඝාතනය කිරීමේ පාපය සමග ඔබේ පෙර පාපය වෙත යොමු වීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන සගයින් අතර ඔබ ද පත්වීම ගැන මම ප්රිය කරමි. නමුත් මා ද ඔබ ව ඝාතනය කිරීමේ වරද සමග ඔවුන් අතුරින් කෙනෙකු වීම සම්බන්ධයෙන් මම ප්රිය නොකරමි
فَطَوَّعَتْ لَهُۥ نَفْسُهُۥ قَتْلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصْبَحَ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٣٠﴾
කාබීල්ට ඔහුගේ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මය තම සහෝදරයා ආපරාධකාරී ලෙස ඝාතනය කිරීම අලංකාරවත් කරන ලදී. පසු ව ඔහු තම සහෝදරයා ව ඝාතනය කළේය. ඒ හේතුවෙන් තම මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතයේ තමන්ට නියමිත කොටස් අහිමි වූවන් අතරට ඔහු ද පත්විය
فَبَعَثَ ٱللَّهُ غُرَابًۭا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَـٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ ﴿٣١﴾
තම සහෝදරයාගේ දේහය ආවරණය කළ යුතු ආකාරය දැන ගනු පිණිස ඔහු ඉදිරියේ මිය ගිය කපුටෙකු වළ දමන තවත් කපුටෙකු අල්ලාහ් එව්වේය. එම අවස්ථාවේ තම සහෝදරයාව ඝාතන කළ තැනැත්තා: අහෝ විනාශය! මියගිය කපුටාව වල දැමූ කපුටා මෙන් වීමට තරම් මට නොහැකි විය. මාගේ සහෝදරයාගේ දේහය මම වල දමමි යැයි පවසා පසුව ඔහුව වල දැමීය. අවසානයේ ඔහු අලාභවන්තයින් අතරට පත් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍۢ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًۭا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًۭا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَـٰتِ ثُمَّ إِنَّ كَثِيرًۭا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ ﴿٣٢﴾
කාබීල් තම සහෝදරයා ඝාතනය කළ හේතුවෙන් සැබැවින්ම සමප්රතිචාර දැක්වීමක් වශයෙන් හා දේව ප්රතික්ෂේපය හෝ මංකොල්ලය වැනි මහපොළොවේ කලහකාරී ව හැසිරීමට දඬුවමක් වශයෙන් විනා සාධාරණ හේතුවකින් තොර ව ආත්මයක් නැසීම මුළු මිනිස් සංහතියම නැසුවා හා සමාන බව අපි ඉස්රාඊල් දරුවන්හට ඉගැන්වූයෙමු. හේතුව එහිදී නිරපරාධියා හා පැහැරගන්නා අතර වෙනසක් නැත. ආත්මයක් නැසීමේ තහනම් දැඩිසේ සිතට ගෙන අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේද ඔහු සියලු මිනිසුන් ජීවත් කළා හා සමානය. එසේ කටයුතු කිරීම සියලු මිනිසුන්ට ආරක්ෂිත වන්නේය. අපගේ දූතවරු ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග පැමිණියහ. ඒ සමගම ඔවුන්ගෙන් විශාල පිරිසක් පාපකම් සිදු කරමින් ඔවුන්ගේ දූතවරුන්ට පිටුපාමින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් වූහ
إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَـٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌۭ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ ﴿٣٣﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් වදින, සතුරුකමින් මහපොළොවේ මිනී මැරුම්, මුදල් පැහැර ගැනීම් මංකොල්ලකෑම් වැනි කලහකම් සිදු කරන අයගේ අවසානය වනුයේ එල්ලීමෙන් තොර ව මරා දැමීම හෝ ලීයක හෝ එවැනි යම් දෙයක එල්ලා මරා දැමීම හෝ ඔවුන්ගේ දකුණත වම් පාදය සමග කපා හැරීමයි. නැවතත් එසේ සිදු කරන්නේ නම් ඔහුගේ වමත හා දකුණු කකුල කපා හරිනු ලැබේ. එසේ නැතහොත් රටින් පිටුවහල් කරනු ලැබේ. මෙම දඬුවම ඔවුනට මෙලොව ලැබෙන පැහැදිලි දඬුවමයි. මතු ලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِن قَبْلِ أَن تَقْدِرُوا۟ عَلَيْهِمْ ۖ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٤﴾
නමුත් බලධාරියනි, ඔවුන් වෙත ඔබේ බලය භාවිත කිරීමට පෙර මෙම සටන්කරුවන් පාපක්ෂමාව ඇයැදි සිටින්නේ නම් දැන ගනු, එම පාප ක්ෂමාවෙන් පසු අල්ලාහ් ඔවුනට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔවුන් කෙරෙහි දක්වන ඔහුගේ ආශිර්වාදය නම් ඔවුන්ගෙන් දඬුවම ඉවත් කිරීමයි
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَٱبْتَغُوٓا۟ إِلَيْهِ ٱلْوَسِيلَةَ وَجَـٰهِدُوا۟ فِى سَبِيلِهِۦ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٣٥﴾
අහෝ විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. ඔබට කවර දෙයක් ඔහු අණ කර සිටියේද එය පිළිපදිමින් ඔහු වෙත සමීපවීමටත්, ඔහු කවර දෙයක් තහනම් කළේද එයින් දුරස් වීමටත් ඔහුගෙන් පතන්න. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කරන්න. එවිට ඔබ පතන දෑ ඔබට ලැබිය හැකිය. එලෙස ඔබ නිරත වන්නේ නම් ඔබ කවර දෙයක් පිළිබඳ බිය වන්නේද එයින් ආරක්ෂාව ලබනු ඇත
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لِيَفْتَدُوا۟ بِهِۦ مِنْ عَذَابِ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٣٦﴾
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් සෑම කෙනෙකුටම මහපොළොවේ ඇති සියලු පාලනය නිර්ණය කරනු ලැබ ඒ සමග ඒ හා සමාන තවත් කොටසක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට ඔවුන් ඒ සියල්ල ඉදිරිපත් කරනු ඇත. ඒ කිසිවක් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වන්දි වශයෙන් පිළිගනු නොලැබේ. ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත
يُرِيدُونَ أَن يَخْرُجُوا۟ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَـٰرِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ ﴿٣٧﴾
නිරා ගින්නට පිවිසුණු විට ඉන් මිදීමට ඔවුහු අපේක්ෂා කරති. එය කෙසේ නම් විය හැකිද? ඔවුහු එයින් බැහැර නොවන්නේමය. එහි ඔවුනට සදාතනික දඬුවමක් ඇත
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًۭا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ﴿٣٨﴾
අහෝ නිලධාරියනි, හොරෙකු හෝ හෙරක හෝ වේවා අයුතු ලෙස මිනිසාගේ ධනය පැහැර ගැනීමේ වරදට අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ද ඔවුන් දෙදෙනා හා සෙසු අය බිය ගැන්වීමක් වශයෙන් ද ඔවුන් දෙදෙනාට ක්රියාත්මක කරන පරිදි දකුණත කපා හරිනු
فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿٣٩﴾
කළ සොරකම් පිළිබඳ පසුතැවිලි වී කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැද තම ක්රියාවන් විධිමත් කර ගත්තේද ඔහුට පිරිනමන භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එය තම ගැත්තන් අතුරින් පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපයට සැබැවින්ම අල්ලාහ් සමාව දීමෙනි. නමුත් එම කරුණ විනිසුරුවන් වෙත ගියේ නම්, පාප ක්ෂමාව කළ හේතුවෙන් දඬුවම ඔහුගෙන් ඉවත් වන්නේ නැත
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٤٠﴾
අහෝ දූතය, අහස්හි හා මහපොළොවේ පාලනය සැබැවින්ම අල්ලාහ් සතු බව ඔබ දන්නෙහිය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට සාධාරණ ලෙසින් දඬුවම් පමුණුවයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් සමාව දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නොමැත
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّـٰعُونَ لِلْكَذِبِ سَمَّـٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ ﴿٤١﴾
ه දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා කටයුතු කරන කුහකයින් අතුරින් ඔබ ව කුපිත කරවනු පිණිස දේව ප්රතික්ෂේප ක්රියාවන්හි යුහුසුලු ව ක්රියා කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ප්රධානීන්ට ඇහුම් කන්දී එය පිළිගෙන, ඔබ වෙත හේතු දැනගන්නට නොපැමිණි ඔවුන්ගේ නායකයින් අනුකරණය කරන යුදෙව්වන්ද ඔබ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු තම ආශාවන්ට අනුව තව්රාතයේ ඇති දේව වාක්යය වෙනස් කරමින් තම අනුගාමිකයින්ට මෙසේ පවසති. 'ඔබේ ආශාවන් මුහම්මද්ගේ නීතියට අනුකූල නම් ඔහු ව පිළිපදින්න. නමුත් එයට පටහැණි නම් ඔහුගෙන් ප්රවේශම් වන්න.' ජනයා අතුරින් කවරෙකු නොමග යෑමට අල්ලාහ් අභිමත කළේද එවිට දූතය, නොමගින් ඔහු වැළැක්වීමට හෝ සත්ය මාර්ගය වෙත ඔහුට මගපෙන්වීමට හෝ කිසිවකු ඔබ නොදකිනු ඇත. යුදෙව්වන් හා කුහකයින් අතුරින් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ හදවත් දේව ප්රතික්ෂේපයෙන් සුවපත් කිරීමට අල්ලාහ් අභිමත නොකරන්නේමය. මෙලොව ඔවුනට අවමානය හා අපහාසය ඇත්තාක් මෙන්ම මතු ලොවෙහිද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත. එය නිරා ගින්නේ වේදනාවයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًۭٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٤٢﴾
මෙම යුදෙව්වෝ අසත්යයට අධික ව සවන් දෙති. පොලිය වැනි තහනම් මුදල් අධික ව අනුභව කරති. අහෝ දූතය, තීන්දුවක් විමසා ඔවුන් ඔබ වෙත පැමිණි විට ඔබ කැමති නම් ඔවුන් අතර වෙන් කරනු. ඔබ කැමති නම් ඔවුන් අතර වෙන්වීමට ඉඩ දෙනු. මෙම කරුණු දෙකින් එකක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත. ඔවුන් අතර වෙන්වීමට ඉඩ හැරියෙහි නම් ඔබට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැකි වනු ඇත. ඔවුන් අතර ඔබ විසින්ම වෙන් කරන්නෙහි නම් ඔවුන් අපාරධකරුවන් හා සතුරන් ලෙස සිටියද ඔවුන් අතර සාධාරණ ලෙසින් කටයුතු කරනු. තීන්දු පතන්නන් තීන්දු කරන්නාගේ සතුරන් වුවද තම තීන්දුවෙහි සාධාරණ ලෙස කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරයි
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٣﴾
සැබැවින්ම මොවුන්ගේ කරුණ පුදුම සහගතය. ඔවුන් ඔබ ව ප්රතික්ෂේප කරති. ඒ සමගම අල්ලාහ්ගේ තීන්දු සඳහන්, තමන් ඒ පිළිබඳ විශ්වාස කළ යුතු යැයි තරයේ විශ්වාස කරන තව්රාතය ඔවුන් අබියස තිබියදීත් ඔවුන් ඔබ වෙත පැමිණ තීන්දු පතති. ඔවුන්ගේ ආශාවන්ට අනුව ඔබ තීන්දු ලබා දීම ඔවුන් ප්රිය කරන අතර ඔවුන්ගේ ආශාවන්ට අනුකූල ව ඔබේ තීන්දුව නොපිහිටියේ නම්, ඔබේ තීන්දුව පිටු දකිති. ඔවුන්ගේ පුස්තකයේ ඇති දෑ ප්රතික්ෂේප කිරීම හා ඔබේ නීතිය පිටුදැකීම අතර ඔවුහු එකතු කරති. මොවුන්ගේ ක්රියාදාමයන් විශ්වාස කළවුන්ගේ ක්රියාදාමය මෙන් නැත. එහෙයින් ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් මෙන් ඔවුන් නොවෙති
إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًۭى وَنُورٌۭ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَـٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَـٰتِى ثَمَنًۭا قَلِيلًۭا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ ﴿٤٤﴾
ه සැබැවින්ම අපි තව්රාතය මූසා (අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. එහි මගපෙන්වීම් හා යහපත පෙන්වන මාර්ගද එමගින් ප්රභාවය ලබන ආලෝකයද ඇත. ඉස්රාඊල් දරුවන්ගේ නබිවරුන් එමගින් තීන්දු පිරිනැමූහ. අල්ලාහ්ට අවනත වූහ. තම පුස්තකයෙන් අල්ලාහ් ඔවුනට ආරක්ෂා කරන මෙන් පැතූ දෑ වෙනුවෙන් මිනිසුන් පුහුණු කරන විද්වතුන් හා උගතුන් මෙමගින් තීන්දු ලබා දුන්හ. තවද ඔහු ඔවුන්ව එය විකෘති කිරීම් සහ වෙනස් කිරීම් වලින් ආරක්ෂා කරන එහි භාරකරුවන් බවට පත් කළේය. එය සත්යයක් බව ඔවුන්ම සාක්ෂිකරුවන් ලෙස සිටිති. එම විෂයෙහි ජනයා ඔවුන් වෙත ම හැරී යති. එහෙයින් අහෝ යුදෙව්වනි! ඔබ මිනිසුන්ට බිය නොවනු. මට පමණක් බියවනු. නායකත්වය පිළිගැනීම හා ධනය වැනි ස්වල්ප වටිනාකමක් සඳහා අල්ලාහ් පහළ කළ තීන්දුව නොවිකුණනු. කවරෙකු එහි නොමැති දෙයක් අනුමත කරමින් හෝ එයට වඩා වෙනත් දෙයකට මුල්තැන දෙමින් හෝ එයට සමාන යමක් ඈදමින් අල්ලාහ් පහළ නොකළ දෑ අනුව තීන්දු ලබා දෙන්නේද ඔවුහුමය සැබෑ දේව ප්රතික්ෂේපකයින් වන්නෝ
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌۭ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌۭ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٤٥﴾
ه සැබැවින්ම කවරෙකු කිසිදු සාධාරණත්වයකින් තොර ව උවමනාවෙන්ම යම් ආත්මයක් ඝාතනය කළේ නම් ඒ වෙනුවට ඔහු ඝාතනය කරනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම ඇසක් උගුලා ගත්තේ නම් ඔහුගේ ඇසද උගුලනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම නාසය කපා හැරියේ නම් ඔහුගේ නාසයද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමානවෙන් කනක් කපා හැරියේද ඔහුගේ කන ද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම දතක් උගුලුවේ නම් ඔහුගේ දත ද උගුලනු ලැබිය යුතු බවත් තව්රාතයේ යුදෙව්වන්හට අපි අනිවාර්යය කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් එමෙන්ම තුවාල හා සම්බන්ධයෙන්ද එම වැරදිකරුට ඔහුගේ වැරැද්දේ ප්රමාණයට අනුව සමප්රතිචාර දක්වනු ලැබිය යුතු බවත් අපි ඔවුනට නියෝග කළෙමු. වැරදිකරුට සමාව දුන්නේ නම් එසේ ඔහුගේ අපරාධයට සමාව දීම හේතුවෙන් අපරාධකරුගේ වැරදි වලට එය ප්රතිකර්මයක් වනු ඇත. කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ කටයුතු වලදී අල්ලාහ් පහළ කළ දෑට අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේද ඔහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අයකු වන්නේය
وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًۭى وَنُورٌۭ وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًۭى وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ﴿٤٦﴾
ඉස්රාඊල් දරුවන් වෙත පියවරෙන් පැමිණි නබිවරුන් අතරට තව්රාතයේ සඳහන් කරුණු විශ්වාස කොට එමගින් තීන්දු දෙනු පිණිස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන් වෙත අපි එව්වෙමු. සත්යය වෙත මගපෙන්වන කරුණු ආවරණය කරමින් හා සැකය ඉවත් කරන සාධක සහිත ව ඉන්ජීලය අපි ඔහුට පිරිනැමුවෙමු. එම නීති මගින් ඔහු ගැටලු නිරාකරණය කරයි. එමෙන්ම තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු සුළු වෙනස්කම් සහිත ව එතුමාට පහළ කළ දෑ එයට අනුකූල ව පිහිටිය. බිය බැතිමතුන් එමගින් මග ලබන්නට මාර්ගෝපදේශයක් ලෙසින් හා ඔවුන් වෙත තහනම් කළ දැයින් ඔවුන් ඉවත් කරන්නක් ලෙසින් ඉන්ජීලය අපි සකස් කළෙමු
وَلْيَحْكُمْ أَهْلُ ٱلْإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٤٧﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණීමට පෙර ඉන්ජීලයේ අල්ලාහ් පහළ සත්යය කිතුනුවන් විශ්වාස කොට එමගින් තීන්දු ලබා දිය යුතු ව තිබුණි. කවරෙකු අල්ලාහ් පහළ කළ කරුණු මුල් කර ගනිමින් තින්දු ලබා නොදෙන්නේද ඔවුහු අල්ලාහ්ට අවනතවීමෙන් බැහැරවූවෝ වෙති. සත්යය අතහැර දැමුවෝ වෙති. ව්යාජය වෙත නැඹුරු වූවෝ වෙති
وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّۢ جَعَلْنَا مِنكُمْ شِرْعَةًۭ وَمِنْهَاجًۭا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٤٨﴾
ه අහෝ දූතය, සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් බවට කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නොමැති සත්යය සමග අල් කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නකි. ස්ථීර කරන්නකි. එයට අනුකූල දෑ සත්ය වේ. එයට පටහැණි දෑ ව්යාජ වේ. එහි ඔබ වෙත පහළ කළ දෑ අනුව ජනයා අතර තීන්දු ලබා දෙනු. ඔබ වෙත පහළ කළ, එහි කිසිදු සැකයකට ඉඩ නැති සත්යය අතහැර දමා තම ආශාවන්ට වහල් වී එය අනුගමනය නොකරනු. සෑම සමූහයකටම ආධ්යාත්මික නීතිරීති තුළින් පිළිවෙතක් හා එමගින් යහමග ලබන මාධ්යයක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඒ සියලු පිළිවෙත් එකක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු සෑම සමූහයකටම පිළිවෙතක් ඇති කළේය. එය සියලු දෙනා පරීක්ෂා කරනු පිණිසය. එවිට ඔහුට පිටුපාන්නා හා ඔහුට අවනතවන්නා කවුරුන් දැයි හෙළිවනු ඇත. එහෙයින් යහපත් ක්රියා කිරීමටත් පිළිකුල් සහගත දෑ අතහැර දමන්නටත් ඔබ යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ සැම යොමු වනුයේ අල්ලාහ් වෙත පමණය. ඔබ කවර කරුණක මතභේද ඇති කර ගත්තේද ඒ පිළිබඳ ඔහු මතු ඔබට දැනුම් දෙනු ඇත. එමෙන්ම ඔබ පෙර කළ ක්රියාකාරකම් සඳහා ප්රතිඵලද පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ لَفَـٰسِقُونَ ﴿٤٩﴾
අහෝ දූතය, අල්ලාහ් ඔබ වෙත පහළ කළ දෑ අනුව ඔබ ඔවුන් අතර තීන්දු දෙන්න. තෘෂ්ණාව පිළිපැදීම හේතුවෙන් ඇති වන ඔවුන්ගේ සිතුවිලි ඔබ අනුගමනය නොකරන්න.ඔබ වෙත අල්ලාහ් පහළ කළ දැයින් ඔබ ව වෙනතකට මුළා කිරීම සම්බන්ධයෙන් ඔබ ප්රවේශම් වන්න. එම මාර්ගයේ කැපවන්නට ඔවුන් හැරී නොයනු ඇත. ඔබ වෙත අල්ලාහ් පහළ කළ දෑ අනුව පිරිනමන තීන්දුව පිළිගැනීමට ඔවුන් ප්රතික්ෂේප කළේ නම් දැන ගනු අල්ලාහ් ඔවුන්ගේ ඇතැම් පාපකම් වලට මෙලොවෙහිම දඬුවම් දෙන්නට අපේක්ෂා කරන අතර එහි සම්පූර්ණ විපාකය මතු ලොවෙහි ඔවුනට පිරිනමනු ඇත. තවද ජනයා අතුරින් බොහෝ දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර ව සිටිති
أَفَحُكْمَ ٱلْجَـٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًۭا لِّقَوْمٍۢ يُوقِنُونَ ﴿٥٠﴾
ඔවුහු ඔබේ තීන්දුවට පිටුපා ඔවුන්ගේ තෘෂ්ණාවන් පිළිපදිමින් තීන්දු ලබා දෙමින් පිළිම වන්දනාවෙහි නිරත වූ අඥාන ජනයාගේ තීන්දුව පතන්නෝද? අල්ලාහ් තම දූතයාණන්හට පහළ කළ දෑ සම්බන්ධයෙන් මනා වැටහීමකින් පසුවන අය අබියස අල්ලාහ්ට වඩා ඉතා අලංකාර ලෙස තීන්දු දෙන වෙනත් කිසිවකු නැත. අඥාන ජනයා හා ඔවුන්ගේ ආශාවන්ට අනුගත වෙමින් එය ව්යාජ වුවද, ඒ හැර වෙනත් කිසිවක් පිළිනොගන්නා තෘෂ්ණාවෙන් පිරුණු ජනයා එය පිළි නොගනු ඇත
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَـٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٥١﴾
අහෝ! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි විශ්වාසය තැබූවනි, යුදෙව්වන් හා කිතුනුවන් ඔබේ වගකීම් දරන පාරිශුද්ධයින් හා සමීප මිතුරන් ලෙස නොගනු. යුදෙව්වන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. එමෙන්ම කිතුනුවන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. මෙම පිරිස් දෙකම ඔබට සතුරු වීමෙහි එකතු වෙති. ඔබ අතරින් කවරෙකු ඔවුනට මිතුදම් පාන්නේද සැබැවින්ම ඔහු ඔවුන්ගේ ගණයට අයත් වේ. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් අපරාධකාරී ජනයාට අල්ලාහ් මග පෙන්වන්නේ නැත
فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يُسَـٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌۭ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍۢ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَـٰدِمِينَ ﴿٥٢﴾
ى අහෝ දූතය, විශ්වාසය දුර්වල වී ගිය කුහකයින්, යුදෙව්වන් හා කිතුනුවන් සමග මිතුදම් පාන්නට යුහුසුලු ව කටයුතු කරනු ඔබ දකිනු ඇත. ඔවුන් මෙසේ පවසති: "මොවුන් ජය ලබා රාජ්ය බලය ඔවුනට හිමි වූ විට අප ගැන ඔවුනට පිළිකුලක් ඇතිවනු ඇතැයි අපි බියවන්නෙමු." ඇතැම් විට එම ජය අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන්හට දිය හැක. එසේ නැතහොත් ඔහු වෙතින් යම් කරුණක් පැමිණ යුදෙව්වන් හා ඔවුනට මිතුදම් පෑ අයගේ බලය හීන කළ හැකිය. එවිට ඔවුන්ගේ සිතෙහි සඟවා සිටි කුහකත්වය මත ඔවුන් සමග මිතුදම් පෑමට යුහුසුලු වීම ගැන ඔවුහු පසුතැවිලි වෙති. එය, ඔවුන් වටහාගෙන සිටි පරිදි සිදු විය යුතු හේතු සාධක නිෂ්පල වී ගිය බැවිණි
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فَأَصْبَحُوا۟ خَـٰسِرِينَ ﴿٥٣﴾
خسرين මෙම කුහකයින්ගේ තත්ත්වය ගැන පුදුමාකාරයෙන් දේව විශ්වාසී ජනයා මෙසේ පවසති. "තම විශ්වාසය සහතික කරමින් දිවුරා සිටි අය මොවුහුද?" අහෝ විශ්වාසී ජනයිනි, සැබැවින්ම ඔවුන් දේව විශ්වාසය උපකාරය හා මිතුදම් හි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔබ සමග වූහ. නමුත් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. ඔවුන්ගේ අභිලාෂයන් මග හැරුණු බැවින් හා ඔවුනට සූදානම් කර ඇති දඬුවම හේතුවෙන් ඔවුන් අලාභවන්තයින් බවට පත් වූහ
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍۢ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَـٰفِرِينَ يُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍۢ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿٥٤﴾
ه අහෝ විශ්වාස කළවුනි! ඔබ අතුරින් කවරෙකු තම දහමින් හැරී නැවත දේව ප්රතික්ෂේපය වෙත පිය නගන්නේද ඔවුන් වෙනුවට ඔවුනට වඩා ඔහු ඔවුනට ප්රිය කරන, ඔවුන් ද ඔහුට ප්රිය කරන ස්ථාවර ව සිටින පිරිසක් ගෙන එනු ඇත. ඔවුන් දේව විශ්වාසී ජනයිනට වඩාත් කාරුණික ව සිටිති. දේව ප්රතික්ෂේපකයින්හට වඩාත් දැඩි ව සිටිති. තම ධනය හා ජීවිත පරදුවට තබමින් අල්ලාහ්ගේ වදන උසස් කරවනු පිණිස අරගල කරති. පිළිකුල් කරන්නන්ගේ පිළිකුලට බිය නොවෙති. එය ඔවුන් මැවීම්වල තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තියට මුල්තැන දෙන බැවිණි. මෙය අල්ලාහ්ගේ අනුග්රහයකි. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට එය පිරිනමනු ඇත. අල්ලාහ් භාග්ය පිරිනැමීමෙහි හා උපකාර කිරීමෙහි සර්ව ව්යාපකය. තම භාග්යය ලබන්නාට සුදුස්සා කවරෙකු දැයි ඔහු මැනවින් දනී. ඒ අනුව ඔහු එය ඔහුටම පිරිනමයි. එමෙන්ම එයට නුසුදුස්සා කවරෙකුදැයි ද ඔහු මැනවින් දනී. ඔහුට එය තහනම් කරයි
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُمْ رَٰكِعُونَ ﴿٥٥﴾
යුදෙව්වන්, කිතුනුවන් හා ඔවුන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සෙස්සන් ඔබගේ මිතුරන් නොවෙති. ඔබේ මිතුරා මෙන්ම ඔබේ උදව්කරු අල්ලාහ්ය. එමෙන්ම ඔහුගේ දූතයාණන් හා සලාතය සම්පූර්ණයෙන් ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමා, අල්ලාහ්ට යටහත් පහත් භාවයෙන් කටයුතු කරන දේව විශ්වාසී ජනයා වෙති
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَـٰلِبُونَ ﴿٥٦﴾
කවරෙක් ජයග්රහණය සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසී ජනයා සමග මිතුදම් පාන්නේද ඔහු අල්ලාහ්ගේ සේනාවෙන් වූ අයෙකි. අබිබවා යන්නෝ අල්ලාහ්ගේ සේනාවය. හේතුව ඔවුනට උපකාර කරන්නා අල්ලාහ් වන බැවිණි
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَكُمْ هُزُوًۭا وَلَعِبًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَٱلْكُفَّارَ أَوْلِيَآءَ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٥٧﴾
අහෝ විශ්වාස කළවුනි, ඔබට පෙර ආගම් දෙනු ලැබූ යුදෙව්වන් හා කිතුනුවන් අතරින් ඔබේ දහමට අපහාස කොට ඒ පිළිබඳ විහිළුවට ගන්නා අයවලුන් මිතුරන් හා පාරිශුද්ධයින් ලෙස නොසලකනු. ඔබ අල්ලාහ් හා ඔබ වෙත පහළ කළ දෑ විශ්වාස කරන්නන් වූයෙහු නම්, ඔවුන් සමග මිතුරුකම් පෑම සම්බන්ධයෙන් කවර කරුණක් ඔහු ඔබට තහනම් කළේද, එයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් වනු
وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًۭا وَلَعِبًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ ﴿٥٨﴾
වඩාත් සමීපභාවය ඇති කරන සලාතය සඳහා ඔබ ඇරයුම් කරන විට එය සෙල්ලමට හා විහිළුවට ගන්නන්ද එලෙසමය. ඊට හේතුව ඔවුන් මිනිසුන්හට ආගමානුගත කර ඇති අල්ලාහ්ගේ ආගමික කටයුතු හා නැමදුම්වල අරුත හරිහැටි වටහා නොගත් පිරිසක් වන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ هَلْ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَـٰسِقُونَ ﴿٥٩﴾
අහෝ දූතය, "අල්ලාහ් හා අප වෙත ඔහු පහළ කර ඇති දෑ ද, අපට පෙර සිටි අය වෙත පහළ කළ දෑ ද, අප විශ්වාස කිරීම හේතුවෙන් මිස වෙනත් කවර දැයකට ඔබ අපට දොස් නගන්නෙහුදැ?යි ආගම් ලත් ජනයා අතුරින් අපහාස කරමින් සිටි අයගෙන් විමසනු. සැබැවින්ම ඔබ බහුතරයක් දේව විශ්වාසය අතහරිමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය වෙති. ඔබ අපට දොස් පැවරීම අපට ප්රශංසාවක් මිස අගෞරවයක් නොවේ
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٦٠﴾
අහෝ දූතය! ඔවුන් අතරින් වඩාත් අයහපත් හා දැඩි දඬුවමට භාජනය වන්නන් කවුරුන්දැයි ඔබට මා දැනුම් දෙන්නදැයි විමසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලැබූ, ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය නියම වූ පහත්ම අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරමින් වඳුරන් හා සූකරයන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය. ඔවුන් අතර තාඝූත්ට වන්දනාමාන කළ අය වූහ. තාඝූත් යනු අල්ලාහ් හැර තෘප්තියෙන් යුතු ව නැමදුම් ලබන වෙනත් දෑය. සඳහන් කළ මොවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරමෙන් වඩාත් නපුරුම අය වන අතර ඍජු මාර්ගයෙන් මුළා වී ගිය අය වෙති
وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ ﴿٦١﴾
අහෝ විශ්වාස කළවුනි, ඔබ වෙත ඔවුන් අතර සිටින කුහකයින් පැමිණ, කුහක ලෙස දේව විශ්වාසය ඔබට පෙන්වති. සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය වනාහි ඔවුන් පිවිසෙන විටද, බැහැර ව යන විටද දේව ප්රතික්ෂේපය ඈඳාගෙන සිටිති. ඔවුන් එයින් ඉවත් නොවෙති. ඔබට දේව විශ්වාසය ඔවුන් හෙළිකරමින් පෙන්වන විට ඔවුන් තුළ කැකෑරෙන දේව ප්රතික්ෂේපය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත
وَتَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يُسَـٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٦٢﴾
අහෝ දූතය, යුදෙව්වන් හා කුහකයින් අතුරින් බොහෝ දෙනා බොරු පැවසීම, අපරාධී ලෙස සෙසු අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ජනයාගේ වස්තුව හරාම් (අයුතු) ලෙස අනුභව කිරීම වැනි පාපකම් සිදු කිරීමට යුහුසුලු වනු ඔබ දකිනු ඇත. ඔවුන් සිදු කරන දෑ නපුරු විය
لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ ﴿٦٣﴾
බොරු පැවසීම, බොරු සාක්ෂි දැරීම, අයුතු ලෙස මිනිසුන්ගේ වස්තුව අනුභව කිරීම වැනි කාර්යයන්හි ඔවුන් යුහුසුලු ව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ප්රධානීහු හා ආගමික විද්වත්හු ඔවුන් වැළැක්විය යුතු නොවේද? ඔවුන්ගේ ප්රධානීන් හා ආගමික විද්වතුන් එම පිළිකුල් සහගත ක්රියාවෙන් නොවැළැක්වීම ඉතා නපුරු විය
وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًۭا وَكُفْرًۭا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًۭا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًۭا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ﴿٦٤﴾
යුදෙව්වෝ තමන්හට යම් දුෂ්කරතාවක් හෝ නියඟයක් ඇති වූ කල්හි "යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් අල්ලාහ් තම අත හකුළා ගෙන සිටියි. ඔහු අබියස ඇති දෑ අපට පිරිනැමීමෙන් ඔහු රඳවා ගත්තේය." යැයි පවසති. යහපත හා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පරිත්යාග කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ අත් රඳවාගෙන නොමැත්තේද? ඔවුන්ගේ මෙම ප්රකාශය හේතුවෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හරිනු ලැබීය. යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් උත්තරීතර අල්ලාහ්ගේ දෑත් විදහා පවතී. ඔහු අභිමත කරන අයුරින් වියදම් කරයි. එය පුළුල් ලෙස පිරිනමයි. එසේ නැතහොත් රඳවා තබා ගනියි. එවිට එය වළක්වන්නෙකු හෝ ඒ ගැන බලකරන්නෙකු හෝ දැක ගත නොහැක. අහෝ දූතය, ඔබ වෙත පහළ කළ දෑ, යුදෙව්වන්ගේ සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත. නමුත් ඔවුන් එසේ කටයුතු කළේ ඔවුන් තුළ පැවති ඊර්ෂ්යාව හේතුවෙනි. සැබැවින්ම අපි යුදෙව් පිරිස් අතර සතුරුකම හා ක්රෝධය හෙළුවෙමු. යුද්ධයට ඔවුන් රැස්වන සෑම අවස්ථාවකම ඒ සඳහා පිරිසක් සූදානම් කළ විට, එහි නිරත වන්නට අණ දෙනු ලැබූ විට ඔවුන්ගේ පිරිස අල්ලාහ් විසුරුවා හැරියේය. ඔවුන්ගේ ශක්තිය හීන කළේය. ඉස්ලාමය ව්යාජ කිරීමටත් එයට කුමන්ත්රණය කිරීමටත් උත්සහ දරමින් මහපොළොවේ කලහකම් කිරීමේ පාපයෙහි නිරතවෙමින් සිටියහ. අල්ලාහ් කලහකම් කරන්නන් ප්රිය නොකරයි
وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَـٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَـٰهُمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٦٥﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කවර කරුණක් ගෙන ආවේද එය යුදෙව්වන් හා කිතුනුවන් විශ්වාස කොට, පාපකම් කිරීමෙන් වැළකී අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කළේ නම් ඔවුන් සිදු කළ පාපකම් අධික වුවද ඒ සඳහා අපි ඔවුනට සමාව දෙන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුවපහසුකම් ඇති ස්වර්ග උයන් වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. කිසිදු කප්පාදුවකින් තොරව පිරිනමන ලද සුවපහසුකම් ඔවුහු එහි භුක්ති විඳිති
وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌۭ مُّقْتَصِدَةٌۭ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ ﴿٦٦﴾
සැබැවින්ම යුදෙව්වන් තව්රාතයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, එමෙන්ම කිතුනුවන් ඉන්ජීලයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, ඔවුන් සියලු දෙනා ඔවුන් වෙත පහළ කළ කුර්ආනය වටහා ගත්තේ නම්, වර්ෂාව පහළ කිරීම මහපොළොවේ ශාක හට ගැනීම වැනි ආහාරය සඳහා අවශ්ය සාධක ඔවුනට මම පහසු කරමි. ආගම් ලත් ජනයා අතුරින් සත්ය මත ස්ථාවර ව සිටින, මධ්යස්ථ ව කටයුතු කරන අය ද වෙති. ඔවුන්ගෙන් බහුතරයක් දේව විශ්වාසය නොමැති බැවින් ඔහුගේ ක්රියාවන් නපුරු විය
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ ﴿٦٧﴾
අහෝ දූතය! ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරන ලද දෑ සම්පූර්ණ වශයෙන් දන්වා සිටින්න. ඉන් කිසිවක් වසන් නොකරන්න. ඉන් කිසිවක් ඔබ වසන් කළෙහි නම් ඔබේ පරමාධිපතිගේ දූත පණිවිඩය දන්වා සිටින්නෙකු නොවනු ඇත. (සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ජනයාට දන්වා සිටින මෙන් අණ කරනු ලැබූ සියල්ල දන්වා සිටියහ. කවරෙකු හෝ එයට හාත්පසින් වෙනස් අදහසක් දරන්නේ නම් සැබැවින්ම ඔහු අල්ලාහ් මත මහත් අවලාදයක් නැගුවේය.) අදින් පසු අල්ලාහ් ඔබ ජනයාගෙන් ආරක්ෂා කරනු ඇත. ඔබ වෙත නපුරක් ගෙන එන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. දන්වා සිටීම මිස වෙනකක් ඔබ වෙත පැවරෙන්නේ නැත. යහමග අපේක්ෂා නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඍජු මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًۭا وَكُفْرًۭا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ ﴿٦٨﴾
අහෝ යුදෙව්වනි, කිතුනුවනි, ඔබ තව්රාත් හා ඉන්ජීලයේ ඇති දෑ හදාරා, ඔබ වෙත පහළ කළ අල් කුර්ආනය හදාරා ඒ අනුව ඔබ කටයුතු කරන තෙක් කිසිදු දහමක් මත ඔබ පිහිටා නැතැයි අහෝ දූතය නුඹ පවසා සිටිනු. අල් කුර්ආනය විශ්වාස කිරීමෙන් තොරව ඔබේ විශ්වාසය නිවැරදි වන්නේ නැත. ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කෙරුනු දෑ පුස්තක ලත් ජනයා අතරින් වැඩි දෙනා සීමාව ඉක්මවා යාමෙන් ඉක්මවා යාම වෙත මෙන්ම දේව ප්රතික්ෂේපයෙන් දේව ප්රතික්ෂේපය වෙත වර්ධනය කරනු ඇත. එය ඔවුන් ඊරෂ්යාවෙන් පසු වූ බැවිණි. මෙම දේව ප්රතික්ෂේපකයින් සම්බන්ධයෙන් ඔබ දුක් නොවනු. ඔබ ව පිළිපදින දේවත්වය විශ්වාස කරන්නන් අතරින් ප්රමාණවත් මෙන්ම අවශ්ය තරම් අය වෙති
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَـٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَـٰلِحًۭا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٦٩﴾
عليهم ولا هم يحزنون සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නන්, යුදෙව්වන්, ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අතුරින් වූ පිරිසක් වන සාබිඊන්වරුන් හා කිතුනුවන් මොවුන් අතරින් කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුනට ඉදිරියේදී මුහුණ දෙන දෑ සම්බන්ධයෙන් කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත
لَقَدْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًۭا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًۭا كَذَّبُوا۟ وَفَرِيقًۭا يَقْتُلُونَ ﴿٧٠﴾
وفر يقا يقتلون සවන් දීමට හා අවනත වීමට ඉස්රාඊල් දරුවන්ගෙන් අපි ස්ථීර ගිවිසුම් ගෙන සිටියෙමු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඔවුනට දන්වා සිටිනු පිණිස අපි ඔවුන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් එසේ ගන්නා ලද ගිවිසුම් ඔවුන් විසින් උල්ලංඝනය කරන ලදී. ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ පිටුදැක, ඔවුන්ගේ ආශාවන්ට වහල් වී ඔවුන් කටයුතු කළෝය. එම දූතවරුන්ගෙන් ඇතැමෙකු බොරුකාරයින් බවට පත් කළ අතර ඇතැමෙකු ඔවුන් විසින් ඝාතනය කරනු ලැබූහ
وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌۭ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌۭ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ﴿٧١﴾
ගිවිසුම් හා ප්රතිඥාවන් උල්ලංඝනය කිරීමෙන් ඔවුන් බොරු පැවසීමෙන් හා ඔවුන් නබිවරුන් ඝාතනය කිරීමෙන් ඔවුනට හානියක් ඇති නොවන බව ඔවුහු සිතුවෝය. ඔවුන් නොසිතූ දෑ පිළිවෙළින් ඇති විය. සත්යය දැකීමෙන් අන්ධ වූහ. ඒ වෙත මගපෙන්වනු නොලැබුවෝය. පිළිගන්නා පරිදි සවන් දීමෙන් ඔවුන් බිහිරන් බවට පත් වූහ. පසු ව අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුනට ඔහු සමාව දුන්නේය. ඉන් පසුව ද සත්යය දැකීමෙන් ඔවුහු අන්ධ වූහ. එය සවන් දීමෙන් බිහිරි වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනාට මෙලෙස සිදු විය. ඔවුන් කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂණය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍۢ ﴿٧٢﴾
ه ى මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ් යැයි පවසා සිටි කිතුනුවන් සැබැවින්ම ප්රතික්ෂේක කළේය. ඊට හේතුව, මර්යම්ගේ පුත් මසීහ් ඔවුන් දෙස බලා: "අහෝ! ඉස්රාඊල් දරුවනි, ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු මාගේ පරමාධිපතිය. ඔබේ ද පරමාධිපතිය. ඔහුට ගැතිකම් කිරීමෙහි අප සියල්ලෝම එක සමානය. එහෙයින් කවරෙකු අල්ලාහ්ට තවත් කෙනෙකු ආදේශ තබන්නේද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසීමෙන් අල්ලාහ් වළක්වනු ඇත. එවැන්නන් නිරා ගින්නේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සදා රැඳෙති. අල්ලාහ් අබියස ඔහුට පිහිට වන්නට කිසිදු උදව්කරුවෙකු ඔහු නොලබනු ඇත. එමෙන්ම දඬවමින් ආරක්ෂා කරන්නට කිසිදු ආරක්ෂකයකු නොලබනු ඇතැ"යි පවසා සිටියදී එම දේවත්වය ඔවුහු අල්ලාහ් නොවන දෑට ඈදන බැවිණි
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَـٰثَةٍۢ ۘ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّآ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۚ وَإِن لَّمْ يَنتَهُوا۟ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٧٣﴾
كفروامنهم عذاب أليم සැබැවින්ම අල්ලාහ් ත්රිත්වයෙන් බැඳී ඇතැයි පවසන කිතුනුවන් ප්රතික්ෂේප කළෝය. එනම් පියාණන්, පුතණුවන්, හා ශුද්ධාත්මයයි. ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් අල්ලාහ් අති උත්තරීතරය. අල්ලාහ් බහු චරිතයක් නොවේ. ඔහු ඒකීය දෙවිඳුන්ය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. මෙම පහත් ප්රකාශයෙන් ඔවුන් නොවැළකුණේ නම් වේදනා සහගත දඬුවම ඔවුනට හිමිවනු ඇත
أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسْتَغْفِرُونَهُۥ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٧٤﴾
ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් ඉවත් වී ඒ සඳහා අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නියැළී ඔවුන් කළ ආදේශයේ වරදට ඔහුගෙන් සමාව අයැදිය යුතු නොවේද? කවර පාපයක් වුවද ඔහුගෙන් සමාව අයැද සිටින්නේ නම්, එය දෙවියන් ප්රතික්ෂේප කළ වරදක් වුවද, ඔහු එයට සමාව දෙන්නාය. දෙවියන් විශ්වාස කරන්නන්හට ඔහු මහා කාරුණිකය
مَّا ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٌۭ ۖ كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ ۗ ٱنظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ ٱلْـَٔايَـٰتِ ثُمَّ ٱنظُرْ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٧٥﴾
මර්යම්ගේ පුත් ඊසා ධර්ම දූතවරුන් අතර දූතයකු මිස වෙනකෙක් නොවීය. ඔවුනට මරණය අත්වූවාක් මෙන් මොහුටද මරණය අත් විය. ඔහුගේ මව මර්යම් තුමිය වූවාය. අධික වශයෙන් සත්ය පවසන මෙන්ම සත්ය තහවුරු කරන තැනැත්තියක් වූවාය. මේ දෙදෙනාම තම අවශ්යතා සපුරා ගැනීමත් සමගම ආහාර ද අනුභව කළෝය. එසේ නම් ආහාර අවශ්යතා ඔවුන් දෙදෙනාට තිබියදී ඔවුන් දෙදෙනා දෙවිවරුන් විය හැක්කේ කෙසේද? අහෝ දූතය! බුද්ධිමත් ව සිතා බලන්න. ඒකීයත්වයට හා අල්ලාහ් නොවන දෑට දේවත්වය ඈදා එහි ඉක්මවා ගිය ඔවුන්ගේ ව්යාජත්වයට අල්ලාහ්ගේ සංඥාවන් පෙන්වා දෙමින් අපි ඔවුනට පැහැදිලි කරනුයේ කෙසේදැ?යි බලනු. නමුත් එසේ තිබියදීත් ඔවුන් එම සංඥාවන් ප්රතික්ෂේප කළෝය. නැවතත් බුද්ධිමත් ව සිතා බලනු. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාධක තිබියදීත් ඔවුන් සත්යයෙන්ر වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ දැයි ද බලනු
قُلْ أَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٧٦﴾
අහෝ දූතය, අල්ලාහ් නොවන දෑට ඔවුන් කරන නැමදුම් කටයුතු වලදී ඔවුනට විරෝධය පාමින් 'ඔබට කිසිදු සෙතක් ලබා නොදෙන ඔබට අත්වන හානියෙන් ඔබ ව නොවළක්වන දෑට ඔබ නැමදුම් කරන්නෙහුද? එසේ කරන්නට එයට නොහැකිය. අල්ලාහ් සියලු නොහැකියාවන්ගෙන් පිවිතුරුය. ඔබේ ප්රකාශයන්ට සවන් දෙන්නා අල්ලාහ් පමණි. ඉන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඔබේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාද ඔහුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇතැ'යි පවසනු
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ غَيْرَ ٱلْحَقِّ وَلَا تَتَّبِعُوٓا۟ أَهْوَآءَ قَوْمٍۢ قَدْ ضَلُّوا۟ مِن قَبْلُ وَأَضَلُّوا۟ كَثِيرًۭا وَضَلُّوا۟ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٧٧﴾
අහෝ දූතය! කිතුනුවන් දෙස බලා: 'සත්ය පිළිපැදීමෙහි කවර කරුණක් ඔබට අණ කරනු ලැබුවෙහුද එම සීමාව ඉක්මවා කටයුතු නොකරනු. (නබිවරුන් හට මෙන්) කවර දෙයකට ගරුබුහුමන් කරන මෙන් අණ කරනු ලැබුවෙහුද بلغ අල්-කුර්ආන් · තෆ්සීර් එයට ගරුබුහුමන් දැක්වීමෙහි ඉක්මවා කටයුතු නොකරනු. තමන්ද සත්ය මාර්ගයෙන් මුළා වී ජනයා අතරින් බොහෝ දෙනා නොමග යැවූ ඔබේ මුතුන්මිත්තන් ඔබ පිළිපැදීම හේතුවෙන් මර්යම්ගේ පුත් ඊසාට ඔබ කවර කරුණක් සිදු කළේ ද එලෙස ඔවුන් අතර දේවත්වය ඇතැයි ඔබ විශ්වාස කරන්නෙහුය. එසේ කිරීමෙන් වැළකෙනු
لُعِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ﴿٧٨﴾
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන් අතුරින් ඔහු ව ප්රතික්ෂේප කළවුන් ඔහුගේ කරුණාවෙන් නෙරපා හැරිය බව දාවූද් තුමා වෙත පහළ කළ සබූර් ග්රන්ථයෙහිද මර්යම්ගේ පුත් ඊසා වෙත පහළ කළ ඉන්ජීල් ග්රන්ථයෙහිද දන්වා සිටියේය. එම ආශිර්වාදයෙන් නෙරපා හරින ලද්දේ ඔවුන් සිදු කළ පාපකම් හා අල්ලාහ් තහනම් කළ දෑහි ඔවුන් ඉක්මවා කටයුතු කිරීම හේතුවෙනි
كَانُوا۟ لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍۢ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ ﴿٧٩﴾
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් සිදු කරන ලද පාපයෙන් නොවැළැක් වූහ. ඔවුන් සිදු කළ පාපකම් හා පිළිකුල් සහගත දෑ එසේ නොවළක්වා පිළිගැනීම හේතුවෙන් එම පාපිෂ්ඨයින් ඔවුන් අතර ප්රසිද්ධියට පත් වූහ. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමේ ක්රියාවලිය අතහැර දමමින් ඔවුන් කටයුතු කළ ආකාරය අයහපත් විය
تَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَـٰلِدُونَ ﴿٨٠﴾
خلدون අහෝ දූතය, මේ යුදෙව්වන් අතුරින් දේව ප්රතික්ෂේපයේ සිටින බොහෝ දෙනා එසේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කොට ඔවුන් වෙත නැඹුරු වීම ඔබ දකිනු ඇත. නමුත් ඔවුහු ඔබට සතුරුකම්පාති. එලෙසම ඒක දේවත්වය පිළිගත්තවුන්හටද සතුරුකම්පාති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම සගයන් බවට පත්කර ගැනීමට මුල පිරීම නපුරු විය. සැබැවින්ම එය අල්ලාහ්ගේ කෝපයට හේතුවක් වන අතරම නිරා ගින්නට සදාතනිකයින් ලෙස පිවිසෙන්නටත් හේතුවක් වන්නේය. ඔවුහු එයින් කිසිවිටෙක බැහැර නොවනු ඇත
وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَـٰكِنَّ كَثِيرًۭا مِّنْهُمْ فَـٰسِقُونَ ﴿٨١﴾
මෙම යුදෙව්වන් අල්ලාහ් ව සැබෑ ලෙස විශ්වාස කොට, ඔහුගේ නබිවරයාණන් ව විශ්වාස කර ඇත්නම්, දෙවියන්ට ආදේශ තබන්නන් අතුරින් තමන්හට ප්රිය කරන, තමන් වෙත නැඹුරු වන මිතුරන් ඔවුන් පත් කර ගන්නේ නැත. හේතුව, නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මිතුරන් ලෙස ගැනීමෙන් ඔවුන් වළක්වනු ලැබ ඇති බැවිණි. නමුත් මෙම යුදෙව්වන් බොහෝ දෙනෙක් අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුගේ මිතුදමින් හා දේව විශ්වාසීන්ගේ මිතුදමින් බැහැර ව ගිය අය වෙති
۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلْيَهُودَ وَٱلَّذِينَ أَشْرَكُوا۟ ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًۭا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ ﴿٨٢﴾
ى අහෝ දූතය, ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් වෙත ජනයා අතුරින් වඩාත් විරෝධී ප්රජාවක් ලෙස යුදෙව්වන් හා ඔවුන් හැර අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔබ දකිනු ඇත. හේතුව ඔවුහු ඒ මත ක්රෝධයෙන්, ඊර්ෂ්යාවෙන් හා උඩඟුකමින් වෙළී, පිළිම වන්දනාවෙහි නිරත ව සිටින බැවිණි. ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන්හට වඩාත් සමීපතම ජනයා වනුයේ තමන් කිතුනුවන් යැයි පවසන ජනයාය. මොවුන්ගේ ආදරයේ සමීපතාව දෙවියන් විශ්වාස කරන්නන් වෙනුවෙන් පිහිටයි. ඊට හේතුව ඔවුන් අතර විද්වතුන් මෙන්ම ආගමික නායකයින් සිටින බැවිණි. සැබැවින්ම ඔවුහු කිසිදු උඩඟුකමකින් තොරව යටහත්පහත්භාවයකින් කටයුතු කරති. අහංකාරයෙන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පෙළෙන්නාගේ හදවතට යහපත සෙන්දු නොවනු ඇත
وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿٨٣﴾
මොවුන් නජ්ජාසි රජු හා ඔහුගේ මිතුරන් මෙනි. ඔවුන්ගේ හදවත් ඉතා සියුම්ය. අල් කුර්ආනයේ පහළ කරනු ලැබූ දෑ තම කනට සවන් වැකුණු කල්හි එමෙන්ම සැබැවින්ම ඔවුන් තම දූත ඊසා (අලය්හිස් සලාම්) තුමා තමන් වෙත දැනුම් දුන් දෑට අනුව සැබැවින්ම එය සත්යයක් යැයි ඔවුන් දැනගත් කල්හි ඔවුන් හඬන්නට පටන් ගත්හ. පසු ව: 'අපගේ පරමාධිපතියාණනි! ඔබේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔබ කවර කරුණක් පහළ කළේ ද ඒ ගැන අපි විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට සාධකයක් වනු පිණිස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ප්රජාව සමග අපව ද සටහන් කරනු මැනව! යැයි පවසති
وَمَا لَنَا لَا نُؤْمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ ٱلْقَوْمِ ٱلصَّـٰلِحِينَ ﴿٨٤﴾
අප අතරත් අල්ලාහ් විශ්වාස කිරීම හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එසේ පහළ වූ එම සත්යය විශ්වාස කිරීම අතරත් බාධාවක් බවට පත් වූයේ කවර කරුණක් ද? අපි අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ දඬුවමට බිය වෙමින් නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් සමග ස්වර්ගයට පිවිසීමට අපි අපේක්ෂා කරන්නෙමු
فَأَثَـٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُوا۟ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ﴿٨٥﴾
ඔවුන් දෙවියන් විශ්වාසය කිරීම වෙනුවෙන් හා ඔවුන් සත්යය පිළිගැනීම වෙනුවෙන් එවායෙහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට ප්රතිඵල වශයෙන් අල්ලාහ් පිරිනමනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එය ඔවුන් සත්යය අනුගමනය කොට කොන්දේසි රහිත ව ඔහුට සම්පූර්ණයෙන් අවනත වීමේදී දැහැමි ලෙස කටයුතු කළවුන්හට පිරිනමනු ලබන ප්රතිඵලයයි
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿٨٦﴾
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, තම දූතයාණන් වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුහුමය නිරා ගින්නට අනිවාර්ය කරනු ලැබූවෝ. එයින් කිසිවිටෙකත් ඔවුනට බැහැර විය නොහැක
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحَرِّمُوا۟ طَيِّبَـٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ ﴿٨٧﴾
අහෝ! විශ්වාස කළවුනි, ආහාර පාන විවාහය වැනි අනුමත සුවදායක ජීවිතය තහනම් කර නොගනු. පැවැදි භාවය හා බ්රහ්මාචාරය හේතුවෙන් ඒවා තහනම් කර නොගනු. අල්ලාහ් ඔබ වෙත තහනම් කළ දෑහි සීමාවන් උල්ලංඝනය නොකරනු. සැබැවින්ම ඔහු තම සීමාවන් උල්ලංඝනය කරන්නන්හට ප්රිය නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වනු ඇත
وَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَـٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ ﴿٨٨﴾
අල්ලාහ් තම පෝෂණයෙන් ඔබ වෙත පිරිනැමූ දැයින් එය අනුමත මෙන්ම පිවිතුරු තත්ත්වයේ තිබියදී අනුභව කරනු. කොල්ලකෑමෙන් හෝ අසාධාරණ ලෙස ඩැහැ ගැනීමෙන් එය තහනම් තත්ත්වයක තිබෙන්නේ නම් අනුභව නොකරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. ඔබ විශ්වාස කරනුයේ ඔහුවය. ඔහු කෙරෙහි පවතින ඔබේ විශ්වාසය ඔහු ගැන බියෙන් පසුවන්නට බල කෙරෙනු ඇත
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَـٰنَ ۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَـٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍۢ ۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيْمَـٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَـٰنَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٨٩﴾
දේව විශ්වාසී ජනයිනි! චේතනාවකින් තොරව ඔබ දිවුරා සිටින දෑ ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත. එසේ ඔබෙන් ප්රශ්න කරනුයේ ස්ථීර ලෙස චේතාන්විත ව දිවුරන දිවුරීම් පිළිබඳවය. ඔබ කරුණක් මත හදවතින්ම දිවුරා පසු ව කඩ කරන්නෙහුය. එසේ ඔබ කවර කරුණක් මත දිවුරා එය ප්රසිද්ධියේ ප්රකාශ කිරීමෙන් පසු ව කඩ කරන්නෙහු නම් ඒ සඳහා ප්රතිකර්මයක් වශයෙන් පහත සඳහන් කරුණු තුනෙන් එකක් තෝරා ඉටු කිරීම තුළින් එම පාපය අල්ලාහ් කමා කරනු ඇත. ඒවා නම් රටක ජනතාව පරිභෝජනය කරන මධ්යස්ථ ආහාර වේලක් බැගින් දුප්පතුන් දස දෙනෙකු සඳහා ආහාර සැපයීම, එසේ නැතහොත් පොදුවේ ඇඳුමක් යැයි සලකනු ලබන ඇදුම් සැපයීම, එසේත් නැතිනම් දේව විශ්වාසී වහළෙකු නිදහස් කිරීමයි. තම දිවුරුමට ප්රතිකර්මයක් වශයෙන් මෙම කරුණු තුනෙන් එකක් හෝ ලබා දීමට නොහැකි වූ විට දින තුනක් උපවාසයේ නිරතවීම එයට ප්රතිකර්මයක් වන්නේය. සඳහන් කරනු ලැබූ මේවා ඔබේ දිවුරීම් සඳහා වූ ප්රතිකර්මයයි. අහෝදේවත්වය විශ්වාස කරන ජනයිනි! ඔබ අල්ලාහ් මත දිවුරා පසු ව එය කඩ කරන්නෙහු නම් ඔබ අල්ලාහ් මත බොරුවට දිවුරා සිටීමෙන් ද අල්ලාහ් මත අධික ව දිවුරා සිටීමෙන් ද ඉටු කළ නොහැකි දෑ යහපතක් නම් ඒ මත දිවුරා සිටීමෙන්ද ආරක්ෂා වනු. එහෙයින් ඔබ යහපත සිදු කොට ඔබේ දිවුරීම් සඳහා ප්රතිකර්මයන් ඉටු කරනු. දිවුරුම් කඩ කිරීම සඳහා ප්රතිකර්මය ඔබට අල්ලාහ් පැහැදිලි කළාක් මෙන්ම හලාල් හා හරාම් සඳහා ඔහුගේ පැහැදිලි නීති රාමුවන් ඔහු ඔබට පැහැදිලි කර ඇත. එය ඔබ නොදන්නා දෑ ඔබට අල්ලාහ් ඉගැන්වීම වෙනුවෙන් ඔහුට කෘතඥ වනු
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌۭ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٩٠﴾
تفلحون අහෝ! විශ්වාස කළවුනි, බුද්ධිය පහ කරන මත් ද්රව්ය, දෙපැත්තෙන් මුදල් දමා කෙළින සූදුව, ගරුකිරීමක් වශයෙන් දේව ප්රතික්ෂේපකයෝ ඒ අසල සතුන් කැප කරන ගල හෝ නැමදුම් සඳහා සිටවන ලද පිළිම, ගුප්ත දෑ සහතික කොට පැවසීමට ඔවුන් පතන භාජන යන මේ සියල්ලම ෂෙයිතාන් අලංකාරවත් කළ පාපකම්ය. මෙලොව ගෞරවනීය ජීවිතයක් ගත කොට මතු ලොව ස්වර්ගයේ සැපපහසුකම් ලබමින් ජය ලබනු පිණිස මෙවන් දැයින් ඔබ දුරස් වනු
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾
فهل أنتم م نتهون සූදුව හා සුරාව අලංකාරවත් කොට ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ හදවත් අතර සතුරුකම හා ක්රෝධය වැපිරීමටය. එමෙන්ම අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාත් ඉටු කිරීමෙන් ඔබ ව වෙනතකට යොමු කිරීමටය. අහෝ! දේව විශ්වාසී ජනයිනි, මෙම පිළිකුල් සහගත දෑ ඔබ අතහැරිය යුතු නොවේද? කිසිදු සැකයක් නැත එයයි ඔබට වඩාත් සුදුසු වන්නේ. එහෙයින් එයින් වැළකී සිටිනු
وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَٱحْذَرُوا۟ ۚ فَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٩٢﴾
ආගමික පිළිවෙත කවර දෙයක් අණ කර ඇත්තේද එය පිළිපදිමින් කවර දෙයකින් තහනම් කර ඇත්තේද එයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. එයට විරුද්ධ ව කටයුතු කිරීමෙන් ප්රවේශම් වනු. එය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔබ පිටුපෑවෙහු නම් සැබැවින්ම අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ අල්ලා කවර දෙයක් ප්රචාරය කිරීමට අණ කර ඇත්තේද එය ප්රචාරය කිරීම පමණක් බව දැන ගනු. ඔහු එය ප්රචාරය කළේය. එහෙයින් ඔබ මග ලබන්නෙහු නම් එය ඔබටමය. එය ඔබ නිෂ්ඵල කර ගත්තේ නම් එහි විපාකයද ඔබටමය
لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جُنَاحٌۭ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿٩٣﴾
තහනම් කිරීමට පෙර පරිහරනය කළ අයට කිසිදු විපාකයක් නැත. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වනු පිණිස දැහැමි කටයුතු සිදු කළවුන්හට, මත්ද්රව්ය තහනම් කිරීමට පෙර එය පරිහරණය කිරීමෙන් ඇති වූ පාපය ඔවුනට නැත. අල්ලාහ්ගේ කෝපයට බිය වී ඔහු ව විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් ඉටු කරමින් තහනම් දැයින් වැළකුණු විට පසු ව ඔවුන් අල්ලාහ් බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔහුට නැමදුම් කරන තරමට ඔහු පිළිබඳ අවධානය වැඩි කර ගත් විට අල්ලාහ්ගේ අඛණ්ඩ පාලක සංවේදකය ඔවුනට හිමි වනු ඇත. එසේ වනුයේ දේව විශ්වාසවන්තයා තම ක්රියාවන් විධිමත් ව භක්තියෙන් යුතු ව ඉටු කරන බැවිණි. අල්ලාහ් ව ඔවුන් දකින්නාක් මෙන නැමදුම් කරන්නන්හට ඔහු ප්රිය කරයි
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍۢ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌۭ ﴿٩٤﴾
අහෝ විශ්වාස කළවුනි! ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම සඳහා ගොඩබිමෙහි ඔබේ දෑතට පහසුවෙන් හසුවන කුඩා සතෙකු හෝ ඔබේ හෙල්ලට පහසුවෙන් හසුවන විශාල සතෙකු හෝ ගෙනැවිත් ඔබ ඉදිරියේ තබා ඔහු ඔබ ව පරීක්ෂණයට ලක් කරනු ඇත. එය, අල්ලාහ්ගේ දැනුම පිළිබඳ පූර්ණ විශ්වාසයෙන් යුතු ව, ඔහු අදෘශමානව සිටියදී කවරෙකු ඔහුට බිය වන්නේ දැයි ඔහු දැන ගනු පිණිසය. -එය ගැත්තා කවර කරුණක් පිළිබඳ විමසනු ලබන්නේ ද එහි විද්යාමාන වූ දැනුමයි.- එවිට ඔහු එම දඬයම් සතාගේ මැවුම්කරුට බිය වී දඬයම් කිරීමෙන් වැළකී සිටියි. සැබැවින්ම ඔහුගේ කිසිදු ක්රියාවක් මැවුම්කරුට සැඟවෙන්නේ නැත. කවරෙකු සීමාව ඉක්මවා ගොස් හජ් හෝ උම්රා අවස්ථාවේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කළේද අල්ලාහ් තහනම් කළ දෙයක් ඔහු සිදු කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඔහුට හිමි වනු ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌۭ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًۭا فَجَزَآءٌۭ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍۢ مِّنكُمْ هَدْيًۢا بَـٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّـٰرَةٌۭ طَعَامُ مَسَـٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًۭا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ﴿٩٥﴾
අහෝ! විශ්වාස කළවුනි, හජ් හෝ උම්රාවෙහි ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී ගොඩබිම සතුන් දඬයම් නොකරනු. කවරෙකු උවමනාවෙන් එවන් සතෙකු දඬයම් කොට මරා දැමුවේද එයට ප්රතිකර්මයක් වශයෙන් දඬයම් කළ එම සතා හා සමාන ව ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු ලබා දීම අනිවාර්යය වන්නේය. ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. ඔවුන් දෙදෙනා ඒ ගැන කවර තීන්දුවක් දෙන්නේද එය පිළිපදිනු ලැබේ. එනම් එම සත්වයා මක්කාව වෙත ගෙන ගොස් හරම් සීමාවෙහි කැප කිරීම හෝ එහි වටිනාකමට ආහාර ගෙන හරම් සීමාවෙහි සිටින දිළිඳුන් හට සාඃ අඩක ප්රමාණයක් බැගින් ලබා දීම හෝ ආහාර සාඃ අඩක ප්රමාණයට සරිලන දින ගණන් බලා උපවාසයේ නිරත වීම යනාදියයි. එය එම දඬයම්කරු තමන් කළ ඝාතනයට දඬුවම් වශයෙන් භුක්ති විඳිනු පිණිසය. හරම් තත්ත්වයේ සිටියදී එසේ පෙර දඬයම් කර මරා දැමූ අයගේ හා තහනම් කිරීමට පෙර ඉහ්රාම් තත්ත්වයේ සිට ගොඩබිමේ සතුන් දඬයම් කොට මරා දැමූ අයගේ වැරදි වලට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් සර්ව බලධාරීය. වළක්වන්නාය. තමන් පිටුපෑ අයහපතට තමන් අභිමත වූයේ නම් ඔවුන්ගෙන් පළිගැනීම ඔහුගේ සර්ව බලධාරීත්වය පෙන්නුම් කරන්නකි. එයින් ඔහු ව වළක්වන කිසිවකු නොසිටිනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أُحِلَّ لَكُمْ صَيْدُ ٱلْبَحْرِ وَطَعَامُهُۥ مَتَـٰعًۭا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ ٱلْبَرِّ مَا دُمْتُمْ حُرُمًۭا ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٩٦﴾
إ ليه تحشرون ජලජ සතුන් දඬයම් කිරීම හා පදිංචිකරුවන්ට මෙන්ම මගීන්ට තම ගමන්මලු සකසා ගැනීමේදී ප්රයෝජනවත් වනු පිණිස මහ මුහුද ඔබට ලබා දෙන ජීවී හෝ අජීවි දෑ ද අල්ලාහ් ඔබට අනුමත කර ඇත. නමුත් හජ් හා උම්රාහි ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩ බිම සතුන් දඬයම් කිරීම ඔබට තහනම් කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැඳ ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු වනුයේ ඔහු වෙත පමණය. ඔබේ ක්රියාවන් සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත
۞ جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَـٰمًۭا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَـٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٩٧﴾
ه මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන ශුද්ධ වූ නිවසක් ලෙස අල්ලාහ් කඃබා ව ඇති කළේය. සලාතය හජ් හා උම්රා වැනි ඔවුන්ගේ ආගමික යහපත සඳහා එය ක්රියා කරන අතරම හරම් සීමාව තුළ ආරක්ෂාව හා සියලු ආහාර වර්ග ඒ වෙත එකතු කිරීම වැනි ලෞකික යහපත සඳහා ද එය ක්රියා කරනු ඇත. ශුද්ධ වූ මාස (එනම් දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ්) සෙස්සන් සමග සටන් කිරීමෙන් තමන් ආරක්ෂා කරන්නක් ලෙස කටයුතු කරයි. තවද හරම් සීමා වෙත ගෙන යනු ලබන කැපයට නියමිත සතුන්ද සලකුණු තබන ලද සතුන්ද යම් හානියකින් තමන්ට බාධා පමුණුවීමෙන් එම අදාළ පුද්ගලයා ආරක්ෂා කරනු පිණිස කටයුතු කරයි. මෙය අල්ලාහ් ඔබ වෙත පිරිනමා ඇත්තේ සැබැවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති සියල්ල පිළිබඳ මැනවින් දන්නා බව ඔබ වටහා ගනු පිණිසය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ සඳහා ඔහු එවැනි දෑ ආගමානුගත කර ඇත්තේ ඔබට යහපත ගෙන දෙනු පිණිස හා ඔබට හානියක් අත්වන්නට පෙර ඔබෙන් එම හානිය වළක්වනු පිණිසය. ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ දැනුමට එය සාධකයක් වේ
ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٩٨﴾
අහෝ! මිනිසුනි, තමන්ට පිටුපා කටයුතු කරන්නන්හට අල්ලාහ් දඬුවම් දීමේදී ඉතා දැඩිය. තමන් වෙත පසුතැවිලි වී යොමුවන්නන්හට අතික්ෂමාශීලීය. එමෙන්ම මහා කාරුණිකය
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٩٩﴾
තමන්ට කවර දෙයක් ප්රචාරය කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය හැර වෙනත් දෙයක් ප්රචාරය කිරීමට දූතයාණන්හට පැවරී නැත. ජනයා යහමග වෙත ගෙන යාමේ ආශිර්වාදය ද එතුමාණන්ට නැත. එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. ඔබ මතුපිටින් ක්රියා කරන දෑ ද යහමග හෝ මුළාව ඔබ තුළ සඟවා සිටින දෑ ද ඔහු මැනවින් දනියි. ඒ අනුව ඔහු ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇත
قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَـٰٓأُو۟لِى ٱلْأَلْبَـٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٠٠﴾
අහෝ! දූතය, සෑම දෙයකම අයහපත් දෑ, එය ඔබ ව අධික ලෙස මවිතයට පත් කළ ද සෑම දෙයකම යහපත් දෑ සමග සම නොවන්නේය. එය ඔබ අධික ව කළ විට එහි මහිමය පෙන්වා නොදෙනු ඇත. එහෙයින් බුද්ධිමතුනි, ස්වරගයේ ජයග්රහණය ඔබ ලබනු පිණිස අයහපත් දෑ අතහැර යහපත් දෑ සිදුකරමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්න. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ ﴿١٠١﴾
අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය. قد سألها قوم من قبلكم ثم أصبحوابها كفرين
قَدْ سَأَلَهَا قَوْمٌۭ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَـٰفِرِينَ ﴿١٠٢﴾
ඔබට පෙර විසූ ජනයා ද මෙවැනිම ප්රශ්න විමසා සිටියෝය. ඔවුනට එවන් දුෂ්කරතා පැවරෙන කල්හි ඔවුන් එය ක්රියාත්මක නොකළෝය. ඒ හේතුවෙන් දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් බවට ඔවුහු පත් වූහ
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍۢ وَلَا سَآئِبَةٍۢ وَلَا وَصِيلَةٍۢ وَلَا حَامٍۢ ۙ وَلَـٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿١٠٣﴾
وأكثرهم لا يعقلون ගොවිපළ සතුන් අල්ලාහ් අනුමත කර ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් තම පිළිම සඳහා කැප කිරීමට අල් බහීරා (නියමිත ඔටු පැටුවන් ගණනක් බිහි කළ විට උගේ කන කපා හරින ලද ඔටු දෙන) අස්සාඉබා (නියමිත වයස් සීමාවට පැමිණි විට ඔවුන්ගේ පිළිම සඳහා අතහැර දමන ලද ඔටු දෙන), අල් වසීලා (ගැහැනු පැටුවන් ගෙන් ගැහැනු පැටවුන් බිහි කළ ඔටු දෙන) අල්හාමි (නියමිත ඔටු ගණනක් බිහි කිරීමට හේතු වුණු පිරිමි ඔටුවා) වැනි ඔටු වර්ග තහනම් කළාක් මෙන් ඉන් කිසිවක් අල්ලාහ් තහනම් නොකළේය. නමුත් දේව ප්රතික්ෂේපකයෝ ඉහත සඳහන් වර්ග අල්ලාහ් විසින් තහනම් කරනු ලැබ ඇතැයි යන අවලාදය හා බොරුව විශ්වාස කළෝය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් බහුතරයක් දෙනා සත්ය හා අසත්ය අතරත් අනුමත හා තහනම් දෑ අතරත් වෙන් කර කටයුතු නොකරති
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ ﴿١٠٤﴾
يعلمون شئا ولا يهتدون ඇතැම් ගොවිපළ සතුන් තහනම් යැයි අල්ලාහ් මත බොරු ගොතා පැවසූ මෙම බොරුකාරයින්හට 'තහනම් දැයින් අනුමත දෑ කුමක්දැ?යි ඔබ දැන ගනු පිණිස අල්ලාහ් පහළ කළ කුර්ආනය හා දේව දූතයාණන්ගේ පිළිවෙත වෙත පැමිණෙන්නැ'යි පවසනු ලැබූ විට, 'අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි උරුමකරගත් විශ්වාසයන් ප්රකාශයන් හා ක්රියාවන් අපට ප්රමාණවත්' යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් සත්ය වෙත මග පෙන්වනු නොලැබූ මෙන්ම කිසිවක් නොදැන සිටි තත්ත්වයේ ඒ සඳහා ඔවුන් ප්රමාණවත් වන්නේ කෙසේද? ඔවුන්ව අනුගමනය කරනුයේ ඔවුන් අතරින් වඩාත් අඥාන හා මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් පමණි. ඔවුහු නොමග ගිය අඥානයෝ වෙති
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٠٥﴾
تعملون අහෝ! විශ්වාස කළවුනි, ඔබ ඔබේ ජීවිතය ගැන ප්රවේශම් වන්න. එහෙයින් එයට යහපත් දෑ පමණක් එකතු කරන්න. ඔබ යහමග ගියේ නම් නොමග ගිය මිනිසුන් විසින් ඔබට හානියක් සිදු කළ නොහැක. ඔවුන් ඔබට පිළිතුරු නොදෙනු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඇත. යහපත නියෝග කිරීමත් අයහපතින් වැළක්වීමත් ඔබ යහමග ලැබ ඇති බවට වූ සලකුණකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණි. එවිට මෙලොවෙහි ඔබ සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔබට ප්රතිඵල පිරිනමනු ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَـٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍۢ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَـٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًۭا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَـٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلْـَٔاثِمِينَ ﴿١٠٦﴾
අහෝ! විශ්වාස කළවුනි, මරණයේ සලකුණු අතුරින් බාහිරයෙන් පෙනෙන සලකුණක් ඔබගෙන් කෙනෙකු වෙත පැමිණි විට තමන් පවසන අන්තිම කැමැත්තට මුස්ලිම්වරුන් අතුරින් සාධාරණනීය දෙදෙනෙක් පත් කර ගනු. එසේ නැතහොත් ඔබ ගමනක නිරත ව සිටියදී ඔබට මරණය පැමිණ එසේ මුස්ලිම්වරුන්ගේ දෙදෙනෙකු නොමැති වූ විටක අවශ්යතාවට සරිලන සේ දේව ප්රතික්ෂේපකයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි යම් සැක සහිත දෙයක් කතාවට බදුන් වූයේ නම් අනිවාර්ය සලාත් අවස්ථාවකින් පසු ඔවුන් රඳවා තබා: තමන් දෙදෙනාගේ පංගුවෙහි කිසිදු වටිනාකමට නොවිකුණන බවටත් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී නොවන බවටත්, තමන් දෙදෙනා අල්ලාහ් වෙනුවෙන් දෙන සාක්ෂිය නොසගවන බවටත් දිවුරුමක් ගත යුතුයි. සැබැවින්ම ඔවුන් දෙදෙනා එයට පටහැණි ව ක්රියා කළේ නම් අල්ලාහ්ට පිටුපාන පාපතරයින් අතුරින් වනු ඇත
فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًۭا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَـٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَـٰدَتُنَآ أَحَقُّ مِن شَهَـٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿١٠٧﴾
ඔවුන් දෙදෙනා දිවුරා සිටීමෙන් පසු දිවුරුමෙහි හා සාක්ෂියෙහි ඔවුන් දෙදෙනා පවසන දෑ බොරු යැයි පැහැදිලි වූ විට හෝ ඔවුන් දෙදෙනාගේ වංචාව අනාවරණය වූ විට සත්යය කුමක්දැයි යන්නට එම මිය ගිය පුද්ගලයාට සමීපතයින් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට සාක්ෂි දැරිය යුතුයි. එසේ නැතහොත් දිවුරා සිටිය යුතුය. අපගේ සාක්ෂියට ඔවුන් දෙදෙනාගේ බොරුවට හා වංචාවට වඩා තමන් දෙදෙනාගේ වගකීමත් සත්යතාවත් වඩාත් සුදුසුය. අපි බොරුවට දිවුරුම් නොකරමු. සැබැවින්ම අපි බොරුවට සාක්ෂි දැරුවේ නම් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අපරාධකරුවන් අතරට පත් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය
ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَـٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَـٰنٌۢ بَعْدَ أَيْمَـٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿١٠٨﴾
ඉහත සඳහන් පරිදි සලාතයෙන් පසු සාක්ෂිකරුවන් දෙදෙනාගේ දිවුරීම ගනු ලබනුයේ ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි සැක ඇති වූ අවස්ථාවක හා ඔවුන් දෙදෙනා සාක්ෂිය ප්රතික්ෂේප කරනු ලබන අවස්ථාවකය. ආගමානු ක්රමයට අනුව සාක්ෂි ගෙන ඒම වඩාත් සුදුසුම ක්රමයයි. ඔවුන් දෙදෙනා සාක්ෂිය විකෘති නොකළ යුතුය. එය වෙනස් නොකළ යුතුය. වංචා නොකළ යුතුයි. ඔවුන් දෙදෙනාගේ දිවුරුමට පසු ව උරුමක්කාරයාගේ දිවුරීම ප්රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා බියවීමට වඩාත් සමීප ක්රමය වන්නේය. එවිට ඔවුන් දෙදෙනා කවර සාක්ෂියක් ගෙන ආවේද එයට එරෙහි ව ඔවුහු දිවුරනු ඇත. එහෙයින් ඔවුන් දෙදෙනා පැහැදිලි ව සාක්ෂි ඉදිරිපත් කරනු ඇත. සාක්ෂියෙහි හා දිවුරුමෙහි වංචාව හා බොරුව අතහැර දමමින් අල්ලාහ්ට බිය විය යුතුය. කවර දෙයක් ඔබට අණ කරනු ලැබුවේද එය පිළිගන්නා අයුරින් සවන් දිය යුතුය. අල්ලාහ් තමන්ට අවනත වීමෙන් දුරස් වූවන්හට ආශිර්වාද නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١٠٩﴾
අහෝ! ජනයිනි, අල්ලාහ් සියලු රසූල්වරුන් එකට එක් රැස් කොට 'කවර සමූහයක් වෙත මම ඔබ එවනු ලැබුවේද එම සමූහයා ඔබට පිළිතුරු දුන්නේ කුමක් දැ?යි ඔහු ඔවුන්ගෙන් විමසන අවස්ථාව මෙනෙහි කර බලනු. 'අපට ඒ පිළිබඳ දැනුමක් නැත. ඒ පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබ සතුය. ගුප්ත කරුණු පිළිබඳ දන්නේ සැබැවින්ම ඔබ පමණය.' යැයි ඔවුහු අල්ලාහ් වෙත පිළිතුරු දෙමින් පවසති
إِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿١١٠﴾
ى إ إ අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! ඔබ ව පියකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතර ඇය ව විශේෂයෙන් තෝරා ගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදී අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමග කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපි ඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමග කතා කිරීමටත් ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා මගින් ඔබ ව ශක්තිමත් කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතින යථාර්ථයන්, එහි ප්රයෝජන හා එහි ප්රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේ හැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එම අවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ට ප්රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේ අනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබ ව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයද මෙනෙහි කර බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කොට 'ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොවේ යැයි පැවසූහ
وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّـۧنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ ﴿١١١﴾
මා හා ඔබ ව විශ්වාස කරන මෙන් හවාරිය්යීන්වරුන්ට මා දැනුම් දුන් අවස්ථාවේදී උදව් කරුවන් බවට ඔවුන් පත් කරමින් මම ඔබට සතුට ගෙන දී ආශිර්වාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුහු යටත් වී එයට පිළිතුරු දුන්හ. තවද අපි විශ්වාස කළෙමු, අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබට අවනත වූ මුස්ලිම්වරුන් බව ඔබ අප වෙනුවෙන් සාක්ෂි දරනු යැයි පවසා සිටියහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١١٢﴾
كنتم م ؤمنين අනුගාමිකයෝ ඔබ ඔබේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කළ විට අහසින් ආහාර බන්දේසියක් පහළ කිරීමට ඔහුට හැකි දැයි විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට අල්ලාහ්ට බියවන මෙන් හා ඔවුන් විමසා සිටින දෑ පැතීම අතහැර දමන මෙන් ද එවිට ඔවුන් අතර ගැටලු ඇති වන්නට ඉඩ ඇතැයිද ඊසා (අලයිහිස් සලාම්) පිළිතුරු වශයෙන් පවසා සිටීය. තවදුරටත්: නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටින්නෙහු නම් ආහාර සම්පත් පැතීමේදී ඔබේ පරමාධිපති මත විශ්වාසය තබනු යැයි පැවසීය
قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّـٰهِدِينَ ﴿١١٣﴾
ඊසා තුමාට අනුගාමිකයෝ මෙසේ පවසා සිටියහ. මෙම ආහාර බන්දේසියෙන් අප අනුභව කිරීමටත් අල්ලාහ්ගේ පූර්ණ බලයෙන් හා සැබැවින්ම ඔබ ඔහුගේ දූතයකු වීමෙන් අපගේ හදවත් සැනසුම ලබන්නටත් අපි ප්රිය කරමු. ඔබ අල්ලාහ් වෙතින් කවර කරුණක් අප වෙත ගෙන ආවෙහිද එහි ඔබ අපට සත්ය පැවසූ බවට ස්ථීර ව දැනගන්නටත් එහි සහභාගී නොවූ ජනයා වෙනුවෙන් ඒ සඳහා සාක්ෂිකරුවන් වීමටත් අපි ප්රිය කරමු යැයි පවසා සිටියහ
قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًۭا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةًۭ مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿١١٤﴾
ඔවුන්ගේ ඉල්ලීමට ඊසා (අලය්හිස් සලාම්) තුමා ප්රතිචාර දක්වමින් අල්ලාහ්ගෙන් මෙසේ අයැද සිටීය. "අපගේ පරමාධිපතියාණනි! අප වෙත ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය පහළ වන දින, අප අතර ජීවත්වන හා අපෙන් පසුව පැමිණෙන්නන් සඳහා ඔබට තුති පුද කර සමරන උත්සව දිනයක් ලෙස අපි එය ගන්නෙමු. එය ඔබේ ඒකීයත්වය හා මා කවර කරුණක් වෙත එවනු ලැබුවේද එය තහවුරු කරන සාධකයක් හා සලකුණක් බවට පත් වනු ඇත. ඔබේ ගැත්තන්හට උපකාර කරන පෝෂණයක් අප වෙත ලබා දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! ඔබ පෝෂණය සලසන්නන් අතරින් අති ශ්රේෂ්ඨය
قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًۭا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًۭا مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿١١٥﴾
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙමින්, ඔබ වෙත පහළ කරන මෙන් ඔබ පැතූ මෙම ආහාර බන්දේසිය සැබැවින්ම මම පහළ කරමි. නමුත් එය පහළ වීමෙන් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔහු තමන්ට මිස දොස් පැවරිය නොයුතුය. එවිට මම කිසිවකුට දඬුවම් නොකළ දැඩි දඬුවමින් දඬුවම් කරමි. ඊට හේතුව සැබැවින්ම ඔහු එම පැහැදිලි ප්රාතිහාර්යයට සාක්ෂිකරුවෙකු විය. එහෙයින් ඔහුගේ ප්රතික්ෂේපය හිතුවක්කාර ප්රතික්ෂේප කිරීමකි. අල්ලාහ් ඔවුනට ඔහුගේ ප්රතිඥාව සැබෑ කොට එය ඔවුන් වෙත පහළ කළේය
وَإِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَـٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَـٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١١٦﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමග කතා කරමින් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන් බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේ පිළිතුරු දුන්නේය. සත්ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බව නිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේ නැත. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්ත ව ඇති සියලුම දෑ ද සැඟ වී ඇති සියලුම දෑ ද මතුපිටින් ඇති සියලුම දෑ ද දන්නේ ඔබ පමණය
مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًۭا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿١١٧﴾
ى ඊසා තම පරමාධිපති දෙස බලා 'ඔබට පමණක් නමදින්නට ඔවුනට නියෝග කරන මෙන් ඔබ මට පවසා සිටි දෑ හැර වෙනකක් මම ජනතාවට නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කාලය පුරා ඔවුන් පවසන දෑ පිළිබඳ මා අධීක්ෂණය කරමින් සිටියෙමි. නමුත් ඔවුන් අතර මා සිටින කාලය ඔබ අවසන් කොට ජීවමානව අහස වෙත මා ඔසවා ගත් කල්හි මාගේ පරමාධිපතියාණනි, ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කළේ ඔබය. ඔබ සෑම දෙයකටම සාක්ෂිකරුය. ඔබෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔවුනට මා පැවසූ දෑ ද මගෙන් පසු ඔවුන් පවසා සිටි දෑ ද ඔබට සැඟවුණු දෙයක් නොවේ
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١١٨﴾
මාගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන් වේදනාවට පත් කරන්නේ නම් සැබැවින්ම ඔවුන් ඔබේ ගැත්තන් වන බැවින් ඔබ අභිමත දෑ ඔවුනට සිදු කරනු ඇත. ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔබ සමාව පිරිනැමුවෙහි නම් එයින් ඔබ වැළැක්වීමට කිසිවකු නැත. ඔබ කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔබේ සැලසුම් තුළ ඔබ මහා ඥානීය
قَالَ ٱللَّهُ هَـٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١١٩﴾
අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පවසා සිටීය. මෙය ඔවුන්ගේ සැබෑ ප්රකාශයන් ක්රියාවන් හා සැබෑ චේතනාවන් ඵල දෙන දිනයයි. ඒවායෙහි මාලිගාවන් හා ඒවායෙහි ගස් වලට පහළින් ගලා යන ගංගා සහිත උයන් ඔවුනට ඇත. එහි ඔවුන් සදා වාසය කරනු ඇත. ඔවුනට මරණය ඇති වන්නේ නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. කිසිවිටෙක ඔවුන් වෙත ඔහු කෝප වන්නේ නැත. සදා සැප සම්පත් වලින් කවර දෙයක් ඔවුනට හිමි වූයේ ද එය ඔවුන් තෘප්තියෙන් යුතු ව පිළිගත්තෝය. මෙම ප්රතිඵල හා ඔවුන් ගැන තෘප්තිමත් වීම අතිමහත් ජයග්රහණයකි. එයට සමීප විය හැකි වෙනත් ජයග්රහණයක් නැත
لِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۢ ﴿١٢٠﴾
අහස්හි හා මහපොළොවේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක මැව්වේ ඔහුය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් කරන්නේද ඔහුය. ඒවායෙහි ඇති සියලු මැවීම් හා පාලනය ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු පාරාජය කළ නොහැක. මූලාශ්රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්