මුල් පිටුවතෆ්සීර්Al-Faatiha (1)

තෆ්සීර් Al-Faatiha (1) — الفاتحة

මක්කී · 7 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ﴿١﴾

අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2. ‘රහ්මාන්’ එනම්: මහත් දයා ගුණයෙන් යුක්තය. ඔහුගේ පැවැත්ම දයාවකි. 3. ‘රහීම්’ කරුණාදායක ය. ඔහුගේ මැවීම් අතුරින් තමන් අභිමත කරන අයට තම කරුණාගුණයෙන් කරුණාව දක්වයි. ‘අල් මුඃමිනූන්’ -දේව විශ්වාසවන්තයෝ- එසේ ඔහුගේ අභිමතයට පාත්ර වූ ඔහුගේ ගැත්තන් අතුරින් වෙති

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٢﴾

ඔහුට පමණක් සතු, වෙන කිසිවකුට හිමි නැති, පූර්ණ හා කීර්තිමත් ගුණාංග අතරින් පැසසුමට ලක් සියලුම ආකාරයේ ප්රශංසා ඔහු සතුය. එය සියලු දෑහි පරමාධිපති, මැවුම්කරු හා සියල්ල සැලසුම් කරන්නා ඔහු වන බැවිනි. ‘අල් ආලමූන්’ යනු ‘ආලම්’ යන පදයේ බහු වචනයයි. එනම් අල්ලාහ් හැර සෙසු සියල්ල ඉන් අදහස් කෙරේ

ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ﴿٣﴾

මෙය පෙර ආයතයේ අල්ලාහ්ව ප්රශංසා කිරීමෙන් පසු ව ඔහු වෙත කෙරෙන පැසසුමයි

مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ ﴿٤﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කිසිවෙක් කිසිවකුට අයිති නැති, සියලු දෑට හිමිකම් කියන එකම අධිපති අල්ලාහ් වන බව පවසා ඔහු කීර්තියට පත් කිරීම. ‘යව්මුද් දීන්’ යනු ප්රතිඵල ලබා දෙන විනිශ්චය දිනයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إ ي اك نعبد وإي اك نستعين

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ﴿٥﴾

විවිධ වර්ගයේ නැමදුම් හා අවනතභාවයන් ඔබට පමණක් පුද කරමින් අපි ඔබ සුවිශේෂී කරමු. ඔබ සමග වෙන කිසිවකු ආදේශ නොකරමු. අපගේ සියලු කටයුතු සඳහා අපි ඔබගෙන් පමණක් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබෙන් තොර ව කිසිදු උදව් කරුවකු නොමැත

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿٦﴾

අප වෙත ඍජු මග පෙන්වා දෙනු මැනව! එහි අප ගමන් කරවනු මැනව! ඒ මත අප ස්ථාවර කරනු මැනව! අපහට යහමඟ වැඩි කර දෙනු මැනව! ‘අස්සිරාත් අල් මුස්තකීම්’ යනු කිසිදු ඇඳයක් නොමැති පැහැදිලි මාර්ගයයි. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට පිරිනැමූ ඉස්ලාමයයි

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ﴿٧﴾

‘නබිවරුන්’- ශාස්ත්රවරුන්- ‘සිද්දීකීන්වරුන්’ -සත්යවාදීන්-, ‘ෂුහදාවරුන්’ -දිවි පිදූවන්- ‘සාලිහීන්වරුන් - දැහැමියන්- හා ඔබට ඉතා සමීපව අලංකාර ලෙස කටයුතු කළවුන් මෙන් ඔබගේ ගැත්තන් අතුරින් ඔබ මඟපෙන්වා ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. යුදෙව්වන් මෙන් සත්යය දැන දැනත් එය අනුගමනය නොකර කෝපයට භාජනය වූ මාර්ගය නොව. එමෙන්ම කිතුනුවන් මෙන් සත්ය හා යහමඟ සොයන්නට අතපසු වීම හේතුවෙන් යහමඟ නොලබාම සත්යයෙන් මුළා වී ගිය අයගේ මාර්ගයද නොව. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Faatiha — الفاتحة

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා