මුල් පිටුවතෆ්සීර්An-Nisaa (4)

තෆ්සීර් An-Nisaa (4) — النساء

මදනී · 176 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًۭا كَثِيرًۭا وَنِسَآءًۭ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًۭا ﴿١﴾

අහෝ! මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බියෙන් හා බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ආදි පියා වූ ආදම් නම් ඔහු එක ආත්මයකින් ඔහු(අල්ලාහ්) නුඹලා ව මැව්වේය. ආදම්ගෙන් නුඹලාගේ මව වූ හව්වා මැව්වේය. ඔවුන් දෙපළගෙන් පිරිමින් හා කාන්තාවන් වශයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් මහපොළොවේ විවිධ පැතිකඩවලට ව්යාප්ත කළේය. නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකුගෙන් ‘ඔබ මෙසේ කිරීමට මම ඔබ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටිම’ යැයි ඉල්ලා සිටින්නන් සම්බන්ධයෙන් ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා අතර බැඳුණු ඥාති සම්බන්ධකම් බිඳ දැමීම ගැන ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන නිරීක්ෂණය කරමින් සිටියි. නුඹලාගේ ක්රියාදාමයන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඒ සියල්ල ඔහු ගණන් බලා තබා ඇති අතර ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත

وَءَاتُوا۟ ٱلْيَتَـٰمَىٰٓ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ ۚ إِنَّهُۥ كَانَ حُوبًۭا كَبِيرًۭا ﴿٢﴾

අහෝ! භාරකරුවනි, (තම දෙමව්පියන් අහිමි වීී වැඩිවියට පත් නොවූ) අනාථයින්හට ඔවුන් වැඩි වියට පත් වී පරිනත වයසට පැමිණි පසු ව ඔවුනට ඔවුන්ගේ ධනය සම්පූර්ණයෙන් පිරිනමනු. අනාථයාගේ ධනයෙන් වටිනා හොඳ දෑ ලබා ඒ වෙනුවට නුඹලාගේ ධනයෙන් නොවටිනා පහත් දෑ ඔවුන්හට ලබා දී හලාල් හෙවත් නිත්යනුකූල වන දෑ හරාම් හෙවත් නිත්යනුකූල නොවන දෑ සමග හුවමාරු නොකරන්න. අනාථයින්ගේ ධනය නුඹලාගේ ධනය සමග මිශ්ර කොට පරිහරණය නොකරන්න. අල්ලාහ් අබියස එය මහත් පාපයක් වන්නේය

وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَـٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟ ﴿٣﴾

නුඹලාගේ භාරයේ සිටින අනාථ කාන්තාවන් විවාහ වූ විට ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකි යැයි නුඹලා බිය වන්නෙහු නම් ඔවුන් වෙත හිමි විය යුතු ඔවුන්ගේ විවාහ ත්යාගයෙහි අඩුවක් සිදු වේවි, එසේ නැතහොත් ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් අකටයුත්තක් සිදු වේවි යැයි නුඹලා බියවන්නෙහු නම් ඔවුන් අතහැර දමා දැහැමි කාන්තාවන් විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නෙහු නම් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු වශයෙන් විවාහ කර ගන්න. නමුත් ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකැයි බියවන්නෙහු නම් එක් කාන්තාවකට පමණක් සීමා කර ගන්න. එසේ නැතහොත් ඔබ යටතේ පසුවන වහලියන් සමග ඇසුරු කරන්න. එවිට බිරියන්හට අනිවාර්යය වන යුතුකම් මෙන් ඔවුනට ඉටු කිරීම අනිවාර්යය නොවනු ඇත. අනාථ කාන්තාවන් එක් අයකු පමණක් විවාහ වීමේ සීමාව හා පාපයට ලක් නොවීමට වඩාත් සමීප මාර්ගයක් ලෙස වහල් කාන්තාවන් සමග පහස විඳීම යනාදිය මෙම පාඨයේ සඳහන් ව ඇත

وَءَاتُوا۟ ٱلنِّسَآءَ صَدُقَـٰتِهِنَّ نِحْلَةًۭ ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍۢ مِّنْهُ نَفْسًۭا فَكُلُوهُ هَنِيٓـًۭٔا مَّرِيٓـًۭٔا ﴿٤﴾

කාන්තාවන්ට මහර් නොහොත් විවාහයේදී මනමාලයා විසින් මනමාලියට ලබාදෙන විවාහ ත්යාගය අනිවාර්ය වගකීමක් වශයෙන් නුඹලා පිරිනමන්න. නමුත් ඔවුන් කිසිදු පිළිකුලකින් තොර ව නුඹලාට එම විවාහ ත්යාගයෙන් කිසිවක් පරිහරණය කිරීමට කැමැත්ත පල කරන්නී නම් එහි ඉක්මවීමකින් තොර ව සතුටින් එය අනුභව කරන්න. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَـٰمًۭا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا ﴿٥﴾

අහෝ! භාරකරුවනි, යහපත් අයුරින් ගනුදෙනු කළ නොහැකි අයට වස්තුව භාර නොදෙනු. එම ධනය අල්ලාහ් භාර දී ඇත්තේ එමගින් ගැත්තන්හට යහපත හා ඔවුන්ගේ ජීවනෝපායන් යහපත් අයුරින් කළමනාකරණය කිරීමේ හේතුවෙනි. මොවුන් එසේ ධනය කළමනාකරණය කිරීමට හෝ එය ආරක්ෂා කිරීමට නොහැකි උදවිය වෙති. එහෙයින් නුඹලා ඔවුනට එයින් වියදම් කරනු. ඇඳුම් පැලඳුම් ලබා දෙනු. ඔවුන් සමග යහ වදනින් කතා කරනු. ඔවුන් පරිනත හා යහපත් අයුරින් ගනුදෙනු කළ හැකි වයසට පත් වූ විට, ඔවුනට ඔවුන්ගේ ධනය ලබා දී යහපත් උපදෙස් කරන්න

وَٱبْتَلُوا۟ ٱلْيَتَـٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًۭا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًۭا وَبِدَارًا أَن يَكْبَرُوا۟ ۚ وَمَن كَانَ غَنِيًّۭا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًۭا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُوا۟ عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا ﴿٦﴾

ى අහෝ! භාරකරුවනි, අනාථ දරුවන් වැඩිවියට පත් ව මුහුකුරා යන වයසට පැමිණි විට ඔවුන් ගනුදෙනු කළ හැකි පරිදි ඔවුන්ගේ ධනයෙන් කොටසක් ඔවුනට ලබා දී පරීක්ෂා කර බලනු. එහි ඔවුන් යහපත් අයුරින් ගනුදෙනු කරන්නේ නම් ඔවුන්ගේ පරිනතභාවය පිළිබඳ නුඹලාට පැහැදිලි වූයේ නම් ඔවුන්ගේ ධනයෙහි කිසිදු අඩුවක් සිදු නොකර ඔවුනට එය සම්පූර්ණයෙන්ම භාර දෙනු. අවශ්යතා ඇති අවස්ථාවක ඔවුන්ගේ ධනයෙන් නුඹලාට අල්ලාහ් අනුමත කළ දෑ හැර පමණ ඉක්මවා ගොස් ඔවුන්ගේ ධනය අනුභව නොකරනු. ඔවුන් වැඩිවියට පත් වූ විට ඔවුන් ඒවා ගනු ඇතැයි යන බියෙන් එය අනුභව කිරීමට ඉක්මන් නොවනු. නුඹලා අතරින් කිසිවකුට අවශ්ය තරම් ධනය ඇත්නම් අනාථයාගෙන් ධනය පරිහරණය කිරීමෙන් වැළකිය යුතුය. නමුත් නුඹලා අතරින් කිසිවකුට ප්රමාණවත් ධනය නොමැති ව දිළිඳු තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුගේ අවශ්යතාවේ ප්රමාණයට අනුව අනුභව කළ යුතුය. ඔවුන් වැඩිවියට පත් වූ පසු ව හා ඔවුන් පරිනතභාවය ලබා ඇතැයි පැහැදිලි වූවායින් පසු ඔවුන්ගේ ධනය ඔවුනට නුඹලා භාර දෙනු. එසේ භාරදීම සම්බන්ධයෙන් අයිතිවාසිකම් සුරැකින පරිදි හා ඇතිවිය හැකි ගැටලු සමථය කළ හැකි පරිදි සාක්ෂිකරුවන් පත් කර ගනු. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔහු ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් එය භාරකළ ගැත්තන්ගෙන් විභාග කරන්නාය

لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًۭا مَّفْرُوضًۭا ﴿٧﴾

م فروضا දෙමාපියන් හා සහෝදරයින් මාමාවරුන් වැනි සමීප ඥාතීන් ඔවුන්ගේ මරණයෙන් පසු අතහැර දමා ගිය වස්තුවෙහි එය ස්වල්පයක් වුව ද විශාල ප්රමාණයෙන් වුවද ඉන් කොටසක් පිරිමි පාර්ශවයට හිමිය. එමෙන්ම ඔවුන් අතහැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයටද හිමිය. අඥාන යුගයේ පැවති කාන්තාවන්ට හා දරුවන්ට උරුමය ලැබීමේ තහනමට විරුද්ධ ව මෙම ඉගැන්වීම පිහිටිණ. එම කොටස වගකීමකි. ඒ ඒ පාර්ශවයන්ට අනිවාර්යය වන කොටස අල්ලාහ් විසින් පැහැදිලි කරනු ලැබ ඇත

وَإِذَا حَضَرَ ٱلْقِسْمَةَ أُو۟لُوا۟ ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينُ فَٱرْزُقُوهُم مِّنْهُ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا ﴿٨﴾

අතහැර දමාගිය වස්තුව බෙදන අවස්ථාවේ උරුමකම් නොකියන ඥාතී අය අනාථයන් හා දිළිඳුන් සම්මුඛ ව සිටින විට හිතවත්කම පතා නුඹලාට ලැබිය යුතු ධනය බෙදන්නට මත්තෙන් ඔවුනට ද යමක් පිරිනමනු. ඔවුන් ඒ ගැන කැමැත්තෙන් පසුවෙති. එය කිසිදු උත්සහයකින් තොර ව නුඹලාට ලැබී ඇත. පිළිකුල් සහගත නොවන යහපත් වදනින් ඔවුන් සමග කතා කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةًۭ ضِعَـٰفًا خَافُوا۟ عَلَيْهِمْ فَلْيَتَّقُوا۟ ٱللَّهَ وَلْيَقُولُوا۟ قَوْلًۭا سَدِيدًا ﴿٩﴾

තමන් මරණයට පත්වීමෙන් ඔවුන්ගෙන් පසු ව දුර්වල කුඩා වියේ පසු වන දරුවන් අතහැර දමා ගියේ නම් ඔවුන් විනාශයට පත්වනු ඇතැයි ඔවුන් බිය වෙති. එහෙයින් ඔවුන් යටතේ පසු වන අනාථ දරුවන්හට අසාධාරණකම් සිදුවීමට අතහැර දමා බලා සිටීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය විය යුතුය. ඔවුන් එම අනාථ දරුවන් යහපත් අයුරින් රැකබලා ගන්නේ නම් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දරුවන් යහපත් අයුරින් රැක බලාගන්නට අල්ලාහ් පහසු කරනු ඇත. එහෙයින් අයිතිය පිළිබඳ තම දරුවන්ට අන්තිම කැමැත්ත ප්රකාශ කරන අවස්ථාවේ එහි සහභාගී ව සිටින්නන් ඔහුගෙන් පසු ව ඔහුගේ දරුවන්ගේ උරුමයට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි ක්රියාත්මක කළ යුතුය. අන්තිම කැමැත්ත අතහැර දැමීමෙන් තමන්ට අත්වන යහපත ඔවුන් අහිමි කර නොගත යුතුය

إِنَّ ٱلَّذِينَ يَأْكُلُونَ أَمْوَٰلَ ٱلْيَتَـٰمَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ نَارًۭا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًۭا ﴿١٠﴾

නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَـٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءًۭ فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةًۭ فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌۭ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌۭ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌۭ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًۭا ۚ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿١١﴾

ه නුඹලාගේ දරුවන්ගේ උරුමයන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට අණ කර ඇති අතර ඔහු නුඹලාගෙන් ප්රතිඥා ගෙන ඇත. එනම්, සැබැවින්ම උරුමය වනාහි එය ගැහැනු දරුවන්ට හිමිවන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවාට බෙදා දෙනු ලැබිය යුතුය. පිරිමි දරුවකු නොමැති ගැහැනු දරුවන් පමණක් සිටින තැනැත්තෙකු ඔවුන් හැර දමා මිය ගිය විට ගැහැනු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්යාවක් සිටිනා විට ඔහු අතහැර යන දැයින් තුනෙන් දෙකක් ඔවුන් අතර බෙදා දෙනු ලැබිය යුතුය. එකම ගැහැනු දරුවකු පමණක් නම් ඔහු අතහැර දමා ගිය දැයින් අඩක් ඔහුට හිමි විය යුතුය. මිය ගිය තැනැත්තාහට ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු වී ඔහුගේ දෙමාපියන් ද සිටී නම් ඔහුගේ දෙමාපියන් සෑම කෙනෙකුටම ඔහු හැර දමා යන දැයින් හයෙන් එකක් හිමි විය යුතුය. ඔහුට දෙමාපියන් හැර කිසිදු දරුවකු හෝ උරුමක්කරුවකු හෝ නොවී නම් මව ට තුනෙන් එකක් ද ඉතිරිය තම පියාට උරුම වන්නේය. මිය ගිය තැනැත්තාට සහෝදරයින් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් වී නම් ඔවුන් පිරිමි හෝ ගැහැනු හෝ වේවා, එක කුස උපන් හෝ එක කුස නූපන් හෝ වේවා එවිට ඔහුගේ මව ට අනිවාර්යයෙන්ම හයෙන් එකක් හිමි විය යුතුය. ඉතිරිය වඩාත් සමීප ඥාතීත්වය අනුව පියාට හිමි වනු ඇත. සහෝදරයන්ට කිසිවක් උරුම වන්නේ නැත. උරුමය සම්බන්ධයෙන් මෙම බෙදීම් ක්රමය ක්රියාත්මක විය යුත්තේ මිය ගිය තැනැත්තා කවර දෙයක් පිළිබඳ අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද එය ක්රියාත්මක කිරීමෙන් පසුවය. නමුත් ඔහුගේ අන්තිම කැමැත්ත ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවිය යුතුය යන කොන්දේසිය මත හා ඔහු වෙත පැවරී ඇති ණය පියවීමෙන් පසු ව යන කොන්දේසිය මතය. සැබැවින්ම අල්ලාහ් උරුමය පිළිබඳ වූ කොටස් මේ ආකාරයෙන් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි සෙත සැලසීමෙන් නුඹලාට වඩාත් සමීප වනුයේ දෙමාපියන්ද දරුවන්ද යන වග නුඹලා නොදන්නා බැවිණි. මිය ගිය තැනැත්තා ඔහුගේ උරුමක්කරුවන් අතුරින් යම් කිසි කෙනෙකු යහපත් යැයි සිතා තම ධනය ඔහුට පිරිනැමිය හැක. එසේ නැතහොත් ඔහු නපුරෙක් යැයි සිතා ඔහුට පිරිනැමීමෙන් වැළකී සිටිය හැක. නමුත් ඇතැම් විට ඔහු සිතන ආකාරයට වඩා වෙනස් විය හැක. ඒ සියල්ල දන්නේ අල්ලාහ් පමණය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක. එහෙයින් ඔහු පැහැදිලි කළ පරිදි උරුමයන් බෙදිය යුතුය. එය ඔහුගේ ගැත්තන්හට වන අනිවාර්ය වගකීමක් ලෙස නියම කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. ඔහුගේ ගැත්තන්හට යහපත සලසන කිසිවක් ඇත්නම් ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නීතිගත කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය

۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَٰجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌۭ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِينَ بِهَآ أَوْ دَيْنٍۢ ۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌۭ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكْتُم ۚ مِّنۢ بَعْدِ وَصِيَّةٍۢ تُوصُونَ بِهَآ أَوْ دَيْنٍۢ ۗ وَإِن كَانَ رَجُلٌۭ يُورَثُ كَلَـٰلَةً أَوِ ٱمْرَأَةٌۭ وَلَهُۥٓ أَخٌ أَوْ أُخْتٌۭ فَلِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ ۚ فَإِن كَانُوٓا۟ أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَآءُ فِى ٱلثُّلُثِ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصَىٰ بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّۢ ۚ وَصِيَّةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٌۭ ﴿١٢﴾

ى ه අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාගේ බිරියන්ට නුඹලා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ දාව පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු හෝ නොවී නම් ඔවුන් හැර දමා යන දැයින් අඩක් නුඹලාට හිමිය. නමුත් ඔවුනට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් ඔවුන් අතහැර දමා යන ධනයෙන් හතරෙන් කොටසක් නුඹලාට හිමිය. එසේ නුඹලාට බෙදනු ලැබිය යුත්තේ ඔවුන්ගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔවුන්ගේ ණය පියවීමෙන් පසුවය. එමෙන්ම අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාට නුඹලාගේ භාර්යාවන් විසින් හෝ වෙනත් අය විසින් හෝ පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නොවී නම් නුඹලා අතහැර දමා යන දැයින් හතරෙන් කොටසක් නුඹලාගේ බිරියන්ට හිමිය. නමුත් නුඹලාට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් නුඹලා අතහැර දමා යන දැයින් ඔවුනට හිමිවනුයේ අටෙන් කොටසකි. එසේ ඔවුන්හට බෙදනු ලැබිය යුත්තේ නුඹලාගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාගේ ණය පියවීමෙන් පසුවය. කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැති ව මිනිසෙකු මියැඳුණේ නම් හෝ කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැතිව කාන්තාවක් මියැඳුණේ නම් හෝ මිය ගිය ඔහුට හෝ ඇයට මව සතු සහෝදරයෙකු හෝ සහෝදරියක වී නම් තම මවගේ සහෝදරයා හා මවගේ සහෝදරිය යන සෑම කෙනෙකුටම හයෙන් එක් කොටසක් අනිවාර්ය කොටසක් ලෙස හිමි විය යුතුය. නමුත් ඔහුගේ මව සතු සහෝදරයන් හෝ සහෝදරයින් එක් අයකුට වඩා වැඩිනම් ඔවුන් සියලු දෙනාම එහි හවුල්කරුවන් වන පරිදි අනිවාර්ය කොටසක් වශයෙන් තුනෙන් එක් කොටසක් හිමි විය යුතුය. එහි දී ඔවුන්ගේ පිරිමි හා කාන්තාව යන දෙපාර්ශවයම සමාන වන්නේය. ඔවුන්ගේ කොටස හිමි වනුයේ මිය ගිය තැනැත්තාගේ අන්තිම කැමැත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔහුගේ ණය පියවීමෙන් පසුවය. නමුත් ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩිපුර ප්රමාණයක් ඔහුගේ අන්තිම කැමැත්තෙහි ඔහු සඳහන් කර තිබීම වැනි තම අන්තිම කැමැත්ත උරුමක්කරුවන්ට හානි පමුණුවන සේ පිහිටිය නොයුතුය යන කොන්දේසිය මත සිදු විය යුත්තකි. නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් ලෙස මෙම පාඨයේ ඇතුළත් මෙම නීතිය අල්ලාහ් නුඹලා වෙත අනිවාර්යය කර ඇත්තේය. මෙලොව හා මතු ලොව තම ගැත්තන්හට යහපත සලසනුයේ කුමක්දැයි යන වග අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉතා ඉවසන සුළුය. පාපකම් කරන්නාට දඬුවම් දීම සඳහා ඔහු ඉක්මන් නොවන්නාය

تِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١٣﴾

අනාථ දරුවන් හා වෙනත් පාර්ශවයන් පිළිබඳ ඉහත සඳහන් මෙම නීතිරීති තම ගැත්තන් ඒවා ක්රියාත්මක කිරීම සඳහා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ නීතිරීති වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට කවරෙකු අවනත වන්නේද ස්වර්ග මාලිගා යටින් ගලා යන ගංගාවන් සහිත ස්වර්ග උයන් වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශයක් අත්වන්නේ නැත. එම දේව ත්යාගය අති මහත් ජයග්රහණයකි. කිසිදු ජයක් එයට සමාන වන්නේ නැත

وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَـٰلِدًۭا فِيهَا وَلَهُۥ عَذَابٌۭ مُّهِينٌۭ ﴿١٤﴾

කවරෙකු අල්ලාහ්ගේ නීති කඩ කරමින් හා ඒවා අතහැර දමමින් හෝ ඒ පිළිබඳ සැක ඇති කර ගනිමින් හා ඔහු ආගමානුගත කළ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේද නිරා ගින්නට අල්ලාහ් ඔහු ව ඇතුළත් කරනු ඇත. එහි නින්දනීය දඬුවම් ඔහුට හිමි වනු ඇත

وَٱلَّـٰتِى يَأْتِينَ ٱلْفَـٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةًۭ مِّنكُمْ ۖ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًۭا ﴿١٥﴾

නුඹලා අතුරින් විවාහක හෝ අවිවාහක කාන්තාවන් අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන්ගේ එම වරදට එරෙහි ව යුක්ති ගරුක ලෙස අල්ලාහ්ට අවනත වන පිරිමි සිව් දෙනෙක් සාක්ෂි වශයෙන් පෙනී සිටින්නට සලස්වන්න. ඔවුනට එරෙහි ව කළ වරද පිළිබඳ මොවුන් සාක්ෂි වශයෙන් පෙනී සිටියේ නම් එම කාන්තාවන්ට දඬුවම වශයෙන් ජීවිතාන්තය දක්වා හෝ ඒ හැර වෙනත් මගක් අල්ලාහ් ඔවුන් විෂයයෙහි පෙන්වන තෙක් ඔවුන් නිවාස අඩස්සියේ තබන්න. ඉන්පසු ව අල්ලාහ් ඔවුනට මගක් පැහැදිලි කළේය. එනම් එසේ දුරාචාරයේ යෙදුණු අවිවාහක කන්යා කාන්තාවකට කසපහරවල් සියයක් හා වසරක කාලයක් රටින් පිටුවහල් කර තැබීමත් විවාහක කාන්තාවකට ගල් ගසා මැරීමත් අල්ලාහ් ආගමානුගත කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذَانِ يَأْتِيَـٰنِهَا مِنكُمْ فَـَٔاذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا۟ عَنْهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابًۭا رَّحِيمًا ﴿١٦﴾

නුඹලා අතර සිටින විවාහක හෝ අවිවාහක පිරිමින් අතුරින් දෙදෙනෙකු අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන් අවමානයට හා පිටුවහල් වීමට ලක්වන අයුරින් අතින් හා වචනයෙන් ඔවුන් දෙදෙනාට දඬුවම් කරන්න. ඔවුන් දෙදෙනා කවර වරදක් මත සිට පසු ව ඔවුන් එයින් මිදී ඔවුන් දෙදෙනාගේ ක්රියාවන් යහපත් තත්ත්වයට පත් කර ගත්තේ ද එවිට ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමෙන් වළකින්න. ඊට හේතුව පාපයෙන් පශ්චාත්තාප වී සමාව ඉල්ලා සිටින්නා කිසිදු පාපයක් සිදු නොකළ පුද්ගලයකු මෙන් වන බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට මහා කාරුණික බැවින් ඔවුන් අතුරින් කවරෙකු අල්ලාහ්ගෙන් පාප සමාව අයැද සිටින්නේද ඔවුනට සමාව දෙන්නාය. ආරම්භක නියෝගයක් ලෙස පිහිටි මේ ආකාරයෙන් වූ දඬුවම් ලබා දීම ප්රමාණවත් කොට සැලකුවද පසු ව එම නීතිය වෙනස් විය. එනම් අවිවාහක කෙනෙකු නම් කසපහරවල් පිරිනැමීම හා රටින් පිටුවහල් කිරීමේ නීතිය බවටත් විවාහක කෙනෙකු ගල්ගසා මරා දැමීමේ නීතිය බවටත් එම නීතිය වෙනස් විය

إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍۢ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍۢ فَأُو۟لَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ﴿١٧﴾

حكيما තමන් කළ වැරදි හා පාපකම් පිළිබඳ තැවී එය ඉදිරිපත් කරමින් සිදු කරන පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනුයේ ඉන් අත්වන දඬුවම හා අභාග්ය පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන් පසුවන අවස්ථාවකය. එය උවමනාවෙන් හෝ නොදැනුවත් ව හෝ වැරදි කරන සෑම කෙනෙකුටම අදාළ වන්නේය. පසු ව ඔවුන් මරණය දෑසින් දකින්නට පෙර ඔවුන්ගේ පරමාධිපති වෙත නැඹුරු වී යොමු වෙති. එවැන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනු ඇත. ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇත. අල්ලාහ් ඔහුගේ මැවීම් වල තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය

وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٔـٰنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَـٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا ﴿١٨﴾

පාපකම් වල තමන් නිරත වෙමින් මිය යන අවස්ථාව දෑසින් දකින තෙක් ඒ ගැන පශ්චාත්තාප නොවන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගන්නේ නැත. මිය යන අවස්ථාවේ ඔවුන්ගේ කෙනෙක් “කවර පාපයක් මා සිදු කළේද ඒ ගැන සැබැවින්ම මම දැන් පශ්චාත්තාප වී සමාව අයදිමි’ යැයි ඉල්ලා සිටියද එලෙස අල්ලාහ් දේව ප්රතික්ෂේපය මත පිහිටා එම තත්ත්වයේම මියගිය තැනැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේ නැත. පාපකම් වල නිරත ව සිටි පාපිෂ්ඨයින් හා දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මරණයට පත් වූවන්හට අපි වේදනීය දඬුවම සූදානම් කර ඇත්තෙමු

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا۟ ٱلنِّسَآءَ كَرْهًۭا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا۟ بِبَعْضِ مَآ ءَاتَيْتُمُوهُنَّ إِلَّآ أَن يَأْتِينَ بِفَـٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَعَاشِرُوهُنَّ بِٱلْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَيَجْعَلَ ٱللَّهُ فِيهِ خَيْرًۭا كَثِيرًۭا ﴿١٩﴾

كثيرا අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි, නුඹලාගේ පියවරුන්ගේ හා නුඹලාගේ සමීප ඥාතීන්ගේ ස්ත්රීන් නුඹලා ධනය උරුම කර ගන්නාක් මෙන් ඔවුන් විවාහ කරගනිමින් හෝ නුඹලා සිතන අයට විවාහ කර දීමෙන් හෝ ඔවුන් විවාහ කටයුත්තක් සිදු කර ගැනීම වැළැක්වීමෙන් හෝ නුඹලා ඔවුන් සමග කටයුතු නොකළ යුතුය. නුඹලා පිළිකුල් කරන නුඹලාගේ බිරියන්හට නුඹලා පිරිනැමූ විවාහ ත්යාගය හා වෙනත් දීමනා වලින් කොටසක් නුඹලාට ඔවුන් පෙරළා දෙන තරමට ඔවුන් හිංසා පීඩාවට ලක් කරනු පිණිස ඔවුන් රඳවා තබා ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් දුරාචාරය මෙන් පැහැදිලි අශීලාචාර වරදක් ඔවුන් සිදු කර තිබුණේ නම් ඔවුන් ව රඳවා තබා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ගැනීමත් නුඹලා ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් වන්දි වශයෙන් නුඹලා වෙත නැවත පිරිනමන තෙක් ඔවුන් හිරකර තබා ගැනීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලාගේ බිරියන්ට අත්වන වේදනාවන් වළක්වාලමින් ඔවුනට යහපත් අයුරින් වියහියදම් කරමින් නුඹලා ඔවුන් සමග යහපත් බැඳීමකින් යුතු ව කටයුතු කරනු. ලෞකික කරුණක් නිසාවෙන් නුඹලා ඔවුන් පිළිකුල් කරන්නෙහු නම් නුඹලා ඔවුන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලා පිළිකුල් කරන දෑහි මෙලොව හා මතු ලොව ජීවිතයේ අධික ලෙස යහපත අල්ලාහ් තබා තිබෙන්නට පුළුවණ

وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍۢ مَّكَانَ زَوْجٍۢ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًۭا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَـٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ﴿٢٠﴾

م بينا අහෝ! ස්වාමි පුරුෂයිනි, බිරිය දික්කසාද කොට ඇයගේ ස්ථානයේ වෙනත් කතක් තබන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එහි නුඹලාට වරදක් නැත. නුඹලා වෙන් වීමට අපේක්ෂා කරන ඇයට මහර් නොහොත් විවාහ ත්යාග වශයෙන් ධන සම්භාරයක් නුඹලා පිරිනමා තිබුණද ඉන් කිසිවක් නැවත ලබා ගැනීම නුඹලාට තහනම් වන්නේය. එසේ නුඹලා ඔවුනට පිරිනැමූ දෑ නැවත ගන්නේ නම් එය පැහැදිලි වරදක් හා පැහැදිලි පාපයක් ලෙස සලකනු ලැබේ. وكيف تأخذونه وقد أفض بعضكم إلى بعض وأخذن منكم ميثقا غليظا

وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍۢ وَأَخَذْنَ مِنكُم مِّيثَـٰقًا غَلِيظًۭا ﴿٢١﴾

නුඹලා ඔවුන් සමග ආදර සම්බන්ධකම් පවත්වා ඔවුන්ගේ පහස විද ඔවුන්ගේ සියලු රහස් පිළිබඳ දැන ගත් පසු නුඹලා ඔවුනට පිරිනැමූ මහර් නැවත ලබා ගනුයේ කෙසේද? ඉන් පසු ව නුඹලා ඔවුන් සතු ව ඇති දෑට ආශා කිරීම පිළිකුල් සහගත අප්රසන්න කටයුත්තකි. සැබැවින් ඔවුන් බලවත් ප්රතිඥාවක් නුඹලාගෙන් ලබා ඇත. එනම්, එය අල්ලාහ්ගේ වදන හා ඔහුගේ නීතිය පෙරටු කරමින් ඔබ අනුමත කර තිබීමය

وَلَا تَنكِحُوا۟ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُۥ كَانَ فَـٰحِشَةًۭ وَمَقْتًۭا وَسَآءَ سَبِيلًا ﴿٢٢﴾

නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ කර නොගනු. එය තහනම් කරන ලද්දකි. නමුත් ඉස්ලාමයට පෙර එසේ කටයුත්තක් සිදු වී ඇත්නම් එය වරදක් ලෙස ගණන් ගනු නොලැබේ. නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් දරුවන් විසින් විවාහ කර ගැනීම අශීලාචාර කටයුත්තකි. එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ කෝපයට ලක් වීමට හේතු වන්නේය. එවන් මගක ගමන් කරන්නා ගමන් කරනුයේ ඉතා නපුරු මගකය

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَـٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّـٰتُكُمْ وَخَـٰلَـٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَـٰتُكُمُ ٱلَّـٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَـٰعَةِ وَأُمَّهَـٰتُ نِسَآئِكُمْ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَـٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَـٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿٢٣﴾

නුඹලාගේ මව්වරුන් හා ඊට ඉහළින් සිටින පියාගේ හෝ මවගේ මව්වරුන් (ආච්චි) ද නුඹලාගේ දූවරුන් හා ඊට පහළින් සිටින දූවරුන්ගේ දූවරුන් හා එම දූවරුන්ගේ දූවරුන් මෙන්ම පුතාගේ දූවරුන් එම දූවරුන්ගේ දූවරුන් හා ඊට පහළින් සිටින අය ද නුඹලාගේ දෙමාපියන් විසින් දාව නුඹලාගේ සහෝදරියන් හෝ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුගෙන් දාව සහෝදරියන්ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ මව්පියන්ගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන්ද නුඹලාගේ සහෝදරයාගේ දූවරුන් සහෝදරියගේ දූවරුන් හා එම දූවරුන් ගේ දූවරුන් වශයෙන් ඊට පහළින් සිටින්නන් ද නුඹලාට කිරි දී වඩාගත් නුඹලාගේ මව්වරුන් ද කිරි බීම හේතුවෙන් ඇති වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත වුව ද එසේ නිරත නොවුව ද එම බිරියන්ගේ මව්වරුන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත ව ඇත්නම් ඔවුනට වෙනත් අය විසින් බිහි වී නුඹලාගේ නිවෙස් වල بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඇතිදැඩි වන මෙන්ම එසේ එහි ඇතිදැඩි නොවන දූවරුන් ද විවාහ වීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරතව නොමැතිනම් ඔවුන්ගේ දූවරුන් විවාහ වීමේ වරදක් නුඹලාට නොමැත. එමෙන්ම නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ පුතුන්ගේ බිරියන් (ලේලිවරු) ඔවුන් ඔවුන්ගේ බිරියන් සමග සංසර්ගයේ නිරත නොවුව ද නුඹලා ඔවුන් විවාහ කර ගැනීම තහනම් කර ඇත. ජාහිලිය්යා නම් අඥාන යුගයේ පැවති දෑ මිස පරම්පරාවෙන් හෝ කිරි බීම හේතුවෙන් හෝ ඇති වන සහෝදරියන් දෙදෙනකු එකට තබා ගැනීමත් නුඹලාට තහනම් කර ඇත. ඒ පිළිබඳ අල්ලාහ් සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් වෙත පශ්චාත්තාප වී සමාව අයැදින්නන්හට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එමෙන්ම කාන්තාවක හා ඇගේ මවගේ හෝ ඇගේ පියාගේ සහෝදරියන් යන දෙදෙනකු එකට තබා ගැනීමේ තහනම සුන්නාව හෙවත් නබිතුමාගේ ඉගැන්වීම්වල සඳහන් ව ඇත

۞ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۖ كِتَـٰبَ ٱللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا۟ بِأَمْوَٰلِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَـٰفِحِينَ ۚ فَمَا ٱسْتَمْتَعْتُم بِهِۦ مِنْهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَٰضَيْتُم بِهِۦ مِنۢ بَعْدِ ٱلْفَرِيضَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿٢٤﴾

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත ව තමන් සතු කර ගත් යුද සිරකාරියන් හැර විවාහක සෙසු කාන්තාවන් විවාහ වීම තහනම්ය. ඔවුන් සමග ඇසුරු කිරීමට නුඹලාට අනුමැතිය ලැබෙන්නේ ඔසප් වාරයෙකින් පසු ඔවුන්ගේ ගර්භාෂ නිදොස් වූවායින් පසුවය. එය අල්ලාහ් නුඹලාට අනිවාර්ය කොට ඇත. ඒ හැර සෙසු කාන්තාවන් විෂයයෙහි ව්යභිචාරයෙන් තොර ව ඔවුන්ගේ පතිවත හා නුඹලාගේ පතිවත රැකෙන අනුමත අයුරින් නුඹලාගේ සම්පත් ඔවුනට පිරිනමා ඔවුන් විවාහ කර ගැනීම නුඹලාට අල්ලාහ් අනුමත කර ඇත. විවාහය තුළින් නුඹලා ඔවුන් සමග පහස විඳ ඇත්නම් නුඹලාට අල්ලාහ් අනිවාර්යය කළ මහර් නුඹලා ඔවුනට පිරිනමන්න. මහර් ප්රමාණය තීන්දු කළ පසු ව නුඹලා අතර එකඟතාවකින් යුතු ව එයට වඩා වැඩියෙන් හෝ යමක් අඩුවෙන් හෝ පිරිනැමීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් මැනවින් දන්නාය. ඔවුන්ගෙන් කිසිවකු ඔහුට සැඟවෙන්නේ නැත. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි අල්ලාහ් මහත් ප්රඥාවන්තය

وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ ٱلْمُحْصَنَـٰتِ ٱلْمُؤْمِنَـٰتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَـٰنُكُم مِّن فَتَيَـٰتِكُمُ ٱلْمُؤْمِنَـٰتِ ۚ وَٱللَّهُ أَعْلَمُ بِإِيمَـٰنِكُم ۚ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۚ فَٱنكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلْمَعْرُوفِ مُحْصَنَـٰتٍ غَيْرَ مُسَـٰفِحَـٰتٍۢ وَلَا مُتَّخِذَٰتِ أَخْدَانٍۢ ۚ فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَـٰحِشَةٍۢ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَـٰتِ مِنَ ٱلْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ ٱلْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا۟ خَيْرٌۭ لَّكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٢٥﴾

ه අහෝ පුරුෂයිනි, නුඹලා අතුරින් කවරෙකුට හෝ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට තරම් ප්රමාණවත් මුදලක් නොමැත්තේ නම් එවිට වෙනත් අයට හිමි දේව විශ්වාස කරන වහල් කාන්තාවන් හා විවාහ වීම ඔහු කෙරෙහි වරදක් වන්නේ නැත. නුඹලාගේ විශ්වාසයේ සත්යතාව හා නුඹලාගේ අභ්යන්තර තත්ත්වයන් අල්ලාහ් මැනවින් දන්නාය. මිනිසත්කම හා දහම යන විෂයන්හි නුඹලා හා ඔවුන් එක සමානය. එහෙයින් ඔවුන් හා විවාහ වීමට අකමැති නොවන්න. ඔවුන්ගේ හිමිකරුවන්ගේ අනුමැතිය ඇති ව විවාහ වන්න. ඔවුන්ගේ මහරයේ අඩුකිරීමක් හෝ වැඩිකිරීමක් හෝ සිදු නොකොට ලබා දෙන්න. එය ඔවුන් ප්රසිද්ධියේ ගණිකාවන් නොවන හා රහසිගත ව දුරාචාරය සඳහා සල්ලාලයින් විසින් ගනු නොලබන, පතිවත රකින කාන්තාවන් නම් පමණි. නමුත් ඔවුන් විවාහ වීමෙන් පසු කාමයේ වරදවා හැසිරුණු විට නිදහස් කාන්තාවන්ට දෙනු ලබන දඬුවමින් අඩක් ඔවුනට පිරිනැමිය යුතුය. එනම් විවාහක නිදහස් කාන්තාව කාමයේ වරදවා හැසිරුණු විට පිරිනමන දඬුවමට වෙනස් වූ කසපහරවල් පනහකි. ඔවුන් ගල්ගසා මරනු ලබන්නේ නැත. පතිවත රකින, දේව විශ්වාසී වහල් කාන්තාවන් විවාහ වීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ කරුණු නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාව නොදරන, කාමයේ වරදවා හැසිරෙන්නට ඉඩ ඇතැයි බිය වන පුද්ගලයකුට පිරිනමා ඇති අනුමැතියක් හා විකල්ප ක්රමයකි. නමුත් තම දරුවන් වහල් භාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගනු පිණිස වහල් කාන්තාවන් විවාහ නොවී සිටීම වඩාත් යහපත්ය. පාප සමාව අයැද අල්ලාහ් වෙත හැරෙන بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔහුගේ ගැත්තන්හට ඔහු අති ක්ෂමාශීලීය. කාමයේ වරදවා හැසිරීමේ බියක් ඇති වූ විට නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාවක් නොමැති තත්ත්වයක වහල් කාන්තාවන් විවාහ වීම ආගමානගත කොට තිබීම ඔහුගේ කරුණාගුණයෙන් වූවකි

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ ٱلَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٢٦﴾

නුඹලාට මෙම නීති රාමුවන් ආගමානුගත කිරීමෙන් අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහුගේ දහමේ හා ආගමික නීතිරීති වල ඇති උසස්භාවයත් මෙලොව හා මතු ලොවෙහි නුඹලාට එහි පවතින යහපතත් පැහැදිලි කිරීමටය. එමෙන්ම නුඹලා නබිවරුන් අනුගමනය කරනු පිණිස හලාල් (අනුමත) කිරීම, හරාම් (තහනම්) කිරීම, ඔවුන් ආවරණය කරමින් පැවතුණු ගෞරවය, ඔවුන්ගේ ප්රශංසනීය චරිතය යනාදී විෂයයන් සම්බන්ධයෙන් නුඹලාට මග පෙන්වීමටත් ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම පිටුපෑමෙන් දුරස් වී ඔහුට අවනත වීම සඳහා නුඹලා ව යොමු කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් තම ගැත්තන්ට කවර කරුණක යහපත ඇත්තේදැයි මැනවින් දන්නාය. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි. ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය

وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُوا۟ مَيْلًا عَظِيمًۭا ﴿٢٧﴾

තවද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාවට අවස්ථාව සලසා දී නුඹලාගේ පාප වලට සමාව දීමට අපේක්ෂා කරන අතරම තම ආශාවන් පසුපස හඹා ගියවුන් ඍජු මාර්ගයෙන් ඉවත් කොට ඉන් ඉතා ඈතට දුරස් කිරීමට අපේක්ෂා කරයි

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ ٱلْإِنسَـٰنُ ضَعِيفًۭا ﴿٢٨﴾

අල්ලාහ් ආගමානුගත කළ දෑ නුඹලාගෙන් සැහැල්ලු කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් නුඹලාට දැරිය නොහැකි බරක් ඔහු නුඹලා මත නොපටවයි. ඊට හේතුව මිනිස් මැව්මෙහි හා ඔහුගේ චරිතයේ ඔහු දුර්වල බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَـٰرَةً عَن تَرَاضٍۢ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًۭا ﴿٢٩﴾

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, ගනුදෙනු කරුවන් දෙදෙනකුගේ එකඟතාවෙන් සිදුවන ව්යාපාරයකින් ලැබෙන ධනයක් වී නම් මිස සොරකම, මංකොල්ලය, අල්ලස් වැනි නිත්යනුකූල නොවන අයුරින් නුඹලා තවකෙනෙකුගේ ධනය සූරා නොගනන්න. එසේ නිත්යනුකූල ව ඉපැයූ ධනය අනුභව කිරීමත්, එහි ගනුදෙනු කිරීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලා තවකෙකු ඝාතනය නොකරන්න. එමෙන්ම නුඹලා අතරින් කිසිවකු ඔහුවම ඝාතනය කර නොගත යුතුය. විනාශ මුඛය කරා එමගින් ඔහු සේන්දු නොවිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණිකය. නුඹලාගේ ජීවිත, නුඹලාගේ ධනය හා නුඹලාගේ මානය සුරක්ෂා කිරීම ඔහුගේ කරුණාගුණයෙන් යුක්ත වූවකි

وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَٰنًۭا وَظُلْمًۭا فَسَوْفَ نُصْلِيهِ نَارًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ﴿٣٠﴾

කවර කරුණක් තහනම් කර ඇත්තේ ද එවැන්නක් කවරෙකු විසින් සිදු කොට අනුන්ගේ වස්තුව අනුභව කරමින් එහි ඉක්මවා ගොස් නොදැනුවත්කම හෝ වැරදීමකින් නොව දැන දැනම මිනී මැරුම් වැනි අපරාධ කරමින් සීමාව ඉක්මවා කටයුතු කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එවැන්නන් දැවැන්ත නිරා ගින්නට අල්ලාහ් ඇතුළත් කරනු ඇත. ඔහු එහි උණුසුම විඳවනු ඇත. එහි දඬුවම ඔහුට ඉතා ගැළපෙන්නකි. කිසිවක් අල්ලාහ් පරාජය කළ නොහැකි බැවින් එය ඔහුට පහසු කාර්යයක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًۭا كَرِيمًۭا ﴿٣١﴾

අහෝ! දේව විශ්වාසී ජනයිනි, අල්ලාහ්ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම ජීවිතයක් ඝාතනය කිරීම පොළිය අනුභව කිරීම වැනි මහා පාපකම් වලින් නුඹලා දුරස් වන්නෙහු නම් නුඹලා විසින් සිදුවන කුඩා පාපයන් අපි මකා දමා ඒවා ඉවත් කොට ඒ ගැන නොසලකා හරින්නෙමු. අල්ලාහ් අබියස වූ ගෞරවනීය ස්ථානයට අපි නුඹලා ව ඇතුළත් කරන්නෙමු. එය ස්වර්ගයයි

وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبُوا۟ ۖ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبْنَ ۚ وَسْـَٔلُوا۟ ٱللَّهَ مِن فَضْلِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ﴿٣٢﴾

ه ه අහෝ! දේව විශ්වාසී ගැත්තනි, නුඹලා අතර වූ ඇතෙමෙකුට ඇතැමෙකු වඩා කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේද ඒ සම්බන්ධයෙන් නුඹලා ආශා නොකරනු. එය ක්රෝධය හා ඊර්ෂ්යාවෙන් කටයුතු නොකරන්නට හේතුවක් වනු ඇත. එමෙන්ම කවර කරුණක් අල්ලාහ් පුරුෂ පාර්ශවයට නියම කර ඇත්තේද ඒ ගැන කාන්තා පාර්ශවය ආශා කිරීමට අවශ්යතාවක් නැත. සෑම පාර්ශවයකටම ඔවුනොවුන්ට සුදුසු පරිදි ඒ ඒ භාග්යයන් පිරිනමා ඇත. එබැවින් අල්ලාහ් පිරිනමා ඇති දායාදයන් අධික කර දෙන මෙන් නුඹලා ඔහුගෙන් පතනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. සෑම වර්ගයකටම එයට ගැළපෙන දෑ ඔහු පිරිමනු ඇත

وَلِكُلٍّۢ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ ۚ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَـٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا ﴿٣٣﴾

شىء شهيدا නුඹලා අතුරින් සෑම කෙනෙකුටම තම දෙමාපියන් හා ඥාතීන් විසින් හැර දමා යන දෑ සඳහා පසුඋරුමකම්පාන භාරකාර සම්බන්ධතාවක් අපි ඇති කර ඇත්තෙමු. සහය ලබා දී උපකාර කිරීම සඳහා නුඹලා ඔවුන් සමග ස්ථීර දිවුරුමක් ගිවිස ගෙන ඇත්නම්, ඔවුන්ගේ කොටස ඔවුනට ලබා දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. ඔහුගේ එම සාක්ෂි අතුරින් නුඹලාගේ දිවුරුම හා නුඹලාගේ මෙම ගිවිසුම් ද එකකි. ඉස්ලාමය ආරම්භ කාලයේ දිවුරුම මගින් පසු උරුමය ලබන නීතිය පැවතුණ ද පසු ව එය වෙනස් කරන ලදී

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَٰلِهِمْ ۚ فَٱلصَّـٰلِحَـٰتُ قَـٰنِتَـٰتٌ حَـٰفِظَـٰتٌۭ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّـٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّۭا كَبِيرًۭا ﴿٣٤﴾

ي කාන්තාවන් මෙහෙයවනු ලබනුයේ පුරුෂයින් විසිනි. ඔවුන්ගේ කටයුතු මොවුන් ක්රියාත්මක කරනු ඇත. එය අල්ලාහ් විසින් පුරුෂයින් කාන්තාවන්ට වඩා උසස් කොට පෙන්වා ඇති බැවිණි. එමෙන්ම ඔවුන්ගේ නඩත්තු වියදම් හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පුරුෂයින්ට අනිවාර්යය කර ඇති බැවිණි. දැහැමි කාන්තාවන් තම පරමාධිපතිට අවනත වනවාක් මෙන්ම තම ස්වාමි පුරුෂයින්ටත් අවනත වෙති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති භාග්යය හේතුවෙන් ඔවුන්ගේ රහස් මොවුන් විසින් ආරක්ෂා කරති. වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ තම ස්වාමිපුරුෂයින්ට අවනතවීමෙන් ඔවුන් ඉවත් වනු ඇතැයි බිය වන කාන්තාවන් සම්බන්ධයෙන් වනාහි අහෝ ස්වාමිපුරුෂයිනි, ඔවුනට අල්ලාහ් පිළිබඳ සිහිපත් කොට බිය ගන්වමින් කටයුතු ආරම්භ කරනු. ඔවුන් ඊට ප්රතිචාර නොදැක්වූයේ නම් නිදියහනින් ඔවුන් ඈත් කරනු. එනම් සංසර්ගයේ යෙදීමෙන් ඉවත් ව හැරී සිටිනු. එයට ද ඔවුන් ප්රතිචාර නොදැක්වූයේ නම් තුවාල නොවන තරමට ඔවුනට තරවටු කරනු. එසේ ඔවුන් අවනත වීම සඳහා නැවත හැරෙන්නට අපේක්ෂා කරන්නේ නම් ඔවුනට අපරාධ හෝ දඬුවම් පමුණුවා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම සියල්ලට ඉහළින් අල්ලාහ් සිටියි. ඔහුගේ පැවත්මෙහි හා ගුණාංගයෙහි ඔහු උදාරය. එහෙයින් නුඹලා ඔහුට බිය වනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُوا۟ حَكَمًۭا مِّنْ أَهْلِهِۦ وَحَكَمًۭا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَـٰحًۭا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًۭا ﴿٣٥﴾

كان عليما خبيرا අහෝ අඹු සැමි යුවළගේ හිතමිතුරනි, භාරකරුවනි, ඔවුන් අතර පවතින විරුද්ධත්වය වෛරී හා ගැටලුකාරී තත්ත්වයක් දක්වා ඇදෙනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම්, යහපත් අයුරින් ඔවුන් දෙදෙනා වෙන් කිරීම හෝ ඔවුන් දෙදෙනා අතර එකගතාවය ඇති කිරීම සඳහා තීන්දු කිරීමට ස්වාමි පුරුෂයාගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙක් හා බිරියගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙකු ඉදිරිපත් කර එවනු. ඔවුන් දෙදෙනා අතර එකඟතාව ඇති කිරීමය වඩාත් ප්රිය ජනක හා වඩාත් සුදුසු වනුයේ. තීරකයින් දෙදෙනාම එය අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඒ සඳහා ආදර්ශමත් මාර්ග පෙන්වා දී ඒ අනුව ඔවුහු කටයුතු කරති. අල්ලාහ් අඹු සැමියන් අතර ආශිර්වාද කරනු ඇත. ඔවුන් අතර පවතින විරුද්ධත්වය ඉවත් කරනු ඇත. තම ගැත්තන්ගෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඔවුන් කවර කරුණක් සඟවාගෙන සිටියත් එහි සෑම සියුම් දෙයක් පිළිබඳවම ඔහු මැනවින් දන්නාය

۞ وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَـٰنًۭا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًۭا فَخُورًا ﴿٣٦﴾

فخورا නුඹලා අල්ලාහ්ට අවනත වී ගැතිකම් කොට ඔහුට නමදිනු. ඔහු සමග වෙනත් අය ආදේශ කොට නොනමදිනු. දෙමාපියන්ට ගරු කොට ඔවුනට උවටැන් කරමින් ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කරනු. එමෙන්ම ඥාතීන්, අනාථ දරුවන් හා අවශ්‍යතා ඇත්තන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. ඥාතී අසල්වැසියන් මෙන්ම ඥාතී නොවන අසල්වැසියන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලා සමග එකට සිටින සගයා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. අතරමං වූ නාදුනන මගියා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලාගේ වහලුන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. මිනිසුන් වෙත තමන් ගැන පුරසාරම් දොඩන, අල්ලාහ්ගේ ගැත්තන් වෙත අහංකාරකම පෙන්වන, තමන් ගැන ඉහළින් කතා කරන අයව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَأَعْتَدْنَا لِلْكَـٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ﴿٣٧﴾

තමන්හට අල්ලාහ් කවර වස්තුවක් පිරිනමා ඇත්තේ ද, එයින් වියදම් කළ යුතු අය වෙනුවෙන් වියදම් නොකර ඉන් වැළකී සිට, තම ප්රකාශයන් හා ක්රියාවන් තුළින් ඒ සම්බන්ධයෙන් අන් අයට අණ කර, තමන් වෙත පිරිනමා ඇති වස්තුව, දැනුම හා වෙනත් භාග්යයන් වසන් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔවුන් ජනයාට සත්යය පැහැදිලි නොකරයි. එය සඟවා අසත්ය දෑ හෙළි කරයි. මෙවන් කරුණු දේව ප්රතික්ෂේපයේ සලකුණු අතරිනි. දේව ප්රතික්ෂේපකයින්හට නින්දනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු

وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۗ وَمَن يَكُنِ ٱلشَّيْطَـٰنُ لَهُۥ قَرِينًۭا فَسَآءَ قَرِينًۭا ﴿٣٨﴾

قرينا එමෙන්ම ජනයාට ප්රදර්ශනය කොට ඔවුන් ප්රශංසා කරනු පිණිස තම ධනය වියදම් කරන්නන් වෙනුවෙන් අපි දඬුවම සූදානම් කර ඇත්තෙමු. ඔවුන් අල්ලාහ් ව විශ්වාස කරන්නන් නොවෙති. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කරන්නන් නොවෙති. එම නින්දනීය දඬුවම අපි ඔවුනට සූදානම් කර ඇත්තෙමු. ෂෙයිතාන් ව අනුගමනය කරන්නන් මිස වෙනත් කිසිවකු ඔවුන් මුළා කළේ නැත. ෂෙයිතාන් කවරෙකුට අනිවාර්යය මිතුරෙකු වූයේ ද එම මිතුරුකම ඉතා නරක මිතුරුකමක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَأَنفَقُوا۟ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ ۚ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا ﴿٣٩﴾

සැබෑ ලෙස අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කොට ඔවුනට අල්ලාහ් පිරිනමා ඇති දැයින් ඔහු ප්රිය කරන තෘප්තියට පත්වන ආකාරයෙන් විදයම් කළේ නම් ඔවුනට කවර හිංසාවක් ඇති වන්නේද? මේ සියල්ලෙහි යහපත ඇත. ඔවුන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම ක්රියාවකටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍۢ ۖ وَإِن تَكُ حَسَنَةًۭ يُضَـٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًۭا ﴿٤٠﴾

සැබැවින්ම අල්ලාහ් සාධාරණනීයය. ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. එහෙයින් ඔවුන් කළ යහකම් අතුරින් කුඩා කුහුඹුවක තරම්වත් අඩු කරන්නේ නැත. ඔවුන් කළ පාපකම් අතුරින් කිසිවක් වැඩි කරන්නේ ද නැත. එමෙන්ම යමෙකු අණුවක තරම් හෝ යහපතක් සිදු කර ඇත්නම් ඊට අමතර ව එහි කුසල් ඔහු ප්රගුණ කර දෙයි. එම ප්රගුණ දීමනා සමග ඔහු අබියසින් අතිමහත් තිළිණද පිරිනමනු ඇත

فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍۢ وَجِئْنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدًۭا ﴿٤١﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?

يَوْمَئِذٍۢ يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ وَعَصَوُا۟ ٱلرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ ٱلْأَرْضُ وَلَا يَكْتُمُونَ ٱللَّهَ حَدِيثًۭا ﴿٤٢﴾

ඒ මහත් වූ දිනයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටුපා කටයුතු කළවුන් තමන් පසට පස් වී මහපොළොව සමග සමතලා වී තිබුණා නම් මැනවයි ප්රිය කරති. ඔවුන් කළ කම් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත. ඊට හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට කතා කළ නොහැකි පරිදි ඔවුන්ගේ දිවවල් මුද්රා තබා ඔවුන්ගේ සෙසු අවයව වලට කතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇත. එවිට ඒවා ඔවුනට එරෙහි ව ඔවුන් කළ කම් පිළිබඳ සාක්ෂි දරනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ﴿٤٣﴾

إ ر ء ئ ء ى අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, නුඹලා මත් බවින් සිටියදී පවසන දේ කුමක්දැ යි නුඹලාට වෙන්කර හඳුනා ගත හැකි තරමට පැහැදිලි වන තෙක් සලාත් ඉටු නොකරන්න. මෙය මත්පැන් පොදුවේ තහනම් කිරීමට පෙර පහළ වූවකි. එමෙන්ම ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය වූ තත්ත්වයක ද සලාතය ඉටු නොකරන්න. එවන් තත්ත්වයක නුඹලා ස්නානය කරන තෙක් මස්ජිදය වෙත පිවිස එහි රැඳී නොසිටින්න. නමුත් ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. ජලය භාවිත කළ නොහැකි තරමට යම් රෝගයක් නුඹලාට වැලඳ ඇත්නම් හෝ නුඹලා ගමනක නිරත ව සිටින්නේ නම් හෝ නුඹලාගෙන් කිසිවකු කිලිටි තත්වයේ පසුවන්නේ නම් හෝ නුඹලා බිරියන් සමග සංසර්ගයේ යෙදුණු තත්ත්වය සිටින්නේ නම් හෝ ඉන්පසුව නුඹලාට පිරිසිදුවන්නට ජලය නොලැබුණු විටෙක පිරිසිදු පස් අරමුණු කර ගන්න. එයින් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද ගල්වා ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් එසේ කෙටි කර ගැනීම පිළිබඳ සමාව දෙන්නාය. ඔහු අතික්ෂමාශීලීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَـٰبِ يَشْتَرُونَ ٱلضَّلَـٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا۟ ٱلسَّبِيلَ ﴿٤٤﴾

අහෝ! දූතයිනි, තව්රාත් දැනුමෙන් කොටසක් අල්ලාහ් පිරිනැමූ යුදෙව්වන්ගේ කටයුතු පිළිබඳ නුඹ නොදන්නෙහිද? ඔවුන් යහමග වෙනුවට මුළාව හුවමාරු කර ගනිති. අහෝ! දේව විශ්වාසී ජනයිනි, ඔවුන්ගේ වැරදි මාර්ගයේ නුඹලාවද ගමන් කරවනු පිණිස රසූල්වරයා කවර ඍජු මාර්ගයක් නුඹලා වෙත ගෙන ආවේද එයින් නුඹලා ව නොමග යවන්නට ඔවුන් ඉමහත් ආශාවෙන් සිටිති. ي

وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّۭا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًۭا ﴿٤٥﴾

අහෝ! දේව විශ්වාසී ජනයිනි, නුඹලා අතර නුඹලාගේ සතුරා කවුරුන්දැ යි අල්ලාහ් මැනවින් දන්නාය. එහෙයින් ඔවුන් පිළිබඳ ඔහු නුඹලාට දැනුම් දෙනු ඇත. ඔවුන්ගේ සතුරුකම පිළිබඳ නුඹලාට ඔහු පැහැදිලි කරනු ඇත. ඔවුන්ගේ අර්බුදයෙන් නුඹලා ආරක්ෂා කිරීමට භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔවුන්ගේ කුමන්ත්රණ ඔවුන්ගේ වධ වේදනාවන්ගෙන් නුඹලා ව වළක්වා ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කිරීම සඳහා උදව්කරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය

مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍۢ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًۭا فِى ٱلدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَقْوَمَ وَلَـٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا ﴿٤٦﴾

فلا يؤمنون إلا قليلا යුදෙව්වන් අතර නපුරු පිරිසක් ද සිටිති. අල්ලාහ් කවර දෙයක් පහළ කර ඇත්තේ ද එම වදන් ඔවුහු වෙනස් කරති. අල්ලාහ් පහළ නොකළ දෑ අලුතින් එකතු කොට ගොතා පවසති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට යමක් අණ කරන අවස්ථාවේ ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගය අපි පිටුපෑවෙමු’ යැයි පවසති. තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ඔවුන් ‘අපි පවසන දෑට ඇහුන්කන් නොදී ඔබ සවන් දෙන්න.’ ඔවුන් කුතුහලය ඇති කරන පරිදි (රාඉනා) යන ප්රකාශය භාවිත කළෝය. ඇත්තෙන්ම ඔවුන් එමගින් අපේක්ෂා කළේ ‘රඌනා’ යන පදයෙන් අදහස් කරන පරිදි අල්ලාහ්ගේ දූතයාණන්ට ශාප කිරීමටය. ඒ නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ දිවවල් හරවා රාඉනා නම් පදය විකෘති කොට පැවසීය. ඔවුන් එමගින් දහම අපහාසයට ලක්කිරීමට අරමුණ කර ගත්තෝය. නමුත් ඔවුන් ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගයට අපි පිටුපෑවෙමු’ යන ප්රකාශය වෙනුවට ‘ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු’ යැයි ද ‘ඔබ ඇහුන්කන් නොදී සවන් දෙනු’ යන ප්රකාශය වෙනුවට ‘සවන් දෙනු’ යැයි ද විකෘති කොට පැවසූ ‘රාඉනා’ යන ප්රකාශය වෙනුවට ‘ඔබ පවසන දෑයින් ඔවුනට ඔබ වෙතින් ප්රයෝජනයක් ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු’ යැයි ද පවසා සිටියෙහු නම් එය ඔවුනට යහපත් වනු ඇත. එය ඔවුන් පවසන වඩාත් සුදුසු මෙන්ම වඩාත් යුක්ති සහගත ප්රකාශයක් වනු ඇත. එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග විනයානුකූල බැඳීමකින් යුතුව කටයුතු කර ඇති බව පෙන්වා දීමක් වන බැවිණි. නමුත් අල්ලාහ් ඔවුනට ශාප කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා හැරියේය. එහෙයින් ඔවුන් ඔවුනට ප්රයෝජනවත් වන අයුරින් විශ්වාස කරන්නේ නැත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًۭا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًۭا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَـٰبَ ٱلسَّبْتِ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا ﴿٤٧﴾

ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, මුහුණු වලින් පෙනෙන්නට ඇති හැඟීම් මකා දමා ඒවා ඔවුන්ගේ පසුපසට හරවා දමන්නට පෙර හෝ සෙනසුරාදා මසුන් ඇල්ලීමෙන් වැළකී සිටින මෙන් නියෝග කළ පසුවත් එම සීමාවන් ඉක්මවා කටයුතු කළ සෙනසුරාදා වැසියන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි නෙරපා හැරියාක් මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හැරීමට පෙර නුඹලා සමග වූ තව්රාතය හා ඉන්ජීලය තහවුරු කරන්නක් ලෙසින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පැමිණි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අප පහළ කළ දෑ විශ්වාස කරනු. සෙනසුරාදා වැසියන් සීමාව ඉක්මවා කටයුතු කළ බැවින් ඔවුන් වඳුරන් බවට පත් කළේය. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ නියමය කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا ﴿٤٨﴾

ඔහුගේ මැවීම් අතුරින් කිසිවක් ගෙන ඔහුට සමාන කිරීමේ වරදට නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේ නැත. සමාන කිරීමේ හෝ ප්රතික්ෂේප කිරීමේ වරද හැරෙන්නෙට සෙසු වැරදි වලට ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට සමාව දෙනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට ඔවුන්ගේ පාපයේ තරමට සාධාරණීය ලෙස දඬුවම් කරන්නේය. කවරෙකු අල්ලාහ් සමග වෙනත් කෙනෙකු සම කරන්නේ ද ඔහු අතිමහත් පාපයක් ඉපැයුවේය. ඒ මත ම සිට මිය ගිය ඇත්තන්ට කිසිදු සමාවක් හිමි වන්නේ නැත

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا ﴿٤٩﴾

අහෝ! දූතය, තමන් හා තම ක්රියාකාරකම් පිවිතුරු යැයි පවසමින් ඒවා ගැන මෙනෙහි කරන්නන්ගේ කටයුතු පිළිබඳ ඔබ නොදුටුවෙහිද? එසේ නොව එහි අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණි. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ ගැත්තන් ඔහු පැසසුමට ලක් කරනු ඇත. ඔවුන් පිවිතුරු කරනු ඇත. එය හදවත් තුළ සැඟ වී ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා ඔහු වන බැවිණි. ඔවුන් කළකම් වලට හිමි කුසල් රටඉඳි කෙන්දක මතුපිටින් ඇති තිතක ප්රමාණයක් වුවද ඒවායෙහි කිසිදු අඩුවක් සිදු කරන්නේ නැත

ٱنظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَكَفَىٰ بِهِۦٓ إِثْمًۭا مُّبِينًا ﴿٥٠﴾

අහෝ! දූතය, ඔවුන් තමන් ගැන මෙනෙහි කරමින් අල්ලාහ් වෙත බොරු ගොතන සැටි අවධානයෙන් බලනු. ඔවුන් නොමග යෑමට එය ප්රමාණවත් පැහැදිලි පාපයක් වන්නේය

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَـٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّـٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَـٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا ﴿٥١﴾

අහෝ! දූතය, ඔබ නොදන්නෙහිද? දැනුමෙන් කොටසක් අල්ලාහ් වෙතින් දෙනු ලැබූ යුදෙව්වන්ගේ තත්ත්වය පුදුම සහගතය. අල්ලාහ් හැර දමා නැමදුම් පුදන්නට වෙනත් අය තෝරා ගෙන ඔවුන් ඒවා විශ්වාස කරති. (දෙවියන් ආදේශ කරන්නන් සඳහා නිර්මාණයන් කළ දෑ) සැබැවින්ම මොවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ සගයින්ට වඩා ඍජු මාර්ගයේ සිටිනේනේ යැයි පවසති

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ ۖ وَمَن يَلْعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا ﴿٥٢﴾

මෙම වැරදි ආකල්පය දරන මොවුහු අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබුවෝ වෙති. අල්ලාහ් කවරෙකු නෙරපා හැරියේ ද එවිට ඔහු ව භාරගන්නා කිසිදු උදව්කරුවකු ඔහුට නොවනු ඇත

أَمْ لَهُمْ نَصِيبٌۭ مِّنَ ٱلْمُلْكِ فَإِذًۭا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا ﴿٥٣﴾

ඔවුනට කිසිදු ආධිපත්යයක් හෝ බලයක් හෝ නොමැත. එසේ ඔවුනට තිබුණේ නම් රටඉඳි කෙන්දක මතුපිටින් ඇති තිතක ප්රමාණයක් වුව ද ඉන් කිසිවක් කිසිවකුට නොදෙනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۖ فَقَدْ ءَاتَيْنَآ ءَالَ إِبْرَٰهِيمَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَءَاتَيْنَـٰهُم مُّلْكًا عَظِيمًۭا ﴿٥٤﴾

عظيما නමුත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට හා ඔහුගේ මිතුරන්ට අල්ලාහ් පිරිනමා ඇති දූත මෙහෙවර දේව විශ්වාසය හා මහපොළොවේ පහසුකම් පිළිබඳ ඊර්ෂ්යා කරති. ඔවුහු ඔවුන් ගැන ඊර්ෂ්යා කරනුයේ මන්ද? මීට පෙර සැබැවින්ම අපි ඉබ්රාහීම්ගේ පරපුරට ද දේව පුස්තකය පිරිනැමුවෙමු. ඒ හැර ඔවුන් වෙත අපි දේව පණිවිඩ ද එව්වෙමු. එමෙන්ම එම ජනයා පාලනය කිරීම සඳහා විශාල රාජ්යයක්ද පිරිනැමුවෙමු

فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا ﴿٥٥﴾

ඉබ්රාහීම් (අලයිහිස්සලාම්) තුමා වෙත හා එතුමාගේ පරපුරින් පැවත ආ නබිවරුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කරන ජනයා ද ආගම් ලත් ජනයා අතර සිටිති. ඒ ගැන විශ්වාස කිරීමෙන් ඉවත් වූ අය ද වෙති. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ද මෙයයි. ඔවුන් අතුරින් ප්රතික්ෂේප කරන්නන්හට ප්රමාණවත් දඬුවම නිරා ගින්නයි

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًۭا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَـٰهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا۟ ٱلْعَذَابَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمًۭا ﴿٥٦﴾

සැබැවින්ම අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වට කර ඇති නිරා ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් පිළිස්සී යන සෑම මොහොතකම ඔවුන් අඛණ්ඩ ව දඬුවම විඳිනු පිණිස තවත් හමක් ඔවුනට යළි මාරු කර දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා නොයනු ඇත. ඔහු සැලසුම් කරන දෑ හා ඔහු තීන්දු කරන දෑහි මහා ප්රඥාවන්තය

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَنُدْخِلُهُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَنُدْخِلُهُمْ ظِلًّۭا ظَلِيلًا ﴿٥٧﴾

අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතවරුන් අනුගමනය කර අවනතභාවය විදහා පාන කටයුතු වල නිරතවන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන්නෙමු. ඒවායෙහි ඇති මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බසිනු ඇත. එහි ඔවුන් සදා රැඳී සිටිති. එම ස්වර්ග උයන්හි සියලු කිලිටි වලින් පිවිතුරු වූ අඹුවන් ඔවුනට වෙති. උණුසුම හා සිසිල නොදැනෙන තරමට දිගු හා ඝන හෙවණකට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු

۞ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَـٰنَـٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ ۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعًۢا بَصِيرًۭا ﴿٥٨﴾

නුඹලා වෙත පවරන ලද සියලු දෑ එහි හිමිකරුවන්ට නැවත ලබා දෙන මෙන් නියත වශයෙන්ම අල්ලාහ් නියෝග කරයි. එමෙන්ම නුඹලා ජනයා අතර තීන්දු කරන විට එම තීන්දුවෙහි වරදක් ඇති නොවන පරිදි එක් පැත්තකට පමණක් නැඹුරු නොවී යුක්තිගරුක ව තීන්දු කරන මෙන්ද ඔහු නුඹලාට නියෝග කරයි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් නුඹලාට මෙනෙහි කර, නුඹලාගේ සෑම තත්ත්වයක්ම ඒ වෙත මග පෙන්වූ දෑ යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා පවසන දෑට සවන් දෙන්නාය. එසේම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍۢ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًا ﴿٥٩﴾

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනී, කවර කරුණක් පිළිපදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය පිළිපදිමින් කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටිමින් අල්ලාහ්ට අවනත වන්න. ඔහුගේ දූතයාණන්ටත් අවනත වන්න. පාපී කටයුත්තක් නුඹලාට නියෝග නොකරන තාක්කල් නුඹලාගේ ප්රධානීන්ටත් අවනත වන්න. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලාට යම් කරුණක් පිළිබඳ මතභේද ඇති වූ විටෙක එම කරුණ අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙත වෙත යොමු කරන්න. එසේ එය දේව පුස්තකය හා නබි පිළිවෙත වෙත යොමු කිරීම, මතභේදයේ එල්බගෙන සිටිනවාට වඩා හා තම අදහස් ප්රකාශ කර සිටිනවාට වඩා උතුම්ය. එවිට එහි අවසානය ද නුඹලාට යහපත් වනු ඇත

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ ءَامَنُوا۟ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓا۟ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدْ أُمِرُوٓا۟ أَن يَكْفُرُوا۟ بِهِۦ وَيُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُضِلَّهُمْ ضَلَـٰلًۢا بَعِيدًۭا ﴿٦٠﴾

අහෝ දූතය, සැබැවන්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ හා නුඹට පෙර සිටි නබිවරුන්ට පහළ කරනු ලැබූ දෑ තමන් විශ්වාස කරන බවට බොරුවට තර්ක කරන යුදෙව්වන් අතර සිටින කුහකයින් එකිනෙකාට විරුද්ධ ව කටයුතු කරනු නුඹ නොදුටුවෙහිද? ඔවුන්ගේ ගැටලු සඳහා මිනිසාට අල්ලාහ් නොදුන් පිළිවෙතකින් ඔවුන් තීන්දු ලබන්නට අපේක්ෂා කරති. අල්ලාහ් දුන් දෑ ප්රතික්ෂේප කරන්නැයි නියෝග කරති. ඔවුන් සත්යයෙන් දුරස් කිරීමට ෂෙයිතාන් අපේක්ෂා කරයි. ඒ සමග ඔවුන් යහමග නොලබනු ඇත

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَـٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًۭا ﴿٦١﴾

නුඹලා අතර පවතින තර්කයෙහි නුඹලාට තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් තම පුස්තකයේ පහළ කර ඇති නීතිය වෙත හා දූතයාණන් වෙත පැමිණෙන්නැයි කුහකයින්හට පවසනු ලැබූ විට අහෝ! දූතය, නුඹව ඔවුන් මුළුමනින්ම පිටුපා තීන්දු පැතීම සඳහා නුඹ හැර වෙනත් අය වෙත යනු නුඹ දුටුවෙහිය

فَكَيْفَ إِذَآ أَصَـٰبَتْهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآءُوكَ يَحْلِفُونَ بِٱللَّهِ إِنْ أَرَدْنَآ إِلَّآ إِحْسَـٰنًۭا وَتَوْفِيقًا ﴿٦٢﴾

ඔවුන් සිදු කර ගත් පාපය හේතුවෙන් ඔවුනට අභාග්යයන් ඇති වූ පසු ව අල්ලාහ් මත දිව්රා නිදහසට කරුණු කියමින් ‘ගැටුම්කාරීන් අතර යහපත හා පිළිගැනීම හේතුවෙන් මිස එසේ ඔබ හැර වෙනත් අයගෙන් අප තීන්දු පතන්නට අපේක්ෂා නොකළෙමු’ යැයි පවසා නුඹ වෙත පැමිණි එම කුහකයින්ගේ තත්ත්වය කෙසේ වීද? එම විෂයයෙහි ඔවුහු බොරු පවසන්නෝ වෙති. යහපත පවතිනුයේ අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ ආගමික තීන්දුව අනුව තීන්දු කිරීමෙහිය

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يَعْلَمُ ٱللَّهُ مَا فِى قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِىٓ أَنفُسِهِمْ قَوْلًۢا بَلِيغًۭا ﴿٦٣﴾

ඔවුහු වනාහි ඔවුන්ගේ සිත් තුළ සගවා සිටින කුහකත්වය හා පහත් අරමුණු පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් අහෝ! දූතය, ඔබ ඔවුන් අතහැර දමනු. ඔවුන් නොසලකා හරිනු. අල්ලාහ්ගේ නීතිය පිළිපැදීමෙන් ඇති යහපත දිරිගන්වමින් හා එය අතහැර දැමූ විට ඇති වන භයානක කම පිළිබඳ බියගන්වමින් ඔවුන්හට පැහැදිලි කරනු. ඔවුන් ගේ සිත් තුළට ගැඹුරින් කාවදින සේ ඉතා පැහැදිලි වදනින් ආමන්ත්රණය කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ ٱللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوٓا۟ أَنفُسَهُمْ جَآءُوكَ فَٱسْتَغْفَرُوا۟ ٱللَّهَ وَٱسْتَغْفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُوا۟ ٱللَّهَ تَوَّابًۭا رَّحِيمًۭا ﴿٦٤﴾

අල්ලාහ්ගේ අභිමතය හා ඔහුගේ නිර්ණායකයන්ට අනුව කවර කරුණක් අණ කරනු ලැබුවේද එය පිළිපැදීමට කිසියම් කාලයක් දක්වා මිස කිසිදු දහම් දූතයකු අපි නොඑව්වෙමු. අහෝ දූතය, ඔබේ ජීවිත කාලය තුළ ජනයා වැරදි කරමින් තමන්ටම අපරාධ කොට, පසු ව තමන් කළ වැරැද්ද වටහා ගෙන පසුතැවිලි වී, අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නට ඔබ වෙත පැමිණ, ඔබ ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්නේ නම් එවිට අල්ලාහ් ඔවුනට සමාව පිරිනමන්නෙකු හා ඔවුන් කෙරෙහි කරුණා කරන්නෙකු ලෙස ඔවුන් දැක ගනු ඇත

فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًۭا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًۭا ﴿٦٥﴾

මෙම කුහකයෝ සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. පසු ව අල්ලාහ් ඔහුගේ පැවත්ම මත දිවුරමින් ඔවුන් අතර ඇති වන සෑම ගැටලුවකදීම අල්ලාහ්ගේ දූතයාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් වෙත ද එතුමා මිය යැදුණු පසු එතුමාගේ පිළිවෙත වෙතද යොමු වී තීන්දු පතා අල්ලාහ්ගේ දූතයාණන් දෙන විසදුම පිළිබඳව ඔවුන් තෘප්තිමත් බවට පත් ව ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන කිසිදු අසීරුතාවක් හෝ සැකයක් හෝ ඇති කර නොගෙන ඔවුන්ගේ බාහිරයෙන් මෙන්ම අභ්යන්තරයෙන්ද එය පිළිපදිමින් පූර්ණ ලෙස යටත් වන තෙක් ඔවුන් සැබෑ ලෙස සත්යවාදීන් නොවනු ඇත

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَـٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌۭ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا۟ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًۭا ﴿٦٦﴾

يوعظون به لكان خيرا لهم وأشد تثبيتا

وَإِذًۭا لَّـَٔاتَيْنَـٰهُم مِّن لَّدُنَّآ أَجْرًا عَظِيمًۭا ﴿٦٧﴾

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. ولهدينهم صرطا م ستقيما

وَلَهَدَيْنَـٰهُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ﴿٦٨﴾

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම, එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَـٰٓئِكَ رَفِيقًۭا ﴿٦٩﴾

කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේද ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු ලැබූවන් සමග වෙයි. එනම් ආශිර්වාදයට පත් නබිවරුන් එම දහම් දූතයින් ගෙන ආ දෑ පූර්ණ ලෙස තහවුරු කොට ඒ අයුරින්ම ක්රිය කළ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සිද්දීකීන් හෙවත් සත්යවාදීන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂුහදාවරුන් තම බාහිරය මෙන්ම අභ්යන්තරය හැඩගස්වා ගෙන තම ක්රියාවන් නිවැරදි කර ගත් සාලිහීන්වරුන් (දැහැමියන්) සමග වෙති. ස්වර්ගයේ මෙවන් සමීප මිතුරන්ට වඩා දැහැමි වෙනත් අය නැත

ذَٰلِكَ ٱلْفَضْلُ مِنَ ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمًۭا ﴿٧٠﴾

සඳහන් කරනු ලැබූ මෙම තිළිණ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන භාග්යයන් වේ. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًۭا ﴿٧١﴾

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුනි, සතුරන්ට එරෙහි ව සිදු කරන යුද්ධයෙහි ආත්මාරක්ෂාව පිණිස ආරක්ෂිත ක්රියාමාර්ග හා සාධක සලසා ගන්න. කණ්ඩායමකින් පසු කණ්ඩායමක් වශයෙන් හෝ එක්වර හෝ ඔවුන් වෙත යන්න. මේ සියල්ල සැලසුම් කර ගත යුත්තේ ඔබේ යහපතට හා සතුරන් ආක්රමණය කිරීමට අනුමත වන අයුරිනි

وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَـٰبَتْكُم مُّصِيبَةٌۭ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًۭا ﴿٧٢﴾

අහෝ! මුස්ලිම්වරුනි, සැබැවින්ම තම සතුරන්ට එරෙහි ව යුද වැදීම සඳහා පිටත් ව නොයන, පසුබසින පිරිස් ද ඔබ අතර සිටිති. එවැන්නන්ට අමතරව කුහක පිරිස්ද සිටිති. ඔවුන්ගේ විශ්වාසය දුර්වලය. ඔබට යම් විනාශයක් හෝ පරාජයක් ඇති වූ විට තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ව ‘ඔවුන් සමග යුද්ධයට සහභාගී නොවීමෙන් අල්ලාහ් මා හට ආශිර්වාද කොට ඇත. එසේ සහභාගී වූයේ නම් ඔවුන්ට අත් ඉරණම මා හටද අත් වන්නට ඉඩ තිබුණි’ යැයි පවසති

وَلَئِنْ أَصَـٰبَكُمْ فَضْلٌۭ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌۭ يَـٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًۭا ﴿٧٣﴾

අහෝ! මුස්ලිම්වරුනි, අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් හෝ සතුරන් විසින් දමා ගිය යුද භාණ්ඩයක් ඔබට හිමි වූයේ නම් යුද්ධයට සහභාගී නොවූවන් ඔබ අතර හෝ ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් හෝ මිත්රත්තවයක් නොතිබුණාක් මෙන් මෙසේ පවසති. ‘යුද්ධයේදී මා ඔවුන් සමග සහභාගී වන්නට තිබුණි, එසේ නම් ඔවුන් කවර ජයග්රහණයක් හිමි කර ගත්තේද එය මා ද හිමි කර ගනිමි.’

۞ فَلْيُقَـٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْـَٔاخِرَةِ ۚ وَمَن يُقَـٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا ﴿٧٤﴾

فسوف نؤتيه أجرا عظيما අල්ලාහ්ගේ වචනය උසස් වන පරිදි ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදිය යුතුයි. සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ මෙලොව ජීවිතයේ ආශාවන් වෙනුවට මතු ලොව ජීවිතයේ ආශාවන් මිලට ගනිති. කවරෙකු හෝ අල්ලාහ්ගේ උත්තරීතර වචනය උසස් කරනු පිණිස ඔහුගේ මාර්ගයේ සටන් කොට දිවි පිදූවෙකු සේ මරණයට පත් වන්නේ නම් හෝ ඔහුගේ සතුරන් පරාජයට පත් කොට ජය ගන්නේ නම් හෝ අල්ලාහ් ඔහුට මහත් තිළිණ පිරිනමනු ඇත. එය ස්වර්ගය හා අල්ලාහ්ගේ පිළිගැනීමයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا لَكُمْ لَا تُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَـٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّۭا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا ﴿٧٥﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ගේ වචනය උසස් කිරීම සඳහාත් දෙවියන්ගෙන් ආරක්ෂාව පතමින් “අපගේ පරමාධිපතියාණනි, අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා ඔහුගේ ගැත්තන්හට පහර දීමෙන් එහි ජනයාට හිංසා පීඩා කිරීම නිසාවෙන් අප ව මක්කාවෙන් පිටතට ගෙන යනු මැනව!. අපගේ කටයුතු ආරක්ෂා කරන සොයා බලන භාරකරුවකු ඔබ වෙතින් අපහට පත් කරනු මැනව! හිංසාවෙන් අප මුදවා ගන්නා උදව්කරුවකු පත් කරනු මැනවැයි ප්රාර්ථනා කරන පිරිමින්ගෙන් ගැහැනුන්ගෙන් හා ළමයින්ගෙන් දුබලයන් බේරා ගැනීමටත් ඔබ ව වළක්වන්නේ කුමක්ද?

ٱلَّذِينَ ءَامَنُوا۟ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَـٰتِلُوٓا۟ أَوْلِيَآءَ ٱلشَّيْطَـٰنِ ۖ إِنَّ كَيْدَ ٱلشَّيْطَـٰنِ كَانَ ضَعِيفًا ﴿٧٦﴾

සැබෑ දේව විශ්වාස කළවුන් අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔහුගේ මාර්ගයේ අරගල කරති. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සටන් වදිනුයේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ මාර්ගයෙහිය. ෂෙයිතානුන්ගේ සහායකයින් සමග ඔබ අරගල කරන්න. සැබැවින්ම ඔබ ඔවුන් සමග අරගල කරන්නේ නම් ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඊට හේතුව ෂෙයිතාන්ගේ සැලසුම දුර්වලය. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ භාරකාරත්වය තැබූ අයට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌۭ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةًۭ ۚ وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ ۗ قُلْ مَتَـٰعُ ٱلدُّنْيَا قَلِيلٌۭ وَٱلْـَٔاخِرَةُ خَيْرٌۭ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا ﴿٧٧﴾

ى අහෝ දූතය, තමන්ට ජිහාද් අනිවාර්ය කරන මෙන් විමසා සිටින ඔබේ ඇතැම් සගයින්ගේ කටයුතු පිළිබඳව ඔබ දන්නෙහිද? ‘ඔබ යුද්ධ කිරීමෙන් වැළකෙනු. සලාතය ඉටු කරනු. සකාත් දෙනු’ යැයි ඔවුනට පවසනු ලැබීය. මෙය ජිහාද් අනිවාර්යය වීමට පෙර සිදු වූවකි. ඔවුන් මදීනාවට විතැන් වූ විට ඉස්ලාමයට ආරක්ෂාවක් අවශ්ය විය. යුද්ධය අනිවාර්ය කරන ලදී. ඔවුන් ගෙන් ඇතැමෙකුට එය දුෂ්කර විය. අල්ලාහ්ට බිය වන තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ජනයාට බිය වූහ. පසු ව ඔවුහු මෙසේ ප්රකාශ කර සිටියහ: ‘අහෝ අපගේ පරමාධිපතියාණනි, ඔබ අපහට යුද්ධය අනිවාර්යය කළේ මන්ද? මෙලොව භුක්ති විඳින තෙක් ටික කලක් ප්රමාද කරන්නට තිබුණා නොවේද? අහෝ දූතය, ඔවුනට මෙසේ පවසනු. මෙලොව සැප ඉතා අල්පය. පහත්ය. මතු ලොව ඇති සැප සදාතනික බැවින් දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන්නාට එය වඩාත් ශ්රේෂ්ඨ වන්නේය. එහි ඔබගේ කිසිදු යහපත් ක්රියාවක ප්රතිඵල රටඉඳි ගෙඩියක මතු පිටින් පෙනෙන නාරටියක තරම් වුව ද අඩු කරන්නේ නැත

أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍۢ مُّشَيَّدَةٍۢ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌۭ يَقُولُوا۟ هَـٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَقُولُوا۟ هَـٰذِهِۦ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّۭ مِّنْ عِندِ ٱللَّهِ ۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًۭا ﴿٧٨﴾

ඔබ කොතැනක වෙතත් ඔබේ අවසන් මොහොත පැමිණි විට මරණය ඔබ වෙත ළඟා වනු ඇත. යුද පිටියෙන් දුරස් ව ආරක්ෂිත බලකොටුවක සිටියද එය පැමිණෙන්නේමය. මෙම කුහකයින්හට දරු සම්පතක් හෝ පෝෂණයක් හෝ ලැබුණු විට ඒ ගැන සතුටු වෙමින් ‘මෙය අල්ලාහ් වෙතින් ලැබුණු දෙයකැයි පවසති. දරුවෙකු හෝ පෝෂණය විෂයයෙහි යම් අසීරුතාවක් ඔවුනට අත් වූයේ නම් මෙම නපුර සිදු වූයේ ඔබ හේතුවෙන් යැයි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට දොස් පවසති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සෑම ආකාරයකම සතුට හා පීඩාව අල්ලාහ්ගේ නියමය හා පෙරනිමිත්ත අනුව සිදුවන්නකි. තමන් ගැන මෙසේ පවසන අය ඔබ ඔවුනට පවසන ප්රකාශ වටහා ගන්නට වෑයම් නොකරනුයේ ඇයි? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍۢ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَـٰكَ لِلنَّاسِ رَسُولًۭا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۭا ﴿٧٩﴾

شهيدا ආදම්ගේ පුතනුවනි, යම් සම්පතක් හෝ දරුවෙක් හේතුවෙන් කිසියම් සතුටක් ඔබ ලබන්නේද එය අල්ලාහ් විසින් ලැබූවකි. එය ඔබට ඔහු කළ ආශිර්වාදයකි. නමුත් ඔබේ සම්පත හෝ දරුවා විෂයයෙහි ඔබ අසහනයට පත් වන්නේ ද එය ඔබ කළ පාපයක් හේතුවෙන් ඔබ විසින්ම සොයා ගත් එකකි. අහෝ! නබි වරය, ඔබේ පරමාධිපතිගේ පණිවුඩය සියලුම මිනිසුන්හට දන්වා සිටිනු පිණිස ඔබ ඔවුන් අතරට දහම් දූතයකු ලෙස අපි එවා ඇත්තෙමු. ඔබ කවර කරුණක් දන්වා සිටින්නේ ද එමෙන්ම කවර කරුණක් සාධක වශයෙන් හා සාක්ෂි වශයෙන් පිරිනමනු ලැබ ඇත්තේද ඒ පිළිබඳ ඔබ ව තහවුරු කිරීමට අල්ලාහ්ම ප්රමාණවත් වන්නේය

مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ﴿٨٠﴾

රසූල්වරයාණන් කවර කරුණක් නියෝග කර සිටියේද එය පිළිපදිමින් කවරෙකු ඔහුට අවනත වන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට අවනත විය. අහෝ! දූතය, ඔබට අවනත වීමෙන් කවරෙකු දුරස් වන්නේද ඔහු පිළිබඳ ඔබ දුකට පත්විය යුතු නැත. ඔහුගේ ක්රියාවන් ආරක්ෂා කරන්නටත් ඔහු පිළිබඳ අධීක්ෂණය කරන්නටත් අපි ඔබ එව්වේ නැත. ඔහුගේ ක්රියාවන් සටහන් කරනුයේ ද ඒවා ගණනය කරනුයේ ද අපමය

وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿٨١﴾

ى ‘අපි ඔබේ නියෝගයට අවනත වන්නෙමු. එය පිළිපදින්නෙමු’ යැයි කුහකයෝ පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඔබ වෙතින් හැරී ගිය විට ප්රසිද්ධියේ ඔබ වෙත කළ ප්රකාශයට පටහැණි ව රහසිගත අයුරින් කුමන්ත්රණය කරති. ඔවුන් කුමන්ත්රණය කරන දෑ පිළිබඳ ව අල්ලාහ් දනී. ඔවුන්ගේ එම කුමන්ත්රණයට අල්ලාහ් ප්රතිවිපාක දෙනු ඇත. එහෙයින් ඔබ ඔවුන් දෙස හැරී බැලිය යුතු නැත. ඔවුන් විසින් කිසිදු හානියක් ඔබට කළ නොහැක. ඔබේ කටයුතු අල්ලාහ් වෙත භාර කරන්න. ඒ කෙරෙහි ස්ථාවර ව සිටින්න. ඔබ කවර කරුණක් මත ස්ථාවර ව සිටින්නෙහිද එහි භාරකරුවා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَـٰفًۭا كَثِيرًۭا ﴿٨٢﴾

කිසිදු වෙනසක් හෝ කිසිදු වරදක් හෝ එහි දකින්නට නොමැතියි ඔවුනට තහවුරු වන තෙක් ඔබ කවර කරුණක් ගෙන ආවේද එය සත්ය බව ඔවුන් වටහා ගන්නා තෙක් ඔවුහු අල් කුර්ආනය පිළිබද නොසිතනුයේ ඇයි? ඒ ගැන අධ්යයනය නොකරනුයේ ඇයි? එය අල්ලාහ් නොවන වෙනත් කෙනෙකු වෙතින් වූයේ නම් සැබැවින්ම ඔවුහු එහි නීතිරීති වල අඩුපාඩුකම් මෙන් එහි අර්ථයන්හි බොහෝ වෙනස්කම් ද දකිනු ඇත

وَإِذَا جَآءَهُمْ أَمْرٌۭ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَـٰنَ إِلَّا قَلِيلًۭا ﴿٨٣﴾

මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සතුට පිළිබඳ යම් කරුණක් හෝ ඔවුන් බිය වන, ඔවුන් දුකට පත්වන යම් කරුණක් හෝ මෙම කුහකයින් වෙත පැමිණි විට ඒ පිළිබඳ දෙවරක් නොසිතා ඔවුන් පතුරුවා හරති. එම කරුණ අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ දැක්මක් ඇති, දැනුම ඇති උපදෙස් දෙන උදවිය වෙත යොමු කරන්නේ නම් එය පතුරවීම හෝ සැඟවීම යන කරුණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෑ ඔවුන් දැන ගනු ඇත. අල්ලාහ් ඔබ වෙත ඉස්ලාමය දායාද නොකළේ නම්, අල් කුර්ආනයේ ආශිර්වාදය ඔබට දායාද නොකළේ නම් -අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! මෙම කුහකයින් කවර කරුණකින් පරීක්ෂාවට ලක් වන්නේද, එයම ඔබත් අත්විදිනු ඇත. ඔබ අතුරින් ස්වල්ප بلغ අල්-කුර්ආන් · තෆ්සීර් දෙනෙකු හැර ෂෙයිතාන් උපදවන කුතුහලයන් අනුගමනය කරනු ඇත

فَقَـٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ ٱلْمُؤْمِنِينَ ۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأْسَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَٱللَّهُ أَشَدُّ بَأْسًۭا وَأَشَدُّ تَنكِيلًۭا ﴿٨٤﴾

أشد بأ سا وأشد تنكيلا අහෝ! දූතය, අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරන්න. ඔබ වෙනත් අය ගැන ප්රශ්න නොකරනු ඇත. එමෙන්ම ඒ සඳහා බල කරනු නොලබන්නේය. සැබැවින්ම යුද්ධය සඳහා ඔබ ව ඔබ නිරත කරවනු මිස වෙනත් කිසිවක් ඔබට පවරනු නොලැබේ. යුද්ධයට සහභාගී වන්නට දෙවියන් විශ්වාස කරන්නන්හට ආශාව ඇති කරනු. ඒ සඳහා දිරිගන්වනු. ඔබ කරන යුද්ධය හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බලය අල්ලාහ් මැඩපවත්වන්නට පුළුවණ. අල්ලාහ් වඩාත් බලවත්ය. එමෙන්ම දඬුවම් පමුණුවීමෙහි වඩාත් දරුණුය

مَّن يَشْفَعْ شَفَـٰعَةً حَسَنَةًۭ يَكُن لَّهُۥ نَصِيبٌۭ مِّنْهَا ۖ وَمَن يَشْفَعْ شَفَـٰعَةًۭ سَيِّئَةًۭ يَكُن لَّهُۥ كِفْلٌۭ مِّنْهَا ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ مُّقِيتًۭا ﴿٨٥﴾

شىء م قيتا කවරෙකු තවත් කෙනෙකුට යහපත ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි ප්රතිඵලයෙන් කොටසක් ඔහුටද හිමි වන්නේය. කවරෙකු තවත් කෙනෙකුට අයහපතක් ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි විපාකයෙන් කොටසක් ඔහුටද අත් වන්නේය. මිනිසා කරන සෑම ක්රියාවක් පිළිබඳවම අල්ලාහ් සාක්ෂි දරනු ඇත. ඒ සඳහා ඔහු ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. යහපත ඇති වීමට හේතුවක් වූයේද එමගින් ඔහුට ද කොටසක් හා භාග්යයක් හිමි වන්නේය. කවරෙකු නපුරක් ඇති වීමට හේතු වූයේද සැබැවින් එයින් කොටසක් ඔහුද ලබනු ඇත

وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍۢ فَحَيُّوا۟ بِأَحْسَنَ مِنْهَآ أَوْ رُدُّوهَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ حَسِيبًا ﴿٨٦﴾

ඔබ වෙත කෙනෙකු සලාම් පැවසූ විට පිළිතුරු වශයෙන්, ඔබ වෙත ඔහු කළ සලාමයට වඩා ශ්රේෂ්ඨ අයුරින් ඔබ සලාම් පවසන්න. එසේ නැතහොත් ඒ අයුරින්ම පිළිතුරු දෙන්න. යහපත් අයුරින් පිළිතුරු දීම උතුම්ය. නියත වශයෙන්ම නුඹලා කරන දෑ සැබැවින්ම අල්ලාහ් ආරක්ෂා කර තබා ගන්නාය. සෑම කෙනෙකුම කරන ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ حَدِيثًۭا ﴿٨٧﴾

සැබෑ ලෙසින්ම නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා සැබැවින්ම ඔහු එක්රැස් කරනු ඇත. එය නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිසය. අල්ලාහ්ට වඩා කතාවෙන් වඩාත් සත්යය වූ කිසිවකු නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ فَمَا لَكُمْ فِى ٱلْمُنَـٰفِقِينَ فِئَتَيْنِ وَٱللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوٓا۟ ۚ أَتُرِيدُونَ أَن تَهْدُوا۟ مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا ﴿٨٨﴾

فلن تجد له سبيلا අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට කුමක් වීද? කුහකයින් සමග කටයුතු කිරීමේදී නුඹලා මතභේදාත්මක කණ්ඩායම් දෙකක් බවට පත් ව ඇත. පිරිසක් ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසා ඔවුන් සමග සටන් කළ යුතු යැයි පවසන අතර, තවත් පිරිසක් ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් සමග සටන් කිරීම අතහැර දැමිය යුතු යැයි පවසති. ඔවුන්ගේ විෂයයෙහි නුඹලා වෙන්වීමට අවශ්ය නැත. ඔවුන්ගේ ක්රියාවන් අනුව අල්ලාහ් ඔවුන් දේව ප්රතික්ෂේපය හා නොමග වෙතට යොමු කිරීමෙන් ඔවුනට ප්රතිචාර දක්වනු ඇත. සත්ය වෙත යොමුවන්නට අල්ලාහ් ආශිර්වාද නොකළවුනට ඔබ මග පෙන්වන්නට සිතන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද, ඔහු යහමග වෙත කිසිදු මාර්ගයක් නොලබනු ඇත

وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءًۭ ۖ فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّۭا وَلَا نَصِيرًا ﴿٨٩﴾

නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් ප්රතික්ෂේප කළාක් මෙන්ම නුඹලාද ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපයේ නුඹලා ඔවුන් සමග සමානයන් වීම ගැන කුහකයෝ ප්රිය වෙති. ඔවුන්ගේ විශ්වාසයට සාධකයක් වශයෙන් දේව ප්රතික්ෂේපයේ නිවහනින් ඉස්ලාම් ප්රදේශයට අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන්ගේ සතුරුකම් හේතුවෙන් ඔවුන් ව මිතුරන් බවට පත් කර නොගනු. ඔවුන් එය පිටුපා ඔවුන් සිටින තත්ත්වයේම අඛණ්ඩ ව සිටියේ නම් නුඹලා ඔවුන් ග්රහණය කර ගනු. ඔවුන් කොතැනක දුටුවද ඔවුන් මරා දමනු. නුඹලාගේ කටයුතු මෙයෙහවන භාරකරුවෙක් ඔවුන් අතුරින් පත් කර නොගනු. නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන උදව්කරුෙවෙක් පත් කර නොගනු

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَـٰتِلُوكُمْ أَوْ يُقَـٰتِلُوا۟ قَوْمَهُمْ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَـٰتَلُوكُمْ ۚ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَـٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًۭا ﴿٩٠﴾

سبيلا නුඹලා අතර හා ඔවුන් අතර යුද්ධ නොකරන බවට ස්ථීර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත සේන්දු වූ හෝ තම හදවත් පීඩනයට පත් ව නුඹලා සමග සටන් වැදීමට හෝ ඔවුන් සමග සටන් වැදීමට අපේක්ෂා නොකරන්නන් හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලාට වඩා ඔවුනට අවස්ථාව දී ඔවුන් නුඹලා සමග සටන් වදින්නට තිබුණි. එහෙයින් අල්ලාහ්ගෙන් වූ සුවය නුඹලා ඔහුගෙන් පිළිගනු. ඔවුන් ඝාතනය කිරීමෙන් හෝ සිරගත කිරීමෙන් ඔවුනට බාධා නොකරනු. ඔවුන් නුඹලාගෙන් ඉවත් ව නුඹලා සමග සටන් නොවැද සටන් නොකරන යහපත් මිනිසුන් සේ නුඹලා වෙතින් ආරක්ෂාව පතන්නේ නම්, ඔවුන් ඝාතනය කිරීමට හෝ ඔවුන් සිරභාරයට ගැනීමට හෝ කිසිදු මගක් අල්ලාහ් නුඹලා වෙත තබා නැත

سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَـٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَـٰنًۭا مُّبِينًۭا ﴿٩١﴾

م بينا අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු

وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًۭٔا ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًۭٔا فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ وَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُوا۟ ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّۢ لَّكُمْ وَهُوَ مُؤْمِنٌۭ فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌۭ فَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ﴿٩٢﴾

ه عليما حكيما වැරදීමකින් සිදු වන ඝාතනයකින් මිස දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති අයකු උවමනාවෙන් ඝාතනය කිරීම දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති තවත් අයකුට කිසිදු අවශ්යතාවක් නැත. දෙවියන් විශ්වාස කරන්නෙකු වැරදීමකින් ඝාතනය කළේ නම් ඔහු කළ ක්රියාවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එමෙන්ම ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ පවුලට වන්දි ගෙවීම ඝාතකයාට උරුමකම් කියන සමීපතයින්හට පැවරෙන වගකීමක් වන්නේය. නමුත් ඔවුන් එය නොසලකා හැරියේ නම් එම වගකීම ඔවුන්ගෙන් ඉවත් වනු ඇත. නමුත් ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු ව සිට,, නුඹලාගේ සතුරු පාර්ශවයෙන් කෙනෙකු වී නම් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන වහල් කාන්තාවක් නිදහස් කිරීම අනිවාර්යය වන අතර වන්දි ලබා දීමක් අවශ්ය නොවන්නේය. ඔහු දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නොවී, නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් කර ගෙන සිටින 'දිම්මි' අයකු (ඉස්ලාමීය රාජ්ය තුළ සිටින මුස්ලිම් නොවන්නෙකු) මෙන් වී නම්, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලට වන්දි පිරිනැමීම ඝාතකයාට උරුමකම් කියන පවුලේ උදවියට පැවරෙන්නේය. එමෙන්ම තමන් කළ ක්රියාව වෙනුවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් විශ්වාස කරන වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එසේ වහලියක් නිදහස් කිරීමට නොහැකි නම් හෝ එහි වටිනාකම ගෙවීමට ද නොහැකි නම් තමන් කළ ක්රියාවට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු පිණිස අඛණ්ඩ මාස දෙකක් කිසිදු වෙන්කිරීමකින් තොරව උපවාසයේ නිරත විය යුතුය. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

وَمَن يَقْتُلْ مُؤْمِنًۭا مُّتَعَمِّدًۭا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَـٰلِدًۭا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًۭا ﴿٩٣﴾

කිසිදු යුක්තියකින් තොරව, දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති යම් කිසිවකු උවමනාවෙන් කිසිවෙක් ඝාතනය කර සිටියේ නම් ඒයින් මිදුණද, සමාව අයැද නොසිටිය ද ඔහුට හිමි ප්රතිවිපාකය වනුයේ සදාකල් වෙසෙන නිරයට පිවිසීමය. අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වනු ඇත. ඔහුගේ කරුණාවෙන් පහ කරනු ඇත. මෙම මහත් පාපය සිදු කළ හේතුවෙන් ඔහු ඔහුට දැඩි දඬුවමක් සූදානම් කර ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَـٰمَ لَسْتَ مُؤْمِنًۭا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌۭ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ﴿٩٤﴾

ه ه تعملون خبيرا අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නට යුද පිටියට ගිය විට ඔබ සටන් කරන ප්රතිවාදියා පිළිබඳ තහවුරු කර ගනු. ඔහු සාමය වෙත ඇතුළු වන බවට යම් කිසි සාධකයක් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔහුගෙන් නුඹලාට දැක ගන්නට ලැබූ විට ‘ඔබ දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ' යැයි නොපවසනු. එසේ සාමය වෙත ඇතුළු වූ බව පවසන අයට එරෙහි ව නැගී සිටිය හැක්කේ ඔබේ ජීවිතය, ඔබේ ධනය කෙරෙහි ඔබ බිය වෙතොත් පමණි. නමුත් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගන්නා මෙලොව අල්ප වස්තුව උදෙසා එසේ ඝාතනය කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් වස්තුව ඇති බවත්, එය මේ අල්ප වස්තුවට වඩා ශ්රේෂ්ඨ හා අති උතුම් බවත් දැන ගත යුතුය. ඔබේ ජනයාට බියෙන් ඔබත් දේව විශ්වාසය සඟවා සිටියාක් මෙන් ඔහුද එසේ සඟවා සිටිනවා විය හැක. එහිදී අල්ලාහ් නුඹලාට ඉස්ලාමය පිරිනමා නුඹලාගේ ජීවිත ආරක්ෂා කළේය. එබැවින් ඔබ ඔහු ගැන තහවුරු කර ගනු. සැබැවින්ම නුඹලාගේ කිසිදු ක්රිායාවක් එය සියුම් කරුණක් වූවත් අල්ලාහ් ට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

لَّا يَسْتَوِى ٱلْقَـٰعِدُونَ مِنَ ٱلْمُؤْمِنِينَ غَيْرُ أُو۟لِى ٱلضَّرَرِ وَٱلْمُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ ٱللَّهُ ٱلْمُجَـٰهِدِينَ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ عَلَى ٱلْقَـٰعِدِينَ دَرَجَةًۭ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَفَضَّلَ ٱللَّهُ ٱلْمُجَـٰهِدِينَ عَلَى ٱلْقَـٰعِدِينَ أَجْرًا عَظِيمًۭا ﴿٩٥﴾

ى أجرا عظيما රෝගීන් හා වළක්වනු ලැබූවන් මෙන් නිදහසට කරුණු දැක්විය හැකි උදවිය හැර අල්ලාහ්ගේ මාර්ගයේ සටනට සහභාගී නොවී රැඳී සිටි දේව විශ්වාසීන් හා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් එක සමාන නොවන්නේය. ජිහාද් නොකොට රැඳී සිටියවුන්ට වඩා තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් අල්ලාහ් තරාතිරමින් උසස් කොට ඇත. සෑම මුජාහිද්වරයකුටම හා නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි යුද්ධයට සහභාගී නොවූවන්හට ඔවුනොවුනට නියමිත ප්රතිඵල ඇත. අල්ලාහ් තමන් අබියස වූ අතිමහත් තිළිණ මුජිහිද්වරුන්ට පිරිනැමීම තුළින් සටනට සහභාගී නොවූවනට වඩා ඔවුන් උසස් කර ඇත

دَرَجَـٰتٍۢ مِّنْهُ وَمَغْفِرَةًۭ وَرَحْمَةًۭ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا ﴿٩٦﴾

මෙම තිළිණ ඔවුන්ගේ පව් සමා කරමින් හා ඔවුන් කෙරෙහි ඔහුගේ කරුණාව පුදමින් එකිනෙකට ඉහළින් පිහිටයි. අල්ලාහ් තම ගැත්තන්හට සමාව දෙන්නාය. ඔවුන්් කෙරෙහි කරුණාව දක්වන්නාය

إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ ۖ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ ۚ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةًۭ فَتُهَاجِرُوا۟ فِيهَا ۚ فَأُو۟لَـٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَسَآءَتْ مَصِيرًا ﴿٩٧﴾

ى දේව ප්රොතික්ෂේපයේ නිවහනින් ඉස්ලාමයේ නිවහන වෙත තරණය කිරීම මග හැරිය හේතුවෙන් අපරාධකරුවන් වූ ඔවුන්ගේ ප්රාණ මලක්වරුන් විසින් අත්පත් කර ගන්නා අවස්ථාවේ 'ඉතා පිළිකුල් සහගත ලෙසින් නුඹලා කවර තත්ත්වයක පසුවූයෙහුදැ?' යි ඔවුන්ගෙන් විමසනු ලබති. 'දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් නුඹලා වෙන් වූයේ කවර කරුණකින්දැ?' යි විමසති. ඔවුන් නිදහසට කරුණු දක්වමින් මෙසේ පවසති. 'අපි දුබලයින් වූයෙමු. අපට කිසිදු හව්හරණක් හෝ අපගේ ආත්මාවන්ට අපි අපේක්ෂා කරන තරම් බලයක් නොවීය' යැයි පවසති. එවිට මලක්වරුන් ඔවුන් දෙස පිළිකුලෙන් බලා 'අල්ලාහ්ගේ භූමිය විශාල නොවී ද? නුඹලාගේ දහම හා නුඹලාගේ ජීවිත අවමානයට හා බලහත්කාරයට ලක්වීමෙන් ආරක්ෂා කර ගනු පිණිස නික්ම යන්නට තිබුණි' යැයි පවසති. එසේ හිජ්රත් හෙවත් දේශ තරණය නොකළවුන් වනාහි ඔවුන්ගේ ප්රතිවිපාකය නිරා ගින්නේ රැඳීමය. නැවත හැරී යන නවාතැන ඉතා නපුරුය

إِلَّا ٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ لَا يَسْتَطِيعُونَ حِيلَةًۭ وَلَا يَهْتَدُونَ سَبِيلًۭا ﴿٩٨﴾

අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය

فَأُو۟لَـٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورًۭا ﴿٩٩﴾

අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රුතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය

۞ وَمَن يُهَاجِرْ فِى سَبِيلِ ٱللَّهِ يَجِدْ فِى ٱلْأَرْضِ مُرَٰغَمًۭا كَثِيرًۭا وَسَعَةًۭ ۚ وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدْرِكْهُ ٱلْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُۥ عَلَى ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿١٠٠﴾

ه දෙවියන් ප්රයතික්ෂේප කරනු ලබන ප්රදේශයකින් දෙවියන්ට අවනත වන දේශයකට දේව තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු හිජ්රත් කරන්නේද එහි ඔහු අතහැර ගිය භූමිය මෙන් නොව නව භූමියක් ඔහුට පෙරළා දෙනු ලබනු ඇත. ගෞරවය හා විශාල ප්රමාණයෙන් ආහාර පාන එහි ඔහු ලබනු ඇත. තම නිවසින් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත හිජ්රත් කරන්නෙකු ලෙසින් පිටව ගොස් එම නිශ්චිත ස්ථානයට ළඟා වීමට පෙර ඔහු මරණයට පත් වූයේ නම් සැබැවින් ඔහුගේ කුසල් අල්ලාහ් සහතික කළේය. ඔහු නිශ්චිත ස්ථානයට ළඟා නොවීම හේතුකොටගෙන කිසිදු හානියක් ඔහුට සිදු නොකරනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරික් කවරෙකු පාප ක්ෂමාව අයැද සිටින්නේද ඔහුට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය

وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَـٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا ﴿١٠١﴾

මහපොළොවේ නුඹලා ගමන් කරන විට දේව ප්රිතික්ෂේපකයින්ගෙන් යම් පිළිකුල් සහගත දෙයක් ඔබට අත්වනු ඇතැයි ඔබ බියවන්නෙහු නම් රකආත් හතරකින් යුත් සලාතය රකආත් දෙකක් වශයෙන් කෙටි කර ඉටු කිරීමෙහි වරදක් නැත. සැබැවින්ම ඔබ කෙරෙහි වූ දේව ප්රෙතික්ෂේපකයින්ගේ සතුරුකම් ඉතා පැහැදිලිය. අභයදායී අවස්ථාවක ගමනක නිරතව සිටියදී සලාතය කෙටි කිරීමේ අනුමැතිය පූර්ව සාධක සහිත හදීස් වල පවා තහවුරු කර ඇත

وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌۭ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةًۭ وَٰحِدَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًۭى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا۟ حِذْرَكُمْ ۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ﴿١٠٢﴾

ى අහෝ! දූතය, සතුරා සමග සටන් වදින මොහොතේ ඔබ සේනාව සමඟ සිටියදී ඔවුනට ඔබ සලාතය මෙහෙයවන්නට සිතන්නෙහි නම් සේනාව කණ්ඩායම් දෙකට බෙදා ඉන් එක් කණ්ඩායමක් ඔබ සමග සලාතය ඉටු කිරීමට සලස්වන්න. සලාතයේදී ආයුධ සන්නද්ධ ව ඔවුන් සිටිය යුතුයි. අනෙක් කණ්ඩායම ඔබගේ ආරක්ෂාව සඳහා අවධානයෙන් තබන්න. පළමු කණ්ඩායම ඉමාම් සමග එක රකඅතයක් ඉටු කළේ නම් සෙසු රකඅතය ස්වෙච්චාවෙන් ඉටු කර වහාම සතුරන් දෙසට මුහුණ ලා ඔබ පිටුපසින් අවධානයෙන් සිටිය යුතුයි. පසු ව ආරක්ෂාව සඳහා අවධානයෙන් සිටි සලාතය ඉටු නොකළ අනෙක් කණ්ඩායම පැමිණ ඉමාම් සමග එක් රකඅතයක් ඉටු කළ යුතුයි. ඉමාම් සලාම් පැවසූ විට ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඉතිරි රකඅතය සම්පූර්ණ කළ යුතුයි. ඔවුන් ද සතුරන්ගෙන් ප්රවේසම් විය යුතුයි. ආයුධ සන්නද්ධ ව සිටිය යුතුයි. නුඹලා සලාතය කරමින් සිටියදී නුඹලාගේ උපකරණ හා ආයුධ ගැන නොසැලකිල්ලෙන් පසු වන විට එකවර පහර දීමට දෙවියන් ප්රීතික්ෂේප කරන්නන් සැබැවින්ම ප්රිය කරනු ඇත. වර්ෂාව හේතුවෙන් හෝ අසනීපය හේතුවෙන් හෝ ඔබට යම් අපහසුතාවක් ඇති වූ විට ඔබේ ආයුධ නොඋසුලා බිම තැබීමෙහි වරදක් නැත. නමුත් ඔබ හැකි පමණින් ඔබගේ සතුරාගෙන් ප්රුවේශම් වන්න. සැබැවින්ම අල්ලාහ් ඔහු ව ප්රතික්ෂේප කරන්නන්හට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත

فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَـٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَـٰبًۭا مَّوْقُوتًۭا ﴿١٠٣﴾

දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නනි, ඔබ සලාතය නිමා කළ පසු සිටගෙන හෝ වාඩි වී හෝ පැත්තකට ඇල වී හෝ කවර ඉරියව්වක ඔබ සිටිය ද තස්බීහ් (සුබ්හානල්ලා - අල්ලාහ් පිවිතුරුය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් - සියලු ප්ර්ශංසා අල්ලාහ් සතුය) තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන පාඨ තෙපලමින් අල්ලාහ් ව මෙනෙහි කරන්න. ඔබෙන් බිය පහ වී අභයදායී තත්ත්වයක් ඔබට උදා වූ විට නියෝග කරනු ලැබූ පරිදි සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන් වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක කරුණු පිළිපදිමින් සලාතය පූර්ණ ව ඉටු කරන්න. නියමිත කාලය තුළ සලාතය ඉටු කිරීම දෙවියන් විශ්වාස කරන්නන්හට අනිවාර්යය කොට ඇත. සාධාරණ හේතුවක් සඳහා මිස එය ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. මෙය ගමේ පදිංචි ව සිටියදී ඉටු කරනු ලබන ක්රමයයි. ගමනක යෙදී සිටියදී, ජම්උ හෙවත් සලාත් දෙකක් එකම වේලාවේ ඉටු කිරීම හා කස්ර් හෙවත් රකආත් හතරේ සලාතය දෙක බැගින් කෙටි කර ඉටු කිරීමේ අවකාශය ඔබට ඇත

وَلَا تَهِنُوا۟ فِى ٱبْتِغَآءِ ٱلْقَوْمِ ۖ إِن تَكُونُوا۟ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ﴿١٠٤﴾

විශ්වාස කරන්නනි, ඔබ දුර්වල නොවනු. දෙවියන් ප්රතික්ෂේප කරන ඔබේ සතුරන් සොයා යෑමෙහි මැළිකම් නොදක්වනු. මිය යෑම, තුවාල වීම වැනි ඔබට අත් වූ විපතක් හේතුවෙන් ඔබ වේදනා විඳින්නෙහු නම්, සැබැවින්ම ඔබ වේදනාව විඳිනවා මෙන්ම ඔවුන්ද වේදනා විඳිනු ඇත. ඔබේ ඉවසීමට වඩා ඔවුන්ගේ ඉවසීම මහත් නොවන්නේය. හේතුව, සැබැවින්ම ඔවුන් බලාපොරොත්තු නොවන දෑ ස්ථීරභාවය, උදව්ව හා ප්රතිඵල ඔබ අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් තම ගැත්තන්ගේ තත්ත්වයන් මැනවින් දන්නාය. ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්ර්ඥාවන්තය

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ ۚ وَلَا تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًۭا ﴿١٠٥﴾

දූතය, සැබැවින්ම සත්යය මත පදනම් කරමින් අල්කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය ඔබට අල්ලාහ් ඉගැන්වූ දෑ හා ඔහු ඔබට ලබා දුන් ප්ර්ඥාව තුළින් ජනයා මුහුණ දෙන සෑම කටයුත්තකදීම ඔවුන් අතර පැහැදිලි කරනු පිණිසය. එය ඔබේ කැමත්තට හෝ ඔබේ අදහසට අනුව සිදු නොවන්නකි. තමන්ට හා තම වගකීමට වංචා කරන්නන්හට ඔවුන් සත්යය සෙවීමෙන් වෙනතකට යොමු කරමින් ඔවුන් වළක්වන්නෙකු ලෙස ඔබ නොවනු

وَٱسْتَغْفِرِ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿١٠٦﴾

අල්ලාහ්ගෙන් සමාව හා දයාව අයදිනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතුරින් කවරෙකු පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේද එවන්නන්හට ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا تُجَـٰدِلْ عَنِ ٱلَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًۭا ﴿١٠٧﴾

වංචා කරන, තම වංචාව සඟවමින් ඉහවහා යන කිසිදු පුද්ගලයකු වෙනුවෙන් ඔබ වාද නොකරනු. අධික ලෙස වංචා කරන, පාපාකම් කරන කිසිවෙකු අල්ලාහ් ප්රිය කරන්නේ නැත

يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ ۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا ﴿١٠٨﴾

يعملون محيطا ඔවුන් බියෙන් හා ලැජ්ජාවෙන් බේරෙන්නට තම වැරදි ජනයාගෙන් සඟවති. නමුත් ඔවුනට අල්ලාහ්ගෙන් සැඟ වී සිටිය නොහැක. ඔහු ඔවුන් සමගය. ඔහු ඔවුන් වටකරගෙන සිටියි. අපරාධකරුවාට ආරක්ෂාව සැලසීම, නිරපරාධියා වරදකරුවකු කිරීම වැන ඔහු තෘප්තියට පත් නොවන ප්රකාශ ඔවුන් සඟවමින් සැලැසුම් කරන අවස්ථාවේ ඒ කිසිවක් ඔහුට සැඟ වී ගියේ නැත. රහසිගත ව හෝ ප්රසිද්ධියේ හෝ ඔවුන් සිදු කරන කුමක් වූවත් ඒ සියල්ල ඔහු සර්ව ප්රකාරයෙන් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ جَـٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَـٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًۭا ﴿١٠٩﴾

මෙන්න වැරදි කරන්නන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ අවධානයට යොමු කරන අයලුවනි, නුඹලා ඔවුන් නිර්දෝෂී බව ඔප්පු කර, ඔවුන් දඬුවමින් මුදා ගනු පිණිස මෙලොවෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය වටහා ගත් පසු ඔවුන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනුයේ කවරෙකුද? එදින ඔවුන්ගේ භාරකරු කවරෙකුද? කිසිදු සැකයක් නැත. එදින ඒ සඳහා කිසිවකු හැකියාව නොදරනු ඇත

وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًۭا رَّحِيمًۭا ﴿١١٠﴾

කවරෙකු යම් නපුරක් සිදු කොට එසේ නැතහොත් පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කරගෙන පසු ව තම පාපය පිළිගෙන ඒ සඳහා පසුතැවිලි වෙමින් එයින් මුදවන මෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේද තම පාපයට සමාව දෙන්නෙකු ලෙසත්, ඔහු සමග කාරුණික ව කටයුතු කරන්නෙකු ලෙසත්, ඔහු අල්ලාහ් ව නිරන්තරයෙන් දකිනු ඇත

وَمَن يَكْسِبْ إِثْمًۭا فَإِنَّمَا يَكْسِبُهُۥ عَلَىٰ نَفْسِهِۦ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ﴿١١١﴾

කවරෙකු කුඩා හෝ මහා පාපයක් සිදු කරන්නේ ද ඔහු සතු දඬුවම ඔහු වෙත පමණක් පැවරෙනු ඇත. එය වෙනත් කෙනෙකු වෙත පැවරෙන්නේ නැත. ගැත්තන්ගේ ක්රියාදාමයන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රාඥාවන්තය

وَمَن يَكْسِبْ خَطِيٓـَٔةً أَوْ إِثْمًۭا ثُمَّ يَرْمِ بِهِۦ بَرِيٓـًۭٔا فَقَدِ ٱحْتَمَلَ بُهْتَـٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ﴿١١٢﴾

කවරෙකු වැරදීමකින් යම් පාපයක් සිදු කොට හෝ උවමනාවෙන්ම පාපයක් සිදු කොට පසු ව එම පාපය නිරපරාධි මිනිසෙකු මත පටවන්නේද ඔහුගේ එම ක්රියාව හේතුවෙන් ඔහු දැඩි බොරුවක් හා පැහැදිලි පාපයක් උසුලනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌۭ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍۢ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًۭا ﴿١١٣﴾

ه අහෝ රසූල්වරය! ඔබ ව ආරක්ෂා කිරීමෙන් අල්ලාහ් ඔබ කෙරෙහි ආශිර්වාද නොකළේ නම්, තමන්හටම වංචා කර ගත් අය අතරින් පිරිසක් ඔබ ව සත්‍යයයෙන් නොමග යවන්නට උත්සාහ දරා, පසු ව ඔබ විසින් අයුක්ති සහගත ලෙස තීන්දු පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් තමන්වම මිස මුළා කර ගත්තේ නැත. නොමග යැවීමේ උත්සාාහයේ ප්‍රතිවිපාකය ඔවුන් වෙතම නැවත හැරී එනු ඇත. අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඇති බැවින් ඔබට යම් හිංසාවක් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. අල්ලාහ් ඔබ වෙත අල් කුර්ආනය හා සුන්නාව පහළ කළේය. මීට පෙර කිසිවකු දැන නොසිටි ප්‍රඥාවෙන් හා යහමගින් ඔබට ඔහු ඉගැන්නුවේය. එමෙන්ම නබිත්වය හෙවත් දූත මෙහෙය ඔබට පිරිනමමින් හා ඔබ ව ආරක්ෂා කරමින් අල්ලාහ් ඔබට දායාද කර ඇත්තේ මහත් භාග්‍යයකි

۞ لَّا خَيْرَ فِى كَثِيرٍۢ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَـٰحٍۭ بَيْنَ ٱلنَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا ﴿١١٤﴾

මිනිසුන් රහසිගත ව කතා කරන බොහේ දේවල්හි යහපතක් නැත. එහි ප්රයොජනයද නැත. නමුත් ඔවුන්ගේ ප්රකාශයන්හි දානය පිළිබඳ ව හෝ දහමෙහි පැමිණි ඇති බුද්ධිමය දැහැමි කටයුත්තක් පිළිබඳ ව හෝ නියෝගයක් වී නම් හෝ ගැටුමට පැටලුනු දෙදෙනෙකු අතර සමතයට පත් කිරීමට කෙරෙන ඇරයුමක් වී නම් හෝ එවැන්නක් යහපතකි. කවරෙකු මේවා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් සිදු කරන්නේද ඔහුට අපි අතිමහත් කුසල් පිරිනමමු

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا ﴿١١٥﴾

කවරෙකු රසූල්වරයාට පිටුපාමින් ඔහු කවර දෙයක් ගෙන ආවේද එය පැහැදිලි වූවායින් පසු එයට විරුද්ධ වෙමින් කටයුතු කර දෙවියන් විශ්වාස කරන්නන්ගේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේද ඔහු ද ඔහු වෙනුවෙන් ඔහු තෝරාගත් දෑ ද අපි අතහැර දමන්නෙමු. ඔහු උවමනාවෙන්ම එය පිටුපෑ හේතුවෙන් සත්යය වෙත ආශිර්වාද නොකරන්නෙමු. උතුරන නිරා ගින්නට අපි ඔහු ඇතුළත් කරන්නෙමු. එහි වැසියන් යොමු වන ස්ථානය ඉතා නපුරුය

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَـٰلًۢا بَعِيدًا ﴿١١٦﴾

සැබැවින්ම අල්ලාහ් ආදේශ තැබීමේ වරදට සමාව දෙන්නේම නැත. එසේ ආදේශ කළ තැනැත්තා නිරා ගින්නේ සදාතනික ව වෙසෙනු ඇත. ෂිර්ක් හෙවත් ආදේශ කිරීම හැර සෙසු පාපකම් සඳහා ඔහුගේ කරුණාව හා භාග්යය තුළින් ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ් සමග තවත් අයකු ආදේශ කරන්නේද සැබැවින්ම ඔහු සත්යයයෙන් පෙරළී ගොස් ඇත. එහි අන්තයටම ගොස් ඇත. හේතුව ඔහු මැවුම්කරු හා මැවීම් අතර සමානකමක් දක්වා ඇති බැවිණි

إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَـٰثًۭا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَـٰنًۭا مَّرِيدًۭا ﴿١١٧﴾

මෙම ආදේශ තබන්නන් ලාත්, උස්සා වැනි කාන්තාවන්ගේ නම් තබන ලද ගල් පිළිරූ හැර වෙනත් කිසිවක් නමදින්නේ හෝ ඇරයුම් කරන්නේ හෝ නැත. ඔවුනට කිසිදු සෙතක් සැලසීමට හෝ හානියක් සිදු කිරීමට හෝ ඒ්වාට නොහැක. සැබැවින්ම ඔවුන් නැමදුම් කරනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ ෂෙයිතාන්ටය. එහි කිසිදු යහපතක් නැත. හේතුව ගල් පිළිරූ වෙත නමදින්නට ඔවුනට නියෝග කර ඇත්තේ ඔහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لَّعَنَهُ ٱللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًۭا مَّفْرُوضًۭا ﴿١١٨﴾

එබැවින් අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් බැහැර කළේය. ෂෙයිතාන් තම පරමාධිපතිට දිවුරා “ඔබේ ගැත්තන් අතුරින් සත්යයෙන් පෙරළුණු නියමිත පිරිසක් මා වෙනුවෙන් පත් කර ගනිමි“ යැයි පැවසීය

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَـَٔامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَـٰمِ وَلَـَٔامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَـٰنَ وَلِيًّۭا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًۭا مُّبِينًۭا ﴿١١٩﴾

ඔබේ ඍජු මාර්ගයෙන් මම ඔවුන් ඉවත් කරමි. ඔවුන් නොමග යෑම ඔවුනට අලංකාරවත් කරවන බොරු ප්රතිඥාවන් තුළින් මම ඔවුනට ආශාවන් ඇති කරමි. අල්ලාහ් කවර කරුණක් අනුමත කර ඇත්තේද එය තහනම් කරනු පිණිස සිව්පාවුන්ගේ කන් කපා හැරීමට මම ඔවුනට අණ කරමි. අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ ස්වභාවය වෙනස් කිරීමට මම නියෝග කරමි. කවරෙකු ෂෙයිතාන් ව තම භාරකාරත්වය දරන භාරකරුවකු බවට පත් කරගෙන ඔහුට අවනත වන්නේද, බැහැර කරන ලද ෂෙයිතාන් සමග සම්බන්ධකම් පැවැත් වූ බැවින් ඔහු ඉමහත් ලෙස පාඩු විඳිනු ඇත

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَـٰنُ إِلَّا غُرُورًا ﴿١٢٠﴾

ෂෙයිතාන් බොරු පොරොන්දු ඔවුනට දෙයි. නොමනා ආශාවන් ඔවුනට ඇති කරයි. ඔහු ප්රතිඥා දෙන දෑහි අසත්යයක් මිස සත්යය පදනමක් එහි දැක ගත නොහැක

أُو۟لَـٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًۭا ﴿١٢١﴾

ෂෙයිතාන්ගේ පියවරවල් හා ඔහු යොමු කළ දෑ අනුගමනය කරන ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්නය. එයින් පලා ගොස්ق සරණ පතන්නට ඔවුනට ඉඩ නොලැබෙනු ඇත

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَنُدْخِلُهُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًۭا ﴿١٢٢﴾

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වීම සඳහා දැහැමි ක්රියාවන් ඉටු කළවුන් වනාහි, මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට අපි ඇතුළත් කරන්නෙමු. එහි ඔවුහු සදා රැඳී සිටිති. එය අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවයි. අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. එම ප්රතිඥාවන් ඔහු කඩ කරන්නේ නැත. කරන ප්රකාශ වලින් අල්ලාහ්ට වඩාي සත්යය ප්රකාශ කරන කිසිදු ප්රැකාශයෙක් නැත

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَـٰبِ ۗ مَن يَعْمَلْ سُوٓءًۭا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿١٢٣﴾

මුස්ලිම්වරුනි, ජයග්රහණයේ කරුණ ඔබ ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් නොවේ. එසේත් නැතහොත් ආගම් ලත් ජනයා ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් ද නොවේ. එම කරුණ අත්වනුයේ ක්රියාවන් අනුගමනය කිරීමෙනි. එහෙයින් ඔබ අතුරින් කවරෙකු නපුරු ක්රිවයාවක් කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එහි අල්ලාහ්ගෙන් තොරව ඔහුට සෙත සලසන කිසිදු භාරකරුවකු හෝ පීඩාවෙන් ඔහු ව වළක්වන උදව් කරුවකු හෝ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًۭا ﴿١٢٤﴾

පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා කවරෙකු උත්තරීතර අල්ලාහ් කෙරෙහි සැබෑ ලෙසින් විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නේ ද එවැන්නන් දේව විශ්වාසය හා නැමදුම ඒකාබද්ධ කරන්නෝ වෙති. ඔවුහු ස්වර්ග උයන් වලට පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන් අතරින් රට ඉදි ගෙඩියක මතු පිටින් ඇති කෙන්දක තරම් කුසලක් වුව ද ඒ කිසිවක් අඩු කරනු නොලබයි

وَمَنْ أَحْسَنُ دِينًۭا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًۭا ﴿١٢٥﴾

අල්ලාහ්ට බාහිර මෙන්ම අභ්යතන්තරයෙන්ද යටහත් ව තම අධිෂ්ඨානයන් ඔහු වෙත අවංකවම පිළිගන්වා ඔහු ආගමානගත කළ දෑ පිළිපදිමින් තම ක්රියාවන් විධිමත් කර ගෙන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ දහමේ පදනම වූ ඉබ්රාහීම් තුමාගේ දහම පිළිපැද ආදේශ තැබීමෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් ව ඒක දේවත්වය හා දේව විශ්වාසය වෙත නැඹුරු වූවන් හට වඩා දහමින් වඩාත් අලංකාර වෙනත් කිසිවකු නැත. අල්ලාහ් තම නබිවරයා වන ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් ව සෙසු මැවීම් වලට වඩා පූර්ණ ආදරයෙන් යුතු ව තෝරා ගත්තේය

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍۢ مُّحِيطًۭا ﴿١٢٦﴾

අහස්හි ඇති දෑහිද මහපොළොවේ ඇති දෑහිද සර්ව රාජ්යීය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු මැවූ සෑම දෙයක්ම දැනුමෙන්, හැකියාවෙන් හා සැලසුම් කිරීමෙන් ආවරණය කරමින් සිටී

وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ ۖ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَـٰبِ فِى يَتَـٰمَى ٱلنِّسَآءِ ٱلَّـٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُوا۟ لِلْيَتَـٰمَىٰ بِٱلْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًۭا ﴿١٢٧﴾

ى අහෝ දූතය, කාන්තා කටයුතු පිළිබඳවත්, ඔවුනට අනිවාර්යය වන කරුණු පිළිබඳවත් ඔවුන් කෙරෙහි පැවරෙන වගකීම් පිළිබඳවත් ඔවුහු ඔබෙන් විමසති. කවර කරුණක් ඔබ විමසා සිටින්නෙහුද එය ඔබට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එමෙන්ම ඔබ භාරයේ සිටින කාන්තා, අනාථ දරුවන් විෂයයෙහි අල් කුර්ආනය ඔබ වෙත උගන්වන දෑ ද ඔබට පැහැදිලි කරනු ඇත. ඔවුනට අනිවාර්යය කළ මහර් හෝ උරුමයන් ඔවුනට නොපවරා, ඔවුන් විවාහය කිරීම සඳහා ආශා නොකරන්න. ඔවුන්ගේ සම්පත් භුක්ති විඳීම පිණිස ඔවුන් විවාහ කර නොදීමෙන් වළකින්න. දුර්වල කුඩා දරුවන් පිළිබඳ ඔවුනට අනිවාර්යය වූ ඔවුන්ගේ උරුමය ඔවුනට පිරිනැමීම පිළිබඳව ද ඔහු පැහැදිලි කරයි. ඔවුන්ගේ ධනය පවරා ගනිමින් ඔවුනට අපරාධ නොකළ යුතුයි. මෙලොව මෙන්ම මතු ලොව ඔවුන්ගේ කටයුතු විධිමත් කර ගත හැකි අයුරින් අනාථයින් සම්බන්ධයෙන් යුක්ති ගරුක ව කටයුතු කිරීමේ අනිවාර්යය කටයුතු ද ඔහු නුඹලාට පැහැදිලි කරයි. ඔබ අනත්දරුවන්ට හෝ වෙනත් අයට යම් යහපතක් කර ඇත්නම් ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔබට කුසල් පිරිනමනු ඇත

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًۭا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًۭا ۚ وَٱلصُّلْحُ خَيْرٌۭ ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ ۚ وَإِن تُحْسِنُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ﴿١٢٨﴾

ه තම ස්වාමි පුරුෂයා තමන්ගෙන් ඉවත් වන බවට හෝ ඇය විෂයෙහි ආශාවක් නොමැති බවට කාන්තාවක් බිය වූයේ නම් නඩත්තු වියදම, නවාතැන් ලබා දීම වැනි ඇතැම් අනිවාර්ය වගකීම් වලින් ඉවත් වීමෙන් ඔවුන් දෙදෙනා අතර යම් එකඟතාවක් ඇති කර ගැනීම වරදක් නැත. නමුත් දික්කසාදයට වඩා සමගි ව ජීවත් වීමය ඔවුන් දෙදෙනාහට වඩාත් උතුම් වන්නේ. ආශාවන් හා මසුරුකමෙහි ආත්මාවන් ගිලී පවතී. එහෙයින් ඇය සතු වගකීමකින් ඉවත් වන්නට ඇය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ආශා නොකළ යුතුයි. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම එකිනෙකාට සමාව දීම, උපකාරශීලී ව කටයුතු කිරීම වැනි කරුණු මත තම ආත්මය පුහුණු කරවා මෙම ගුණාංගයෙන් සුවය ලැබීම අත්යවශ්ය කරුණකි. ඔබගේ සියලුම කටයුතු වලදී ඔබ යහපත් අයුරින් කටයුතු කොට, අල්ලාහ්ගේ නියෝගයන් පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔබ සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත

وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿١٢٩﴾

ස්වාමි පුරුෂයිනි, මුළු හදවතින් නැඹුරුවීම යන විෂයයෙහි ඔබ එයට ආශා කළ ද තම බිරියන් සමග පූර්ණ යුක්තියෙන් කටයුතු කිරීමට ඔබට නොහැකිය. එයට ඇතැම් කරුණු බලපාන්නේය. ඇතැම් විට ඔබ හිතන පතන ආකාරයට ඔබ්බෙන් ඇයගේ සිතුවිලි පිහිටිය හැක. නමුත් ප්රිය නොකරන බිරියගෙන් සම්පූර්ණයෙන් ඉවත් ව, ඇය යුතුකම් ඉටු කරන ස්වාමි පුරුෂයකුගේ බිරියක්ද එසේ නැතහොත් බිරියක් නොව, විවාහ අපේක්ෂක කාන්තාවක්ද යන්න තරමට ඇය ව අතහැර නොදැමිය යුතුය. බිරියගේ වගකීම් ඉටු කිරීම තුළින් ඇය අකමැති දෑ මත සාමකාමී ව ඔබව නිරත කරවා ඔබ අතර සාමය ඇති කරන්නට අවස්ථාව උදා වනු ඇත. ඇය සම්බන්ධයෙන් ඔබ අල්ලාහ්ට බියවන්න. සැබැවින්ම අල්ලාහ් නුඹලාට පාප ක්ෂමාව පිරිනමන්නාය.ل එමෙන්ම ඔබලා කෙරෙහි මහා කාරුණිකය

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّۭا مِّن سَعَتِهِۦ ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًۭا ﴿١٣٠﴾

දික්කසාදය මගින් හෝ කුඃල්උ හෙවත් බිරියගේ තීරණය අනුුුව වෙන්වීම මගින් වෙන් වන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම ඔහුගේ මහත් වූ ආශිර්වාදයෙන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් මහත් ආශිර්වාදයෙන් හා කරුණා ගුණයෙන් යුක්තය. ඔහු සැලසුම් කිරීමෙහි හා නිර්ණය කිරීමෙහි මහා ප්රඥාවන්තය

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا ﴿١٣١﴾

ه අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ හි සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක අතර ඇති දෑ හි රාජ්යයද ඔහු සතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදින මෙන්ද, ඔහු තහනම් කළ දැයින් වැළකෙන මෙන්ද ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා වෙතින් ප්රතිඥාවක් ගත් සේම ඔබ වෙතින්ද අපි ප්රතිඥාවක් ගෙන ඇත්තෙමු. මෙම ප්ර්තිඥාව ඔබ ප්රතික්ෂේප කරන්නේ නම් එහි හානිය ඔබටමය. ඔබ ඔහුට අවනත වීමෙන් කිසිදු අවශ්යතාවක් ඔහුට නොමැත. අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑහි සර්ව රාජ්යද ඔහු සතුය. සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් ඔහු තොරය. ඔහුගේ සියලු ගුණාංග හා ක්රියාවන් ප්රශංසා සහගතය

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿١٣٢﴾

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ හි සර්ව රාජ්ය අල්ලාහ්ට පමණක් සතුය. අවනතභාවය ලබන්නට ඔහු පමණක් සුදුස්සාය. ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් සියලු කටයුතු සැලසුම් කිරීමේ වගකීම දරන්නට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය

إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًۭا ﴿١٣٣﴾

අහෝ ජනයිනි, ඔහු අභිමත කළේ නම් නුඹලාව විනාශ කොට නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ගෙන එනු ඇත. ඔවුහු අල්ලාහ්ට අවනත වෙති. ඔහුට විරුද්ධ නොවෙති. ඒ සඳහා අල්ලාහ් බලය ඇත්තාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًۭا ﴿١٣٤﴾

ජනයිනි, කවරෙකු තම ක්රියාවෙන් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේද සැබැවින්ම මෙලොව හා මතුලොව යහපත ඇත්තේ අල්ලාහ් අබියස බව ඔහු දැන ගත යුතුයි. ඒ දෙකෙහි යහපත ඔහුගෙන් පැතිය යුතුයි. අල්ලාහ් ඔබගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔබගේ ක්රියාවන් නිරීක්ෂණය කරන්නාය. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත

۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ بِٱلْقِسْطِ شُهَدَآءَ لِلَّهِ وَلَوْ عَلَىٰٓ أَنفُسِكُمْ أَوِ ٱلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ ۚ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًۭا فَٱللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا۟ ٱلْهَوَىٰٓ أَن تَعْدِلُوا۟ ۚ وَإِن تَلْوُۥٓا۟ أَوْ تُعْرِضُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ﴿١٣٥﴾

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුනි, නුඹලා සෑම අවස්ථාවකම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් නැගී සිටිනු. සෑම කෙනෙකු සමගම සැබෑ සාක්ෂි ඉටු කරන්නන් වනු. එය නුඹලාට හෝ නුඹලාගේ දෙමව්පියන්ට හෝ නුඹලාගේ සමීප ඥාතීන්ට එරෙහි ව පිළිගන්නට වුව ද කිසිවකුගේ දිළිඳුකම හෝ පොහොසත්කම හෝ එම සාක්ෂිය ඉදිරිපත් කිරීමට හෝ අතහැර දැමීමට නුඹලාට බරක් නොවිය යුතුය. නුඹලාට වඩා දිළින්දා හා පොහොසතා පිළිබඳ උරුමය අල්ලාහ් සතුය. ඔවුන් දෙදෙනාගේ යහපත පිළිබඳ ව ඔහු මැනවින් දනී. සත්යයෙන් වෙනතකට යොමුවනු පිණිස නුඹලා සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ආශාවන්ට වහල් වී ඒවා අනුගමනය නොකරනු. නුඹලා සාක්ෂිය එහි නියම ස්වරූපයෙන් තොර ව වෙනත් යමක් ඉදිරිපත් කරමින් එය විකෘති කරන්නෙහු නම් හෝ එය ඉටු කිරීමට ප්රතික්ෂේප කරන්නෙහු නම් සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ සියලු තොරතුරු දන්නා බව නුඹලා මැනවින් වටහා ගත යුතු වේ

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ فَقَدْ ضَلَّ ضَلَـٰلًۢا بَعِيدًا ﴿١٣٦﴾

අහෝ දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ්, ඔහුගේ දූතයාණන්, ඔහුගේ දූතයාණන්ට පහළ කළ කුර්ආනය, එතුමාණන්ට පෙර සිටි දූතවරුන්ට පහළ කළ දිව්යමය ග්රන්ථ පිළිබඳව නුඹලා විශ්වාස කිරීමෙහි ස්ථාවරව සිටිනු. කවරෙකු අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරුන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරන්නේද ඔහු සැබැවින්ම ඍජු මාර්ගයෙන් ඉතා අන්තයට දුරස් ව ගොස් ඇත

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا ﴿١٣٧﴾

විශ්වාස කිරීමෙන් පසු එය අතහැර දමා, පසුව නැවතත් එහි පිවිස, පසුව නැවතත් එය අතහැර දමා, දේව විශ්වාසයෙන් පසු දේව ප්රතික්ෂේයට එසේ නැවත නැවතත් හැරී යමින් දේව ප්රතික්ෂේපයේම රුඳී සිට මියගියවුන් වනාහි ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසි දිනෙක සමාව නොදෙනු ඇත. අල්ලාහ් වෙත යොමු කරවන ඍජු මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත

بَشِّرِ ٱلْمُنَـٰفِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا ﴿١٣٨﴾

අහෝ දූතය, දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා ඇති කුහකයින්හට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස වේදනා සහිත දඬුවමක් ඇති බවට ඔබ ශුභාරංචි දන්වනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِندَهُمُ ٱلْعِزَّةَ فَإِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًۭا ﴿١٣٩﴾

මෙම දඬුවම වනාහි ඔවුන් දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් උදව් කරුවන් හා පිහිට වන්නන් බවට ගත් බැවිනි. ඔවුන්ව භාරකරුවන් බවට පත් කර ගැනීම පුදුමයකි. ඔවුහු උසස්කම් ලබනු පිණිස ඔවුන් අබියස බලය හා ආරක්ෂාව පතන්නෙහු ද? සියලුම ගෞරවය සතු වන්නේ අල්ලාහ්ටමය

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَـٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَـٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ ۚ إِنَّكُمْ إِذًۭا مِّثْلُهُمْ ۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْكَـٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا ﴿١٤٠﴾

අහෝ විශ්වාසී ජනයිනි, ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් නුඹලා වෙත මෙසේ පහළ කර ඇත: නියත වශයෙන්ම නුඹලා යම් සභාවක වාඩි වී, එහි අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන හා ඒවා අපහාසයට ලක් කරන කිසිවකුට නුඹලා සවන් දුන් විට, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප නොකරන, ඒවා අපහාසයට පත් නොකරන දෑ ඔවුන් කතා කරන තෙක් ඔවුන් සමග වාඩි නොවනු. ඔවුන්ගේ සභාවෙන් ඉවත යෑම නුඹලා වෙත අනිවාර්යය වේ. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කොට ඒවා අපහාසයට ලක් කරන තත්තවයේ නුඹලා එයට සවන් දීමෙන් පසු, ඔවුන් සමග නුඹලා වාඩි වී සිටින විට, අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවීමෙහි නුඹලා ද ඔවුනට සමාන වනු ඇත. ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළින් ඔවුහු අල්ලාහ්ට පිටුපෑවාක් මෙන් නුඹලාද ඔවුන් සමග වාඩි වී අල්ලාහ්ට පිටුපාන බැවිනි. ඉස්ලාමය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය (සිතේ) අභ්යන්තරයේ සගවා ගෙන සිටින කුහකයින් දේව ප්රතික්ෂේපකයින් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට එක් රැස් කරනු ඇත

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌۭ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَـٰفِرِينَ نَصِيبٌۭ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَـٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا ﴿١٤١﴾

سبيلا නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත

إِنَّ ٱلْمُنَـٰفِقِينَ يُخَـٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَـٰدِعُهُمْ وَإِذَا قَامُوٓا۟ إِلَى ٱلصَّلَوٰةِ قَامُوا۟ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذْكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًۭا ﴿١٤٢﴾

إ ل اقليلا සැබැවින්ම කුහකයෝ ඉස්ලාමය මතුපිටින් පෙන්වා තම කුහකත්වය සිත් තුළ සගවා ගෙන අල්ලාහ්ට වංචා කරති. සැබැවින්ම අල්ලාහ් ඔවුනට ප්රතිචාර දක්වන්නාය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ කුහකත්වය පිළිබඳ මැනවින් දැන සිටිය දී පවා ඔහු ඔවුනට ජීවිතාරක්ෂාව සපයයි. නමුත් මතුලොවෙහි ඔවුන් සඳහා දැඩි දඬුවම් සූදානම් කර ඇත. ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සලාත් ඉටු කිරීම සඳහා නැගිට සිටින විට පිළිකුලෙන් මැලිවෙමින් නැගිට සිටිති. මිනිසුන් ඔවුන් දෙස බලා ගරු කිරීම ඔවුන් අපේක්ෂා කරති. ඔවුන් අල්ලාහ්ට අවංක නොවෙති. දෙවියන් කෙරෙහි විශ්වාස තබන්නන් ඔවුන් දුටු විට ස්වල්පයක් මිස ඔවුහු අල්ලාහ්ව මෙනෙහි නොකරති

مُّذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا ﴿١٤٣﴾

මෙම කුහකයෝ දෙගිඩියාවෙන් පසුවෙති. එහෙයින් ඔවුන් ප්රකටව හෝ අප්රකටව හෝ දෙවියන් විශ්වාස කරන්නන් සමග හෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නැත. නමුත් ඔවුන්ගේ බාහිරය දෙවියන් විශ්වාස කරන්නන් සමගද ඔවුන්ගේ අභ්යන්තරය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග ද වේ. අහෝ දූතය! කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේද එම නොමග යෑමෙන් ඔහු වෙත යහමග පෙන්වන්නට කිසිදු මාර්ගයක් ඔබ නොදකිනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَن تَجْعَلُوا۟ لِلَّهِ عَلَيْكُمْ سُلْطَـٰنًۭا مُّبِينًا ﴿١٤٤﴾

අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, දේව විශ්වාසී ගැත්තන් හැර තම කටයුතු භාර ව කටයුතු කරන ශුද්ධවන්තයින් ලෙස අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් ඔබ නොගනු. ඔබට දඬුවම් පමුණුවන අයුරින් පැහැදිලි සාධකයක් ඔබට එරෙහිව අල්ලාහ් වෙනුවෙන් ඔබම පත් කර ගන්නට මෙම ක්රියා තුළින් ඔබ අපේක්ෂා කරන්නෙහිද?

إِنَّ ٱلْمُنَـٰفِقِينَ فِى ٱلدَّرْكِ ٱلْأَسْفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا ﴿١٤٥﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම කුහකයින් නිරා ගින්නේ පහළ ම ස්ථානයේ පසුවෙති. දඞුවමෙන් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව්කරුවෙකු ඔබ නොදකිනු ඇත

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَٱعْتَصَمُوا۟ بِٱللَّهِ وَأَخْلَصُوا۟ دِينَهُمْ لِلَّهِ فَأُو۟لَـٰٓئِكَ مَعَ ٱلْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًۭا ﴿١٤٦﴾

නමුත් තම කුහකත්වයෙන් මිදී පසුතැවිලි වී අල්ලාහ් වෙත නැඹුරු වෙමින් තම අභ්යන්තර කටයුතු විධිමත් කර ගනිමින් අල්ලාහ්ගේ ගිවිසුම මැනවින් ග්රහණය කර ගනිමින් කිසිදු කුහකත්වයකින් තොර ව තම ක්රියාවන් අවංක ව අල්ලාහ්ට පුදකරමින් කටයුතු කළ උදවිය හැර. මෙම ගුණාංග වලින් වර්ණනා කළවුන් වනාහි මෙලොව හා මතු ලොව දේව විශ්වාසී ගැත්තන් සමග වෙති. එවන් දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් තිළිණ අල්ලාහ් මතු පිරිනමනු ඇත

مَّا يَفْعَلُ ٱللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَءَامَنتُمْ ۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًۭا ﴿١٤٧﴾

ඔබ අල්ලාහ්ට කෘතඥ වී, ඔහු ව තරයේ විශ්වාස කළේ නම් ඔබ ව දඬුවමට ලක් කිරීමට කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. ඔහු ඉතා දයානුකම්පිතය. මහා කරුණාභරිතය. සැබැවින්ම ඔහු ඔබ දඬුවමට ලක් කරනුයේ ඔබ කරන පාපකම් හේතුවෙනි. ඔබ කරන ක්රියාවන් විධිමත් ව සිදු කොට ඔහුගේ ආශිර්වාද සඳහා ඔබ ඔහුට කෘතඥ වී බාහිර ව මෙන්ම අභ්යන්තරයෙන්ද ඔහු ව තරයේ විශ්වාස කරන්නෙහු නම් ඔහු ඔබට දඬුවම් නොකරන්නේමය. තම ආශිර්වාදයන් පිළිගත් අයට අල්ලාහ් කෘතවේදී වෙයි. ඒ සඳහා ඔහු ඔවුනට තිළිණ පිරිනමයි. ඔහුගේ මැවීම් තුළ ඇති විශ්වාසය ඔහු මැනවින් දන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ لَّا يُحِبُّ ٱللَّهُ ٱلْجَهْرَ بِٱلسُّوٓءِ مِنَ ٱلْقَوْلِ إِلَّا مَن ظُلِمَ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا ﴿١٤٨﴾

නපුරු වදන් ප්රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඒ කෙරෙහි කෝප වෙයි. ඒ පිළිබඳ අවවාද කරයි. නමුත් අපරාධයට ලක් වූ අයකු තම අපරාධකරු පිළිබඳ පැමිණිලි කර සිටීම, ඔහුට එරෙහිව ප්රාර්ථනා කිරීම, ඔහුගේ ප්රකාශට සමාන ව ප්රකාශයක් සිදු කිරීම වැනි නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට ඔහුට අනුමැතිය ඇත. නමුත් එසේ නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට වඩා අපරාධයට ලක් වූ තැනැත්තා ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් උතුම්ය. අල්ලාහ් ඔබගේ ප්රකාශයන්ට මැනවින් සවන් දෙන්නාය. ඔබගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය. එහෙයින් නපුරු ප්රකාශයක්و කිරීමෙන් හා ඒ ගැන සිතීමෙන් ප්රවේශම් විය යුතුය

إِن تُبْدُوا۟ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا۟ عَن سُوٓءٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوًّۭا قَدِيرًا ﴿١٤٩﴾

කවර ප්රකාශයක් හෝ ක්රියාවක් ඔබ හෙළි කළද, එසේ නැතහොත් ඔබ එය සැඟවුවද, එසේත් නැතහොත් ඔබට නපුරුකම් කළ අයට ඔබ සමාව දුන්නද, සැබැවින්ම අල්ලාහ් සමාව දෙන්නා බවත් සර්ව බලධාරියා බවත් දැන ගත යුතුය. එහෙයින් සමාව දීමේ ගුණය ද ඔබේ ගතිගුණ වලට ඇතුළත් විය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය හැකිය

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُوا۟ بَيْنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍۢ وَنَكْفُرُ بِبَعْضٍۢ وَيُرِيدُونَ أَن يَتَّخِذُوا۟ بَيْنَ ذَٰلِكَ سَبِيلًا ﴿١٥٠﴾

ويريدون أن يتخذوابين ذلك سبيلا අල්ලාහ් ව ප්රතික්ෂේප කර, ඔහුගේ දූතවරුන්ද ප්රතික්ෂේප කළවුන් වනාහි, අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර වෙනස්කම් ඇති කිරීමට ඔවුන් අපේක්ෂා කරති. එය "ඇතැම් දූතවරුන් අපි විශ්වාස කළ ද ඔවුන්ගෙන් සමහරෙකු අපි ප්රතික්ෂේප කරන්නෙමු" යැයි පවසා ඔහු ව පමණක් විශ්වාස කොට අන් දූතවරුන් බොරුකාරයින් බවට පත් කිරීමෙනි. තමන් ව මුදවා ගනු ඇතැයි සිතමින් දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය අතර මාර්ගයක් සොයන්නට ඔවුහු මාන බලති. ق

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ حَقًّۭا ۚ وَأَعْتَدْنَا لِلْكَـٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ﴿١٥١﴾

මෙම ගමන් මාර්ගයේ ගමන් කරන්නන් වනාහි, සැබෑ ප්රතික්ෂේපකයෝ ඔවුහුමය. එනම් සැබැවින්ම ධර්ම දූතවරුන් ප්රතික්ෂේප කරන්නා හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ප්රතික්ෂේප කරන්නා හෝ වේවා සැබැවින්ම ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නීච සහගත දඬුවමක් දේව ප්රතික්ෂේපකයින්හට අපි සූදානම් කර ඇත්තෙමු. එය අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීමට ඔවුන් උඩඟු වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمْ يُفَرِّقُوا۟ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ أُو۟لَـٰٓئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿١٥٢﴾

ر حيما තවද ඔවුන් වනාහි අල්ලාහ් ව විශ්වාස කර ඔහු ඒකීයයත්වයට පත් කළෝය. ඔහුගේ සියලු දූතවරුන් විශ්වාස කර දේව ප්රතික්ෂේපකයින් වෙන් කළාක් මෙන් ඔවුන් අතර වෙන් කිරීමක් සිදු නොකළෝය. ඔවුන් සියලු දූතවරුන් විශ්වාස කළෝය. එවැන්නන්ට ඔවුන්ගේ විශ්වාසයේ හා එමගින් ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන්හි ප්රතිඵල වශයෙන් මහත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. තම ගැත්තන් අතුරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත නැඹුරුවන්නන්හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَسْـَٔلُكَ أَهْلُ ٱلْكِتَـٰبِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَـٰبًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ فَقَدْ سَأَلُوا۟ مُوسَىٰٓ أَكْبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓا۟ أَرِنَا ٱللَّهَ جَهْرَةًۭ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَـٰتُ فَعَفَوْنَا عَن ذَٰلِكَ ۚ وَءَاتَيْنَا مُوسَىٰ سُلْطَـٰنًۭا مُّبِينًۭا ﴿١٥٣﴾

موس سلطنا مبينا ى දූතය, ඔබේ සත්යතාවට සලකුණක් වශයෙන් අහසින් පුස්තකයක් එකවර මූසා තුමාට පහළ කළාක් මෙන් තමන් වෙතත් පුස්තකයක් පහළ කර දෙන ලෙස යුදෙව්වෝ ඔබෙන් විමසති. එය ඔබ වැදගත් කොට නොසලකනු. මොවුන් විමසා සිටින දෑට වඩා බරපතළ දෑ එනම් තම දෑස් ඉදිරිපිට දෙවියන් පෙන්වන්නැයි ඔවුන්ගේ මුතුන් මිත්තෝ මූසාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් සිදුකළ වරද හේතුවෙන් ඔවුන් විනාශයට පත් වූහ. පසු ව අල්ලාහ් ඔවුන් යළි අවදි කරවීය. අල්ලාහ්ගේ ඒකීයභාවය හා ඔහුගේ ඒකීයත්වයේ හා පාලනයේ ඒකීයභාවය පෙන්වා දෙන පැහැදිලි සංඥා ඔවුන් වෙත පහළ වූවායින් පසු ව පවා ඔවුහු අල්ලාහ් හැර දමා වසු පැටවා වන්දනාමානයට ගත්හ. පසු ව අපි ඔවුනට සමාව දුනිමු. තම ප්රජාවට පැහැදිලි කරනු වස් අපි මූසාට සාධක පිරිනැමුවෙමු

وَرَفَعْنَا فَوْقَهُمُ ٱلطُّورَ بِمِيثَـٰقِهِمْ وَقُلْنَا لَهُمُ ٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا۟ فِى ٱلسَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًۭا ﴿١٥٤﴾

غليظا ඔවුන් වෙතින් ස්ථීර ගිවිසුම ගැනීම හේතුකොට ගෙන එහි ඇති දෑ ඔවුන් දැන ගනු පිණිස බිය ගැන්වීමක් වශයෙන් ඔවුනට ඉහළින් අපි තූර් නම් කන්ඳ ඔසවා තැබුවෙමු. එසේ ඔසවා තැබූ පසු 'හිස් පහත් කොට නමස්කාර කරමින් බයිතුල් මක්දිස් දොරටුවට පිවිසෙනු' යැයි පැවසුවෙමු. නමුත් ඔවුහු පසුපසලා බඩගාමින් ඒ වෙත ඇතුළු වූහ. තවද ඔබ සෙනසුරාදා දිනයේ මසුන් අල්ලමින් සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සීමාව ඉක්මවා ගොස් දඬයම් කිරීම මිස වෙනත් කිසිවක් ඔවුනට තහනම් නොවීය. ඒ පිළිබඳ දැඩි ස්ථීර ගිවිසුමක් ඔවුන් වෙතින් ගත්තෙමු. නමුත් ඔවුහු ගනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කළෝය

فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ وَكُفْرِهِم بِـَٔايَـٰتِ ٱللَّهِ وَقَتْلِهِمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَلْ طَبَعَ ٱللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا ﴿١٥٥﴾

بكفرهم فلا يؤمنون إلا قليلا ස්ථීර ගිවිසුම ඔවුන් කඩ කිරීම හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන්ද, ඔවුන් නබිවරුන් ඝාතනය කළ වැරැද්ද හේතුවෙන්ද, එමෙන්ම ඔවුහු ''අපගේ හදවත් ආවර්ණයක් තුළ ඇත. එබැවින් ඔබ පවසන දෑ අපට වටහා ගත නොහැක'' යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පැවසූ හේතුවෙන්ද අපි අපගේ කරුණාවෙන් ඔවුන් පහ කළෙමු. කරුණ ඔවුන් පවසන සේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබුවේය. එහෙයින් ඔවුන් තුළට යහපත නොපිවිසෙයි. එහෙයින් ඔවුන් තුළ ස්වල්ප විශ්වාසයක් මිස වෙනත් කිසිවක් නැත. එය ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත. وبكفرهم وقولهم عل مريمبهتنا عظيما

وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَـٰنًا عَظِيمًۭا ﴿١٥٦﴾

ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් හා මර්යම් (අලය්හස් සලාම්) තුමියට දුරචාරය ඈදා අපහාස කොට අභූත චෝදනා හා අවලාද නැගූ හේතුවෙන් අපි ඔවුන් කරුණා දයාවෙන් ඉවත් කළෙමු

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّۢ مِّنْهُ ۚ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًۢا ﴿١٥٧﴾

සැබැවින්ම මර්යම්ගේ පුත් අල්ලාහ්ගේ දූත ඊසා ව අපි මරා දැමුවෙමු'' යැයි අභූත චෝදනා නගමින් අහංකාරයෙන් යුතු ව ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්රකාශය හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. ඔවුන් පවසන පරිදි ඔවුන් ඔහු ව بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඝාතනය කළේ නැත. කුරුසියේ දමා ඇණ ගැසුවේද නැත. ඔවුන් ඝාතනය කළේ ඊසාට සමාන හැඬරුවක් අල්ලාහ් විසින් පිරිනමා තිබූ පුද්ගලයෙකි. කුරුසියේ දමා ඇණ ගැසුවේද ඔහුවය. නමුත් ඝාතනය කරනු ලැබූ පුද්ගලයා ඊසා (අලය්හිස් සලාම්) යැයි ඔවුහු අනුමාන කරති. තමන් ඔහු ව ඝාතනය කළ බවට වාද කරන යුදෙව්වන් හා ඔහුට අවනත වූ කිතුනුවන් යන දෙදෙනාම ඔහු විෂයෙහි සැකයෙහි පසු වෙති. ඒ ගැන දැනුමක් ඔවුනට නැත. ඔවුන් අනුගමනය කරනුයේ අනුමානයයි. අනුමානය කිසිදු සත්යයකට ඵල නොදෙනු ඇත. ඔවුහු ඊසාව ඝාතනය කළේ නැත. කුරුසියේ ඇණ ගසා එල්ලුවේද නැත

بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيْهِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا ﴿١٥٨﴾

නමුත් අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවා ගත්තේය. ඔහුගේ ශරීරය හා ඒ සමඟ බැඳුණු ආත්මය ඉහළට ඔසවා ගත්තේය. අල්ලාහ් ඔහුගේ රාජ්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමෙහිද තීන්දු දීමෙහි ද ආගමානුගත කිරීමෙහිද ඔහු මහා ප්රඥාවන්තය

وَإِن مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِۦ قَبْلَ مَوْتِهِۦ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًۭا ﴿١٥٩﴾

ඊසා (අලය්හිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළ වී මරණයට පත් වීමට පෙර ආගම් ලත් ජනයා අතරින් කිසිවකු එතුමාණන් ව විශ්වාස කරනු මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන්ට හා ඒවා නියමිත පිළිවෙතට අනුකූල වන හා එයට පටහැණි වන දෑට සාක්ෂිකරුවකු වශයෙන් ඊසා (අලය්හිස් සලාම්) තුමා පෙනී සිටිනු ඇත

فَبِظُلْمٍۢ مِّنَ ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَـٰتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًۭا ﴿١٦٠﴾

යුදෙව්වන්ගේ අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත වූ යහපත් ආහාර සමහරක් අපි ඔවුනට තහනම් කළෙමු. නිය සහිත සෑම සත්වයෙක්ම අපි ඔවුනට තහනම් කළෙමු. ගවයින් හා එළුවන් අතරින් උන්ගේ පිට මත උසුලා සිටින දෑ හැර උන් දෙදෙනාගේ මේදය අපි තහනම් කළෙමු. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් හා අනුන් වැළැක් වූ හේතුවෙන් එය ඔවුනට දඬුවමක් වශයෙන් යහපත් දැයින් වළක්වන තරමට විය

وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَـٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَـٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًۭا ﴿١٦١﴾

පොලිය හා බැඳුණු ගනු දෙනු අල්ලාහ් ඔවුනට තහනම් කළ පසු ව ඔවුන් ඒ සමඟ ගනු දෙනු කළ හේතුවෙන්ද, කිසිදු ආගමික න්යායකින් තොරව මිනිසුන්ගේ ධනය පැහැර ගත් හේතුවෙන්ද ඔවුන් අතර වූ දේව ප්රතික්ෂේපකයින්හට වේදනා සහගත දඬුවමක් අපි සූදානම් කළෙමු

لَّـٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ ۚ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ ۚ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ أُو۟لَـٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا ﴿١٦٢﴾

و දූතය, යුදෙව්වන් අතරින් දැනුම ලබා එහි ස්ථීර ව සිටින්නන් ද ඔබට අල්ලාහ් පහළ කළ කුර්ආනය සැබෑවක් බව පවසන, දෙවියන් විශ්වාස කර ඔබට පෙර පහළ වූ තව්රාත් හා ඉන්ජීලය වැනි දේව පුස්තක සැබෑවක් ලෙස පිළිගන්න, සලාතය ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමන, අල්ලාහ් ඒකීය යැයි තහවුරු කොට, ඔහුට කිසිදු හවුල්කරුවකු සම්බන්ධ නොකළ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සැබෑවක් ලෙස පිළිගන්නන් වනාහි මෙවන් ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට අතිමහත් තිළිණ අපි මතු පිරිනමමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ إِنَّآ أَوْحَيْنَآ إِلَيْكَ كَمَآ أَوْحَيْنَآ إِلَىٰ نُوحٍۢ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعْدِهِۦ ۚ وَأَوْحَيْنَآ إِلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَـٰرُونَ وَسُلَيْمَـٰنَ ۚ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا ﴿١٦٣﴾

ى දූතය, ඔබට පෙර පැමිණි නබිවරුන් වෙත අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන් ඔබ වෙතද අපි දේව පණිවිඩ පහළ කළෙමු. ඔබ දූතවරුන් අතරින් අලුත් කෙනෙකු නොවේ. අපි නූහ්ට දේව පණිවිඩ පහළ කළෙමු. ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්හටද දේව පණිවිඩ පහළ කළෙමු. ඉබ්රාහිම්ටද දේව පණිවිඩ පහළ කළෙමු. එතුමාගේ දරුවන් වන ඉස්මාඊල් හා ඉස්හාක්ටද ඉස්හාක්ගේ පුතණුවන් වූ යඃකූබ්ටද අස්බාත් (යඃකූබ්ගේ දරුපරපුරෙන් පැවත එන ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්රවලට අයත් නබිවරුන් දොළොස් දෙනා)හටත් අපි දේව පණිවිඩ පහළ කළෙමු. තවද ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් යන නබිවරුන්ටද අපි දේව පණිවිඩ පහළ කළෙමු. එමෙන්ම දාවූද්ට පුස්තකයක් පිරිනැමුවෙමු. එය සබූර් විය

وَرُسُلًۭا قَدْ قَصَصْنَـٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًۭا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكْلِيمًۭا ﴿١٦٤﴾

අප එවූ දූතවරුන් පිළිබඳ අල් කුර්ආනයේ අපි ඔබට පවසා ඇත්තෙමු. අප විසින් එවන ලද, එහි ඔබට නොපැවසූ දූතවරුන් ද වෙති. යම් අරමුණක් හේතුවෙන් එහි ඔවුන් ගැන මෙනෙහි කිරීම අපි අතහැර දැමුවෙමු. දූත මෙහෙය සම්බන්ධයෙන් අල්ලාහ් මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කිසිදු මාධ්යයකින් තොරව ඍජුව කතා කළේය. එය උත්තරීතරයාණන්ට ගැළපෙන පරිදි යථාර්ථවාදී කතාවක් මෙන්ම මූසාට කරන ගෞරවයක් විය

رُّسُلًۭا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا ﴿١٦٥﴾

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ගෞරවනීය ප්රතිඵල ඇති බව ශුභාරංචි දන්වන්නන් ලෙසින් ද, ඔහු ප්රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවම ඇති බව බිය ගන්වන්නන් ලෙසින් ද අපි ඔවුන් එවා ඇත්තෙමු. එය එම දූතවරුන් එවීමෙන් පසු අල්ලාහ් වෙතත් නිදහසට කරුණු කියමින් මිනිසුන් මිදීමට සාධකයක් නොවනු පිණිසය. අල්ලාහ් තම රාජ්යයේ සර්ව බලධාරීය. ඔහුගේ තීන්දුවෙහි ඔහු මහා ප්රඥාවන්තය

لَّـٰكِنِ ٱللَّهُ يَشْهَدُ بِمَآ أَنزَلَ إِلَيْكَ ۖ أَنزَلَهُۥ بِعِلْمِهِۦ ۖ وَٱلْمَلَـٰٓئِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ﴿١٦٦﴾

දූතය, යුදෙව්වන් ඔබ ව ප්රතික්ෂේප කළද සැබැවින්ම අල්ලාහ් ඔබ වෙත පහළ කළ කුර්ආනයේ සත්යතාවෙන් ඔහු ඔබව තහවුරු කරනු ඇත. තමන් ප්රිය කරන, පිළිගන්නා දෑ කෙරෙහි ද තමන් පිළිකුල් කරන පිටුදකින දෑ කෙරෙහිද ගැත්තන් තම අවධානය යොමු කිරීමට අපේක්ෂිත දැනුම එහි පහළ වී ඇත. අල්ලාහ්ගේ සාක්ෂිය සමගම ඔබ කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරමින් මලක්වරුන්ද සාක්ෂි දරති. සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. වෙනත් අයගේ සාක්ෂියට වඩා ඔහුගේ සාක්ෂිය පූර්ණය

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ قَدْ ضَلُّوا۟ ضَلَـٰلًۢا بَعِيدًا ﴿١٦٧﴾

ඔබේ නබිත්වය එනම් දූතත්වය ප්රතික්ෂේප කොට, ජනයා ඉස්ලාමයෙන් වැළැක්වූ අය වනාහි අන්ත ලෙස ඔවුහු සත්යයෙන් ඈතට දුරස් ව ගොස් ඇත

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَظَلَمُوا۟ لَمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا ﴿١٦٨﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, දේව ප්රතික්ෂේපයේ රැඳී සිටිමින් තමන්ටම අපරාධ කර ගත් අය වනාහි දේව ප්රතික්ෂේපයේ ඔවුන් ගැවසී සිටින තාක්කල් අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මිදිය හැකි මාර්ගයක් වෙත ඔවුනට ඔහු මග පෙන්වන්නේද නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِلَّا طَرِيقَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ﴿١٦٩﴾

නමුත් ඔවුන් නිරාගින්නට පිවිසීම සඳහා වූ මාර්ගය මිස වෙනෙකක් නැත. ඔවුන් එහි සදා රැඳී සිටිති. එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. කිසිවක් ඔහු ව අබිබවා යන්නේ නැත

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلْحَقِّ مِن رَّبِّكُمْ فَـَٔامِنُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ﴿١٧٠﴾

ජනියිනි, අල්ලාහ්ගෙන් වූ යහමග හා සත්ය දහම සමග දහම් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔබ වෙත පැමිණ ඇත. එහෙයින් ඔහු ඔබ වෙත ගෙන ආ දෑ විශ්වාස කරනු. එය මෙලොවට හා මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. ඔබ අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ නම් ඔබේ විශ්වාසය පිළිබඳ අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. ඔබේ ප්රතික්ෂේපය ඔහුට හානියක් ගෙන දෙන්නේද නැත. අහස්හි ඇති දෑහි ද, මහපොළොවෙහි ඇති දෑහි ද, ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්ය ඔහු සතුය. යහමග ලබන්නට සුදුස්සා කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ අනුව ඔහුට ඒ වෙත වූ මග පහසු කරනු ඇත. එමෙන්ම එයට සුදුසු නොමැත්තා කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නේය. ඔහු එය ඔහුගෙන් සඟවා ඇත. ඔහුගේ ක්රියා, ඔහුගේ ප්රකාශ, ඔහුගේ ආගමික සම්පාදන, හා ඔහුගේ නියමය යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය

يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَـٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَـٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ﴿١٧١﴾

දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනය නොකරන්න. ඊසා (අලය්හිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්යය හැර වෙනත් කිසිවක් ගොතා නොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසායා අල්ලාහ්ගේ දූතයෙකි. සත්යයෙන් යුතු ව ඔහු එව්වේය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ ඔහුගේ වදනින් ඔහු මැව්වේය. "කුන්" යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේ නියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදු බෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්වය ත්රිත්වය යැයි නොපවසනු. මෙම ව්යාජ, නරක ප්රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද මහපොළොවෙහි පාලනයද ඒ දෙකහි ඇති පාලනයද ඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත් අල්ලාහ් ප්රමාණවත්ය

لَّن يَسْتَنكِفَ ٱلْمَسِيحُ أَن يَكُونَ عَبْدًۭا لِّلَّهِ وَلَا ٱلْمَلَـٰٓئِكَةُ ٱلْمُقَرَّبُونَ ۚ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِۦ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًۭا ﴿١٧٢﴾

فسيحشرهم إليه جميعا මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් හෝ ඔහුට වඩාත් සමීප, ඔවුන්ගේ තරාතිරම් උසස් කරනු ලැබූ මලක්වරුන් අල්ලාහ්ට ගැත්තන් වීමෙන් හෝ කිසිවිටෙක වැළකී නොසිටිති. එසේ කිරීම අතහැර නොදමති. එසේ නම් ඔබ ඊසා තුමා ව දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? මුෂ්රිකූන් හෙවත් දෙවියන්ට ආදේශ තබන්නන් මලක්වරු දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? කවරෙකු අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් වැළකී, ඉන් ඉවත් වන්නේද සැබැවින් අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියල්ලන් එක්රැස් කොට ඔවුනොවුනුට ගැළපෙන අයුරින් ප්රතිඵල පිරිනමන බව දැන ගත යුතුයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۖ وَأَمَّا ٱلَّذِينَ ٱسْتَنكَفُوا۟ وَٱسْتَكْبَرُوا۟ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًۭا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ﴿١٧٣﴾

අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් සත්ය බව තහවුරු කොට, අවංක ලෙසින් හා ආගමානුගත කළ කරුණු වලට අනුකූල ව, ඒ පිළිබඳ දැනුවත් ව අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් ඉටු කරන්නන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු අඩු කිරීමකින් තොර ව පූර්ණ කුසල් ඔහු ඔවුනට පිරිනමනු ඇත. ඔහුගේ ආශිර්වාදය හා භාග්ය තුළින් ඊටත් වඩා අධික ව පිරිනමනු ඇත. නමුත් අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් හා අවනතවීමෙන් ඉවත් ව, උඩඟුවෙන් තමන් උසස් යැයි සැලකූ අය වනාහි, වේදනා සහගත දඬුවමින් ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. ඔවුනට යහපත සැලසීමටත් ඔවුනට උපකාර කොට ඔවුනට අත්වන හිංසාවෙන් ඔවුන් මුදවන්නටත් අල්ලාහ් හැර වෙනත් කිසිදු භාරකරුවකු ඔවුන් නොදකිනු ඇත

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَـٰنٌۭ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًۭا مُّبِينًۭا ﴿١٧٤﴾

අහෝ ජනයිනි! නිදහසට කරුණු කිව නොහැකි පරිදි සැකය දුරු කරන පැහැදිලි සාධකයක් ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පැමිණ ඇත. ඔහු ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. එමෙන්ම අපි ඔබ වෙත පැහැදිලි ආලෝකයක් පහළ කළෙමු. එය මෙම අල් කුර්ආනයයි

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱعْتَصَمُوا۟ بِهِۦ فَسَيُدْخِلُهُمْ فِى رَحْمَةٍۢ مِّنْهُ وَفَضْلٍۢ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ﴿١٧٥﴾

අල්ලාහ් ව විශ්වාස කොට තම නබිවරයාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුනට කුසල් අධික ව පිරිනමනු ඇත. තරාතිරම් උසස් කරනු ඇත. කිසිදු ඇදයක් නොමැති ඍජු මාවත මත ගමන් කිරීමට ආශිර්වාද කරනු ඇත. එය සදා ස්වර්ග උයන් වෙත සේන්දු කරවන උතුම් මාර්ගයයි

يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَـٰلَةِ ۚ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌۭ وَلَهُۥٓ أُخْتٌۭ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌۭ ۚ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِن كَانُوٓا۟ إِخْوَةًۭ رِّجَالًۭا وَنِسَآءًۭ فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿١٧٦﴾

إ ه ه දූතය, කලාලා සම්බන්ධයෙන් ආගමික තීන්දු දෙන මෙන් ජනයා ඔබෙන් ඉල්ලති. එනම් තම උරුමය රකින්නට පියකු හෝ දරුවකු හෝ නොමැති ව මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙනි. එහි නීතිය ගැන අල්ලාහ් පැහැදිලි කරනු ඇතැයි ඔබ ඔවුනට පවසනු. තමන්ට පියකු හෝ දරුවකු නොමැති ව පුද්ගලයකු මිය ගියේ නම් ඔහුට එක්කුස උපන් සහෝදරියෙක් හෝ තම පියාගේ මාර්ගයෙන් වූ සහෝදරියෙක් සිටි නම්, ඔහු හැර දමා ගිය ධනයෙන් අඩක් අනිවාර්යයයෙන්ම ඇයට හිමි විය යුතුය. එක්කුස උපන් සහෝදරයකු හෝ තම පියා මගින් දාව සහෝදරයකු වී නම් අනිවාර්ය ලෙස උරුමය ලැබිය යුතු කිසිවකු නොමැති නම් පසු උරුමය වශයෙන් ඔහු හැර දමා ගිය දෑ ට ඔහු උරුමකම් පානු ඇත. නමුත් අනිවාර්යයෙන්ම උරුමය ලැබිය යුතු අයකු වී නම් ඔහු එසේ උරුමකම් කියනුයේ ඉතිරි ව ඇති දෑ ට පමණය. එක්කුස උපන් සහෝදරියන් බොහෝ දෙනෙකු වී හෝ තම පියාට දාව සහෝදරියන් දෙදෙනෙකු හෝ ඊටත් වඩා වැඩියෙන් වී නම් ඔවුන් දෙදෙනා උරුමකම් කියනු ඇත එසේත් නැතහොත් අනිවාර්ය ලෙස තුනෙන් දෙකකට උරුමකම් කියනු ඇත. එක්කුස උපන් සහෝදරයන් වී නම් හෝ තම පියාණන් දාව සහෝදර සහෝදරියන් වී නම් අසබ් පිළිවෙලින් (එනම් පිරිමියාගේ පංගුව කාන්තා දෙදෙනෙකුට හිමි පංගු දෙකක් හා සමානය යන න්යායයට අනුව) ඔවුන් උරුමකම් පානු ඇත. අල්ලාහ් ඔබට කලාලා නීතියත් උරුමය හා බැඳුණු වෙනත් නීතීන්ද ඔබ ඒ පිළිබඳ නොමග නොයනු පිණිස ඔබට ඔහු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · An-Nisaa — النساء

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා