الٓمٓ ﴿١﴾
(අලිෆ්, ලාම්, මීම්) හුරූෆුල් මුකත්තආ නම් මෙම අක්ෂර මාලාවන් පිළිබඳ විමසුමක් සූරා බකරාවෙහි ඉදිරිපත් කෙරිණි. සූරාව ආරම්භ කරනු ලබන හෝ තම ප්රකාශයට සම්බන්ධ කර පවසන මෙවැනි අක්ෂර මාලාවක් සම්පාදනය කොට අල් කුර්ආනයේ ඇති මෙවැනි සූරාවක් ගෙන එන්නට අරාබිවරුන් හට හැකියාවක් නැතැයි යන්න මෙහි නිරූපණය වෙයි
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ﴿٢﴾
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහු පූර්ණ ජීවයක් ඇති සදා ජීවමානය. එහි කිසිදු මරණයක් හෝ කිසිදු අඩුවක් හෝ නැත. තමන් විසින්ම ක්රියා කරන සදා පැවැත්මක් ඇත්තාය. ඔහුට කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. ඒ සියලු මැවීම් පිහිටනුයේ ඔහු තුළින් පමණි. සියලුම අවස්ථාවන්හි ඒ කිසිවකට ඔහුගේ අවශ්යතාවන්ගෙන් තොර ව සිටිය නොහැක
نَزَّلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿٣﴾
مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ﴿٤﴾
අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය
إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ﴿٥﴾
ى අහස්හි හෝ මහපොළොවෙහි කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියල්ලෙහි මතුපිට මෙන්ම අභ්යන්තරය ඔහුගේ දැනුමෙන් ආවරණය වී ඇත
هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٦﴾
නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු අභිමත කරන පරිදි පිරිමියෙකු හෝ කාන්තවක ලෙසින් ද ලස්සන හෝ අවලස්සන ලෙසින්ද සුදු හෝ කළු ලෙසින්ද නුඹලා ව හැඩ ගස්වා මැව්වේ ඔහුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු කිසිවකු විසින් අබිබවා යනු නොලබන සර්ව බලධාරියාය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නීති සම්පාදනය යනාදියේ ඔහු වඩාත් සියුම්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ مِنْهُ ءَايَـٰتٌۭ مُّحْكَمَـٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَـٰبِ وَأُخَرُ مُتَشَـٰبِهَـٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٧﴾
අහෝ! නබිවරය, නුඹ වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එහි සාධක සහිත පැහැදිලි වදන් ඇත. ඒවායෙහි සැකයට ඉඩක් නැත. ඒවා දේව පුස්තකයේ මූලයයි. එහි ඇති බහුතරයක් වැකි එවැනි වැකිය. මතභේද ඇති වන අවස්ථාවන්හි ඒවා නිවැරදි දෑ වෙතටම යොමු කරනු ඇත. එමෙන්ම විවිධ බහු අර්ථ ඇති තවත් වැකිද ඇත. එහි අර්ථ පිළිබඳ බොහෝ ජනයා අතර විවිධ අදහස් පවතී. තම හදවත් වල සත්යයෙන් නැඹුරුවීමක් ඇති උදවිය වනාහි එම මුහ්කමාත් හෙවත් පැහැදිලි තීන්දු සහිත වදන් අතහැර දමා මුතෂාබිහාත් හෙවත් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා ඇති වදන් ගනිති. එමගින් මිනිසා අතර සැකය ඇති කිරීමටත් ඔවුන් නොමග යැවීමටත් අපේක්ෂා කරති. කලහකාරීන්ගේ සංකල්ප වලට අනුකූල ව තමන්ගේ කැමැත්ත පරිදි ඒවා හරවා ගන්නට අපේක්ෂා කරති. එවන් වදන්හි සැබෑ අර්ථය හා ඒවා පෙන්වා දෙන අවසන් තීන්දු පිළිබඳ යථාර්ථය අල්ලාහ් හා ඔහු විසින් ප්රඥාව පිරිනැමූ ගැඹුරු ඥානය ඇති උදවිය හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුහු 'අල් කුර්ආනය අපගේ පරමාධිපති වෙතින් වූවක් බැවින් අපි එය මුළුමණින්ම විශ්වාස කළෙමු.' යැයි පවසති. ඔහු කවර කරුණක් ඔවුන් වෙත තීන්දු වශයෙන් පිරිනැමුවේද එවන් දෑ අනුව මුතෂාබිහ් වදන් විස්තර කරති. මනා බුද්ධිය ඇත්තවුන් මිස වෙනත් කිසිවකු එය මෙනෙහි කර උපදෙස් නොලබති
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿٨﴾
එම ගැඹුරු ඥානය ඇත්තවුන්: ‘අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට යහමග පිරිනැමුවායින් පසුව එම සත්යයෙන් අපගේ හදවත් වෙනතකට යොමු නොකරනු මැනව! එසේ සත්යයෙන් නැඹුරු වී එය විකෘති කරන්නන් සිදුකරන දැයින් අප නිවැරදි කරනු මැනව! අපගේ හදවත් මග ලබන අයුරින් අපහට ඔබේ අතිමහත් ආශිර්වාදය පිරිනමනු මැනව! එයින් ඇතිවන මුළාවෙන් අප ආරක්ෂා කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ අධික ලෙස පිරිනමන දානපතියාය
رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ ﴿٩﴾
අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම සැකයට ඉඩක් නැති විනිශ්චය දිනයේ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම සඳහා ඔබ මිනිසුන් සියල්ල එක්රැස් කරන්නෙහිය. එම දිනය පැමිණේනේමය. ඒ ගැන කිසිදු සැකයක් නැත. අහෝ! පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඔබ ප්රතිඥා කඩ නොකරන්නාය
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ ﴿١٠﴾
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා නොකරනු ඇත. මෙවන් ගති ලක්ෂණ වලින් වර්ණනා කරනු ලැබූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවුලනු ලබන ගින්නේ ඉන්ධන වෙති
كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ﴿١١﴾
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්ගේ විෂය ෆිර්අවුන් පැළැන්තියගේ හා ඔවුනට පෙර අල්ලාහ් ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළ අයගේ විෂයයට සමානය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේය. ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට ඵලක් නොවීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කළවුනට ඔහු දැඩි ලෙස දඬුවම් කරන්නාය
قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿١٢﴾
අහෝ! දූතයනි, ඔවුන්ගේ දහම් පිළිබඳ ව ඔවුන් මතභේද ඇති කර ගනිමින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනට නුඹ මෙසේ පවසනු. ‘දෙවියන් විශ්වාස කරන්නන් නුඹලා අබිබවා යනු ඇත. නුඹලා දේව ප්රතික්ෂේපයේම මරණයට පත් වනු ඇත. අල්ලාහ් නුඹලා නිරා ගින්න වෙතට එක්රැස් කරනු ඇත. නුඹලාට එම යහන වඩාත් නපුරුදායක වනු ඇත.’
قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَـٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ ﴿١٣﴾
බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි
زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَـٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَـٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ ﴿١٤﴾
සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි
۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿١٥﴾
ه අහෝ! දූතයනි, මෙම ආශාවන්ට වඩා යහපත් දෑ කුමක් ද යන්න නුඹ ඔවුනට පවසා සිටිනු. අල්ලාහ්ට අවනතභාවය දක්වන ක්රියාවල නිරත වී පාපය රැස් කරන දෑ අතහැර දමා අල්ලාහ්ට බිය බැතිමත්කමින් යුතු ව කටයුතු කරන්නන්හට ස්වර්ග මාලිගාවන් හා ගස් වලට පහළින් ගලා යන ස්වර්ග උයන් ඇත. කිසිදු මරණයක් හෝ විනාශයක් හෝ ඔවුනට ඇති නොවී එහි ඔවුන් සදාකල් වෙසෙනු ඇත. හැඩ අලංකාරයෙන් හා ගතිගුණ වලින් යුත්, සියලුම නපුරුකම්වලින් පිරිසිදු වූ කළත්රයන් ඔවුනට එහි ඇත. ඒ සමගම ඔවුන් වෙත පහළ වන අල්ලාහ්ගේ තෘප්තියද ඇත. ඔහු කිසිවිටෙක ඔවුන් කෙරෙහි කෝප නොවන්නේය. තම ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒවායින් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿١٦﴾
ස්වර්ගවාසීහූ වනාහි තම පරමාධිපති දෙස බලා ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි මෙසේ පවසා සිටිති. “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කළෙමු. ඔබ ඔබේ දහම් දූතවරුන්හට පහළ කළ දෑ ද විශ්වාස කළෙමු. ඔබේ පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අප විසින් සිදු වන පාපයන් වලට අපට සමාව දෙනු මැනව! නිරයේ දඬුවමින් අප මුදවලනු මැනව!”
ٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰدِقِينَ وَٱلْقَـٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ ﴿١٧﴾
අල්ලාහ්ට අවනත වන කටයුතු වලදී හා පාපකම් අතහැර දමන කටයුතු වලදී ඔවුහු ඉවසීමෙන් ඒවා දරා ගෙන කටයුතු කරති. ඔවුනට අත්වන පරීක්ෂණ සඳහා ඔවුන් ඉවසීමෙන් මුහුණ දෙති. ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් සත්යවාදීන් ලෙස ක්රිය කරති. පූර්ණ ලෙස අල්ලාහ්ට අවනත වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනය වියදම් කරති. පතන ප්රාර්ථනාවන්ට පිළිතුරු ලබන්නට රාත්රිය අවසාන කාලය වඩාත් යෝග්ය වන බැවින් හා එහි හදවත් කාර්යබහුලත්වයෙන් සන්සුන් ව ඇති බැවින් එම වේලාවෙහි ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති
شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا هُوَ وَٱلْمَلَـٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١٨﴾
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට තමන් හැර වෙනත් කිසිවකු නොමැති බව අල්ලාහ් ම සාක්ෂි දරයි. එය ඔහුගේ දේවත්වය විදහාපාන භෞතික හා ආධ්යාත්මික සාධකය නගා සිටුවමිනි. ඒ කෙරෙහි මලක්වරු ද සාක්ෂි දරති. විද්වතුන්ද ඒවා විස්තර කරමින් ඔහුගේ ඒකීයත්වය තහවරු කරමින් මිනිසා ඒ වෙත කැඳවමින් සාක්ෂි දරති. ඔහු ගැන සාක්ෂි දරනු ලබන අතිමහත් කරුණ වනුයේ අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් හා ඔහුගේ පිළිවෙත සම්බන්ධයෙන් ඔහු සාධාරණ ලෙසින් නැගී සිටින බවට වූ විශ්වාසයයි. සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු අබිබවා යන කිසිවකු නැත. ඔහුගේ මැවීම් පිළිබඳවත් ඔහුගේ සැලසුම් හා ආගමානුගත කිරීම් පිළිබඳවත් ඔහු සියුම් ඥානීය
إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَـٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَـٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿١٩﴾
ه අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දහම ඉස්ලාම් නොහොත් අවනතභාවයේ දහමයි. එනම් ඔහුට පමණක් අවනත වී ඔහුට නැමදුම් පුද කොට යටහත් වී ඔහුගේ දූත මෙහෙවර සඳහා එවනු ලැබූ අවසාන දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඇතුළු ව සියලු නබිවරුන් විශ්වාස කිරීමය. ඔහුගේ පිළිවෙත මිස වෙනත් කිසිදු පිළිවෙතක් පිළිගනු නොලැබේ. යුදෙව්වන් හා කිතුනුවන් වෙත පැමිණි ඥානය හා දැනුම පූර්ව සාධක ලෙස ඔප්පු කිරීමෙන් පසු ව මිස ඔවුන් ඊර්ෂ්යාව හා ලෞකික ආශාවන් හේතුවෙන් කණ්ඩායම් හා නිකාය වලට බෙදී ඔවුන්ගේ දහම තුළ වෙන් වී නොගියහ. අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ සාධක කවරෙකු ප්රතික්ෂේප කරන්නේද එසේ තම දූතවරු බොරු කොට ප්රතික්ෂේප කළවුන් සඳහා සැබැවින්ම අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරන්නාය
فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَٱلْأُمِّيِّـۧنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿٢٠﴾
අහෝ! දූතය, නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් නුඹ සමග වාද කළේ නම් ඔවුනට පිළිතුරු වශයෙන් ‘මා හා මා අනුගමනය කළ දේව විශ්වාස කරන්නන් වන අපි අල්ලාහ්ට යටත් වන්නෙමු’ යැයි පවසනු. අහෝ! දූතය, ‘මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද එය පිළිපදිමින් අල්ලාහ්ට අවංක ලෙසින් නුඹලා යටහත් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වන්නේදැ?’යි තවදුරටත් ආගම් ලත් ජනයා හා දෙවියන් වෙත ආදේශ තබන්නන්ගෙන් නුඹ විමසා සිටිනු. ඔවුන් අල්ලාහ්ට යටහත් වී නුඹගේ පිළිවෙත පිළිපදින්නේ නම් සැබැවින්ම ඔවුහු ඍජු මාර්ගයේ ගමන් කරනු ඇත. නමුත් ඔවුන් ඉස්ලාමය පිටුදකින්නේ නම් නුඹ වෙත එවනු ලැබූ දෑ නුඹ ඔවුනට ප්රචාරය කිරීම මිස වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් නුඹට නැත. ඔවුන්ගේ විෂයය නුඹ අල්ලාහ් වෙත අතහැර දමනු. ඔහුගේ ගැත්තන් පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. ක්රියා කරන සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත
إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿٢١﴾
بعذاب أليم අල්ලාහ් ඔවුන් වෙත පහළ කළ සාධක ප්රතික්ෂේප කොට කිසිදු යුක්තියකින් තොරව සතුරුකමින් හා අසාධාරණ ලෙසින් ඔහුගේ දූතවරුන් ඝාතනය කොට ජනයා අතර යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් යුක්තිය හා සාධාරණය පිහිටුවාලන්නට නියෝග කර සිටියවුන් ඝාතනය කළවුන් වනාහි එවන් සාහසික ඝාතකයින්හට වේදනීය දඬුවමක් ඇති බව නුඹ දන්වා සිටිනු
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٢٢﴾
තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ මෙවන් ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් වෙති. අල්ලාහ් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති බැවින් මෙලොවට හා මතු ලොවට ඒවා කිසිවක් ඔවුනට ඵල දෙන්නේ නැත. ඔවුනට අත්වන දඬුවමින් ඔවුන් වළක්වාලන්නට උදව්කරුවන්ද ඔවුනට නැත
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَـٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَـٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ ﴿٢٣﴾
م عرضون අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢٤﴾
මෙසේ සත්යයෙන් පෙරළීම හා ප්රතික්ෂේප කිරීම සිදු වූයේ සැබැවින්ම තමන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දින ප්රමාණයක් මිස නිරය තමන් ස්පර්ශ නොකරනු ඇතැයිද පසු ව ඔවුන් ස්වර්ග උයනට සදාකල් පිවිසෙනු ඇතැයිද ඇරයුම් කරමින් සිටියෝය. මෙසේ ව්යාජත්වය හා බොරුවෙන් නිර්මාණය කර ගත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන් මුළා කර දැමුවේය. අල්ලාහ් හා ඔහුගේ දහම වෙත දොස් පැවරුවේය. فكيف إذا جمعنهم ليوم لا ريب فيهووفيت كل نفس ما كسبت وهم لا يظلمون
فَكَيْفَ إِذَا جَمَعْنَـٰهُمْ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٢٥﴾
ඔවුන්ගේ තත්ත්වය හා ඉරණම කෙසේ පිහිටනු ඇත් ද? කිසිදු සැකයකට ඉඩක් නැති දිනයේ විනිශ්චය සඳහා ඔවුන් අපි එක්රැස් කරන විට ඔවුන්ගේ නපුරු ඉරණම ඔවුනට අත්වනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සෑම ආත්මයක්ම සිදු කළ දෑ සඳහා වූ ප්රතිඵල සුදුසු ප්රමාණයට අනුව පිරිනමනු ලැබේ. එහි කිසිදු අසාධාරණයක් හෝ ප්රතිඵල වල කිසිදු අඩු කිරීමක් හෝ ප්රතිවිපාක වල කිසිදු වැඩිකිරීමක් හෝ සිදු කරනු නොලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٢٦﴾
ى අහෝ! දූතය, නුඹේ පරමාධිපතිට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් මෙසේ පවසනු: “අහෝ! දෙවිඳුනි, මෙලොව හා මතුලොව සියලු රාජ්යයන්ගේ රජු ඔබය. ඔබ මැවූ අය අතුරින් ඔබ කැමැති අයට බලය පිරිනමන්නෙහිය. ඔබ කැමති අයගෙන් එය ඉවත් කරන්නෙහිය. ඔබ කැමති අය ගෞරවයට පත් කරන්නෙහිය. ඔබ කැමති අය පහත් කරන්නෙහිය. සියල්ල පිහිටා ඇත්තේ ඔබේ අනු දැනුම හා යුක්තිය මතය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබ සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.”
تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ﴿٢٧﴾
بغير حساب ඔබ දහවල තුළට රාත්රිය ඇතුළු කොට දහවල් කාලය දිගු කිරීමත් රාත්රිය තුළට දහවල ඇතුළු කොට රාත්රි කාලය දිගු කිරීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නාගෙන් දෙවියන් විශ්වාස කරන්නා හෙළි කිරීම බීජයෙන් පැළ මතු කිරීම වැනි පණ නැති දැයින් ජීවමාන දෑ මතු කිරීමත් දෙවියන් විශ්වාස කරන්නාගෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා බැහැර කිරීම කිකිළියගෙන් බිත්තර මතු කිරීම වැනි ප්රාණය සහිත දැයින් ප්රාණය නැති දෑ බැහැර කිරීමත් ඔබේ ශක්තිය විදහා පාන සාධක වෙති. ඔබ කැමති අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ඇතිතරම් පෝෂණය ලබා දෙන්නෙහිය
لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةًۭ ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿٢٨﴾
ه අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන් විශ්වාස කරන්නන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් ඔබට උදව් කරන, ඔබ ප්රිය කරන භාරකරුවන් බවට පත් කර නොගනු. කවරෙකු එසේ සිදු කරන්නේද අල්ලාහ්ගේ භාරයෙන් ඔහු ඉවත් වන්නේය. අල්ලාහ්ද ඔහුගෙන් ඉවත් වනු ඇත. නමුත් ඔවුන් නුඹලා පාලනය කරන පාලකයින් නම් නුඹලාගේ ජීවිත වලට ඔවුන් තර්ජනයක් නම් ඔවුන්ගේ වේදනාවන්ට බිය වී ඔවුන් සමග වූ සතුරුකම සිත සඟවා ගනිමින් මෘදු කතාවෙන් හා මෘදු ක්රියාවෙන් ඔවුන් සමග කටයුතු කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් නුඹලාට අවවාද කරයි. එබැවින් නුඹලා ඔහුට බිය වනු. පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ලබන්නට නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණි
قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٢٩﴾
شىء قدير අහෝ දූතය දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් සමග ආශ්රය කිරීම වැනි අල්ලාහ් නුඹලාට තහනම් කළ දෑ නුඹලාගේ සිත් තුළ නුඹලා සඟවා ගත්තද එය නුඹලා හෙළි කළ ද ඒ ගැන අල්ලාහ් දන්නේය. කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නේය. සියලු දෑ කෙරෙහි ඔහු සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නැත යැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ مِنْ خَيْرٍۢ مُّحْضَرًۭا وَمَا عَمِلَتْ مِن سُوٓءٍۢ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًۭا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ ﴿٣٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣١﴾
“නුඹලා සැබෑ ලෙසින් අල්ලාහ්ට ආදරය කරන්නේ නම් මා රැගෙන ආ දෑ එළිපිට මෙන්ම ඇතුළාන්තයෙන්ද පිළිපඳිනු. එවිට නුඹලා අල්ලාහ්ගේ ආදරය ලබා ගනු ඇත. නුඹලාගේ පාප වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරින් සමාව අයැද සිටින්නන්හට ක්ෂමාශීලීය. මහා කරුණාභරිතය.” යැයි නබිවරය, නුඹ ඔවුනට පවසනු
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَـٰفِرِينَ ﴿٣٢﴾
අහෝ! දූතය, “නියෝග පිළිපදිමින් තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු”යි තවදුරටත් නුඹ ඔවුනට පවසනු. එයින් ඔවුන් වැළකී සිටියේ නම් අල්ලාහ්ගේ අණට හා ඔහුගේ දූතයාණන්ගේ අණට විරුද්ධ වන ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැති බව දැන ගනු
۞ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًۭا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَـٰلَمِينَ ﴿٣٣﴾
සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෙයිහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (අචාර) කිරීමට සැලැස්වීය. තවද නූහ් (අලෙයිහිස් සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත් කළේය. ඉබ්රාහීම්ගේ කුඩුම්භය තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූත මෙහවර පිරිනැමුවේය. එමෙන්ම ඉම්රාන්ගේ කුඩුම්භය ද ඔහු තෝරා පත් කළේය. මේ සියලු දෙනා තෝරා ඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය
ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍۢ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿٣٤﴾
මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහි අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්රියාවන් සිදු කිරීමේ ඔවුන් එකිනෙකා සම්බන්ධකම් ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ් තම ගැත්තන් පවසන ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත් එබැවිණි
إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًۭا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٣٥﴾
අහෝ! දූතය, මර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනු. ඇය: ‘මාගේ පරමාධිපතියාණනි, මාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මට ම පවරා ගනිමි. සියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස ඔබේ නිවසේ සේවය පිණිස පත් කරමි. එහෙයින් එය මගෙන් භාර ගනු. සැබැවින්ම ඔබ මාගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය. මාගේ චේතනාව පිළිබඳ මැනවින් දන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ ۖ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَـٰنِ ٱلرَّجِيمِ ﴿٣٦﴾
ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇය අපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම ප්රසූත කර ඇත්තේ ගැහැනුු දරුවෙකි.” යැයි කරුණු ඉදිරිපත් කළාය. ඇයට පිරිනමනු ලැබූ ගැහැනුු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන් හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීය. තවදුරටත් ඇය: මම ඇයට මර්යම් යනුවෙන් නම් තැබුවෙමි. ඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂාතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේ පරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍۢ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًۭا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًۭا ۖ قَالَ يَـٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ ﴿٣٧﴾
ه අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේය. ඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලා ගත්තේය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේය. ඇයගේ භාරකාරත්වය සකරිය්යා වෙත පැවරුවේය. සකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම් කරන ස්ථානය අසල සරල ප්රණීත ආහාර දුටුවේය. ඔහු ඇය අමතා: “අහෝ! මර්යම්, මෙම ආහාරය ඔබට ලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේය. ඇය පිළිතුරු වශයෙන්: “මෙම ආහාරය අල්ලාහ් වෙතිනි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ආහාර සපයන්නේය
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةًۭ طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ ﴿٣٨﴾
ආසාමාන්ය ලෙස ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් තුමියට අල්ලාහ් ආහාර සපයා තිබෙනු දුටු සකරිය්යා බිරිය වඳ කාන්තාවක් වූ බැවින් මර්ය තුමියට පිරිනමන ලද එම අසාමාන්ය තත්ත්වය මෙන් තමන්ටත් මෙතෙක් කල් නොතිබුණු දරු සම්පතක් ඉල්ලා අල්ලාහ්ගෙන් මෙසේ ප්රාර්ථනා කළේය. “අහෝ! මාගේ පරමාධිපතියාණනි, මට දැහැමි දරුවකු පිරිනමනු මැනව! නියත වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින ප්රාර්ථනාවන්ට ඔබ සවන් දෙන්නාය. එයට පිළිතුරුي දෙන්නාය.”
فَنَادَتْهُ ٱلْمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٌۭ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍۢ مِّنَ ٱللَّهِ وَسَيِّدًۭا وَحَصُورًۭا وَنَبِيًّۭا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿٣٩﴾
එවිට ඔහු නැමදුම් කරන ස්ථානයේ නැමදුම් කරමින් සිටියදී මලක්වරුන් ඔහු අමතා: ‘යහ්යා නමින් වූ දරුවකු නුඹ දාව ඉපදෙන්නට යයි. ඔහු සතු විශේෂ ගුණාංග අතුරින් ඔහු අල්ලාහ්ගේ වදන වූ මර්යම්ගේ පුත් ඊසා (අලය්හිස් සලාම්) තුමා ව තහවුරු කරයි. (ඊට හේතුව ඊසා (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ්ගේ වදනින් වූ සුවිශේෂ මැවීමක් වූ බැවිණි.) තම සමූහයා අතර දැනුම හා නැමදුම මෙහෙයවන නායකයා බවට පත් වෙයි. තම ආත්මය පාලනය කර ගනිමින් ආශාවන්ගෙන් වළක්වා ගනියි. කාන්තාවන්ට සමීප වීම ද ඉන් එකකි. තම පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා තම ආත්මය සියල්ලෙන් නිදහස් කර ගනියි. එමෙන්ම දැහැමියන් අතර නබිවරයකු වෙයි’ යැයි ශුභාරංචි දන්වා සිටියේය
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌۭ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌۭ ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ ﴿٤٠﴾
යහ්යා පිළිබඳ සකරිය්යා වෙත මලක්වරු ශුභාරංචි දන්වා සිටි කල්හි, ඔහු: “මාගේ පරමාධිපතියාණනි, මම වයෝවෘද්ධයකු බවට පත් ව සිටියදී මාගේ බිරිය දරුවන් නොලබන වඳ කාන්තාවක් ලෙස සිටියදී මට දරුවකු හට ගනුයේ කෙසේදැ”යි විමසා සිටියේය. ඔහුගේ ප්රකාශයට පිළිතුරු වශයෙන් අල්ලාහ්: “නුඹේ වයස්ගත කාලයේදී නුඹේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් බිරිය වඳ කාන්තාවක් ව සිටියදී යහ්යාගේ මැවීම අසාමාන්ය ලෙස අල්ලාහ් මවන්නට අභිමත කරන දෑ හා සමාන මැවීමකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අභිමත කරන දෑ ඔහුගේ ප්රඥාවෙන් හා අනුදැනුමෙන් සිදු කරනු ඇත
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًۭا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًۭا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَـٰرِ ﴿٤١﴾
“මාගේ පරමාධිපතියාණනි, මා විසින් මාගේ බිරිය ගැබ් ගන්නා බවට වූ සලකුණක් මා හට පෙන් වන්නැ”යි සකරිය්යා පවසා සිටියේය. එයට අල්ලාහ්: “නුඹට කිසිදු අඩුවක් සිදු නොවී සංඥා අඟවමින් ජනයා සමඟ සන්නිවේද කළ හැකි නමුත් දහවල හා රාත්රිය ඇතුළු ව පූර්ණ දින තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය. නුඹ අධික ලෙස අල්ලාහ් ව සුවිශුද්ධ කරනු. දහවල් අවසානය හා එහි ආරම්භ කාලයේ එතුමා තස්බීහ් හෙවත් අල්ලාහ් ව සුවිශුද්ධත්වයට පත් කළේය
وَإِذْ قَالَتِ ٱلْمَلَـٰٓئِكَةُ يَـٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَـٰلَمِينَ ﴿٤٢﴾
අහෝ! දූතය, මලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු: “ප්රශංසනීය ගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ ව තෝරා ඇත. අඩුපාඩුකම් වලින් ඔහු නුඹ ව පිවිතුරු කර ඇත. නුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ ව තෝරා ගෙන ඇත.” යැයි මර්ය තුමියට පැවසූහ
يَـٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ ﴿٤٣﴾
අහෝ! මර්යම්, දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනු. නුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරස නමස්කාර) කරනු. ඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාර කරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَـٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴿٤٤﴾
يختص مون සකරිය්යා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම තොරතුරු ගුප්ත තොරතුරු අතුරිනි. අහෝ! දූතය, අපි එය නුඹට දැනුම් දී ඇත්තෙමු. මර්ය තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළ අවස්ථාවේ නුඹ එහි නොවීය. ඔවුන් ඒ සඳහා කුසපත් අදින්නට විය. ඔවුන්ගේ පන්හිද වල් බිමට දැමීය. සකරිය්යාගේ පන්හිද ජය ලැබීය
إِذْ قَالَتِ ٱلْمَلَـٰٓئِكَةُ يَـٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍۢ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًۭا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ ﴿٤٥﴾
අහෝ! දූතය, මලක්වරු මර්ය තුමියට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුහු: “අහෝ! මර්යම්, පියකු නොමැති අසාමාන්ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතය. එය අල්ලාහ්ගෙන් වූ වදනක් පමණය. ‘කුන්’ (වනු) යන ප්රකාශයකින් එය සිදු වනු ඇත. එවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහි වේ. එම දරුවාගේ නම අල්-මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසාය. මෙලොව හා මතු ලොවෙහි මෙන්ම අල්ලාහ් වෙත සමීපවන්නන් අතර ද අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا وَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿٤٦﴾
ඊසා (අලයිහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්ය ලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයි. පූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටි අවදියේ ද ඔහු ඔවුන් සමග කතා කරනු ඇත. එහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකික කටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයි. තම ප්රකාශ හා තම ක්රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන් අතර ඔහු සිටියි
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿٤٧﴾
كن فيكون සැමියෙකු නොමැති ව දරුවකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය: “නිත්යනුකූල හෝ නිත්යනුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දැරුවකු ලැබෙනුයේ කෙසේදැ?යි විමසා සිටියාය. එවිට මලක්වරයා: පියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවකු මැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්ය ලෙස මවනු ඇත. එහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහු සිතුවේ නම්, එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇත. නොහැකියාව යනු ඔහු සතු ගුණාංගයක් නොවන්නේය
وَيُعَلِّمُهُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿٤٨﴾
ලිවීම ක්රියා කිරීම කතාවෙහි හා ක්රියාවෙහි කටයුතු කළ යුතු ආකාරය අල්ලාහ් ඔහුට ඉගැන්වීය. එමෙන්ම මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයද ඔහුට පහළ වන්නට යන ඉන්ජීලයද අල්ලාහ් ඉගැන්වීය
وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٤٩﴾
එමෙන්ම අල්ලාහ් ඔහු ව ඉස්රඊල් දරුවන් අතර දහම් දූතයකු බවට පත් කරනු ඇත. ඔහු ඔවුනට: “නියත වශයෙන්ම මම නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. මාගේ මෙම දූත කාර්යය සනාථ කරන සලකුණක් නුඹලා වෙත ගෙන ආවෙමි. එනම්: නුඹලා සඳහා කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් භාණ්ඩයක් මැටියෙන් අඹා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් ජීවමාන පක්ෂියෙකු බවට පත් වනු ඇත. උපතින්ම අන්ධවූවන්හට සුවය ලබා දෙමි. එවිට ඔවුන් පෙනුම ලබනු ඇත. ළාඳුරු වැනි කුෂ්ට රෝග වැලඳ ඇත්තන්ගේ චර්මය යථා තත්ත්වයට සුවපත් කරමි. මිය ගිය අයට ප්රාණය ලබා දෙමි. මේ සියල්ල මා සිදු කරනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. නුඹලා අනුභව කළ යුත්තේ කුමක් ද? නුඹලාගේ නිවෙස්වල ගබඩා කොට සඟවා තැබිය යුතු ආහාරය කුමක්ද? යනාදී තොරතුරු පිළිබඳ මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද සාධක තුළින් සත්යය තහවුරු කරගන්නට අපේක්ෂා කරන්නේ නම් මිනිසා විසින් සිදු කළ නොහැකි මෙවැනි අතිමහත් කරුණු මම නුඹලාට පවසා සිටීමෙන් සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු බවට වූ ප්රමාණවත් සලකුණු නුඹලාට ඇත
وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿٥٠﴾
وأ طيعون එමෙන්ම මට පෙර පහළ වූ තව්රාතයේ (තෝරාවේ) ඇති කරුණු තහවුරු කරනු පිණිස මම පැමිණියෙමි. තවද නුඹලාට පහසුවක් හා සහනයක් වනු පිණිස මීට පෙර නුඹලාට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් අනුමත කිරීමට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මම පැමිණියෙමි. මා නුඹලාට පවසා සිටි දෑහි සත්යතාව පිළිබඳ පැහැදිලි කරන සාධකයක් සමග පැමිණ ඇත්තෙමි. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බැතියෙන් කටයුතු කරනු. මා නුඹලා ව කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේද ඒ සම්බන්ධයෙන් මට අවනත වනු
إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٥١﴾
එය සැබැවින්ම අල්ලාහ් මාගේ හා නුඹලාගේ පරමාධිපති වන බැවිණි. යටහත්වන්නටත් බැතිමත් වන්නටත් සුදුස්සා ඔහු පමණය. එහෙයින් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. අල්ලාහ් ව නැමදීම සම්බන්ධයෙන් හා ඔහුට බැතිමත්වීම සම්බන්ධයෙන් මම කවර කරුණක් නුඹලා වෙත නියෝග කර ඇත්තේද එයයි ඍජු මාර්ගය වන්නේ. එහි කිසිදු ඇදයක් නොමැත
۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴿٥٢﴾
بأ ن امسلمون ඔවුන් දේව ප්රතික්ෂේපය මත දැඩි ස්ථාවරයෙන් සිටින බව ඊසා (අලය්හිස් සලාම්) තුමා දැනගත් කල්හි ඉස්රාඊල් දරුවන් අමතා: “ජනයා අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සම්බන්ධයෙන් මට උදව් කරන්නේ කවුරුන්දැ”යි විමසා සිටීය. එවිට ඔහු ව අනුගමනය කළ ඔහුගේ අවංක අනුගාමිකයින්: “අල්ලාහ්ගේ දහමට උදව්කරන්නෝ අපමය. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද අපි ඔබ අනුගමනය කළෙමු. සැබැවින්ම අප අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට අවනත වෙමින් ඔහු වෙනුවෙන් කැප වී සිටින්නන් බවට නුඹ ම සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය
رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿٥٣﴾
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මිතුරු අනුගාමිකයින්ද එලෙසම පවසා සිටියහ. එනම්: ‘අහෝ! අපගේ පරමාධිපතියාණනි, ඉන්ජීලයේ (බයිබලයේ) ඔබ පහළ කර ඇති දෑ අපි විශ්වාස කළෙමු. ඊසා (අලය්හිස් සලාම්) තුමා ව අපි පිළිපදින්නෙමු. ඔබ ව විශ්වාස කළ ඔබේ දූතයාණන් ව විශ්වාස කළ සත්යය පිළිබඳ සාක්ෂිදරන්නන් අතරට අපවද පත් කරනු මැනව!
وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَـٰكِرِينَ ﴿٥٤﴾
ඉස්රාඊල්වරුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්ද උපක්රමශීලී ව ඔවුන් සමග කටයුතු කළේය. ඔවුන් නොමග යෑමට ඉඩ හැරියේය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වෙනුවට එතුමාණන්ට සමාන පුද්ගලයකු ඔවුනට ප්රදර්ශනය කර පෙන්වීය. කුමන්ත්රණකරුවන් අතුරින් අති විශිෂ්ට කුමන්ත්රණකරු අල්ලාහ්ය. ඊට හේතුව ඔහුගේ සතුරන් කෙරෙහි පිළියම් යොදන කුමන්ත්රණවලට වඩා දැඩි වෙනත් කුමන්ත්රණයක් නොමැති බැවිණි
إِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٥٥﴾
අල්ලාහ් ඔවුන් මුළාවට පත් කළේය. එය ඔහු ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාවේ දීය. එනම්: “අහෝ! ඊසා, මරණයකින් තොරව මම නුඹ ව අත්පත්කර ගනිමි. නුඹේ ශරීරය හා නුඹේ ප්රාණය මා වෙත ඉහළට ඔසවා ගනිමි. නුඹ ව ප්රතික්ෂේප කළවුන්ගේ කිලිටෙන් පිවිතුරු කරමි. ඔවුන්ගෙන් නුඹ ව දුරස් කරමි. සැබෑ දහම අනුව නුඹ ව පිළිපදින (මුහම්මද් තුමාණන් විශ්වාස කිරීමද ඉන් එකකි) පිරිසක් මම පත් කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ ව ප්රතික්ෂේප කළවුන්ට ඉහළින් සංකේතාත්මක ව හා ගෞරවයෙන් යුතු ව بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වැජඹෙන්නට හරිමි. අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත පැමිණෙනුයේ මා වෙතමය. නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මතභේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන යුක්ති සහගත ලෙසින් නුඹලා අතර තීන්දු කරමි
فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٥٦﴾
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මෙලොවෙහි මරණ දඬුවමට සිරගත වීමට අවමානයට හා වෙනත් කාරණාවන්ට ලක් කරමින් මම දඬුවම් කරන්නෙමි. මතු ලොවෙහි නිරා ගින්නේ දඬුවම ඔවුනට හිමිය. එම දඬුවමින් ඔවුන් මුදවා ගන්නට ඔවුනට උදව්කරුවන් නොමැත
وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿٥٧﴾
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ විශ්වාස කොට සලාතය සකාතය උපවාසය ඥාතී සම්බන්ධකම් රැකීම හා වෙනත් දැහැමි කටයුතු වල නිරතවූවන් වනාහි ඔවුන්ගේ කටයුතු වලට සරිලන පරිදි අල්ලාහ් ඔවුනට කුසල් පිරිනමනු ඇත. ඉන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. මෙම ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඔහු ගැන ශුභාරංචි දන්වා සිටි ඊසා (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළවුන් ගැන විය. අල්ලාහ් අපරාධකරුවන් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් වෙත ආදේශ කිරීම හා ඔහුගේ දූතවරු බොරු කිරීමට වඩා මහත් අපරාධකරුෙවෝ කවුරුන් විය හැකිද?
ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْـَٔايَـٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ ﴿٥٨﴾
මෙය නුඹ වෙත කියවා පෙන්වන ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරුය. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑහි සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක හා සංඥා වේ. එය දෙවියන් කෙරෙහි බැතිමත්කම පෙන්වන අයට මෙනෙහි කිරීමක් මෙන්ම කිසිදු ව්යාජත්වයක් නොමැති තීරණාත්මක ප්රකාශයක් වන්නේය
إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍۢ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ﴿٥٩﴾
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමේ උපමා ව කිසිදු පියෙක් හා මවක් නොමැති ව මවනු ලැබූ ආදම් (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමට සමානය. අල්ලාහ් ඔහුට: ‘නුඹ මිනිසෙකු වනු’ යැයි පැවසූ වහාම අල්ලාහ් සිතූ පරිදිම එය විය. එසේනම්, සැබැවින්ම ආදම් පියෙකු හා මවක නොමැති ව මවනු ලැබ තිබියදී ඔහු සැබැවින්ම මිනිසෙකු යැයි පවසා සිටින ඔවුන් පියකු නොමැතිව ඊසා මවනු ලැබ තිබීම සාධකයක් ලෙස ගෙන ඔහු දෙවියකු යැයි සිතන්නේ කෙසේද?
ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ ﴿٦٠﴾
ඊසා සම්බන්ධයෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹේ පරමාධිපති වෙතින් පහළ වූවක් බවට කිසිදු සැකයකට ඉඩක් නැත. එය සැබෑවක්ම වන්නේය. එහෙයින් නුඹ සැක කරන්නන් අතරින් නොවනු. නුඹ කවර කරුණක් මත සිටින්නේද ඒ මත ස්ථාවර ව සිටීම නුඹගේ වගකීමයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَـٰذِبِينَ ﴿٦١﴾
අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٦٢﴾
ඊසා (අලය්හිස් සලාම්) පිළිබඳ අප නුඹට මෙනෙහි කළ මෙය කිසිදු ව්යාජත්වයක් හෝ බොරුවක් නැති සත්ය පුවතකි. අල්ලාහ් පමණක් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නොමැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රාජ්ය තුළ සර්ව බලධාරීය. ඔහුගේ සැලසුම විධානය හා මැවීම යනාදියෙහි ඔහු සියුම් ඥානය ඇත්තාය
فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ ﴿٦٣﴾
නුඹ කවර දෙයක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුදකිමින් නුඹ ව අනුගමනය නොකළේ නම් එය ඔවුන්ගේ කලහකාරිත්වයේ විපාකයයි. මහපොළොවේ කලහකාරී ව හැසිරෙන අර්බුදකාරීන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍۢ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًۭٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ ﴿٦٤﴾
අහෝ! දූතය,: ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, අප සියලු දෙනාට පොදු වූ සාධාරණ ප්රකාශයක් වෙත අපි එකතු වෙමු. එනම් නැමුදුම් සියල්ල අල්ලාහ්ට පමණක් සිදු කිරීමය. ඔහු එම නිලයේ සිටිය දී ඔහුගේ ස්ථානය උත්තරීතර ව තිබිය දී ඔහු හැර වෙනත් කිසිවකු අපි නොනමදිමු. අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු විසින් වන්දනාවට ලක් කරමින් ඔවුනට යටහත් වෙමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට දේවත්වය පුද නොකරමු” යැයි පවසනු. ‘අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා කවර සත්යයක් හා සාධාරණයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටින්නෙහුද එයින් ඔවුන් හැරී යන්නේ නම් “සැබැවින්ම අපි අල්ලාහ්ට යටහත් වූවන් බවටත් ඔහුට අවනතභාවයෙන් යුතු ව කීකරු වූවන් බවටත් නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් සිටිනු” යැයි පවසනු
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٦٥﴾
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ حَـٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌۭ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿٦٦﴾
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ හි සඳහන් හා නුඹලාගේ දහම තුළ දැනුවත් කර ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ ව නුඹලා තර්ක කරන්නෙහුය. එසේ තිබියදී ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් පිළිබඳ ව හා ඔහුගේ පිළිවෙත පිළිබඳ ව නුඹලාට කිසිදු දැනුමක් නැති දෑ පිළිබඳ නුඹලා තර්ක කරනුයේ මන්ද? එය නුඹලාගේ පුස්තක වල නැත. එමෙන්ම නුඹලාගේ දූතවරුන් ගෙන ආවේ ද නැත. අල්ලාහ් සියලු කරුණු වල යථාර්ථය හා ඇතුළාන්තය දන්නේය. නමුත් නුඹලාي නොදන්නෙහුය.ي
مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّۭا وَلَا نَصْرَانِيًّۭا وَلَـٰكِن كَانَ حَنِيفًۭا مُّسْلِمًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٦٧﴾
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා යුදෙව් හෝ කිතුනු පිළිවෙත් මත සිටියේ නැත. නමුත් ඔහු ව්යාජ දහම් වලින් ඉවත් ව අල්ලාහ්ට පමණක් අවනත ව සිටියේය. සැබැවින්ම එතුමා තමන්ගේ පිළිවෙත මත සිටින බවට දෙවියන්ට ආදේශ තැබූ අරාබිවරුන් සිතනවාක් මෙන් ඔහු ආදේශ තැබූ අය අතුරින් කෙනෙකු ද නොවීය
إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَـٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ ﴿٦٨﴾
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග සම්බන්ධකම් පවසන්නට වඩාත් සුදුස්සන් වනුයේ එතුමාගේ කාලයේ එතුමා ගෙන ආ දෑ පිළිපැද්දා වූ ජනයා වෙති. එසේම මෙම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හා මෙම සමූහයා අතර එතුමාණන් විශ්වාස කළ ජනයා ද වෙති. තමන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් උදව් කරන්නාය. ඔහු ඔවුන් ආරක්ෂාකරන්නාය
وَدَّت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿٦٩﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ් නුඹලාට මග පෙන්වූ සත්යය දහමින් නුඹලා මුළා කරන්නට ආගම් ලත් යුදෙව් හා කිතුනු ආගමික නායකයන් ආශා කරති. ඔවුන් ඔවුන්වම මිස මුළා කර ගත්තේ නැත. ඊට හේතුව දෙවියන් විශ්වාස කරන්නන් මුළාවට පත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි අවසානය පිළිබඳ ඔවුන් නොදනිති
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴿٧٠﴾
අහෝ! ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් හා එහි සඳහන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය තහවුරු කරන සාධක නුඹලාගේ පුස්තක වල තිබියදී එය සැබෑවක් බව නුඹලා සාක්ෂි දරමින්ම නුඹලා එය ප්රතික්ෂේප කරනුයේ මන්ද?
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَـٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴿٧١﴾
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَالَت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٧٢﴾
يرجعون යුදෙව් විද්වතුන් පිරිසක් තම අනුගාමිකයින් දෙස බලා "දහවල් කාලය වන විට දෙවියන් විශ්වාස කරන මුුුුඃමින්වරුන්හට පහළ කරන ලද අල් කුර්ආනය මතුපිටින් විශ්වාස කරනු. සවස් කාලය වන විට එය ප්රතික්ෂේප කරනු. නුඹලා එය විශ්වාස කොට පසු ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ දහම තුළ ඔවුනට සැක මතු වී 'අපට වඩා අල්ලාහ්ගේ පුස්තකය පිළිබඳ ඔවුන් මැනවින් දැන දැනත් එයින් හැරී ගොස් ඇත යැයි පවසමින් ඔවුන් ද එයින් හැරෙන්නට ඉඩ ඇත" යැයි පවසා සිටියහ
وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌۭ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ﴿٧٣﴾
ه තවදුරටත් ඔවුහු: ‘නුඹලාගේ දහම පිළිපදින්නන් මිස වෙනත් කිසිවකු නුඹලා විශ්වාස කොට පිළි නොපදිනු’ යැයි පැවසුවෝය. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගය වනුයේ සත්යය වෙත වූ මාර්ගයයි. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා පිළිගත්තේ නම් නුඹලාගේ පරමාධිපති අභියස නුඹලාට එරෙහි ව කිසිවකු තර්ක කරනු ඇතැයි යන බියෙන් හා නුඹලාට පිරිනමනු ලැබුවාක් මෙන් ඔවුනට ද භාග්යය පිරිනමනු ලබනු ඇතැයි යන බියෙන් මිස නුඹලා ඒ ගැන බොරුකරමින් හා හිතුවක්කාරකමින් කටයුතු කළේ නැත. අහෝ! දූතය, නුඹ ඔවුනට තවදුරටත්: සැබැවින්ම භාග්යය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු තම ගැත්තන් අතරින් තමන් ප්රිය කරන්නන්හට එය පිරිනමනු ඇත. ඔහුගේ භාග්යය එක් සමූහයක් අතහැර දමා තවත් සමූහයකට පමණක් සීමා වූවක් නොවේ. අල්ලාහ් අතිමහත් භාග්යය ඇත්තාය. ඒ සඳහා සුදුස්සන් කවුරුන් ද යන්න ඔහු මැනවින් දන්නාය
يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٧٤﴾
ඔහුගේ මැවීම් අතුරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යය නියම කරනු ඇත. යහමග දූත මෙහෙවර විවිධ ත්යාග වැනි දැයින් ඔහු ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සීමාවක් නැති අති මහත් භාග්යය හිමිය
۞ وَمِنْ أَهْلِ ٱلْكِتَـٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍۢ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍۢ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًۭا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّـۧنَ سَبِيلٌۭ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿٧٥﴾
ආගම් ලත් ජනයා අතුරින් කිසිවෙකුට නුඹ විශාල ධනස්කන්දයක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එම විශ්වාසය මත නුඹට එය ඉටු කරන්නට කැමැත්තෙන් සිටින උදවිය වෙති. එමෙන්ම සුළු මුදලක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එය නුඹ ඉල්ලීමෙන් හා තීන්දු කිරීමෙන් මිස විශ්වාසය මත නැවත ලබා නොදෙන උදවිය ද වෙති. එය ඔවුන්ගේ නරක ප්රකාශ හා නරක චේතානවන් හේතුවෙනි. ‘අරාබිවරුන් අතර ඔවුන්ගේ ධනය අනුභව කිරීම අප හට පාපයක් නොවන්නේය. අල්ලාහ් අප හට එය අනුමත කොට ඇත’යි පවසමින් එය අල්ලාහ් කෙරෙහි ගෙතූ බොරුවක් බව ඔවුන් දැන දැනම එසේ බොරු පවසා සිටිති
بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿٧٦﴾
ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَـٰنِهِمْ ثَمَنًۭا قَلِيلًا أُو۟لَـٰٓئِكَ لَا خَلَـٰقَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٧٧﴾
අල්ලාහ් තම පුස්තකයේ පහළ කරනු ලැබූ දෑ හා ඔහු විසින් එවනු ලැබූ දූතවරුන් පිළිපැදීම සම්බන්ධයෙන් ද ඔවුන් කඩ කළා වූ ඔවුන්ගේ දිව්රීම් සම්බන්ධයෙන් ද ඔහු ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම මෙලොව සතුට සඳහා කවරෙකු සුළු මුදලක් වෙනුවෙන් වෙනස් කරන්නේ ද මතු ලොවෙහි ඔවුනට කිසිදු කොටසක් හිමි නොවන්නේය. ඔවුන් සතුටු වන දැයින් ඔවුන් සමග අල්ලාහ් කතා නොකරන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ කරුණා බැල්මෙන් ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًۭا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَـٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَـٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَـٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿٧٨﴾
යුදෙව්වන් අතර අල්ලාහ් වෙතින් පහළ වූ තව්රාතය නොහොත් තෝරාවේ නැති දෑ මෙනෙහි කරමින් තම දිවවල් හරවා පවසන පිරිසක් සිටිති. නියතවශයෙන්ම ඔවුන් කියවනුයේ තව්රාතය යැයි නුඹලා සිතනු ඇත. නමුත් එය තව්රාතය නොවන්නේය. ඒවා ඔවුන් අල්ලාහ් වෙත බොරු ගොත පවසන ඔවුන්ගේ ප්රකාශ පමණක් වෙයි. ඔවුහු: ‘අපි කියවා පෙන්වන දෑ අල්ලාහ් වෙතින් පහළ වූවක්’ යැයි පවසති. නමුත් එය අල්ලාහ් වෙතින් පහළ නොවූවකි. ඔවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි පවසන ඔවුන්ගේ බොරුව ගැන මැනවින් දනිති
مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًۭا لِّى مِن دُونِ ٱللَّهِ وَلَـٰكِن كُونُوا۟ رَبَّـٰنِيِّـۧنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَـٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ ﴿٧٩﴾
අල්ලාහ් වෙතින් පහළ කරන ලද ලේඛනයක් මිනිසෙකුට පිරිනමා දැනුම හා අවබෝධය ද ඔහුට පිරිනමා, ඔහුව නබිවරයකු ලෙස තෝරා පත් කළ පසුව: “අල්ලාහ් හැර නුඹලා මට ගැතිකම් කරනු” යැයි පැවසීම එම මිනිසාට සුදුසු නොවන්නේය. නමුත් ඔහු ඔවුනට: “මිනිසුනට පහළ කරන ලද පුස්තකය නුඹලා ඉගැන්වීම හේතුවෙන් සහ එයින් නුඹලා වටහාගත් දෑ හා ආරක්ෂා කළ දෑ උගන්වන්නන් ලෙස සිටිමින් නුඹලා නැමදුම් ඉටු කරන මිනිසුන් හැඩගස්වන ඔවුන්ගේ කටයුතු විධිමත් කරන විද්වතුන් ලෙස සිටිනු යැයි පැවසිය හැක
وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴿٨٠﴾
එලෙසම නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවවරුන් ලෙස ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් ඉටු කරනු යැයි පවසා සිටීම ද සුදුසු නොවන්නේය. නුඹලා අල්ලාහ්ට යටහත් වී ඔහුට අවනත වූවායින් පසු අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට නියෝග කර සිටීම සුදුසු කටයුත්තක් වන්නේද?
وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَـٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّـٰهِدِينَ ﴿٨١﴾
ى අල්ලාහ් නබිවරුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් ගත් අවස්ථාව අහෝ! දූතය, සිහිපත් කර බලනු. එනම් ‘මේ සමග මම නුඹලාට පුස්තකයක් පිරිනමමි. නුඹලාට ප්රඥාවද උගන්වමින් නුඹලා උසස් තරාතිරම හා නිලයක් ලබනු ඇත. පසු ව මා වෙතින් දූතයකු නුඹලා වෙත පැමිණෙනු ඇත. (ඔහු මුහම්මද්ය) නුඹලා සමග වන පුස්තකය හා ප්රඥාව ඔහු තහවුරු කරයි. ඔහු ගෙන එන දෑ නුඹලා විශ්වාස කරනු. ඔහුව පිළිපදිමින් ඔහුට උදව් කරනු. "අහෝ! නබිවරුනි, නුඹලා මෙම ප්රතිඥාව පිළිගන්නෙහුද? නුඹලා මාගේ ඒ දැඩි ප්රතිඥාව ගෙන ඇත්තෙහුය." එවිට ඔවුහු: ‘එය අපි පිළිගන්නෙමු’ යැයි පැවසූහ. අල්ලාහ්: ‘නුඹලා මත හා නුඹලාගේ සමූහයන් මත නුඹලා සාක්ෂි දරනු. නුඹලාටත් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන්ටත් සාක්ෂිකරුවන් අතර නුඹලා සමග මම ද සිටිමි.’ යැයි පැවසීය
فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٨٢﴾
සාක්ෂිය මගින් තහවුරු කරන ලද ප්රතිඥාව අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් ගත් පසු ව කවරෙකු එයට පිටුපාන්නේද ඔවුහුය අල්ලාහ්ගේ දහමින් හා ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් වන්නේ
أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَإِلَيْهِ يُرْجَعُونَ ﴿٨٣﴾
අල්ලාහ්ගේ දහම (ඉස්ලාමය) හැර ඔහුගේ ගැත්තන්හට ඔහු තෝරා දුන් වෙනත් දහමක් තිබේද? ඔහුගේ දහමින් හා ඔහුගේ අවනතභාවයෙන් බැහැරවූවන් එය හැර වෙනත් දහමක් සොයන්නෝද? අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම් යටහත් වන්නේත් අවනත වන්නේත් සුවිශුද්ධ වූ ඔහුට පමණය. එය මුඃමින් නොහොත් දෙවියන් විශ්වාස කරන්නන් මෙන් කැමැත්තෙන් පිළිගන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මෙන් අකමැත්තෙන් හෝ පිළිගන්නන්ද වෙති. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා සියලු මැවීම් උත්තරීතර ඔහු වෙතම යොමු කරනු ඇත
قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿٨٤﴾
ى අහෝ! දූතය, නුඹ මෙසේ පවසනු: ‘අල්ලාහ් අපගේ එකම දෙවියන් බවට විශ්වාස කළෙමු. ඔහු අණ කළ දෑට අපි අවනත වූයෙමු. අප වෙත ඔහු පහළ කළ පණිවිඩ විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් සහ යඃකූබ් යන නබිවරුන් හට පහළ කළ දෑ ද යඃකූබ්ගේ පරපුරින් බිහි වූ නබිවරුන්හට පහළ කළ දෑ ද ඊසා හා මූසා මෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් පුස්තක හා සාක්ෂි සාධක ලැබූ සියලු නබිවරුන්හට පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන් අතර අපි වෙනසක් දැක, කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. අපි අල්ලාහ්ට පමණක් අවනත වන්නෙමු. උත්තරතර ඔහුට පමණක් යටහත් වන්නෙමු
وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَـٰمِ دِينًۭا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَـٰسِرِينَ ﴿٨٥﴾
කවරෙකු අල්ලාහ් තෝරා දුන් ඉස්ලාම් දහම හැර වෙනත් දහමක් සොයන්නේ ද එය ඔහුගෙන් අල්ලාහ් පිළිගන්නේ නැත. එවැන්නන් මතු ලොවෙහි නිරා ගින්නටق පිවිසීමෙන් අසරණ වූ අලාභවන්තයින් අතරට පත් වනු ඇත
كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًۭا كَفَرُوا۟ بَعْدَ إِيمَـٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّۭ وَجَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٨٦﴾
අල්ලාහ් ව විශ්වාස කළ පසු ව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ සත්යය බවටත් එහි සත්යතාව තහවුරු කරමින් පැහැදිලි සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණ ඇති බවටත් සාක්ෂි දැරීමෙන් පසු එය ප්රතික්ෂේප කළ පිරිසකට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා ඔහු ආශිර්වාද කරනුයේ කෙසේද? යහමග වෙනුවට නොමග තෝරා ගත් අපරාධකාරී ජනයාට තමන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أُو۟لَـٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿٨٧﴾
ව්යාජත්වය තෝරා ගත් මෙම අපරාධකරුවන්ගේ ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම අල්ලාහ්ගේ හා මලක්වරුන් ඇතුළු ව සියලුම මිනිසුන්ගේ ශාපය ඔවුන් වෙත හිමි වනු ඇත. ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබුවෝය. බැහැර කරනු ලැබුවෝය
خَـٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ ﴿٨٨﴾
නිරා ගින්නේ ඔවුන් සදාතනිකයින් වෙති. ඉන් බැහැර නොවෙති. එහි දඬුවම ඔවුනට ලිහිල් නොකරනු ඇත. පසුතැවිලි වී පාප සමාව අයැද සිටින තෙක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔවුන් ප්රමාද කරනු නොලැබේ
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿٨٩﴾
නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් සිදු කළ අපරාධ වලින් පසු ව අල්ලාහ් වෙත යොමු වී තම ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර සැබැවින්ම අල්ලාහ්ගේ ගැත්තන් අතරින් පාප සමාව අයැද ඔහු වෙත යොමුවන්නන්හට ඔහු මහා කාරුණිකය
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَـٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ ﴿٩٠﴾
නමුත් ඔවුන් අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව නැවතත් ප්රතික්ෂේප කොට මරණය තෙක්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියවුන්ගෙන් ඔවුන් මරණයට පත්වන අවස්ථාවේ පාප සමාවේ නියමිත කාලය ඉකුත් වී ඇති බැවින් ඔවුන්ගේ පාප සමාව පිළි ගන්නේ නැත. අල්ලාහ් වෙත යා යුතු ඍජුමගින් නොමග ගියවුන් වන්නේ ඔවුන්මය
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٩١﴾
عذاب أليم وما لهم من نصرين සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම මියගියවුන් වනාහි නිරයෙන් ආරක්ෂා වනු පිණිස මහපොළොවේ තරමට රත්රන් ඉදිරිපත් කරනු ලැබුවත්, ඔවුන් කිසිවකුගෙන් එය භාර ගනු ලබන්නේ නැත. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොමැත
لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ ﴿٩٢﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා ප්රිය කරන වස්තුවෙන් යමක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන තෙන් දැහැමියන් සතු කුසල් හෝ ඔවුන්ගේ නිලය ඔබ කිසිසේත් නොලබනු ඇත. නුඹලා සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ යමක් වියදම් කළ ද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ චේතනාවන් හා නුඹලාගේ ක්රිියාවන් පිළිබඳ මැනවින් දැන සිටියි. සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل
۞ كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ ۗ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٩٣﴾
ප්රණීත ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්හට අනුමත විය. තව්රාතය පහළ වීමට පෙර යඃකූබ් තමන් මත කවර දෙයක් තහනම් කර ගත්තේද ඒ හැර වෙනත් කිසිවක් ඔවුන් වෙත තහනම් නොවීය. සැබැවින්ම එය තව්රාතයේ තහනම් කර ඇතැයි යුදෙව්වන් සිතනවාක් මෙන් නැත. අහෝ! නබිවරය, ඔවුනට මෙසේ පවසනු ‘නුඹලා තර්ක කරන දෑ ගැන නුඹලා සත්යවාදීන් ලෙස සිටින්නෙහු නම් නුඹලා තව්රාතය ගෙන කියවා බලනු.’ එවිට ඔවුන් වික්ෂිප්ත වූහ. එය ගෙන ආවේ නැත. යුදෙව්වන් තව්රාතයේ නාමයෙන් ගොතා පවසා ඇති බවටත් එහි අන්තර්ගත දෑ විකෘති කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මෙම උදාහරණය පෙන්වා දෙයි
فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٩٤﴾
අල්ලාහ් විසින් වූ තහනම් කිරීමක් නොව යඃකූබ් තුමාණන් තමන්හට තහනම් කර ගත් දෑ යන්නට සාක්ෂි සාධක හෙළි වූ පසු කවරෙකු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේද ඔවුන් අපරාධකරුවෝ වෙති. ඊට හේතුව ඔවුන්හට සාක්ෂි සාධක හෙළි වූ පසු ව සත්යය අතහැර දැමූ බැවිණි
قُلْ صَدَقَ ٱللَّهُ ۗ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٩٥﴾
අහෝ! නබිවරය, යඃකූබ් තුමාණන් ගැන කවර තොරතුරක් දන්වා සිටියේ ද ඒ ගැනත් අල්ලාහ් පහළ කළ එමෙන්ම ආගමානුගත කළ සියල්ල ගැනත් අල්ලාහ් සත්යයම පවසා ඇත. එහෙයින් නුඹලා ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ දහම අනුගමනය කරනු. එතුමාණන් අන් සියලු දහම්වලින් දුරස් වී ඉස්ලාම් දහම වෙත නැඹුරු වූහ. කිසිවිටෙක එතුමාණන් අල්ලාහ් සමග කිසිවකු ආදේශ නොකළහ. إن أول بيت وضع للناس للذى ببكةمباركا وهدى للعلمين
إِنَّ أَوَّلَ بَيْتٍۢ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًۭا وَهُدًۭى لِّلْعَـٰلَمِينَ ﴿٩٦﴾
අල්ලාහ් ව නැමදීම සඳහා මුළු මිනිස් සංහතියටම මහපොළොවේ ඉදි කරනු ලැබූ ප්රථම නිවස මක්කාහ්වේ පිහිටි ‘බයිත් අල්ලාහ් අල්-හරාම්’ හෙවත් අල්ලාහ්ගේ ශුද්ධ නිවසයි. එය අභිවෘද්ධිමත්කමින් පිරුණු නිවසකි. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් ප්රයෝජන බොහෝමයක් එහි ඇත. ලෝ වැසියන් සියල්ලටම ඒහි මගපෙන්වීම් ඇත
فِيهِ ءَايَـٰتٌۢ بَيِّنَـٰتٌۭ مَّقَامُ إِبْرَٰهِيمَ ۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًۭا ۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًۭا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَـٰلَمِينَ ﴿٩٧﴾
මෙම නිවස තුළ එහි ගෞරවය හා එහි මහිමය විදහාපාන වන්දනා ස්ථාන හා නටඹුන් වැනි මතුපිටින් පෙනෙන බාහිර සංඥා ඇත. කඃබා හෙවත් සමචතුරස්රාකාර හැඩයෙන් පිහිටා ඇති ගොඩනැගිල්ලේ බිත්තිය ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඉදි කිරීම සඳහා එතුමාණන් ඒ මත සිටගත් ගල ද එම සංඥා අතුරින් එකකි. එමෙන්ම කවරෙකු ඒ තුළට පිවිසෙන්නේද අභයදානය ලබනු ඇත. කිසිදු පීඩාවක් ඇති නොවෙයි. හජ් වන්දනාව ඉටු කිරීම සඳහා එම නිවස වෙත යාමට හැකියාව ඇත්තවුන් ඒ වෙත පිය නැගීම අල්ලාහ් අනිවාර්ය කොට ඇත. හජ් වගකීම කවුරුන් හෝ පැහර හරින්නේද එසේ පැහැර හරින්නා පිළිබඳ කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. සියලු ලෝවැසියන්ගෙන් ඔහු පොහොසයත්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ ﴿٩٨﴾
අහෝ! නබිවරය, ඔබ මෙසේ පවසනු. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නබි තුමාණන්ගේ සත්යභාවය ගැන සඳහන් පැහැදිලි සාධක සම්බන්ධයෙන් නුඹලා තර්ක කරනුයේ මන්ද? එම සාධක තව්රාතය හෙවත් තෝරාවේ පැහැදිලි ව සඳහන් නොවන්නේද? එසේ සාක්ෂි සාධක තිබියදීත් නුඹලා ඒ ගැන කටයුතු කරන ආකාරය පිළිබඳ අල්ලාහ් අධීක්ෂණයෙන් සිටියි. ඒ අනුව නුඹලාට ප්රතිවිපාක දෙනු ලබනු ඇත
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًۭا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿٩٩﴾
අහෝ! නබිවරය, නුඹ මෙසේ අසනු. ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලාගේ පුස්තකයේ මෙම දහම සත්යය යැයි තහවුරු කර තිබියදී ඒ ගැන නුඹලා සාක්ෂිකරුවන් ව සිටිය දී අල්ලාහ්ගේ දහමින් ඔහුව විශ්වාස කළ ජනයා නුඹලා වළක්වනුයේ ඇයි? අල්ලාහ්ගේ දහමට සත්යයෙන් දුරස් වී අසත්ය වෙත වෙනත් නැඹුරුවක් සොයනුයේ ඇයි? එමෙන්ම ඔහු ව විශ්වාස කළ ජනයා සඳහා යහමග වෙනුවට නොමගක් සොයනුයේ ඇයි? දැනගනු, එය ප්රතික්ෂේප කරමින් ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නොසැලකිල්ලෙන් සිටින්නෙකු නොවෙයි. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَـٰنِكُمْ كَـٰفِرِينَ ﴿١٠٠﴾
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, ආගම් ලත් යුදෙව් හා කිතුනු පිරිසක් පවසන පරිදි ඔබ ඔවුන්ට අවනත වී ඔවුන් සිතන පරිදි ඔවුන්ගේ අදහස පිළිගන්නේ නම් නුඹලා විශ්වාසය තුළට පැමිණි පසු ව නැවත දේව ප්රතික්ෂේපය වෙතට යොමු කරනු ඇත. එය ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන් යහමගින් මුළා වී ඇති බැවිණි
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَـٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿١٠١﴾
නුඹලා අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු එම විශ්වාසය ගැන තහවුරු කරන මහත් සාධක නුඹලා සමග තිබිය දී නුඹලා ඔහු ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේද? අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වා ඇත. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් නුඹලාට පැහැදිලි කර ඇත. කවරෙකු අල්ලාගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත තදින් පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු ඇදයක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ ﴿١٠٢﴾
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, නුඹලාගේ පරමාධිපතිට බිය විය යුතු නියම අයුරින් බිය වී කටයුතු කරන්න. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් හා ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥ වීමෙනි. නුඹලා වෙත මරණය පැමිණෙන තෙක්ම නුඹලා මෙම දහම මත රැඳී සිටිමින් එය තදින් ග්රහණය කර ගත යුතුය
وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًۭا وَلَا تَفَرَّقُوا۟ ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءًۭ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًۭا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍۢ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٠٣﴾
ى අහෝ! විශ්වාස කළවුනි, නුඹලා කුර්ආනය හා සුන්නාහ් හෙවත් නබි පිළිවෙත තදින් පිළිපදිනු. නුඹලා අතර බෙදීම් ඇති වන තරමට නුඹලා ගැටුම් අති කර නොගනු. නුඹලා ඉස්ලාමය තුළට පිවිසීමට පෙර සුළු කාරණාවන් සඳහා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් එකිනෙකා මරාගනිමින් සතුරන් ලෙස සිටියදී අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. ඔහුගේ භාග්යයෙන් දහම තුළ නුඹලා සහෝදරයින් බවට පත් වූහ. එකිනෙකාට ආදරය කරන්නන් හා උදව් කරන්නන් බවට පත්වූහ. මීට පෙර නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නිරයට පිවිසීමට සමීප ව සිටියෙහුය. ඉස්ලාමය පිරිනැමීම තුළින් අල්ලාහ් නුඹලා ව එයින් මුදවා ගත්තේය. දේව විශ්වාසය වෙත ඔහු නුඹලාට මග පෙන්වීය. අල්ලාහ් නුඹලාට මෙය පැහැදිලි කළාක් මෙන්ම මෙලොව හා මතු ලොව නුඹලාගේ තත්ත්වයන් විධිමත් කර ගැනීමේ කරුණුු ද නුඹලාට පැහැදිලි කර ඇත. එය නුඹලා නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලබනු පිණිස හා ඍජු මාවත මත ගමන් කරනු පිණිසය
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌۭ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿١٠٤﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ් ප්රිය කරනන්නා වූ යහපත් කටයුතු වෙත මිනිසා ඇරයුම් කරන ෂරීආ ව පෙන්වා දී ඇති බුද්ධියට ප්රසන්න වූ යහපත් කරුණු මිනිසාට විධානය කොට ෂරීආ ව තහනම් කළ බුද්ධියට අප්රසන්න වූ පිළිකුල් සහගත දැයින් වළක්වාලන පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. මෙම වර්ණනාවලින් වර්ණනා කරනු ලැබූවන් මෙලොව හා මතු ලොව පූර්ණ ජයග්රහණය ලැබූවන් වෙති
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ ۚ وَأُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿١٠٥﴾
අහෝ! විශ්වාස කළවුනි, බෙදී වෙන් වී කණ්ඩායම් හා නිකායන් බවට පත් වූ ආගම් ලත් ජනයා මෙන් නුඹලා නොවනු. ඔවුන් අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක පැමිණි පසු ඔවුනට හිමි වූ දහමෙහි ඔවුහු භේදබින්න වූහ. ඉහත ගතිගුණ සඳහන් කරන ලැබූ අය වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් ඇත
يَوْمَ تَبْيَضُّ وُجُوهٌۭ وَتَسْوَدُّ وُجُوهٌۭ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿١٠٦﴾
تكفرون මෙම මහත් දඬුවම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට හිමිවනු ඇත. එවිට දෙවියන් විශ්වාස කළවුන්ගේ මුහුණු සතුටින් හා සොම්නසින් ප්රසන්න ව පවතී. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු දුකින් හා දොම්නසින් අප්රසන්න ව පවතී. තම මුහුණු අඳුරින් වෙළී අප්රසන්න ව සිටින අය වනාහි පිළිකුල් සහගත ලෙසින් ඔවුන්ගෙන් මෙසේ විමසනු ලැබේ. නුඹලා අල්ලාහ්ගේ ඒකීයත්වය හා කිසිවක් ඔහුට සමාන නොකරන බවට එකඟ වී එය තහවුරු කොට ඉන් පසු ඔහු සමග ඇති කර ගත් ගිවිසුම නුඹලා ප්රතික්ෂේප කළෙහුද? එසේ නම් නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නුඹලාහට අල්ලාහ් සූදානම් කර ඇති දඬුවම දැන් භුක්ති විඳිනු
وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿١٠٧﴾
මුහුණු පැහැපත් හා ප්රසන්නභාවයෙන් යුත් අය වනාහි ඔවුන්ගේ නවාතැන් සැප පහසුකම් සහිත ස්වර්ග උයන් වෙති. ඔවුහු එහි කිසිවිටෙක නිමා නොවන වෙනස් නොවන සදාතනික සැපයෙහි සිටිති
تِلْكَ ءَايَـٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعَـٰلَمِينَ ﴿١٠٨﴾
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ ප්රතිඥා හා අවවාද ඇතුළත් සත්යය තොරතුරු හා සාධාරණ නීතිරීති සහිත අල් කුර්ආන් වැකි නුඹට අපි කියවා පෙන්වමු. ලෝවැසියන් කිසිවෙකුට ඔහු උපයා ගත් දෑ හේතුවෙන් මිස ඔහුට අසාධාරණයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම කිසිවෙකු දඬුවමට ලක් කරන්නේ ද නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿١٠٩﴾
මැවීම හා විධානය යනාදියෙහි සියලු බලය අල්ලාහ්ට පමණක් සතුය. සෑම මැවීමකම කරුණු යොමු වනුයේ උත්තරීතර ඔහු වෙතමය. ඔවුනොවුන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සෑම කෙනෙකුටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ ۗ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَـٰبِ لَكَانَ خَيْرًۭا لَّهُم ۚ مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَـٰسِقُونَ ﴿١١٠﴾
අහෝ! මුහම්මද්ගේ ජන සමූහයනි, දේව විශ්වාසය හා ගරු කටයුතු සම්බන්ධයෙන් මිනිසුන් අතරට අල්ලාහ් බිහි කළ ශ්රේෂ්ඨතම ජනසමාජය නුඹලාය. එමෙන්ම මිනිස් සමාජයට වඩාත් ප්රයෝජනවත් අයද නුඹලාමය. බුද්ධිය පිළිගන්නා සුළු කවර යහපත් කරුණක් වෙත ෂරීආ හෙවත් දහම මග පෙන්වන්නේද එය නුඹලා ජනයාට අණ කර සිටින්නෙහුය. එමෙන්ම බුද්ධිය පිළිකුල් කරන සුළු කවර පිළිකුල් සහගත කරුණක් ෂරීආ ව තහනම් කර ඇත්තේද එයින් නුඹලා ජනයා වළක්වාලන්නෙහුය. නුඹලා කරන ක්රියාවන් නුඹලාගේ විශ්වාසය තහවුරු කරන තරමට තරයේම නුඹලා අල්ලාහ් විශ්වාස කරන්නෙහුුය. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනතාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පිළිබඳ විශ්වාස කළේ නම් එය ඔවුනට මෙලොවට මෙන්ම මතු ලොවටද යහපත් වනු ඇත. නමුත් ආගම් ලත් ජනයා අතරින් කිහිප දෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය විශ්වාස කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ගේ දහමින් හා පිළිවෙතින් දුරස් වූවෝ වූහ
لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَـٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ ﴿١١١﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, ඔවුන් තුළ සතුරුකම් තිබුණ ද ඔවුන් දහමට බැණ වැදීම අපහාස කිරීම වැනි කටින් කරන ලද සුළු අපහාස හැර නුඹලාගේ දහමට හෝ නුඹලාගේ ජීවිත වලට හානියක් සිදු කිරීමට ඔවුනට නුපුළුවන. ඔවුන් නුඹලා සමග සටන් වදින්නේ නම් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව ඔවුන් පලා යනු ඇත. නුඹලාට එරෙහි ව කිසිවිටෙක ඔවුන් උදව් නොලබනු ඇත
ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍۢ مِّنَ ٱللَّهِ وَحَبْلٍۢ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ﴿١١٢﴾
යුදෙව්වන් කොතැනක දුටුව ද අවමානය හා අවනම්බුව ඔවුන් වෙළා ගෙන තිබිණ. කිසියම් හෝ ගිවිසුමකින් මිස එසේත් නැතහොත් උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආරක්ෂාවකින් මිස වෙනත් ආරක්ෂාවක් ඔවුනට නොවීය. අල්ලාහ්ගේ කෝපයට ලක් ව ඔවුන් හැරී ගියහ. අවශ්යතා හා දිළිඳුකම ඔවුන් වෙළාගන්නට සැලැස්වීය. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ නබිවරුන් අපරාධකාරී ව ඝාතනය කළ බැවින්ය. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගොස් පිටුපාමින් සිටි හේතුවෙන්ය
۞ لَيْسُوا۟ سَوَآءًۭ ۗ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ أُمَّةٌۭ قَآئِمَةٌۭ يَتْلُونَ ءَايَـٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴿١١٣﴾
ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَـٰٓئِكَ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿١١٤﴾
وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَلَن يُكْفَرُوهُ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ﴿١١٥﴾
ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۚ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿١١٦﴾
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් හිමිවීමට නියමිත කිසිදු දඩුවමක් ඔවුන්ගේ ධනය හෝ දරුවන් ඉදිරිපත් වී වළක්වන්නේ නැත. ඔහුගේ දඩුවම ඉවත් කළ ද නොහැක. එමෙන්ම ඔහුගේ කරුණාව ඔවුනට ගෙන දෙන්නට ද නොහැක. එනමුත් ඔවුනට දඬුවම හා අලාභය වැඩි කර දෙනු ඇත. නිරයට අනිවාර්යය වූවෝ මොවුහු වෙති
مَثَلُ مَا يُنفِقُونَ فِى هَـٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍۢ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍۢ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَـٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿١١٧﴾
මෙවන් ප්රතික්ෂේපකයින් විසින් යහපත අපේක්ෂාවෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් විය පැහැදම් කරන දෑ දැඩී සීතල සහිත සුළගට සමානය. එය පාපකම් හා වෙනත් අපරාධ සිදු කරමින් තමන්හටම අපරාධ කරගත් පිරිසකගේ වගා භූමි දෙසට හැමීය. එය ඔවුන්ගේ භෝග වගාවන් විනාශ කර දැමීය. ඔවුන් එයින් දැඩි සේ යහපත අපේක්ෂා කළෝය. නමුත් මේ සුළග වගාවන් විනාශ කර දමන සෑම විටෙකම එය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දෙවියන් ප්රත්ක්ෂේප කිරීම ද එලෙසමය. එය ඔවුන් කුසල් බලාපොරොත්තු වෙන් සිදු කරන ක්රියාවන්හි කුසල් නිෂ්ඵල කරනු ඇත. අල්ලාහ් ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කර නැත. ඔවුන් ඔහු ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතයින් බොරු කළ බැවින්ද ඔවුහු ඔවුනටම අපාරධ කර ගත්තෝය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةًۭ مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًۭا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْـَٔايَـٰتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿١١٨﴾
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, දෙවියන් කෙරෙහි විශ්වාස කළවුන් හැර එය ප්රතික්ෂේප කරන්නන් නුඹලාගේ හිතමිතුරන් ලෙස හෝ සුදනන් ලෙස හෝ නොගනු. නුඹලාගේ රහසිගත දෑ හා නුඹලාගේ විශේෂ තත්ත්වයන් නුඹලා ඔවුනට දැන ගැනීමට ඉඩ දෙන්නෙහුය. නමුත් නුඹලාට හිංසා කිරීමෙහි හා නුඹලා තුළ කලහකම් ඇති කිරීමෙහි කිසිදු අඩුවක් ඔවුන් සිදු කරන්නේ නැත. නුඹලාට හානි පමුණුවන්නටත් පීඩා කිරීමටත් ඔවුන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අකමැත්ත හා සතුරුකම ඔවුන්ගේ මුඛවල් වලින් හෙළි වී ඇත. නුඹලාගේ දහමට අපහාස කරමින්, නුඹලා අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් නුඹලාගේ රහස් හෙළි කරමින් ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ සිත් තුළ සඟවා ඇති පිළිකුල් සහගත දෑ අතිභයානකය. අහෝ! විශ්වාසකළවුනි, මෙලොවෙහි හා මතු ලොවෙහි යහපත ගෙන දෙන කරුණු පිළිබඳ පැහැදිලි සාධක අපි නුඹලාට විස්තර කර ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලා වෙත පහළ කර ඇති දෑ ගැන නුඹලා වටහා ගන්නේ නම් එය නුඹලාට යහපත් වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هَـٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَـٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١١٩﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, මෙන්න නුඹලා එම ජනයා හිතමිතුරන් ලෙස පත් කරගෙන ඇත. ඔවුන් නුඹලා ව පිළිකුල් කරන තත්ත්වයේ නුඹලාට යහපතක් සිදු වීම ගැන ඔවුන් අකමැත්තෙන් සිටියදී නුඹලා ඔවුනට යහපත කරන්නෙහුය. නමුත් ඔවුන් නුඹලාට සතුරුකම් කරති. නුඹලා දෙවියන් විසින් පහළ කරන ලද පුස්තක සියල්ල විශ්වාස කරන්නෙහුය. ඔවුන්ගේ පුස්තකය ද ඉන් එකකි. නමුත් නුඹලාගේ නබිවරයා වෙත අල්ලාහ් පහළ කළ ග්රන්ථය ඔවුන් විශ්වවාස නොකරති. ඔවුන් නුඹලා ව මුණගැසුණු විට ‘අපි සත්යයම විශ්වාස කරන්නෙමු’ යැයි වචනයට පමණක් පවසති. නමුත් ඔවුනොවුන් එකතු වුණු විට ඔවුන්ගේ ඇඟිලි තුඩු නමා ගනිමින් නුඹලාගේ ඒකීය විශ්වාසය ඒකමතික ව කළ ප්රකාශය හා ඉස්ලාමයේ ගෞරවය කෙරෙහි ඇති කෝපය පිට කරති. එමෙන්ම ඔවුනට අත් වූ අවමානය ගැනද කතා කරති. අහෝ! නබිවරය, ඔබ එම පිරිසට මෙසේ පවසන්න. ‘නුඹලා කවර කරුණක් මත කෝපයෙන් හා වෛරයෙන් සිටින්නේද ඒ අයුරින්ම නුඹලා මරණයට පත්වහු. හදවත් තුළ ඇති දේව විශ්වාසය හා ප්රතික්ෂේපය ගැනත් යහපත හා අයහපත ගැනත් සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය
إِن تَمْسَسْكُمْ حَسَنَةٌۭ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌۭ يَفْرَحُوا۟ بِهَا ۖ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا ۗ إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ﴿١٢٠﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, සතුරන්ට එරෙහි ව යම් ජයග්රහණයක් නුඹලාට ලැබුණු විට හෝ ධනය හා දරුවන්ගේ වර්ධනයක් දුටු විට ඔවුන් දුකට හා ශෝකයට පත් වෙති. නමුත් නුඹලාට එරෙහි ව සතුරන් විසින් යම් ජයක් අත්පත් කර ගෙන නුඹලාට යම් අභාග්යයක් සිදු වූ විට හෝ ධනය හා දරුවන් අහිමිවීමෙන් යම් අභාග්යයක් ඇති වූ විටෙක ඒගැන ඔවුන් සතුටු වෙති. නුඹලාට අත් වූ ඉරණම ගැන ප්රීති වෙති. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තීන්දු කළ දෑ නුඹලා ඉවසීමෙන් යුතු ව භාර ගෙන ඔහුගේ කෝපයට බිය වී නුඹලා බැතිමත් ව කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්රණ හෝ ඔවුන්ගේ තාඩන පීඩන කිසිවක් නුඹලාට හානියක් ඇති නොකරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන කුමන්ත්රණ ගැන සර්වප්රකාරයෙන්ම දන්නේය. ඔහු ඔවුන් පරාජිතයින් බවට පත් කරනු ඇත
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَـٰعِدَ لِلْقِتَالِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿١٢١﴾
අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය
إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٢٢﴾
අහෝ! නබිවරය, බනූ සලිමා හා බනූ හාරිසා යන දෙවියන් විශ්වාස කළ කණ්ඩායම් දෙක දුර්වලතාවට පත් වූ අවස්ථාවේ ඇති වූ සිදුවීම ගැන මෙනෙහි කර බලනු. කුහකයින් හැරී යන මොහොතේ මොවුන්ද හැරී යන්නට තැත් කළෝය. යුද පිටිය මත ඔවුන් ස්ථාවරව සිටීමෙන් හා ඔවුන් කවර දෙයක් සිතුවේ ද එයින් හැරීමෙන් අල්ලාහ් ඔවුනට උදව් කරනු ඇත. එය අල්ලාහ්ට පමණක් හැකිය. එහෙයින් සියලු තත්ත්වයන් තුළ දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර ව සිටිය යුතුයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ نَصَرَكُمُ ٱللَّهُ بِبَدْرٍۢ وَأَنتُمْ أَذِلَّةٌۭ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿١٢٣﴾
නුඹලා දුර්වල ව සිටියදී බද්ර් සටනෙහි දෙවියන්ට ආදේශ කළවුන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උදව් කළේය. එවිට නුඹලා මිනිස් බලයෙන් හා අයුධ බලයෙන් ඉතා අඩු ප්රමාණයකින් සිටියහ. එහෙයින් නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයට නුඹලා කෘතගුණ සලකනු පිණිස නුඹලා අල්ලාහ්ට බැතිමත් ව ඔහු ගැන මතකයෙන් කටයුතු කරනු
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَـٰثَةِ ءَالَـٰفٍۢ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُنزَلِينَ ﴿١٢٤﴾
ආදේශ කරන්නන්ගේ උදව්වට අමතර කණ්ඩයමක් පැමිණෙන බවට තමන් සවන් දුන් පසු ව බද්ර් පිටියේ දෙවියන් විශ්වාස කරන්නන් ශක්තිමත් කරමින් ‘යුදපිටියේ නුඹලා ව ශක්තිමත් කරනු පිණිස අල්ලාහ් අබියසින් පහළ වූ මලක්වරුන් තුන්දහසක පිරිසක් මගින් නුඹලාට උදව් කර තිබීම ප්රමාණවත් නොවේදැයි අහෝ! නබිවරය, ඔබ දෙවියන් විශ්වාස කරන්නන්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු
بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَـٰفٍۢ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿١٢٥﴾
එසේය. සැබැවින්ම එය නුඹලාට ප්රමාණවත් විය. අල්ලාහ්ගෙන් වූ තවත් උපකාරයක ශුභාරංචියක් නුඹලාට විය. නුඹලා යුද පිටියේ ඉවසීමෙන් යුතු ව අල්ලාහ් පිළිබඳ බැතිමත් ව කටයුතු කර තිබුණු අවස්ථාවක සතුරන් නුඹලා වෙත කඩා පනින වේලාවේ ඔවුන් වෙත අමතර පිරිසක් පැමිණියේ නම් සැබැවින්ම සලකුණු තබන ලද ඔවුන් ව හඳුනා ගත හැකි මලක්වරුන් පන්දහසක පිරිසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත
وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ ۗ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿١٢٦﴾
මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය
لِيَقْطَعَ طَرَفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا۟ خَآئِبِينَ ﴿١٢٧﴾
මෙම උපකාරය බද්ර් යුද්ධයේදී අල්ලාහ් නුඹලාට තහවුරු කළේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් එහි දී මරුමුවට පත් කොට ඔවුන් විනාශ කිරීමටත් තවත් පිරිසක් අවමානයට පත් කරන්නටත් ඔවුන්ගේ පරාජය හේතුවෙන් ඔවුනට කෝපය ඇති කරන්නටත් අල්ලාහ් අභිමත කළේය. එවිට ඔවුන් පරාජයට පත් ව අවමානයෙන් යුතු ව හැරී ගියෝය
لَيْسَ لَكَ مِنَ ٱلْأَمْرِ شَىْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَـٰلِمُونَ ﴿١٢٨﴾
උහද් යුද්ධයේදී සිදුවුණු සිදුවීමෙන් පසු විනාශයට පත් වූ දේව ආදේශකයින්ගේ නායකයින්ට එරෙහි ව අල්ලාහ්ගේ දූතයාණෝ ප්රාර්ථාන කළ අවස්ථාවේ අල්ලාහ් එතුමාට මෙසේ පැවසීය: ඔවුන් ගැන කිසිදු අයිතියක් ඔබට නැත. සියලු කරුණු අල්ලාහ් සතුය. නුඹලා අතර අල්ලාහ් තීන්දු කිරීම හෝ ඔවුනට සමාව දී ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීම හෝ ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේප මත රැදී සිට ඔහු ඔවුන්ට දඬුවම් දීම යනාදී කරුණු මත ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. හේතුව සැබැවින්ම ඔවුන් දඩුවම් ලැබීමට සුදුසු අපරාධකරුවෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١٢٩﴾
අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමත්, ඒවා සැලසුම් කිරීමත් අල්ලාහ් සතු කාර්යයකි. ඔහු කැමැති ගැත්තන්හට ඔහුගේ කරුණාව තුළින්, කළ පාපයන් සඳහා සමාව දෙනු ඇත. ඔහු අභිමත කළ අයට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතුරින් කවරෙකු පශ්චාත්තාප වී සමාව අයැද සිටින්නේද ඔවුනට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් විෂයයෙහි මහා කාරුණිකය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَـٰفًۭا مُّضَـٰعَفَةًۭ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٣٠﴾
අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි! අඥාන ජනයා සිදු කළාක් මෙන් නුඹලා දුන් ණය මුදලට අමතර ව ඊට වඩා වැඩියෙන් පොලී ගැනීමෙන් වැළකෙනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බියවනු. මෙලොව හා මතු ලොව කවර යහපතක් නුඹලා පතන්නේද එය නුඹලාට හිමි විය හැක
وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَـٰفِرِينَ ﴿١٣١﴾
නුඹලා හා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිරා ගින්න අතර ආරක්ෂාවක් සලසා ගනු. එය දැහැමි ක්රියාවන් සිදු කිරීමෙන් හා තහනම් දෑ අතහැරීමෙනි
وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿١٣٢﴾
නියෝග පිළිපැද තහනම් දැයින් වැළකී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු. නුඹලා මෙලොව හා මතු ලොව කරුණාව ලබනු ඇත
۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴿١٣٣﴾
අල්ලාහ්ගෙන් වූ අතිමත් සමාව නුඹලා ලබනු පිණිස දැහැමි දෑ සිදු කිරීමට යුහසුලු ව පෙරට එනු. දෙවිඳුන්ට අවනතභාවය පෙන්වන විවිධ කටයුතු වල නිරත වී ඔහු වෙත සමීප වනු. අහස් හා මහපොළොව තරම් වූ ස්වර්ගයට නුඹලා ඇතුළු වනු ඇත. එය අල්ලාහ් කෙරෙහි බැතියෙන් කටයුතු කරන තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇත
ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَـٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٣٤﴾
මුත්තකූන් හෙවත් දෙවියන් පිළිබඳ බියෙන් හා සිහියෙන් පසුවන්නන් වනාහි, ඔවුන් තම ධනය වත්පොහොසත් කම් ඇති අවස්ථාවන්හි පමණක් නොව අගහිඟකම් ඇති අවස්ථාවන්හි ද අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරති. ප්රතිප්රහාර දීමට බලය ඇතත් ඔවුන් ඔවුන්ගේ කෝපය පාලනය කර ගනිති. ඔවුනට අපරාධ කළවුනට සමාව දෙති. මෙම ගුණාංග වලින් පැසසුමට ලක් වූ දැහැමියන් කෙරෙහි අල්ලාහ් ආදරය කරන්නේය
وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ ﴿١٣٥﴾
يصرواعل ما فعلواوهم يعلمون ى ඔවුන් මහා පාපයක් සිදු කළ විට හෝ ඒ හැර තමන් විසින් තමන්හටම යම් වරදක් සිදු කරගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. පිටුපාන්නන්හට කළ අවවාද හා බැතිමතුන් හට කළ ප්රතිඥාවන් පිළිබඳ සිහිපත් කරති. ඔවුන් පසුතැවිලි වී තම පාපයන් සඟවන මෙන් ද ඒ කළ වරද හේතුවෙන් තමන් වරදකරුවන් බවට නොගන්නා මෙන්ද بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් අයැද සිටිති. ඊට හේතුව අල්ලාහ් හැර වෙනත් කිසිවකු එම පාපයන්ට සමාව දිය නොහැකි බැවිණි. ඔවුන්ගේ පාපය මත ඔවුන් එල්බගෙන නොසිටිති. තමන් පාපයක් සිදු කර ඇති බව ඔවුන් මැනවින්ම දැන සිටිති. අල්ලාහ් ඒ සියලු පාපයන්හට සමාව දෙනු ඇත
أُو۟لَـٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ ﴿١٣٦﴾
ප්රශංසා සහගත මෙම ගුණාංග හා තමන්ගේ කීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් මෙසේ වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුන්හට හිමි වන කුසල් වශයෙන් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් මකා දමනු ඇත. ඒ සඳහා සමාව දෙනු ඇත. මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට මතු ලොවෙහි ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. අල්ලාහ්ට අවනත වීම හේතුවෙන් ලෝවැසියන්ට පිරිනමනු ලබන එම ප්රතිඵල යහපතකි
قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿١٣٧﴾
උහද් දිනයේදී දෙවියන් විශ්වාස කළවුන් පරීක්ෂාවට භාජනය කරනු ලැබූ කල්හි අල්ලාහ් ඔවුනට සැනසිලි බස් පවසා සිටියේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කළවුන් විනාශ කිරීමේ දේව න්යායය නුඹලාට පෙර විසූ ජන සමූහයන් අතර ද පැවතිණි. දෙවියන් විශ්වාස කලවුන් පරීක්ෂාවට ලක් වූ පසු අවසානය ඔවුන්හට යහපතක් විය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා මහපොළොවේ සැරිසරා අවධානයෙන් බලනු. ඔවුන්ගේ නිවාස විනාශ වී ගියේය. ඔවුන්ගේ රජවරු ඉකුත් ව ගියේය. هذا بيان للناس وهدى وموعظةللمتقين
هَـٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ ﴿١٣٨﴾
ශුද්ධ වූ මෙම කුර්ආනය මුළු මිනිස් සංහතියට සත්යය පැහැදිලි කරන්නකි. අසත්යය පිළිබඳ අවවාද කරන්නකි. යහමග වෙත යොමු වීමට සාධකයකි. දෙවියන් පිළිබද මතකයේ පසුවන්නන්හට නිවාරණයකි. හේතුව ඔවුන් එහි ඇති යහමග හා මගපෙන්වීම තුළින් ප්රයෝජන ලබන්නන්ය
وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٣٩﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා අධෛර්යමත් නොවනු. උහද් දිනයේ නුඹලාට අත් වූ තත්ත්වය ගැන දුක් නොවනු. එසේ දුක්වීම නුඹලාට අවශ්ය නැත. නුඹලා අල්ලාහ් හා ඔහුගේ භක්තික ගැත්තන්හට දී ඇති ප්රතිඥා පිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැනගනු, නුඹලා දෙවියන් මත තබා ඇති විශ්වාසයෙන් උසස් අය වන්නෙහුය. එමෙන්ම අල්ලාහ්ගේ උදව් ලැබීම හා ඔහුගේ උදව් නුඹලා අපේක්ෂා කිරීම යනාදියෙන් ද නුඹලා උසස් අය වන්නෙහුය
إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿١٤٠﴾
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, උහද් දිනයේ යම් තුවාලයක් හෝ ඝාතනයක් හෝ නුඹලාට විදින්නට සිදු වූයේ නම්, දැනගනු, නුඹලා වින්දා වූ දෑට සමාන තුවාල හා ඝාතන දෙවියන් ප්රතික්ෂේප කළවුන් ද විඳ ඇත. ජනයා අතර සිටින දේව විශ්වාසි කරන්නන් හා දේව ප්රතික්ෂේපකයින් යන දෙපාර්ශවයෙන් තමන් අභිමත කරන අයට අල්ලාහ් එම දිනයන්හි ජයග්රහණය හා පරාජය මාරුවෙන් මාරුවට පිරිනමන්නේය. එහි පැහැදිලි යථාර්ථයක් විය. සැබෑ විශ්වාස කරන්නන් කුහකයින්ගෙන් වෙන්කර ප්රසිද්ධියට පත් කිරීම අල්ලාහ්ගේ අභිමතය පරිදි තම මාර්ගයේ දිවිපිදූ අයට ගෞරව කිරීම යනාදිය ඒවායින් කිහිපයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ඇපකැප නොවී තමන්ටම අපරාධ සිදුකරගත් අයට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَـٰفِرِينَ ﴿١٤١﴾
දෙවියන් විශ්වාස කරන්නන් සිදු කළ පාපකම්වලින් ඔවුන් පිරිසිදු කිරීම කුහකයින්ගේ පෙළගැස්ම ව්යාකූල කිරීම හා සත්යය ප්රතික්ෂේප කරන්නන් විනාශ කොට ඔවුන් ඉවත් කිරීම යනාදිය ද එහි ගම්ය වන යථාර්තයන් වෙයි
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَـٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّـٰبِرِينَ ﴿١٤٢﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, පරීක්ෂණයකින් තොරව හෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවුවන් තුළ හෙළි වූ සැබෑ ඉවසීම හා ඔවුන්ට අත් වූ කරදර මත ඔවුන් දරා සිටියාක් මෙන් අත්දැකීම් ඔබත් අත් නොවිඳ නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි දැයි නුඹලා සිතන්නෙහුද?
وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴿١٤٣﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, බද්ර් දිනයේ නුඹලාගේ සහෝදරවරුන් අත්වින්දා හා සමාන ව ෂහීද් නම් නිලය අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් නුඹලා මරණයට හේතු වන කරුණු හා එහි දරුණුකම නුඹලා එකිනෙකා අත්වීඳීමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හමු වීමට ප්රිය කරන්නන් ලෙස සිටියෙහුය. මෙන්න ඔබ ප්රිය කළාක් මෙන් නුඹලා උහද් දිනයේ දෑසින්ම දකින්නෙහුය
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ ۚ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًۭٔا ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّـٰكِرِينَ ﴿١٤٤﴾
මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත
وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَـٰبًۭا مُّؤَجَّلًۭا ۗ وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْـَٔاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا ۚ وَسَنَجْزِى ٱلشَّـٰكِرِينَ ﴿١٤٥﴾
අල්ලාහ් යම් ආත්මයකට තීන්දු කළ නියමිත ආයුෂ කාලය සම්පූර්ණ වීමෙන් පසු ඔහුගේ තීරණය අනුව මිස කිසිදු ආත්මයක් මරණයට පත් වන්නේ නැත. එම ආයුෂ කාලයෙන් කිසිදු වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ සිදු නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවන් තුළින් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේ ද ඔහු වෙනුවෙන් නිර්ණය කරනු ලැබූ ප්රමාණය අපි ඔහුට පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවෙන් මතු ලොවේ අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නේ ද එහි කුසල් අපි ඔහුට පිරිනමන්නෙමු. තම පරමාධිපතිට කෘතවේදී ව කටයුතු කරන්නන්හට අතිමහත් ප්රතිඵල අපි පිරිනමන්නෙමු
وَكَأَيِّن مِّن نَّبِىٍّۢ قَـٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌۭ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ ﴿١٤٦﴾
තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ ﴿١٤٧﴾
ඔවුන්හට දුෂ්කරතා හා පීඩාවන් ඇති වූ කල්හි ඒ ගැන ඉවසීමෙන් කටයුතු කළවුන්ගේ ප්රකාශය වූයේ: “අපගේ පරමාධිපතියාණනි, අප කළ පාපකම් වලටත් අපගේ කරුණු වලදී අප සීමාව ඉක්මවා කළ කටුයුතු වලටත් අපහට සමාව දෙනු මැනව! අපගේ සතුරන් අප මුණ ගැසෙන අවස්ථාවේ අපගේ පාද ස්ථාවර ව තබනු මැනව! ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපහට උදව් කරනු මැනව!” යන පැතුමයි
فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْـَٔاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٤٨﴾
ඔවුනට උදව් උපකාර කොට පහසුකම් සලසා දෙමින් මෙලොව යහපත අල්ලාහ් ඔවුනට පිරිනැමීය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් පිළිගැනීමට ලක් කොට සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි සැපත ලබා දෙමින් මතු ලොවෙහි ඔහු යහපත් කුසල් ඔවුනට පිරිනැමීය. ඔවුන්ගේ වත්පිළිවෙත් හා ගනුදෙනු වලදී යහපත් අයුරින් කටයුත් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَـٰسِرِينَ ﴿١٤٩﴾
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නොමග යැවීමට යුදෙව් කිතුනු හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන් කවර කරුණක් නුඹලාට අණ කර සිටින්නේද එවන් කරුණු වලදී නුඹලා ඔවුනට අවනත වන්නෙහු නම් නුඹලා විශ්වාස කළ පසු නැවතත් නුඹලා ප්රතික්ෂේපකයින් බවට ඔවුන් හරවනු ඇත. එවිට නුඹලා මෙලොව පමණක් නොව මතු ලොවෙහි ද පරාජිතයින් වන්නෙහුය
بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ خَيْرُ ٱلنَّـٰصِرِينَ ﴿١٥٠﴾
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්හට නුඹලා අවනත වුවද කවරදාකවත් ඔවුන් නුඹලාට උදව් කරන්නේ නැත. නමුත් නුඹලාගේ සතුරන්ට එරෙහි ව උදව් කරන්නා අල්ලාහ්ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට අවනත වන්න. ඔහු සුවිශුද්ධය. උදව්කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිවෙක් නුඹලාට අවශ්ය වන්නේ නැත
سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّـٰلِمِينَ ﴿١٥١﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට අපි දැඩි බිය හෙළන්නෙමු. ඔවුන් අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියන් ආදේශ කළ බැවින් ස්ථාවර ව සිට නුඹලා සමග සටන් කිරීමට ශක්තිය නොදරනු ඇත. ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී ඒවාට නැමදුම් ඉටු කළහ. ඒවාට කිසිදු වරමක් අල්ලාහ් පහළ කර තිබුණේ ද නැත. මතු ලොවෙහි ඔවුන් හැරී ගොස් නවතිනුයේ නිරා ගින්නෙහිය. අපරාධකරුවන්ට හිමිවන නිරා ගින්න අති බිහිසුණුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَـٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْـَٔاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿١٥٢﴾
නුඹලාගේ සතුරන්ට එරෙහි ව කවර ජයග්රහණයක් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණේද එය ඔහු උහද් දිනයේ නුඹලාට පිරිනැමුවේය. උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් නුඹලා ඔවුන් සමග දැඩි ලෙස සටන් කළ නමුත් කවර කරුණක් මත ස්ථාවරව සිටින්නැයි අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට නියෝග කර සිටියේ ද නුඹලා එය පිළිපැදීමට අධෛර්යමත් වූහ. රැඳී සිටින්නැයි නියෝග කළ නියමිත ස්ථානයේ රැදී සිටීම සම්බන්ධයෙන් නුඹලා අතර මත ගැටුම් ඇති කරගනිමින් එය අතහැර දමා සතුරන් විසින් දමා ගිය යුදමය භාණ්ඩ රැස් කරන්නට පටන් ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට රැඳී සිටින්නැයි කළ නියෝගයට නුඹලා පිටුපෑවෝය. එසේ සිදු වූයේ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලා කවර දෙයක් ප්රිය කළේද එම ජයග්රහණය නුඹලාට පිරිනැමීම සඳහා අල්ලාහ් අභිමත කිරීමෙන් පසුවය. නමුත් නුඹලාගෙන් පිරිසක් මෙලොව වස්තුවට ප්රිය කොට තමන්ගේ නියමිත ස්ථාන අතහැර දැමුවෝය. තවත් පිරිසක් මතු ලොවෙහි ප්රතිඵල අපේක්ෂාවෙන් සිටියෝය. එවැන්නන් දූතයාණන්ගේ නියෝගයට අවනත වී ඔවුන්ගේ නියමිත ස්ථානවල රැඳී සිටියෝය. පසු ව අල්ලාහ් නුඹලාගේ තත්ත්වය වෙනස් කළේය. නුඹලාට එරෙහි ව ඔවුනට බලය පිරිනැමීය. එය නුඹලා පරීක්ෂණයට ලක් කිරීම පිණිසය. ඉන් ලිස්සා ගැල වී ගොස් අධෛර්යයට පත් වූ අය අතුරින් ඒ මත ඉවසීමෙන් කටයුතු කරන දේව විශ්වාස කළවුන් කවුරුන්දැ?යි හෙළි කරනු පිණිසය. පසු ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගයට විරුද්ධ වී නුඹලා කවර වරදක් සිදු කළේ ද අල්ලාහ් එයට සමාව දුන්නේය. දෙවියන් විශ්වාස කළවුන්හට අල්ලාහ් මගපෙන්වමින් අතිමහත් භාග්යය පිරිනැමීය. ඔවුන්ගේ වැරදි වලට සමාව දී ඔවුන් මුහුණ දුන් පරීක්ෂණ සඳහා කුසල් පිරිනැමීය
۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍۢ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَـٰبَكُمْ غَمًّۢا بِغَمٍّۢ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَـٰبَكُمْ ۗ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٥٣﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලා දූතයාණන්හට විරුද්ධ වීම හේතුවෙන් නුඹලාට අත් වූ ව්යසනය නිසාවෙන් මහපොළොවෙන් ඈතට නුඹලා පලා ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා අතුරින් කිසිවෙක් කිසිවකු පිළිබඳ සොයා නොබැලුවේය. රසූල්වරයාණන් නුඹලා හා දේව ආදේශකයින් අතර සිට නුඹලාගේ පසුපසින් නුඹලාට මෙසේ පවසා ඇරයුම් කළේය: “අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුදමය භාණ්ඩ හේතුවෙන් නුඹලා දරන පීඩාව හා වේදනාව සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.” වේදනාව හා පීඩාව ඔහු පසුපස හඹා ආවේය. නුඹලා අතර නබි තුමාණන් මියගිය බවට ආරංචිය පැතිර ගියේය. නබි තුමාණන් ඝාතනය කරනු නොලැබුවේ යැයි නුඹලා දැනගත් පසු නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුධමය භාණ්ඩ පිළිබඳවත් නුඹලාට අත් වූ ඝාතන හා තුවාල පිළිබඳවත් නුඹලා දුක් නොවනු පිණිස නුඹලාට මෙය පහළ කළේය. සියලුම විපත් හා වේදනාවන් නුඹලාට පහසු විය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ සිත් තුළ ඇති සියලුම තත්ත්වයන් හා නුඹලාගේ අවයව වලින් සිදු කරන ක්රියාවන් අල්ලාහ්ට සැගවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةًۭ نُّعَاسًۭا يَغْشَىٰ طَآئِفَةًۭ مِّنكُمْ ۖ وَطَآئِفَةٌۭ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَـٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍۢ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌۭ مَّا قُتِلْنَا هَـٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١٥٤﴾
වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’
إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَـٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ ۖ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ ﴿١٥٥﴾
غفور حليم අහෝ! මුහම්මද්(සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගේ සගයිනි, උහද් පිටියේ දෙවියන්ට ආදේශ කළ සතුරු පාර්ශවය මුස්ලිම් සේනාව හමු වූ දිනයේ නුඹලාගෙන් ඇතැමෙකු පරාජයට පත් වූහ. ඔවුන් උපයාගත් පාපකම හේතුවෙන් එවන් තත්ත්වයකට ඇද දැමුවේ ෂෙයිතාන්ය. අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. වරදකරුවන් බවට හසුකර ගත්තේ නැත. එය ඔහුගෙන් වූ භාග්යයක් හා කරුණාවක් ලෙසිනි. කවරෙකු පාප ක්ෂමාව ඉල්ලා සිටියේ ද අල්ලාහ් ඔවුන්ගේ පාපයට ක්ෂමාව දෙන්නාය.ز දඬුවම් දීමට ඉක්මන් නොවන ඉවසලිවන්තය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّۭى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةًۭ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿١٥٦﴾
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුමගනය කළවුනි, දෙවියන් ප්රතික්ෂේප කරන කුහකයින් මෙන් නොවනු. තම හිතමිතුරන් දෙස බලා ඔවුන් ජීවනෝපාය සොයා ගිය විට හෝ යුද්ධයක නිරත ව මිය ගිය විට හෝ ඝාතනය කරනු ලැබූ විට මෙසේ පවසා සිටියහ. ‘ඔවුන් අප සමග සිටියා නම් එසේ පිටත් නොවනු ඇත. යුද්ධ නොකරනු ඇත. මිය යන්නේ ද නැත. ඝාතනයට ලක් වන්නේ ද නැත. මෙම ප්රතිපත්තිය අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කළේ ඔවුන්ගේ සිත් තුළ දුක හා පසුතැවිල්ල වර්ධනය වනු පිණිසය. අල්ලාහ් ඒකීයය. ජීවත් කරවන්නේත් මරණයට පත් කරවන්නේත් තම අභිමතය පරිදිය. රැඳී සිටීමෙන් ඔහුගේ නියමය වැළැක්විය නොහැක. එමෙන්ම එසේ පිටත්වීමෙන් එය ඔහු ඉක්මන් කරන්නේද නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ක්රියාවන් ඔහු වෙතින් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත
وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿١٥٧﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ මියැදුණේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ සැබැවින්ම අල්ලාහ් නුඹලාට මහත් සේ සමාව දානය කරනු ඇත. ඔහුගේ කරුණාවෙන් ඔහු නුඹලාට දායාද කරනු ඇත. එය මෙලොව හා ලෝවාසීන් මෙලොවෙහි රැස් කරන අල්ප සැපතට වඩා උතුම් වන්නේය
وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ ﴿١٥٨﴾
නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය
فَبِمَا رَحْمَةٍۢ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ ﴿١٥٩﴾
ه අහෝ! නබිවරය, අල්ලාහ්ගේ අතිමහත් කරුණාව හේතුවෙන් ඔබේ ගුණදම් ඔබගේ සගයින් සමග පහසුවෙන් කටයුතු කරන අයුරින් පිහිටුවා ඇත. ඔබේ ප්රකාශයේ හෝ ක්රියාවේ දැඩි බවක් හෝ හදවතේ දෘඪ බවක් පැවතුණේ නම් ඔවුන් ඔබගෙන් වෙන් ව යනු ඇත. ඔවුන් ඔබේ අයිතියේ යම් අඩුවක් සිදු කර ඇත්නම් ඔබ ඔවුනට සමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැද සිටින්න. සාකච්ඡාවට අවශ්ය ඔවුන්ගේ අදහස් පතන්න. සාකච්ඡාවෙන් පසු ඔබ යම් ගිවිසුමකට එළැඹුණේ නම් එම කරුණ මත විශ්වාසයෙන් සිට ඒ අනුව කටයුතු කරන්න. අල්ලාහ් වෙත සියල්ල භාරකරන්න. සැබැවින් තමන් වෙත සියල්ල භාරකරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන් ස්ථාවර ව කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත
إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٦٠﴾
අල්ලාහ් තම උදව් හා උපකාරය නුඹලා වෙත පිරිනැමීම ස්ථීර කළේ නම් පොළෝවාසීන් සියලු දෙනා එක් ව නුඹලාට එරෙහි ව කටයුතු කළද නුඹලා අබිබවා යන්නට කිසිවකු හැකියාව නොදරනු ඇත. එමෙන්ම නුඹලාට උදව් කිරීමට හෝ වගකීම් භාර ගැනීමට නුඹලාටම පවරා ඔහු නුඹලා ව අතහැරියේ නම් ඔහුගෙන් පසු ව නුඹලාට උදව් කිරීමට වෙනත් කිසිවකු හැකියාව නොලබනු ඇත. උදව් උපකාරය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ් කෙරෙහිම තම විශ්වාස තැබිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවකු වෙත තම වගකීම් පැවරිය නොයුතුය
وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١٦١﴾
යුද්ධයේදී සතුරන් විසින් දමා ගිය භාණ්ඩ විෂයයෙහි අල්ලාහ් කවර කරුණක් විශේෂ කොට පෙන්වා දුන්නේද ඒ හැර වංචා සහගත ලෙස ඒවා තමන් සතු කර ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. එම භාණ්ඩ කිසිවක් ලබා ගැනීමේදී නුඹලා අතර කවරෙකු හෝ වංචාවක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය ප්රසිද්ධියට පත් කොට ඔහු දඬුවමට ලක් කරනු ඇත. තමන් වංචා සහගව ලබා ගත් දෑ උසුලා ගෙන ඔහු මිනිසුන් අතරට එනු ඇත. පසු ව සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් දෑ සඳහා කිසිදු අඩුවක් සිදු නොකොට සම්පූර්ණ වශයෙන් ප්රතිඵල පිරිනමනු ඇත. ඔවුන්ගේ පාපකම් වැඩි කිරීමෙන් හෝ ඔවුන්ගේ කුසල් අඩු කිරීමෙන් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට සිදු නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿١٦٢﴾
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන්ගෙන් කවර කරුණක් ගැත්තෙකු ලබා එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අනුගමනය කරන්නා හා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට නපුරු කියාවන් සිදු කොට ඒ හේතුවන් අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් ව නිරය තම නවාතැන බවට පත් වූ අය හා සමාන වන්නේ නැත. එසේ ඔහු හැරී ගොස් නවතින තැන ඉතා නපුරුය
هُمْ دَرَجَـٰتٌ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ﴿١٦٣﴾
මෙලොව හා මතු ලොව නිලයන් හි අල්ලාහ් අභියස ඔවුන් විවිධ තරාතිරම් වලට අයත් වූවෝ වෙති. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. සෑම කෙනෙකුටම ඔවුන් කළ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත
لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًۭا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿١٦٤﴾
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් ආශිර්වාද කළේය. ඔවුන් වෙත යහපත සැලසුවේය. එය ඔවුන් අතරට ඔවුන්ගේම ජාතියේ දූතයකු එවීමෙනි. ඔහු ඔවුන්හට අල්කුර්ආනය කියවා පෙන්වයි. ආදේශ කිරීමෙන් හා නින්දිත ගතිපැවතුම් වලින් ඔවුන් පිරිසිදු කරයි. කුර්ආනය හා තම පිළිවෙත ඔවුනට උගන්වයි. මෙම දූතයාණන් පැමිණීමට පෙර නුඹලා යහමගින් ඉවත් ව පැහැදිලි නොමගෙහි පසු වූහ
أَوَلَمَّآ أَصَـٰبَتْكُم مُّصِيبَةٌۭ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَـٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿١٦٥﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න
وَمَآ أَصَـٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ ﴿١٦٦﴾
නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි
وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَـٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ ۖ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًۭا لَّٱتَّبَعْنَـٰكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَـٰنِ ۚ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ ﴿١٦٧﴾
‘නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එසේ නැතහොත් සාමාන්ය මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු’ යැයි කුහකයින්හට පවසනු ලැබූ විට යුද්ධයක් සිදු වන බවට අප දැන සිටියා නම් අපි නුඹලා පසුපසින් නොඑන්නෙමු. නමුත් නුඹලා අතරත් එම පිරිස අතරත් සටනක් ඇති වේවී යැයි අපි නොසිතුවෙමු. ඔවුන් ඔවුන්ගේ දේව විශ්වාසයට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වඩා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය වෙත වඩාත් සමීපයෙන් සිටින බව පෙන්වා දෙන තත්ත්වයක ඔවුන් පසු වූහ. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන් ඔවුන්ගේ මුඛ වලින් පවසා සිටියහ. ඔවුන්ගේ සිත අභ්යන්තරයේ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් අල්ලාහ් ඔවුනට පසු විපාක දෙනු ඇත
ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ ۗ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٦٨﴾
යුද්ධය සඳහා පිටත් ව යෑමෙන් පසුබැස්සා වූ ඔවුන් උහද් යුද දිනයේ විපතට පත් වූ තම හිතමිතුරන් දෙස බලා ‘සැබැවින්ම ඔවුන් අපට අවනත වී යුද්ධය සඳහා පිටත් ව නොගියේ නම් මෙසේ ඝාතනය නොවන්නට තිබුණි’ යැයි පවසා සිටියහ. අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘සැබැවින්ම ඔවුන් නුඹලාට අවනත වී නම් ඔවුන් මරණයට පත් නොවන්නට තිබුණි යැයි ද නුඹලා මරණයෙන් මිදී සිටීමට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර රැඳී සිටීම යැයි ද නුඹලා ඉදිරිපත් කරන තර්කයෙහි නුඹලා සත්යවාදීහු නම් නුඹලාට මරණය පැමිණෙන විට නුඹලා නුඹලාගේ ආත්මය හැකිනම් වළක්වා ගනු
وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴿١٦٩﴾
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් මියැඳුණැයි නුඹ නොසිතනු. නමුත් ඔවුහු තම පරාධිපති අබියස ඔහුගේ ගෞරවනීය නිවහන තුළ විශේෂ ජීවිතයක් ගත කරන අමරණීය අය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා විවිධ සැප පහසුකම් වලින් යුත් ප්රණීත පෝෂණයන්ගෙන් ඔවුන් පෝෂණය කරනු ලබති
فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿١٧٠﴾
يحزنون සැප පහසුකම් වලින් ඔවුන් ගිලී සිටිති. අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ඔහුගේ භාග්යය පිළිබඳ සතුටින් ඉපිල ගොස් සිටිති. මෙලොව ජීවත් වන තම සහෝදරයන් තමන් සමග සේන්දු වනු ඇතැයි ද සැබැවින්ම ඔවුන් දෙවියන් වෙනුවෙන් දිවි පුදා මරණයට පත් වූයේ නම් තමන්ට හිමි වූ භාග්යය ඔවුන්ටත් හිමි වනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තුවෙන් හා ආශාවෙන් පසුවෙති. මතු ලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට සිදු වන කරුණු වලදී ඔවුනට කිසිදු බියක් ඇතිවන්නේ නැත. මෙලොවෙහි අහිමි වූ දෑ ගැන ඔවුන් දුකට පත්වන්නේද නැත
۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ ﴿١٧١﴾
මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත
ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ ﴿١٧٢﴾
උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَـٰنًۭا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ ﴿١٧٣﴾
සැබැවින්ම කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් විශාල සේනාවක් නුඹලා සමග සටන් කිරීමටත් නුඹලාට තීන්දු කිරීමටත් රැස් ව ඇත. එහෙයින් ඔවුන් ගැන ප්රවේශම් වන්න. ඔවුන් හමු වීමට බියවන්නැයි දෙවියන් ආදේශ කළ ඇතැම් ද්රෝහීන් විසින් තමන්හට පවසනු ලැබූ විට එම ප්රකාශය හා බියගැන්වීම අල්ලාහ් පිළිබද තහවුරු කර සිටීමත් ඔහුගේ ප්රතිඥාව දැඩි ලෙස විශ්වාස කිරීමත් ඔවුනට වැඩි කළේය. ‘අල්ලාහ් අපට ප්රමාණවත්ය. අපගේ කරුණු ඔහු වෙත පවරන්නට වඩාත් යහපත් අය ඔහුය’ යැයි පවසමින් ඔවුන් හමුවීමට පිටත් ව ගියහ
فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌۭ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴿١٧٤﴾
ඔවුන් පිටත් ව ගිය පසු හම්රාඋල් අසද් වෙත තම සතුරන්ගෙන් සුරක්ෂිත ව තම තරාතිරම් අධික ව ලබා අල්ලාහ්ගෙන් වූ අතිමහත් ප්රතිඵල සමග ඔවුහු හැරී ගියහ. කිසිදු මරණයක් හෝ තුවාලයක් ඔවුනට සිදු නොවීය. අල්ලාහ්ට අවනත වී පාපකම් වලින් වැළකී ඔහු ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන දෑ ඔවුහු පිළිපැද්දාහ. අල්ලාහ් තමන් විශ්වාස කරන ඔහුගේ ගැත්තන්හට ඉමහත් සේ භාග්ය පිරිනමන්නාය
إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَـٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٧٥﴾
නුඹලා බිය ගන්වනුයේ ෂෙයිතාන්ය. ඔහුගේ උදව්කරුවන් හා සගයින් ලවා ඔහු නුඹලා ව බිය ගන්වයි. එහෙයින් නුඹලා ඔවුන් ගැන බිය නොවනු. ඔවුනට කිසිම වෙනසක් කිරීමේ බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත. නුඹලා අල්ලාහ් පිළිබඳ සැබෑ ලෙස විශ්වාස කරන්නන් වී නම් අල්ලාහ්ට පමණක් අවනත වී බියභක්තියෙන් යුතු ව කටයුතු ظ කරනු
وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّۭا فِى ٱلْـَٔاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿١٧٦﴾
ولهم عذاب عظيم අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත
إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَـٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿١٧٧﴾
දෙවියන් කෙරෙහි තැබිය යුතු විශ්වාසය වෙනුවට දෙවියන් ප්රතික්ෂේප කිරීම හුවමාරු කර ගත් අය වනාහී ඔවුන් විසින් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කළ නොහැක්කේමය. ඔවුන් හානි කරගනුයේ ඔවුන්ටමය. මතු ලොවෙහි වේදනා සහගත දඩුවමක් ඔවුනට ඇත
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌۭ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًۭا ۚ وَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿١٧٨﴾
තම පරමාධිපතියාණන් ප්රතික්ෂේප කොට ඔහුගේ පිළිවෙත ප්රතික්ෂේප කළවුන් වනාහි, තමන්හට දඬුවම් නොදී අතහැර දමා තමන් කවර කරුණක් මත දේව ප්රතික්ෂේයෙන් යුතු ව කටයුතු කළේ ද එහි නිරත වීමට තම ආයුෂ දීර්ඝ කර තිබීම තමන්හට යහපත් යැයි ඔවුන් නොසිතිය යුතුයි. එසේ අප ඔවුන් අතහැර දමා ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයට අමතර ව තව තවත් අධික ව පාපකම් ඔවුන් සිදු කිරීම සඳහා ය. ඔවුනට නින්දනීය දඬුවමක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَـٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌۭ ﴿١٧٩﴾
ه අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, සැබෑ දේව විශ්වාස කරන්නන් කවුරුන්දැයි පැහැදිලි නොකර නුඹලා එකිනෙකා අතර වෙන් නොකර කුහකහයින් සමගම මිශ්ර වී කටයුතු කරන්නට නුඹලා ව අතහැර දැමීම අල්ලාහ්ගේ අරමුණ නොවන්නේය. විවිධ දුෂ්කරතා හා පරීක්ෂණ වලට ලක් කරමින් නපුරු කුහකයාගෙන් දැහැමි විශ්වාසවන්තයා හෙළි කොට නුඹලා ඔවුන් වෙන් කර හඳුනා ගන්නා තෙක් තත්ත්වය එසේ පවතිනු ඇත. නුඹලා ගුප්ත දෑ යොමු වී ඒ ගැන සොයා බලා කුහකයා හා දේව විශ්වාසිකයා අතර වෙන් කර හඳුනා ගැනීමට සැලැස්වීම අල්ලාහ්ගේ ප්රඥාව නොවීය. නමුත් අල්ලාහ් තමන් කැමති දූතයකු ඒ සඳහා තෝරා ගෙන ඇතැම් ගුප්ත දෑ වෙත අවධානය යොමු කරන්නට සලස්වයි. ඔහුගේ නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කුහකයින්ගේ තත්ත්වය දෙස බලන්නට සැලැස්වීම ද එවැන්නකි. එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැබෑ කරනු. නුඹලා සැබෑ ලෙසින්ම විශ්වාස කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නේ නම් නුඹලාට අල්ලාහ් අබියස අතිමහත් කුසල් හිමි වනු ඇත. ر
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًۭا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّۭ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿١٨٠﴾
ه භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔවුන්හට පිරිනැමූ ආශිර්වාද සම්බන්ධයෙන් ඔවුන් මසුරුකම් පා, ඒවා තුළින් අල්ලාහ්ට කළ යුතු යුතුකම් නොකොට ඉන් වැළකී සිටින්නන් එය තමන්හට යහපත් යැයි නොසිතිය යුතුයි. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර කරුණක් පිළිබඳ මසුරු වූයේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා මාල බවට පත් කර ඔවුන්ගේ ගෙල වටා පළඳුවනු ලැබ එමගින් ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. අහස් හි හා මහපොළොවේ ඇති දෑ උරුම වනුයේ අල්ලාහ්ට පමණය. සියලුම මැවීම් විනාශ වී ගිය පසු අමරණීය වන්නේ ඔහු පමණය. නුඹලා කරන දෑහි සෑම සියුම් දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඒ සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌۭ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿١٨١﴾
“සැබැවින්ම අල්ලාහ් අපගෙන් ණය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වනුයේ ඔහු දිළිඳු බවය. අප ළඟ ඇති ධනය හා වස්තුව හේතුවෙන් අපි පොහොසතුන් වෙමු” යැයි යුදෙව්වන් පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ එම ප්රකාශයට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ගෙතූ බොරුව හා අසත්යය ගැනත් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නබිවරුන් ඔවුන් ඝාතනය කිරීම ගැනත් අපි සටහන් කරගෙන ඇත්තෙමු. ‘දැවෙන ගින්නේ දඬුවම නුඹලා විදිනු’ යැයි අපි ඔවුනට පවසන්නෙමු
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍۢ لِّلْعَبِيدِ ﴿١٨٢﴾
අහෝ! යුදෙව්වනි, මෙම දඬුවම නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ පාපකම් හා ද්රෝහිකම් හේතුවෙනි. එසේ පැවසීමට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කිසිදු ගැත්තෙකුට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍۢ تَأْكُلُهُ ٱلنَّارُ ۗ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌۭ مِّن قَبْلِى بِٱلْبَيِّنَـٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿١٨٣﴾
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පුස්තකයේ මෙන්ම ඔහුගේ නබිවරුන්ගේ කටින් ඔහු පවසන දෑ තහවුරු කරන යමක් අප වෙත පැමිණෙන තෙක් කිසිදු දූතයකු අප විශ්වාස නොකළ යුතු යැයි ද එය අල්ලාහ් වෙත සමීප කරවන අහසින් පහළ වන ගින්නක් තුළින් පිළිගනු ලබන දානයක් වැනි දෙයක් විය යුතු යැයි ද අපට උපදෙස් දී ඇතැයි ව්යාජ ලෙස පවසා සිටියෝය. ඔවුහු එය අල්ලාහ් දුන් උපදෙසක් යැයි ඔහු සමග සම්බන්ධ කරමින් ඔහු කෙරෙහි බොරු පවසති. ඔවුන් සඳහන් කළ අයුරින් රසූල්වරුන් තහවුරු කරන සාධක මීට පෙර පැමිණ තිබිණ. එබැවින් අල්ලාහ්, තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසන මෙන් අණ කර සිටියේය: ‘මට පෙර ද තම සත්යය භාවය තහවුරු කරන පහැදිලි සාධක සමගත් නුඹලා පවසන පරිදි අහසින් ගින්නක් පහළ වී එය දවාලමින් දෙවිඳුන්ගේ පිළිගැනීමට ලක්වන ආකාරයේ සාධක සමගත් දූතවරුන් නුඹලා වෙත පැමිණියහ. නමුත් නුඹලා පවසන දෑහි නුඹලා සත්යවාදීහු නම් නුඹලා ඔවුන් බොරු කරමින් ඝාතනය කළේ මන්ද?
فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌۭ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَـٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَـٰبِ ٱلْمُنِيرِ ﴿١٨٤﴾
අහෝ! නබිවරය, ඔවුන් නුඹ ව බොරු කර සිටියේ නම් ඒ ගැන නුඹ දුක් නොවන්න. එසේ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ සිරිතකි. පැහැදිලි සාධක උපදෙස් හා සියුම් කරුණු ඇතුළත් පුස්තක හා නීතිරීති හා ආගමික පිළිවෙත් සහිත මාර්ගෝපදේශන සමග නුඹට පෙර පැමිණි දහම් දූතවරු බොහෝමයක් ද බොරු කරනු ලැබූහ
كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَـٰعُ ٱلْغُرُورِ ﴿١٨٥﴾
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳිය යුතුමය. මෙලොව පවතින කිසිදු මැවීමක් මුළාවට පත් නොවිය යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ කම් සඳහා කිසිදු අඩුවකින් තොර ව නුඹලාට පූර්ණ ලෙස ප්රතිඵල පිරිනමනු ලැබේ. එහෙයින් අල්ලාහ් කවරෙකු නිරයෙන් දුරස් කොට ස්වර්ගයට ඇතුළත් කළේ ද එවැන්නන් කවර යහපතක් බලාපොරොත්තු වූයේද එය හිමි කර ගනු ඇත. කවර නපුරක් පිළිබඳ බියෙන් සිටියේ ද එයින් ජය ලබනු ඇත. මෙලොව ජීවිතය ඉතා අල්ප භුක්ති විඳීමක් මිස වෙනෙකක් නොවේ. ඒ සමග බැඳී ඇත්තේ රැවටීම පමණය
۞ لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًۭى كَثِيرًۭا ۚ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿١٨٦﴾
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාගේ වස්තුවෙහි නුඹලා අනිවාර්යයෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ද එමගින් ඇති වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. එමෙන්ම, ආගමික වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලාට විවිධාකාරයේ දුෂ්කරතා පහළ කිරීමෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. නුඹට පෙර ආගම් දෙනු ලැබූවන්ගෙන් ද දෙවියන්හට ආදේශ තැබූවන්ගෙන්ද නුඹලාටත් නුඹලාගේ දහමටත් දොස් නගා නුඹලා වේදනාවට පත් කරන බොහේ දෑට නුඹලාට සවන් දෙන්නට සිදු වනු ඇත. නමුත් නුඹලාට අත්වන එවන් විවිධ පරීක්ෂණ හා දුෂ්කරතා මත නුඹලා ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ් අණ කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දෑ අතහැර දමමින් ඔහු ගැන මතකයෙන් කටයුතු කළේ නම් සැබැවින් එය ස්ථාවරභාවයට අවශ්ය වන තරඟ වදින්නන් තරඟ වැදිය යුතු කරුණු අතුරින් එකක් බව දැන ගත යුතුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ ﴿١٨٧﴾
ජනයා වෙත අල්ලාහ්ගේ පුස්තකය තමන් පැහැදිලි කරන බවටත් එහි ඇති මගපෙන්වීම් කිසිවක් නොසඟවන බවටත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පිළිබඳ සඳහන් කවර මගපෙන්වීමක් හෝ නොසඟවන බවටත් ආගම් ලත් යුදෙව් හා කිතුනු විද්වතුන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත් අවස්ථාව නබිතුමනි, ඔබ මෙනෙහි කර බලන්න. නමුත් ඔවුහු ඒ දෙස නොබලා එම ප්රතිඥාව අතහැර දැමූහ. සත්යය වසන් කළහ. අසත්යය මතු කර පෙන්වූහ. අල්ලාහ්ගේ ගිවිසුම තමන්ට ලැබෙන අල්ප ගෞරවය හා මුදල් වැනි අල්ප වටිනාකමක් සඳහා හුවමාරු කර ගත්හ. අල්ලාහ්ගේ ගිවිසුම වෙනුවට එසේ ඔවුන් හුවමාරු කරගත් අල්ප වටිනාකම අයහපත් විය
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍۢ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿١٨٨﴾
عذاب أليم අහෝ! නබිවරය, නපුරුකම් සිදු කොට ඔවුන් නොකළ යහපතක් පිළිබඳ ජනප්රසාදය අපේක්ෂා කරන්නන් ඔවුනට හිමි දඬුවමින් මිදෙනු ඇතැයි හෝ ඔවුන් නිදහසේ සිටිනු ඇතැයි නුඹ නොසිතනු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එහි ඔවුනට වේදනා ගෙන දෙන දඬුවමක් ඇත
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿١٨٩﴾
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද මැවීමේ හා සැලසුම් කිරීමේ බලය හා ආධිපත්යය අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට හිමි නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය
إِنَّ فِى خَلْقِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَـَٔايَـٰتٍۢ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ﴿١٩٠﴾
පූර්වාදර්ශයකින් තොරව ශුන්ය තත්ත්වයේ සිට අහස් හා මහපොළොව බිහි කිරීමෙහිද රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් පැමිණීමෙහි ද එකක් දිගු ලෙසත් අනෙක කෙටි ලෙසත් එකිනෙක වෙනස් වෙමින් තිබීමෙහි ද මනා බුද්ධියක් ඇති අයට පැහැදිලි සාධක ඇත. එය නැමදුමට සුදුස්සා ලොවේ මැවුම්කරු ඒකීය යැයි ඔවුනට පෙන්වා දෙන්නේය
ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَـٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَـٰذَا بَـٰطِلًۭا سُبْحَـٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿١٩١﴾
ඔවුන් වනාහි ඔවුන්ගේ සෑම තත්ත්වයකම ඔවුහු අල්ලාහ් ව මෙනෙහි කරති. ඔවුන් සිට ගෙන සිටිය ද වාඩි වී සිටියද හාන්සි වී සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහුව මෙනෙහි කරති. අහස් හා මහපොළොව මැවීම පිළිබඳ කල්පනාව මෙසේ පවසමින් ක්රියාවට නංවති. ‘අපගේ පරමාධිපතියාණනි, මෙම දැවැන්ත මැවීම ඔබ නිකරුණේ මැව්වේ නැත. පුහුභාවයෙන් ඒ සියල්ල පිරිසිදුය. එහෙයින් දැහැමි කටයුතු කිරීමට අපට ආශිර්වාද කොට නපුරුකම් කිරීමෙන් අප ව ආරක්ෂා කොට නිරයේ දඬුවමින් අප මුදවා ගනු මැනව’!
رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ ۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍۢ ﴿١٩٢﴾
එහෙයින් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ඔබේ මැවීම් අතුරින් කවරෙකු නිරයට ඇතුළත් කරන්නේද ඔහු ව නිරාවරණය කොට අවමානයට පත් කරන්නෙහිය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්ට හිමි අල්ලාහ්ගේ දඬුවමින් හා වද වේදනාවන්ගෙන් ඔවුන් වළක්වන්නට කිසිදු උදව්කරුවෙකු ඔවුනට නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًۭا يُنَادِى لِلْإِيمَـٰنِ أَنْ ءَامِنُوا۟ بِرَبِّكُمْ فَـَٔامَنَّا ۚ رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ ﴿١٩٣﴾
අපගේ පරමාධිපතියාණනි, විශ්වාසය වෙත ඇරයුම් කරන්නාගේ ඇරයුමට සැබැවින්ම අපි සවන් දුනිමු. ඔහු ඔබේ නබිවරයාණන් වූ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාය. එතුමා ‘නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් එක දෙවියෙකු පමණක් බව නුඹලා විශ්වාස කරනු’ යැයි ඇරයුම් කර සිටියහ. එවිට ඔහු කවර දෙයක් වෙත ඇරයුම් කර සිටියේද අපි එය විශ්වාස කළෙමු. ඔහු පෙන්වා දුන් පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අපගේ පාපයන් නිරාවරණය නොකොට ඒවා සඟවනු මැනව! අපගේ පාපකම් අපගෙන් ඉවත් කරනු මැනව! ඒ හේතුවෙන් අප වරදකරුවන් බවට පත් නොකරනු මැනව! යහපත් දෑ සිදු කිරීමටත් අයහපත් දෑ අතහැරීමටත් අපහට ආශිර්වාද කොට අප ව දැහැමියන් සමගම මරණයට පත් කරනු මැනව!
رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ ﴿١٩٤﴾
අපගේ පරමාධිපතියාණනි, ඔබේ දූතවරුන්ගේ කටින් ඔබ අප වෙත ප්රතිඥා දුන් මෙලොවෙහි ජයග්රහණය හා යහමග අපට පිරිනමනු මැනව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට අප ඇතුළත් කරමින් අපව ප්රසිද්ධියට පත් නොකරනු මැනව! අහෝ අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ මහා කාරුණිකය. ඔබ ඔබේ ප්රතිඥාවන් කිසිවිටෙක කඩ කරන්නේ නැත
فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَـٰمِلٍۢ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۖ فَٱلَّذِينَ هَاجَرُوا۟ وَأُخْرِجُوا۟ مِن دِيَـٰرِهِمْ وَأُوذُوا۟ فِى سَبِيلِى وَقَـٰتَلُوا۟ وَقُتِلُوا۟ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ثَوَابًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ ﴿١٩٥﴾
وأخرجوامن ديرهم وأوذوا فى سبيلى وقتلوا وقتلوا لأكفرن عنهم سئاتهم ولأدخلنهم جنت تجرى من ه ඔවුන්ගේ ප්රාර්ථනාවට ඔවුන්ගේ පරමාධිපති මෙසේ පිළිතුරු දුන්නේය.: "නුඹලා සිදු කළ ක්රියාවන් සුළු වුවද අධික වුවද සිදු කළ තැනැත්තා පිරිමියකු වුවද කාන්තාවක වුවද ඒ කිසිවක කුසල් මම නිෂ්ඵල නොකරමි. ආගමික පිළිවෙත් සම්බන්ධයෙන් නුඹලා එකිනෙකාගේ නීතිය එකමය. පිරිමියාට වැඩියෙන් ගැහැනියට අඩුවෙන් යන අනුපාතයෙන් පිරිනමා නැත. එහෙයින් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් හෙවත් දේශතරණය කළවුන් වනාහි දේව ප්රතික්ෂෙපකයින් විසින් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වූ බැවින් ඔවුනට වද වේදනාවන් දෙන ලදී. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත් විය. ඝානය කරනු ලැබීය. එය අල්ලාහ්ගේ වදන උසස් විය යුතුයි යන එකම අරමුණිනින් ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මම ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙමි. ඒවා මම පහ කරමි. මා වෙතින් වූ ත්යාගයක් වශයෙන් මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඇතුළත් කරමි." අල්ලාහ් අබියස ඇති යහපත් ප්රතිඵලට සමාන කිසිවක් නොමැත
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى ٱلْبِلَـٰدِ ﴿١٩٦﴾
අහෝ නබිවරය, නරගය තුළ දේව ප්රතික්ෂේපකයින් එහා මෙහා ගමන් කිරීම, එහි ඔවුන් තැනක් ලබා තිබීම හා ඔවුන්ගේ ව්යාපර හා ආදායම් මාර්ග මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑම යනාදිය පිළිබඳ නුඹ බිය වී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පසුතැවිලි වී ඔබ ඔබවම රටවා නොගත යුතුයි
مَتَـٰعٌۭ قَلِيلٌۭ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿١٩٧﴾
මෙලොව සදා පැවැත්මක් නොමැති, ස්වල්ප විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හැරීයන නවාතැන නිරයයි. ඔවුන්ටට හිමි නිවහන අති බිහිසුණුය. එය ගින්නෙන් යුක්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَـٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا نُزُلًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ لِّلْأَبْرَارِ ﴿١٩٨﴾
للأبرار නමුත් අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී තම පරාමාධිපතිට බිය බැතියෙන් කටයුතු කරන්නන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. එහි ඔවුන් සදාතනිකව වෙසෙති. එය අල්ලාහ් අබියසින් ඔවුනට හිමි ප්රතිඵලයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූවකි. අල්ලාහ් තම දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇති දෑ මෙලොව දේව ප්රතික්ෂේපකයින් භුක්ති විඳ සැරසරන දෑට වඩා ශ්රේෂ්ටය උතුම්ය
وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَـٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۗ أُو۟لَـٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿١٩٩﴾
ه ආගම් ලත් ජනයා එක සමාන නොවෙති. ඊට හේතුව ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ් හා නුඹලා වෙත පහළ කරනු ලැබූ සත්යය හා මඟ පෙන්වීම විශ්වාස කරති. තවද ඔවුන්ගේ පුස්තක වල ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. අල්ලාහ්ගේ දූතවරු අතර වෙනස්කම් නොකරති. අල්ලාහ් අබියස ඇති දෑට ප්රිය කරමින් ඔහුට යටහත් පහත් ව අවනත වෙති. මෙලොව සුළු සැපත වෙනුවෙන් අල්ලාහ්ගේ වදන් මිල කොට හුවමාරු නොකරති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස අතිමහත් කුසල් ඇත. සැබැවින්ම අල්ලාහ් සියලුම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය. එමෙන්ම ඒ සඳහා කුසල් පිරිනැමීමේ දී ද ඉතා වේගවත්ය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱصْبِرُوا۟ وَصَابِرُوا۟ وَرَابِطُوا۟ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٢٠٠﴾
අහෝ! අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුණි, ආගමික කටයුතු වගකීමෙන් ඉටු කිරීමෙහි ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම මෙලොවෙහි නුඹලාට අත්වන දුෂ්කරතාවන් මත ද ඉවසනු. ඉවසීම විෂයෙහි දේව ප්රතික්ෂේපකයින් නුඹලා අබිබවා ගොස් ඇත. ඔවුන් නුඹලාට වඩා ඉවසිලිවන්තයින් නොවන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් නම් කැපවීමේ කටයුතු වල නිරත වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බියෙන් බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ඉල්ලීම පරිදි නිරා ගින්නෙන් සුරක්ෂිතභාවත් ස්වර්ගයට පිවිසීමටත් නුඹලාට හිමි වනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්